Back
Chapter 55

54 කොටස🤍✨

නිවාලන්න මා...

"අහ්හ්හ්හ්"

"සුදුබේබිට මේවා කරන්න බෑ දෙයියෝ.....ඕක දෙන්නකො මම කරගන්නම්"

"නෑ නෑ මට පුළුවන්! නේත්‍ර ඉන්නකො"

"අත පිච්චෙනවනෙ සුදුබේ....දෙයියනේ! ඔහොම උනු වතුරෙ අත ඔබාගන්න එපා!"

"ඔහොම ඉන්නකො අනේ....මම කරන්නම් මේක"

"සුදුබේබි.....ඕ සර්වියට් එකේ කොනක් තෙමාගන්න....අනික් ටික තෙමාගන්නෙපා....ඒ ටික අල්ලගන්න ගන්න....අන්න එහෙම....ඊට පස්සෙ මට දෙන්න ඕක"

"නෑ නෑ....මම තවන්නෙ නේත්‍රව!"

"සුදුබේබි හිතුවක්කාරයිනෙ...... කියන දේ අහන්නෑ.... නරක සුදුබේබි"

"මගෙ මැණිකෙගෙ වැඩ මම කරන්නෙ මගෙ හිතුමනාපෙට....... මැණිකෙටවත් බෑ එතකොට මාව නවත්තන්න"

නේත්‍රගෙ නාහෙ මිරිකුව ආශව තමන්ගෙ උකුල උඩ දිගෑරගෙන ඉන්න නේත්‍රගෙ කකුල් දෙක තවන්න ගත්තා.රිදුනු නාහෙ අතින් පොඩ්ඩක් අල්ලගත්තු නේත්‍ර නාහෙත් රතු කරං තමන්ගෙ කකුල් තවන ආශව දිහා බලන් ඉද්දි ආශව ඉස්සරහට නැවිලා නේත්‍රගෙ රතු වෙලා තිබ්බ බොත්තම් නාහෙ උඩින් හාදුවක් තියලා ආපහු පාරක් කකුල් තවන වැඩේ කරන්න ගත්තා.නේත්‍රගෙ කකුල් විනාඩි දහ පහලවක් තිස්සෙ තැව්ව ආශව නේත්‍රව නේත්‍රගෙ ඇදෙන් හාන්සි කොරෝලා නේත්‍රගෙ කකුල් වල තෙත මාත්තු කරන හැටි නේත්‍ර බලන් උන්නෙ ඇස් වල කදුළු පුරවගෙන.බාම් එකක් අරං නේත්‍රගෙ කකුල් වල ගාලා හොදට සම්බාහනේ කෙරුව ආශව නේත්‍රගෙ ඇදෙන් නැගිටිද්දි නේත්‍ර ආශවගෙ අතින් අල්ලගත්තා.

"ම්ම්ම්?"

"නේත්‍ර ලගට වෙලා ඩිංගක් ඉන්නකො සුදුබේබි.....න්... නේත්‍රගෙ කකුල් වේදනයි"

"මේ වතුර ටික එලියට හලලා පිටිපස්සෙ දොරත් වහලා එන්නම් මැණිකෙ...ම්ම්ම්?"

නේත්‍ර ඔලුව වනද්දි නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව කාමරෙන් එලියට ගිහින් ටිකකින් ඇතුලට ඇවිල්ලා නේත්‍ර ලගින්ම හාන්සි වුණා.ආශව එනකං බලාගෙනම හිටිය නේත්‍ර එකපාරටම පැනලා ආශවගෙ පපුවට ගුලි ගැහෙද්දි හිනා වුණු ආශව නේත්‍රගෙ පිට වටෙන් අත දාගෙන නේත්‍රව තව ඩිංගක් තුරුල් කරගත්තා.ආශවගෙ පපුවෙ නාහෙ ගෑවෙව්ව නේත්‍ර ආශව එක්ක හුරතල් වෙද්දි නේත්‍රගෙ හිස් මුදුනෙන් විටින් විටේ හාදු තැවරුව ආශව නේත්‍රව තමන්ගෙ පපුවට තද කරගෙනම හිටියා.ටිකකින් මොකද්ද මතක් වුණා වගේ නේත්‍ර දිහා බැලුව ආශව කතා කරද්දි හුරතල් විල්ල ටිකකට පැත්තකින් තියපු නේත්‍රත් ආශව දිහා බැලුවා.

"නේත්‍ර........."

"ඕ සුදුබේබි?"

"නේත්‍රගෙන් දෙයක් අහන්නම්..... ඇත්තටම උත්තර දෙන්න.මොන උත්තරේ දුන්නත් සුදුබේබි තරහා වෙන්නෑ.තේරුණාද?"

"ඕ සුදුබේබි.....කියන්න"

"නේත්‍ර මාත් එක්ක දවසක් දෙකක් ගෙයින් පිට ඉන්න බය නැද්ද? මම කියන්නෙ කොලඹ වගේ ගිහින්?"

"ක්....කොළඹ?"

"ම්ම්ම්ම්ම්?"

"සුදුබේබි එක්ක වෙන රටකට ගිහින් ඉන්න උනත් නේත්‍ර බය නෑ........සුදුබේබි,ඒත් මම කොලඹට බයයිනෙ"

"ඒ මොකෝ?"

"කොළඹ ඉන්නෙ නපුරු මිනිස්සුලු"

"එහෙම එකක් නෑ නේත්‍ර.කොතනත් හොද අය වගේම නරක අය ඉන්නවා.අනික නේත්‍ර බය වෙන්න ඕන්නෑ....මම ඉන්නවනෙ.නේත්‍රගෙ අකමැත්‍තක් නෑ නේද ඒ කියන්නෙ?"

"නෑ සුදුබේබි.......ඇයි එහෙම ඇහුවෙ?"

"කුවේණි කොන්සට් එකක් තියෙනවා කියලා කියනවා.තාම ඩේට්ස් දීලා නෑ.ඒකයි බැ........"

"දෙයියනේ!!! චරිත මාස්ටර්ගෙ???? කුවේණි එකක්? සුදුබේබි ඒක බලන්න යන්නද හදන්නෙ? ඇත්තටම? අනේ!!! රිද්මගෙ සිංදුත් අහන්න පුළුවන්!!! අනේ සුදුබේබි!!! ඇත්තටමද?"

"ආහ්හ්හ්! වෙන උන් ගැන ඕම කියවන්නෙපා නේත්‍ර.මට එදාට නෙළුම් පොකුණට ගිහින් බෝම්බයක් දාලා එන්න හිතෙනවා"

"ඔච්චර ඉරිසියා කරන්නෙපා සුදුබේබි......නේත්‍ර ඉතින් සුදුබේබිගෙනෙ"

"ඒක දන්න නිසා තමා මම මේ ඉන්නෙ ඉවසගෙන....හහ්! නාදගමක් බලන්න යං පස්සෙ හොදද? නේත්‍ර ඒකට ආසා බව මම දන්නවා කුවේණි එකකටත් වඩා"

"නෑ සුදුබේබි.....මම දෙකටම ආසයි.....දෙක විදි දෙකක්නෙ"

"නාදගමක් මහනුවරට එයි ඉස්සරහට...... එතකොට බලන්න යං.මේ පාර එක තියෙන්නෙ කොලඹ.... කොලඹට වඩා නුවර නාදගම වෙනස් එකක් වෙයි නේත්‍ර"

"ප්‍රේමවන්තයන්ගෙ නගරය කියලනෙ කියන්නෙත් නුවරට නේද සුදුබේබි? මෙහෙ එක ලස්සනට තියෙයි.ඔක්කොටම වඩා හැගීම් වලින්....නුවර ඉදන් නාදගමක් බලනව කියන්නෙ....."

"මාත් මගෙ චූටි ආදරවන්තයා එක්ක යනවා.නුවරට එයි එකක් අනිවාර්යයෙන්ම....ඒක බලන්න යං අපි දෙන්නා"

නේත්‍රගෙ කොණ්ඩෙ ඇවිස්සුව ආශව නේත්‍රව තුරුල් කරගනිද්දි නේත්‍ර ආශවට තුරුල් වෙලා එක එක කතා කිව්වා.හුගක් වෙලාවට නිහඩ නේත්‍රට ආශව එක්ක කතා කරන්නනම් ගොඩාක් දේවල් තිබ්බා.මොකද නේත්‍රට මේ ලෝකෙ ඉන්න වැඩිපුරම සමීප වගේම සුවපහසුවක් දැනෙන මනුස්සයා වුණේ ආශව.ඉතින් නේත්‍ර තොල් දෙකත් උල් කරන් ඇසුත් කරකව කරකව කියවන හැටි ආශව බලන් උන්නෙ හරි ආදරෙන්.නේත්‍රගෙ හුරතල් කම දරන්නම බැරි වුණු ආශව හෙමීට නේත්‍රගෙ දෙතොලට නැවෙද්දි නේත්‍ර උනත් ඇස් පියාගත්තෙ ඒ පහස විදින්න තිබ්බ ආසාවට වගේම වුවමනාවට.

"ද්‍රංං......ද්‍රංං!!!"

නේත්‍රගෙ දුරකතනෙ වයිබ්‍රේට් වෙන්න ගනිද්දි ආශව වගේම නේත්‍ර පියවි සිහියට ආවා.දත්මිටි කාපු ආශව දුරකතනෙ අරං පොලවෙ ගහන්න හැදුවත් ඒක නේත්‍රගෙ දුරකතනෙ කියලා දැක්ක නිසා කේන්තිය පාලනේ කරගෙන නේත්‍රගෙ අතට දුන්නා.ආශව දිහා ඇස් ලොකු කරලා බලන් උන්නු නේත්‍රට දුරකතනෙ අතට ගන්නවත් සිහියක් නැති වෙද්දි ආශව නේත්‍රව තුරුල් කරන් ඒ පිරුණු රෝසපාට කම්මුල් දෙකෙන් හාදු තැවරුවා.

හයියෙන් හුස්මක් පහල දැම්ම නේත්‍ර ආශවගෙ පපුවට ඔලුව තියංම දුරකථන ඇමතුමට සම්බන්ධ වෙලා ඒකෙ ස්පීකර්ස් සක්‍රීය කලා.ඒක ආශවගෙ වගේම නේත්‍රගෙත් පුරුද්දක් වුනා.දෙන්නා ඉන්නෙ එකටනම්,ඒ හරියෙ වෙන කවුරුත් නැත්තං තමන්ට එන දුරකථන ඇමතුම දෙන්නටම ඇහෙන්න දාන එක ආශවට වගේම නේත්‍රට හරි සාමාන්‍ය දෙයක් වුණා.මොකද දෙන්නට දෙන්නා හංගගත්තු රහස් ආශව නේත්‍ර අතරෙ තිබ්බෙම නෑ.

"හෙලෝඕඕඕඕඕඕඕඕඕඕ......කොහෝඕඕඕඕඕමද? කොහෙත ඉන්නේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ......කොහෙත ඉන්නේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ?"

"හායි නේත්‍ර පැටියෝ"

දිවාෂගෙ ඝාන්ටාර කටහඩ ඇහෙද්දි ආශව ඇස් දෙක රෝල් කරලා අහක බලාගත්තෙ ප්‍රේමණීය අවස්ථා බිදලා දාන්න ඉන්න එකම මිනිහා දිවාෂ තමයි කියලා හාරසිය අසූ හත්වෙනි වතාවටත් තේරුම් ගන්න ගමන්.ආශවගෙ බෙල්ල පාමුල ඔලුව ගහන් හිනා වෙන නේත්‍රගෙ ඔලුව අතගාන ගමන් ආශව දුරකථනෙ අතට ගනිද්දි නේත්‍ර ඔලුව දෙපැත්තට වැනුවෙ දිවාෂට බයින්න එපා කියන්න.මොකද ආශවගෙ මූණෙන්ම නේත්‍ර තේරුම් ගත්තා ඊලගට වෙන්න යන්නෙ මොකද්ද කියන එක.නේත්‍රගෙ දෙපැත්තට වැනෙන ඔලුව දිහා ටික වෙලාවක් බලන් හිටිය ආශව දුරකතනෙ නේත්‍රගෙ අතට දීලා අනික් පැත්තට නේත්‍රව තුරුල් කරං ඇස් දෙක වහගත්තා.

"ගෙදර ඉන්නෙ දිවාෂ.....ආ දෙනෙත් අයියත් ඉන්නවා නේද?"

"ඔවූඌඌඌඌඌ මූ අද මේ මහ හවස අපේ දිහෑ ආවා..... ඔහෙ එන්නම් හෙට උදේම ඈ"

"ඔව් පැටියො.....හෙට එන්නම් හොදද?"

"හා එන්න.... මම බලන්.....හි හී නවත්තන්නකෝ.....අනේ කිති සුදුබේබි"

නේත්‍රගෙ බෙල්ල පාමුල ඔලුව ගහන් හිටිය ආශව නේත්‍රගෙ බෙල්ලට හුලං පිඹිද්දි දැනෙන කිතිය දරාගන්න බැරි වුණු නේත්‍ර එහෙට මෙහෙට ඇඹරෙන්න ගත්තා.අතේ තියෙන දුරකතනෙත් එහෙට මෙහෙට වැනෙන එකවත් ගාණන් නූනු නේත්‍ර උත්සහ කලේ ආශවගෙන් ගැලවෙන්න.ආශවගෙ හයිය අත් එක්ක සියුමැලි නේත්‍රට ඒ උත්සාහෙ හීනයක්ම වෙද්දි ආශවත් හුලං පිඹින එක නවත්තලා ආයෙමත් නේත්‍රව තුරුල් කරං ඇස් පියාගත්තා.

"ආව්...ආව්ව්....ආශව ඉන්නවා වගේ ඔතන"

"අඩෝ මුදියන්සෙ පගා!!! අතෑරපං මගෙ පොඩි එකාව"

"එයා මගෙ පොඩි එකා දිවාස! උබ ඉදින් පැත්තකට වෙලා"

"එක පුටුව දෙකට බෙදාගෙන,එක පැන්සල දෙකට කඩාගෙන,එක මක්කෙ හපාගෙන,එක ලොලිපොප් එක ලෙවකාගෙන,එක ලැට් එකේ චූ දාගෙන,එක වලක් හාරලා කක්කා දාගෙන හිටිය නේත්‍රව මගෙන් බිලිගත්තු පාපතර ආසව!!!! මම තාව මරමි!"

"අනේ පලයං දිවාස යන්න"

"නවත්තගන්නවලා දෙන්නගෙ බර බරේ! එක තැන තියා එක කෝල් එකක් ගත්තත් මුන් දෙන්නා ඇවිලෙනවනෙ! නේත්‍ර පැටියො, ඔයා ඕකාගෙ කට වස්සවන්න! මම මුගෙ පස්සට දෙකක් දෙන්නම්"

දෙනෙත්ගෙ කෑ ගැහිල්ල ඇහෙද්දි දුරකතනෙට හොද රැවිල්ලක් රැව්ව ආශව ආපහු පාරක් නේත්‍රගෙ බෙල්ල අස්සෙ මූණ ඔබාගත්තා.ආශවගෙ කෙස් අස්සෙන් ඇගිලි අරං යන ගමන් ආශවගෙ ඔලුව අතගාන නේත්‍රගෙ පුංචි ඇගිලි වල පහසට ආශවගෙ ඇස් පියවිලා ගිහින් තිබ්බා.

"දිවාෂ කෝල් කලේ හදිස්සියකට නෙවේ නේද?"

"නෑමයි කියන්නත් බෑ චූචියෝ.....මම ඔයාට ගත්තෙ වැදගත්ම වැදගත් දෙයක් කියන්න"

"ඕ කියන්න දිවාෂ...මොකද්ද?"

"මම මේ ගත්තෙ මහ සෝනගෙ කකුල් දිගේ උඩට නැග්ගම පොල් තිබ්බෙ කොහොමද කියලා කියලා දෙන්න අනේ"

"දිවාස!!! පොඩි එකාව නරක් නොකර ඉදපං!!!"

"අනේ උබර් පලයං ආසව....මම අදත් කියනවා හූනා කියන්නැහේ....මගෙ කටින් පිට වෙන වචන වැරදිලා නෑ මේ වෙනකං! උබට හනිමූන් එක දවසට නේට්ටයව බදන් බුදියන්න තමා වෙන්නෙ.පොඩි එකා කියලා ඉදපං එදාටත් උඩ බලං බලියං"

"ඒක මම බලාගන්නම්කො දිවාස"

"බලාගනියි බලාගනියි කියලා තමා බය ආසව උබර්! මට බාර දීපං අඩුම හනිමූන් එකේ වැඩ ටික රෙඩි කරන්න."

"ඇයි උබ මොනාද රෙඩි කරන්න හිතන් ඉන්නෙ?"

"මම උබර්ලා දෙන්නගෙ හනිමූන් රූම් එකේ බෙඩ් එක ලග බිත්තියෙ ලොකුවට ගහනවා...."

"මොකද්ද?"

"ඇද කැඩිච්ච දෙන්....මම වැටිච්ච දෙන්....අනින්න නිලමෙ අනින්න....මීට නේත්‍ර කියලා"

"දිවාස!"

"උබට මම මේ ලොකු සේවයක් කරන්න හදන්නෙ....නේත දෙනෙත් අයියා බබා?"

"ඔව් ආශව....මේ ලමයා ඔයාට උදව්වක්නෙ අනේ කරන්නෙ....ඔය වැඩේ ඔය කියන තරම් අවුල් නම් අපි ලණුවකුත් තියමු"

"අන්න වැඩේ දෙනෙත් අයියා බබා....ඔයත් මොල ගෙනාපු නැවක්නෙ අනේ"

"අනේ මේ..... නේත්‍ර,ඔය කෝල් එක කට් කරන්න අනේ.... මුන් දෙන්නට පිස්සු"

ආශව කිව්වම නේත්‍රත් දුරකතන ඇමතුම විසන්ධි කලේ දිවාෂයි දෙනෙතුයි කියන හරුප වල තේරුම නොතේරුනාට එක වචනයක් තේරිලා තිබ්බ නිසා.ඇමතුම විසන්ධි කරලා දුරකථනෙ පැත්තකින් තිබ්බ නේත්‍ර ඇද විට්ටමට හේත්තු වුණු ආශවගෙ එහා පැත්තෙන් ඉදගනිද්දි නේත්‍රගෙ රතු වෙලා තිබ්බ මූණ දැක්ක ආශව ඒ මූණට එබුනා.

"මොකෝ රතු වෙලා"

"ම්....මුකුත් නෑ සුදුබේබි...."

"නිකං රතු වෙන්නෑනෙ....මොකෝ කියන්නකො බලන්න"

"හනිමූන් කියලා වචනයක් කිව්වනෙ සුදුබේබි....හෑයියා"

නේත්‍රගෙ මූණ ලැජ්ජාවෙන් පිරෙන හැටි දැක්ක ආශව හිනා වෙවීම නේත්‍රවත් උස්සගෙන කුස්සියට ඇවිල්ලා නේත්‍රව කුස්සියෙ තට්ටුව උඩින් ඉන්දෙව්වා.වතුර එකක් ආශව පුරවනකං අමාරුවෙන් උනත් නේත්‍ර ලිපේ ගිනි ඇවිලෙව්වේ ඔය වැඩේ ආශව කර්න්න ගියොත් භූමිතෙල් බෝතලෙන් බාගයක්ම ලිපට හලන බව දැනගෙන.වතුර කේතලෙත් ලිපෙන් තිබ්බට පස්සෙ ආයෙ නේත්‍රව උස්සලා තට්ටුව උඩින් තිබ්බ ආශව නේත්‍රගෙ අතක් අල්ලගෙන කතාවකට මුල පිරුවත් නේත්‍ර ඇහුව දේත් එක්ක ආශවගෙ කෙලත් ඉස්මොල්ලෙ ගියා.

"සුදුබේබි......ඒ හනිමූන් කියන එකට ගියාම ලණුවක් මොකටද?"

හනිමූන් කියන දේ තේරුම නේත්‍ර දැනන් හිටියත් එදාට ඒක වෙන්නෙ කොහොමද? කරන්නෙ මොනාද කියලා ලොකු තේරුමක් නේත්‍රට නෑ කියලත්,දිවාෂ ලණුවක් තියන්නම් කිව්ව දේ තේරුම නේත්‍රට කොහෙත්ම තේරෙන්නෑ කියලත් දැනන් හිටිය ආශව කල්පනා කලෙ මේ දේට උත්තර දෙන්නෙ කොහොමද කියලා.ටික වෙලාවක් කල්පනා කෙරුව ආශව නේත්‍රගෙ තාම තියෙන ලමා මානසිකත්වෙ ප්‍රයෝජනයට ගන්න හිතාන කතා කලා.

"මේකනෙ.....ඕකට ගියාම ඉතින් පැය විසිහතරම කාමරේට වෙලා ඉන්න බෑනෙ.අපිට පුළුවන් එලියට ගිහින් ඔංචිල්ලාවක් බදින්න එහෙම.....බැදලා ඒකෙ පැද්දි පැද්දි ඉන්න.තව කඹ අදින්න පුළුවන්.....ලණු කෑල්ලක් අරං skipping කරන්න පුළුවන්....කම්මැලිකම යවාගන්න හුගක් දේවල් කරන්න පුලුවන්නෙ"

"ආ....ඔව් නේද සුදුබේබි.මට දැනුයි තේරුනේ"

"ම්ම්ම්....ඔව්වා මගෙන්ම අහන්න හොදද? දිවාෂගෙන් එහෙම අහන්න යන්න එපා"

නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව ඊලගට නේත්‍රගෙන් අහගෙන කෝපි දෙකක් හදන්න ලෑස්ති වුණා.තවම නේත්‍ර කල්පනාවක ඉන්නවා දැක්ක ආශව ඒ ඇයි අහන්න හැදුවත් ඒම නාහා හිටියෙ ඊලගට ඔය නේත්‍ර කල්පනා කරන්නෙ තමන් හිතන දේමනම් ඒකට උත්තර දෙන්නෙ කොහොමද කියලා නොතේරුනු නිසා.කෝපි කෝප්පෙට දදා උන්නු ආශව එකපාරටම ගැස්සිලා ගියේ තට්ටුව උඩට වෙලා කකුල් අමාරුවෙන් වනන නේත්‍රගෙ තට්වුවකින්.

"ඕ නේත්‍ර?"

"සුදුබේබි එතෝට අර දිවා...."

"නෑ නේත්‍ර! ඔයා ඔය අහන්න යන්නෙ අර දිවාසයා බිත්තියෙ ගහනව කිව්ව එක ගැනනම්.....අහන්න එපා.මොකද මම ඒක ගැන දන්නෙත් නෑ"

"හුම්ම්"

මූණ බිමට බර කරගත්තු නේත්‍ර පොඩි කෝපි බෝතලේ මූඩිය එහෙට මෙහෙට කරකව කරකව හිතුවෙ ඒ ගැන දිවාෂගෙන්වත් අහලා දැනගන්න ඕනි කියන එක.නේත්‍රගෙ මූණෙ තිබ්බ විපරම්කාරී බව දැක්ක ආශව ඊලගට වෙන්න යන්නෙ මොකද්ද කියලා තේරුම් අරන් කතා කලා.

"ඔයා ඔය ගැන දිවාෂගෙන් අහන්නත් බෑ නේත්‍ර! මමම හොයන් කියල දෙන්නම් හොදද?"

"හ්....හා සුදුබේබි....මම අහන්නෑ"

නේත්‍රගෙ කම්මුලක් මිරිකුව ආශව කෝපි දෙකට සීනිත් දාලා වතුරත් දාලා හැදි ගාද්දි කලින් දේවල් ඔක්කොම අමතක කරලා දැම්ම නේත්‍ර කෝපි එක හැදිගාන ආශව දිහා හරි ආදරෙන් බලාන හිටියා.

...................................................................................................

"මල්ලි කොහෙද මේ යන්නෙ?"

"යුගාන්ව හම්බෙන්න යනවා අයියෙ...... ඔයා ක්ලාස් එකේ නෙවේද හිටියෙ?"

"ක්ලාස් එකේ තමා.......මම මේ සද්දෙ ඇහිලා ආවෙ බලන්න.එහෙනම් ගිහින් ඉක්මනට එන්න."

"හරි"

මාර්ගගත ක්‍රමයට එහෙමත් නැත්තං ඔන්ලයින් ක්‍රමයට පැවැත්වෙමින් තිබ්බ පංතියකට සහභාගී වෙන ගමන් හිටිය දෙවින් කාමරෙන් එලියට ආවෙ විසිත්ත කාමරේ පැත්තෙන් ඇහුණු සද්දයක් නිසා.කොරෝනා ප්‍රශ්නත් එක්ක පටන් ගත්තු ඔන්ලයින් පන්ති කොරෝනා ප්‍රශ්නය අවසන් උනත් ඒ විදියටම පැවැත්වෙමින් තිබ්බා වගේම, භෞතික පන්ති වලට සහභාගී වෙන්න අකමැති හෝ අපහසු සිසුන්ට මාර්ගගත පන්ති වලට සහභාගී වෙන්න ඉඩ සලස්සලා තිබ්බෙ ඒකෙ තියෙන පහසුව,කාලය ඉතිරි වීම වගේම වියදම් ඉතිරි වීම නිසාමයි.වියදම් වලින් ප්‍රශ්නයක් නූනත් ආශවලා,දෙවින්ලා ඔන්ලයින් පන්ති වලට සහභාගී වුනේ ඒකෙන් තිබ්බ පහසුව වගේම කාලය ඉතිරි වීම නිසා.

දෙවින්ගෙන් සමුගත්තු තෙවින් සිංහවංශ වලව්වෙන් එලියට බැහැලා වේගෙන් වේගෙන් ඇවිදගෙන ගියේ දිවාෂලාගෙ ගෙවල් තියෙන පැත්තට.ඒත් දිවාෂලාගෙ ගේ දිහාවත් නොබලපු තෙවින් ඒ ගෙදරත් පහු කරගෙන ඉරුගල්බණ්ඩාර වලව්වට එපිටින් තියෙන පොඩි අතුරුපාර දිගේ පල්ලම් බහින්න ගත්තෙ දෙවින්ට කලින් කිව්වෙ බොරුවක් කියන එක සපථ කරන ගමන්.වටපිට බල බල ඇවිදගෙන ගිය තෙවින් තමන්ට ඕනි කරන තැනට ලං වෙද්දි,තෙවින්ට ඕනි කෙරුව රූපෙ අරලිය ගහ යට බංකුවට වෙලා කකුලුත් පද්ද පද්ද ඉදගෙන හිටියා.

"හ්ම්ම්ම්......"

අරලිය ගහ යට බංකුවට වෙලා පොතක් කියව කියව හිටිය නේත්‍ර ලොකු හුස්මක් පහල දැම්මෙ දැනුනු කම්මැලිකමටමයි.ආශවට මේ වෙලාවෙ මාර්ගගත ක්‍රමය ඔස්සේ අමතර පන්තියක් පැවැත්තෙන නිසා ආශව නේත්‍රලාගෙ ගෙදර ඇවිත් හිටියෙ නෑ වගේම නේත්‍ර ආශවලගෙ වලව්වට ගියෙත් නෑ.වෙනදට ආශව ලගට වෙලා තේ එකක් එහෙම හදල දෙන නේත්‍ර අද වලව්වට නොගියෙම ඇගට දැනෙන දැඩි තෙහෙට්ටුව නිසාමයි.අතේ තිබ්බ කලියුගය පොත දිහා බලලා දිග හුස්මක් හෙලුව නේත්‍ර බැරි බැරි ගාතෙ කුස්සියට ගිහින් ආශව අද උදේම ඇවිත් දීලා ගිය ක්‍රීම් සෝඩා බීම බෝතලෙයි,චොකලට් බිස්කට් පැකට් එකයි අරගෙන ආයෙමත් ඇවිත් බංකුවෙන් ඉදගත්තෙ බඩගින්නක් දැනෙමින් පැවතිය නිසා.

"නන්දා ඇත්තටම දෙවෙනි පාර පියල්ට ලං වුණේ පියල්ගෙ සල්ලි නිසාද? පියල් එතකොට.....? "

නේත්‍ර මේ ඔය ප්‍රශ්නෙ තමන්ගෙන්ම අහන කී වෙනි පාරද කියලා නේත්‍රටවත් මතක නෑ.කලියුගය පොතේ නන්දා සමරවික්‍ර දොස්තර එක්ක පැටලෙන එක වගේම,ඇලන්ගෙ ලියුමෙ කියවෙන පියල්ගෙ අනියම් සම්බන්ධෙ නේත්‍රගෙ හිතට හරියට වද දුන්නා.මිනිස්සු ආදරේ කරලා විවාහ වෙනවා කියන දේ හුගක් අය කියන්නෙ කටවචනෙට විතරද කියලා නේත්‍ර හිතන්න ගත්තෙ,ගම්පෙරලිය පොතේ පියල්ගෙ ආදරේ එක්ක කලියුගය පොතේ ඇලන් පියල් ගැන කියපු දේවල් සසදලා බලලා.හිතලා හිතලා ඔලුව කැරකෙනවා වගේ වෙන තැන නේත්‍ර තනියම දෙයක් මුමුණලා හිනා වෙලා ආයෙමත් පොත කියවන්න ගත්තෙ අර කලින් ප්‍රශ්න ඔක්කොම අමතක කරලා දාලා.

"එයාලත් සුදුබේබි වගේ කෙනෙක්ට ආදරේ කලානම් ඔය ප්‍රස්න මුකුත් නෑනෙ..හුම්ම්ම්"

තොල් දෙකත් උල් කරගත්තු නේත්‍ර ආපහු පාරක් පොතට ඇස් දෙක යොමු කලත් පිටිපස්සෙන් ඇහුණු සද්දයක් නිසා නේත්‍ර ගැස්සිලා වගේ පිටිපස්ස හැරිලා බැලුවෙ තවම ආශවගෙ පන්ති ඉවර වෙන වෙලාව නෙවෙයි කියලා දන්න නිසා.කඩුල්ල පැනලා ලා හිනාවක් මූණට නගාගෙන තමන්ගෙ දිහාවට එන තෙවින්ව දැක්ක නේත්‍ර ලී බංකුව උඩින් නැගිට්ටෙ හිතට දැනුනු අපහසුව නිසාමයි.රධීන්ගෙ ඇස් වලින් පේන ජරා බැල්ම වගේ බැල්මක් කවදාවත් තෙවින්ගෙ ඇස් දෙකෙන් නොදැක්කත්,ආශවගෙ බැල්මට,දිවාෂලාගෙ බැල්මවල් වලට හාත් පසින්ම වෙනස් බැල්මක් තෙවින්ගෙ ඇස් දෙකෙන් දැක්ක නිසාදෝ නේත්‍රගෙ හිතට තෙවින් එකතු කලේ හරි අපහසුවක්.

"මොකෝ කරන්නෙ? පොතක් කියෝනවද?"

"අ...ආහ්හ්? ඔව් තෙවින් අයියෙ"

කලියුගය පොත අතේ ගුලි කරගත්තු නේත්‍ර හෙමීට උත්තර දෙද්දි තෙවින් හිනා වෙලා නේත්‍ර දිහා බලන් හිටියා.මොන හේතුවකට හරි නේත්‍රට අද තෙවින්ට ඉදගන්න කියන්නවත් බැරි තරමෙ අපහසුවක් දැනෙමින් තිබ්බා.නේත්‍ර ලගට හෙමීට කිට්ටු වුණු තෙවින් නේත්‍රගෙ අවසරේකින් තොරවම ලී බංකුව උඩ ඉදගෙන නේත්‍රටත් එතනින් ඉදගන්න කියලා සන් කලත් ඊට එකග නොවුන නේත්‍ර හිටිය තැනම හිටගෙන හිටියා.නේත්‍ර ඔය ලී බංකුව උඩ ආශව එක්ක ඕනි තරම් ඉදගෙන,තුරුල් වෙලා ඉන්න ඇති.ඉතින් නේත්‍රට ඕනි වුණේ නෑ තමන්ගෙ හිතට අපහසුවක් දෙන මනුස්සයෙක් එක්ක එකට ඒ ලී බංකුව උඩ ඉදන් ඉන්න.

"නේත්‍ර එක්ක මට ටිකක් කතා කරන්න ඕනි.....පුලුවන්ද?"

"හ්...හරි තෙවින් අයියෙ.මම දැන් වලව්වට යන්නත් ඕනි....කමක් නෑ කියන්නකො"

ජීවිතේට බොරු කියන්නෙ නැති නේත්‍ර කටට ආව බොරුවක් හරි අමාරුවෙන් පිට කරගත්තෙ තෙවින්ව මෙතනින් ඉක්මනට යවාගන්න තිබ්බ වුවමනාවට.මොන හේතුවක් නිසා හරි අද හොද නැති මොකක්ම හරි දෙයක් වෙන්න යනවා කියලා නේත්‍රගෙ හිතට දැනෙමින් තිබුනු නිසා.නේත්‍ර දිහා බලලා හිනා වුනු තෙවින් ඈතින් පේන ගස් යාය දිහා බලලා කතා කරන්න ගත්තා.

"මේ දේවල් මම නේත්‍රට කවදාවත් කියන්න හිතන් හිටිය දේවල් නෙවෙයි.....ඒත් නේත්‍ර, මමත් මනුස්සයෙක්..... හිතේ තියෙන දේවල් කියලා නිදහස් කරගන්න එක් මටත් සහනයක්....මම හිතනවා නේත්‍ර මාව තේරුම් ගනියි කියලා"

"හ්....හරි ..... කියන්නකො තෙවින් අයියෙ"

"මම කොලඹ උන්නු කාලෙ ටිකක්වත් හොද මිනිහෙක් නෙවෙයි නේත්‍ර..... මම වැරදි කියන දේවල් හරියට කලා.ලැජ්ජාවෙන් උනත් කියන්න ඕනි,මගෙ අතින් නොවුනු එකම වරද තමා කෙල්ලෙක් අනාථ නොවුනු එක.අනික් කරන්න තියෙන හැම වරදක්ම කල කෙනෙක් මම...... බියර් එකේ ඉදන් එතනින් එහාට ඩ්‍රග්......එව්වා ඕනි නෑ"

නේත්‍රගෙ ඇස් දෙක බයෙන් ලොකු වෙන හැටි බලන් උන්නු තෙවින් හිනා වෙවීම කියද්දි නේත්‍ර ඔලුව වනලා අහං ඉන්න ගත්තා. තෙවින්ගෙ ඇස් දෙක ලා කදුළු පටලෙකින් වැහිලා යද්දි කොහොමත් සංවේදී මනුස්සයෙක් වුණු නේත්‍රගෙ හිතට දුකක් දැනුනත්,නේත්‍ර තෙවින් ලගට ගිහින් තෙවින්ව සනසන්න උත්සාහ කලේ නෑ.නේත්‍රට තෙවින් ලගට කිට්ටු වෙන එකේ පවා අපහසුවක් දැනුනා.

"අපේ අම්මා රට ගියා.....ඒ කාලෙ තමා මම කැන්ඩි ආවෙ....මම හිතුවෙ නෑ ඒ ගමන මගෙ ජීවිතේ වෙනසක් කරයි කියලා....මම....ම....මම ඔයාව දැක්ක දවසෙ ඉදන් තමා ඒ වෙනස වුනේ නේත්‍ර"

තෙවින්ගෙ කතාවත් එක්ක නේත්‍රගෙ කකුල් එක්ක අඩපණ වෙලා ගියේ හිතේ ඇති උනු බයටමයි.මේ බව සුදුබේබි දැනගත්තොත් කියන ප්‍රශ්නෙ නේත්‍රගෙ හිතට එකපාරටම නැගුනා.වෙන කෙනෙක් නම් නේත්‍රට ඒ ගැන නොහිතා ඉන්න ඉඩ තිබුනත්, මේ ඉන්නෙ දෙවින් අයියගෙ නිවුන්නා.සුදුබේබි හොදම යාලුවගෙ මල්ලි.සුදුබේබිගෙ හොද යාලුවෙක්.සුදුබේබිගෙ කනට මෙව්වා ගියොත් මොනාගෙන් මොනා වෙලා නවතියිද කියලා නේත්‍රට හිතාගන්නවත් බැරි උනා.නේත්‍රගෙ හිතට ආව බය නිසාම නේත්‍ර බංකුව කොනකින් අල්ලගෙන නොවැටී ඉන්න උත්සාහ ගත්තා.

"මම කියන දේ අහලා කලබල වෙන්න එපා නේත්‍ර..... ඒත් මම හිතන්නෙ මම ඔයාට ආදරේ කරන්න ගත්තා.ජීවිතේ පලවෙනි වතාවට කෙනෙක් ගැන ලස්සන හැගීමක් ඉපදුනා.... මම දැනන් හිටියෙ නෑ ඔයාට කෙනෙක් ඉන්නවා කියලා.මම ඒක දැනගත්තෙ පහු වෙලා.ඒත් ඒ වෙද්දි ඔයාව අමතක කරන්න බැරිතරමට මම ඔයාට බැදිලා නේත්‍ර"

තවත් හිටගෙන ඉන්න බැරිම තැන නේත්‍ර අරලිය ගහේ කදට හේත්තු වුණා. ආශවගෙ ලගම කෙනෙක් උනු තෙවින් කියන දේවල් දරන්න බැරි උනු නේත්‍රට ඕනි උනේ ආශවව.ආශවගෙ පපුව අස්සෙ හැංගිලා නේත්‍රට නේත්‍රගෙ පුංචි කන් දෙක වහගන්න ඕනි වුණා.නේත්‍රට අද වෙනකං කෙලින්ම ආදරෙයි කියලා තිබ්බෙ ආශව විතරයි.නේත්‍රට ඒකෙන් කිසිම අපහසුවක් නොදැනෙද්දි අද තෙවින් කියන වචනයක් වචනයක් ගාණෙ නේත්‍රට දැනුනෙ ලොකු අපහසුවක්.

"ඒත් කෙනෙක් නිසා....කෙනෙක්ගෙ පැහැදිලි කිරීමක් නිසා මම තේරුම් ගත්තා මම එහෙම ඔයා ගැන හිතන එක පවා වැරදියි කියලා.....සමහර විට ඔයා වගේ අහිංසක,ලස්සන කෙනෙක්ව දැක්ක නිසා එකපාරටම මගෙ හිතට ආව ආකර්ශනේ මම ආදරේ කියලා පටලවගත්තද කියන්නත් මම දන්නෑ නේත්‍ර....කොහොම උනත් මට ඕනි උනේ මේ දේවල් ඔයාට කියලා මගෙ හිත නිදහස් කරගන්න.....ඒත් නේත්‍ර, මම එක දවසක් හරි ඔයාට ඇත්තටම ආදරේ කලා.....මම දන්නෑ ඔයා මේකට මොන වගේ......"

"මම ආදරේ සුදුබේබිට විතරයි!"

නේත්‍රගෙ සියුම් නමුත් තීරණාත්මක,අවධාරණාත්මක කටහඩ එක්ක තෙවින්ගෙ හිතේ කොනක් රිදිලා ගියත් හිතට හයිය ගත්තු තෙවින් බංකුවෙන් නැගිටලා නේත්‍ර ලගට ඇවිදගෙන ගියා.අරලිය ගහට හේත්තු වෙලා අහක බලන් උන්නු නේත්‍ර ලගට ගිය තෙවින් නේත්‍රගෙ කෙලින් හිටගෙන ආයෙමත් පාරක් කතා කරන්න ගත්තා.

"මම ඔයාලා දෙන්නට විශ් කරනවා නේත්‍ර.....ඇත්තටම.... ආශව ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලබන්න"

"මම ඊට වඩා වාසනාවන්තයි තෙවින් අයියෙ.....සුදුබේබි වගේ කෙනෙක් ලබන්න"

තෙවින්ගෙ ඇස් දෙක දිහා බලන් කිව්ව නේත්‍ර ඉක්මනට එතනින් පැනලා යන්න හැදුවෙ හිතට දැනෙන අපහසුව,බය ඒ හැමදේම නේත්‍රව අඩපණ කරවන නිසා.කොහොමත් පුදුමාකාර අහිංසකයෙක් වුණු නේත්‍රට මේ වෙන,ඇහෙන දේවල් දරාගන්න බැරි වෙද්දි නේත්‍රට ඕනි උනේ ඉක්මනටම සුදුබේබි ලගට යන්න.ගිහින් ඒ පපුවට තුරුල් වෙලා ඇස් වහන් හුස්ම ගන්න.

"ඔව් නේත්‍ර.....ඔය දෙන්නම වාසනාවන්‍ත ඇති.....මට සමාවෙන්න.....ඒත් මට මේ දේ එකපාරක් හරි කරන්න ඕනි වුණා"

ගෙදර පැත්තට ඇවිදන් යන්න හැදුව නේත්‍රගෙ සියුමැලි අතක් තදින් ග්‍රහණය කරගත්තු තෙවින් නේත්‍රව තමන්ගෙ පපුවට ඇදලා ගත්තා.උනු දේ මොකද්ද කියලවත් නේත්‍ර තේරුම් ගන්න කලින් තෙවින් නේත්‍රව තමන්ගෙ පපුවට තද කරං තුරුල් කරගෙන හිටියා.තෙවින්ගෙ ඇස් වලින් ගලන කදුළු කැට එක දෙක නේත්‍රගෙ ඔලුවට වැටුනත් නේත්‍ර හිටියෙ තෙවින්ව සනසන්න පුළුවන් මට්ටමක නෙවෙයි.

ආශව ඇරෙන්න වෙන පිරිමියෙක්ගෙ උණුහුමකට ලැදි නොවුණු නේත්‍ර දැගලුවෙ තෙවින්ගෙ ග්‍රහණෙන් ගැලවෙන්න.හයිය හත්තිය හොදට තියෙන පිරිමියෙක් වුණු තෙවින් එක්ක සියුමැලි සිරුරකට හිමිකම් කිව්ව පිරිමියෙක් උනු නේත්‍ර කොහොම ගැටෙන්නද? නේත්‍රට තෙවින්ගෙ ස්පර්ශෙන් ආවෙ බය මිශ්‍ර වුණු පිලිකුලක්.ආශවට ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට තමන්ව මේ විදියට ස්පර්ශ කරන්න දෙන්න නේත්‍රට පුළුවන් වුණේ නෑ.ඇරත් තෙවින්ගෙ හිතේ තමන් ගැන තියෙන්නෙ යාලුකමක් නෙවෙයි කියලා දැනන් උන්නු නේත්‍රගෙ කටින් ලොකු ඉකියක් පැන්නෙ තෙවින්ගෙන් ගැලවෙන්න බැරිම තැන.නේත්‍ර මහ හයියෙන් අඩ අඩ තෙවින්ගෙන් ගැලවෙන්න හැදුවත් තෙවින්ගෙ ග්‍රහණෙ ටිකක්වත් ලිහිල් උනේ නෑ.

"ම්හු....ම්හු....අත්....අතාරින්න.....ස්....සුදුබේබි ඕනි.....අනේ.....අතාරින්න....."

"ටිකක් මෙහෙම ඉන්න දෙන්න නේත්‍ර ප්ලීස්.....මේක පලවෙනි වගේම අන්තිම පාර....ආයෙ මම ඔයාට කරදර කරන්න එ......"

"අත ඇරපං තෙවින්!!!!  අතෑරපං නේත්‍රව!!!"

ඒත් එක්කම කඩුල්ල හරියෙන් ඇහුණු වියරු සද්දෙට තෙවින්ගෙ ග්‍රහණෙ ලිහිල් වෙද්දි මෙච්චර වෙලා බයටම අප්‍රාණික වුණු නේත්‍ර සමබරතාවෙ නැතුව ඇදගෙන වැටෙන්න ගියා.අඩියට දෙකට නේත්‍ර ලගට දුවගෙන ආව ආශව නේත්‍රව වත්තං කරගනිද්දි තෙවින්ගෙ පසුතැවීම මුසු බැල්ම පොලවට එල්ල වෙලා තිබ්බා.නේත්‍රව ලී බංකුවෙන් ඉන්දවලා අරලිය ගහේ කදට නේත්‍රව හේත්තු කරවපු ආශව එතනම හිටගෙන බිම බලන් උන්නු තෙවින්ගෙ කමිසෙ කොලරයෙන් අල්ලලා තමන් ලගට ඇදලා ගත්තා.

"සැකයක් තිබ්බා තෙවින්! නැතුව නෙවෙයි....ඒත් උබ මගෙ එකෙක් කියලා මම හිතුව නිසයි උබට මම අවස්ථාව දුන්නෙ.....උබ....උබ අද ඒ සීමා ඔක්කොම පැන්නුවා!!!"

"අ....ආශවයා මට නේත්‍රට කරදරයක් කරන්න ඕනි වුනේ නෑ....මට...."

"කරදරයක්? බලපං ඇස් දෙක ඇරලා පොඩි එකා දිහා.....ඒකා අඩනව තෙවින්! පොඩි එකාට රිදෙන්න ඇති!!! උබ.....උබට මම!!!!"

තමන් මොහොතකට කලින් කල දේ වැරදියි කියලා මේ වෙද්දි තේරුම් අරං හිටිය තෙවින් ආශවට විරුද්ධ වෙන්න ගියේ නෑ.බිම බලාගෙන හිටිය තෙවින් ආශව ඇද්ද පාරට ආශව ලගට විසික්කා වෙලා යද්දි තෙවින්ගෙ මූණට පාරක් එල්ල කරන්න උරුක් කරගත්තු ආශවගෙ අත තෙවින්ගෙ මූණ ලගින්ම නතර වෙලා තිබ්බා.

"ඇ....ඇයි!!! ඇයි උබට දෙවින්ගෙ මූණ ආවෙ? මට මේ මූණ දිහා බලන් උබට ගහන්න බෑ යකෝ!!!!"

තෙවින්ව පිටිපස්සට තල්ලු කරලා දැම්ම ආශව කෑ ගහද්දි නේත්‍ර නැගිටලා ආශව ලගට ආවෙ ආශවගෙ ඇස් දෙකේ තිබ්බ වියරුව දැකලා.ආශව ලගට එමින් හිටි නේත්‍ර මගදිම ගල් වුනේ ආශවගෙ තර්ජනාත්මක හඩ නිසා.

"නේත්‍ර!!! මාව සන්සුන් කරන්න එන්න හිතන්නවත් එපා!!! යකා ඇවිස්සිලා ඉන්න මගෙ අතින් උඹට රිද්දවීමක් උනොත් මට ඒකට ජීවිත කාලෙම පසුතැවෙන්න වෙනවා!!"

"ස්....සුදුබේබි"

"කිව්වම අහලා නැවතියං නේත්‍ර!!! මූ ඇල්ලුවෙ උඹව යකෝ...... මූ තුරුල් කරගත්තෙ මගෙ පණ ටිකව!!!"

"ආ...ආශවයා මට සමාවෙයං"

"උබ! උබ කටවහගනින්! උබට කොහොමද මිනිහො එහෙම කලේ?"

බිම වැටිලා හිටිය තෙවින්ව ආපහු ඇදලා නැගිට්ටවගත්තු ආශව තෙවින්ව පස්සෙන් පස්සට තල්ලු කරන් ගිහින් අරලිය ගහ යටට හේත්තු කරගෙන තමන්ගෙ ඇස් පියාගත්තා.ආශවට බැරි තෙවින්ට ගහන්න නෙවෙයි.තෙවින්ගෙ මූණ දිහා බලාගෙන ගහන්නනෙ.ඒ නිසාම ආශව තමන්ගෙ ඇස් තද කරලා පියාගෙන තෙවින්ගෙ කන හරහා හොද අතුල් පාරක් එල්ල කලා.ආශවගෙ ශක්තිමත් පාර දරාගන්න බැරි වුණ්‍ය් තෙවින් බොහොම අමාරුවෙන් ඇදගෙන නොවැටී හිටියෙ අරලිය ගහේ පිහිටෙන්.

ආශවගෙ ඇගම කේන්තියෙන් වෙවුලන ගමන් තිබ්බා.තෙවින් නේත්‍රව තුරුල් කරගෙන් හිටිය හැටි වගේම නේත්‍ර තෙවින්ගෙන් ගැලවෙන්න උත්සාහ දරමින් උන්නු හැටි මතක් වුණු ආශවගෙ ශක්තිමත් අතක් ආපහු පාරක් ගිහින් තෙවින්ගෙ ශරීරෙ ගැටුනා.ආශවගෙ ඇස් ලා රතු පාට වෙලා තිබ්බා වගේම දත් කේන්තියටම පූට්ටු වෙලා තිබ්බා.

කිසිම දෙයක් හිතාගන්න බැරි වුණු නේත්‍ර ඒ වැලි පොලව උඩ දණගහගෙන තමන්ගෙ පුංචි අත් දෙකෙන් මූණ වහං අඩන්න ගත්තෙ ඒ දේවල් ඒ අහිංසක හිතට දරන්නම බැරි වුණු නිසා.අනික තෙවින්ගෙ වැලද ගැනීමෙන් පස්සෙ ඇති වුණු අපහසුව තවම නේත්‍රගෙන් පහවෙලා තිබ්බෙ නෑ.නේත්‍රට ඕනි වුණා ආශවව නවත්තන්න.කේන්තිය පාලනය කරගන්න කියන්න.ඒත් ඒ අහිංසකයා ආශවගෙ වචන වලින් බය වෙලා හිටියා වගේම,මේ කේන්තියට තමන් සම්බන්ධ නිසා අද ආශවව පාලනය කරන එක ලේසි දෙයක් නෙවෙයි කියලත් පුංචි එකාට තේරිලා තිබුනා.ඒත් නේත්‍රට ඕනි වුණේ නෑ ආශවගෙ කේන්තිය තව වැඩි වෙනවා බලන්න.අමාරුවෙන් වැලි පොලවෙන් නැගිට්ට නේත්‍ර ආශව ලගට යන්න හැදුවත්,පණ නැති බව තදේටම දැනුනු නේත්‍රගෙ කකුල් දෙක හිටගන්න වාරු නොදුන්නු නිසා නේත්‍ර ආපහු පාරක් පොලව උඩටම ඇදන් වැටුණා.ඒත් එක්කම ආශව ආපහු පාරක් තමන්ගෙ අත ඉස්සුවෙ තෙවින්ට පහර දෙන්න.ආශවගෙ කේන්තිය තවම නිවිලා තිබුණෙ නෑ.

"ආශවයා!"

"තෙවින්!"

"නේත්‍ර!"

ඒත් එක්කම ගෙයි කඩුල්ල පැත්තෙන් ඇහුණු හඩවල් නිසා නේත්‍ර ඒ පැත්ත බැලුවත් කේන්තියෙන් වියරු වැටිලා හිටි ආශවට ඒ කිසිම දෙයක් ඇහුණෙ නෑ.අත මිට මොලවගත්තු ආශව ඇස් පියාගෙනම තව පාරක් තෙවින්ට ගහන්න හැදුවත් ආශව ඇස් දෙක ඇරියෙ තෙවින්ගෙ හඩ හින්දා.

"මනුස්සයෙක්ට ආදරේ කරන එක වරදක්ද ආශව?"

".............."

"මම වගේ කෙනෙක්ට ආදරේ කරන එක කැප දෙයක් නෙවෙයිද?"

"............."

"මම මනුස්සයෙක් වෙන්න උත්සාහ දැරුව එක වැරදිද ආශව?"

"............"

"මගෙ හිතට ආද....."

"ඒ එකක්වත් නෙවෙයි යකෝ වැරැද්ද! තෝ ඒකට තෝරගත්තු කෙනයි වැරදි!!! උබට ආදරේ කරන්න ඕනි කියලා උබ ඒකට මගෙ හුස්ම ටික තෝරගත්තු එකයි වැරදි!!!"

ආශවගෙ අත ආපහු පාරක් ඉස්සුනත් ඒ දේ නතර වුනේ ආශවයි තෙවිනුයි අතරට පැන්න දෙනෙත් නිසා.දෙනෙත් හිටියෙත් කේන්තියෙන් කියලා මෙතන සිහියෙන් උන්නු එකම මිනිහා වුණු දිවාෂට තේරිලා තිබුනා.උඩට ඉස්සුනු ආශවගෙ අත අල්ලලා නැවැත්තුව දෙනෙත් අඩපණ වෙල උන්නු තෙවින්ව ආශවගෙන් ආවරණය කරන ගමන් කෑ ගැහුවා.

"එහෙමයි කියලා ඔයාට බැහැ ආශව තෙවින්ට ගහන්න! ඒ මනුස්සයා ආවෙ හිත නිදහස් කරගන්න විතරයි! නේත්‍රට කරදරයක් කරන්න නෙවෙයිනෙ!"

"දෙනෙත්.....උබ අහකට වෙයං"

"නෑ ආශව! මම අහකට වෙන්නෙ නෑ.....ඔයාට බෑ මෙහෙම කරන්න! ඔයා කොහොමද ඔහො...."

"දෙනෙත් අයියෙ නවත්තගන්න! ඔයාටයි බැරි ආසව අයියට ඔහොම කතා කරන්න! මගෙ කටත් අවුස්ස නොගෙන,ප්ලීස් කට වහගන්න"

"දිවා....."

"වැරැද්ද කල එකා තමන්ගෙ අම්මා අප්පා උනත් වැරදිකාරයා වැරදිකාරයමයි.....තෙවින් මෙතන වරද කරලා තියෙන බව දැන දැනම එයාව සුද්ධ කරන්න හදන්න එපා දෙනෙත් අයියෙ!"

ආශවගෙ ඉස්සරහට ආව දිවාෂ දෙනෙත්ගෙ ඇස් දෙක දිහා බලාගෙනම කියද්දි තෙවින්ගෙ හිතට මහ වරදකාරී හැගීමක් දැනෙන්න ගත්තා.දිවාෂ හැමදේම පැහැදිලි කරලා දීලත්,තමන් මේ කලේ මොකද්ද කියලා තෙවින් හිතන්න ගත්තා.දිවාෂ උනත් ආයෙ තමන්ට සමාව දෙන එකක් නෑ කියලා තෙවින්ට හිතෙන්න ගත්තා.දිවාෂගෙ ඇස් වල කදුළු පිරිලා තියෙනවා දැක්ක තෙවින් ඉක්මනටම බිම බලාගත්තෙ ඒ කදුළු ගිනි මද්දහන නිසා ඇති වුණු ඒවා කියලා තමන්ගෙ හිතටම ඒත්තු ගන්නන්න උත්සාහ කරන ගමන්.

"ඇ....ඇයි බං? ඇයි? මගෙ අහිංසකයවම ඕනි උනේ ඇයි තෙවින්? උබට අඩුම.....උබේ යාලුවෙක් උනු මගෙ ජීවිතේ තියෙන එකම සැනසීම නැති කරන්න හිතුනෙ ඇයි? ඇයි?"

ආශවගෙ හඩ බිදෙද්දි බිම වැටිලා හිටිය නේත්‍ර කකුල් දෙකට වීරිය අරගෙන අමාරුවෙන් උනත් නැගිටලා ආශවගෙ පිටිපස්සෙන් ඇවිත් තමන්ගෙ පුංචි අත් වලින් ආශවව තුරුල් කරගත්තෙ ආශවගෙ ඇගේ වෙවුලිල්ල නේත්‍රගෙ ඇගට හොදටම දැනෙන්න ගද්දි.ආශව කොච්චර නම් ලොකු කේන්තියක්ද පීඩනයක්ද මේ දරන් ඉන්නෙ කියලා හොදටම තේරුම් ගත්තු නේත්‍ර ආශවගෙ පිටට තමන්ගෙ මූණ තද කරගෙන තමන්ගෙ පුංචි අතක් ආශවගෙ පපුව දිහාට ඇදගෙන ගියා.

"සන්සුන් වෙන්න සුදුබේබි.....කෝ අහන්නකො"

"උබලා ඇයි මටම මෙහෙම කරන්නෙ? මට තියෙන එකම සැනසීම මේ පොඩි එකා යකෝ!!! ඌව මගෙන් ඈත් කරන්න හදන්නෙ ඇයි?"

"ත් .....තෙවින් අයියා මට කරදරයක් කරන්න හැදුවෙ නෑ සුදුබේබි......ඔයාගෙ නේත්‍ර හොදින්....පොඩ්ඩක්...."

"නේත්‍ර! අහකට වෙනවා! එක එකාව සුද්ධ කරන්න ලෑස්ති වෙන්නෙපා!"

"එ....එහෙම නෙවේනෙ සුදුබේබි.......ක්.... කෝ මේ බලන්න..... මට මුකුත් වෙලා නෑනෙ"

"උබට මොනා හරි උනොත් මම මැරෙයි රත්තරනේ...."

ආශවගෙ හඩ බිදෙද්දි නේත්‍ර ආශවව තව ටිකක් තුරුල් කරගත්තා.කඩුල්ලෙන් වත්ත ඇතුලට පය තිබ්බ දෙවින් තවමත් හිටි විදියටම හිටගෙන හිටියා.දෙනෙත් තෙවින්ගෙ පැත්තෙන් හිටගනිද්දි,දිවාෂ ආශවගෙ පැත්තෙන් හිටගනිද්දි දෙවින් ගන්න ඕනි පැත්ත හිතාගන්න බැරුව එකම තැන හිටගෙන හිටියා.දෙවින් තමන්ගෙ නිවුන් සහෝදරයා හා පුංචි කාලෙ ඉදලා පණට පණ වගේ හිටිය හොදම යාලුවා අතරෙ හිර වෙලා හිටියා. හරි වැරැද්ද මොකක් උනත් කිසිම කෙනෙක්ගෙ පැත්තක් නොගත්තු දෙවින් හිස් බැල්මෙන් තමන්ට ඉස්සරහ තියෙන දර්ශනේ දිහා බලන් හිටියා.

"දෙවින්!"

දෙවින් පියවි සිහියට ආවෙ ආශවගෙ කටහඩින්.මුකුත්ම නොකියපු දෙවින් ඔලුව උස්සලා ආශව දිහා බලද්දි අහක බලන් උන්නු ආශව අහක බලාගෙනම කතා කලා.

"උබේ මල්ලිවයි,උබේ කොල්ලවයි මෙතනින් අරං පලයං දෙවින්! තවත් මෙතන හිටියොත් මොනාගෙන් මොනා වෙයිද කියලා මට හිතාගන්න බැරි වෙයි"

ආශවගෙ හඩ හොදටම බිදිලා ගිහින් තිබ්බා. තවමත් තමන්ගෙ බඩ වටෙයි පපුව ලගයි තිබ්බ පුංචි අත් දෙක දිහා බැලුව ආශව ලොකු හුස්මක් පහලට දාන ගමන් නේත්‍රගෙ අත් තමන්ගෙ අත් වලින් අහක් කරන්න හැදුවත් නේත්‍ර බූවල්ලෙක් වගේ ආශවගෙ ඇගේ එල්ලිලා හිටියා.නේත්‍රගෙ සියුමැලි අත් තමන්ගෙ ශක්තිමත් අත් වල ග්‍රහණෙන් ගලවගත්තු ආශව නේත්‍රව එහාට කලත්,ආශවගෙ අහකට කිරිල්ල ගනන් නොගත්තු නේත්‍ර එහෙම්මම කැරකිලා ආශවගෙ ඇස් දෙක ඉස්සරහට ආවා.

"අහකට වෙන්න නේත්‍ර! මගෙ යකා නාවුස්සා!"

"නේත්‍රට බයින්න එපා සුදුබේබි.....නේත්‍රට දුක හිතෙනවනෙ"

හෙමීට මිමිණුව නේත්‍ර ආශවගෙ පපුවට ගුලි ගැහෙද්දි ලොකු හුස්මක් පාත දැම්ම ආශව තමන්ගෙ හයිය අත් අස්සෙ නේත්‍රව හංගගත්තා.තවමත් කිසිම කෙනෙක් දිහා බලන්න වුවමනාවක් නොවුනු ආශව නේත්‍රගෙන් හමන ගැටපිච්ච මල් සුවද හෙමීට ආඝ්‍රාණය කරන ගමන් නේත්‍රව තව ටිකක් තද කරලා තුරුල් කරගත්තා.

"මම දැන් කිව්වෙ උබලට යන්න කියලා නේද!!! ආයෙ මෙතන ඉන්නෙ මාව මිනීමරුවෙක් කරගන්නද!!!"

"ශ්...ශ්....සුදුබේබි.....එයාලට යන්න දෙන්න"

"හ්ම්ම්....යන්න....."

නේත්‍ර හෙමින් මුමුණන ගමන් ආශවගෙ පපුවට තවත් තුරුල් වෙද්දි ලෝකෙ තියෙන හැම නපුරකින්ම නේත්‍රව හංගගන්නවා වගේ ආශව නේත්‍රව තමන්ගෙ පපුව අස්සෙ හංගගත්තා.තෙවින් දෙනෙත් දෙන්නා ලගට ආව දෙවින් "එනවා යන්න!" කියන වචන දෙක විතරක් කියද්දි බිම බලාගෙන උන්නු දෙනෙත් වගේම,කට කොනක් පැලිලා ලේ ගලන තෙවින් දෙවින්ගෙ පස්සෙන් ඇදුනා.ඒ තුන් දෙනා පිට වෙලා යනකං බලන් හිටිය දිවාෂ, නේත්‍රගෙ පිටට තට්ටු කරලා ආශවටත් යන්නම් කියලා කඩුල්ල පැනලා එතනින් ගියේ මේ වෙලාවෙ ඒ ආශව නේත්‍ර දෙන්නට තනි වෙන්න ඉඩ දෙන්න ඕනි නිසා.

ලොකු කුණාටුවකට පස්සෙ එන නිහඩතාවය වගේ නිහඩතාවයකින් මුලු පරිසරේම වෙලාගෙන තිබුනා.ඉදලා හිටලා ඇහෙන වදුරෙක්ගෙ 'බුකුං බුකුං' සද්දෙකින් වගේම,එකපාරටම හමාගෙන යන හුලං පාරකින් හෙලවෙන ගස් කොලන් වල සද්දෙ ඇහෙන්න වෙන කිසිම සද්දයක් පරිසරෙන් නොනැගුනා.විනාඩි කීපෙකට කලින් පොර පිටියක් වගේ වුණු නේත්‍රගෙ පුංචි ගෙදර වත්තම දැන් පන්සල් මළුවක් වගේ තැන්පත්ව තියෙද්දි අරලිය ගහ උඩ කුරුලු කූඩුවෙ හිටිය කුරුලු ජෝඩුව 'කිචි බිචි' ගාලා මොනාහරි කතා කරන්න පටන් ගත්තා.ඒ හැමදෙයක්ම අවසානෙදි, නේත්‍ර මේ ලෝකෙ ආරක්ෂිතම තැන වුණු ආශවගෙ තුරුලෙ සැනසෙන ගමන් හිටියා වගේම ආශව තමන්ව මේ ලෝකෙ නිවන්න පුළුවන් වුනු එකම තැන වුණු තමන්ගෙ මුලු ලෝකෙම තුරුලෙ දරාගෙන හිටියා.

...................................................................................................

වචන 4200+යි😓❤️

අද කොටස සේප් ඇති කියලා හිතෙනෝ....🙂❤️

ඔන්න මට හම්බුනා,අවුරුදු 18 ක් උනාට පුංචියට පේන නේත්‍රවයි,එයාගෙ අවුරුදු 19 හිතුවක්කාර නහරකාරයෙක් වුණු සුදුබේබිවයි.ඉන්නකො පෙන්නන්න❤️

(සුදුබේබි❤️) කඩවසම් මුරණ්ඩුකාර හිච්චි මුදියන්සෙ🥺❤️

(නේත්‍ර❤️)  අනේ මම නේත්‍රව මවාගෙන ඉන්න විදියමයි මේ......මම මේකව ගිලිනවා😭❤️

ආසව නේට්ටව ඔච්චර පරිස්සම් කරන්නෙ ඇයි කියලා තේරුනා නේත? 😏🥺❤️

අඩුපාඩු තියේනම් කියලා දෙන්න බබාලා❤️

වචනයක් හරි කියන් යන්න අද කොටසටත්❤️ මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤️

එහෙනම් බබාලා කැමීලියා ගිහින් එන්නාම්🌝❤ කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා 🏵️❤️

Share This Chapter