Back
Chapter 38

37 කොටස🤍✨

නිවාලන්න මා...

ඉරුගල්බණ්ඩාර වලව්ව අදනම් හරි පිංවන්ත පාටට සැරසිලා තිබුණා.මේ වෙද්දිනුත් වලව් වත්තම ආවරණය වෙන විදියට ගහලා තිබ්බ සුදුපාට හට් එක ඇතුලෙ ප්ලාස්ටික් පුටු වගේම පැදුරු වාගයක් ගොඩ ගහලා තිබ්බා.අද හවස් යාමෙ එලඹුනාම පවත්තන්න නියමිත වෙලා තිබ්බ පිරිත් සජ්ජායනාවට ඕනි කරන හැම වැඩක්ම මේ වෙද්දි ඉවර වීගෙන යමින් තිබුනා.වලව් සේවකයො පිරිස ලහි ලහියෙම කැවිලි පෙවෙලි ටික ලෑස්ති කලේ හවහට වලව්වට ගොඩ වෙන මිනිස්සුන්ගෙ සංග්‍රහ කටයුතු සදහා.අතිරස,කොකිස්,නාරං කැවුම් වගේ දේවල් හදලා ඉවර වෙලා තිබ්බත් මුංඇට කැවුම්නම් තවම හදලා ඉවර කරලා තිබ්බෙ නෑ.

කොට කලිසමක් ඇදගෙන ඒකටම හරියන ලොකූම ලොකු කමිසෙක පුරුදු විදියට ගිලිලා හිටිය නේත්‍ර එලිමහන් ලිපේ තියෙන තෙල් තාච්චිය ලග බංකුවක ඉදන් හිටි නිර්මලා ලග ඇණ තියාගෙන හිටියා.නේත්‍ර ලගම සිමෙන්ති ගලක් තියාගෙන ඒක උඩ පස්ස තියන් ඉදන් හිටිය දිවාෂගෙ ඔලු ගෙඩියත් තෙල් තාච්චිය ඇතුලට එබිලා තිබ්බා.ගාණට කෑලි කපලා තිබ්බ මුංඇට කැවුම් මිශ්‍රණෙන් කෑල්ල කෑල්ල අතට ගත්තු දිවාෂයි නේත්‍රයි දෙන්නා තරගෙට වගේ ඒ කෑලි පාන් පිටි දියාරු දැවටුමේ ඔබලා තෙල් තාච්චියට දාද්දි නිර්මලා කැවුම් ටික රන්වන් පාට වෙන්න බැද බැද ඒ ලගම තිබ්බ භාජනේට අඩුක් කලා.වලව් මුලුතැන්ගෙයි වැඩ කරන සුපිපි කෙල්ල සිසිල් බීම වීදුරු උස්සගෙන ඇවිත් වැඩ කරන සේවකයො ටිකට අල්ලගෙන යද්දි බීම වීදුරු දෙක අත් දෙකෙන් ගත්ත නේත්‍ර නිර්මලාටත් බිම පොව පොව තමන්ගෙ බීම එකත් බොන්න ගත්තා.

හෝරාවක් දෙකක් ගත වෙන තැන කැවිලි පෙවිලි වල වැඩ කටයුතුත් හමාර වීගෙන එමින් තිබ්බා.විටින් විටේ වැඩ බලන මුවාවෙන් වලව් මුළුතැන්ගෙට රිංගන වලව්වෙ සුදුබේබි තමන්ගෙ පුංචි ආදරවන්තයගෙ කොහෙට හරි ඇනලා ඒකව රතු ගස්සවලා මුකුත් නොවුණා වගේ අර ආඩම්බරකාර ගමනින්ම මුළුතැන්ගෙයින් එලියට යනවා.ආයෙ විනාඩි දහයක් ගත වෙන්නත් කලින් වැඩ කටයුතු වල සුපරීක්ෂණේට එන සුදුබේබි පිලිකන්නට වෙලා වැඩ පල කරන නේත්‍රගෙ කට අස්සට කේක් කෑල්ලක් හරි බිස්කට් එකක් හරි ඔබලා මුකුත් නොකලා වගේ සැක නොහිතෙන විදියට ආයෙමත් මුළුතැන්ගෙයින් පිට වෙනවා.නේත්‍ර ආශවගෙ මේ වැඩ නිසා සෑහෙන්න අසරණ වෙලා හිටියත් ආශව කපටිකම් හොදට කරන්න දන්න නිසා මේවා කාටවත් අහු නොවී කරනවා කියලා නේත්‍ර දැනන් හිටිය නිසා නේත්‍රගෙ හිත කලබල වුණේ නෑ.

ටිකෙන් ටික හවස් යාමය එලඹෙද්දි මුළු වලව්වම හරි අපූරුවට සුදුවතින්ම හැඩ වුණා.දෙවින් තෙවින් දෙන්නත් ඇවිල්ලා පිරිත් මණ්ඩප්පෙ ගහන ඉලන්දාරියො ටිකට අත් උදව් දෙද්දි ආශවගෙ ඇස් නම් තිබුණෙම වලව්ව පුරා දුවලා පැනලා වැඩ කරන නේත්‍ර ලග.නේත්‍රව අල්ලගන්න උදේ ඉදලා කොච්චර වුවමනාවක් තිබුණත් වැඩත් එක්කයි වලව්වෙ හිටිය සෙනග එක්කයි ඒ දේ මගෑරෙද්දි එහෙන් මෙහෙන් නේත්‍රව කොනිති ගැහුවා මිසක් ආශවට නේත්‍රගෙ උණුහුම හිතේ හැටියට විදගන්නනම් පුළුවන් වුණේ නෑ.ඔය ඔක්කොම මතක් වෙද්දි පිරිත් මණ්ඩප්පෙ හදන්න ගෙනාව ගොක් කොල අත්තක් පොලවෙ ගැහුව ආශව අඩි හප්ප හප්ප උඩු මහලට යද්දි එතන හිටිය ඉලන්දාරි ටික විනාඩි ගාණක් තුෂ්ණීම්භූත වෙලා ඉදලා ආයෙමත් වැඩ පටන් ගත්තා.

කාමරේට ගිය ආශව ඇද උඩින් ඉදගත්තෙ දැනුන පාළු ගතිය නිසාමයි.උදේ ඉදන්ම නේත්‍ර වැඩ වලට කාර්‍යබහුල වෙලා හිටිය නිසා හරි හැටි තමන් එක්ක කතාවත් කරන්න  බැරි වුණු එක ගැන ආශව හිටියෙ හරි හිතේ අමාරුවෙන්.හැමෝම ඉස්සරහ මහ මිනිහෙක් වගේ හැසිරෙන ආශව නේත්‍ර ඉස්සරහ හුරතල් වුණේ,ආදරේ හෙව්වෙ පුංචි දරුවෙක් වගේ.ආශවට පුංචි කාලෙ ඉදන් මගෑරුණු උණුහුමක් නේත්‍රගෙන් ලැබෙද්දි ආශව නේත්‍රට සෑහෙන්නම ඇබ්බැහි වුණා.ඇස් දෙකට පෙනි පෙනී ඉද්දිනුත් නේත්‍ර එක්ක කතා කරන්න,නේත්‍රව හුරතල් කරන්න බැරි උණු නිසා ආශවගෙ හිත හොදටම පෑරිලා තිබ්බා.

"සුදු බේබි.....තේ බොන්න පහලට එනවද? මම ගේන්නද?"

දොර ලගින් ඇහෙන සද්දෙත් එක්කම කාමරේ ඇතුලට ඇදිලා ආව ගැටපිච්ච මල් සුවද අදුනගත්තු ආශව අඩියට දෙකට දොර ලගට ගිහින් දොරකඩට වෙලා හිටිය නේත්‍රව කාමරේ ඇතුලට ඇදලා ගත්තා.ඒ ගමන්ම දොරත් වහලා දැම්ම ආශව නේත්‍රගෙ අතින් ඇදගෙන ඇවිත් ඇද උඩින් ඉදගන්න ගමන් නේත්‍රවත් තමන්ගෙ උකුල උඩින් ඉන්දෝගත්තා.මුකුත් හිතාගන්න බැරුව හිටිය නේත්‍ර ආශවගෙ බලපෑම් වලට යටත් වෙලා උකුලෙන් ඉදගනිද්දි ආශව නේත්‍රගෙ ඉණ වටේ අත් දෙක යවන ගමන් ඒ පුංචි පපුවට තුරුල් වුණා.

"සුදුබේබි......"

"මෙහෙම ටිකක් ඉන්න දෙන්න නේත්‍ර......මට හරි පාලුයි"

නේත්‍රගෙ පුංචි අතක් ආශවගෙ කෙස් අතරින් ගමන් කරද්දි ආශව නේත්‍රගෙ පපුවට ඔලුව තියාගෙන සැනසුම් සුසුම් හෙලන්න ගත්තා.අද උදේ ඉදන්ම නේත්‍රගෙ උණුහුමේ අඩුව හරි හරියට දැනිලා තිබ්බ ආශව ඉඩ ලැබුණු වෙලාවෙ තමන්ගෙ හිත ඇති තරම් සැනසීමෙන් පුරවගනිද්දි නේත්‍ර ආශවට දැනෙන නොදැනෙන ගාණට ආශවගෙ ඔලුව උඩින් සියුම් හාද්දක් තියලා ඉක්මනටම අහක බලාගත්තෙ ඇති වුණු ලැජ්ජාවටමයි.නේත්‍රගෙ පපුව උඩින් නේත්‍රට ඩිංගක්වත් නොදැනෙන ගානට හාදුවක් තැවරුව ආශව හෙමීට නේත්‍රගෙ පපුවෙන් ඔලුව අහකට ගත්තෙ නිකමට හරි ඕක නේත්‍රට තේරුනානම් එහෙම බඩු මුට්ටුත් පෙරලගෙන පහලට දුවන වග දැනන් හිටි නිසා.හොද වෙලාවට නේත්‍රට ඒක දැනිලා තිබුනෙ නෑ.

"සුදුබේබි......"

"ම්ම්ම්ම්"

"දැන් සනීපයක් දැනෙනවද?"

"නේත්‍ර ලග ඉන්න හැම තත්පරේම මට සැනසීමයි"

"බඩගිනි නෑද සුදුබේබිට?"

"ටිකක් බඩගිනියි නේත්‍ර.....ඇයි?"

"මම ආවෙ තේ අරං එන්න අහන්න සුදුබේබිගෙන්.....බඩගින්නෙ ඇත්තෙ කියලා හිතුනා මට"

"නේත්‍රත් බොනවනම් බොමු"

"දැන් වැඩ ඔක්කොම ඉවරයි සුදුබේබි....මම තේ එකක් හදාන එන්නම් එහෙනම්"

ආශවගෙ උකුලෙන් බහින ගමන් නේත්‍ර කියද්දි ආශව ආපහු පාරක් නේත්‍රගෙ ඉණ වටේ තමන්ගෙ අත් දෙක පටලගෙන නේත්‍රගෙ බඩ උඩින් ඔලුව ගහගත්තා.මොන හේතුවක් නිසා හරි ආශව අද වෙනදට වඩා ලොකු දුකකින් ඉන්නවා වගේ දැනුනු නිසා නේත්‍ර ආශවගෙ ඔලුව සනීපෙට අතගාන්න ගත්තා.ආශවගෙන් පිට වෙන සුසුම් වැල් නිසා ආශවගෙ නොසන්සුන්කම තේරුම් ගත්තු නේත්‍ර හෙමීට තමන්ගෙ හඩ අවධි කලා.

"සුදුබේබි......"

"ඕ නේත්‍ර......"

"මොකක් හරි ප්‍රශ්නයක්ද සුදුබේබි?"

"එහෙම මුකුත් නෑ මැනිකෙ"

"නේත්‍ර ලොක්කෙක්නම්  නෙවේ තමා.ඒත් නේත්‍රට පුලුවනි අහගෙන ඉන්න සුදුබේබිව"

"ඔයාවත් දන්නෑ නේත්‍ර ඔයා කොච්චර ලොක්කෙක්ද කියලා.ඔයාට තුරුල් වෙලා ඉන්න හැම තත්පරේකදිම මට හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා ගිහින් සැනසීමක් එන්නෙ....පුදුම තරම්"

"සුදුබේබි......මම ආදරෙයි සුදුබේබිට"

"මම ඇත්තටම කාලකණ්ණියෙක්ද නේත්‍ර?"

"දෙයියෝ සුදුබේබි!!! මේ බලන්න"

ආශවගෙ කකුල් දෙක පාමුල දණ ගහගත්තු නේත්‍ර ආශවගෙ අත් දෙකෙන් අල්ලගෙන ඒ මූණට එබුණා.ඒත් නේත්‍රව අතින් අල්ලලා ඇදට ගත්තු ආශව ඉක්මනටම නේත්‍රව තුරුල් කරගෙන ආපහු පාරක් නේත්‍රගෙ පපුව අස්සෙ මූණ ගහගත්තා.සාමාන්‍යෙන් මේ විදියට වෙනදට හැසිරෙන්නෙ නේත්‍ර උනත් අද ආශව සෑහෙන්න අමුතුවට හැසිරුණා.සාමාන්‍යෙන් දාහකට ගහන්න වගේ ඉන්න ආශව මේ වගේ හැසිරෙන එක නේත්‍රට උනත් ටිකක් ආගන්තුක උනාට ඒ ඉන්නෙ නේත්‍රගෙ සුදුබේබි! ඉතින් ඒ උණුහුමේ,ඒ ස්පර්ශෙ නේත්‍රට ආගන්තුකබවක් කොහෙද? නේත්‍රත් ආපිට ආශවව තුරුල් කරගෙන නිහඩවම හිටියෙ ආශව කතා කරනකං.

"දැනුම් තේරුම් තියෙන කාලෙක ඉදලා මම උපන්දිනේ දවසට ආසා නෑ නේත්‍ර......මට මහා එපා වුණු හැගීමක් එනවා"

"සුදුබේබි?"

"මම නිසා මගෙ අම්මා නැති වුණා......පුංචි අම්මගෙ තරුණ කාලෙම මම වෙනුවෙන් කැප කරගෙන.....එයාගෙත් ජීවිතේ විනාස වුණා නේත්‍ර..."

"දැන් කවුද ඔව්වා සුදුබේබිට කිව්වෙ?"

"කිව්වා නෙවේ නේත්‍ර....මට හිතෙනවා.මම නිසා ජීවිත කීයක්නම් විනාස උනාද? උපන්දිනේ දවසට මට හිතෙන්නෙම ඇයි මම ඉපදුණේ කියලා"

"සුදුබේබි!!!!"

"න්....නේත්‍ර?"

"නවත්‍තගන්න සුදුබේබි.....අනේ නවත්තගන්න!!!!"

නේත්‍රගෙ ඉකිගැහිල්ලත් එක්ක ආශවගෙ කටේ තිබුණු වචන ඔක්කොම ලොප් වෙලා ගියා.ආශවට හෙලවෙන්නවත් නොදී තද කරලා තමන්ගෙ පපුවට තද කරලා තුරුල් කරගනිපු නේත්‍ර හයියෙන් අඩන්න ගත්තා.නේත්‍රගෙ කදුළුත් එක්ක ආශව කලබල වෙලා නේත්‍රගෙ මූණ බලන්න හැදුවත් නේත්‍රගෙ අත් වල ග්‍රහණෙන් ආශවට ගැලවෙන්න අමාරු වුණා.

නෑ...ආශවගෙ ශක්තිය එක්ක ආශවට නේත්‍රගෙ අත් වලින් ගැලවෙන්න පුළුවන් උනත් නේත්‍රගෙ ග්‍රහණෙ තිබ්බ දැඩි බව එක්ක තමන් ඒ අත් දෙක ඈත් කලොත් නේත්‍රට රිදෙන්න පුළුවන් වග ආශව දැනගෙන හිටියා.ආශවට එහෙමවත් නේත්‍රට වේදනාවක් දෙන්න ඕනි වුණේ නෑ.

"ඇයි සුදුබේබි ඔහොම කියන්නෙ? මම දන්නවා....සේනාධිනායක මුදලිගෙ නෝනා මහත්තයා අවුරුදු ගාණකට කලින් කිව්ව වචන ටික නිසානෙ සුදුබේබි ඔය විදවන්නෙ?"

"හිතන්න සුදුබේබි,සුදුබේබි නොයිපදුනානම් මට කවුද ඉන්නෙ?"

"එහෙනම් අදටත් නේත්‍ර කියන්නෙ හැමෝගෙන්ම බැනුම් අහන ගුටිකන කොල්ලෙක්.....ඉගෙන ගන්න විදියක් නැතුව ඔහේ ජීවත් වෙන කොල්ලෙක්....."

"සුදුබේබි නැත්තං නේත්‍රට මේ වෙද්දි කරදරයක් උනත් වෙලා තියෙන්න පුළුවන්.....සමහරවිට නේත්‍රත් ජීවතුන් අතර නැති වෙන්න පුළුවන්"

"සුදුබේබි නොදන්නවා උනාට සුදුබේබි ඉපදුනේ නේත්‍ර වෙනුවෙන්.......මම වෙනුවෙන් සුදුබේබි ඉපදුනේ....."

"ආයෙ ඔය වගේ කතා කියන්න එපා රත්‍තරං සුදුබේබි.....මගෙ පපුව පැලෙන්න වගේ එනවා එතකොට"

"සුදුබේබිගෙ අම්මා ගෙනාව ආයුෂ ඒක වෙන්න ඇති සුදුබේබි....ඉතින් සුදුබේබි මක් කරන්නද? සුදුබේබිට ආදරේ නැති මිනිස්සු කියන දේවල් වලින් ඇයි මගෙ සුදුබේබි ඔය ඔලුව පුරවගන්නෙ?"

"සුදුබේබි නැත්තං නේත්‍ර කෙනෙකුත් නෑ සුදුබේබි....අන්න ඒ දේ විතරක් සුදුබේබි මතක තියාගත්තම ඇති"

නේත්‍ර ආශවව තමන්ගෙ පපුවට තුරුල් කරගෙන කියවද්දි නේත්‍රගෙ ඇස් වලින් ගලන කදුලු වලින් ආශවගෙ කොන්ඩෙ යම් තරමකට තෙත් වෙලා තිබ්බා.හෙමීට නේත්‍රගෙ අත් වල ග්‍රහණෙ ලිහිල් කෙරුව ආශව නේත්‍රව තමන්ගෙ තුරුලට ඇදලා අරගෙන කල්පනා කරන්න ගත්තෙ ඇත්තටම නේත්‍ර කිව්ව දේවල් හරි නේද කියන එක.තමන් ආදරේ කරන,තමන්ට ආදරේ කරන මිනිස්සු කිසිම කෙනෙක් අද වෙනකං තමන්ගෙ හිත රිදෙන දෙයක් කියලා නැති වෙද්දි කොහෙවත් යන ගෑනියක් කිව්ව දේවල් ඔලුවට ගත්තු එක ගැන ආශව පසු තැවුණා.තමන්ගෙ ඕනි නැති විදියෙ හිතිවිල්ලක් නිසා නේත්‍රගෙ ඇස් වලට කදුළු ගෙන්නවපු එක ගැන ආශව තමන්ටම තරවටු කරගත්තා.

"සැනසීමයි නේත්‍ර.....ඔයා ලගදි හුගාක් සැනසීමයි"

නේත්‍රව පපුවට තුරුල් කරගත්තු ආශව හෙමින් මුමුණන ගමන් නේත්‍රගෙ නලල් තලෙන් හාදු තවරද්දි හැමදාම තමන් ආදරේ කරන ඒ පිරිමි පපුවට ගුලි වුණු නේත්‍ර තව තවත් ඒ උණුහුම අස්සෙ කිමිදෙන ගමන් සන්සුන් වුණා.

කාමරේ ඇතුලෙ ප්‍රේමවන්තයො දෙන්නා එකිනෙකාගෙ තුරුලෙ සැනසීම හොයද්දි එලියෙ හිටිය තුන් දෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙ කන් දෙකක් මේ වෙද්දි කාමරේ දොරට ඇලිලා තිබ්බා.

"එහෙම සද්දයක් නෑනෙ දෙවින් පණ"

"ඉකියක් විතරයි ඇහුණෙ දිවාෂ මල්ලි"

"නේත්‍රට ඉකිගහන්නම ආසවයා වැඩේ දෙනවවත්ද දෙවින් පණ?"

"කියන්න බෑ.කියන්න බෑ.මූ අවුරුදු ගාණක් තිස්සෙ තටමෝපුවගෙ ඇරියස් කවර් කරනවද දන්නෙ නෑනෙ"

"ඕකට නගිනවද? මම හිතුවෙ නෑ කියලා"

"යුගාන්! කටනම් හොදටම සවුත්තුයි"

"උබ ඉදපං තෙවින්.....ගැබ්බර අම්මණ්ඩියෙක් ලමයෙකුත් උස්සන් උබව හොයන් එනවා එනවා වගේ එකක් මට පෙනි පෙනී තියෙනවා"

"අම්මෝ!!!!"

දැන් ටිකකට කලින් කාමරේ ලගට ආව ඉලන්දාරියො තුන් දෙනා කාමරේ දොරවල් වහලා තිබ්බ නිසා කන් තියාගෙන ඇතුලෙ වෙන්නෙ මොකද්ද කියලා හොයාගන්න බැලුවෙ හිත් වල තිබ්බ කුපාඩි ගතිය නිසාමයි.හැමදාම වගේ දිවාෂගෙ ගැට වලට අහු වෙන දෙවිනුත් දෙපාරක් නොහිතා ඒ වැඩේ කරන්න පෙලඹෙද්දි දිවාෂගෙ ගැට වලට ලේසියෙන් අහු නොවෙන තෙවින් නම් පැත්තකට වෙලා මේ නාඩගම ඉවර වෙනකං බලාගෙන හිටියා.එකපාරටම කාමරේ දොර ඇරෙද්දි විලාපෙකුත් තියාගත්ත දිවාෂව කාමරේ ඇතුලට රෝල් වෙලා යද්දි දෙවින්නම් බිත්තියක් අල්ලගෙන ඇදගෙන වැටෙන්න ගිය එකෙන් වැලකුණා.කිසිම අවුලක් නොවුණු තෙවින් ඉක්මනටම කාමරේ ඇතුලට ඇවිල්ලා දිවාෂව නැගිට්ටෙව්වා.

"අපි දොර තල්ලු කරන්න හදද්දිමයි ආශවයා උබ දොර ඇරියේ.....ඔව්!!!!"

ආශව අහන්නත් කලින් ටොං පචයක් කෙලලා ඇරිය දෙවින් ආශවගෙ ඇද උඩින් ඉදගනිද්දි නේත්‍ර හෙමීට ඇදෙන් නැගිටලා අහකට වුණා.දෙවින්ගෙ පස්සෙන් ආව දිවාෂත් දඩාස් ගාලා ඇදට පනිද්දි තෙවිනුත් ෆෝන් එක ඔබ ඔබ ඇවිල්ලා ඇදේ කොණකින් ඉදගත්තා.ආශවට පුටුවෙන් ඉදගන්න කියලා සන් කෙරුව නේත්‍ර රතු වුණ මූණත් නාන කාමරෙන් හෝදගෙනම පහල තට්ටුවට දිව්වෙ කට්ටියටම තේ ගේන්න හිතාගෙන.නේත්‍ර කාමරෙන් එලියට පනිනවත් එක්කම දිවාෂ ආශව දිහා රවලා බැලුවා.

"නේත්‍රගෙ මූණ රතු වෙලා තිබ්බෙ ඇයි ආසව? ඇඩුවද නේත්‍ර?"

"ඔව් දිවාෂ"

"ආශවයා,පොඩි එකාව අඩවන්න එපා කියලමයි උබට භාර දුන්නෙ!!!"

"නෑ දෙවින්.එහෙම අවුලකට නෙවේ.මම අද ඕනි නැති මගුලක් කිව්වා.ඒකට දුක හිතිලා ඇඩුවෙ"

"කොහොමහරි ආසව! උබ නේත්‍රව අඩවන්නෙ නැතුව බලාගනින්.නැත්තං මම නේත්‍රව උස්සලා කසාද බැදගන්නවා"

"දිවාෂ!"

"ඇයි මොකත!!!"

"කට්ටියම එන්න තේ බොන්න....තා ටිහකින් ස්වාමීන් වහන්සේලා වැඩම කරාවි"

ආශවගෙයි දිවාෂගෙයි අතරෙ ඇති වෙන්න ගිය තුන් වෙනි ලෝක යුද්ධෙ නේත්‍රගෙ සන්සුන් කටහඩත් එක්ක මැඩ පැවැත්විලා යද්දි ඇදෙන් බිමට පැන්න දිවාෂ බිස්කට් පීරිසිය ඩැහැගත්තා.ඉස්සෙල්ලාම ආශවගෙ තේ කෝප්පෙ ආශවගෙ අතටම දුන්න නේත්‍ර දිවාෂට,තෙවින්ට,දෙවින්ටත් තේ අල්ලලා තමන්ගෙ තේ කෝප්පෙ අතේ තියාගෙන ආශව ලගිම් හිටගත්තා.

"නේත්‍ර පුටුවෙන් ඉදගන්න.මම මේසෙ උඩින් ඉන්නම්"

නේත්‍රව පුටුව උඩින් ඉන්දෝපු ආශව මග් එකත් හයියෙන් අල්ලගෙන ආශවගෙ ශක්තිමත් ලී පොත් මේසෙ උඩින් ඉදගනිද්දි කට්ටියම වල් පල් දොඩෝ දොඩෝ තේ කෝප්ප ටික හිස් කරන්න ගත්තා.ඒත් එක්කම පහලින් එන්න පටන් ගත්තු කෑම සුවදට ඉව කරන්න ගත්තු දිවාෂ තොල කට ලෙව කෑවෙ අද පිරිත් ඇහිල්ල කෙසෙ වෙතත් කන එක මූලික වෙලා තිබ්බ නිසා.

"ඈ ආසව, කේට්රින් එකෙන් නෙවේද කෑම?"

"කේට්රින් තමා දිවාෂ....කජු මාලුවක් හදනවා කිව්වා ඒත් වලව්වෙන්ම"

"ආහ්හ්හ් ඒක තමා.....ඒක නෙවේ වෙන මොනාද දන්නෑ නේද කන්න තියෙන්නෙ?"

"දිවාෂ මල්ලි! පිරිත් අහන්න නෙවේද ආවෙ?"

"ඇත්තටම කිව්වොත් නෑ දෙවින් පණ....මොන පිරිත්ද? කන්න තමා ඕනා"

"කෑම ජාති කීපයක්ම ගේනවා දිවාෂ....මස් මාංශ ඇරෙන්න."

"ඇයි මස් මාළු නැද්ද ආශව?"

"නෑ දිවාෂ....."

"නේත්‍ර මල්ලි,ඇයි ඒ? එලවලු විතරක් කන්නෙ?"

"පිරිතක්නෙ දෙවින් අයියෙ.ඒ වගේ වෙලාවට මස් මාංස හදන්නෙ නෑ.එලවලුත් එක්ක බත් විතරයි.ඒක අර සිරිතක් වගේ එකක්.භූමියෙ පිරිසිදුකම රැකෙන්නත් එක්ක තමා පිලී ජාති ගේන්නෙ නැත්තෙ"

"ම්ම්ම්ම්ම්......."

"ඔය මිනිස්සු මැරුණට පස්සෙ දෙන දාන වලටත් උයන්න එපා කියනවා නේහ්?"

"ඕ තෙවින් අයියෙ.උයන්න එපා කිව්වට මිනිස්සු උයනවා"

"ඇයි ඒ උයන්න එපා කියන්නෙ?"

"පෞ සිද්ධ වෙනවනෙ දිවාෂ ඉතින්.අපි දානයක් කියලා උනත් කරන්නෙ පිංකමක්නෙ"

"එහෙමත් එකක්ද?"

"ඔව්.අනික කියනව අපි ඒ කපලා කොටලා උයන්නෙ අපේ මලගිය ඥාතියවද දන්නෙත් නෑ කියල"

"ඒ කිව්වෙ?"

"ඒ කියන්නෙ දිවාෂ,මැරිච්ච කෙනා මාලුවෙක් වෙලා ඉපදිලානම් එහෙම? අපි එයාගෙ දානෙදිම එයාවනෙ උයාගෙන කන්නෙ"

"ම්ම්ම්....ඒත්"

"මොකද්ද ඒත්?"

"බැරි වෙලා හරි මැරිච්ච ඩයල් එක එලවලුවක් වෙලා ඉපදුනොත්?!!!"

"යුගාන්!!!!"

"දිවාෂ මල්ලි!!!"

"අයියෝ දිවාෂ!!!"

"අනේ මේ දිවාස!!!"

"කෑගහන්නෙ ඉතින්? ඇත්තටනෙ ඇහුවෙ.කවුද දන්නෙ එලවලු වෙලා ඉපදෙන්නෙත් කලින් ආත්මෙක මිනිස්සු වෙලා හිටි අයද කියලා.මොකෝ අපි එලවලුවෙන් අහලා දැනගන්න කියලයෑ?"

දිවාෂ කුටු කුටු ගගා ඔක්කොටම බනින ගමන් තේ එක උගුරට දෙකට ගහලා දාන්න ගනිද්දි අනික් අය තමන්ගෙ හිනාවල් තද කරගෙන දිවාෂ දිහා බලාගෙන හිටියා.කේන්ති ගිහින් හීනි වුණු ඇසුයි පිම්බුණු කම්මුලුයි එක්ක ඇදේ හරි මැද එරමිණියා ගොතාගෙන නාහෙන් පිඹ පිඹ තේ එක බොන දිවාෂව බලාගෙන ඉන්න වටින තරම් ලස්සන දර්ශනයක් උනා.

දෙවින් දිවාෂ තෙවින් තුන්දෙනාම පිරිත් පිංකමට ගත්තු ඇදුම්ම ඇදන් ඇවිත් තිබුනෙ පිංකම පටන් ගන්න කාලවේලාවත් කිට්ටු නිසා.නාන කාමරේට ගිය ආශවත් නාගෙන කරගෙන ඇදුමත් ඇදන් එලියට ඇවිත් යාලුවො ටිකව කාමරෙන් පිට කලේ නේත්‍රවත් ලෑස්ති කරන් එන්න හිතාගෙන.නේත්‍ර ඇදුනුත් අරං ඇවිත් තිබ්බ නිසා ආශවගෙ නානකාමරෙන්ම නාගත්තු නේත්‍රත් සුදු ඇදුම ඇදගෙන ආශවගෙ පිටිපස්සෙන් පඩිපෙල බැහැගෙන එද්දි මිනිස්සු එකා දෙන්නා වලව්වට රැස් වෙමින් තිබුණා.

...................................................................................................

"භූතපුබ්බං භික්ඛවේ දේවාසුරසංගාමෝ සමුපබිබු හෝ අහෝසි....අටබෝ භික්ඛවේ සක්කෝ දේවානමිද්දෝ දේ තාවතිංසේ ආමත්තේයි.....සචි මාරිසා දේවානං සංගාමගතානං උප්පජ්ජෙය්‍ය භයං වා....ජම්භිතත්තංවා ලෝමහංසෝ වා මමෙව තස්මිං සමයේ ධජග්ගං උල්ලෝකෙයය්‍යාථ, මං හි වෝ ධජග්ගං උල්ලෝකයතං, යං භවිස්සති භයං වා ජමිම්භිතත්තංවා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති......"

වලව්වෙ දොරකඩ ලග දණ ගහපු ආශව තමන්ගෙ දෝතින්ම අරගත්තු වතුර වලින් වලව්වට වැඩම කරපු ස්වාමීන් වහන්සේලාව නමස්කාරපූර්වකව පිලිගත්තා.දැහැත් වට්ටියක් නැවත වරක් පිලිගන්නලා පිරිත් සජ්ජායනාවට ආරාධනා කෙරුව ආශව පිරිත් මණ්ඩපයෙන් එලියට ආවට පස්සෙ පන්සිල් සමාදන් වීමෙන් අනතුරුව පිරිත් සජ්ජායනාව ආරම්භ වුණා.

ගොක්කොල වලින් සකසපු පිරිත් මණ්ඩප්පෙ වලව් විසිත්ත කාමරයෙන් බාගෙක විතර ඉඩක් අයිති කරගනිද්දි වලව් විසිත්තකාමරය වගේම වලව්වෙ ධවල පැහැ පිටත බිත්ති වල උඩ ඉදන් පහලට කඩා වැටෙන ආකාරයට කහ පැහැ ලයිට් වැල් එල්ලලා සකසලා තිබුණා.වලව්වෙ ගේට්ටුව ලග ඉදන් වලව්වට එන පාර දෙපසත් ඒ වගේම ලයිට් වැල් වලින් ආලෝකමත් වෙලා තිබ්බා වගේම වලව් වත්තෙ ඉදලා වලව්වට එන්න සැකසුණු ඒ පාරෙ උඩු වියන් බැදලා තිබ්බෙත් කහ පාටම ලයිට් වැල් වලින්.

මේ වෙද්දි මධ්‍යම රාත්‍රියත් කිට්ටු කරලා තිබුණා වගේම වලව් වත්තෙ ගහලා තිබුනු හට් එකේ කොනටම වෙන්න ඉලන්දාරියො ටික ඉදගෙන හිටියට නේත්‍ර එතන හිටියෙ නෑ.නේත්‍ර ඉන්න මිනිස්සුන්ට තේ අල්ලන්න,කෝපි අල්ලන්න,කැවිලි ජාති අල්ලන්න මහන්සි වෙද්දි කාටවත් සැක නොහිතෙන විදියට උපන්දිනේ තියෙන ලමයා නිසා උදව් කරන මුවාවෙන් ආශව නේත්‍රගෙ පස්සෙන්ම වැටිලා හිටියා.එකම ජාතියෙ සුදු කමිස දෙකක් ඇදගෙන හිටියට නේත්‍ර ඇද හිටිය දණහිස ගාවටම දිග ක්‍රීම් පාට කොට කලිසමයි,ආශව ඇදන් හිටිය දෙපතුලට දිග ක්‍රීම් පාට කලිසමයි නිසා ඒවයෙ ලොකු සමානකමක් කාටවත් පෙනුනෙ නෑ.

නේත්‍ර කියන්නෙ කොහොමත් පරිස්සම් කරන්න ඕනි මැණිකක් කියලා දන්න ආශව නේත්‍රගෙ පිටිපස්සෙන්ම වැටිලා නේත්‍ර යන යන තැන් වලට යද්දි මහ මුදියන්සෙ උනත් ඒක ගණන් නොගත්තෙ අද පිංකම කරන්නෙ ආශව වෙනුවෙන් නිසා ආශව ඒකට උදව් කරනව කියලා හිතාගෙන.නේත්‍ර දිහාට වැටෙන ගමේ සමහර නසරාණියන්ගෙ බැල්මවල් කෙලින්ම නේත්‍රට නොවැදි ආපහු හැරිලා ගියේ නේත්‍ර ගාව පවුරක් වගේ හිටිය සුදුබේබි නිසා.

"ය්...යන්න සුදුබේබි!!! කවුරුහරි දකීවි!!!"

වලව් මුළුතැන්ගෙට වෙලා කෝපි වගයක් වත් කර කර හිටිය නේත්‍ර ගැස්සිලා ගියේ තමන්ගෙ බද වටේ එතුනු එක අතක් නිසා.ආශව තමන්ගෙ ඇගට ඇලෙන්න එනවා වැඩි බව දැක්ක නේත්‍ර ඉක්මනටම ඒකට විරුද්ධ වුණේ අද සෑහෙන පිරිසක් මෙතන ගැවසෙන බව දැනන් හිටිය නිසා.එහෙම්මම නේත්‍රගෙ කම්මුලකින් හාද්දක් තිව්ව ආශව නේත්‍රගෙ රතු වුණු මූණ දිහා හිනා වෙවී බල බලම පීරිසියකින් කැවුම් තියන්න ගත්තෙ නේත්‍ර මූණත් හංගගෙන කෝපි ටිකට සීනි දාලා හැදිගාද්දි.කෝපි ටික කෝප්ප වලට වත් කරගත්තු නේත්‍රව ඉස්සර කරගත්තු ආශව කාගෙවත් ඇගක වදින්න නොදී නේත්‍රව දෙවින්ලා ඉන්න හරියට එක්කන් ගියේ මේ කෝපි එයාලට කියලා දැනන් හිටිය නිසා.

හට් එකේ කොණේම අස්සක හිටිය ඒ ඉලන්දාරි තුන් දෙනා ලගට ආශවයි නේත්‍රයි යද්දි දිවාෂට තෙවින්ගෙ උකුලට ඔලුව තියාගෙනම නින්ද ගිහින් තිබ්බා.ඇස් දෙක පියාගෙන වත්තෙ කොනේ තිබ්බ අඹ ගහේ කදට පිට හේත්තු කරගෙන හිටිය තෙවින් තමන්ගෙ දකුණතින් දිවාෂගෙ පිටට තට්ටු දාන ගමන් හිටිය වගේම දෙනෙත් දෙවින්ගෙ උරහිසට ඔලුව ගහගෙන නිදාගෙන හිටියා.දෙනෙත් ඉක්මනට ඇහැරුණාට දිවාෂව ඇහැරවගන්න ලොකු කට්ටක් කෑව දෙවින් දිවාෂට කෝපි එක දුන්නත් දිවාෂ අනික් පැත්තට දෙවින්ව බදාගෙන නිදාගත්තා.

දිවාෂව දෙවින් ලගින් ගත්තු තෙවින් දිවාෂගෙ කෝපි කෝප්පෙට කටින් පිඹ පිඹ නිවන ගමන් ඒක දිවාෂට පොවද්දි තෙවින්ගෙ පපුවට හේත්තු වෙලා හිටිය දිවාෂත් කෝපි එක නිදිමතේම තොල ගෑවා.දෙනෙත් දෙවින්ගෙ කෝපි එක නිවලා දෙද්දි අතේ බැදන් හිටිය ඔරලෝසුවෙන් වෙලාව බැලුව ආශව එකපාරටම නේත්‍රගෙ අතින් අල්ලගෙන මුළුතැන්ගෙයි පැත්තට ඇදගෙන ගියේ ඉලන්දාරි හතර දෙනාගෙම ඇස් උඩ යද්දි.

"මම උඩට යනවා.....මම ගිහින් ටිකකින් නේත්‍රත් උඩට එන්න....කවුරුහරි ඇහුවොත් කියන්න මගෙ කාමරේ තිබ්බ වීදුරු වගයක් ගේන්න එනවා කියල"

නේත්‍ර පිලිතුරක් දෙන්නත් කලින් ආශව මුළුතැන්ගෙයින් පිට වෙලා යද්දි ටික වෙලාවක් බලාගෙන හිටිය නේත්‍රත් හෙමීට උඩු මහලට ඇදුනා.මුළුතැන්ගෙයි හිටිය සේවකයො දැන් හෙට උදේ හදන්න තියෙන කිරිබත් වැඩේට ලෑස්ති වෙද්දි නේත්‍රව කාගෙවත් අවධානෙකට යොමු වුණේ නෑ.හෙමීට අඩි තිය තිය ආශවගෙ කාමරේ ලගට ගිය නේත්‍ර දොර අරින්න අත ඉස්සුවත් ඊට කලින් ආශවගෙ කාමරේ ඇතුලින් ආව අතක් නේත්‍රව කාමරේ ඇතුලට ඇදලා ගත්තා.

"විනාඩි පහකින් මට දහනවයක් නේත්‍ර......මම මගෙ නේත්‍ර එක්ක උපන්දිනේ සමරන්නයි යන්නෙ"

නේත්‍රව කාමරේ බිත්තියකට හිර කරගත්තු ආශව නේත්‍රගෙ ඉණ වටේ තිබ්බ තමන්ගෙ අත් වල ග්‍රහණෙ ටිකක් වැඩි කරන ගමන් නේත්‍රගෙ කනක් ලගට නැවිලා මුමුණද්දි හැමදාම වගේ ආශවගෙ අත් අතර අඩපණ වුණු නේත්‍ර වෙවුලන අතකින් ආශවගෙ කමිසෙ බොත්තමක් එක්ක සෙල්ලම් කරන ගමන් හිටියා.

ජනෙල් කවුළුවෙන් බේරිලා කාමරේ ඇතුලට පෙරිලා එන හද එලිය කෙලින්ම නේත්‍රගෙ සුන්දර මූණට වැටෙද්දි ආශව ඒ සුන්දරත්වෙ දිහා එක ඇහි පිල්ලමක්වත් නොගහා බලාගෙන හිටියා.බෝල කරගත්තු බිමට බරවුනු දිලිසෙන ඇස්,විටින් විටේ කලබලේ නිසා එහෙට මෙහෙට හැකිලෙන ලා රෝස වුණු බොත්තම් නහය,ආශවගෙ ග්‍රහණෙ නිසා ලා රතු පාට වෙලා තියෙන කම්මුල් එක්ක ලාවට වෙවුලන පිරුණු රතු දෙතොල් එක්ක මැව්ව දෙවියන් වහන්සේගේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වුනු නේත්‍ර දිහා ආශව දිගටම බලාගෙන හිටියා.

පිරිමියෙක් ආදරේ කරන්න ඕනි ගැහැනියෙක්ටමද?

පිරිමියෙක් පිරිමියෙක්ට ආදරේ කරන්න හොද නැද්ද?

ඒක පාපයක්ද?

ආශව වගේ දරදඩු පිරිමි ආත්ම වෙනුවෙන්ම පේ වුණු නේත්‍ර වගේ සුන්දර පිරිමි ආත්ම එකිනෙකා වෙනුවෙන් බැදෙන එක පවක්ද? ගැහැනියෙක්ගෙ ස්පර්ශෙකටවත් ඇවිස්සෙන්නෙ නැති ආශව නේත්‍රගෙ එක බැල්මකින් පවා ඇවිස්සෙන එක පවක්ද? වෙන කිසි ප්‍රාණියෙක් දිහා වැරදි අදහසකින් බලන්නෙවත් නැතුව ආශවට විතරක් පපුව පිරෙන්න ආදරේ දෙන නේත්‍ර වැරදිකාරයෙක්ද? නේත්‍රට අසීමාන්තිකව ලෝභ කරන අසීමාන්තිකව ආදරේ කරන ආශව වැරදිකාරයෙක්ද? තමන්ගෙ සුදුබේබිගෙ පුංචි ස්පර්ශෙකට පවා ආත්මාර්ථකාමී වෙන ලෝබකම් කරන නේත්‍ර කියන්නෙ වැරදිකාරයෙක්ද?

ආශව කියන පිරිමි පපුව මත්තෙම නහින නේත්‍ර කරන්නෙ පවක්ද? තමන්ටම ලියවුණු ඒ පිරිමි ආත්මෙට පණ නැහැගෙන ආදරේ කරන එක වරදක්ද? නේත්‍ර කියන ආත්මෙ මත්තෙම;ඒ රූපෙ මත්තෙම හිත අවුළුවගන්න වගේම හිත නිවාගන්න ආශව කරන්නෙ පවක්ද? පිරිමියෙක්ට බැරිද තමන්ට පණ වගේ ආදරේ කරන පිරිමියෙක් වෙනුවෙන් කැප වෙන්න,පපුව පැලෙන්න ආදරේ කරන්න? තමන්ටම ලියවුණු පිරිමියා ලග විතරක් ඇවිස්සෙන්න? නේත්‍ර, ආශව කියන නමටම පේ වෙද්දි ආශවත් නේත්‍ර කියන නමටම පේ වෙන එක වරදක්ද?

"සුභම සුභ උපන්දිනයක් වේවා මගෙ සුදුබේබිට.....මගෙ සතුටත් අරගෙන මගෙ සුදුබේබි සතුටින් ඉන්න ඕනි...මගෙ ආයුෂත් අරන් සුදුබේබි ජීවත් වෙන්න ඕනි....කරන කියන හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනි"

"බොහොම ස්තූතියි නේත්‍ර.....අදින් පස්සෙ මගෙ හැම උපන්දිනේකදිම මට පලවෙනිය සුභ පතන කෙනා ඔයා වෙයි....මගෙ ලගින්ම ඉදගෙන"

වලව්ව දෙදරුම් කන්න දොලහෙ කණිසම වැදෙද්දි,"සිරි ධිති මති තේජෝ ජය සිද්ධි මහිද්ධි මහා ගුණන්...." කියලා පිරිත් සජ්ජායනාව පැතිරෙද්දි නේත්‍ර ආශවගෙ ඇස් දිහා බලාගෙන කියන ගමන් ඒ පුළුල් නලල් තලේ උඩින් සිපුමක් තැවරුවා.හද එලිය වැටිලා දිලිසෙන නේත්‍රගෙ මන්දාකිණියක් වගේ ඇස් දෙක අස්සෙ ආශව ගිලෙද්දි නේත්‍රගෙ සීතල අත් තමන්ගෙ කම්මුල් වලින් දැනෙද්දි ආශව පියවි සිහියට ආවා.

"සුදුබේබි ඩිංගිත්තක් නැවෙන්නකො"

ආශව ටිකක් නැවෙද්දි ඇගිලි තුඩු වලින් ඉස්සුනු නේත්‍ර ආශවගෙ හිස් මුදුනින්ම හාද්දක් තැවරුවා.හාද්දක් තවරන ගමන් ආශවගෙන් ඈත් වෙන්න හැදුව නේත්‍ර හරි වේගෙන් ආපහු පාරක් ඒ පිරිමි පපුවට තද වෙද්දි නේත්‍රගෙ කන් දෙක රතු පාට වීගෙන ගිහින් තිබ්බා.නේත්‍රගෙ හීනි ඉණ වටේ තිබ්බ ආශවගෙ අත් දෙකේ ග්‍රහණෙ එන්න එන්නම වැඩි වෙද්දි ආශව නේත්‍රගෙ ඇගට බර වුණේ නේත්‍ර ආශවයි බිත්තියයි අතරෙ හිර වෙද්දි.

"ස්...සුදුබේබි???"

"උපන්දින තෑග්ග ඉල්ලගන්න යන්නෙ....දෙනවද සුදුබේබිට....ම්ම්ම්???"

නේත්‍රගෙ කන් පෙත්තක තමන්ගෙ තෙත තොල් ගාවන ගමන් ආශව කියද්දි නේත්‍ර තමන්ගෙ වෙවුලන කකුල් වලට වාරු වෙලා වැටෙන්නෙ නැතුව ඉන්න පුළුවන් තරම් උත්සාහ කලා.කාත් කවුරුත්ම නැති උඩු මහලෙ,ඝන අන්ධකාරෙ පැතිරිලා තියෙන කුටියක,හද එලිය විතරක් ආදරවන්තයො දෙන්නගෙ සිරුරු වලට වැටිලා තියෙද්දි නේත්‍රගෙ වගේම ආශවගෙත් හදවත් අහේතුකව ගැස්සෙන්න ගත්තා.තමන්ට හිර වෙලා ලැජ්ජාවෙන් බර වෙලා ඉන්න තමන්ගෙ පුංචි ආදරවන්තයා දිහා ආදරේ පිරුණු බැල්මකින් බලාගෙන හිටිය ආශව නේත්‍රගෙ අතක් අරගෙන තමන්ගෙ පපුව උඩින් තියාගත්තා.

"සුදුබේබිගෙ මේ පපුව ගැහෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි මගෙ නේත්‍ර......ඔයා වෙනුවෙන් විතරමයි"

නේත්‍රගෙ නලල පුදුමාකාර ස්නේහෙකින් සිපගත්තු ආශව හෙමීට තමන්ගෙ පපුවට අත තියාගෙන නිස්කලංකෙ ඉන්න නේත්‍රගෙ බෙල්ල පාමුලට කිට්ටු වුණා.ජීවිතේ තමන් විදින්න ආසම සුවද නේත්‍ර ලගින් එන ගැටපිච්ච මල් සුවද වෙද්දි නේත්‍රගෙ බෙල්ල පාමුලට නාහෙ කිට්ටු කරලා ලොකු හුස්මක් ඉහලට ඇද්ද ආශව ඒ සුවද හිතේ හැටියට විද ගත්තා.විටින් විටේ තමන්ගෙ ගෙලෙ වදින ආශවගෙ සුසුම් වැල් නිසා නේත්‍රගෙ කකුල් දෙක පණ නැතුව යාගෙන ආවත් නේත්‍ර බිත්තියටයි ආශවටයි හිර වෙලා හිටි නිසා බිම නොවැටී හිටියා.

"මම ආදරෙයි මගෙ සුදු මැණිකෙ......මගෙ පණටත් වඩා"

"මාත් සුදුබේබි.....මමත් මේ පපුව පිරෙන්නම සුදුබේබිට ආදරෙයි"

"උපන්දිනේට සුදුබේබි ඉල්ලන ඕනි දෙයක් දෙනවද නේත්‍ර?"

"නේත්‍රට පුළුවන් දෙයක්නම්.....අනිවාර්යයෙන්ම දෙනවා සුදුබේබ්"

පිරිත් සජ්ජායනාවට අමතරව පරිසරේ කිසිම සද්දයක් නොවෙද්දි තමන් ලගින්ම හිටිය සුදුබේබිගෙ නොසන්සුන්කාරි හද ගැස්ම නේත්‍රට හොදටම දැනුනා.ඒත් එක්ක නේත්‍ර තමන්ගෙ ඇස් දෙක උස්සලා ආශව දිහා බලද්දි ඒ ඇස් වල ආදරෙ එක්කම තිබ්බ අමුතු බැල්ම දරාගන්න බැරි වුණු නේත්‍ර ආපහු පාරක් ඇස් දෙක බිමට බර කරගත්තා.මාපටැගිල්ලෙන් බිම පහුරු ගගා බෝල ඇසුත් කරකෝ කරකෝ බිම බලාගෙන හිටිය නේත්‍ර ගැස්සිලා ගියේ තමන්ගෙ කණ ලගින්ම ඇහුණු ආශවගෙ ගැඹුරු කටහඩ නිසා.

"හැමදාම නේත්‍රට හාදු දෙන්නෙ මමනෙ.....අද සුදුබේබිගෙ උපන්දින තෑග්ග විදියට....නේත්‍රට පුළුවන්ද මාව සිපගන්න?"

...................................................................................................

වචන 3200+ 😪❤️

හරි නැත්තං සමාවෙන්න😪 හදිස්සියෙ කණමරගාතෙ ලිව්වෙ කැමීලියා😭😂

(ඇත්තටම මම නාදගම යන්න ඉන්නෙ කතාව ඇතුලෙදි සුදුබේබියි නේට්ටයි එක්ක🥺❤️)

ඔයාලටත් මේ වගේ මෙහෙම දෙයක් තිබ්බනම් කියලා හිතුනොත් මට කියන්න හරිද🌚❤️ ප්ලොට් එකට අවුලක් නොවෙන විදියට මම ඒවා ගලපලා දාන්නම්🙈❤️

ගියපාර චැප් එකට 200+ කමෙන්ට්ස් ❤️😭

එතකොට ඉක් ඉක්මන්ට දෙන්න හිතෙනෝ අප්ඩේට්🌚👉👈

මොකද අපිට හරි සතුටක් එනව බබාලා ඒකෙන්🥺❤️

ඊලග එකත් අරන් ඉක්කන්ට එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter