Back
Chapter 37

36 කොටස🤍✨

නිවාලන්න මා...

"නේත්‍ර......"

"ම්ම්ම්ම්?"

ආශවගෙ කාමරේ ඇද උඩ ඉදගෙන ආශව පේපර් එකේ හරි වැරදි බලලා දෙනකං පොතක් කියව කියව හිටිය නේත්‍ර ආශවට හූමිටි තිබ්බා.ආශවගෙ සද්දයක් නැති තැන ඔලුව උස්සලා බැලුව නේත්‍ර දැක්කෙ කවුළුව ලගට ගිහින් අහස දිහා බලාගෙන ඉන්න ආශවව.ඇදෙන් බැස්ස නේත්‍ර ආශව ලගට හෙමීට ඇවිදගෙන යද්දි නේත්‍ර දිහා බැලුව ආශව අත දික් කරලා තමන් ලගට එන්න කියලා සන් කලා.

තමන්ගෙ ඉස්සරහට නේත්‍රව ගත්තු ආශව නේත්‍රගෙ උරහිස් උඩින් තමන්ගෙ අත් දෙක දාලා කවුළුවෙ ගැට්ටට බර කරගත්තා.ආශවගෙ පපුවට තමන්ගෙ පිට තියන් උන්නු නේත්‍ර ආශවගෙ අතක රැදිලා තිබ්බ ගැටපිච්ච මලක් අරගෙන ලොකු හුස්මක් උඩට ඇදලා ඒකෙ සුවද විදිද්දි නේත්‍රගෙ ඔලුවෙන් හාද්දක් තිබ්බ ආශව තමන්ගෙ හිතේ පැසෝන ප්‍රශ්නෙ නේත්‍ර ඉස්සරහ දිගෑරියා.

"නේත්‍ර ඇයි හීනෙන් 'සුදුබේබි සුදුබේබි' කියන්නෙ?"

"අ....ආ?"

"මට දිවාෂ කිව්වෙ.......දිවාෂ එක්ක ලග නිදියපු දවස් කීපෙකම නේත්‍ර 'සුදුබේබි' කියලා රෑ හීනෙන් මුමුණනවලු"

"එ....එහෙම එකක් නෑ....ස්....සුදු අයියෙ......"

"මගෙ හිත රිදෙයි කියලා ආයෙමත් දෙයක් හංගනව නේද?"

"......................"

"සුදු අයියෙ කියනවට වඩා ඔය හිත ඇලුම් කරන්නෙ සුදුබේබි කියන නමට......එහෙම නේද?"

"ම්....මම......ම්.....න්....නෑ එහෙම එකක් නෑ"

"කෝ මේ පැත්ත හැරෙන්න"

නේත්‍රගෙ උරහිසෙන් අල්ලගත්තු ආශව නේත්‍රව කවුලු ගැට්ටට බර කරන ගමන් ඒ මූණට එබුනා.ආශවගෙ ඇස් වල තිබ්බ දිස්නෙ දරාගන්න බැරි වුණු නේත්‍ර තමන්ගෙ බෝල ඇස් දෙක හෙමීට බිමට බර කර ගනිද්දි නේත්‍රගෙ නිකටින් අතක් තිබ්බ ආශව නේත්‍රගෙ මූණ උස්සලා ගත්තා.

"ඇත්ත කියන්න නේත්‍ර........සුදු අයියෙ කියන්න පුරුදු වුණේ මම බල කරපු නිසා නේද?"

"අ....අනේ එහෙම එකක් නෑ සුදු අයියෙ......"

"කෝ මගෙ ඇස් දෙක දිහා බලන්න........"

"ම්ම්ම්ම්?"

"සුදු අයියෙ කියන්න"

"ස්...සුදු අයියෙ"

"සුදු බේබි කියන්න"

"සුදුබේබි"

"සුදු බේබි කියද්දි......ඒ ඇස් මහා දරුණුවට දිලිසෙනවා නේත්‍ර.....ඒ ඇස් වල මහා දරුණුවට ආදරයක් පිරෙනවා"

"එ.....එහෙම......"

"ශ්.......මම කලින් විමසිල්ලෙන් බැලුවෙ නෑ.....කොහොමත් ඔය ඇස් වල මම ගැන ආදරෙ හැම වෙලේම පිරිලා තිබ්බ නිසා මම ඒක දැක්කෙ නෑ නේත්‍ර......ඒත් ඒ වෙනස හොදට තේරෙනවා විමසිල්ලෙන් බලද්දි......."

"ම්....මම....."

"කියන්න මැණිකෙ......උබෙයි මගෙයි අතරෙ මොන රහස්ද?"

"අවුරුදු හයේ ඉදන් දාසය වෙනකංම කිව්වෙ සුදුබේබි කියලනෙ මම......ඉස්කෝලෙ ලමයිගෙන් ප්‍රශ්නයක් වෙයි කියලා සුදු බේ....සුදු අයියා කිව්ව නිසාමයි මම සුදු අයියා කියන්න හුරු වුණේ.....අනික......."

"අනික? මොකද්ද මගෙ නේත්‍ර? ම්ම්ම්ම්.......මම දන්නවා කියන්න යන දේ.....ඒත් ඒක මට මගෙ මැණිකෙගෙ කටින්ම අහගන්නෝනි"

"මම ආදරේ කරන්න ගත්තෙ සුදුබේබිට මිසක් සුදු අයියට නෙවේ........සුදු අයියා කියලා කතා කරන්න ගනිද්දිනුත් මම සුදුබේබිට ආදරේ කරන්න පටන් අරන් ඉවරයි"

"ඇයි රත්තරනේ කිව්වෙ නැත්තෙ මෙච්චර දවස් ඒක? ම්ම්ම්........ඔයාටයි ඔයාගෙ සුදුබේබිටයි රහස් නෑනෙ....."

"ඒත් හිත රිදෙයි කියලා හිතුනා"

"කාගෙද?"

"ස්...සුදු අයියගෙ"

"අද ඉදන් ඒක සුදුබේබි නේත්‍ර.......හැමදාටම මම ඔයාගෙ සුදුබේබි"

"සුදුබේබි....."

"අර.....නේත්‍රගෙ ඇස්.......වෙනදට වඩා හුගක් දිස්නෙ දෙනවා"

"සුදුබේබිට මම ආදරෙයි පුදුම තරම්.......මම හුගක් ආදරෙයි......මට පලවෙනිම වතාවට හැගීමක් දැනුනෙත් සුදුබේබි ගැන......ඒ හැගීම ඉන්පස්සෙ හැමදාම ඇති වුණේ සුදුබේබි ගැන විතරමයි"

"මම කියන නිසා හැමදේම කරන්න යන්න එපා නේත්‍ර.....ඔයාගෙ සතුට ගැනත් මට කියන්න....මට ගොඩක්ම වටින්නෙ නේත්‍රගෙ සතුට"

"දිවාෂටත් ඉන්නවා නෑදෑයෙක් සුදු අයියා කියලා......සුදු අයියලා ඉන්නවනෙ ඉතින් අනික් අයට.....ඒත් සුදුබේබිලා ඉන්නෙ එක්කෙනයි......ඒ මගෙ සුදුබේබි....මම ඒකයි එහෙම කතා කරන්න හුගක්ම ආසා....."

"ඉතින් කතා කරන්න අද ඉදන්.......ඒත් ඉස්කෝලෙදි ලමයි ඉන්න තැන අයියෙ කියන්න"

"මගෙ අයියා"

"නේත්‍රගෙ නේන්නම්"

"නේත්‍රගෙ සුදුබේබි"

"නෑ......නේට්ටගෙ සුදුබේබි"

"අනේ යන්න සුදුබේබි......සුදුබේබි තාම ඒවා අල්ලන් විහිලු කරනවා....."

"නේත්‍ර දන්නවද?අවුරුදු ගාණක් අතීතෙට ගියා වගේ දැනෙනවා ඒ වචනෙ එක්ක....."

"මටත් සුදුබේබි......මම හරි හුරුපුරුදු තැනක ඉන්නවා වගේ"

"ආයෙ දේවල් හංගන්න තියාගන්න එපා.....දිවාෂ නොකිව්වනම් මම දන්නෙත් නෑ"

"ආයෙ එහෙම වෙන්නෑ සුදුබේබි......මට රෑ හීනෙන් සුදුබේබිව පේනවා.....මම කතා කරනවා සුදුබේබිට....අමුතු නිදහසක් දැනෙන්නෙ එවෙලෙට....දිවාෂට ඇහෙන්න ඇත්තෙ ඒ වෙලාවක"

"කෙනෙක්ට හිතකට දැනෙන දේ නමකින් උනත් වෙනස් වෙනවා නේද?"

"ඔව් හරියට මට සුදුබේබි කියද්දි දැනෙනවා වගේ"

"ඔව්.....සුදුබේබි කියද්දි මට පේන නේත්‍රගෙ ඇස් දෙක අස්සෙ මට ගිලෙන්න හිතෙනවා"

"මම මගෙ සුදුබේබිට ආදරෙයි"

"මම ඊටත් වඩා ආදරෙයි මගෙ නේත්‍රට"

නේත්‍රගෙ නලලින් දිග හාද්දක් තැවරුව ආශව ආයෙමත් පාරක් නේත්‍රගෙ ප්‍රශ්න පත්‍රයෙ හරි වැරදි බලන්න ගත්තා.නේත්‍රගෙ ප්‍රශ්න පත්‍රෙ එක දිගටම හරි වැටෙද්දි ආශවගෙ හිතට දැනුනෙ ලොකු සතුටක්.තමන් ලගටම වෙලා මාපටැගිල්ලෙන් බිම පහුරු ගගා ඉන්න නේත්‍රට තමන්ගෙ උකුල උඩට එන්න කිව්වත් ඒ ලැජ්ජකාරයා මූණත් වහගෙන ආශවගෙ ඇද උඩින් ගිහින් ඉදගනිද්දි නේත්‍ර දිහා බලලා හිනා වුණු ආශව ආපහු පාරක් තමන්ගෙ වැඩේට අවධානෙ යොමු කලා.

දිවාෂ තමන්ගෙ නේත්‍රගෙ නින්දෙන් කියවිල්ල ගැන කිව්ව දවසෙ ඉදන් ආශව ඒ ගැන කල්පනා කලා.එදා නේත්‍රව තමන් ටිකක් ආවේගෙන් සිපගත්තු දවසෙ උනත් නේත්‍රගෙ කෙදිරිලි සුදුබේබි කියලා පිටවෙන්න ගියත් ඒක අයියා බවට නේත්‍රම හරවගත්තා කියලා ගැඹුරින්ම හිතුව ආශවට මතක් වෙන්න ගත්තා.එදා තමන් ආවේගෙන් කකුල කපාගත්තු වෙලාවෙත් නේත්‍රගෙ කටින් විලාපයක් විදියට පිටවුණේ "මගෙ සුදුබේබි" කියන නම කියන එකත් ආශවට ඒ වෙලාවෙ මතක් වුණා.

ටිකෙන් ටික කල්පනා කරද්දි ආශවටම තේරුම් යන්න ගත්තෙ නේත්‍ර ගොඩක්ම සමීප සුදු අයියා කියන නමට වඩා සුදුබේබි කියන ආමන්ත්‍රණයට කියන එක.මොකද නේත්‍රට මුලින්ම හම්බුනේ සුදුබේබිව.නේත්‍රව මුලින්ම යාලුවෙක් කරගත්තෙ සුදුබේබි.නේත්‍රට උපන්දින කේක් කෑල්ල ඉස්සෙල්ලාම කැව්වෙ සුදුබේබි.කාටවත් ගහන්න නොදී බයින්න නොදී නේත්‍රව පුංචි කාලෙ බේරගත්තෙ සුදුබේබි.නේත්‍ර මැරෙන්න වැටිලා ඉද්දි තමන්ගෙ ජීවිතේ ගැනවත් නොසලකා නේත්‍රව බේරගෙන ඒ අත් දෙකෙන් උස්සගෙන ඇවිත් නේත්‍රගෙ පණ රැක්කෙ සුදුබේබි.නේත්‍රව බලන්න එද්දි ලොකු සාධුගෙන් පිරිත් පැන්,පිරිත් නූල් ඉල්ලගෙන ආවෙ සුදුබේබි.නේත්‍රව ඉස්කෝලෙ එක්කන් යද්දි බස් එකට උස්සලා නැග්ගුවෙ,පරිස්සමින් බස් එකෙන් බස්සෝගත්තෙ සුදුබේබි.ඉස්කෝලෙ ගේට්ටුවට ටිකක් මෙහායින් නේත්‍රව නවත්තගෙන පුංචි පනාවෙන් නේත්‍රගෙ කොණ්ඩෙ පීරලා ඇදුම හදලා නේත්‍රගෙ අතින් අල්ලගෙන ඉස්කෝලෙට එක්කන් ගියේ සුදුබේබි.නේත්‍රව තුරුල් කරගත්තු කොල්ලෙක්ගෙ අතක් කැඩෙන්න ගැහුවෙ සුදුබේබි.

එදා නේත්‍ර තමන්ගෙ අයිතිය ගන්න අවසර දුන්නෙ සුදු අයියට.මොකද ඒ වෙද්දිනුත් නේත්‍ර සුදුබේබිට තමන්ගෙ අයිතිය පවරලා ඉවර වෙලා තිබුණා.ඉතින් නේත්‍රගෙ හිතේ මුලින්ම ලියවුණු නම සුදුබේබි.ආශව නේත්‍රගෙන් ආදරේ අයැදුව වෙලාව වෙද්දි පවා නේත්‍ර "සුදුබේබි" ට ආදරේ කරන්න පටන් අරගෙනත් ඉවරයි.ඉතින් නේත්‍ර "සුදුබේබි" කියන ආමන්ත්‍රණේට වඩා වෙන එකකට කොහොම ලැදි වෙන්නද?

"සුදුබේබි දැන් රෑට පාඩම් කරනවද?"

"ඔව් නේත්‍ර ඇයි?"

"කිරි කෝපි එකක් හදාන එන්නද සුදුබේබිට?"

"දැන්මම එපා නේත්‍ර.......නේත්‍රට බඩගිනියිද?"

"නෑ නෑ සුදුබේබි....නේත්‍රට බඩගිනි නෑ"

"එහෙනම් තව ටිකකින් බොමු.....නිර්මලා ගෙදර යන්න ඇති නේද?"

"ඕ සුදුබේබි...ලොකු මැණිකෙ කිව්වා පේපර් දෙකම කරල ඉවර වෙලා හෙට උදේම යන්න කියලා ගෙදර"

"ම්ම්ම්ම්......පලවෙනි කොටසට අනූ දෙකයි නේත්‍ර....ගොඩාක් හොදයි.ඒත් අපි පලවෙනි කොටසට සීයෙන් සීයම ගන්න ට්‍රයි කරමු හොදද? මොකද රෑන්ක් එකක් ටාගට් කරද්දි පලවෙනි කොටසින් ලකුණු ටික අල්ලන්න ඕනි අපි.දෙවනි කොටසින් ලකුණු කපන්න බලනවා සෑහෙන්න.....ඒත් පලවෙනි කොටසට කෙලින්ම එක උත්තරේනෙ තියෙන්නෙ.

නේත්‍රට A3 දාන එකනම් නතින් කියලා දන්නවා මම.ඒත් ඒක නෙවේනෙ ටාගට් කරගන්න ඕනි.ජ'පුරෙ යන එක.ඒකට A3 මදි....සංදීප් අයියා....මට කලින් ටීම් කැප්ටන්.....එයාගෙ A3 උනාට සිලෙක්ට් උනේ කැලණි B Com....ජ'පුර මැනේජ්මන්ට් යන්න A3 මදි කියලා තේරෙනවා නේද මගෙ නේත්‍රට?"

"ඔව් සුදුබේබි....නේත්‍ර තව ඩිංගක් පාඩම් කරන්නම්.....සීයෙන් සීයම ගන්න"

"ඔව් නේත්‍රට පුළුවන් අනිවාර්යයෙන්ම....මෙන්න පේපර් එක..."

"අ...අනේ සුදුබේබි....."

පේපර් එක අතට ගත්තු නේත්‍ර තොලුත් නොපිටට පෙරලගෙන ආශවගෙ මේසෙ උඩ ඇගිල්ලකින් පහුරු ගාන්න ගනිද්දි පුදුම උනු ආශව තමන්ට අමතක වුණේ මොකද්ද කියලා කල්පනා කරන්න ගත්තා.එකපාරටම මේ පුංචි එකා නාහෙන් අඩන්න හේතුව මතක් වුණු ආශව ඉක්මනට තමන්ගෙ මේසෙ ලාච්චුවක් ඇරලා ඒකෙ තිබ්බ පුංචි ස්ටිකර්ස් කාඩ් එකක් අරගෙන ඒකෙ තිබ්බ ලොකු තරුවක් නේත්‍රගෙ පේපර් එකේ ලකුණු දාලා තියෙන තැන ඇලෙව්වා.තරුව දැක්ක නේත්‍රගෙ ඇස් දෙක සතුටින් දිලිසෙද්දි නේත්‍රගෙ කම්මුලක් මිරිකුව ආශව පුංචි දෙයිනුත් සතුටු වෙන නේත්‍ර දිහා බලලා ලස්සනට හිනා වෙද්දි නේත්‍ර ආපහු පාරක් ආශවගෙ ඇදේ කොණකින් ඉදගෙන කියව කියව හිටිය පොත කියවන්න ගත්තා.

ඉස්සර ඉදන්ම පේපර්ස් කරලා හොදට ලකුණු ගත්තොත් මොනාද ඕනි ඇහුවම නේත්‍රගෙ උත්තරේ උනේ "තරුවක්".ඉතින් ආශවගෙ පොතක් අස්සෙ ඔය තරු කාඩ් එකක් අවුරුදු ගාණක් තිස්සෙම තියෙන එක සාමාන්‍ය වුණා.දිවාෂට විභාග වලට දෙවින් පාඩම් කරවද්දි දෙවින්ගෙ පර්ස් එක සෑහෙන්න හිස් වෙද්දි,ලකුණු අසුපහ වගේ පන්නලා ගත්තම කඩචෝරු ජාති,එකේක නවකතා පොත් අරන් දෙන්න දෙවින්ට සිද්ධ වුණා වගේම එකපාරක් ගිණුම්කරණය පේපර් එකකට ලකුණු අනූඅටක් ගත්තු දිවාෂගෙ පගාව උණේ රුපියල් හත්දාහක විතර සපත්තු ජෝඩුවක්!!!

ඒත් ආශවට එහෙම දෙයක් වුණේ නෑ.ආශවම හිතලා දෙයක් අරගෙන දුන්නොත් මිසක්කා නේත්‍ර තමන්ගෙ උපන්දිනේටවත් ආශවගෙන් දෙයක් ඉල්ලුව කෙනෙක් නොවුණා.හොද ලකුණක් ගත්තම ආශවගෙන් හම්බෙන හාද්දකින්,තරුවකින් නේත්‍ර හොදටම සෑහීමකට පත් වුණා.පන්තියෙ පලවෙනියා උනාම ආශවගෙන් ලැබෙන නවකතා පොතක්,ඇදුමක් පැලදුමක් නේත්‍රට හොදටම වැඩිත් වුණා.නේත්‍ර එපා කිව්වත් ආශව බලෙන්ම ඒ තෑගි නේත්‍රගෙ ඇගේ ගහන නිසා නේත්‍ර වැඩියෙ ආශවව හෙට්ටු කරන්න ගියේ නෑ.නේත්‍රගෙ සුදුබේබි හරි වසයිනෙ!

"සුදුබේබි......"

"ඕ නේත්‍ර...."

"රට් එක හැදෙනවා කියන්නෙ මොකද්ද?"

"මොහ්.....කාක්???!!!"

"දෙයියනේ සුදුබේබි! කෝ වතුර උගුරක් බීලා ඉන්න"

එකපාරටම වචනත් ඉස්මොල්ලෙ ගිය ආශව 'කැහ් කැහ්' ගාලා කහින්න ගනිද්දි ඉක්මනට ඇදෙන් බිමට පැන්න නේත්‍ර ආශවගෙ මේසෙ උඩ තිබ්බ වතුර වීදුරුව ආශවගෙ කට ලගට ලං කලා.නේත්‍රගෙ අතින් අල්ලගෙන වතුර වීදුරුවම හිස් කෙරුව ආශව ඇස් දෙකත් ලොකු කරගෙන නේත්‍ර දිහා බැලුවා.නේත්‍ර කියන්නෙ ෆෝන් එකෙන් අනවශ්‍ය දේවල් බලන මනුස්සයෙකුත් නෙවෙයි.කට්ටියම එක්ක චිත්‍රපටියක් බැලුවොත් ඇරෙන්න එව්වට ලොකුවට ඇබ්බැහි වෙලා බලන කෙනෙකුත් නෙවෙයි.මේ වගේ දේවල් නේත්‍ර ඉගෙන ගන්න විෂය පථයට සම්බන්ධ දේකුත් නෙවෙයි.ඉතින් නේත්‍ර කොහොමද මේ වගේ ප්‍රශ්නයක් අහන්න තරම් දැනුවත් වුණේ?

"මොකද්ද දැන් නේත්‍ර කියෝ කියෝ හිටිය පොත?"

"ගොළු හදවත සුදුබේබි"

"ඉතින් ධම්මිටද සුගත්ටද රට් එක හැදුනෙ?"

"ඒ කාටවත් ඔය කියන එකක් හැදුනෙ නෑ සුදුබේබි....."

"කෝ මෙහෙ එන්න.නැත්තං මම උස්සලා තියාගන්නවා"

ආශව තමන්ගෙ උකුල පෙන්නලා අඩ ගැහුව නිසා මූණත් රතු කරගෙන හිටිය නේත්‍ර හෙමීට හෙමීට ආශව ලගට කිට්ටු වෙලා ආශවගෙ උකුල උඩින් ඉදගත්තා.ලැජ්ජාකාරයා උනාට මොකෝ ආශවගෙ තර්ජන වලට බය නේත්‍රට ඔය දේවල්නම් අපූරුවට පිලිපදින්න උනා.මොකද දැන් තමන්ම උකුල උඩින් ඉදනොගත්තනම් ආශව උස්සලා හරි ඉන්දෝගන්න බව නේත්‍ර සහසුද්දෙන්ම දැනන් හිටියා.

"කවුද කියලා දුන්නෙ ඕවා"

"දිවාෂ"

"මට හිතුනා....මොනාද කියලා දුන්නෙ?"

"එයා බැලුව කතාවක් කිව්වා.ඒකෙ ඒ වෘක පිරිමි කෙනාට රට් එක හැදුනා කිව්වා.මම ඇහුවම කිව්වා සුදුබේබිගෙන් අහගන්න කියලා.සුදුබේබි ඔව්වා හොදට දන්නවා කිව්වා"

"නේත්‍රට දැනගන්න ඕනිද?"

"හුම්ම්ම්"

තොල් දෙකත් උල් කරගෙන වේගෙන් උඩ පහල හෙලෙව්ව නේත්‍රව දකිද්දි ආශවට හිතුනෙ මේ දැන්මම දිවාෂව හොයාගෙන ගිහින් උස්සලා පොලවෙ ගහන්න.නේත්‍රටත් ඕනි නැති මගුලක් කනට වැටුනොත් ඕක අහගන්නකං නින්දක් නෑ වගේ ලෙඩකුත් තිබ්බා.අනික නේත්‍ර හිටියෙ ඔය වගේ දේවල් කතා කලාට ප්‍රශ්නයක් නැති වයසක.නේත්‍ර ලැජ්ජාකාරයා නිසා ආශවගෙ හාද්දකටවත් අද වෙනකං ආපිට ප්‍රතිචාර නොදැක්කුවට නේත්‍ර උනත් මේ දේවල් දැනගන්න එකේ වරදක් නෑ කියලා ආශව හිතුවා.ඒත් ටිකෙන් ටික.ඔක්කොම එක පාර කියලා දුන්නොත් නේත්‍ර කලන්තෙ දාලා වැටෙන්න උනත් පුළුවන්!

"රට් එක හැදෙනවා කියන්නෙ,එයාට එයාගෙ සහකාරයා එක්ක sex කරන්න ඕනි වෙන කාලෙ එලඹිලා කියන එක.ඔය වචනෙ ඉතින් ගොඩක් පාවිච්චි වෙන්නෙ දිවාෂ ඔයාට ඔය කියලා දීලා තියෙන ජාතියෙ කතා වල තමයි.

ක්......කොහෙ යන්නද මේ දගලන්නෙ?"

ආශවගෙ උත්තරෙත් එක්ක රතුම රතු පාට වුණු නේත්‍ර ආශවගෙ උකුලෙන් බහින්න දගලද්දි නේත්‍ර මේ හදන්නෙ මෙතනින් පැනලා යන්න කියලා දැන දැනම මුකුත් නොදන්න බබා වගේ රගපෑව ආශව නේත්‍රගෙ බඩ වටේ තිබ්බ තමන්ගෙ අත් දෙකේ ග්‍රහණෙ තව ටිකක් වැඩි කරගත්තා.ඒත් පැත්තට පේන නේත්‍රගෙ බොත්තම් නාගෙ අග රතු වීගෙන එද්දිනම් ආශවට තේරුම් ගියේ තව විනාඩි පහක් මෙහෙම අල්ලගෙන හිටියොත් නේත්‍ර මෙතන ලැජ්ජාවටම අඩන්න ගන්නවා කියන එක.

නේත්‍ර කියන්නෙ දරුණු ගණයේ ලැජ්ජාකාරයෙක් වුණා.ආශවට කොච්චර ආදරේ උනත් ආශවගෙන් තමන් ඇහුව ප්‍රශ්නෙ උත්තරේ මෙහෙම එකක් වෙයි කියලා නොදැන උන්නු නේත්‍රට තමන්ගෙ හිතට ආව ලැජ්ජාව දරන්න බැරි වුණේ ඒ දේ ආශවගෙන්ම ඇහුව නිසා.තමන්ගෙ සුදුබේබි තමන් ගැන වැරදියට තේරුම් ගනියිද කියලා ලොකු බයක් නේත්‍රගෙ පුංචි හිතට මේ වෙලාවෙ ඇවිත් තිබ්බා.සුදුබේබි තමන්ව නරක ලමයෙක් ගාණට දාලා හිතයිද කියලා බයවුණා.නේත්‍රව තේරුම් ගත්තු ආශව නේත්‍රගෙ කොණ්ඩෙ පිටිපස්සට පුංචි හාද්දකුත් දෙන ගමන්ම කතා කරන්න ගත්තා.

"ඔව්වා ලැජ්ජා වෙන්න කාරණා නෙවේ නේත්‍ර....ඔයා ඕක මගෙන් ඇහුව එකත් හොදයි.ඔය වගේ සාමාන්‍ය දේවල් දැනගෙන ඉන්න එකේ වරදක් නෑ.නොදැන හිටියොත් තමා ප්‍රශ්න වෙන්නෙ.හැබැයි එක දෙයක්.ඕනිම දෙයක් සුදුබේබිගෙන් අහන්න.වෙන කාගෙන්වත් අහන්න යන්න එපා.තේරුණාද?"

"ඔ...ඔව් සුදුබේබි"

ආශවගෙ පිලිතුරත් එක්ක සන්සුන් වුණු නේත්‍ර ආශව කිව්ව හැම දෙයක්ම සාවධානව අහගෙන ඉදලා තමන්ගෙ ඔලුව උඩ පහල කරන ගමන් උත්තර දුන්නා.ඒත් එක්කම ග්‍රහණය ලිහිල් වෙච්ච ආශවගෙ අත් අස්සෙන් බිමට පැනගත්තු නේත්‍ර විදුලි වේගෙන් දුවලා ගියේ කාමරේ දොර ලගට.

"දැන් කොහෙද ඔය දුවන්නෙ?"

"සුදුබේබිට බොන්න කිරිකෝපි එකක් හදාන එන්නම්.සුදුබේබි පාඩම් කරන්න පටන් ගන්න"

කාමරේ ඇතුලට ඔලුව විතරක් දැම්ම නේත්‍ර ආශවට උත්තර දීලා දඩ බඩ ගාලා පහලට දුවගෙන යද්දි රෑ දහයමාර පහු වුණු ඔරලෝසු කටු දිහා බලපු ආශව ලස්සනට හිනා වෙන ගමන් තමන්ගෙ ආර්ථික විද්‍යාව පොත දිගෑරගත්තා.රැහැයියෝ කෑගහගන සද්දෙයි,අඹ ගහේ වහන වවුල්ලුන්ගෙ සද්දෙයි ඇරෙන්න කිසිම සද්දයක් ඉරුගල්බණ්ඩාර වලව්වෙ සුදුබේබිගෙ කාමරේට නෑහෙද්දි විනාඩි කීපෙකට පස්සෙ බෙලෙක් කෝප්පෙකට හැන්දක් වදින සද්දයක් ලාවට ඇහෙන්න ගත්තෙ ඒ රාත්‍රියෙ තිබ්බ නිහඩබව මොනවට පෙන්නන ගමන්.නේත්‍ර තේ හදනවා! ආශව හිනා වෙලා පොතට අවධානෙ දීලා පාඩම් කරන්න ගත්තා.

...................................................................................................

"දෙවින් පණ මා දෙස බලන්න"

"ඕ ඕ දිවාෂ මල්ලි"

"ඔබට මා පවසනා දෙයෙහි යම් අසත්‍යතාවයක් පෙනේද?පෙනුනත් නෑ කියාපිය දෙවින් පණ!!""

"නෑ දිවාෂ මල්ලි.පිස්සුද? දිවාෂ මල්ලි කියන දේ සම්පූර්ණ ඇත්තක්"

"අන්න මගෙ දෙවින් පණ.....ඔබ විතරයි මා හට ආදරේ"

"ඒකනෙ....මම තමා ආදරේ"

"ඔය විකාරෙ නවත්තනවකො යුගාන්! ඔලුවත් කැරකෙනව තමුසෙගෙ මේ අමුතු බාසාව අහගෙන ඉදලා!"

"උබට අහන් ඉන්න බැරිනම් පලයං තෙවින්.මටයි දෙවින් පණටයි බාධා නොකර!!!"

"අනේ මේ! කියෙව්වොත් කියවන්නෙ ගොං කතාවක්මයි"

"මොකද්ද අයියෝ මේ රණ්ඩුව?"

මුළු නුවරම අද හරි අපූරුවට අව් රශ්මියෙන් බැට කන ගමන් හිටියා.හැමදාම වැස්ස,බීරිම කිය කිය අහසට බයින නුවර ඈයොන්ට පාඩමක් උගන්නන්න හිතාගෙනම අද නුවර අහස හරි අපූරුවට අව් කාෂ්ටකේ පොලවට පතිත කරද්දි ගම්මානෙ පාර දිගේ ගමන් කරපු මිනිස්සු කුඩයක්වත් ඉහලන්නෙ නැතුව ගමන පවත්තගත්තෙ පාර දෙපැත්තෙ රෑස්සෙට වැවිලා තියෙන ගහ කොලන් නිසා.ඉර එලිය හරි අපූරුවට පොලවට පතිත වෙලා පොලව ගිනියම් කරන එකෙන් බේරගන්න අර රූස්සෙට වැවුණු ගස් ටික ලොකු සටනක් පවත්තගෙන යමින් තිබ්බා.ඉතින් මුලු නුවරම මේ වෙලාව වෙද්දිනුත් කහම කහපාට වෙලා තියෙද්දි ඉරුගල්බණ්ඩාර වලව්වෙ වත්තෙ සේවය කරන සේවකයො කීප දෙනා දඩි බිඩි ගාලා විසි කැති අරගෙන වත්තට බැස්සෙ වත්තෙ අනවශ්‍ය විදියට වැවිලා තියෙන වල් පැල තුරන් කරන චේතනාවෙන්.අද අව්‍වත් වැටෙන නිසා ඒ කොල රොඩු ටික වේලාගන්නත් පුළුවන් නෙ.

මේ අතරවාරෙදි ජැන්ඩි පහට ඇදගත්තු ඉලන්දාරි තුන් දෙනෙක් ආශවගෙ කාමරේ තැන් තැන් වල වාඩි වෙලා ලොකු සාකච්ඡාවක නිරත වෙලා හිටියා.දෙවින් එක්කම ඇදේ ඉදගෙන හිටපු දිවාෂ මල ලතෝනි තියලා තමන්ගෙ අදහසක් තහවුරු කරගන්න තටමද්දි නාන කාමරේ ඇතුලෙ හිටිය ආශවගෙත් ඔලුව ඒ සද්දෙට කොලොප්පන් වෙලා ගිහින් තිබ්බා.දරාගන්නම බැරි තැන ආශවගෙ පොත් මේසෙ ලග තියෙන පුටුවෙ ඉදගෙන හිටිය තෙවින් දිවාෂට කෑගහන්න ගනිද්දි කූල් බීම වීදුරු වගයක් තසිමක තියාගෙන ආව නේත්‍රගෙ සද්දෙත් එක්ක කට්ටියගෙම කටවල් අගුල් වැටුණා.

"බොන්න කට්ටියම"

ලස්සනට හිනා වුණු නේත්‍ර කට්ටියටම බීමයි කේකුයි අල්ලද්දි නේත්‍ර එක්ක ආපිට හිනා වුණු ඉලන්දාරි හතර දෙනා බීම වීදුරුයි කේක් කෑලියි අතට ගත්තා.තෙවිනුත් කේක් කෑල්ලක් ගත්තට පස්සෙ කේක් තියාගෙන ආව ප්ලේට් එක තමන්ගෙ උකුල උඩට ගත්තු දිවාෂ බීම එක බිබී අර ප්ලේට් එකෙ තිබ්බ කේක් ටික හරි සීඝ්‍රයෙන් ඉවර කරන්න ගත්තා.

"ඔබ්යාට කියබ්න නේට්ට.....මුබ් එබෙබෙබ්බබ් මබ් කියබ්න......."

"ඔය කේක් කෑල්ල ගිලලා කතා කරන්න යුගාන්.ඔයාට හිරවෙයි!"

තෙවින්ගෙ කටහඩ ඇහෙද්දි තෙවින්ව අලු වෙලා යන බැල්මක් දැම්ම දිවාෂ අර කට පුරෝගෙන හිටි කේක් කෑල්ල ගිලලා දාලා නේත්‍රට කතා කරන්න ගත්තා.

"මම කියන්නෙ නේත්‍ර...."

"ආයෙ පටන් ගත්තා"

"උබ කට වහපං තෙවින්.....නේත්‍ර,මගෙ චූචි පැච්චො මේ අහන්නකො"

"ඕ කියන්න දිවාෂ"

"ඔයාට හිතෙන්නෙ නැද්ද අඹ යාලුවො එකේ නිමල්ගෙයි සුනිල්ගෙයි අතරෙ පොඩි සැකසහිත සම්බන්ධයක්! දෙවින් පණ,ඔයාට පේනවා නේද?"

"ඔව් ඔව් දිවාෂ මල්ලි"

"ඒකනෙ....දැන් බලන්න,ඉස්කෝලෙ කාලෙ නිමල්ට හිරිහැරයක් වෙන නොදී සුනිල් බලාගත්තා....."

"ඔව් ඔව් දිවාෂ මල්ලි"

"නිමල්ට දුක් විදින්න දෙන්න කැමති උනේ නෑ"

"ඔව් ඔව් දිවාෂ මල්ලි"

"ඔක්කොමත් හරි...සුනිල් ගෙදරින් පැනලා යද්දි නිමලුත් ඒ පස්සෙ ගියේ ලබ්බටද?"

"ඔව් ඔව් දිවාෂ මල්ලි"

"උබ කියපං නේත්‍රයා....දැන් බැරි වෙලා හරි උබේ අර නල්ලමලේ සුදුබේබි වලව්වෙන් පැනලා යනවා හරිත? උබත් උගෙ පස්සෙන් ගාටන්නෙ නැද්ද?"

"යනවනෙ දිවාෂ"

"අන්න නේත්‍ර.....අන්න පොයින්ට් එක.....ඒක තමා ඒම උනේ.....ඊට පස්සෙ සුදුබේබියි නේත්‍රයි දෙන්නා කදු මුදුනක පැලක් අටෝගෙන ලුණුයි බතුයි කනවා"

"යුගාන්,ඔයා කතාව පටන් ගත්තෙ සුනිල්ගෙනුයි නිමල්ගෙනුයි"

"අප්පට! ඒක අමතක වුනානෙ.....සුනිල් ප්ලස් නිමල්......අපි ඒ දෙන්නටත් නමක් දාමු දෙවින් පණ"

"ඔව් ඔව් දිවාෂ මල්ලි.එහෙම හොදයි"

"සුනිමල්......ඒම හොදයි.....තෙවින් කියපං බලන්න අඹ යාලුවො ලිව්වෙ කවුත කියලා"

"බණ්ඩා කෙනෙක්......"

"බණ්ඩා කෙනෙක් කියන්නෙ යකෝ!!! නම කියපං"

"රංගෙ බණ්ඩා......"

"ඒ පාර්ලිමේන්තුවේ ඉන්න ගෙම්බෙක්නෙ ඕයි!"

"මද්දුම බණ්.....ආ එයා ඉතිහාසෙ හිටිය කෙනෙක්නෙ....ආ....ඉලංගෙ බණ්ඩාර"

"කතා විකෘති කරන මට වදිනවට වඩා හෙනයක් උබට වදිනවා තෙවින් දවසක! එදා මඩොල්දූව ලිව්වෙ කුමාරතුංග මුනිදාස කිව්වා.....අද මේ කොහෙවත් යන නමක් කියනවා.....යකෝ ටී.බී.ඉලංගරත්න මහත්තය ලිව්වෙ.....හැපෝ බලද්දි උබ දන්න පකක් නෑ තෙවින්"

"දිවාෂ මල්ලි,කුනුහරප කියන්නෙ මොකෝ?"

"කියලා වැඩක් නෑ යුගාන්!"

"සමාවෙන්න දෙවින් පණ.....ඒත් තෙවින්,fuck you!!!"

දෙවින්ට දත් තිස් දෙකම පෙන්නලා හිනා වුණු දිවාෂ දෙවින්ගෙ පිටිපස්සෙන් ඔලුව දාලා දෙවින්ට තමන්ගෙ මැදගිල්ල පෙන්නලා වචන කීපයක් මිමිණුවා.ඒත් එක්කම නාන කාමරේ දොර ඇරගෙන ආශව කාමරේ ඇතුලට එද්දි කට්ටියගෙම අවධානෙ ආශවගෙ පැත්තට යොමු වුණා.තුවායක් විතරක් ඉණේ පටලවගෙන හිටිය ආශවගෙ ගාණට හදාගත්තු මස් ගොබ අපූරුවට බේරිලා තිබුණා.ක්‍රිකට් වලටම හදාගත්තු ආශවගෙ ඇගේ පිරිමිකම හරි අපූරුවට එලියට දිස් වෙද්දි නේත්‍ර ඉක්මනටම ආශවගෙන් ඇස් අහකට අරගෙන ආශවට පිටිපාලා හිටගත්තා.

"නේත්‍ර,මගෙ බොඩිස්ප්‍රේ එක දැම්මෙ කොහෙන්ද?"

"ඔය කණ්නාඩි මේසෙ කොණේම තියෙන්නෙ සුදුබේබි"

"හරි හරි"

"නේත්‍ර මගෙ ඇදුම් ටික"

"ඔය ඔතන එල්ලලා තියෙන්නෙ සුදුබේබි.....අයන් කලා මම"

"හරි නේත්‍ර....."

නේත්‍ර ආශව දිහා නිකමටවත් නොබලා උත්තර දෙද්දි සිද්ධිය දිහා බලාගෙන හිටිය දෙවින්ගෙයි දිවාෂගෙයි මූණුවල ඇදිලා තිබ්බෙනම් මහ කුපාඩි පෙනුමක්.බොඩ් ස්ප්‍රේ එකයි යටට අදින ඇදුම් ටිකයි,දිග කලිසමයි අරගෙන ආයෙමත් නාන කාමරේට රිංගුව ආශව දොර වහගත්තට පස්සෙ නේත්‍ර හෙමින් සැරේ ආපහු පාරක් හිටපු විදියටම කාමරේ පැත්තට හැරුණා.ඒත් කිසි කෙනෙක් නොදැක්ක තෙවින්ගෙ ඇස් වල තිබ්බ කදුළු වල උණුහුම තෙවින්ගෙ අතේ තිබ්බ ලේන්සුව විදදරාගෙන තිබ්බා.

"නේත්‍ර ටී ෂර්ට් එක දෙන්නකො"

ආයෙමත් පාරක් නාන කාමරේ දොරෙන් ඔලුව එලියට දැම්ම ආශව කියද්දි ඉක්මනට රැක් එක ලගට ගිහින් ඒකෙ එල්ලලා තිබ්බ ටී ෂර්ට් එක අතට ගත්තු නේත්‍ර ආශව දිහා බලන්නෙවත් නැතුව ඇදුම දික් කලා.විනාඩි ගාණක් ගිහිනුත් ටී ෂර්ට් එක ආශවගෙ අතට ගත්තෙ නැති තැන නේත්‍ර හෙමීට ඇස් දෙක උස්සලා නාන කාමරේ දොර දිහා බැලුවා.ආශව මූණ විතරක් එලියෙ දාගෙන විරිත්තගෙන නේත්‍ර දිහා බලාගෙන හිටියා.

"අනේ මේක ගන්නකො සුදුබේබි"

"අරගොල්ලො මොනාද අර බොන්නෙ....මට නෑ?"

"බීම සුදුබේබි.සුදුබේබිගෙ පංගුව ෆ්‍රිජ් එකට දාලා ආවෙ මම.මම දැන් අරගෙන එන්නම්"

"මම ඇදගෙන එන්නම් නේත්‍ර"

දොර අස්සෙන් එලියට දැම්ම අතින් නේත්‍රගෙ කම්මුලක් මිරිකෙව්ව ආශව ඉක්මනටම නේත්‍රගෙ අතේ තිබ්බ ටී ෂර්ට් එක අරගෙන දොර වහගත්තා.කාමරේ ඇතුලෙ ඉදපු කොල්ලො ටිකට තමන් පහලට යන බව කිව්ව නේත්‍ර ඉක්මනට පල්ලෙහාට දුවලා ආශවගෙ බීම ටික වීදුරුවකට දාගෙන කේක් කෑලි දෙක තුනකුත් එක්ක උඩට අරගෙන යන හැටි බලාගෙන හිටිය ලොකු මැණිකෙ නේත්‍රට කතා කලා.

"කොල්ලො"

"ලොකු මැණිකෙ"

අතෙ තිබ්බ ට්‍රේ එක හයියෙන් අල්ලගත්තු නේත්‍ර බිම බලාගෙනම මැණිකෙට කතා කරද්දි නේත්‍ර එක්ක සුහදව හිනා වුණු ලොකු මැණිකෙ නේත්‍ර ඇදන් හිටි ඇදුම දිහා බැලුවා.නිල්පාට දිග ඩෙනිම් කලිසමකට ලා නිල් පාට ටී ෂර්ට් එකක් ඇදගෙන හිටිය නේත්‍ර කොහෙ හරි ගමනක් යන්න ඉන්නෙ කියලා ලොකු මැණිකෙ තේරුම් ගත්තා.අද තමන්ගෙ සුදුපුතා යාලුවො එක්ක පිරිත් පිංකම දවසට අදින්න ඕනි කරන ඇදුම් පැලදුම් ගන්න යනවා කියලා දැනුම් දීලා තිබ්බ නිසා නේත්‍ර කොල්ලත් යන්නෙ ඒ ගමන කියලා ලොකු මැණිකෙ අනුමාන කලා.

"කොහෙ යන්නද කොල්ලො මේ?"

"ස්....ල්....ලොකු මැණිකෙ මම......"

"සුදු පුතාලා එක්ක ඔය ලමයත් යනවද?"

ලොකු මැණිකෙට දෙන්න ඕනි උත්තරේ මොකද්ද කියලා නොතේරුනු නේත්‍ර තමන්ගෙ කකුලෙ මාපටැගිල්ලෙන් බිම පහුරු ගගා හිටියා.වලව්වෙ සුදුබේබි එක්ක එකටම ඇදුම් ගන්න යනවා කියලා දැනගත්තොත් ලොකු මැණිකෙ මොකක් කියයිද කියලා නේත්‍රට බය හිතුනා.අනික මේ වෙද්දි නේත්‍රගෙයි සුදුබේබිගෙයි ලොකු හොරේකුත් තිබ්බානෙ.ඉතින් ඔය ඔක්කොම හේතු නිසා නේත්‍රට ලොකු මැණිකෙ දිහා කෙලින් බලන්න පවා ලොකු බයක් දැනිලා තිබුනා.

ලොකු මැණිකෙ බලාගෙන හිටියෙ තමන්ගෙ ඉස්සරහට වෙලා මේ පොලව පහුරු ගාන බිංකුඩු පැටියා දිහා.නිවාඩු කාලෙ නිසා කොණ්ඩෙත් ටිකක් වැවිලා තිබ්බ නේත්‍රගෙ නලල ඒ කොන්ඩෙන් හොදටම වැහිලා තිබ්බා.නිවාඩුව පටන් ගනිද්දිම තමන්ගෙ සුදුපුතා තමන් එක්ක යාප්පුවෙන් කතා කරලා "පුංචිඅම්මා කොණ්ඩෙ ගාන තෙල් ජාතිය මොකද්ද? ගන්නෙ කොහෙන්ද?" කියලා අහගත්තෙ මේ හින්දද කියලා සැකේකුත් ලොකු මැණිකෙගෙ හිතට ආවා.තමන්ට මූණ නොදී බිමම බලාගෙන ඉන්න මේ පුංචි හුරතල් රූපෙ දිහා බලාගෙන හිටිය ලොකු මැණිකෙට තමන්ගෙ සුදුපුතා මෙච්චරටම මේකා පස්සෙ වැටෙන්න හේතු මොනාද කියලා අමුතවෙන් හිතන්න ඕනි වුණේ නෑ.

"සුදු පුතාලා එක්ක ඇදුම් ගන්න නේත්‍රත් යනවද?"

"ල්....ලොකු මැණිකෙ මං...."

"පරිස්සමින් ගිහින් වරෙං කොල්ලො.....සුදුබේබිවත් බලාගන්න"

"හොදමයි ලොකු මැණිකෙ"

ලොකු මැණිකෙට ඔලුව නවලා ආචාර කරපු නේත්‍ර අඩියට දෙකට පඩි දෙකක් ඇර දෙකක් නැගලා උඩු මහලට යන හැටි ලොකු මැණිකෙ බලාගෙන හිටියා.නේත්‍රගෙ තියෙන අහිංසක කම,අහිංසක ලස්සන,හුරතල් රූපෙ, කරුණාවන්තකම,හුරතල් ගතිගුණ,ලෙංගතුකම,හිත හොදකමත් එක්ක නේත්‍රගෙ තිබ්බ දෙපාරක් නෙවේ සියපාරක් හැරිලා බලන තරම් සුන්දර රූපෙ ගැන හිතුව ලොකු මැණිකෙ දෙයක් හිතන ගමන් පොල් වත්තට යන්න හිතාගෙන එලියට බැස්සා.ආශවගෙ හිත ගැන අමුතුවෙන් හිතන්න තරම් දෙයක් ලොකු මැණිකෙට තිබ්බෙ නෑ!

"සුදුබේබි,මේක බොන්න"

"අනේ ඌට උස වීදුරුවක්.අපිට වඩා වැඩිපුර බීම දාලා.උබ ද්‍රෝහියෙක් නේත්‍ර!!!"

කෑගහන දිවාෂව තඹ සතේකට ගණන් නොගත්තු ආශව බීම වීදුරුව බොන ගමන් කේක් කෑල්ලක් කන්න ගත්තෙ තව කේක් කෑල්ලක් නේත්‍රගෙ අතින් තියන ගමන්.කාටවත් නොපෙන්නෙන්න පැත්තකට හැරිලා කේක් කෑල්ල චුට්ට චුට්ට කෑව නේත්‍ර ගැස්සිලා ගියේ ආශව සීතල බීම වීදුරුවෙන් නේත්‍රට තට්ටු කරපු නිසා.ආශව දිහා බැලුව නේත්‍රගෙ ඇස් දෙක ලැජ්ජාවෙන් බිමට බර වෙද්දි තමන් බාගෙට බිව්ව බීම වීදුරුව නේත්‍රගෙ අතින් තියලා බොන්න කිව්ව ආශව කණ්නාඩි මේසෙ ලගට ගිහින් කොණ්ඩෙ පීරගන්න ගත්තා.

මේ දේවල් බලාගෙන හිටිය දෙවින් කියන කුපාඩි කතා වලට රතු වෙලා හිටිය නේත්‍ර ඉක්මනටම බීම වීදුරුව බීලා හිස් වීදුරුවයි,තසිමයි අරගෙන පහලට දුවද්දි බිම බලාගෙන හිටිය තෙවින්ව දැක්ක දිවාෂගෙ හිතටනම් පුදුමාකාර දුකක් දැනෙන්න ගත්තා.ආශවයි නේත්‍රයි දෙන්නගෙ හැසිරීමෙන් නොදැනුවත්ව හරි තෙවින්ට කොයිතරම්නම් රිදෙනවද කියලා දිවාෂට හිතෙන්න ගත්තා.ටික වෙලාවකින් තද නිල්පාට ටි ෂර්ට් එකක් ඇදගත්තු ආශවගෙ පිටිපස්සෙන් නේත්‍රයි දෙවිනුයි වලව්වෙන් පිට වෙද්දි තෙවින් එක්ක එලියට බැස්ස දිවාෂ තෙවින්ගෙ පිටට තට්ටුවක් දාලා යමු කියලා කිව්වා.

"නේත්‍ර එහෙනම් මම එක්ක ටවුන් එකට යං.ආශව වරෙං බයික් එකේ.නේත්‍රව ටවුන් එකෙන් ගනින් උබ.මම දෙනෙත්ව අරගෙන එන්නම්."

"හරි.නේත්‍ර සපත්තු දෙක ගත්තද?"

"ඕ සුදුබේබි මේ බෑග් එකේ තියෙනවා"

"ටවුන් එකෙන් බහින්න කලින් සපත්තු දෙක දාගන්නකො එහෙනම්.සෙරෙප්පු දෙක දෙවින්ගෙ වාහනෙන් දාලා එන්න"

"හා සුදුබේබි.පරිස්සමින් එන්න"

"හරි නේත්‍ර"

"නේත්‍ර යං"

වලව්වෙ වැඩකාරයෙක්ගෙ දරුවෙක් වුණු,කුලෙන් පහත් නේත්‍ර මේ ගම්මානෙ ඇතුලෙ වංශක්කාර දරුවන්ට විතරක් දාන්න පුළුවන් ජාතියෙ,අදින්න පුළුවන් ජාතියෙ ඇදුම් පැලදුම් අදින එක නිරයෙ යන තරම් පාපයක් විදියට සැලකුව ඒ වැඩිහිටි ප්‍රජාව නිසා නේත්‍රට හැම නිදහසක්ම ලැබුනෙ ගම්මානෙන් පිට.නුවර තියෙන ප්‍රමුඛම පෙලේ පිරිමි පාසලට යන නේත්‍රව ඒ සමාජෙ ලමයි එක්ක ගැටෙන්න පුළුවන් විදියෙ පෞරුෂයකින් ගොඩ නගන්න ආශව හුගක් මහන්සි වුණා.අදින්නම් වාලෙ ඇදුම් ඇන්ද නේත්‍රට පිලිවෙල,ගුණාත්මක බවින් වැඩි ඇදුම් පැලදුම් ආශව අරන් දුන්නෙ තමන් හම්බකරපු සල්ලි වලින්.ඉස්කෝලෙ ඉන්න ලමයිගෙන් නේත්‍ර ආශ්‍රේ කරන ආර්යයි දිවාෂයි ඇරෙන්න අනික් හැම ලමයෙක්ම නේත්‍ර කියන්නෙ ආශවගෙ නෑදෑ සහෝදරයෙක් කියලා හිතන මට්ටමට මේ වෙද්දි නේත්‍රව ආශව ගොඩ නගලා තිබ්බා.ලමයි එක්ක එකට ඉද්දි නේත්‍රත් උසස් පැලැන්තියක දරුවෙක් මිසක් වැඩකාරයෙක්ගෙ දුප්පත් දරුවෙක් කියලා හිතන්න කිසිම කෙනෙක්ට බැරි වෙන විදියට ආශව නේත්‍රව ඒ සමාජෙට හුරු කරවලා තිබ්බා.

ඒත් නේත්‍රගෙ ගතිගුණ,අහිංසකකම නම් ඒ සමාජෙ ලමයෙක්ගෙ නැති තරම් යහපත් ඒවා වුණා.ඒ නිසාම නේත්‍ර ඒ සමාජෙ ඇතුලෙ කැපිලා පේන ලමයෙක් වුනා වගේම නේත්‍රගෙ දිහාවට සෑහෙන්න ඇස් යොමු වුණා.රූපෙන් නේත්‍රව ඒ සමාජෙට හුරු කලාට ආශව නේත්‍රගෙ ගතිගුණනම් වෙනස් කරන්න හැදුවෙ නැහැ.මොකද ආශව ආදරේ කරන්න ගත්තෙ ඒ ගතිගුණ වලට.ඉතින් හද්ද අහිංසකයෙක් වෙච්ච නේත්‍රව පරිස්සම් කරගන්නත් ආශවට සෑහෙන්නම මහන්සි වෙන්න සිද්ධ වුණා.හැමදෙයක්ම ආදරෙන් කියලා දුන්නා.සමාජෙ ඉන්න විසකුරු මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න ටිකෙන් ටික හුරු කෙරෙව්වා.තමන්ගෙන් නේත්‍රට දෙන්න පුළුවන් උපරිම නිදහස,උපරිම සතුට නේත්‍රට ආශව ලබා දුන්නා.ඒ හැමදේටම වඩා ආශව නේත්‍රට පණ ඇරලා ආදරේ කලා.

"යුගාන් බයික් එකට නගින්න"

"උබ පලයං තෙවින්.මම දෙවින් පණ එක්ක එන්නම්"

"පොඩ්ඩක් තේරුම් ගන්නවකො යුගාන්.අයියා දෙනෙත්ව ලාවට ලයින් කරන් එද්දි උබ මැද්දෙන් පයින්න යන්න එපා"

"යමංකො එහෙනම්"

දෙවින් නේත්‍ර එක්ක තමන්ගෙ කාර් එකෙන් පිටවෙද්දි ආශවත් ඒ පිටිපස්සෙන්ම තමන්ගෙ කළු පාට FZ බයික් නැගලා ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන තව එකක් අතේ අරගෙන පිටත් වෙලා ගියා.ඒත් එක්කම තෙවින්ගෙ Gixxer bike එකට නැග්ග දිවාෂ තෙවින් එක්ක පිටත් වෙද්දි වලව්වෙ තිබ්බ ජනේලෙකින් එලිය බලාන උන්නු ලොකු මැණිකෙ වලව් මුළුතැන්ගෙයි පැත්තට ඇදුනෙ දවල්ට කෑම කන්න ඉන්නෙ වලව්වෙන් තමන් විතරයි කියලා කියන්න.තමනුත් තරුණ කාලෙ යාලුවො එක්ක ඔහොම ඇවිදින්න ගිහින් හවස් වෙලා ගෙදර ආව හැටි මතක් කර කර හිනා වුණු ලොකු මැණිකෙ තමන්ගෙ ඇස් වලට නැගුණු කදුලක් හොරෙන්ම පිහිදගත්තා.

"නේත්‍ර එහෙනම් ආශව එක්ක පරිස්සමට එන්න.මම කූල් ප්ලැනට් එක ලගට එන්නම් දෙනෙත් අයියා එක්ක"

"හරි දෙවින් අයියෙ.පරිස්සමින් එන්න"

කාර් එක ඇතුලෙ දාගත්තු සුදු සපත්තු දෙකේ ලේස් දෙකත් පිලිවෙලට හදාගත්තු නේත්‍ර බලු බල්ලෙක් නැති පාරෙ මාර ගහක් යට නවත්තලා තිබ්බ ආශවගෙ බයික් එක ලගට ගිහින් හිටගද්දි ආශව තමන්ගෙ අතේ තිබ්බ හෙල්මට් එක නේත්‍රගෙ පුංචි ඔලු ගෙඩියට දාලා නේත්‍රව පරිස්සමින් බයික් එකට නග්ගගත්තා.

"හයියෙන් අල්ලගන්න නේත්‍ර"

"හරි සුදුබේබි"

ආශවගෙ බඩ වටින් තමන්ගෙ පුංචි අත් දෙක දාලා හයියෙන් අල්ලගත්තු නේත්‍ර තව ටිකක් ඉස්සරහට තල්ලු වෙලා ගිහින් ආශවගෙ ඇගට හේත්තු වෙද්දි ආශව හරි පරිස්සමට බයික් එක පාරට දැම්මා.මේ පාරෙ ලේසියකින් මිනිස්සු නැති උනාට අතුරුපාර ඉවර වෙන තැනින් පටන් ගන්න මහ පාර මේ වගේ නිස්කලංක නැති නිසා ආශව පරිස්සමින් බයික් එක අරං යන්න පටන් ගත්තා.මොකද එයාව විශ්වාස කරලා බයික් එකට නැග්ග පුංචි මලක් ඉන්නව අද ආශවට රකිද්දි.

"බුදු අම්මෝ!!!!"

කන් දෙක පලාගෙන යන සද්දෙකින් කෑගහන ගමන් තමන් දෙන්නව පහු කරගෙන ගිය බයික් එක පිටිපස්සට වෙලා මරහඩ තැලුවෙ දිවාෂ කියලා අදුනගත්තු ආශවට හෙල්මට් එක ඇතුලෙදිම හයියෙන් හිනා ගියත් නේත්‍රටනම් බය හිතිලා තිබ්බා.තෙවින්ගෙ බයික් එක ගියේ හුලගට සමාන වේගෙකින්.තමන්ගෙ බඩ වටෙ බැදිලා තිබ්බ නේත්‍රගෙ අත් දෙකට තමන්ගෙ එක අතකින් තට්ටු කරලා සන්සුන් කෙරුව ආශව ආපහු පාරක් තමන්ගෙ ගමන හරි පරිස්සමින් ආරම්භ කලා.

"හෙමින් පලයං පකයො"

"ඇහෙන්නෙ නෑ යුගාආආආආඅන්න්න්න්න්න්!!! මොකද්ද!!!!!!"

"මහ කුමාරිහාමිට හාල් ගරන්න.....යකෝ ඔය ටිපර් එකක් එනවා"

දිවාෂ බයික් එක පිටිපස්සට වෙලා තෙවින්ව හයියෙන් අල්ලගෙන මර හඩ තල තල කෑගහද්දි හුලං ගහන වේගෙ නිසා කිසිම දෙයක් නෑහුණු තෙවින් තමන් යන විදියටම බයික් එක පැදගෙන ගියා.තෙවින් කොලඹ ඉන්න කාලෙ ඉදලම මේ බයික් එක පාවිච්චි කල නිසා තෙවින්ට ඒක හසුරුවන්න අමාරු වුණේ නෑ.ඒත් දිවාෂ ඒ ගැන දන්නෙ නෑනෙ.ඇරත් දිවාෂ බයික් එකක මෙහෙම වේගෙන් යන පලවෙනි වතාව නිසා සෑහෙන්නම බය වෙලා හිටියා!

"මැරෙන්න බෑ දැන්ම මට...යකෝ තාම කෙල්ලෙක්වවත් ඉඹලා නෑ මම"

"බිම්බා දේවිය? ඒ කවුද?"

"පොල් කෝම්බ? උබට මොකටද?"

"පොල් ගන්න ඕනිද? කෑම උයන්නද?"

"කෑදැත්තා?"

"අද නම් ඕනි තරම් කෑගහන්න යුගාන්....මගෙ කන කීං කීං ගාන්නෙ නෑනෙ"

"ඇද උඩ? ඇද උඩ මොනාද? වලත්තයා"

මහා ලොකු සටනකින් පස්සෙ හොද පණ ගිය දිවාෂ තෙවින් එක්ක පාකින් ලොට් ඒකේ බයික් එක නවත්තලා බහිද්දි දිවාෂ එහෙම්මම තෙවින්ට හේත්තු උනේ කැරකිලි ගතිය නිසා.එහෙම්මම දිවාෂව බයික් එකට හේත්තු කරපු තෙවින් ඒ හරියෙම තිබ්බ කඩේකින් වතුර බෝතලයක් අරගෙන ඇවිත් දිවාෂට වතුර ටිකක් පෙව්වෙ සමාව ඉල්ලන ගමන්මයි.

ටික වෙලාවකින් නේත්‍ර එක්ක ආව ආශව බයික් එක නවත්තලා බයික් එකෙන් බැහැලා නේත්‍රවත් උස්සලා බැස්සෙව්වා.නේත්‍රව බිමට බස්සවපු ආශව නේත්‍රගෙ හෙල්මට් එක ගලවලා තමන්ගෙ සාක්කුවෙ තිබුණු පුංචි පනාවකින් නේත්‍රගෙ කොණ්ඩෙ පිලිවෙලකට පීරුවා.තමන්ගෙ අතින් තමන්ගෙ කොණ්ඩෙ ටිකක් අවුල් කරගත්තු ආශව බයික් එකේ කණ්නාඩියෙන් මූන බලන ගමන් කොණ්ඩෙ අස්සෙන් ඇගිලි යවලා කොණ්ඩෙ හදාගත්තා.

දෙවිනුත් දෙනෙත් එක්ක ආවට පස්සෙ ජෝඩු තුනම කූල් ප්ලැනට් එකට ගියේ ඒකෙ හරියන ඇදුමක් නැති වුණොත් නොලිමිට් එකට හරි යන්න හිතාගෙන.කොහොමත් ඒ හරියෙ හොද ඇදුම් කඩවල් කීපයක්ම තිබ්බා.නේත්‍රගෙ අතින් අල්ලගත්තු ආශව කිසිම පිරිමියෙක්ගෙ ඇගේ වැදෙන්න නොදී නේත්‍රව පරිස්සමින් ශොප් එක ඇතුලට අරගෙන යද්දි දිවාෂ නම් මේක ශොප් එකක් කියලවත් නොහිතා තමන්ගෙ ඉස්සරහින් ගිය තෙවින්ගෙ පස්සට හයියෙන් පාරක් ගැහුවෙ බයික් එකේ හයියෙන් ආව එකේ පලිය ගන්න හිතාගෙන.

පිරිමි අයගෙ ඇදුම් තියෙන තට්ටුවට ගිය ඉලන්දාරි හතර දෙනා පාඩුවෙ ඇදුම් තෝරන්න ගනිද්දි දෙවින්ටනම් මහන්සි වෙන්න දෙයක් තිබ්බෙම නෑ.හොද ඇහැක් තිබ්බ දෙනෙත් දෙවින්ට ගැලපෙනම ඇදුම මොකද්ද කියලා තෝරද්දි දෙවින් හරි ආදරෙන් දෙනෙත් දිහා බලාගෙන හිටියා.ආශව තමන්ගෙ ලගින්ම නේත්‍රව තියාගෙන නේත්‍රට කැමති ඇදුමක් තෝරගන්න අවස්ථාව දීලා තිබ්බා.

"මේ....මේක ගන්නම්කො යුගාන්"

"මිනිහො! ඇදුම් ගන්න ආවෙ පිරිතකට....තෝ ඔය ඉරිච්ච ලබ්බවල් නම් අදින්න හදන්න එපා.දෙයියම්පල්ලා මම ඉදිකට්ටක් අරගෙන ඇවිල්ලා ඔය ටික මහනවා හැබැයි!"

"හරි හරි කෑගහන්න එපා යුගාන්....මම පැච් නැති ඩෙනිම් එකක් ගන්නම්"

"වැදගත් විදියට අදින්න ගනින්.ටික්ටොක් කරන උන් වගේ නැතුව.....අනික තමුසෙ ඊලගට එන්න ඉන්නෙ අපේ ඉස්කෝලෙට! ගැලපෙන විදියට හැඩ ගැහියන් දැන්ම.මෙහෙ වරං ගොං බක්කා...මම තෝරන්නම් ඇදුමක්"

තෙවින්ව අතින් අල්ලගත්තු දිවාෂ තෙවින්ට කුටු කුටු ගගා බැන බැනම ශර්ට් තියෙන පැත්තකට ඇදගෙන යද්දි තෙවින් නම් හිටියෙ තමන්ගෙ හේදිලා යන නම්බුව ගැන හුගාක් දුක් වෙලා.ශොප් එකේ හිටිය වෙලද සේවක සේවිකාවො ටික හිනාව තද කරගෙන බිම බලාගනිද්දි තෙවින් දිවාෂට හිතින් දෙස් දෙවොල් තියන ගමන් ඒ පිටිපස්සෙන් ඇදිලා ගියා.

මේ අතරවාරෙදි නේත්‍රටයි ආශවටයි වෙලා තිබ්බෙ වෙනම අකරතැබ්බයක්.ශොප් එකේ හිටිය හරි මෝස්තරේට ඇදලා පැලදලා හිටිය ගෑනු ලමයෙක්ගෙ ඇස් නිතරම නේත්‍ර දිහාවට හැරෙන හැටි ආශව හොදට බලාගෙන හිටියා.එක පාරටම ඒ ගෑනු ලමයා දිහා බැලුව නේත්‍ර ඒ ගෑනු ලමයා හිනා වෙද්දි පෙරලා සුහද හිනාවක් පාපු ගමන්ම මූණත් රතු කරගත්තු ඒ කෙල්ල ලග හිටිය යාලුවට මොකක් හරි කුටු කුටු ගාලා හිනා වෙලා කියලා ලැජ්ජාවෙන් වගේ ආයෙමත් නේත්‍ර දිහා බැලුවා.මේ කිසිම දෙයක් නොදන්න නේත්‍ර පුංචි කොලර් එකක් තියෙන අත් වැලමිට ලගට වගේ තියෙන සුදු කමිසයක් ආශවට පෙන්නද්දිත් ආශවනම් හිටියෙ අර කෙල්ලව මරන්නෙ කොහොමද කියලා හිතින් සැලසුම් කරන ගමන්.

"සුදුබේබි,මේක හොදයිද?"

"ම්ම්ම්ම්ම්????"

"මේක"

"නේත්‍ර අතන ඉන්න ගෑනු ලමයව දන්නවද ඔයා?"

"කොයි?"

"අර කලින් හිනා වුණේ?"

"නෑ සුදුබේබි....මට අපේ අක්කව මතක් වුණා.ඒකයි හිනා වුණේ.ඇයි?"

"නෑ මුකුත් නෑ...කෝ මොකද්ද දැන් මගෙ මැණික ගන්න යන්නෙ?"

"මේක හොදද සුදුබේබි?"

"ඔය ජාතියෙන්ම එකක් මටත් ගමු"

නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව එතනින් තමන්ගෙ සයිස් එකට ගැලපෙන කමිසයක් අරගෙන නේත්‍රගෙ උරහිස් දෙකට අත් තියාන නේත්‍රව ඉස්සරහට කරගෙන යන්න ගත්තෙ ඇදුම් ෆිටෝන් කරලා බලන්න ඕනි නිසා.ඒත් පිටිපස්සෙන් ඇහුනු "ස්ස් ස්ස්" සද්දෙ නිසා රබර් ඇහැ දාලා බැලුව ආශව දැක්කෙ මොකක් හරි අතේ තියාගෙන අර ගෑනු ලමයා නේත්‍ර දිහාම බලාගෙන තමන් ඉන්න පැත්තට ඇවිදගෙන එන හැටි.ආශවට තවත්නම් ඉවසන්න බැරි වුණා.මොකද ආශව නේත්‍රට නොසෑහෙන විදියට ලෝබයි!

ඉන්න විදියටම අත් දෙක තියාගත්තු ආශව නේත්‍රට හිතන්නවත් වෙලාවක් නොදී නේත්‍රව තමන්ගෙ පපුවට ඇදලා ගද්දි පරඩැල වගේ ඇදිලා ආව නේත්‍රත් නේත්‍රගෙ පිට ආශවගෙ පපුවට තද වෙන විදියට ආශවගෙ අත් අතරෙ හිර වුණා.ඒත් එක්කම මොකක් හරි මනමාල කතාවක් නේත්‍රගෙ කනට කරලා කිව්ව ආශව රතු වෙමින් හිටිය නේත්‍රගෙ බෙල්ලට පාත් වෙලා ඒ බෙල්ල දිගේ තෙත හාදු කීපයක්ම තැවරුවා.ආශවගෙ පුංචි ස්පර්ශෙකටත් අඩපණ වෙන නේත්‍රගෙ මුලු ඇගම ඒ වැඩේ එක්ක වෙවුලලා යද්දි ආශව රබර් ඇහැ දාලා ආපහු පාරක් අර ගෑනු ලමයා දිහා බැලුවා.

"අපි යමු බේබි"

"හ්....හා හා"

ආශව තමන්ට කතා කල අමුතුම නම හින්දා තව ටිකක් ලැජ්ජා වුණු නේත්‍ර බිම බලාගෙනම ආශවගෙ අතින් අල්ලගද්දි ආශව පිටිපස්ස හැරිලා කට කොනකට හිනාවක් නගාගෙන අර ගෑනු ලමයා දිහා බලලා අහක බලාගත්තා.ඒ කෙල්ලගෙ ඇස් ලොකු වෙලා කටත් ඇරිලා තියෙද්දි නේත්‍රගෙ කරවටේ අත දාගත්තු ආශව තමන් නේත්‍රට බේබි කිව්වෙ ඒ කෙල්ලට ඇහෙන්න බව මතක් කර කරම හිනා වෙවී ෆිටෝන් රූම් පැත්තට යද්දිනුත් දෙවින් ඇදුමක් ඇදන් ඒකෙ හැඩ දෙනෙත්ට පෙන්නන ගමන් හිටියා.

ශාලාවෙ කොනේම තිබ්බ ලස්සන සුදු ශර්ට් එකක් තෙවින්ට තෝරලා දුන්නු දිවාෂ තෙවින්ගෙ වදේ නිසාම ඒ ජාතියෙ තව ශර්ට් එකක් තමන්ට තෝරගත්තා.දෙන්නා එක්ක ෆිටෝන් රූම් පැත්තට ඇදෙද්දිම ඇහුණු ගෑනු කටහඩ නිසා නැවතුනු දිවාෂ පිටිපස්ස හැරිලා බලද්දි තෙවින්නම් හිටි තැනම ගල් ගැහිලා තමන්ගෙ කට ඇද කරගත්තා.

"ඕහ්හ්හ් තේව් බේබි......මට ඔයාව කොච්චර නම් මිස් උනාද?"

...................................................................................................

වචන 4650+ හරිත😾❤️

නේට්ටට වද දිදී කෑම උයෝගන්න සුදුබේබි😪🥺❤️

සුදු අයියා ආයෙ සුදුබේබි කලේ ඇයිද කිව්වොත්,

සුදුඅයියා කියලා කතා කීපෙකම තියේනෙ බබාලා....ඒත් සුදුබේබි තියෙන්නෙ මේකෙ විතරයි.කතාවට අමුතුම අනන්‍යතාවක් එනවා සුදුබේබි කියන නමින්🌚❤️අනික නේත්‍රට උනත් අවංකවම හුරු නම සුදුබේබිනෙ🥺❤

අනික අදටත් හැමෝම කියන්නෙ "නේට්ටගෙ සුදුබේබි" කියලනෙ🙈❤️ ඉතින් දිගටම එහෙමම වෙයි🥺❤️

මම හිතනවා ඒ වෙනස් කල කැල්ල,ඒ වෙනසට හේතුව මම චැප්ටර් එකේ ඒ කොටසින් හොදට ලියලා ඇති කියලා ❤️

අනික විශේෂෙන්ම කියන්න ඕනි,

මේ කතාවෙ සමහර චරිත මම ලියන්නේ ඇත්තම මිනිස්සුන්ගෙ චරිත වලින් අරගෙන🥺❤️

දෙවින් තෙවින් දිවාෂ කියන්නෙ මගෙ ජීවිතෙන් ඇත්‍තටම හම්බුන චරිත

ඉතින් බබාලා,

කියන්න ලොකු දේවල් නෑ🥺❤️

අර මැද්දෙන් මැද්දෙන් දාන කමෙන්ට්ස් වලට මම හරි ආසයි🥺❤️

අදහසක් කියන් යන්න හැමදාම වගේ🥺❤️

මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤

එහෙනම් මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter