Back
Chapter 31

30 කොටස🤍✨

නිවාලන්න මා...

"මොකක්!"

"ඔව් මම පැනඩෝල් දෙකක් දීලා මේ දුවන් ආවෙ ඔයාට කියන්න"

"ඉන්න මම එනවා දැන්.මැනුවෙල්.......මැනු.....ආ මේක ගෙනිහින් සාලෙන් තියන්න.පුංචි අම්මට මම එනකං ඉන්න ඕන්නෑ කියන්න කන්න"

මැනුවෙල්ට කිසිම දෙයක් අහන්න ඉඩක් නොතිබ්බ ආශව දිවාෂවත් පහුකරගෙන දුවගෙන යද්දී කකුල් දෙකට වේගෙ ගත්ත දිවාෂත් ආශවගෙ පස්සෙන් ඇදිලා ගියා.දඩි බිඩි ගාලා පල්ලම බහින ආශව මොකක් හරි මතක් උනා වගේ දිවාෂ දිහා රවලා බැලුවා.

"අර උණ ගැනුණු දරුවව දාලද මේ දුවගෙන ආවේ උඹ?කෝල් එකක් දෙන්න තිබ්බනෙ මට!!!!"

"අනේ ප# තමා.තොට කෝල් කලාට ආන්සර් කලාත ආසව? අනික නේත්‍ර තනියම නෙමෙයි.නේත්‍ර එක්ක දෙවින් පණ ඉන්නවා."

"ශිට්! ෆෝන් එක කාමරේනෙ තිබ්බෙ මම......දෙවිනුත් ආවද?"

"ඔව් උඹ මේ ගොම්මනේ මට වරෙන් කිව්වට,මට ඒ අස්සෙ යස්ස දිෂ්ටියක්වත් වැටුනොත් එහෙම තනිපංගලමේ ඇවිත්!!!! ඉතින් මම දෙවින් අයියවත් එක්කරගෙනම ආවා"

"එතකොටත් උණද?"

"මටද?"

"තොට නෙවේ නේත්‍රට!!!"

"මම එද්දිත් නේත්‍ර ඇඳ උඩ ගුලි ගැහිලා උන්නේ.දොරත් හායි ගාලා ඇරලා...ඒකට නං නේත්‍රට සැර කරපං ආසව! පරිස්සම ගැන බලන්න එපායැ මොන මගුල වුණත්.මම  සැර කලේ නෑ.....උඹේ බැනුම් අහන්න එපා යැයි මම ඊට පස්සේ"

"ඊටපස්සෙ මොකෝ උනේ?"

"ගුලි ගැහිලා හිටි විදියට දෙවින් අයියටත් සැක හිතිලා මට කිව්වා උණද බලන්න කියලා.ගිනි රස්නෙයි ඇග...ඇස් රතු වෙලා"

"මම බලන්නම්කෝ"

"බලලා බේත් දෙන්න උඹ දොස්තරද ආසව?"

"අනේ මේ දිවාෂ!!!"

"මාව කන්න කලින් බලපං කොල්ලව"

"මම හරක් මස් කන්නෑ!"

කතාවෙන් කතාවෙන් වේගෙන් පල්ලම් බැස්ස ආශව දිවාෂ දිහා ආපහු පාරක් රවලා බලලා නේත්‍රගෙ කාමරේට දුවද්දී ආශවට විරිත්තුව දිවාෂ එකපාරටම නළල රැලි කරගත්තා.

"මූ එතකොට අදහස් කළේ මම හරකෙක් කියලද?"

නේත්‍රගෙ කාමරේට ගිය ආශව දොරකඩ ඉදලම කතා කරද්දි ආශවගෙ සද්දෙ ඇහුණු නේත්‍ර පොරවන රෙද්දත් ඇගිලි තුඩු වලින් ගුලි කරගෙනම ඇස් තද කරලා පියාගත්තා.නේත්‍ර කරපු වැඩේ දැක්ක ආශවට හිනා යන්න ආවත් නේත්‍ර දැන් ඉන්නෙ අසනීපෙන් කියන එක ඔලුවෙ තිබුණු නිසා ආශවට හිනා වෙන්න තරම් පුළුවන්කමක් තිබුනෙ නැහැ.හෙමීට නේත්‍ර ලගට ගිය ආශව එහෙම්මම නේත්‍රගෙ ඇද උඩින් ඉදගනිද්දි කාමරේ දොර ලගට වෙලා උන්නු දෙවිනුයි දිවාෂයි දෙන්නා හෙමීට එතනින් මාරු වෙලා ඉස්තෝප්පුවෙ ඉදගත්තා.

"හුගක් අමාරුද නේත්‍ර?"

"කෝ දැන් මොකෝ හූමිටියක්වත් තියන්නෙ නැත්තෙ ම්ම්ම්?"

"චූටි කට වැඩ නැද්ද අද?"

"අමාරුද කියන්න මැණික....එහෙම උනොත් ඉක්මනට ටවුන් එකට ගිහින් බේත් ගමු අපි"

"කෝ ඉතින්....."

"හ්ම්ම්ම්.......සුදු අයියා ආව එකට කැමති නෑ වගේ නේද? මම යන්නම් නේත්‍ර එහෙනම්"

නේත්‍ර ඇහිපියන් අරින්නෙම නැති තැන හැමදාම කරනවා වගේ පොඩි කපටිකමක් කල ආශව ඇදෙන් නැගිටින්න හදනවා වගේ රගපාද්දි අදත් ආශවගෙ ගැටේට අහුවුණු නේත්‍රගෙ පුංචි අතක් ඇවිත් ආශවගෙ දරදඩු අතක් එක්ක පැටලුනා.

ඒත් එක්කම ආශව දිහා බලන් විවර වෙලා තිබ්බ ඒ බෝල ඇස් වලින් ආශවට යන්න එපා කියද්දි නේත්‍රගෙ අත රිදෙන්නෙ නැති වෙන්න අල්ලගත්තු ආශව නේත්‍රගෙ මූණට බර වෙලා ගලන්න ඔන්න මෙන්න තිබ්බ කදුළු කැට පිහිදලා දැම්මා.එහෙම්මම නැවිලා නේත්‍රගෙ නලල් තලය සිපගත්ත ආශව නේත්‍රගෙන් ඈත් වුණා.

"යන්න එපාද?"

"එ....ප්....පා...."

"එකපාරටම උණ ගත්තෙ මොකෝ නේත්‍ර? හවස හොදට හිටියනෙ?"

"ද්....දන්නෙ නෑ සුදු අයියෙ"

"කොහෙද රිදෙන්නෙ දැන්? අමාරුකම් මොනාද?"

"ඔලුව රිදෙනවා.....ඇගට පණ නෑ වගේ.....සීතයි......"

"බේත් ටිකක් ගන්න යං නේත්‍ර.ඔහොම ඉදල බෑ"

"බේත් ගන්න ඕනි වෙන්නෑ සුදු අයියෙ.පස්පංගුව එකක් තම්බලා බීවම හරි යයි"

"ගෙදර තියේද පැකට් එකක්? නැත්තං මම කඩේට දුවන්නම්"

"තියේ සුදු අයියෙ."

"කොහෙද.....මොකද මේ නැගිටින්න හදන්නෙ?"

"පස්පංගුව එක තම්බන්න යන්නනේ......."

"නේත්‍ර! දැන් ඔයා ඇයි ඒකට යන්නෙ?"

"තම්බ......"

"මාව මොකෙක් වගේද පේන්නෙ නේත්‍ර? ඒකක්වත් ඔයා වෙනුවෙන් කරන්න බෑ වගේද?"

"ඒත් දර ලිපනෙ......"

"මම බබෙක් නෙවේ නේත්‍ර! බැරි බැරිගාතෙ ඔහොම නැගිටින්න තියාගත්තෙ ඇයි? අසනීප වෙලාවකවත් මට ඔයාට සලකන්න බෑ කියලා හිතුවද?"

"බයින්න එපා සුදු අයියෙ.....උණනෙ නේත්‍රට"

කේන්ති අරන් කෑගහන ආශව දිහා බලන් උන්නු නේත්‍ර පුරුදු විදියටම හෙමින් සැරේ එහෙම කියන ගමන් ආශවගේ අත් ගොබයක් බදා ගනිද්දි ලොකු හුස්මක් පහළ දාපු ආශව තමන්ගේ අත් ගොබේ බදාගෙන ඉන්න නේත්‍රගෙ අත් දෙකට සියුම් හාදු දෙකක් තැවරුවා.

හිමීට ඇඳෙන් නැගිටලා නේත්‍රගෙ බෙල්ල ලගට යනකං ඇතිරිල්ල පෙරෙව්ව ආශව එහෙම්මම ගියේ නේත්‍රලාගෙ ගෙදර පුංචි කුස්සියට.ඒත් එක්කම දිවාෂව නේත්‍ර ලගට යැව්ව දෙවිනුත් හෙමීට කුස්සිය පැත්තට ඇදුනා.

"ආශවයා!!!!"

කුස්සියට ආව දෙවින්ගේ ඇස් උඩ ගියේ දැලි වගේකුත් මූණේ ගාගෙන ලිප අවුළුවන ආශවව දැකලා.ඒත් එක්කම පැත්තකින් ආශවගේ ෆෝන් එකේ මොකක් හරි වීඩියෝවක් ක්‍රියාත්මක වෙනව දැක්ක දෙවින් ගිහින් ඒකට එබෙද්දි ආපහු පාරක් දෙවින්ගේ ඇස් දෙක උඩ ගියා.

"භූමිතෙල් නැතුව පහසුවෙන් දරලිපක් අවුලුවමු"

දෙවින් බලාගෙන හිටියේ මූනේ දැලිත් ගාගෙන පස් පංගුව පැකට් එක කිරි ගොට්ටකට දාලා හෝදන ආශව දිහා.පරිස්සමට ඒ ටික හේදුව ආශව මුට්ටියකට ඖෂධ ටික දාලා වතුර අඩු කෝප්ප අටක් ගැන ගැන පුරවන හැටි බලාගෙන හිටි දෙවින් හිතට ආව සැකයක් නිසා හෙමින් සැරේ මුට්ටි අඩියෙ දිගේ ඇඟිල්ලක් ඇදගෙන ගියා.ඇඟිල්ල දිහා බැලුව දෙවින් දැක්කේ  දැලි බින්දුවක්වත් තමන්ගේ ඇඟිල්ලේ ගෑවිලා නැති වග.

එහෙම්මම හෙමිහිට වලං අහුරලා තිබ්බ තට්ටුව ළඟට ගිය දෙවින් එතනත් වළඳක් දෙකක් අල්ලලා බැලුවට ඒවායේවත් දැලි කලඳක් තිබුනෙ නැහැ.මොනා උනත් නිර්මලා,නේත්‍ර දෙන්නගේ පිරිසිදුකම,පිළිවෙළ ගැන හිතාගන්න ඒ පුංචි කුස්සිය වුණත් වුණත් ප්‍රමාණවත් එකක් වුණා.

දර ලිපක උයලාත් දැලි බිංදුවක්වත් නොහිටින්න වලන් ටික පිරිසිදු කරලා තිබ්බ නේත්‍රලාගේ ගෙදර එක මකුළු දැලක් වත් තිබුණෙත් නැහැ.පිරිමි දරුවෙක් වුණත් නිර්මලා නේත්‍රව හදලා තියෙන විදිහ දැක්කහම දෙවින්ගෙ හිතේ නිර්මලා ගැන ලොකු ගෞරවයක් ඇති වුණා.

ඒ ඔක්කොමත් හරි දෙවින් මේ පණ දාගෙන හොයන්නෙ ආශවගෙ මූණෙ ගෑවුනේ මොකේ තිබ්බ දැලිද කියන එක.ඇත්තටම මූණ දෙපැත්තෙ ගෑවිලා තිබ්බ දැලි පාරවල් එක්ක ආශවගෙන් තනිකරම විද්‍යාමාන වුණේ ගෝත්‍රික මිනිහෙක්ව.මූණට ආව හිනාව එහෙම්මම යටපත් කරගත්තු දෙවින් කුස්සියෙ තට්ටුවට හේත්තු වෙලා ආශවට කතා කලා.

"මූණෙ දැලි ගෑවුනේ කොහොමද?"

"ඈ?"

"ඇහ් නෙවේ....ඔය මූණ දෙපැත්තෙ දැලි.කොහොමද ගෑවුනේ කියලා ඇහුවෙ"

"ආආ........ගෑවිලාද?"

"නැත්තං මොන ප#ක්ද මම මෙච්චර කියන්නෙ?"

"ලිපේ පැත්තක තිබ්බා බාගෙට ඇවිලිලා නිවපු දර කෑලි වගයකුයි පොල් කටු කෑලි වගේකුයි.මම ඒ ටික වීඩියෝ එකෙ තිබ්බා වගේ ලිපට එබුවා"

"ඉතින්?"

මදුරුවෙක් හරි මොකෙක් හරි විදගෙන ගියා මූණට.ඉතින් මම කැසුවා මූණ.අතේ ගෑවිලා තිබ්බ දැලි එහෙනම් ගෑවෙන්න ඇත්තෙ මූණෙ"

"ඕක ඉක්මනට හෝදගනින්.මම ලිප අවුලුවන්න ට්‍රයි එකක් දෙන්නම් එතකං.දිවාෂ දැක්කොත් ඕකට ඔය සීන් එක අවුරුද්දක් විතර වෙනකං ඇති වෙයි උබව මඩවන්න"

දෙවින් වීඩියෝ එක බලන ගමන් ලිපට භූමිතෙල් ටිකක් වත් කලා.වීඩියෝ එකේ එපා කිව්වට දෙවින්ට ඕනිනෙ භූමිතෙල්! ඒ අතරෙ කුස්සියෙන් එලියට ගිය ආශව පිටිපස්සෙ බිත්තියක ගහලා තිබ්බ පුංචි ලී තට්ටුවක් උඩ තියලා තිබ්බ නේත්‍රගෙ බේබි ෂැම්පො බෝතලෙයි බේබි සබන් කැටෙයි දිහා බලලා හිනා වෙලා සබන් කැටේ විතරක් අරගෙන ලිද ගාවට ගියා.

ලිදෙන් වතුර එකක් ඇදලා ගත්ත ආශව මූණෙ හොදට සබන් ගාලා අතුල්ලගෙන ආපහු පාරක් සබන් කැටේ සුවද බැලුවා.නේත්‍රගෙ ලගින් එන ගැටපිච්ච මල් සුවද අස්සෙන් එන පුංචි දරුවෙක්ගෙ සුවදට හේතුව මේක වෙන්න ඇති කියලා හිතුනු ආශවගෙ ඇස් වල කදුළු පිරුණෙ දැන් ඒ මැණිකෙ අයිතිකාරයා තමන් නේද කියලා මතක් වුණු නිසා.

"මේ බලපං"

"අම්මෝ!!!"

ලිප අස්සෙ මූණ ඔබාගෙන හිටි දෙවින්ගෙ කන ලග ආශව කා ගහද්දි බය වුණු දෙවින් මරහඩ තලලා කෑ ගැහුවා.මූණෙ දැලි තව තියේද බලන්න දෙවින්ට දික් කරගෙන හිටිය ආශවගෙ මූණට විරිත්තුව දෙවින් වැඩ්ඩා වගේ ඇවිලෙන ලිප පෙන්නද්දි ආශව දෙවින් එක්ක හිනා වුණා.ඒත් එක්කම කුස්සියට කඩා පාත් වුණු දිවාෂ යාලුවො දෙන්නගෙ ඒ සුන්දර මොහොත කඩාකප්පල් කරලා දැම්මා.

"මේහ්!!! නේත්‍රට දොයිය ගියා.නිර්මලා නැන්දා එන්නෙත් නෑනෙ ගෙදර.මොකද කරන්නෙ රෑ කෑම? මම අපෙ අම්මට කෝල් එකක් දෙන්නද හදන්න කියලා කට්ටියටම?"

"එපා දිවාෂ.මම වලව්වෙන්......"

"අනේ ඕක මහ මුදියන්සෙට ආරංචි උනොත් නැති ප්‍රශ්නනෙ ආසව."

"ඉන්න ටිකක්.....මල්ලි කෝල් කරනවා....හෙලෝ"

දිවාෂයි ආශවයි දෙන්නා කතා කර කර ඉද්දි දෙවින් ටිකක් එහාට ගියේ තෙවින්ගෙන් ආව දුරකථන ඇමතුම නිසා.

"අයියෙ කොහෙද ඉන්නෙ? මම ගෙදර එද්දි උඹ නෑ"

"මම නේත්‍රලාගෙ ගෙදර ඉන්නෙ මල්ලි"

"නේත්‍රලාගෙ? ඇයි? මොකද්ද උනේ නේත්‍රට? මොකක් හරි ප්‍රශ්නයක් උනාද? අයියෙ!!! කෝ නේත්‍ර?"

"මොකද්ද ඔච්චර කලබලේ තෙවින්! පොඩි එකාට මුකුත් උනේ නෑ.නේත්‍රට උණ ගැනිලා.අපි මේ රෑට කන්නෙ මොනාද කියලා කතා වෙවී හිටියෙ"

"නේත්‍රට උණද!!! අයියෙ,මම කෑම අරන් එන්නම් ටවුන් එකෙන් කට්ටියටම.නේත්‍ර කන්න ආසා මොනාද අහලා බලන්නකො ටිකක්.යුගාන් දන්නවා ඇති"

"ඉන්න පොඩ්ඩක්"

තෙවින්ගෙ ඇමතුම විසන්ධි නොකරම දෙවින් ආශවයි දිවාෂයි ලගට ඇවිදගෙන යද්දිත් දෙන්නා ඇවිලිලා.

"අප්පෝ පොඩ්ඩක් කටවල් වහගනිල්ලකො!මේ තෙවින් කෑම ගේන්නම්ලු කට්ටියටම! ආශව,මොනාද නේත්‍ර කන්න ආසා?"

"නේත්‍ර රයිස් කන්න ආසයි දෙවින්.මේ,තෙවින්ට කියන්න කට්ටියටම ඇති වෙන්න කෑම ගේන්න කියල.මම සල්ලි දෙන්නම්......අනික,කූල් නැති කෝක් එකකුත් ගෙන්න කියනවද? නේත්‍ර ආසයි"

"අනේ සල්ලි ගහගනිම් හුම්ත්ත පුකේ! නේත්‍ර කෝක් බොන්නත් ආසයිද? ඉදපං මම මල්ලිට කියන්නම්.ඌ ගෙනෙයි"

දෙවින් ආශවට උත්තර දීගෙනම ටිකක් එහාට යද්දි ආශව නේත්‍රගෙ කාමරේට ගියේ පස් පංගුව එක දිවාෂ බලන්නම් කියලා පොරොන්දු වුණු නිසා.පස් පංගුව එක නටන දිහා බලන් හිටි දිවාෂගෙ සිහිය තිබ්බෙ මුට්ටිය ඇතුලෙ නම් නෙවෙයි.දිවාෂගෙ සිහිය තිබ්බ දෙවින්ගෙ කෝල් එක ලග.

"ගේනවද උබ එහෙනම්?"

"හා මම ගේන්නම්.තව මොනාහරි නේත්‍රට ඕනිද දන්නෑ"

"දැනට ඔය ටික ගේනවකො.වෙන ඕනි දෙයක් තිබ්බොත් පස්සෙ ගන්න පුළුවන් නෙ"

"හරි.නේත්‍රව පරිස්සමින් බලාගන්න"

"මූ යකෝ!!!"

"ඇයි දෙවින් පණ?"

මෙච්චර වෙලා දෙවින්ගෙ හෙලවෙන කට දිහා බලන් හිටිය දිවාෂ හෙමින් සැරේ දෙවින් ලගට කිට්ටු වෙලා අහද්දි දෙවින් තමන්ගෙ ඔලුව දෙපැත්තට වැනුවා.ඇත්තටම දෙවින්ගෙ හිතට මහම මහ අමුත්තක් දැනෙන්න අරන් තිබුණෙ තමන්ගෙම මල්ලිගෙ අමුතු හැසිරීම නිසාවෙන්.

කවදාවත් ලේසියකට කලබල වෙන්නෙ නැති,පාරක මිනිහෙක් මැරිලා හිටියත් නොබලා යන තෙවින් අද නේත්‍රට අසනීපයි කිව්වම කලබල උනු එක අහම්බයක් නෙවෙයි කියලා දෙවින්ට තේරුම් ගියා.අන්තිමේදි තමන්ගෙ හිතේ දිවාෂ ගැන ඇති උනා වගේ සහෝදර බැදීමක් තෙවින්ගෙ හිතේ නේත්‍ර ගැන ඇති වෙන්න ඇති කියලා තමන්වම රවට්ටගත්තු දෙවින් දිවාෂගෙ නහය අල්ලලා මිරිකෙව්වා.

"ආයි යකෝ! හිතුනු හිතුනු වෙලාවට මිරිකන්න මම රබර් කියලා හිතුවද?"

"අනාගතේට ඔව්වා ප්‍රයෝජනවත් දිවාෂ"

"මගෙ නෙවෙයි! මමයි මිරිකන්නෙ දවසක අනාගතේදි!!!"

"මිරිකයි මිරිකයි.බලන්න ඕක හරිද කියල"

"පත අට එකට සිදවන්න කියලනෙ ගියේ ආසවයා"

"එහෙමද?"

"පත අට කියන්නෙ මොකත්ත දෙවින් පණ? ඔයා දන්නවත?"

"ඔන්න ඔතනින් ඉදගන්නවා.ඕක කෝප්පයක් ගාණට හිදෙන්න ඕනි"

දිවාෂගෙ කොණ්ඩෙ ඇවිස්සුව දෙවින් නේත්‍රලාගෙ සාලෙ තිබ්බ ප්ලාස්ටික් පුටුවක් අරගෙන ඇවිත් කුස්සියෙන් තියලා ඒකෙන් ඉදගෙන,තට්ටුව උඩ නැගගෙන කියව කියව ඉන්න දිවාෂට කන් දෙන්නෙ පටන් ගත්තා.ඒත් එක්කම නේත්‍රගෙ කාමරේ උන්නු ආශව මේ වෙද්දි හිටියෙ නේත්‍ර ලගින්ම ඇලවෙලා.

පියවෙලා තිබ්බ ඇහිපියන් උඩින් ආශව හරි හෙමීට තමන්ගෙ ඇගිලි තුඩු ගෙනිච්චෙ නේත්‍රව ඇහැරෙන්නෙ නැති විදියට.

පෙනඩෝල් දෙකටද කොහෙද රස්නෙ ගතිය බැහැලා තිබ්බත් නේත්‍ර විටින් විටේ කෙදිරිගෑවා.ඒ උණුහුම් ශරීරෙ වටේ තමන්ගෙ ශක්තිමත් අතක් යවන ගමන් නේත්‍රව තුරුලට ගත්තු ආශව නේත්‍රගෙ ඇගට දැනෙන සීත ගතිය ටිකක් හරි අඩු කරන්න උත්සාහ කලා.පුංචි කාලෙ ඉදං හුරු පුරුදු උණුහුම නිසාමද කොහෙද නේත්‍රත් හරි හරියට ආශවගෙ පපුවට ගුලි ගැහෙද්දි ආශව නේත්‍රගෙ ඔලුව උඩින් සියුම් සිපුම් තියන්න ගත්තා.

ටික වෙලාවක් යද්දි නේත්‍රගෙ කෙදිරිගෑම් අඩුවුනත් ආශව නේත්‍රව තමන්ගෙ තුරුලෙන් ඈත් කලේ නම් නැහැ.හෙමීට නේත්‍රගෙ මූණට එබුනු ආශව නින්දෙ ඉන්න ඒ රූපෙ අවධියෙන් ඉන්නවටත් වඩා කොච්චර සන්සුන්ද කියලා කල්පනා කලා.ඒ කල්පනා පිටම නේත්‍රගෙ පිය විලා තියෙන ඇහිපියන් දෙක හරි ආදරෙන් සිපගත්තු ආශව තමන්ගෙ අතක් නේත්‍රගෙ නලලට අරගෙන ආවා.

තමන්ට අයිතිය දීලා තියෙද්දිත් හිතට නැගෙන පුංචි පුංචි ආසාවල් පිරිමහනන්න එක වරදක්ද කියලා හිතුව ආශව අන්තිමේදි ඒක වරදක් නෙවෙයි කියලා තීරණේ කලා.අනික් අතින් නේත්‍ර අවධියෙන් ඉන්න වෙලාවක මෙහෙම දෙයක් කරන එක නේත්‍රට දැනට අපහසු බව තේරුම් අරන් හිටපු ආශව නේත්‍ර නිදි වෙලාවෙ නේත්‍රට අපහසුවකුත් නොවෙන විදියට හිත අස්සෙ බුර බුරා නැගෙන ආදරණීය ආසාවක් ඉෂ්ට කරගන්න ඉටා ගත්තා.

නේත්‍රගෙ නලලෙ තිබ්බ තමන්ගෙ අතේ දබරඇගිල්ල හෙමීට ඉහලට කරගත්තු ආශව ඒ දබරඇගිල්ල නේත්‍රගෙ සිනිදු නලල් තලෙ මතින් තිබ්බා.ඒත් එක්කම තමන්ගෙ ඇගිල්ල හරි හෙමිහිට සියුම්ව නේත්‍රගෙ නලල දිගේ පහලට ඇදගෙන එන්න ගත්ත ආශව තමන්ගෙ ඇගිල්ලට දැනෙන ස්පර්ශෙත් එක්ක නේත්‍රගෙ මූණෙ සුන්දරත්වෙ හරි ආසාවෙන් ආදරෙන් විදින්න ගත්තා.නේත්‍රගෙ පුංචි බොත්තම් නහයෙ මුල ඉදන් අගටම ඇගිල්ල ඇදගෙන ආව ආශව ඊටපස්සෙ නේත්‍රගෙ තොල් දෙක උඩින් තමන්ගෙ ඇගිල්ල අරගෙන ඇවිත් නිකටින් ගමන අවසන් කලා.තමන්ගෙ මූණෙන් දැනෙන කිති ගතිය නිසා නින්දෙන්ම නේත්‍රගෙ පුංචි දෙතොල් අතරින් හීන් කෙදිරිල්ලක් පිටවෙද්දි මේ වෙද්දිනුත් හැගීම් ඇවිස්සිලා හිටිය ආශව නේත්‍රගෙ දෙතොලට බර වුණා.

නින්දෙ ඉන්න නේත්‍රව අවධි නොවෙන විදියට හරි සියුම්ව ඒ තොල් තමන්ගෙ තොල් වලින් තෙත් කරපු ආශවගෙ දැඩි අතක් ගිහින් නේත්‍රගෙ සිනිදු කොපුලක නතරවෙද්දි,ආශව හෙමීට නේත්‍රගෙ තොල් වලින් ඈත් වෙලා ඒ මූණට එබුනා.නින්දෙන් ඉන්න නිසාමද කොහෙද තමන්ගෙ තොල් උල් කර කර ආශවගෙ ස්පර්ශෙ හොයන නේත්‍රව දැක්ක ආශවට හීන් හිනාවක් පහල වුණේ අවධියෙන් ඉද්දි නිකමටවත් නේත්‍ර ඔහොම නොකරන වග දැනන් හිටි නිසා.

එහෙම්මම නේත්‍රගෙ දෙතොලට බර වුණු ආශව හරි ආසාවෙන්,ආදරෙන් නේත්‍රගෙ දෙතොල් සිපගන්න ගත්තා.කොච්චර ආසා වුණත් අද හවස වගේ ටිකක් තදින් නේත්‍රගෙ තොල් උරන එකෙන් ආශව වැලකිලා හිටියෙ නේත්‍ර අවධි වෙයි කියන බයට.ඒ නිසාම තමන්ගෙ දිවෙන් නේත්‍රගෙ තොල් තෙමන ගමන් හෙමීට ඒ දෙතොල් සිපගත්තු ආශව තවත් තමන්ගෙ හැගීම් ඇවිස්සෙන්න කලින් නේත්‍රගෙන් ඈත් වුණා.

ආපහු පාරක් ඇදෙන් ඇලවුණු ආශව නේත්‍රව තමන්ගෙ පපුවට තුරුල් කරගෙන ලස්සනට හිනා වුණා.නේත්‍රගෙන් එන ගැටපිච්ච මල් සුවද විදගන්න තියෙන ආසාවටම නේත්‍රගෙ ගෙල ලගට පාත් වෙලා හොද හුස්මක් උඩට ඇද්ද ආශව නේත්‍රගෙ ඔලුවෙන් ආපහු පාරක් හාද්දක් තියලා නේත්‍රව තුරුල් කරගෙන තමන්ගෙත් ඇස් පියාගත්තත් ඒත් එක්කම තමන්ගෙ කන ලගින් ඇහුණු සද්දෙ නිසා ආශවව උඩ ගියා.

"ආශව නැගිටපං........ඖෂධ එක හරි.නේත්‍රට පොවපං"

"නිදිනෙ බං"

"ඒත් දැන් නැගිට්ටවලා පොවපංකො මේක.තෙවිනුත් ලගම එනවා ඇති.කන්නත් ඕනිනෙ පොඩි එකා.දැන් ඇහැරවපංකො"

"හ්ම්ම් හරි"

පස්පංගුව වතුර අඩුකෝප්ප බාගයක් පිරවෙන්න දාගත්තු දිවාෂත් ඒත් එක්කම කාමරේට ඇතුල් වෙද්දි ආශව නේත්‍රව ඇහැරවන්න පටන් ගත්තා.

"නේත්‍ර.....නේත්‍ර....කෝ නැගිටින්නකො"

"ම්හ්හ්හ්හ්හ්හ්.....හ්ම්ම්ම්ම්...."

"කෝ බෑ නොකියා නැගිටින්නකො මැණිකෙ.බෙයියන් බීලා දොයියගමු ආයෙමත්.....කෝ නැගිටින්න"

"අහ්නේ.......ස්....සුදූ......අයියේ"

"කෝ කෝ නැගිට්ටෙ නැත්තං සුදු අයියා ඔක්කොම දමලා ගහලා යනවා.ආයෙ කතා කරන්නෙත් නෑ නේත්‍ර එක්ක.කෝ නැගිටින්න"

"ය්.....යන්න....එප්....පා"

"කෝ නැගිටින්නකො මැණිකෙ,කෝ නැගිට්ටොත් සුදුඅයියා බෙයියන් පොවලා බයියනුත් කවනවා"

"බෙයියන් බයියන් කියන්නෙ දෙකක්ත දෙවින් පණ?"

"මම දන්නෙත් නෑ දිවාෂ මල්ලි"

නේත්‍රව හරි ආදරෙන් ඇහැරවන්න හදන ආශව දිහා බලන් උන්නු දිවාෂගෙ ඇස් උඩ ගිහින් තියෙද්දි දෙවින්ගෙනම් කටත් ඇදේ ගිහින් තිබුනා.එදා මැච් එක දවසෙත් නාලන්දෙ කොල්ලෙක් කිව්ව එකට ඌට කෙලින්න ගිය ආශව නේත්‍ර එක්ක හුරතල් වෙන එක දෙවින්ට පෙනුනෙ හිනාවෙන්න හොද බේතක් විදියට.ඒ හැම දෙයක්මත් එක්ක ආශව නේත්‍රගෙ ඉස්සරහ කොච්චර වෙනස් මිනිහෙක් වෙනවද කියන එක හිතුව දෙවින් තවම නින්දෙන් ඇහැරෙන්නෙ නැතුව ආශවගෙ පපුවට ගුලි වෙන නේත්‍ර දිහා බලලා ආදරණීය විදියට හිනා වුණා.

"නේත්‍ර!!!!"

ඒත් එක්කම කාමරේ දොරකඩින් ඇහුනු සද්දෙ නිසා කට්ටියම ගැස්සිලා ගියා.අතේ තිබ්බ මලු ඔක්කොම බිමින් තිබ්බ තෙවින් කාමරේ ඇතුලට දුවගෙන ඇවිත් නේත්‍රගෙ ඇද ලගින් දණගහද්දි එකපාරටම උනු දේ හිතාගන්න බැරුව නින්දෙන් අවධි වුණු නේත්‍ර එහෙම්මම ආශවගෙ තුරුලට පැනලා ගුලි වුණා.

"මොකද උනේ නේත්‍ර?"

"ඔය ලමයා බය වෙලා ඉන්නෙ තෙවින්!"

තෙවින්ගෙ හැසිරීම නිසා කේන්තිම ගිය දෙවින් ඇවිත් තෙවින්ගෙ උරහිසින් අදින ගමන් කියද්දි තමන්ගෙ උරහිස ගස්සල දැම්ම තෙවින් ආපහු පාරක් තමන් දිහා බෝල කරන් ඉන්න ඇස් වලින් බලාගෙන ඉන්න නේත්‍රට කතා කලා.

"බය වුණාද නේත්‍ර?"

"දැන් අඩුයිද ඔයාට?"

"එයාට සනීපයි තෙවින් දැන්!!!"

තමන්ගෙ පපුවට ගුලි වෙලා ඉන්න නේත්‍රගෙ ඔලුව අතගාන ගමන් ආශව ටිකක් දැඩි තීරණාත්මක හඩකින් කියද්දි හරි සිහියට ආව තෙවින් එතනින් නැගිට්ටා.

"කෑම ගෙනාවා.කට්ටිය කාලා ඉමු"

නේත්‍ර කිව්ව විදියට ගෙදර පරණ සයිබෝඩ්ඩුව ඇතුලෙ තිබ්බ අලුත් පිගන් ටික එලියට ගත්තු දිවාෂයි දෙවිනුයි ඒ ටික හෝදලා පිරිසිදු කරලා සාලෙට ගෙනෙද්දි සාලෙ තිබ්බ ලී මේසෙ උඩ කෑම ටික දිගෑරිය තෙවින් ඒ ටික පිලිවෙලකට ඇරලා තිබුනා.පස්පංගුව එක පොවලා නේත්‍රව කාමරෙන් එලියට අරං ආව ආශව නේත්‍රව පුටුවක් උඩින් ඉන්දෝලා කෑම එකක් බෙදාගත්තෙ නේත්‍රට උනු පොරොන්දුව ඉෂ්ට කරන්න.ඇයි ආශව කිව්වනෙ නැගිට්ටොත් නේත්‍රට බත් කවනවා කියල!

ආශව අතට අරගෙන දෙන පුංචි පුංචි බත් කටවල් තමන්ගෙ චූට්ටං කට ඇරලා රස කර කර කන නේත්‍ර දිහා බලාගෙනම තෙවිනුත් තමන්ගෙ කෑම එක කාලා දැම්මා.ඒත් එක්කම දෙයක් මතක් වුණා වගෙ ආපහු කුස්සියට ගිය තෙවින් නේත්‍රට ගෙනාව කූල් නැති පොඩි කොකාකෝලා බෝතලේ අරන් ඇවිත් නේත්‍රට දෙද්දි තෙවින් එක්ක හිනා වුණු නේත්‍ර කොකා කෝලා බෝතලේ අතට ගත්තෙ තෙවින්ට ස්තූති කරන ගමන්මයි.

අනික් අයට බොන්න ගෙනාව කූල් තියෙන ලොකු EGB එක "EGB නැවතු කෑම එපාආආආආආආආආආ" කියලා කෑගගහ කෑම කකා බොන දිවාෂ බාගයක්ම ඉවර කරලා තියෙද්දි ලොකු කොල්ලො තුන් දෙනා ඉතුරු ටික සාමයෙන් බෙදා හදාගෙන බිව්වා.

"මට ඇති දැන්.....සුදුඅයියා කාලා ඉන්නකො"

"මට බඩගිනි නෑ නේත්‍ර.....කෝ තව කටවල් දෙකක් කන්නකො"

"අනේ කන්න බෑනෙ සුදු අයියෙ"

"ආශව කන්න එහෙනම්.මම කවන්නද නේත්‍රට"

නේත්‍රගෙයි ආශවගෙයි සංවාදෙ ඇහුණු තෙවින් ආශවගෙන් අහද්දි දෙවින්ට,දිවාෂට අමුත්තක් දැනුනත් ආශවට අමුත්තක් නොදැනුනේ තවම එතනින් කාලා ඉවර එකම එක්කෙනා තෙවින් නිසා.ඒත් ඉතින් ආශව කොහොමත් නේත්‍රව කිසිම කෙනෙක් එක්ක බෙදාගන්න කැමති මනුස්සයෙක් නෙවේනෙ.ඒ නිසාම ආශව හරි සුහද විදියට තෙවින් එක්ක හිනා වෙලා නේත්‍ර මුකුත් කියන්නත් කලින් ඒ උපකාරෙ ප්‍රතික්ෂේප කරල දැම්මා.

"එයා මම ඇරෙන්න වෙන කාට කියලවත් කවාගන්නෙ නෑ තෙවින්"

වදෙන් පොරෙන් නේත්‍රට තව බත් කටවල් හතරක් හරි අමාරුවෙන් කවාගත්තු ආශව බත් බෙදාගෙන ඇවිත් නේත්‍ර ලග ඉදගෙනම කන්න පටන් ගත්තා.විටින් විටේ ආශව දිහා බල බල හිටිය නේත්‍ර හෙමින් සැරේ ආශවට කිට්ටු වෙලා ආශවගෙ උරහිසකට ඔලුව තියාගෙනත් ආශවගෙ මූණ දිහා බලන් හිටියා.නේත්‍ර දිහා බල බල හිනාවෙවීම කෑම කෑව ආශව ටිකකින් බලද්දි තමන්ගෙ උරහිස් උඩම නිදාගෙන උන්නු නේත්‍රව දැකලා ලස්සනට හිනා වුණා.

.

.

.

.

.

"දන්නෙ නෑනෙ ඉතින් මම.ගෙදෙට්ට ඇවිල්ලා ටිහකින් ඔලුව රිදෙන්න ගත්තු නිසා ඇදට ගිහින් පොරවගත්තෙ"

"ගෙදර දොරත් ඇරලා දාලා? ආයෙ නම් සුදුඅයියා ගහනවා නේත්‍ර හොදද ඔහොම සිහි නැති වැඩ කලොත්"

"සුදු අයියා තමා නේත්‍රගෙ සිහි නැති කලේ"

"මොකද්ද කිව්වෙ ම්ම්ම්ම්?"

"ම්ම්ම්......මු....මුකුත් නෑ සුදු අයියෙ"

කාලා බීලා ඉවර උනු දෙවින්,තෙවින්,දිවාෂ තුන් දෙනා තම තමන්ගෙ ගෙවල් වලට යද්දි අද නිර්මලා නැති නිසා නේත්‍ර ලග නැවතෙනවා කියන පණිවිඩේ දෙවින්ගෙ අතේ වලව්වට යැව්ව ආශව නින්දෙ හිටිය නේත්‍රව උස්සගෙන ඇවිත් ඇදෙන් තිබ්බෙ අද අප්පච්චි නැති නිසා පුංචි අම්මගෙන් ප්‍රශ්නයක් තමන්ට නොවෙන බව කල්පනා කරන ගමන්මයි.

දොරවල් ජනෙල් ඔක්කොම වහලා දාලා නේත්‍රගෙ ඇදුම් ගොඩේ තිබ්බ තමන්ගෙ ටී ෂර්ට් එකක් ගත්තු ආශව ඒ මහ රෑ අර ලිදෙන් ඇග පත සෝදන් තමන්ගෙ ටී ෂර්ට් එකයි,නේත්‍ර ලග තිබ්බ සරමකුයි ඇදගෙන නේත්‍ර ලගින් ඇවිත් ඇලවෙද්දි ආශවගෙන් ආව සීත ගතිය නිසා නේත්‍රට ඇහැරුනා.නේත්‍රවත් තුරුල් කරගෙන බෙඩ් ශීට් එකක් නේත්‍රටත් පොරවලා,තමනුත් එකක් පොරවගත්තු ආශව නේත්‍රගෙන් උණ ගැනුනු සිද්ධිය ගැන අහද්දි නේත්‍ර මුමුණපු වචන ටිකක් ඇහුනෙ නෑ වගේ ප්‍රශ්න කලත්,ඒ වචන ටික හොදටම ඇහුනු නිසා ආශව හිටියෙ හිනාවක් තද කරගෙන.

එලියෙන් වැස්සක් කඩා වැටෙනවා දැනෙද්දි නේත්‍ර ආශවට තව ටිකක් ගුලි වුණා.මහ වැස්සක,ගැටපිච්ච මල් සුවද විදින ගමන් හිටිය ආශවගෙ සිහිය තිබ්බෙම තමන්ට තුරුල් වෙලා බෝල ඇස් දෙක කරකෝ කරකෝ කාමරේ එහා කොනයි මෙහා කොනයි බලන නේත්‍ර ලග.නේත්‍ර දැන් ඉන්නෙත් නොසන්සුන් වෙලා කියලා තේරුනු ආශව නේත්‍රගෙ පිට අතගගා නේත්‍රව සන්සුන් කලේ පුංචි කාලෙ වුනු සිද්ධි මතක් කරන ගමන්මයි.

නේත්‍රගෙ හිනා හඩත් එක්ක ලොකු හුස්මක් පිට කෙරුව ආශව තමන්ගෙ තුරුලට වෙලා ඉන්න ගැටපිච්ච මල දිහා බැලුවෙ රටක් රාජ්‍යක් හිමි වුණා වගේ දැනෙන අමුතු සතුටක් එක්ක.ඒත් එක්කම නේත්‍රව ටිකක් අවුස්සන්න හිතුනු ආශව නේත්‍රගෙ ඉණ වටේ තිබ්බ තමන්ගෙ ග්‍රහණෙ වැඩි කරගෙනම නේත්‍රගෙ කන ලගට කිට්ටු වුණා.

"නේත්‍ර........."

තමන්ගෙ කන ලගම ඇහෙන ගැඹුරු හඩ නිසා තිගැස්සුණු නේත්‍ර ආශවගෙ පපුවෙන් ඈත් නොවීම තමන්ගෙ මූණ උස්සලා ආශව දිහා බැලුවා.ඒත් ආශවගෙ තද දුඹුරු පාට ඇස් වල තිබ්බ අමුතු බැල්ම දරාගන්න බැරි වුණු නේත්‍ර ආපහු පාරක් ආශවගෙ පපුව අස්සෙ මූණ ගහගන්න හැදුවත් ඊට ඉක්මන් වුණු ආශව තමන්ගෙ නිදහස් අතින් නේත්‍රගෙ නිකට අල්ලගත්තා.

"හාදුවක් දෙන්නද මම? ම්ම්ම්ම්"

ආශවගෙ හඩ කතා කරනවට වඩා කෙදිරිල්ලකට සමාන වෙද්දි නේත්‍රගෙ ඇගේ හිරිගඩු පවා පිපෙන්න ගත්තා.ඒත් එක්කම හවස උනු දේ මතක් වුණු නේත්‍ර තමන්ගෙ තොල් දෙක තද කරගන්න ගමන් එක අතකින් තමන්ගෙ කට වහගනිද්දි ආශවට හයියෙන් හිනා ගියා.නේත්‍රට මේ විදියට බෙල්ල උස්සගෙන තමන් දිහා බලන් ඉන්න එක අමාරු බව තේරුම් ගත්තු ආශව නේත්‍රව පරිස්සමින් ඇදේ ඇල කරන ගමන්ම ඒ මූණට එබුනා.

"මොකෝ කට වහන්? හාදු දෙන්නෑ......කට ඇරලා කතා කරන්න......පිස්සු කොල්ලා මගෙ"

"එහෙම හාදු දෙද්දි මට අමාරු වෙනවනෙ සුදු අයියෙ"

"අමාරු වෙනවා?"

"ඔව්.....එතකොට නේත්‍රගෙ කකුල් පණ නැති වෙනවා,බඩ හීතල වෙනවා,ඇගම පණ නැති වෙලා කලන්තෙට වගේ එනවා,ඇගම රත් වෙනවා........ඊටපස්සෙ ඔලුවෙ කැක්කුම අරගෙන,උණ ගැනෙනවා"

නේත්‍ර අතේ ඇගිලිත් පටලව පටලව තොලුත් උල් කර කර කිව්ව කතාව අවසන් උනු ගමන් ආශව නේත්‍රගෙ නලලෙ තමන්ගෙ තොල් දෙක තද කලේ හිතට ආව ආදරේ දරාගන්නම බැරි තැන.හාදුවකට එච්චරටම සංවේදී වෙන මේ පුංචි මල් කැකුල තමන්ටම ලැබුනු එකට ආශව දෙවියන්ට ස්තූතිවන්ත වුණා.

මේ වගේ රූපයක් ඉස්සරහ නේත්‍ර ගැන කැමැත්තක් ඇතිවෙන පිරිමියෙක්ගෙ හැගීම් ඇවිස්සෙන බව ආශවට තේරුම් ගිය නිසා නේත්‍රව වෙන කෙනෙක්ට ලැබුනනම් මේ මල් පොහොට්ටුව මේ වෙද්දිනුත් තැලිලා පොඩි වෙලා ඇති කියලා ආශවට හිතුනා.ඒ සිතුවිල්ලත් එක්කම තමන්ගෙ පපුව බර වෙනවා වගේ දැනුනු නිසා ආශව නේත්‍රව ආපහු පාරක් තුරුල් කරගත්තා.

"ඒත් ඉතින් ඒ වගේ හාදු වලට පුරුදු වෙන්නනම් වෙයි"

"ඈ.......ඇ....ඇයි ඒ සුදු අයියෙ?"

"මේ වගේ ලස්සන මලක් ලග ඉද්දි, ඒ මලේ අයිතිය තමන්ට පැවරිලත් තියෙද්දි සුදු අයියාගෙ හිතේ පිරෙන ආදරේ හාදුවකින්වත් පිට කරන්න සුදු අයියට අයිතියක් නැද්ද මැණික?"

"ප්....පුලුවන්නෙ......සුදු අයියට පුලුවන්"

"ඒකනෙ......ඒ නිසා ආයෙ උණ ගන්න විදියට බය වෙන්න එපා නේත්‍ර.....මගෙ අතින් නේත්‍රට කවදාවත්ම කරදරයක් වෙන්නෙ නෑ......"

"අ...අනේ සුදු අයියෙ.....සුදු අයියගෙ අතින් මට කොහොමද කරදයක් වෙන්නෙ? සුදු අයියා තරම් මාව පරිස්සම් කරන වෙන කෙනෙක් නැති වෙන කොට?"

"එච්චරටම විශ්වාසද සුදුඅයියව?"

"මටත් වඩා"

"නේත්‍රගෙ ඒ විශ්වාසෙ හැමදාම රැකෙයි.මම පොරොන්දු වෙනවා"

"මම ආදරෙයි සුදු අයියෙ"

ආපහු පාරක් ආශවට තුරුල් වුණු නේත්‍රව බදාගත්තු ආශව ආපහු පාරක් නේත්‍රගෙ ඔලුවෙන් සියුම් හාදුවක් තැවරුවා.

"හෙට පන්සල් යමු සුදු අයියෙ"

"යමු.....ඒත් මොකෝ එකපාරටම?"

"මම බාරයක් උනා.....සුදු අයියා මැච් එක දින්නොත් බෝධිපූජාවක් තියෙනවා කියල"

"මම ආදරෙයි නේත්‍ර.....හුගාක්"

නේත්‍ර ගැන ආදරේ එන්න එන්න වැඩි වෙනවා දැනෙද්දි නේත්‍රගෙ කම්මුලක් අතගෑව ආශව ඒ මූණට ලං වෙද්දිනුත් ආශවගෙ ඇස් වල කදුළු පිරිලා තිබුනා.ආශවගෙ ඇස් වල තිබ්බ කදුළු තමන්ගෙ චූටි ඇගිලි වලින් පිහිදලා දැම්ම නේත්‍ර ආශව එක්ක ලස්සනට හිනා වුණා.ඒත් ආශවගෙ ඇස් වල තිබ්බ හැගීම් එන්න එන්නම ගැඹුරු වෙනවා දැනුනු නේත්‍ර ඊලගට වෙන්න යන දේ තේරුම් අරගෙන වගේ තමන්ගෙ ඇස් දෙක පියාගත්තා.

"නේත්‍ර.....එකම එක හාදුවක්? සුදු අයියා එකකින් සෑහෙන්නම්"

"ස්...සුදුඅයියට මම ආදරෙයි"

ඇස් දෙක පියාගෙන උන්නු නේත්‍රගෙ එහාපැත්තෙන් ඇලවෙලා හිටි ආශව තමන්ගෙ අතක් නේත්‍රගෙ ඇග උඩ්න් දාලා නේත්‍රගෙ මූණට එබීගෙන ඒ තොල් මත මුමුණද්දිම ඇස් පියන් නෑරම නේත්‍රත් ඒකට තමන්ගෙම විදියෙ ප්‍රති උත්තරයක් දුන්නා.ඒත් එක්කම ආශවගෙ පිපාසිත තොල් නේත්‍රගෙ තොල් වල ගැටෙද්දි ඇගට දැනුනු අමුතුම හිරිය නිසා නේත්‍රගෙ එක අතකින් ඇද රෙද්ද මිරිකෙද්දි අනික් අතින් ආශවගෙ ටී ෂර්ටය මිරිකිලා අල්ලගත්තා.

කෝඩුකාර ආදරවන්තයා ආශවගෙ රෝමාන්තික තොල් හරි අපූරු රටාවකට තමන්ගෙ යට වැතිරිලා උන්නු නේත්‍රගෙ සිනිදු පිරුණු තොල් ආක්‍රමණය කරද්දි ඒ ස්පර්ශෙට පුරුදු විදියටම අඩපණ වුණු නේත්‍ර තමන්ගෙ ඇස් තව ටිකක් තද කරලා පියාගත්තා.නේත්‍රගෙ උඩු තොල තමන්ට ඇති වෙනකං උරලා රස බැලුව ආශව එහෙම්මම හෙමීට නේත්‍රගෙ යටි තොලට මාරු වෙද්දි නේත්‍ර හුස්ම අල්ලගෙන ඉන්න උත්සාහ කලා.

ආශවට ඕනි විදියට නේත්‍රගෙ තොල් දෙක ඒ තොල් වල අණසකට යටත් වෙද්දි නේත්‍ර එකම චලනයක්වත් නොකර තොල් දෙක ඔහේ තියාගෙන හිටියෙ කරන්න ඕනි දේ දැනන් නොහිටි නිසා.නේත්‍රගෙ ඇග උඩින් දාලා ඇදට තද කරන් හිටි ආශවගෙ අත ඇද උඩ තිබ්බ නේත්‍රගෙ අතේ වැදෙනවත් එක්කම ඒ අත තද කරලා අල්ලගත්තු ආශව නේත්‍රගෙ තොල් දෙකම එකවර තමන්ගෙ තොල් අතරට ගෙන රස බලන්න පටන් ගත්තා.අවුරුදු ගාණක ආදරේ,ආසාව ආශවගෙන් එහෙම පිටවෙද්දි ආශවගෙ පාලනේට යටත් වුණු නේත්‍රත් ඒ ලස්සන මොහොත රස විදින ගමන් හිටියා.

ටික වෙලාවක් යද්දි තමන්වම පාලනේ කරගත්තු ආශව නේත්‍රගෙ තොල් දෙක අතෑරලා දාලා ඇදෙන් ඇලවුනේ තමන්ගෙ ගැහෙන පපුව සන්සුන් කරගන්න උත්සාහ දරන ගමන්.ඒත් එක්කම හයියෙන් හුස්ම උඩ පහල දැම්ම නේත්‍ර ආශවගෙ පපුවට පුරුදු විදියට ගුලි වෙද්දි තමන්ගෙ කෙල ගෑවිලා දිලිසෙන නේත්‍රගෙ තොල් පොටවල් දෙක තමන්ගෙ මාපටැගිල්ලෙන් පිහදැම්ම ආශව මූණත් රතු කරගෙන තමන්ට ගුලි වෙලා උන්නු නේත්‍රව තව ටිකක් හයියෙන් තුරුල් කරගෙන තමන්ගෙ ඇස් දෙක පියාගත්තා.

"මගේ නේත්‍ර........"

.

.

.

.

.

"ආහ්හ්හ්හ් නේත්‍ර!!!!!"

තමන්ගෙ අතේ තිබ්බ බියර් ටින් එක පොඩි කරලා විසික් කෙරුව තෙවින් දත්මිටිකාගෙන මිමිණුවෙ අද නේත්‍ර ආශවට තුරුල් වෙලා හිටිය හැටි මතක් කරන ගමන්.තමන් දන්නවට වඩා බැදීමක් නේත්‍රගෙයි ආශවගෙයි අතරෙ තියෙනවා කියලා තේරුම් ගත්තත් ඒ බැදීම 'ආදරවන්තයින්' දෙන්නෙක්ගෙ බැදීමක් කියලා පිලිගන්න තෙවින් කැමති වුණේම නැහැ.

ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ නැවුම් ලස්සන හැගීමක් තමන්ට ගෙනාව නේත්‍රව එහෙම ලේසියෙන් වෙන කෙනෙක්ට දෙන්න තෙවින්ට පුළුවන්කමක් තිබුනෙත් නැහැ.කොලබ ඉන්න කාලෙ කෙල්ලො කීප දෙනෙක් එක්කම යාලු වුනත් ඒ කිසි කෙනෙක් ගැන නේත්‍ර ගැන ඇති වුණු හැගීම තමන්ට ඇති නොවෙද්දි 'ආදරය' කියන හැගීම තෙවින් විදින්න ගත්තෙ නේත්‍රගෙන්.

ඒ නිසාම ආශවයි නේත්‍රයි ඔච්චරටම කිට්ටු පුංචි කාලෙ ඉදංම එකට හැදුනු නිසා වෙන්න ඇති කියලා හිත හදාගත්තු තෙවින් තමන්ගෙ ගිනි අරන් දැවෙන මනසට සහනයක් ගන්න කියලා හිතාගෙන තමන්ගෙ මේසෙ ලාච්චුව ඇරියා.

නේත්‍ර නිසාම අමාරුවෙන් හරි පාවිච්චිය නැවැත්තුව ඒ භාණ්ඩෙ අතට ගත්තත් ඒක භාවිතා නොකරන්න හිත හදාගත්තු තෙවින් ඒක ආපහු පාරක් ලාච්චුවට දාලා වැහුවෙත් නේත්‍ර ගැන හිතන ගමන්මයි.ඒත් එක්කම ඒ ලගම තිබ්බ සිගරැට් පැකට් එක අතට ගත්තු තෙවින් සිගරැට්ටුවක් දල්වාගෙනම තමන්ගෙ බැල්කනි එකට ආවා.

"ඔයා මගෙ වෙයි නේත්‍ර........මම හිතන්නෙ මම ඔයාට ආදරෙයි"

...................................................................................................

වචන 3600+🙈❤️

ඔයාලට සතුට අරන් කැමීලියා ආවා😁❤️

කලින් චැප් එක හොදයි නේත👉👈

මේකත් හොද කියලා හිතනවා මම👉👈

වෝට් කමෙන්ට්ස් වලට ගොඩාරියක් ස්තුතියි🥺❤️ මගෙ දවස හදන්නෙ ඒවා🥺❤️ මගෙ ජීවිතේ ලොකුම සතුටක් දැනෙන්න්‍ර් මට ඒවගෙන්🥺❤️ මම ඒ ඔක්කොටම කමෙන්ට් කරන්නම් බබාලා හොදද🥺❤️

ඊලගට පස්න වලට උත්තර දෙන්නයි යන්නේඒඒඒඒඒඒඒ🙈❤️

ඉම්හි ඉම්හි නෑ අනේ😪😂 ඉස්කෝලෙ යන කාලෙ පොඩි ටොයින් ටොයින් එකක් තිබ්බා......එච්චරම තමා........ ඊටපස්සෙ සෙට් උනේ නෑ හිතට හරියන එකක්😪 කැම්පස් එකෙන් තමා දැන් හොයාගන්න ඉන්නෙ😂❤️

කෙටියෙන්ම කියන්නම්:- තෙවින්ට ගැලපෙන හොදම අවසානෙ ලැබෙනවා එයාට🥺❤️

ඩේලිනම් අමාරුයි බබෝ❤️ පුලුවන් වෙලාවට එහෙම දෙනවනෙ මම❤️ එහෙම කරන්නම් හොදද🥺❤️

Army කෙනෙක් උනේනම් 2019 දි වගේ.......ඒත් හොදටම ස්ටෑන් කරන්න ගත්තෙ 2020 වගේ ඉදලා.....ඒ වගේමයි විශේශ දෙයක් කියන්න ඕනි,කොරෝනා හැදිලා හිටිය මගෙ මානසික මට්ටම හොද උනේ,මම වැටුනෙ නැත්තෙ bts ලා නිසා🥺❤️ ඒ ගරුත්වෙ එයාලට දෙන්න ඕනි💜️මම එයාලගෙ වීඩියෝ බල බලමයි හිටියෙ ඒ දවස් ටිකේ.....කොරෝනා නිසා මැරෙන්නම ගියත් මාව මම මානසිකව වැටුනෙ නෑ ඒ නිසා🥺💜️

නිවාලන්න මා ප්ලොට් එක ඔලුවට ආවෙ කොහොමද කිව්වොත්,මම සේපාලිකා කියෙව්වට පස්සෙ නන්ෆික් එකක් ලියන්න මාරම උණක් ආවා.....මට හොදට ලියන්න පුළුවන් වෙයි කියලා හිතුනා😪❤️ මට ඕනි උනා කොපියක් නොවෙන මගෙම කතාවක් ලියන්න❤️අනික මම කොහොමත් කොපි කරන්න ආසත් නෑ,කරන කෙනෙකුත් නෙවේ🥺❤️ ඉතින් අන්තිමේදි මගෙම නිර්මාණයක් ඔයාලා ලගට ආවා🥺❤️අනික ආශව කියන නම මමම හැදුව නමක්....එහෙම නම තියෙන කෙනෙක් මට හම්බෙලා නෑ තවම....ඇති හැබැයි.ඒත් දවසක් පන්තියක ලමයෙක් ගෑනු ලමයෙක්ට කතා කල නමේ පිරිමි version එක තමා ආශව😂🙈❤️ ඒක ඉතින් කැමීලියාට දාගන්නත් ඕනි උනා කතාවකට🥺❤️ ඉතින් මම හිතුවා.....නුවර එක්ක,ක්‍රිකට් එක්ක,වලව් එක්ක ඇදිලා යන ගැමි පැත්තට බර කතාවක් ලියන්න උවමනා වුනා🥺❤️ ඉතින් මම නිකන් ඔලුවට ආව එකකින් තමා අර ඉන්ට්‍රො එක දැම්මෙ........පලවෙනියටම ලියන්න හිටියෙ මේම නෙවේ,ප්ලොට් එක වෙනස්.....මම ඒක ඊලග චැප් එකේදි කියන්නම් හොදද🥺❤️ ඒත් පස්සෙ මේ විදියට ලියන්න ගත්තා......තව කතාව එක්ක බැදුනු දේවල් තියේ ඒවත් ඉස්සරහට කියන්නම් කැමීලියා🥺❤️

ආසාවෙන්ම ලියන්න බලාපොරොත්තු උනු කොටස් ගැන කිව්වොත්,මම ඒ ටික ලියලා ඉවරයි🥺❤️ ඒ පුංචි කාලෙ ගැන මගෙ පැටවු දෙන්නගෙ🥺❤️මම ඒකෙන්නම් සාර්ථක වුණා🥺❤️

ඉස්සරහටත් මම පුළුවන් තරම් ලස්සනට ලියන්න උත්සාහ කරනවා❤️ ආයෙ ආශව askout කරන කෑල්ල,ඒ වගේම තව ඉස්සරහට එන්න තියෙනවා රා බොන කෑල්ලක්(මම ඒක කලිම් කියලා තියේ) ඒක,තව ඉස්කෝලෙ නාට්‍යක සීන් එකක් තියේ ඒක(ඒක එක්කෙනෙක් දන්නවා කරන්න යන නාට්‍ය ගැන😂❤️),තව දෙන්නගෙ අනාගතේට මම ලස්සන දේවල් හුගාක් මවාගෙන ඉන්නවා.....මම පුළුවන් තරම් ලස්සනට ඒවා ලියලා එන්නම් ඔයාලා ලගට බබාලා🥺❤️

ලස්සන කමෙන්ට්ස් තමා කැමීලියාට වැඩිපුරම ලැබෙන්නෙ.මම ටිකක් පීඩනේකින් ඉන්න කෙනෙක්.......සමහර දවස් වලට ගොඩාක් පීඩනයයි....ඒ දේවල් අමතක කරලා මට හිනාවෙන්න පුළුවන් දේකට තියෙන්නෙ ඔයාලගෙ මේ ලස්සන ආදරේ විතරයි 🥺❤️ ඉතින් බබාලා පින්.....ඒ වගේම කැමීලියා ආදරෙයි ගොඩක්🥺❤️

මම fb ඉන්නවා Camellia Mariojin කියලා ❤️ මට රික්වෙස්ට් එකක් දාලා මැසේජ් එකක් දාන්න හොදේ වට්පෑඩ්😂❤️ නැත්තං මම බලන්නෑ ඔව්වා...යැවෙනවා අඩුයිනෙ😪❤️

වට්සැප් නම්බර් එකත් මම එක්ක ෆිට් එකේ කතා කරන බබාලා ඉල්ලුවාම මම දෙනවා❤️

Single පැටියෝ😪😂❤️ ලාදුරු තියෙන කැමීලියාට කොල්ලෙක් සෙට් උනොත් ලෝක පුදුමයක්😪❤️

දෙනෙත්ගෙ පාට් ඊලග එකේ ඉදන් පටන් ගන්නව බබෝ🥺❤️ දෙනෙත් කියන්නෙ මේකෙ ප්‍රධානම චරිතයක්🥺❤️

මේ වගේ ලස්සන මැසේජ් දැම්මට ගොඩාක් ස්තූතියි🥺❤️ අනේ කලින් ලින්ක් එකෙත් මේ වගේ මැසේජ් තිබුනට ඒකෙ අවුලක් වෙලා මැසේජ් පේන්නෙ නැති වුනානෙ.පස්සෙ තමා දෙවනි ලින්ක් එක හදාගත්තෙ🥺 කාගෙම හරි මැසේජ් එකක් මගෑරුනනම් කැමීලියාට සමාවෙන්න🥺❤️ ඉතින් තව දේවල් කියන්න,අහන්න තියේනම් මැසේජ් දාන්න........මම මෙහෙම උත්තර දෙන්නම් (අනික අර මට ලොකූ රහසක් කිව්ව බබා🥺❤️ස්තූතියි මට ඒක කිව්වට........ඔයාට දවසක ලොකු සතුටක් ලැබෙයි)

එහෙනම් කැමීලියා ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter