Back
Chapter 53

52 කොටස🤍✨

නිවාලන්න මා...

"පම්ස්ස පාර පන්නනෙපා ආආආඅ

මගෙ සුදු අම්මේඒඒඒඒඒඒඒඒඒ මට බඩගිනි නෑනෙ....."

"හා හා කැරකිලා"

"පම්ස්ස පාර පන්නන්නෙපා ආආආ

මගෙ සුදු අම්මේ මට බඩගිනි නෑනේඒඒඒඒඑ"

"යුගාන් නවත්තපං"

"බිල්ලෝ නෑ....හූ හූ.....හොල්මන් නෑ හා හා

ඇයි මගෙ අම්මේ මේ බොරු කතාආආආආඅ

ඇයි මගෙ අම්මේ මේ බොරු කතාආආආආආ"

"කැරකිලා ඇඹරිලා දිවාස මල්ලි....ආ දෙකට නැවිලා"

"පම්ස්ස පාර පන්නනෙපාආආආආආආ......."

"කෑ ගහන්න එපා යුගාන්...මගෙ කන කීං කීං ගානවා"

"සිගිති! ඔය නටන එක නවත්තලා මෙහෙ එන්නයි කිව්වෙ.....මේ ටික මේසෙට අරින්න උදව් කරන්න"

"මම එන්නම් නැන්දෙ"

"නේත්‍ර පුතා ඉන්න.....අපේ එකෙක් ඉන්නවනෙ.ඌ ලව්වා මෙව්වා කරවන්නෝනි.නැත්තං හැදෙන්නෑ ඒකා"

ජානකීගෙ කෑ ගැහිල්ල දරන්නම බැරි වුණු දිවාෂ අන්තිමට නටන එක පැත්තක දාලා කුස්සියට ඇවිල්ලා අම්මා දුන්නු බිස්කට්,කේක්,කෙසෙල්,දොදොල් පීරිසි ටික මේසෙ උඩින් තියන්න උදව් කලා.යාලුවො ලගට ඇවිත් කට්ටියවම මේසෙන් ඉන්දෙව්ව දිවාෂත් කට්ටිය එක්කම කන්න ගනිද්දි ජානකී නෝනගෙ ඇස් දෙක නතර වෙලා තිබ්බෙ නේත්‍රයි ආශවයි ලග.අනික් ලමයි ටික ඉදගත්තු ගමන් කන්න ගත්තත් නේත්‍ර පීරිසියක් අරන් ආශවට කෑම ටික පිලිවෙලකට බෙදලා දුන්නට පස්සෙ තමන්ට බෙදන් ඉදගත්තු හැටි ජානකී නෝනා දැක්කා.ඒ දේ එක්ක එතනින් එහාට කිසිම දෙයක් නොහිතපු ජානකී නෝනා කුස්සියට ගියේ තේ හදාගෙන එන්න හිතාගෙන.ඒ හැමදේම එක්ක නේත්‍රගෙ පින්වන්ත මූණ මතක් වෙද්දි ජානකී නෝනගෙ මූණෙ ලා හිනාවකුත් ඇදිලා තිබ්බා.

කට්ටියම කතා කර කර කෑම කද්දි දිවාෂ හිටියෙ කකුල් දෙකත් උඩට අරං එක අතක කෙහෙල් ගෙඩියකුයි අනික් අතේ කේක් කෑල්ලකුයි තියං ඒක දෙසාබාන ගමන්.දිවාෂට එහා පැත්තෙ ඉදන් හිටිය තෙවින් දිවාෂට මොකක් හරි කියන්න දිවාෂ දිහා බැලුවත් එක්කම තෙවින්ගෙ ඇහැ ගියේ දිවාෂගෙ කට කොනට රැදිලා තිබ්බ කේක් අංශූවක්.දෙපාරක් නොහිතුව තෙවින් කියෝ කියෝ හිටිය දිවාෂගෙ කට කොන තමන්ගෙ ඇගිල්ලකින් පිහිදමලා ආපහු කන්න ගනිද්දි මොකක් හරි හේතුවක් නිසා ආශවට කෑම ටික ඉස්මොල්ලෙ යන්න ගත්තා.ආශවගෙ පිට අතගෑව නේත්‍ර ආශවට වතුර ටිකක් පොවද්දි එතන උනු කිසිම දෙයක් ගැන අවධානෙ දෙන්න තරම් සිහියක නොයිදපු දිවාෂ එකපාරටම පුටුවෙන් නැගිට්ටා.

"අනේ අම්මේඒඒඒඒඒඒඒඒඒ....... කෝමාරිකා බීම ටිකක් දෙන්නකො....... බඩ දනවනෙ"

"අර හදපුවා ඇති සිගිති! අරං බොන්න..... අනේ මංදා මේ ලමයට ගැස්ට්‍රයිටිස්ද දන්නෙත් නෑ"

ජානකී නෝනා තනියෙම කියව කියව තේ ටික හදද්දි දිවාෂ කෝමාරිකා බීම වීදුරුවකට එකක්ම පුරෝගෙන බීලා ශීතකරණෙට හේත්තු වෙලා බඩ පපුව අල්ල අල්ල හිටියා.ටික වෙලාවකින් ජානකී නෝනා හදලා දුන්නු සුදු කිරි වීදුරුවත් අතට අරගත්තු දිවාෂ සාලෙට යද්දි අනික් ලමයි ටිකට හැදුව කිරි තේ ටික අරගත්තු ජානකී නෝනත් දිවාෂගෙ පස්සෙන්ම සාලෙට ඇදුනා.කිරි එක බීලා මහ යටිගිරියෙන් හඩ තලාගෙන දෙවින්ගෙ ඇග උඩ සිහි නැති වුණු දිවාෂවත් උස්සගත්තු දෙවින් තේ බීලා ඉවර වෙලා ඉස්සරහ වැඩ ගැන කතා කරගන්න දිවාෂගෙ කාමරේට ගිය අනික් අයගෙ පස්සෙන් උඩට ගියා.

"මූ කන කෑමට බරක් නෑනෙ අනේ....දිවාෂ මල්ලි! ඇති දැන් සිහි නැති වෙලා හිටියා.කෝ නැගිටපං"

ලා දම්පාටින් හැඩ වෙලා තිබ්බ දිවාෂගෙ කාමරේ දම් පාටම ඇද ඇතිරිල්ලක් එලලා තිබ්බ ඇද උඩින් දිවාෂව දාපු දෙවින් දෙතුන් පාරක් කෑ ගහද්දි දිවාෂ ඈලි මෑලි කඩලා නැගිට්ටා.ආශව දිවාෂගෙ කාමරේ තිබ්බ කැරකෙන පුටුව උඩින් ඉදගනිද්දි තෙවින් ඇද මැදම ගෙම්බා පොලවෙ ගැහුවා වගේ වැතිරිලා හිටියා.දෙවිනුත් ඇද උඩම ඉදගනිද්දි නේත්‍ර විතරක් හරි පිලිවෙලකට ඇදේ කොණකින් ඉදගෙන හිටියා.නේත්‍ර හිටිය හරියට කිට්ටුව තෙවින් ඉන්නවා දැක්ක ආශව පුටුවත් ඇදගෙන නේත්‍ර ලගට ඇවිත් නේත්‍රට තමන්ගෙ තුවාල ඇගිල්ල පෙන්නද්දි ආශවගෙ කපටිකම් වලට හැමදාම අහුවෙන පොඩි එකා අදත් ඒ ඇගිල්ල සියුම්ව අතගාන ගමන් හිටියා.

"දැන් හවුස් එක හදන්න ඉන්නෙ කොහොමද?"

"ටයිටැනික් නැව හදන්න ඉන්නෙ.ඇයි මොකත?"

"උඹට නිවාස නායකකම දුන්නෙ කවුද දිවාස?"

"උබට ස්පෝට්ස් කැප්ටන් කමයි,ස්කූල් ටොප් බෝඩ් ට්‍රෙෂරයි කලේ කවුත ආසව?"

"දෙන්නම කටවල් වහගනිල්ලකො! ඇවිලෙනවා එක තැන තිබ්බම.....නේත්‍ර මල්ලි,මුකුත් අයිඩියා එකක් නැද්ද?"

"එපා නේත්‍ර චූචියො මුන්ට ඔව්වා කියන්න! අහවල් හවුස් ඔත්තුකාරයො!"

"දිවාස!ආයෙ උබ එකපාරක් හරි කතාව මැදට පැන්නොත් මම අරක කියනවා හැමෝටම"

"මොකද්ද?"

"අර පොඩි කාලෙ කිව්වෙ කසාද බදින්න කැමති කාවද කියලා....අන්න ඒක"

ආශවගෙ වචන ටිකත් එක්ක දිවාෂ හරි අපූරුවට නිහඩ වෙද්දි දෙවින් ආපහු පාරක් කතාව පටන් ගත්තෙ නිදන් හිටිය තෙවින්ටත් පාරක් දෙන ගමන්.කොයි වෙලෙත් නිදාගන්න හොයන දෙවින්ගෙ ඒ ගතියනම් අඩුවක් නැතුවම තෙවින්ටත් පිහිටලා කියලා නේත්‍රට එවෙලෙ තේරුනා.දෙවින් ඇහුව දේට උත්තර දෙන්න ගත්තු නේත්‍ර දිහා ආශව කම්මුලකටත් අත තියං බලන් ඉද්දි ආශව බැල්ම දැනිලා හිටිය නේත්‍ර රතු කරගත්තු මූණ හංගගන්න ගමන් කතාව ඉක්මනට ඉවර කරන්න උත්සාහ කලා.

"නෑ දෙවින් අයියෙ.....තාම හවුස් එකේ ලමයි එක්ක කතා කරලා බැලුවෙ නෑ.ඒත් අයිඩියා දෙක තුනක් තියේ.නැවක්,මාලිගාවක්,ලෝක ගෝලයක්,වෙස් මූණක්......ඔය ටිකෙන් එකක් තමා හදන්න ඉන්නෙ.හවුස් එකේ ලමයි එක්ක කතා කරලා තීරණයක් ගන්නෝනි.....හදන්න ලේසි,බජට් එක අඩුවෙන් යන එකක් වෙන්නත් ඕනිනෙ.ඒකයි."

"හෙට ඒක කතා කරගන්න නේත්‍ර මල්ලි කට්ටිය එක්ක.මොකද තව සති දෙකක් වගේනේ තියෙන්නෙ.ලබන සතියෙ මුලවත් හදන්න ගන්නෝනි..... නැත්තං ටයිම් මදි වෙනවා ඔයාලට...... ආශවයා මතකද උබට ගියපාර අපේ එක? ඒකත් පිදුරු වලින් නැවක් හදන්න ගිහින් කෙල වෙනවා ඩිංගකින්.සංදීප අයියලා හිටිය නිසා උන් නයිට් දෙක තුනක් ගහලා හදලා ඉවර කලා...... ඒත් නේත්‍ර මල්ලි ඔයාලා එහෙම රෑ ඉස්කෝලෙ ඉන්න ලෑස්ති වෙන්න එපා.හවස් වෙනකං වගේ ඉන්නවා මිසක්"

"ඔව් දෙවින් අයියෙ..... එහෙම ඉන්නෑ අපි.හෙටම කතා කරගන්නම්කො මේක ගැන..... හෙට වොලිබෝල් මැචස්...අනිද්දා එල්ලෙ....සුදුබේබියි දෙවින් අයියයි එල්ලෙ ගහන්නෑ?"

"නෑ නේත්‍ර..... එල්ලෙ ගහන්නෑ.ඔයා ගහනවා නේද? හෙට ප්‍රැක්ටිස් කරගන්න දවසම හරි....වොලිබෝල් මැචස් තියෙන්නෙ වොලිබෝල් කෝඩ් එකේනෙ.ග්‍රවුන්ඩ් එකම තියේ ඔයාලට.හවස් වෙනකං හරි ඉන්නකො..... මම ඉන්නම් ඉස්කෝලෙට වෙලා"

ආශව කියද්දි නේත්‍ර තමන්ගෙ ඔලුව වේගෙන් උඩ පහල වැනුවා.ඒත් එක්කම තෙවින් මරහඩ තලලා කෑ ගැහුවත් කවුරුත් ඒ පැත්තට අවධානෙ නුදුන්නෙ තෙවින්ගෙ කිට්ටුව දිවාෂ කැරකෙන ගමන් හිටිය නිසා වගේම දිවාෂගෙ අතේ කවකට්ටක් තිබ්බ දැක්ක නිසා.වෙලා තියෙන්නෙ මොකද්ද දැන දැන වුනේ මොකද්ද කියලා අහන එකේ කිසිම තේරුමක් නෑනෙ.

"නේත්‍ර,බජට් එක හැදුව එක තියේද ඔයා ලග?"

"ඕ....මම දිවාෂට දුන්නා සුදුබේබි..... දිවාෂ,ඒක දෙනවද?"

"ඉන්න චූචියො"

යක්කු වනසලා වගේ තිබ්බ පොත් මේසෙ අස්සට අත දැම්ම දිවාෂ නිදන් හාරනවා වගේ අත ඒ පොත් ගොඩවල්,කොල කෑලි,පෑන් පැන්සල් අස්සෙ කරකෝලා කරකෝලා අන්තිමට කහ පාට ෆයිල් එකක් අරගෙන ඒක ආශවට දුන්නා.කොච්චර කෑ ගැහුවත් ආශවලා වෙන නිවාසෙක උනත් ලෙමුවෙල් එකට විරුද්ධව වැඩ කරන්නෑ කියලා දිවාෂ හොදටම දැනෙගන හිටියා.එකක් ඒ අය අතරෙ තියෙන බැදීම.අනික ආශවගෙයි නේත්‍රගෙයි සම්බන්ධේ.ඔය දෙකම ඒකට බලපෑවා.

"කෑම වලට මීට වඩා ටිකක් අඩු කරන්න දිවාෂ..... අන්තිම දවසෙ ස්කූල් එකෙන් දෙනවා ඔක්කොම ලමයිට ෂෝටීස් පැකට් එකක්.එතකොට ඔයාලට මේ ටිකේ තමා ඔය මොනාහරි.....ආහ්.....බීමනම් අනිවාර්යයෙන්ම දෙනවනෙ ඔයාලා? හදන්නෙ නෑ නේද?"

"නෑ ආසව....හදන ඒවට වඩා මුන් ආසා අර අනික්වා බොන්නනෙ.බීම බෝතල් අරන් එනවා අපි විටින් විටේ ගිහින්"

"එහෙම එපා....නේත්‍ර,දිවෂ, ඔය දෙන්නා ගිහින් හෝම් සයන්ස් රූම් එකේ මිස් එක්ක කතා කරල බලන්න බීම බෝතල් ඒකෙ ෆ්‍රිජ් වලට දාන්න පුලුවන්ද කියලා.... ඔයාලා විටින් විටේ යනවට වඩා මෙහෙ කීල්ස් එකකින් දවස් දෙක තුනකට ඇති වෙන්න බෝතල් අරගෙන ගියාම වාසියි ඔයාලට.ඒවා ෆ්‍රිජ් වල දාලා ඔයාලා අවශ්‍ය වෙද්දි අරං යන්න"

"ස්පෝට්ස් රූම් එකේ නෑ ෆ්‍රිජ් එකක්?"

"එකක් නෙවේ දෙකක් තියේ.ඒ උනාට ඒවගෙ දාන්න එපා.කොල්ලො ඇවිත් ඔව්වා උස්සන් යනවා....ඒකෙ දැම්මොත් බෝතල් දහයක් පහලවක් එක දවසෙ ඉවර කරගන්න පුළුවන් වෙයි ඔයාලට....අරකෙ මිස් ඉන්නවනෙ.ඒ නිසා ඒ සෙල්ලම් දාන්න බෑ"

"ඒම කරන්නම් ආසව අපි.අන්තිම දවසට මයිලෝ දෙනවා හවුස් එකේ ඔක්කොටම.... ඔයාලා ඒනම් ෂෝටීස් පැක් එකක් දෙනවනෙ?"

"ඔව්......ඔයාලට ඕනිනම් ඔය කේක් හරි මොනාහරි දෙනවනම් දෙන්න හවුස් එකේ ලමයිට.ඔයාලගෙ කැමැත්ත ඒක.අපි අරහෙම දෙයක් කොහොමත් කරනවා.නේත්‍ර,මට නේම් ලිස්ට් එක දෙන්න හොදද ගෙදර ගියාම"

"දෙන්නම් සුදුබේබි....මම අරං එන්නම් වලව්වට"

"නෑ මම එන්නම් ගෙදර"

"උබත් නේද ආශවයා......හේතු හදාගන්නවා එහෙ යන්න.... උබ කපටිම නෑ"

"පලයං යන්න"

දෙවින්ට ලග තිබ්බ පොතකින් ගැහුව ආශව එහෙම්මම නේත්‍ර දිහා බලද්දි නේත්‍ර හිටියෙ රතුපාට මූණ බිමට හරවගෙන.ආයෙමත් කට්ටිය එක්ක එකතු වෙලා කයිවාරු ගගහා වැඩ කරන්න පටන් ගනිද්දිත් තෙවින් හිටියෙ නිදිකිරා වැටෙන ගමන්.තෙවින්ගෙ පස්ස හයියෙන් මිරිකුව දිවාෂ තෙවින් කෑ ගහගෙන ඇස් අරිනවත් එක්කම තමන් නෙවේ ඒක කලේ වගේ දෙවින්ගෙ ඇග උඩට සිහි නැතුව ඇදගෙන වැටුනා.

...................................................................................................

"ප්‍රැක්ටිස් කරනවා වගේ මල්ලිලා?"

"ඔව් දෙවින් අයියෙ.....හෙට එල්ලෙ මැච් නෙ"

"ම්ම්ම්...... මොනාහරි ඕනි වුනොත් කියන්න.අපි අතන ඉන්නවනෙ"

නිමේත්ගෙ පිටට තට්ටුවක් දැම්ම දෙවින් හෙමීට ඇදුනෙ ගැරට් නිවාසෙ දිහාවට.දෙවින් ඒකට ගියේ දෙනෙත් ඉන්න නිසා නෙවෙයි.දෙනෙත්ව බලන්නත් නෙවෙයි.දෙනෙත් එක්ක කතා කරන්නත් නෙවෙයි.දෙවින් ගියේ එයාගෙ රාජකාරීයට විතරමයි.ඔව්!දෙවින් එහෙම තමා හැමෝටම පෙන්නුවෙ.

කොහොමත් කාත් එක්කවත් වැඩි කතාබහක ඉන්නෙ නැති ආශව දෙවින්ට අත වනන ගමන් ලගම තිබ්බ කොට්ටම්බා ගහට හේත්තු වුණා.ආශව තමන්ගෙ දිලිසෙන ඇස් වලින් බලාගෙන හිටියෙ කට්ට අව්වෙ දගලලම රතුපාට වෙලා ඉන්න තමන්ගෙ පුංචි ආදරවන්තයා දිහා.ආශව දිහා බලලා හිනා වුණු නේත්‍ර කණ්ඩායමේ අයට උපදෙස් දෙන ගමන් ඉද්දි දිවාෂනම් හිටියෙ තෙවින් එක්ක හොද හැටි ඔට්ටු වෙන ගමන්.

"මේකෙ කැත බලන්නකො යුගාන්....ewww අනේ"

"උබ හිතුවද එල්ලෙ ගහන්නෙත් ටෙනිස් බෝල වලින් කියලා?"

"මොකද්ද යුගාන්! අඩුම අර ඇට්ලස් බෝලයක්වත් ගන්න තිබ්බනෙ අනේ....බෙට්ටපොලු බෝල ඈක්කා!!!"

"ඔය ඔට්ටපාලු තෙවින් ඔට්ටපාලු!!! බෙට්ටපොලු නෙවෙයි!!! බලපං.බෝලෙට ගහපං කිව්වම උණ බම්බුවට අත් දෙක රිදෙනවා කියලා බෝල දාන්නම් කිව්වා.දැන් ඔට්ටපාලු බෝලෙට එකේක ඒවා කියනවා!"

"ඉතින් කැත නිසානෙ අනේ කැතයි කියන්නෙ!"

"දැන් උබ ටීම් එකට ආවනම් දෙකෙන් එකක් කරපං! හු#ත!"

"හරි හරි යුගාන්....වෙලාවක කෑ ගහලම ඔයාගෙ නහරයක් පුපුරයි.මම බැට් කරන්නම් අනේ.මට බෑ මේ හිරිකිත බෝලෙ අතේ තියං ඉන්න"

"එහෙනම් පලයං.මම බෝල දාන්නම්"

නේත්‍ර අපූරුවට කණ්ඩායමේ අනික් ලමයි එක්ක පුහුණුවීම් පටන් ගනිද්දි දිවාෂ තෙවින්ව පැත්තකට අරගෙන පුරුදු කරවන්න ගත්තෙ තෙවින්ට මේ හා සම්බන්ධ කිසිම දැනුමක් නැති නිසා.ඇත්තටම කණ්ඩායමට එක ලමයෙක් මදි කිව්වම දිවාෂ වෙනුවෙන්ම කණ්ඩායමට ආව තෙවින් දැන් වැටිලා හිටියෙ ලොකු අමාරුවක.කරන්න දෙයක් නෑ.බැදගත්තු බෙරේ ගහන්න වෙන නිසා තෙවින් අත හයිය කරලා උණ බම්බුව අල්ලගත්තා.

"බෝල් දාන්නෙත් අපේ ටීම් එකේ එකෙක්මයි.උබ බෝලෙට ගහලා වටේ අර තියෙන්නෙ නේත්‍ර කෝටු වගයක් හිටෝලා....අන්න ඒ වගේ හෙට පොඩි කණු වගයක් හිටවයි.අන්න ඒවා මැද්දෙන් දුවන්න ඕනි.....උබ දැක්කොත් අනික් ටීම් එකේ එකෙක් බෝලෙ අතට ගන්නවා උබ ලගම තියෙන කණු දෙකම් අතර හිටගන්න ඕනි.ඒ කණු දෙක මැද්දෙ සුදු ඉරක් ඇති.අන්න ඒකෙ ඉස්සරහටයි පස්සටයි කකුල් දාන් ඉදපං.මොකද උබ දුවද්දි අනික් ටීම් එක්සෙ ෆීල්ඩ් කරන උන්ට පුළුවන් උබට බෝලෙන් කෙලලා අරින්න.ඒම උනොත් උබ අවුට්.අර කණු ඔක්කොම පාස් කරලා වටය දුවලා ඉවර කලාම තමා එක ලකුණක් හම්බෙන්නෙ.තේරුනාද?"

"ඔහොම එකපාර එකදිගට කියාගෙන ගියාම තේරෙන්න මම අයින්ස්ටයින් නෙවේනෙ යුගාන්..... ප්‍රැක්ටිස් කරමුකො.එතකොට තේරෙයි හෙමීට"

"අයින්ස්ටයින් බෝල ගැහුවෙ නෑ තෙවින්!!!"

ආශව බලාගෙන හිටියෙ උණ බම්බුවෙන් බෝලෙට ගහලා දුවගෙන යන නේත්‍ර දිහා.කොහොමත් ආශවට වඩා සෑහෙන්න පුංචි ශරීරයක් තිබ්බ නේත්‍ර දුවද්දි තවත් පුංචියට පෙනුනා.කොහොමත් පුංචි කාලෙ ඉදන්ම ගමේ අහු මුළු වල කරක් ගහලා හොදට හුරු පුරුදු නේත්‍රට වේගෙන් දුවනවා කියන එක මහ අමාරු වැඩක් නෙවෙයි කියලා ආශව දැනගෙන හිටියා.දුවගෙන යද්දි කොණ්ඩෙ මූණෙ පිටිපස්සට වෙලා නේත්‍රගෙ මූණ හොදට නිරාවරණය වෙද්දි ආශව ඇහි පිල්ලමක්වත් නොගහා නේත්‍ර දිහා බලාගෙන හිටියා.ඒ අස්සෙ ආශවගෙ සූක්ෂම ඇහැට නේත්‍රගෙ මූණෙ දාල තිබ්බ පුංචි කුරුලෑවක් පෙනෙද්දි ඒක මේ ටිකේම අව්වෙ නටලා වෙන මහන්සිය නිසා ආව දෙයක් කියලා තේරුම් ගන්නත් ආශවට මහ වෙලාවක් ගියේ නෑ.

"දෙන්න මම බෝල් දාන්නම් නේත්‍රට"

කොහෙන්දෝ ඉදලා පුහුණුවීම් මැද්දට කඩා පැන්න මහීල් ඔට්ටපාලු බෝලෙ නිමේත්ගෙ අතින් අරගනිද්දි නිමේත් උනත් පැත්තකට වුණේ මහීල් කියන්නෙ දක්ෂ පන්දු යවන්නෙක් නිසා.මේ වෙද්දි පුහුණුවීම් වල දෙවනි වටේ ඇරඹිලා තියෙද්දි නේත්‍ර ආපහු පාරක් පහර දීමට සූදානම් වෙලා හිටියා.උණ බම්බුවත් අතේ තියං හිටිය නේත්‍ර දිහා කට කොනකින් හිනා වෙලා බලන් හිටිය මහීල් නේත්‍ර හිතන්නත් කලින් නේත්‍රගෙ පැත්තට බෝලෙ විසික් කරද්දි නේත්‍ර ඒ පාරෙන් බේරුනේ පුදුම අමාරුවකින්.ඒ හරියෙ හිටිය කොල්ලෙක්ගෙ අතින් බෝලෙ අරගත්තු මහීල් ආපහු පාරක් නේත්‍රට බෝලෙ දාද්දි නේත්‍ර ඔලුව ඉක්මනටම පාත් කරගත්තු නිසා ඒ පාරෙනුත් බේරුනා.

දිවාෂ තෙවින් එක්ක ටිකක් ඈතට වෙන්න හිටිය නිසා දිවාෂගෙ ඇස් වලින් මේ දේ මගෑරුනත් නේත්‍රලා එක්කම පුහුණුවීම් වල හිටිය නිමේත්ගෙ ඇස් වලින් ඒ දේ මගෑරගන්න බැරි වුණා.කවදත් නේත්‍රලාට හිතවත් නිමේත්, මහීල් මේ කරන්නෙ නේත්‍රගෙන් මොකක් හරි තරහක් පිරිමහන්න හදන එක කියලා තේරුන නිසා මහීල්ගෙන් බෝලෙ ගන්න හිතාගෙන ඉස්සරහට යන්න ගත්තා.ඒත් නිමේත් තමන්ගෙ ගමන නවත්තලා කට කොනක හිනාවකුත් ඇදගෙන හිටිය තැනම හිටගත්තෙ වේගෙන් නේත්‍ර ඉන්න හරියට එන කෙනාව දැකලා.අදනම් මහීල් හොදම එකෙන් කන්න යන්නෙ කියලා නිමේත් තමන්ටම කියාගෙන හිනා වුණා.

මහීල් කරන දේ නොතේරිලා හිටිය අහිංසක නේත්‍ර හිතුවෙම තමන්ගෙ අඩුපාඩුවක් නිසා ඒ පන්දුවට පහර දෙන්න බැරුව ඇත්තෙ කියලා.උණ බම්බුවත් හරියට ස්ථානගත කරගත්තු නේත්‍ර මහීල්ගෙ පන්දුවට මූණ දෙන්න සූදානම් වුණත් විදුලි වේගෙන් ආව පන්දුව නේත්‍රගෙ කණට ගෑවෙන නොගෑවෙන මට්ටමටම එද්දි නේත්‍රට පුළුවන් වුණේ ඇස් දෙක තද කරලා පියාගන්න විතරයි.

"බෝලෙ වේගෙ වැඩියි වගේ නේද මහීල්!!!!"

පන්දුව තමන්ගෙ කනේ වැදුනෙ නෑ කියලා තේරෙනවත් එක්කම කන ලගින්ම ඇහුනු හුරුපුරුදු ආත්මීය හඩට ගැස්සිල ගිය නේත්‍ර තමන්ගෙ ඇස් දෙක ඇරලා බලද්දි නේත්‍රට පිටිපස්සෙන් හිටන් හිටිය ආශව ආශවගෙ දකුණත විතරක් නේත්‍රගෙ කන ලගින් ඉස්සරහට දාලා පන්දුව අල්ලගෙන හිටියා.ආශවගෙ ඇස් දෙක ලා රතකට හැරෙනවත් එක්කම දැන් ආශව ආවේගෙන් ඉන්නෙ කියලා දැනුනු නේත්‍ර ආශවට තට්ටු කරන්න හැදුවත්,නේත්‍රගෙ ස්පර්ශෙ හමුවෙ තමන් මෙල්ල වෙන බව දැනන් හිටිය ආශව ඉක්මනටම නේත්‍රගෙන් එහාට වුණේ අද එහෙම මෙල්ල වෙලා බැරි නිසා.කෝපෙන් ගිනි ගන්න ඇස් දෙකකින් මහීල් දිහා බැලුව ආශව් තමන්ගෙ ගැඹුරු හඩ අවධි කරන්න ගත්තා.

"මහීල් බැට් කරන්න වරෙං! මම බෝල් කරන්නම්!!!"

"ක්....කමක් නෑ ආශව අයියා......"

"උබට එකපාරක් කිව්වම තේරෙන්නෙ නැද්ද? වරෙං ඉතින් බැට් කරන්න"

නේත්‍රගෙ අත නොහීරෙන විදියට උණ බම්බුව අතට ගත්තු ආශව ඒක මහීල්ගෙ මූණටම දමලා ගහලා මහීල්ගෙ අතේ තිබ්බ ඔට්ටපාලු පන්දුව තමන්ගෙ අතට ගත්තා.ආශව ඇවිද්ද වේගෙට ආශවගෙ නිල ලාංඡනේ දම්වැල් එකට ගැටිලා හෙල වෙද්දි ආශව ගිහින් පන්දුව යවන තැන ස්ථානගත වුණා.මහීලුත් බෑ කියන්න බැරි කමට උණ බම්බුව අරගෙන පන්දුවට පහර දෙන්න ලෑස්ති වෙද්දි නිමේත් ඇවිත් නේත්‍රට තමන්ගෙ ලගට ගත්තෙ ඊලගට ඔතන වෙන්නෙ මොකද්ද කියලා හොදට දැනගෙන හිටිය නිසා.

ආශවගෙ පලවෙනි බෝලෙම ගිහින් මහීල්ගෙ උරහිසක වදිද්දි ලෙදර් බෝලයක් තරම් ඒ පහර දරුණු නැති වුණත් ඒක එල්ල කල වේගෙ නිසා මහීල්ට සෑහෙන වේදනාවක් දැනුනා.කට කොනකට හිනාවක් නගාගත්තු ආශව ඔට්ටපාලු පන්දුව ආපහු පාරක් අතට අරං මහීල් දිහා බලද්දි නේත්‍ර නම් වෙවුලුවෙ ආශවගෙ තද දුඹුරු හීනි ඇස් වල තිබ්බ වියරුව දැකලා.

"කෝ හරියට බැට් කරන්න දන්නෙ නැද්ද?"

ආශව මහීල්ගෙන් අහද්දි තමන් මේ කන්නෙ ඉල්ලගෙන කෑමක් කියලා තේරුම් ගත්තු මහීල් අඩුම ආශව ඊලගට එවන පන්දු වලින් බේරෙන්නවත් හිතාගත්තා.මහීල් උනත් දැනන් හිටියෙ නේත්‍රයි ආශවයි ඥාති කියන එක විතරයි.කොහොම නමුත් ඔය ඉලන්දාරි දෙන්නගෙ ලොකු බැදීමක් තියෙනවා කියලා දැන දැන තමන් මේ කරගත්ත දේ ගැන මහීල් සියවෙනි වතාවටත් පසු තැවුණෙ ආශව එල්ල කල හතරවෙනි පන්දුව තමන්ගෙ කකුල් දෙක අතර තියෙන හරි වටිනා තැනක නතර වෙද්දි.

"මීට පස්සෙ හරියට බෝල් කරන්න මහීල්!"

කකුල් දෙකත් එකට අතුල්ලගෙන වේදනාවෙන් ඉන්න මහීල් දිහා බැලුව ආශව නේත්‍රලාට ආයෙ පුහුණුවීම් පටන් ගන්න කියද්දි ආශවගෙ අතේ සුලැගිල්ල හැමෝටම හොරෙන් අල්ලගත්තු නේත්‍ර තමන්ගෙ බෝල ඇස් ගෙඩි දෙක තව ටිකක් ලොකු කරලා ආශව දිහා බැලුවා.නේත්‍රගෙ බැල්ම එක්කම තමන්ගෙ පපුවෙ වම් පැත්තට අත මිට මොලවලා පාරක් දෙකක් ගහගත්තු ආශවගෙ මූණෙ මහ මනමාල හිනාවක් ඇදිලා තිබ්බා.ආශවගෙ කේන්තිය යටපත් වුණා දැනුනු නේත්‍ර හෙමීට ආශවගෙ සුලැගිල්ල අතාරිද්දි නේත්‍රගෙ මූණට හුලං පාරක් පිම්බ ආශව නේත්‍රව පේන තෙක් මානෙකට ගිහින් හිටගත්තෙ ආයෙ පුහුණුවීම් ඉවර වෙනකංම එතනට වෙලා ඉන්නවා කියලා හිතාගෙන.

.

.

.

.

.

"අදනම් මහන්සියි ලෙසටම අනේ......"

"හුලගක් ගහන නිසා හොදයි.....දාඩිය නෑ....වහින්නද මංදා නේද දෙව්?

"වහී වගේ බබා..... ඔයා යනවද?"

"ම්හූ අනේ....මම එනවා ඔයාලා එක්ක යන තැනට.කෝල් එකක් දුන්නම වාහනෙ එයි මාව ගන්න"

"කට්ටිය මොනාහරි බොනවද? කැෆේ එකට යං ඕනිනම්..... මම ගානෙ අරං දෙන්නම්"

"අනේ මගෙ ආසව අයියාආආආආආආආ...... කැපචිනෝ අරං දෙනවත අපිට? දැන් හවසුත් වෙලානෙ"

"නේත්‍ර මොනාද බොන්නෙ මැණිකෙ?"

"සුදුබේබිලා බොන දෙයක් බොන්නම්....විශේෂයක් නෑ සුදුබේබි"

"යං එහෙනම් කට්ටිය"

පාසලට ටිකක් මෙහාට වෙන්න පිහිටලා තිබ්බ ඒ කැෆේ හලට ආශව උනත් සෑහෙන්න ආසා වුණේ ඒකෙ තිබ්බ නිස්කලංක බවට.ඒ වගේමයි ඒකෙ තිබ්බ පෞද්ගලිකත්වයට මුල් තැන දීමේ හොද ගතියට.පාරිභෝගිකයන්ට එලිමහන් ස්ථානයක් වගේම කණ්ඩායම් වලට හෝ යුගල වලට අවශ්‍යනම් යන්න විශේෂ කුටි ඒ තුල නිර්මාණය කරල තිබ්බා.ඒවට වෙනම ගාණක් ගෙවන්න ඕනිවුණත් පෞද්ගලිකත්වය අගය කල මිනිස්සුන්ට ඒක ඇත්තටම ලොකු දෙයක් වුණා.ඉලන්දාරි හය දෙනාටම නිදහසේ ඉන්න කුටියක් ගත්තු ආශව කට්ටිය එක්ක ඒකට රිංගද්දි පිටිමපස්සෙන් ගිය තෙවින්ව කරුමෙටම කෙනෙක්ගෙ ඇස් වලට අහු වෙලා තිබ්බා.

"සුදුබේබි....."

"ම්ම්ම්ම්?"

"කැපචිනෝ කියන්නෙ අර සුදුබේබි දවසක් මට අරං දුන්නු කෝපි වගේ ජාතිය නේද? ක්‍රීම් දාලා තිබ්බ"

"ඔව් මැණිකෙ..... මෙතන කැපචිනෝ එක බීලා හොදද කියන්නකො..... පුළුවන් වෙලාවට එන්න පුළුවන් එතකොට අපි දෙන්නට මෙතෙන්ට"

නේත්‍රගෙ දාඩිය උනලා තිබ්බ කොන්ඩෙ තමන්ගෙ ලොකු ලේන්සුවෙන් ටිකක් එහෙ මෙහෙ කරල පිහිදුව ආශව නේත්‍රට උත්තර දුන්නා.ආශව කල වැඩේ නිසා වායු සමීකරණෙන් එල්ල වෙන හීතලෙන් තමන්ට ලොකු සනීපයක් දැනෙන බව තේරුම් ගත්තු නේත්‍ර ආශවට තව ඩිංගිත්තක් කිට්ටු වෙලා ඉදගත්තා.නේත්‍රගෙ පුංචි ඇගිල්ලක් තමන්ගෙ අතක් එක්ක සෙල්ලම් කරනවා දැනුනු ආශව නේත්‍රගෙ චූට්ටං අත තමන්ගෙ දිග ඇගිලි සහිත අතින් අල්ලගෙන තමන්ගෙ කකුලක් උඩ තියාගනිද්දි නේත්‍ර හුරතල් විදියට හිනා වුණා.

නේත්‍රගෙ හිනාව දිහා බලන් හිටිය ආශවට හිතුනෙ තමන් ඒ හිනාව වෙනුවෙන් තව මහන්සි වෙන්න ඕනි කියන එක විතරයි.ආශව නේත්‍රගෙ හිනාව බලන්න ඕනිම දෙයක් කරන්න ලෑස්ති පිට හිටියා.අනික් පැත්තෙන් නේත්‍ර උනත් එහෙමයි.නේත්‍ර ආශවට පපුව පිරෙන්න ආදරේ දෙද්දි නේත්‍රට බැරි වුණේ ආශව වෙනුවෙන් විය හියදම් කරන්න විතරයි.ආශව කවදාවත් ඒ දෙ නේත්‍රගෙන් බලාපොරොත්තු නොවුණු බව නේත්‍ර දැනගෙන හිටි නිසා නේත්‍ර ඒ ගැන හිතලා ලොකුවට කම්පා වෙන්න ගියෙත් නෑ.ඒ උනාට නේත්‍ර,ආශව තමන් වෙනුවෙන් ලොකුවට වියදම් කරන එකට පවා එච්චර කැමති නොවුණෙ ඒක ආශවට වදයක් වෙයි කියලා හිතිලා.ඒ නිසාමයි නේත්‍ර පුංචි ස්වයං රැකියාවක් කරන ගමන් තමන්ගෙ වියදම් ලාවට හරි පියවගන්න උත්සාහ කලේ.ආශව නේත්‍ර වෙනුවෙන් වියදම් කරන පුංචි සතේ පවා ආශව හම්බකරපුවා වෙද්දි,ඒ කිසිම දෙයක් තමන්ගෙ අප්පච්චිගෙ නොවුණු එක ගැන ආශව ආඩම්බර වුණා.

ටිකකින් අදාල ඇණවුම ඉලන්දාරි හය දෙනා උන්නු කුටියට ලැබෙද්දි නේත්‍ර ගාවින් කැපචිනෝ බදුනක් ඔසවලා තිබ්බ ආශව තමන්ටත් එකක් අරං අනික් ටික කට්ටිය අතරෙ බෙදාගන්න ඉඩ දුන්නා.ආශව කැපචිනෝ බදුන පානය කරන්න ගන්න හැටි බලාගෙන නේත්‍රත් බය නැතුව හෙමීට ඒ පියවර අනුගමනය කරන්න ගත්තෙ මෙතන තමන්ව අපහසුතාවයට පත් කරම්න කවුරුත් නැති බව දැනන් හිටිය නිසා.ආශවත් හෙමීට ඒක බොන්න ගත්තෙ නේත්‍රට තමන්ව අනුගමනය කරන්න උපකාර වෙන ගමන්.උගුරක් බිව්ව නේත්‍ර හිනා වෙලා ආශව දිහා බලද්දි ආශව තමන්ගෙ මාපටැගිල්ලෙන් නේත්‍රගෙ තොල් දෙක පිහදැම්මා.

ඒත් එක්කම ආශව,නේත්‍ර,දෙවින්,දෙනෙත් හතර දෙනා උඩ ගියේ දිවාෂ කැපචිනෝ බදුන අරං ඔලුව උඩ තියාගත්තම.දෙනෙත් හෙමීට තමන්ගෙ දුරකථනෙ වීඩියෝ සක්‍රීය කලේ කාටවත් නොදැනෙන්න.මොකද දෙනෙත්ට හොදටම තේරුනා මේකට තව ටිකකින් තෙවිනුත් සම්බන්ධ වෙනවා කියලා.

කැපචිනෝ බදුන ඔලුව උඩ තියාගත්තු දිවාෂ එකපාරටම කට්ටිය දිහා බලලා තමන්ගෙ දකුණු අතේ දබරැගිල්ල දෙපැත්තට වැනුවෙ ඒ දේ වැරදියි කියන්න වගේ.දිවාෂ බදුන මේසෙ උඩින් තියද්දිම තෙවින් තමන්ගෙ කැපචිනෝ බදුන කන ලගින් තියාගත්තා.තියාගෙන දබරඇගිල්ල දෙපැත්තට වැනුවා.ඊලගට ආයෙමත් දිවාෂ කැපචිනෝ බදුන මේසෙ උඩින් තියෙද්දිම දිවත් එලියට දාගෙන ඒකට නැවුනා.නැවිලා ටිකකින් ආයෙ ඉස්සිලා දබරඇගිල්ල දෙපැත්තට වැනුවා.ඊලග වාරෙ ආවෙ තෙවින්ට.කැපචිනෝ බදුන අතට ගත්තු තෙවින් ඒක පුටුව උඩ තියලා ඒක උඩින් ඉදගන්න වගේ පාත් වුණා.පාත් වෙලා දබරඇගිල්ල දෙපැත්තට වනලා කැපචිනෝ බදුන ආයෙමත් මේසෙ උඩින් තිබ්බා.ඒත් එක්කම දිවාෂයි තෙවිනුයි දෙන්නම කැපචිනෝ බදුන අතට අරං ඒක හරියට පානය කරලා දකුණු අත් දෙකේ මාපටැගිලි ඔසවලා ඒ දේ හරි කියලා ඉගි කරලා ඔලුව වනන ගමන් කැපචිනෝ බදුන් දෙක මේසෙ උඩින් තියද්දිම කට්ටිය හිර කරං හිටිය හිනාවල් එලියට පැන්නා.

හිනා වෙවී කියෝ කියෝ කට්ටිය ඉන්නැද්දි තෙවින් එකපාරටම ගැස්සිලා ගියේ තමන්ගෙ දුරකථනයට ආව කෙටි පණිවිඩයක් නිසා.තමන් ලගම ඉදන් උන්නු දිවාෂට අතින් ඇන්න තෙවින් දුරකථන තිරේ දිවාෂගෙ මූණට ලං කරද්දි තෙවින් දිහා බලලා ඔලුව වැනුව දිවාෂ තෙවින්ගෙ දුරකථනෙ අතට අරගෙන දෙනෙත්ට කෙටි පණිවිඩයක් යැව්වා.දෙනෙත්ගෙ දුරකථනෙ දෙනෙත්ගෙ අතේම තියෙද්දි ඒ දිහා බැලුව දෙනෙත් දිවාෂ දිහා බලලා ඔලුව වනලා එකපාරටම බඩත් අල්ලගෙන හිටගත්තා.

"බබා ඇයි?"

"බඩ රිදෙනවා දෙව්"

"ඒ මොකෝ? ලූස් මෝෂන්ද? Ewww අනේ"

"නෑ පීරියඩ්ස් හැදිලා ඉන්නෙ.අනේ මේ දෙව්!!!මගෙ යකා අවුස්සන්නෙ නැතුව ඉන්නවද? චූ බරට බඩ කොර වෙලා මගෙ"

"වොශෲම් යමුද බබා?"

"යං දෙව්.....ඉක්මනට එනවකො"

දෙවින්ව ඉස්සර කල දෙනෙත් දිවාෂලාට ඇහැකුත් ගහන් දෙවින් එක්ක පිට වෙලා යද්දි දිවාෂ හැරුනෙ තෙවින්ගෙ පැත්තට.ආශවයි නේත්‍රයි ඇසුත් කටේ දාන් බලන් හිටියෙ වෙන්නෙ මොකද්ද කියලා නොතේරුනු නිසා.තෙවින්ට කතා කල දිවාෂ කිව්ව දේ ඇහුව තෙවින් පුටුව්න් නැගිට්ටෙ ඒක පිලිපදින්න හිතන්.

"උබ එලියට යමං.....ඒකි ඉන්න ටේබල් එක කීවනෙ.... එතනට පලයං"

"අනේ බෑ යුගාන්..... ඒකි ගාවට යන්න ඕනිනම් මම උබට කියනවද මාව බේරගනින් කියලා"

"බේරගන්න තමා පගෝ මේ හදන්නෙ..... කියන දේ අහලා එතනට යමං! මම ටිකකින් එතනට එනවා.ඇවිත් මම අහනවා උබ මොකද්ද මෙතන කරන්නෙ කියලා....උබ බය වෙලා එතනින් එවෙලෙම පිට වෙන්නෝනි තේරුනාද?"

"හරි යුගාන්.... අයියා එන්න කලින් ඕනි මගුලක්"

තෙවින් ඔලුවත් දෙපැත්තට වනලා එතනින් පිට වෙද්දි ආශව දිවාෂ දිහා බැලුවෙ මොකද්ද වෙන්නෙ කියලා දැනගන්න වගේ.ආශව දිහා බැලුව දිවාෂ "ඕෂිණී ඇවිල්ලා!"කියලා කියද්දි තෙවින්ගෙ මාර්ගෙන් ඔය ඕෂිණී ගැන යම්තාක් දුරකට දැනන් උන්නු ආශව ඔලුව වැනුවෙ ඒක තේරුම් ගත්ත වගේ.ඔරලෝසුවෙ විනාඩි පහක් ගත වෙද්දිම දිවාෂ කුටියෙන් එලියට ගියා.ඒත් එක්කම වගේ තෙවින් කුටිය ඇතුලට ආවම කට්ටියම බලාගෙන හිටියෙ දිවාෂ එනකං.ප්‍රශ්නයක් වගේ දෙයක් නිසාද මංදා කට්ටිය හූම් සද්දයක්වත් නැතුව ඉද්දි තෙවින් ප්‍රාර්ථනා කලේ දෙවින්නම් මෙතනට දැන්මම එන්න එපා කියන එක විතරයි.

"බල්ලා!!!"

කට්ටියවම අමන්දානන්දයට පත් කරන ගමන් කුටිය ඇතුලට ඇවිත් හිටියෙ ඕෂිණී! තෙවින් දිහා කෝපය උතුරන බැල්මකින් බලන් හිටිය ඕෂිණී එකපාරටම ඇවිත් තෙවින්ගෙ කන හරහා එල්ල කල අතුල් පාරෙ සද්දෙට නේත්‍ර ආශවගෙ කමිසෙ කොනක් තද කරලා අල්ලගත්තා.කේන්තිය නිසාම ඇහැට උනපු කදුලු පිහිදගත්තු ඕෂිණී කුටියෙන් පිට වෙනවත් එක්කම බිමට ඇදගෙන වැටුනෙ අහම්බෙන් වගේ එතන හිටිය දිවාෂගෙ කකුලෙ පැටලිලා.ඇත්තටම ඒක අහම්බෙන් සිද්ධ වුණු පැටලී වැටීමක් මිසක් තෙවින්ගෙ කනට ගැහුව එකේ පලිය ගන්න හිතන් දිවාෂ කරපු දෙයක්නම් නෙවෙයි ඒක!

ඕෂිණී පිට වෙලා ගිය හැටි බලන් හිටිය තෙවින් තමන්ගෙ කිස් කන කම්මුලට අතක් තියාගෙන කෙදිරි ගෑවා.තෙවින් දිහා බලලා ආඩම්බර විදියට ඇවිදන් ආව දිවාෂ පුටුවෙන් ඉදගෙන කකුලක් පිට කකුලක් දාන් තෙවින් දිහා බලද්දි තෙවින් කට ඇර ඇර තමන්ගෙ එහෙ මෙහෙ වුණු හක්ක හදාගන්න උත්සාහ දරමින් හිටියා.

"ආයෙ ඒකි කරදර කරන්නෑ උබට"

"ඈ.....ඈහ්....ඈයි යුගාන්? උබ කොහොමද ඒම කියහ්....ආහ්හ්හ්හ් රිදෙනවා බං"

"ඒකි එන්නෑ බං ආයෙ..... බය වෙන්නෙපා"

"ලොකු දෙයක් හැබැයි.ඒත් ඒකි ඇයි මට ගැහුවෙ?"

"ලොකු දේකට නෙවේ අනේ.මම මේ කිව්ව පොඩි දෙයක් එයා ලොකුවට අරංනෙ....අනේ අනේ පිස්සු කෙල්ලහ්"

"ම්....මොකද්ද උබ කිව්වෙ යුගාන්! මට ඇත්තම කියපං"

"ආර්හ්හ්හ්හ්"

ලොකු ඈනුමක් පිටකල දිවාෂ පුටුවෙ හරි බරි ගැහිලා ඉදගනිද්දි කට්ටියම දිවාෂ දිහා බලන් හිටියෙ ලොකු කුහුතලේකින්.

"මම අපේ අක්කා...."

"තමුසෙට අක්කෙක් නෑනෙ දිවාස!"

"හරි හරි අනේ....නැති නිසා තමා කිව්වෙ!"

"මොකද්ද කිව්වෙ යුගාන්?"

"අපේ අක්කව උබ අනාත කරලා උබව බෝම අමාරුවෙන් හොගාත්තෙ කියලා කිව්වා..... උබ නිසා අපේ අක්කා බඩ වෙලා ඉන්නෙ කියලා කිව්වා....එච්චරයි අනේ.ඒකට තමා ඔය කලබල වුණේ"

"යුගාන්න්න්න්න්න්!!!!! අම්මපා තෝනම්!!!!"

...................................................................................................

වචන 3300+😪❤️

වැඩ ගොඩාක් අස්සෙ දුන්නෙ බබාලා.....අදහසක් කියන් යන්න අමතක කරන්නෙපා ඒ නිසා🥺❤️

ස්පෝර්ට්ස් මීට් එකේ කෑලි කම්මැලී වගේ නේද? තව කොටස් දෙක තුනකින් ඒක ඉවර කරන්නම් මම හොදේ❤️

ඔයාලට කියන්න බැරි වුණානෙ,

Eclipse award ceremony එක....ඒක ටේකුක් ඕතර්ස්ල වෙනුවෙන් පවත්වන එකක්

ඔයාල දන්නවද බබාලා......

මට ඒකෙනුත් නැගී එන රචකයට හිමි award එක ලැබුනා🥺❤️

මට හරිම සතුටුයි ඒ ගැන😭❤️ මාව ඒකට මෙන්ෂන් කල හැමෝටම ස්තූතියි ❤️ ඇත්තටම මගෙ ඒ හැම ජයග්‍රහණයකටම මූලික හේතුව ඔයාලා.....ඉතින් මම ආදරෙයි ගොඩාරියක්🥺❤️

මට මම ගැන විශ්වාසෙ වැඩි වුනා ඔය award දෙකෙන් පස්සෙ සෑහෙන්නම🥺 මට ඒක හුගක් වටිනවා....ඇත්තටම🥺❤️

මේ ටිකේම කතාවට ගැලපෙන ඒව හම්බෙනෝ pin එකෙන්🥺❤️

හොදම වැලන්ටයින් ගිෆ්ට් එකක් හම්බුනා ඊයෙ ටේකුකර්ස්ලට😭💚💜️

මම තාම ඒ ගැන හිත හිත හිනා වෙනවා🌚

මොනා උනත්,ටේ පුදුම කෙයාරින් මනුස්සයෙක්❤️ ජන්කුක් හරි වාසනාවන්තයි එහෙම මනුස්සයෙක් එක්ක එකට ඉන්න ලැබුනු එකට❤️ හැමෝටම ඒ වාසනාව නෑ🥺❤️

ඉතින් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා 🏵️❤️

Share This Chapter