Back
Chapter 52

51 කොටස🤍✨

නිවාලන්න මා...

"The final match between ***** House and **** House starts in ten minutes.The team captains of both teams......."

නිවේදනය ලැබීමත් එක්ක විද්‍යාලීය ක්‍රීඩාංගනයේ පැවීලියන් එක වගේම පිට්ටනිය වටේමත් ලමයි පිරෙන්න ගත්තෙ මේ තරගෙ හරි උණුසුම් වගේම ආකර්ශනීය එකක් වෙන බව දැනන් හිටිය නිසා.දැනටමත් ලමයි සීයකට අනූවක් විතරම ජය පැරදුම තීරණේ කරලත් අවසන් වෙද්දි ලමයි කීප දෙනෙක් තවමත් තරගයේ ජය පැරදුම ගැන නිශ්චිත තීරණේක් හිටියෙ නෑ.ආශවව හම්බෙන්න ගිය නේත්‍ර ඇස් වල කදුලුත් පුරවගෙන දිවාෂ ලගට එද්දි කණ්ඩායමට තර්ජන එල්ල කරන ගමන් අභිප්‍රේරණය කර කර උන්නු දිවාෂ නේත්‍රව අල්ලගෙන කවුරුත් වැඩියෙ නොගැවසෙන පැත්තකට ගියා.

"මොකෝ චූචියො මේ?"

"ස්....සුදුබේබි තවම කේන්තියෙන් දිවාෂ...... එයා හරි ආවේගෙන් ඉන්නෙ.මට බයයි මැච් එක වෙලාවෙදි ඔය කේන්තිය කාගෙ හරි පිටින් යයි කියලා"

"ඊයෙ රෑ හොදට හිටියනෙ අනේ ආසවයා.මොකෝ උනේ එකපාරටම"

"අ....අම්මා......"

දිවාෂ ඇහුව දේට උත්තර දෙන ගමන් නේත්‍ර ආශවගෙ කේන්තියට පාදක වුණු සිද්ධිය සිහියට නගා ගන්න වුණා.ඊයෙ රෑ නේත්‍ර ආශවගෙ ඇදුම් මදින ගමන් හිටියෙ ආශව කණ්ඩායමේ සාමාජිකයො එක්ක අදාල විස්තර කතා කරගන්න දුරකතන ඇමතුමක හිටිය නිසා.ආශවගෙ පාසල් නිල ඇදුම වගේම ක්‍රීඩා ඇදුමත් පිලිවෙලකට මැද්ද නේත්‍ර නිල ඇදුම හැගරයක දාලා ඇදුම් එල්ලන්න තිබ්බ ලී කොක්කක එල්ලලා සුදු අත් දිග ටී ෂර්ටය එක්ක සුදු දිග බොටම් කලිසම පිලිවෙලකට නවලා තිබ්බා.දුරකථන ඇමතුම ඉවර වෙද්දි නේත්‍ර ආශවගෙ පාසල් සපත්තු දෙකයි ක්‍රීඩා සපත්තු දෙකයි පිහිදලා අවසන් කරලා තිබ්බා වගේම ආශවගෙ පාසල් ගෙනියන බෑගය පවා සකස් කරලා අවසන් කරලා තිබ්බා.

නේත්‍ර එක්කම එකතු වෙලා ක්‍රිකට් භාණ්ඩ ටික ගෙනියන ගමන් මල්ලත් සූදානම් කරගත්තු ආශව ලෑස්ති වුණේ නේත්‍ර එක්කම නිදාගන්න.උදේ පාන්දරම ඇහැරුනාට පස්සෙ නේත්‍රට මෙහෙන්ම නා කියා ගෙන ගෙදෙට්ට ගිහින් ලෑස්ති වෙන්න වැඩි වෙලා නොයන බව ආශව දැනන් හිටියෙ නේත්‍ර නිල ඇදුම,සපත්තු දෙක හැමදේම කලින්ද හවස් වෙන්නත් කලින් පිලිවෙලකට ලෑස්ති කරලා තියෙන බව දැනුවත් නිසා.හවස උනු සිද්ධිය නිසාම ආශවට නේත්‍රව තමන්ගෙ අත් අතරෙ හංගන් ඉන්න ඕනි වුණා වගේම නේත්‍රටත් ආශවගෙ උණුහුමේ රැදෙන්න තද වුවමනාවක් තිබුනා.

"සුදුබේබි....සුදුබේබි...."

"නිර්මලා නේද නේත්‍ර ඒ?"

ආශව අහද්දි ආශවට ඔලුව වනපු නේත්‍ර ගිහින් කාමරේ දොර අරිද්දි නේත්‍ර දිහා එකවතාවක් තදින් බැලුව නිර්මලා ආශව දිහා බලලා කතා කලා.

"මූව එක්කන් යන්නම් සුදුබේබි ගෙදර"

"නේත්‍රව මෙහෙ තියාගන්න බැලුවෙ නිර්මලා අද.හෙට තරග වල වැඩ වගේකුත් තියෙනවා කතා කරගන්න"

"මගෙ කොන්දෙ කැක්කුමක් අල්ලලා සුදුබේබි.....රෑ පානෙ අමාරුවක් උනොත් කාත් කවුරුත් නෑනෙ මට.මම මේකව අරන් යන්නම් ඒ නිසා"

"නිර්මලා....."

"ම්...මම යන්නම් සුදුබේබි"

මෙතන තවත් රැදිලා හිටියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා තේරුම් ගත්තු නේත්‍ර ආශවට කතා කරද්දි නිර්මලා දිහා තදින් බැලුව ආශව ලොකු හුස්මක් පහල දාන ගමන් නේත්‍රට ඔලුව වැනුවා.නේත්‍ර හවස ඉදන් ඇති වෙන්න රිද්දගෙන තිබ්බ එකේ තමනුත් නේත්‍රට කෑගහලා නේත්‍රව රිද්දවන්න ආශවට වුවමනාවක් තිබුනෙ නෑ.නේත්‍රලා එක්කම පහලට බැස්ස ආශව වලව්වත්තෙ කොනක තිබ්බ ගැටපිච්ච වැල ලගට පාත් වෙලා ආපහු යනවා විතරක් නේත්‍ර දැක්කා.අම්මා එක්ක ගෙදර ගිය නේත්‍රට මූණ දෙන්න උනේ කලින් වගේම හිත් රිදීමකට විතරයි.

තමන්ට ඇනුම් පද කිය කිය වැඩපල කරපු නිර්මලාගෙ කොන්දෙ කැක්කුමක්නම් තිබ්බ බවක් නේත්‍රට දැනුනෙ නෑ.ඒක අම්මා තමන්ව සුදුබේබි ලගින් එක්කරන් එන්න කිව්ව බොරුවක් කියලා නේත්‍රට තේරිලා තිබ්බා.හවස ආශවගෙ ස්ථීර වචන එක්ක හිත හදන් වලව්වට ආව නිර්මලාගෙ ගෑනු හිත කුසුමාවතීගෙ වචන එක්ක ආපහු පාරක් පෑරිලා තිබ්බා.නේත්‍ර රෑට නොකා නිදාගන්නත් හේතු වුණේ නිර්මලා නේත්‍රට කිව්ව ඇනුම් පද වගේම පිට හරහා එල්ල කරපු පාරවල් දෙක තුනෙන් දැනුනු වේදනාව නිසා.කන්නෙ බොන්නෙත් නැතුව නිදාගත්තු නේත්‍ර උදේ පාන්දර ආපහු පාරක් උඩ ගියේ ආශව තමන්ගෙ ගේ ලගටම ඇවිත් කියලා දැනගත්තහම.

වෙනදට තමන් වලව්වෙන් එපිට පාරට ගිහින් ආශව එනකං ඉන්නවා මිසක්කා ආශව උදේට තමන්ගෙ ගෙදෙට්ට නේන එකේ නේත්‍ර එහෙම පුදුම වුණු එක සාමාන්‍ය දෙයක්.නේත්‍රගෙ ජනේලෙ ලගට වෙලා මූණ ඇතුලට ඔබන් ඉන්න ආශවව දැක්ක නේත්‍ර කොණ්ඩෙ පීරන එකත් පැත්තක දාලා එලියට දුවං යද්දි නිර්මලා ඒකටත් ඇනුම් පදයක් කිව්වා.

"අපේ එකාව හා හා පුරා කියලා මුලිච්චි නොවී සුදුබේබිට යන්න තිබ්බෙ"

ඔය සිද්ධිය එක්ක තමන්ගෙ අම්මා තමන්ව අවාසනාවන්තයෙක් විදියට දකිනවද කියන එක නේත්‍රගෙ පුංචි හිතට තදින්ම වැදෙද්දි "මේ නිර්මලා...." කියාගෙන ඉස්සරහට ආව ආශවගෙ අතින් අල්ලලා සන්සුන් කල නේත්‍ර ආශව එක්කම ගෙයින් එලියට බැස්සෙ තමන් වැන්දම නිර්මලා බුදු සරණයි නොකියපු පලවෙනි වතාව ඒක වෙද්දි.ඒ බව දැනිලද කොහෙද ආශව "ගුඩ්මෝනින් මගෙ මැණිකට.....බුදුසරණයි" කියලා ඔලුව අතගාද්දි නිර්මලා ඔහොම නෙවේ මොනා කිව්වත් තමන්ට පපුව පැලෙන්න ආදරේ දෙන මේ පිරිමි ආත්මෙ නැති කරගන්නෑ කියලා නේත්‍ර තමන්ටම සපථ කරගත්තා.

ඒත් ආශව වෙනදා වගේ තමන් එක දොඩමලු නොවෙද්දි ආශව ඉන්නෙ කේන්තියෙන් කියලා නේත්‍රට තේරුම් ගියා.ඒත් කා එක්ක තරහා ගත්තත් නේත්‍ර එක්ක තරහා නොගන්න ආශව කේන්තිය යටපත් කරන් නේත්‍ර එක්ක සාමාන්‍යෙන් කතා බහ කලත් ආශවගෙ හුස්මක වෙනස පවා අදුනන නේත්‍රට ආශව ඉන්න මට්ටම තේරුම් ගන්න බැරිකමක් තිබුනෙ නෑ.අඩ අදුරු වැටිලා තියෙන නුවර පාර දිගේ දුවන බස් රථයෙ පිටිමපස්සෙ අසුනෙ කොනකම වාඩි වෙලා උන්නු නේත්‍ර හෙමීට ආශවගෙ උරහිසකට බර වෙලා ඇස් දෙක පියාගනිද්දි,නේත්‍රගෙ සිනිදු අතක ස්පර්ශෙ තමන්ගෙ අතට දැනෙද්දි ආශවගෙ කේන්තියත් සෑහෙන්නම යටපත් වුණා.

නේත්‍ර නිසා සෑහෙන දුරකට නිවිලා ඉස්කෝලෙට ආව ආශව කෙලින්ම නේත්‍ර එක්කම පිට්ටනියට ඇවිත් තමන්ගෙ නිවාසෙ පැත්තට යද්දි නේත්‍ර දිවාෂ එක්ක පිට්ටනියෙ අනික් කොනට ගියා.ආශවට බර වැඩි වෙයි කියලා හිතුනු නිසා ආශවගෙ ක්‍රිකට් ඇදුමයි,සපත්තු දෙකයි තමන් ලගට අරන් තිබ්බ නේත්‍ර ඒ දෙකත් උස්සගෙන ආශවලා ඉන්න පැත්තට දුවං යද්දි නේත්‍රගෙ ඇගේ ගැටුනු මනුස්සයෙක් නිසා නේත්‍ර වැටෙන්න ගියත් ඒ ලග පාතක උන්නු දෙවින් නේත්‍රව අල්ලගත්තු නිසා නේත්‍ර නොවැටී බේරුනා.

"ඕහ්හ්....චූටි බබා! කොච්චර ලකීද ඉස්කෝලෙට ආව ගමන් ඔයාව හැප්පුනු එක මගෙ ඇගේ?"

නේත්‍රගෙ ඇගේ හැප්පිලා තිබ්බ රධීන් කියද්දි කරුමෙටම එතනට කොහෙ හරි හිටිය ආශව ඇවිත් තිබ්බා.රධීන්ගෙ වචන ආශවගෙ කනට ඇහෙද්දි අඩියට දෙකට ආශව රධීන් ලගට ආවත් දෙවින් එක්කම උන්නු දෙනෙත් ආශවව අල්ලගනිද්දි නේත්‍රත් ආශවගෙ ඉස්සරහින් හිටගෙන ඔලුව දෙපැත්තට වැනුවා.ආශව උදේ පාන්දර මෙතන මොකක් හරි කරගත්තොත් අද ආශවට සෙල්ලම් කරන්න වෙන්නෑ කියලා නේත්‍ර දැනගෙන හිටියා.නේත්‍රගෙ මූණ දිහා බලලා සන්සුන් වුණු ආශව රධීන්ට දවා අලු වෙන බැල්මක් හෙලද්දි ඒ බැල්මට ටිකක් ගැස්සුනු රධීන් ඉක්මනටම පියවි මට්ටමට ඇවිල්ලා ආශව දිහා බලලා කටකොනකින් හිනාවෙන ගමන් එතනින් යන්න ගියා.ආශවගෙ යට ගිහින් තිබ්බ කේන්තිය ඒකෙන් වැඩි වෙද්දි නේත්‍රට උනත් ඒක යටපත් කරන්න ලේසි වෙලා තිබ්බෙ නෑ.

"ඒ සක්කිලියා ඉස්කෝලෙ ඇවිල්ලද?"

"ඔව් දිවාෂ....මට ඇහුනා මහීල් කියනවා රධීන්ගෙ ටුවර් එක ඉවරයි කියලා"

"ම්ම්ම්ම්.....සක්කිලියො දෙන්නා....බලමුකො උන් මොකාටද එන්නෙ කියලා!"

"The toss....."

"වරෙං,ටොස් එක දාන්න යන්නෙ.මතක තියාගනින් හරිත? අපි දෙන්නා අපේ හවුස් එකේ මිසක් ආසවයගෙ හවුස් නෙවේ කියලා.කෑ ගැහුවොත් ඒම උන්ගෙ හවුස් එකට මම උබර්ව ගෝනි බිල්ලට කන්න දානවා නේත්‍ර චූචියො හරිත?"

නේත්‍ර මුකුත් නොකියා හිටියෙ දිවාෂ කිව්ව දේ තමන්ට කරන්න පුලුවන්ද කියන එක ගැන හරි විශ්වාසයක් නොවුණු නිසා.මොනා උනත් ආශව සෙල්ලම් කරන හැම වෙලාවකම නේත්‍ර ආශව වෙනුවෙන් ඔල්වරසන් දුන්නා.ඒක නේත්‍රගෙ පුරුද්දක්.නිවාස නායකයෙක් වුනු පලියට ඒක වෙනස් කරන්න පුලුවන්ද කියලා නේත්‍රට විශ්වාසයක් තිබුනේම නෑ.නේත්‍ර එක්කම කියෝ කියෝ ගිය දිවාෂගෙ කටින් කුණුහරපයක් පිට වෙනවත් එක්කම දිවාෂ ඉස්සරහට නැවුනෙ මොකක් හරි බරක් කරට වැටුනා වගේ.

"මොන හු#තක් කරනවද? තෙවින්!"

"යුගාන් එක්ක මැච් එක බලන්නයි යන්නේ....."

"උබනම් අනේ මංදා තෙවින්! හැබැයි දෙවින් පණ ප්ලේ කරනවා කියලා චියර් කරන්නෙපා හරිද උබ ඒ හවුස් එකට.අපේ එකට කෑ ගහපං.නැත්තං මරනවා තෝව!"

"හරි යුගාන්....කෑ ගහන්න එපා ඉතින්"

පැවීලියන් එකේ නොයිදපු දිවාෂයි නේත්‍රයි තෙවින් එක්ක ගිහින් පිට්ටනිය වටේ හිටිය ලමයිගෙ ඉස්සරහින්ම හිටගත්තා.තමන්ගෙ නිවාසෙට අදාල ලමයි එක්ක උන්නු කොල්ලො තුන් දෙනා බලන් හිටියෙ ලෙමුවෙල් නිවාසෙ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වුණු නිමේත් එක්ක ටොස් එක උඩ දාන්න ඇවිත් හිටිය ආශව දිහා.පිරිමි ලමයි කියලා භේදයක් නැතුව සැහෙන්න දෙනෙක් ආශවට පිස්සු වැටිලා ඉන්නෙ කොච්චර දැනගෙන හිටිය දිවාෂ හෙමින් සැරේ වටපිට බැලුවෙ මේ අහලක පහලකත් ආශවට කැමති කෙනෙක් ඉන්නවද කියලා.වෙන මුකුත් නිසා නෙවේ ඊලගට නේත්‍ර මූණ එල්ලගන්නවනෙ.

"**** House won the toss"

දිවාෂ හරි ආඩම්බරකාර බැල්මක් දාගෙන නිවාසෙ ලමයි දිහා බැලුවෙ තරගෙන් දින්නා කියලා හිතාගෙන වගේ.දිවාෂගෙ බැල්ම දැක්ක තෙවින් හෙමින් සැරේ දිවාෂ ලගට කිට්ටු වෙලා දිවාෂට කතා කරද්දි දිවාෂ තෙවින්ගෙන් ඇයි කියලා ඇහුවා.

"ටොස් එකනෙ දින්නෙ.ඇයි උබ ලොකු සීන් එකේ ඉන්නෙ?"

"තරගෙ කෝමත් පරදින එකේ අපි ටොස් එක හරි දින්නනෙ මහත්තයො.....ඒක තමා අද මට තියෙන එකම සතුට"

දිවාෂගෙ කතාවට හිනා ගිය තෙවින් අහක බලාගනිද්දි නේත්‍රගෙ ඇස් දෙකනම් තිබ්බෙ ආශව ලග.නිමේත් විනිසුරුවරයට මොකක් හරි කියනවත් එක්කම ආයෙමත් පාරක් ලවුඩ්ස්පීකරයෙන් සද්දෙ ඇහෙන්න ගත්තා.

"***** House chose to bowl first"

ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් වුණු නිමේත් දැනගෙන හිටියා ආශව කියන්නෙ හරිම තීරණාත්මක විදියට ලකුණු හඹායන්නෙක් කියන එක.තමන් ඉස්සෙල්ලාම පන්දුවට පහර දුන්නොත් ආශව හරිම ගාණට ඒ ලකුණු ටික ඉලක්ක කරගෙන ඊලගට සෙල්ලම් කරන්න ගන්නවා කියලා නිමේත් දැනන් හිටියා.ඒ වගේම ආශවගෙ කණ්ඩායම ඇතුලෙ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නන්ගෙන් එකම එක්කෙනෙක් විතරක් ඉදිද්දි තමන්ගෙ කණ්ඩායමේ තුනක්ම ඉන්න එක ගැන නිමේත්ට ලොකු විශ්වාසයක් තිබුණා.පරාද කරන්න බැරිනම් හොද තරගයක් හරි දෙනවා කියලා නිමේත් අරමුණු කරගෙන හිටියා.

ආශවයි නිමේතුයි අතට අත දෙන ගමන් පිට්ටනියෙන් ඉවත් වෙද්දි තරගය තව මිනිත්තු දහයකින් ඇරඹෙනවා කියලා නිවේදනයක් නිකුත් කලා.පාසල් ක්‍රිකට් කණ්ඩායමේ කලින් වසරෙ නායකයා වුණු සන්දීප අද දවසෙ විස්තර විචාරයට ඇවිත් හිටිය එක පාසල් මාධ්‍ය ඒකකයෙ සාමාජිකයන්ට ලොකු හයියක් වෙලා තිබ්බා.මේ අතරෙ කිසිම කෙනෙක් නොදැන හිටියට පැවීලියන් එකේ උඩම පිහිටලා තිබ්බ වීදුරු කුටිය ඇතුලෙ පාසලේ විදුහල්පති තුමා,ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු එක්ක CCC එකේ ඉහල තනතුරක් දරන නිලධාරියෙකුත් රැස් වෙලා හිටියා.ඇත්තටම ඉදිරියට පැවැත්වෙන්න නියමිත මහා ක්‍රිකට් සංග්‍රාමය එහෙමත් නැත්තං බිග් මැච් එක වගේම අද තරගෙත් ආශවට,දෙවින්ට තීරණාත්මක තරගයක් වෙයි.

"නිමේතයා බෝල් කරන්න ගත්තෙ ආසවලව ටිකක් වට්ටන්න නේහ්? ඕම යං කොල්ලෝඕඕඕඕඕඕඕඕ..... ගැම්මක් තමා"

"අයියලා දිනන්නෙ යුගාන්"

"උබ ඉදපංකො පැත්තකට වෙලා"

ඔය විදියට විනාඩි දහයක් ගත වුණත් නේත්‍ර අතේ නියපොතු හප හප හිටියෙ ආශව අද ඉන්න මානසික මට්ටම ගැන හිතට වද දුන්නු නිසා.පිට්ටනිය ඇතුලෙදි පුංචි වචනයක් එහෙ මෙහෙ උනත් අද ආශවගෙ කේන්තිය පිට වෙනවා කියලා නේත්‍ර හොදටම දැනන් හිටියා.ඇස් දෙක වහගත්තු නේත්‍ර ආශවගෙ ආවේගේ පාලනය කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලද්දි තරගය ආරම්භ කරනවා කියන නිවේදනය නිකුත් වුණා.

මුලු පාසල් පිට්ටනියම ලොකු ගෝෂාවකින් දෙදරුම් කෑවෙ ආශවයි ඉන්දීපයි දෙන්නා පිති දෙකත් වන වන පිට්ටනියට ඇතුල් වෙද්දි.ආශවලගෙයි නේත්‍රලගෙයි නිවාස දෙකට අමතර අනික් නිවාස තුනේම ලමයිගෙන් බහුතරයක් ආශව ලෝලියො වෙද්දි ආශව වෙනුවෙන් නැගුනු ඔල්වරසන් නාදෙන් පිට්ටනියම දෙදරුම් කන්න ගත්තා.පුරුදු විදියටම හිස් ආවරණය අතින් හදාගත්තු ආශව කෙලින්ම නේත්‍රලාගෙ නිවාසෙ පැත්තට ඇහැ යොදලා තමන් දිහා කදුලු පිරුණු ඇස් වලින් බලන් ඉන්න තමන්ගෙ පුංචි ආදරවන්තයා දිහා බලන ගමන් අතේ බැදලා තිබ්බ පිරිත් නූල එකවතාවක් පපුවට තද කරගෙන පිත්තත් එක්ක ස්ථානගත වුණා.

පලවෙනියටම පන්දු යවන්න හිටියෙ දිවාෂලගෙ කණ්ඩායමෙන් මහීල්.මහීල්ගෙ දක්ෂ පන්දු යැවීමට අති දක්ෂ ප්‍රති ප්‍රහාර එල්ල කරන්න ගත්තු ආශව පලවෙනි ඕවරය තුලම ලකුණු හතක් රැස් කරගත්තා.පන්දුවාර විස්සක තරගාවලියක් වුණු මේ තරගෙ ජය පැරදුම කොයි වෙලේ කොයි අතට පෙරලෙයිද කියන එක උනත් හිතන්න ටිකක් අමාරු වුණා.මොකද ක්‍රිකට් කියන්නෙ හරි අවිනිශ්චිත ක්‍රීඩාවක්.

පන්දුවාර පහක් අවසානය වෙද්දිවත් එක කඩුල්ලක්වත් දවාගන්න නේත්‍රලාගෙ නිවාසය සමත් නොවෙද්දි ආශව වගේම ඉන්දීප පහර පිට පහර එල්ල කරන ගමන් හිටියා.ආශවගෙ පිතිකරණය දිහා බලන් හිටිය ccc හි නිලධාරියෙක් වුණු තෙන්නකෝන් මහත්මයා ක්‍රිකට් පුහුණුකරු දිහා බලලා කතා කරන්න ගත්තෙ ලොකු උනන්දුවකින්.

"Is that Ashawa Irugalbandara?"

"Yes,Mr.Thennakon"

"Open Batsman?"

"Yes.....why are you....."

"No.its not a problem.but මම මෙහෙම කියන්නම්.ආශව ස්කූල් ටීම් ප්ලේ කරන්නෙත් ඕපන් බැට්ස්මන් විදියටද?"

"ඔව් මිස්ටර් තෙන්නකෝන්.මේ තාක් ප්ලේ කලේ නම් එහෙම තමා"

"ඒත් මට ආශවගෙන් පේන්නෙ ටීම් එක වැටෙන්න යද්දි ගොඩගන්න පුළුවන් කෙනෙක් විදියට.පලවෙනි ඕවර්ස් වලදි විකට් ගන්න තියෙන ප්‍රවණතාව වැඩියි.හොදම බැට්ස්මන්ලා ගෙඩි පිටින් ඕපන් දාලා එයාලගෙ විකට්ස් ගියොත්? අන්න එතනයි ගැටලුව කෝච්.මොකද තර්ඩ් ෆෝර්ත් බැට්ස්මන්ලා එද්දි ගොඩක්ම බෝල් කරන්නෙ ස්පිනර්ස්ලා.එයාලට ෆේස් කරන්න හැමෝටම බෑ.ඉතින් එතකොට ඊලග විකට්ස් ටිකත් යන්න පුළුවන්.මම ආශවගෙන් දකින්නෙ ඕනිම ජාතියක බෝලර් කෙනෙක්ට ෆේස් කරන්න පුළුවන් කෙනෙක් විදියට.ඉතින් මගෙ අදහසනම්,ආශවව හයෙන් පහල දාන්න කියලා.මම කියන්නෙ,ඕපන් එවන්නෙ නැතිව,තර්ඩ් ඕර් ෆෝත් බැට්ස්මන් විදියට දාන්න කියලා"

"මම ඒ ගැන බලන්නම් මිස්ටර් තෙන්නකෝන්"

"ආශව එක්ක ප්ලේ කරන අනික් කෙනා? එයත් ස්කූල් ටීම්ද?"

"ඔව් මිස්ටර් තෙන්නකෝන්.එයා සාමාන්‍යෙන් ස්කූල් ටීම් එකේ ෆෝත් බැට්ස්මන්"

"අද බෝල් කරන්නෙ නෝමල් අය නිසා ප්‍රශ්නයක් නෑ.බට් වෙන ටීම්ස් එක්කම ප්ලේ කරද්දි එයා ඒකට මැච් වෙන්නෑ.එයා සික්ස් ප්ලේස් එකට වගේ හොදයි.එදා ***** මැච් එක වෙලාවෙදි අපි තව කෙනෙක්ව නෝට් කලා.අපි එයාව මතක තියාගත්තේ....DDS කියලා."

"ඕහ්හ්...දෙවින්.දෙවින් දිහන්ස සිංහවංශ"

"අන්න මෑන්.දිහන්ස හොදයි ආශව එක්ක පාට්නර්ශිප් හදාගන්න.දෙන්නව එක ලග ප්ලේසස් දෙකකට දම්මලා ගස්සන්න බලන්න කෝච්.මම හිතන්නෙ,බිග් මැච් එකට පස්සෙ **** එක එක්ක ***** එකට ප්ලේ කරන්න වෙයි.මොකද,නැශනල් ටීම් ප්ලේ කරන්න පුළුවන් හොදම බුලට්ස් ටිකක් හොයන් අපි ට්‍රේන් කරවන්න ඕනි.සෝ,******ඇන්ඩ් **** කියන්නෙ හොදම ප්ලේයස්ලා බිහි කෙරුව ඉස්කෝල"

"ඕකේ මිස්ටර් තෙන්නකෝන්.අපි එහෙම බලල කරන්නම්"

"මම ආශවව ක්ලබ් එකට රෙක්මන්ඩ් කරලා තියෙන්නෙ.මම හිතනවා ආශව වගේම කෝචුත් මගෙ විශ්වාසය බිදින එකක් නෑ කියලා.ඕකේ....මට DDS ප්ලේ කරනවා බලන්න ඕනි.මගෙ ගෙසස් හරිනම්,ඉන්දීප තව උපරිම බෝල්ස් දෙකකට ෆේස් කරයි මේ බෝයිගෙ.එයා ස්පිනර් කෙනෙක්.ඉන්දීපට ඉක්මනටම යන්න වෙයි"

තෙන්නකෝන් මහත්මයා හරි සැහැල්ලුවෙන් කියද්දිම විදුහල්පතිතුමාගෙ වගේම පුහුණුකරුගෙත් ඇස් ලොකු කරන ගමන් ඉන්දීපගෙ කඩුල්ල බිද වැටුණා.පාසල් ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නෙක් වුණු ලක්ෂිතගෙ ප්‍රබල පන්දුවක් එක්ක කඩුලු තුනෙන් දෙකක්ම ගැලවිලා වැටෙද්දි සෑහෙන්න ලකුණු ප්‍රමානයක් කණ්ඩායමට එකතු කරල දුන්නු ඉන්දීප බැට් එකෙන් පොලවට පාරක් ගහගෙනම පිට්ටනියෙන් එලියට ගියා.ඒත් එක්කම පිට්ටනිය ඇතුලට ආවෙ දෙවින්.

දෙවින්ගෙ පැමිණීම එක්ක ආශවගෙ මූණෙ ලා හිනාවක් ඇදෙද්දි ආශවලගෙ කණ්ඩායමට සහය දක්වන පිරිස අතරි නැගුනෙ ලොකු ඔල්වරසන් නාදයක්.නේත්‍රලාගෙ නිවාසයෙ ලමයිගෙ මූණුවල් ඇද වෙද්දි නිමේත් පුලුවන් උපරිම හොදින් පිටිය රැකිමට කණ්ඩායමට උපදෙස් දුන්නා.ඒත් එක්කම ආශවගෙ ඇස් දෙක ගියේ කොල්ලො වගයක් එක්ක රංචු ගැහුණු තැනක ඉදන් නේත්‍ර දිහා විටින් විටේ බලන රධීන් ලගට.ඊයෙ ඉදන් එක එක ආකාරයේ ප්‍රශ්න වලට මූණ දීලා හිටිය ආශවගෙ ආවේගේ රධීන්ගෙ බැල්ම එක්ක වැඩි වුණා.තමන් දිහා බලාගෙන අතුත් එකට එකතු කරන් දැඩි විශ්වාසෙකින් ඉන්න නේත්‍ර දිහාවට ආදරේ පිරුණු බැල්මක් පා කරපු ආශවගෙ ඇස් දෙකේ තිබ්බ වියරුව නේත්‍රට මගෑරුණේ ආශවගෙ හිස් ආවරණෙ නිසා.

පන්දුවට පහරක් එල්ල කෙරුව දෙවින් ආශවට කඩුල්ල භාර දීලා දුවගෙන ඇවිත් බලන් ඉද්දි ඊලගට එල්ල කර පන්දුවට දැඩි ආවේගෙකින් හිටිය ආශවගෙන් ලැබුනෙ හයේ පහරක්.ඒත් එක්කම පිට්ටනියම ඔල්වරසන් නාදෙකින් හැඩ ගැහෙද්දි තමන්ගෙ නිවාසෙ ඉස්සරහම හිටගෙන උන්නු නිවාස උපනායකයත් හරි අපූරුවට කෑ ගහන්න ගත්තා.

"යේඒඒඒඒඒඒ!!! හයායි!!!!! තව ගහන්න සු......අයියේ...ආශව අයියේඒඒඒඒඒ ගහන්න"

පාසල ඇතුලෙ අනික් අය ඉස්සරහ කවදත් සාමාන්‍ය විදියට හැසිරුණු නේත්‍ර ආශවට අනික් අය කතා කරන විදියටම කෑ ගහද්දි තමන්ගෙ පුංචි ආදරවන්තයගෙ කටහඩ ඇහුනු ආශව ඔලුව හරවලා ඒ පැත්ත බැලුවා.උඩ පැන පැන හයියෙන් අත්පුඩි ගහන නේත්‍ර දිහා බලලා හින  වුණු ආශව ඊලගට එල්ල කලෙත් හතරෙ පහරක්.

"ආසවයාආආආආආආආ !!!! ගහපං කොල්ලෝඕඕඕඕඕඕ!!!"

තමන්ගෙ නිවාසෙ ඇරෙන්න වෙන කිසිම නිවාසෙකට සහය දක්වන්න එපා කියලා මරන තර්ජන පවා එල්ල කල නිවාස නායකයත් මෙච්චර වෙලා තද කරන් හිටිය සන්තෝසෙ එලියට දැම්මෙ තවත් හිර කරන් ඉන්න බැරි තැන.මොනා උනත්,ඒ තමන්ගෙම සහෝදරයො දෙන්නා සෙල්ලම් කරන්නෙ කියන එක දිවාෂගෙ හිතට වැදිලා තිබ්බා.කොහෙන් ගියත් ඒ සහෝදරකම් වලට,ඒ බැදීම් වලට වැට බදින්න බෑ කියන එක දිවාෂ මේ වෙලාවෙදි තේරුම් ගත්තා.නේත්‍රවයි තෙවින්වයි ඇදගෙන නිවාසෙ දෙක තුනක ලමයි මිශ්‍ර වෙල හිටි තැනකට ගිය දිවාෂ ආයෙමත් උඩ පැනලා කෑ ගහන්න ගත්තෙ ඒ වෙද්දි කඩුල්ලෙ රැදිලා හිටියෙ දෙවින් නිසා.

"දෙවින් පණ!!!! ගහන්නෝ!!! හයක් ඕනීඊඊඊඊඊඊඊඊ"

ඒ හරියෙම පිටිය රකිමින් හිටිය නිමේත් ඔක්කොම එපා වුණු බැල්මක් දාන ගමන් දිවාෂට විරිත්තලා ඉස්සරහ බලාගත්තෙ කොහෙන් ගියත්,මොනා උනත්,මරාගත්තත් ඔය එකටම ඉන්න හය දෙනාගෙ බැදීම කඩන්න බෑ කියන එක ගැන නිමේත් උනත් දැනගෙන හිටිය නිසා.ආශව එක්ක හරි අපූරුවට හවුල් සම්බන්ධෙ ගොඩ නගාගන්න ගමන් දෙවින් පන්දුවට පහර එල්ලකරද්දි,නේත්‍රලාගෙ නිවාසෙ සෑහෙන්න පසු බැස්සා.

"මම කිව්වෙ කෝච්,ඒ දෙන්නට පාට්නර්ශිප් හදාගන්න පුළුවන් හොදට.මම හිතන්නෙ,දෙන්නා යාලුවොද?"

"හොදම යාලුවො මිස්ටර් තෙන්නකෝන්"

"ඔව්.ඒක තමා එහෙනම් ප්‍රධානම දේ.ඔය අපි නොදන්නවා උනාට හොදම යාලුවො අතරෙ රහස් ඉගි වගේ දේවල් හරියට තියෙනවා.එක්කෙනෙක්ගෙ නෙක්ස් ස්ටෙප් එක අනික් එක්කෙනා හරි ඉක්මනට තේරුම් ගන්නවා.ඔක්කොම හරි,ආශවගෙ ආවේගේ ටිකක් වැඩි වුණා වගේ කියලා හිතුනා.දැන් එයා ප්ලේ කරන විදිය වෙනස්"

නිමේත් කණ්ඩායමට උපදෙස් දෙන්න රැස් කරගත්තු විනාඩි කිහිපයේදී දෙවින් වගේම ආශව එකිනෙකා එක්ක කතා බස් කරගන්න ලංවුණා.ආශවට ලං වුණු දෙවින් ආශවගෙ අත දැක්ක ගමන් කලබල වුණේ පුදුමාකාර විදියට.ආශවගෙ කලින්දා වුණු තුවාලෙ පෑරිලා ලේ ගලන ගමන් තිබ්බා.

"ආශවයා උබේ ඇගිල්ල!"

"ආර්හ්....මට දැනුනෙවත් නෑ ඒක"

"ගිනි මද්දහනනෙ.ලේ යනව වැඩියි එතකොට"

"මැච් එක මගදාලා යන්න බෑ දෙවින්! කොහොමත් බෑ! මේ හැම පොඩි මැච් එකක්ම මගෙ හීනෙට අඩිතාලම්"

"උඹට පුලුවන් නේද?"

"ඔව්.ඒක අවුලක් නෑ.අනික අද මැච් එක ගැන නේත්‍රත් සෑහෙන්න හෝප්ස් තියන් ඉන්නෙ"

"හරි බං.ගේමක් ගහමු"

දෙවින් ආපහු ගිහින් ස්ථානගත වෙද්දි පිට්ටනියෙ දෙවින්ව පේන් කෙලින්ම හිටන් හිටිය දෙනෙත් තනියම දෙවින් වෙනුවෙන් කෑ ගගහා හිටියෙ,දෙනෙත්ගෙ යාලුවො ඔක්කොමල්ලා වගේ ලෙමුවෙල් නිවාසෙට උදව් කරන නිසා.දෙනෙත් දිහා බලලා හිනා වුණු දෙවින්ට දෙනෙත් තමන්ගෙ මාපටැගිල්ල ඔසවලා පෙන්නලා ආපහු පාරක් මරහඩ තලන්න ගත්තා.

තමන්ගෙ ඇගිල්ල ඇදුම් කනවා දැනෙද්දි,බේත් දාලා ආවරණය කරලා තිබ්බ බැන්ඩේජය රතුපාට වෙද්දිත් ආශව පහර පිට පහර එල්ල කලා.අන්තිමට ආශව හිස් වැස්ම ගලවලා පිට්ටනියෙන් එපිට හිටිය කෙනෙක්ට දීලා කැප් එකක් විතරක් දාන් සෙල්ලම් කරන්න ගනිද්දි නේත්‍රගෙ හුස්මත් හිර වුණේ ආශවගෙ ඇගිල්ල දැකලා.ඇස් වල කදුළු පුරවගත්ත නේත්‍ර එතනම ඉදගත්තෙ මේ වෙලාවෙ ආශව ලගට යන එක කරන්න බැරි බව දැනන් හිටිය නිසා.ආශවගෙ වේදනාව ආශවට දැනෙනවටත් වඩා වැඩිපුර නේත්‍රට දැනෙද්දි දිවාෂ නේත්‍රගෙ උරහිස අතගාන ගමන් නේත්‍රව සන්සුන් කලා.

ඊයෙ නිර්මලා කිව්ව දේවල් එක්ක නේත්‍රව තමන්ගෙන් ඈත් කරයි කියා හැගීම හිතට තදින් දැනෙද්දි ආශව එන්න එන්නම වියරුවුණා.ඇගිල්ල දිගේ උණුහුම් දියරයක් එලියටත් ගලන් එන බව දැනි දැනී ආශව පන්දුවලට පහර එල්ල කලා.ඒ ආවේගයත් එක්ක ඉන්දීපගෙ කඩුල්ල විතරක් දැවිලා ලකුණු එකසිය හැත්තෑ දෙකක ලකුණු සංඛ්‍යාවක් ආශවලා එකතු කරලා තිබ්බා වගේම එයින් ආශවගෙයි දෙවින්ගෙයි අර්ධ ශතක දෙකකුත් රැස් වුණා.

විනාඩි දහයක විවේකයකින් පස්සෙ ආශවලගෙ නිවාසය පන්දු යවද්දි නේත්‍රලාගෙ නිවාසය පන්දුවට පහර දෙන්න පටන් ගත්තා.නිමේත්ගෙ දක්ෂ පිතිකරණය හමුවෙ ආශවලට හොද තරගයක් දෙද්දි පලවෙනි ඕවර් අට යද්දි නිමේත් කඩුල්ලෙ රැදිලා ඉද්දි කඩුලු හතරක් බිද වැටිලා තිබ්බා.ඊලගට පන්දු යවන්න නියමිතව තිබ්බ ක්‍රීඩයකව නතර කරපු ආශව පන්දු යැවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වුණු තමන්ගෙ අතට ගත්තා.තෙන්නකෝන් මහත්මයගෙ තීරණාත්මක ඇස් ආශවටම එල්ල වෙලා තියෙද්දි ආශව යොමු කල ඕවරයේ තුන් වෙනි පන්දුවෙදි මුළු පිට්ටනියම ජය ගෝෂාවෙන් පුරවන ගමන් ආශව නිමේත්ගෙ කඩුල්ල බිද දැම්මා.ඊලගට ආව ක්‍රීඩකයන්ව ලොකු අපහසුවක් නැතුව පන්දු යවන්නො දවාගනිද්දි ඕවර් පහලවක් අවසානයේදි කඩුලු සියල්ලම දැවිලා ලකුණු එකසිය අටක් ලෙමුවෙල් නිවාසය ලබාගෙන තිබ්බා.

"නේත්‍රයා දින්නා.....ආසවයි දෙවින් පණයි දින්නා"

දිවාෂ කෑගැහුවෙ ඇස් වලින් කදුලු ගලද්දි අහස දිහා බලන් අත් එකතු කරන් ඉන්න නේත්‍ර දිහා බලන ගමන්.මෙච්චර වෙලා ඔක්කොම බලන් හිටිය් තෙවින් තමන්ගෙ ඇස් දෙක රෝල් කලා.

"දැන් මේ අර හවුස් එකට චියර් කලොත් මරනවා කියලා කිව්ව එකා නේද?

"ආශව! He is the best! මම හිතනවා කොලඹ අයටත් සෑහෙන්න තරගයක් දෙන්න වෙයි කියලා ආශවව පහු කරන්න"

තෙන්නකෝන් මහත්මයා පුහුණුකරුගෙ පිටට තට්ටුවක් දාලා කියද්දි පුහුණුකරු නිහතමානී ආඩම්බරයකින් හිනා වුණා.ආශව පිට්ටනියෙන් එලියට එනවත් එක්කම කොහෙන්දෝ ඉදලා ආව දිවාෂ ආශවව ඇදගෙන ගියේ කවුරුත්ම නැති පන්තිකාමරේකට.

"දිවාස! මේ මොකද මේ?"

"උබව දූසනේ කරන්න යන්නෙ මම!"

"මොන....."

"මෙන්න මෙහෙ වරෙං යන්න.අර පොඩි එකා හොදටම බය වෙලා"

ආශවව ඒ හිස් පන්තිකාමරේ ඇතුලට දැම්ම දිවාෂ ඒ හරියෙ එලියෙන් හිටගනිද්දි දිවාෂගෙ පස්සෙන්ම ඇදිලා ආව තෙවින් වගේම ජයග්‍රහණය භුක්ති විදින ගමන් උන්නු දෙවිනුයි දෙනෙතුයිත් දිවාෂ ලග රැදුනා.දෙනෙත් වැලදගැනීමක් එක්ක දෙවින්ට සුභ පතද්දි දිවාෂ දෙවින්ගෙ කරේ නැගලා දෙවින්ගෙ ඔලුවට ලොකූ හාදුවක් දීලා දෙවින්‍ට සුභපැතුවා.තෙවින් පුංචි තට්ටුවක් එක්ක සුභපතද්දි අනික් හැමෝටම වඩා තෙවින්ගෙ ඇස් වල තිබ්බ සන්තෝසෙ දෙවින්ට දැනුනා වගේම දෙවින් තේරුම් ගත්තා.

"ස්...සුදුබේබි..."

"ඇස් වල කදුලු ඇයි නේත්‍ර? කදුලු පුරෝගන්න දෙයක් උනාද මෙතන?"

"ස්.....සුදුබේබිට තුවාලයි"

"ඒක පුංචි තුවාලයක්නෙ රත්තරනේ..... ඔහොම කදුලු පුරෝගන්න එපා ඒ නිසා"

නේත්‍ර ලගම පුටුවකින් ඉදගත්තු ආශව කියද්දි නේත්‍ර ආශවගෙ අත අරගෙන පරික්ෂා කරන්න ගත්තා.ඇස් වල කදුළු පිහිදගත්තු නේත්‍ර හෙමීට ආශවගෙ ඇගිල්ලෙ තිබ්බ බැන්ඩේජ් කෑල්ල ලෙහන්න ගත්තා.තුවාලෙ නිරාවරණය කරගත්තු නේත්‍ර ආශවගෙ ඇගිල්ල පිරිසිදු වතුරෙන් සෝදලා පිරිසිදුකාරක වලින් පිරිසිදු කරන්න ගත්තෙ විටින් විටේ නහය උඩට අදින ගමන්.බේත් දාන නේත්‍ර දිහා බලන් හිටිය ආශව තමන්ගෙ අනික් අතින් නේත්‍රගෙ ඔලුව අතගාද්දි ආශව දිහා බලලා තොල් නොපිටට පෙරලගත්තු නේත්‍ර හුස්ම ටිකක් වේගෙන් එලියට පිඹින්න ගත්තා.එහෙම කරද්දි නේත්‍රගෙ පෙනුම හුරතල් හා පැංචෙක් වගේ වුණාට ආශව අත්දැකීමෙන් දැනන් හිටියා ඒ නේත්‍ර පුප්පනවා කියන එකයි පෙන්නන්නෙ කියලා.නේත්‍රගෙ මූණෙ නපුරු පාටක් ගෑවිලාවත් නොතිබ්බත් නේත්‍රගෙ ලපටි හිතට පොඩි සතුටක් දෙන්නත් එක්ක ආශව නේත්‍රට කතා කලා.

"මොකෝ කේන්ති අරං?"

"ස්.....සුදුබේබි තුවාලෙ පෑරෙන විදියට සෙල්ලම් කලේ ඇයි සුදුබේබි? මම හොදටෝම දැක්කා සුදුබේබි බැට් එක අල්ලපු ඇල්ලිල්ල"

"එහෙම එකක් නෑ නේත්‍ර.එවෙලෙ ඉතින් වෙනදා වගේම ප්ලේ කලා"

"සුදුබේබි ආවේගෙන් උන්නෙ සුදුබේබි.....සුදුබේබි හිතනවද මට ඒක දැනුනේ නෑ කියලා?"

"මගෙ හුස්මක වෙනසකුත් අදුනන නේත්‍රට ඒක නොදැනි තියෙන්නෙ කොහොමද?"

ලොකු හුස්මක් ගත්තු ආශව එහෙම්මම මේසෙට ඔලුව තියාගෙන නේත්‍ර දිහාම බලන් ඉද්දි විටින් විටේ ඇස් වලට උනන කදුලු කමිස උරහිසෙන් පිහිදගන්න ගමන් නේත්‍ර නිහඩවම ආශවගෙ තුවාලෙට බේත් දැම්මා.බේත් දාලා ඉවර වුණු ගමන් නේත්‍රත් හෙමීට තමන් උන්නු මේසෙට ඔලුව තියාගෙන ආශවගෙ මූණට ඇස් දෙක යා කරද්දි නේත්‍රගෙ බොත්තම් නාහෙ මිරිකුව ආශව නේත්‍ර එක්ක හිනා වුණා.

"ප්‍රශ්න එයිද සුදුබේබි අපිට ඉස්සරහට මීටත් වඩා?"

"මේ ප්‍රශ්න පටන් ගත්තා විතරයි නේත්‍ර...... ඔයාට මම මේ දේවල් කියන්නෙ බය වෙන්න නෙවෙයි හොදද? එව්වට මූණ දෙන්න නේත්‍ර ශක්තිමත් වෙන්න ඕනි නිසා"

"අ.....අපිට....."

"නෑ නේත්‍ර.අපි කවදාවත් වෙන් වෙන්නෙ නෑ.පුංචි කාලෙ ඉදන් උබව ඇහේ මූනෙ තියං හැදුවෙ,හුරතල් කලේ ජීවිත කාලෙම ඔය උණුහුමේ ගත කරන්න මිසක් අතරමගදි උබව දාලා යන්න නෙවේ මැණිකේ...."

"අපිට එව්වට මූණ දෙන්න පුළුවන් නේද සුදුබේබි?"

"නේත්‍ර මගෙ ලග ඉන්න තාක්කල් මම ශක්තිමත්.මාව වට්ටන්න කාටවත් බෑ."

"මටත්.සුදුබේබි මගෙ ලගින් ඉන්නකං මම කාටවත් බය නෑ.එන දේකට එකට මූණ දෙමු සුදුබේබි.නේත්‍ර මගෙ සුදුබේබි ලගින්ම ඉන්නවා"

"මේ ලංකාව නේත්‍ර..... අපිට මූණ පාන්න වෙන ප්‍රශ්න සාමාන්‍ය ප්‍රශ්න වලට වඩා හුගක් බැරෑරුම් වෙයි.කලු කෙල්ලෙක් සුදු කොල්ලෙක්ව හරි,සුදු කොල්ලෙක් කලු කෙල්ලෙක්ව හරි බැන්දත් පද හදන,ලෝකෙ නැති කතා කියන,ඒ මිනිස්සු දෙන්නට අමුතුම චරිත සහතික දෙන මේ රටේ මිනිස්සුන්ට කොල්ලො දෙන්නෙක් ආදරේ කරනවා කියන්නෙ ලොකුම ප්‍රශ්නයක් නේත්‍ර.ඉතින් අපිට දරුණු දේවල් වලට උනත් මූණ දෙන්න වෙයි.සමහර විට අපි හිතනවට වඩා දේවල් ලේසි වෙයි"

"ඒ දේවල් අනාගතේට භාර දීලා අපි වර්තමානෙ ජීවත් වෙමු සුදුබේබි.සුදුබේබි කියනවත් වගේ,මේ වෙලාවෙ අපේ සම්බන්ධෙට බල නොපාන දේවල් කතා කරලා කාලෙ නාස්ති කරනවට වඩා,ඒ වෙලාවෙත් සුදුබේබි එක්ක හුරතල් වෙන්න මම ආසයි"

"නේත්‍ර හැමදාම මගෙ ලගින් ඔහොම ඉන්නවනම් මට මේ ලෝකෙ පාස් කරගෙන යන්න බැරි තැනක්,බැරි දෙයක් නෑ නේත්‍ර.මගෙ ශක්තිය නේත්‍ර..... මම දන්නෑ,එදා නස්නාරං ගෙඩියක් දික් කෙරුව පුංචි කොල්ලා මගෙ ජීවිතේම අරක් ගත්තෙ කොහොමද කියලා.කොහොම උනත් නේත්‍ර නැතුව හුස්ම ගන්න බැරි තැනටම නේත්‍ර මාව පත් කරලා ඉවරයි"

"සුදුබේබිට මම හුගාක් ආදරෙයි..... සුදුබේබි මගෙ ජීවිතේ වගේ මට"

මේසෙට ඔලුව ගහන් ඉද්දිම ආශවගෙ මේසෙ උඩ තිබ්බ තුවාල අත තමන්ගෙ අතට ගත්තු නේත්‍ර ආශවගෙ පිටි අල්ල උඩ සියුම් සිපුමක් තවරලා ඉක්මනටම මේසෙ උඩ මූණ හංගගත්තා.නේත්‍රගෙන් අර හාවා හද දකින්නැහේ හම්බෙන මේ වගේ පුංචි හාදු වලට ආශවගෙ දරදඩු හිත හරියට ඇලුම් කරද්දි මේසෙ උඩ මූණ හංගන් ඉන්න තමන්ගෙ පුංචි ආදරවන්තයගෙ ඔලුව අතගෑව ආශව හෙමීට මුමුණන්න ගත්තා.

"මාව කවදාවත් දාලා යන්න එපා නේත්‍ර..... මාව මැරෙයි"

නේත්‍රගෙ ඔලුව අතගගා හිටිය ආශව මහන්සියටම කෙටි නින්දකට වැටෙද්දි ආශවගෙ ගැඹුරු හුස්ම දැනෙන්න ගත්තු නේත්‍ර ඉක්මනටම එතන තිබ්බ බෑගයක් ඇරලා පොතක් අරන් ආශවට පවන් ගහන්න ගත්තා.ආශවගෙ කෙස් ගස් අතරින් තමන්ගෙ පුංචි ඇගිලි යවන ගමන් පවන් ගහන්න ගත්තු නේත්‍රගෙන් දැනෙන පහස නිසාම ආශව තව ටිකක් හරි බරි ගැහිලා නින්දට වැටුණා.මේ අතරෙ එලියෙ ඉදන් හිටිය හතර දෙනා අතරෙ තිබ්බෙ ගැඹුරු සංවාදයක්.දිවාෂ ඒකට මූලිකත්වය අරගෙන තිබ්බා.

"දෙවින් පණ අසන්නකො"

"ඔව් දිවාෂ මල්ලි,කියන්න.මම අහන් ඉන්නෙ"

"ඔයා මට කියන්නැද්ද පැටියො?"

"දෙවින් පණයි උබයි දෙන්නෙක් නෙවේ එක්කෙනෙක්නෙ දෙනෙත් අයියාහ්හ්හ්හ්හ්.....එකෙක්ට කිව්වම ඇති ඒ නිසා"

"අනේ අයියෙ උබත් මුගෙ ගොං කතා වලට හූමිටි තියනවනෙ"

"උබ ඉදපං තෙවින්! අහන්නකො.....මම මේ කියන්න යන දේ හුගාක් බැරෑරුම්"

"මොකද්ද දිවාෂ මල්ලි?"

"කියන්නකො පැටියො"

"උබ තමා බැට් මෑන් කියන්නනම් එපා යුගාන්!"

"තෙවින්! අහපියකො කට පුක පියාගෙන.....මේකයි"

"ඕ"

"ඕ පැට්ටො"

"කියපංකො බලන්න"

"උන්නා කපල් එකේ ටොප් කවුද දන්නෑ නේද?"

"ඉන්නකො බලන්න කල්පනා කරන්න"

"කවුද අනේ උන්නා කියන්නෙ?"

"මම කිව්වෙ මම කිව්වෙ.ආයෙ ඉතින් මුගෙ කටින් වැදගත් දෙයක් පිට වෙයියෑ"

"පොඩ්ඩක් කටවල් පියාගනිල්ලා.....මටයි දෙවින් පණටයි කල්පනා කරන්න දීලා"

"දෙව්,කවුද අනේ උන්නා කියන්නෙ?"

"මඩොල් දූවේ උපාලියි ජින්නයි බබා...."

"Ohhh really? මාර්ටින් වික්‍රමසිංහ සර් එතකොට gay novel එකක්ද ඒ ලියලා තියෙන්නෙ?"

"ට්‍රැක්ද බබා?"

"මොකද්ද කිව්වෙ?"

"නෑ නෑ බබා....එහෙම ලියන්න වික්‍රමසිංහ මහත්තයට ට්‍රැක් නෑ කියලා කියන්න හැදුවෙ"

"ඕහ්හ්හ් ඒක තමා.මොකද්ද එතකොට ඒ ශිප් එක?"

"මේ මූ හැදුව එකක් දෙනෙත්.යුගාන්ගෙ මොලේ අවුලක් තියේනේ කොහොමත්"

කවුරු මොනා කිව්වත් දෙවිනුයි දිවාෂයිනම් තදේටම කල්පනාවක ඇලිලා ගැලිලා හිටියා.දිවාෂගෙ කරට අතකුත් දාගෙන ලොකු කල්පනාවක හිටිය දෙවින් එකපාරටම මොකක් හරි මතක් වුණා වගේ කෙලින් වෙද්දි දිවාෂත් දෙවින් දිහා බැලුවා.දෙනෙත්ටත් මේක ගැන මේ වෙද්දි ලොකු කුතුහලයක් ඇවිත් තිබ්බත්,තෙවින් මේ දිහා බලන් හිටියෙ සෑහෙන්න කලකිරුණු ස්වරූපෙකින්.තමන්ගෙ අයියයි දිවාෂයි දෙන්නා එක ලග හිටියොත් ලෝක විනාසයක් කියලා තෙවින් මේ වෙද්දිත් තේරුම් අරන් හිටියා.

"ජින්නා වෙන්න බෑද දිවාෂ මල්ලි?"

"ඇයි දෙවින් පණ ඒ?"

"ජින්නා හොද උස මහත ඩයල් එකක් කියලා ලියලා තියේනෙ ඒකෙ?"

"උස මහත වුණු පලියට ටොපා වෙන්න බෑ දෙවින් පණ.බලපං ටුගෙදර් එකෙත් සරවට්ට වඩා ටයින් උසයිනෙ.ඒම කියලා ඌට ටොපා වෙන්න බෑනෙ"

"ඒකත් ඇත්ත නේද? එතකොට උපාලිද ටොපා?"

"උපාලි අර ජින්නට නයා ගහපු වෙලේ ඒම තුවක්කුවත් අරගෙන නයාවත් මරන්න යන්නෙ.උගෙ නිකං හෙනම දරුණු ගති තියේ තමා හැබැයි.ඇයි ඉතින් උපාලිමන් ගෙයින් පවා පැනලා යන්නෙ තනියම.ජින්නා පිටිපස්සෙන් ඇදීගෙනනෙ එන්නෙ.හරියට සාරුක් පැනලා යද්දි කාජල් පස්සෙන් ගියා වගේ"

"ඒ මූවි එක මොකද්ද යුගාන්?"

"නිව් ඉයර්.ඇයි මොකද?"

"ඒකෙ ඉන්නෙ දීපිකානෙ යුගාන්"

"හැපි නිව් ඉයර් නේ ඒ....මේක බෑඩ් නිව් ඉයර්.2030 එන්න තියෙන්නෙ මූවි එක"

"කවුද ඩිරෙක්‍ටර්?"

"දිවාෂ යුගාන් ආරියසිංහ කියලා එකෙක්.ඇයි මොකද?"

"මල්ලි! උබත් මේකව අවුස්සන්නෙ නැතුව ඉදපං.නයයි මුගටියයි වගේනේ උබලා දෙන්නා!"

"අනේ ඔය රණ්ඩුව නවත්තං ඔය දෙන්නගෙ කතාව කරගෙන යන්නකො.....හරිම ඉන්ටරෙස්ටින් අනේ ඒක"

"හරි.එතකොට දිවාෂ මල්ලි කියන්නෙ උපාලි ටොප් කියලද?"

"එහෙම වෙන්නත් පුලාම්.....ඒත් ඩොමිනන්ට් වෙන්නනම් බෑ.එක්කො ස්විච් වෙන්න ඇති නේද දෙවින් පණ"

"ඔව් නේද? හරිම දේ ඒක වෙන්නෝනි"

"අනේ කොහොමද අනේ ඒ ටොප් බොටම් හොයන්නෙ?"

"මම ගෙදර ගියාම කියලා දෙන්නම් බබා ඔයාට"

"Eww දෙවින් පණ.උබ දැන් නරක් වෙලා නේත හොදටම? දෙනෙත් අයියට දෙන ටෝක්ස් බලපංකො"

"අයියෙ,අරුන් දෙන්නා නිදිද කොහෙද? ඇහැරෙව්වනම් හරි නේහ්? කාලා බීලා දැන් ඊලගට කට්ටිය ආයෙ යන්න එපායෑ වැඩ වලට.ස්පෝට්ස් කැපා නේද අර ඇතුලෙ බුදියං ඉන්නෙ?"

"ඉදපං මම ඇහැරවලා එන්නම්.දෙනෙත් එන්නකො,නේත්‍රව ඇහැරවන්න ඔයා.මට හුරු නෑ හුරතල් කරලා ඇහැරවලා.මම හයියෙන් පිට මැද්දට කෙලලා ඇරලා නැගිට්ටවන්නෙ"

දෙනෙතුයි දෙවිනුයි ඇතුලට ගියාට පස්සෙ තෙවින් හෙමීට දිවාෂ ලගට කිට්ටු වුණා.තෙවින් දිහා බලලා හැට්ට කට්ටක් අතට ගත්තු දිවාෂ තෙවින්ට හැට්ට කට්ට දික් කරද්දි දිවාෂගෙ ඔලුවට ටොක්කක් ඇන්න තෙවින් දිවාෂ ලග තිබ්බ කණුවකට හේත්තු වුණා.

"මොකද?"

"ඕෂිණී මාව අතාරිනම පාටක් නෑ යුගාන්.මොනාහරි කරන්න වෙනවා ඒකට"

"අතාරින්නෑ කියන්නෙ?"

"ඕෂිණී කියනවා අපේ ගෙදර එනවලු.ඇවිත් කියනවලු අපේ සම්බන්ධෙ ගැන.යුගාන්,මට තේරෙනවා එයා කියන්න හදන දේ.අප්පච්චි උනත් ඒක විශ්වාස කරන්න බැරි කමක් නෑ.මොකද මම කොලඹ ඉදලා එද්දි එච්චර හොද විදියකට හිටියෙ නෑ කියලා අප්පච්චි උනත් දැක්කනෙ?"

"ඉතින් ඒකි කියන එක ඇත්තක්ද?"

"මම ඕනි තරම් කෙල්ලො එක්ක ඩේට් කරලා ඇති යුගාන්.ඒත් කිස් එකකින් එහාට මම ඒ කිසි කෙනෙක් එක්ක සම්බන්ධෙ දික් ගස්සෝගෙන නෑ.යුගාන් මාව විශ්වාස කරයිද කියන්න මම දන්නෑ.ඒත් ඕෂිණී කියනවා වගේ දෙයක් අපි අතරෙ වෙලා නෑ"

"හ්ම්ම්....මම විශ්වාස කරන්නම් උඹව"

"අනික......අනික ඕෂිණී කියන්නෙ එහෙම හොද කෙනෙක් නෙවෙයි යුගාන්....මට මගෙ පලවෙනි පාර එහෙම කෙනෙක්ට දෙන්න කිසිම වුවමනාවක් නෑ මට"

"මම උබව දූසනේ කරලා පලවෙනියා වෙන්නත?"

"පුලුවන් දෙයක් කියපං යුගාන්.... දොඩම් ඇට දෙකක් තරම් උස තියං එනවා මාව ‍රේප් කරන්න"

"ඇග පොඩි උනාට ඇතුලෙ ඉන්න සතා ලොකුයි මල්ලි"

"අනේ මේ යුගාන්.....කුප්ප කතා කියන එක නවත්තලා මට ඕෂිණීගෙ වදෙන් බේරෙන්න දෙයක් කියපංකො.අප්පච්චිට අන්තයි අයියා දැනගත්තොත් ඔව්වා.අයියා පට්ට ගහයි මාව"

"දෙවින් පණ එච්චර දරුණු නෑ අනේ"

"උබව හුරතල් කරන එකා නෙවේ යකා නැග්ගම ඉන්නෙ.අර යමං.....කන්න කතා කරනවා"

ටික වෙලාවකින් අනික් අය අත් සෝදගෙන ආවත් දිවාෂනම් ඌරන්ට මොන සෞඛ්‍යද කියලා අත් නොසෝදා හිටියත් පන්තිකාමරේ තිබ්බ පොඩි එකෙක්ගෙ වතුර බෝතලයක් අතටගත්තු තෙවින් දිවාෂගෙ අත් දෙක බලෙන්ම හේදෙව්වා.කට්ටිය එක්ක බත් කන්න ගනිද්දි නේත්‍රගෙ කෙහෙල් කොලේ ඔතලා තිබ්බ බත් එක කට්ටිය තලු මර මර කද්දි නේත්‍ර ආශවට කෑම කව කව කෑවා.

ආශවගෙ තුවාල වුණේ වම් අත වුණාට,ආශවට කන්න බැරි තරමට මුළු ඇගම තුවාල වෙලා වගේ ආශව දැඩි රංගනේක නිරත වෙන ගමන් හිටියා.හැමදාම ආශවගෙ කපටිකම් වලට අහු වෙන පුංචි නේත්‍ර අදත් ආශවට කෑම අන අන කවද්දි ආශව විටින් විටේ නේත්‍රට කියලා වතුරත් පොවාගත්තා.නේත්‍රගෙ මූණෙ තිබ්බ ලොකු කල්පනාව දැක්ක ආශව නේත්‍රගෙන් ඒ ගැන අහද්දි නේත්‍ර දුන්නු උත්තරෙත් එක්ක කට්ටිය අතරෙ පැතිරුණේ දැඩි නිහඩබවක්.

"මහ සෝනගෙ කකුල දිගේ උඩට නැග්ගම පොල් තිබ්බෙ කොහොමද සුදුබේබි"

"දිවාෂ යුගාන් ආරියසිංහ!!!!!"

"කෑ ගහන්න එපා ආසව.මගෙ කන කීං කීං ගානවා"

...................................................................................................

වචන 4200+ හරිත👉👈

ඉතින් අද මැච් එක ගැන මීට වඩා ලියන්න හිටියට සමාවෙන්න.මම පුළුවන් උපරිම ටික ලිව්වා💔

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter