Back
Chapter 44

43 කොටස🤍✨

නිවාලන්න මා...

විවේක කාලෙ අවසන් වෙන සීනුව නාද වෙනවත් එක්කම මුළු පාසලම කඩි ගුලක් වගේ ඇවිස්සිලා තිබ්බෙ ඊලගට තියෙන රැස්වීම් වලට ලමයි එකේක තැන් වලට යමින් හිටි නිසා.නුදුරේදීම පවත්වන්න නියමිත ක්‍රීඩා උත්සවයට අදාලව නිවාස මට්ටමින් පවත්වන රැස්වීම් විවේක කාලයෙන් පස්සෙ පවත්වන්න නියමිත වෙලා තිබ්බෙ නිවාස වල නායකත්ව තනතුරු වල වගකීම් දරන්නන් තෝරා පත් කරගන්න අවශ්‍ය වෙලා තිබ්බ නිසා.

නේත්‍රගෙයි දිවාෂගෙයි නිවාසෙ වුණු ***** නිවාසයේ රැස්වීම පවත්වන්න නියමිත වෙලා තිබ්බෙ පාසලේ ක්‍රීඩා පිට්ටනියටම යාබදව තිබුණු ඓතිහාසික කොට්ටම්බා ගස් ගොල්ල ගාව.ඕක සෑහෙන පරණ කොට්ටම්බා ගස් ගොල්ලක් කියලා තියෙන කතාව නිසා කොල්ලො ටික එ ගස් ටික හරි පරිස්සමින් රැක බලාගත්ත්තා.නිවාස රැස්වීමට යන අතරමගදි හම්බුනු කොල්ලො රංචුවක් දිවාෂයි නේත්‍රයි පස්සෙ වැටෙද්දි එතන හිටිය එක කොල්ලෙක් දිවාෂගෙ පිටට තට්ටුවක් දාලා හිනා වුණා.

"ඔන්න බලපං....මේ පාර හවුස් කැපා වෙන්නෙ දිවාෂයා"

"මම හවුස් කැපා උනොත් ඇත්තටම **** හවුස් උන්ගෙ කනවල් පලනවා! මොකෝ උබ ඇස් ලොකු කරගෙන බලන්නෙ නේත්‍ර? සෙන්ට්‍රල් හවුස් එකට ගෑවුණු එකෙක්ට පවා ගහනවා.....උඹට ඇරෙන්න"

ඒ කොල්ලගෙ පිටට පාරක් ගහලා හිනා වුණු දිවාෂ නේත්‍රගෙ කර වටේ අතක් දාගෙන යද්දි තමන්ගෙ නිවාසෙ පරම්පරාගත වෛරක්කාරයා වුණු හවුස් එකේ රැස්වීමටත් ලමයි එකතු වෙන ගමන් හිටියා.ආශවයි දෙවිනුයි දෙන්නා ඒ බිම් කොටසෙ තියෙන උස් ගොඩැල්ලකට වෙලා ලමයි දිහා බලන් ඉද්දි දැන් ඉදන්ම වලි අදින්න ලෑස්ති වෙලා හිටිය දිවාෂ ආශවට මැද්දෙ ඇගිල්ල පෙන්නන ගමන් තමන්ගෙ නිවාස රැස්වීම තියෙන තැනට ඇවිදන් ගියා.ආශව,දෙවින් දෙන්නා දරන තනතුරු නිසා ඒ දෙන්නටම නායකයො විදියට නිවාසෙ වැඩ කටයුතු වලට වගේම ක්‍රීඩා වලටත් සහභාගී වෙන එක තහනම් වෙලා තිබුණා.රකිත ඇතුලු අනික් පිරිසටත් නායකත්ව තනතුරු තහනම් වෙලා තිබ්බත් ක්‍රීඩා කටයුතු තහනම් නොවුණේ ඒ කිසි කෙනෙක් ක්‍රීඩා අංශෙන් ඉහල තනතුරු නොදැරැව්ව නිසා.

"කට්ටියම පෝලිම් ගැහෙන්න.....කෑ ගහන එක නවත්තලා"

නේත්‍රලාගෙ නිවාසයට අදාල ස්කූල් ඔෆිසර් කෙනෙක් කෑගහද්දි කොල්ලො ටික දඩි බිඩි ගාලා පෝලිම් ගැහුණෙ රැස්වීම ඉක්මනටම පටන් ගැන්නවීමේ උවමනාවෙන්.නිවාසෙට අනුයුක්ත ගුරු මණ්ඩලයත් එතනට ආවට පස්සෙ ඒ අදාල ස්කූල් ඔෆිසර් තමන්ගෙ හඩ අවධි කලා.

"හැමෝටම සුභ දහවලක්! ඔයාලා දන්නවා මීට් එක මේ සතියෙ අග ඉදන් පටන් ගන්නවා කියලා....පලවෙනි ඉවෙන්ට්ස් ටික මේ බ්‍රහස්පතින්දා සිකුරාදා වගේ වෙද්දි පටන් ගනියි.ඉතින් අපි ලෑස්ති වෙන්න ඕනි ඒකට.ඉතින් පලවෙනිම දේ තමා කැප්ටන්ස්ලව තෝරගන්න එක......ඔයාලට විනාඩි දහයක වගේ අවස්ථාවක් දෙනවා ඩිස්කස් කරගන්න......ඒ වගේමයි ටීචස්ලගෙ දැනුමට අනුව එයාලත් කට්ටියක්ව තෝරගෙන තියෙනවා.මේ පාර ඒලෙවල්ස් කරන අයව නායකත්ව වලින් නිදහස් කරලා තියෙනවා....ඊලග පාර ඒලෙවල්ස් කරන්න ඉන්න අයව තමා නායකකම් වලට දාන්නෙ.....ඒක ඉස්සර ඉදන්ම අපි කරන දෙයක් නිසා ඔයාලා දන්නවා කියලා මම හිතනවා.

අපි දෙපැත්තෙන්ම එන අදහස් වලට අනුව තීරණයක් ගමු....නායකත්වයක් දරන්න පුළුවන්,හවුස් එක ගොඩ ගන්න පුළුවන් කියලා ශුවර් එකක් තියන්න පුළුවන් කට්ටියව ඔයාලා තෝරනවනම් අපි කැමතියි....හිතවත්කම් වලට කට්ටිය තෝරලා ගිය පාර හවුස් එක ගත්තෙ ෆෝත් ප්ලේස් එක....අවුරුදු ගාණක් තිස්සෙ පලවෙනි දෙවනි තැන් වල ඉදලා ගියපාර ඒ උනු දේ අපිට සෑහෙන්න බලපෑවා....ඉතින් මේ පාර හරියට තීරණයක් ගන්න"

ස්කූල් ඔෆිසර් නිහඩ වෙනවත් එක්කම ලමයි ටික සාකච්ඡාව පටන් ගත්තා.විශේෂයෙන්ම උසස්පෙල අංශවල ශිෂ්‍යයො.මොකද නායකත්වය දරන්නෙ තමන් අතරින්ම කෙනෙක් කියලා ඒ හැමෝම දැනගෙන හිටියා.කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටිය දිවාෂයි නේත්‍රයි හිටියෙ වතුර වගයක් ගිය දිවාෂගෙ අත් ඔරලෝසුව හදන්න උත්සාහ දරන ගමන්.ටිකක් හරි ඔය හරියෙ සිහියෙන් හිටිය මනුස්සයෙක් උනු ආර්යට අනික් ලමයි කතා වෙන ඒවා ඇහෙද්දි ආර්ය වචනයක්වත් නොකිය්ස හිටියෙ තව ටිකකින් දිවාෂයි නේත්‍රයි අන්දමන්ද වෙන හැටි බලන්න තිබ්බ ආසාවට.

"දිවාෂයා තමා මම නම් කියන්නෙ....ඌට පුළුවන් වෙයි හවුස් එක ගොඩ දාන්න"

"ඌව කැපාට දානවනම් නේත්‍රයා වයිස් කැපා කරන්න වෙනවා....දිවාෂ එක්ක වැඩ කරන්න පුළුවන් හොදම එකා නේත්‍ර"

"ඔව් දිවාෂයා හොද ලීඩර්ශිප් කොලිටි තියෙන එකෙක් උනත් වෙලාවකට පිස්සු කෙලිනවනෙ....ඌව ආම්බාන් කරන්න පුළුවන් නේත්‍රට තමා....."

"එහෙනම් උන් දෙන්නව දාමු නේහ්?"

"අනික් සෙක්ෂන් වල උන්ගෙන් අවුලක් නැති වෙයිද?"

"දිවාෂයව යෝජනා කරපු මමත් මැත්ස් එකේ එකෙක් යකෝ"

"කෝමත් උන් දෙන්නා තමා සෙට්.....ගේම්ස් කැපා එතකොට හවුස් එකේ?"

"මැත්ස් එකේ නිමේතයා......ඌ සෙට් නේහ්? මිනිහා ක්‍රිකට් වලට අමතරව ඇත්ලැටික්සුත් කරනවා"

"එහෙනම් ගොඩ.....මහීල්ව දාන්න පුළුවන් ඕන්නම් වයිස් ගේම්ස් කැප්ටන්ට"

"ඌට ලමයි එක්ක වැඩ කරන්න තේරෙන එකෙක් නෙවේ බං.....බලපං ඌ මීටින් එකටවත් ඇවිල්ලා නෑනෙ?"

"ඌ සෙට් නෑ කොහොමත්! ආට් එකේ කාර්තික්ව දාමු.....කෝ ඌ....ආ මේ ඉන්නෙ....උබ යමන්....උබ කොහොමත් ඇත්ලැටික්ස් කරන එකානෙ"

"ශරි.....මට නම් නෝ ප්‍රොබ්ලම්"

කතා බහ කරගෙන ඉවර උනු ලමයි ටික ආයෙමත් පිලිවෙලට පෝලිම් ගැහෙද්දි දිවාෂ නේත්‍රගෙ උදව්වෙන් අත් ඔරලෝසුවෙ පිරිපස්සෙ පියන ගලෝගෙන තිබ්බා.අතේ තිබ්බ ලේන්සුව අරගෙන ඒක ඇතුල පිහදැම්ම දිවාෂ තියෙන පණ්ඩිතකමට හැට්ට කට්ටකින් ඇතුලෙ තියෙන කෑලි වලට අනින්න ගත්තෙ හෙමීට කුණුහරප දෙක තුනකුත් මුමුණන ගමන්.ගම්මානෙ මිනිස්සු ඵල නැති ගස් වල ඵල හටගන්න කෙමක් විදියට මන්නයක් අරගෙන ඒ ගහේ කදට කුණුහරප කිය කිය කොටන එක දැකලා තිබ්බ දිවාෂත් හැට්ට කට්ටෙන් කුනුහරප කිය කිය ඔරලෝසුවට ඇන්නෙ ඒ කෙම මේකටත් බලපාලා ඔරලෝසුව වැඩ කරයි කියන උපකල්පනය මත.දිවාෂ ලොකු බුද්ධිමතෙක් කියලා තමන්ටම කියාගන්නෙ නිකං නෙවෙයි!

"හරි මම හිතනවා ඔයාලා හැමෝම යෝජනා කරන්න කෙනෙක්ව තෝරගෙන ඇති කියලා.....පලවෙනියටම නිවාස නායකත්වයට තෝරගෙන ඉන්න කෙනා......"

"දිවාෂ!!!"

"මොන හුත්!"

තමන් එන අතරමගදි කොල්ලෙක් කිව්ව කතාව මේ වෙනකංම විහිලුවකට අරන් හිටිය දිවාෂගෙ ඇස් දෙක නලලට ගියේ ඇත්තටම මේ අස්සෙ තමන්ගෙ නම යෝජනා වුණු නිසා.ඒත් ඉතින් මෙලෝ දේකට බය නැතුව ඉදිරිපත් වෙන දිවාෂ හැට්ට කට්ට‍යි ඔරලෝසුවෙ කෑලියි කලිසම් සාක්කුවට දාගෙන ඉස්සරහට ඇවිදන් යද්දි නේත්‍ර දිවාෂ දිහා බලන් හිටියෙ සතුටින් දිලිසෙන ඇස් දෙකකින්.

"හොදයි....එහෙනම් මේ වසරේ අපේ නිවාසයේ නායකයා විදියට දිවාෂ යුගාන් සහෝදරයා තේරී පත්වෙනවා.

ඊලගට නිවාස උප නායකයා"

"නේත්‍ර!!!"

උස් බිම් කොටසෙ හිටිය ගුරුවරුනුත් එකිනෙකා දිහා බලලා හිනාවුණේ තමන්ගෙ තීරණ දෙකම ඒ විදියටම සිසුන්ගෙ තීරණ වෙලා තියෙන බව පෙනුනු නිසා.ආර්ය නේත්‍රව අල්ලලා ඉස්සරහට තල්ලු කරද්දි නේත්‍ර තමන්ගෙ සන්සුන් ගමනින්ම දිවාෂ ලගට ගිහින් හිටගත්තා.ආර්ය දෙන්නම දිහා බලල තමන්ගෙ අතේ මාපටැගිල්ල උස්සලා පෙන්නද්දි දිවාෂයි නේත්‍රයි දෙන්නා ආර්ය එක්ක හිනා වුණා.නේත්‍ර නිවාසෙ ඉස්සරහ වැඩ ගැන හිතද්දි දිවාෂනම් හිටියෙ තරහකාර හවුස් එකේ අයගෙ දත් ටික කඩන හැටි ගැන හීන මව මව.

යෝජනා වුණු විදියටම ක්‍රීඩා නායක,උපනායක විදියට නිමේත්ව හා කාර්තික්ව පත් වෙද්දි ආර්යවත් නොහිතුව විදියට ගුරු මණ්ඩලේ යෝජනාවකින් වගේම සිසුන්ගෙ කැමැත්තෙන් ආර්ය නිවාසයේ භාණ්ඩාගාරික විදියට තේරී පත් වුණා.ඔය විදියට ලෙමුවෙල් නිවාසයේ නායක කණ්ඩායම තේරී පත් වෙද්දි අනෙක් නිවාස වලිනුත්‍ ඒ හා සමානවම නායක කණ්ඩායම් තෝරා පත් කරගෙන අවසන් වුණා.ගුරු මණ්ඩලය වගේම නිවාසයට අදාල ස්කූල් ඔෆිසස්ලා නේත්‍ර දිවාෂ ඇතුලු නායකයන් පිරිස තව ටික වෙලාවකට රදවා තියාගත්තෙ නිවාසයෙ ඉදිරි වැඩ ගැන පුංචි සාකච්ඡාවකට.

සාකච්ඡාව ඉවර වෙලා කට්ටියම පන්ති පැත්තට ඇවිදගෙන ගියේ පාසල අවසන් වෙන්න තිබ්බෙ තව පුංචි වෙලාවක් නිසා.ඒත් එක්කම නේත්‍ර දැක්කෙ දාඩියත් පෙරාගෙන තමන් ඉන්න දිහාවට ඇවිදගෙන එන ආශවවයි ඒ එක්කම එන දෙවින්වයි.නේත්‍රව දැක්ක ගමන් තමන්ගෙ ගමන අඩාල කෙරුව ආශව නේත්‍ර එක්ක හිනා වෙද්දි නේත්‍ර හිනා වෙන ගමන් ඉක්මනටම ආශව ලගට දුවගෙන ගියා.වටපිට බැලුව දිවාෂ ඒ ලග තිබ්බ වැටමාර ගහක කදේ කෑල්ලක් අතට අරගෙන දෙවින් ලගට යද්දි දිවාෂ එන්නෙ මොකාටද කියලා තේරුනු දෙවින් පණ කඩාගෙන අනික් පැත්තට දුවන්න ගත්තා.

"සුදුබේබි ආ...."

නේත්‍ර තමන්ගෙ සාක්කුවෙ පිලිවෙලකට නවලා දාගෙන තිබ්බ ලා නිල් පාට ලේන්සුව අරගෙන ආශවට දෙද්දි ආශව ලේන්සුව අරගෙන මූණ පිහින ගමන් නේත්‍රවත් එක්කගෙන ඒ ලගම තිබ්බ නා ගස් හෙවණට ගියා.ඉස්කෝලෙ ඒ හරිය දිගටම නා ගස් හිටවලා තිබ්බ නිසා ලමයිට හොද හෙවණක් ලබා ගන්න පුළුවන්කම තිබුනා.නිමේත්වයි කාර්තික්වයි යැව්ව ආර්ය නා ගස් පෝලිමේ කොණටම වෙන්න හිටගෙන හිටියෙ නේත්‍ර ආශව එක්ක කතා කරලා එනකං.අනික මොන වෙලේක හරි දෙවින්ගෙ පස්සෙන් වැටමාර පොලු කෑල්ලකුත් අරගෙන පැන්නුව දිවාෂත් මෙතනට එන බව ආර්ය අත්දැකීමෙන්ම දැනගෙන හිටියා.

"දාඩිය දැම්මෙ මොකෝ සුදුබේබි?"

"මම ක්‍රිකට් ක්ලබ් එකේ ඉදන් මේ දුවගෙන ආවෙ....අද හවස ප්‍රැක්ටිස් දාලා"

"සුදුබේබි බඩු ටික අරන් ආවෙ නෑ නේද?"

"පුංචි අම්මට කෝල් කලා මම....මැනුවෙල්ව වාහනේක එවන්නම් කිව්වා බඩු ටික එක්ක.....නේත්‍ර ය...."

"මම ඉන්නවා සුදුබේබි.....සුදුබේබි නැතුව යන්න බෑ මට"

"ඒත් නේත්‍ර ඊයෙත් රෑ නිදිමැරුවා මම නිසා....අදත් මෙතන හිටියොත් තව මහන්සි වැඩි වෙයි"

"ම්හ්....ම්හ්....අනේ සුදුබේබි.....මම ඉන්නම්කො"

ආශවට වඩා සෑහෙන්න කොට නේත්‍ර තමන්ගෙ පුංචි ඔලු ගෙඩිය බිමට හරෝගෙන තමන්ගෙ බෝල ඇස් දෙක විතරක් ටිකක් ලොකු කරලා උඩට උස්සලා ආශව දිහා බැලුවා.ඒ එක්කම සපත්තුවෙ ඉස්සරහින් බිම පහුරු ගාන්න ගත්තු නේත්‍ර ආශව දිහා අර විදියටම බලාගෙන තොල් දෙකත් නොපිටට පෙරලගත්‍තා.

"ආර්හ්හ්හ්......හරි හරි.....කපටියා.....ඉන්නකො එහෙනම් මම එක්ක"

නේත්‍රගෙ මූණට රැවටුණු ආශව නේත්‍රගෙ ඔලුව අතගාලා කියද්දි තමන්ගෙ ඉස්සරහ හා දත්දෙක එලියට දැම්ම නේත්‍ර සන්තෝසෙන් හිනා වුණා.තමන්ගෙ දාඩිය පිහදැම්ම ලේන්සුවෙන් නේත්‍රගෙ කම්මුලකට තට්ටුවක් දැම්ම ආශව කොණ්ඩෙත් එක අතකින් හදන ගමන් හෙමින් සැරේ නේත්‍රගෙ ලේන්සුව ඉව කලා.

"නේත්‍රගෙ හැම දෙයක්ම ගැටපිච්ච සුවදයි....මේකත් එහෙ... හුක්!!!"

තමන්ගෙ දාඩියවලටත් නොමැකුණු නේත්‍රගෙ ලේන්සුවෙන් ආව ගැටපිච්ච මල් සුවද විදින ගමන් නේත්‍රගෙ ඇස් වලට එබිලා කතා කල ආශව එකපාරටම තමන්ගෙ පස්ස පැත්ත අල්ලගෙන කෑ ගහගෙනම අනික් පැත්ත හැරෙද්දි වැටමාර පොල්ලෙක් ආශවගෙ පස්සට ඇන්න දිවාෂ ආශවට විරිත්තලා ආර්ය ඉන්න හරියට දුවගෙන ගියා.

"මුගෙ ආච්චිට අම්මපල්ල.......කලොත් කරන්නෙ ඔය වගේ අමන වැඩක්මනෙ"

"දිවාෂනෙ සුදුබේබි......ඔය වගේ තමානෙ ඉතින්"

ආශවගෙ අතේ තිබ්බ්ව් තමන්ගෙ ලේන්සුව අරගෙන ඒක පිලිවලකට නවාගෙන සාක්කුවට දාගත්තු නේත්‍ර ආශවගෙන් සමු අරගෙන දිවාෂයි ආර්යයි ගාවට දුවලා ගියේ පාසල අවසන් වීමේ සීනුව නාද වීම නිසා.නේත්‍ර දුවගෙන ගිය හැටි බලාගෙන හිටපු ආශව මූණෙ තිබ්බ ලා හිනාවත් එක්කම තමන්ට අදාල රාජකාරි ප්‍රදේශයට ගියේ පාසල අවසන් වුණු ගමන්ම තමන්ගෙ ක්‍රීඩා උපකරණ ටික ගන්න ප්‍රධාන ගේට්ටුවට යන්න ඕනි කියලා හිතන ගමන්මයි.

ගාථා කියලා අවසන් කෙරුව පාසල් ශිෂ්‍යයො ටික පිලිවෙලකට පෝලිම් ගැහිලා ඉස්කෝලෙන් එලොයට එද්දි ගේට් එක ලගට වෙලා හිටිය මැනුවෙල්ගෙන් තමන්ගෙ උපකරණ බෑගය ඉල්ලගත්තු ආශව මැනුවෙල්ව පිටකරලා බලාගෙන හිටියෙ නේත්‍ර එනකං.ටික වෙලාවක් යද්දි වතුර බෝතලෙත් පුරවගෙන තමන් ලගට දුවගෙන ආව නේත්‍රවත් ලං කරගත්තු ආශව පිට්ටනිය පැත්තට ඇවිදගෙන ගියේ නේත්‍රට කෑම එකක් ගේන්න ගිය දෙවින් ඈත ඉදන් එනවා දැකලා.හයියෙන් දුවගෙන ආව දෙවින් පැවීලියන් එකේ ඉදගෙන හිටිය නේත්‍රට බත් එක දීලා එතනම හිටගෙන හිටිය ආශව එක්කම පහලට බැස්සෙ පුහුණුවීම් වලට සූදානම් වෙන්න.

මේ අතරතුරේදි කලින් දවසෙ වගේම තෙවින් තමන්ව ගන්න පාසල ලගට එනවා කියලා කිව්ව නිසා පාසලෙන් ටිකක් එහාට වෙන්න තිබ්බ වාහන නවත්වන ස්ථානෙ ලගම තිබ්බ මාර ගස් හෙවනට වෙලා දිවාෂ තෙවින් එනකං බලාගෙන හිටි‍යෙ වැටමාර පොලු කෑල්ලක් අතේ තියාගෙනමයි.පාක් එකේ තිබ්බ අන්තිම වාහනෙත් ගියාට පස්සෙ තද වුණු දිවාෂ තෙවින්ව හම්බුනාම හොම්බ කට පොඩි කරනවා කියලා තමන්ටම සපථ කරගන්න ගමන් වැටමාර පොලු කෑල්ලත් වන වනම බස් නැවතුම තියෙන දිහාවට ඇවිදගෙන යන්න හැදුවත් ඉස්සරහින් එන කට්ටියව දැක්ක දිවාෂගෙ ගමන එහෙම්මම නතර වුණා.

"ස්....සෙනදිගෙ අයියා!!!"

"ඉතින් මල්ලි කොහොමද?"

සෙනදිගෙ අයියා එහෙමත් නැත්තං මෙතින් කියන්නෙ තමන්ගෙ විද්‍යාලය එක්ක කරට කර හැමදේකින්ම හැප්පෙන ලගම බාලක පාසලක ශිෂ්‍යයෙක්.කොච්චර උනත් මෙතින්ට ආශවලා දෙවින්ලා එක්කත් සෑහෙන්න තරහක් තියෙනවා කියලත් දිවාෂ දැනගෙන හිටියා.ඔය හේතුව නිසාම මෙතින් ආශවලට ගෑවෙන කෙනෙක්ට හරි මොකක් හරි අංචියක් අදින්න බලාන ඉද්දි දිවාෂගෙ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් එදා සෙනදිට තෙවින් යවල තිබ්බ මැසේජ් එක ඒකට හොද හේතුවක් වුණා.යාලුවො හය හත් දෙනෙක් එක්ක ඇවිත් හිටිය මෙතින් එක්කනම් තමන්ට කොහොමත් හැප්පෙන්න බැරි බව දිවාෂ දැනගෙන හිටියා.

"හ්....හොදයි අයියෙ...."

"කොහෙද මේ දුවන්න හදන්නෙ? ම්ම්ම්....ටිකක් කතා කරලම යමු මල්ලි"

"මාව අල්ලන්න එපා!!!"

"ච්.....ච්......අපි මේ ටිකක් මල්ලිගෙ පුක සුදුද කියලා බලන්න ආවෙ.....කෝ ඉතින් පෙන්නන්නකො"

මෙතින්ට බය වුණු දිවාෂ අඩියෙන් අඩිය පිටිපස්සට ගිහින් එහෙම්මම ඒ අහල පහල තිබ්බ තාප්පෙකට හිර වෙද්දි මෙතින්ගෙ යාලුවො දෙන්නෙක් දිවාෂව හිර කරලා අල්ලගත්තා.කොච්චර කට කයිවාරු තිබ්බත් දිවාෂ කියන්නෙ ඉස්කෝලෙ ලමයෙක් එක්කවත් ඇත්තටම රණ්ඩුවක් ඇති කරගත්තු කෙනෙක් නෙවේ.කට හප්පල්ල වගේ තිබ්බත් දිවාෂ හැමවෙලාවෙම රණ්ඩුවක් ඇති නොවෙන විදියට වැඩ කරපු කෙනෙක් උනා.මොකද දිවාෂ රණ්ඩු කියන දේට ගොඩක් ලැජ්ජා වුණු කෙනෙක්.නිකං ගහ මරා ගන්න වැඩ වලට ඇත්තටම දිවාෂගෙ රුචිකත්වයක් තිබ්බෙ නෑ.

තාප්පෙට දිවාෂව තද කරගත්තු මෙතින්ගෙ යාලුවො දෙන්නා දිවාෂට හෙල්ලෙන්නවත් ඉඩක් නොදෙද්දි දිවාෂ ලහටම ආව මෙතින්ගෙ අත නැවතුනේ දිවාෂගෙ කලිසමේ දාරෙ ලග.ඒත් එක්කම තව කොල්ලෙක් දුරකතනයක කැමරාවක් තමන්ගෙ දිහාට එල්ල කරන හැටි දැක්ක දිවාෂගෙ ඇස් වල කදුළු පිරුණා.තව ටිකකින් වෙන්න යන දේ ගැන සැකයක් නොතිබ්බ දිවාෂගෙ පපුවත් එක්ක හිර වෙන්න ගත්තෙ ලැජ්ජාවටයි බයටයි.මෙතින් තමන්ගෙ කලිසමේ ෂිපර් එක පාත් කරනවා දැනුනු දිවාෂ තමන්ගෙ කකුලක් උස්සලා මෙතින්ට පාරක් ගැහුවත් ඒත් එක්කම අත ඉස්සුව මෙතින් දිවාෂගෙ කට දෙපැත්ත තද කරලා අල්ලගත්තා.

"සුදුද කියලා බලන්න විතරයි ඕනි පැටියො.....ඊටපස්සෙ මොකක් හරි හිතුනොත් ලග පාතකට උබව ඇදගෙන යන්නනෙ තියෙන්නෙ.....හිතුවට වඩා උබ ලස්සනයි"

"එයාගෙ සුදු කළු බලන්න උබට තියෙන අයිතිය මොකද්ද යකෝ!!!"

එකපාරටම පිටිපස්සෙන් ඇහුනු කටහඩ නිසා කට්ටියම පිටිපස්ස හැරිලා බලද්දි දිවාෂගෙ මූණෙ සැනසිලිදායක හිනාවක් ඇදුනෙ ඒ රූපෙන් තමන්ට හුගක්ම හුරු පුරුදු එකක් වුණු නිසා.කෙලින්ම කට්ටියගෙ මැද්දෙන් දිවාෂ ලගට ආව තෙවින් දිවාෂගෙ කලිසම ලග තිබ්බ මෙතින්ගෙ අත අහකට කලේ හයියෙන් ඒ අත මිරිකන ගමන්.තෙවින්ගෙ මූණෙ තිබ්බ රෞද්‍ර පාට දැක්ක නිසාමද මංදා දිවාෂව අල්ලගෙන හිටිය අනික් කොල්ලො දෙන්නත් හෙමීට තමන්ගෙ අත් දිවාෂගෙන් අහකට ගනිද්දි මෙතින්ගෙ අත අහකට කෙරුව තෙවින් දිවාෂව තමන් ලගට ඇදලා ගත්තා.

"යුගාන්.....වාහනේට යන්න"

"ඌ කොහෙ යන්නද? මට ඌ එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනවා"

"යුගාන්! උබට එකපාරක් කිව්වම තේරෙන්නෙ නැද්ද? ගිහින් නැගපං වාහනේට!!!"

කවදාවත් නැතුව තෙවින් දිවාෂට සැර වෙද්දි තෙවින්ගෙ ඇස් වල තිබ්බ බැල්ම දරාගන්න බැරි වුණු දිවාෂ දුවගෙන ගිහින් ටිකක් එහාට වෙන්න නවත්තලා තිබ්බ කාර් එකට නගිද්දි තෙවින් තමන්ගෙ අත් ඔරලෝසුව ගලවලා සාක්කුවට දාගන්න ගමන් ගියේ මෙතින් ලගට.වාහනේ ඇතුලට වෙලා හිටිය දිවාෂ බයෙ ගැහෙන ගමන් තෙවින් දිහා බලාගෙන හිටියෙ හදිස්සියක් උනොත් ගුටි කන්න හරි කමක් නෑ එතනට දුවනවා කියන හැගීමත් එක්ක.

"ඒකාට අත තියලා ප්‍රශ්න දාගන්න ඕනි නෑ නේහ් නිකං"

"උබ අහකට වෙයං දෙවින්! මට...."

"වරද්දගෙනනෙ ඔයා.....මම දෙවින් නෙවෙයි.....මම දෙවින්ගෙ මල්ලි තෙවින්"

"අහා.....එහෙමද? ඒක තමා මාත් බැලුවෙ....හැමදාම ප්‍රශ්න කතා කරලා විසදගන්න එන මනුස්සයා අද මොකද කියලා මේ වලියට එන්නෙ"

"අයියයි මායි රූපෙන් එක වගේ උනාට ගතිගුණ වලින් එක වගේ කියලා හිතන්න එපා.....අයියා කතා කරලා ගහන කෙනෙක් උනාට මම ගහලා කතා කරන කෙනෙක්"

"උබ දැන් එහෙම එකෙන්ද එන්නෙ ආ? යකෝ අරූ මගෙ නංගිට....."

"සෙනදි කියන්නෙ උබේ නංගිද?"

"ඔව්.....උබ දන්නෙ කොහොමද?"

"අපේ එකාව හදන්න කලින් උබේ නංගිව හදන් ඉදපං මචං! ඒකි මුගෙ පස්සෙන් වද දිදී එන එක නවත්තන්න ඕනි නිසා මමයි එදා අරවගේ මැසේජ් එකක් ඒකිට යැව්වෙ....."

"උබට මම!!!!"

මෙතින් තෙවින්ට ගහන්න ඉස්සුව අත අල්ලගත්තු තෙවින් ඒ අත අනික් පැත්තට අඹරලා දැම්මෙ මෙතින් ඒ අතින් දිවාෂව අල්ලපු හැටි ගැන මතක් කරන ගමන්.මොන හේතුවකට හරි තෙවින්ට ඕනි වුණා මෙතින්ට ඒ වෙනුවෙන් රිද්දවන්න.මෙතින්ගෙ අත අඹරලා පැත්තකට තල්ලු කෙරුව තෙවින් අනික් උන් දිහා බලද්දි ඒ හැමෝම තෙවින්ගෙ හැසිරීම එක්ක පහු බැහැලා හිටියා.

"හොදට මතක තියාගනින්.....මගෙ ජීවිතේ වැඩි හරියක් ගෙවුණෙ අර ගෙන්දගම් පොලවෙ....කොළඹ හිටිය උන් එක්ක හැප්පි හැප්පි ජීවත් උනු මට උබලා කියන්නෙ කූඹි වගේ උන්.....මේකත් හොදෝට අහගනින්"

මෙතින්ගෙ ශර්ට් එකේ කොලර් එක හැදුව තෙවින් මෙතින්ගෙ කනට තමන්ගෙ කට ලං කරලා මුමුණන්න ගත්තා.

"කොලඹ ඉන්න කාලෙ උනත් මම එච්චර හොද මිනිහෙක් උනේ නෑ මචං.....මෙහෙ ඇවිල්ලත් මම පාඩුවෙ මනුස්සයෙක් විදියට හැදෙන්න ගත්තෙ අර ඇතුලෙ ඉන්න එකාගෙයි මගෙ අනික් සහෝදරයන්ගෙයි හිත් රිද්දන්න බැරිකමට....හැබැයි එහෙම කියලා මගෙ ඇතුලෙ ඉන්න සතා මැරිලා නෑ....ඌව අර ඇතුලෙ ඉදන් ඉන්න පොඩි එකා නිදි කරවලයි තියෙන්නෙ......

අන්න ඒ නිසා මගෙ උන්ට කරදර කරලා නිකං ඒ ඇතුලෙ ඉන්න සතාව ඇහැරවන්නෙ නැතුව ඉදින්.මොකද වෙන කෙනෙක් වෙනුවෙන් ඒ සතා ඇහැරුනොත් පාලනේ කරන්න ටිකක් අමාරු වෙයි.මම ඇත්තටම හොද මිනිහෙක් නෙවේ මචං....ඇත්තටම අයියා වගේ මම හොද නෑ....ඒකයි මම මේ අනතුරු අගවන්නෙ...

මේක පලවෙනි වගේම අවසාන වතාව....කලින් හිටිය මගෙ පලවෙනි දෙවනි කියලා වතාවල් නොතිබ්බත් දැන් ඉන්න මම ඕනිම කෙනෙක්ට එකම එක අවස්ථාවක් දෙනවා...... ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනින්.....මම ආයෙ කියන්නෑ.....එහෙනම් මචං ගුඩ් බායි...ආයෙ අපි හම්බෙන එකක් නෑ කියලා මම විශ්වාස කරනවා"

මෙතින්ගෙ පිටට තට්ටු කෙරුව තෙවින් එතන හිටිය අනික් කොල්ලන්ටත් යන්නම් කියාගෙන එතනින් පිටත් වෙලා ඇවිත් කාර් එකට නගිනකංවත් කිසි කෙනෙක් ඔලුවක් උස්සලා තෙවින් දිහා බැලුවෙ නෑ.කාර් එකට නැග්ග තෙවින් එහෙම්මම මෝටර් රථය පණ ගන්නගෙන ඉදිරියට ඇදෙද්දි පවා දිවාෂ හිටියෙ බිම බලාගෙනමයි.ටික දුරක් යද්දිත් දිවාෂගෙ සද්දයක් නැති තැන තෙවින් දිවාෂ දිහා බලනවත් එක්කම දිවාෂගෙන් තෙවින්ගෙ ඔලුවට හම්බුනේ සැර පාරක්.

"මොකද යකෝ?"

"තෝ නිසා තව ඩිංගකින් මම මැරෙනවා....අවලමා තෝ!!!"

"වාහනේ අයිනකින් නවත්තකං හ්......හිටපියකො යුගාන්....නැවැ....හුත්......නැවැත්තුවට පස්සෙ ගහපං.....නැත්තං උබයි මායි දෙන්නම.....නවත්තපියකො.....මැරිලා තමා නැවතෙන්නෙ වාහනේකට හැප්පිලා"

බොහොම අමාරුවෙන් වාහනේ පාරෙ නිදහස් තැනකින් තෙවින් නවත්තනවත් එක්කම තෙවින්ගෙ අතට හයියෙන් ගහගෙන ගහගෙන ගිය දිවාෂ එකපාරටම අඩාගෙන තෙවින්ගෙ අතට හේත්තු වුණා.එකපාරටම උනු දේ එක්ක තෙවින් වික්ෂිප්ත උනත් ඒත් එක්කම හරි සිහියට ආව තෙවින් දිවාෂගෙ උරහිස වටේ තමන්ගෙ අත යවන ගමන් දිවාෂව තමන්ගෙ පපුවට තුරුල් කරගත්තා.තෙවින්ගෙ පපුව අස්සට වෙලා සෑහෙන වෙලාවක් ඉකි ගැහුව දිවාෂ ටිකකින් තෙවින්ගෙන් ඈත් වෙද්දි තෙවින්ගෙ හිතට මහ මොකද්ද මංදා ලොකු අඩුවක් දැනුනා.

"ත්....තෑන්ක් යූ....."

"මොකටද?"

"මාව බේරගත්‍තට....මම එවෙලෙ ඇත්තටම බය වෙලා හිටියෙ අයියෙ.....මම ඔහොම දේකට මූණ දෙන්න දැනන් හිටියෙ නෑ"

"මට සමාවෙන්න යුගාන්....මම එවෙලෙ එන්න පරක්කු උනු නි...."

"අද නැත්තං ඕක හෙට උනත් වෙන්න තිබ්බ දෙයක් තෙවින් අයියෙ.......ඔයා එතනට ආව එක ලොකු දෙයක් උනා"

"උබෙත් ලොකුකම් මට විතරයි නේහ් යුගාන්?"

"දැන් මොකද්ද තෝ කියන්නෙ? ටිකක් හොදින් කතා කලාම එන්න එපා ගෝනි නැතුව කරේ යන්න"

"කෑ ගහන්න එපා යුගාන්.....මගෙ කන කීං කීං ගානවා"

"උබට මම......."

වාහනේ ඇතුල අතුල්පාරවල් වලිනුයි කෑගැහිලි වලිනුයි පිරිලා යද්දි දිවාෂගෙ ගුටි කෑම් දරාගන්නම බැරි වුණු තැන තෙවින් පරාජෙ පිලි අරගෙන පැත්තකට වුණා.ඒත් එක්කම දෙන්නා එක්කම හයියෙන් හිනා වෙද්දි දිවාෂගෙ ඔලුව අතගෑව තෙවින් වාහනේ පණ ගන්වලා ආපහු පාරක් පාරට දැම්මා.ටික වෙලාවක් යද්දි තමන්ගෙ වම් අතට දැනුනු බර ගතිය එක්ක තෙවින් දිවාෂගෙ පැත්තට හැරෙද්දි තමන්ගෙ අත උඩම නින්ද ගිහින් හිටිය දිවාෂව දැක්ක තෙවින්ට හිනා ගියේ නිදාගෙන ඉද්දි දිවාෂගෙ මූනෙ තිබ්බ අහිංසක පාට දැකලා.ඒත් එක්කම හිතට ආව ක්ෂණික සිතිවිල්ලක් එක්ක දිවාෂගෙ හිස් මුදුනෙන් සියුම් හාද්දක් තැවරුව තෙවින් දිවාෂට ඇහැරෙන්නෙ නැති විදියට හෙමීට වාහනේ පදින්න ගත්තා.

..............................................................................................

"හවස් උනා නේත්‍ර......නේත්‍රට මහන්සිත් ඇති.....ඔය මයිලෝ එක බොන්නකො.....ගෙදර ගිහින් බත් කමු"

"අනේ මට බඩගින්නක් නෑ සුදුබේබි.....සුදුබේබිටනම් මහන්සි පාටයි"

"ටිකක් මහන්සියි මැණිකෙ.....දැන් ඉතින් එක දිගටම ප්‍රැක්ටිස් දායි"

"සුදුබේබි පරිස්සමින්.......සුදුබේබි හුගක් මහන්සි වෙනවට මම බයයි"

"මට එහෙම මහන්සියක් දැනෙන්නෑ නේත්‍ර.....දැන් එන බස් නම් ලෝඩ් වෙලා එන්නෙ"

"ආශවයා බස් එකක් එනවා.....නේත්‍ර මල්ලි යන්"

නේත්‍රව බස් එකට නැග්ගුව ආශව තමන්ගෙ ක්‍රිකට් බෑග් එකත් කරේ එල්ලගෙනම බස් එකට නගිද්දි බස් එක ඇද්දුවා.ඒ පිටිපස්සෙන් නැග්ග දෙවිනුත් ආශවයි නේත්‍රයි පිටිපස්සෙන්ම හිර වෙවී ඇතුලට යද්දි දෙන්නගෙම බෑග් දෙක නිසා වටේ පිටේ ඉන්න සමහර මිනිස්සුන්ගෙ මූණු ඇද වෙලා ගිහින් තිබ්බා.නේත්‍ර හිටගත්ත තැනම හිටිය ගෑනු ලමයා නේත්‍ර එක්ක හිනා වෙලා නේත්‍රගෙ බෑග් එක ඉල්ලගෙන තමන් ලගින් තියාගෙන නේත්‍ර දිහා ආපහු පාරක් බලල හිනා වුණා.තමන්ට උදව් කරපු නිසා ඒ මනුස්සකමට ඒ ගැනු ලමයා එක්ක නේත්‍රත් පෙරලා හිනා වෙද්දි එකපාරටම නේත්‍රගෙ ඉණ දෙපැත්තෙන් ආව ශක්තිමත් අත් දෙකක් එතනම තිබ්බ ආසන දෙකේ හසුරුව අල්ලගනිද්දි නේත්‍ර උනත් එකපාරටම ගැස්සිලා ගියා.

"හිනා වෙන්නෙපා ඔය එකේක ගෙඹි ගෑනු දිහා බලලා නේත්‍ර.....මට කේන්ති යනවා"

ආශව තමන්ගෙ කනට පුංචි එකෙක් වගේ මුමුණද්දි මූණට හිනාවක් නගාගත්තු නේත්‍ර හෙමීට ඔලුව වැනුවෙ ආශව කිව්ව දේ පිලිගත්තා කියන එක අගවන්න වගේ.ඒ අස්සෙ අර දෙනෝදාහක් සෙනග අස්සෙන් අර කෙල්ල ඉන්න හරියට මූණ දැම්ම ආශව ටිකක් දැඩි බැල්මක් ඒ කෙල්ලට හෙලද්දි ඒ කෙල්ල හොදට ආශව දිහා බැලුවා.දාඩියෙන් තෙත් වෙලා තියෙන මූණ,දාඩිය නිසාම ඇවිස්සිලා තියෙන කොණ්ඩෙ,තියුණු ඇස් දෙක,විටින් විටේ තෙමාගන්න තොල් එක්ක තමන් දිහා බලන් හිටිය ආශවව දැක්ක ගමන් ඒ කෙල්ලගෙ මූණ තද රතුපාට වෙලා බිමට බර වුණා.උනේ මොකද්ද කියලා තේරුම් ගන්න ටික වෙලාවක් ගත කරපු ආශව අන්තිමේ මෙලෝ මගුලක් හිතාගන්න බැරුව ඒ හිතන එක අතෑරලා ආපහු පාරක් නේත්‍රව ආරක්ෂා කරන වැඩේ පටන් ගත්තා.

තමන්ගෙ බෙල්ල පාමුල හරියට වදින නේත්‍රගෙ ඔලු ගෙඩියෙන් හමන පුංචි බබාලගෙ සුවද විදගත්තු ආශව තව ටිකක් නේත්‍රගෙ ඇගට බර වුණා.ආශවගෙ රස්නෙ පපුව තමන්ව ගිලගන්නවා වගේ දැනෙද්දි තමන්ගෙ අත ලගම තිබ්බ ආශවගෙ අතේ හෙමීට තමන්ගෙ සුලැගිල්ල වද්දන්න ගත්තු නේත්‍රගෙ ස්පර්ශෙ ආශවට හොදටම දැනුනත් ඒක වෙන කිසි කෙනෙක්ට දකින්න තරම් ප්‍රබල එකක් වුණේ නෑ.ටික වෙලාවකින් අර ගෑනු ලමයා බස් එකෙන් බහින්න ලෑස්ති වෙලා නේත්‍රගෙ බෑග් එක ඒ ආසනේ උඩින් තියලා ආශව දිහා බලන ගමන් බස් එකේ ඉස්සරහට ගියා.

"නේත්‍ර ඉදගන්න"

"මට මහන්සි නෑ....සුදුබේබි ඉදගන්නකො"

"කිව්වම අහන්නකො නේත්‍ර.....ඉදගෙන මේ බෑග් එකගන්නකො ඔයා"

ආශවගෙ තරවටුව නිසා ආසනෙන් ඉදගත්තු නේත්‍ර ආශවගෙ බෑග් එක වගේම දෙවින්ගෙ බෑග් එකත් අරගෙන තමන් ලගින් තියාගත්තා.ටික දුරක් යද්දි නින්දට වැටුණු නේත්‍රගෙ ඔලුව පහලට කඩා වැටෙද්දි ඒ දිහා බලන් හිටිය ආශව තමන්ගෙ අතක් අරගෙන නේත්‍රගෙ ඔලුව උඩට උස්සගත්තා.

"මෙහෙම හේත්තු වෙලා දොයියන්න"

නේත්‍රගෙ පුංචි ඔලු ගෙඩිය තමන්ගෙ බඩට හේත්තු කරගත්තු ආශව තමන්ගෙ ශක්තිමත් අතකින් නේත්‍රගෙ ඔලුව නොසෙල්වෙන විදියට තියාගත්තා.ආශව එක්ක ලාවට හිනා වුණු නේත්‍ර දැනෙන සනීපෙත් එක්ක ආපහු පාරක් නින්දට වැටෙද්දි ආශව ටික දුරක් යද්දි ආසනයක් හම්බුනත් එතනට නොගිහින් නේත්‍රව තමන්ට හේත්තු කරවගෙනම හිටගෙන හිටියා.තමන්ට අදාල බස් නැවතුමට ලං වෙද්දි නේත්‍රව ඇහැරවගත්තු ආශව තමන්ගෙ බෑග් එක අතට ගනිද්දි දෙවින් තමන්ගෙ බෑගය අතට අරගෙන බස් එකෙන් බැස්සා.

"සැක්......මල්ලිට එන්න කියන්න තිබ්බෙ....එහෙනම් ඌ එනවනෙ"

"දැන් පයින් යමන් දෙවින්.....නේත්‍ර,මම ඔයාව කරට ගන්නද?"

"එපා සුදුබේබි.....මට යන්න පුළුවන්"

නේත්‍ර එක්ක ටිකක් තනියම කතා කරන්න ඕනි බව ආශවගෙ හැසිරීමෙන් තේරුම් ගත්තු දෙවින් ටිකක් ඉස්සරහට වෙන්න ඇවිදන් යද්දි තමන් එක්ක හරි හරියට ඉක්මන් අඩි තිය තිය ඇවිදගෙන එන නේත්‍ර දිහා දරන්න බැරි තරම් දැඩි ලෝභකමකින් බලාන උන්නු ආශව තමන්ගෙ හඩ අවධි කලා.

"නේත්‍ර ඉන්ස්ටග්‍රෑම් යන්නෙ නැද්ද?"

"අනේ නෑ සුදුබේබි.....මට ඒවයෙ බලන්න දෙයක් නෑ එහෙමට"

"ම්ම්ම්ම්.........නේත්‍ර ගර්ස්ල් ස්කූල් එකේ අයගෙන් දන්නෙ කාවද?"

"නම් ගම් පිටින්නම් එහෙමට කාවවත් අදුනන්නෑ සුදුබේබි.....ඒත් ටික දෙනෙක්ව දැක්කොත් අදුනන්න පුළුවන් විදියට දන්නව"

"එහෙමද?"

"ඕ සුදුබේබි....."

"නේත්‍ර දන්නවද උපාධ්‍යා කියලා කෙනෙක්ව?"

"කවුද සුදුබේබි ඒ? සුදුබේබිට කතා කරන්න අරන්ද එහෙම කෙනෙක්?"

"අම්මෝ මේකගෙ ඉරිසියාව"

නේත්‍රගෙ ඉරිසියාකාර මූණ දැක්ක ආශව නේත්‍රගෙ කරවටේ අත යවන ගමන් නේත්‍රව තමන්ට ලං කරගත්තෙ මේ මද අදුරෙ කාටවත් තමන්ව එහෙම පැහැදිලිව නොපෙනෙන නිසා.නේත්‍රගෙ කම්මුලකින් හාදුවක් තිබ්බ ආශව ආපහු පාරක් නේත්‍රගෙ මූණට එබෙද්දිනම් නේත්‍ර ලැජ්ජාවෙන් අහක බලාගත්තා.

"ඉරිසියාවක් නෙවෙයි  සුදුබේබි........ඒත් සුදුබේබි මගෙ විතරයිනෙ"

"හැමදාටම නේත්‍ර......ඒත් කෙල්ලො මම දිහා බලන්නැ අනේ ඔයා හිතන තරම්"

"බස් එකේ මගෙ බෑග් එක ගත්තු කෙනත් සුදුබේබි දිහා බලානනෙ උන්නු සුදුබේබි......"

"මේ පොඩි එකානම් ඇත්තටම! මුකුත් නොදැක්කා වගේ හිටියට ඔක්කොම දැකලනෙ යකෝ"

ආශව හිනා වෙවී කිව්වත් නේත්‍රගෙ ඇස් වල ලාවට කදුළු පටලයක් බැදිලා තිබ්බා.ආශව කලින් දවසක කිව්ව දේවලුත් එක්ක ආශවගෙ සමහර හීන ඉටු කරන්න පුළුවන් ගෑනු ලමයෙක්ට විතරයි කියන දේ නේත්‍රගෙ හිත හැමවෙලේම නේත්‍රට කියන්න පටන් අරන් තිබ්බා.ඔය හේතුව නිසා දැන් ආශව විහිලුවකට උනත් කෙල්ලෙක් ගැන කිව්වොත් දුක හිතෙන මට්ටමට නේත්‍ර පත් වෙන ගමන් හිටියා.ආශවට දවසක තමන්ව එපා වෙයිද කියන බය ඒ පුංචි හිතට දැනටමත් ඇතුල් වෙලා තිබ්බා.තිබ්බ අන්ධකාරෙ නිසා නේත්‍රගෙ කදුළු ආශව නොදැක්කත් ආශව නේත්‍රගෙ ඔලුව උඩින් ආපහු පාරක් හාදුවක් තිබ්බා.

"මගෙ එකක් නෙවේ නේත්‍ර.....උපාධ්‍යා කියලා ගෑනු ලමයෙක් ඔයාට මැසේජ් සීයකටත් වඩා දාලා තිබ්බා....මම ඒකයි ඇහුවෙ"

"හෑ සුදුබේබි? මේ මට? මොනාද දාලා තිබ්බෙ?"

"මම එකමැසේජ් එකක්වත් සීන් කලේ නෑ නේත්‍ර....මොනා උනත් ඒක ඔයාගෙ අකවුන්ට් එකනෙ"

"අද බලමු සුදුබේබි.....මම ෆෝන් එකත් අරං වලව්වට එන්නම්"

"එහෙම එපා නේත්‍ර....මට නේත්‍රව විශ්වාසයි"

"සුදුබේබිට මාව අවිශ්වාසයි කියලා මම ජීවිතේටවත් හිතන්නෑ සුදුබේබි.....මම ඒක බලමු කිව්වෙ සුදුබේබිගෙයි මගෙයි රහස් නැති නිසා.....සුදුබේබියි නේත්‍රයි කියන්නෙ දෙන්නෙක් නෙවේ එක්කෙනෙක්නෙ......ඉතින් නේත්‍රගෙ කියලා වෙනම පෞද්ගලිකත්වයක් නෑ සුදුබේබි"

නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව හිනාවෙලා ඔලුව්  වනද්දි ගම්මානෙ පැත්තට ඇදෙමින් තිබ්බ ට්‍රැක්‍ටරයක් කට්ටිය ලගින් නැවැත්තුවා.ට්‍රැක්ටරේට නැග ගත්තු ඉලන්දාරි තුන් දෙනා ගෙවල් ලගින් බහිද්දි නේත්‍ර තමන්ගෙ ගෙදරට දුවන් ගියේ ඉක්මනටම දුරකතනෙ අරන් එන්නම් කියලා කියන ගමන්.කොහොමත් මෙහෙම හවස් වෙලා එන දවස් වලට ආශව නේත්‍රලාගෙ ගෙදර නොගියොත් නේත්‍ර තමන්ගෙ ඇදුම් අරන් ඇවිත් ආශවගෙ නානකාමරෙන් ඇග සෝදන එක සාමාන්‍ය දෙයක් උනා.මොකද ආශව සෑහෙන්නම නේත්‍රගෙ ආරක්ෂාව ගැන හිතන කෙනෙක්.

ඇදුම් කෑලි දෙකක් අරගත්තු නේත්‍ර ඉස්කෝලෙ වැඩ දුන්නු පොත් දෙක තුනකුත් අරගෙන තමන්ගෙ දුරකතනෙ අතට ගද්දිම ඒකට ආව කෙටි පණිවිඩේ බලන ගමන් ගෙයි දොර වහලා වලව්ව පැත්තට ඇදෙන්න ගත්තා.කෙටි පණිවිඩේ එවලා තිබ්බෙ දෙනෙත්.

"නේත්‍ර පැටියො......මට හෙට උදේට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනි.....පුළුවන් නම් උදේ ආව ගමන් ඉස්කෝලේ නාගස් ගොල්ල ලගට එන්න පුළුවන් ද? මට මේ දේ කියන්න තරම් විශ්වාසවන්ත කෙනෙක්ට ඉන්නෙ ඔයා විතරයි"

...................................................................................................

වචන 3600😪❤️

හායි බබාලා ඔන්න පොරොන්දු උනා වගේම මම ආවා👉👈

ඉතින් බබාලා මේ කොටස ශේප් ඇති කියලා මම හිතනවා😘❤️

ඉතින් පුංචි හරි අදහසක් කියාගෙන යන්න🥺❤️ මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ බබාලා🥺❤️

ඔයාලා ආර්යව දැකලා නෑ නේහ්? මේ ඉන්නෙ ආර්ය තමා🥺👉👈

දෙවිත්😌❤️

තෙවාස😌❤️

නේසව😌❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter