Back
Chapter 43

42 කොටස🤍✨

නිවාලන්න මා...

"අද ප්‍රැක්ටිස් නෑ මට....මම එනකං ගේට් එක ලගට වෙලා ඉන්න ඕනි....තේරුනාද?"

"ඕ සුදුබේබි.....මම ඉන්නම්"

"කෝ ඔහොම ඉන්න....නේත්‍රගෙ කොණ්ඩෙ අවුල් වෙලා"

පාසලේ ප්‍රධාන ගේට්ටුවට ටිකක් මෙහාට වෙන්න නේත්‍රව නවත්තගෙන හිටිය ආශව නේත්‍රට උපදෙස් කීපෙකුත් ලබාදෙන ගමන් ටිකක් පාත් වුණේ නේත්‍රගෙ අවුල් වෙලා තිබ්බ කොණ්ඩෙ හදන්න හිතාගෙන.තමන්ගෙ අතේ ඇගිලි වලින් නේත්‍රගෙ කොණ්ඩෙ හැදුව ආශව නේත්‍රව ඉස්සර කරගෙන පාසලට ඇතුල් වෙද්දි ඊට පිටිපස්සෙන් ආව දිවාෂ,දෙවින් තමන්ට දුන්නු රුපියල් එකසිය පණහ ගැන සෑහීමට පත් නොවී විවාද කරන ගමන් හිටියා.

"ඇවිත් බුලත් දෙන්න ඕනිද මල්ලි අතුගාන්න? මමද ඇවිත් අතුගාන්න ඕනි?"

මාසෙකට විතර පස්සෙ විවෘත කරපු පන්තිය දූවිලි වලින් වැහිලා තියෙද්දි කොල්ලො ටික වගේ වගක් නැතුව කියෝ කියෝ ඉන්නව දැක්ක ශිෂ්‍යනායකයෙක් ඇගට කඩා පනිද්දි කිසි ගාණක් නැතුව හිටිය ආර්ය කොස්ස අතට ගත්තා.

"දිවාෂ,ඕනිනම් ඔය අයියට අතුගාන්න කියපං ඇවිල්ලා"

ආර්යගෙ වචනත් එක්ක කට්ටියටම හිනා යන්න ආවත් අතලොස්සක් උනු ශිෂ්‍යනායකයො ටික තෝරලා තියෙන්නෙ නිකංම නෙවෙයි කියලා දන්න නිසත්,තමන්ට වරදක් නොකියන තාක් ඒ අයට උඩින් යන එක හරි නැති නිසත් කට්ටිය එක්කම පන්තිය අස් කරන්න ගනිද්දි නේත්‍ර ගියේ මල් කඩාගෙන එන්න.කොහොමත් පන්තියෙ බුදුපහන තියන වැඩේ කලේම නේත්‍ර.වතුසුදු මල් ගහ ලගට ගිහින් මල් කඩන නේත්‍ර දිහා ඒ ලගම තිබ්බ ගල් බැම්මකට හේත්තු වෙලා බලාගෙන ඉන්න රධීන්ව දැක්කත් නොදැක්ක ගාණට ඉක්මනටම මල් ටික කඩන්න ගත්තු නේත්‍ර දිහාවට තව ඇස් දෙකක් යොමු වෙලා තිබ්බා.

"මෙතනට වෙලා මොකෝ කරන්නෙ උබ? ඩියුටි තියෙන්නෙ ගේට් එක ලග නේද?"

"පොඩ්ඩක් ඉදපං දෙවින්.....පොඩි එකා මල් ටික කඩාගෙන පන්තියට යනකං මේ ඉන්නෙ"

සුදු දිග කලිසමේ සාක්කුවකට එක අතක් ඔබාගෙන ඔරලෝසුව බැදලා තිබ්බ අනික් අතින් කොණ්ඩෙ හදන ගමන් හිටිය ආශව කියද්දි දෙවිනුත් ආශව ලගින්ම නතර උනේ ඈතින් ඉන්න රධීන්ව දැක්ක නිසා.ඔතන නේත්‍රට මොකක්ම හරි කියලා රධීන් ප්‍රශ්නයක් ඇති කලොත් ආශවව ආම්බාන් කරගන්න එක අමාරු බව දෙවින් හොදටම දැනගෙන හිටියා.නේත්‍ර මල් ටිකත් කඩාගෙන බිම බලාගෙනම පන්තියට ඇතුල් උනා කියලා දැක්කට පස්සෙ ආශව ප්‍රධාන ගේට්ටුව ලගට යද්දි දෙවින් එහෙම්මම හැරිලා එකොලහ වසර පන්ති කාමර පැත්තට ඇවිදන් ගියා.

"ඈ නේත්‍ර....මේ පාර මීට් කවදා වගේ පටන් ගනීලුද?"

"දන්නෙ නෑනෙ විහාර.....අපිට දැනුම් දෙයි නේද?"

"උබලගෙ අයියනෙ ගේම්ස් කැප්ටන්? ඒකයි මම ඇහුවෙ"

"ආ"

"කැහ් කැහ්"

"වතුර ටිකක් බීපං ආර්ය....නේත්‍ර ඔය වතුර බෝතලේ දෙන්න චූචි පැච්චො"

පන්තියෙ කොල්ලෙක් කිව්ව දේයි නේත්‍රගෙ හොරපාට මූණයි දැක්ක ආර්යට තද කැස්සක් හැදුනත් දිවාෂ හොද රැවිල්ලක් රවලා ආර්යට නේත්‍රගෙ වතුර බෝතලේ දෙද්දි ආර්ය මුකුත් නොවුණා වගේ වතුර ටිකක් බීලා බෝතලේ පැත්තකින් තිබ්බා.පාසල ආරම්භ කරන සීනුව නාද වෙනවත් එක්කම කට්ටියම පන්ති වලින් එලියට ගියේ ප්‍රධාන රැස්වීමට සහභාගී වෙන්න හිතාගෙන.පන්තියෙ කොටම මිනිස්සුන්ගෙන් දෙන්නෙක් උනු නේත්‍රයි දිවාෂයි ගිහින් පෝලිමේ හය වෙනියටයි හත් වෙනියටයි හිට ගනිද්දි අනික් ලමයි ටිකත් උසේ අනුපිලිවෙලට පෝලිම් ගැහුණා.ප්‍රධාන ශිෂ්‍ය නායක මඩුල්ල ලමයි පෙල ගැහුණු පෝලිම් වලට දකුණු පැත්තෙන් තනි පෝලිමක් විදියට ලමයිට මුහුණ දාලා පෙල ගැහෙද්දි සාමාන්‍ය ශිෂ්‍ය නායකයො ලමයින්ට පිටිපස්සෙන් තනි පෝලිමක් විදියට පෙල ගැහිලා තිබ්බා.

1 වසරෙ ඉදන් සිසුන් ඉගෙන ගන්න පාසලේ ලමයි දාස් ගාණක් හිටියත් ඒ අතරින් ශිෂ්‍යනායකයො වෙන්න පුළුවන් උනේ ලමයි හතලිහක් පනහක් වගේ හරි සුළු පිරිසකට.පාසලේ හොදටම වගකීම් භාරගන්න පුළුවන් දීප්තිමත් ශිෂ්‍යයෝ ශිෂ්‍යනායකයො විදියට තේරී පත් වුණා.ආශව පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා වෙයි කියලා හිතුව සෑහෙන දෙනෙක්ගෙ බලාපොරොත්තු බිද දාන ගමන් පාසලේ ක්‍රීඩා නායකයා විදියට ආශව තේරී පත් වෙද්දි රකිත පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා එහෙමත් නැත්තං පාසලට ආවේණික විදියට 'සීනියර් ඔෆිසර්' විදියට පත් වෙලා තිබ්බා.වෙන පාසල් වල වගේ උප ප්‍රධාන ශිෂ්‍යනායක මඩුල්ලක් තේරී පත් නොකරන **** විද්‍යාලයටම ආවේණික විදියට ආශවට පාසලේ ශිෂ්‍යනායක මඩුල්ලෙ භාණ්ඩාගාරික විදියට පත් වෙන්න සිද්ධ වෙද්දි දෙවින් මඩුල්ලෙ ලේකම් විදියට තේරී පත් වුණා.මොකද පාසලේ ක්‍රීඩා නායකයවම ප්‍රධාන ශිෂ්‍යනායකයා විදියට පත් කරන්න හැකියාවක් නොතිබුණා.ඒ වගේම භාණ්ඩාගාරික හා ලේකම් කියන තනතුරු දෙක අනෙක් ප්‍රමුඛ පෙලේ පාසල් වලින් තෝරා පත් කරන උප ප්‍රධාන ශිෂ්‍යනායක මඩුල්ලට සමාන වුණා.

මේ වාරෙ අවසාන වෙද්දි තේරී පත් වෙන ස්කූල් ඔෆිසර් නොමිනීස්ලා එහෙමත් නැත්තං වෙන පාසල් වලට අනුව යෝජිත ශිෂ්‍යනායකයො ගොඩට දිවාෂයි නේත්‍රයි දෙන්නනම් කොහොමත් එකතු වෙනව කියලා හුගක් අය අනුමාන කලේ ඒ දෙන්නම මේ වෙද්දි පාසලේ හැම අතින්ම කැපී පේන සිසුන් දෙන්නෙක් වෙලා හිටිය නිසා.දිවාෂගෙ පදේට ඉස්කෝලෙ උප ප්‍රධාන ක්‍රීඩා නායකයා වගේම ශිෂ්‍යනායක මණ්ඩලේ ලේකම් වෙලා හිටිය මනුස්ස පරාණෙ නටද්දි ඒම හිතන එක සාමාන්‍ය දෙයක්!

කොහොමහරි පැයක් විතර පවත්තපු ප්‍රධාන රැස්වීම අවසන් කරලා ලමයි ටික පන්ති වලට ගාටද්දි පන්තියට යමින් හිටි නේත්‍ර ලගට ආව ආශව කාටවත් නොපෙනෙන්න නේත්‍රගෙ අත මිරිකලා ටයි එකත් ගලෝ ගලෝ තමන්ගෙ පන්ති පැත්තට ඇදෙද්දි නේත්‍ර තමන්ගෙ රෝස පාට වුණු මූණෙන් ආශව යන දිහා බලලා හිනාවක් පාන ගමන් බිම බලාගත්තා.නේත්‍ර දිහාවට හැරිලා හිනා වුණු ආශව ඇහැකුත් ගහලා ඉස්සරහ බලාගෙන දෙවින්ගෙ කරට අත දාගනිද්දි එකපාරටම තමන්ට උණු දේ හිතාගන්න බැරි වුණු දෙවින් අත මිට මොලෝලා ආශවගෙ බඩට පාරක් ගැහුවා.

"හුක්.....ගහන්නෙ?"

"උබේ මනමාල විසේට මාව බදාගත්තම හරිද? රෙද්ද!"

.

.

.

.

.

"ඉන්ටවල් එකෙන් පස්සෙ පීරියඩ් හතරම නැති වෙයි අපිට"

"ඒ මොකෝ?"

"ටීචස්ලට මීට්න් එකක්.....නේත්‍රයා ගියා අනවුන්ස්මන්ට් එක දෙන්න"

ආර්ය ඇවිත් පන්තියටම ගින්න දෙන ගමන් ඉදගනිද්දි නේත්‍රගෙ කටහඩ ස්පීකර්ස් වලින් ඇහෙන්න ගත්තා.ඔක්කොම ගුරුවරුන්ට ගුරු රැස්වීමක් පැවැත්වෙන නිසා හැම ශිෂ්‍යයෙක්ටම පන්තිකාමර වලම රැදෙන්න කියද්දි පන්ති වල සුපරීක්ෂණ කටයුතු වලට එන ස්කූල් ඔෆිසස්ලට බාධාවක් නොවෙන විදියට හැසිරෙන්න කියලත් නිවේදනයෙන් වැඩි දුරටත් දැන්වුවා.අදාල නිවේදනේ ලබා දුන්නට පස්සෙ නේත්‍රත් එක්ක දිවාෂ තමන්ගෙ පන්ති කාමරේට ඇතුල් වෙද්දි ඒ පන්ති කාමරේ වගේම අනික් පන්ති කාමරත් ගිලිලා තිබ්බෙ ලොකු ගෝසාවක.

"මේ....අපි සිංදුවක්වත් කියමුකො බං"

"හා කියමු....නේත්‍ර ඔය නෝට් එක පස්සෙ ලියාගනින්"

"ඉන්න දිවාෂ මේ අන්තිම කෑල්ල.....ආ හරි"

"පුටු ටික ලං කරගනිල්ලකො ඉතින් රෙද්ද කට්ටියම"

"ගීතෙන් ගීතෙට දාමු නේහ්?"

"ඕ ඒම කරමු.....ආර්ය,උබ සිංදු නවත්තන එකා වෙයං.....උබ සිංදු කියන්න ආසා නෑනෙ?"

"පටන්ගමු...ඔය කොණෙන් පටන් ගනින්,විදුල..."

"මතකයන් ඔබේ.....සිතේ තබාගෙන....

දුක් විදිනා මම ඔබගේ....පලමු පෙම්වතා......

සුවද පොදට පවා.....ඔබ පෙම් කරනා....

අදටත් මම ඔබගේ....."

"ටික්! හරි අනුක්, 'ග' යන්න"

"ගග අද්දර මා සිහිල් සෙනෙහෙ සැනසී.....

හද සන්තක විය අනුහස් ආසිරි ගී.....

ඔබ හමු වේ මා......මුව ගොළු වූවා....

ගග අද්දර පෙම් කැ....."

"ටික්! නේත්‍ර, 'ක' යන්න"

"කදුපාර ඈත අයිනේ......සද රෑක ඈ සිනා සේ....

වේදනා සිතාරයේ.....ඒ ගීත රාවේ ඇසේවා....

ජීවිතේ පුරා......

යාලු වී දෙවැටේ එ....."

"ටික්! දිවාෂ 'එ' යන්න"

ඔඩොක්ක උඩ තියන් හිටිය පොතක් පිටිපස්සෙ මොකක් හරි ඇද ඇද හිටිය දිවාෂ තරගෙ ගැන මෙලෝ සිහියකින් නොයිදිද්දි එකපාරටම තමන්ගෙ නම ඇහෙද්දි කලබල වෙලා ඔලුව උස්සලා බැලුවා.ඒත් එක්කම දිවාෂගෙ කාලෙ ගෙවීගෙන යනවා දන්වන්න ආර්ය එක දෙක කියලා දහයට ගැන ගෙන යද්දි ඉක්මනටම කට ඇරිය දිවාෂ තමන්ගෙ කටට තාලෙට ගලාගෙන ආව දේ කියලා දැම්මා.

"ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියන් විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ......"

"හුත්තො!"

"තොට මම!"

"දිවාෂ අනේ!"

"තෝ නම් අනේ මංදා බං"

"ට්‍රැක්ද පගෝ!"

"මල්ලි මොකෝ සද්දෙ? බජව්වක්ද?"

"අම්මට! ආශව අයියා යකෝ"

ආශවගෙ සද්දෙ ඇහුණු ගමන්ම කොල්ලො ටික පුටු ටිකත් ඇදගෙන තම තමන්ගෙ ඩෙස් ගාවින් ඉදගත්තා.ආශවගෙ තනතුරට අනුව ටයි එක හා පින් එක රැස්වීම් වෙලාවට හා උත්සව අවස්තාවලට විතරක් අනිවාර්ය වෙද්දි ආශව තමන්ට අදාල ස්කූල් මොටෝ එකයි ඒකටම ඇල්ලුව තනි චේන් එකයි විතරක් නිල ඇදුමෙ පැලදගෙන හිටියා.දෙවින්ගෙ තනතුරටත් ඒ ටික එහෙම්මම අදාල වෙද්දි රකිතට චේන් තුනක් අදාල වුණා.සීනියර් බෝඩ් තේරුණු අනික් ඔෆිසර්ස්ලා හැමෝමත් ස්කූල් මොටෝ එක විතරක් පැලදගෙන ඉද්දි අනෙක් සාමාන්‍ය ස්කූල් ඔෆිසර්ස්ලා ටිකට ටයි එක දාලා පින් එක පැලදීම අනිවාර්ය වුණා.

කොහොමහරි ආශවගෙ සද්දෙත් එක්ක මුළු සෙක්ෂන් එකම නිහඩ වෙලා යද්දි ආශව හෙමීට අඩි තිය තිය ආශවටම ආවේණික වුණු ගාම්භීර ගමනින් නේත්‍රලාගෙ පන්තියට ඇතුල් වෙද්දි නේත්‍ර දඩි බිඩි ගාලා පොතක් පෙරලගෙන කියවන්න ගත්තා.නේත්‍රට කොහොමත් මේ වගේ ලමයි ගොඩක් ඉන්න වෙලාවල් වලදි ආශව දිහා බලන්න හරි ලැජ්ජයි.මොකද නේත්‍ර හොදටම දන්නවා තමන්ගෙ ඇස් ආශවගෙ ඇස් එක්ක ගැටුනට පස්සෙ ආශවට වටපිටාවම අමතක වෙලා යනවා කියන එක.

"නේත්‍ර,උබ පොත උඩු යටිකුරු කරවගෙන කියවන්නෙ"

දිවාෂගෙ මුණු මුණුව ඇහුනු නේත්‍ර ඉක්මනටම පොත වහල තියලා හෙමීට මේසෙ උඩින් ඔලුව තියාගත්තා.නේත්‍ර කෙරුව ඔක්කොම වැඩ ඇස් කොණින් බලන් හිටිය ආශව ලාවට හිනාවෙන ගමන් ගුරු මේසෙට හේත්තු වෙලා හිටගත්තා.මේසෙට ඔලුව තියං ඉන්න නේත්‍ර ලගින් ඉදගන්න කියලා හිත කොච්චර කිව්වත් මේ ඉන්නෙ ඉස්කෝලෙ කියලා මතක තියාගෙන හිටිය ආශව ඇස් දෙකේ තිබ්බ ආදරණීය බැල්ම යටපත් කරගෙන සුපුරුදු තියුණු ආඩම්බරකාර බැල්ම නගාගෙන පන්තියෙ ලමයි ටික දිහා බැලුවා.

"දැන් කෑ ගැහුවෙ මොකද? පොඩි ලමයිගෙ පන්ති වගේනේ!"

"දැන් කොහොමත් මේ සතියෙම මීට් පටන් ගත්තම ඉගැන්නිල්ලක් වෙන්නෙත් නැති එකේ මොකක් හරි පාඩමක් කරගන්න තිබ්බා නේද?"

"ඔහොම බජව් දදා ඉදලා ටර්ම් ටෙස්ට් කිට්ටු උනාම රෑ දවල් නැතුව නැහීගෙන පාඩම් කරන්න වෙන්නෙ"

"දැන් මොකද්ද තියෙන සබ්ජෙක්ට් එක? ක්ලාස් මොනිටර් කෝ? මොනිටර්ව තමා අල්ලගන්න ඕනි"

අසරණ ආශව කිසිම දෙයක් නොදැන පන්තියටම කෑගහද්දි දිවාෂයි ආර්යයි නම් කටවල් තද කරගෙන හිනාවෙන්න ගත්තා.ආශව නොදැන හිටිය දෙයක් විදියට තිබ්බෙ අද උදේ අලුත් වාරය සදහා පන්ති නායකයා විදියට නේත්‍රව තේරී පත් වෙලා තිබ්බ එක.කිසිම දෙයක් නොදැන හිටිය ආශව සද්දෙන් කතා කරද්දි පොත් බෝතල් පෑන් පැන්සල් ඔක්කොම පෙරලගෙන නේත්‍ර තමන්ගෙ පුටුවෙන් නැගිට්ටා.පන්ති වාර්තා පොත පෙරල පෙරල හිටිය ආශව නැගිට්ටෙ කවුද බලන්න ඇස් දෙක උස්සලා බලද්දි ආශව දිහා බෝල ඇසුත් ලොකු කරන් ඉන්න නේත්‍රව දැක්ක ගමන් හරි සංයමයෙන් කතා කරන්න ගත්තා.

"මොනාද මල්ලි දැන් තියෙන්න සබ්ජෙක්ට් එක?"

"බ්....බී එස් තියෙන්නෙ ස්.....අයියෙ"

"කවුද සබ්ජෙක්ට් ලීඩර්?"

"මම අයියෙ....ඇයි?"

"මට හිතුනා බජව් දදා ඉද්දි ලීඩර් කවුරු වෙන්න ඇද්ද කියලා.ක්ලාස් මොනිටර් මොනා කරන්නද මේවට? වැරැද්ද තියෙන්නෙ සබ්ජෙක්ට් ලීඩර්ගෙ අතේ! මල්ලි ඔයා ඉදගන්න......උබ නැගිටපං දිවාෂ!"

කාටවත් නොපෙනෙන්න ආශවට විරිත්තුව දිවාෂ පුටුවෙන් නැගිටිද්දි නේත්‍ර බිම බලාගෙනම ඉදගත්තා.දිවාෂට ඉස්සරහට එන්න කියලා ඔලුවෙන් සන් කෙරුව ආශව ග්‍රීන් බෝඩ් එක ලගට ගිහින් හිටගනිද්දි දිවාෂත් නැගිටලා ආශව ලගට ආවා.දිවාෂගෙ ඔලුවෙ ඉදලා පය පාමුල වෙනකංම ඇස් ගෙනිච්ච් ආශව දිවාෂගෙන් හෙමින් ප්‍රශ්න අහන්න ගත්තෙ කොහොමත් ප්‍රශ්නයක් පන්තියටම ඇහෙන්න කතා කරලා විසදගන්න එක හරි නැති නිසා.

"දැන් මොකෝ මේ නිකං ඉන්නෙ උබලා?"

"මැඩම් නෑනෙ ආසව ඉතින්"

"මැඩම් නැත්තං මොකක්ම හරි නෝට් එකක් දීලා තියෙන්න ඕනි.....උබ හිතුවද මම ඉස්කෝලෙ වැඩ කෙරෙන විදිය දන්නෑ කියලා"

"යැයි යැයි චමා....දුන්නා තමා නෝට් එකක්"

"හරි ශෝක් උබේ වැඩ! දැන් කෝ නෝට් එක"

"ඉන්නවකො"

දිවාෂ තමන්ගෙ සාක්කුවට අත දාලා එලියට ගත්තෙ තෙත බරියං වෙච්ච තුනට හතරට නැව්ව කොලයක්.ඒක අල්ලලා ආශවගෙ ඉස්සරහට දික් කෙරුව දිවාෂ කටත් ඇද කරන් තමන් දිහා බලන් හිටිය ආශව දිහා බලලා රැව්වා.

"මොකද්ද යකෝ මේ"

"නෝට් එක"

"මෙහෙම?"

"ඒක තමා ආසව මම නෝට් එකක් නොදී හිටියෙ.මැඩම් දුන්නු නෝට් එක මම අරන් එද්දි මඩවලකට වැටුනා.ඉතින් ඒක කියවන්න බෑනෙ ආයෙ.....මම ඉතින් නිකං ඉදියා"

"පලයං ගිහින් ඉදගනින්......උබලගෙ වැඩනම් ගන්න දෙයක් නෑ"

දිවාෂ කිසි ගාණක් නැතුව ගිහින් ඉදගත්තට පස්සෙ ආශව පන්තියෙන් එලියට යන්න හදද්දිම වගේ එතනට ආවෙ රකිත.ආශවව දැක්ක ගමන් මූණ ඇද කරගත්තු රකිත ආශව ලගට ඇවිදන් ආවා.ඒත් එක්කම නේත්‍ර ලග තිබ්බ ප්‍රශ්න පත්‍රයක් අරගත්තු දිවාෂත් ආශව ලගට එද්දි දිවාෂව නොදැක්ක රකිත ආශවට කතා කලා.

"උබව හැම තැනම හෙව්වෙ මම"

"ඒ මොකෝ?"

"මොකෝ තමා.....උබව අපේ වයසෙ උන්ගෙ මැත්ස් සෙක්ෂන් එක බලන්නනෙ දාලා හිටියෙ....දන්නවනෙ උන් ටික පොඩ්ඩක් අහන්නෙ උබයි මායි දෙවිනයයි කියන දේ විතරයි කියලා.එහෙම එකේ උඹ මොනාද මේ පොඩි උන්ගෙ සෙක්ෂන් එකට වෙලා කරන්නෙ?"

"මම මේක බලන්නම් රකිතයා"

"නෑ නෑ.....උබ පලයං මැත්ස් එකට.....මේක බලන්න මම වෙන ඔෆිසර් කෙනෙක්ව දාන්නම්"

"අනේ රකිත.....මොකද්ද ඕයි"

"මොකද්ද උබට......ආහ්හ්හ්හ්......පොඩි එකා මේකෙනෙ නේද?"

"ඉන්න දියංකො රකිත! උබ යමන් මැත්ස් එකට....මම මේකෙ ඉන්නම්"

"හා හා කරගෙන පලයංකො.....උබලගෙ වදේනම් අම්මපා!"

රකිතගෙයි ආශවගෙයි කතාව අහගෙන හිටිය දිවාෂ තනියම හිනාවෙන ගමන් පන්තියට රිංගගනිද්දි දිවාෂ මේ ගැන දැනගත්තා කියලා නොදැන හිටිය ආශව තමන්ගෙ රාජකාරි ප්‍රදේශය මේක වගේ පන්තියෙන් පන්තියට යන්න ගත්තත් වැඩි හරියක්ම නේත්‍රලාගෙ පන්තිය ලග කැරකෙන ගමන් හිටියා.දිවාෂ ගිහින් වෙලා තියෙන දේ රහ කර කර නේත්‍රටයි ආර්යටයි කියද්දි දෙන්නගෙම විහිලු දරාගන්න බැරි වුණු නේත්‍ර මේසෙට ඔලුව ගහගත්තෙ තමන්ගෙ රතු පාට වුණු මූණ හංගගන්න තිබ්බ වුවමනාවට.

"අම්මටහුඩු තෙවිනා!!!"

පාසල අවසන් වෙලා එලියට දුවගෙන ආව දිවාෂ කෑ ගැහුවෙ ඉස්කෝලෙ ප්‍රධාන ගේට්ටුව ලග හිටගෙන හිටිය තෙවින්ව දැක්ක නිසා.තෙවින්ගෙ අතේ තිබ්බ වාහනේ යතුරත් එක්ක තෙවින් ඇවිත් හිටියෙ වාහනේ කියලා හිතාගන්න අමාරු නොවුණු දිවාෂ නේත්‍රවත් එතනට ඇදන් දුවන් ගියේ අද බස් එකේ ගාටන්න නොවෙන එක ගැන සතුටින්.ටිකකින් ආශවයි දෙවිනුයි දෙන්නත් එතනට ආවට පස්සෙ කට්ටියටම තමන් එක්ක යමු කියලා තෙවින් කිව්වත් ආශව ඒකට එක හෙලාම විරුද්ධ වුණා.

"නෑ මම නේත්‍ර එක්ක බස් එකේ එන්නම්"

"ආශව,ඉතින් මල්ලි එක්ක යමු.....ඉක්මනට යන්නත් පුලුවන්නෙ"

"නෑ මට පොඩි ගමනකුත් යන්න තියෙනවා නේත්‍ර එක්ක....උබ යමන්කො.....තෙවින් දිවාෂ අපි යනවා එහෙනම්"

කිසි කෙනෙක්ට වචනයක්වත් කියන්න ඉඩ නොදුන්නු ආශව නේත්‍රවත් අල්ලගෙන පාර පැනලා ඇවිදගෙන යද්දි තෙවින් අනික් දෙන්නා එක්ක කාර් එක පාක් කරපු තැනට ඇවිදගෙන ගියා.නේත්‍ර එක්ක පාර දිගේ ඇවිදගෙන යන ගමන් හිටිය ආශව නේත්‍රගෙ ඇස් දෙක නැවතුනු තැනක් දැකලා තමන්ගෙ ගමන නවත්තලා නේත්‍ර දිහා බැලුවා.

"ඔහොම ඉන්න නේත්‍ර ටිකක්"

ආපහු පාරක් පාර පැන්න ආශව පාර අයිනෙ නවත්තලා තිබ්බ අයිස්ක්‍රීම් කරත්තෙන් අයිස් පලම් දෙකකුත් අරගෙන පාර පැනලා නේත්‍ර ලගට එද්දි නේත්‍රගෙ මූණ හරි ලස්සන හිනාවකින් හැඩ වෙලා තිබ්බා.නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව නේත්‍රගෙ අතට අයිස් පලමක් දෙන ගමන් නේත්‍රව පාර පැත්තෙන් අයින් කරගෙන ඇවිදගෙන යද්දි තමන්ගෙ නිදහස් අතේ ගෑවී නොගෑවී තියෙන ආශවගෙ අත දිහා බැලුව නේත්‍ර හොරෙන්ම හිනා වුණා.

..............................................................................................

"සුදුබේබි මේ බිස්කට් එකක් කන්නකො.....මම තේ එකක් හදාන එන්නම්"

ආශවගෙ කාමරේට ආව නේත්‍ර පාඩම් වැඩ කරන ගමන් හිටිය ආශව ලගින් වලව් මුළුතැන්ගෙයින් උස්සගෙන ආව බිස්කට් පැකට් එකක් තියන ගමන් කියද්දි ඉක්මනටම පොතෙන් ඇස් දෙක අහකට ගත්ත ආශව නේත්‍රගෙ හීනි අතකින් අල්ලලා නේත්‍රව තමන්ගෙ උකුල උඩින් ඉන්දවගත්තා.ආශවගෙ ශක්තිමත් අත් දෙක නේත්‍රගෙ හීනි ඉණ වටේ එතෙද්දි නේත්‍ර හෙමීට ආශවගෙ පපුවට හේත්තු වෙලා ආශවගෙ ශක්තිමත් අත් දෙක උඩින් තමන්ගෙ පුංචි අතක් තියලා හෙමීට අතගෑවා.

කවුළුවෙන් ඈත බලාගෙන හිටිය නේත්‍රගෙයි ආශවගෙයි දෙන්නගෙම ඇස් තිබ්බෙ දම් රෝස පාට වෙලා තිබ්බ ගොම්මන් ආකාහෙ දිහාට.උදේ ඉදන් වැඩ කරලා මහන්සි නිවාගන්න තම තමන්ගෙ වාසස්ථාන වලට පියාඹගෙන යන කුරුළු රංචු දිහා බලාගෙන හිටිය ආශව නේත්‍රගෙ පිරුණු කම්මුලකට හාද්දක් තියන ගමන් තමන්ගෙ හඩ අවධි කලා.

"දවසක මාත් ඔහොම එයි"

"ම්ම්ම්ම් සුදුබේබි?"

"වැඩ ඉවර කරලා හවස් වෙද්දි ගෙදර එයි"

"හීහ්......"

"හීහ් නෙවේ.....එදාට නේත්‍ර ගෙයි දොරකඩට වෙලා මම එනකං මග බලන් ඉදීවි"

"ඔව් සුදුබේබි......මම බලන් ඉන්නවා"

"තනියම නෙවේ"

"ආහ්හ්?"

"පුංචි පැටව් දෙන්නෙකුත් එක්ක"

"අනේ සුදුබේබි....."

"දැන් ලැජ්ජා වෙන්න දෙයක් කිව්වයෑ මම.....කෝලම් මෙයාගෙ"

"අනේහ්...."

"මම සෙට්ල් වුණු ගමන් මම නේත්‍රව මැරි කරනවා"

"ස්....සුදුබේබි...."

"මම තැනකට එන්නම් නේත්‍ර ඉක්මනින්.....මම මගෙ පාත් එක දැනටමත් හදාගන්න ගමන් ඉන්නෙ"

"මම ඒක දන්නවා සුදුබේබි"

"මම නේත්‍රව ඉක්මනටම මගෙ ලගටම ගන්නවා....මගෙම කරගෙන"

"සුදුබේබිට මම ආදරෙයි"

"මම ඊටත් වඩා ආදරෙයි මගෙ නේත්‍රට"

"හ්ම්ම්ම්.....සුදුබේබි ලග රස්නෙයි"

"අපි කසාද බැදලා පුංචි පැටව් දෙන්නෙක් හදමු....මම වගේ එකයි....නේත්‍ර වගේ එකයි"

"සුදුබේබි හොදටම නරක් වෙලා.....ඕන්නැති කතාමයි කියන්නෙ"

"මම මෙව්වා උබට නැතුව වෙන කාට කියන්නද මගෙ මැණිකෙ"

නේත්‍රව තව ඩිංගිත්තක් තමන්ගෙ පපුවට තද කරගෙන ආශව මුමුණද්දි නේත්‍රත් තමන් වෙනුවෙන් විතරක් උණුහුම් වෙන ඒ පිරිමි පපුවෙ රස්නෙ විදගන්න තව ටිකක් තුරුල් වුණා.ආශවගෙ දෙතොල් දෙතුන් පාරක්ම නේත්‍රගෙ හිස් මුදුණ සිපගනිද්දි නේත්‍ර ආශව ලගින් හමන පිරිමි සුවද හිතේ හැටියට විදගන්න ගමන් හිටියා.නේත්‍රගෙ බෙල්ල පාමුලට නහය ගෑවෙව්ව ආශව නේත්‍රටම උරුම ගැටපිච්ච මල් සුවද ඉව කරද්දි දැනෙන කිති ගතිය නවත්තගන්න බැරි වුණු නේත්‍ර එහෙට මෙහෙට හිනා වෙන ගමන් ඇඹරෙන්න ගත්තා.නේත්‍රගෙ හීනි ඉණ තව ටිකක් හයියෙන් අල්ලගත්තු ආශව නේත්‍රව තමන්ගෙ පැත්තට හෙමීට හරවගන්න ගමන් ඒ හීනි තොල් වලට බර වෙන්න හැදුවත් නේත්‍ර තමන්ගෙ පුංචි අතකින් ආශවගෙ තොල් දෙක වහලා දැම්මා.

"අම්මෝ......තේ හදන්න වෙන්නෙ නෑ සුදුබේබි ඕවා කලොත් එහෙම"

"ඒහ් මොකෝ?"

"කකුල් පණ නෑ වගේ දැනුත් මගෙ සුදුබේබි කිව්ව කතා අහලා.....කෝ මට යන්න දෙන්නකො සුදුබේබි.....තේ ටිකක් වක්කරගෙන මම ඉක්කන්ට එන්නම්"

"ටිකකට උනත් ඈත් කරන්න ලෝභයි නේත්‍ර"

ආශවගෙ පැත්තට බර වුණු නේත්‍ර හෙමීට ආශවගෙ නලලට හාදුවක් තියද්දි ආශව තමන්ගෙ අත් වල ග්‍රහණෙ ලිහිල් කෙරුවා.ආශවගෙ අත් අස්සෙන් දගලලා දගලලා ඈත් වුණු නේත්‍ර පහලට දුවන්න හැදුවත් ආශව ආපහු පාරක් නේත්‍රව අල්ලගත්තා.

"සුදුබේබි?"

"එදා අපි දෙන්නා ගත්තු ෆොටෝස් දෙක තුනක් දාන්න හදන්නෙ මම ඉන්ස්ට.....නේත්‍රගෙ අකවුන්ට් එකෙනුත් දාන්නම්"

"ප්‍රශ්නයක් වෙ......"

"නෑ නෑ.....කට්ටියම එක්ක ගත්තු ෆොටෝ එකකුයි දිවාෂ එක්ක ගත්තු ෆොටෝ එකකුයි එක්කම මම මගෙයි නේත්‍රගෙයි ෆොටෝ එක දාන්නම් නේත්‍රගෙ අකවුන්ට් එකෙන්.....මගෙ එකට මම අර ඩබල එක්ක ගත්තු ෆොටෝ එක්කම අපි දෙන්නගෙ එක දාන්නම්"

"සුදුබේබිට හොදයි කියලා හිතෙන දෙයක් කරන්න සුදුබේබි....."

"පාස්වර්ඩ් එක ෆෝන් එකේ?"

"සුදුබේබි දැම්ම ඒවම තමා.....මම වෙනස් කරලා නෑ සුදුබේබි....මම තේ හදාන එන්නම්"

නේත්‍ර පහලට දුවලා ගියාට පස්සෙ හිනාවෙවීම තමන්ගෙ ෆෝන් එකෙන් හොට්ස්පොට් ඔන් කෙරුව ආශව නේත්‍රගෙ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ඇතුල් වෙද්දිම එක දිගටම ඒකට කෙටි පණිවිඩ එන්න ගත්තෙ ආශවවත් ටිකක් අන්දමන්ද කරන ගමන්.ෆොටෝ දාන එක පැත්තකට දැම්ම ආශව ආව ඉන්ස්ටග්‍රෑම් වල මැසේජ් වලට ඇතුල් වෙද්දි ආශවගෙ ඇස් දෙකත් නලලට ගියේ මොකක් හරි ගිණුමකින් ඇවිත් තිබ්බ පණිඩිඩ එකසිය පහලව දැකලා.

"උපාධ්‍යා අතුකෝරල?"

...................................................................................................

වචන 2500+😪❤️

මේ කොටස සෙට් නෑ ඒක මම දන්නවා😭😂💔

ඒ නිසා ඊලග කොටස ඉක්මනටම ගේනවා මම👉👈

ඔයාල දන්නවනෙ මට ඔය සීන් එක තියෙනවා කියලා 😂❤️

හරි.........

පුලුවන්නම් අදහසක් කියන් යන්න🥺❤️ කැතට ලියවුණු එකකට උණත් එක කමෙන්ට් එකක් හරි වැටෙද්දි සතුටුයි🥺❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter