Back
Chapter 48

47 කොටස🤍✨

නිවාලන්න මා...

"දෙවින් පණ,මා දෙස බලන්න"

"ඕ ඕ....දිවාෂ මල්ලි....."

"කැමරාව රෙඩිද දෙවින් පණ?"

"ඔව් දිවාෂ මල්ලි ඒක හරි"

"හරකා රෙඩිද ආසව?"

"ගැටේ ලෙහලා එවන්නද?"

"පයිත්තියංද ආසව? මම කියනකං ඉදපං"

"ඉක්මනට කරන මගුලක් කරපං දිවාස! මට වැඩ තියෙනවා"

"අනික් හරකත් රෙඩිද දෙනෙත් අයියා බබා?"

"තව හරකෙක් ඕනිද පැටියො?"

"නෑ නෑ....තෙවින් හරකා"

"යුගාන්!"

"ආ....රෙඩි නේද?...මගෙ රතුපාට රෙදි කෑල්ල රෙඩිද නේත්‍ර චූචියො?"

"ඔව් දිවාෂ....කෝ එන්න මේක බෙල්ලෙ බදින්න"

තරගෙ නීති රීති මුකුත් නොදැන උන්නු තෙවින් ඉස්කෝලෙට සදුදා ඇවිත් ඔක්කොම දැනගන්න කලින් වීඩියෝ එකේ වැඩේ ඉවර කරගන්න ඕනි කියලා කපටි දිවාෂ තීරණේ කරලා තිබ්බා.තරගෙන් ජයග්‍රහණය කරන හොදම වීඩියෝ තුන පාසලේ ප්‍රධාන සමාජ මාධ්‍යජාලා ගිණුම් වල පල කරනවා කියලත් දිවාෂයි නේත්‍රයි නම් දැනගෙන හිටියා.ඒත් මේක නේත්‍රගෙ මාර්ගෙන් ආශවත් දැනගෙන හිටියා උනත් ආශව ඒ ගැන තෙවින්ට කියන්න නොගියෙ දිවාෂව තරහා කරවගන්න කිසිම උවමනාවක් තමන්ට නොවුනු නිසා.අනික ඕක කිව්වත් දිවාෂගෙන් තෙවින්ට බේරීමක් නැති වෙන එකේ කිව්වත් එකයි නැතත් එකයි කියන මතේ ආශව හිටියා.මේ අස්සෙ ඔක්කොටම හපන් දෙයක් වෙන්නත් ඉඩ තිබ්බා! බැරි වෙලා හරි දිවාෂගෙ මේ වීඩියෝ එක සමස්ථ ලංකා තරග වලට තේරී පත් වුනොත් ලංකාවෙම ව්‍යාප්ත වෙන්නත් ඉඩකඩ තිබුනා!

මේ කිසි දෙයක් නොදැන උන්නු තෙවින් පාසල් නිල ඇදුමෙන් සැරසිලා බෑග් එකකුත් කරට අරගෙන ඉද්දි නේත්‍ර දිවාෂ ඇදන් හිටිය නිල් පාට ඇදුමට උඩින් රතු පාට දිග රෙද්දක් බෙල්ලෙ ගැට ගැහුවා.අත් දිග නිල්පාට ටීෂර්ටයක් නිල්පාටම ඇගට ඇලුනු දිග කලිසමකට යට කරලා උන්නු දිවාෂගෙ කකුල් දෙක හැඩ වෙලා තිබ්බෙ රතුපාට සපත්තු දෙකකින්.අර නිල් කලිසම උඩින් නේත්‍ර චූටි කාලෙ ඇන්ද රතුපාට කොට කලිසමකුත්,කලු සුදු කොටු කොටු වල මෝස්තරේකින් නිමවෙලා තිබ්බ අමුතුම ජාතියෙ 'thug life' කියලා ලියලා තිබ්බ අව්කණ්නාඩි දෙකකුත් දිවාෂ පැලදගෙන හිටියා.ආශව කට තද කරන් හිනාව කාගෙන හිටියත් දිවාෂගෙ පෙනුම දිවාෂට අනුව 'perfect' උනා!

"දැන් තෙවින් එද්දිම ආසව හරකව ලෙහන්නෝනි.....ලෙහලා උගෙ පුපට පොඩි තට්ටුවක් දුන්නම......"

"ඊව්ව්ව් දිවාෂ! මටනම් බෑ හරක්ට ඔහොම මගුල් කරන්න"

"සුදුබේබි ඉන්න.....මම කරන්නම්"

"එපා එපා නේත්‍ර......ඔයා ඉන්න......මම මේ කෝට්ටෙන් තට්ටුවක් දාන්නම් ඌට"

"යුගාන් ඔය හරකා කුලප්පු වෙන එකක් නෑ නේද?"

"මේක තෝ හරියට නොකලොත් කුලප්පු වෙන්නෙ හරකා නෙවේ තෙවින් මම! ඒ නිසා මැරුම් නොකා..."

"කෑගහන්න එපා යුගාන්! මගෙ කන කීං කීං ගානවා"

අන්තිමේදි ඔක්කොම ටික ලෑස්ති වෙද්දි දෙනෙතුයි දෙවිනුයි කැමරා දෙකකුත් අටවගෙන හරියටම අදාල තැන් වල ස්ථානගත වුණා.නේත්‍රට ලැබිලා තිබ්බ උපදෙස් වලට අනුව නේත්‍ර 'ඇක්ෂන්' කියලා කෑගැහුව ගමන් තෙවින් ලාවුළු ගහට ටිකක් එහාට වෙන්න තියෙන බෑවුමේ ඉදන් උඩට ඇවිදන් ආවා.නේත්‍රගෙ ඉගියත් එක්ක හරකාව ලෙහුව ආශව කඩාගත්තු අඹ අත්තකින් හරකට පොඩි තට්ටුවක් දෙද්දි හරකා හරකගෙ පාඩුවෙ තෙවින් එන පාරට ඇවිදන් ගියා.ඒත් එක්කම තෙවිනුයි හරකයි කිට්ටු වෙද්දිම ලාවුළු ගහේ පාත අත්තක් උඩ නැගන් හිටිය දිවාෂ  එතනින් බිමට පැනලා හරකයි තෙවිනුයි අතරින් හිටගනිද්දි නේත්‍රයි ආශවයි පත කාඩ්බෝඩ් දෙකක් අරන් දිවාෂගෙ රතුපාට රෙද්ද වැනෙන විදියට හුලං ගැහුවා.

"බය වෙන්න එපා මල්ලි"

"මේ ගෙදර හරකා"

දිවාෂ දික් කරන් හිටිය අතට පාරක් ගැහුව තෙවින් හරකා ඇවිදන් යන පැත්තටම ඇවිදන් යද්දි දිවාෂ සතුටින් කෑගැහුවෙ සීන් එක ගාණටම වුණු නිසා.දෙවිනුයි දෙනෙතුයිත් හිනා වෙලා ඔලු උඩ පහල වනද්දි කැමරාවලිනුත් වෙන්න තිබ්බ කාර්යය හරියට වෙලා කියලා දැනගත්තු දිවාෂ ඊලගට ඒ ලග තිබ්බ අතුරු පාර පැත්තට ඇවිදන් යන්න ගත්තෙ ඊලග සිදුවීම රූපගත කරන්න.ගොඩක් වෙලාවට දෙවින්ලා දෙනෙත්ලා වාහන වලින් නේත්‍රලාගෙ ගෙදර එන වෙලාවල් වලට වාහන නවත්තන ඒ අතුරුපාරෙ මිනිස්සු ගියේ හරි අඩුවෙන්.

සුපර් මෑන්ගෙ ඇදුමත් ඇදන් අර අමුතු ජාතියෙ කණ්නාඩි දෙකත් හද හද ගිය දිවාෂ ඊලගට නැවතුනේ තමන්ගේ නෑදෑ වෙන සීයා කෙනෙක්ගෙන් ඉල්ලන් ආව පරණ තාලෙ ඉබ්බා කාර් එක ලග.දෙනෙත්ගෙ උදව්වෙන් අර පාසල් කලිසම උඩින්ම කමිසයක් දාගත්තු තෙවින් ඉබ්බා කාර් එක ඇතුලෙන් ඉදගනිද්දි තෙවිනුයි දෙනෙතුයි ආපහු පාරක් කැමරා දෙක අරගෙන ස්ථාන ගත වුණා.

"නේත්‍ර.....මගෙ බෙල්ලෙ ගැටේ ටිකක් ලූස් කරන්නකො....මූ කාර් එක අරන් යද්දි ඒක ගැලවෙන්න ඕනිනෙ"

තෙවින් කාර් එක ඇතුලෙ ඉදගෙන ඒක පණ ගන්වගන්න බෑ වගේ රංගනේක යෙදෙමින් ඉදිද්දි කොහෙන්දෝ මන්දා පාත් වුණු දිවාෂ වාහනේ බොනට්ටුවට හයියෙන් පාරක් ගහන ගමන් සෑහෙන ගැම්මකින් වාහනේ පිටිපස්සට ගියා.වාහනේ පිටිපස්සෙදි රෙද්ද ගසනවා වගේ රගපාන ගමන් ඒක ඩිකිය හරියෙ තිබ්බ කොක්කක ඇමිණුව දිවාෂ ඊලගට ලෑස්ති වුණේ වාහනේට තල්ලුවක් දෙන්න.දිවාෂ ලෑස්ති වෙනවත් එක්කම නේත්‍රගෙ ඉගියට අනුව වාහනේ පණ ගන්නගත්තු තෙවින් ඉදිරියට ඇදෙද්දි දිවාෂගෙ රතුපාට රෙද්දත් වාහනේ ඇමිට්ටිලාම ගියා.

"අහ්...අන්කල්....."

.

.

.

.

.

"බෑ බෑ යුගාන්! ඒකනම් කරන්න බෑ"

"මොකද්ද තෙවින්.....මේ සරම පපුව හරියෙන් ගැටගහන් මේ විග් එක දාන් වැවට බහින්නනෙ තියෙන්නෙ....ඕක මහ ලොකු දෙයක්යෑ"

"ඉතින් මට කියන්නෙ! උබ බැහැපංකො වැවට ඕක ඇදන්"

"යකෝ මමනෙ සුපර් මෑන්! අනික ඒකෙදි උබ මාව උස්සන් ගොඩට එන්නෝනා...මම කොහොමද තෝව උස්සන්නෙ?"

"යුගාන්! බෑ මට.....උබ මෙහම මගුලක් තියෙනවා කියලා කිව්වෙ නෑනෙ කලින්!"

"හැබැයි මම ඕෂිණීට කෝල් කරලා කියනවා තෝ ඒකිට සිරා ලව් කියලා!"

"අනේ මේ! ඒ මලදානෙවනම් ආයෙ පංගරාර්තු කරන්න හදන්න එපා මට!"

"එහෙනම් මම කියන විදියට මේක ඇදන් වැවට බැහැපං! නැත්තං අම්මාපල්ල මම අරකිට කියනවා උබ ඒකිව බදින්නම කැමතියි කියලා"

"හරි යුගාන්!මම කරන්නම්! හැබැයි මෙව්වට වන්දි ගෙවන දවසට උබට ඇඩිලම උණ ගැනෙයි ඈ"

"යැයි යැයි චමා....අනේ මේ! පලයං යන්න"

හරි! විනාඩි දහයකින් විතර කට්ටිය ඉස්සරහ හිටියෙ තෙවින් නෙවෙයි....තෙවිනි! තෙවින්ව දැක්ක දිවාෂ හෙමින් සීරුවෙ ගිහින් තෙවින්ගෙ පස්ස කෙනිත්තුවෙ සරම පපුවට ඇදලා කොන්ඩෙකුත් දාගෙන හිටිය තෙවින්ගෙ දිවාෂ දැක්ක අමුතුම සරාගී බව නිසා.

"පිස්සුද යකෝ මේ පට්ට දවාලෙ වල්කං කරන්නෙ?"

"ම්ම්.....මරු කදහ් නංගා බම්බා....."

අන්තිමේදි තෙවින් වැවට බහිද්දි වටපිටේ කවුරුත් නැති එක හොදට ගියා.නැත්තං හිතන්න.සිංහවංශ වලව්වෙ පොඩි බේබි මෙහෙම සරමකුත් ඇදන් කොන්ඩෙකුත් දාන් වැවේ බැහැලා ඉදිද්දි! දෙවින්ට තමන්ගෙ මල්ලිගෙ රූප සොබාව දරන්නම බැරි තැන හිනාවෙලාම වෙවුලන්න ගනිද්දි ආශව කැමරා කටයුතු භාරගත්තෙ නැත්තං තවත් වෙලාවක් තෙවින්ට අපහසුවෙන් ඉන්න වෙන නිසා.නේත්‍රගෙ උදව්වෙන් වැව ලග තිබ්බ දොඹ ගහකට නැගගත්තු දිවාෂව වීඩියෝ කරන්න ගත්තෙ ඒ ලගම තිබ්බ ගලක් උඩ නැගගත්තු දෙනෙත්.ආශව මේ වෙද්දි කැමරාවත් අරන් වැවට බැහැලා තිබ්බා.

"ටිකිරි නගාට කරදරයක් වගේ!"

තෙවින් ටික වෙලාවක් වතුර යට කිමිදිලා ඉද්දි දෙවින්ගෙ සරමක් උඩින් දාන් හිටිය දිවාෂ තමන්ටම කියාගන්න ගමන් සරමත් විසික් කරලා අත්ත උඩින් හිටගත්තා.

"නගා!!!!!!"

මරහඩ තලලා කෑ ගැහුව දිවාෂ ජබොස් ගාලා වැවට පනිද්දි ආශව ලෑස්ති වෙලා හිටියෙ ඊලග සිදුවීම කැමරාවට අහු කරගන්න.පීනගෙනම තෙවින් ලගට ආව දිවාෂ වතුර යටින්ම තෙවින්ගෙ පස්ස මිරිකද්දි හරි සිහියට ආව තෙවින් වතුරෙන් මතු වෙලා පේන දිවාෂගෙ ඔලුවට ටාං ගාලා පාරක් දුන්නා.

"ට්‍රැක පැනලද යුගාන්! මාර අසහනයක්නෙ තියෙන්නෙ උබට"

"ඔයාව දැක්කම විතරයි නගා අසහනේ එන්නෙ මට"

"චික් යුගාන්! කෝ වරෙං ඉතින් දැන් වඩා ගන්න....උබ මලා වගේ ඉදපං"

වතුරට පෙගුනු දිග කොන්ඩෙයි සරමයි තෙවින්ගෙ ඇගටම ඇලිලා තියෙද්දි දෙවින් ආපහු පාරක් හිනා වෙලාම වැව් ඉවුරෙ ඇදන් වැටුනා.වතුරට පෙගිලා හිටිය දිවාෂව උස්සලා හරහට වඩා ගත්තු තෙවින් වතුරෙන් ගොඩට එද්දි ආශව ගානට ඒ සිද්ධිය වීඩියෝ කරගත්තා.ඉවුරට ඇවිත් දිවාෂව බිමට අතෑරිය තෙවින් පයින් පාරක් දිවාෂගෙ පස්සට එල්ල කරද්දි දිවාෂ තෙවින්ගෙ සරම කඩලා දැම්මා.

"යුගාන්!"

.

.

.

.

.

"වොයිස් ටිකට මොකෝ කරන්නෙ?"

"මම ඒ ටික කරලා දෙන්නම් ආශවයා මූට....මම ලග ඒ බඩු තියේ"

"අමෝ අමෝ මියුසික් පොඩියුසර් නේත මේ?"

"යුගාන්! උබේම වැඩක් මම මේ කරන්න යන්නෙ....මගෙ ලබ්බක් නෙවේ නැතුව"

ඔක්කොම වැඩ ටික ඉවර කලාට පස්සෙ හොද ඇදුම් වලට මාරු වුණු ඉලන්දාරි හය දෙනා දිවාෂලාගෙ ගෙදර සාලෙ ඉදගෙන හිටියා.දිවාෂලාගෙ අම්මා හැදුව කෑම ටිකට වැඩේ දෙන ගමන් හිටිය කොල්ලො ටික අතේ තිබ්බ කිරි තේ එකත් තොල ගාමින් හිටියා.

"යුගාන්ලගෙ අම්මා හදන මෆීන්ස් හරි රසයිනෙ"

"මෆීන් නෙවේ ඔය ඉස්පන්චි"

"ඊයා යුගාන්.....ගොඩේනේ"

තෙවින් ඇදලා පැදලා කියද්දි සාලෙ කියල බලන්නෙ නැතුව තෙවින්ට පයින් පාරක් දුන්නු දිවාෂ ඊලගට බැලුවෙ මුකුලු කර කර තේ බොන දෙවිනුයි තෙවිනුයි දිහා.තෙවින්ගෙ මාර්ගෙන් පෙරේදා වුණු දේවල් ටික දැනන් හිටිය දිවාෂ දෙයියන්ට පින් දුන්නෙ එවෙලෙ දෙනෙත් නේත්‍රව හොයං ආව එක ගැන.නිකමට හරි දෙනෙත් එයාගෙ ජීවිතේට හානියක් කරගත්තනම් එහෙම කියන බය දිවාෂගෙ හිතෙන් තාම බැහැලා ගිහින් තිබ්බෙ නෑ.

"ඈ දෙනෙත් අයියෙ.....දෙවින් පණ කොහොමද ඔයාට ලව් කරනවා කියලා කිව්වෙ?"

"ම්ම්ම්ම්ම්......."

තේ උගුරක් කටට ගත්තු දෙනෙත් ලැජ්ජාවෙන් කම්මුල් පුම්බගද්දි දෙනෙත්ගෙ කට කොනකින් පෙරුණු තේ බින්දුවක් දෙවින් පිහිදලා දැම්මා.දෙවින් දිහා බලලා හිනා වුණු දෙනෙත් කතාව කියන්න පටන් ගද්දි දෙනෙත්ගෙ මූණ රතු වෙලා තිබ්බා.එදා දෙවින් නිදුකි එක්ක කරපු රගපෑමෙ ඉදලා උනු සිද්ධිය දෙනෙත්ගෙ කතාව ඇතුලෙ ගැබ් වෙලා තිබ්බා.

"එදා මේ බූරුවා නිදුකි එක්ක යාලුයි කියලා කිව්වනෙ.මම එදා බොරුවට වැඩක් තියෙනවා කියලා ගෙදර ගියේ....යද්දි ගෙදර කවුරුවත් නෑ.අපේ ඉතින් අම්මයි අප්පච්චියි දෙන්නම බිස්නස් වැඩ නිසා ගොඩක් වෙලාවට එලියෙනෙ ඉන්නෙ.මම ගිහින් ඇඩුවා කාමරේ දොර වහගෙන.කෑ ගහලම ඇඩුවා.මම නේත්‍ර පැටියට කෝල් එකක් ගත්තත් එයාගෙ ෆෝන් එක ඕෆ් වෙලා තිබ්බෙ."

"ඒහ් දෙනෙත්.....එදා නේත්‍රට ආව කෝලස් වගයක් නිසා මම ෆෝන් එක ඕෆ් කරලා තිබ්බෙ නේත්‍රගෙ....සොරි බං"

"ඈ සුදුබේබි?"

"මම ඔයාට ඒ ගැන පස්සෙ කියන්නම් නේත්‍ර.....මට මේ ප්‍රශ්න එක්ක අමතක උනා ඒක කියන්න"

"හරි සුදුබේබි....අනේ ඒකට කමක් නෑ.....සොරි දෙනෙත් අයියෙ හොදද?දෙනෙත් අයියෙ කියන්නකො ඉතින්"

"ඒකට කමක් නෑ පැට්ටො....මට දිවාෂ බබාට කෝල් කරන්න හිත හදාගන්න අමාරු වුණා.වෙන මුකුත් නිසා නෙවේ.එයා මට වඩා ක්ලෝස් දෙවින්ටනෙ.මට බය හිතුනා දිවාෂ බබා මාව තේරුම් නොගෙන දෙවින්ගෙ පැත්ත ගනීවි කියලා....ඔයාව අවිශ්වාස කලා නෙවේ බබෝ....ඒත්...."

"ඉට්ස් ඕකේ දෙනෙත් අයියෙ....ඔයාගෙ තැන මම හිටියත් මම හිතන්නෙත් එහෙම්මමයි.ඔයාගෙ වරදක් නෑ"

"හරි බබෝ....මාව තේරුම් ගත්තට තෑන්ක්යූ....කොහොමහරි ඊට පස්සෙ මම ඇදුමකුත් දාන් වාහනේ අරන් ගෙදරින් පිට වුණා.මම යන්නෙ කොහෙද ඊලගට කරන්න ඕනි මොකද්ද කියලා මම හිතලවත් තිබ්බෙ නෑ.මම ඔහේ වාහනේ අරන් ගියා....මට මතක් වුණේම දෙවින් කිව්ව වචන....එයා මාත් එක්ක හිටිය විදිය.....මගෙ ඇස් දෙකට බාර් එකක් අහු උනා.මම එතනින් බැස්සා"

"ඈම් රියලි සොරි බබා.....මට ඇත්තටම සමාවෙන්න....මම ඒක..."

"ඒකට කමක් නෑ දෙව්.....ඒක විසදුනානෙ"

දෙවින්ගෙ අත තමන්ගෙ අතේ පටලගත්තු දෙනෙත් දිලිසෙන ඇස් වලින් දෙවින් දිහා බලන් හිටියා.ඒ දෙන්නා දිහා බලන් හිටිය නේත්‍ර හෙමින් සැරේ ආශවගෙ උරහිසකින් ඔලුව තියාගනිද්දි ආශව නේත්‍රගෙ ඔලුව අතගෑවා.මේ ඔක්කොම දිහා බලන් හිටිය දිවාෂට අර කලින් දවසක ඇල්ලුව බඩ දැවිල්ල අල්ලගෙන එනවත් එක්කම තෙවින් දිහා බැලවෙද්දි බඩේ දැවිල්ල වැඩි වුනු නිසා ඔලුවටත් පාරක් ගහන් එතනින් නැගිටලා ගිහින් ශීතකරණෙ තිබ්බ යෝගට් එකක් කටට හලාගෙන අනික් අයටත් යෝගට් උස්සන් ඇවිල්ලා බෙදුවා.දිවාෂගෙ බඩ දැවිල්ල යෝගට් එකෙනුත් අඩු නොවෙන තැන ජානකී ලගට ගිය දිවාෂ කෝමාරිකා ඩිංගක් හදලා දෙන්නකො කියලා හුරතල් වෙලා ආපහු පාරක් සාලෙට ආවා.

"ඊට පස්සෙ?"

"ඊට පස්සෙ මම බිව්වා.....බිව්වට පස්සෙ මට වාහනේ ඩ්‍රයිව් කරගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ.මම එහෙම්මම ඇවිදන් එන්න ගද්දි හුරු පුරුදු පාරක් තිබ්බා.මට මතක් වුනා මේ නේත්‍රලාගෙ ගෙවල් පාරනෙ කියලා.මාර ගහ පහු කරනවත් එක්කම වැස්සක් වැස්සා වගෙත් මතකයක් තියේ.මම ඇවිදගෙන ආවෙ නේත්‍ර ලගට.....නේත්‍ර ලග මට මොකක්ම හරි සැනසීමක් ඇති කියලා එවෙලෙ හිතුනා මට"

"අනේ ආයෙනම් එන්න එපා උබ.....මූ නේත්‍රව තුරුල් කරගත්තත් එක්ක එදා"

"අනේ උබ වගේ වල්කමකට තුරුල් කරගත්තා නෙවේ ආශව මම....හු#තක් කියෝනවා......මේ පගා එවෙලෙත් මාව අහක් කලාද කොහෙද නේත්‍ර ලගින්....ඊව්ව්ව් ඔව්නෙ...මම තෝව බදන් නේද ඇඩුවෙ....මෙව්වට තමා වලක් කපන් වැලලෙන්න හිතෙන්නෙ"

"ආයෙ වරකො තෝ දුක කියන්....මම නැත්තං කොරයි උබලා දෙන්නා"

"අනේ මේ ආසව......හරි ඔන්න....මම පස්සෙ ගිහින් නේත්‍ර පැටියට කිය කිය ඇඩුවා මතකයි.පස්සෙ මට නින්ද ගියා....මට එකපාරටම මොකක් හරි දැනිලා වගේ ඇහැරුනා....බලද්දි දෙවින් මගෙ අත අල්ලන් අඩනවා"

"හෑයියා දෙවින් පණ.....උබ එච්චර කිච උනාත?"

"අහන්නකො දිවාෂ බබා....මෙයා ඉතින් සෑහෙන්න දේවල් කිය කිය ඇඩුවා.'මට සමා වෙන්න දෙනෙත්,මම පුංචි කාලෙ ඉදන්ම ඔයාට රිද්දුවා,නොදැන උනත් මේ පාර මම කල වැඩෙන් උනෙත් ඒකමයි,මට එහෙම නොකර ඉන්න තිබ්බා,මම ඒක කලේ ඔයාගෙ කටින්ම මට ආදරෙයි කියවගන්න,මොකද ලගදි මට ආයෙ මගෙ මනමාලයා කියලා කතා කරන්න කිව්වත් ඔයා ඒකට මට බැන්නනෙ,ඉතින් මම මෙහෙම හරි උත්සාහයක් ගත්ත එක වැර්දිද දෙනෙත්?,අනේ මට සමා වෙන්න.....' ඔන්න ඕම කිය කිය මේකා අඩනවා.

මගෙ වෙරි බැහැලා තිබ්බෙ සෑහෙන්න ඒ වෙද්දි.මම අහන් හිටියා ඔක්කොම හරි සීරුවට.මටම පස්සෙ මාරම පසුතැවීමක් ආවා කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව එකපාරටම මෙයාව අවිශ්වාස කල එක ගැන...මම එහෙම්මම මගෙ අත තද කරලා එයාට මම ඔක්කොම අහන් ඉන්නෙ කියලා දැනෙන්න ඉඩ දුන්නා"

"ආව්ව්ව්ව්ව්......ඊට පස්සෙ හාච්චි දීගත්තද?"

"යුගාන්! මැද්දෙන් නොපැන ඉදපංකො"

"එයාට සැර කරන්නෙපා තෙවින්.....පස්සෙ ඉතින් මම ඇදෙන් ඉදගත්තා.ආශවයා අන්දෝලා තිබ්බෙ බෙඩ්ශීට් එකක් මට.බලපංකො තව ඩිංගෙන් දෙවින්ගෙ ඉස්සරහ මගෙ රෙදිත් ගැලවෙනවා"

"ඉතින් හොදයිනෙ බබා...."

"දෙවින් මේ! වල් කතා කියන්නෙ නැතුව ඉන්නවා මේ පොඩි ලමයි ඉස්සරහ! කොහොමහරි මම ඇදෙන් ඉදගත්තම මේ යකා...."

"මම දෙනෙත් ලගින්ම ඉදගත්තා....ඉදගෙන මේකගෙ ඇස් දිහා බලන්ම මගෙ ආදරේ ගැන කිව්වා....ඉතින් ඕකයි උනේ....අපි දෙන්නා එවෙලෙ ඉදන් ආදරේ කරන්න ගත්තා....ජීවිතේ අන්තිම වෙනකංම"

දෙනෙත් දෙවින්ගෙ ඇස් දෙක දිහා බලලා හිනාවෙද්දි දෙවිනුත් ආපිටම දෙනෙත් එක්ක ආදරෙන් හිනා වුණා වගේම දිවාෂගෙ අර බඩේ දැවිල්ල ආයෙමත් එන්න ගත්තු නිසා දිවාෂ අත පුරෝලා තෙවින්ගෙ ඔලුවට පාරක් ගැහුවා.ආපිටම දිවාෂගෙ අතට පාරක් දුන්නෙ තෙවින් ලග තිබ්බ කෙහෙල් ලෙල්ලකුත් දිවාෂගෙ මූණට එල්ල කරද්දි කෙහෙල් ලෙල්ල අල්ලගත්තු දිවාෂ ආපිට ඒකෙන් තෙවින්ට ගහලා ලග තිබ්බ වතුර වීදුරුවක් බීලා එහෙම්මම දෙවින්ගෙ ඇග උඩ සිහි නැතුව ඇදන් වැටුණා.

..............................................................................................

"මෙන්න ශෙඩියුල් එක.....ඔය විදියට තමා හෙට ඉදලා තරග තියෙන්නෙ නේත්‍ර..."

"හරි සුදුබේබි"

"යසයි යසයි නල්ලමලේ සුදුබේබිගෙ වැඩ.....යකෝ අනික් හවුස් වල උන්ට ඕක නෝටිස් බෝඩ් එකේ දැම්මම බලපං කියලා නේද කිව්වෙ? පෙනේද පෙනේද මුගෙ පක්සපාතීත්වය"

"ඉතින් මිනිහො උබත් නේත්‍රගෙ හවුස් එකේමනෙ"

"ඒත් මේ දිවාසට අසාධාරණේ පේන්න බෑනෙ.මම ඕක අද ස්ටේටස් දානවා"

"ඕනි මගුලක් කරගනින්....මම බය නෑ! ඒක නෙවේ දිවාස,මෙහෙ වරෙං මට උබ එක්ක කතාවක් තියේ කරන්න....නේත්‍රත් එන්න"

ආශව නේත්‍රගෙ ගෙදරින් එලියට පය තියලා අරලිය ගහ යට බංකුවෙ ඉදගෙන බලන් හිටියෙ පොඩි ජෝඩුව තමන් ලගට එනකං.ප්ලාස්ටික් පුටුවකුත් උස්සගත්තු දිවාෂ ඒක ආශවගෙ ඉස්සරහින් තියලා ඉදගනිද්දි නේත්‍ර හෙමින් සැරේ ඇවිත් ආශවගෙ එහා පැත්තෙන් ඉදගත්තා.දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බැලුව ආශව දිවාෂ දිහා බලලා කතාව පටන් ගත්තා.

"දිවාෂ මල්ලිට මොකක් හරි දෙයක් කියන්න තියෙනවද මට?"

ආශවගෙ තියුණු වගේම අවධාරණාත්මක කට හඩ ඇහුනු දිවාෂගෙ ඇග උනත් ටිකක් වෙවුලුවෙ මෙතන ඉන්නෙ වගකීම් සහගත ආශව මිසක් වෙනදට තමන් එක්ක මරාගන්න ආශව නෙවෙයි කියලා දැනුනු නිසා.ආශව දිහා බලන් හිටිය දිවාෂ එහෙම්මම බිම බලාගනිද්දි නේත්‍ර මේ දිහා බලන් හිටියෙ පුදුම වෙලා.ටික වෙලාවක් දිවාෂ දිහා බලන් උන්නු ආශව අත මිට මොලවලා බංකුවට ගැහුව පාරට බය වුණු දිවාෂ ආශව දිහා බැලුවා.

"උබෙන් මම දෙයක් ඇහුව මල්ලි!"

"එහෙ...එහෙම විශේෂයක් කියලා දෙයක් නම්....."

"විශේෂද නැද්ද කියලා තීරණේ කරන්නෙ මම මිසක් උබ නෙවෙයි දිවාෂ! ඒ නිසා දෙයක් කියන්න ඕනි කියලා හිතෙනවනම් කියපං"

"ම්හ්....ඕ.....ඕ....පොඩ්ඩක් ඔය රැවිල්ල අඩු කරගන්නවකො ආසව අයියෙ....බය හිතෙනවා ඕයි"

දිවාෂ මෙතන තිබ්බ කලබලකාරී තත්වෙ ටිකක් සමනය කරන්න හිතන් හිනාවෙලා කිව්වත් ආශවගෙ රැවිල්ල අඩු නොවුණු තැන කට බලියගත්තු දිවාෂ කතා කරන්න තීරණේ කලා.

"අර මහීල්.....ඌ අමුතුයි! මට එතනින් එහාට දෙයක් කියන්න තේරෙන්නෙ නෑ ආසව! මම දන්නෑ ඔයා මෙව්වා කෝම දැනගත්තද කියලා....ඒත් ඌ අමුතුයි....මට හරිම අමුතුයි"

දිවාෂගෙ කතාව එක්ක නේත්‍ර ගල් ගැහිලා ගියේ මේ වෙනකං මෙහෙම දෙයක් දිවාෂ නිකමටවත් කියලා නොතිබ්බ නිසා.නේත්‍ර දිහා බැලුව දිවාෂ සමාව අයදින බැල්මකින් නේත්‍ර දිහා බලද්දි ආශව දිවාෂ දිහාම බලන් හිටියා.ආශව මොනා නමුත් දෙයක් දැනගෙන තමන් දිහා බලන් ඉන්නෙ කියලා තේරුම් ගත්තු දිවාෂ හෙමින් සැරේ තමන් මෙච්චර වෙලා රැක්ක එකම රහස ආශවගෙයි නේත්‍රගෙයි ඉස්සරහ කියලා දැම්මා.

"එදා.....නිදුකි එක්ක දෙවින් අයියා ආව දවසෙ.....එදා කැඩෙට් රූම් හරියෙන් යද්දි.....ඒ හරිය අදුරුයි කියලා උබ දන්නවනෙ ආසව....මහීල් කැඩෙට් රූම් එකේ හිටියා.ඌ කැඩෙට් කරන එකෙක් නොවුණට ඌට ඕනි තරම් යාලුවො ඒක ඇතුලෙ ඉන්නවනෙ....මම එතනට ගියේ අයියා කෙනෙක් හොයාගන්න...අපේ හවුස් එකේ මාච් පාස්ට් එක පුරුදු කරවගන්න.

මම ගිහින් කතා කලත් කවුරුත් නොහිටිය නිසා මම හැරිලා එද්දි මගෙ ඉස්සරහ මහීල් හිටියා.පකයා මට යන්න දුන්නෑ එතනින්....මම එහාට පලයං කියලා ඌව තල්ලු කරන් එද්දි ඌ මගෙ ඉණ....ඉණ ආශව අයියෙ....කොනිත්තලා මහම මහ බලු කතාවක් කිව්වා.....මට හරි ලැජ්ජයි"

දිවාෂගෙ අත් පවා වෙවුලන ගමන් තිබ්බෙ කේන්තියට වගේම ලැජ්ජාවට.නේත්‍රගෙත් ඇස් දෙක මහත් වෙලා තිබ්බෙ ජීවිතේට නොහිතුව දෙයක් සිද්ධ වෙලා නිසා.පන්තියෙ එකටම උන්නු ලමයෙක් වුණු මහීල් ඒ වගේ වැඩක් කරයි කියලා නේත්‍රවත් ජීවිතේට හිතලා තිබ්බෙ නෑ.ඊටත් වඩා නේත්‍ර දිවාෂගෙ ඇස් අස්සෙන් දැක්කෙ ලොකු බයක්.දිවාෂ ඒ විදියට බය වෙන්නනම් මහීල් කිව්ව කතාව ලේසි පහසු නෑ කියලත් නේත්‍ර තේරුම් ගත්තා.ඒත් එක්කම දිවාෂ ලගට ගිය ආශව දිවාෂගෙ උරහිසකින් තමන්ගෙ ශක්තිමත් අතක් තිබ්බා.

"උබට මතක් වුනේ නෑ උබට අයියලා ඉන්නවා කියලා?"

"අ...ආසව?"

"උබට මාව අමතක උනේ කියලා කියමු මේක ගැන කියන්න....ඒත් දෙවින්? මම මේක ගැන දෙවින්ටටි තෙවින්ටයි කියනවා"

"එපා ආසව....දෙවින්ට කිව්වත් තෙවින්ට එපා!"

"ඒ ඇයි?"

"දන්නෑ ආසව! ඒත් ඌ වෙනයි උබලා වෙනයි මට....ඌට කියන්න එපා....."

"හ්ම්ම්......තමුසෙ එදා මහීල්ගෙ කනට ගහලා ඌව කාණුවට තල්ලු කරපු හැටි අපේ ක්‍රිකට් ටීම් එකේම කොල්ලෙක් දැකලා....ඌ තමා ඇවිල්ලා මට කිව්වෙ.ඒ කොල්ලගෙන් පිට යන එකක් නෑ මේක...හැබැයි ආයෙ ඔය වගේ දෙයක් උනොත් කියපං මට"

"සොරි ආසව....මට මේක කියලා උබලට කරදරයක් කරන්න හිතුනෙ නෑ"

"අපි එකාට එකා ඉන්නවා හැමදේටම දිවාෂ....උබ ඒක මතක තියාගත්තම ඇති"

අරලිය ගහෙන් වැටුනු වේලුනු මලක් දිවාෂගෙ උකුල උඩට වැටෙද්දි ඒක අතට ගත්තු දිවාෂ ඔහේ ඈත බලන් හිටියා.නේත්‍ර දිහා බැලුව ආශව ආපහු පාරක් නේත්‍ර ලගින් ඉදගත්තෙ නේත්‍රගෙ අතක් තමන්ගෙ අතක හෙමින් පටලගන්න ගමන්.නේත්‍රගෙ අල්ල උඩින් සියුම් හාදුවක් තැවරුව ආශව ඒ බෝල ඇස් වලට එබෙද්දි නේත්‍රගෙ සැකයක් නැතුවම තමන්ව විතරක් පේන ආශවගෙ ඇස් දෙක දිහා බලන් උන්නා.

"නේත්‍ර ෆෝන් එක....."

"ඕ සුදුබේබි....ඒක කමක් නෑ....සුදුබේබි හේතුවකටනෙ කරන්න ඇත්තෙ එහෙම"

"එහෙම බෑ නේත්‍ර....ඒක ඔයාගෙ ෆෝන් එක....මම එහෙම කල හේතුව දැනගන්න අයිතියක් ඔයාට තියෙනවා"

"හ්..හරි සුදුබේබි"

"එදා නේත්‍ර සේව් නොකර තිබ්බ නම්බර් එකකින් නේත්‍රට කෝල්ස් ආවා.....අපි දෙන්නා අර ගණන් හද හද ඉන්න වෙලේ නේත්‍ර ගියේ බුදුපහන තියන්න මල් කඩන්න.එවෙලෙ කෝල් කලේ....මම ආන්සර් කලා....උපාධ්‍යා කිව්වා කතා කරන්නෙ"

"උපාධ්‍යා?"

"උපාධ්‍යා කිව්වෙ ගර්ල්ස් එකේ එකීද?"

"ඔව්"

"එදා උබර් කිව්ව සීන් එකටත ආසව?"

"ඒ වගේ දිවාෂ.....මම කිව්වා නේත්‍ර නම් මෙවෙලෙ නෑ....ඒත් කියන්න කියලා.කෙල්ල කිව්වා නේත්‍රටමයි කතාකරන්න ඕනි කියලා.මම ෆෝන් එක ඕෆ් කරලා දැම්මෙ එවෙලෙ.....

නෑ මගෙ හිතට ඉරිසියාවකුත් එන්න ඇති.මම ඒක නෑ කියන්නෙ නෑ.ඒත් එවෙලෙ මමත් කල්පනා කලේ දෙනෙත්ගෙ ප්‍රශ්නෙ....ඔය අස්සෙ ඕකත් විසදන්න බෑ කියලා මට තේරුනා.මොකද මම ටිකකින් ගන්නම් කියලා කෝල් එක කට් කලත් අර කෙල්ල විනාඩි දෙකකට විතර පස්සෙ ආයෙ ආයෙ කෝල් කරන්න ගත්තා.මම ෆෝන් එක ඕෆ් කලා."

"ඒකට කමක් නෑ සුදුබේබි.....සුදුබේබි එවෙලෙ කල දෙයි වරදක් නෑ"

"ඔයා ෆෝන් එක ඔන් කලේම නැද්ද නේත්‍ර ඊට පස්සෙ? ඔයා මම කියනකං නොදැන හිටියෙ?"

"නෑ සුදුබේබි.....සුදුබේබි මම ලගින්ම උන්නනෙ එවෙලෙ ඉදන්...මට ආයෙ ෆෝන් එකෙන් කරන්න දෙයක් තිබ්බෙ නෑ"

"ඔන් කරල බලන්න නේත්‍ර....ඇතුලෙද ෆෝන් එක?"

ඇතුලට දුවලා ගිය නේත්‍ර තවම මේසෙ උඩ ක්‍රියා විරහිත වෙලා තිබ්බ දුරකථනෙත් අරන් ආපහු පාරක් ආශවයි දිවාෂයි ලගට දුවගෙන ආවා.දුරකථනෙ ක්‍රියාත්මක කෙරුව නේත්‍ර බලාගෙන හිටියෙ එක දිගටම එන කෙටි පනිවිඩයි මගෑරුණු ඇමතුම් වලයි දැනුම්දීම් ටික.ඒ ටික දිහා බලන් උන්නු නේත්‍ර ආශවට දුරකථනෙ දෙද්දි ආශව නේත්‍ර දිහා බලලා දිවාෂ දිහා බලද්දි දිවාෂ ඔලුව උඩ පහල වැනුවා.

"අපි උපාධ්‍යව හම්බෙලා බලමු නේත්‍ර....එකපාරක්!"

...................................................................................................

"යුගාන් මේහ්....."

"කියපං තෙවින්....මේ උබ බස් එකට නැග්ග වෙලේ ඉදන් මගෙ නම කිව්ව තිස් අටවෙනි සැරේ!"

"මට යාලුවෙක් හම්බ නොවුනොත් මම දොලහ වසරෙ ඉදන් ඉගෙන ගන්න කැමතියි කියලා උබේ පන්තියට එනවා"

"අනේ මේ! ඉස්කෝලෙදිවත් ඉදපං පාඩුවෙ මට වද නොදී....එන්නනම් එපා ඈ පලාතක....මැරෙන්න ගහනවා"

"අනේ මොකද්ද යුගාන්"

"අනේ මේ හුරතල් වෙන්නනම් එපා ඈ....හුම්ත්ත! ඇතුලත් වීමේ අංකෙ මොකද්ද?"

"මොකටද?"

"බෙදලා බලන්න.....ඒකෙන් එන අංකෙ අනුව තමා උබ වැටෙන හවුස් එක බලන්න පුළුවන්"

"මම කියන්නෑ යුගාන්.....හහ්.....මම උබේ හවුස් එකට එනවා කොහොමහරි"

"උබට කොලබටම වෙලා ඉන්න තිබ්බෙ තෙවින්!"

පිට්ටනියෙ තිබ්බ කොට්ටම්බා ගහේ මුලක් උඩ පස්ස තියන් පොඩි උන් ටිකකට දේශනාවක් දෙන නේත්‍ර දිහා බලන් හිටිය දිවාෂගෙ ඔලුවෙ වැඩ කලේ අද උදේ තෙවින් එක්ක ඇති වුණු කතා බහ.අද තෙවින් විද්‍යාලීය නවක ශිෂ්‍යයෙක් විදියට පාසලට බැදුනා වගේම තෙවින්ව කලා අංශෙ අදාල පන්ති කාමරේට එක්කන් ගිහින් හොද ලමයෙක් වුණු රකිතගෙ යාලුවෙක් ලග ඉන්දවන්න පවා සිද්ධ වුනේ අසරණ දිවාෂට.තෙවින්ව පන්තියට දැම්ම දිවාෂ ඒත් එක්කම පිට්ටනියට දුවගෙන ආවෙ අද ධාවන තරග පැවැත්වෙන්න නියමිතව තිබ්බ නිසා.

"කට්ටියම හොදට දුවන්න ඕනි හරිද? අර අයියා තුවක්කුවෙන් වෙඩි තිබ්බම බය වෙන්න එපා හොදද? ඒකෙන් ඔයාලට මුකුත් වෙන්නෑ....සද්දයක් එනවා විතරයි.....ඔයාලා දෙන්නා බබාලා,ඔයාලව දැන් මම ගිහින් හිට්ටවන ට්‍රැක් එකේමයි දුවන්න ඕනි.වෙන අයගෙ ට්‍රැක් වලට පයින්න එපා.හොදද? බය වෙන්න එපා පැටවුනේ...අපිට දිනන්න පුළුවන්! තේරුනා නේද?"

"තේරුණා නේත්‍ර අයියේ.....නේත්‍ර අයියෙ,අපි දින්නොත් අපිට කිස් එක ගානෙ ඕනි"

"ආආආආආආආආආආආආ!!!! අනේ උබලා මෙතන මිනීමරන වැඩනෙ කරන්න හදන්නෙ! පොඩි පගයො ටික"

'ආආආආආ.....' කියලා කෑගැහුව ටික හයියෙන් කිව්වත් අනික් ටික තමන්ටම මුමුණගත්තු දිවාෂ මීටර් සීය දෙසීය දුවන්න හිටිය පොඩ්ඩො හතර දෙනාව නේත්‍ර එක්කම එක්කන් ගියේ ස්පීකර්ස් වලින් කෙරුණු දැනුම්දීම නිසා.

"මීටර් සීය දෙසීය ධාවන ඉසව් සදහා සහභාගී වන සියළුම ශිෂ්‍යයන් හැකි විගස ආරම්භක ස්ථාන කරා වාර්ථා කරන්න! මෙන්න එම නිවේදනය නැවතත්....."

පොඩි උන් හතරදෙනාව එක්කන් ආව නේත්‍රයි දිවාෂයි දෙන්නා ඒ හතරදෙනාටම ආරම්භක ස්ථානෙන් ලැබුනු අංක ලාංඡන පොඩ්ඩො හතරදෙනාගෙ ටී ෂර්ට් වල ඉස්සරහෙයි පිටිපස්සෙයි හැට්ටකටු වලින් එල්ලලා හතරදෙනාව එතන සංවිධායක මඩුල්ල සකසලා තිබ්බ පෝලිම් වලින් ස්ථාන ගත කරලා පැත්‍තකට වුණා.

"නේත්‍රයා....උබ එන්ඩින් එකට යමන්.උබ එතන ඉදල චියර් කරන එක පොඩි උන් ටිකට ගැම්මක් වෙයි.මම ස්ටාර් එකේදි ඉන්නම් උන් එක්ක....අපේ උන් මැද්දෙ ඉන්නවා නේද චියර් කරන්න?"

"ඔව් දිවාෂ....කොහොමත් ඔය පිට්ටනියෙ ඇතුල් පැත්තෙ දිගටෝම ඉන්නෙ මේ දුවන කට්ටියගෙ යාලුවොනෙ....මම යන්නම් අතනට"

දිවාෂට තට්ටුවක් දැම්ම නේත්‍ර දුවලා ගිහින් මීටර් සීයෙ තරගය අවසන් කරන තැනට ගිහින් හිටගෙන තමන්ගෙ අතේ තිබ්බ ෆයිල් කවරෙන් මූණ ආවරණය කරගත්තෙ මූණට වැටෙන තද ඉර එලියෙන් වැලකෙන්න හිතාගෙන.ඒත් එක්කම ලොකු හෙවණක් වගේ දෙයක් දැනෙද්දි ඇස් දෙක උස්සලා බැලුව නේත්‍ර දැක්කෙ ඉර එලිය වැටෙන පැත්තෙන් තමන්ව ආවරණය වෙන විදියට හිටගෙන හිටිය ආශවව.

"කැප් එක කෝ නේත්‍ර?"

"අනේ ඒක අර මල්ලි කෙනෙක්ට දුන්නා සුදුබේබි....එයාට ඉර එලියෙ ඉන්න අමාරුලු.ගේන්න බැරි උනාලු කැප් එක අද"

"මට වෙන අයගෙන් වැඩක් නෑ නේත්‍ර....ආයෙ මගෙන් ගුටි කනවා ඔයා මෙහෙම වැඩ කලොත්.කැප් එක එහෙම දුන්නනම් මට කියන්න තිබ්බා.මම එහෙනම් එකක් හොයල  දෙනවනෙ ඔයාට"

"අනේ....බයින්න එපා නේත්‍රට"

"ඇස් දෙක බෝල කලා කියලා රැවටෙන්නෑ මම මෙවෙලෙ.ආ....මේක දාගන්න"

"එප්..."

"මට තව කැප් එකක් හොයාගන්න පුළුවන් නේත්‍ර....අනික මම මෙතන ඔයා හිටිය නිසා ආවෙ.නැත්තං මම අර හෙවණට වෙලානෙ ඉන්නෙ.ඔයානෙ දවසම මේක පුරා දුවන්නෙ"

තමන්ගෙ ඔලුවෙ තිබ්බ කැප් එක ගැලෙව්ව ආශව ඒක නේත්‍රගෙ ඔලුවට දාද්දි නේත්‍ර ආශව දිහා ආදරෙන් බලන් හිටියා.ඒත් එක්කම වෙඩිල්ලෙ සද්දෙ ඇහුනු නේත්‍ර ට්‍රැක් දිගේ දුවන් එන තමන්ගෙ නිවාසෙ පොඩ්ඩො දෙන්නගෙ නම් කියලා කෑගහන්න පටන් ගනිද්දි ආශව සාක්කුවට අත් දෙකත් දාගෙන නේත්‍ර දිහාම බලන් හිටියෙ හරි ආදරණීය හිනාවකින්.නේත්‍රලාගෙ නිවාසෙන් ඉදිරිපත් කෙරුව එක පොඩ්ඩෙක් පලවෙනියා වෙද්දි,අනික් කෙනා තුන් වෙනියා වුණා.කොහොමත් නේත්‍රයි දිවාෂයි මේ දෙන්නගෙන් ජයග්‍රහණයක් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙලා හිටියා.

"නේත්‍රට මතකද අපි මෙහෙ ආවට පස්සෙ තිබ්බ පලවෙනි මීට් එක? නේත්‍රයි දිවාෂයි දුවන්න හිටියෙ"

"හී....අනේ ඔව් සුදුබේබි....මතකද එදා?"

"ඔව්....නේත්‍ර ඔය වෙඩිල්ලට බය වෙලා කන් දෙකත් වහන් කෑගහගෙන ඉදගත්තා.මමත් නේත්‍රලා එක්කමයි දුවන්න හිටියෙ....අපි එකම වයස් කාණ්ඩෙටනෙ වැටුනෙ...මතකද?"

"ඔව් සුදුබේබි.....එදා මම ඇත්තටම බය උනා...ගමේ ඉස්කෝලෙදි අර ලෑලි වලින් අත්පුඩියක් ගහනවා විතරයිනෙ.අන්තිමේ සුදුබේබිට උනේ දුවන එක පැත්තක තියලා මාව නලවන්න.මම නිසා සුදුබේබිටත් ප්ලේස් එකක් නෑ ඒ තරගෙන්"

"ඒ දවස් හරි නිරවුල් නේත්‍ර.....ලස්සනයි"

නේත්‍රට මතක් වුණෙ ඒ කිව්ව සිද්ධිය.මීටර් සීය දුවන තරගෙදි නේත්‍රට එහා පැත්තෙ ට්‍රැක් එකේ හිටියෙත් ආශව.එදා වෙඩිල්ල පත්තු කරද්දිම අනික් ලමයි දිව්වත් නේත්‍ර අඩාගෙන බිමට නැවුණා.ටිකක් ඉස්සරහට දුවද්දි නේත්‍ර තමන්ගෙ එහා පැත්තෙන් එන්නෑ කියලා දැනුනු ආශව පිටිපස්ස බලද්දි ට්‍රැක් එක මැද්දට වෙලා අඩන නේත්‍රව දැකලා තරගෙත් පැත්තක තියලා තමන්ලගට ඇවිත් තමන්ව තුරුල් කරන් සැනසුව හැටි නේත්‍රට හොදටම මතක තිබ්බා.එදා ඉදන්ම ආශවගෙ ආදරේ ඒ වගේ! නේත්‍ර ආශව දිහා බලන් හිටියෙ පුදුමාකාර ලෝභකමකින්.

"ඔහොම බලන් ඉන්න එපා නේත්‍ර....මට මේක පිට්ටනිය කියලා අමතක වෙයි"

"ස්...සුදුබේබි?"

"නේත්‍ර නොදන්නවා උනාට ඔය බැල්ම අස්සෙ පුංචි ආසාවක් වගේ දෙයක් හැංගිලා තියෙනවා පේනවා...අන්න ඒකයි හැමදාම වගේ මම ඔය බැල්ම ලගදි කන්ට්‍රෝල් නැති වෙන්නෙ"

"ලැජ්ජා හිතෙන කතා කියන්නෙපා සුදුබේබි.....මම පොඩ්ඩක් අතනට ගිහින් බලලා එන්නම්....මීටර් සීයෙ එක  වුණු බබා දෙසීයත් දුවනවා...ඒකයි"

"ම්ම්ම්.....චැම්පියන්ෂිප් එකකට වැඩේ දෙන්න වගේ හදන්නෙ දිවාසයා නේහ්? නේත්‍ර ගිහින් එන්න.මම ඉන්නම්"

ඔය විදියට තරග කටයුතුත් එක්ක දවස ගෙවිලා යද්දි අද දිවාෂටත් නිවනක් නොතිබ්බෙ තෙවින්ගෙ වදේ එක්ක.උදේ නවයට දහයට විතර පිට්ටනියට ආව තෙවින්ගෙ වැඩේම උනේ දිවාෂගෙ පස්සෙන් වැටිලා කැරකෙන එක.තෙවින්ට ඒකෙන් එහා ලෝකයක් තිබුනේම නෑ.රකිතගෙ යාලුවා වුණු ඉන්දීපත් දිවාෂගෙ හිතවතෙක් වුණු නිසා දිවාෂට තිබ්බ වදේ දෙගුණ තෙගුණ වෙලා තිබ්බා.ඔක්කොටම හපන් වැඩේ වුනේ තෙවින්ගෙ නිවාසෙ උනෙත් දිවාෂගෙ නිවාසෙමයි!

ඒ අතරෙ ආශවනම් නේත්‍රව පුළුවන් උපරිමෙන් රකින ගමන් හිටියා.අදත් දෙපාරක්ම නේත්‍ර වැටිලා තුවාල වෙන්න ගිය අවස්ථා වලින් නේත්‍ර ගැලවුණේ ආශව නිසා.වැඩ බලන මුවාවෙන් නේත්‍රලාගෙ නිවාසෙ අස්සටම රිංගන ආශවට දිවාෂ ඔත්තුකාරයෙක් කියලා බැන්නත් දිවාෂව තඹ සතේකට ගණන් නොගත්තු ආශව විටින් විටේ ඇවිත් තමන්ගෙ වැඩේ කරල දාලා ගියා.නේත්‍ර ගිනි අව්වෙ ඉදල කලන්තෙ දායි කියන බයට ආශව ගෙනත් දුන්නු කෑම කාලා වැඩි වෙලාම තව ඩිංගකින් නේත්‍ර කලන්තෙ දාලා වැටෙන්න උනත් ඉඩකඩ තිබ්බා.

තමන්ගෙ හවුස් එක පැත්ත පලාතක නොයන ආශව නේත්‍රලාගෙ එකේම වල බැහැගෙන ඉන්න එකත් සමහරුන්ට දිරවන කාරණයක් නොවුණත් කිසිම කෙනෙක් ආශවට වචනයක්වත් නොකියා හිටියෙ ආශවට තිබ්බ බය මුසු ගරුත්වෙ නිසා.නේත්‍ර නිසා උනත් ආශව නීතිරීති කඩ කලේ නෑ.පෞද්ගලික හේතු මත නේත්‍ර ලගට ආව මිසක් උත්සවේ ඉදිරිය ගැන,නිවාස වලට කරන්න යන දේවල් ගැන,නිවාස හදන්න දෙන්න ඉන්න මාතෘකා ගැන ආදී වුනු කිසිම දෙයක් ගැන ආශව නේත්‍රට කිව්වෙ නෑ වගේම නේත්‍ර ආශවගෙන් අහන්න ගියෙත් නෑ.රාජකාරි ජීවිතෙයි පෞද්ගලික ජීවිතෙයි කියන්නෙ දෙකක් කියලා ආශව වගේම නේත්‍රත් තේරුම් අරන් හිටියා.

"හැබැයි අර ඇට බට්ටව මම ගහනවා පොලවෙ නේත්‍ර වෙලාවකනම්"

"අනේ පවුනෙ සුදුබේබි.....එයා හරි හුරතල්"

"මම ඊට වඩා හුරතල්නෙ නේත්‍ර....හහ්...ඒ බට්ටගෙ මොන හුරතලයක්ද? කොටට කොටේ ඉදගෙන....එනවා මෙතන කම්මුලට තව උම්මියක් උම්මියක් ගාගෙන"

"ඉරිසියාකාර සුදුබේබි මගෙ....."

"ඉරිසියයි තමා....හහ්....මම ඉල්ලුවොත් තමා දෙන්න සියපාරක් විතර හිතන්නෙ....නේත්‍ර,ඔයා අර දින්න පොඩි උන් හතර දෙනාගෙම කම්මුල් දෙකට එක ගානෙ දෙකක් දුන්නා උම්මා.....අද යමංකො ගෙදර මම අල්ලගන්නම් ඔයාව"

"අනේ....අනේ සුදුබේබි.....නරකයි දැන්නම් හොදටෝම"

නේත්‍රගෙ බෑග් එකේ පිටිපස්සෙන් අල්ලගත්තු ආශව දෙපැත්ත බලලා පාර පැනලා ඉස්සරහට ඇවිදන් ගියේ බස් නැවතුමට.දෙනෙත් පුරුදු විදියටම ගෙදර වාහෙනේම ගෙදර ගිය නිසා දෙවින්ගෙයි තෙවින්ගෙයි මැද්දට වෙලා ඇවිදන් එන දිවාෂගෙ අතේ අයිස් පැකට් දෙකක් තිබ්බා.දැන් දිවාෂට හැමදේම හම්බෙන්නෙ දෙගුණයක් ගානෙ.ඇයි දැන් තෙවිනුත් මේ ඉස්කෝලෙමනෙ.

"බීරිං කරනවා වගේ නේද සුදුබේබි?"

"ඒක තමා....කුඩයක් තියේද නේත්‍ර?"

"ඕ තියේ සුදුබේබි"

නුවර අහසම අදුරු කරන් වැහි කලුවක් කඩා පාට් වෙද්දි ආශව වගේම නේත්‍ර ගමන ඉක්මන් කලේ හදිස්සියෙවත් වැස්ස ක්ඩා වැටුනොත් තමන්ව තෙත බරිත වෙන නිසා.ගහන හුලං නිසා ඇවිස්සෙන දූවිල්ලෙන් මූණු ආවරණය කරගන්න ගමන් ආශව නේත්‍රව පරිස්සමින් එක්කන් යද්දි දිවාෂලත් ඒ පිටිපස්සෙන්ම දුවං ආවා.බස් නැවතුමට අඩි දෙක තුනක් වගේ තියෙද්දි නේත්‍ර එකපාරටම නැවතුනේ ආශවගෙ අතිනුත් තද කරලා අල්ලන ගමන්.

"අර ඉන්නෙ උපාධ්‍යා නේද සුදුබේබි?"

...................................................................................................

වැඩිත් නෑ අඩුත් නෑ හරියටම වචන 4000යි😹❤️

බබාලා අදත් ඉල්ලන්නෙ මොකක්ම හරි වචනයක් කියාගෙන යන්න හොදද🥺❤️ මම වැඩ දාහක් තියන් පුලු පුලුවන් වෙලේට මේ අප්ඩේට් දෙන්නෙ🥺❤️

මට ලස්සනම ලස්සන තෑග්ගක් හම්බුනා😭❤️ ඒක ලස්සනයි විතරක් නෙවේ.....ආදරණීයයි මාරම විදියට.....අනික ඒ නංගි ඒක හදන හුගාරියක් මහන්සි වෙලා බබාලා🥺❤️ ඔයාලත් මේක බලලා එයාට සපෝට් කරන්න අමතක කරන්න එපා හොදද😭❤️

imu____maya නංගො ගොඩා ස්තූතියි මේ පුදුමාකාර සතුටක් මට ගෙනත් දුන්නු තෑග්ගට🥺❤️ මට ඒ ගැන කියන්න වචන නෑ😭❤️

blossomtaevk නංගො ගොඩා ස්තූතියි මේ ලස්සන තෑගි වලට😭❤️

ඔව් අපි යං දැන් පොඩි ආතල් එකක් ගන්න😂❤️

blossomtaevkblossomtaev නංගා😂❤️

sadha_ නංගා😂❤️

Swag_sopier නංගා😂❤️

_Taekookie_Moon_ නංගා😂❤️

SithB123 අක්කා😂❤️

ඒ ටික ආතල් හැබැයි 😂❤️ අනේ එකක් හරි මගෑරුනනම් සමාවෙන්න හොදද❤️

ඒනම් මම ගිහින් එන්නම් බබාලා🥺❤️

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter