Back
Chapter 34

33 කොටස🤍✨

නිවාලන්න මා...

"තේ බිව්වා නේද?"

"ඔව් සුදු අයියෙ අඩයක් කාලා තේ බිව්වා"

හැමෝටම පිටිපස්සෙන් ඇවිදගෙන යමින් හිටිය ආශව නේත්‍රගෙන් අහද්දි නේත්‍ර හරි සතුටින් උත්තර දුන්නා.කට්ටිට එක්ක එකට අඩ,උළුදු වඩේ කෑව දවසෙ ඉදන් හැමදාම උදේට,හවසට නේත්‍රගෙ පොත් මේසෙ උඩ හරි,ඉස්තෝප්පුවෙ පුටුවක් උඩ හරි ඔතපු අඩයක් තියෙද්දි මේ වගේ වැඩ කරන කෙනෙක්ට කියලා තමන්ට ඉන්නෙ ආශව විතරයි නිසා නේත්‍ර ආශවගෙ හොරේ අල්ලගත්තා.

ඒත් කවදාවත් ආශව ඒ අඩ ගැන තමන්ගෙන් නෑහුව නිසා නේත්‍රත් ආශවට ඒ ගැන කියන්න නොගියෙ ඒකෙන් ආශවගෙ හිත රිදෙයි කියලා හිතලා.මොකද ආශව ඔවා හොරෙන් තියන්නෙ මොකක් හරි ආසාවකට වෙන්න ඇතිනෙ.ඉතින් ආශවගෙ හොර වැඩේ මාට්ටු කරගත්තා කියලා නේත්‍ර කිව්වොත් ආශවගෙ සතුට නැති වෙන්න පුළුවන් නිසා නේත්‍ර ඒ ගැන වචනයක්වත් ඇහුවෙ නෑ.ඒ තමා ආදරේ කරන දෙන්නෙක් අතර තියෙන තේරුම් ගැනීම.ඉතින් කතාවෙන් කතාවෙන් කට්ටිය ගමනාන්තෙට ලං වෙන ගමන් හිටියා.

ගම්මානෙ කොනකට වෙන්න තිබ්බ සාමාන්‍යෙන් ප්‍රසිද්ධ වැව් වලට වඩා ප්‍රමාණයෙන් කුඩා උනාට සාමාන්‍ය ප්‍රමාණයට ඉදිකරලා තිබ්බ වැව ගාවට ඉලන්දාරි ටික උදේම ඇවිත් තිබ්බා.ඉලන්දාරි ටික කිව්වට උදේම සිංහවංශ මහත්තයා එක්ක ගමනක් වැටිලා තිබ්බ නිසා තෙවින්ට මෙතනට එන්න බැරි වෙද්දි වලව්වට ආපහු ආව ගමන්ම තමන් වැව ලගට එන්නම් කියලා තෙවින් දෙනෙත්ට පොරොන්දු වෙලා තිබ්බා.

"දිවාෂ මල්ලි බලාගෙන ගැඹුරු හරියට යන්න එපා!!!!"

"නේත්‍ර ඔය දුර ඇති!!! තව අඩියක් හරි තිබ්බොත් මම එනවා ඔතෙන්ට"

"දිවාෂ පැටියො,නේත්‍ර බබෝ.......අනේ ඔය ඇති ලමයිනේ.....තව දුර යන්න එපා"

"දිවාෂ මල්ලි වැටෙන්නෑ අනේ.....ඔයාලා දන්නවනෙ මම වැඩ්ඩෙක් කියලා"

වැව ලගට ආව සැනින් නේත්‍රවත් අතින් අල්ලගත්තු දිවාෂ ඇදන් හිටිය ඇදුම පිටින්ම වැවට දුවගෙන යද්දි නේත්‍රත් පරඩැල වගේ දිවාෂගෙ පස්සෙන් ඇදිලා ගියා.වැවට බැස්ස  කොල්ලො දෙන්නාගෙන් කුපාඩි එකා දියබුං ගගහා වැවේ නටන්න ගනිද්දි අහිංසක එකා වැවේ නෙළුම් මල් පිපිලා තිබ්බ පැත්තට හෙමීට ඇදුනා.ඉන ලගට විතර වෙන්න වතුර තිබ්බ හරියක නෙළුම් මල් පිපිලා තිබ්බ නිසා නේත්‍ර බය නැතුව මල් නෙලන්න ගත්තා.

නිල් කැට වගේ පැහැදිලි වතුර තිබ්බ වැවේ ලස්සන බලන ගමන් ඉතුරු ඉලන්දාරි ටිකත් වැවේ ආරම්බෙ හරියෙම පිහිටලා තිබ්බ ගල උඩට නැග්ගා.දෙවින් අර වතුරෙ නටන දිවාෂට ඇහැ ගහගෙන ඉද්දි ආශවගෙ ඇස් නම් රැදිලා තිබ්බෙ නෙළුම් මල් නෙලන නේත්‍රගෙ අහිංසක රූපෙ ලග.මල් වලට රිදෙයි වගේ හරි සංයමයකින් මලෙන් මල නෙලන නේත්‍රගෙ ඇස් දෙකත් හරි තාලෙට මලෙන් මලට මාරු වුණා.

ඉණ වතුර තියෙන හරියෙ ඉදන් පීනගෙන ටිකෙන් ටික එහාට ඇදිලා යන දිවාෂව දැක්කම දෙවින් කෑගහද්දි නේත්‍රත් මලින් මල නෙලන ගමන් ටිකක් ඉණ හරියට වගේ වෙන්න වතුර තිබ්බ හරියට ඇදෙද්දි ආශව කෑ ගැහුවෙ ගල උඩින් නැගිටින ගමන්මයි.දෙනෙත් දිවාෂටයි නේත්‍රටයි ආදරෙන් තරවටු කරද්දි ආශවගෙ මූණෙ තිබ්බ දැඩි බව දැක්ක නේත්‍ර ඔලුව උඩ පහල කරලා පය ආපිට අරගෙන නොගැඹුරු හරියෙ තිබ්බ මල් වලට අත තිබ්බා.

මලින් මල කඩාගෙන ඒක පොකුරකට හදාගන්න නේත්‍ර දිහා ආශව බලාගෙන හිටියෙ එක ඇහිපියක්වත් හෙලන්නෙ නැතුව.රෝස පාටම කමිසයක් ඇදන් හිටිය නේත්‍රගෙ අතේ තියෙන මල් පොකුරත් රෝස පාට වෙද්දි,රෝස පාටම කම්මුල්වල අයිතිකාරයෙක් උනු නේත්‍ර කොයි තරම්නම් පියකරුයිද කියලා ආශව දහස් වෙනි වතාවටත් කල්පනා කරන්න ගත්තා.සමහර වෙලාවට නේත්‍රගෙ ගතිගුණ,පෙනුම එක්ක නේත්‍රව කාටවත් නොපෙනෙන තැනක හංගන් ඉන්න් ඕනි කියලා ආශවට හිතුනා.වෙන කෙනෙක්ගෙ බැල්මක්වත් නේත්‍රට වැටෙනවට අකමැති උනු ආශව ඒ තරමටම නේත්‍රට ලෝභකම් කලා.නේත්‍රට ආදරේ කලා.

"නේත්‍ර!!! වතුරෙ හිටියා ඇති කෝ ගොඩ එන්න!!!"

ආශවගෙ තරවටු කිරීමට නේත්‍ර තොල් නොපිටට පෙරලගත්තත් ආශවගෙ ඔලුවෙ තාම වැඩ කලේ එදා නේත්‍රට උණ ගැනුනු සිද්ධිය.ඉතින් උණ හොද වෙලත් දවස් පහ හයක් ගත වෙලා ඉවර උනත් තාම නේත්‍රට වතුරෙ ඉන්න එක වැඩියෙ ගුණදායක නෑ කියලා තීරණේ කරපු ආශවගෙ තීරණේට ඔලුව පාත් කෙරුව නේත්‍ර හෙමීට ගොඩට ඇදෙන්න ගත්තෙ වතුර ඉහින් කනින් බේරෙන දිවාෂත් නේත්‍ර එක්කම ගොඩට එද්දි.

මල් පොකුරත් දෝතින්ම බදාගත්තු නේත්‍ර බිම බලාගෙනම හෙමීට වතුර දිගේ වැව් ඉවුරට ඇදෙද්දි ආශව ඉක්මනටම තමන්ගෙ දුරකථනෙන් නේත්‍රගෙ ඡායාරූප කීපෙකුත් ගහගත්තා.වතුරෙන් ගොඩට ඇදෙන නේත්‍රව දැක්කම මනමාලකම ඉහින් කනින් වැක්කෙරෙන්න ගත්තු ආශවගෙන් හෙමීට සිංදුවක් පිටවෙද්දි දෙවිනුයි දෙනෙතුයි ඒකට අත්වැල් අල්ලන්න ගත්තා.

"නීල නයන කරකා මාව මගැර බලනා

සොබනා මුනිවත රකිනා

හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා

සොබනා මුනිවත රකිනා

සොබනා ඔරුවක මල් පුරවා

මල් කුමරුට පිටුපා ඇදුනා...........

නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරී

නොයමී නුවරට මා නොයමී

වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී

දනිමී පෙර අත් බව හුරු දනිමී

තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා

පිටවාන් දමන හැඟුමේ තනියේ.............

පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී

සුවදයි කුමුදිනියේ මගෙමයි

අපි අයේ හමුවෙවිද කවදා මං නොදනී

පුදුමයි හිත මුමුණයි ඔබ ගැනමයි

තව ඉන්න හිතෙනා වැව් බැම්ම මත මා

හාදු තියමි සුළඟට තනියේ.............

නීල නයන කරකා මාව මගැර බලනා

සොබනා මුනිවත රකිනා

හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා

සොබනා මුනිවත රකිනා

සොබනා ඔරුවක මල් පුරවා

මල් කුමරුට පිටුපා ඇදුනා"...............

ගලෙන් බිමට බැස්ස ආශව හෙමීට නේත්‍ර ලගට කිට්ටු කරද්දි කම්මුල් දෙකත් රෝස පාට කරගෙන බිම බලාගෙන හිටිය නේත්‍ර තමන්ගෙ බෝල ඇස් උස්සලා ආශව දිහා බැලුවා.ආශවගෙ කට කොනේ තිබ්බ සෙල්ලක්කාර හිනාවට නේත්‍රගෙ ඇගම හිරි වැටිලා යද්දි මල් පොකුරත් දෝතින්ම බදාගත්තු නේත්‍ර කකුලෙ මාපටැගිල්ලෙන් බිම පහුරු ගාන්න ගත්තා.

"පුංචි මල් කුමාරයා මලක් දෙන්නෙ නැද්ද මේ මල් කුමාරයට?"

නේත්‍ර ගාවට නැවුණු ආශව හෙමීට මුමුණද්දි බිම බලාගෙනම හිටපු නේත්‍ර මුලු මල් පොකුරම එකපාරටම ආශවට දික් කලා.රතු පාට වෙලා පිපිරෙන්න ඔන්න මෙන්න තිබ්බ නේත්‍රගෙ කම්මුලක් මිරිකෙව්ව ආශව නේත්‍රගෙ ඒ කම්මුලකින් තමන්ගෙ තෙත තොල් තද කරද්දි නේත්‍රට පුළුවන් උනේ නෙලුම් මල් පොකුරම අත් දෙකෙන් තද කරගන්න විතරයි.

"අමෝ අමෝ හරි මල් කුමාරයා....අනේ නිකං පලයන් ආසව යන්න.උබ මල් කුමාරයා නෙවේ.උබර් මල් සරා!!!.අනේ දෙවින් පණ මාවත් උඩට ගන්නකො"

ගල පාමුල රෝමාන්තික මොහොතක් ගත කරමින් හිටිය ආශවගෙයි නේත්‍රගෙයි කන් අඩි පුපුරන්න කෑ ගැහුව දිවාෂ දෙවින්ට අත දික් කරද්දි ගලට නගින්න පුළුවන් කට්ට පාරවල් තියෙන තැනට ආව දෙවින් ඒ පාරවල් දිගේ උඩට නගින දිවාෂගෙ අත හයියෙන් අල්ලගත්තා.නේත්‍රගෙ ඇස් අස්සෙ ගිලිලා හිටිය ආශවට දිවාෂගෙ කෑ ගැහිල්ල නෑහෙද්දි ආශව තව ඩිංගිත්තක් නේත්‍රට කිට්ටු වුණා.

"මට වඩා මල් ගැලපෙන්නෙ ඔයාට නේත්‍ර"

ගල පාමුල තිබ්බ පුංචි වල් පැලෑටියකින් කඩාගත්තු දම් පාට මලක් නේත්‍රගෙ කණේ රැදෙව්ව ආශව හෙමීට මුමුණද්දි සබකෝලෙ දරාගන්නම බැරි වුණු තැන නේත්‍ර තමන්ගෙ මූණ නෙළුම් මල් පොකුරෙන් වහගත්තා.නේත්‍රගෙ මූණ වහලා තිබ්බ නෙළුම් මල් පොකුර ආශව හෙමීට පාත් කරලා ඒ මූණට එබෙද්දි ආශවගෙ ඇස් වල තිබ්බ දැඩි ආදරේ මුසු වුණු මත් බැල්ම දරන්න බැරි වුණු නේත්‍ර ආපහු පාරක් බිම බලාගත්තා.

"මේ ලස්සන මම විතරක් දැක්කම ඇති නේත්‍ර......නේත්‍ර මගෙ විතරයි"

"ඔව්....සුදු අයියගෙ විතරයි මම"

නේත්‍රගෙ කනේ රැදෙව්ව කැලෑ මල අතට ගත්තු ආශව ඒක බිමට දාලා නේත්‍රගෙ නලලෙන් සියුම් සිපුමක් තවරද්දි වට පිට බැලුව නේත්‍ර ඒ පේන මානෙක කිසිම මිනිහෙක් නැති නිසා ආශවගෙ පපුවට තුරුල් වුණා.විටින් විටේ නේත්‍රගෙ හිස් මුදුනෙන් සියුම් සිපුම් තැවරෙව්ව ආශව තමන්ගෙ අත් අතරේ හිර වෙලා ඉන්න පුංචි මල් කැකුල දිහා බලලා ලස්සනට හිනා වුණා.

.

.

.

.

.

"ආශව!!!!!!"

ඉලන්දාරියො ටික අද මේ පොඩි රස්තියාදුවක් ගහන්න යන බව දැනගෙන උන්නු දිවාෂගෙ අම්මා කට්ටියටම උදේට කන්න සැන්විචස් වගේකුයි,බීම වගේකුයි ලෑස්ති කරලා දෙද්දි ආශව කට්ටියටම සෑහෙන්න කඩෙන් රෝල්ස් වගයක් අරගෙන ඇවිත් තිබ්බා.නේත්‍ර නෙලපු මල් ටික පරිස්සමට නේත්‍ර ගෙනාව කූඩෙකින් අඩුක්කරලා හෙවනකින් තියලා තියෙද්දි,කොල්ලො ටික තෙවින්ටත් කෑම ටිකක් ඉතුරු කරලා ඇති වෙන්න කෑම කකා හිටියා.කෑම කාලා ඉවර කෙරුව ආශව උඩට ඇදන් හිටිය ටී ෂර්ට් එකත් ගලවලා දාලා වැවට පැනලා පීනන්න ගත්තා.

වැව මැද්දට වගේ වෙන්න පීන පීන හිටපු ආශවව එකපාරටම ගිලි ගිලී උඩ එන්න ගනිද්දි ආශවට ඇස් ගහගෙන හිටිය නේත්‍ර එකපාරටම ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා.

"බේ...හ්....ර....හ්....ගන්.....න!!!!"

ආශවව ගිලි ගිලී උඩ පහල යද්දි දෙපාරක් නොහිතුව නේත්‍ර එහෙම්මම වැවට පැන්නෙ ඇදන් හිටිය ඇදුම් පිටින්මයි.වතුරට පැන්න නේත්‍ර එහෙම්මම පුදුමාකාර වේගෙකින් පීනද්දි දිවාෂ ඇසුත් ලොකු කරගෙන බලන් හිටියෙ නේත්‍ර ගැඹුරු තැන් වලට බය බව මතක් වෙලා.පුංචි කාලෙ උනු සිද්ධියකින් පස්සෙ ගැඹුරු තැන් වලට බය නේත්‍ර ඉණෙන් උඩට වතුර නොයන තැන් වලට විතරයි බය නූනෙ කියලා දිවාෂ දැනගෙන හිටියා.

නේත්‍ර පීනන දිහා බලාගෙන හිටිය දිවාෂ කමිසෙත් ගලවලා දාලා වතුරට පනින්න හැදුවත් දිවාෂගෙ අතින් අල්ලගත්තු දෙවින් දිවාෂව නැවැත්තුවා.දෙවින්ගෙ මූණෙ තිබ්බ හිස් බව දැක්ක දිවාෂට මෙතන තමන් නොදන්න යමක් වෙනවා කියලා තේරුනත් ඒක මොකද්ද කියලා හිතාගන්න බැරි වුණා.

"නේත්‍රට මුකුත් වෙන්නෙ නෑ දිවාෂ මල්ලි.ආශව ඉන්නවනෙ එතන"

අර වතුරෙ ගිලෙන එකා කොහොමද නේත්‍රව බලාගන්නෙ කියලා අහන්න හිතුනත් දිවාෂ කට පියාගත්තෙ එතන වෙන්නෙ මොකද්ද කියලා ඒ ගමන්ම දිවාෂට තේරුණු නිසා.වැව මැද්දට පුදුමාකාර වේගෙකින් පීනගෙන යන නේත්‍රව දකිද්දි දිවාෂට පුදුම හිතුනෙ මෙච්චර කල් පීනන්නෙවත් නැතිව හිටි මිනිහෙක්ට මේ වගේ හොදට පීනන්න පුලුවන්ද කියලා හිතුනු නිසා.

ඒත්,ආශව කියන්නෙ නේත්‍රගෙ ජීවිතේ අංක එක.නේත්‍රට ආශව වෙනුවෙන් කරන්න බැරි දෙයක් තිබුනෙ නැහැ.තමන්ගෙ සුදු අයියා වතුරෙ ගිලෙද්දි වෙන කෙනෙක් සුදු අයියව බේරගන්නකං නේත්‍රට බලාගෙන ඉන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.ඇදන් හිටි ඇදුම් පිටින්ම වතුරට පනිද්දිවත් නේත්‍රට තමන් ගැඹුරු වතුරට බය බව මතක් වුණේ නෑ.පුංචි කාලෙ වතුරෙ ගිලෙන්න ගිහින් අනූ නවයෙන් බේරුණු හැටි මතක් වුණෙත් නැහැ.නේත්‍රගෙ ඔලුවෙ තිබ්බ එකම දේ උනේ තමන්ගෙ සුදු අයියව බේරගන්න එක විතරයි.ඉතින් ඒ සිතුවිල්ලෙන් ආව ශක්තියෙන් නේත්‍ර මේ වෙද්දිනුත් ආශව ලගට කිට්ටු වෙලා තිබ්බා.

"සුදු අයියෙ!!! නේත්‍ර ආවා!!! මාව අල්ලගන්න!!!! සුදු අයියෙ"

වතුරෙ ගිලෙනවා වගේ හොද රංගනේක හිටිය ආශව හොද තාත්වික රංගනයක් දෙන්න ඕනි නිසා සිහියක් පතක් නෑ වගේ වතුරෙ දගලද්දි මේ වගේ තැන් වල කරන්න ඕනි දේ ගැන සාමාන්‍ය දැනීමක් තිබ්බ නේත්‍ර ඉක්මනටම ක්‍රියාත්මක වුණා.

"මට සමාවෙන්න මගෙ සුදු අයියෙ"

හදවතින්ම ආශවගෙන් සමාව ඉල්ලුව නේත්‍ර ආශවගෙ කනට හොද අතුල් පාරක් එල්ල කරද්දිනම් ආශවට කෙදිරි ගෑවුණා.මේ වෙලාවෙ ආශවව හරි සිහියට ගන්න නේත්‍රට කරන්න පුළුවන් හොදම දේ ඒක වෙද්දි රගපෑම පැත්තක තිබ්බ ආශව නේත්‍රව අල්ලගද්දි තව කනේ පාරක් කන්න බැරි කමට.එහෙම්මම ආශවව අල්ලගෙන තමන්ගෙ පිටට හේත්තු කරගත්තු නේත්‍ර ආශවවත් ඇදගෙනම ගොඩට පීනුවා.

ඒ වෙද්දිනුත් දෙවිනුයි දෙනෙතුයි දිවාෂයි තුන් දෙනා වැව් ඉවුරට වෙලා ඉද්දි ආශවව දෙවින්ට දුන්නු නේත්‍ර එතනම ඉදගත්තෙ තමන්ගෙ පපුවත් අල්ලගෙන.ඒත් ආශව මුලින් කිව්වා වගේම නේත්‍රට දුර්වල වෙන්න දෙන්න බැරි නිසා ආශවගෙ බඩ අතින් තද කෙරුව දෙවින් නේත්‍රගෙ පැත්තට හැරිලා කෑ ගැහුවා.

"නේත්‍ර මල්ලි....ආශවයට සිහිය නෑ වගේ"

ඉදගෙන හිටිය තැනින් නැගිට්ට නේත්‍ර වැව් ඉවුරෙ අතුරවලා හිටිය ආශවගෙ ලගින් දණ ගහගෙන ඇස් පියන් ඉන්න ආශවගෙ කම්මුලට තට්ටු කරන්න පටන් ගත්තෙ ඇස් වලින් වැටෙන කදුළු කැට ගැන හිතන්නෙවත් නැතිව.දිවාෂ මේ වෙද්දිත් ඉවසීමෙ සීමාව පන්නන්න බොහොම කිට්ටු වෙලා හිටියෙ නේත්‍රගෙ ඇස් වලින් වැටෙන කදුළු කැට නිසා.ඒත් දෙවින් කලින් කෙරුව පැහැදිලි කිරීම නිසා දිවාෂ තව ටිකක් ඉවසන්න හිතාගත්තා.

"අනේ සුදු අයියෙ.....ඇස් අරින්නකො....සුදු අයියෙ"

ආශවගෙ පපුවත් අතින් තද කර කර නේත්‍ර කෑ ගැහුවත් ආශවගෙන් ඒකට කිසිම විදියක ප්‍රතිචාරයක් නොවෙද්දි නේත්‍රගෙ අත් පය පවා වෙවුලන්න ගත්තා.තවත් මේක බලාගෙන ඉන්න බැරි වුණු දෙවින් අන්තිම තුරුම්පුව නේත්‍රට යොමු කරද්දි ඒකට අහු වුණු නේත්‍ර ඔලුව උඩ පහල වැනුවෙ කදුළුත් පිහිදගන්න ගමන්.

"කෘතිම ශ්වසනෙ දුන්නනම් හරි නේද නේත්‍ර මල්ලි?"

දෙවින් කිව්ව පමාවෙන් ආශවගෙ එක ඇහැක් බාගෙට ඇරිලා නේත්‍ර දිහා බලපු හැටි කදුළු පිහිදගත්තු නේත්‍රගෙ ඇස් වලින් නොදැක්කත් ආශව එක්ක මල පැනලා හිටිය දිවාෂගෙ ඇස් වලටනම් හොදට අහු වුණා.කාලෙකට කලින් සෞඛ්‍යදාන ඒකකේ හිටපු නිසා ප්‍රථමාධාර වගේ දේවල් ගැන දිවාෂ නේත්‍ර දෙන්නටම සාමාන්‍ය දැනීමක් තියෙද්දි නේත්‍ර ආශවගෙ තොල් දෙක ඈත් කරන ගමන් කෘතිම ශ්වසනෙ දෙන්න ලෑස්ති වෙද්දි පණ නැතුව තිබ්බ ආශවගෙ අතේ ඇගිලිත් හරි අපූරුවට ගුලි වෙන හැටි දිවාෂ දැක්කා.

"ඔයා ඉන්න නේත්‍ර.....මම කෘතිම ශ්වසනෙ දෙන්නම් ආසවට"

කදුළු අතින් පිහිදුව නේත්‍ර ඔලුව වනලා පැත්තකට උනේ තමන්ට වඩා ප්‍රථමාධාර අත්දැකීම් දිවාෂට තියෙන බව දැනන් හිටිය නිසා.ආශවගෙ ඇග උඩින් කකුල් දෙක දෙපැත්තට දාලා ඉදගත්තු දිවාෂ හෙන ගහනවා වගේ ආශවගෙ මූණ දෙපැත්ත චොක් ගාලා අල්ලගනිද්දි මෙච්චර වෙලා මැරෙන්න ඔන්න මෙන්න හිටිය ආශව එකපාරටම කහින ගමන් කටේ තිබ්බ වතුර වගයක් එලියට දාද්දි දිවාෂ ආශවගෙ ඇග උඩින් නැගිට්ටා.

"සුදුඅයියේ....."

බිම දිගා වෙලා හිටිය ආශවගෙ ඇග උඩටම කඩා වැටුණු නේත්‍ර ආශවව තුරුල් කරගෙන ඉකි ගගහා අඩන්න ගනිද්දි ආශවත් හිටියෙ තමන්ගෙන් පිටවෙන්න යන කදුළු ගැන නොහිතා.නේත්‍රගෙ හිතේ වතුර ගැන තියෙන බය ඇරවන්න මෙහෙම දෙයක් කලාට ඒ කලේ වරදක්ද කියලා ආශවට හිතෙන්න අරගෙන තිබ්බා.එහෙම්මම නේත්‍රගෙ ඉණ වටේ තමන්ගෙ අත් දෙක යැව්ව ආශව නේත්‍රව තමන්ගෙ පපුවට තුරුල් ක‍රගත්තත් ඈතින් පුට් සයිකල් වගේක එන කොල්ලො රෑනක් දැක්ක දෙනෙත් ඉක්මනටම  නේත්‍ර ආශව දෙන්නව දෙපැත්තට කලා.

ඒත් එක්කම එන කොල්ලන්ට සැකයක් නොහිතෙන්න ඕනි නිසා දෙනෙත් දෙවින්වත් ඇදගෙන වතුරට පනිද්දි තෙතබරියම් වෙලා හිටිය ආශවයි නේත්‍රයි දෙන්නා බාගෙට ඇදුම් වේලිලා තිබ්බ දිවාෂ එක්ක ඉවුරට වෙලා බලාගෙන හිටියා.ඒත් බයිසිකල් ටික පාස් කරගෙන ඈත ඉදන්ම වේගෙන් ආව කාර් එකක් වැව ලග නැවතෙද්දි ඒකෙන් බැස්ස තෙවින් විදුලි වේගෙන් දුවගෙන ආවෙ තෙතබරියම් වෙලා අඩ අඩ ඉන්න නේත්‍රව දැකලා.

"නේත්‍ර!!! මොකද උනේ ? මොකද දෙයියනේ මේ අඩන්නෙ?"

ආශවට ටිකක් එහාට වෙන්න ඉදගෙන ඉකි ගගහ අඩන නේත්‍ර ලගට දුවගෙන ආව තෙවින් නේත්‍ර ගාව ඒ වැලි පොලවෙ දණ ගැහුවා.අඩලා රතු වෙලා තියෙන නේත්‍රගෙ මූණ තමන්ගෙ අත් දෙකට ගත්තු තෙවින් අහද්දි දැනුනු අපහසුව නිසා නේත්‍ර තෙවින්ගෙන් ඈත් වුණා.ඒත් එක්කම පැත්තක වැතිරිලා හිටිය ආශව නැගිටලා ඇවිත් නේත්‍ර ලගින් ඉදගත්තත් තෙවින් නේත්‍රගෙන් අඩියක්වත් එහාට වුණේ නැහැ.

"පොඩි ප්‍රශ්නයක් වුණා තෙවින්.දැන් ඒක ඉවරයි"

"පොඩි? නේත්‍රගෙ මූණ බලපං ආශව.....ඉදිමිලා ගිහිල්ලා"

"තෙවින් අයියෙ!!!! ආශව අයියා කිව්වනෙ ප්‍රශ්නෙ ඉවරයි කියලා.ඉතින් ඒ ගැන ආයෙ අහන්න ඕනි නෑ"

"ඒ උනාට යුගාන්!!!!"

"ඇති තෙවින්.මගෙ අතින් වුණු වැරැද්දට මමම නේත්‍රව සනසගන්නම්"

තෙවින්ට දවා අලු කරවන බැල්මක් දුන්නු ආශව නේත්‍රගෙ කර වටේ අතක් දාගත්තත් අර බයිසිකල් වල නැග්ග කොල්ලො ටික ලග ලගම එන හැටි දැක්ක දිවාෂත් ඉක්මනටම ගිහින් නේත්‍රගෙ කරින් අතක් දාගත්තා.

"ඇයි මල්ලි මොකක් හරි අවුලක්ද?"

"අප්පටසිරි......මේ වලව්වෙ සුදුබේබිනෙ!!!!සුදු බේබි මොකක් හරි ප්‍රශ්නයක්ද?"

ආශවව අදුරගත්තු ගමන් ඔක්කොම කොල්ලො ටික බයිසිකල් වලින් බහිද්දි සරම් ඇදන් කැහැපොට ගහන් හිටිය කොල්ලො කීප දෙනාම සරම් වල කැහැපොටවල් ලිහලා සරම් ටික පිලිවෙලකට හදාගත්තා.

"ආහ්හ්හ්......නෑ නෑ ප්‍රශ්නයක් නෑ......අපි කට්ටිය මේ ටිකක් නාගත්තා"

"නෑ මේ සිංහවංශ මහත්තයලෑ බේබි වාහනෙන් බැහැලා දුවගෙන ආවෙ කලබලෙන් වගේ දැක්ක නිසයි ඇහුවෙ"

"අඩෝ අර නේත්‍ර නේද? ආ නේත්‍ර මල්ලී.......දැක්ක කල්"

රංචුවෙ හිටිය කුපාඩි කොල්ලෙක් නේත්‍රට කතා කලේ නේත්‍ර දැන් ලේසියකින් එලියෙ පහලියෙ දගලන කොල්ලෙ නොවුණු නිසා.තමන්ගෙ ගෙදරටයි,වලව්වටයි,වලව් වත්තටයි සීමා වුණු නේත්‍ර අද ඇදුණුත් තෙත බරියම් කරගෙන මෙහෙම එලි මහනක ඉන්න එක තරුණ වයසෙ උන්නු ඒ ගැටව් ටිකගෙත් ඇස් වලට රසදුනක් වුණා.පිරිමි ලමයෙක් උනාට දරදඩු පෙනුමක් නැති හරි සුන්දර පෙනුමකට හිමිකම් කිව්ව නේත්‍රගෙ තෙත් වෙලා ඇගට ඇලුණු කමිසෙ අතරින් නේත්‍රටම හිමි වුණු හීනි ඉග එක්ක ඒ ශරීරෙ සුන්දර හැඩ මතු වෙලා පෙනෙද්දි නේත්‍රට කතා කරපු කොල්ලගෙ ඇස් නේත්‍රගෙ සිරුරෙ උඩ ඉදන්ම පහලට ගමන් කරන්න ගත්තා.

නේත්‍රව හිතින් නිරුවත් කරන ගමන් හිටපු ඒ කොල්ලව දැන් ගිහින් මරන්න තරම් කේන්තියක් ආශවට ආවත් ඒ දේවල් වලින් නේත්‍රව අමාරුවෙ වැටෙන බව තේරුම් ගත්තු නිසා ආශව ඉවසන්න තීරනේ කලා.තමන්ගෙ එහා පැත්තෙන් හිටිය නේත්‍රව තමන්ගෙ අතින් අල්ලා ආශව ආශවගෙ පිටිපස්සට වහං කරගනිද්දි ඉක්මන් වුණු තෙවින් තමන් ඇදන් හිටි ජැකට් එක ගලවලා ඒක නේත්‍රගෙ ඇගට දාලා නේත්‍රගෙ ඇග වහන් කලා.

"ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද ආශව?"

"අනේ නෑ බේබි......අපි මේ කට්ටියව දැකලා කතා කරන්නයි නැවතුනේ"

වැවෙන් ගොඩට ආව දෙවින් අහද්දි දෙනෙත් දෙවින්ගෙ පිටිපස්සට වෙලා හිටියා.දෙවින්වයි තෙවින්වයි මාරු කරලා අදුරගන්න බැරි වුණු කොල්ලො ටික දෙන්නටම නිකම්ම බේබි කියලා කතා කලේ ලොකු බේබිව පොඩි බේබිව හොයාගන්න බැරි නිසා.දෙවින් ආශවගෙන් ඇහුව ප්‍රශ්නෙට එක කොල්ලෙක් බයාදු විදියට උත්තර දෙද්දි දෙවින් තමන්ගෙ අතින් සන් කලේ කට්ටියට පිට වෙන්න කියලා.

ඒ වගේම නේත්‍රව ආවරණය කරගත්තු තෙවින්ගෙයි ආශවගෙයි දැඩි බැල්මවල් එක්ක පසු බැස්ස ඒ කොල්ලො ටික බයිසිකල් වලට නැගලා ආශවගෙන් අවසරත් අරගෙන පිට වෙද්දි තමන්ගෙ පිටිපස්සෙ හිටිය නේත්‍ර දිහාට හැරුණු තෙවින් තමන්ගෙ හඩ අවධි කලා.

"නේත්‍ර!!! උන් ටික කන්න වගේ තමුන් දිහා බලන් ඉද්දිවත් අපි කාටහරි කවර් වෙන්න හිතුනෙ නැද්ද?"

"තෙවින්!!! නේත්‍රට වචනයක්වත් කියන්න එපා!!! නේත්‍ර කියන්නෙ උබලා අපි වගේ ඔය දේවල් ගැන දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයි"

"ඒ උනාට ආශව නේත්‍රත්....."

"ඇති තෙවින්!!! ඔයාට කොහොමටවත් බෑ නේත්‍රට එක වචනයක්වත් කියන්න!!!! නේත්‍රට ඒ දේවල් හෙමීට මම කියලා දෙන්නම්"

"ආශ්......"

"දෙවින්!!! තෙවින්ට යන්න කියපං මගෙ යකා නාවුස්සා!!! මේ ජැකට් එකත් අරං පලයං තෙවින්!!! මගෙ ශර්ට් එක තියෙනවා නේත්‍රගෙ ඇග කවර් කරගන්න"

"මල්ලි, යන්න දැන්.මට තෙත පිටින් වාහනේට නගින්න බෑනෙ.මම කට්ටිය එක්ක එන්නම්"

දෙවින් දිහා බැලුව තෙවින් ආශව දිහයි,ආශවගෙ අතේ ඇගිලි තුඩු තමන්ගෙ අතින් තද කරගෙන බිම බලාගෙන හිටිය නේත්‍ර දිහයි බලලා එහෙම්මම වේගෙන් කාර් එකට නැගලා පිටත් වුණේ නේත්‍රගෙ ඇගේ තිබ්බ ජැකට් එකවත් අතට නොගෙන.ගල උඩට නැග්ග ආශව තමන් වැවේ පීනන්න කලින් ගලවලා දාපු කමිසෙ අතට අරගෙන ඇවිත් නේත්‍රගෙ ඇගේ තිබ්බ තෙවින්ගෙ ජැකට් එක ගලවලා දෙවින්ට දීලා තමන්ගෙ කමිසෙ නේත්‍රගෙ ඇගට පෙරෙව්වා.

කලබල වෙලා හිටිය වෙලාවෙ ආශව ඉන්නෙ උඩුකය නිරුවත්ව කියන එක නේත්‍රට ලොකුවට ඔලුවට නොගියට,දැන් හරි සිහියෙ ඉන්න නේත්‍රට උඩුකය නිරුවත් ආශව දිහා බලන්න කිසිම හයියක් නැති වෙද්දි නේත්‍ර ආශවගෙ අතින් අල්ලගෙන එහෙම්මම බිම බලාගත්තා.ආශව විතරක් මෙහෙම තනියම බාගෙට හෙලුවෙන් යන එක අනුමත නොකෙරුව දෙවිනුත් තමන්ගෙ කමිසෙ ගලවලා දාද්දි දෙනෙත්ගෙ කටනම් බාගෙට ඇරිලා තිබුනා.

දෙන්නගෙන් එකෙක් දිහාවත් විශේශෙන් නොබලපු දිවාෂ වතුරෙන් තෙත් වෙලා තියෙන ආශවගෙ පස්සටයි දෙවින්ගෙ පස්සටයි 'චටාස්' ගාලා පාරවල් දෙකක් දීලා ආපහු ගෙදර යන්න ගම්මානෙ වැලි පාරට දුවද්දි මෙච්චර වෙලා තිබ්බ කලබල ගතිය අමතක කෙරුව දෙවින් ගලක් අරගෙන දිවාෂගෙ පැත්තට පා කරලා ඇරියා.

දෙවින්ටයි ආශවටයි විරිත්ත විරිත්ත දිව්ව දිවාෂගෙ මූණෙන් සාමාන්‍ය පෙනුමක් මතු වුණාට දිවාෂ හිත ඇතුලෙන් ලොකු කලබලේක හිටියා.අද තෙවින්ගෙ එක වචනෙකට ආශවගෙ කේන්තියෙ තරම දැක්ක දිවාෂ නේත්‍ර ආශවගෙ අතින් ඇල්ලුවත් ඒ කේන්තිය පහව නොගිය හැටිත් දැක්කා.ආශවගෙ කේන්තිය නේත්‍ර ලගදි පාලනේ උනාට කේන්තියට හේතුව නේත්‍ර සම්බන්ධ කාරණයක්නම් ආශවව පාලනේ කරන්න නේත්‍රටත් සෑහෙන්නම අමාරු බව දිවාෂට උනත් තේරුම් ගිහින් තිබුනා.කරන්න දෙයක් නොතේරෙද්දි ලොකු හුස්මක් පිට කෙරුව දිවාෂ වෙනසක් නොපෙන්වා තමන්ගෙ පස්ස දෙපැත්තට හොලෝලා ඉස්සරහට දුවගෙන ගියා.

.

.

.

.

.

"අහන්නකො රත්තරනේ ඉතින්"

"ස්.....සුදු අයියා ද්....දන්නෑනෙ මහ්...මම බය වුණු......තරම"

"අනේ රත්තරනේ මේ මෝඩ සුදු අයියට සමාව දෙන්නකො.මම ඒක කලේ නේත්‍රගෙ අර වතුරට තියෙන බය ගතිය අරින්න කියලා මම කිව්වෙ"

"ඒ....ඒහ්..උහ්.....උනාට.....මගෙ....පපුව කැක්කුම.....ඇල්ලුවා සුදු අයියෙ"

"මැණිකෙ....කෝ අඩන්න එපා"

"ස්...සුදු අයියට මක්කා හරි උනොත්..... මාව.... මැහ්.......... මැරෙයි සුදු අයියෙ"

"කෝ රත්තරනේ.....අනෙ සුදු අයියට සමාවෙලා.....අනේ මගෙ රත්තරං හුස්ම ගන්න හෙමීට....කෝ උඩට පහලට"

අද සිද්ධ වුණු දේ,ඒ කියන්නෙ ආශව වැවේ ගිලුණු සිද්ධිය අහම්බයක් නෙවෙයි කියලත්,ඒක නේත්‍ර ගැඹුරු වතුරට තියෙන බය නැති කරන්න කෙරුව දෙයක් කියලත් ආශව පැහැදිලි කල වෙලේ ඉදන්ම නේත්‍ර කලේ ඇඩුව එක.එක වචනෙකින්වත් ආශවට නොබැන්න ඒ අහිංසකයා ආශවට ආයෙ ඒ වගේ වැඩ කරන්න එපා කියලා විතරක් කිව්වා.නේත්‍රව පපුවට තුරුල් කරගත්තු ආශව එක එක දේවල් කියලා,අන්තිමේදි සුරංගනා කතා පවා කියලා නේත්‍රව නලවන්න උත්සාහ ගත්තා.ආශවගෙ අත් අතරෙ ගුලිවෙලා සෑහෙන වෙලාවක් තිස්සෙ ඇඩුව නේත්‍ර ටිකෙන් ටික සන්සුන් වුණා.

"අද සුදු අයියා ගාණෙ තේ එකක් මගෙ නේත්‍රට"

අඩලම රතු වෙලා තියෙන නේත්‍රගෙ බොත්තම් නාහෙ උඩින් සියුම් සිපුමක් තිබ්බ ආශව නේත්‍රව වඩාගෙන කුස්සියට යද්දි රතු වුණු නේත්‍ර ආශවගෙ අත් අතරින් බිමට බහින්න උත්සාහ කලා.

"දගලන්නෙ? මොකෝ මම කලින් නොකරපු එකක්ද මේක? චූටි කාලෙ මගෙ අතේමයි.මම වඩාගත්තු ගමන්ම තමා හිටියෙ.ආවා මෙතන දගලන්න"

නේත්‍රට හුරතල් තරවටුවක් කෙරුව ආශව නේත්‍රගෙ කම්මුලක් තොල් වලින් හෙමීට හපාකන ගමන් කුස්සියට ගිහින් නේත්‍රගෙ උපදෙස් වලට අනුකූලව තේ එකක් හදන්න ගත්තා.වතුර එක රත් වෙනකං නේත්‍රව තට්ටුව උඩින් ඉන්දෙව්ව ආශව නේත්‍රගෙ කකුල් දෙක අතරට ගිහින් නේත්‍රගෙ මූණ පුරා පුංචි පුංචි හාදු තවරන්න ගත්තා.

"කිති සුදු අයියෙ.....ආං වතුර එක නටනවා.ඉන්න මම ඒක බාලා දෙන්නම්.නැත්තං සුදු අයියා පුච්ච ගනියි"

ආශවගෙ අත් වලින් බොහොම අමාරුවෙන් ගැලවුණු නේත්‍ර වතුර කේතලේ බාද්දි ආශව කෝප්ප දෙකක් හෝදගෙන හොද ලමයෙක් වගේ බලන් හිටියා.තේ ගොට්ටයි බෙලෙක් කෝප්පෙකුයි තේ හැන්දයි අතට ගත්තු නේත්‍ර තේ හදන්න හැදුවත් නේත්‍රව උස්සලා ආපහු තට්ටුව උඩින් ඉන්දෝපු ආශව තේ හදන්න ගත්තා.

"මෙච්චරක් ඇතිද නේත්‍ර?"

"ඔය වැඩියි සුදු අයියෙ තේ දෙහෙකට.....තේ හැන්දෙන් බාගයක් වගේ දාන්න.මම කහට ටිකක් වැඩිපුර දාලනෙ බොන්නෙ"

"මෙතක් ඇත්ද?"

"ඇති සුදු අයියෙ.....දැන් ඔය ටික තේ ගොට්ටට දාලා වතුර වත් කරන්න....අනේ අත පුච්චගන්න එපා"

"හරි"

"දැන් තේ කොල ටික තැම්බිලා ඇති.දැන් අර බෙලෙක් කෝප්පෙ තියෙන වතුර ටිකෙන් වැඩි හරියක් මගෙ කෝප්පෙට දාලා අඩුවෙන් සුදු අයියගෙ කෝප්පෙට දාගන්න"

"හරියෝ....ඊලගට"

"දැන් මගෙ එකට වතුර වත් කරන්න කේතලෙන්.සුදු අයියගෙ එකටත් දාගන්න.ආ......දැන් මට කහට වැඩිපුරයි සුදු අයියට අඩුවෙනුයි තියෙනවා.දැන් සීනි දාන්න.....මට හැදි බාගයයි.සුදු අයියට හැදි එක හමාරයි"

"ඒත් නිර්මලා හැදි දෙකක්යි තව ටිහකුයි දානවා මම දැකලා තියේ මට"

"එච්චර සීනි බොන්න හොද නෑ සුදු අයියෙ.එක හමාරක් ඇති"

"ඕකේ කැප්ටන්"

"හී......දැන් ඔය දෙක කලවම් කරලා ගන්න"

"ටඩා......මෙන්න මගෙන් පුංචි කුමාරයට තෑග්ගක්"

"බොහොම ස්තූතියි මගෙ රාජ කුමාරයට"

නේත්‍රගෙ ඉස්සරහ දෙකට නැවිලා තේ කොප්පෙ දික් කෙරුව ආශව කියද්දි තට්ටුව උඩ ඉදන් හිටිය නේත්‍ර කකුල් දෙකත් පද්ද පද්ද හිනා වුණා.ආශව දුන්නු තේ කෝප්පෙ අත් දෙකෙන්ම ගත්තු නේත්‍ර ආශවත් එක්ක හෙමීට ඉස්සරහට යද්දි තමන්ගෙ තේ කෝප්පෙ අතින් ගත්තු ආශව හොරෙන් ඇගිලි දෙකට ගත්තු සීනි ටිකත් හංගගෙන නේත්‍රගෙ පස්සෙන් ආවෙ නේත්‍රට හොරෙන් ඒ ටික තේ එකට එකතු කරගන්නවා කියලා හිතාගෙන.

ඒත් තමන්ට ඉස්සරහින් යන නේත්‍ර දිහාම බලාගෙන ආව ආශවගෙ ඔලුවට ආවෙ වැව ලගදි නේත්‍ර නෙළුම් මල් පොකුරත් අතේ තියාගෙන ලැජ්ජාවෙන් හිටිය හැටි.ඒත් එක්කම වතුරෙන් තෙත් වෙලා ඇගටම ඇලිලා තිබ්බ නේත්‍රගෙ ශරීරෙ කෝමල රේඛා මතක් වෙද්දි ආශවගෙ හැගීම් ඇවිස්සුණා.කිසිම කෙනෙක් නැති ගෙදරක තමන්ගෙ එකම ආදරේ එක්ක තනියම ඉද්දි ඒවගේ හැගීම් එන එක සාමාන්‍ය උනත් ආශව ඔලුව දෙපැත්තට වනලා තමන්ගෙ හැගීම් පාලනේ කරගත්තා.

"සුදු අයියෙ එන්නකො.....මම අලුතින් චිත්‍රයක් ඇන්දා ඒක පෙන්නන්න"

ආශවගෙ වැලමිට ලගින් අල්ලගත්තු නේත්‍ර ආශවව තමන්ගෙ කාමරේට එක්කගෙන යද්දි හිනා වුණු ආශව නේත්‍ර එක්කම ඇදිලා ගියා.කාමරේ මේසෙ උඩින් තමන්ගෙ තේ කෝප්පෙ තිබ්බ නේත්‍ර තමන්ගෙ කබඩ් එක ඇරලා පල්ලෙහාට නැවිලා චිත්‍රෙ හොයද්දි නේත්‍රගෙ ටී ෂර්ට් එක උඩට ඉස්සිලා ඒ නිරුවත් ඉණ ප්‍රදේශෙ නිරාවරණය වෙද්දි ආශවගෙ යට ගහලා තිබ්බ හැගීම් ආපහු වතාවක් පණ ගැහුවා.

"සුදු අයියෙ චිත්......"

චිත්‍ර අතට ගත්තු නේත්‍ර ඒක පෙන්නන්න හැරෙද්දිම ආශවගෙ දැඩි ග්‍රහණෙට අහු වෙලා නේත්‍රව පොත් මේසෙටයි ආශවගෙ සිරුරටයි හිර වෙද්දි ගැහෙන පපුව සන්සුන් කරගන්න උත්සාහ දැරුව නේත්‍ර තමන්ගෙ තොල් දෙක තෙත් කරගත්තා.ආශවගෙ හැගීම් වලින් මත් වුණු ඇස් දෙක තමන්ගෙ මූණෙ එහා මෙහා දුවද්දි හැමදාම වගේ ඒ හැගීම් දරාගන්න බැරි වුණු නේත්‍රගෙ ඇස් දෙක බිමට හැර වුණා.නේත්‍රගෙ නිකටින් ඉස්සුව ආශවගෙ තද දුඹුරු පාට ඇස් නේත්‍රගෙ බෝල ඇස් දෙක අස්සට ගිලෙන්න ගත්තා.

"ස්...සුදු අයියෙ"

"තේ එකට නොදැම්ම සීනි අඩුව ගන්නයි හදන්නෙ මම....කැමතිද....ම්ම්ම්?"

නේත්‍රගෙ කන්පෙත්තක් උඩ මිමිණුව ආශව නේත්‍ර උත්තර දෙන්නත් කලින් තෙත් වෙලා තියෙන නේත්‍රගෙ සිනිදු තොල් උඩ තමන් හොරෙන් හංගන් ආව පුංචි  සීනි කැට ටික තැවරුවා.තේ එකට දාලා දිය කරන් ඒ ටික බොන්න හැදුවත් ඊට වඩා මේ ක්‍රමේ රසවත් ඇති කියලා ආශවට හිතුනා.සීනි කැටත් එක්කම දිලිසෙන නේත්‍රගෙ තොල් ලාවට වෙවුලද්දි ඒ තොල් වලට බර වුණු ආශව නේත්‍රගෙ තොල් පොටවල් උරමින් සිපගන්න ගත්තෙ නේත්‍රගෙ ඉණ වටේ තියෙන තමන්ගෙ අතේ ග්‍රහණෙත් වැඩි කරන ගමන්මයි.

.

.

.

.

.

"ම්හ්හ්හ්......."

හවස් වීගෙන එද්දි නේත්‍රව හම්බෙන්න හිතාගෙන නේත්‍රලාගෙ ගෙදරට ආව තෙවින් ආපහු පාරක් හැරිලා යන්න හිතුවෙ ගෙදර කවුරුත් නෑ වගේ දැක්ක නිසා.ඒත්  එකපාරටම ඇහෙන නෑහෙන ගානට මිමිණුනු කෙදිරිල්ලක් තෙවින්ට ඇහෙද්දි තෙවින් ඒ හඩ එන පැත්තට තමන්ගෙ අවධානෙ යොමු කලේ නේත්‍රට කරදරයක්වත් වෙලාද කියලා හිතිලා.

"ම්ම්හ්හ්හ්.....අනේහ්......"

ආයෙමත් පාරක් ඒ කෙදිරිල්ල තෙවින්ගෙ කන් දෙකට ඇහෙද්දි ඒ හඩ එන්නෙ නේත්‍රගෙ කාමරේ පැත්තෙන් කියලා තේරුම් ගත්තු තෙවින් එකපාරටම ගේ ඇතුලට දුවලා යන්න හදලත් නැවතුනා.ආපහු පාරක් ඒ කෙදිරිල්ල ගැන තෙවින් හිතන්න ගත්තා.ඒක වින්දනාත්මක කෙදිරිල්ලක් මිසක් වේදනාත්මක කෙදිරිල්ලක් නොවුණු බව තේරුනු තෙවින් ගෙයි එලියෙන්ම නේත්‍රගෙ කාමරේ පැත්තට ඇදෙන්න ගත්තා.තෙවින්ට ඕනි වුණා දෙයක්!!! තමන්ගෙ හිතේ පැසවන සැකේ ඇත්තක්ද කියලා බලාගන්න තෙවින්ට ඕනි වුණා.

"ම්ම්හ්හ්හ්....ස්....සුදු බේහ්.... අයියෙ....ආහ්හ්හ්හ්"

නේත්‍රගෙ කාමරේ ජනේලෙන් ඇතුලට ඇස් යැව්ව තෙවින්ගෙ ඔලුව උඩ හෙණ හතක් පිපිරුවා වගේ හැගීමක් දැනුනා.

නේත්‍රව මේසෙට හේත්තු කරගෙන හිටිය ආශව මේසෙ පැත්තට බර වෙලා හිටිය නේත්‍රගෙ බෙල්ල පුරා සිපුම් තවරද්දි නේත්‍ර යටි තොල හපාගෙන තමන්ගෙ කෙදිරිලි පිට නොකරන්න ලොකු උත්සාහෙක නිරත වෙන ගමන් හිටියා.ආශව එන්න එන්නම නේත්‍රගෙ බෙල්ල පුරාම තමන්ගෙ අණසක පතුරවද්දි,ආශවගෙ තොල් වලින් නේත්‍රගෙ බෙල්ලෙ තෙත හාදු තවරද්දි නේත්‍ර ආශවගෙ හයිය අත් අතරෙ හිර වෙලා හිටියා.නේත්‍රගෙ කෙදිරිලි නෑහෙන තැන නේත්‍රගෙ ටී ෂර්ටය උඩින් අත් වලින් ආශව ස්පර්ශ කරන ගමන් හිටිය නේත්‍රගෙ ඉණ ටිකක් තදින් මිරිකෙද්දි ආපහු පාරක් නේත්‍රගෙ කටින් කෙදිරිල්ලක් පිට වුණා.

"ආහ්හ්හ්හ්.....සුදුබ් ......සුදු අයියේ......අහ්හ්හ්හ්හ්"

තෙවින්ට තවත් ඒ දිහා බලන් ඉන්න බැරි වුණා.තමන්ගෙම ලෝකෙක තනි වෙලා හිටිය ආදරවන්තයො දෙන්නට ජනේලෙන් තමන් දිහා බලාගෙන හිටිය තෙවින්ව නොපෙනෙද්දි,නේත්‍රගෙ බෙල්ල අතෑරිය ආශව නේත්‍රගෙ දෙතොලට බර වෙලා,රතු වෙලා ලාවට ඉදිමුණු ඒ තොල් ආපහු පාරක් සිපගන්න ගනිද්දි,ආශවගෙ ඇගටම ඇලුණු නේත්‍ර ලා කෙදිරිල්ලක් පිට කරන ගමන් තමන්ගෙ දෙතොල් වල ඕනි තරම් අණසක පතුරවන්න ආශවට අවස්ථාව දුන්නා.

තවත් ඒ දිහා බලාගෙන ඉන්න බැරි වුණු තෙවින් එතන නොයිද නේත්‍රලාගෙ ගේ ඉස්සරහ පැත්තට දුවගෙන ආවත් තෙවින්ගෙ පය පැකිලිලා ඇදගෙන වැටුණා.වේදනා දෙන පපුව අතින් මිරිකගත්තු තෙවින් අනික් අතින් තමන්ගෙ කොන්ඩෙ අහුරක් ඇදලා ගනිද්දි තෙවින්ගෙ ඇස් වලින් කදුළු හෝ ගාලා වැටෙන්න පටන් අරන් තිබ්බා.මෙච්චර කාලයක් තමන් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරපු දේම අද තමන්ගෙ ඇස් පනාපිටම වෙද්දි,තෙවින් දහස් වෙනි වතාවටත් තමන්ගෙ ජීවිතේ විහිලුවකට ගත්තු දෙවියන්ට සාප කලා.නේත්‍රව ආශවට අයිති වෙන්න එපා කියලා පැතුවත්,ආශව ඕනිවටත් වඩා නේත්‍රට අයිතිය පතුරලා ඉවර බව දැක්ක තෙවින් ඇස් වලින් ගලන කදුළු පිහිද පිහිද උඩහට දුවන්න ගත්තා.

ගැටපිච්ච මල් සුවද විදින ගමන් තමන්ගෙම ලෝකෙක ආශව තනි වෙද්දි,ආශව ලගින් එන 'සුදු අයියගෙ සුවද' විදින ගමන් නේත්‍රත් ආශව තනි වුණු ලෝකෙකම තනි වෙද්දි හරියටම මිදුල මැද පත්තර කොලේක ඔතලා තිබ්බ අඩයක් දැන් පත්තර කොලෙන් පැත්තකට විසික් වෙලා ගිහින් තිබ්බා.

...................................................................................................

වචන 3700+ 👉👈

ඔන්න තා එකක් දුන්නා😪❤️

තෙවින් දැක්කා නේත? මොනා වෙයිද දන්නෑ 😪😪

මේ කොල්ලන්ගෙ හිත් පාරන පෑරිල්ලට කැමීලියාට මේ කපේට කොල්ලෙක් හම්බෙන්නෙ නැති වෙයි වගේ😪😪😪

ආසව නේට්ටගෙ කනේ ගැහුව මල👉👈

ලොකු නේට්ට😭❤️

(හැබැයි ඔයිට වඩා ටිකක් පොඩියි හරිත)

ස

ොබනා සිංදුව අහන්න🥺❤️ රිද්මගෙ හැම සිංදුවක්ම masterpiece එකක් තමා😭❤️ සොබනා මම හරිම ආසයි❤️

ලමයි හුගක් අය අහලා තිබ්බා කලින් එපියක තිබ්බ සයිබෝඩ්ඩුව කියන්නෙ මොකද්ද කියලා.....

ඒක පරන ගෙවල් වල තියෙන දෙයක් බබාලා.ලී කබඩ් එකක් වගේ නිකං.උඩින් ෆොටෝ එහෙම තියන්න පුළුවන් පැතයි මතුපිටක් තියෙන්නෙ......ඊලගට පහලින් ලාච්චු දෙකක් තියෙනවා.....ඒකට පහලින් කඩබ් වල වගේ දෙපැත්තට අරින පොඩි ලී දොරවල් දෙක...

උස නෑ මිටියි.හැබැයි ටිකක් දිගයි.

තේරුනාද දන්නෑ.ඒක තමා සයිබෝඩ්ඩුව කියන්නෙ❤️ අපේ කිරි අත්තා ලග තිබ්බා🥺❤️

අද දවසෙ හරි විශේශයි නේද අපි හැමෝටම🥺❤️

තව දෙන්නයි යන්න ඉන්නෙ.....අපි 2025 වෙනකං බලාගෙන ඉමු🥺❤️

මෙතන ටේකුක්😭❤️මට ඇඩෙන්න ආවා ඒක දැක්කම🥺💜️💚

ඔයාලා දන්නවද?උදේ මේක දැක්ක ගමන්ම රවුටරේ ඩේටා ඉවර උනා කියන්නකො😂😭❤️

ටේගෙ ඇග නෑ කිව්ව අයට දැන් සනීප ඇති හැබැයි 😪❤️

අදහසක් කියාගෙන යන්න බබාලා🥺❤️

ඔයාලගෙ අදහස් අඩු වෙද්දි කතාව කැතයිද කියලා හිතෙනවා ලියවෙන හැටි.ඒකයි🥺❤️

එහෙනම් මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter