Back
Chapter 45

44 කොටස🤍✨

නිවාලන්න මා...

"කෝ මෙතෙන්ට එන්න මැණිකෙ"

ඇද පත්තට පිට තියාගත්තු ආශව තමන්ගෙ කකුල් දෙක අතර පෙන්නද්දි කොට කලිසමකට ආශවගෙ පරණ ලොකූ කමිසයක් ඇදන් හිටිය නේත්‍රත් තත්පරයක්වත් පරක්කු නොකර ආශව ලගට ගිහින් ගුලි ගැහුණා.නේත්‍රගෙ ඉණෙන් අල්ලගෙන තව ඩිංගක් තමන්ට තදකරගත්තු ආශව නේත්‍ර ආශවට දීලා ගිය නේත්‍රගෙ දුරකතනෙ අරගෙන ඒක ක්‍රියාත්මක කලා.නේත්‍ර ඉන්නැද්දිම නේත්‍රගෙ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙ කෙටි පණිවිඩ කොටසට ඇතුල් වුණු ආශව නේත්‍රගෙ ඇස් ඉස්සරහම උපාධ්‍යාගෙ පණිවිඩ ගොන්න විවෘත කලා.

"හායි"

"මම උපාධ්‍යා.....ඔයානම් දන්නෙ නැතුව ඇති.....ඒත් මම ඔයාව හුගාක් දන්නවා"

"කොහොමද ඉතින්"

ආශවගෙ උකුල උඩ ඉන්න නේත්‍රගෙ ඇස් දෙකයි නේත්‍රගෙ ඔලුව පැත්තකින් තමන්ගෙ ඔලුව දික් කරන් දුරකථන තිරේට එබිලා ඉන්න ආශවගෙ ඇස් දෙකයි හරි කුහුලෙන් ඒ පණිවිඩ කියවන ගමන් හිටියා.ඒ විදියට පටන් අරන් තිබ්බ පණිවිඩ එවිල්ල ටික ටික ගැඹුරු වෙලා තියෙන හැටි මෙලෝ දෙයක් නොතේරෙන නේත්‍රගෙ ඔලුවට නොදැනුනාට සමාජෙ එක්ක ගැටෙන ආශවටනම් තේරුනා.

"මම ඔයාව හුගක් වෙලාවල් වලට දැකලා තියෙනවා නේත්‍ර....සමහර දවස් වලට මම නේත්‍ර දිහා ඈත ඉදලා බලන් ඉන්නවා....ලං වෙලා කතා කරන්න හිතුනත් මට බෑ තවම ඒ දේ කරන්න"

"මේ ගෑනු ලමයා ගොළු කෙනෙක්ද දන්නෑ නේද සුදුබේබි"

"මොහ්....මොකක්? ඒ ඇයි"

"කතා කරන්න බෑ කියන්නේ....පෞ නේද සුදුබේබි?"

"ඔව්....පෞ.....ඉන්නකො අනික් ටිකත් බලනකං"

"නේත්‍ර හරි ලස්සනයි.....හුගාක් අහිංසක පාටයි.....මම මේ විදියට දැක්ක එකම පිරිමි ලමයා නේත්‍ර....මම මෙහෙම කතා කරන පලවෙනි පිරිමි ලමයත් නේත්‍ර....මම දන්නෑ මෙහෙම කතා කරන එක හරිද කියන්නවත්....

ඒත් මම නොදන්න මටම නොතේරෙන මොකක් හරි දෙයක් නිසා මම නේත්‍රට බැදිලා වගේ මට හිතෙනවා....නේත්‍ර මගෙ මේ මැසේජස් ලේසියෙන් කියවන්නෙ නෑ කියලා දැන දැනත් මම මැසේජ් කරනවා...නේත්‍ර දිහා බලන් ඉන්නවා......නේත්‍රටයි මටයි එකම පාරක යන්න පුලුවන්ද නොදැන මම නේත්‍ර එනකං බලන් ඉන්නවා"

"සුදු බේ......"

"ඒ ගෑනු ලමයා බස් එකේ යන්න පාරවල් දන්නෙ නැද්ද කියලනම් අහන්න එපා නේත්‍ර....."

"නෑ නෑ......මේ මැසේජ් හරි අමුතුයිනෙ සුදුබේබි....."

"හ්ම්ම්.....එකම පාරක යන්න දෙන්නම්කො මම..... කඩනවා පාර දෙකට!"

"මොකක් හරි කිව්වද සුදුබේබි?"

"නෑ නෑ නේත්‍ර.......කෝ ඕක ටිකක් උඩට උස්සන්නකො ඉතුරු ටිකත් කියවන්න"

"නේත්‍ර නොදන්නවා උනාට නේත්‍ර නමින් මගෙ පොත් වල සෑහෙන්න කවි ලියවිලා තියෙනවා....නේත්‍රව දවසට එකපාරක් හරි බලාගන්න මම පැය ගණන් පාරෙ කට්ට කාපු දවස් තියෙනවා.....නේත්‍ර,මම දන්නෑ ඇයි කියන්න....ඒත් කිසිම කොල්ලෙක් ගාව නොදැනෙන විදියට මගෙ හිත ඔයා ගාව හෙල්ලිලා ගිහින්.....පොඩ්ඩක්වත් නොහෙල්ලෙන විදියට නැවතිලා.....ඒ හැගීමට දෙන්න පුළුවන් නම ආ....."

"ඇති සුදුබේබි! ඕක දෙන්න මෙහාට්ට"

ෆෝන් එක අතට ගත්තු ආශව උපාධ්‍යා එවලා තිබ්බ මැසේජ් තව දුරටත් නොකියවලා එහෙම්මම ඒ ටික ඩිලීට් කරලා දාද්දි ආශවගෙ ඇස් ගිනි ගහන තරමට රත් වෙලා තිබ්බා.තොලුත් උල් කරගෙන ඇසුත් ලොකු කරන් මැසේජ් ටික ඩිලීට් කරන නේත්‍ර දිහා ටිකක් බලන් හිටිය ආශව නේත්‍රව එහෙම්මම ලගට ඇදලා අරගෙන ඒ සිනිදු තොල් වලට බර වෙද්දි ආශවගෙ නහර පිරුණු අත් නේත්‍රගෙ සිනිදු කම්මුල් වල නතරවුණා.වෙනදට හුස්ම ගන්න ටිකක් අමාරු වෙද්දි ආශවව නතර කරන නේත්‍ර අද ආශවට ඕනි තරම් වෙලා ඉඩ දුන්නෙ ආශවගෙ පිරිමි හිතට ඇවිත් තිබ්බ ආවේගෙ තේරුම් ගන්න පුළුවන් වෙලා තිබුණු නිසා.

ආශව සන්සුන් වෙනකංම නේත්‍රගෙ තොල් උරමින් සිපගනිද්දි නේත්‍ර තමන්ගෙ පුංචි අත් දෙකෙන් ආශවගෙ කමිසෙ තද කරලා අල්ලගෙන හිටියා.විනාඩි ගාණකට පස්සෙ ආශව නේත්‍රගෙ තොල් වලින් ඈත් වෙද්දි නේත්‍ර හයියෙන් හුස්ම ගත්තෙ මෙච්චර වෙලා හුස්ම ටිකක්වත් ගන්න පුළුවන්කමක් නොතිබ්බ නිසා.ඇද පත්තට හේත්තු වෙලා හති අරින නේත්‍ර දිහා බලන් හිටිය ආශව ආපහු පාරක් නේත්‍රව තමන්ගෙ තුරුලට ඇදල අරගෙන පපුවට තද කරගනිද්දි නේත්‍ර තමන්ගෙ ලා රෝස නාහෙ ආශවගෙ පපුවෙ ගාව ගාව හුරතල් උනා.

"ඔයා මගෙ නේත්‍ර......මගෙ විතරයි"

හැම දෙයක්ම අවසානෙදි ආශව ලොකු හුස්මක් එක්ක මුමුණද්දි නේත්‍ර ආශවගෙ මූණ දිහා බලලා තමන්ගෙ බෝල ඇස් තව ටිකක් බෝල කරගන්න ගමන් හිනා වුණා.

"සුදුබේබිගෙ විතරයි......"

"හ්ම්ම්......මේ ලෝකෙ මට බෙදාගන්න බැරි දේවල් දෙකයි තියෙන්නෙ නේත්‍ර.....එකක් ඔයා....අනික මගෙ ක්‍රිකට් හීනෙ"

"මම දන්නවා සුදුබේබි"

නේත්‍ර මුමුණන ගමන් තව ඩිංගිත්තක් ආශවගෙ පපුවට තුරුල් වෙද්දි ආශව නේත්‍රගෙ හිස් මුදුන හරි ආදරෙන් සිපගත්තා.ඒත් එවෙලෙ ආශවට වගේම නේත්‍රටත් අමතක වුනු දෙයක් තිබ්බා.දවසක ආශවට තමන්ගෙ හීනෙනුයි නේත්‍රගෙනුයි අතරින් එකක් විතරක් තෝරගන්න සිද්ධ වුනොත්? ඒ ප්‍රශ්නෙ ගැන දෙන්නට අමතක වෙලා යද්දි ආශවයි නේත්‍රයි තමන්ගෙ අනාගතේ ගැන හරි ලස්සන,පැහැදිලි හීන ගොඩකට බැදෙන ගමන් හිටියා.

"සුදුබේබි....."

"ම්ම්ම්......"

"සුදුබේබිට මෙ වගේ මැසේජ් එන්නෑ?"

"එනවා නේත්‍ර....අනන්තවත් මම නොටිෆිකේෂන්ස් අස්සෙන් ඕම ඒවා දැකලා තියෙනවා"

"ස්....සුදුබේබි මට පෙන්නලා නෑනෙ?"

"මේ අහන්නකො මැණිකෙ......"

නේත්‍රගෙ කටහඩ වෙනස් උනා කියලා දැනුනු ආශව නේත්‍රව තමන්ගෙ උකුල උඩ ඉන්න විදියෙන්ම තමන්ගෙ මූණ පැත්තට හරවගත්තා.

"දැන් මේ උපාධ්‍යාගෙ මැසේජ් මම නොදැක නේත්‍ර විතරක් නොටිෆි අස්සෙ දකිනවා....නේත්‍ර මොකෝ කරන්නෙ?"

"ගණන් නොගෙන ඉන්නවා සුදුබේබි....."

"ඉතින් මාත් කලේ ඒකමනෙ"

"ම්ම්ම්ම්?"

"අහන්න නේත්‍ර......අපි ඒ දේවල් ගැන ලොකුවට හිතන්න ඕනි,අපි දෙන්නා අතරේ කතා බහ කරගන්න ඕනි ඒ දේවල් වලින් අපේ ජීවිත වලට බලපෑමක් එල්ල කරනවා කියලා අපිට දැනුනොත්....උදාහරණයක් විදියට රධීන්......ඌ මොන වෙලෙත් බලන්නෙ ඔයාට මොකක් හරි කරන්න...ඔයයි මමයි බැදිලා ඉන්නෙ.නේත්‍රට කරදරයක් කියන්නෙ මටත් කරදරයක් කියන එක.ඉතින් ඒක අපි දෙන්නා හැම නිතරම උගෙන් බේරෙන හැටි ගැන ඩිස්කස් කරගන්නවනෙ......

ඒ උනාට මේ කොහෙවත් යන කෙල්ලො දාන මැසේජ් වලින් අපි දෙන්නට බලපෑමක් වෙනවද?අපි දෙන්නගෙ සම්බන්ධෙට බාධාවක් වෙනවද? කවදහරි දවසක බාධාවක් වෙන්න ආවොත්.....අන්න එදාට අපි දෙන්නා ඒ ගැන කාලෙ නාස්ති කරන් කතා කරන්නම ඕනි.නැතුව මේ කොහෙවත් යන මිනිස්සු ගැන කතා කර කර නේත්‍ර එක්ක ආදරෙන් ඉන්න කාලෙ අඩු කරගන්න මම ආසා නෑ.එයාලා ගැන කතා කරන නාස්ති කරන විනාඩි පහේදි නේත්‍රගෙ හුස්ම වැටෙන සද්දෙ විතරක් අහන් නේත්‍රව තුරුලු කරන් ඉන්න තියෙනවනම් මම ආසයි"

ආශව හෙමීට පහදද්දි නේත්‍රත් ආශවගෙ අත් අස්සට වෙලා තමන්ගෙ දෑගිලි එකට පටලෝ පටලෝ ආශව කියන දේවල් වලට හූමිටි තියෙව්වා.නේත්‍රත් කල්පනා කරන්න ගත්තෙ ආශව කිව්ව දේ ගැන.ආශවට වගේ පැහැදිලි කිරීමක් කරන්න නොතේරුනත් නේත්‍ර උනත් ඒ වගේ දේවල් ගණන් නොගෙන හිටියෙ ඔය හේතුව නිසාම නෙවෙයිද? ඇත්තටම ආශව එක්ක ආදරෙන් තමන් දෙන්නා ගැන කතා කරන ගමන් ගත කරන්න තියෙන කාලෙ නොවැදගත් දේකට වැය කරන්න නේත්‍ර උනත් කැමති උනේ නෑ.ඒ නිසාම නේත්‍ර වගේම ආශව තමන්ට එන ඕනිම ප්‍රශ්නයක් හංගන්නෙ නැතුව කතා බහ කරලා විසදගත්තා.සම්බන්ධෙ පටන් ගත්තු දවසට කලින් ඉදන්ම ඒ දෙන්නා අතරෙ කිසිම ප්‍රශ්නයක් ඇති නොවුනෙ අන්න ඒ තේරුම් ගැනීම නිසා.

"මම ඇත්තටම දන්නෑ සුදුබේබි ඔහොම ගෑනු ලමයෙක්ව"

"මම දන්නවා නේත්‍ර.....ඉස්කෝලෙ ඇරිලා ආවට පස්සෙ මම ලගට වෙලා දවසෙ උනු ඔක්කොම සිද්ධි ටික කියන ඔයා ඔය ලමයව දන්නවනම් ඒකත් මට කියනවා කියලා මම දන්නවා....ඔයා නොදන්න නිසා තමා අපිට මෙයාව මගෑරෙන්න ඇත්තෙ"

"ඔව් නේද......මේ පැත්තෙ එක්කෙනෙක් වෙන්න ඇති සුදුබේබි..."

"ඔව්....දාලා තිබ්බා බයෝ එකේ kandy කියලා"

"සුදුබේබිට මෙහෙ ගෑනු ලමයිගෙන් මැසේජ් එන්නෑ?"

"එනවා ඇති නේත්‍ර......කොලබ අය දෙතුන් දෙනෙක්ගෙන් නම් නොසෑහෙන්න එනවා"

"හ්ම්ම්ම්"

"ම්ම්ම්ම්"

"සුදුබේබි......"

"ම්ම්ම්ම්?"

"බඩ්ඩක් අහන්නද? කේන්ති ගන්නෙ නැත්තං?"

"නේත්‍ර දන්නවනෙ මම කා එක්ක කේන්ති ගත්තත් නේත්‍ර එක්ක කේන්ති නොගන්න වග"

"සුදුබේබිට දවසක හිතේවිද පිරිමි ලමයෙක්ට ආදරේ කල එක වරදක් කියලා?"

"න්.....නේත්‍ර! ඇයි දැන් ඔහොම අහන්නෙ?"

"නෑ.....සුදුබේබි නිතරම දරුවො ගැන කියනවා....සුදුබේබි දරුවන්ට ආසා ආදරේ වගත් මම දන්නව.....මට කවදාවත් සුදුබේබිට ඒ සතුට දෙන්න වෙන්නෑනෙ....ඒ නිසයි"

"අහන්න නේත්‍ර....."

තමන්ගෙ පපුවට තුරුල් වෙලා හිටිය නේත්‍රගෙ හිස් මුදුනෙන් සියුම් හාදුවක් තැවරුව ආශව හෙමීට මුමුණන්න ගත්තා.

"මම නේත්‍රට ආදරේ කරන්න ගත්තෙ නේත්‍ර පිරිමියෙක් බව දැන දැනමනෙ....ඉතින් මට මගෙම කසාදෙකින් දරුවෙක් ඕනි උනානම් මම නේත්‍රට ආදරේ කරන්න ගන්නෙ නෑනෙ.මම ආදරේ කරන්නෙ නේත්‍රට.....මම වෙනුවෙන් ආදරේ පිරිලා තියෙන නේත්‍රගෙ ආත්මෙට....නැතුව නේත්‍රගෙ ඇග ඇතුලෙ තියෙන අවයව වලටවත්, නේත්‍රගෙ රූපෙටවත් නෙවෙයි.ඉතින් ඔය වගෙ දේවල් ගැන හිතන්න එපා ආයෙ.....

ආදරේ කරන දෙන්නෙක් අතරෙ තියෙන ආදරේ ශක්තිමත් වෙන එකම කාරණාව දරුවෙක් කියලා හිතන්න එපා නේත්‍ර.පිරිමියෙක් තවත් පිරිමියෙක්ටම,ගැහැනියෙක් තවත් ගැහැනියෙක්ටම ආදරේ කරන්න ගන්නෙම තමන් දෙන්නගෙම දරුවෙක් ඕනි කියන කාරණාව අතෑරලා දාලා......ඒ කැපකිරීම ඔය වගෙ කපල් මුලදිම කරන දෙයක්.....ඒවා පැත්තටක තියන්නකො.....හිතන්න දරුවො ලැබෙන්නෙ නැති අම්මලා කීයක්නම් මේ ලෝකෙ ඉන්නවද? ඒ ගොල්ලො කාන්තාවො වෙලත්,බැදලා ඉන්නෙ පිරිමි වෙලත්? ඒත් එහෙම අයගෙන් හුගක් අය එකිනෙකාව තේරුම් අරන් ආදරෙන් ඉන්නෙ නැද්ද? දරුවෙක් කියන්නෙ ලොකු සම්පතක් තමා නේත්‍ර....ඒත් ඒ හා සමානම සම්පතක් තමා තමන් වෙනුවෙන්ම පණ ගැහෙන තමන්ගෙම නමට පේ වුණු ආදරයක් ලැබෙන එකත්....හරියට මගෙ නේත්‍ර වගේ"

"ම්...මං සුදුබේබිට ආදරෙයි මහ ගොඩාක්......මාව දාලා යන්න එපා සුදුබේබි කවදාවත්"

"කවදාවත්ම නෑ"

තමන්ගෙ පපුවට ගුලි ගැහෙන නේත්‍රගෙ නලල මතින් දිග සිපුමක් තැවරුව ආශව ඒ නලල් තලෙන් තමන්ගෙ තොල් ඉවතට ගන්නවත් එක්කම නේත්‍ර ආශවගෙ නලල් තලය මතින් තමන්ගෙ තොල් තද කරගෙන සෑහෙන වෙලාවක් ගත කලා.නේත්‍ර ආශවගෙ උකුලෙන් ටිකක් ඉස්සීගෙන ආශවගෙ නලලට සිපුම තවරද්දි ආශවගෙ මූණට සමාන්තරව තිබ්බ නේත්‍රගෙ පපුව ගැහෙන සද්දෙ ආශවට දැනුනා.....ඒ හඩ වේගවත්....නේත්‍ර තවමත් නොසන්සුන්! නේත්‍රව තේරුම් ගත්තු ආශව නේත්‍ර සිපුම අවසන් කරනවත් එක්කම ආපහු පාරක් නේත්‍රව තමන්ගෙ තුරුලට ඇදල ගත්තා.

"නේත්‍ර තවම කලබලෙන්.....ඇයි නේත්‍ර? කිසිම දෙයක් හංගන්න එපා මට"

"එහ්....එහෙම මුකුත් නෑ සුදුබේබි....."

"කියන්නකො නේත්‍ර.....හංගන්න එපා"

"මහ මුදියන්සෙ මට කැමති වෙන එකක් නෑ සුදුබේබි....මහ මුදියන්සෙ මාව ඉරුගල්බණ්ඩාර පෙලපතට ගැලපෙන කෙනෙක් කියලා කවදාවත් පිලිනොගන්න වග මම දන්නවා"

"හැමදේම හොදින් සිද්ධ වෙයි නේත්‍ර.......සුදුබේබිව විශ්වාස කරන්නකො"

ආශව තමන්ගෙ නහර පිරුණු අතකින් නේත්‍රගෙ පිටට හීනි තට්ටු දාන ගමන් කිව්වෙ නේත්‍රව සන්සුන් කරන්න හිතාගෙන.ආශවගෙ විකාර කතා,විහිලු කතා වගේම නේත්‍රව රතු ගස්සන කතා එක්ක නේත්‍රගෙ නොසන්සුන් කම පහව ගියා.ආශවට පාඩම් කරන්න පටන් ගන්න කිව්ව නේත්‍ර පහලට දුවං ගියේ සුදුබේබිට තේ එකක් ගෙනත් දීලම තමනුත් පාඩම් වැඩ පටන් ගන්නවා කියලා හිතාගෙන.නේත්‍ර දිව්ව දිහා බලන් හිටිය ආශව තමන්ගෙ හිනාවෙන් පිරුණු මූණ බැරෑරුම් එකක් බවට හරෝගන්න ගමන් කවුලුවෙන් එපිටට තමන්ගෙ ඇස් දෙක හැරෙව්වා.

"නේත්‍රව ඉරුගල්බණ්ඩාර කෙනෙක් කරන්න ඉඩ දෙන්නෙ නැත්තං......මම අත්තනායක කෙනෙක් වෙන්නම් නේත්‍ර.....ඔයා වෙනුවෙන් ඒ වගේ පුංචි දෙයක් කරන්න බැරි කමක් නෑ මට"

වත්ත පහල තිබ්බ ගස් වල හැම මලක්ම පාහේ රාත්‍රිය උදා වෙනවත් එක්කම පරවෙලා මැලැන්සි වෙලා යද්දි ගැටපිච්ච මල් වැලේ මල් පණ ගහගෙන පූදගෙන හැටි බලන් හිටිය ආශව හෙමීට මිමිණුවා.

...................................................................................................

"අර ආසව උබ එනකං මැත්ස් එක ලග ඉන්නවා.....එන්නෙ නැද්ද ග්‍රවුන්ඩ් එකට යන්න?"

"දිවාෂ යන්නකො....මම පොඩි ගමනක් ගිහින් එන්නම්"

දිවාෂට මුකුත් ආපිට කියන්නවත් ඉඩ නොතිබ්බ නේත්‍ර පණ කඩාගෙන අනික් පැත්තට දිව්වෙ දෙනෙත් අද නාගස් ගොල්ල ලගදි නේත්‍රට එයාව හම්බෙන්න කිව්ව නිසා.සාමාන්‍යෙන් දෙනෙත් කියන්නෙ එහෙම ඉල්ලීම් ලේසියකින් කරන මනුස්සයෙක් නෙවෙයි නිසා නේත්‍රත් හිටියෙ ලොකු කුහුලකින්.නාගස් ගොල්ල ගාවට දුවං ගිය නේත්‍ර දැක්කෙ තමන් දිහා ලාවට හිනාවීගෙන බලන් හිටිය දෙනෙත්ව.තමන්ටම උරුම උනු අහිංසක ලස්සන හිනාවෙන් දෙනෙත්ට සංග්‍රහ කෙරුව නේත්‍ර දෙනෙත් ඉදගෙන හිටිය කොට බැම්ම උඩින් ඉදගත්තා.

"දෙනෙත් අයියා.....ගුඩ් මෝනින්"

"ගුඩ් මෝනින් පැටියො.....නේත්‍ර පිට්ටනියට යන්නෙ නැද්ද?"

"දෙනෙත් අයියව හම්බෙලාම යන්න ආවෙ.....ටිකක් වෙලා ගියාට කමක් නෑ"

"මම නිසා ඔයාට කරදරේ නේද චුට්ටො?"

"අනේ....එහෙම හිතන්නවත් එපා දෙනෙත් අයියෙ....මට මේ ලෝකෙ ආදරේ කරන මිනිස්සු කීපදෙනා අතරෙ ඉන්න ඔයාව කොහොමද මට වදයක් වෙන්නෙ?"

"හ්ම්ම්ම්"

"කියන්නකො දෙනෙත් අයියෙ"

"මම නේත්‍ර මල්ලිට දෙයක් කිව්වොත්.....මගෙ පැටියා මාව ජජ් නොකර මාව අහන් ඉන්නවද?"

"ඔව්...."

"මම....මම හිතන්නෙ මම දෙවින්ට ආදරේ කරනවා"

"ඒක පුදුම වෙන්න දෙයක් නෙවේ දෙනෙත් අයියෙ.....දෙනෙත් අයියා නොකිව්වට ඒ දේ මෙච්චර දවසක් දෙනෙත් අයියගෙ ඇස් දෙකෙන් පෙනුනා.....ඒත් දෙනෙත් අයියා ඇයි ඒ දේට මෙච්චර බය?"

"මගෙයි දෙවින්ගෙයි කතාව නේත්‍ර මල්ලිගෙයි ආශවගෙයි කතාවට වඩා වෙනස් නිසා.....මට හරි බයයි.....විදවීමක් විතරක් වෙයිද කියලා"

"ඒ ඇයි අයියෙ?"

"දෙවිනුයි මායි හම්බෙන්නෙ නේත්‍රයි ආශවයි හම්බුනු වයසටත් වඩා පොඩි කාලෙ ඉදන්.....දෙවින්ලට අපේ අප්පච්චිව වෙන්නෙ මාමා.....දෙවින්ලගෙ අප්පච්චිගෙ මාමා කෙනෙක්ගෙ දුවෙක් තමා අපේ අම්මා.....අපේ අම්මා දෙවින්ලගෙ නැන්දා....අපි නුවර හිටියට දෙවින්ලා ගොඩක් වෙලාවට අපේ ගෙදර එනවා යනවා.ඉතින් පොඩි කාලෙ ඉදන්ම අපි දෙන්නගෙ තිබ්බ බැදීම හරි ලොකුයි...ඒත් මට දැන් හිතෙනවා ඒ බැදීම තිබ්බෙ මගෙ හිතේ විතරද කියලා.

ඉස්සර ඉදන්ම දෙවින් මට නපුරු උනා....තෙවින් ඒ කාලෙ හරි අහිංසකයි...ඔය ප්‍රශ්න නිසා තෙවින් දැන් නපුරු වෙලා ඉන්නවා මිසක්,ඉස්සර මම අඩද්දි පවා තෙවින් බැරි බැරි ගාතෙ මාව වඩාගෙන මාව නලවලා පවා තියෙනවා.ඒත් මම හුගක් ආදරේ උනේ දෙවින්ට....දවසක් අපේ අප්පච්චි කෙරුව විහිලුවකින් පස්සෙ මම දෙවින්ට මගෙ මනමාලයා කියලා කියන්න පුරුදු වෙලා තිබ්බා.මම ඒ කාලෙ හරි ආසාවෙන් හිටියෙ දෙවින්ව බදින්න...පුංචියිනෙ මම....නේත්‍ර මල්ලි ඒ සිද්ධි දන්නවද දන්නෑ..."

"මට සුදුබේබි කියලා තියේ"

"ඒක තමා.....අවුරුදු ගාණක් කොලඹ හිටිය දෙවින් මගෙ ඉස්කෝලෙටම එක පාරටම එද්දි මම පුදුම විදියට සතුටු උනා....ඒත් මම ඒ කාලෙම තමා දැනගත්තෙ දෙවින්ට මාව හිසරදයක් වගේ කියන එක.මම කොච්චර ආදරේට පස්සෙන් ගෑටුවත් දෙවින්ට මාව එපා වෙලා තිබිලා කියලා මම තේරුම් ගත්තා....මම ඒ දවස් වල පුංචි උනත් ඒ දේ මගෙ හිතට ගියා....මම තේරුම් ගත්තා....මම ඒකෙන් පස්සෙ දෙවින්ගෙන් ඈත් උනා....අදට උනත් මම මොන දේදි උනත් දෙවින් එක්ක හිටියත් අපි දෙන්නා අතර ලොකු හිඩැසක් තියෙනවා පැටියො.....ඒ හිඩැස වහන්න මට ඕනි උනත් දෙවින්ට උවමනා නෑ"

"ඒත් දෙවින් අයියා දෙනෙත් අයියට ආදරෙයි....මට දැනෙන විදියට"

"මගෙ හිතෙත් ඒ බලාපොරොත්තුව නැතුව නෙවෙයි...ඒත් දෙවින්ගෙ වැඩ එක්ක එහෙම බොරු බලාපොරොත්තු තියං මට මගෙ හිතම රිද්දගන්න බෑ....එහෙමයි කියලා මට දෙවින්ව වෙන කෙනෙක්ට දීලා පැත්තකට වෙන්නත් හරි ලෝභයි නේත්‍ර මල්ලි......ලගකදි ඉදලා දෙවින් වෙනදට වඩා මට කිට්ටුයි...මම ගැව හොයල බලනවා,සලකනවා වගේ මට දැනෙනවා.ඒත් ඒක ඇත්තටම වෙනවද,මට දැනෙනවා විතරද කියලා කියන්න මට තේරෙන්නෑ...ඒත් මම දෙවින්ට හරි ආදරෙයි නේත්‍ර මල්ලි....මම දන්නෑ....මම ඒ තරමට දෙවින්ට බැදිලා....බැනුම් අහ අහ හරි ලග ඉන්න තියෙනවනම් ඇති කියන මට්ටමට මම වැටිලා"

"අපි හරියටම දන්නෙ නෑනෙ අයියෙ දෙවින් අයියා ඔයාට ආදරෙයිද නැද්ද කියන එක......ඒ නිසා මමනම් කියන්නෙ දෙනෙත් අයියා හරි දෙවින් අයියගෙන් මේ ගැන අහන්න කියලා......හරියට....."

"හරියට ආශව කලා වගේ නේද එදා? පොතකුත් දීලා....ආහ්....මේ මොකෝ මේ....ජම්බු ගෙඩිය වගේ රතු ගැහෙනවා"

"අ....අනේ එපා දෙනෙත් අයියෙ....මට ලැජ්ජයිනෙ එහෙම කියද්දි.....දෙනෙත් අයියා මේ ගැන දෙවින් අයියා එක්ක කතා කලානම් හොදයි නේද එහෙනම්?"

"හ්ම්ම්.....එයාගෙ උපන්දිනේ එනවනෙ පෙබරවාරි වල...මම එදාට එයාට ඒ ගැන කියනවා.....ලස්සන විදියටකට"

"අනේ.....මට හරි සතුටුයි දෙනෙත් අයියෙ....අනේ ඇත්තමයි.දෙවින් අයියා හරි වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් ලබන්න"

"හැබැයි පැටියො ඔයා මේ ගැන කාටවත්ම කියන්න එපා ඒ වෙනකං.....දිවාෂ මල්ලිට,ආශවටවත් කියන්න එපා අඩුම තරමෙ...මම දිවාෂ මල්ලිට මේ ගැන නොකියන්න ලොකුම හේතුවත් එයා මට වඩා ලග දෙවින්ටනෙ....එතකොට මේ ගැන දෙවින් දැනගන්න තියෙන ඉඩකඩ වැඩියි....අනික මට හිතුනම දේ මාව හොදටම තේරුම් ගන්න පුළුවන් කෙනා ඔයා කියලා....ඒකයි මම මේ ගැන නේත්‍ර මල්ලි එක්කම කතා කලේ"

"මම දිවාෂට නොකියා ඉන්නම් දෙනෙත් අයියෙ....ඒත් සුදුබේබිට නොකියා ඉන්නනම් බෑ.....මට එහෙම හුරු නෑ...මම දවසෙ උනු හැම දෙයක්ම ගිහින් සුදුබේබිට කියනවා හැමදාම....ඒත් සුදුබේබිට මම කියන්නම් මේ ගැන දෙවින් අයියට කියන්න එපා කියලා.....සුදුබේබි කොහොමත් එහෙම හැම දෙයක්ම කියවන්න යන කෙනෙකුත් නෙවේනෙ.....සුදුබේබිගෙ කටින් මේ ගැන පිටවෙන්නෑ කියලා මට පොරොන්දු වෙන්න පුළුවන් දෙනෙත් අයියට"

"හරි පැටියො....මට ඔයාව විශ්වාසයි.....ආහ්හ්හ්හ්.....හරි සැහැල්ලුවක් එනවා හිතට.ඔයාට මේ දේවල් කියන්න ලැබුනු එක ලොකු දෙයක්"

"ඕනිම වෙලාවක කතා කරන්න දෙනෙත් අයියෙ....මම අහන් ඉන්නම්"

"ආශව මේ කොල්ලට මෙච්චර පිස්සු වැටෙන එක අහන්නත් දෙයක් නෙවේ බලද්දි.....යං ග්‍රවුන්ඩ් එකට....මේ මාසෙ විතරයි මෙහෙම ආතල් එකක් ගන්න තියෙන්නෙ....ඒක මගෑරගන්න හොද නෑ"

නේත්‍රගෙ කරට අතක් දාගත්තු දෙනෙත් ඇවිදගෙන ගියේ පාසල් භූමියෙ කොණටම වෙන්න විශාල වපසරියක පිහිටලා තිබ්බ පිට්ටනිය දිහාවට.දෙන්නා එක්ක යද්දිනුත් නිවාස වල සිසුන් තමන්ගෙ නිවාසෙට අදාලව පිට්ටනියෙ බෙදලා තියෙන කොටස් වල කණ්ඩාගම් ගැහිලා ඉදිරි වැඩ කටයුතු වලට සූදානම් වෙන ගමන් හිටියා.ඒත් එක්කම කොහෙද ඉදලා ෆයිල් එකකුත් අතේ තියන් දුවගෙන ආව ආශව හිනාවකුත් මූණෙ තියං නේත්‍රලා ලගට කිට්ටු උනා.

"පරක්කු උනේ මොකෝ නේත්‍ර? ආහ්හ්හ් දෙනෙතුත් ඉන්නෙ"

ආශව කතාවෙන් කතාවෙන් දෙන්නා ලගට ලං වෙලා හෙමින් සැරේ නේත්‍රගෙ කරවටේ එතිලා තිබ්බ දෙනෙත්ගෙ අත අහක් කරලා දැම්මා.ආශවගෙ සිහියෙන් හිටිය නේත්‍රට ඒ බව නොදැනුනාට ආශවගෙ වැඩේ ගැන තේරුන් ගිය දෙනෙත්ට හිනා ගියේ ආශවගෙ හිතේ තියෙන ඉරිසියාව ගැන කල්පනා වෙද්දි.දෙනෙත් දිහා බලලා ටිකක් රැව්ව ආශව තමන්ගෙ සාක්කුවට අත දාලා පොඩි ක්‍රීම් එකක් අරගෙන නේත්‍රගෙ අත උඩින් තිබ්බා.

"මේක ගාගෙන පිට්ටනියට බහින්න නේත්‍ර....නැත්තං ඔයාගෙ මූණ පිච්චෙනවනෙ....හෙට ඉදන් බොටම් ටී ෂර්ට්ස් අදින්න වෙයි....අද ඉස්කෝලෙ ඉවර වෙලා යං මාත් එක්ක හෑන්ඩ් සොක්ස් දෙකක් ගන්න.....දැන් යන්නකො දිවාෂ ලගට...මොකක් හරි උවමනාවක් උනොත් කතා කරන්න නේත්‍ර.මම මේ ලග පාතක ඉන්නවා හැම වෙලේම"

නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව දෙනෙත් එක්ක ටික වෙලාවක් හිටිය තැනම රැදිල හිටියෙ නේත්‍ර දිවාෂ ලගට යනකං බලාගෙන.නේත්‍ර දිවාෂ ලගට ගිහින් හිටගත්තා දැක්ක ආශව දෙනෙත් එක්කම පිට්ටනියෙ අනික් පැත්තට ඇදුනා.දෙනෙත් තමන්ගෙ නිවාසෙට යද්දි ආශව කෙලින්ම ගියේ පාසල් පිට්ටනියෙ කොණකට වෙන්න තිබ්බ අඹ ගහ යට හදලා තිබ්බ විශේෂ කමිටුවට.ලොකු මේසයක් එක්ක පුටු කිහිපයක් දාලා හෙවනට හදලා තිබ්බ ඒ තැන පාසලේ ක්‍රීඩා නායකයා,උපනායකයා,සීනියර් ඔෆිසර් වගේම ඒ කමිටුවට තෝරා පත් කරගත්තු ස්කූල් ඔෆිසස්ලා පස් දෙනෙක් විතරත් හිටියා.මේ කමිටුව සම්පූර්ණයෙන්ම ක්‍රීඩා උත්සව කාල සීමාව තුල හැම වැඩකම සුපරීක්ෂණ කටයුතු වල නිරත වෙද්දි ක්‍රීඩා උත්සවයේ හැම වගකීමක්ම මේ කමිටු සාමාජිකයො මත රැදිල තිබ්බා.

"නේත්‍ර,අනිද්දා පටන් ගන්නවා පොඩි කට්ටියගෙ මීටර් සීය දෙසීය දෙක....උබට පුලුවන්ද ඒකට හොද ලමයි ටිකක් තෝරගන්න? මම මේ ලබන සතියෙ ඉදලා එන ටීම් ඉවෙන්ට්ස් ටිකට කට්ටිය හොයන්න බැලුවෙ....එල්ලෙ,ක්‍රිකට්,වොලිබෝල්,ෆුට්බෝල් ඒ ටික ගහනවනෙ කට්ටිය"

"මම ඒක කරන්නම් දිවාෂ....රගර් නෑ නෙ නේද?"

"ඒක මීට් එකට දාන්න පුළුවන් එකක් නෙවේනෙ බං කොහොමත්....ස්කූල් ටීම් ඉන්න උන් ටික නිකං කොල්ලන්ව පාගගෙන යයි....උන් සෙල්ලම් කරන්න ගත්තම යක්කු වගේනේ"

නේත්‍රගෙ පිටට තට්ටුවක් දැම්ම දිවාෂ නේත්‍රට පොඩි ලමයි ටිකව බාර දීලා නේත්‍ර එක්ක ආර්යවත් තියලා තනියම ගියේ කලින් කිව්ව තරග ටිකට කණ්ඩායම් හදාගන්න ඕනි නිසා.පොඩ්ඩො ටිකව අල්ලගත්තු නේත්‍ර ඉස්කෝලෙට ආවේණික උනු කැප් එකත් පැලදගෙනම කට්ටිය එක්ක පිට්ටනියෙ ධාවන පථය ලගට ගියේ වේගෙන්ම දුවන තුන් හතර දෙනෙක්ව තෝරගන්න උවමනා වෙලා තිබ්බ නිසා.පලවෙනි දෙන්නව තරගෙට ඉදිරිපත් කලත් අතිරේක ක්‍රීඩකයො විදියට තව දෙන්නෙක්ව තියාගන්න ඕනි බව නේත්‍ර දැනගෙන හිටියා.

"ආර්ය,ඔයයි ආකාශුයි එක දෙක අල්ලගන්න,විසිත්,ඔයා තුන් වෙනියව,මම හතරවෙනියව අල්ලගන්නම්......නිමේත්,ඔයාට පුළුවන් නේද ස්ටාට් එක අරන් දෙන්න අතනින්"

"හරි කොල්ලො"

නේත්‍ර කිව්ව දේට ඔලුව වැනුව නිමේත් පොඩි උන් දහයක් විතර එක ලග හිට්ටවලා තිබ්බ තැනට දුවං යද්දි අනික් කට්ටියත් ස්ථානගත වුණේ දුවං එන පොඩ්ඩො ටිකව අල්ලගන්න.ප්‍රාථමික අංශයෙ ක්‍රීඩා උත්සවය වෙනමම උත්සවාකාරයෙන් පැවැත්වෙද්දි,හය ශ්‍රේණියේ ඉදන් දාහතර වන වසරට වෙනකං වෙනමම ක්‍රීඩා උත්සවයක් අති උත්සවාකාරයෙන් පැවැත්තුනා.

නිමේත් තුනට ගැනලා අත්පුඩියක් ගහද්දිම පොඩි උන් ටික පණ කඩාගෙන දුවගෙන ආවා.නේත්‍ර කිව්ව පිලිවෙලටම කට්ටිය ජයග්‍රාහකයො ටිකව අල්ලගනිද්දි නේත්‍ර අතේ තිබ්බ ෆයිල් එකෙන් කොලයක් අරං කට්ට්යගෙ නම් ලියාගත්තා.පොඩි උන් ටික අව්වෙ ඉන්න නිසා කට්ටියවම පරිස්සමට පිට්‍ටනියෙ තැන් තැන් වල තිබ්බ විශාල ගස් වලින් එකක් ගාවට අරං ගිය නේත්‍ර කට්ටියවම බිම ඉන්දෝගෙන අනික් තරග ගැනත් පොඩි අයට පහදන්න ගත්තා.නේත්‍රගෙ මේ වැඩ දිහා ඈත ඉදන් බලන් හිටිය ආශව හරි ආදරණීය විදියට හිනාවෙලා අහක බලාගනිද්දි ආශව ලගම හිටිය දෙවින් කිසිම හේතුවක් නැතුව වතුර බෝතලෙන් ආශවට ඇන්නා.

"මොකද අනින්නෙ?"

"මේහ්හ්"

"තටමන්නෙ? ඇයි කියපංකො"

"අද ස්කූල් ඉවර උනාම යං ජාවා ලොන්ජ්? තෙවින් එනවා කිව්වා.....නේත්‍රව එක්කං වරෙං,මම දිවාසටයි දෙනෙත්ටයි කියන්නම්......"

"එකපාරටම මොකෝ?"

"ම්ම්ම්....දෙයක් කියන්න තියේ.....තවත් මේක හංගන් ඉන්න බෑ මට"

.

.

.

.

.

"මචං මෙහෙමයි.....අරුන්ගෙ හවුස් එකේනෙ බං ගේම්ස් කැප්ටන් ඩිපියුටි කැප්ටන් ඩබලම ඉන්නෙ....අනික උන් දෙන්නා ක්‍රිකට් ටීම් එකෙත් ඔය පෝස්‍ට් දෙකම දරනවනෙ....ඉතින් අපි උන්ට උණ ගැනෙන්න ගහන්න ඕනි මේ පාර"

"ඈ දිවාෂ,දෙවින් අයියා උබේ අයියා වගේනෙ බං ඉන්නෙ? එහෙම මනුස්සයට ඔහොම කරන්න හදන්නෙ ඇයි?"

"මේ අහපං විසුල්.....මේක බං ඔය යාලුකම් හිතවත්කම් එක්ක කරන්න පුළුවන් වැඩක් නෙවේ......මම දෙවින් පණව මේ ටිකේ ඩිවෝස් කරලා ඉන්නෙ.....ඌයි මායි නයයි අදුකොළයි වගේ..... මීට් එක ඉවර උනාම ආයෙ මම ඌව බදිනවා....එච්චරයි! එතකං ඔය හිතවත්කම් නෑ මේ දිවාසගෙ පපුවෙ"

"ශරි.....ක්‍රිකට් ටීම් යෙකේ ශෙට් එකවම එල්ලෙ ගාන්නත් දාමු නේත දිවාෂ?"

"ඇයි උබ හිතුවද අපේ ඉස්කෝලෙ ටීම් එකත් නැෂනල් ටීම් එක වගෙ කියලා? අනේ මේ කාර්තික්.....දෙන්නෙ හොම්බට දෙකක්"

"මරාගන්න එක නවත්තලා මම කියන එක අහපල්ලකො යකුනේ.......ටීම් වලට එන්න කැමති අය කියන්න..... එතකොට ටීම් එක හදාගන්න පුළුවන්නේහ්? එකම උන් ටික හරි කමක් නෑ.....දිනන්න තිබ්බොත් ඇති"

"හරි එහෙනම්......ටීම් වලට ලීඩස්ලා දාගමු.....එයාලට කියමු කට්ටිය හදාගන්න කියලා....එහෙම හොදයි නේහ් දිවාෂයා?"

"ඕ....එහෙම කරමු....නිමේත්ව දාමු ක්‍රිකට් ටීම් එක බලන්න,විසුල් වොලිබෝල්....අනික් දෙකටත් හරි යන දෙන්නෙක් දාගමු"

කට්ටිය එක්ක කියෝ කියෝ පිට්ටනිය දිහාවට ඇදෙද්දි තරහකාර හවුස් එකේ කැප්ටන් උනු සෙනුල් දිවාෂ දිහා බලලා කට කොනකින් හිනා වීගෙන ගියා.කොහොමත් ක්‍රීඩා උත්සව කාලෙට ඔව්වා සාමාන්‍ය දේවල් නිසා දිවාෂ එහෙම්මම සෙනුල්ට පේන්න මැද්දෙ ඇගිලෙන් තමන්ගෙ කොණ්ඩෙ හදාගෙන කාර්තික්ගෙ කරට අතක් දාගෙන ගියා.පිට්ටනියට යද්දි අඹ ගහ යට වාඩි වෙලා හිටිය දෙවින්වයි ආශවවයි දැක්ක දිවාෂ අතට ගත්තු වැලි අහුරක් මතුරලා ඒ පැත්තට ගහනවත් එක්කම ඈතින් ආව ක්‍රීඩා ගුරුතුමාව දැක්ක දිවාෂ ඔක්කොමල්ලව පෙරලගෙන පිට්ටනියට දුවගෙන ගියා.

ඔය විදියට තරග තෝරා ගැනීම් එක්කම කාලෙ ගෙවෙද්දි ආශව නේත්‍ර දිහාවටම ඇහැ ගහගෙන හිටිය නිසා ආශව දැකිය යුතුම දෙයක් ආශවට මගෑරිලා තිබ්බා.නේත්‍රව පරිස්සම් කරන්න ඕනි නිසා හැම වෙලේම ආර්යව නේත්‍ර ලග තියලා තනියම ඉස්කෝලෙ හැම තැනම යන දිවාෂගෙ පස්සෙන් වැටිලා තිබ්බ ඇස් දෙක ආශවට මගෑරුනා.දිවාෂගෙ පස්සෙ වැටිලා තිබ්බ ඒ ඇස් වල තිබ්බ බැල්ම ආශව නිකමට හරි අද දැක්කනම් අනාගතේදි වෙන්න තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසදගන්න හැකියාවක් තිබුණා.මොකද කොච්චර රණ්ඩු කලත් ආශව දිවාෂට තමන්ගෙ හිතේ තමන්ගෙම සහෝදරයෙක් කියන ඉඩ වෙන් කරලා තිබ්බා.

"නේත්‍ර ක්‍රීම් එක ගෑවා නේද?"

"ඔව් සුදුබේබි ගෑවා"

"ඕක දිගටම පාවිච්චි කරන්න හොදද? අනික හැමවෙලේම කැප් එකත් දාගෙන ඉන්න....තේරුණාද? නැත්තං ඔලුවෙ කැක්කුම අල්ලයි"

"හරි සුදුබේබි"

පාසල අවසන් වුණාට පස්සෙ දෙවින් කට්ටියමවත් එක්කගෙන ජාවා ලොන්ග් කැෆේ එකට ආවෙ තෙවින් එක්කමයි.මොකද්ද මංදා දෙවින්ට කියන්න දෙයක් තියෙනවා කිව්ව නිසා කට්ටියම ඒ වෙනුවෙන් බලන් හිටියා.කැෆේ එක ඇතුලට ගිය ඉලන්දාරි ටික එතන තිබ්බ මේසයක්  ලගට අනික් මේස ලග තිබ්බ පුටු කීපයක් ඇදගෙන එක ලග ඉදගත්තෙ එවෙලෙ කිසි මනුස්සයෙක් කැෆේ එකේ නොහිටි නිසා. නේත්‍ර ලගින්ම ඉදගත්තු ආශව නේත්‍ර එක්ක කුටු කුටු ගාලා මුමුණන්න ගනිද්දි දිවාෂ ලගින් ඉදගත්තු තෙවින් ලෝක පුදුමයක් වගෙ බලාගෙන හිටියෙ කට පියාගෙන ඉන්න දිවාෂ දිහා.සාමාන්‍යෙන් කටට කිසි වෙලාවක නිවනක් නොදෙන දිවාෂ අද මෙහෙම අසාමාන්‍ය නිහඩතාවයකින් හිටිය එක තෙවින්ට හරි ප්‍රශ්නයක් උනා.

"යුගාන්......"

"ම්ම්ම්ම්....."

"Ewww යුගාන්......ම්ම්ම්ම් ගාන්නෙ ඇයි? වෙනදා වගේ ' ඇයි මොකද?' කියලා අහපංකො"

"අනේ මේ"

"අද මොකෝ කට වහන්?"

"මම කතා කලත් වැරදියි නැතත් වැරදියිනෙ ඔයාට"

"එහෙම නෙවෙ......යුගාන් වගේ කෙනෙක් සයිලන්ට් වෙන එක ටිකක් අමුතුයිනෙ...යූ නෝ....අර කම්මලක වැඩ නතර උනා වගේ තමා"

"හා හා.....යැයි යැයි"

"යුගාන්.....අවුලක්නම් කියන්න හරිද? අද ඔයා හුගක් වෙනස්"

"එහෙම එකක් නෑ තෙවින්....ඉන්න දීපංකො...මට හරි මහන්සියි"

"සොරි යුගාන්.....මට අමතක උනානෙ ඔයාලට මීට් පටන් ගත්තා කියලා.....මේහ්....ඕඩර් එක එනකං මගෙ උරහිසට ඔලුව තියං ඉන්න ඕනිනම්......කැමතිනම් වි...."

තෙවින් කියන්න හැදුව දේ ඉවර කරන්නත් කලින් තෙවින්ගෙ උරහිසට ඔලුව තියාගත්තු දිවාෂ ඇස් දෙක පියාගනිද්දි එක පාරටම උනු දේ දැක්ක ආශවගෙත් ඇස් දෙක ලොකු වෙලා තිබ්බා.ෆෝන් එක ඔබ ඔබ හිටිය දෙනෙත් නම් මේ කිසිම දෙයක් නොදකිද්දි ටික වෙලාවකින් Iced americano ටික අරගත්තු දෙවින් කට්ටිය ලගට ආවා.ඒත් එක්කම දිවාෂට තට්ටු කරපු තෙවින් එක කප් එකක් අරන් ඒක දිවාෂගෙ අතින් තියද්දි පුටුව අස්සෙන් අත දාලා තෙවින්ගෙ පස්ස පැත්තට ඇන්න දිවාෂ මහ කුප්ප හිනාවක් එක්ක americano එක බොන්න ගත්තා.

"මොකද්ද දෙවින් උබට කියන්න තියෙනවා කිව්වෙ?"

"පොඩ්ඩක් ඉන්න.....තව ටිකකින් කියන්නම් ඒක පිලිවෙලකටම"

දෙවින් හිනා වීගෙන කියද්දි නේත්‍ර හොරෙන් බැලුවෙ දෙනෙත් දිහා.දෙනෙත්ගෙ ඇස් දෙක ලාවට දිලිසෙන ගමන් තිබ්බෙ නේත්‍ර හිතන දේම දෙනෙතුත් හිතන නිසා වෙන්න ඇති කියලා නේත්‍ර කල්පනා කලා.ඒත් එක්කම දෙවින්ගෙ ෆෝන් එකට ආව කෝල් එකකට උත්තර දෙන ගමන් දෙවින් එතනින් පිට වෙලා යද්දි කට්ටියම එකිනෙකාට මූණු දිහා බලාගත්තෙ වෙන්න යන්නෙ මොකද්ද කියලා නොතේරුනු නිසා.ඒත් එක්කම ආපහු පාරක් ටේබල් එක ලගට ආව දෙවින් තමන්ගෙ පිටිපස්සෙන් ඇවිදන් ආව කෙනාව අතින් අල්ලලා ඉස්සරහට ගන්න ගමන් කට්‍ටියටම කතා කලා.

"ආශව,දෙනෙත්,දිවාෂ,නේත්‍ර,මල්ලි.....මේ ඉන්නෙ නිදුකි.....මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්"

...................................................................................................

වචන 3500+😪❤️

ඔන්න දිග එකක් දුන්නා ඈ👉👈

කතාව කම්මැලි නෑ නේද යන විදිය?

අප්ඩේට් පරක්කු වෙන එකටත් තරහා වෙන්න එපා බබාලා😪 යුනි එකෙ වැඩ ගොඩ ගැහිලා.....ස්ට්‍රෙස් පිට ඉන්නෙ ඒකටත්💔

ඉතින් අදත් අදහසක් කියන් යන්න බබාලා🥺❤️

මොකද දහසකුත් වැඩ තියං පුළුවන් වෙලාවට හරි අප්ඩේට් එකක් දෙන මගෙ මහන්සියට වටිනාකමක් ලැබෙන්නෙ ඒකෙන්නෙ🙂❤️

නේට්ටයි සුදුබේබියි🥺❤

(නේට්ට ඔයිටත් වඩා කොටයි චූටියි හැබැයි🥺❤️)

කැමීලියා ගිහින් එන්නම් බබාලා

ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter