Back
Chapter 42

41 කොටස🤍✨

නිවාලන්න මා...

"සුදු පුතා.....මෙහෙට ටිකක් ආවනම්"

"කියන්න අප්පච්චි"

නුවර අහස මුදුනෙ සූර්යයා විරාජමානව බබලද්දි ඒකෙන් පිටවෙන රශ්මි කදම්භ දරන්න බැරි උනු ගහ කොලන් හාමත් වෙලා හිටියා.මේ ටිකේම වැහි පොදක් පොලවට පතිත නොවෙද්දි මැලැන්සි වෙලා ගිය ගහ කොලන් ටිකක් හරි පණ ගැහුවෙ මිනිහෙක් හවහට ගස් මුල් වලට දැම්මෙ වතුර ඩිංගිත්තකින්.වලව්වත්තෙ තියෙන ගස් කොලන් ටිකනම් ඒවට ලැබෙන සාත්තුවෙන් පණ ගහලා ඉද්දි පාර අයිනෙ හව්හරණක් නැතුව තියෙන ගහ කොලන් බාගෙට මැරිලා තිබුනා.

හුලගට ගහං ඇවිත් ඉස්තෝප්පුවෙ වැටිලා තිබුණු අඹ කොල තුන හතරකට පයින් ගැහුව ආශව කරෝලිස්ට ඒ පැත්ත අතුගාන්න කියලා කෑගහලා කියන ගමන් මහ මුදියන්සෙ ලගට ඇවිත් එතනම තිබ්බ පුටුවකින් ඉදගත්තා.වලව් වත්තට ඇහැ යොමාගෙනම උන්නු මහ මුදියන්සෙ උගුරත් පාදන ගමන් ආශවගෙ දිහාවට හැරෙද්දි ආශව හිටි විදියටම ඈත පේන ආකාහෙ දිහා බලාගෙන හිටියා.

"දැන් පාඩම් වැඩ මොකෝ සුදුපුතා?"

"කරගෙන යනවා අප්පච්චි....ප්‍රශ්නයක් නෑ"

"එතකොට ක්‍රිකට් වැඩ?"

"ඒකත් කරගෙන යනවා අප්පච්චි"

"හ්ම්ම්ම්ම්......ඒත් සුදුපුතා වැඩියෙන්ම බර දාන්නෙ ක්‍රිකට් පැත්තට?"

"ඒකනෙ මගෙ හීනෙ අප්පච්චි....මම මහන්සි වෙන්නෙ ඒකට"

"පුතා ක්ලබ් එකක් බැලුවද?"

"ස්කූල් ගිහින් ඉවර වෙනකං අපේ ක්ලබ්ස් වලට ජොයින් වෙන්න දෙන්නෙ නෑ අප්පච්චි.ඒලෙවල්ස් ඉවර උනාම තමා බලන්න ඕනි....අනික කෝච් කිව්වෙ මට එයාලම ලෙටර් එකක් එවයි කියලා"

"පුතා ගැන කෝච්ගෙන් අහලත් තිබ්බා එක ක්‍රිකට් ක්ලබ් එකේ දෙතුන් දෙනෙක්?"

"CCC එකේ අය අප්පච්චි.....අපි බලමුකො....මට හොදයි කියලා හිතෙන එකකට ජොයින් වෙන්නම්"

"හරි සුදුපුතා.....සුදුපුතාට කැමති පැත්තකින් ඉස්සරහට යන්න පුළුවන්...මගෙ බලපෑමක් නෑ...ඒත් බිස්නස්...."

"මම හිතනවා අප්පච්චි මගෙ ජීවිතේ තීරණ ගන්න මටම ඉඩ දෙයි කියලා"

"සුදුපුතා!!! උඹ දැන් නොසෑහෙන්න හිතුවක්කාරයි!!!"

"ඒකට හේතුවත් මම හිතන්නෙ අප්පච්චිලම තමා"

"සුදුපුතා! උබ ඔය කාටද කතා කරන්නෙ? උබ අර උබේ මහ ලොකු කෙරුම්කාර යාලුවන්ගෙ හයිය අරන්ද ඔය මට කට කියවන්නෙ!!!?"

"අප්පච්චි ඔය කියන සුදුපුතා මෙහෙම හරි ජීවත් වෙලා ඉන්නෙ ඒ යාලුවන්ගෙ කෙරුම්කාරකමට කියලා මතක තියාගත්තනම් හොදයි!"

"උන්ගෙ හයියද මේ මට පෙන්නන්නෙ?"

"මට කාගෙවත්ම හයියක් ඕනි නැති බව අප්පච්චි දන්නවා මම හිතන්නෙ.....මොකද මොනා උනත් මගෙ ඇගේ දුවන්නෙත් ඉරුගල්බණ්ඩාර ලේ අප්පච්චි! මට ඕනි හයිය මම ලගම තියෙනවා!!!"

"සුදුපුතා! උබ හැමදේම වරද්දගන්නයි හදන්නෙ!"

"මම යනවා අප්පච්චි.....මට වැඩ තියෙනවා!!!"

පුටුවත් පස්සට කරලා නැගිට්ට ආශව මහ මුදියන්සෙ දිහා බැල්මක්වත් හෙලන්නෙ නැතුව හැරිලා වලව්ව ඇතුලට ගියා.ආශව ගිය දිහා බලාගෙන කේන්තියෙන් හුස්ම උඩ පහල දැම්ම මහ මුදියන්සෙ ටික වෙලාවකින් ඈත බලාගෙන කට කොනකට හිනාවක් අරගෙන ඇදි පුටුවෙ දිගෑදුනා.කාෂ්ටක පරිසරේ හෝදගෙන හමාගෙන ආව හුලං පාරත් සැර රස්නෙ එකක් වෙද්දි මහ මුදියන්සෙ හෙමීට වචන කීපයක් මිමිණුවා.

"අපි බලමු සුදුපුතා!"

මහ මුදියන්සෙත් එක්ක නොසෑහෙන්න කෝප ගත්තු ආශව නහයෙන් හුස්ම පිඹ පිඹ පල්ලම් බහින්න ගත්තෙ තමන්ගෙ එකම සැනසීම හොයාගෙන.අප්පච්චිටයි පුතණ්ඩියටයි තමන්ටයි සීතල අඹ බීම වීදුරු තුනක් හදන්න කියන්න මුළුතැන්ගෙයි පැත්තට ඇවිත් උන්නු ලොකු මැණිකෙ නිර්මලාට වීදුරු දෙකකට විතරක් ඒ අණ ලබාදුන්නෙ සුදුපුතා ආයෙ මෙහෙ නෑවිත් කෙලින්ම දිවාෂලාගෙ ගෙදර යන බව දැනන් හිටිය නිසා.මහ මුදියන්සෙ වලව්වෙ රැදෙන හුගක් වෙලාවට ආශව වලව්වෙන් පිට රැදෙන්න උත්සාහ ගන්න වගත් ලොකු මැණිකෙ දැනන් හිටියා.ලොකු හුස්මක් පහල දැම්ම ලොකු මැණිකෙ තමන්ගෙ බර වුණු පපුවට අත තියාගත්තෙ අනාගතේ ගැන දැනුනු අවිනිශ්චිත හැගීම නිසා.

"නේත්‍ර!!!"

"සුදුබේබි?"

දිවාෂලාගෙ ගෙදර යන්න කලින් තමන්ගෙ ගේ අස්පස් කරලා දැම්ම නේත්‍ර කලින්දා ඇන්ද ඇදුම් වගයක් හෝදලා ඒවා වේලෙන්න වත්ත පිටිපස්සෙ වැලේ වන වන ඉද්දි ගෙයි ඉදිරිපහින් ඇහුනු සද්දෙ නිසා රෙදි වනන එකත් පැත්තක දාලා ඉස්සරහට දුවගෙන ආවා.මූණත් රතු කරගෙන දත්මිටි කාගෙන හිටිය ආශවව දැක්ක නේත්‍ර එකපාරටම කලබල උනේ ආශවට ප්‍රශ්නයක් වෙලා කියලා හිතලා.ඉක්මනටම ආශව ලගට ආව නේත්‍ර තමන්ගෙ තෙත් උනු හීතල අතින් ආශවගෙ අත අල්ලගනිද්දි පියවි සිහියට ආව ආශව නේත්‍ර දිහා නොබලම ගේ ඇතුලට ගිහින් සාලෙ තිබ්බ ප්ලාස්ටික් පුටුවක් උඩින් ඉදගත්තා.

"වතුර ටිකක්!"

"ඉ....ඉන්න සුදුබේබි"

ආශව දිහා බැලුව නේත්‍ර ඉක්මනටම කුස්සියට ගිහින් වතුර වීදුරුවක් සෝදලා මැටි ජෝගුවක් ඇතුලෙ තිබ්බ හීතල වතුර වලින් ඒක පුරවලා සාලෙ ඉදගෙන හිටි ආශවගෙ අත උඩින් තිබ්බා.වතුර වීදුරුව එක දිගට බීගෙන ගිය ආශව එකපාරටම ඒ වතුර වීදුරුව පොලවෙ ගහද්දිනුත් ආශව ලගම හිටගෙන හිටිය නේත්‍ර හෙල්ලෙනෙ නැතුව ආශව ලගින්ම හිටියා.වතුර වීදුරුව බිදිලා විසිරිලා ගිහින් තිබ්බ පොඩි වීදුරු කෑලි දිහා බලාගෙන හිටිය ආශව තමන්ගෙ කොණ්ඩෙ අත් දෙකෙන්ම ඇදගන්න ගමන් පුටුවෙන් ඉස්සරහට නැවුනහම මෙච්චර වෙලා මුකුත් කියන්නෙ කරන්නෙ නැතුව හිටිය නේත්‍ර ආශවගෙ ඔලුව උඩින් තමන්ගෙ පුංචි අතක් තිබ්බා.

"නේත්‍ර......"

"මම ලග ඉන්නවා සුදුබේබි"

නේත්‍රගෙ බඩ වටේ තමන්ගෙ අත් දෙක පටලගත්තු ආශව තමන්ගෙ ඔලුව නේත්‍රගෙ බඩට හේත්තු කරන් හෙමීට හුස්ම උඩ පහල දාන්න ගත්තා.ලේසියකින් ඇහෙන් කදුළක් වට්ටන්නෙ නැති ආශවගෙ ඇස් මේ වෙලාවෙත් වේලිලා තියෙද්දි නේත්‍රනම් තමන්ගෙ ඇස් වලට ආව කදුළු හෙමීට පිහිදන ගමන් හිටියා.ටික වෙලාවක් යද්දි සන්සුන් වුණු ආශව නේත්‍රව පුටුව උඩින් ඉන්දෝලා කිසිම කතාවක් බහක් නැතුව වීදුරු කටු ටික අහුලන්න ගනිද්දි නේත්‍ර කුස්සියට දුවලා ගිහින් කොස්ස අරගෙන ආවා.

"පුටුව උඩට වෙලා කකුල් උඩින් තියන් ඉන්න නේත්‍ර"

"සුදුබේබි මම අතුගාන්නම් ඔය ටික"

"පුංචි වීදුරු කටු ඇති නේත්‍ර.....ඔයාගෙ කකුලක ඇනුනොත් එහෙම මගෙ වගේ නෙවෙයි.....ඔයා දන්නවනෙ....තුවාල වෙයි"

"මම ක්....."

"කියන දේ අහන්න නේත්‍ර!!!"

ආශවගෙ කටහඩ ඩිංගිත්තක් සැර වෙද්දි ඉක්මනටම පුටුව උඩ ඉදගත්තු නේත්‍ර කකුල් දෙකත් උඩට ගන්න හැටි දැක්ක ආශවගෙ මූණෙ හිනාවක් ඇදිලා මැකිලා ගියා.නේත්‍ර දිහා බැල්මක්වත් හෙලුවෙ නැති ආශව ඔක්කොම වීදුරු කටු ටික කුස්සියෙ තිබ්බ කුණු බක්කියට දාලා ආපහු ඇවිත් වීදුරුව බිදුනු තැන හොදට පරික්ෂා කලාට පස්සෙ නේත්‍ර ඉදගෙන හිටිය පුටුව ලගම තිබ්බ පුටුවෙන් ඉදගත්තා.ආශව පුටුවෙන් ඉදගනිද්දිම ඉක්මනටම තමන්ගෙ පුටුවෙන් නැගිට්ට නේත්‍ර බිම ඉදගන්න හැදුවත් නේත්‍රව අල්ලගෙන තමන්ගෙ උකුල උඩට ගත්තු ආශව එහෙම්මම නේත්‍රගෙ පපුව උඩින් තමන්ගෙ ඔලුව තද කරගත්තා.

"සුදුබේබි......."

"ම්....මට හරි බයයි නේත්‍ර......"

ජීවිතේ පලවෙනි වතාවට ආශවගෙ කටින් බය කියන වචනෙ එලියට එනවත් එක්කම නේත්‍රගෙ හිතත් මහා අමුතු බයමුසු හැගීමකින් පිරිලා ගියා.නේත්‍රගෙ පපුවට ඔලුව තියන් හිටිය ආශවට නේත්‍රගෙ පපුව ගැහෙන වේගෙ දැනෙන්න ගත්තම ඉක්මනටම නේත්‍රගෙ කම්මුල් දෙපැත්තෙන් අල්ලගත්තු ආශව නේත්‍රගෙ මූණට එබුනා.

"මගෙ මැණික මොකෝ බය වෙලා?"

"ස්...සුදු බේ..."

"ඔයාව බය කරන්න හිතාගෙන මුකුත් කිව්වෙ නෑනෙ මම....ම්ම්ම්......"

"සුදුබේබිව ඕනි"

"ඉතින් මේ මම ඉන්නෙ......මම කොහෙවත් ගියේ නෑනෙ"

"යන්න එපා සුදුබේබි කවදාවත් නේත්‍රව දාලා......මම මැරෙයි"

"මැරෙන කතා කියන්න එපා රත්තරනේ.....කෝ මම දිහා බලන්නකො"

"සුදුබේබි බය ඇයි? මොකක් හරි ප්‍රශ්නයක් උනාද සුදුබේබිට? මට කියන්න.....අපි ප්‍රශ්නෙ විසදගමු සුදුබේබි....සුදුබේබි බයෙන් ඉන්න එපා....නේත්‍ර ඉන්නවනෙ ඕනිම දේකට"

"අම්මේ මගෙ කෝච්චිය"

නේත්‍රගෙ කම්මුල් දෙක පොඩි කරලා තමන් ලගට ඒ පුංචි මූණ ගත්තු ආශව නේත්‍රගෙ දකුණු කම්මුල හයියෙන් ඉඹලා නේත්‍රව තමන්ගෙ ඇගට හිර කරලා තුරුල් කරගත්තා.ආශවට තමන් දෙන්නගෙ අනාගතේ ගැන අමුතු බයක් දැනෙන්න ගත්තා.ආශව හිතන්න ගත්තෙ නේත්‍ර තමන් ලග නැති තත්පරයක් ආවොත් කියන එක.ඒ සිතිවිල්ලම ඇති උනා ආශවගෙ පපුව හිර කරන්න.තමන්ගෙ පපුව අස්සෙ ගුලි ගැහිලා ඉන්න පුංචි මනුස්ස පරාණෙ දිහා ආදරේ පිරුණු ඇස් දෙකෙන් බැලුව ආශව ආපහු පාරක් නේත්‍රගෙ ඔලුව හෙමීට සිපගත්තා.

තවම මහ මුදියන්සෙට විරුද්ධ වෙන්න තරම් හයියක් තමන්ට නෑ කියලා ආශව දැනගෙන හිටියා.දුප්පත් මිනිස්සුන්ව බල්ලො ගානට දාලා සලකන තමන්ගෙ අප්පච්චි නේත්‍රට කවදාවත් තමන්ව ලබාගන්න ඉඩ තියන්නෙ නෑ කියලත් ආශවට දැනෙන්න ගත්තා.ඒත් මහ මුදියන්සෙගෙ තියෙන බලපුලුවන්කාරකම් එක්ක තමන් කියන්නෙත් පුංචි කූඹියෙක් විතරයි කියලා ආශවට තේරුම් ගිහින් තිබුනා.මීට වඩා තමන්ගෙ නේත්‍රගෙ තමන්ගෙ සම්බන්ධෙ පරිස්සම් කරගන්න ඕනි කියලා ආශව හිතාගත්තා.තැනක් නොතැනක් නැතුව හැගීම් වලට වහල් වෙලා මොන වෙලෙත් නේත්‍රව සිපගන්න,ස්පර්ශ කරන තමන් පාලනය වෙන්න කාලෙ හරි කියලා ආශව තේරුම් ගත්තා.මොකද තමන්ගෙ වගේම නේත්‍රගෙ මුලු අනාගතේම,ජීවිතේම තියෙන්නෙත් තමන්ගෙ අතේ කියලා ආශව මේ වෙද්දි හොදටම වටහාගෙන තිබ්බා.

"සුදුබේබි......"

"ම්ම්ම්ම්???"

නේත්‍ර තමන්ගෙ පුංචි අත් දෙකෙන් ආශවගෙ අතක ඉරි අදින ගමන් කතා කරද්දි ආශව නේත්‍රගෙ නලලට වැටිලා තියෙන කෙස් රොදක් ඈත් කරලා ඒ නලල් තලය උඩින් සියුම් හාද්දක් තිබ්බා.රතු පාට වීගෙන එන ගමන් තිබ්බ තමන්ගෙ මූණ ආශවගෙ බෙල්ල පාමුල හංගගත්තු නේත්‍ර කතා කරන්න ගනිද්දිනම් ආශවට දෙලොව රත් උනා.

"සුදුබේබිට ප්‍රශ්නයක්ද මොකක් හරි"

"න්.....නේත්‍ර......බෙල්ල පාමුලින් මූණ මෙහාට අරගෙන කතා කරන්න.....ම්....මට පැහැදිලි නෑ කියන ඒවා...ඔව් ඔව් පැහැදිලි නෑ"

නේත්‍රගෙ උණුහුම් හුස්මවැල් තමන්ගෙ බෙල්ල පාමුල දග කරද්දි තමන්ගෙ හැගීම් ලාවට ඇවිස්සීගෙන එනවා දැනුනු ආශව ඉක්මනටම නේත්‍රව බෙල්ල පාමුලින් ඈත් කරගන්න ඕනි නිසා කතා කලා.ඒත් එක්කම හොද හේතුවක් කටට ආව ආශව ඒක කියද්දි හැමදාම වගේ ආශවගෙ ගැට වලට අහු වෙන නේත්‍ර තමන්ගෙ මූණ ආශවගෙ බෙල්ල පාමුලින් ඈත් කරගෙන කතා කරන්න ගත්තා.

"සුදුබේබිගෙ පපුව කවදාවත් නැති තරම් හයියෙන් ගැහුනා අද.....ඇයි සුදුබේබි? මම දුර්වලයි කියලා හිතන්න එපා ප්‍රශ්නයක් දරන්න බැරි තරම්.....මම ටිකක් කලබල වෙනවා වැඩියි කියලා සුදුබේබි දන්නවනෙ....ඒ නිසා කියන්න සුදුබේබි"

"නේත්‍ර දවසක හිතාවිද දන්නෑ මම නේත්‍රව ලොකු කරදර ගොඩකට ඇදලා දැම්මා කියලා?"

"සුදුබේබි?"

"නේත්‍රව මේ නරාවලට ඇදලා ගත්තෙ මම....අනාගතේදි නේත්‍රට දුකක් විදින්න උනොත් විදින්න වෙන්නෙත් මම නිසා"

"සුදුබේබි මොනාද මේ කියවන්නෙ?"

"මට හරි බයයි නේත්‍ර....උඹට මොකක් හරි කරදරයක් වෙයි කියලා බයයි"

නේත්‍රව තමන්ගෙ තුරුලට ආපහු පාරක් තද කරවගත්තු ආශව නේත්‍රගෙ හිස් මුදුන හරි හයියෙන් සිපගත්තා.ටික වෙලාවක් ආශවගෙ තුරුලට වෙලා හිටිය නේත්‍ර හෙමීට කතා කරන්න ගත්තෙ ආශවගෙ ලොකු අතක තමන්ගෙ පුංචි අතක් පටලවගන්න ගමන්මයි.

"අනාගතේ වෙන ප්‍රශ්න ගැන දැන දැනමනෙ සුදුබේබි අපි දෙන්නට දෙන්නා ලං වුනේ....සීමා බින්දේ.....ඉතින් ඇයි සුදුබේබි දැන් කලබල වෙන්නෙ? අපි ඒ දේවල් මුල ඉදන්ම දැනන් උන්නා.....ඒ දේවල් වලට මූණ දෙන්න ඉටා ගත්තා...කවදමහරි දවසක අපිට ඒ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි සුදුබේබි.....ඒවගෙන් අපිට පැනලා යන්න බෑ.

සුදුබේබිට බය හිතෙනවා ඇත්තෙ මගෙ දුර්වලකම් ගැන හිතලා.මට දෙයක් දරන්න අමාරු බව,කලබල ගතිය සුදුබේබි දන්න නිසා...ඒත් මට සුදුබේබි වෙනුවෙන් දරන්න බැරි දෙයක් නෑ කියලා සුදුබේබි තවම තේරුම් අරන් නැද්ද කියලා මට හිතෙනවා.මම පුංචි ඇති සුදුබේබි....ඒත් සුදුබේබි වෙනුවෙන් මගෙ හිත ඇතුලෙ තියෙන ආදරේ හරි විසාලයි.

මට සුදුබේබ් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ.ඕනිම දෙයක්....මගෙ ජීවිතෙන් උනත් වන්දි ගෙවන්න පුළුවන් මට සුදුබේබි වෙනුවෙන්....ඒත් මගෙ අන්තිම හුස්ම වෙනකං සුදුබේබි මගෙ ලගින් ඉන්න ඕනි...මට සුදුබේබිගෙ පපු තුරුලෙ ඉදන් හුස්ම ගන්න ඕනි.අනාගතේදි මොන දේ උනත් මම සුදුබේබිගෙ අත අතාරින්නෙ නෑ.මට සුදුබේබි වෙනුවෙන් ඕනි දෙයක් දරන්න තරම් ශක්තිය තියෙනවා.

ඒ හැමදේමත් එක්ක මම සුදුබේබිට මගෙ පණටත් වඩා ආදරෙයි.මහ ගොඩක් ආදරෙයි මම....පුංචි කාලෙ ඉදන් සුදුබේබිගෙ තුරුලෙ හැදුනු මගෙ අන්තිම කාලෙ උනත් ගත කරන්න ඕනි සුදුබේබිගෙ තුරුලෙ....මගෙ ජීවිතේ තියෙන එකම ආසාව ඒක සුදුබේබි....සුදුබේබිගෙන් තොර ජීවිතයක් ගැන හිතන්නවත් මට බෑ.මම ඒ තරමටම සුදුබේබිට ආදරෙයි.සුදුබේබි නැත්තං නේත්‍ර කෙනෙක් නෑ.....ඕනිම ප්‍රශ්නෙකදි මම සුදුබේබි එක්ක ඉන්නවා.මට සුදුබේබිව විශ්වාසයි.සුදුබේබි මගෙ.......නේත්‍රගෙ"

"මම නේත්‍රගෙ විතරයි......නේත්‍රත් මගෙ....මගෙ විතරමයි.....එන ඕනිම ප්‍රශ්නෙකට අපි දෙන්නම මූණ දෙමු නේත්‍ර....පොරොන්දුවක් වෙන්නම් මම.....අන්තිම හුස්ම වෙනකං මේ අත අතාරින්නෙ නෑ මම....නේත්‍ර නැත්තං සුදුබේබි කෙනෙකුත් නෑ"

නේත්‍ර ලගින් හමාගෙන එන ආත්මීය ගැටපිච්ච සුවද විදින ගමන් ආශව හෙමීට මුමුණද්දි නේත්‍ර තව ටිකක් ආශවගෙ සුවිසල් පපුතුරට ගුලි උනා.නේත්‍රගෙ පුංචි අත් දෙකම තමන්ගෙ අතකින් අල්ලගත්තු ආශව සියුම් සිපුම් කිහිපයක් ඒ පිටි අල්ලවල් මත තවරද්දි නේත්‍ර ඉස්සිලා ආශවගෙ නලලින් පුංචි හාද්දක් තැවරුවා.දිවාෂලගෙ ගෙදර යන්න ලෑස්ති වෙන්න කියලා ආශවගෙ උකුලෙන් නැගිට්ට නේත්‍රව තමන් ලගට ආපහු පාරක් ඇදලා ගත්තු ආශව හෙමීට ඒ දෙතොලට නැඹුරු උනත් ඉක්මනටම තමන්ගෙ පුංචි අතකින් තමන්ගෙම කට වහගත්තු නේත්‍ර ඔලුව දෙපැත්තට වනලා කාමරේට ගිහින් දොර වහගනිද්දි තනියෙම හිනා වුණු ආශව මිදුලට බැස්සෙ අරලිය ගහ යට බංකුවෙ ඉදගන්න හිතාගෙන.

...................................................................................................

"අනේ කාර්තිකා බලාගෙන ඇත්තෙ ජග්ගි එනකං"

"කෝ මෙහෙ එන්න....ඔයාගෙ ඇස් වල කදුලු නේත්‍ර....හැබැයි මම මේක වහලා දානවා ඈ!!!"

"අනේ නේත්‍රව අරං පලයං ආශව උබ එහෙනම්....මටෝනි මේක බලන්න....අනේ දිවාෂ මල්ලි,මේ කොල්ලට යන්න පුළුවන් වෙයි නේද?"

"අනේ අයියෙ,ඒ කොල්ලා අයිස් වෙයිද දන්නෑ යන ටිකට...අයියෝ....අර...."

"නෑ!!! දැන් ඌ වැටිලා තැරි ගැහිලා මැරිලා යනවා....මම මේක ඕෆ් කරලා සතුටින් බුදියගන්නවා"

"යුගාන්!"

"දිවාෂ මල්ලි!"

"අනේ එපා දිවාෂ!"

"නේත්‍ර ඇඩුවා ඇති දැන් කෝ!"

දිවාෂලාගෙ ගෙදර ඇවිත් බලන්න ඕනි ෆිල්ම් එක තෝරගෙන අවුරුද්දෙ අන්තිම දවස හැගීම් දැනීම් වලින් පිරුණු එකක් කරගන්න තිබ්බ වුවමනාවට ඉලන්දාරි ඔක්කොම ටික වාඩි වෙලා shiddat බලන්න ගත්තා.ෆිල්ම් එකේ මුල ඉදන්ම ඇගටම කාවද්දෝගෙන බලපු ඉලන්දාරියො පස් දෙනාගෙන් තුන් දෙනෙක්ම මේ වෙද්දි ලමිස්සියො ටික වගේ නාහෙන් අඩන්න ගනිද්දි ආශවගෙ වැඩේම උනේ අතේ තිබ්බ ලේන්සුවෙන් නේත්‍රගෙ කම්මුල් දෙකයි හොටු ඉහලට ඇද්ද නාහෙයි පිහිදන එක.අන්තිමේදි මේ ඔක්කොගෙම ශෝක ජනක දර්ශනේ බලාගෙන ඉන්න බැරි තැන දිවාෂ කෑ ගහද්දි කට්ටියම දිවාෂට රවලා ආපහු පාරක් චිත්‍රපටිය බලන්න ගත්තා.

රෑ හත වගෙ පහු වෙද්දි දිවාෂලාගෙ මුළු ගෙදරම ඇඩියාවල් වලින් පිරිලා ගියේ කුස්සියෙ හිටිය දිවාෂගෙ අම්මවයි තාත්තවයිත් තිගස්සෝලා.ගුවන්‍ යානේ තට්ටක් කොනක ගුලි ගැහිලා තමන්ගෙ ආදරණීය පෙම්වතිය කරා යන ගමනෙ අන්තිම අඩිය පහු කරගන්න බැරි වුණු ජග්ගි අඩි දාස් ගාණක් උඩ ඉදන් බිමට වැටෙද්දි නේත්‍ර ආශවගෙ පපුවට තුරුල් වෙලා අඩන්න ගත්තා.කොහොමත් අධි සංවේදී හිතක් තිබ්බ නේත්‍රගෙ හැටි දැනන් හිටිය ආශව නේත්‍රව පිට අතගගා නේත්‍රව සනසද්දි නිවුන්නු ජෝඩුව එකාට එකා වෙලීගෙන දුක බෙදාහදාගත්තෙ ඇත්තටම ඒ චිත්‍රපටිය හදවතට කා වැදිලා තිබ්බ නිසා.කිසි හැගීමක් දැනීමක් නැතුව ලාදුරු හැදුනු මිනිහෙක් වගේ චිත්‍රපටිය බලලා ඉවර කරලා ඉදන් හිටිය තැනින් නැගිට්ට දිවාෂ තෙවින්ට පයින් පාරකුත් ගහන් කුස්සියට ගියේ ආරියසිංහ නෝනා දිවාෂට එන්න කියලා කතා කරපු නිසා.

"යාලුවො ටික එක්ක කන්න එන්න සිගිති....මම වතුර අල්ලන්නම් කට්ටියටම"

ටික වෙලාවක් යද්දි කාලා බීලා කොල්ලො ටික ආපහු පාර ටීවී ලොබි එකේ තියෙන සෝෆා එකෙන් ඉදගත්තා.ඊලග පාර ඉලන්දාරි ටිකගෙ අඩෝ වැඩියාව අහගෙන ඉන්න බැරි නිසා දිවාෂ තමන්ගෙ තනි තීරණයක් අරගෙන කන්ජියුරින් ත්‍රී චිත්‍රපටිය දාලා සෝෆා එකේ කොනේම ඉදගත්තා.රෑ දහය පහු වෙද්දි චිත්‍රපටියෙ උච්චතම අවස්ථා එලබෙද්දි තෙවින් හිටියෙ දිවාෂගෙ ඔඩොක්ක උඩ වාඩි වෙලා.ආනි වීදුරු කෑල්ලක් තමන්ගෙ අතට අරගෙන පාවෙන්න ගනිද්දි තෙවින් දිවාෂගෙ බෙල්ල බදාගෙන කෑ ගැහුවා.

"අතෑරපං හුත්ත....බෙල්ල හිර වෙනවා යස්සයො!!!"

"ය්...යුගාන්.....ඇ.....ඇන්නා ඇන්නා...."

"මම උබට අනින්න කලින් බැහැපං ඔඩොක්කෙන් බිමට...."

"අර අර යුගාන් අර.....අප්පා!!! ආආආආආආආආආආආආ!!!! අර ගෑනිව මරපල්ලාආආආආආආආආආආආආආආ!!!"

"කෑගහන්න එපා තෙවින්......මගෙ කන ගැලවෙයි"

"උබ වෙනදට කෑගහන්නෙත් මෙහෙම තමා යුගාන්....අද උබ ඒ වදේ විදපං......"

"අම්මෝඕඕඕඕඕඕඕඕඕඕඕ දිවාස මල්ලීඊඊඊඊඊඊඊඊඊ!!!!"

ආශවගෙ අත හයියෙන් මිරිකගෙන බය දරාගෙන චිත්‍රපටිය බලාගෙන හිටිය නේත්‍රත්,නේත්‍රගෙ කර වටේ අතක් යවාගෙන නේත්‍රව තුරුල් කරන් හිටිය ආශවත් දෙන්නා ගැස්සිලා ගියේ දෙවින්ගෙ කෑගැහිල්ලට.පටන් ගත්තු වෙලේ ඉදලම තෙවින් කෑ ගැහුව නිසා කට්ටියට ඒ කෑගැහිල්ල ගානක් නොවෙද්දි එකපාරටම දෙවින් කෑ ගැහුව එකනම් හැමෝවම ගස්සන්න සමත් වුනා.දෙවින් හිටිය පැත්ත ආශවගෙ නේත්‍රයි දෙන්නම බැලුවත් ඒ ගමන්ම දෙන්නටම හිනා ගියේ දෙවිනුත් එක පැත්තකින් දිවාෂව තුරුල් කරන් හිටිය හැටි දැකලා.

"මොකෝ දෙවින් පණ කෑගැහුවෙ?"

"මොකෙක් හරි මගෙ කකුලට ගැහුවා දිවාෂ මල්ලි...හොල්මන ඇවිල්ලද දන්නෑ"

"ඒ මම දෙවින්....මගෙ කකුල වැදුනෙ ඔයාගෙ කකුලෙ...සමාවෙයං ඉතින්.උබ ඕම බය වෙනවා කියලා මම දන්නවයෑ"

ආශවගෙ සමච්චල් සහගත හිනාව දැක්ක දෙවින් ආශවට හයියෙන් පාරකුත් ගහලා දිවාෂගෙන් ඈත් වුණත් තෙවින්නම් දිවාෂගෙ උකුල උඩින් බහින පාටක් තිබ්බෙ නෑ.තෙවින්ගෙ බර දරාගන්නම බැරි උනු තැන දිවාෂ තමන්ගෙ අන්තිම තුරුම්පුව භාවිතා කරන්න හිතාගත්තෙ බලලා තිබ්බ නාට්‍ය වලට පිංසිද්ධ වෙන්න.

"Baby boy....."

තෙවින්ගෙ ඉණ එක අතකින් හයියෙන් මිරිකන ගමන් තෙවින්ගෙ කන ලග දිවාෂ මුමුනද්දි කන ලග දැනුනු කිතිය එක්කම හැරිලා බැලුව තෙවින් දැක්කෙ මහ වනචර හිනාවක් කියලා හිතාගෙන හිටිය එකක් මූණෙ පුරවං හිටිය දිවාෂව.තොලේ කොනකුත් හපන් ඇසුත් හීනි කරන් වලත්ත පාටක් ඇවිත් කියලා හිතන් හිටියත් දිවාෂගෙ මූණෙ තිබ්බෙ හිනා යන පෙනුමක්.දිවාෂව පස්ස පැත්තෙන් යන වාතයක් තරමටවත් ගනන් නොගත්තු තෙවින් දිවාෂගෙ උකුල උඩ ඉදගෙනම ආපහු පාරක් ටීවී එක පැත්තක ඔලුව හැරෙව්වා.

"බිමට බැහැපං තෙවින්....උබ බරයි"

"මට බයයි යුගාන්.....අර වගේ යකෙක් ආවොත්"

"අනේ බැහැපං හු#ත....හැබැයි මම උබේ පුප මිරිකනවා ඈ"

"අසහනේද යුගාන්? මොන වෙලේ බැලුවත් පස්සක් ගැන කියාගත්තු ගමන්මයි"

"බහින්නනෙ බැරි තොට"

තමන්ගෙ හැකි උපරිම ශක්තිය යොදවලා තෙවින්ව බිමට තල්ලු කරල දැම්ම දිවාෂ තෙවින් නැගිටින්න කලින් ටීවී රිමෝටය අරගෙන ඒක උඩ අතට හිටින විදියට තමන්ගෙ කකුල් දෙක මැද්දෙන් තියාගත්තා.ඒ දිහා බැලුව තෙවින් දැන් ඔතන උඩ ඉදගන්න ගියොත් රිමෝට් එක තමන්ගෙ පශ්චාත් බාගය වේදනාවට පත් කරන බව දන්න නිසා බිම ඉදන් හිටිය විදියෙන්ම දිවාෂ ලගට ඇදිලා ගිහින් දිවාසගෙ කකුල් දෙක බදාගෙන චිත්‍රපටිය බලන්න ගත්තා.

තෙවින්ට දිවාෂ ලගින් ලොකු ආරක්ෂාවක් දැනෙන්න පටන් අරන් තිබ්බා!

...................................................................................................

"තව විනාඩි කීපයයි නේත්‍ර"

"එකොලහයි පනස් තුනයි සුදුබේබි"

"හරියටම දොලහට අපි දෙන්නා ප්‍රාර්ථනාවක් කරමු.....අලුත් අවුරුද්ද පටන් ගද්දිම"

"වෙනදටත් අපි කලා සුදුබේබි"

"ඒ කාලෙ වෙනස් නේත්‍ර....එතකොට අපි දෙන්නා ලවර්ස්ලා නෙවෙයි....හැබැයි දැන් අපි දෙන්නා ආදරේ කරනවා...."

"ඕ ඕ සුදුබේබි.....මට තේරෙනවා"

"අද හදත් හොදටම පායලා"

"පෝය පහු වෙලා ටික දවසනෙ සුදුබේබි"

"නිදහස් නේද නේත්‍ර....."

"හුගාක් සුදුබේබි.....සුදුබේබි ලගින් ඉද්දි ඊටත් වඩා නිදහස්"

රෑ දහය මාරට විතර ටීවී එක ඕෆ් කෙරුව දිවාෂ කට්ටියවම කාමර වලට එලෙව්වෙ රෑ දොලහා පහු උනාට පස්සෙ ආයෙ චිත්‍රපටියක් බලන්න ගමු කියලා.මොකද අලුත් අවුරුද්දක් උදා වෙද්දි නිකරුනේ චිත්‍රපටියක් බල බල ඉන්නවට වඩා නිදහස් මනසකින් ඒ නව වසරට පිවිසෙන එක වැදගත් කියලා දිවාෂ දැනගෙන හිටියා.ආරියසිංහ නෝනලාත් නින්දට ගිහින් හිටිය නිසා උඩ තට්ටුවෙ තිබ්බ අමුත්තන්ගෙ කාමරේ නේත්‍රටයි ආශවටයි දුන්නු දිවාෂ දෙවින්වයි තෙවින්වයි තමන්ගෙ කාමරේට ගෙන්න ගත්තා.වැඩි වෙලාවක් නොගිහින් දිවාෂ නින්දට වැටෙද්දි තෙවින් කවුලුවෙන් පේන හද දිහා බලාගෙන හිටියෙ දිවාෂ ලගින්ම වැතිරිලා.දිවාෂට අනික් පැත්තෙන් වැතිරිලා උන්නු දෙවින්,දෙනෙත් එක්ක කෙටි පණිවිඩ හුවමාරු කරගන්න ගත්තෙ අවුරුද්දෙ අන්තිම දවසෙවත් දෙනෙත් තමන් කරපු වැරදි වලට සමාව දෙයි කියලා හිතාගෙන.

අමුත්තන්ගෙ කාමරේ තිබ්බ ජනේලෙ ලගට ගිහින් නේත්‍රගෙ පිට තමන්ගෙ පපුවෙ ගැටෙන විදියට හේත්තු කරගත්තු ආශව නේත්‍රගෙ ලමා සුවද පිරුණු ඔලුව සිපගන්න ගමන් කතා කරන්න පටන් ගත්තා.තමන්ගෙ ඉණ වටේ තදින් බැදිලා තියෙන ආශවගෙ නහර පිරුණු දරදඩු අත් තමන්ගෙ සියුමැලි පුංචි අත් වලින් හෙමීට අතගාන ගමන් නේත්‍රත් ආශවට උත්තර දෙන ගමන් හිටියා.

"නේත්‍ර දන්නවද? මම මේ ලෝකෙ දැක්ක සුන්දරම ලස්සනම පිරිමියා නේත්‍ර කියලා"

"අනේ සුදුබේබි....."

නේත්‍ර තමන්ගෙ ඇග ගස්සන ගමන් ආශවගෙන් ගැලවිලා මූණ හංගගන්න මාන බලද්දි ඊට ඉක්මන් උනු ආශව නේත්‍රගෙ ඉණෙන් අල්ලලා තමන්ගෙ පැත්තට හරවගත්තා.නේත්‍රගෙ පිට පිටිපස්සට තමන්ගෙ අතක් ගෙනිච්ච ආශව නේත්‍රව තව ටිකක් තදින් තමන්ගෙ ඇගට තද කරගනිද්දි නේත්‍රගෙ කටින් ඇහෙන නෑහෙන ගානට හීන් කෙදිරිල්ලක් පිට වුණා.තමන් වෙනුවෙන්ම ආදරේ පිරිලා දෝරෙ ගලන නේත්‍රගෙ ඇස් දෙකේ තමන්ගෙ ඇස් දෙක අලවගත්තු ආශව නේත්‍ර එක්ක ආදරෙන් හිනාවෙද්දි කාමරේ ඔරලෝසුවෙ දොලහෙ කණිසම නාද වුණා.එකපාරටම හතරවටින් පිපිරෙන්න ගත්තු රතිඥ්ඥා සද්දත් එක්කම ඇස් පියාගත්ත නේත්‍ර තමන්ගෙ ප්‍රාර්ථනාව සිද්ධ කරද්දි ආශවත් තමන්ගෙ ප්‍රාර්ථනාව සිද්ධ කලා.

"Happy new year නේත්‍ර......"

"Wish you the same සුදුබේබි......"

ආපහු පාරක් ආශවගෙ දිග හීනි තද දුඹුරුපාට ඇස් නැවතුනේ නේත්‍රගෙ කලු පාට බෝල ඇස් අස්සෙ.මන්දාකිනියක් වගේ දිලිහෙන නේත්‍රගෙ බෝල ඇස් දිහා බලාගෙන හිටිය ආශව ඒ ඇස් වල ඇදිලා තියෙන තමන්ගෙ රූපෙ දිහා බලාගෙන හිටියා.නේත්‍රගෙ හිතේ ආශව ගැන තියෙන ආදරේ තේරුම් ගන්න ඒ බෝල ඇස් විතරක් ප්‍රමාණවත් වෙද්දි,ආශවගෙ හිතේ නේත්‍ර ගැන තියෙන ආදරේ තේරුම් ගන්න නේත්‍ර ලග ඉද්දි විතරක් උනුහුම් වෙන අමුතුම පිරිමි සුවදක් එලියට එන ආශවගෙ පපු තුර ප්‍රමාණවත් වුණා.

නේත්‍රව තව ටිකක් තමන්ගෙ ඇගට තද කරගත්තු ආශව නේත්‍රගෙ නලල් තලේ හරි ආදරෙන් සිපගෙන නේත්‍රගෙ දෙතොල් වෙතට බර වුණා.ආශවගෙ කඩවසම් මූණ ටිකෙන් ටික තමන්ගෙ මූණ ලගට බර වෙද්දි වෙන්න යන දේ තේරුම් ගත්තු නේත්‍ර හෙමීට තමන්ගෙ ඇස් දෙක පියාගත්තා.හරිම ආදරෙන් වගේම හරිම ආසාවෙන් නේත්‍රගෙ පිරුණු පුංචි දෙතොල් යුග්මය මතින් තමන්ගෙ ශක්තිමත් දෙතොල තද කෙරුව ආශව නේත්‍රගෙ යටි තොල හෙමීට තමන්ගෙ දෙතොල් අණසකයට ගනිද්දි වෙනදා වගේම නේත්‍ර ආශවගෙ අත් අතරෙ අඩපණ වෙලා හිටියා.

"යුගාන්....අනේ යුගාන් නැගිටින්නකෝ....ම්හූ.....නැගිටින්නකො යුගාන්....."

රෑ දොලහා ලබන්න විනාඩි දෙක තුනක් තියෙද්දි දෙනෙත් එක්ක කතා කරන්න ඕනි කියලා දිවාෂගෙ කාමරේට අල්ලලා හදලා තියෙන බැල්කනි එකට ගිහින් දෙවින් ඒ වීදුරු දොර වගගනිද්දි තෙවින් දිවාෂ එක්ක කාමරේ තනිවුණා.මොකද්ද මන්දා හේතුවකට දිවාෂගෙන් මුල්ම අලුත් අවුරුදු සුභ පැතුම ගන්න ඕනි වුණු තෙවින් දිවාෂව ඇහැරවන්න උත්සාහ කලේ වෙන කවුරුහරි දොලහටම තමන්ට සුභපතයි කියන බයට.කොච්චර උත්සාහ කලත් දිවාෂව ඇහැරෝගන්න බැරි උනත් තෙවින් තමන්ගෙ උත්සාහෙ අතෑරියෙ නෑ වගේම හරියටම දොලහෙ කණිසම වදිනවත් එක්කම ගම්මානෙම උදවිය රතිඤ්ඤා පත්තු කරන්න පටන් ගත්තා.

"මුන්ගෙ ආච්චි අම්මලාට හු-#&*න දාලා යකෝ මොකාද මහ රෑ බෝම්බ දාන්නෙ!!! බුදු අම්මෝඕඕඕඕඕඕඕඕඕඕඕඕ යකේඒඒඒඒඒඒඒඒක්ක්ක්ක්ක්ක්!!!!!"

රතිඤ්ඤා සද්දෙට ගැස්සිලා ඇහැරුණු දිවාෂ මේ අලුත් අවුරුද්ද දවස කියලා මතක නැතුව ඇහැරිලා කෑ ගහද්දි තමන්ගෙ මූණ ලගින්ම එබිලා බලාගෙන හිටිය තෙවින්ව දැකලා ඊටත් වඩා බය වුනා.කොණ්ඩෙ කපන්නවත් හිතලා නොතිබ්බ තෙවින්ගෙ කොණ්ඩෙ යම්තාක් දුරකට වැවිලා තියෙද්දි කොණ්ඩෙ කෑලි කෑලි මූණට වැටිලා තෙවින්ගෙ මූණ දිවාෂ දකිද්දි බාගෙට වැහිලා තිබ්බා.

"කෑගහන්න එපා යුගාන්....මගෙ කන කීං කීං ගානවා"

"තෝ මොන මගුලක්ද මගෙ මූණට එබීගෙන කරන්නෙ? යකෝ යකෙක් වගේ උබ"

"මට විශ් කරන්න පුලුවන්ද යුගාන්? New year එකට? මම ඒකමයි යුගාන්ව ඇහැරවන්න ට්‍රයි කලෙත්"

"කලින් කියන්න එපායෑ මිනිහො....එහෙනම් මම එලාම් එකක් තියන් ඉන්නවනෙ....anyway....Happy new year තෙවින්!!! කරන කියන හැම දෙයක්ම හරියන්න ඕනි තවුසෙට"

"ත්....තෑන්ක්‍යූ....තෑන්ක්‍යූ සෝ මච් යුගාන්"

"කෝ?"

"මොකද්ද යුගාන්?"

"මගෙ විශ් එක?"

"ඕහ්හ්.....මම වගේ කෙනෙක් ඉස් ඉස්සෙල්ලාම ඔයාට විශ් කරන එක හොදද දන්නෑ....but.....happy new year යුගාන්!!! ඔයාගෙ හැම වැඩක්ම සක්සක් වෙන්න ඕනි....ඔයා සතුටින්ම ඉන්න ඕනි....ඔය හිනාව හැමදාම ඔය මූණෙ තියෙන්න ඕනි"

"මෙහෙ එනවා හග් එක දෙන්න"

"යුගාන්....මම විශ් කල නිසා ඔ...."

"මේ අවුරුද්ද අනික්වටත් වඩා හොද වෙයි....මෙහෙ වරෙං ටිකක් තුරුල් කරගන්න"

තෙවින් දිවාෂව තුරුල් කරගනිද්දි දිවාෂත් ආපිට තෙවින්ව තුරුල් කරගත්තා.ඒත් එක්කම බැල්කනි එකට වෙලා හද දිහා බල බල අතේ නියපොතු ටිකත් කාගෙන මනමාල හිනාවක් මූණෙ තියන් කතා කරන දෙවින්ව දැක්ක තෙවාෂ ජෝඩුවට හිනා යද්දි දෙන්නම ඇස් පියන් ප්‍රාර්ථනාවන් කලා.

"ම්හ්හ්....සුදුබේබි..."

ආශවගෙ දෙතොල් තවමත් තිබ්බෙ නේත්‍රගෙ තොල් එක්ක පැටලිලා.තත්පර ගාණකට නේත්‍රට හුස්ම ගන්න ඈත් වුණු ආශව නේත්‍රගෙ කෙදිරිල්ල පිට වෙනවත් එක්කම ආපහු පාරක් නේත්‍රව තමන්ගෙ ඇගට තද කරගත්තා.නේත්‍රගෙ පුංචි තොල් දෙකම එකටම තමන්ගෙ කට ඇතුලට දාගත්තු ආශව ඉවක් බවක් නැතුව ඒවා උරමින් සිපගනිද්දි නේත්‍රගෙ හීනි ඉණ ආශවගෙ හයිය අත් වලට අහුවෙලා නොනවත්වාම සියුම්ව මිරිකුණා.ජනෙල් කණ්ඩියට පින් සිද්ධ වෙන්න නේත්‍රව ඇදගෙන නොවැටුනත් මේ වෙද්දි නේත්‍රගෙ ඔලුව විවෘත ජනේලෙන් එලියට බර වෙලා තිබ්බා.

නේත්‍රව හයියෙන් අල්ලගෙන හිටිය ආශවගෙ උඩු කයත් නේත්‍රගෙ උඩුකය එක්කම ජනේලෙන් එලියට බර වෙද්දි ආදරවන්තයො දෙන්නගෙ මතට වැටිලා තිබ්බ හද එලිය ඒ පිරිසිදු ආදරේට හදවතින්ම ආශිර්වාද කලා.සොබාදහමේ ආශිර්වාදයත් මේ යුවලට හම්බෙන බව පෙන්නන්නද මන්දා එකපාරටම ඇතිවුණු මද හුලගක් ගම්මානෙ තිබ්බ ඔක්කොම ගැටපිච්ච මල් වල සුවද උරාගෙන ආශවවයි නේත්‍රවයි පිසගෙන ගියා.

මේ අවුරුද්ද හැමෝටම හොදම අවුරුද්දක් වේවි!!!

...................................................................................................

වචන 3200+ 😪❤️

මේ අවුරුද්ද හැමෝටම හොද එකක් වේවි බබාලා🥺❤️

කැමීලියාට අලුත් අවුරුද්දෙ හම්බුනානෙ තෑගි🥺❤️ ඒක පුදුම ලස්සනයි වගේම හරි ආදරණීයයි😭❤️ asher-x තැන්කූ නංගා මහන්සි වෙලා මම වෙනුවෙන් මේ ලස්සන තෑග්ග හැදුවට🥺❤️

ඉතින් සමාව ඉල්ලනවා බබාලා අප්ඩෙට් පරක්කු වෙන එකට🥺💔 මම හිතනවා මාව තේරුම් අරන් කතාව එක්ක දිගටම් රැදිලා ඉදිවි කියලා 🥺❤️ මට ඔයාලව් විශ්වාසයි.....ඔයාලත් මාව විශ්වාස කරන්න❤️ මේ ලස්සන කතාවෙ අන්තිම වෙනකං මම ඔයාලව එක්කගෙන යනවා🥺❤️

දෙවිත්  කපල් එක නත්තල් පාටියට ගිය විදියෙ පොටෝ වගයක් හම්බුනානෙ.....පරක්කු වෙලානෙ හම්බුනේ....ඉතින් අද දාන්නම්🙊❤️

දෙවින් පණ😏❤️

දෙවින්ගෙ පණ😏❤️

ඉතින් බබාලා මම ගිහින් එන්නම්❤️ ආයෙ හෙට දිහාට දෙන්න බලන්නම් අප්ඩේට්.....ශුවර් කරන්න එපා....ඒත් මම උත්සාහ කරන්නම්❤️🥺

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter