Back
Chapter 46

45 කොටස🤍✨

නිවාලන්න මා...

"ම්.....මොකද්ද අයියෙ කිව්වෙ?"

"මේ ඉන්නෙ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්.....ඇත්තටම සොරි මේක කියන්න මෙච්චර පරක්කු උනාට.....නිදූ,මේ ඉන්නෙ ආශව,මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ්....මේ ඉන්නෙ නේත්‍ර....එතකොට මේ දිවාෂ....මම ඔයාට කියලා තියෙන්නෙ.....මේ ඉන්නෙ දෙනෙත්.එතකොට මෙයානම් මගෙ ට්වින්"

"හායි....."

"හායි නිදුකි!"

හැමෝම අන්දමන්ද වෙලා හිටිය වෙලාවක නිදුකි ලස්සන හිනාවක් දාන ගමන් හැමෝටම කතා කලත් කිසි කෙනෙක්ට උත්තර දෙන්න සිහියක් නොතිබෙද්දි පියවි සිහියෙ හිටිය එකම මනුස්සයා උනු තෙවින් නිදුකිට ආපිට උත්තර දුන්නා.නිදුකිව නිකමටවත් දැකලා නොතිබ්බ නිඩා හැමෝම නිදුකි නුවර නොවන කෙනෙක් කියලා මේ වෙද්දිනුත් අනුමාන කරලා තිබ්බා.කරකියාගන්නම දෙයක් නොවුණු ආශවත් කතා කරන්නම ඕනි නිසා නිදුකි දිහා බැලුවා.

"ඔයා කොහෙද?"

"ම්ම්ම්ම්......මම කොලබ....කොලඹ කිව්වට ඉතින් දිස්ත්‍රික්කෙ විතරයි.....හරියටම කිව්වොත් මම ඉන්නෙ රාජගිරියෙ"

නිදුකිගෙ කතා බහෙන්ම නිදුකි හරි ෆෝවර්ඩ් ගෑනු ලමයෙක් කියලා කට්ටියටම තේරුම් ගියත් නිදුකි ඉන්න පැත්ත ගැන ඇහුව ගමන් ආයෙ හැමෝම පුදුම උනා.මොකද සමාජෙ උසස් කියලා හදන් ඉන්න අමුතුම සම්මතවලට අනුව උසස් පැලැන්තියෙ මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ජීවත් වෙන රාජගිරිය පැත්තෙ ඉන්න ගෑනු ලමයෙක් කියලා නොහිතෙන තරමට නිදුකි සංවර උනා.දණහිස ගාවට විතර දිගට තිබුනු පිම්බුනු දිග අත් තියෙන ගවුමකට සපත්තු දෙකක් දාලා හිටිය නිදුකිගෙන් නාගරික පෙනුමක් දකින්න ලැබුණත් ඊට එහා ගිය මොකක්ම හරි සංවරකමකුත් හැමෝටම පේන්න තිබුණා.ඒත් කිසිම කෙනෙක් හිටියෙ නිදුකිගෙ මේ රූපෙ රස විදින්න පුළුවන් මට්ටමක නෙවෙයි.

ආශව ලගින් ඉදගෙන හිටිය දෙනෙත්ගෙ එක අතක් ආශවගෙ එක අතක් තද කරලා අල්ලගෙන තිබ්බා.හයිය හත්තිය තියෙන ආශවගෙ අතටත් දැනෙන තරමටම දෙනෙත් ආශවගෙ අතේ මැණික් කටුව ලග හයියෙන් මිරිකගෙන හිටියා.කාටවත් නොපෙනෙන විදියට ආශව දෙනෙත් අල්ලගෙන හිටිය අතේ අත්ලෙන්ම දෙනෙත්ගෙ කකුලට හෙමින් තට්ටු කරන්න ගත්තෙ,දෙනෙත් නොකිව්වට ඒ හිතේ දෙවින් වෙනුවෙන් මොකක්ම හරි හැගීමක් තිබ්බා කියලා ආශවට තේරිලා තිබුණු නිසා.බිමටම ඇස් දෙක හරවගෙන හිටිය දෙනෙත් තමන්ගෙ ඇස් වලින් එලියට පයින්න හදන කදුළු එලියට වැටෙන්න නොදී තද කරගෙන හිටියෙ මෙතන අඩලා ප්‍රශ්නයක් දාගන්න ඕනි නැති නිසා.

කිසිම කෙනෙක් නිදුකි එක්ක කතා කරන්න උනන්දු නොවෙද්දි එතන තිබ්බෙ සෑහෙන නිහඩ බවක්.දෙවින් නිදුකියි තමනුයි හම්බුනු හැටි,ආදරේ කරන්න ගත්තු හැටි ගැන කියද්දි කට්ටියම හරි හිස් බැල්මකින් දෙවින් දිහා බලන් හිටියා.එතන කිසිම කෙනෙක් තමන් එක්ක කතා කරන්නෙ නැති නිසා දැනුනු අපහසුතාවය නිසාද කොහෙද නිදුකිගෙ ඇස් හැම වෙලේම ඇවිත් තෙවින් ලගින් නතර වෙද්දි තෙවින් නිදුකිව සාමාන්‍යෙන් දන්න කෙනෙක් වගේ කතා බහ කරන්න ගත්තා.

"ඔහ්හ්.....මේ මට අද හදිසි වැඩක් තියෙනවා....මට දැනටමත් පරක්කු වෙලා ඒකට යන්න.....ඇත්තටම සොරි දෙවින් මට මේක සෙලිබ්‍රේට් කරන්න ඉන්න බැරි වෙන එකට..... ඒත් ඔයාලා එන්ජෝයි කරන්න හොදද? නිදුකි.....සෝ හැමදාම සතුටින් ඉන්න හොදද? Congratulations දෙන්නටම....මට දැන් යන්න වෙනවා"

"ආහ්හ්හ්.....හරි දෙනෙත්....බායි"

වෙනදට තමන් යනවා කියලා පිටත් වෙලා යද්දි 'මාත් එන්නද?' කියලා අහන දෙවින් අද කිසිම ගාණක් නැතුව දෙනෙත්ට බායි කියද්දි අමාරුවෙන් හිනා වුණු දෙනෙත් හැමෝටම අත වනලා එතනින් පිට වෙලා එලියට දුවගෙන ආවා.කැෆේ එකේ ඉදලා ටිකක් ඉස්සරහට ඇවිදගෙන යද්දි දැන් ටිකකට කලින් තමන් දාපු පික් මී එකේ කැබ් එකක් ඇවිත් දෙනෙත් ලගින් නතර කලා.කැබ් එකට නැග්ග දෙනෙත් යන්න ඕනි තැන කියලා වාහනේ ජනේලෙට ඔලුව තියාගෙන තමන්ගෙ කදුළු පිට කරද්දි වාහනේ දූවිලි අවුස්සගෙන ඉදිරියට ඇදුනා.

"ඉතින් නිදුකි ලබන අවුරුද්දෙද එක්සෑම් කරන්නෙ?"

"ඔව් තෙවින් අයියෙ....."

"ඒ කියන්නෙ යුගාන්ලගෙ වයසෙ"

"ඕහ්හ්....මෙයාලත් මගෙ වයසෙද?"

නිදුකි හරියට කාලෙක ඉදන් දන්න කෙනෙක් වගේ තෙවින් එක්ක කතා කරන එක දිවාෂටනම් සෑහෙන හිසරදයක් උනා.හේතුවක් නොදන්නවා උනාට දිවාෂට ඕනි උනේ තෙවින්ගෙ ඔලුව පලලා දාන්න.දෙවින්ගෙ අතින් දෙනෙත්ගෙ හිත රිදුනු එකට සෑහෙන කේන්තියකින් හිටිය දිවාෂගෙ කේන්තිය තවත් වැඩි කරන්න නිදුකිටයි තෙවින්ටයි පුළුවන් උනා.ඇත්තටම දිවාෂ දැනන් හිටිය විදියට දෙවින් කරන්න හිටියෙ දෙනෙත්ගෙ ඉස්සරහ කෙල්ලෙක් ඉන්නවා කියලා කටින් කියන එක විතරයි.ඒත් මෙහෙම ඇත්තටම ගෑනු ලමයෙක් එක්ක දෙවින් යාලුවෙයි කියලා දිවාෂ නිකමටවත් හිතලා තිබ්බෙ නෑ.අනික් පැත්තෙන් දෙවින් මේ පුංචි වෙලාව ඇතුලෙ උනත් නිදුකිට සලකන හැටි,නිදුකි ගැන වද වෙන හැටි දැක්ක දිවාෂගෙ හිතට උනත් ඒ බැදීම ශක්තිමත් එක්ක්දෝ කියන සැකේ ඇවිත් තිබ්බා.ඒ අස්සෙ තෙවිනුත් නිදුකිට කිසි අකමැත්තක් නොපෙන්නා හොදට කතා බහ කරද්දි දිවාෂගෙ මල යකා හොදටම ඇවිස්සුනා.

"නිදුකි එතකොට මෙහෙ ආවෙ?"

"මෙයාව හම්බෙන්නම තමා.....කොහෙද මට එන්න කියලා වදේ....මේ ටිකේ අපේ ස්කූල් එකෙත් මීට් නිසා දවසක් දෙකක් ගියේ නැති උනාට අවුලක් නෑ"

"එහෙම....හුක්!"

"ඇයි තෙවින් අයියෙ?"

"න්...නෑහ්....නි....හ්....දුකි.....ආහ්හ්.....කකුල කෑවා මොකෙක් හරි"

දිවාෂ හිටියෙ අතේ තිබ්බ හැට්ට කට්ටකින් තෙවින්ගෙ පස්ස පැත්තට අනින ගමන්.බොරුවට කකුල අතගාගත්තට මොකෝ තෙවින්ට ඕනි වෙලා තිබ්බෙ මේ වෙලාවෙ තමන්ගෙ පස්ස පැත්ත අතගාගන්න.ඒත් කෙල්ලෙකුත් ඉන්න තැන එහෙම කරන එක හරි නෑ කියලා තෙවින්ට හිතෙද්දි දිවාෂ නිදුකිගෙයි තෙවින්ගෙයි කතාවට සාවධානව ඇහුම්කන් දෙනවා වගේ රගපාන ගමන් බැලුම් බෝලයක් වගේ දිවාෂට පේන තෙවින්ගෙ පස්සට එක දිගට අර හැට්‍ට කට්ටෙන් විද විද හිටියා.

"මොකෙද්ද කෑවෙ තෙවින් අයියෙ?"

"මදුරුවෙක් මම හිත.....හික්.....මම හිතන්නෙ මදුරුවෙක්"

බැරිම තැන හෙමීන් සීරුවෙ තමන්ගෙ පස්ස ලගට අත ගෙනිච්ච තෙවින් ඒ හරියෙ දගලන ගමන් තිබ්බ දිවාෂගෙ අත හයියෙන් අල්ලලා මිරිකද්දි දිවාෂගෙ ඇස් වලට කදුලුත් ආවෙ ඒ වේදනාවට.ඇබින්දන් ඇගිලි එක්ක චුට්ටං අතක් තිබ්බ දිවාෂට තෙවින්ගෙ හයිය අතේ ග්‍රහණෙ දැනුනෙ දඩු අඩුවකට අහු උනා වගේ.දිවාෂගෙ ඇගිලි අතරින් හැට්ට කට්ට අතෑරෙනකංම දිවාෂගෙ අත මිරිකලා අල්ලන් හිටිය තෙවින් හැට්ට කට්ට බිමට වැටෙනවත් එක්කම සැක නොහිතෙන විදියට බිමට නැවිලා ඒක තමන්ගෙ අතට අරගන්නවත් එක්කම දිවාෂගෙ අත අතෑරියා.රිදුණු අත පෙන්නලා හාදුවක්වත් ගන්න දෙනෙත් නොහිටිද්දි දෙවිනුත් නිදුකි එක්ක කතා බහට කාර්‍යබහුල වෙලා ඉද්දි දිවාෂ තමන්ගෙ මූණ බෙරි කරන් බිම බලාගත්තා.

"රිදුණද තමුසෙට? ඕනි නැති මගුල්නෙ ඉතින් කරන්න යන්නෙ.....කෝ පෙන්නනවා අත"

මෙච්චර වෙලා දිවාෂගෙයි තෙවින්ගෙයි අතරෙ උනු සිද්ධිය දිහා බලන් හිටිය ආශව හෙමීට දිවාෂගෙන් අහද්දි දිවාෂ මුකුත් නොකියා හිටිය විදියටම හිටියෙ කොහොමත් ආශව නේත්‍ර ගැන ඇරෙන්න වෙන කා ගැනවත් වද වෙන්නෑ කියලා දැනන් හිටිය නිසා.ඇත්තටම දිවාෂ ඉන්නෙ වේදනාවෙන් කියලා තේරුනත් ආශවට ඒකට කරන්න ඕනි මොකද්ද කියලා දැනුනෙ නෑ.මොකද ආශවගෙ හිතේ එන හැම හැගීමක්ම වගේ මතු වෙන්නෙ නේත්‍ර ඉස්සරහදි විතරක් නිසා.ඒ නිසාම නේත්‍ර දිහා බැලුව ආශව නේත්‍රව දිවාෂ ලගට දාලා නේත්‍ර හිටිය තැනට තල්ලු වෙලා ගියේ නේත්‍ර දිවාෂට මොකක් හරි සහනයක් දෙයි කියන බලාපොරොත්තුවෙන්.

"කෝ අත දෙන්නකො දිවාෂ"

දිවාෂගෙ අත අල්ලගත්තු නේත්‍ර ඒ අත තමන්ගෙ පුංචි අතකින් හෙමීට පිරිමදින්න ගනිද්දි ටික වෙලාවක් ඕක දිහා බලන් හිටිය ආශව ඇස් දෙකත් කරකවන ගමන් නේත්‍රගෙ අනික් අත අල්ලගත්තා.ආශව කල වැඩේ එක්ක නේත්‍රට හිනා ගියත් නේත්‍ර ආශවගෙ අතේ පැටලිලා තිබ්බ තමන්ගෙ අතේ මාපටැගිල්ලෙන් ආශවගෙ අත හෙමි හෙමින් පිරිමැද්දා.නේත්‍ර ඒත් එක්කම කල්පනා කලේ දිවාෂගෙ මේ හැසිරීම ගැන.මේ වගේ දේකදි දිවාෂ සාමාන්‍යෙන් නම් අනික් පැත්ත හැරිලා ඒ රිද්දෝපු මනුස්සයට ගහනවා මිසක් මෙහෙම මූණ බෙරි කරන් ඉන්නෑ කියලා නේත්‍ර හොදටම දැනගෙන හිටියා.

ටික වෙලාවක් කට්ටිය කතා කර කර ඉදලා පිටත් වෙලා යන්න හදද්දි නිදුකි නැවතිලා ඉන්න යාලුවගෙ ගෙදරට ගිහින් නිදුකිව ඇරලවන්නම් කිව්ව දෙවිනුත් නිදුකි එක්කම කැබ් එකකට නැගලා පිටත් උනා.මෙච්චර වෙලා උනු දේවල් මොලේට ධාරණේ කරගන්න අමාරු උනු නේත්‍ර හෙමින් සැරේ ආශවට හේත්තුවක් දාද්දි ආශව හෙමින් සීරුවෙ නේත්‍රගෙ ඔලුව අතගෑවා.

"අපිත් යමු නේහ් ආශවයා එහෙනම්"

"යං"

උදේ ඉදලා කමිටු සාමාජිකයො උනු තමන් අඹ ගහක හෙවනෙ හිටියත් නේත්‍ර අර පිට්ටනියෙ කට්ට කෑවා කියලා දන්න ආශව තමන්ගෙ බෑග් එක කරේ එල්ලගෙන නේත්‍රගෙ බෑග් එක එක අතකට ගත්තා.වෙනදට ආශවට තමන්ගෙ වැඩ කරන්න ඉඩ නොදුන්නත් අද තියෙන මහන්සිය නිසාම නේත්‍රත් ඒකට මුකුත් නොකියා ආශවගෙ අතකින් අල්ලගෙන තෙවින්ගෙ වාහනේ පිටිපස්සට නැග්ගා.දිවාෂ පැසෙන්ජර් සීට් එකේ ඉදගනිද්දි තෙවින් වාහනේ පණ ගන්වගෙන ඉදිරියට ඇදෙන්න ගත්තා.

"තෙවින්,උබ දන්නවද දෙවින් කෙල්ලෙක් එක්ක සෙට් උනා කියලා?"

"නෑ බං....මටත් හිතාගන්න බෑ අයියා මොකද්ද කරන්න යන්නෙ කියලා"

"ඔව් ඔව්....හිතාගන්න බැරි නිසා වෙන්න ඇති අනාගත නෑනන්ඩි එක්ක සිරික්කිය දදා කයිය ගැහුවෙ"

"අයින්න එපා යුගාන්.....තමුසෙගෙ කෝටු අත් වලින් අනිද්දි රිදෙනවා"

"අයියා මලෝ දෙන්නා එක ගෙයි කන්නද කොහෙද ලෑස්ති වෙන්නෙ...හහ්.....යසයි යසයි."

"දිවාස.....උබේ කටට බ්‍රේක් ඇත්තෙම නෑ නේහ්? ඔහොම ගි......නේත්‍ර! මොකෝ මේ හැක හැක ගාන්නෙ?"

"එකගෙයි කනවා කියන එක මම දන්නවා සුදුබේබි.....හෑයියා.....හෙ හෙ"

නේත්‍ර තමන්ගෙ චූටි කටත් වහන් ඇස් දෙක හීනි කරන් හිනා වෙවී හිටියෙ හරි ලැජ්ජාවකින්.ගමක හැදුනු වැඩුනු නේත්‍ර එක් ගෙයි කනවා කියන දේ දැනගෙන හිටිය එක අරුමයක් නෙවේ.මොකද එක ගෙයි කෑම කියන දේ ගමේ සංස්කෘතියත් එක්ක අතීතෙ බැදිලා තිබ්බ දෙයක්.

"නේත්‍ර අපි දෙන්නා එක ගෙයි කමුත චූචි පැච්චො....."

"හා හා උබ ඉදින් දිවාස! නේත්‍ර එක ගෙයි හරි ගෙවල් දෙකේ හරි මම එක්ක විතරක් කයි.....උබ ඉදපං පාඩුවෙ"

"අනේ මේ ආසව! මගෙ කට අවුස්සගන්න එපා ඈ උබර්.....එක ගෙයි කන එක තමා දැන් පොශ් වෙලා වෙන සීන් එකකට ඇවිත් තියෙන්නෙ"

"ඒ මොකද්ද දිවාෂ?"

"නේත්‍ර! ඔයාට ඔව්වා වැඩක් නෑ.....මූ කියන අමන කතා ඔයා අහන්න එපා"

"ඉදපංකො ආසව ටිකක්! නේත්‍ර මෙව්වා දැනගත්තා කියලා බඩ වෙන්නෙ නෑනෙ......එක ගෙයි කෑම තමා දැන් ටිකක් පොශ් වෙලා ත්‍රී ස......."

"යුගාන්!"

"දිවාස!"

"අනේ මේ ආසව....උබ ඔහොම්මම නලෝ නලෝ ඉදපංකො නේත්‍රව....මම අද ඇප තියලා මේ කියන්නෙ....මගෙ කටින් උනු දෙයක් වැරදිලා නෑ අද වෙනකං! උබට හනිමූන් එක දවසට මූව තුරුල් කරන් බුදියන්න තමා වෙන්නෙ! ඔන්න බලපං එහෙම වෙන්නෙ නැද්ද කියලා! උබට ඩිස්ටි ඩිඩිං කරන්න වෙන්නෙ නෑ එදාට"

"කෑගහන්න එපා යුගාන්....මගෙ කන කීං කීං ගානවා"

"තෝත් ඉදපං තෙවින් පැහෙන්නෙ නැතුව......කම්මල වැඩ නෑ කියලා නහින්න ගියා නේද? දැන් කම්මලේ වැඩ පටන් ගත්තා....අහං ඉදපං ඉතින්....ටාං ටීං.....කම්මලේඒඒඒඒඒඒඒඑ යකඩ තලනවාආආආආආආආආ.....තලන යකඩ දමාලාආආආආආආඅ ටැට්ටර් යනවාආආආආආආආ"

"ට්‍රැක්ටර් යනවා නෙවේ දිවාෂ.....උදලු හදනවා"

"තැන්කූ නේත්‍ර පැංචෝ......ආසව පේනවා නේත.....උබ මූ එක්ක ලමා ගීතම කිය කිය ඉදපං......ගුන බුස ජපුර උබර්ට"

"උබ ඉදිංකො"

"කෑ නොගහා ඉදපං යුගාන්....කන ගැලවෙයි මගෙ"

"ටාං ටීං කම්මලේ ටැට්ටර් යනවාආආආආආආආඅ.......හදන උදලු දමාලා බබා අඩනවාආආආආආආආ"

කරගන්නම දෙයක් නැති උනු තැන ආශවයි නේත්‍රයි තමන්ගෙ කන් ව්හ ගනිද්දි තෙවින් දිවාෂගෙ වද හිංසාව දරාගෙන වාහනේ එලෙව්වා.මොකෝ ඒකා අත් දෙකෙන් කන් වහගත්තම සුක්කානම කරකවන්නෙ අහවල් එකෙන්යෑ!

.

.

.

.

.

"සුදුබේබි......."

"ඕ නේත්‍ර...."

"බඩ්ඩක් කියන්න තියේ නේත්‍රට"

"ඒ මොකද්ද අප්පේ ඒ? කියන්න බලන්න.....කෝ මෙතනින් ඉදගන්න"

ගෙදර ආවට පස්සෙ නේත්‍රට ඇගපත සෝදගෙන ටිකක් නිදාගන්න කිව්ව ආශව නේත්‍රගෙ සද්දෙ ඇහෙන මානෙට වෙලා හිටියෙ නේත්‍රගෙන් 'මම ඇදුමක් ඇදගත්තා සුදුබේබි' කියන පණිවිඩය තමන්ගෙ දුරකතනයට එනකං.පැය බාගයක් වගේ ගත වෙද්දි ඒ පණිවිඩේ තමන්ගෙ දුරකතනයට ආවම ආශව වලව්වට ගෑටුවෙ නිල ඇදුම ගලෝලා අහක් කරලා ඇගපත සෝදගන්නවා කියන පරමාර්ථෙන්.ආශවට උනත් ටිකක් තෙහෙට්ටු ගතියක් දැනිලා තිබ්බා.

පැයක එකහමාරක නින්දකට පස්සෙ ආශව තමන්ගෙ ඇස් අරිද්දි ලා තැඹිලි පාට හිරු කිරණ කාමරේ ඇතුලට ගලා එමින් තිබුණා.ඇදන් උන්නු සරම ගලවලා අහකට දැම්ම ආශව කොට කලිසමක් ඇදගෙන ඊට උඩින් ටී ෂර්ට් එකකුත් ඇදගෙනම එලියට බැස්සෙ නේත්‍රව බලන්න යන්න තිබ්බ උවමනාවට.වලව්වත්තෙ පල්ලම බහින ආශවගෙ මූණෙ ලස්සන හිනාවක් වගේම අතේ චොකලට් බිස්කට් එකකුත් රැදිලා තිබ්බා.ආශව ආවට පස්සෙ නේත්‍රලාගෙ ගෙදර දොරට කීප පාරක්ම තට්ටු කරලා නේත්‍රව අවධි කරවගන්න පුළුවන් උනා.ටික වෙලාවක් යද්දි නේත්‍ර හිටියෙ නේත්‍ර මේ ලෝකෙ ආසම කරන තැන! ආශවගෙ අත් අතරෙ!

"සුදුබේබිට කිරි එකක් හදලා දෙන්න පිටි ඩිංගිත්තක්වත් නෑනෙ ගෙදර......සුදුබේබිට කිරි එකක් බීලමයි ඉන්න තිබ්බෙ"

"කිරි එකට වඩා මගෙ බඩපිරෙන දේ තියෙන්නෙ මෙතන.....ඉතින් මම ආවා"

නේත්‍රගෙ කොන්ඩෙ ඇවිස්සුව ආශව කියද්දි නේත්‍ර තමන්ගෙ නාහෙත් අකුලගෙන හිනා වුණා.නේත්‍රගෙ අතේ තිබ්බ තේ වතුර කෝප්පෙ තමන්ගෙ අතට අරගත්තු ආශව ඒක බොන්න පටන් ගනිද්දි ආශව ලගින් ඉදගත්තු නේත්‍ර ආශව අරන් ආව චොකලට් බිස්කට් එක කන්න ගත්තෙ හොරෙන් හොරෙන් ආශව දිහා බලන ගමන්මයි.නේත්‍රගෙ හොර බැල්ම දැක්ක ආශව හොරෙන් හිනා වෙන ගමන් තේ එක බිව්වෙ නේත්‍රට ඕනි වෙලා තියෙන දේ දැන දැනමයි.තමන්ගෙ අහිංසක හිත සමහර දේවල් වලට කොච්චර ආසා උනත් කවදාවත් සුදුබේබිගෙ ඉස්සරහ ඒ ආසාවල් ගැන කිව්වෙ නෑ.කොච්චර උනත් හැමවෙලේම නේත්‍රගෙ හිතේ තමන් සුදුබේබිට වඩා පහත් කියන හැගීම හොල්මන් කලා.ලොකු හුස්මක් පහල දැම්ම නේත්‍ර අදත් ඒ වගේ තමන්ගෙ ආසාව යටපත් කරගනිද්දි එකපාරටම නේත්‍ර ගැස්සිලා ගියේ තමන්ගෙ ඉණ වටේට දැනුනු ශක්තිමත් අතක ස්පර්ශෙකින්.

"කෝ මේකෙන් ටිකක් බීලා දෙන්න"

"ස්....සුදුබේබි?......"

"නේත්‍ර බාගයයි මම බාගයයි බොමු"

"හ්....හා සුදුබේබි"

ආශව දිහා ආදරේ පිරුණු ඇස් දෙකකින් බලන් උන්නු නේත්‍ර තේ කෝප්පෙ අතට ගත්තෙ ආශව තමන්ගෙ ආසාව ගැන තේරුම් ගත්තෙ කොහොමද කියලා හිතන ගමන්.ඇස් දෙකත් ලොකු කරගෙන තේ කෝප්පෙන් උගුරක් බිව්ව නේත්‍ර රෝස පාට උනු මූණ හංගගන්න ගමන් තේ කෝප්පෙ ආපහු පාරක් ආශවට දික් කලා.නේත්‍රගෙ අත ඇල්ලෙන්න එක්කම කෝප්පෙ අල්ලගත්තු ආශව නේත්‍රගෙ මූණ දිහා බලාගෙනම තේ උගුරු දෙක තුනක් බීලා ඉතිරිය නේත්‍රට බොන්න දෙද්දි නේත්‍ර නිශ්ශබ්දවම තේ ටික බීලා ඉවර කලා.නේත්‍ර කතා කරන්න කටවත් නෑරියෙ තිබ්බ ලැජ්ජාවට.

නේත්‍ර කියන්නෙ ලොකු ලොකු ආසාවල් තියෙන කෙනෙක් නෙවේ කියලා ආශව තේරුම් අරගෙන හිටියා.නේත්‍රට තිබ්බෙ හරි පුංචි ආසාවල්.ඒත් නේත්‍ර ඒ දේවල්වත් ආශවට කියන්න උත්සුක උනේ නෑ.ආශවම ඒ දේවල් තේරුම් අරන් ඉෂ්ට කලා මිසක්.නේත්‍රට තිබ්බෙ නිදහසෙ ජීවත් වෙන්න,නිදහසේ ආදරේ කරන්න,සුදුබේබිගෙ අතින් අල්ලන් රොබරෝසියන් පිරුණු පාරක ඇවිදන් යන්න,දවසක සුදුබේබි එක්ක කොලඹ ගිහින් සුදුබේබිගෙ අතින් අල්ලන් වෙරල දිගේ ඇවිදින්න,ඉස්සො වඩයක් කකා මූදු හුලග විදින්න,නුවර වැව රවුමට වෙලා අච්චාරුවක් කන්න,සුදුබේබි ජීවිතේ අඩියෙන් අඩිය දිනන දිහා ආදරෙන් ආසාවෙන් බලන් ඉන්න වගේ හරි ආදරණීය ආසාවල් විතරයි.

"නේත්‍ර දන්නවද? නේත්‍ර හරියට ප්‍රාතිහාර්යක් වගේ....මම ඒ දේවල් කලින් විශ්වාස නොකලත්,නේත්‍රව දකිද්දි මට ඒවා විශ්වාස නොකර ඉන්න බැරි උනා"

"ඒ කිව්වෙ සුදුබේබි?"

"නේත්‍ර හරියට ප්‍රාතිහාර්යක් වගේ.....ඒ කියන්නෙ....හරියට අර හරි අඩුවෙන් සිද්ධ වෙන පුදුම හිතෙන දෙයක් වගේ."

"ම්ම්ම්?"

"ඔය බලන්න.....ඔයා ඔහොම ඇසුත් ලොකු කරන් ඔලුව පැත්තකට හරවගෙන මම දිහා බලද්දි.....ඒක මට කියන්න තේරෙන්නෑ නේත්‍ර.....මහ පුදුමාකාර සැහැල්ලුවක් එනවා.හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා...ඔයා ලගින් ඉන්න නිසා මට ඕනිම දේකට මූණ දෙන්න පුළුවන් කියලා හිතෙනවා"

"මම එච්චර ලොකු කෙනෙක් නෙවේ සුදුබේබි"

"ඇගෙන් පතෙන් ලොකු නොවුණට ඔයා හරි ලොකු ආදරයක් දෙන කොල්ලෙක් නේත්‍ර.....ඔයාව හම්බෙන්න කලින් මගෙ ජීවිතේ තිබ්බ තනි කලු පාට විතරයි.දකින හැම මනුස්සයම මාව කන්න ආව යක්කු වගේ මට පෙනුනෙ....අච්චර මට ආදරෙන් සැලකුව පුංචි අම්මව පවා මට පෙනුනෙ මගෙ හතුරෙක් වගේ.ටිකක් හරි මගෙ හිතට සහනයක් උනු අයට හිටියෙ ඒ කාලෙ දෙවින් තෙවින් දෙන්නා විතරයි....ඒත් ඒක හරි පුංචි සහනයක්....එයාලට බැරි උනා අර කලු පාට මකලා දාන්න.

නේත්‍ර දන්නවද? පුංචි උනාට මම ඒ කාලෙ යක්සයෙක් වගේ...මට මතකයි මම එකපාරක් ලමයෙක්ට ගහලා ඒ ලමයව උස්සලා පොකුණට දැම්මා.කතාව ගියේ තල්ලු වෙලා පොකුණට වැටුනා කියලා උනාට එදා ඇත්තටම මම ඒ ලමයව උස්සලා පොකුණට දැම්මා.මට ඒ කාලෙ කාවවත්ම පේන්න බෑ.නේත්‍රට මතකද අපි දෙන්නා හම්බුනු වෙලාවෙත් ඒ ගතිය තිබ්බා මගෙ?"

"ඕ....සුදුබේබි මාව තල්ලු කලා එදා....ඒත් සුදුබේබි ඒත් එක්කම මාව නැලෙව්වා"

"ඔව්....එදා නේත්‍රගෙ කදුලු දැක්කම මම හරියට කලබල උනා.මම ඒකයි කවදාවත් නැතුව කෙනෙක්ව සනසන්න උත්සාහ කලේ....මම නපුරුකම් කල හුගක් අය ආපිටම මට නපුරුකම දුන්නට නේත්‍ර එදා ආපිට මට දුන්නෙ යාලුකමක්.මම තල්ලු කරලා දාලත් නේත්‍ර මට නස් නාරමක් දික් කරලා ඒක දීලා යාලු කරගන්න හැදුවා.ඒ තත්පරේ ඉදන් මගෙ ජීවිතේ සෑහෙන්න වෙනස් වෙන්න ගත්තා නේත්‍ර....ඒ කාලෙ පුංචි නිසා නොතේරුනාට දැන් හිතලා බලද්දි ඒක දැනෙනවා...නේත්‍ර ලං වෙන්න ලං වෙන්න අර මගෙ වටේ තිබ්බ කලු පාට ටිකෙන් ටික නැති උනා දැනුනා මට.

ඒක හරි අමුතු අත්දැකීමක් නේත්‍ර.....කලු පාට විතරක් තිබ්බ ලෝකයක් තනි සුදු වෙද්දි...ඒ සුදු උනු ලෝකෙ කෙනෙක් ඇවිල්ලා පාට පාටින් හැඩ කරද්දි....ඒ හැගීම හරි වෙනස්.....හැමදේම කලුවට පෙනුනු මම ටික ටික ලෝකෙ තිබ්බ ලස්සන පාට දකින්න ගත්තෙ නේත්‍ර නිසා.....ඉස්සර හිටිය ඔයාව මට තවම මතකයි නේත්‍ර....ඒ කාලෙ මට ඔයාව ගිලලා බඩට දාගෙන ඉන්නත් ඕනි උනා...එතකොට ඔයා මගෙ විතරයි නිසා...."

"අප්පේ සුදුබේබිට හිතිලා තියෙන දේවල්.....සුදුබේබිත් ඒ කාලෙ බෝලයක් වගේ....කම්මුල් එහෙමත් පිරිලා තිබ්බා"

"නේත්‍රගෙත් කම්මුල් වල හොඩු පිරිලා තිබ්බා ඒ කාලෙ.අම්මයි අක්කයි අත්තම්මයි ඉබලම වෙන්න ඇති....ඊට පස්සෙ මාත් ඒ කම්මුල් මිරික මිරික ඉබලා තියේනේ.... නේත්‍රගෙ පිරුණු කම්මුලුයි,කතා කරන බෝල ඇසුයි,නස් නාරමක් හපන චූට්ටං කටයි බලන එක තමා මගෙ ඒ කාලෙ මූලිකම රාජකාරිය.....දැන් කියලත් වෙනසක් නෑ ඉතින්....

පුංචි අම්මගෙ හිතේ සතුටට සැනසීමට ලොකුම හේතුව උනේ නේත්‍ර....අමනුස්සයෙක් වගේ හිටිය මාව මනුස්සයෙජ් කරපු නිසා තමා පුංචි අම්මයි මමයි දැන් කතා බහ කරලා ඉන්නෙ....මාව මනුස්සයෙක් කලාට පින් නේත්‍ර......ඔයා නැත්තං මම කාලකණ්ණියෙක් වෙලා.....එක්කො දාමරිකයෙක් වෙලා....රස්තියාදුකාරයෙක් වෙලා....අප්පච්චිට සල්ලිත් තියෙන නිසා මම ඒවගෙන් රගන්න අරන් විනාසම වෙලා"

"ඒත් සුදුබේබි දැන් හොදට ඉන්නවනෙ.....ආයෙ ඒ කාලෙ වගේ ආවේගෙන් වැඩ කරන්න යන්න එපා"

"හ්ම්ම්ම්......"

නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව තේ කෝප්පෙත් අරන් ගෙට යන නේත්‍ර දිහා බලාගෙනම නේත්‍රලාගෙ ගේ ඇතුලට ගියේ නේත්‍රට අමාරුයි කිව්ව ගිණුම්කරණ ප්‍රශ්න වගයක් කියලා දෙන්න හිතාගෙන.තමන්ගෙ ඉස්සරහින් හරි සන්සුන්ව ඇවිදන් යන ඒ පුංචි පිරිමි රූපෙ දිහා බැලුව ආශව තමන්ගෙ හිතට ආව සිතිවිල්ල වචන වලට හරවන්නෙ නැතුව හිත ඇතුලෙම ගුලි කරගත්තා.

"කාගෙන්ම හරි උබට ප්‍රශ්නයක් වෙන දවසට උබම නිදි කරවපු ඒ යකා නැගිටියි මැණිකෙ.....එවෙලෙට ඒක උබටවත් පාලනය කරගන්න බැරිවෙයිද කියන එකයි මට තියෙන එකම බය"

.

.

.

.

.

"අනේ එපා වෙනවා හු#ත"

කාමරේ ඇද උඩ දපාගෙන කකුල් දෙක බිත්තියට තියාගෙන ඉංග්‍රීසි 'L' අකුරෙ හැඩේට හිටිය දිවාෂ අද දවසෙ නවසිය විසි පස් වෙනි වතාවටත් එකම දේ කියලා කකුලෙන් බිත්තියට රිදෙන්නම පාරක් ගැහුවා.ඒත් එක්කම ආපහු පාරක් මොකක් හරි මතක් උනු දිවාෂ අත ලග තිබ්බ කොට්ටයක් අරන් ඒක හපාකාලා කොට්ටෙ සිදුරු උනු තැනින් පුලුන් ගුලි ගුලි එලියට අදින්න ගත්තා.දිවාෂගෙ මූණ කවදාවත් නැතුව මහම මහ අමුතු විදියෙ ලැජ්ජාවකින් පිරිලා තිබ්බා.

ලැජ්ජාවකින්??!!

"ආආආආආආආආආආආ අනේ අම්මේඒඒඒඒඒඒඒඒඒ මම අසනීප වීගෙන එන්නේඒඒඒඒඒඒඒඒඒ"

ගේ දෙදරන්න කෑ ගැහුව දිවාෂ ආපහු පාරක් බිත්තියට අණ්ඩ උස්සලා හයියෙන් පාරක් ගැහුවෙ ගෙදර කවුරුත් මේ වෙලාවෙ නැති බව මතක් වෙලා.එකපාරට ඉද්ද ගැහුවා වගේ නැගිට්ට දිවාෂ එහෙම්මම කුස්සියට ගියේ දිවාෂට හැදිලා තියෙන මේ ලෙඩේට මොකක් හරි බේතක් හොයාගෙන.බඩ පපුව දාගෙන උඩට එනවා වගේ දැනුනු නිසා දිවාෂ ශීතකරණයේ දාලා තිබ්බ කෝමාරිකා පානයක් අරගෙන එක උගුරට ගහලා දැම්මා.හයියෙන් ගුඩුස් එකක් ඇරිය දිවාෂ සිහි නැතුව ඇදගෙන වැටෙන්න ගියත් මෙතන දෙවින් නෑ කියලා මතක් වුණු ගමන් ආයෙමත් පාරක් කෙලින් වෙලා විසිත්ත කාමරේට ඇදිලා ගියා.

"හු#ත මේක අඩු වෙන්නෙ නැත්තෙ ඇයි?"

තවම අර මුලු ඇගම හීතල වෙනවවත් එක්කම බඩ ඇතුලින් ගින්දරක් ගහනව වගේ දැනෙන හැගීම නිසා දිවාෂ මිමිණුවා.ඒත් ඔය හැමදේම වෙන්නෙ එකම එක මිනිහෙක් ගැන මතක් වෙද්දි විතරයි කියන එක තේරුම් ගත්තු දිවාෂ ඒ අදාල මනුස්සයටම දුරකතන ඇමතුමක් ගත්තෙ තමන්ට කරලා තියෙන වින්නැහියට දෙස් දෙවොල් තියන්න හිතාගෙන.

"හෙලෝ යුගාන්.....කියන්න"

"කියන්න!!! ඔව් මම තොට කියන්න තමා ගත්තෙ"

"ඇයි යුගාන් මොකද්ද උනේ?"

"මට සනීප නෑ.....බඩ පපුව දනවා.....කැරකිල්ල වගේ....වමනෙ යන්න එනවා....කොන්ද රිදෙනවා....ඔලුව පස්සට බැහැලා වගේ......පපුව ගැහෙනවා......වකුගඩුව උඩ පයිනවා......පෙනහැල්ල දණහිසට බැහැලා.....උණ්ඩුකපුච්චෙ උගුරෙ හිර වෙලා.....ඔක්කොම උබ නිසා තමා"

"යුගාන්.....ඔයාට සනීප නැද්ද? ඇත්තම කියන්න....මම එන්නද ඔහෙ?"

"අනේ මේ! ඇයි ඇවිල්ලා බේත් දෙන්නද උබ? ආට් කරන තෝ පෙනඩෝල් ඇරෙන්න වෙන බේතක නමක්වත් දන්නෑනෙ.....ඒ නිසා ඉදින් පැහෙන්නෙ නැතුව"

"නෑ යුගාන්.....අපි බේත් ගන්න යමු ටවුන් එකට.....මට ඔයාගෙ ලෙඩ හරියට ඇහුනෙ නෑ.....but! wait! ඔයා උණ්ඩුකපුච්චෙ ලෙඩක් කිව්වා නේද? මතක නැද්ද යුගාන්? ඔයාගෙ උණ්ඩුකපුච්චෙ අයින් කරලනෙ තියෙන්නෙ?"

"අනේ මේ තෙවින්! මට දැන් තෝව අහු උනොත් උබේ උණ්ඩුකපුච්චෙ කටින් එලියට ඇදලා අරගෙන පුපෙන් ඇතුලට දානවා!!! තියපිය පෝන් එක!!! මට මෙතන කෝල් අරන් වද දෙන්නෙ!!!"

"මම නෙවේනේ යු....."

තෙවින්ට හොදවයින් තුන හතරක් කිව්ව දිවාෂ තමන්ගෙ දුරකතනෙ විසන්ධි කරලා ආයෙමත් පාරක් බඩයි පපුවයි අතගගා ගේ ඇතුලෙ ඇවිදින්න ගනිද්දි දිවාෂ කිව්ව් ඒවගෙන් ඔලුව කුරුවල් උනු තෙවින් තමන්ගෙ කාමරෙන් එලියට ආවා.ඒත් එක්කම දෙවින්ගෙ කාමරේ ඇතුලට යන දෙවිනුයි ඒ පිටිපස්සෙන් දෙවින්ගෙ කාමරේට ඇදෙන නිදුකිවයි දැක්ක තෙවින් කිසිම දෙයක් ගැන තකන්නෙ නැතුව කෙලින්ම කාමරේ ඇතුලට කඩා පැන්නා.

"අයියෙ! මොකද්ද උබ මේ නටන නාඩගම?"

...................................................................................................

වචන 2800+ 😪❤️

කොටයි කියලා බයින්නෙපා හරිත....බාගෙට ලියලා තිබ්බ එකට තව ඩිංගක් ලියලා මේ දැම්මෙ අද දාන්නම ඕනි නිසා😂❤️

Wattpad award ceremony එකේදි මට 2024 නැගී එන රචකයාට හිමි award එක හම්බුනා....ඇත්තටම ඒක මම බලාපොරොත්තු නොවුනු දෙයක්.....සිය ගාණක් නම් යෝජනා වෙද්දි,මම ඒ වගේ දෙයක් ලබන්න සුදුසුද කියන අදහසවත් මට තිබුනෙ නෑ😪❤️ ඒත් ඒක ලැබුනම මට ලොකු සතුටක් දැනුනා🥺❤️

මම මුලින්ම කියන්න ඕනි මේ හැමදේටම මූලික උනු ලමයව.Namgoogie නංගි,ඔයා තමා ඉස්සෙල්ලාම මගෙ පලවෙනිම කතාවට පලවෙනියටම වෝට් කරපු හා කමෙන්ට් කරපු කෙනා.මගෙ ඒ කතාව announcement එකක් දාලා මාව දිරිමත් කරපු කෙනා🥺❤️ කතා ලියන්න ගත්තු මගෙ පලවෙනි මෝටිවේෂන් එක උනේ ඔයා❤️ ඊලගට Swag_sopier නංගි.....ඔය දෙන්නා ඉස්සර මගෙ my soulful love එකට වෝට් කරලා කමෙන්ට් කරනකං මම මග බලන් හිටිය හැටි මට හොදටම මතකයි🥺❤️ ඒ කාලෙ මම කතාව ලිව්වෙ ඔය දෙන්නා වෙනුවෙන් විතරයි....සමහර විට එදා ඔය දෙන්නා නොහිටියනම් අද කැමීලියා කියලා කෙනෙක් මෙහෙම ඉන්න ඉඩ නොතිබ්බා❤️ ඉතින් ඒකට ගොඩක් ස්තූතියි ❤️

ඊලගට moonflower_9597 අක්කා.....මම මගෙ ඒ කතාව දවසක් අඩුපාඩු කියලා දෙන්න පුළුවන්ද අහලා යැව්වම ඒක දැක්ක වෙලේම මට "හරි පැටියො" කියලා මැසේජ් එකක් දාලා ඒ ගමන්ම මගෙ ඒකෙ ලියලා තිබ්බ එපි ටික එක දිගට කියෝලා වෝට් කරලා මාව දිරිමත් කරපු කෙනෙක් අක්කෙ ඔයා❤️ මම කවදාවත් හිතුවෙ නෑ ඔයා එහෙම ඉක්මනින්ම මට ප්‍රතිචාර දක්වයි කියලා......එදා ඔයා ඒ ටික කියෝලා මට දැම්ම කමෙන්ට් එක මට මහමෙර්ක් වගේ උනා🥺❤️ ඉතින් ඒ හැමදේටම ස්තූතියි 🥺❤️

ඊලගට U_MiShi අක්කා.......මගෙ මේ නිවාලන්න මා කතාව FB group වල පවා දාලා මට රීඩර්ස්ලා හොයලා දුන්නට,මගෙ හරි වැරදි පෙන්නලා දුන්නට,ප්‍රශ්න වලදි මම එක්ක හිටියට ගොඩාක් ස්තූතියි 🥺❤️ ඒ වගේමයි -Honey_Quinn- අක්කා....කොයි වෙලෙත් මගෙ වද දරාගෙන,මට උදව් කරලා මේ තාක් එන්න මාත් දිරි ගැන්නුවට ඔයාටත් ස්තූතියි ❤️ අදටත් මගෙ හිතේ ඔයාලා දෙන්නා මගෙම අක්කලා විදියට රැදිලා ඉන්නවා❤️ එ වගේමයි Jeon_Kim_Navo මම මොන දේත් කියලා හිත නිදහස් කරගන්න මගෙම යාලුවා🥺❤️ සහෝදරී🥺 ඔයාටත් ආදරෙයි මම ❤️

ඊලගට Lio_tiger007 vk_panther _dolie_ Gukie__mate

ඔයාලා හැමෝටම ස්තූතියි මගෙ කතාව එව්වම ඒක announcement එකක් දාලා දීලා මට උදව් කලාට🥺❤ _Vntekoo_ නංගා.......මගෙ කතාව මම කියන්නෙත් නැතුව announcement එකක් දාලා දීලා මට උදව් කරඖ,මගෙ කතාව කියවන ඕතර් බබා🥺❤️ ඔයාලා හැමෝම නිසා තමා මට කතාවට හොද යාලුවො ටිකක් එකතු කරගන්න පුළුවන් උනේ🥺❤️

ඉතින් මගෙ විශේෂිතයො ටික,

මගෙ රීඩර් බබාලා🥺❤️

ගොඩාක් ස්තූතියි මැණික් කැට ටික මට දෙන මේ ආදරේට🥺❤️ මට වගේම කතාවටත්🥺❤️ පුංචි මුරණ්ඩුකාරයෙකුයි,පුංචි ගැටපිච්ච පොහොට්ටුවකුයි මෙච්චර පෙරලියක් මගෙ ජීවිතේ කරයි කියලා මම මේක ලියන පලවෙනි දවසෙ නිකමටවත් හිතුවෙ නෑ.....

ඉතින් කතාවෙ අතීතෙ ව‍ර්තමානෙ වගේම අනාගතෙත් රැදිලා තියෙන්නෙ ඔයාලා අතේ🥺❤️ ඔයාලා ලෝබකමක් නැතුව මට මේ දෙන ආදරේට මම හරි ලෝබයි🥺❤️ ඉතින් මට මේ කතා ලෝකෙ ජීවත් වෙන්න ආසා තැනක් කරන ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි🥺❤️ හැමදාම මාත් එක්ක ඉදියි කියලා මම විශ්වාස කරනවා🥺❤️

අනෙ කාගෙම හරි නමක් මගෑරුනනම් මට සමාවෙන්න......මේ නිදිමතේ මේකත් ටයිප් කලේ😪💔 ගැත්තට අනුකම්පා කරන්න හොදේ එහෙම උනොත්👉👈

මේක ලස්සනට මල් පිරුණු මාවතක ආව ගමනක් නෙවේ...නිවාලන්න මා එකට 50k පිරෙද්දිම award එකක් හම්බුනේ මම ප්‍රශ්න ගොඩක ඉද්දි❤️ අනික මට,මගෙ කතාවට බයින වෛර කරන පිරිසකුත් මේ අතරෙ ඉන්නවා......හැබැයි එයාලා කෙලින් කතා කරන්න බයයි😂👍 ඉතින් මම හිතනවා එයාලට මේක හොද තෑග්ගක් වෙයි කියලා ❤️ අනුන්ට ඉරිසියා කරන්න එපා ලමයො❤️ තමන්ගෙ දෙයක් කරන්න ගන්න❤️

මම ඉස්සර මගෙ කතාවට වෝට් දෙක තුනක් වැටෙන කාලෙ උනත් කමෙන්ට් තුන හතරක් වැටෙන කාලෙ උනත්,හුගක් වෝට් කමෙන්ට් වැටෙන අයට ඉරිසියා කලේ නෑ.මම සතුටු උනා❤️ දවසක මමත් එහෙම ගන්න මට්ටමට වැඩ කරන්න ඕනි කියන එක මිසක්,එයාලව පහලට දාන්න බිංදුවකින් හරි එයාලගෙ මානසිකත්වෙ වට්ටන්න මම වැඩ කලේ නෑ❤️ සමහර විට ඒක වෙන ඇති මම මේවගේ ආදරයක් ලබන්න,මේ වගේ ඇගයීම් ලබන්න වාසනාවන්ත වෙන්න ඇත්තෙ❤️

(කතාවට හම්බුනු තෑගි වගයක් තියේ......ඒ ටික ඊලග එපියෙදි දාන්නම් ඈ🙊)

ඉතින් එහෙනම් කැමිලියා ගිහින් එන්නම්🥺❤️

කැමිලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමිලියා🏵️❤️

Share This Chapter