Back
Chapter 41

40 කොටස🤍✨

නිවාලන්න මා...

"මේ ඉන්නෙ හරකා"

"ඔහොම කියලා හරි යන්නෙ නෑ තෙවින්!!!"

ආශවයි නේත්‍රයි වත්ත පහල පිට්‍ටනියෙ ලාවුළු ගහ යටට එද්දි ආව සද්දෙ නිසා දෙන්නා ගමන ඉක්මන් කරලා ඒ පැත්තට ගියා.දිවාෂ තෙවින්වත් අල්ලගෙන මොකක් හරි කර කර ඉද්දි සසරම එපා වෙලා වගේ හිටිය දෙවින් ෆෝන් එකත් උස්සගෙන ඒ විගඩම් දිහා බලාගෙන හිටියා.ආශවයි නේත්‍රයි දෙන්නා දිහා බලලා හිනාවක් පාපු දිවාෂ ආපහු පාරක් තමන්ගෙ වැඩේට අවධානෙ යොමු කලා.

"මොකද්ද බං අර වෙන්නෙ?"

"මොකක් හරි කම්පිටිෂන් එකක් තියේලු ඉස්කෝලෙ....ඩ්‍රාමා ක්ලබ් එකේ.නේත්‍ර මල්ලි?"

"ඕ දෙවින් අයියෙ තියෙනවා.අපි කැමති කැටගරි එකකින් ඒකට ජොයින් වෙන්න පුළුවන්.මම නාට්‍ය පිටපතක් ලියන ගමන් ඉන්නෙ.....දිවාෂ නම් අර ඇඩ් එකක් කරලා පෙන්න එක වෙන්න ඇති ඔය කරන්නෙ?"

"ඒ මොකද්ද නේත්‍ර?"

"මොකක් හරි ඇඩ් එකක් තෝරගෙන අපි ඒක කරලා පෙන්නන්න ඕනි සුදුබේබි.වීඩියෝ එකක් කලාම හරි.දැන් දිවාෂට තියෙන්නෙ ඒ ඇඩ් එකේ විදියට ඒක ඇක්ට් කරලා ලස්සනට එඩිට් කරලා කම්පිටිෂන් එකට දාන්න"

"ඕ.....හරි හරි"

කට්ටියම සද්ද බද්ද නැතුව බලාගෙන හිටියෙ දිවාෂගෙ වැඩේ දිහා.තෙවිනුත් මොකාද එකා වගේ දිවාෂට ඕනි ඕනි විදියට හැරි හැරී ඉන්නවා.

"හරකෙක් නෑනෙ යුගාන් ඉතින්"

"හරකව ගේන්නම් බං හරි වීඩියෝ එක කරන දවසට.තමුසෙ ඉස්සෙල්ලාම ගැම්මට මේක කියන්න පුරුදු වෙනවකො"

"හා හරි"

"දැන් මෙහෙමයි හරිත? උබර් එනවා අර පැත්තෙ ඉදන්.හරකා එනව උබගෙ ඉස්සරහට"

"මම දුවනවා?"

"දුවන්නෙ මොන ලබ්බකටද මිනිහො!!! මම මැද්දට පයිනවා.පැනල කියනවා "බය වෙන්න එපා මල්ලි" කියලා"

"ඉතින් මම ඔයාට අයියනෙ වෙන්නෙ යුගාන්!!!"

"තෙවින්!!! උබ මට කියලා මෙතනම....."

"හරි හරි කෑගහන්න එපා යුගාන්.....මම ඔයා කියන විදියට කරන්නම්"

"හරි.එතකොට තවුසෙ කියන්නෝනි "මේ ගෙදර හරකා" කියලා.පුලුවන්ද?"

"හා ඉන්න.ඒත් කෝ හරකෙක්? මට හරකෙක් නැතුව රගපාන්න බෑ"

"හරකෙක් නේද?........දෙවින් පණ........."

ටික වෙලාවක් යද්දි මෙතන ප්‍රේක්ශකයො විදියට ඉතුරු උනේ ආශවයි නේත්‍රව විතරයි.ලාවුළු ගහේ කදට හොද හේත්තුවකුත් දාගෙන දෙන්නත් එක්ක දිවාෂගෙ පුහුණුවීම් දිහා බලාගෙන හිටියා.ආශවටයි නේත්‍රටයි ඒකෙන් ලැබුනෙ වෙනම විනෝදයක්.දිවාෂ පැත්තක ඉදන් "ඇක්ෂන්" කියලා කෑ ගැහුව ගමන් කට්ටිය රගපාන්න පටන් ගත්තා.

පිට්ටනියෙ කොණකටම ගිය තෙවින් නෝමල් එකේ ඉස්සරහට ඇවිදගෙන එන්න ගත්තා.තත්පර ගාණක් යද්දි පිට්ටනියෙ අනික් කොණේ හිටිය දෙවින් ඔලුවට අත් දෙකත් තියං අං දෙක වගේ උල් කරගෙන පිඹගෙන තෙවින්ගෙ පැත්තට ආවා.ඒත් එක්කම බෙල්ල වටේ රතුපාට රෙදි කෑල්ලකුත් ගැට ගහගෙන හිටිය දිවාෂ දෙන්නගෙ මැද්දට පැන්නා.

"බය වෙන්න එපා මල්ලි"

"මේ ගෙදර හරකා"

දිවාෂගෙ අතටත් පාරක් ගහන ගමන් තෙවින් දෙවින් කියන හරකත් එක්ක හැරිලා යද්දි දිවාෂ මූණ එල්ලගත්තා.ඒත් එක්කම ආපහු පියවි ලෝකෙට ආව දිවාෂ හයියෙන් අත්පුඩි ගහලා සතුට ප්‍රකාශ කලා.ඒත් එක්කම මොකක් හරි මතක් වුනු නේත්‍ර හෙමින් සැරේ ආශව ලගට කිට්ටු කලා.

"සුදුබේබි....."

"ඕ මැණිකෙ?"

"ඒ තරගෙදි වීඩියෝ එකට ගන්න පුළුවන් දෙන්නෙක් විතරයි.ඒක කොන්දේසියක්"

"ඒ කිව්වෙ?"

"ඒ කියන්නෙ සුදුබේබි,ඇඩ් එකේ කී දෙනෙක් හිටියත් රගපාන්න පුළුවන් දිවාෂටයි තෙවින් අයියටයි විතරයි.සතෙක් හිටියට කමක් නෑ.ඒත්........"

"ඔයා කියන්නෙ ටිකිරි නගාගෙ කෑල්ල?"

"ඕ ඒක කරන්න වෙන්නෙත් තෙවින් අයියටම තමා"

"මූ කන්නෙ හොදම පරිප්පු වලින් තමා ආයෙ"

ආශව හෙමීට මුමුණලා හිනා වෙද්දි නේත්‍රත් තමන්ට ආව හිනාව තද කරගෙන හිටියා.තණ තිල්ල උඩ තිබ්බ නේත්‍රගෙ අත උඩින් තමන්ගෙ අත තිබ්බ ආශව නේත්‍රගෙ අත හෙමීට තද කරද්දි නේත්‍ර ආශව දිහා බලලා ලස්සනට හිනා වුණා.

"ඉස්කෝලෙ පටන් අරන් සතියක් ඇතුලත තරගෙට වීඩියෝස් භාරගන්න එක ඉවර කරනවා නේද නේත්‍ර?"

"ඕ දිවාෂ....මම නම් පිටපත දෙනවා ඉස්කෝලෙ පටන් ගන්න දවසටම"

"තෙවින්,උබ කොහොමත් ඉස්කෝලෙ පටන් ගද්දිම එන්නෙ නෑනෙ? ඒ නිසා හවසක වීඩියෝ එක ගමු"

"හා හරි යුගාන්....එහෙම කරමු"

"මේ ඒක නෙවෙයි හලෝ......තිස් එක රෑ එම් කේ?"

"වෙන මොනා කරන්නද දිවාෂ මල්ලි.....කාලා නිදියනවා"

"එහෙම හරියන්නෑ දෙවින් පණ......අපි මොකක් හරි ආතල් එකක් ගමු....තුන් වෙනිදා ඉස්කෝලත් පටන් ගන්නවනෙ?"

"ම්ම්ම්ම්ම්.......මොකද්ද කරන්නෙ?"

"බොමුත?"

"යුගාන්! පුලුවන් දෙයක් කියපංකො....අරක්කු ගද ආවත් වැනෙනන එකා බොන්න කතාව"

"උබ ඉදපං තෙවින්.....අසහනකාරයා!"

"යුගාන්!!!"

"අනේ උබලා දෙන්නගෙ රණ්ඩු නවත්තපල්ලකො....මම මල්ලිලා දෙන්න අතරෙ අතරමං වෙනවා පැත්තක් ගන්න බැරුව ලබ්බ.....කරන්න දෙයක් කියපං 31"

"අපි මූවි නයිට් එකක් දාමු.....කට්ටියම....එහෙම හොදයි නේද යුගාන්?"

"ඒම හොදා.....ඒක ආතල් වැඩේ"

"අපේ ගෙදර දාමු දිවාෂ මල්ලි.....නේත්‍ර පුළුවන්නෙ නේද?"

"ම්ම්ම්.....මේ...."

"නෑ මෙහෙම කරමු. අපේ ගෙදර දාමු.....නේත්‍රට හුරු එහෙනෙ?"

"හා හරි දිවාෂ.....මාත් එන්නම්.....සුදුබේබි යනවා නේද?"

"නේත්‍ර යනවනම් යං....අවුලක් නෑ....ස්කූල් පටන් ගත්තට පස්සෙ කොහොමත් ආතල් දාලා ඉවරයි ඉතින්"

ආශව නේත්‍රගෙ ඔලුව අතගාලා කියද්දි තෙවින් ඉක්මනටම අහක බලාගත්තා.ඒක තේරුම් ගත්තු දිවාෂ හෙමින් සැරේ තෙවින්ගෙ අතට තමන්ගෙ ෆෝන් එක දීලා මොකක් හරි බලන්න කියලා ආපහු පාරක් කතාවට එකතු උනා.අන්තිමට තිස් එක්වෙනිදා දවල් ඉදලම කට්ටිය දිවාෂලාගෙ ගෙදරට එකතු වෙනවා කියන එක තීරණේ කලාට පස්සෙ දිවාෂ දෙවින්වත් පෙරලගෙන එතන තණ බිස්ස උඩ කෑගහගෙන සිහිසුන් උනා.

...................................................................................................

"මූ ගෙදර ඉන්නවද දන්නෑ....."

ඉර බැහැගෙන යන ගොම්මනේදි කොට කලිසමක් ඇදගෙන මැරයෙක් වගේ සිංහවංශ වලව්ව ඉස්සරහ පිට ඉදගෙන හිටිය දිවාෂ හෙමීට මිමිණුවෙ වත්තෙ වැඩ කර කර උන්නු සේවකයො දිහා බලාගෙන.වත්තෙ වැඩ කරපු සේවකයෙක්ට දත් වහල්ලම දාලා හිනා වුණු දිවාෂ සිංහවංශ වලව්වට පය ගැහුවෙ තෙවින්ව හම්බවෙන්න හිතාගෙන.ගෙදර ඉන්නෙ තෙවින් විතරයි කියලා සේවකයෙක්ගෙන් අහගත්තු දිවාෂ කෙලින්ම උඩ තට්ටුවට ගියේ වලව්වෙ හැම තැනම තමන්ට හොදට හුරු පුරුදු නිසා.තෙවින්ගෙ කාමරේට කඩා පැනලා හොද පලපුරුද්දක් තිබ්බ දිවාෂ දොරට තට්ටුවක්වත් නොකර හෙමිහිට තෙවින්ගේ කාමරේ දොර ඇරියේ තෙවින් හෙළුවෙන් ඉන්නවනම් ෆොටෝ එකක් ගහගෙන තෙවින්ව බ්ලැක්මේල් කරන්න හිතාගෙන.

"ඇ.....ඇයි ම....මටම....මෙහෙ....ම වෙන්නෙ?"

තෙවින්ගෙ කාමරේ දොර අරිනවත් එක්කම ඇතුලෙන් ඇහුණු දුර්වල හඩ නිසා කලබල වුණු දිවාෂ කාමරේ ඇතුලට දුවගෙන ගියේ තෙවින් කෝ කියලා බලන ගමන්.කාමරේ ඇද තියෙන හරියෙ කොනකට වෙලා බිම වකුටු ගැහිලා හිටිය තෙවින් අතේ තිබ්බ මොකක් හරි තද කරගෙන ඉකිගහන ගමන් හිටියා.කාමරේ තිබ්බ අදුරු ගතිය නිසා කිසිම දෙයක් දිවාෂට පැහැදිලිව නොපෙනෙද්දි ඉක්මනටම කාමරේ තිබ්බ විදුළි බුබුල දල්වපු දිවාෂ ආපහු පාරක් තෙවින් ගාවට දුවගෙන ආවා.

"ත්...තෙවින් අයියෙ! ඇයි මේ?"

"උඹ!!! පලයං යුගාන්......මම එදත් කිව්වා!!! මට මගෙ පාඩුවෙ ඉන්න දියං!!! මම කැමති නෑ උබට රිද්දන්න!!!"

තෙවින් දිවාෂගෙ මූණටම කෑ ගහද්දි ටිකක් පිට්පස්සට වුණු දිවාෂ එකපාරටම පැනලා තෙවින්ගෙ අත අනික් පැත්තට කැරකුවා.තෙවින්ට හිතන්නවත් වෙලාවක් නොදී තෙවින්ගෙ අතේ තිබ්බ සිරින්ජරය තමන්ගෙ අතට ගත්තු දිවාෂ එහෙම්මම නැගිටින්න හැදුව තෙවින්‍ට පයින් පාරක් දීලා තෙවින්ව ආපහු බිමට වට්ටලා කණ්ණාඩි මේසෙ උඩ තිබ්බ අමුතු ජාතියෙ පොඩි කුප්පිය තමන්ගෙ අතට ගත්තා.ඒත් එක්කම දිවාෂ කෙලින්ම බැලුවෙ තෙවින්ගෙ බයෙන් බිරාන්ත වෙලා තියෙන මූණ දිහා.

"අඩියක්වත් ඉස්සරහට තියන්න එපා තෙවින්! මම මේක ඉන්ජෙක්ට් කරගන්නවා!"

"ය්....යුගාන්!!! ඕක පැත්තකින් තියපං!! මගෙ මාරයා අවුස්සගන්න එපා!!!"

"උබ අඩියක් හරි ඉස්සරහට තිබ්බොත් මගෙ මාරයා බලාගන්න පුළුවන් වෙයි! දෙයියම්පල්ලා මම මේක ඉන්ජෙක්ට් කරගන්නවා!!!"

"හරි....හරි යුගාන්!!! ප්ලීස්.....මම මොකද්ද කරන්න ඕනි කියන්න....මම කරන්නම්"

"කාමරේ මේ වගේ තව දේවල් තියේනම් දැන්මම අරන් මගෙ ඇස් දෙක ඉස්සරහින් තියපං තෙවින්! බොරු කරන්න ලෑස්ති වෙන්න එපා....උබ බොරුවක් කලොත් මම මීට වඩා දරුණු දෙයක් කරගන්නවා"

"හරි...හරි යුගාන්...මම කරන්නම්!!! ප්ලීස් ඕක පැත්තකින් තියන්න....ඕක ඔයා ඉන්ජෙක්ට් කරගත්තොත්...."

"තෙවින්! උබම දන්නවා මේක මම වගේ කෙනෙක් ඉන්ජෙක්ට් කරගත්තොත් මොකද්ද වෙන්නෙ කියලා! ඒ නිසා ඒ දේ නොකරගෙන මම කිව්ව දේ කරපං!"

"හ්...හරි යුගාන්......ඉන්න ඔහොම"

දිවාෂ හිටගෙන හිටිය විදියටම සිරින්ජරේ කටුව තමන්ගෙ අත ලගටම ලං කරගෙන ඉද්දි තෙවින් තමන්ගෙ මේසෙ ලාච්චු අදින්න උනා.දිවාෂගෙ ඇස් දෙක කේන්තියට වගේම තෙවින් කරගන්න ගිය දේ ගැන ඇති උනු බය නිසා ලා රතු පාට වෙලා තියෙද්දි තෙවින්ගෙ අත් දෙක පුදුමාකාර විදියට වෙවුලන ගමන් තිබ්බෙ දිවාෂ හිටිය තත්වෙ නිසා.තෙවින්ගෙ හිත මහ අසාමාන්‍ය විදියට ගැහෙන්න ගත්තෙ දිවාෂගෙ අතේ තියෙන මත්ද්‍රව්‍ය ටික නිකමට හරි ඒ ඇග ඇතුලට ගියොත් දිවාෂට වෙන අනතුර ගැන හිතෙද්දි.තමන්ට දැනුනු දරන්න බැරි පීඩනේට ඒ මත්ද්‍රව්‍යයෙන් අධිමාත්‍රාවක් සිරින්ජරයට ඇතුලු කරලා තිබ්බ නිසා තමන් වගේ කෙනෙක්ට ඒ දේ සිහි විසඥ වීමකින් හරි දරන්න පුළුවන් උනත් දිවාෂ වගේ මත්ද්‍රව්‍යක් භාවිතා කරන්න හිතුවෙවත් නැති කෙනෙක්ට ඒක මරනාසන්න වෙන්න පුළුවන් භයානක දෙයක් කියලා තෙවින් දැනන් හිටියා.

කිසිම බයක් නැතුව තෙවින්ගෙ ජීවිතේ බේරගන්න දිවාෂ තමන්ගෙ ජීවිතේම ඔට්ටුවට තියද්දි තෙවින් තමන්ගෙ ජීවිතේ පලවෙනි වතාවට වෙන කෙනෙක්ගෙ පරිස්සම්ක් වෙනුවෙන් කම්පනය වෙලා හිටියා.දෙන්නම හිටිය කලබලකාරී තත්වෙ නිසා ඒ දේ නොදැනුනත් දෙන්නට දෙන්නා දෙන්නට දෙන්නා වෙනුවෙන් අමුතුම විදියෙ භූමිකා දෙකකට ආරෝපණය වෙලා හිටියා.

තමන්ගෙ කාමරේ ලාච්චු ඇරිය තෙවින් දිවාෂගෙ අතේ තිබ්බ වගේම පොඩි කුප්පියක් එලියෙන් තියලා තමන්ගෙ කාමරේ තිබ්බ පුංචි ශීතකරණය ඇරලා ඒක ඇතුලෙ තිබ්බ මත්පැන් ටින් වගයක් එලියෙන් තිබ්බා.ඊලගට තමන්ගෙ ඇද යටට රිංගුව තෙවින් මත්පැන් බෝතල් කීපයක් අරගෙන දිවාෂගෙ ඉස්සරහ තියද්දි දිවාෂ කණ්ණාඩි මේසෙ ලාච්චු කීපයට තමන්ගෙ ඇස් දෙක ගෙනිච්චා.ඒත් එක්කම මොකක් හරි මතක් උනා වගේ දුවං ආව තෙවින් ඒ ලාච්චුවක් ඇරලා ඒක ඇතුලෙ තිබ්බ සිගරැට් පෙට්ටි කීපයත් අර බඩු ටික ලගින්ම තියලා දිවාෂ දිහා බැලුවා.

"ය්...යුගාන්....ඔය ටික පැත්තකින්......."

"ඔය ටික බෑග් එකකට දාපන් තෙවින්!!! දැන්මම"

දිවාෂ කියන දේට තත්පරයක්වත් පරක්කු නොවුණු තෙවින් ඒ ඔක්කොම ටික මල්ලකට දාලා පැත්තකින් තියද්දි දිවාෂ තමන්ගෙ අතේ තිබ්බ සිරින්ජය වගේම පුංචි කුප්පියත් ඒ මල්ලටම දාලා ඒක තෙවින්ගෙන් ඈතකට වෙන්න තියලා තෙවින් ගාවට ඇවිදගෙන ගියා.ඇද උඩ ඉදන් හිටිය තෙවින් තමන්ගෙ අත් දෙකත් තදින් බැදගෙන බිම බලාගෙන ඉද්දි තෙවින් ලගින් දණ ගහගත්තු දිවාෂ තමන්ගෙ අත් දෙකෙන් තෙවින්ගෙ ඇස් වලින් වැටෙන කදුළු පිහිදුවා.

"ය්....යු....."

"අඩන්න.....මම ලග ඉන්නවා"

දිවාෂගෙ වචනත් එක්ක ඔලුව උස්සපු තෙවින් එහෙම්මම දිවාෂගෙ බඩ වටේ අත් දෙක දාගෙන දිවාෂට තුරුල් වෙලා මහ හයියෙන් කෑගහලා අඩන්න ගත්තා.හිටපු විදියටම හෙල්ලෙන්නෙ නැතුව හිටිය දිවාෂ හෙමීට තෙවින්ගෙ පිටට තට්ටු දදා තෙවින්ට ඕනි තරම් අඩන්න දෙද්දි තෙවිනුත් තමන්ගෙ දුක පුළුවන් තරම් පිටකරගන්න ඇඩුවා.එක දිගටම පැය දෙකක් විතර ඇඩුව තෙවින්ගෙ ඇඩිල්ල ටික ටික අඩු වෙලා යද්දි ඒ පැය දෙකම දිවාෂ තෙවින්ව තුරුල් කරගෙන තෙවින් ලගින්ම හිටියා.

"ය්....යුගාන්....."

"හරිද?"

"හ්ම්.......නිදහසක් දැනෙනවා"

"ආයෙ අඩන්න එපා අයියෙ......හෙමීට හිත හදාගන්න බලන්න"

"මට දුකයි යුගාන්......මම ආසා දේවල් මට කවදාවත් හම්බවෙන්නෙ නෑ.....මම කාලකණ්ණියෙක්ද යුගාන්? ඇයි මටම මෙහෙම වෙන්නෙ?"

"ඔයා කාලකන්නියෙක් නෙවේ තෙවින් අයියෙ.ඇයි එහෙම හිතන්නෙ? ඔයාමනෙ ඔයාව විනාස කරගන්නෙ.....හරි,මුලදි දැක්කම නේත්‍රට කෙනෙක් ඉන්නවා කියලා නොදැන ඔයා එයාට ආදරේ කරන්න ගත්තා කියන්නකො.හැබැයි ඔයා ඒම කරලා ටික දවසකින්ම දැනගත්තනෙ නේත්‍රට කෙනෙක් ඉන්නවා කියලා....ඔයාට තිබ්බා එතකොට හිත හදාගන්න පටන් ගන්න! ඔයාමයි වරද්දගත්තෙ....මම අච්චර පහදද්දි ඔයාමයි ආයෙ ආයෙ ඒ නොලැබෙන දේ පස්සෙ යන්නෙ"

"යුගාන්......."

"ආශව නේත්‍ර කියන්නෙ කවදාවත් ඈත් වෙන්නෙ නැති දෙන්නෙක්.කවදහරි ප්‍රශ්නයක් උනොත් මම ඒකට මැදිහත් වෙලා මට ප්‍රශ්නයක් ආවත් මම උන් දෙන්නව එකතු කරනවා....ඒ දෙන්නට දෙන්නා නැති උනොත් උන් දෙන්නා මැරෙයි තෙවින්! උබ ඇයි ඒක තේරුම් ගන්නෙ නැත්තෙ? යකෝ....ආශව උබ එක්ක දැන් වැඩියෙ කතා බහකුත් නෑ නේද? නිකමට හරි හිතපං! ඌට උබ ගැන සැක හිතිලනම්?

නේත්‍ර නැති වෙයි කියන බයට ආශවයා ඕනිම රිස්ක් එකක් ගන්න ඉඩ තියෙනවා...නිකමට හරි හිතපං ඌ නේත්‍ර එක්ක මේ ගම අතෑරලා දාලා කොහෙට හරි ගියා කියලා? ඉගෙන ගන්න වයසෙ උන් දෙන්නම තාම....නේත්‍රට හරි හැටි සමාජෙ එක්ක ගැටෙන්නවත් තාම තේරෙන්නෑ! උන් දෙන්නා විනාස වෙයි තෙවින් එහෙම උනොත්! ආශව‍යට ජීවිතේට නොවින්ද දුක් විදින්න වෙයි එදා වේල හම්බකරගන්න.අපි මේ උපන්දා ඉදලම හිටිය ගම නිසා නේත්‍රට ආරක්ෂාවක් තිබ්බට උන් දෙන්නා දුර නොදන්න පලාතකට ගියාම? ආශව ලග නෑ දවසින් වැඩි වෙලාවක්,අපි කවුරුත් නෑ ඒ අහලක පහලක....යකෝ අර පොඩි එකාට මොනාගෙන් මොනා වෙයි කියලද හිතන්නෙ? උබ මටත් වඩා සමාජෙ ගැන දන්නවා තෙවින්!

උබ කරන මේ වැඩෙන් ඒ විදියට ජීවිත කීයක්නම් විනාස වෙන්න පුළුවන්ද කියලා උබ හිතුවද? මම එදා උබට හොදටම පැහැදිලි කරලා දුන්නා.ඒත් උඹ.....යකෝ මේකෙන් උබ කොච්චර විනාස වෙනවද බලපං! පොන්නයෙක් වගේ අරක්කු අනන් මනන් බදාගෙන! ප්‍රශ්න විසදන්න බෑ මිනිහො මත් වෙන දේවල් වලට! එහෙනම් අර නිර්මලා නැන්දා උදේ ඉදන් හවස් වෙනකං අරක්කු බොන්න ඕනි....නේත්‍ර අත දරුවා කාලෙ නේත්‍රගෙ තාත්‍තා නැති වෙලා තියෙන්නෙ....අරුන්දතී අක්කාත් හෙන පොඩියි එතකොට.....ගමේ ඉන්න පිරිමින්ගෙන් බේරිලා,ලමයි දෙන්නවත් හදාගෙන නම්බුව ආත්මගරුත්වෙ රැකගෙන ඔය දැන් හරි අපූරුවට ජීවත් වෙන්නෙ.උබ මොකද්ද මේ කරන්නෙ?"

"ය්....යුගාන් මම..."

"ප්‍රශ්න වලට ඔහොම මූණ දීලා හරියන්නෙ නෑ තෙවින්! හැම එකටම බෝතලයක් බදාගත්තා කියලා හරි යන්නෙ නෑ.....උබ ඊටත් එහා ගිහින්! මොනාද ඒ ඉන්ජෙක්ට් කරගන්න හැදුවෙ? කොහොමත් ඒ විටමින් එකක් නෙවේනෙ! මත් උනාම ප්‍රශ්න අමතක වෙන්නෙ ටික වෙලාවකට විතරයි තෙවින්....ඊට පස්සෙ ආයෙ මුල ඉදන් ප්‍රශ්න....ඒ මදිවට අර ගත්තු ඩ්‍රග්ස් වලින් එන සයිඩ් ඉෆෙක්ට්ස්? උබ ඒ ගැන හිතුවෙ නැද්ද?

යකෝ ප්‍රශ්න විසදගන්න විදි තියෙනවා.උබ මේ වගේ දේවල් වලටම මෙහෙම වැටෙනවනම් උබ ඉස්සරහට මුහුණ දෙන්නෙ කොහොමද? දැන් ඔයාගෙ හිත හයිය කරගන්න කාලෙ හරි......හැමදේම ඔය හුත්තවල් වලින් නෙවෙයි විසදන්න පුළුවන්.එහෙනම් මේ ලෝකෙ හැම මිනිහම ප්‍රශ්නයක් ආවම ඩ්‍රග්ස් ගන්න ඕනිනෙ! ඒත් එහෙම ඕනි නෑ තෙවින්.....ප්‍රශ්න විසදගන්න ඕනි තරම් ක්‍රම තියෙනවා.

හොදට මතක තියාගනින්! අද ඉදන් උබට මම ඉන්නවා....ඕනිම ප්‍රශ්නෙකදි.කතා කරන්න,මාත් එක්ක ඒ ප්‍රශ්න විසදගන්න.....හැබැයි කීයටවත් නේත්‍රව උබට ලං කරන්න මම උදව් කරන්නෑ....ඒකත් මතක තියාගනින්.මම උබ එක්ක ඉන්නෙ ඒ හැම ප්‍රශ්නයක්ම අමතක කරලා දාලා ජීවිතේ ආයෙ මුල ඉදන් හදාගන්න.අනික මතක තියාගනින්....අද ඉදන් මගෙ ජීවිතේ තියෙන්නෙත් උබේ අතේ!!!"

"යුගාන්?"

"මම අර සිරින්ජර් එක මගෙ ලග තියාගන්නවා.....අර පොඩි බොට්ල් එකත් එක්ක.උබ ආයෙ ඔය වගේ මොකක්ම හරි දෙයක් කරගත්තොත්.....මම ඒක ඉන්ජෙක්ට් කරගන්නවා"

"යුගාන්!!! මගෙන් මැරුම්කන්න එපා!!!"

"උබ ඕන්නෑ.....මමම මැරෙයි එහෙම උනොත්! ඕවර්ඩෝස් මේක ඉන්ජෙක්ට් කරගත්තොත් මොකද්ද වෙන්නෙ කියලා උබම දන්නවා තෙවින්! නෝමල් ඉන්ජෙක්ට් කරගත්තොත් මම මේ ඩ්‍රග් එකට ඇඩික්ට් වෙයි.....කොහොම කලත් මගෙ ජීවිතේ විනාස වෙයි"

"ය්....යුගාන්.....ප්ලීස්......"

"අද ඉදන් උබේ ජීවිතේ වගේම මගෙ ජීවිතේ තියෙන්නෙත් උබේ අතේ තෙවින්! කැමති දෙයක් කරන්න අද ඉදන්"

"යුගාන්........මම දන්නෑ ඇයි කියන්න.....ඒත් ප්ලීස්.....මම ඔයාට කරදරයක් වෙනවට කැමති නෑ!"

"ඔයාගෙ තීරණයක් තෙවින් අද ඉදලා හැදෙන විදිය......එච්චරයි!!!!"

දිවාෂ තමන්ගෙ පය පාමුල දණ නවාගෙන වැටිලා හිටිය තෙවින්ව උරහිස් වලින් අල්ලලා නැගිට්ටවන ගමන් තෙවින්ව තුරුල් කරගත්තා.දිවාෂට වඩා තෙවින් සෑහෙන්න උස වුණු නිසා දිවාෂගෙ ඔලු ගෙඩිය තමන්ගෙ පපුවට තුරුල් කරගත්තු තෙවින් කවදාවත් නොදැනුනු විදියෙ සැනසීමක් සැහැල්ලුවක් විදින ගමන් හිටියා.ඒක හරියට තමන් වෙනුවෙන් ඕනිම දේකට කෙනෙක් ඉන්නවා වගේ දැනුනු හැගීමක්.තෙවින්ගෙ පිටට තට්ටුවක් දාලා තෙවින්ගෙන් ඈත් වුණු දිවාෂ එහෙම්මම තෙවින් අර බඩු අහුරපු මල්ල අතට අරගෙන තෙවින් දිහා බැලුවා.

"වරෙං යන්න"

"කොහෙද? මම ඉන්නම් ගෙදරට වෙලා"

"මෙච්චර හයිකාරකමක් උබ කරගන්න ගියාට පස්සෙත් උබව මේක ඇතුලෙ දාලා යන්න මට පයිත්තියන් කියලා හිතුවද? කොහොමත් හෙට දවල් වගේ ඉදන් අරුන් ටිකත් අපේ ගෙදර එනවනෙ.....යං උබත් ඒ නිසා.උබ ඉදින් අද ඉදන්ම අපේ දිහා"

"ඒත් යුගාන්"

"උබ එනවද? නැත්තං මම තෝව උස්සගෙන යන්නද?"

"කෑගහන්න එපා යුගාන්....මගෙ කන කීං කීං ගානවා"

"පරයා!!!"

කදුළු සේරෝම පිහිදගත්තු තෙවින් තමන්ගෙ අල්මාරියෙන් ඇදුම් කෑලි දෙක තුනකුත් අරගෙන මල්ලකට දාගෙනම දිවාෂගෙ පිටිපස්සෙන් ඇදිලා ගියේ එදා දිවාෂ දුන්නු ඇදුම ගැන මතකෙ තිබ්බ නිසා.තෙවින්ගෙ බෝතල් ටින් ටික දාලා තිබ්බ බෑග් එක උස්සගත්තු දිවාෂ පඩිපෙල බැහැලා පාරට ගොඩ වෙද්දි සේවකයෙක්ව දැනුවත් කරපු තෙවිනුත් දිවාෂ එක්කම ඇවිදගෙන යන්න ගත්තා.

"මම ඕක ගන්නද යුගාන්?"

"මේකද? අනේ පලයං....තෝ මේකත් අරං දිව්වොත් මම මොනා කරන්නද?"

"ඒ නිසා නෙවේ යුගාන්...ඔයාට ඕක බර ඇති"

"අනේ මේ තෙවින්!!! උබ ඉදපංකො පැහෙන්නෙ නැතුව"

"ක්....."

"කෑගහන්න එපා යුගාන් කියන්නනම් එපා!!! මම මේ බෝතලේකින් උබේ ඔලුව කුඩු වෙන්න ගහනවා!!!"

...................................................................................................

"නේත්‍ර......"

"ම්ම්ම්ම් සුදුබේබි"

ගොම්මන් යාමෙදි සිංහවංශ වලව්වෙ මහා කෝලාහලයක් වෙද්දි ආශවනම් හිටියෙ නේත්‍රගෙ ලගට වෙලා නේත්‍ර ලගින් දැනෙන සැහැල්ලුව විදින ගමන්.නේත්‍රලාගෙ ගෙදර තිබ්බ අරලිය ගහ යට ලී බංකුවට වෙලා ඉදගෙන හිටිය ආශවගෙ අතේ නේත්‍ර හදල දුන්නු තේ වතුර කෝප්පෙකුත් රැදිලා තිබ්බා.නේත්‍රගෙ තේ කෝප්පෙ බංකුවෙ පැත්තකින් තියාගෙන උන්නු නේත්‍ර තමන්ගෙ අතේ තිබ්බ අලුවා කෑල්ලක් ආශවට කවන ගමන් හිටියා.ආශව කියන්නෙ අලුවා කෑල්ලක්වත් අතින් අරගෙන කන්න බැරි අත දරුවෙක්!

"සුදුබේබි......ඔය කන්නෙ අලුවා කෑල්ල නෙවේනෙ.....මගෙ ඇගිල්ල"

"ආනේ.....මම හිතුවෙ අලුවා කියලා....ඒ වගේම හරි මෙලෙකයිනෙ"

"අ...න්නේ එපා සුදුබේබි"

තමන්ගෙ රතු වුණු මූණ හංගගන්න උත්සාහ දැරුව නේත්‍ර ආශවගෙ කට අස්සෙන් තමන්ගෙ ඇගිලි ටික එලියට ඇදලා ගත්තා.අලුවා කෑල්ල කවද්දි ඒක එක්කම නේත්‍රගෙ ඇගිලි දෙක කට ඇතුලට දාගත්තු ආශව නේත්‍රට නොරිදෙන්න ඒ ඇගිලි චුට්ටක් හැපුව එක නේත්‍රට දරාගන්න බැරි ලැජ්ජාවක් මතු කරලා දීලා තිබ්බා.ආශවගෙ කටින් තමන්ගෙ ඇගිලි එලියට ඇදලා ගත්තු නේත්‍ර පණ කඩාගෙන ගේ ඇතුලට දුවගෙන යන්න හැදුවත් තේ කෝප්පෙ දඩිබිඩි ගාල පැත්තකින් තිබ්බ ආශව නේත්‍රව අල්ලගෙන බංකුවෙන් ඉන්දවගත්තා.

"කොහෙද දැන් දුවන්නෙ?"

"ම්හ්හ්.....අහ්...ත අරින්නකෝ.....සුදුබේබි"

"නෑ නෑ....ඒම අතාරින්නෑ....ඔහොම ඉන්නයි කිව්වෙ"

".........."

"හැබැයි දැගලුවොත් තොල් වලට හාදු දෙනවා නේත්‍ර!!!"

ආශවගෙ තර්ජනෙත් එක්ක ගේ ඇතුලට යන්න දැගලුව නේත්‍ර හෙමින් සැරේ සන්සුන් වෙද්දි නේත්‍රගෙ කර වටේ අතක් දාගෙන තමන්ගෙ ලගට කිට්ටු කරගත්තු ආශව අනික් අතින් තේ කෝප්පෙ අරන් බොන්න ගත්තා.ටිකක් වෙලා ආශව දිහා නොබල බිම බලාගෙනම හිටිය නේත්‍ර හෙමීට ඇස් කරකෝලා ආශව දිහා බලලා හෙමීට ආශවගෙ ඇගට හේත්තු උනා.ආශව කාලා ඉතුරු උනු අලුවා කෑල්ල තමන්ගෙ කටට දාගත්තු නේත්‍ර හෙමීට තේ එක බොන්න ගනිද්දි ආශව නේත්‍ර දිහා හොරෙන් බලලා හිනා උනා.

"ඔහොමනම් බෑ නේත්‍ර"

"මොකද්ද සුදුබේබි?"

"මම ඇල්ලුවත් ඔයා දියවෙනවනෙ"

"ම්හු"

"මුහු මුහු නෙවේ.....හරි වැඩේ වෙන්නෙ නේත්‍ර ලොකු උනාම"

"ඇයි සුදුබේබි?"

"ඉතින් අපිට බබෙක් හදන්න බෑනෙ නේත්‍ර දියවෙන නිසා......කොහෙද ඔය.....දිව්වොත්නම් අද ඉන්න දෙන්නෑ මම නේත්‍රට"

"ලැජ්ජා හිතෙන කතා නොකියා ඉන්නකො සුදුබේබි.....සුදුබේබි එන්න එන්නම නරක් වෙනවද කොහෙද?"

"සුදුබේබිගෙ නරක තාම දැකලා නෑ නේත්‍ර"

"සුදුබේබි?"

"නේත්‍ර ලොකු වෙලා ඉන්නකො ඉස්සෙල්ලාම....එතකොට සුදුබේබිගෙ නරක බලාගන්න පුළුවන්....

දුවන්නෙ නෑ නේත්‍ර.....මේකා යකෝ විදුලි ආදා වගේනේ"

"සුදුබේබිනෙ ඕන්නැති කතා කියන්නෙ......."

"ම්ම්ම්ම්......"

නේත්‍රගෙ කම්මුලකට හාද්දක් දුන්නු ආශව නේත්‍රව තව ටිකක් ලං කරගෙන නේත්‍රගෙ ඔලුවෙ පැත්තකට තමන්ගෙ කම්මුලක් තද වෙන විදියට ලං වුණා.ආශවගෙ උණුහුම කොහොමත් හුරු පුරුදු නේත්‍ර ආශවගෙන් එන ඒ පිරිමි උණුහුම විදින ගමන් තැඹිලි පාට වීගෙන යන අහස දිහා එක එල්ලෙ බලාගෙම හිටියා.

"මැණිකෙ......"

"ඕ.....ඕ සුදුබේබ්?"

"තාම දෙවින්ලගෙ දිහා යන්න බයයිද?"

"ම්ම්ම්ම්.....එහෙම නෑ සුදුබේබි"

"ඒක වෙලා අවුරුදු ගාණක් ගිහින් මැණිකෙ......අනික දැන් ඔයා ඔය මිනිස්සුන්ට බය ගතියෙන් ටික ටික මිදෙන්න ඕනි"

"මම දන්නවා සුදුබේබි.....ඒත්......"

"මම නේත්‍ර එක්ක හැමදාම ඉන්නවා.මොන ප්‍රශ්නයක් ආවත් නේත්‍රව බලාගන්නවා.....ඒත් නේත්‍ර ඔය මිනිස්සුන්ට ඔලුව පාත් කරන එක නවත්තගන්න ඕනි....තව කාලෙකින් නේත්‍ර සමාජෙ ලොකු තැනකට යන කෙනෙක්....එතකොට ඔයා කාටවත්ම ඔලුව නවන්න ඕන්නෑ......ඒකට දැන් ඉදන්ම හැඩ ගැහෙන්න ඕනි නේත්‍ර....තේරුණාද?"

"ඔව් සුදුබේබි......ඒත් මට බයයි එහෙ යන්න"

"ආයෙ මුකුත් වෙන එකක් නෑ.සුදුබේබි නේත්‍ර එක්ක ඉන්නවනෙ"

නේත්‍රගෙ හිස් මුදුනටම හාදුවක් දුන්නු ආශව නේත්‍රවත් තුරුල් කරන්ම අරලිය ගහේ කදට හේත්තු වෙලා ඇස් පියාගත්තෙ අවුරුදු ගාණක් අතීතෙට යන ගමන්.

*  *  *  *  *

"ස්....සුදු බේබීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ"

කාමරේට වෙලා ඉස්කෝලෙන් දුන්නු පැවරුමක් කර කර හිටිය පුංචි සුදුබේබි ගැස්සිලා ගියේ පඩිපෙල හරියෙන් ඇහුණු ලොකු කෑගැහිල්ල නිසා.පුටුවෙන් නැගිට්ට සුදුබේබි ඉක්මනටම දොර ලගට දුවගෙන යන්න හැදුවත් ඊට ඉක්මන් වුණු පුංචි රූපයක් විදුලි වේගෙන් දුවගෙන ඇවිත් සුදුබේබිගෙ ඇගට පැන්නා.හා පැංචෙක් වගේ තමන්ගෙ ඇගට පැන්න නේත්‍රව එකපාරටම දරාගන්න බැරි වුණු සුදුබේබි එහෙම්මම බිම ඇදගෙන වැටුනා.සුදුබේබි නේත්‍රව තදින් අල්ලගෙන නේත්‍රට නොරිදෙන විදියට ආවරණය කරගත්තත් සුදුබේබි නම් දකුණු අතේ වැලමිට ලගට ලොකු වේදනාවක් දැනුනා.ඒත් එයාගෙ නේත්‍රට රිදුනෙ නෑනෙ! සුදුබේබි හෙමීට නේත්‍රවත් වත්තම් කරගෙනම ඒ ටයිල් පොලවෙ ඉදගත්තා.

"නේත්‍ර.....ඇයි මේ?"

"අනේ හුඩු පේපීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ"

සුරුස් ගාලා හොටු තලියකුත් උඩට ඇදලා ගත්තු පුංචි නේත්‍ර තමන්ගෙ චුට්ටං අත් වලින් ඇස් පොඩි කර කර අඩන්න ගනිද්දි සුදුබේබිගෙ පපුව නොසෑහෙන කලබලේකින් ගැහෙන්න ගත්තා.පලවෙනිම දේ සුදුබේබිට නේත්‍රගෙ කදුළු බලන්න බැහැ.අනික් අතට නේත්‍ර මේ අඩන්නෙ මොකක් හරි කරදරයක් වෙලාද කියලා සුදුබේබිගෙ හිතට ලොකු බයක් දැනිලා තිබ්බා.නේත්‍රව උස්සලා වඩා ගත්තු සුදුබේබි ඇදෙන් ඉදගන්න ගමන් නේත්‍රව තමන්ගෙ උකුල උඩට ගත්තත් මහ හයියෙන් කෙදිරිගෑව නේත්‍ර ඉක්මනටම සුදුබේබිගෙ උකුලෙන් බිමට පැන්නා.

"නේත්‍ර.....අනේ ඇයි මේ? සුදුබේබිව බය නොකර කියන්න"

"නේත්‍රගෙ පස්ස පැත්ත රිදෙනවා සුදුබේබි"

ඉකි ගැහුව නේත්‍ර තමන්ගෙ චුට්ටං කකුල් දෙකෙන් හෙමීට ඇවිදන් ඇවිත් ආපහු පාරක් සුදුබේබිගෙ පපුවට ගුලි වෙලා අඩන්න ගත්තම සුදුබේබි හෙමින් සැරේ නේත්‍රගෙ ඔලුවෙන් හාදු තියන්න ගත්තා.ටික වෙලාවක් යද්දි සුදුබේබිගෙ උණුහුමයි හාදුයි නිසා නේත්‍ර ටිකක් සන්සුන් වෙද්දි නේත්‍රව තමන්ගෙ පපුව අස්සට තව ඩිංගිත්තක් තද කරගත්ත සුදුබේබි හෙමීට කතා කරන්න ගත්තා.

"මොකද්ද උනේ මගෙ නේත්‍ර?"

"න්....න්හ්...නේහ්ට්ටට ගැහුවා සුදුබේබි.....නේට්ටට රිදෙනවා සුදුබේබි.....නේට්ටගෙ පස්ස හරි වේදනායි"

සුදුබේබිට මුකුත්ම කියාගන්න වෙලාවක් නොදී සුදුබේබිගෙන් ඈත් වුණු නේත්‍ර තමන් ඇදන් හිටිය පුංචි කොටු කොටු කොට කලිසම ගලවලා දාලා තමන්ගෙ පස්ස පැත්ත සුදුබේබිට පෙන්නද්දි සුදුබේබිගෙ ඇස් වල කදුළු පිරෙන්න ගත්තා.නේත්‍රගෙ සුදුම සුදු බෝල පස්ස පැත්ත හරහා වැදිලා තිබ්බ කෝටු පාරවල් නිසා ඒ පුංචි පස්ස පැත්තෙ වැවිරි පාරවල් මතු වෙලා තිබ්බා.තමන්ගෙ ඇස් වල තිබ්බ කදුළු පිහගත්ත සුදුබේබි නේත්‍රව ලගට ඇදලා අරන් ඒ වැවිරි පාරවල් පිරිමද්දි නේත්‍ර ඉකි ගගහා සුදුබේබිගෙ බෙල්ල අස්සෙ මූණ ගහගත්තා.

"කවුද මගෙ නේත්‍රට මෙහෙම කලේ?"

"මහ කුමාරිහාමි සුදුබේබි......සිංහවංශ මහ කුමාරිහාමි ගැහුවා නේත්‍රට"

පුංචි සුදුබේබිගෙ ඇස් දෙක තද රතු පාට වෙල තිබ්බෙ ආව කේන්තිය නිසාමයි.එහෙම්මම නේත්‍රව වඩාගෙන ඇදේ මුනින් අතට හරවලා තිබ්බ සුදුබේබි තමන්ගෙ ඇද ඇතිරිල්ලෙන් නේත්‍රගෙ කකුල් දෙක වහලා නානකාමරේට ගිහින් පොඩි බේසමකට ගෙනාව වතුර වලට තමන්ගෙ සර්වියට් එකක් දාලා පොගවලා නේත්‍රගෙ පස්ස පැත්ත පිහිදන්න ගත්තා.පිරිසිදු කරලා ඉවර වුණු නේත්‍රගෙ පස්ස පැත්ත තමන්ගෙම තුවායෙන් පිහිදුව සුදුබේබි විදුලි පංකාවත් ක්‍රියාත්මක කරලා දාලා නේත්‍රගෙ ඔලුවට හාදුවක් දීලා කාමරෙන් එලියට දුවලා ගියා.පුංචි අම්මගෙන් පුංචි තුවාල වලට ගාන ක්‍රීම් එකක් ඉල්ලගත්තු සුදුබේබි උඩ තට්ටුවට දුවගෙන ගියේ ලොකු මැණිකෙ ඇහුව ප්‍රශ්න එකකටවත් උත්තර නොදී.

තවම හොටු ඉහලට ඇද ඇද අඩන නේත්‍රගෙ නාහෙන් හොටු ටික හූරලා අරන් තමන්ගෙ සර්වියට් එකේ අත පිහගත්තු සුදුබේබි නේත්‍රගෙ රතු වෙලා තිබ්බ චුට්ටං නාහෙ උඩින් හාදුවක් තියලා අර ක්‍රීම් එකෙන් වැවිරි පාරවල් උඩ ගාන්න ගත්තා.නේත්‍ර වේදනාවෙන් කෙදිරි ගෑවත් කටින් හුලං පිඹ පිඹ නොරිද්දෙන විදියට සුදුබේබි ඒ බේත් ටික ගාන එකෙන් නේත්‍රට ටික වෙලාවක් යද්දි ලොකු සහනයක් දැනෙන්න ගත්තා.

"මම ලොකු මැණිකෙ දුන්නු හැලප වගයක් අරගෙන ගියේ සිංහවංශ වලව්වට....අනේ සුදුබේබි....නේත්‍රට අමතක වෙලා නේත්‍ර ඒ ඉස්තෝප්පුවට පය ගැහුවා.ඒත් ඉක්මනටම ඒක නරක වැඩක් කියලා මතක් වුණු නිසා නේත්‍ර අනික් පැත්තට දුවන්න හැදුවත් මහ කුමාරිහාමි නේත්‍රව දැකලා....නේහ්.....නේහ්....නේහ්ත්‍රට ගැහුවා.....පේර කෝට්ටකින්.....නේත්‍ර ඇඩුවා....අඩද්දි නේත්‍රගෙ අතේ තිබ්බ මල්ල උදුරලා අරන් නේත්‍රව තල්ලු කරලා දැම්මා....නේත්‍රට රිදුණා සුදුබේබි......."

"ආයෙ එහෙම වෙන්නෑ.....සුදුබේබි ඉන්නවා නේත්‍ර එක්ක"

නේත්‍ර ලගින්ම ඇලවුණු ආශව තමන්ගෙ අතට ගත්තු ෆයිල් කවරයකින් නේත්‍රගෙ පස්සට පවන් ගහන්න ගත්තෙ විදුලි පංකාවෙන් දැනෙන හුලග මදි කියලා හිතුනු නිසා.අඩ අඩම හිටිය පුංචි නේත්‍රට ටික වෙලාවකින් තෙහෙට්ටු ගතිය එක්ක නින්ද යද්දි නේත්‍රගෙ රතුපාට කම්මුලකින් හාද්දක් තිබ්බ ආශව කාමරේ දොරත් අගුල් දාගෙනම දුවගෙන ගියේ නේත්‍ර වෙනුවෙන් පලිගන්න තමන්ට උදව් ගන්න පුළුවන් හොදම මිනිහව හොයාගෙන!

.

.

.

.

.

"කවුරුත් පේන්න නෑ ආසව.....මම ගිහින් තෙල් ටික හලන්නම්"

සිංහවංශ වලව්වට හොර රහසෙම පය ගහලා හිටිය පොඩි මැරයො දෙන්නගෙන් කොට එකා උස එකාට එහෙම කියලා මහ කුමාරිහාමිගෙ කාමරේට රිංගද්දි උස එකාත් වට පිට බලන ගමන් ඒකට රිංගගත්තා.හවස් යාමෙ නිසා සේවකයොත් පන්සලට ගිහින් හිටියෙ හෙට උදේ තියෙන පිංකමේ මූලිකත්වෙ සිංහවංශ වලව්වෙන් ගන්න නිසා.වලව්ව පලාතක කුරා කූඹියෙක්වත් නොහිටි නිසා මේ පොඩි ඇට්ටරයො දෙන්නට කාගෙන්වත් කරදරයක් තිබුනෙ නෑ.ගෙදරින් එද්දි අරං ආව ඝනකම් බේත් තෙල් බෝතලේ ඇරගත්තු දිවාෂ ඒක මහ කුමාරිහාමිගෙ ඇද පාමුල හලද්දි සුදුබේබි ටිකක් ලොකු යකඩ ටින් එකකට මොනාදෝ මංදා පුරවන ගමන් හිටියා.

"මේක මෙහෙම තියමු.....එතකොට සැක හිතන එකක් නෑ අපි ගැන"

දිවාෂ රහසින් සුදුබේබිගෙ කනට කරලා මිමිණුවෙ ඇදේ හොදට අත පය දිගෑරන් ඉන්න මහ කුමාරිහාමි දිහා බලාගෙන.කොහොමත් වලව් මාන්නෙ කියන එක ඉහ මුදුනටම අරගෙන හිටිය මහ කුමාරිහාමි ගමේ හිටිය හැම දුප්පත් මනුස්සයෙක්ගෙම දෝෂදර්ශනේට ලක් වුණු වයසක ගැහැනියෙක් උනා.දෙවින්ලගෙ තියෙන මනුස්ස ගති ගෑවිලාවත් නොතිබ්බ මහ කුමාරිහාමි අද කරල තිබ්බ දේ නිසා සුදුබේබිගෙයි දිවාෂගෙයි හිත් වලත් තිබ්බෙ ලොකු කේන්තියක්.තෙල් බෝතලේම ගාණට හලලා ඒක අහම්බෙන් හැලුනා වගේ බෝතලෙත් එතනම පෙරලුව දිවාෂ සුදුබේබි දිහා බැලුවා.

ගිනි පෙට්ටියක් අතට ගත්තු ආශව යකඩ ටින් එකෙන් එලියට ඇවිත් තිබ්බ නූලට ගිනි තියලා නූල ටින් එක ඇතුලට දාලා ටින් එක වහලා දැම්මා.ඒත් එක්කම දිවාෂවත් ඇදන් කාමරෙන් එලියට දුවං ආව සුදුබේබි තමන්ගෙ කන් දෙක හයියෙන් තද කරලා වහ ගනිද්දි දිවාෂත් තමන්ගෙ කන් දෙක හයියෙන් වහගත්තා.

"ඩෝං!!! ඩෝං පටෝංං!!! පට පරාරියංං!!! ඩෝං ඩෝං!!!"

"බුදු අම්මෝ....හෙණ ගහන්න.....යකෝ මයෙ කොන්ද!!!"

බෝම්බ ගහන්නා වගේ ඇහුණු රතිඤ්ඤා පිපිරෙන සද්දෙ එච්චරටම දරුණු උනේ රතිඤ්ඤා වැල අර ටින් එක ඇතුලෙ තිබුණු නිසා.තද නින්දක හිටිය මහ කුමාරිහාමි අර මහ භයානක සද්දෙත් එක්ක නැගිටලා ඇදෙන් බහිද්දි දිවාෂ හලල තිබ්බ තෙල් ටික උඩ ලෙස්සලා බිම වැටුණා.ඒත් එක්කම මූණ අතින් වහගත්තු සුදුබේබි කාමරේ ඇතුලට ගිහින් අර යකඩ ටින් එක ඒකෙ අණ්ඩෙන් උස්සන් එලියට අරං එන එකවත් මහ කුමාරිහාමි නොදැක්කෙ වේදනාවට ඇස් පියං උන්නු නිසා.ඇහුණු සද්දෙ නිසා කොහෙ හරි හිටිය සේවකයෙක් දුවං එනවා දැක්ක සුදුබේබියි දිවාෂයි දෙන්නා එහෙම්මම වලව්වෙ පිටිපස්සෙ දොරෙන් පැනලා යද්දි කිසිම දෙයක් නොදැන උන්නු නේත්‍ර ඉරුගල්බණ්ඩාර වලව්වෙ හිච්චි මුදියන්සෙගෙ ඇද උඩ සැපට නිදාගෙන හිටියා.

"අතකුත් කැඩිලා අම්මා වැටුණු පාරට සාගර මහත්තයා.....කන් දෙකටත් මොකක් හරි බලපෑමක් ඇවිත්ලු....එකපාරටම ආව කම්පනේ නිසා....කවුරු කලාද දන්නෑ.....සද්දයක් ආවා කියලා පිලිගන්න පුළුවන් අර වලව්වෙ වැඩකරන මිනිහෙකුත් කිව්ව නිසා"

"හොදටම විශ්වාසද නිශ්ශංක මහත්තයා?"

"ඒක තමා ප්‍රශ්නෙ....ඔය මිනිහගෙ ඔලුව ටිකක් හොද නෑ.අම්මා හීනයක් දැකලා ඇදෙන් බැස්සා වෙන්න පුළුවන්.තෙල් බෝතලෙත් කොන්දෙ කැක්කුම් වලට ගාන එකක්.අම්මා ගානවා ඔය ජාතියෙ එකක්....ඉතින් අනිවාර්යයෙන්ම අම්මා ඕක ගගා ඉදලා වහන්නෙ නැතුව නිදාගන්න ඇත්තෙ....මොකක් හරි වෙලා බෝතලේ පෙරලෙන්න ඇති....ඒකට තමා ලිස්සලා තියෙන්නෙ.....හීනෙන් ඇහුණු එකක් වෙන්න ඇති ඔය සද්දෙනම් මට හිතෙන විදියට"

වලව්වෙ විසිත්ත කාමරේ සෝෆාව උඩට වෙලා මහ මුදියන්සෙ එක්ක කතා කර කර උන්නු දෙවින්ගෙ තාත්තා එක්ක හිනා වුණු සුදුබේබි හෙමීට පඩිපෙල නැගලා කාමරේට ගියේ අතේ තිබ්බ බීම බෝතලෙයි වීදුරුවයි පරිස්සමට අල්ලගෙන.පඩිපෙල නගින සුදුබේබිගෙ ඇස් වල තිබ්බ තෘප්තිමත් බැල්ම වැඩිහිටියො කිසිම කෙනෙක් දැක්කෙ නෑ.ඒ හා සමාන හැගීමක්ම මේ වෙලාවෙ තමන්ගෙ ගෙදර ඇද උඩ වැතිරිලා හිටිය දිවාෂගෙ ඇස් වලත් ඇදිලා තිබ්බා.එයාලා දෙන්නටම නේත්‍රව පුදුම තරම් වටිනවා!

කාමරේට යද්දි පුංචි නේත්‍ර තමන්ගෙ ඇසුත් පොඩි කරන ගමන් කලිසමත් ඇදගෙන ඇදෙන් බැහැලා හිටියා.බීම බෝතලෙයි වීදුරුවයි මේසෙන් තිබ්බ සුදුබේබි නේත්‍රව වඩාගෙන තමන්ගෙ කොට්ටයක් තියලා සුවපහසුවට හදල තිබ්බ තමන්ගෙ පුටුව උඩින් නේත්‍රව ඉන්දෙව්වා.මේ වෙද්දි වේදනාව සෑහෙන දුරකට අඩු වෙලා තිබ්බ නිසා නේත්‍ර හරිබරි ගැහිලා පුටුව උඩින් ඉදගත්තා.

"මේක බොන්න....බීලා ඇග සෝදගමු......"

නේත්‍රගෙ ඔලුව අතගෑව සුදුබේබි සාක්කුවෙ තිබ්බ චොකලට් බිස්කට් පැකට් එක කඩලා ඒක නේත්‍රගෙ අත උඩින් තියන ගමන් ගෙනාව වීදුරුවට බීම පිරෙව්වා.පුරවපු බීම වීදුරුව නේත්‍රගෙ අතින් තිබ්බ සුදුබේබි උඩ පැනලා තමන්ගෙ මේසෙ උඩින් ඉදගෙන බිස්කට් එකක් කද්දි දෙවනි බිස්කට් එකත් කටට දාගත්තු නේත්‍ර තමන්ගෙ හා දත් ටික පෙන්නලා සුදුබේබි එක්ක හිනා වුණා.

"ඇග සෝදමු කිව්වෙ? නේත්‍ර ගාව ගදද සුදුබේබි?"

"මගෙ නේත්‍ර ලග ගැටපිච්ච මල් පුසුඹ එන්නෙ....ඉතින් ඒක ගදද?"

නේත්‍රගෙ පිරුනු කම්මුල් චොප්ප වෙලා යන්න අල්ලගෙන මිරිකුව සුදුබේබි නේත්‍රගෙ රෝස පාට කම්මුලකින් හාදුවක් තවරද්දි සුදුබේබි අතක් අරගෙන තමන්ගෙ ඔලුව උඩින් තියාගත්තු නේත්‍ර අහිංසක විදියට හිනා වුණා.ටික වෙලාවක් යද්දි චොකලට් බිස්කට් කටේ පොඩි වෙවී බීම බොන පුංචි නේත්‍රගෙ ඔලුව සුදුබේබි ආදරෙන් අතගාන ගමන් හිටියා.

*  *  *  *  *

"ඔය මට ගැහුව සිද්ධියෙන් පස්සෙ මොකද්ද උනාලු නේද සුදුබේබි මහ කුමාරිහාමිට? කන් ඇහෙන්නෙත් නැත්තෙ ඒකලුනෙ දැන්?"

"වැරදි කරන මිනිස්සුන්ට අදාල දඩුවම් ලැබෙනව නේත්‍ර....එයාටත් උනේ ඒක"

"ඒත් පවු සුදුබේබි.....මට දුකයි...."

"ඔයා මේ ලෝකෙට අහිංසක වැඩියි මගෙ මැණිකෙ.....මෙච්චර වරදක් කල මනුස්සයෙක්ටත් අනුකම්පා කරන්න තරම්....මම ඒකමයි මෙච්චර බය..උබව මේ සමාජෙට මුහු කරන්න"

"ඒත් නේත්‍ර බය නෑනෙ...."

"ම්ම්ම්හ්හ්හ්?"

"සුදුබේබි ඉන්නවනෙ මාව බලාගන්න"

"ඒත් ඉතින් මම දවසක යනවනෙ මේ ලෝකෙන්....ඊට පස්සෙ?"

"මම එනවා.....සුදුබේබි නැත්තන් නේත්‍ර කෙනෙකුත් නෑ"

"නේත්‍ර නැත්තං සුදුබේබි කෙනෙකුත් නෑ මගෙ මැණිකෙ"

තමන්ගෙ පපුවට ගුලි ගැහිලා ඉන්න පුංචි පිවිතුරු ආදරවන්තයව තව ටිකක් තමන්ට තද කරගත්තු ආශව මුමුණද්දි නේත්‍ර ඈත අහසෙ පායගෙන එන ගමන් තිබ්බ හද දිහා බලලා හිනා වුණා.සුදුබේබි කියන්නෙ තමන්ගෙ කලුවර අහස එලිය කරන්න පායපු හදක් කියලා නේත්‍ර හිතද්දි,නේත්‍ර කියන්නෙ තමන්ව ජීවත් කරවන්න පායපු ඉරක් කියලා ආශව විශ්වාස කලා.ඒ හැගීමෙන් දෙන්නට දෙන්නගෙ ඇස් ගැටෙද්දි හෙමීට නේත්‍රගෙ තොල් ලගට පාත් වුණු ආශව රටාවකට ඒ සිනිදු තොල් උරවන්න ගනිද්දි සුපුරුදු විදියටම ආශවගෙ අත් අතරෙ අඩපණ වුණු නේත්‍ර ආශවගෙ හාදුවෙන් දැනෙන රෝමාන්තික බවට ඇබ්බැහි වෙලා හිටියා.හාදුවට පෙරලලා ප්‍රතිචාර දක්වන්නවත් නොදැන හිටිය නේත්‍ර ආශවගෙ හාදුව උපරිමෙන් විදිද්දි රාත්‍රී හුලගට මුහු වෙලා ඇවිත් තමන්ගෙ නාහෙ දැවටුණු ගැටපිච්ච මල් සුවදට මත් වුණු ආශව නේත්‍රව තව ටිකක් තද කරලා වැලදගත්තා.

...................................................................................................

වචන 4100+ 😪❤️

අනේ මංදා කොටස් 40ක්ම ඇවිල්ලා🥺❤️

හරි සතුටුයි මට😭❤️

දිගටම මාත් එක්ක මෙහෙම ඉදියි කියලා මම බලාපොරොත්තු වෙනවා වගේම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා🥺❤️

ප්‍රශ්න කතා කරලා මේ ලස්සන චැප විනාස කරගන්න ඕන්නෑ😌💔 අපි ඒවා පැත්තකින් තියමු😂❤️

මම හැම චැප්ටර්ස් දහයකින් දහයකටම පොඩි ප්‍රශ්නයක් දෙකක් අහනවා කියලා හිතාගත්තා🌚❤️

උත්තර දෙන්න හරිත😾❤️

1.ඔයාලා මේ කතාවෙ ආසම චරිතෙ කවුද?

ඔයාලට ඒ චරිතෙ දැනෙන්නෙ ඇයි?

2.මේ කතාව වට්පෑඩ් එකේ ලියවෙන ලස්සන නන්ෆික් අතර හොද මට්ටමක තියෙනවා නේද? මට ඒක කරන්න පුළුවන් වෙලා නේද?

ඔච්චරයි අහන්නෙ හුම්ම්ම්😌❤️ ඊලග පස්න ටික 50 වෙනි චැපේදි අහන්නම්🙈❤️

කතාව ගැන කියන්න ජාති තියේ🌚❤️ එව්වා හෙමිට කියන්නම්කො🙈

එතක්ක්ට මම දැක්කා බබාලා අහලා තිබ්බා අර ගිය පාර ආසව බීපු එක ගැනද මම ස්පොයිල් කලේ කියලා ඉස්සර🙊 ඇත්තටම නෑ😪

හොදම එක එන්නෙ අලුත් අවුරුදු කාලෙට😂❤️

එන්ඩකො මෙහෙ👉👈 මට මුන්දැලාගෙ පොඩි කාලෙ පොටෝ වගයක් හම්බුනානෙ👉👈

මේ ඉන්නෙ පස්සට පැත්ත රතු වෙන්න ගුටි කාලා සුදුබේබිට හුරතල් වෙවී බීම බොන නේට්ට🥺❤️

දෙනෙත්🥺❤️

සුදුබේබි🥺❤️

දෙවින් පණ🙊❤️

තෙවින්😌❤️

කපටි කොටා😂❤️

ඉතින් අදත් අදහසක් කියන් යන්න බබාලා🥺❤️

කැමීලියාගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤️

එහෙනම් මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආතරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමට🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter