Back
Chapter 30

29 කොටස🤍✨

නිවාලන්න මා...

ගෙදර ඇඳ උඩට වෙලා ටෙනිස් බෝලෙකින් බිත්තියට ගගහ හිටපු දිවාෂ උන්නේ ලොකු කල්පනාවක.තුන් හතර පාරක්ම බෝල විසික්කා වෙලා ඇවිත් නහයෙ වැදුනත් දිවාෂ බෝලෙන් බිත්තියට  ගහන වැඩේ නැවැත්තුවෙ නම් නෑ.

පැයක් විතර තිස්සේම තමන්ගේ පුතාගේ කාමරයෙන් ඇහෙන "තග් තග්" සද්දෙ ආරියසිංහ නෝඅට ඇහුනත් ඒක ගණන් නොගෙන හිටිය පුතන්ඩියාගෙ හැටි දැනගෙන උන්නු නිසා.හැබැයි ආරියසිංහ නෝනා හදිස්සියක් උනොත් එලියට දුවන්න නම් බලාගෙන හිටියා.මොකද දිවාෂ ඉන්නේ අත්බෝම්බයක් හදන ගමන්වත් නම්? දිවාෂ නොකළ වැඩකට තිබ්බේ ඒක විතරයි!

දිවාෂගෙ මතකෙ දුවලා ගිහින් තිබ්බේ මීට අවුරුදු කීපයකට කලින් උන සිද්ධියකට.ඒ සිදුවීම කොච්චර රසවත් එකක්ද කියන එක පෙන්නන්න වගේ දිවාෂගෙ මූණෙ හරි ලස්සන හිනාවක් ඇඳිලා තිබුණා.දිවාෂට හොඳටම ඒ දවස මතක තිබ්බා.

එතකොට දිවාෂ, නේත්‍ර දෙන්න 10 වසරෙ හිටියා වගේම ආශව,දෙවින් දෙන්නා හිටියේ 11 වසරෙ. එදා හරියටම අලුත් අවුරුද්ද දිනේ පහුවෙලා ගත වෙලා තිබ්බේ දවස් තුනයි.ගෙදර කරන්න තියෙන චාරිත්‍ර වාරිත්‍ර ඉවර කරපු නිර්මලා නේත්‍රවත්  උස්සගෙන තමන්ගේ නංගි පද්මිණීලගේ දිහා එහෙමත් නැත්තං අරුන්දතී දැන් ජීවත් වෙලා ඉන්න ගෙදරට නෑගම් ගිහින් තිබ්බා.

අලුත් අවුරුද්දට නෑදෑයො,හිත මිතුරො විශාල පිරිසක් එකතු කරගෙන මහ මුදියන්සේ ඉරුගල්බණ්ඩාර වලව්වෙ පවත්වපු උත්සවයට දිවාෂලාට පවා ආරාධනා ලැබුණා. අලුත් අවුරුද්ද දවසේ නේත්‍රලගෙ ගෙදරට යමින් ගමන් උන්නු දිවාෂට,ඒ ගෙදර ඉඳන් වලව්වට දුවගෙන යමින් හිටි මගදි හම්බ වුන ආශවගෙ මුහුණේ එදා දිවාෂ දැක්ක හිනාව උත්සවය දවසේ දැක්කෙ නෑ.

ආශව ෆෝන් එකත් අතේ තියාගෙන ඔහේ පැත්තකට වෙලා හිටිය වගේම ආශවගෙ වටේ නෑදෑ හිතමිතුරු ළමයි,විශේෂයෙන්ම ගෑනු ළමයි පිරිලා හිටියත් ආශවගෙ සිහිය එතන නොතිබ්බ බව දිවාෂට බැලූ බැල්මටම තේරුම් ගියා.ඒත් එක්කම කොහෙද ඉඳන් මතුවුණු දෙවින්,දිවාෂගෙ කරට අතකුත්  දාගෙන ආශව ලඟට යද්දි දෙයියෝ බුදුන් දැක්ක වගේ සැනසුම් සුසුමක් හෙලුව ආශව තමන්ව වටකරගෙන හිටි ළමයි ටික මග ඇරලා දිවාෂලා ළඟට දුවගෙන ආවා.

"කන්න තව වෙලා තියෙන නිසා අපි ටිකකට වත්ත පහළට යන්ද?"

ආශව බැගෑපත් විදියට දිවාෂලගෙන් අහද්දි දිවාෂ දෙවින්  දෙන්නත් ඒකට එකඟ වෙලා ඔලු ගෙඩි දෙක වැනුවා.දෙවින් දිවාෂ දෙන්නාත් ප්‍රශ්නාර්ථ මූණු දෙකකින් ආශවගෙ පිටිපස්සෙන් වැටිලා වත්ත පහළ ලාවුලු ගහ යටට ගාටන්න ගත්තා.ඒ යද්දි මගදි හම්බෙන නේත්‍රගෙ ගේ දිහා බලලා දිග හුස්මක් හෙලුව ආශව ඔලුව දෙපැත්තට වනාගෙන ආපහු ගමන ආරම්භ කරපු හැටි දිවාෂ හොදටම දැක්කා.

අන්තිමේදී එයාලටම වෙන්වුණු පිට්ටනියෙ අවුරුදු ගාණක් තමන්ට හෙවන සලස්වපු ලාවුලු ගහයට ඉඳගත්තු ගැටව් තුන්දෙනා එක එකාගේ මුණ දිහා බලාගෙන හිටියා.වෙනදට හතරක් වෙලා තියන මෙතැන අද තුනක් වෙලා ආශවගෙ එහා පැත්ත හිස්ව තිබ්බ එක නොකිව්වට සෑහෙන අඩුවක් විදියට තුන්දෙනාගෙම හිත් වලට දැනිලා තිබුණා.දිවාෂගෙයු දෙවින්ගෙයි ප්‍රශ්නාර්ථ බැල්ම තමන්ට එල්ල වෙනවා දැක්ක ආශව තමන්ගෙ මූණ බිමට හරවා ගත්තා.

"උඹ එකපාරටම මෙතැනට එමු කිව්වෙ මොකෝ?"

"ඉක්කන්ට කියපං ආසව! මට කන්න යන්න ඕනි"

"දෙයක් කියන්න ඕනේ.මන් දන්නෑ මම මේ කිව්වට පස්සේ උඹ මාව කොහොම මනියිද කියන්න.........මම මේක උඹල දෙන්නට කියන්නේ මට ඉන්න කිට්ටුම යාලුවො දෙන්නා උඹලා දෙන්න නිසා"

"ම්ම්ම්ම්..........කියහංකො"

"අනික උඹලා මේකෙන් පස්සෙ මම ගැන මොන මගුල හිතුවත්, කියන්න කලින් මං මේ දන්නන්නෙ......මම උඹලට බම්බු ගහගන්න කියලා හරි මට ඕන දේ කර ගන්නවා!"

"මූ යකෝ !!!"

"උඹ කුඩු බිස්නස්වත් කරනවාත ආසව?"

"ආර්හ්හ්හ්හ්"

ආශම තමන්ගෙ කොන්ඩෙ අස්සෙන් අත් දෙක යවන ගමන් කෑගහද්දී බයවුනු දිවෂයි දෙවිනුයි දෙන්නා තම තමන්ගේ කටවල් වහගත්තා.ආශවගෙ අත් දෙක ලාවට වෙවුලන ගමන් තිබුනා වගේම ආශව හිටියේ ලොකු කලබලේකින් කියන එකත් දිවාෂට තේරුණා.

ආශව මෙහෙම ලේසියකට කලබල වෙන මිනිහෙක් නෙවෙයි කියන එකත්,ආශව මෙහෙම කලබල වෙන්නේ ගොඩක්ම වෙලාවට නේත්‍ර සම්බන්ධ වැඩවලදී කියලා දැනගෙන හිටපු දිවාෂ ටිකක් කළබල වුණේ ආශව කියන්න ‍යන දේ නේත්‍රට සම්බන්ධයි කියලා එකපාරටම හිතිලා.කොහොමත් දෙවින්ට වගේම සංවේදී මොළයක් තිබුණු දිවාෂට,ආශව කියන්න යන දේ ගැන සැකයක් ආවත් ඒ ගැන මොකුත්ම නාහපු දිවාෂ කට පියා ගත්තේ ආශවටම මේක කියන්න බාරදීලා.

"හරි මේකයි"

"................"

"මම.......මම හිතන්නේ.......ආහ්..........හරි!"

"..................."

"මම නේත්‍රට ආදරෙයි"

"ඒක අපි දන්නවනේ"

"ඒකනෙ ආසව? නේත්‍රට කවුද ආදරේ නැත්තෙ?"

"එහෙම නෙමෙයි.මම නේත්‍රට ආදරේ ඔයාලා එයාට ආදරේ විදිහට නෙවෙයි! මටට ඕනේ නේත්‍රව හැමදාම මගේ කරගන්න! නේත්‍ර සන්හිත අත්තනායකව නේත්‍ර සන්හිත ඉරුගල්බණ්ඩාර කරන්න!"

එක දිගට කියාගෙන ගිය ආශව තමන්ගේ කතාව නවත්තද්දි ඇහෙන සද්දෙකට කියලා තිබ්බේ ආශවගෙ හයියෙන් හුස්ම වැටෙන සද්දෙයි,ලාවුලු ගහේ කොළ හෙලවෙන සද්දෙ විතරයි.ඒ තරමට මෙතන තිබ්බෙ දැඩි නිහඬතාවයක්.බිම බලාගෙන හිටි ආශව තමන්ගෙ කකුලෙ මාපට ඇඟිල්ලෙන් බිම පහුරු ගාන ගමන් හිටියා. ඇහුන දේ මොළයට ධාරණය කරගත්ත දිවාෂ හෙමින් දෙවින් දිහා බලද්දි හිනාමුසු මූණකින් හිටිය දෙවින් දිවාෂ දිහා බලලා ඔලුව හෙලෙව්වා.

"මට උබව තේරෙනවා! පොඩි කාලෙ ඉදන් නේත්‍රව තමන්ගෙ අස්සෙම තියාගෙන ලොකු උනු උඹට ඒකගෙන් එහා ලෝකයක් පේන එකක් නෑ කියලා මට හිතුනා"

"දෙවින්..........."

"උබට හොදටම විශ්වාසද? උබට නේත්‍ර ගැන තියෙන්නෙ ආදරයක් කියලා? Attraction එකක් නෙවෙයි කියලා?"

"ඔව් දෙවින්!"

"කවදාහරි ලස්සනම ලස්සන සල්ලිකාර කෙල්ලෙක් ඇවිත්  උබට ආදරෙයි කිව්වොත්?"

"ඉතින් මට මොකද?"

"එහෙම නෙවෙයි ලබ්බො! උබ එහෙම උනොත් නේත්‍රව අතාරිනවද?"

"නෑ!"

"කොල්ලෙක් ආවොත්?"

"මම වෙන කොල්ලන්ට කැමති නෑ දෙවින්.....මම කැමති නේත්‍රට විතරයි! මට සෙලිබ්‍රෙටි ක්‍රශ් එකක්වත් බෝයි කෙනෙක් ගැන ඇති වෙලා නෑ! මම පිරිමියෙක්ට කියලා ආදරේ උනේ ආසා වුනේ නේත්‍රට විතරයි"

"ම්ම්ම්ම්.........කවදාහරි දවසක අර මම කිව්වා වගේ කෙල්ලෙක් ඇවිත්,ඒ කෙල්ලගෙන් උබට ලොකු ප්‍රයෝජනයක් තිබ්බොත්? ඒ කියන්නෙ උබේ අනාගතේ හරි ලේසියෙන් ඒ කෙල්ලට හදන්න පුළුවන්කමක් තිබ්බොත්?"

"මම නේත්‍ර එක්ක අමාරුවෙන් අනාගතේ හදාගන්නවා! ලේසි පාරවල් ඕනි නෑ මට"

"උබ තාම ගමේ හිටියට ලොකු වෙන්න ලොකු වෙන්න සමාජෙ එක්ක ගැටෙනවා.....එතකොට නේත්‍රගෙ අඩුපාඩුකම් පේන්න ගත්තොත්?"

"නේත්‍රගෙ කිසිම අඩුවක් නෑ කියලා මම දන්නවා! නේත්‍ර ප'ෆෙක්ට්! එතනින් එහාට ඒ ගැන කතා ඕන්නෑ"

"මහ මුදියන්සෙ ගැන අපිටත් වඩා උබ හොදටම දන්නවා! අනාගතේදි මහ මුදියන්සෙ උබලා දෙන්නට අකමැති උනොත්?"

"අප්පච්චි නෙවෙයිනෙ නේත්‍රව කසාද බදින්නෙ! මමනෙ!"

"උබලා දෙන්නම කොල්ලො! මේක ලංකාව! ප්‍රශ්න වෙනවා"

"මම මූණ දෙනවා! නේත්‍රව පරිස්සම් කරනවා!"

"ආශව! මෙහෙ වරෙං මට උබව බදාගන්නෝනි"

ආශව ලගට ගිය දෙවින් අත් දෙක දෙපැත්තට දිගෑරලා ආශවව තුරුලට ගත්තා.අවුරුදු ගාණක් තිස්සෙ හිතේ තිබ්බ හැගීම් යාලුවො ඉස්සරහ පිට කරපු එක නිසා ඇති වුණු සැහැල්ලුව දැනුනු ආශව නිදහසේ හුස්මක් හෙලුවා.දෙවින් ඒ ප්‍රශ්න හැමදෙයක්ම ඇහුවෙ අනාගතේ ගැන හිතලා බව දිවාෂට තේරුම් ගියා.ඒ වගේම ආශව ආදරෙයි කිව්ව ගමන් ඕකට කැමතියි කියලා නේත්‍රව ආශවට ලං කරනවට වඩා,දෙවින් කල විදියට ප්‍රශ්න අහලා ආශවගෙ හිතේ තිබ්බ හැගීම් එලියට ගත්තු එක හරි බවත් දිවාෂට තේරුනා.

මොකද ඒ ප්‍රශ්න ඔලුවට එද්දි තමන්ගෙ ආදරේ මොකක්ම හරි අඩුවක්,අනාගතේ ගැන සැකයක් තියෙනවනම් ඒක ආශවට මේ වෙලාවෙම තේරුම් ගන්න පුළුවන් වෙනවා.එතකොට දෙන්නා ලං වෙලා,පහු කාලීනව ප්‍රශ්න ඇති කරගනවට වඩා මුලදිම නොගැලපීම් තේරුම් අරගෙන ගන්න තීරණයක් ගන්න එක සුදුසුයි කියලත් දිවාෂගෙ පුංචි ඔලු ගෙඩියට වැටහුනා.ඒත් එක්කම හිතට ආව ප්‍රශ්නෙ කටින් පිට කල දිවාෂ දිහා ආශව දෙවින් දෙන්නා බැලුවෙ අමුතු විදියට.

"ඔක්කොම හරි! උබර් නේත්‍රව කසාද බදින්නත් තීරණේ කරලා ඉවර උනාට.........නේත්‍ර කැමතිද කියලා අහලා බැලුවෙ නෑනෙ තාම?"

"එයා කැමති වෙයි"

"අකමැති වුනොත්?"

"මම කැමති කරවගන්නවා"

"කැමති කරවගන්න බැරි වුනොත්?"

"බලෙන් කසාද බදිනවා........එතකොට පහු වෙලා හරි කැමති වෙයිනෙ.....අනේ දිවාෂ මේ!!!! නේත්‍ර මට නැතුව වෙන කාට ආදරේ වෙන්නද?"

"ඔන්න ඕකයි මම මුගෙන් ඔය ප්‍රශ්නෙ නෑහුවෙ.....අනික නේත්‍රගෙ හිතෙත් හැගීමක් එනවනම් එන්න තියෙන්නෙ මූ ගැන විතරයි! ඇයි ඉතින් පොඩි කාලෙ ඉදන්ම මූ මුගෙ අස්සෙ දාගෙන ඒකව හංගගත්තා මිසක වෙන එකෙක්ගෙ ඇල්මක් බැල්මක් වැටෙන්න ඉඩ තිබ්බ එකක්යෑ!"

ලාවුළු ගහ යට ඉදන් උන්නු කොලු ගැටවු තුන්දෙනාගෙ හිනා හඩින් ඒ පුංචි බිම් කොටසම පිරිලා ඉතිරිලා යන්න ගියේ විනාඩි කීපයයි.ආශවගෙ දෙපැත්තෙ ඉදන් උන්නු දෙවින්,දිවාෂ දෙන්නා ආශවව තුරුල් කරගෙන ඒ පිරිසිදු ආදරේට ආශිර්වාද කරද්දි ආශව දෙන්නට මැදි වෙලා සතුටින් හිනා වුණා.

අතීත මතක අස්සෙ කිමිදුනු දිවාෂගෙ දැහැන බිදුනෙ දුරකථනය නාද වෙන සද්දෙ නිසා.ඇද උඩ තිබ්බ දුරකථනෙ අතට අරගෙන බැලුවෙ දිවාෂගෙ ඇස් දෙක ටිකක් ලොකු වෙලා ගියේ හිතට ආව පුදුමෙ නිසාමයි.

"මූ මොකද මේ අවේලාවෙ කෝල් කරන්නෙ?"

...................................................................................................

පොතේ අග ලියලා තිබ්බ වචන ටික දහ පාරක් විතර කියවපු නේත්‍ර පොත පරිස්සමින් වහලා දැම්මෙ තමන්ගෙ ඇස් වලින් වෑස්සෙන කදුළු වැටිලා ඒ අකුරු ටික බොද වෙයි කියන බයට.බෝල ඇස් වලින් ගලන කදුළු පිටි අල්ලෙන් පිහගත්ත නේත්‍ර පුටුවෙන් නැගිටලා වත්ත පහලට යන්න හැදුවත්,විනාඩි ගාණක් තිස්සෙ හිත ඇතුලෙ පොර බදින හැගීම් වල බලපෑම එල්ල වෙලා අඩපණ වුණු කකුල් දෙක නිසා ආපහු පාරක් පුටුව උඩටම ඇදගෙන වැටුනා.

නුවරම හීතල කරගෙන හමාගෙන යන නුවර හුළග තමන්ගෙ ඇගේ වැදීගෙන යන්නත් කලින්ම හිරිගඩු පිපුණු තමන්ගෙ පුංචි අත් දෙක දිහා නේත්‍ර ටික වෙලාවක් බලාගෙන හිටියා.හිතට ශක්තිය අරගෙන සන්සුන් වුණු නේත්‍ර හෙමීට පුටුවෙන් නැගිට්ටෙ මේ වෙද්දිනුත් වත්ත පහලට වෙලා තමන්ගෙ සුදු අයියා තමන් එනකං බලාගෙන ඉන්න බව දැනන් හිටි නිසා.

ගෙයි දොර වහන්නවත් සිහියක් නූනු තැන අසිහියෙන්ම ගෙයින් පිටට අඩිය තිබ්බ නේත්‍රව වෙවුලලා ගියේ අර කලින් කිව්ව හීතල ආපහු පාරක් තමන්ගෙ ඇගට දැනෙද්දි.මේ ටිකේම තියෙන බීරිම් ගතිය නිසා වෙනදා මේ වෙලාවට වැටෙන අදුරට වඩා ටිකක් වැඩිපුර අදුරු වැටිලා තිබ්බත් නේත්‍ර බය  නැතුවම වත්ත පහලට යන්න ගත්තෙ තමන් එනකං රැදිලා ඉන්න ඒ මනුස්ස රූපෙ තමන් ලග රැදිලා ඉන්න තාක් තමන්ට කරදරයක් වෙන්නෑ කියන විශ්වාසෙ මත.

පුංචි කාලෙ වෙඩි කාපු ඌරො ටික වගේ මෙතනට දුවගෙන එන හැටි,හතර දෙනා එක්ක සෙල්ලම් කරන හැටි,දෙවින් අයියා කට්ටියගෙම ප්‍රශ්න සාමකාමීව විසදන හැටි,තමන්ගෙ කොන්ඩෙ එකේක ජාති රදෝන සුදු අයියා එයාගෙ පුංචි කැමරාවෙන් තමන්ගෙ රූප ගන්න හැටි,අක්කා මල්වර උනු දවසෙ චාරිත්‍ර ටික හොරෙන් බලන්න උදේ පාන්දර ඉදන් මෙතනට වෙලා මදුරුවො තල තල හිටිය හැටි,මෙතනදිම තමන් සුදු අයියගෙන් මල්වර උනාම තෑගි අරන් දීගන්න පොරොන්දු අරගත්තු හැටි,තමන් තුවාල කරගත්තම සුදු අයියා කලබල වෙලා ඒවට සාත්තු කරන හැටි,එකපාරක් අරුන්දතීගෙන් ගුටි කාලා දුකෙන් උන්නු තමන්ට හුස්ම හිරවෙන්න හිනා යනකල් මේ පිට්ටනිය වටේට තමන්ව කරේ තියාන සුදු අයියා සිංදු කිය කිය ඇවිද්ද හැටි,නැටුව හැටි,ටිකෙක් ටික තමන් හැමෝම ලොකු වුණු හැටි පිටියට පය තිබ්බ නේත්‍රට එක දිගටම මතක් වුණා.

ඒත් එක්කම තමන්ට පිටුපාලා හිටන් උන්නු ආශවව දැක්ක නේත්‍ර හිටි තැනම ගල් වුණා.නේත්‍රට මෙතනින් පැනලා දුවන්න ඕනි වුණා.ආශවගෙ ඇස් දෙකේ බැල්ම එල්ල නොවෙන තැනක හැංගෙන්න ඕනි වුණා.නේත්‍රගෙ හිතේ තවම මේ හැමදේම ගැන තිබ්බෙ තිගැස්මක්.ඒ තිගැස්ම තමන් ගැන නෙවෙයි,තනිකරම ආශව හා ආශවගෙ අනාගතේ එක්ක බැදුනු තිගැස්මක් වුණා.

මේ දේ මේ විදියටම උනොත් ඒකෙන් ආශවට මොන වගේ බලපෑමක් එල්ල වෙයිද කියලා නේත්‍ර බය වුණා.ඒත් එදා කටවචනෙන් විතරක් තමන්ගෙ ඈත් වීමක් ගැන ඇහුණු වෙලේ ආශවගෙ හැසිරීම මතක් වුණු නේත්‍ර තමන් ඇත්තටම ආශවගෙන් ඈත් වුණොත් කලින් කිව්ව හැමදේටම වඩා බරපතල දෙයක් වෙයි කියලා බය වුණා.නේත්‍ර තනිකරම ගිරේට අහුවුණු පුවක් ගෙඩිය වගේ දෙපැත්තකින් තැලෙන ගමන් උන්නා.ඒ හැමදේම එක්ක නේත්‍ර එකම තැනක ගල් වෙලා හිටියා.

මෙච්චර වෙලා හිස් විදියට තමන්ගෙ වටේ කැරකෙන ගමන් තිබ්බ හුලගට එකපාරටම ගැටපිච්ච මල් සුවදක් මිශ්‍ර වෙනවා දැනෙද්දි ලාවට හිනා වුණු ආශව හිටි විදියටම හිටගෙන හිටියා.ටිකෙන් ටික වැඩිවෙන ගැටපිච්ච සුවද තමන්ගෙ නාස් පොලු කඩාගෙන යනවා තේරෙද්දි අතේ තිබුණු ගැටපිච්ච මල් දෙක පරිස්සමට තමන්ගෙ කලිසම් සාක්කුවට ඔබාගත්‍තු ආශව ලොකු හුස්මක් පහලට දාන ගමන් පිටිපස්ස හැරුණා.

හැමදාම වෙනවා වගේ ඒ රූපෙ ඉස්සරහ අදත් ආශවගෙ හිත ගැස්සුණා.ලා නිල්පාට ඇගට ලොකුම ලොකු කමිසෙට සුදු පාට කොට කලිසමක් ඇදන් උන්නු නේත්‍රව අද වෙනදටත් වඩා පොඩියට,වෙනදටත් වඩා හුරතලේට අද පේන්නෙ ඇයි කියලා ආශවට තේරුම් ගන්න බැරි වුණා.

හීන් හිරිපොදක් වැටෙන,වටේටම බීරිම් ගතිය පිරිලා ගිහින් තියෙන,හීතල හුලග ඇගේ දැවටෙන ගමන් තියෙන මේ වගේ වෙලාවක තමන්ගෙ ඉස්සරහට වෙලා බිම බලාගෙනම ඉන්න ඒ පුංචි රූපෙ තමන්ගෙ තුරුලට අරගෙන ඇති වෙනකං ඒ රූපෙට හාදු තවරන්න ආශවගෙ හිත කෑගැහුවත් ආශව ඉවසුවා! මෙච්චර අවුරුදු ගාණක් ඉවසලත් මේ විනාඩි ගාණත් ආශව ඉවසන්න තීරණේ කලා! හරියටම හරි හොදටම හොද වෙලාව එනකන් ආශව ඉවසගෙන හිටියා!

"නේත්‍ර........."

තමන්ගෙ නහය ලග 'සුදු අයියගෙ සුවද' දැනෙන්න ගද්දි ගිඩි ගිඩි ගාලා ගැහෙන පුංචි නේත්‍රගෙ විසාල හදවත බොහොම අමාරුවෙන් නේත්‍ර සන්සුන් කරගනිද්දිම,තමන්ගෙ කන ලගම දැවටෙන්න ගත්තු ආශවගෙ ගැඹුරු හඩ නිසා අර සන්සුන් කම කෑලි කෑලි වලට කැඩිලා ගියා.

වෙවුලන ශරීරෙට වාරු වෙන්නවත් තමන් හිටගෙන උන්නු හරියෙ ආධාරකයක් නැති වෙද්දි නේත්‍රගෙ ශරීරෙ බිමට නොවැටී තිබ්බෙ ඒ හිතේ තිබ්බ ශක්තිය නිසාමයි.ටිකෙන් ටික ආශවගෙ උණුහුම් හුස්ම තමන්ගෙ මූණ ලග ලගම වැදෙනවා කියලා දැනෙද්දි නේත්‍ර තමන්ගෙ බෝල ඇස් දෙක තද කරලා පියාගත්තා.

"මම දිහා බලන්නෙ නැද්ද නේත්‍ර?"

"උබට ඒ වචන ටික නිසා සුදු අයියගෙ මූණවත් බලන්න බැරි තරමට අප්පිරියා උනාද?"

කොච්චර කිව්වත් ඒ ඇස් දෙක ඇරවගන්න බැරි බව දැනන් උන්නු ආශව වැඩියෙ වෙහෙස නොවීම තමන් ලග තිබ්බ හොදම තුරුම්පුව දාද්දි අපූරුවට ඒ ගැටේට අහු වුණු නේත්‍ර බිමට බර කරං උන්නු මූණ ඉක්මනටම උඩට උස්සලා දඩි බිඩි ගාලා ඔලුව දෙපැත්තට වැනුවෙ ආශව කිව්ව දේ වැරදියි කියලා පෙන්නන්න වගේ.නේත්‍ර ගැන හොදටම දැනන් හිටි ආශව නේත්‍රගෙ හුරතල් හැසිරීම දිහා බලාන ඉද්දි ආපහු පාරක් ආශවගෙ අර දැඩි බැල්මට තමන්ව අහු උනා නේද කියලා දැනුනු නේත්‍ර ආපහු පාරක් අසාමාන්‍ය විදියට රතු ගැහෙන්න පටන් ගත්තා.

"ඔහොම රතු ගැහෙන්න එපා නේත්‍ර........ සුදු අයියා පවු නැද්ද?"

වෙනදට නොකියන විදියෙ දේවල් ආශවගෙ කටින් පිට වෙද්දි ඒ කියන හරුප තේරුම් ගන්න අමාරු වුණු නේත්‍ර ආපහු පාරක් ඇස් දෙක වහගෙන හිටි විදියටම නොසෙල්වී හිටියා.එන්න එන්නම ආශවගෙ හැඩි දැඩි ශරීරේ තමන්ගෙ සියුමැලි සිරුරට කිට්ටු වෙන බවත්,ඒ උණුහුම් හුස්ම වැල් තමන්ගෙ වටේ දග කරන බවත් නේත්‍රට තේරුම් ගියා.

ටිකෙන් ටික තමන්ගෙ වටේ දග කරපු හුස්ම වැල් නැතිවීගෙන යනවා වගේ දැනෙද්දි නේත්‍ර ආපහු පාරක් සන්සුන් වුණත් මුළු ශරීරෙම ගැස්මක් ඇති කරන ගමන් ආශවගෙ උණුහුම් දෑගිලි කීපයක් තමන්ගෙ නිකට යටින් තෙරපෙනවා දැනෙද්දිනම් නේත්‍ර හිටියෙ ඇද වැටීමයි නොවැටීමයි අතරෙ දැඩි සටනක.

"ඔය ඇස් දෙක ඇරලා මම දිහා බලන්න නේත්‍ර.මට ඔය ඇස් වලින් මාව බලන්න ඕනි.......මාව විතරක්ම!"

නිකට යටින් තිබ්බ දෑගිලි වල බලපෑමෙන් උඩට උස්සපු නේත්‍රගෙ මූණට ලං වෙලාම ආශව කියද්දි ආශවගෙ උණුහුම තමන්ගෙ මුව ලගින්ම දැනුනත් ආශවගෙ වචනෙකට විරුද්ධ වෙලා හුරු නැති නේත්‍ර හෙමි හෙමින් තමන්ගෙ ඇස් දෙක ඇරියා.තමන්ට වඩා අගල් කීපයක්ම උස ආශවගෙ පපුව හරියට වඩා ඩිංගක් උස වුණු උරහිස ප්‍රමාණෙටත් වඩා ඩිංගක් කොට වුණු නේත්‍රට ආශව දිහා බලන්න උනේ ඔලුවත් ඩිංගිත්තක් උස්සලා.

ආශවගෙ තද දුඹුරු පාට හීනි ඇස් දෙකේ නේත්‍රගෙ තද කළු පාට බෝල ඇස් දෙක යා වෙද්දි ආශව තව ඩිංගිත්තක් තමන්ට ලං වුණා කියලා නේත්‍රට දැනුනෙ නෑ.නේත්‍ර ඒ තරමටම ආශවගෙ ඇස් අස්සෙ ගිලිලා ඒ ඇස් වල ලියවිලා තියෙන දේවල් හොයන ගමන් හිටියා.ඒ නිසාම ආශවගෙ නහර පිරුණු ලොකු අතක් ඇවිත් නේත්‍රගෙ කම්මුලක් උඩ නතර වෙන එකවත්,අනික් අත හෙමීට නේත්‍රගෙ පුංචි අතකින් තද කරලා අල්ලගන්න එකවත් නොදැනෙන තරමට නේත්‍ර ආශවගෙ ඇස් වල කිමිදිලා හිටියා.

"නේත්‍ර..........."

"ම්ම්ම්ම්ම්?"

ආශවගෙ ආමන්ත්‍රණයත් එක්කම පියවි සිහියට ආව නේත්‍ර පුංචි මිමිණිල්ලකින් ආශවට උත්තර දෙද්දි නේත්‍රගෙ ඇස් දෙක දිහාම බලන් හිටි ආශව ඒ ඇස් වලට ආදරෙන් හිනා වුණා.

"කැමතියිද සින්නක්කරේටම සුදු අයියට විතරක් අයිති වෙන්න?"

".................."

නේත්‍ර නිහඩයි.ආශවගෙ ප්‍රශ්නෙ ඉස්සරහ නේත්‍ර නිහඩම නිහඩයි.අහසින් කඩා වැටෙන හීන් හිරිපොද පිට්ටනියෙ වැටිලා තියෙන වේලුණු කොල වලට වැටිලා ඇහෙන 'ටොක් ටොක්' සද්දෙයි,ටිකක් වේගෙට හමන හුලන් පාර එක්ක ගැටෙන ගස් කොලන් වල සද්දෙයි ඇරෙන්න මේ වෙලාවෙ මෙතන තිබ්බෙ නේත්‍රගෙ විශාල හදවත එලියට පනින්න තරම් සද්දෙට ඇහෙන 'ඩග් ඩග්' සද්දෙ විතරයි.ආශව ගන්න තියෙන හැම තීරණයක්ම අරගෙන සන්සුන්ව ඉද්දි,හිතේ තියෙන හැගීම් ගැන අංශුමාත්‍රෙක සැකයක් නැති වුණත් ගන්න තීරණේ ගැන දෙගිඩියාවෙන් උන්නු නේත්‍රනම් ඕනෙවටත් වඩා නොසන්සුන් වෙලා හිටියා.

"නේත්‍රගෙ නිහඩතාවෙ මගෙ ප්‍රශ්නෙට 'බෑ' කියන උත්තරේ විදියට මම පිලිගන්නම් නේත්‍ර එහෙනම්.ආයෙ සුදු අයියා නේත්‍ර ලගට නෑවිත් ඉන්නම්"

නේත්‍රගෙ කම්මුල අල්ලන් උන්නු අත පහල දාගත්තු ආශව නේත්‍රගෙ අත තද කරන් හිට් තමන්ගෙ අතත් එතනින් ගලවලා අරගෙන නේත්‍රට පිටුපාලා යන්න හැරෙන්න හැදුවා.ඒත් එක්කම ආශවගෙ විශාල අතක් චූට්ටං අතක ග්‍රහණෙට අහු වෙද්දි කට කොනකින් හිනා වුණු ආශව ඒ හිනාව හංගන් නේත්‍ර දිහා බැලුවෙ කොච්චර කලත් මේ අහිංසකයා තමන් දාල ගැටවලට හරි ලේසියෙන් අහුවෙනවනෙ කියල හිතන ගමන්.

උත්තරයක් ගන්න බැරි නේත්‍රගෙන් උත්තරයක් ගන්නනම් ඒවගේ පොඩි රගපෑමක් කලාට පවු සිද්ධ වෙන්නෙ නෑ කියලා ආශව හිතුවා.හෙමීට නේත්‍ර දිහා බැලුව ආශව හරි ඉක්මනට ඒ බෝල ඇස් වල පැටලෙද්දි ආශවගෙ අතක් ආපහු ගිහින් නතර වුණේ රතු ගැහිලා පිපිරෙන්න ඔන්න මෙන්න තිබ්බ නේත්‍රගෙ කම්මුලක.

"මනාපයිද නේත්‍ර?"

ආශව කියද්දි නේත්‍ර ඔලුව වැනුවත් නේත්‍රගෙ මූණ ලගටම කිට්ටු වුණු ආශව ආපහු පාරක් තමන්ගෙ ගැඹුරු හඩ අවධි කලේ ඇස් වලින් පොඩි තර්ජනාත්මක බවකුත් එල්ල කරන ගමන්මයි.

"වචන ඕනි නේත්‍ර!"

"ඔ....ඔව්....."

"මොකද්ද ඔව්? ම්ම්ම්ම්?"

"ස්....සුදු අයියට....."

"මට?......."

රතු ගැහුණු නේත්‍රගෙ කම්මුලක් හෙමින් පිරිමදින ගමන් ආශව අහද්දි හිතට දැනෙන අමුතුම හිරිවැටෙන ගතිය දරාගන්න ගමන් නේත්‍ර තමන්ගෙ පුංචි කටින් වචන ගැටගැහුවා.

"මම සුදු අයියට ආදරෙයි"

කම්මුල උඩ තිබ්බ අත නේත්‍රගෙ ඔලුව පිටිපස්සට අරන් යන ගමන් අනික් අත නේත්‍රගෙ පිට වටෙන් දාලා නේත්‍රව තද කරලා තමන්ගෙ දැඩි පිරිමි පපුවට හිර කරගත්තු ආශවගෙ ඇස් වලින් කදුළු ගලන ගමන් තිබ්බා.ආශවගෙ තුරුලෙ උන්නු නේත්‍ර මහ හයියෙන් කෑගහලා අඩද්දි නේත්‍රගෙ පිට අතගගා නේත්‍රව සන්සුන් කරපු ආශව විටින් විටේ නේත්‍රගෙ හිස් මුදුනෙ සියුම් හාදු තැවරුවා.අවුරුදු ගාණක් තිස්සෙ තමන්ගෙ හෙවනෙ උන්නු පොඩි උන් දෙන්නෙක් උන්ගෙ ජීවිත වල ලොකුම තීරණයක් ගනිද්දි ලාවුළු ගහ ඒකට නිහඩවම සාක්ෂි දැරුවා.

ටික වෙලාවකින් ආශවගෙ තුරුලෙන් ඈත් වුණු නේත්‍ර ආපහු පාරක් ආශව දිහා බලද්දි ආශව නේත්‍ර දිහා බලලා හරිම ආදරණීය විදියට හිනා වෙලා ඒ නලල් තලේ උඩින් තමන්ගෙ තොල් දෙක සෑහෙන වෙලාවක් තිස්සෙ තද කරාන හිටියා.නේත්‍රගෙ නලලෙ තිබ්බ තොල් දෙක හෙමින් සැරේ රූටගෙන නේත්‍රගෙ ඇස් දෙක ලගට පල්ලම් බහිද්දි නේත්‍ර මන්දාකිණියක් හංගගෙන ඉන්න තමන්ගෙ ඇස් දෙක හෙමීට පියාගත්තා.නේත්‍රගෙ ඇස් දෙකට මාරුවෙන් මාරුවට හාදු තැවරුව ආශවගෙ දෙතොලෙ උණුහුම තමන්ගෙන් ඈත් වෙනවා දැනුනු නේත්‍ර හෙමීට ආපහු පාරක් තමන්ගෙ ඇස් දෙක විවර කලා.

"මගෙ නේත්‍ර........."

ඒත් එක්කම ආශවගෙ දරදඩු ශක්තිමත් අතක් නේත්‍රගෙ ඉණ වටේ පැටලෙද්දි නේත්‍ර ඇදිලා ඇවිත් නැවතුනේ ආශවගෙ දැඩි පිරිමි පපුවෙ හැපිලා.හිතට හයිය ගත්තු නේත්‍ර හෙමීට තමන්ගෙ ඇස් දෙක උස්සලා බැලුවෙ තමන්ව අරක් අරගෙන ඉන්න ඒ කඩවසම් පිරිමි රූපෙ දිහා.ආශවගෙ ඇස් දෙක අද වෙනදටත් වඩා දිස්නෙ දෙද්දි ඒ ඇස් අස්සෙ තමන්ගෙ නමටම ලියවිලා තියෙන ආදරේ අදුනගන්න නේත්‍රට ලොකුවට වෙහෙසෙන්න ඕනි වුණේ නැහැ.ඒත් එක්කම තමන්ගෙ පපුව උඩ ගුලි ගැහිලා තිබ්බ නේත්‍රගෙ පුංචි අතක් අරගත්තු ආශව ඒ අත හෙමීට තමන්ගෙ පපුවෙ වම් පැත්තෙන් තිබ්බා.

"ඒ ගැහෙන්නෙ උඹ වෙනුවෙන් මගෙ නේත්‍ර........දැනෙනවද?"

තමන් වෙනුවෙන් ගැහෙන ආශවගෙ පිරිමි පපුවෙ ස්පන්දනේ නේත්‍රගෙ ලා රෝස පාට පුංචි අල්ලට දැනෙද්දි නේත්‍රගෙ ඇස් කෙවෙනි වලින් කදුළු කැට ආපහු පාරක් පල්ලම් බහින්න ගත්තා.ආශව තමන්ගෙ නිදහස් අතින් නේත්‍රගෙ කදුළු පිහිදාලා ආදරණීයව තරවටු කරද්දි තෙත් වුණු කොපුල් රතුපාට කරගත්තු නේත්‍ර හරි ලස්සනට හිනා වුණා.

"එහෙනම් අද ඉදන්,මේ මොහොතෙ ඉදන් මේ ගැටපිච්ච මල අයිති මට විතරයි නේද?"

"ඔ....ඔ....ඔව් සුදු අයියෙ"

"වෙන කිසි කෙනෙක්ගෙ හුලගක්වත් වදින්න බෑ අද ඉදන්"

"හරි සුදු අයියෙ"

"මම උබව පරිස්සම් කරනවා රත්තරනේ.....මගෙ ඇස් දෙක වගේ"

"මමත් සුදු අයියෙ......"

"උඹ මගෙ මැණිකෙ.......දෙයියනේ උඹ මගෙ"

ආපහු පාරක් නේත්‍රව තද කරලා බදාගත්තු ආශව පිස්සෙක් වගේ කියව කියව නේත්‍රගෙ ඔලුව උඩින් හාදු තවරන්න පටන් ගත්තා.දැනුමක් තේරුමක් තියෙන කාලෙක ඉදන්ම තමන්ගෙ පපුව එකම එක ගැටපිච්ච මලක් වෙනුවෙන් විතරක් ගැහෙන්න ගනිද්දි,මේ පිරිමි පපුවෙ හැගීම් ඒ මල වෙනුවෙන් විතරක්ම මෝරන්න පටන් ගනිද්දි,තමන් ඇරෙන්න වෙන කිසිම බඹරෙක්ට සමනලයෙක්ට ඒ මලට වහන්න නොදී මල ආරක්ෂා කරගන්න ඕනි වෙද්දි ආශව දැනගත්තා තමන්ගෙ පපුවෙ සින්නක්කර අයිතිය ඒ වෙද්දිනුත් නේත්‍රගෙ නමට ලියවිලා ඉවර වග.

තමන්ගෙ තුරුලෙම හැදුණු වැඩුණු,වෙන කිසි එකෙක්ගෙ ස්පර්ශෙකටවත් අවනත නොවුණු,තමන්ට කරදරයක් උනාම හැමෝටම කලින් කලබල වෙලා තමන්ව රැකගන්න දැගලුව ඒ පුංචි මලත් තමන්ගෙ නමට ලියවිලා ඉවර වග ආශව දැනගෙන හිටියා.ඒත් ඒ දේවල් තේරුම් ගන්න තරම් නේත්‍ර මෝරලා නැති වෙද්දි ආශව හරි වෙලාව වෙනකංම ඉවසුවා.අද හරි වෙලාව! ආශවගෙ අත් අතරේ එයාගෙ මල සැනසෙනවා.

"ස්....සුදුඅයියෙ....."

"මැණික?"

"ම....මම සුදු අයියට ආදරෙයි.මගෙ පණටත් වඩා.....සුදු අයියෙ........මම මගෙ මේ පපුව පිරෙන්නම මගෙ සුදු අයියට ආදරෙයි"

නේත්‍රගෙ වචන වලට කිසිම පිලිතුරක් නොදුන්න ආශව නේත්‍රගෙ බෝල ඇස් දිහා බලාගෙනම හිටියා.පුරුදු විදියටම ටිකෙන් ටික ඒ ඇස් නේත්‍රව ගිල ගනිද්දි වට පිටාවෙ වෙන කිසිම දෙයක් ගැන හෝදිසියක් නැතුව නේත්‍ර ආශවගෙ ඇස් අස්ස කියවන්න ගත්තා.ජීවිත කාලෙ ඉවර වෙනකං උනත් කියවන්න තරම් දේවල් ඒ ඇස් අස්සෙ ලියවිලා තියෙන බව මේ වෙනකොටත් නේත්‍රට තේරිලා තිබ්බා.ඒ සිහියෙ උන්නු නේත්‍රට තමන්ගෙ ඉණ වටේ තියෙන ආශවගෙ අතේ ග්‍රහණෙ වැඩි වෙන බවවත් තේරුන් ගියේ නෑ.

මූණ උඩටම වැටුණු වැහි බින්දුවක් නේත්‍රව පියවි සිහියට ඇදලා ගනිද්දි නේත්‍ර ආශවගෙ ඇගටම වාරුවුණේ තමන්ගෙ ඇස් වලට අහු වෙන ආශවගෙ ඇස් වල තිබ්බ බැල්ම දරාගන්නම බැරි තැන.හිරි පොද වැස්ස මේ වෙද්දි ටිකක් වැඩි කරලා තිබ්බත් කුඩු පොදයක් වගේ මට්ටමක තාම ඒක පැවතුනු නිසා මේ කෝඩු ආදරවන්තයන්ට ඒක බාධාවක් වුණේ නැහැ.ආශවගෙ හුස්ම එන්න එන්න තමන්ට ලං වෙද්දි,නුවර හීතල හුලග තව ටිකක් හීතල වෙලා තමන් වටේ කැරකෙනවා දැනෙද්දි,'සුදු අයියගෙ සුවද' තමන්ව ගිල ගන්නවා වගේ දැනෙද්දි නේත්‍රගෙ හීනි තොල් පටවල් වෙවුලුවා.

"සුදුඅයියා උඹ එදා ඉල්ලුව උණුහුම දෙන්න යන්නෙ"

ආශව නේත්‍රගෙ කන් පෙත්තෙ ගෑවෙන නොගෑවෙන විදියට තමන්ගෙ තොල් හොලවලා උපරිම ගැඹුරු හඩකින් මුමුණද්දි මුකුත්ම හිතාගන්න බැරි වුණු නේත්‍ර ගල් ගැහිලාම උන්නා.ආශවගෙ හැගීම් වලින් පිරිලා තිබ්බ හීනි තද දුඹුරු පාට ඇස් දෙක නේත්‍රගෙ ඇස් දෙකෙන් මිදිලා හෙමීට තොල් පොට ලගට යනකං පල්ලම් බහිද්දි නේත්‍ර බලාගෙන හිටියෙ ආශවගෙ ඇස් වල තවත් තවත් හැගීම් පිරෙන්න ගන්න හැටි.

ආශවගෙ දෙතොල් හෙමි හෙමින් නේත්‍රගෙ දෙතොල් ලගට කිට්ටු වෙද්දි කරන්න ඕනි මොකද්දවත් නොදැන හිටි පුංචි නේත්‍ර මොකක් හරි බලවේගෙකින් පාලනේ කලා වගේ තමන්ගෙ ඇස් දෙක හෙමීට පියාගත්තා.ඒ දෙයින් නේත්‍ර මේ දේට විරුද්ධ නෑ කියලා තේරුම් ගත්තු ආශව නේත්‍රගෙ තොල් ලගට තවත් ටිකක් සමීප වුණා.

අන්තිමේදි,වටේටම බීරිම් කරලා තද හුලං හමන වෙලාවක,හීන් කුඩු පොදේක තෙමෙන ගමන්,ගහ කොල වල කොල අතු ගැටෙන හඩ අහගෙනම,තමන්ගෙ වටේට කැරකෙන ගැටපිච්ච මල් සුවද විදින ගමන්,ආශව තමන්ගෙ ශක්තිමත් දෙතොල නේත්‍රගෙ හීනි මෘදු දෙතොල උඩ තද කලා.මහ හවසක,නුවර අහස යට අවුරුදු ගාණක හිරකරන් උන්නු පිවිතුරු හැගීම් හෙමීට මුදාහරින ගමන් අති පාරිශුද්ධ ආදරේක පලමු පියවර තිබ්බ පුංචි කොල්ලො දෙන්නෙක් තමන්ගෙ පලවෙනි හාදුවෙ ගිලිලා හිටියා.

තමන්ගෙ ඇගටම හිරවෙලා ඉන්න නේත්‍රගෙ හෘදස්පන්දනේ ඒත් එක්කම වැඩි වෙනවා දැනුනු නිසා ආශව තමන්ගෙ නිදහස් අතින් නේත්‍රගෙ ඔලුව අතගාන්න ගත්තෙ එක තත්පරේකටවත් නේත්‍රගෙ දෙතොල් උඩින් තමන්ගෙ දෙතොල මගෑරනොගෙන.ටික වෙලාවක් යද්දි නේත්‍ර ටිකක් සන්සුන් වුණා දැනෙනකොට හෙමීට නේත්‍ර දිහා බැලුව ආශව දැක්කෙ තවමත් ඒ බෝල ඇස් දෙක පියවිලා තිබුණු විදිය.

ඒත් එක්කම ඇස් දෙක පියාගත්තු ආශව නේත්‍රගෙ දෙතොල් උඩ නොසෙල්වී තිබ්බ තමන්ගෙ දෙතොල් හෙමීට චලනය කරන්න ගත්තෙ හිතේ තිබ්බ හැගීම් දරන්නම බැරි තැන.අවුරුදු ගාණක් තිස්සෙ තමන් එක හිතින් ආදරේ කල එකම එකා මෙහෙම තමන්ගෙ අත් අතරෙ ඉද්දි,ඒ අයිතිය තමන්ටම පැවරුවටත් පස්සෙ පිරිමි හිතක් එහෙම නොසන්සුන් වෙන එක සාමාන්‍යයි.එහෙම නේද?

හෙමීට තමන්ගෙ ඔලුව ටිකක් හැරෙව්ව ආශව නේත්‍රගෙ උඩු තොල තමන්ගෙ තොල් අතරට අරගෙන හෙමි හෙමින් උරවන්න ගත්තා.ඒත් එක්කම කකුල් පණ නැති වුණු නේත්‍ර ඇදගෙන වැටෙන්න යද්දි ඒක දැනුනු ආශව ඉණ වටේ තියෙන ග්‍රහණෙ තවත් ටිකක් වැඩි කරලා නේත්‍රව දරාන උන්නා.නේත්‍රගෙන් හමන නේත්‍රටම උරුම වුණු ගැටපිච්ච මල් සුවද වගේම,නේත්‍රටම ආවේණික වුණු රසයක් ඒ තොල් වල තියෙන බව වැඩි වේලා නොගිහින්ම ආශවට තේරුණා.

ආශවගෙ දැඩි ආධිපත්‍යයට යටත් වුණු පුංචි නේත්‍ර ආශවගෙ අත් අතර අඩපණ වෙලා හිටියා.එන්න එන්නම ඒ රසට තමන් ඇබ්බැහි වෙනවා දැනෙද්දිම ආශව උඩු තොලෙන් යටි තොලට මාරු වෙද්දි කනට ඇහෙන නෑහෙන ගාණට හීන් කෙදිරිල්ලක් නේත්‍රගෙන් පිට වුණා.හීන් උනාට ඒක ආශවගෙ කන් දෙකට ඇහෙද්දි තව ටිකක් හැගීම් නොසන්සුන් වුණු ආශව එක දිගටම නේත්‍රගෙ තොල් උරවන්න ගත්තා.

ඒත් එකපාරටම හාදුව අස්සෙම ඇහෙන්න ගත්තු හීන් ඉකිය නිසා බය වුණු ආශව ඉක්මනටම හාදුවෙන් ඈත් වෙද්දි,කදුළු පුරවගෙන ආශව දිහා බලන් හිටි නේත්‍ර ආශවගෙ ඇස් දෙක දිහා බලන්න කිසි හයියක් නැතිව බිම බලාගත්තා.නේත්‍රගෙ රතු ගහලා තිබ්බ ශරීරෙ පුපුරන්න ඔන්න මෙන්න තියෙන ලොවි ගෙඩියක් වගේ වෙද්දි තමන්ගෙ පණ නැති කකුල් දෙකට හරි අමාරුවෙන් පණ ගත්තු නේත්‍ර ආශවගෙ ඇගට වාරු නොවී කෙලින් වෙලා හිටගත්තා.ඒත් එක්කම ඇඩුවෙ ඇයිද අහන්න කට ඇරි ආශවගෙ කටින් වචනයක් පිටවෙන්නත් කලින් ආශවගෙන් ඈත් වුණු නේත්‍ර පණ කඩාගෙන වත්තෙ උඩහට දුවන්න ගත්තා.

හාදුවක් දෙන්න තරම් තමන් ඉක්මන් වුණා වැඩියිද කියලා හිතුව ආශව හයියෙන් තමන්ගෙ ඔලුවට පාරක් එල්ල කලා.නේත්‍ර ගැන හොදට දැනන් හිටි ආශව මේ වෙලාවෙ තමන් නේත්‍ර ලගට යන එක සුදුසු නෑ කියන එකත් එකත් එකටම ඔය පණ කඩාගෙන දුවලා ගියේ නේත්‍රගෙ ලැජ්ජාව නිසා වුණු දෙයක් නිසා කියන එකත් තේරුන් ගත්තා.ඒ නිසාම තමන්ට නේත්‍රව භාර දෙන්න තමන් ලගට විශ්වාසවන්ත වුණු පුද්ගලයට කතා කරන්න හිතාගත්තු ආශව දුරකථනෙ තමන්ගෙ කනේ තියාගත්තා.

"හෙලෝ දිවාෂ......"

.

.

.

.

.

වලව්වත්තෙ ගල් බැම්ම උඩට වෙලා හිටපු ආශවගෙ එක අතකින් උකුලෙ රැදුණු ගිටාරට අල්වාගෙන ඉද්දි,අනික් අතින් එක දිගටම තමන්ගෙ දෙතොල් ස්පර්ශ වෙමින් තිබ්බා.ජීවිතේ පලවෙනි වතාවට එහෙම සිද්ධියකට මූණ දුන්නු ආශවට ඒ හාද්ද මතක් වෙන මතක් වෙන වාරයක් ගානෙ තමන්ගෙ බඩේ සමනල්ලු දගලනවා වගෙ හැගීමක් එන්නෙ ඇයිද කියන එක තේරුම් ගන්න අමාරු වුණා.

නේත්‍රගෙ දෙතොලින් ආව ඒ ඇබ්බැහිකරවන සුලු රසේ සදාකාලික අයිතිකාරයා තමන් නේද කියලා මතක් කරපු ආශව හරි ආඩම්බරෙන් හිනා වෙලා හද දිහා බැලුවා.හැමදාම හද දිහා බලාගෙන විස්තර කියපු කොල්ලා අද තමන්ගෙ උනා නේද කියලා මතක් වෙන වාරයක් ගානෙ ආශවට නටන්න ඕනිවගේ හැගීමකුත් දැනෙන්න ගත්තා.එත් එක්කම හිනා වෙලා ගිටාරය අතට ගත්තු ආශව හෙමීට ඒක වාදනය කරන්න ගත්තෙ ඇස් දෙකත් පියාගෙන.

සඳ නිදන්න......

ඔය ආදර ඇස් දෙකේ....

ඉඩ තියන්න....

සුදු සුමුදු මුහුණ පුරා.....

මට සිඹින්න.....ඇස් පියන්න.......

මගේ ආදරේ හංගන්න.......

සඳ නිදන්න....

සඳ සීත ගෙන එන්නෙ ආදරේ.....

දඟකාර නිල් දෑස මානයේ......

ගුලි වෙන්න රතු රෝස හීනයේ......

ළඟ උන්න තුරුලේම මා ළයේ......

අඩවන් දෑස කීවේ ජීවිතේ අරුතමයි.....

සංවරයි මැණික මාගේ............

සමනලිය තටු සලන යාමයේ......

මල් සුවඳ මකරන්ද මාරුතේ.......

දෙතොලතර සුසුමින්ද මේ රැයේ.......

නිල්මල් විලෙන් හීන වෑහුණේ.......

මුසපත් සේද යායේ.......

උණුහුමින් හිත නිවයි......

පින්සරයි මැණික මාගේ...........

නේත්‍රගෙ මූණ පදෙන් පදයට තමන්ගෙ ඇස් ඉස්සරහ මැවෙද්දි,සිංදුවටම සම වැදිලා උන්නු ආශවගෙ දැහැන බිදිලා ගියේ වත්ත පහල ඉදන් වලව්වත්තට ගොඩවෙන තැනින් මතු වුණු ගල් පැලෙන මිණි කිංකිණි නාදෙ නිසා.

"උබර් මෙතනට වෙලා සිංදු කිය කිය ඉදපං ආසව! ඇත්ත කියපිය පඩත්තර ආසව! තෝ අද මොනාද මගෙ පොඩි එකාට කලේ?"

"ඇ....ඇයි දිවාෂ? ඇයි නේත්‍රට මොකෝ?"

"මොකෝ? මොකෝ තමා.......අන්න අරහෙ ඒකට හොදටම උණ අරගෙන!!!!"

...................................................................................................

3800 words😾❤️

ඔන්න ඒනම් ඒකත් හරි 😌❤️

මේ බලන්නකො🙈❤️ මේ මම හිතට මොකක් හරි අදහසක් ආව ගමන් දඩි බිඩි ගාලා නෝට් පෑඩ් එකේ එකම නෝට් එකේ පල්ලෙහාට පල්ලෙහාට ටයිප් කරනවා🙈❤️ කතා ඔක්කොගෙම ඒවා එක ගොඩේ ඉතින් ටයිප් කරම්නෙ🙈❤️ මේ ටික දැම්මෙ දැන් ඒ ඔක්කොම වෙලා ඉවර නිසා😌❤️ තව ලිස්ට් එකක්ම තියෙනවා හරිත🙈❤️

ඔන්න කොල්ලො දෙම්නව සෙට් කොලා😌❤️

මේ වගේ රොමැන්ටික් පාට් එකක් මම ලිව්වෙ පලවෙනි වතාවට.........ඒ කියන්නෙ මේ විදියෙ එකක්🥺❤️ මම දන්නෑ හොදට ලියවුණාශ කියන්න🥺❤️ ඒ ගැනත් අදහසක් කියන්න බබාලා පුළුවන් නම්❤️ අඩුවක් පාඩුවක් තියේනම් කියන්න.....මොකද ඉස්සරහට මේ වගේ ඒවා ගොඩක් එන්න තීයේනේ🙈❤️

එදා මම අර කිව්වෙ පස්න අහන්න උත්තර දෙන්නම් කියලා 😪 ඒත් මේකට දාන්න තරම් මැසේජ් ලැබුනෙ නෑ.....දෙක තුනයි හම්බුනේ😪❤️ ඒ නිසා මැසේජ් 10ක් වගේවත් ලැබුනම මම උත්තර දෙන්න දාන්නම් හොදද🥺❤️

ඒ වගේමයි තව දෙයක්🥺 පුලුවන්නම්,මම බල කරන්නෙ නෑ............දැම්ම අයට මම මේ කියන්නෙ,ඒත් පුලුවන්නම් මේ වගේ මැසේජ් නොදා ඉන්නවද මට🥺💔 මම ආසාවෙන්නෙ කතා ලියන්නෙ නේද❤️ ඒකෙන් මට ලැබෙන්නෙ සතුටක් විතරයි........ඉතින් ඒක මම කරන්නෙ මානසික නිදහස වෙනුවෙන්නෙ ප්‍රධාන වශයෙන්ම.......ඒ නිසා මේ වගෙ මම ඒක කල යුතුමයි,ඒක මගෙ වගකීමක් වගේ කියලා කියන මේ වගේ ලමයිට මම කියන්නෙ,කරුණාකරලා මාව තේරුම් අරන් මට ආදරේ කරන අනික් රීඩර් බබාලා වගේ වෙන්න ඔයාලත්🥺❤️ පහල මැසේජ් එක ආවෙ ඊයෙ....මා ඊයෙ හිටියෙ අසනීපෙන් කියලා මගෙ වට්සැප් එකේ උන්නු බබාලා දන්නවා🥺❤️ ඉතින් කියන්න තියෙන්නෙ, මගෙ සැනසීම තියෙන්නෙ මෙතන🥺 ඒකත් නැති වුනොත් මම කොහෙන්ද සැනසීමක් හොයන්නෙ නේද?

(අනේ මම මේවා දැම්ම අදාල අයට කියන්නෙ හොදද💔 මගෙ හොද බබාලා මා එක්ක තරහා වෙන්න නම් එපා🥺🥺🥺මොකද මෙවා දැම්ම අය මගෙන් උත්තරයක් එයි කියලා කතා අස්සට ඔලුව දානව කියලා මම දන්නවා😂)

ඉතින් අදහසක් කියාගෙන යන්න බබාලා🥺❤️

ඒකනෙ මට දෙන්න පුළුවන් ලොකුම වටිනාකම🥺❤️

එක කමෙන්ට් එකක් හරි දාන්න පුලුවන්නම් මම ආදරෙයි ❤️ සමහර දවස් වල හිනා වෙන්නෙ ඒවා නිසා❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter