Back
Chapter 40

39 කොටස🤍✨ ( Christmas Special )

නිවාලන්න මා...

"හෙමීට පලයංකො හුත්ත!!! මගෙ කකුලක් හරි හීරුනොත් මම තෝවත් මරලා මහ කුමාරිහාමිවත් මරලා තමා පස්ස බලන්නෙ!!!"

මම මේ වෙලාවෙ ඇත්තටම හිටියෙ තෙවින් පම්කයගෙ බයික් එක පිටිපස්සෙ.ආර්යගෙ ගෙදර ක්‍රිස්මස් පාටි එකට අපි රංචුවටත් ඉන්වයිට් කරලා තිබ්බා.අපේ උන් ටිකටත් නැට්ට ගිනි ගත්තෙ අද උදේ.හවස තියෙන පාටි එකට ඇදුම් ගන්න යන්නෙ අද උදේ.අපරාදෙ එච්චර වේලාසනින් යන්නෙ....පාටි එකට යමින් ගමන් ඇදගෙනම යන්න ඇදුම් ගත්තනම් තවත් සෝක්.

ආර්ය කොල්ලා නුවර උනාට කැතලික්නෙ.ඕකට හරියට කොල්ලො කැපිල්ල දානවා ඉස්කෝලෙදි.ආච්චිලා සීයලා කවුරුහරි සුද්දන්ට දෙන්න ඇති කියලා.ආර්ය හොද එකා නිසා හොදයි.නැත්තං ඔය කියන උන්ට ඇරලා තමා වෙන එකෙක් වගේනම් පස්ස බලන්නෙ.උන්ගෙ අම්මා සුද්දියක් වගේ ඇත්තටම.ලන්සි ගෑනු කෙනෙක්.අප්පච්චිනම් නුවරමයි.ඒත් දෙන්නම කැතලික්.ආර්ය නිකං හෙන කෑල්ල වගේ ඉන්නෙ අම්මගෙයි අප්පච්චිගෙයි ලස්සන නිසා මම හිතන්නෙ.

කොහොමහරි අපේ සත්ව සේනාවට ඇදුම් ගන්න ඕනි වෙලා ගෙවල් වලින් පැන්න පාර හැමදාම වගේ ඔක්කොම එකතු වෙලා මට ඇරියා.ආසවයා නේත්‍රව උගෙ බයික් එකේ පටෝගෙන යද්දි දෙවින් පණත් ගියා දෙනෙත් අයියව එක්කගෙන එන්න.දැන්නම් දිවාසට හොදටම වෙනස්කම් මුන්ගෙන්.ලව් එක වගේ හිටිය එකාව ආසවයා බිලිගත්තා.අයියා වගේ හිටිය එකාව දෙනෙත් අයියා බිලිගන්න ගමන් ඉන්නෙ.දවසක මේ පරයා එක්ක බයික් එකේ ගිහින් මම බිලි වෙන්නෙ මග මරුවට.

පේරාදෙණිය රෝඩ් එකේ පිඹගෙන යන තෙවින්ගෙ බයික් එක පිටිපස්සෙ හිටිය මම උගෙ ඉණ වටේ අත් දෙකත් දාගෙන පිටට තද වෙලා හිටියා.මූ යන යෑමට මගෙ සයිස් එකත් එක්ක හුලගට උනත් යන්න බැරිකමක් නෑ.මෙහෙම ගිහින් බැරි වෙලා හරි ලොරියකටවත් යට උනොත්.මුගෙන්නම් වැඩක් නෑ.මම නැති උනොත් එහෙම? රටට දැයට වැඩදායි දරුවෙක්නෙ නැති වෙන්නෙ.

"මහ මගට බිලිවී අකලට මිලින වුණු පුංචි මල් කැකුල"

"මග මරුවා බිලිගත් තවත් සොදුරු දිවියක්"

"පාපතර රියදුරෙකුගේ නොසැලකිල්ලෙන් හෙට ලොව ජය ගැනීමට වෙර දැරූ සුන්දර පුතනුවෙකු මෙලොවෙන් සමු ගනියි"

"මග මාරයා විසින් ඩැහැගත් අපේ කාලේ මහෞසධ"

මාව මලොත් එහෙම නිවුස් වල යන හෙඩ්ලයින් මගෙ ඔලුව වටේ කැරකෙන්න ගත්තා.මම මලොත් එහෙම දෙවින් පණ අඩයි.නේත්‍රයත් අඩයි.එක්කො ඌ අඩන්න ඕනි නෑ.මම නේත්‍රව ඇඩෙව්වා කියලා අර ආසවයා මගෙ වලටත් හෙණ ඉල්ලයි.දෙවින් පණත් මගෙ වලට පස් දාලා දෙනෙත් අයියා එක්ක යයි.උන් ඔක්කොම සැපෙන් සතුටින් පවුල් කයි.එහෙම උනොත්නම් මම රෑට ගිහින් උන් ඩිශ්ටි ඩිඩිං කරන්න හදද්දි හොල්මන් කරනවා.ඒත් එක්කම මගෙ ඇස් ඉස්සරහ ගොක් කොල පේනවා පේනව වගේ නිසා මම තෙවින්ව තද කර ගත්තා.

මූට මගෙ මල ගෙදර එන්න වෙන්නෙ නෑ.මොකද මම මලොත් මූවත් මරාගෙනම තමා මැරෙන්නේ.ගෑනු බඩ කරන අසහන කාරයා!!!

"අහහජ්ව්‍ය්ජබ්ව්ජුව්ක්ස්බසුවුක්‍ය්වුව්"

මොන ලබ්බක් කියෝනවද මංදා? ඉස්සරහ ඉදන් පිටිපස්සට එන හුලගත් එක්ක කියන මගුලක් ඇහෙනවයෑ.ඒත් ඉතින් මූට උත්තර නොදී සෙකන්ඩ් වෙන්නත් බෑ.අන්තිමෙදි අහයි,"යුගාන් ඔයාගෙ කන් ඇහෙන්නත් නැජ්ජ?" කියලා.යැයි යැයි තමා.

"ඔව් ඔව්....රත්තරං සෙම්බුවක්ලු"

"අක්ස්ග්ව්ව්න්න්වුනව්ව්ව්ක්බ්බ්ව්භ්වි"

"නෑ නැ යට්ටෝවිට හරියෙන්ලු මතු වෙන්නෙ"

"අනය්වුබ්වොනෙය්ව්ගටජ්ව්ජ්වොව්ජ්ගු"

"බහිරවයලු ඒක එවෙන්නෙ"

"ස්‍ය්ස්සන්ව්මෛව්ව්ම්‍ය්ව්කහය්ව්නග්"

"බිලි ගන්න බිලි ගන්න"

"බ්ජෞඅව්‍ය්ව්න්ඩොම්ව්‍යය්ව්කක්"

"ඊලග පාර බිල්ල තෝ!!! කට පුක පියං එලෝපියකො ඕක!".

අන්තිමේදි සුපුරුදු පරිදි කූල් ප්ලැනට් එකටම ආවා.කොහොමත් ශොපින් කරන්න පටන් ගන්නෙ මේකෙන්මයි.හරියන එකක් නොතිබ්බොත් නොලිමිට්.තව ඇදුම් කඩ තියෙනවා.ඒත් ඉතින් කොල්ලො රවුම් ගහන්නෑනෙ ඇදුම් හොය හොය කෙල්ලො වගේ.කෝමහරි එක තැනකින් ජොකාගෙ ඉදලාම හොයාගන්න ට්‍රයි කරනවා.

බයික් එකෙන් බැස්ස මාව බීපු මිනිහෙක් වගේ වැනෙන්න ගත්තු නිසා තෙවින් උගෙ ඇගට මාව හේත්තු කරවගත්තා.බේසිකයා! නිරය පෙන්න පෙන්න බයික් එක එලෝලා බැස්සට පස්සෙ හුරතල් කරන්න හදනවා.ලබ්බ.ටිකකින් ආසව උගෙ පුම්චි මල් කැකුලත් පරිස්සම් කරගෙන හෙමීට බයික් එක ගෙනත් පාක් කලා.මම දවසක් ආසවයගෙ පොතක් පෙරලලා බැලුවා.මූ නේත්‍රට මලක් කියලා කියන්නෙ කියලා මම දැනගත්තෙ ඒකෙන්.ටිකකින් දෙනෙත් අයියා එක්ක දෙවින් පණත් ආවට පස්සෙ කට්ටිය එක්කම ඇතුලට ගියා.

මට කොච්චර උනත් දැන් තෙවින්ගෙ පස්ස දකිද්දි ඉන්න බැරි ගායක් ගහනවා.ආසවයගෙයි දෙවින් පණගෙයි පස්සට වඩා මුගෙ පස්සෙ මොකක් හරි වෙනසක් තියෙනවා.ඒක මොකද්ද කියලයි හොයාගන්න බැරි.තුන් දෙනාගෙම කලිසම් ගලෝලා පෝලිමට හිට්ටෝලා තමා සංසන්දය කරන්න වෙන්නෙ.එහෙම කලොත් නේත්‍රගෙ පපුව පැලෙයි.උගෙ සුදුබේබිගෙ පරම පූජනීය පුක වෙන එකෙක්ගෙ දෑසින් ඉදුල් වුණා කියලා.දරාගත නොහැකිම තැන මම තෙවින්ගෙ පස්ස පැත්ත ටිකක් කෙනිත්තුවා.

"අසහනේද යුගාන්?"

"ම්ම්ම්ම් මරු කද ඈ"

තෙවින් මම දිහා මරන් කන්න වගේ බැල්මක් දාද්දි මමත් ගස්සලා අහක බලාගෙන පඩිපෙල නැග්ගා.මොකෝ උගෙ එක රත්‍තරංයෑ.පොඩ්ඩක් ඇල්ලුවා කියලා මොකද්ද වෙන්නෙ? ඔහොමයෑ මම දෙවින් පණගෙ පස්ස මිරිකලත් තියෙනවා.හරියට හැසිරෙන්නෙ මූ අලි පුකෙන් ඇවිත් වගේ.පගයා.

ආසව නේට්ටවත් අතින් අල්ලගෙන ෆ්ලෝ එකේ පැත්තටක යද්දි මමත් උන් දෙන්නා දිහා බලාගෙන හිටියා.ඇත්තටම උන් දෙන්නව දකිද්දි ආදරෙ කරන්නත් ආසා හිතෙනවා.ආසවයා පුදුම විදියට නේත්‍රව රකින්නෙ.එහෙම කරන එක සාධාරණයි.නේත්‍ර නිකං මල් පෙත්තක් වගේ ඇත්තටම.නිකං අර පොඩ්ඩක් ඇල්ලුවත් තැලෙනවා වගේ කොල්ලෙක්.ඒකව පොඩි කාලෙ ඉදන්ම ආශවයා හැදුව විදිය නිසාද මංදා ඒ.කොහොම උනත් නේත්‍රව රකින්න පුලුවනුත් ආශවට විතරයි.

අර සක්කිලියා රධීන්! උගෙ තියෙන අමාරුවට නේත්‍රව එහෙම උට හම්බුනානම් ඌ මෙලහකටත් නේත්‍රව හප කරලා.කොහොමත් හුගක් උන් බලන් ඉන්නෙ ඔය බලු වැඩේ කරන්න තමා.කෙල්ලෙක් නැතුව කොල්ලෙක් සෙට් කරගන්නෙම ඒකයි.මොකද උන්ගෙ වැඩේ කරගෙන අයින් කරන්න පුලුවන්නෙ.කෙල්ලෙක්ගෙ වගේනම් හොයන්න පුළුවන්.ටිකක් අමාරුයිනෙ ගැලවෙන්න.ඒත් කොල්ලෙක් එක්ක සෙට් උනාම මුකුත් උනාද කියලා හොයන්නත් අමාරුයි.අනික තමන්ට කොල්ලෙක් කරදර කලා කියලා ලංකාවෙ කිසිම කොල්ලෙක් කියයි කියලා මමනම් හිතන්නෙම නෑ.සොසයිටි එකම එකතු වෙලා අන්තිමට ඒ කොල්ලව තමා අසහනකාරයා කරන්නෙ.ඉතින් එහෙම ඉදිරිපත් නොවී හැංගෙන එක සාධාරණයි.

කොහොමත් ආශව ඉවසන්නෙ පට්ට ඉවසිල්ලක්.ඌ කොල්ලෙක් විදියට තියෙන්න ඕනි අංග ලක්ෂණ දහ ගුණයක් විතර එක්ක ඉපදුණු එකෙක් කියලා ඕනිම මිනිහෙක්ට පේනවා.එහෙව් එකා,නේත්‍ර ඌට කැමැත්ත දීලා තියෙද්දිනුත් ඔය විදියට ඉවසන එක ගැනනම් ඇත්තටම රෙස්පෙක්ට් කරන්න ඕනි.නේත්‍ර රෑකට උනත් ආශව එක්ක ඉන්න බයක් නෑනෙ.ආශව කොහෙ හරි යං කිව්වොත් යන්නෙ කොහෙදවත් නාහා ඌ එක්ක යනවා.මම හිතන්නෙ නේත්‍ර උනත් දන්නවා ආශවගෙන් ඌට කිසිම වරදක් වෙන්නෙ නෑ කියලා.ඒ අතින්නම් ආශවයා හොද එකා.

"යුගාන් මේක හොදද?"

ඔන්න ආවා.මම පිටිපස්ස හැරිලා බලද්දි ඉන්නවා බකමූණා වගේ දික් කරගෙන.දැක්ක ගමන් මගෙ මාරයා ආවේස උනා.

"ඇයි යකෝ ඉරුණු මගුල්ම අදින්න හදන්නෙ!!! තෝ ගිය ආත්මෙ හිගන්නෙක්ද? මට ඇත්‍ත කියපං තෙවින්! උබට පුනරුත්පත්තියවත් මතක් වෙනවද?"

"කෑගහන්න එපා යුගාන්.මගෙ කන කීං කීං ගානවා"

කෑ ගැහැන්න එපා යුගාම් ඥැං ඥැං චමා.හුත්ත.මුගෙ හොදකට දෙයක් කිව්වත් වැඩක් වෙන්නෑ.උස්සන් එන්නෙම ඉරුණු මගුල්.මම ඔය ලබ්බෙ කලිසම් වලට ආසම නෑ.ඇයි දන්නෑ.මම ආසා නෑ.මූත් මගෙ ප්‍රෙෂර් නග්ගන්න ඒවම උස්සගෙන එනවා.ඇත්තටම මම සිංහවංශ වලව්වට රිංගලා මුගෙ ඔක්කොම ඉරුණු කලිසම් ටිකට ගිනි තියලා දානවා.එතකොටවත් තේරෙයිනෙ මූට.ජොකෙක් විතරක් ඇදන් ඉන්න උනාම තේරෙයි.ලබ්බ.

"මේක හොදද?"

ඒ ගමන ආයෙ කැරකිලා ඇවිල්ලා කලිසමක් දික් කරනවා.ලෙදර් පෑන්ට් එකක්.පෙනුමනම් හොදයි.පාටි එකකටනෙ යන්නෙ.හැබැයි මුගෙ පුක එක්ක ඕක වැඩි වෙයිදත් මංදා.මට මොකෝ! ජැක් ගැහුවත් ගහන්නෙ මූටනෙ එහෙම උනොත් මටයෑ.මම ඔලුව වනලා තෙවින්වත් ඇදන් ගියේ ෂර්ට්ස් තිබ්බ පැත්තට.මට එකක් ගන්නත් ඕනි.මුටත් තෝරලා දෙන්න ඕනිනෙ.

"යුගාන් ගන්නෙ නැද්ද මේ ජාතියෙ කලිසමක්?"

"නෑ....මම මේ නෝමල් එකක් ගත්තා"

"එහෙනම් මාත් ඒකක්ම ගන්නම්"

මොකක් වෙලාද මංදා? ටිකක් කල්පනා කරද්දි තමා මට තේරුනෙත් මූට මේ තනිකං දෝසෙ කියලා.දෙවින් පණයි දෙනෙත් අයියයි එක වගේ ගන්න යන්නෙ.ආසව කොහොමත් නේත්‍රට උගෙ ජාතියෙම එකක් අරන් දෙනවා.එතකොට මූයි මායිනෙ ඉතුරු.සැක්! පෞ මොනා උනත්.ඉක්මනට කාවහරි හොයලා දෙන්නෝනි.නුවර මැණිකෙ කෙනෙක්වවත්...මූට කොලඹ එවා එපා වෙලාලුනෙ.

මට මතක් වුණේ එදා අර ආව නාටිකාංගනාවව.අගල් දෙකයි මම හිතන්නෙ යට කෑල්ල තිබ්බෙ.කොලඹ හැම කෙල්ලම ඔය වගේ නෑ.මොකෝ මට කොලඹ යාලුවො නෑ කියලයෑ.ඒත් එදා හිටිය එකීනම් සෙට් නෑ.මට හිතාගන්න පුළුවන් මූ කොලඹ ඉන්න කාලෙ නැටුව නරි නාටක.ආආආආආආආආආආආආආ ස්ට්‍රෙස්!!!!!

"අද මොකී එයිද දන්නෙ නෑ!!!"

"යුගාන් එකපාරටම මොකද උනේ?"

"අද ලමයෙක් වඩා ගත්ත කෙල්ලෙක් එයිද දන්නෙ නෑ හායි බබා ගාගෙන උබට"

"ලමයෙක් ඉන්නවනම් එයා කෙල්ලෙක් වෙන්නෙ නෑනෙ යුගාන්"

"උබට මම"

"ඕකෙන් ගහන්න එපා යුගාන්.....රිදෙනවා යකෝ!!! මගුල ඇත්තනෙ කිව්වෙ"

මම ඌට අතේ තිබ්බ කලිසමෙන් ගහලා දාලා ගිහින් ෂර්ට්ස් තෝරන්න ගත්තා.ඒත් එක්කම මම දැක්ක ආශවයා නේත්‍රට හයිනෙක් ටී එකක් තෝරලා දෙනවා.මට හිතුනා.අද මූ ඔතනට නේත්‍රව එක්කන් යන්නෙ අංගෝපාංග ඔක්කොම වහගෙන කියලා.මොකද ආර්ය කියන්නෙ හයි ක්ලාස් කොල්ලෙක්.අනික උන්ගෙ පරම්පරාවම මම හිතන්නෙ නෙක්ස්ට් ලෙවල් මිනිස්සු.සෙක්ෂුවලිටි එක වගෙ දේව්ල් ගනන් නොගන්න කට්ටිය.එහෙව් තැනකට නේත්‍රව එක්කන් යනවා කියන්නෙම වටේම උන්ගෙ අවධානෙ ඒකට ලැබෙනව කියන එක.ඔය ඔක්කොටම හපන් ආසවයට වෙන වැඩ වලට.ඌ නේත්‍රව පරිස්සම් කරන නිසා ඌට කෙල හලන උන්ව පේන්නෙ නෑ.ඒවා පේන්නෙ අපිට.

"දෙවින්! අත එක තැනක තියන් ඉන්නවද? අරහෙන් මෙහෙන් අල්ලන්නෙ නැතුව! ශොප් එක කියල බලන්නෙ නෑ හැබැයි මම!!!!"

ඒත් එක්කම මට රෙදි අස්සෙන් ඇහුනෙ දෙනෙත් අයියගෙ කටහඩ.දෙවින් පණ වැඩ අල්ලන්නත් කලින් නාගන්නවද කොහෙද? මම අර සන්ලයිට් ඇඩ් වල රෙදි වැල් අස්සෙන් එබෙන කෙල්ලො වගේ ෆීල් එකක් හිතට අරං රෙදි අස්සෙන් දෙනෙත් අයියගෙ සද්දෙ ආව පැත්තට එබිකම් කලා.සන්ලායිට්......පුප හෝදන සබන් කැටේඒඒඒඒඒ.....

දෙවින් පණ ඉන්නවා දාහට අරං සීයට දීලා වගේ.අතේ ඇදුම් රොත්තක් පිරිලා.හොද වැඩේ නෑ හැබැයි.මොනා උනත් දෙවින් පණනෙ.හැබැයි ඕකා පොඩි කාලෙ අර දෙනෙත් අයියට දුන්නු දුක් ගින්න ඇවිලෙන්නත් එපායෑ.

"යුගාන් මේක හොදද බලන්නකො"

මමත් මතක් කරන් ඉන්න ඕනි අද මම මෙතනට ආවෙ අත දරුවෙක් එක්ක කියන එක.ඌට මුකුත් කරගන්න බෑ කියන එක.මම ඒකවත් ඇදන් ගිහින් උඩුකය වසාගැනීම සදහා වස්ත්‍රයක් හෙව්වා.ආසවයි නේත්‍රයි ඇදුම් තෝරනුත් ඉවරයි වගේ.දෙනෙත් අයියත් දෙවින් පණව ඇදගෙන ෆිටෝන් රූම්ස් පැත්තට ගියා.අද හොද පණ යයි හැබැයි දෙවින් පණගෙ.කොහොමත් දෙනෙත් අයියා හරි ලස්සනට හැඩට ඇදල කරල ඉන්න මිනිහා.ඒ වගේම තමා වැඩත්.කාටහරි ගැහුවත් පිලිවෙලයි.මට මතකයි එකපාරක් කොල්ලෙක් ඕනි නැති කතාවක් කියලා ඌට ගානට කන ලග ඉදන් කට ලගට එන්නම පාරක් හිටින්න දෙනෙත් අයියා ගැහුව හැටි.හරි පිලිවෙලයි.ගානට අත අරූගෙ මූනෙ ප්‍රින්ට් වෙලා තිබ්බා.

"මේ යුගාන්....."

"ඕහ්හ්හ්......කියපං"

"මේ,ඕෂිණී කරදර කරනවනෙ"

"ඕෂිණී කිව්වෙ?"

"අර එදා හම්බුනේ"

"ආ අර දිය රෙද්දක් ඇදන් හිටිය එකී.නාන්න ගියාට පස්සෙ වෙන්න ඇති ඇදුමක් නෑ කියලා මතක් වුණේ."

"යුගාන්,ඒක ෆ්‍රොක් එකක්"

"නෑ ඒක දිය රෙද්දක්"

"ඕනි මගුලක්....මට දැන් ඕෂිණීගෙන් බේරෙන්න ඕනි"

"බේරෙන්නෙ ඇයි? උබේ අන්තිම කෑල්ලනෙ"

"ආර්හ්හ්හ්!!! ඒවා ඔක්කොම මම කලේ සීරියස් නෙවේ යුගාන්.....අනික එයාලා උනත් සීරියස් නෙවේ හිටියෙ මාත් එක්ක....මම නුවර ඇවිත් දැන් මාසයක් විතර වෙනවා....ඒ කාලෙටම මැසේජ් එකක්වත් නොදැම්ම ගෑනි එදා කතා කලේ මාත් එක්ක.

ඕෂිණී එක්ක හිටිය ගර්ල් කැන්ඩි වල එක්කෙනෙක්.මට ඒක ශුවර්...මොකද එයා කොලඹ හිටිය කෙනෙක් නෙවේ.එයා මම කාගෙ කවුද කියලා දන්නවා ඇති අනිවාර්යයෙන්ම.අයියව නුවරම දන්නවනෙ ඉතින්.එයා ඒක ඕෂිණීට කිව්වා.ඕෂිණී ඒක නිසා මාත් එක්ක කතාවට ආවා.දැට්ස් ඉට්.....යුගාන්,ඒකයි මම කියන්නෙ මට ගැලවෙන්න ඕනි කියලා."

"බලමුකො.....මේ පාටි වැඩෙ ඉවර වෙලා මම ඒක ගැන හිතන්නම්.....බලපල්ලකො උබලගෙ වැඩ නිසා මට තියෙන වදේ"

ඒත් එක්කම මගෙ ෆෝන් එකට නොටිෆියක් ආවා කියලා ටිලිං ගෑව නිසා මම ෆෝන් එක අරගෙන බැලුවා.ම්ම්ම්......සෙනදි නංගාහ්හ්හ්......නංගාහ් කිව්වට ඒකි අපේ වයසෙමයි.

"අයියා බබා එම් කේ?"

සෙනදි ඇවිල්ලා මගෙ පස්සෙන් එන ගෑනු ලමයෙක්.විසේසෙන්ම කිව්වොත්,නේත්‍රගෙ පස්සෙන් එන කෙල්ලගෙ හොදම යාලුවා.සෙනදිගෙ යාලුවා උපාධ්‍යා.උපාධ්‍යා නේත්‍රට දැන් අවුරුද්දක් විතර තිස්සෙ කැමතියි.ඒක මට කිව්වෙත් සෙනදි.උපාධ්‍යාටම ඕනිලු නේත්‍රගෙ මූණටම ඒක කියන්න.ඒ නිසා කාටවත්ම කියන්න එපා කිව්වලු.ඒත් ඉතින් සෙනදි කිව්වා ඒක මට.මොකද සෙනදි මට ලව්.මම ඒකි එක්ක කතා බහ කරන්නෙ මට ඕනි කරන ඕපදූප දැනගන්න විතරයි කියලා දන්නෙ මමනෙ.

ඊයෙ කිව්වලු උපාධ්‍යා නේත්‍රගෙන් ලගදිම ආස්කවුට් කරනවා කියලා.නේත්‍රට ඉන්ස්ට දැම්ම මැසේජස් වලට රිප්ලයි නෑ කිව්වලු.ඌ කොහෙ රිප්ලයි කරන්නද?ඉන්ස්ට හදාගෙන හිටියට ඒකා ෆෝන් එකට දාගන්නෙ වට්සැප් යූ ටියුබ් පැකේජ් එකක් විතරයි.ඉන්ස්ට ෆොටෝ එකක් අප්ලෝඩ් කලත් කරන්නෙ ආසවයා.....උගෙ හොට්ස්පොට් ඔන් කරලා.නේත්‍රගෙ අකවුන්ට් එකේ තියෙන්නෙත් ෆොටෝ තුනයි.ඒකා කොහොමත් සමාජ භීතිකයනෙ.සමාජ ජාලා භාවිතා කරන්නෙත් නෑ ලේසියෙන්.කෝමහරි අද හෙට ආසව නේත්‍රගෙ අකවුන්ට් එකට ෆොටෝ එකක් එහෙම දාන්න ගියොත් දෙයියන්ගෙම පිහිටයි.

හෑශ්ටැග් උපාධ්‍යාට නිවන් සුව!

මම එහෙම්මම වොලට් එකයි ෆෝන් එකයි තෙවින්ගෙ අතට දීලා රිංගගත්තෙ ඇදුම ඇදල බලන්න.ඔය ඉන්නෙ සැස්සි කොල්ලා වගේ.මම ඇදුම බලලා එලියට එද්දි තෙවින් මගෙ ෆෝන් එක අතට දීලා ඇතුලට ගියා.එහෙම්මම ෆෝන් එක සාක්කුවට දාගත්තු මම කල්පනා කලේම මේ සෙනදිගෙයි උපාධ්‍යාගෙයි වදෙන් ගැලවෙන විදියක්.උපාධ්‍යා නම් ලගදිම චැට් එකෙන් ලෙප්ට් වෙයි.මට තමා කෙලවෙන්නෙ.

මම කල්පනා පිටම එද්දි දෙනෙත් අයියත් ඇදුම් සිලෙක්ට් කලා කියලා මම ගාවට ආවා.මාත් මගෙ ඇදුමත් තෙවින්ගෙ ඇගේ ගහලා නේත්‍ර ලගට දුවගෙන ආවා.කූල් ප්ලැනට් එකේ ලස්සන ජුවලරි කලෙක්ෂන් එකක් තියෙනවා.ආශව ඒවා එකින් එක නේත්‍රගෙ බෙල්ල ලගට ලං කර කර බලනවා.අන්තිමටම එක වගේම පෙන්ඩන්ට් දෙකක් තියෙන දිග මාල දෙකක් අතට ගත්තු ආශව මම ලගින් නේත්‍රව තියලා කවුන්ටර් එකට ගියේ පේ කරන්නද කොහෙද?

නේත්‍ර මොකක් හරි දිහා බල බල ඉන්නව දැක්ක නිසා මාත් එතනට ගිහින් එබිකම් කලා.නේත්‍ර සිල්වර් කලර් රින්ග් එකක් අතගානවා.පස්සෙ මම දැක්කා ප්‍රයිස් ටැග් එක බැලුවා.බලලා එකක් ඒකගෙ ඇගිල්ලට දාගෙන බලලා අනික මාපටැගිල්ලට දාගත්තා.මාපටැගිල්ලට දාගත්තු එක ගානට සෙට්වුනු නිසා මේකා ඒ දෙකත් අරගෙන කවුන්ටර් එකට යන පෝලිමේ හිටගත්තා.නේත්‍රගෙ මූණෙ තිබ්බ හරි අහිංසක හිනාවක්.ඇත්තටම ඒකා පට්ට අහිංසකයෙක්නෙ.

"කෝ නේත්‍ර?"

බෑග් එකත් අතේ එල්ලගෙන ආව ආශව කලබලෙන් අහද්දි මම කවුන්ටර් එක ලග ඉදන් දුවගෙන එන නේත්‍රව පෙන්නුවා.ආශව ලගට දුවගෙන ආව නේත්‍ර මෙතන තනිකඩ අසරණයෙක් ඉන්නවදවත් නොහිතා ආශවයා එක්ක හුරතල් වෙන්න ගත්තා.මෙව්වට තමා ඉතින් මට නගින්නෙ!

"බයින්න එපා සුදුබේබි හොදද? මේක ගත්තෙ සුදුබේබිට"

"මගෙ බර්ත්ඩේ ප්‍රසන්ට් එකටත් ඔයා වියදම් කලා නේත්‍ර....මේක ඕනි කිව්වනම් මම අරන් දෙනවනෙ"

"එහෙම බෑ සුදුබේබි....ඇදුම අරන් දුන්නෙත් සුදුබේබි....මට මෙහෙම දෙයක්වත් කරන්න දෙන්නකො....මගෙ සල්ලිනෙ මේ"

"පණ්ඩිතයා......කෝ ඕක මට ඇති වෙයිද? එහෙනම් ගෙදර ගියාම දෙන්නකො"

ආසවගෙයි නේත්‍රගෙයි ප්‍රේමණීය අවස්ථාවට බාධා කරන ගමන් ඉතුරු උන් ටිකත් ආවම කට්ටියම යන්න පිටත් වුණා.අද රවුම් ගගහා ඉන්න වෙලාවක් නෑනෙ.ආශව නේත්‍රටත් ෆුල් ෆේස් හෙල්මට් එකක් දාලා ඒකව පරිස්සමින් බයික් එකට නග්ගගන්න හැටි මම බලාගෙන හිටියෙ හරි ආසාවෙන්.මම කිව්වෙ,උන් දෙන්නා ආදරේ කරන විදිය දැක්කම මම වගේ මාන්ධමික උන්ටත් ආතරය කරම්න හිතෙනවා.

තෙවින්ගෙ මූණනම් මැලවිලා ගිහින්....නේත්‍රව දකින දකින පාරක් ගානෙ තෙවින්ට අවුල් යනවා.මම ඒ හැගීම දන්නෙ නෑ.මොකද මම විදල නැති නිසා.ඒත් තෙවින්ගෙ මූන දැක්කම ඒක පට්ට වේදනාවක් වෙන්න ඇති කියලා හිතෙනවා.උගෙ ඇස් වල කදුලු පිරෙනවා නේත්‍ර දිහා බලන වාරයක් ගානෙ.අද ආශව තෙවින් එක්ක එච්චර කතා කලේම නෑ.නිකං ඇරියස් වගේ හිටියෙ.ඌට මොකක් හරි තේරිලාවත්ද දන්නෙ නෑ.එහෙම උනොත්නම් දෙයියන්ගෙම පිහිටයි.මොනාගෙන් මොනා වෙලා නවතියිද දන්නෙ නෑ.

දෙනෙත් අයියා හවසට අපිව ගන්න එන්නම් කියලා කියන ගමන්ම දෙවින් පණ එක්ක පිටත් වුණා.ආශවත් මම දිහා බලලා ඔලුව වනලා නේත්‍ර එක්ක පරිස්සමින් පිටත් වෙද්දි තවම බිම හිටගෙන හිටිය මම දිහා බැලුව තෙවින් මහ බලු හිනාවක් දැම්මා.

"මම යුගාන්ව උස්සලා තියන්නද බයික් එකෙන්"

"අනේ මේ හු#ගන්නෙ නැතුව ඉදපං තෙවින්."

"කෑගහන්නෙ එපා යුගාන්"

"කෑ නොගහා කොහොමද? බලපං! උබ ෆුල් ෆේස් දාලා මට දීලා තියෙන හෙල්මට් එක! යකෝ මම මාලු කාරයෙක් වගේ! හු#ත.....මගුල.....ඕක ස්ටාට් කරනවනම් කරගෙන ඉක්මනට පලයං!!! නැත්තං මම තෝවත් මරාගෙන මැරෙනවා"

අර පුරුදු විදියටම මේ කාපාලුවා මාව අරගෙන ෆ්ලෑෂ් වැහුණා වගේ අපේ ගෙදර ලගට ඇවිත් ටික වෙලාවකින් ආශව නේත්‍රවත් අරගෙන ආවා.නේත්‍රව අපේ ගේ ලගින් බැස්සුව ආශව නේත්‍රගෙ ඔලුවට හාද්දකුත් දීලා ලෑස්ති වෙලා ඉන්න කියලා කිව්වා.නේත්‍ර බිම බලාගෙනම ඔලුව වනද්දි මටත් හෝන් එකක් ගැහුව ආශව තෙවින් දිහා නොබලම එතනින් පිටත් වුණා.මට යන්නම් කිව්ව් තෙවින් නේත්‍ර එක්ක හිනාවෙලා පිට වෙලා යද්දි නේත්‍රව අල්ලගත්තු මම ගේ ඇතුලට දිව්වා.නේත්‍රලාගෙ ගෙදර ඉදන් ඔහොම ඇදගෙන එන එක අවුල් නිසා ආශව නේත්‍රට අපේ දිහා ඉදන් ලෑස්ති වෙන්න කියලා කිව්වා.

* * * * *

"සිගිතීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ මෙන්න ආශව පුතාලා ඇවිල්ලා"

යසයි අම්මෙ.යසම යසයි.සිගිතීඊඊඊඊඊඊඊඊඊඊ යැයි යැයි චමා.නේත්‍රගෙ කොණ්ඩෙ හද හද හිටිය මම එහෙම්මම ඔලුව එලියට දාලා කෑගැහුවෙ පහල තට්ටුවම සලිත වෙලා යන්න.කටක් තියෙන එකේ උපරිම ප්‍රයෝජන ගන්නෝනි.

"ඔහොම චුට්ටක් ඉදපං ආසව! උබ බඩවෙලා බබා හම්බෙන්න යනවා නෙවේනෙ"

"සිගිති!!!!"

අම්මගෙ කටේ සද්දෙ ඇහුණු මම දඩි බිඩි ගාලා කාමරේ ඇතුලට පැනගෙන ආපහු පාරක් නේත්‍රගෙ කොණ්ඩෙ හදන්න ගත්තා.නේත්‍රට තිබ්බෙ ලාවට රැලි ගැහුණු කොණ්ඩයක්.ක්‍රේල්මත් නෙවේ....නිකං වේවි හෙයා එකක් වගේ.මම ඉතින් නේත්‍රගෙ කොණ්ඩෙ ගානට හදලා පොඩි රැල්ලක් ඉස්සරහට වැටෙන්න වගේ දැම්මා.කොණ්ඩෙ ලාවට වැවිලත්නෙ තිබ්බෙ කොල්ලගෙ.මට දැනුයි තේරෙන්නෙ ආසව මුගෙ කොන්ඩෙ බෙල්ල ලගට වවමුය,වවලා වුල්ෆ් කට් ගහමුය කියන්නෙ ඇයි කියලා.යකෝ නේත්‍රගෙ තියෙන්නෙ පිස්සු හැදෙන ලස්සනක්නෙ.කොණ්ඩෙ බෙල්ල කිට්ටුවට වගේ ටිකක් වැව්වම මූ නිකං සුරදූතයා වගේ ඉදියි.

කොහොමත් ඒ ගාණට කොණ්ඩෙ වැව්වා කියලා නේත්‍රගෙන් ගෑනු පාටක් කොහොමත් එන්නෙ නෑ.මොකද නේත්‍රට තිබ්බෙ අහිංසක උනත් පිරිමි පාට මූණක්.මම ලාවට ලිප් බාම් එකෙන් ටිකකුත් නේත්‍රගෙ තොල් වලට ඇප්ලයි කරලා එහෙම්මම මාත් ටිකක් ගාගත්තා.පවුඩර් බින්දුවක්වත් නොගාත්,මේකප් බින්දුවක්වත් නොදාත් නේත්‍රගෙ මූණෙ තිබ්බ ලස්සන හිතාගන්න බැරි තරම්.ආසවයා මේ කොල්ලව කයිද දන්නෑ අද.කොණ්ඩෙත් ගානට දෙකට බෙදලා පැති දෙකෙන්ම ඩිංගක් ඉස්සුව මම ආපහු පාරක් අර රැල්ල හරියට හැදුවා.

පර්ෆෙක්ට්!

තනි රතු පාට හයිනෙක් ටී එක සුදු ට්‍රවුසර් එකට යට කරලා,සුදුම ශූස් දෙකක් දාලා හිටිය නේත්‍ර,ආශව අර අන්තිමට අරගත්තු මාලෙ ටී ෂර්ට් එක උඩින් වැටෙන විදියට දාලා තිබ්බා.ඒත් එක්කම ඒ හෙයාස්ටයිල් එකත් නේත්‍රට සුපිරියටම සෙට් වුනා.නේත්‍රගෙන් අද අහිංසකකමට වඩා පොඩි සෙක්සි ලුක් එකක් මතු වුණත් කණ්නඩියෙන් තමන්ගෙ ප්‍රතිබිම්බෙ දැකලා හිනා වුණු නේත්‍රගෙ ඒ හිනාවට පුළුවන් උනා අර යට ගිහින් තිබ්බ අහිංසකකම උඩට ගේන්න.

මම ඩෙනිම් එකට රතු ටී ෂර්ට් එකක් ඇදලා ඒකට හරියන්න ඩෙනිම් ජැකට් එකක් උඩින් දැම්මා.තෙවිනුත් ඒකම තමා ගත්තෙ.ඕකා පරයා....වල් සක්කිලියා.පට්ට පරට්ට වැඩක්නෙ අද කරලා තිබ්බෙ.ඉදපං තෙවින්...මම අදනම් උබේ බොටුව කඩලා ලේ බොන එක බොනවා.

මම නේත්‍රට පහලට එන්න කියලා මගෙ පර්ෆියුම් එකෙන් නේත්‍රගෙ බෙල්ලටත් ටිකක් ගහලා සූද කරලා පහලට දුවගෙන ගියා.ආශවයා මෙතන අර එක්ටැම්ගෙයි හිර වුණු චිත්‍රව බලන්න ආව දීෂගාමිනී වගේ බෙල්ල ඇද ඇද නේත්‍රව හොයද්දි මම ඇවිත් සෝෆා එකේ උගෙ එහා පැත්තෙන්ම ඉදගෙන තෙවින්ට රැව්වා.ඇත්තටම අද තෝ කරලා තියෙන බලුවැඩේ නිසා මගෙ ඇස් වලට ගාමිණී ආවා තෙවින්.මම කදුළු.

පඩිපෙල නැගලා උඩට යන්න හැදුව අපේ අම්මටත් පඩිපෙල පාමුලම බ්‍රේක් එක වදිද්දි ආශවත් හිටි තැනින් කෙලින් වුණා.නේත්‍ර බිම බලාගෙනම පඩිපෙල බැහැගෙන පහලට එද්දි ආශවයගෙ ඇස් දෙක දිලිසෙන්න ගත්තෙ මම හිතන්නෙ උගෙ හිතේ ඇති වුණු ආඩම්බරේට වෙන්න ඇති.ඇත්තටම නේත්‍ර වගේ කොල්ලෙක්ව හම්බෙන එකම පට්ටම ආඩම්බරයක් තමා.ඒත් එක්කම මම බැලුවෙ ආසවගෙ කලිසම දිහා.

"මොකද මොකද ඔය උඩට එන්නෙ? බහින්නයි කිව්වෙ පහලට! බහින්නයි කිව්වෙ"

"දිවාස!"

"කලිසම පිම්බීගෙන එන්නෙ ආසව"

"උබේද?"

"මගෙ නෙවේ උබේ? මට නගින්නෙ අහවල් එකටයෑ!!!"

"යුගාන්! කට! මෙහෙ එනවා"

ආ දේස ද්‍රෝහී ගුණමකුවා.මගෙ කට වහගෙන පිටිපස්සට ඇදගෙන ඇවින් දෙනෙත් අයියගෙ ඇගේ මාව ගැහුවා.මාත් පැන්න ගමන් දෙනෙත් අයියව බදාගත්තා.අනේ මගේ පුම්ංචි කිරි අම්මා.....දෙනෙත් අයියයි දෙවින් පණයි.කිරි අම්මයි කිරි අත්තයි.ඒ දෙන්නට තියෙන්නෙ මාව අරං හදාගන්නනෙ.පුංචි පෞල රත්තරං.

අපේ අම්මත් ගිහින් නේත්‍රගෙ මූණ හරි ආදරෙන් අතගාලා මූණ වටේ අත් දෙක යවලා ඇහැට උනපු කදුලක් ඇගිල්ලට අරං නේත්‍රගෙ කම්මුලකින් තිබ්බා.රෑට රෑට යන අර ඉන්දියන් ලබ්බවල් බැලීමේ ප්‍රතිවිපාක තමා අම්මෙ ඔව්වා.නේත්‍රත් ආයෙ මුකුත් නෑ අම්මට ගත හිත සලිත වෙලා යන උගෙ අර අහිංසක හිනාව දැම්මම අපේ අම්මට එයාගෙ පුම්චි පුතු පැටියව අමතක වෙලාම ගියා.

"අපි යනවා අම්මේ"

අම්මට වැන්ද මමයි නේත්‍රයි දෙන්නා එලියට එද්දිනුත් ආසවලා වාහනේට නැගලා ඉවරයි.කට්ටියම අද යන්නෙ දෙනෙත් අයියගෙ අප්පච්චිගෙ V8 එකේ....යසයි යසයි ධනපති පුත්‍ර රත්නනෙ.දෙවින් අයියටත් තියේ උගෙම කියලා වෙසල් එකක්.ආශවටත් මුදියන්සෙ අරං දීලා තියෙන්නෙ වෙසල් එකක්මයි.දෙවින් පණගෙ අප්පච්චියි,ආසවගෙ අප්පච්චියි එකටම ගිහින් තමා ඔය වාහන දෙක ගෙනත් තිබ්බෙ.ඉතින් එකම මොඩ්ල් එක.පාට විතරයි වෙනස්.ඒ මදිවට ආසවගෙ අප්පච්චිට තිබ්බෙ BMW එකක්.පුංචි අම්මට තිබ්බෙ අවුඩියක්.මූටත් කාර් එකක් තිබ්බට මූ තියෙන පඩේට ඒක පාවිච්චි කරන්නෙ හරිම අඩුවෙන්.ඇහුවම කියන්නෙ ඌ දවසක හම්බකරලා ගන්න එකෙන් රගනවලු නේත්‍රවත් ඉන්දෝගෙන.මොනා උනත් කොල්ලගෙ දැක්ම හොදා.

ඉතින් ඔතනට වාහන තුන හතරක් බස්සලා අනවස්ස අවධානෙ ගන්නවට වඩා එකකිම් යමු කියලා කට්ටියම කතා වුනා.මොකද කට්ටියම යන්නෙ එකම වෙලාවටනෙ.දෙවින් අයියා පැසෙන්ජර් සීට් එකේ ලමිස්සි වගේ ඉදගෙන ඉද්දි දෙනෙත් අයියා ඩ්‍රයිවින් සීට් එකේ ඉදන් හිටියා.මහ ලොකු ටොප්.යැයි යැයි චමා.වාහනේ පිටිපස්සෙ දොර අරිද්දි ඉඩ මහ අනවශ්‍ය විදියට ඇහිරිලා තිබුනෙ.මටම පුදුම් හිතුනා.හතර දෙනෙක්ට සාමාන්‍යෙන් ඉදගෙඅ යන්න පුළුවන් මට්ටමක් V8 එකේ පිටිපස්සෙ සීට් එකේ තිබ්බත් මෙතන මොකක්ම හරි අවුලක් තිබ්බා.

බලද්දි ආසවයා සීට් එකේ කොණකට අපි ගත්ත ගිෆ්ට් ටික ගොඩගහලා.උගෙ මූණෙත් තිබ්බෙ මහ එපා කරපු නසරාණි බැල්මක්.තෙවින් නම් මුකුත් නොවුණා වගේ ඉදගෙන ඉද්දි මම හැදුවෙ වාහනේට නගින්න.ආසවයා නියෝනව.නියවන්නෙ නැතුව කියපංකො ලබ්බ කියලා හයියෙන් කියන්න හිතුනත් උගෙ මූණෙ තිබ්බ තක්කඩිපාට නිසා මට ඒක අහන්නත් මොකද්ද වගේ හිතුනා.මාත් ඇහැකුත් පොඩි කරලා අර කිරි සමන් වගේ ඇක්ශන් එකක් දාලා ආසවගෙන් මොකද්ද ඇහුවම මූ නේත්‍රව ඇස් වලින් පෙන්නලා උගෙ අහවල් එක පෙන්නනවා.මේ මොන අසහනකාරයෙක්ද මේ?

හැබැයි ආසවයා එහෙම වලත්‍තයෙකුත් නෙවේ නිසා මම ඔතන ජවුසමක් නටන්න පටන් ගන්න කලින් ආපහු පාරක් ආසව කියන දේ තේරුම් ගන්න බැලුවා.ආහ්හ්හ්හ්....මූ මේ කියන්නෙ නේත්‍රව උගෙ ඔඩොක්කට දෙන්න කියලනෙ.ඕක මැසේජ් එකක්වත් දාන්න එපායෑ හිච්චි මුදියන්සෙ අයියාහ්හ්හ්හ්හ්......ඉදපං ඉදපං.තොපේ ඔක්කොම මගුලෙ ලව් ඉලව් අන්තිමේදි කරගහන්න වෙන්නෙ මේ තනිකඩ මට.

"නේත්‍ර මොකෝ කරන්නෙ? ඉඩ මදි වෙයි......ඔයා ආසවගෙ උකුලට යනවද?"

අනේ අරකා එලියට වෙලා ඇසුත් ලොකු කරගෙන බලාගෙන හිටිය විදියට මගෙ පපුවත් හෝස් ගාලා ගියා.ඉඩ මදි වෙයි කිව්ව ගමන් ඒ ඇස් වල තිබ්බෙ "මාව දාලා යනවද?" වගේ බැල්මක්.එහෙම කරනවද රත්තරනේ අපි ඔයාට? ඔයා තමා අපි හැමෝටම වටිනව වස්තුව.ඒක තේරුම් නොගෙන බොරුවට බය වෙනවා.එකාතකට නේත්‍ර දකින අහන දේවල් එක්ක අපිත් එයාව දවසක ප්‍රතික්ෂේප කරයිද කියන සැකේ ඒ හිතෙ තියෙනවනම් ඒක සාධාරණයි.මොකද වැඩිහිටියො කරන දේවල් එක්ක නේත්‍ර එයාගෙ වයසෙ අය ගැන උනත් එහෙම හිතන එක සාධාරණයි.ඒත් අපි එහෙම කරයියෑ නේත්‍රට.....

ආසව බිලිගත්තෙ නැත්තං අද උබ යන්නෙ මගෙ උකුලෙ මැණිකෙ.කොහෙද ඉතින් ආසවයා අපේ ආතරේට හරස් වුණානෙ.ද්‍රෝහී ගුණමකු වතුපාලුවා!!!!

ආශව උකුල පෙන්නලා කතා කරද්දි රතු ගැහුණු නේත්‍ර හෙමීට අපි දිහත් බැලුවා.ආසවයට ලැජ්ජා බය නැති උනාට නේත්‍රට ඒක වැඩිපුරත් එක්ක තියෙනවනෙ.අන්තිමේදි හෙමීට වාහනේට නැග්ග නේත්‍ර ගිහින් ආශවගෙ දණහිස් උඩින් ලාවට ඉදගනිද්දි නේත්‍රට ටිකක් සැර කෙරුව ආශව නේත්‍රව හරියට උකුලෙ තියාගෙන නේත්‍රගෙ ඉණ වටේ උගෙ අත් දෙක දාගත්තා.

මට නිකමට බැලුනෙ තෙවින් දිහා.තෙවින්ගෙ ඇස් දෙක තිබ්බෙ බිමටම බර වෙලා.ඒවගෙ කදුලු තියෙනවා කියලා අමුතුවෙන් හිතන්න මට ඕනි උනේ නෑ.මිනිහා විටින් විටේ අතේ තිබ්බ ටිෂූ එකෙන් ඇස් පිහි දැම්මා.මොන හේතුවකට හරි මට ඕනි උනා එයාට කියන්න "මම ඔයා එක්ක ඉන්නවා" කියලා.ඒ කියන්නෙ නේත්‍රව එයාට ලබාගන්න උදව් දෙනවා කියන එක නෙවේ.මම කවදාවත් ඒ පවුකාර වැඩේනම් කරන්නෑ.මට ඕනි උනේ එයා තනිවෙලා නෑ කියලා පෙන්නන්න.මම ඒක දැනෙන්නම තෙවින්ගෙ කලවාවක් තද කරල මිරිකලා තට්ටුවක් දාද්දි එකපාරටම මම දිහා බැලුව තෙවින් හරි අහිංසක විදියට හිනා වුණා.

සමහරවිට හැමෝටම නොපෙන්නුව අහිංසක පැත්තක් එයාගෙත් ඇති.මට පලවෙනි වතාවට එහෙම හිතුනා.

ඒත් එක්කම මට මතක් වුණේ මු දවල් කරලා තිබ්බ බලු වැඩේ.හොදට හිටිය මම එකපාරටම පැනලා තෙවින්ගෙ බෙල්ල මිරිකද්දි වාහනේ ඩ්‍රයිව් කරන ගමන් හිටිය දෙනෙත් අයියටත් ඉබේටම බ්‍රේක් පෑගුනා.තෙවින්ගෙ බෙල්ල වටේ හොදට අත් දෙක ඔතාගත්තු මම හයියෙන්ම උගෙ බෙල්ල මිරිකුවා.

"අහ්...ත....ඇරපහ්...ඇරපං යුගාන්"

"අත විතරක් නෙවේ මම අරින්නෙ......පරයා"

"එකපාරටම ඇයි මේ දිවාෂ මල්ලි?"

"අද උබර් ඉවරයි තෙවින්.මම අද උබේ බෙල්ල කඩලා ලේ බොනවා"

"මරලා ඉවර උනාම කියන්න දිවාෂ මල්ලි මට මේ වාහනේ අද්දවන්න.උබලා ඔහෙ මරාගනිද්දි මම කොහොමද ඔලුව එක තැනක තියාගෙන මේක එලවන්නෙ"

"මම එලවන්නද දෙනෙත්.....ඔයාගෙ චූටි අත් දෙකට රිදෙනවත් ඇති"

"අනේ දෙවින් මේ!!! දෙන්නෙ නැතුව ඉන්නවද? අත හරි වෙන කොහෙ හරි රිදුනත් රිදෙන්නෙ මගෙනෙ"

"සැක් නේත දෙවින් පණ"

"උබ මගෙ ඒවට හොට නොදා ඕක මිරිකලා ඉවර වෙයංකො ඉක්මනට"

මම ඩම් දාලා මිරිකද්දි නේත්‍ර මගෙ අත් දෙකෙන් ඇද්දෙ ඇත්තටම බය වෙලා.ඔව් ඉතින් කුරා කූඹියෙක්ටවත් වරදක් නොකරන එකානෙ.නේත්‍රගෙ මූණෙ තිබ්බ බය දැක්ක නිසාම මම හිනාවෙලා අරූගෙ බෙල්ල අතාරියෑ.කැහැපං කැහැපං....කැහැලා ඉවර වෙලා වරෙංකො යුගාන් ගාගෙන.මරනවා අදනම්.....පරයා.....හෙලුවෙන් දුවවන්න තියෙන්නෙ මූව මහ පාරෙ! ගෑනු බඩ කරන අසහනකාරයා!

"මොකද බෙල්ල මිරිකුවෙ? රිදුනා යුගාන්"

"ආ රිදුනද? උබර් අද දවල් කරපු වැඩේට ඔය මිරිකුවෙ."

"ඒක එච්චර ලොකු දෙයක් නෙවේනෙ යුගාන්....ඔච්චර කේන්ති ගන්නෙ ඇයි ඔයා ඒ ගර්ල්ට කැමතිද?"

අද දවල් ඇදුම් ගන්න ගිය වෙලාවෙ සෙනදි මට අන්තිමට දැම්ම මැසේජ් එක සීන්වත් නොකෙරුව මම ෆිටෝන් රූම් එක ඇතුලට රිංගගත්තෙ හවස් වෙලා රිප්ලයි කරනවා කියලා හිතාගෙන.ඒම ලොකු ලයින් තමා ඉන්නෝනි.අපි කැමතිනම් අවුලක් නෑ මැසේජ් එව්ව ගමන් රිප්ලයි කලාට.ඒත් අපි කැමති නෑනෙ.ඒක දැනෙන්න දෙන්න ඕනි.ලොකුකම කියලා හිතුවට කමක් නෑ.කෙලින්ම අකමැතියි කියලා හිත රිද්දන්න,ඒ කෙල්ලව අපහසුතාවෙට පත්කරන්න බැරි නිසාමයි මම එහෙම වහෙං ඔරෝ අකමැත්ත පෙන්නන්නෙ.ඒකිට ඒක තේරුම් කරවන්න ලොකු ලයින් දැම්මට පස්සෙ දවසෙ ඒකිගෙ ස්ටේටස්.

"ලොකු ලයින් දාන කොල්ලෙක් නම් හා අම්මෙ"

යැව් යැව් චමා.කොහොමහරි මම එලියට ආවට පස්සෙ ෆෝන් එක බලන්නෙවත් නැතුව ගෙදරට යනකංම ගියේ.ගෙදර ගියාට පස්සෙ නේත්‍ර වොශ් එකක් දාගන්නකං මම ෆෝන් එක අතට ගත්තත් ඒක ඕෆ් වෙලා තිබ්බා.හොදට චාර්ජ් කරන් ගියා කියලා මතක තිබ්බ නිසාම මම ඔන් කලා.ඔන් කල ගමන් එක දිගට මැසේජ් නොටිෆි එන්න ගත්තහම මම උනත් ඩිම් උනා.ඔන්න මමත් අයිඩල් කෙනෙක්නම් නෝමල්.ඒත් මේ ටික වෙලාවකට මෙච්චර මැසේජ් මොනාද බලන්න ගත්ත මම හිතුවෙ වස්සැප් එකේ අලුත් ගෲප් එකක් හදල කියලා.ඒත් ඇවිත් තියෙන්නෙ ඉන්ස්ට එකෙන්.

සෙනදිගෙන් මැසෙජ් එක්කෝටි හාරලෂයයි.නොටිෆිකේෂන් බාර් එකේ පේනවා මේකි මට හොදටම බැනලා.මම වරදක් කරලත් නැතුව මොන ලබ්බටද මේ බයින්නෙ බලන්න මම ඒකිගෙ ඉන්බොක්ස් ගියා.ගිහින් මේකි මට බයින්න පටන් අරං තියෙන පලවෙනි මැසේජ් එක හොයාගත්තු මම 'පයිත්තියන්ද හලෝ?' කියලා ටයිප් කරන්න හැදුවා විතරයි.ඒකට උඩ මැසේජ් එක දැක්ක මාව ගල් ගැහුනා.

"නංගි,පුක සුදුද?"

පර සක්කිලි තිරිසනා තෙවින්!!! මම එවෙලෙම මූට කෝල් එකක් අරන් ඇහුවම කියනවා එහෙම තමාලු.කෙල්ලගෙ කරදරේ නවත්තන්න හිතාගෙනලු කලේ.ඕනිනම් ස්කුල් එක ලගට ඇවිත් කියන්නම්ලු සුදුද ඇහුවෙ මම නෙවේ ඌ කියලා.ඉස්කෝලෙ පටන් ගත්තම කිව්වාම මතක් වුණේ.ඕකිගෙ අයියා අපේ පාසලේ හතුරු පාසලක සිස්සයෙක්.ඌ ඇවිත් මට පුක සුදුද කියලා පෙන්නලා යයි හැබැයි.එච්චරටම දාමරිකයා.එහෙම උනොත්නම් මම තෙවින්ගෙ කලිසම ගලෝලා fb ලයිව් එකක් යනවා.

"අහ්හ්හ්හ්"

"අනේ ඇයි සුදුබේබි"

මම ආසවයගෙ පැත්තෙන් ආව සද්දෙ නිසා ඉක්මනට හැරිලා බැලුවා.දෙනෙත් අයියා පාරෙ තිබ්බ ගැට්ටක් උඩින් වාහනේ අරන් යද්දි නේත්‍රව ටිකක් උඩ ගිහින් උකුලට වැටුනා.ටිකක් එහෙ මෙහෙ උනු නිසා නේත්‍රයා හරි බරි ගැහිලා ආසවගෙ උකුලෙන් ඉදගත්තා.අහෝ දුකකි.ඉරකි තිතකි.ආසවයගෙ මූණ රතු පාට වීගෙන ඇවිල්ලා.අයි නෝ ආසව අයි නෝ.උබේ දුක මට තේරෙනවා.හයක් හතරක් නොතේරෙන දරුවෙක් එක්ක යාලු උනාම ඕම තමා වෙන්නෙ.නේත්‍රයට කිසි ගාණක් නැතුව අර උකුල උඩ දගලනවා.අනෙ මගෙ දෙයියෝ! දගලන්නෙ නැතුව ඉදපං නේත්‍ර.....පෞ උබගෙ මිනිහා.ආසවයගෙ නිදන් ඉන්න සතා එහෙම ඇහැරුනොත්....ඒත් පෞ ආසවම තමා.මොකෝ උබර් මුකුත් දන්න එකෙක් කියලයෑ.

"නේත්‍ර ඔහොම ඉන්න.වැටෙයි ඔයා.දගලන්න එපා"

තවත් ඉවසගන්නම බැරි තැනද කොහෙද ආසවයා නේත්‍රව හයියෙන් අල්ලලා එක විදියකට තියාගත්තා.නේත්‍රත් ඉතින් චූන් එකේ යනවා.ආශවයා හෙමීට ලේන්සුවක් අරගෙන මූනත් පිහිදගත්තා.පෞ අසරණයා.උබ ඉතින් නේත්‍රට මාව ආස්‍රේ කරන්න දෙම්නෙ නෑනෙ ඔය සම්බන්ධව.නැත්තං මේ වෙද්දිත් නේත්‍ර විසාරදවරයෙක් තමා.එදා රට් එක ගැන කිව්ව එකටත් මූ මට බැන්නා.

මිනිහා මූණ පිහිදගෙන ලේන්සුව සාක්කුවට දාගත්තා.එතකොට තමා මම මිනිහගෙ අතේ තිබ්බ වොච් එක දැක්කෙ.බ්‍රෑන්ඩඩ් යූස් කරන එකා මොකෝ මේ පාටි එකකට යද්දිනුත් නෝමල් වොච් එකක් බැදන් යන්නෙ අහන්න හැදුවත් මාව තේරුම් ගත්තු ආශවයා ලස්සනට හිනා වෙලා නේත්‍රව පෙන්නුවා.ඕහ්හ්....නේත්‍ර දීලා තියෙන්නෙ! මූ පුදුම ආදරයක්නෙ තියෙන්නෙ නේත්‍රට.

ටික වෙලාවකින් ආර්යලාගෙ ගේ ලග නැවැත්තුව.ගෙවල් කිව්වට මාලිගාවක් වගේ.ආසවලගෙ ගෙවල් කොච්චර සද්දන්ත උනත් පරණ වලව්නේ.ආර්යලාගෙ ගෙදර නවීන පන්නෙට හදලා තිබ්බා.වාහනේ පිලිවෙලකට පාක් කෙරුව දෙනෙත් අයියා බැහැලා ඇවිත් දෙවින් අයියා ලගින් හිටගත්තා.කොල්ලො දෙන්නම රතුපාටම අත් දිග ශර්ට් දෙකක් ඇදලා අත් වැලමිටවල් ලගට නවලා උඩ බොත්තම් දෙකක් ඇරන් හිටියා.මොනා උනත් මැචින් කපල් එක අප්පා.දෙනෙත් අයියගෙ කම්මුල් පිරිලා තියෙන්නෙ.මම හරි ආසයි ඔය කම්මුල් පොඩි කරන්න.දෙනෙත් අයියත් ඕනි මගුලක් කරගනින් කියලා පාඩුවෙ ඉන්න නිසා මම ඊටත් වඩා ආදරෙයි එයාට.

"හායි ගායිස්ස්ස්ස්ස්ස්ස්"

ගෙදරට පය ගහද්දිම කොහෙද ඉදන් දුවගෙන ආව ආර්ය අපි කට්ටියවම තුරුල් කරගනිද්දි උන්ගෙ අම්මයි අප්පච්චිත් ආවා.ටිකකින් අම්මගෙයි අප්පච්චිගෙයිත් බයිට් එක උනේ මායි නේත්‍රයි.අරුන් ටිකව ඉදගන්න යවලා අපි දෙන්නව විතරක් හුරතල් කර කර හිටියා.මම හිතන්නෙ මුන්ගෙ නත්තල් පාටි එක එකසිය පනහකට දෙසීයකටම කියලා තිබ්බා.ආර්ය අපි කට්ටියව අරං ගිහින් අපිටම ඇරේන්ජ් කරලා තිබ්බ ස්පෙශල් ටේබල් එකකින් ඉන්දවද්දි කපල් දෙක එක ලගටයි තරහකාරයො උනු මායි තෙවිනයයි එක තැනකටයි වෙන්න ඉදගත්තා.

"මේ තෙවින්,අර එහා ටේබල් එකේ මනුස්සයා කන්නෙ මොනාද?"

"යුගාන්!පිලිවෙලකට ඉන්නවකො මෙතනට ඇවිල්ලවත්"

"හැබැයි උබ නොකිව්වොත් මම ගිහින් අහනවා ඒ මිනිහගෙන්"

"යුගාන්!!!!"

"යකො දාස් ගාණක් දීලා ඇදුනුත් අරං මෙහෙ ආවෙ පොස් එකට ඉදගෙන ඉන්නද? අනේ මේ මම කෑම හොයාගෙන හරි යනවා"

ඒත් එක්කම වේටර් කෙනෙක් වගේ කොල්ලෙක් ඇවිල්ලා අපේ ටේබල් එකෙනුත් චිප්ස්,චිකන්,සොසේජස් ප්ලේට්ස් තියලා යද්දි තව එක්කෙනෙක් ඇවිත් කෝක් බොට්ල් එකක් තිබ්බා.ග්ලාසස් නම් කොහොමත් තියලා තිබ්බෙ.

දැන් තියෙන්නෙ කන්න! කාලා දෙවින් පණගෙ ඇග උඩට සිහි නැතුව වැටෙන්න!

මම මගෙ මෙහෙයුම දියත් කලා.මේ වගේ තැනකට ඇවිල්ලත් නොකා ඉන්න පුලුවනෑ.ඒ අස්සෙ ආශවයා නේත්‍රට එතන තියෙන ඒවගෙන් මොනවාහරිම කවන්න හදනවා.නේත්‍ර එපා කියනවා.නේත්‍රට මේ වගේ තැන් හුරු නෑ.ඒක ආශවත් දන්නවා.ඒත් ආශවයට ඕනි නේත්‍රව මේ සමාජෙටත් හුරු කරවන්න.ඌ දැන් උනත් කරන්නෙ ඒක.ටික වෙලාවක් ඇඹරි ඇඹරි හිටිය නේත්‍ර ආශව කන විදිය බලගෙන ඉදලා ඒකා කන ඒවගෙන්ම කන්න ගත්තා.

ඒකෙ අනික් පැත්ත දෙවින් පණයි දෙනෙත් අයියයි.කාලෙකට පස්සෙ දෙනෙත් අයියා අද හයියෙන් හිනා වෙනවා.උන් දෙන්නා එක ලග ඉද්දි කොච්චර ලස්සනයිද කියලා මම කල්පනා කලා.අර නිකං උන් දෙන්නටම දෙන්නව මවලා වගේ.එච්චරටම මැචින්.දෙනෙත් අයියගෙ ඇස්....පට්ටෙට දිලිසෙනවා.දෙවින් පණට තේරෙන්නෙ නැද්ද දෙනෙත් අයියා කැමතියි කියලා.ඒක නොතේරී දැන් ලෑස්තිට ආයෙ දහ අට සන්නියක් නටන්න.ඕක්ගෙ ඔය ගොන් ප්ලෑන් එකට මගෙනම් කිසිම උදව්වක් නෑ.තනියෙන කරගනින් කියලා මාත් පැත්තකට උනා.කරගෙන් කෙලවගෙන අඩාගෙන එද්දි "හැනේ දිවාස මල්ලීඊඊඊඊඊඊඊඊඊ" කියලා මාත් දුක අහන්න බලාගෙන ඉන්න ඕනිනෙ.

කාලෙ හෙමීට හෙමීට ගියා.දැන් දැන් ඔව් මට පෙනී යනවා අන්කල්ලා එහෙම තනි කකුලෙන් හිටගෙන පෙන්නන්න හදනවා ඇන්ටිලාට.ඒ අස්සෙන් ආර්යගෙ මූණත් අවුල් ගිහින් තාම.ඌට කෙල්ලගෙන් බූටක් වැදුනනෙ.දෙවින් පණලගෙ පන්තියෙ හිටිය සසිදු අයියා එක්ක යාලුවෙලා ඉදියෙ අපේ වයසෙ කෙල්ලක්.මෙහෙ නුවරම කෙල්ලෙක්.සදලි කියලා.ආර්ය දන්නෑ ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා.ලස්සන නිසයි අහිංසක පාට නිසයි ආර්ය ටෝක් කලා.මේකි සතියක් දෙකක් ඇතුලත මූට හාත් කිව්වා.ඉතින් දැන් අපේ එකාගෙ ඉහේ මල් පිපිලා වගේ.මල් ටික පරවුනේ ඒකි එක්ක යාලුවෙලා සතියක් වගේ ගියාම.

සසිදුවා අයියලා ටිකකුත් එක්ක ආපි ආර්යගෙන් ගේම ඉල්ලගෙන.මූත් ඒ කාලෙ සදලිට වහ වැටිලා.මූත් අනික් පැත්තට ගේම ඉල්ලුවා.දෙවින් පණයි ආසව කොල්ලයි තමා වලිය බේරුවෙ.මොනා උනත් ආර්ය අපේ යාලුවෙක් නිසා උන් දෙන්නා ප්‍රශ්නෙට අත දැම්මා.සදලිත් අඩ අඩ කියලා තිබ්බා සසිදු අයියා පස්සෙන් ඇවිත් වද දුන්නා මිසක් යාලු උනේ නෑ කියලා.මේ මී හරකත් පිලිඅරගෙන හිටියා.

දැන් සතියකට විතර උඩදි සසිදු අයියලාම එකතු වෙලා ෆේක් අකවුන්ට් එකක් හදාගෙන චැට් කරලා අරකි එක්ක සෙට් වෙලා.කොලබ ඉන්න උන්ගෙ යාලුවෙක්ගෙ පොටෝ දාලා ඉදල තියෙන්නෙ.ආර්යට ඒ චැට් වල ස්ක්‍රීන් ශොට්ස් එවලා.මූ ආදරෙන් අන්ධ වුණු තරම කොච්චරද කියනවනම් ඒත් පිලිඅරගෙන නෑ.අන්තිමේදි සසිදු අයියලා ඒකිට කියලා තැනකට එන්න කියලා මීට් වෙන්න.ඒක උන් ආර්යටත් කියලා.ආර්ය වාහනේ ගිහින් ඒකිව පේන මානෙ නවත්තලා කෝල් කරලා ඉන්නෙ කොහෙද ඇහුවම කිඹුලා බනිස් එකක් ගන්න බේකරියට ආවා කිව්වලු.ආර්ය කිබුළා බනිස් පෙන්නලා ඇවිත් තිබ්බෙ ඒකිට.හොද දෙක තුනක් කියලා.

දැන් මූට ලැජ්ජයිලු.අයියල එක්ක අවුල් දාගත්ත එකටයි ඒකි වගේ කෙල්ලෙක් එක්ක කාලයක් හිටිය එකටයි.ආර්ය හරි වැදගත් කොල්ලෙක් මොනා උනත්.ඉතින් ඌට අවුල් යන එක සාමාන්‍යයි.මූ අම්මටත් කියලා ආයෙ කෙල්ලො එපා කොල්ලෙක් එක්ක යාලුවෙන්නෙ කියලා.අම්මා කියලා ඔයාගෙ කැමැත්තක් කරන්න කියලා.මම ඒකයි කිව්වෙ....ආර්යලාගෙ වැඩිහිටියොන්ට ඔය දේවල් නෝමල්.

ටික වෙලාවක් යද්දි කට්ටියම ඩිනර් එක අරගෙන ඉවර කලා.ආර්යගෙ නම්බුව නොහේදෙන විදියට අපි කෑම කාලා ඉවර කලත් මම දැක්කා උන්ගෙ මාමා කෙනෙක්ගෙ පිගානෙ හිටිය කුකුලා පියාඹලා යනවා.ගෑරුප්පුවෙන් ඇන්න පාර පැන්නද කොහෙද?ඩයල් එක වැනි වැනීත් එක්ක හිටියෙ.වැදිලා තියෙන්න ඇත්තෙ.ඩෙස්ට් එකත් ගත්තට පස්සෙ මම විදුලි වේගෙන් දෙවින් පණ ඉදගෙන ඉන්න තැනට දුවගෙන ආවා.

"මාව අල්ලගන්න දෙවින් පණ!!!!"

එහෙම්මම මම දෙවින් අයියගෙ ඇගට සිහි නැතුව කඩාගෙන වැටෙන්න කලින් තෙවින් මාව අල්ලගෙන පුටුවෙ ගැහුවා.ගහලා රැව්වා.රවන්නෙ? ලබ්බ.දෙවින් පණටවත් නැති අමාරුවක්නෙ මූට තියෙන්නෙ.මෙතන කෙල්ලන්ගෙ පස්ස පැත්තවල් වල පාට හොයන අසහන කාරයා! දවසක කෙල්ලෙක් පාරෙදි ගලෝලා ආ බලාගනින් කිව්වොත් තේරෙයි මූට.රණ්ඩු වෙනවට වඩා සිහි නැති වෙන්න උවමනාව තිබ්බ නිසා මම තෙවිනගෙ මූණටම ගුඩුස් එකක් ඇරලා දෙනෙත් අයියගෙ ඔඩොක්ක උඩ සිහි නැති උනා.

ටික වෙලාවක් යද්දි ආර්යගෙ අප්පච්චි සිංදුවක් කියන්න ගත්තා.කැරොකෙ දාගෙන.මිනිස්සු ටික ඉතින් වට වෙලා අහගෙන ඉන්න ගත්තා.ආර්යට තාලෙට හූවක්වත් කියාගන්න බැරි උනාට මොකෝ අප්පච්චි නම් ලස්සනට සිංදු කියනවා.මාත් දෙනෙත් අයියට හාන්සි වීගෙනම සිංදුව අහගෙන හිටියා.දෙනෙත් අයියා විටින් විටේ මගෙ උරහිසට තට්ටු දදා හිටියා.දෙවින් පණ නම් පට්ට වාසනාවන්තයි....මට හිතුනෙ එච්චරයි.

"තෙවින් අයියෙ එන්නකො......සිංදුවක් කියමු"

ආර්යට එදා ආශවයගෙ උපන්දිනේට එන්න බැරි වෙලා තිබ්බෙත් මේ පාටි එකෙ වැඩ නිසා.ඌ ගිෆ්ට් එකක් වලව්වට එවලත් තිබ්බා.ආර්ය හොද එකානෙ.එදා කවුරුහරි තෙවින්ගෙ සිංදුව ස්ටේටස් දැම්ම එකක් ආර්ය දකින්න ඇති.ආශවයා දෙනෙත් අයියා සිංදු කියනවා ඕනි තරම් ආර්ය අහල තියෙනවනෙ.ඒ නිසාමයි ඌ තෙවින් අයියට කතා කලේ.සිංහල එකක් කියමු කියලා තෙවින්ව ඇදගෙන ගියා.හොද වැඩේ.දැන් කියපං දෙනෝදහක් මැද්දෙ.මම කිව්වම තමා බැරි.තට්ටමේ ලපේ කිව්වම තමා එදත් ගියේ.පරයා.

"සොඳුරු දවසක මුණ ගැසී හිනැහී හිත ගෙන ගියා.....

දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසෙ තරු ලෙසේ....

මාගේ නොවේදෝ.....

ඔබ කාට හිමි දෝ කියා....

ඇසුවා ඇසක් ඉඟි කර මාගේ මිහිරේ තවම මතකදෝ.....

කොහෙදෝ තිබුනෙ ආදරේ.....නොසිතූ දවසෙ හමු වෙලා....

ඉවසා ඉදිමි හිතක් වෙනුවෙන් රන්....

රහසින් හෙමින් හඩමි මං....

සිහිනෙන් ඔබ සොයන්නම්....

ආදරෙයි මගෙ පණට මං...

පෝදා සදක් වී හිරුට ලං වී තුරුලු වී....

ඇවිද යමු මල් හීනයේ....

මගෙදෝ ඔබ මගෙමදෝ....

කොහෙදෝ තිබුනෙ ආදරේ.....නොසිතූ දවසෙ හමු වෙලා....

ඉවසා ඉදිමි හිතක් වෙනුවෙන් රන්....

රහසින් හෙමින් හඩමි මං....

සිහිනෙන් ඔබ සොයන්නම්....

ආදරෙයි මගෙ පණට මං..."

සිංදුව කොච්චර තෙවින් ලස්සනට කිව්වත් මම හිටියෙ ඒක රසවිදින්න පුළුවන් මට්ටමක නෙවේ.මූ අර ගින්නට ඇදෙන පලගැටියා වගේ ඇදෙන්නම හරියන්නෙ නැති දේකට.අන්තිමට මූට කවුරුත්ම නැතුව තනි වෙන්න වෙනවා කියලා තේරෙන්නෙම නැද්ද? මම හොදටම දැක්කා ආශව නේත්‍රව ලගටම තුරුල් කරගෙන අර මිනිස්සු ගොන්නක් ඉන්නවවත් නොහිතා නේත්‍රගෙ බෙල්ල පාමුල නහය ගෑව්ව හැටි.සාමාන්‍යෙන් ආශව කට්ටියක් ඉන්න තැන එහෙම කරන මිනිහෙක් නෙවේ.නේත්‍රට ලැජ්ජා හිතෙනවා කියලා දන්නවා.ඒත් ආශව උනත් හිටියෙ දරන්නම බැරි කේන්තියකින් කියලා මට හොදට තේරුනා.

තෙවින් කට්ටියගෙ අත්පුඩි මැද්දෙ නැගිටලා ඇවිත් මම ලගින් ඉදගත්තම දෙවින් අයියයි දෙනෙත් අයියයි තෙවින්ට විශ් කලා.මාත් ලස්සනයි කියලා කිව්වා.ආශව නම් හිනාවත් උනේ නෑ.ඌ නේත්‍රව පපුවට තද කරං මොනාද මුමුණ මුමුණ හිටියා.ආශවගෙ අස්සෙ ඉන්නවනම් නේත්‍රටත් ආයෙ වෙන සිහියක් නෑනෙ.ඌත් ආශව කියන ඒවට giggle කර කර හිටියා.

ටික වෙලාවකින් ආර්ය ඇවිත් අයියණ්ඩිලා හතර දෙනාව එක්කන් ගියාම ඉතුරු උනේ මායි නේත්‍රයි විතරයි.නේත්‍රයා එක්ක කයියක් දාගෙන ඉද්දි මට තේරුනා කවුරුහරි මම දිහා බලන් ඉන්නවා කියලා.මම සේප් එකේ බලද්දි අර අන්කල්! කුකුලව උඩින් පියෑඹෙව්ව එකා.

මුගෙ ආච්චිට හාල් ගරන්න යකෝ! පකයා....ඇහැක් ගැහුවා නේද මට....මේ මොන විලිසංගයක් නැති වැඩක්ද මේ වෙන්නෙ? යකෝ මූට ලමයෙක් හිටියනම් ලමයා මටත් වඩා වැඩිමල් වෙයිනෙ.මම නේත්‍ර දිහා බලද්දි ඒකනම් වගේ වගක් නැතුව මම ඇහුව මොකකට හරි උත්තර දෙනවා.මමත් අර නාකියව නොදැක්කා වගේ අහක බලාගත්තා.යකෝ බලද්දි තෙවින් විතරක් නෙවේ ලංකාවෙ අසහනකාරයෙක්ට ඉන්නෙ!

"නේට්ටහ්...."

ගිය කට්ටිය ඇවිත් ටේබල් එකෙන් ඉදගද්දි මොකක් හරි අවුලක් දැක්කා මම.හැබැයි ආසවයගෙ විතරයි අවුලක් පෙනුනෙ.අනික් උන්ගෙ නෑ.ආව වෙලේම නේට්ටහ් කියාග්න මූ පොඩි එකාව බදාගත්තා.බදාගෙන බෙල්ල පාමුල උගෙ ඔලුව ගහන් තොලුත් උල් කරගෙන කියවන්න ගත්තා.ඈක්කා ආසව! උබ නම් ඔහොම ඉද්දි හරිම විනෝදජනකයි.මම පෝන් එක අතට ගත්තා.ඔව් අනාගතේට හරියට වටිනවා.

"ආර්යලාගෙ මොනාද මංදා ඩ්‍රින්ක් එකක් දුන්නා.....ආශවයා දෙකක් බිව්වා.කෝමත් ඕකා නොබොන මිනිහනෙ.ටිකක් වැඩිපුර වැදුනා මම හිතන්නෙ...."

දෙවින් අයියා කියද්දි මම ආසවයා දිහා බැලුවා.ඇත්ත...වැදිලා තමා.දෙවින් අයියට නොතෙරුනාට මූ හිතේ ආව ආවේගෙටත් එක්ක ඔය ලබ්බ ගහලා දාන්න ඇත්තෙ.නේත්‍රනම් ආයෙ අමුතු ලෝකෙකින් බැහැල වගේ.මෙහෙම සුදුබේබියෙක්ව ඌ දැකලම නෑනෙ.හැබැයි ආසවයා නේත්‍රගෙ නලලට උම්මා දෙකක් විතර දුන්නම නේත්‍රත් සන්සුන් වුනා.තෙවින්ටනම් වගේ වගක් නෑ...ඌ මීට අන්ත ඒවනෙ ගහන්නෙ.පරයා! දවසක අපායෙ ගිහින් තමා නවතින්නෙ.

ඌ විතරක් නෙවෙයි අපිටත් ඔය සෙතේම තමා.මම බලන ඩ්‍රාමා වල හැටියට දැන්මම සිලෙක්ට් වෙලා ඇත්තෙ.ආර්ය කෙල්ලො එක්ක යාලු උනාට ඌත් bl පිස්සා.මායි ඌයි තමා හොය හොය බලන්නෙ.දවසක් නේත්‍රයට එකක් පෙන්නලා මූ මූනත් වහං කාමරෙන් එලියට දිව්වා.ඕකා එක්ක ඔව්වා බලන්න බෑ.my school president නම් බැලුවා මාත් එක්ක.ආයෙ බලන්න ටයිම් එකක් ආවෙ නෑ.ආයෙ බලන්න උනාම Sementic error බලන්න ඕනි.ඕකාට හරියන්නෙ ඔව්වා විතරයි.ඒවගෙත් කිස් කරන කෑලි වලදි අත් දෙකෙන් මූණ වහගන්නවා.ආසවයගෙ අනාගතේ ගැන සාධාරණ බයක්නම් තියෙනවා මට.

මම බලපු එක කතාවක ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ කොල්ලා උගෙ බෝයි ඉන්න ෆැකල්ටි එකට ඇවිත් හැමෝම ඉස්සරහ අරූට ආදරේ තරම කිය කිය පඩිපෙල නැග්ග හැටි මට මතක් උනා.කෝමත ආසවයත් දවසක මද කිපිලා ඒවගේ කොමස් සෙක්සන් එකේ දොලහ වසරට බඩ ගෑවම.හැපි හැපි හෑපීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ ටිං ටිං ටිං ටිං ටිං ටිං හැපි හැපි හැපි හැපි හැපීඊඊඊඊඊඊඊඊඊඊඊඊ....... එහෙම උනානම් ආසවට ලයින් දාන උන් ටිකයි නේට්ටට ලයින් දාන උන් ටිකයි ලෙප්ට්.සමහර උන් මගෙන් මැරුම් නොකා ඉන්නෙ මම අපායෙ යන්න බය නිසා.නැත්තං ඇත්තටම මේ වෙදිදි ප්‍රාණගාතයක් වෙලා මගෙ අතින්.රධීනයයි මහීලුයි.රධීන් ප#යනම් කෑවනෙ ආසවගෙන්.මහීල් මේ නිවාඩුවෙදි මට මැසේජ් කරන්නෙම හෙන අමුතුවට.බල්ලා....ඕකා හිතාගෙන ඉන්නෙ මට ඒම ලං වෙලා නේත්‍රව විනාස කරන්න.ඒ ඉතින් මට කියලා ඇරගන්න තමා බල්ලා.වැඩියෙ දැගලුවොත්නම් ඌව මරලා අපායෙ යනවා.

බැරි වෙලා හරි මම අපායෙ ගියොත් මොකක් වෙයිද කියලා කල්පනා කරලා බැලුවා.යම රජ්ජුරුවෝන්ට මොකක් හරි කියල රවට්ටගන්න ඕනි.තෙවින්ව යම රජාගෙ රූම් එකට යවලා රමණයේ යෙදෙන්න හදද්දි මරන්න කියන්න ඕනි.ඊට පස්සෙ යම රජ්ජුරුවො මම.දෙවින් පණයි නේත්‍රයි අර දෙපැත්තෙ ඉන්න බිසෝ වරු දෙන්නා.දෙනෙත් අයියා තමා මහ ඇමතියා.ආසවයව ගන්නවා මට පවන් ගහන්න.යසයි හැබැයි.මහ ඇමතියායි පවන් සලන එකයි බිසෝවරු දෙන්නා එක්ක අනියම් සම්බන්ධතා පවත්තනවා.

තෙවින්ව කටු ඉඹුලෙ නග්ගන්න ඕනි හෙලුවෙන්.ඕකගෙ අසහනේට තිත තියන්න.කටු ඉඹුලෙ නග්ගලා ඕකගෙ රන් සුමනෙට කටු ඇනුනට පස්සෙ ඌට ආයෙ නගින්නෑනෙ.හොද වැඩේ.ඊට පස්සෙ අපායෙ උල උඩ පුක තිබ්බවනව.මෝටරයක් හයි කරන්න ඕනි උල යටට.එතකොට තෙවිනා උල උඩ පුක තියං කැරකෙනවා.පෝල් ඩාන්සර් කෙනෙක් වගේ....

ම්ම්ම්ම්ම්....එතකොට මම ඌට කටු අත්තකින් ගහල කියනවා මරු කද කියලා.තෙවිනා කෑගහයි "යුගාන් නවත්තපං රිදෙනවා" කියයි.ඕකගෙ පුරුස සක්තිය බහිනකං උල බස්සලා තියෙනවා.ඊට පස්සෙ යම රජ්ජුරුවෝ සතුටින් ජීවත් වෙනවා.

"යුගාන්න්න්න්"

බෑ බෑ බස්සන්නෙ නෑ උල උඩින්.තව ටිකක් කැරකියන්.ලබ්බ.ගෑනු බඩ කරන අසහනකාරයා!

"යුගාන්.....මොන සිහියකින්ද ඉන්නෙ?"

හුක්! ඔලුවට ගහන්නෙ කොහොමද? යකෝ...රජ්ජුරුවන්ගෙ ඔලුවට අත තියන්න තරම්.එම්බල ද්‍රෝහිය.....අද මම තගෙ හිස සිදිමි.

"යුගාන්! ඔයා අන්කල්ලට කැමතිද? අයි මීන් ෂුගර් ඩැඩීලට?"

මේ මොන පම්කක්ද කියවන්නෙ මූ? මම ඇහැකුත් හීනි කරගෙන තෙවින් දිහා දවා අලු කරනව බැල්මක් හෙලුවත් ඌ හිනා වෙනවා.පගයා....හිනා වෙන්නෙ ලබ්බටද දන්නෑ...මම දත් මිටි කාගෙන ආපහු පාරක් ඌ දිහා බැලුවා.

"පයිත්තියංද තොට?"

"මට නම් පයිත්තියං නෑ.....ඔහොමම දකුණු පැත්ත බලනවකො.අර අන්කල් තමුසෙ දිහා බලන් ඉන්නෙ"

අර ලොබු කටා යකෝ මූ! ප#ද බලන්නෙ අහන්න හදලත් ඉස්කෝලෙ නමයි මුන්ගෙ නම්බුවයි රකින්න ඕනි නිසා මම කට පියාගත්තා.ඒත් එක්කම ආර්ය ඇවිත් කට්ටියව ඩාන්ස් කරන්න එක්කං ගියා.ආසවයා නේත්‍රව ඇදගෙන ගියා.ඌ ඉන්නවනෙ ලග.ඒ නිසා මම බලන්න ඕන්නෑ අද නේත්‍ර ගැන.මම තව ටිකකින් එන්නම් කියලා ඉදගෙනම හිටියෙ වෙන මුකුත් නිසා නෙවෙයි.

ඔව්වා අද නැටුව වගේ නෙවෙයි හෙට වෙද්දි නටපුවගෙ වීඩියෝ එව්වම.මමම දන්නවා මම චූන් උනාම අර බීපු මිනිහෙක් වගේ නටන්නෙ කියලා.නිකං චොර වෙන්න ඕනි නෑ ඔතනට ගිහින්.අනික අපේ ඉස්කෝලෙ උනුත් අද මෙතන ඉන්නවනෙ.ඕකුන් වීඩියෝ කරලා ඔව්වා උපන්දිනේ දවසට එහෙම දාද්දි තමා ඇඩෙන්නෙ.දවසක් දාලා තිබ්බ වීඩියෝ එකක මගෙ කලිසමත් බැහැලා.මම උස්ස උස්ස නටන්නෙ.ඔව්වා ඕන්නෑ.මම මැරුනා වගේ මේසෙට ඔලුව ගහගත්තා.

"යුගාන් ඩාන්ස් කරන්න යන්නෙ නැද්ද?"

තෙවිනයගෙ සද්දෙ ඇහෙද්දි මම දිවත් ටිකක් එලියට දාගෙන ආයෙමත් මැරිලා වැටුනා.මැරුණු මිනිස්සුන්ට ඇහෙන්නත් නෑ කතා කරන්නත් බෑනෙ.නටන්න ගියත් තෝ එක්ක යන්නෙ නෑ.ලමයි කී දෙනෙක්ගෙ තාත්තෙක්ද දන්නෑ මූ මෙහෙම හිටියට? අම්මෝ බයෙ බෑ.නටන්න ගිය වෙලාවක අතවරයක් කරලා මාත් බඩ උනොත් එහෙම? එහෙම වෙන්නෙ නෑනෙ.මම කොල්ලෙක්නෙ.මොනා උනත් මම පතිවත රැකගෙන ඉන්නෙ මගෙ නෝනට පූජා කරන්න.ඒවා කෙලෙසගන්න බෑ මේ කොහෙවත් ඉන්න උන් එක්ක නටන්න ගිහින්.

"යුගාන්.....අර අන්කල් එක්ක සෙට් උනොත්නම් ඔයාට පොල් ගාවගන්න පුළුවන්.හිරමණයක් ඕනි වෙන එකකුත් නෑ"

මිනිස්සුන්ට අපහාස කරන්න හොද නෑ තමා.ඒත් ඔය වගේ අසහනකාරයන්ට මොනා කිව්වත් කමක් නෑ.මම සේප් එකේ අන්කල් කාරයා දිහා බලද්දි මූ මම දිහා බලාගෙනම ඉන්නවා.තෙවිනා කිව්ව කතාවත් ඇත්ත.අනික මූව බැන්දොත් එහෙම වෙඩින් පොටෝ එක රාමු කරන්න වෙන්නෙත් නෑ.දත් ටික වීදුරුවෙ වදිනවනෙ.නාකි හඩ්ඩා!

මට ඒ මනුස්සයගෙ බඩ දැක්කම මතක් උනේම අර මුස්ලිම් කොල්ලගෙ ටික් ටොක් එක.ඒක ගිහින් ඒ මිනිහගෙ ඉස්සරහ කියන්න තරම් ගැම්මක් ඇගට ඇවිත් තිබ්බෙ.

"ඔයාගෙ බඩ වැඩිද? බඩ ලොක්කුද? ඒනම් මේඒඒඒඒඒඒ බලන්න.....ඔයාට මහ මිනිහට එන්න ඕනි.....ආසත?"

"යුගාන්"

"තමුසෙ මගෙ නම පාඩම් කරනවද තෙවින්"

"කෑගහන්න එපා යුගාන්.කන කීං කීං ගානවා"

"මම වදයක්නම් මෙතන ඉන්නෙ නැතුව පලයංකො"

"වදේ නැති උනාමත් පාලුයි යුගාන්"

"අනේ පලයං පගයා"

"යුගාන් මේහ්! ඒ අන්කල් අද තමුසෙව ගිලියි වගේ"

"මෙහෙ වරෙං නටන්න යන්න"

ආයෙ ඔතන ඉදන් නිකං නාකි අවුස්සන්න ඕනියෑ.මම තෙවින්වත් ඇදන් ඩාන්ස් කරන්න එද්දි දෙවිත් ජෝඩුවයි නේසව ජෝඩුවයි ඩාන්ස් කරනවා.මට ඉතින් එහෙම රොමෑන්ටික් ඩාන්ස් දාන්න තේරෙන්නෙත් නෑ.කෙනෙකුත් නෑනෙ.මම සුපුරුදු ඩෝප් මිනිහව ඇගට ආවේස කරගෙන නටන්න ගනිද්දි තෙවින් අංගම්පොර පුරුදු වෙන එකෙක් වගේ අත් එහෙට මෙහෙට කර කර මගෙ ප්‍රහාර වලක්කගත්තා.හොද වැඩේ.මම නටද්දි මෙහෙම තමා.හැමෝටම ගහනවා.උබත් ගුටි කාපං.

අන්තිමේදි කට්ටිය නටලා හති වැටිලා ආර්යලාගෙ ගෙදරින් එද්දි රෑ දොලහටත් කිට්ටු වෙලා.නේත්‍රටනම් ලොකු හතියක් නෑ.ඌ නැටුවෙ නෑ පැද්දුනා විතරනෙ.දෙවිත් කපල් එකටනම් හති.ආපහු යද්දි දෙවින් පණ ඩ්‍රයිවින් සීට් එකට නැග්ගා.තෙවින් පැසෙන්ජර් සීට් එකේ.ආශවට ටිකක් අද මහන්සි නිසා නේත්‍ර ඌව ජනේලෙ පැත්තට දාලා ඊලගට නේත්‍ර ඉදගත්තා.දෙනෙත් අයියත් පිටිපස්සට ආව නිසා ඉදගන්න ඉඩ තිබ්බත් සීට් එකේ ඉදගත්තෙ නැති මම දෙනෙත් අයියගෙ ඇගට පැනලා උගෙ ඔඩොක්කෙන් කකුල් හරහට දාලා ඉදගෙන දෙනෙත් අයියගෙ බෙල්ල බදාගත්තා.

මට මේ වෙලාවෙ උන්නා කපල් එක ගැන ලොකු පස්නයක් හිතට ඇවිත් තිබුනෙ.ඒත් මේ වෙලාවෙ ඔව්වා ඇහුවට වැඩක් නැති නිසා පස්සෙ වෙලාවකම අහනවා කියලා හිතාගත්තු මම දෙනෙත් අයියගෙ පපුවට හේත්තු උනා.දාඩියෙන් තෙත් වෙලා තිබ්බ මගෙ කූරු කූරු කොන්ඩෙ අතින් හැදුව දෙනෙත් අයියා මහන්සිද ? කියලා අහලා මගෙ ඔලුවට උම්මියක් දුන්නා.මම මේ ජෝඩුවට එච්චර ආදරේ ඒකනෙ.මගෙම අයියලා දෙන්නෙක් වගේ.

"අම්මා නෑ නේත්‍ර......"

"ඒත් අම්මා තමා ඔයාව එවලා තියෙන්නෙ......"

"අම්මා නැති උනාට ඔයා ඉන්නවනෙ මට......."

"දාලා යන්න එපා නේත්‍ර....."

"සුදුබේබි පපුව පැලෙන්න ආදරෙයි උබට......"

"වෙන කවුරුහරි මගෙ නේත්‍රට මට වඩා ආදරෙයි කිව්වට පිලිගන්න එපා"

"කාටවත් බෑ මම තරම් උබට ආදරේ කරන්න මගෙ මැණිකෙ....."

"සුදුබේබි ජීවත් වෙලා ඉන්නෙ නේත්‍ර නිසා....."

"මගෙ නේත්‍ර ලග හරි සැනසීමයි....හුගාක් සැනසීමයි"

ටික වෙලාවක් යනකං නේත්‍රව බදාගෙන කියෝ කියෝ හිටිය මිනිහා හෙමීට ඇස් පියාගත්තා.අද අර බිව්වා කිව්ව මොකද්ද එකේ පවර් එක තවම ඇගෙන් ගිහින් තිබ්බෙ නෑ ආසවගෙ.මිනිහගෙ හිතටත් අවුල් ඇති තෙවින්ව.නේත්‍රයා හීනෙනුත් කියවන්නෙ ආසව ගැන.එහෙව් එකේ ඌ වෙන එකෙක්ට කැමති වෙයියෑ.අනික නේත්‍ර වෙන කොල්ලෙක් දිහා උනන්දුවෙන් බලන්නෙවත් නෑ.කෙල්ලෙක් දිහා කතා කරන්නවත් බලන්නෑ.නේත්‍ර ආදරේ ආසවට විතරයි කොහොමත්.

නේත්‍රත් මොනාද කනට මුමුණද්දි හීනියට හිනා වුනු ආශව ටිකකින් නේත්‍රගෙ පපුවට ඔලුව තියං නිදාගත්තා.ඇත්තටම ඌව දැක්කම හුගාක් දුක හිතෙනවා.උගෙ පණත් හරි නේත්‍රත් හරි.අනේ මංදා.දවසක ප්‍රශ්.....නෑ එහෙම වෙන එකක් නෑ.අපි ඉන්නවනෙ එ දෙන්නා එක්ක.අනික ආසවයයි මායි නේත්‍ර වෙනුවෙන් පොඩි කාලෙ බලු වැඩ පවා කරල තියෙනවා.ඔය සිංහවංශ වලව්වෙ මහ කුමාරිහාමිගෙ කන් ඇහෙන්නෙත් නැත්තෙ එහෙම වැඩක ප්‍රතිපලයක් නිසා තමා.හොද වැඩේ මාන්නක්කාර උන්දැට.ආවා මෙතන නේත්‍රට පාට් එක දාන්න.

"ඔය ඉස්සරහ කනත්ත ඈ.....මාටින් මාමගෙ අවතාරෙ රෑ දෙගොඩහරි ජාමෙට ඔය හරියෙ සැරි සරනවලු"

මම හෙමින් සැරේ ඔලුව උස්සලා කියද්දිනම් බාගෙට නිදන් හිටිය උන් ටික පවා ගැස්සිලා ඇහැරුනා.ඇත්තටම එහෙම එකක් කියනවා.මම දැකලා නෑ.අනික යක්කු ඇයි දන්නෑ රෑට විතරක් එන්නෙ.සජිත් ප්‍රේමදාසගෙ නෑයොද දන්නෙත් නෑ.මම රාත්‍රියට ඔබේ සැප දුක් බලන්න එමි කියාගෙන යක්කුත් එනවද දන්නෑ.උන් රෑට සක්මන් කරනවනම් දවල්ටද ඩිස්ටි ඩිඩිං කරන්නෙ? යකෝ උන්ට මාර චාන්ස් හැබැයි.සෑහෙන වෙලාවක් තියෙනවා ඒවා කරන්න.

"ය්...යුගාන්.......අර"

ආච්චි අම්මට හික්කඩු යන්න යකෝ!!!! මගෙත් ඇග එක්කම සලිත වෙලා යද්දි දෙනෙත් අයියා මාව හයියෙන් අල්ලගත්තා.ඌවත් ගැහෙනවාද කොහෙද? සුදු පාට ඡායාවක් කනත්තෙ ගේට්ටුව ලග.දෙවින් පණනම් ඇසුත් හීනි කරල බලනවා.කොහොම බැලුවත් ඔය මාටින් මාමා තමා යකෝ.මම මන්තර මතක් කරන්න ගත්තා.භූතයව එලවන්න.

දිවාස බය නෑ.දිවාස තමා හැමෝගෙම වීරයා.දිවාස තමා ගැලවුම්කාරයා.දිවාස තමා අපේ කාලේ මහෞසධ.දිවාස තමා මේ රටේ අන්තිම බලාපොරොත්තුව.මම ස්ටේජ් එකට නැගලා කෑ ගහද්දි මහල ඉන්න මිනිස්සු අත්පුඩි ගහනවත් ඇහුනා.2030 හැමෝගෙම බලාපොරොත්තුව.

යකෝ යකා එලවන්න මන්තර මතක් කලා නේත.හරි !

"අලන්තර කාල අල් කල්ප බොක සහ පිප්පි!!!!"

මහ හයියෙන් කෑ ගහගෙන වාහනේ ෂටර් එකක් ඇරලා මම කනත්තෙ ඉන්න යකාට මැතුරුවා.වාහනේ එකෙක්වත් සද්ද නෑ.හැමෝටම පුදුමයි තමා දිවාසගෙ හැකියාව ගැන.

"ඒක අලි මන්තරයක් දිවාෂ මල්ලි!"

"ඒ සුදු රෙද්දක් දිවාස! බැනර් එකක් ගැලවිලා"

බීපු මිනිහටත් පෙනුනු එකද මේ සුරතල් පුතාට නොපෙනුනේ.ඔක්කොම හිනා වෙන්න ගත්තා.සැක් හරිම ලැජ්ජාවක්.....අලි මොකෝ යක්කු මොකෝ....නේත්‍ර එහෙනම් උබත් එහෙමයි නේද?ඉදපං උබේ සුදුබේබි නිදන් ඉන්න වෙලාවක කාමරේට රිංගලා උගෙ පුකට රතිඤ්ඤයක් ගහලා පත්තු කරනවා මම.පුකක් නැති මිනිහෙක් එක්ක ජීවිතේ විදපං!

දෙනෙත් අයියා විතරයි හිනා වුනේ නැත්තෙ.මට කවුරුත් එපා.දෙනෙත් අයියා විතරක් ඇති.දෙනෙත් අයියව මම කසාද බැදලා දුර පලාතකට ගිහින් ජීවත් වෙනවා.කුඹුරක් එහෙම කොටාගෙන.මම කුඹුරු කොටද්දි දෙනෙත් අයියා මට ඇබුල ගේනවා.මම එතකොට ටිකිරි මැණිකෙ ඇබුල ගෙනල්ලා සින්දුව කිය කිය වෙලේ නටනවා.පස්සෙ දෙනෙත් අයියා මට කවනවා.අපි දෙන්නා බලු පැටියෙක් හදාගෙන සතුටින් ජීවත් වෙනවා.

නිමි!

වාහනේ නැවැත්තුවාම මම නේත්‍ර එක්කම අපේ ගේ ලගින් බැස්සා.අම්මයි අප්පච්චියි මම එනකං ඉස්තෝප්පුවට වෙලා මග බලන් ඉන්නවා.එයාලා දෙන්නා මට පණ වගේ ආදරේ කරන්නෙ.කොල්ලෙක්නෙ කියලා අතෑරල දාල නෑ.ඒකනෙ මාත් එයාලගෙ හිත් රිද්දන්නෙ නැත්තෙ.වාහනෙන් බැහැලා මම කට්ටියටම බායි කිව්වා.නේත්‍රත් දෙවින් අයියට උපදෙස් ගොඩාක් කුටු කුටු ගාලා කිව්වා ආශවව බලාගන්න කියලා.අද ආසව යන්නෑ වලව්වට.දෙවින් අයියලෑ දිහා කොල්ලො ඔක්කොම නවතින්නෙ.ඔහොම යන්නත් බෑනෙ ගෙවල් වලට.

බහින්න හැදුව නේත්‍රව අල්ලලා මිරිකගෙන ආසවයා ලොකූ උම්මියක් නේත්‍රගෙ නලලෙන් තිබ්බා.නේත්‍රත් දඩිස් කාලා ආසවගෙ ඔලුව ඉඹලා මූණත් රතු කරගෙන වාහනෙන් බැස්සා.අපිට කොයින්ද බූල් බල්ලො! හුහ්....මාත් දවසක කොල්ලෙක් දාගත්තම උගෙ මූණ ඉඹ ඉඹ ඉන්නවා.වාහනේ නොපෙනිලා ගියාට පස්සෙ මායි නේත්‍රයි ගේ ඇතුලට ආවා.

මොනා උනත් අද හරි ශෝක් දවසක්....

අමතක උනානෙ.....

හැමෝටම සුභ නත්තලක්!!!

මම දිවාෂ.

...................................................................................................

වචන 6500+😪❤️

අනේ අම්මෝ හරිම දිගයි

මේ තාක් ලිව්ව දිගම එක මම හිතන්නෙ😂❤️

නේට්ටගෙ හෙයාස්ටයිල් එක🥺😌❤️

අර අවෝඩ් සෙරමනි එකට මාව මෙන්ෂන් කරපු බබාලට ගොඩක් ස්තූතියි🥺❤️ මම එහෙම දෙයක් බලාපොරොත්තු උනේවත් නෑ.....මට ඒක ලොකු දෙයක්.....නිකං වැඩිත් වගේ මට🥺❤️ හැමෝටම ගොඩක් ස්තූතියි ඒකට❤️

මම දන්නෑ මේ කොටස හොදද කියලා 😪

ඔහේ ලියාගෙන ගියා🙈

අදහසක් කියාගෙන යන්න පුළුවන් නම් බබාලා🥺❤️

තෙවාස😂❤️

ඉතින් අදහසක් කියන් යන්න.....

ආපහු පාරක් සුපුරුදු ට්‍රැක් එකට වැටෙනවා ඊලග චැප් එක්සෙ ඉදන්🌚❤️ ආයෙ කාගෙවත් pov නෑ😂 ඔන්ලි කැමීලියාස් pov 😏❤️

ඒනම් කැමීලියා ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter