Back
Chapter 56

55 කොටස🤍✨

නිවාලන්න මා...

"නේත්‍ර......"

"ම්....ම්ම්ම්ම්?"

"බය උනාද මගෙ මැණිකෙ?"

"ම්හු....."

"සුදුබේබි පරක්කු උනාද?"

"ම්හූ......"

"සුදුබේබි එක්ක තරහද?"

"න්....නෑ....."

"ඇඩුවද මයෙ අම්මා?"

"බ්...බය උනා"

"කදුළු පාරවල් වලට කම්මුල් තෙමිලා ගිහින්....."

"ම්ම්ම්ම්ම්"

"මම ඒත් බය උනා.....නේත්‍රට මීට වඩා අමාරු වෙයි කියලා"

"ත්....තෙවින් අයියා කරදරයක් කරන්න හැදුවෙ නෑ"

"මම ඒක දන්නවා නේත්‍ර....ඒත් තෙවින් මගෙ රත්තරංව එහෙම තුරුල් කරන් ඉද්දි සුදුබේබිට දරන්න බැරි උනා"

"න්....නේත්‍ර බය උනෙත් ඒක තමා"

"තෙවින් නරක මිනිහෙක් නෙවෙයි කියලා දන්නවා මම....ඒකයි මම ටිකක් හරි ඉවසුවෙ"

"ම්...මම දන්නවා"

"මොනාද?"

"න්....නැත්තං තෙවින් අයියට ඉස්පිරිතාලෙ යන්න වෙනවා කියලා"

"මම උබට හරි ආදරෙයි මගෙ මැණිකෙ.....හුගාක් ආදරෙයි"

"නේත්‍රත් ආදරෙයි සුදුබේබිට....නේත්‍ර ඒක තෙවින් අයියටත් කිව්වා"

"මොකද්ද කිව්වෙ?"

"නේත්‍ර ආදරේ සුදුබේබිට විතරයි කියලා"

"එහෙනම් ආයෙ කරදර කරන එකක් නෑ....."

"ස්....සුදුබේබි....."

"ඔය කියන්න හදන දේ මම දන්නවා මැණිකෙ.....ඒත්.... ඒත් ඌට එකපාරටම සමාව දෙන්න බෑ මට.ටික කාලයක් ගියපුවාවෙ....තෙවින් උනත් තේරුම් ගන්න ඕනි තෙවින් කලේ වරදක් කියලා.අනික එහෙම එකපාරටම සමාව දෙන්න තරම් මම දෙවි කෙනෙක් නෙවෙයි නේත්‍ර.මාත් පෘතග්ජන මනුස්සයෙක්....මටත් කියලා කේන්තිය නිවෙන්න කාලයක් ඕනි"

"හ්ම්ම්....ඒක ඇත්ත තමා....සුදුබේබි එව්වා කියලා දෙන්න හොදද? නේත්‍ර ටිකක් මෝඩයිනෙ"

"මෝඩ නෑ මැණිකෙ.....ඔයා හුගාක් අහිංසකයි....සංවේදියි.....හැබැයි මිනිස්සුන්ව අදුනගන්න පුළුවන්"

"ම්ම්ම්ම්?"

"ඔයාට මතකද මහීල්ලගෙ රධීන්ලගෙ ප්‍රශ්න වලදි ඔයා ඔහොම සමාව දෙන්න කියලා කිව්වෙ නෑ? මොකද ඔයාට තේරුනා උන් හොද මිනිස්සු නෙවෙයි කියලා.ඒ වගේම අද ඔයාට තේරුනා තෙවින් නරක මිනිහෙකුත් නෙවේ කියලා"

"ඒත් සුදුබේබි තරම් කවුරුත් හොද නෑ"

"පිස්සු කොල්ලා"

නේත්‍රගෙ නලලට හාද්දක් තිබ්බ ආශව නේත්‍රත් එක්ක ලිද ලගට යන්න හැදුවෙ නේත්‍රගෙ මූණ ටිකක් සෝදගන්න.මූණ විතරක් නෙවෙයි බිම ඇද වැටුනු නිසා නේත්‍රගෙ කකුල් අතපය වල පවා දූවිලි ගෑවිලා තිබ්බ හන්දා ආශවට ඕනි උනේ නේත්‍රව පිරිසිදු කරවගන්න.ඒත් ආශවගෙ තුරුලෙන් අහකට වෙන්නෙ නැතුව කන්කුණු ගාන නේත්‍රව ආපහු පාරක් තදට තුරුල් කරගත්තු ආශව නිහඩවම ඉස්සරහින් පේන්න තේක්ක යාය දිහා බලන් හිටියා.අරලිය ගහ යට බංකුවෙ ආශවගෙ තුරුලෙ ඉදන් උන්නු නේත්‍රගෙ මූණෙ හරි සැනසිලිදායක හිනාවක් ඇදිලා තිබ්බා.

දැන් විනාඩි ගාණකට කලින් තෙවින්ගෙ තුරුලෙන් දැනුනු අපහසුව දරාගන්න බැරි වුණු තමන් කෑ ගහලා ඇඩුව හැටි නේත්‍රට මතක් වුණා.තෙවින්ගෙන් ගැලවෙන්න උත්සාහ දරන ගමන් සුදුබේබිව ඉල්ලුව හැටි නේත්‍රට මතක් වුණා.තමන්ට දැනුනු බය හැගීම් ඔක්කොම දේවල් නේත්‍රට මතක් උනා.ඒ හැමදේමත් එක්ක තමන් දැන් සුදුබේබිගෙ තුරුලෙ කොච්චර නම් සැනසිල්ලක් විදිනවද කියලා හිතුව නේත්‍ර එකපාරටම ඉස්සිලා ආශවගෙ පිටි අල්ලෙන් හාදුවක් තියලා මූණ ආශවගෙ පපුව අස්සෙ හංගගත්තා.

"මැණිකෙ"

"ඕහ්හ්....."

"දිවාෂ....මම හිතුවෙ නෑ ඌ අපේ පැත්තට විතරක් කතා කරයි කියලා"

"තෙවින් අයියටත් හුගක් කිට්ටුනෙ දිවාෂ...."

"ඒක තමා....ඒ විතරක් නෙවේ....ආහ්හ්....මම ඔයාට ඒක පස්සෙ කියන්නම්.දැන් ඒවා කියන්න මූඩ් එකක් මටත් නෑ.ඒ මොනා උනත් දිවාස ඔයාට හරි ආදරෙයි නේත්‍ර"

"පුංචි කාලෙ ඉදන්ම මම එක්ක එකටම උන්නු කෙනානෙ සුදුබේබි.... දිවාෂ කොච්චර සමාජශීලී උනත් එයා මගෙන් එහාට හොදම යාලුවෙක් හදාගත්තෙ නෑ අද වෙනකං"

"හ්ම්ම්.....මට ඒත් දැන් අවුල්....දිවාෂ අපේ ප්‍රශ්නෙ නිසා තෙවින් එක්ක කතා නොකර ඉදියිද කියලා"

"දිවාෂ එහෙම කෙනෙක් නෙවේ සුදුබේබි.....අද තමන්ව මරන්න ආව මනුස්සයා පාරක් අයිනක වතුර පොදක් නැතුව වැටිලා හිටියොත් දිවාෂ ඒ මනුස්සයට වතුර ටිකක් දෙන ජාතියෙ කෙනෙක්.....හැබැයි තව එකක්.දිවාෂ එහෙම තරහා හිතේ තියං නොහිටියට,දිවාෂට කෙනෙක් එපා උනොත් එපා උනාම තමා"

"එහෙනම් කමක් නෑ....ඌ තෙවින් එක්ක අවුල් තියාගන්න එකක් නෑනෙ.මම කැමති නැ අපේ ප්‍රශ්න නිසා වෙන මිනිස්සු අතරෙ ප්‍රශ්න ඇති වෙනවට"

"නෑ සුදුබේබි....එහෙම වෙන එකක් නෑ"

"හ්ම්ම්ම්......"

"සුදුබේබි......"

"ම්ම්ම්ම්?"

"සුදුබේබි නේත්‍ර එක්කම ඉන්න හොදද හැමදාම? නේත්‍රට සුදුබේබි නැතුව බෑනෙ"

"මට ඉන්නෙ උබ විතරක් වෙනකොට....මම උබව දාලා කොහෙ යන්නද මැණිකෙ"

නේත්‍රගෙ හිස් මුදුනින් තොල් තද කරගත්තු ආශව ඒ තොල් අහකට නොගෙනම නේත්‍රව තව ටිකක් තමන්ගෙ පපුව අස්සෙ ගුලි කරවගත්තා.

.

.

.

.

.

"මොකද්ද ඒ කලේ කියපං!!! මොකද්ද ඒ කලේ?"

"එපා දෙවින් අයියෙ.... මූ දැන් ගුටිකෑවා ඇති"

දෙවින්ගෙ වේගෙන් උඩට ඉස්සුණු අත තෙවින්ගෙ කනට පාත් වෙන්න කලින් ඒ මැදට පැන්න දිවාෂ දෙවින්ගෙ අත අල්ලගෙන පහලට කරද්දි දිවාෂට ආවරණය වෙලා හිටිය තෙවින්ගෙ හිතට ලොකු පසුතැවීමක් එක්ක ලැජ්ජාවකුත් දැනුනෙ තමන්ව මෙහෙම පරිස්සම් කරපු දිවාෂගෙත් හිත රිද්දන්න උනු එක ගැන.දෙනෙත් සිංහවංශ වලව්වෙ දොරකඩට වෙලා හිටගෙන බිම බලාගෙන ඉදිද්දි දිවාෂ දිහා බලලා ඔලුව වැනුව දෙවින් එතනම තිබ්බ සෝෆාව උඩට දඩස් ගාලා ඇදගෙන වැටුනා.මහ කුමාරිහාමිත් මේ මහ දවාලෙ නිදියගෙන උන්නු නිසා විසිත්ත කාමරේ වෙන කලබැගෑනිය ගැන හාංකවිසියකවත් දෙයක් උන්දැට දැනුනෙ නෑ.

අත් දෙක කොන්ඩෙ අස්සෙන් යවාගන්න ගමන් කේන්තියෙන් දත් මිටි කෑව දෙවින්ගෙ භයානක බැල්ම කෙලින්ම එල්ල වෙලා තිබ්බෙ තෙවින්ට.මුලු ලෝකෙම කඩා වැටුනා වගේ තෙවින් දොර පාමුල බිම ඉදගෙන ඔහේ බිම බලන් හිටියා.සෝෆාවට හයියෙන් පාරක් එල්ල කෙරුව දෙවින් කතා කරපු සද්දෙට දෙනෙත් වගේම දිවාෂත් ගැස්සිලා යද්දි කිසි දේකට අවධානයක් යොමු කරන්න මානසිකත්වයක් නොතිබ්බ තෙවින් ඔහේ බලාගත්තු අත බලන් හිටියා.

"මොකද්ද බං ඒ කරපු වැඩේ? උබට ලව් කරන්න හිටියෙ නේත්‍ර විතරද?"

"දෙව් ඒත්....."

"දෙනෙත්! මම ප්‍රශ්නෙ ඇහුවෙ මල්ලිගෙන්!"

"ස්....සොරි දෙව්"

"තෙවින්! උබට හිතුනෙ නැද්ද ඒ ආශවගෙ කොල්ලා කියලා? උබ පොඩි කාලෙ හිටිය අර යක්ස ආශවව දන්නවා.....යකෝ උබ ආයෙ නුවර එද්දි ඌද හිටියෙ? ඌ වෙනස් වෙලා කියලා තේරුනේ නැද්ද? හැමෝටම නැතත් උගෙ ලගම උන්ට හරි ඌ ආදරේ කරන්න අරං තිබ්බා..... ඒ හැමදේම අර පුංචි එකා නිසා.ආශවයා ඒ දේවල් උබ ඉන්න තැන පවා කියලා තියෙනවා.....එහෙම එකේ උබ මොකද්ද මේ කලේ!!!"

"අ....ආදරේ ක්....කලා අයියෙ....."

"ආදරේ කලාට කමක් නෑ දෙයියනේ! ඇයි ....ඇයි ඒකා ආශවගෙ කියලා දැනගත්තට පස්සෙ හරි හිත හදා නොගත්තෙ? උබට තාම නේත්‍රව හම්බෙලා මාස කීයද මල්ලි! උබට ඒකාව අමතක කරන්න බැරි කමක් නෑනෙ"

"..............."

"අඩුම.....අඩුම උබට තිබ්බා ඒ දේවල් අපි එක්ක කියලා හිත හදාගන්න.උබ ආදරේ කරපු එක ගැන නෙවෙයි මම වරදක් කියන්නෙ..... නේත්‍රව දකින ආස්‍රේ කරන ඕනිම කෙනෙක්ට නේත්‍ර ගැන ආදරයක් ඇති වෙනවා....ඒක සාමාන්‍යයි.....ඒක මොන වගේ ආදරයක්ද කියලා කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.....උබ ඒත් ඇයි අද ගිහින්,ඒකව තුරුල් කරං පිස්සුවක් කෙලියෙ!!!"

".............."

"ක්ලාස් එක ඉවර කරන්න තිබ්බ වෙලාවට කලින් ඉවර උනු නිසා මම නිකමට දිවාෂ මල්ලිට කෝල් කලේ උබ ඉන්නවද බලන්න.....උබේ ෆෝන් එක ගෙදර දාලා ගිහින්....එතකොට තමා දිවාෂ කිව්වෙ උබ එහෙ නෑ කියලා....කොහෙ ගිහින්ද නොදන්න නිසයි,හිතේ තිබ්බ සැකේ නිසයි මම......පොඩ්ඩක් ඉන්න! පොඩ්ඩක් ඉන්න!"

දත්මිටි කාගෙනම තමන්ගෙ ඉස්සරහ ඉන්න තුන් දෙනා දිහා බැලුව දෙවින්ගෙ බැල්මට දිවාෂ හොදටම කලබල වුණා.ඊලගට දෙවින් අහන්න යන්නෙ මොකද්ද කියලා තේරුම් ගත්තු දිවාෂ ඉක්මනටම කතා කලේ ඒ ප්‍රශ්නෙ මගාරවන්න හිතාගෙන.ඇත්තටම ඒ ප්‍රශ්නෙ දෙවින්ගෙ කටින් පිට වෙන එක ගැන හිතද්දි පවා දිවාෂ බය වුණා.

"ක්ලාස් එක අද ඔය ටයිම් එකට තියෙනව කියලා මැසේජ් එකක් දාලා තිබ්බෙ අද උදේ.....නැත්තං ඕක හවස තුනට තියෙන්නෙ වෙනදට! මල්ලි කොහොමද හරියටම ක්ලාස් එක තියෙන වෙලාවත් දැනන්,ආශව ක්ලාස් එකට ලොග් වෙලා ඉන්න බවත් දැනන් නේත්‍රලාගෙ ගෙදර ගියේ.....මේක අහම්බයක් කියලා නම් කියන්න හදන්න එපා මට!"

"ම්.....මම කිව්වෙ දෙවින් අයියෙ"

තමන්ගෙ ඉස්සරහ හිටිය දිවාෂ මුමුණද්දි වියරුවෙන් වගේ හිනා වුණු දෙවින් ඇවිත් දිවාෂ ලගින් හිටගත්තා.දෙවින්ගෙ ඇස් දෙකේ තිබ්බ බැල්ම දැක්ක තෙවින් ඉක්මනට තමන් ඉදගෙන හිටිය තැනින් නැගිටල දිවාෂව ආවරණය කරගෙන දෙවින්ට මූණ ලා හිටගනිද්දි දෙවින් අර දරුණු බැල්මම තෙවින්ට හෙලුවා.

"උබ අහකට වෙයං! මෙතන වැරදි කරලා....."

"ය්....යුගාන් මුකුත් කිව්වෙ නෑ අයියෙ...මමයි නිකමට වගේ එවෙලෙ එතනට ගියේ"

"හහ්!"

අත් දෙකත් පිටිපස්සට බැදගත්තු දෙවින් තෙවින්ගෙ මූණටම රවන ගමන් තෙවින්ගෙ පිටිපස්සෙ හැංගිලා හිටිය දිවාෂ දිහා බැලුවා.බලලා දිවාෂගෙ ඔලුව අතගෑව දෙවින් ආපහු පාරක් කතා කරන්න ගත්තා.

"නේත්‍රට පණ දෙන්න වගේ ඉන්න දිවාෂ මල්ලි ඔය වගේ වැඩක් කරන්නෑ කියලා මම දන්නවා......දෙනෙත්! ඔයාට මේ ගැන මොනාහරි කියන්න ඇති කියලා මම හිතනව"

"අයියෙ....ඒත්!!"

"උබ කටවහපං මල්ලි! මම මේ අහන්නෙ දෙනෙත්ගෙන්"

"ම්....මට සමාවෙන්න දෙව්....ප්ලීස්.....මට තෙවින් දුකෙන් ඉන්නවා බලන්න බැරි වුණා"

දෙවින් දෙනෙත් දිහා බලන් හිටියෙ සෑහෙන්නම කලකිරුණු ස්වරූපෙකින්.ලොකු හුස්මක් පහලට දැම්ම දෙවින් සෝෆාවෙන් ඉදගද්දි දිවාෂ හෙමීට ඉස්සරහට ආවා.දැන් ඒක පවුලෙ තුන් දෙනෙක්ගෙ ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා වගේම,තමන් ඒ ප්‍රශ්නෙ බේරන්න උත්සාහ කල එකෙන් වැඩක් නොවුණු නිසා දිවාෂ එතනින් යන්න තීරණය කලා.අද ඔය සිද්ධිය දැක්ක ගමන්,උදේ දෙනෙත් කාටහරි පංති පටන් ගන්න ඉවර වෙන වෙලාවල් කියනවා ඇහුනු එක මතකෙ තිබ්බ දිවාෂ මුල ඉදන්ම මේකට දෙනෙත්ගෙ සම්බන්ධයක් ඇති කියලා තේරුම් අරං හිටිය නිසා ඒ වරද තමන්ගෙ පිට දාගෙන දෙනෙත්ව නිදහස් කරන්න හැදුවෙ නැත්තං ඕකෙන් දෙවින්ගෙ හිතත් රිදෙන බව දන්න නිසා.ඒත් දිවාෂට ඒක කරන්න බැරි උනා වගේම මේ වෙන දේවල් එක්ක දිවාෂ හිටියෙ ලොකු පීඩනේකින්.

"දෙවින් අයියෙ....මම යනවා....දෙනෙත් අයියෙ යන්නම්"

"දිවාෂ මල්ලි....ඉන්න බැරිද?"

"මෙතන ඉදලා ප්‍රශ්නෙ පවුල ඇතුලෙනෙ....මම ඉන්න එක් හොද නෑ කියලා මටම හිතෙනව.අනික මට මහන්සියි දෙවින් අයියෙ...මම යන්නම්.මොකක් හරි නම් කෝල් එකක් දෙන්න මම එන්නම්....නැතත් මම හෙට දිහාවට එන්නම්කො"

දෙවින් උත්තරයක් දෙන්න කලින් සිංහවංශ වලව්වෙන් පිට වුණු දිවාෂ නොපෙනී යන හැටි තෙවින් බලාගෙන හිටියෙ පපුවෙ කොනක් රිදුම් දෙද්දි.දිවාෂ තමන්ට කිව්ව දේවල් තමන් ඇහුවනම් අද මේ වෙලාවට මේ කට්ටියම එක්ක කොහෙට හරි වෙලා කියෝ කියෝ සතුටින් ඉන්නවා නේද කියලා තෙවින් හිතුවා.ආයෙ දිවාෂ තමන් එක්ක කතාවත් නොකරයිද කියලා තෙවින් හිතද්දිනුත් තෙවින්ගෙ ඇස් වලට කදුළු පිරුණා.එකපාරටම තෙවින් ගැස්සිලා ගියේ දෙවින්ගෙ ගැඹුරු කටහඩ නිසා.

"දෙනෙත්! ඔක්කොම කියනවා....උබ එක බොරුවක් හරි කියලා තිබ්බොත්......"

දෙවින්ගෙ කලු හීනි ඇස් තවත් හීනි වෙලා තිබ්බා වගේම ඒ ඇස් රතුපාට වීගෙන එන ගමන් තිබ්බා.තමන්ගෙ මල්ලිගෙන් ලොකුම වරදක් වෙලා තියෙද්දි,ඒකට තමන් ආදරේ කරන මනුස්සයත් සම්බන්ධයි කියලා දැනගත්තට පස්සෙ දැනෙන ඒ භයානක වගේම අසරණ හැගීමෙන් දෙවින් බැට කන ගමන් හිටියා.ඒත් දෙවින්ගෙ ඇස් ගැස්සුනේවත් නෑ.දෙවින් තනි කෙලින් දෙනෙත් දිහා බලන් හිටියා.

"ද්....දැන් දවස් දෙකකට වගේ කලින් මම තෙවින්ගෙ ෆෝන් එක උදුරගත්තා තෙවින් ඒක බල බල ඉන්න වෙලාවක.ස්ක්‍රීන් එකේ හිටියෙ නේත්‍ර.....ලාවුළු ගහ පාමුලක ඉන්න වෙලාවක ඔයාලා මෙයා ගත්තු එකක්.ඒක තෙවින් බල බල හිටියෙත් සූම් කරලා....ඉතින් සැක හිතෙනවනෙ.....මම එදා බල කරලම තෙවින්ගෙන් ඇහුවා.ඒත් තෙවින් මට කෙලින් උත්තරයක් නොදුන්නත් මට තේරුනා වෙන්නෙ මොකද්ද කියලා.....

ඊයෙ මම තෙවින්ට කෝල් කරලා හුගක් වෙලා කතා කලා.තෙවින්ගෙ හිත බර වෙලා වගේ තියෙනවා කිව්ව නිසා මම කිව්වා ඒ බර නිදහස් කරගන්න කියලා කෙනෙක්ට කියලා....මට අමුතුවෙන් මෙයා කියන්න ඕනි උනේ නෑ ඒ නේත්‍ර ගැනයි කියන්නෙ කියලා...තෙවින් ඇහුවා ඒ දේවල් ඒ කෙනාටම කියලා හිත නිදහස් කරගත්තට කමක් නැද්ද කියලා....මම කිව්වා කමක් නෑ කියලා....

පස්සෙ අද ක්ලාස් එකේ ඉද්දි මම නිකමට ඇටෙන්ඩන්ස් බලද්දි ආශව ලොග් වෙලා හිටියා....මම එවෙලෙ තමා කෝල් එකක් අරං තෙවින්ට ඒ ගැන කිව්වෙ.මොකද ඔය වගේ වෙලාවකට ඇරෙන්න ආශව නේත්‍ර ලග නැති වෙලාවක් නෑනෙ....මම කිව්වා ගිහින් කතා කරන්න කියලා.ඇත්තටම දෙව්....මට තෙවින්ගෙ හිතේ තියෙන පීඩනේ අඩු කරන්න විතරයි ඕනි වුණේ.....ප්ලීස්.....මට සමාව දෙන්න"

"අපේ එකා ගිහින් අර පොඩි එකාට කරදරයක් එහෙම කලානම්?"

"ත්....තෙවින් එහෙම කෙනෙක් නෙවේ කියලා දන්න නිසා තමා....."

"මනුස්ස හිත් වෙනස් වෙන්න යන්නෙ තත්පර ගාණයි දෙනෙත්! දෙයක් කරන්න කලින් සියපාරක් හිතනවා! ඔය ඔලු ගෙඩිය ඇතුලට මොලයක් දීලා තියෙන්නෙ ලස්සනට නෙවෙයි.....පාවිච්චි කරන්න....හරි,දැන් උබ මූට යන්න කියද්දි හිතුවද මූ නේත්‍රව අල්ලන් තුරුල් කරගනියි කියලා....කතා කරපං දෙනෙත්!!!"

"න්....නෑ දෙව්"

"ඉතින්! ඉතින් ඒකයි මනුස්සයො මම කියන්නෙ..... මූ නේත්‍රව හිතේ ආව ආවේගෙටම කිස් කලානම් එහෙම! එහෙම උනානම් අද මට මගෙ මල්ලිව වගේම හොදම යාලුවවත් නැති වෙනවා දෙනෙත්! උබට ඒ ගැන හිතන්න මොලයක් තිබ්බෙ නැද්ද?උබට තිබ්බා අඩුම මේ ගැන මට කියන්න.....එහෙමත් නැත්තං තෙවින් යන වෙලාව අල්ලලා ගිහින් හැංගිලා බලන් ඉන්න....අනවශ්‍ය දෙයක් වෙනවනම් ඒක වලක්කන්න!!!"

"බ්...බයින්න එපා දෙව් ඔහොම"

"බයින්න නෙවේ යකෝ! මම උබලා දෙන්නව මරන්නෙ නැති එක ගැන සතුටු වෙයල්ලා! අද උබලා දෙන්නා එක්ක එකතු වෙලා කෙරුව හපන්කම නිසා මගෙ හොදම යාලුවා මාත් එක්ක බිදෙන්න ඇති.....අවුරුදු ගාණක් පරණ ඒ බැදීම,විශ්වාසෙ බිදෙන්න උබලා මේ කල දේ ප්‍රමාණවත් වෙලානම්......දෙයියම්පල්ලා! ආයෙ මගෙ ජීවිතෙත් උබල දෙන්නටම ඉඩක් නැති වෙයි!"

අතේ තිබ්බ ටීවී රිමෝටය පොලවෙ ගැහුව දෙවින් වලව්වෙ උඩු මහලට ඇදෙද්දි දෙනෙත් අඩාගෙන වලව්වෙන් එලියට දුවං ගියා.අන්තිමේදි සාලෙ මැද්දෙ ඉතිරි වුණු තෙවින් පපුව මිරිකගෙනම බිමින් වැතිරුණා.

"ම්....මට සමාවෙන්න යුගාන්"

තෙවින් හෙමීට මිමිණුවා.

...................................................................................................

"එ.....එහ්....එපා......"

"ස්....සුදුබේබි!"

"එපාආආආආආ!!!!!"

"සුදුබේබි අනේ ඇයි....සුදුබේබි"

"එපා.....එපා.....නේත්‍රව අරං යන්න එපා......"

"සුදුබේබි....අනේ මම ඉන්නවා....සුදුබේබි නැගිටින්නකො"

"න්....නේත්‍ර.....එපා.....නේත්‍ර මගෙ.....අනේ.....එපා"

"සුදුබේබි! නැගිටින්න.....සුදුබේබි"

"මට.....මට.....නේත්‍රව අරං යන්න එපාආආආආ..."

"සුදුබේබි,නැගිටින්නකො!!! සුදුබේබීඊඊඊඊඊඊ!!!"

"අහ්හ්හ්?"

ප්‍රශ්නෙ උනාට පස්සෙ නේත්‍රවත් පිරිසිදු කරවගත්තු ආශව නේත්‍රගෙ නාහෙයි මූණෙයි තද රතු පාට බහිනකං ඉදලා වලව්වට ආවෙ නේත්‍ර එක්කමයි. අඩපු ඇඩිල්ලට ඩිංගක් මොනා හරි උනත් රතු වෙන නේත්‍රගෙ මූණ ජම්බු ගෙඩියක් වගේ වෙලා තිබ්බා.රතු පාට බැස්සට පස්සෙ නේත්‍රවත් අරං වලව්වට ආව ආශව කාමරේට රිංගගත්තෙ නිවාසාන්තර ක්‍රීඩා තරගෙ වැඩ වගයක් තියෙන බව ලොකු මැණිකෙට කියන ගමන්.කාමරේට ගිය ගමන් නේත්‍රගෙ උකුල උඩින් ඔලුව තියාගත්තු ආශව ඇස් පියාගනිද්දි ආශවගෙ ඔලුව අතගෑව නේත්‍රගෙ සිනිදු ස්පර්ශෙටම ආශවට නින්ද ගිහින් තිබ්බා.

ආශවගෙ ඔලුව තමන්ගෙ උකුලෙන් අරගෙන කොට්ටයක් උඩින් සැප පහසුවට තිබ්බ නේත්‍ර ආශවගෙ නලලටත් හාදුවක් දීලා ඇදෙන් බැස්සෙ පිස්සන් කොටුවක් වගේ තියෙන ආශවගෙ කාමරේ අස් කරන්න හිතාගෙන.අස් කිරිල්ල කාමරේ කොනකින් පටන් ගත්තු නේත්‍රගෙ මූණ ටික වෙලාවක් යද්දි රතු පාට උනා වගේම එකපාරටම අත් දෙකෙන් මූණ වහගෙන ලැජ්ජාවෙන් ඇඹරුන නේත්‍ර,තමන්ගෙ ඇස් දෙකත් තද කරලා පියාගෙනම ලැජ්ජාවට හේතුව උනු කාමරේ ඇදුම් රාක්කෙ ලග වැටිලා තිබ්බ ආශවගෙ යට කලිසම හෝදන කූඩෙට දැම්මා. තව ඩිංග වෙලාවක් ලැජ්ජාවෙන්ම ඇඹරුනු නේත්‍ර ඒක අමතක කරලා දාලා කාමරේම අතුපතු ගාන්න ගත්තා.

ටික වෙලාවක් යද්දි ආශවගෙ කාමරේ හරි පිලිවෙල වෙලා තිබ්බා.කුණු බිංදුවක්වත් නැති වුණු කාමරේ ටයිල් පොලව ලස්සනට දිලිසෙද්දි, වායු නැවුම්කාරකයක් (air freshner) බෝතලේ අතට ගත්තු නේත්‍ර මුලු කාමරේටම ඒකෙන් විදින්න ගත්තෙ නැවුම්කාරකයෙන් හමන පිච්ච සුවද ආසාවෙන් විදින ගමන්.

"සුදුබේබි කොහෙන් ගියත් පිච්ච් සුවදක් නම් අල්ලගන්නවමයි....හුම්ම්"

නිදන් ඉන්න ආශව දිහා බලලා ආදරෙන් හිනා වුණු නේත්‍ර ආශව ලගින් ඉදගත්තෙ ආශවගෙ කඩවසම් බව විදින්න තිබ්බ වුවමනාවට.නේත්‍ර ආශව දිහා ඇහිපිල්ලම් නොගහා බලාගෙන හිටියා.ඝන කලු කොණ්ඩෙ,පියවෙලා තියෙන දිග ඇස් දෙක,තියුණු දිග නහය,හීනි ශක්තිමත් දෙතොල් යුග්මය දිගේ නේත්‍ර තමන්ගෙ ඇස් අරන් ගියා.එතනින් පහලට ඇස් අරගෙන ගිය නේත්‍ර ආශවගෙ කැපිලා පේන ඉදිරියට මෝරපු උගුරු දණ්ඩ, තියුණුවට මතු වෙලා පේන හකු රේඛාවන්, පෘෂ්ඨිමත් පපුව,ටී ෂර්ටයකින් වැහිලා තිබ්බට ඇබ්ස් මතු වෙලා තියෙන බව දන්න උදර පෙදෙස,නහර පවා පිරිලා තියෙන බව දැකලා තියෙන ශක්තිමත් කලවා,ශක්තිමත් දෙපා වෙනකංම ආශවව රසවින්ද නේත්‍රගෙ ඇස් දෙක ආපහු පාරක් ගියේ තමන්ව වේගෙන් වෙවුලවන්න පුළුවන් උනු දේ වෙතට.

ආශවගෙ උගුරු දණ්ඩ දිහා ආපහු පාරක් බලන් හිටිය නේත්‍ර ලොකු කෙල ගුලියක් ගිලලා ආපහු පාරක් මූණ අත් වලින් වහගෙන,ආශව නිදිද කියලා ඇගිලි අස්සෙන් බලලා ආශවගෙ කම්මුලකින් ක්ෂණික හාදුවක් තියලා,ආපහු පාරක් මූණ අත් වලින් වහන් දගලලා ඇදෙන් බිමටත් ඇදගෙන වැටුනා.හැමදාම ආශවගෙ පිටි අල්ලට,නලලට විතරක් හාදු දුන්නු නේත්‍රට අද ආශවගෙ කම්මුලට දුන්නු හාද්ද ලොකුවට ලැජ්ජාවක් එකතු කරලා තිබ්බා.ආශව අවදියෙන් ඉද්දි ඔහොම දෙයක් නිකමටවත් කරන්න තරම් හයියක් නොතිබ්බ නේත්‍ර,අද ආශව නින්දෙ උන්නු නිසා ඒ දේ කරන්න තරම් නිර්භීත වෙලා තිබ්බා.

"හැයියා"

මූණ වහගෙන තනියම හිනා වුණු නේත්‍රට තමන් ටිකකට කලින් නොහිතා කල දේ නිසා ඇස් වලට කදුළු උනන්න අරං තිබ්බා.ඒ වගේ දෙයක් කලේ කොහොමද කියලා නේත්‍ර හරිම ලැජ්ජාවකින් කල්පනා කලා.ඒත් එක්කම කාමරේ දොරට තට්ටු කල සුපිපි කෙල්ල තේ අරං යන්න එන්න කියද්දි මූණ හොදට හෝදන් පිහිදගත්තු නේත්‍ර හැමෝගෙන්ම මූණ හංගගෙන ගිහින් තමන්ගෙ තේ එක කුස්සියෙ බංකුවක් උඩින් ඉදගෙන බීලා,ආශවගෙ තේ කොප්පෙ එක්ක කේක් කෑලි දෙක තුනක් අරං උඩු මහලට ඇදුනා.ආශවගෙ කාමරේට කිට්ටු වෙද්දි කාමරේ ඇතුලෙන් ඇහුණු හීන් කෙදිරි සද්දෙට බය වුණු නේත්‍ර අත් දෙකේ තිබ්බ බඩුත් අල්ලන් කාමරේ ඇතුලට දුවද්දි ආශව ඇද උඩ එහෙට මෙහෙට ඇඹරෙන ගමන් උන්නා.

"එපා.....නේත්‍ර......නේත්‍රව අරං යන්න එපා......"

ආශව ලගට ලං වුණු නේත්‍ර තේරුම් ගත්තෙ ආශව ඉන්නෙ හීනයක් දකින ගමන් කියලා.තේ කෝප්පෙයි,කේක් පීරිසියයි මේසෙ උඩින් තිබ්බ නේත්‍ර ඇද ලගට ඇවිත් ආශවගෙ කම්මුල් දෙකට තට්ටු කෙරුව නේත්‍ර බොහොම අමාරුවෙන් ආශවගෙ ඇස් දෙක ඇරවගත්තා.ඇස් ඇරලා කෙදිරි ගගා ටික වෙලාවක් වටපිට බැලුව ආශව තමන් ලගට වෙලා ඇසුත් බෝල කරං ඉන්න නේත්‍රව දැක්ක ගමන් නේත්‍රව තමන්ගෙ පපුවට තුරුල් කරගත්තෙ හරි තදින්.ආශවගෙ පපුව පුදුමාකාර වේගෙකින් ගැහෙන බව වගේම ආශවගෙ අතපය පවා වෙවුලන හැටි නේත්‍රගෙ පුංචි ශරීරෙට හොදටම දැනුනා.

"මගෙ නේත්‍ර.....මගෙ රත්තරං මාව දාලා කොහෙවත් යන්නෙපා"

"මම කොහෙ යන්නද සුදුබේබි..... මම ජීවත් වෙන්නෙම සුදුබේබි නිසානෙ"

"මම මගෙ නේත්‍රව රකින්නම්.....නේත්‍රට කරදරයක් නොවෙන්න......අනේ මාව දාලා යන්නෙපා"

"නෑ මගෙ සුදුබේබි.....මම ඉන්නවානෙ.....ඇයි සුදුබේබි බය උනේ?"

"නේත්‍රව කවුදෝ මගෙන් උදුරං ගියා නේත්‍ර....මම කෑ ගැහුවා එවෙලෙ එපා කියලා....නේත්‍රව අරං යන්න එපා කියලා....උන් ගියා....මම කිව්ව දේ අහන්නැතුව නේත්‍රව අරං උන් ගියා"

"ඇයි මගෙ රත්තරනේ අඩන්නෙ? මගෙ රත්තරං සුදුබේබි ඇයි අඩන්නෙ?"

"මගෙ පපුවට මොකද්ද උනා නේත්‍ර..... මම මැරෙයි උබ ඇති උනොත්...."

"අඩන්නෙපානෙ සුදුබේබි.....නේත්‍රටත් ඇඩෙනවා.... අහ්....අහ්ඩන්න......එ....ප්....පා.....සුදුබේබි"

"කාටවත් මම නේත්‍රව මගෙන් ඈත් කරන්න දෙන්නෑ නේත්‍ර....... මම මරාගෙන මැරෙන්න හරි නේත්‍ර එක්ක ඉන්නවා"

"මම.... සුදු...බේබිව දාලා යන්නෑ කවදාවත්..... මම ලොකු මිනිහෙක් නෙවේ ස්...සුදුබේබි.....මම ඒත් සුදුබේබි...එක්...එක්කම ඉන්නවා"

"මට ඉන්න ලොකුම මිනිහා ඔයා නේත්‍ර......ඔයාවත් දන්නෑ ඔයා මට කොච්චරනම් ලොකු හයියක්ද දෙන්නෙ කියලා....මම මිනිහෙක් විදියට අද ජීවත් වෙන්නෙ නේත්‍ර නිසා.....ඉස්සරහටත් මම ජීවත් වෙන්නෙ නේත්‍ර නිසා"

"නේත්‍රත්.....සුදුබේබි නැත්තං නේත්‍රත් නෑ"

"දැන් මමනෙ අඩන්නෙ ගත්තෙ.....දැන් මොකද මේ පුංචි මහත්තයා අඩන්නෙ?"

"සුදුබේබි....අඩ්.....අඩද්දි මට දුකයිනෙ"

"මමවත් දන්නෑ නේත්‍ර මම ඔයාට ආදරේ කරන තරම"

"ම්හ්හ්හ්....මාත් ආදරෙයි සුදුබේබිට.....මගෙ පණට වඩා"

ආශව අන්තිම ටික නේත්‍රව තද කරගෙන නේත්‍රගෙ කන් පෙත්තකට මුමුණද්දි රතු ගැහීගෙන එන ගමන් උන්නු නේත්‍රත් ආශවගෙ පපුවට ගුලි වෙන ගමන් ඒකට උත්තර දුන්නා.කාමරේ දොර ඇරලා තිබ්බ එක දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ගාණක් නොවෙද්දි නේත්‍ර තවත් ඩිංගක් ආශවගෙ පපුවට තුරුල් වුණේ ආශව තවමත් තෙවින්ගෙ ප්‍රශ්නෙන් පීඩා විදින බව තේරුණු නිසා.

"මගෙ සුදුපුතා ඇත්තටම සතුටින්"

කාමරේ ඇතුලෙ තමන්ගෙම ලෝකෙක උන්නු ප්‍රේමවන්තයො දෙන්නට දොරකඩ ලගින් වැටිලා,දැන් මොහොතාකට කලින් නැති වුණු හෙවනැල්ල මගෑරෙද්දි ඉරුගල්බණ්ඩාර මහ කුමාරිහාමි තමන්ගෙ ඇස් වලට උනපු කදුළුත් පිහිදන ගමන් පඩිපෙල බහිද්දි මහ කුමාරිහාමිගෙ දෙතොලතරෙ මදහසක් ඇදිලා තිබ්බා.

...................................................................................................

"මොන හු#තක්ද මන්දා......මෙවෙලෙම වැලලෙන්න එනවනෙ මොකෙක් හරි"

කාමරේ ඇද උඩට වෙලා හිටිය දිවාස පහලින් ඇහෙන ගෙදර විදුලි සීනුව නාද වෙන සද්දෙට කාමරෙන් එලියට ආවෙ ඇස් වල තිබ්බ කදුළුත් පිහිදන ගමන්.ආව මිනිහට පලු යන්න බනින ගමන් එලියට බැස්ස දිවාෂට එතකොටයි තේරුනේ දැන් හවස් ජාමෙත් එලඹිලා කියන එක.ආව වෙලේ ඉදලා උදේ උනු ප්‍රශ්නෙ ගැන හිත හිතම උන්නු දිවාෂට වෙලාව ගිහින් කියන එක තේරිලා තිබ්බෙ නෑ.

"හ්ම්ම්ම්"

ගේට්ටුව ඇරියම එලියෙ හිටිය මිනිහව දැක්ක දිවාෂගෙ මොලේ 'ගේට්ටුව වහලදාපං' කියලා කෑගැහුවත් දිවාෂගෙ සංවේදී හදවත කිව්වෙ වෙනම දෙයක්.හදවතට එකග වුණු දිවාෂ ඇතුලට එන්න නොකියා උනත් ගේට්ටුවෙන් ටිකක් එහාට වෙද්දි තෙවින් ගේට්ටුවෙන් ඇතුලට පය තිබ්බා.දිවාෂගෙ අවසරයක් නැතුවම ගේ ඇතුලට ගිය තෙවින් සෝෆාව උඩින් ඉදගනිද්දි දිවාෂ අත් දෙකත් බැදගෙන තෙවින්ගෙ ඉස්සරහින් හිටගත්තා.

"ඇයි ආවෙ?"

"ය්....යුගාන්....ප්ලීස්....මම කලේ වරදක් කියලා මම දන්නවා.ඒත් යු....."

"කරන්න තියෙන හැමදේම කරලා සොරි කිව්වට ඒ වැරදි හරිගස්සන්න බෑ තෙවින්....."

"ඒත් යු....."

තෙවින් දිහා බැලුව දිවාෂ තෙවින් කියන එක කණකට නොගෙන කුස්සිය පැත්තට යද්දි තෙවින් බිම බලන් ඇගිලි තුඩු මිරිකගත්තෙ දිවාෂ දැන් තමන් කියන දේකට ඇහුම්කන් දෙන්නවත් සූදානම් නෑ කියලා හිතුනු නිසා.අත් දෙක බැදන් විනාඩි කීපයක් දිවාෂ එනකං බලන් උන්නු තෙවින් ඇස් වලින් ගලන කදුළුත් එක්ක නැගිට්ටෙ දිවාෂගෙන් සමාව අරං මෙහෙන් යන්න හිතාගෙන.මොකද තෙවින්ට ඕනි වුණේ නෑ දිවාෂට කරදර කරන්න.ඒත් එක්කම මොකක් හරි උස්සන් සාලෙට ආව දිවාෂ තෙවින් ලගට ලං වෙද්දි තෙවින්ව ඉබේටම ආයෙමත් ඉන්දුනා.

"ආහ්හ්හ්....."

"දගලන්නෙ නැතුව ඉන්නවා!!! හපන්කම් කරගෙන ඇවිල්ලා.....මට තමා මල වදේ"

දිවාෂ හදන් ආව අයිස් පොට්ටනිය තෙවින්ගෙ ඉදිමිලා තියෙන දකුණු කම්මුලෙන් තියද්දි තෙවින් කෙදිරි ගෑවෙ වේදනාවටමයි.දිවාෂ ඇස් වලට උනපු කදුළු හංගගෙන අයිස් පොට්ටනියෙන් තෙවින්ගෙ කම්මුල තවලා ඊලගට එතනින් ඉදිමුම බහින්න පුළුවන් විදියෙ බාම් එකක් තැවරුවා.පැලිලා තිබ්බ තොල් කොනටත් බේත් ටිකක් දැම්ම දිවාෂ සද්ද බද්ද නැතුව එතනින් යන්න හදද්දි තෙවින් දිවාෂගෙ අතක් හයියෙන් අල්ලගත්තා.

"යුගාන් ප්ලීස්.....බනින්න හරි මාත් එක්ක කතා කරන්නකො"

"කතා කරන්න දෙයක් නෑ තෙවින්.පුළුවන් තරම් මම පැහැදිලි කලා.උබට ඒ කිසිම දෙයක් අහන්න වුවමනාවක් තිබ්බෙ නෑ.....මම කිව්වත් වගේ,උබ කරපු දෙයින් අර බැදීම් වලට කොච්චර රිදෙන්න ඇද්ද? ඉස්සරහට මොනා වෙයිද? කිසිම අයිඩියා එකක් මට නෑ"

"යුගාන්.....අනේ මට"

"මම බේත් දැම්මෙ මගෙ තියෙන මනුස්සකමට මිසක් වෙන දේකට නෙවෙයි තෙවින්! මෙතනට මම නාදුනන මනුස්සයෙක් ආවත් මම ඔය විදියට ඒ මනුස්සයට සලකනවා....එච්චරයි! දැන් ඔයා මෙතනින් යනවනම් ලොකු දෙයක්"

"යුගාන්...."

"යන්න කියලනෙ කිව්වෙ තෙවින්!!! එකපාරක් කිව්වම තේරෙන්නැද්ද?"

තෙවින්ගෙ අත ගසලා දැම්ම දිවාෂ හයියෙන් කෑගද්දි බිදෙන්න පුළුවන් අන්තෙටම බිදුණු තෙවින් ගේට්ටුවත් ඇරගෙන ගෙදරින් පිට වෙද්දි හිස් බැල්මෙන් බලන් උන්නු දිවාෂ හිටි තැනම ඇදගෙන වැටුනා.

.

.

.

.

.

"Awww......he's back"

"තෙව්......"

"My fav voice"

"උබේ කටහඩට පුළුවන් කොල්ලෙක්ව උනත් අඩවන්න"

"Damn voice with damn look"

"Aww.....my handsome boy"

"ඉක්මනට සිංදුවක් කියනකං බලන් ඉන්න මම"

"අයියෝ අද සුදුමාත්තයගෙ මූණ හරියට පේන්නෙත් නෑ"

"ඔව් අනේ අදුරුයිනෙ"

"C'mon man......"

"Fav man and fav voice"

තමන්ගෙ දුරකතන තිරේ එක දිගට වැටෙන කමෙන්ට්ස් බලන්නවත් පුළුවන් මට්ටමක නොයිදපු තෙවින්,ගමේ වැව ලග තියෙන පොඩි ගල්පොත්ත උඩට වෙලා ඉදගෙන ඈතට වෙනකං විහිදිලා තියෙන වැව දිහා බලන් උන්නා.වැවේ වතුර ලාවට කැලතෙන සද්දෙයි,ඉද හිට බස්සෙක් කෑගහන සද්දෙයි ඇරුනම එකපාරටම හමන හුලගට හෙලවෙන ගස් කොලන් වල සද්දෙ විතරක් තෙවින්ගෙ වටේ කැරකෙද්දි තෙවින් ඒ නිහඩ ලස්සන අගය කලා.අතේ තිබ්බ ගිටාර් එක දිහා බලලා ලොකු හුස්මක් ගත්තු තෙවින් ගිටාර් එක හෙමින් ගහන්න ගනිද්දි දුරකතන තිරේ හිර වෙන තරමට කමෙන්ට් ගලන් එන වග තෙවින් දැක්කෙ නෑ.

තමන්ගෙ අනාගත හීනෙ වෙන සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න තියෙන ආසාව නිසාම තෙවින් නුවර ආවට පස්සෙ ෆේස්බුක් ලයිව් හරහා විටින් විටේ මිනිස්සු හමුවට ආවා.කොලබ ඉන්න කාලෙ ඒ වගේ දෙයක්වත් කරන්න හොද මානසිකත්වයක් නොතිබ්බත් නුවර ආවට පස්සෙ තෙවින් ජීවිතේ විදින ගමන් හිටියා.දනිත් ශ්‍රී ගෙ 'එහෙම දේවල් නෑ හිතේ මගේ' සිංදුවට තෙවින් කෙරුව කවර් එකෙන් තෙවින් යම් තාක් දුරකට ජනප්‍රිය වෙද්දි තෙවින්ගෙ සමාජ ජාලා හඹායන්නොත් මේ වෙද්දි ටිකෙන් ටික වැඩි වෙන ගමන් හිටියා.

මාසයක් වගේ කාලසීමාවකදි ෆේස්බුක් ගිනුමෙ අනුගාමිකයො දාහෙ සීමාව පන්නද්දි තෙවින්ගෙ මේ ලයිව් වලට සාමාන්‍යෙන් නරඹන්නන් දෙදහසකට කිට්ටු වෙන්න සම්බන්ධ වුණා.තෙවින් තවම හිටියෙ මූලික පියවරේ උනත් තෙවින් සෑහෙන්නම මට්ටමක හිටියා.අදත් ඒ වගේම තෙවින් හදිසියෙ ලයිව් එකක් ගියේ හිතට දැනෙන තනිකම පාලුව මකාගන්නමයි.වෙනදා සිංදු කියන්න කලින් කට්ටිය එක්ක කතා කලාට අද තෙවින් නිහඩවම ඉදලා සිංදුව කියන්න ගනිද්දි,අදුරෙ ලාවට පේන තෙවින්ගෙ රූපෙ එක්ක වැඩියෙන් ඉස්මතු වෙන හඩට ඇහුම්කන් දෙන ගමන් උන්නු නරඹන්නො සමහරුන්ගෙ ඇස් මේ වෙද්දිනුත් පිය වෙලා තිබ්බෙ හඩේ තිබ්බ මිහිර විදගන්න තිබ්බ වුවමනාවට.

"සරා සඳේ ලියා

මාගේ හීනේ

හදේ රැඳී උන්නා

ඒ ආදරේ මේ යාමයේ

යන්නම් මතකෙන් හැබැහින් ආදරෙන්.......

යන්නම් මතකෙන් ආදරෙන්........

තරු පායා තිබුණත් රෑ

අහස පාලුවට ගිහින්

නුඹත් යන්න ගිහින් වත්දෝ

අමාවක වගේ.......

සඳේ අහපන්

මේ රෑ යාමේ මාගේ ඒ අන්දරේ

සඳේ සඳේ නුඹ කොයිදැයි කියපන්

මේ රෑ යාමේ මා තනියෙන් මේ ඉවුරේ.....

සරා සඳේ ලියා

මාගේ හීනේ

හදේ රැඳී උන්නා

ඒ ආදරේ මේ යාමයේ

යන්නම් මතකෙන් හැබැහින් ආදරෙන්

යන්නම් මතකෙන් ආදරෙන්.......

සඳේ ඉඳපන් තව වරුවක්

ඇවිදින් ළඟින්

සඳේ සඳේ නුඹ කොයිබද කියපන්

මේ රෑ යාමේ මා තනියෙන් මේ ඉවුරේ......

යන්නම් මතකෙන්......."

"What a voice"

"Awww......"

"Im die"

"මූ නම් ලොකුම ගමනක් යනවා ලොවෙත්"

"Cudumahattayaaaaa මම මලා"

"This vibe with his deep voice....wow"

"රිද්ම මේක ඇහුවනම් එහෙම මූ එක්ක කවර් එකක් කරනවා"

"වැඩ්ඩෙක්"

ආයෙමත් පාරක් දුරකතන තිරේ පිරෙන්න කමෙන්ට්ස් ගලාගෙන ආවත්,අදුරට තමන්ගෙ මූණ නොපෙනෙන එක වාසියට හරවගත්තු තෙවින් ඇස් වලින් ගලන කදුළු පිහිදගත්තා.නේත්‍රට පොරොන්දු වුණා වගේම තෙවින් නේත්‍ර ගැන හිතන අන්තිම දවස අද කියලා තමන්ටම සපථ කරගත්තා.මේ වෙලාවෙ අඩන්න කාගෙ හරි උරහිසක් තමන්ට ඕනි වුණත්, තමන්ගෙ කාලකන්නි තනිකමට සාප කරගත්තු තෙවින් කමිස උරහිසෙන් කදුළු පිහිදගත්තා.

"ඕහ්හ්හ්....අර කවුරුහරි පිටිපස්සෙ ඉන්නවා"

"Seriously!!!!"

"අඩෝ නුවර හොල්මන් ඉන්නවා හැබැයි"

"කොල්ලො පිටිපස්සෙ බලපං"

හැමෝටම ස්තූති කරන්න ඕනි නිසා දුරකථන තිරේ දිහා බැලුව තෙවින් ඒ වැටෙන කමෙන්ට්ස් එක්ක පිටිපස්ස හැරිලා බැලුවා.අදුරෙ උනත් තමන්ට හුරු පුරුදු ඒ රූපෙ හොයාගන්න බැරි කමක් තෙවින්ට නොවෙද්දි කටින් පිටවෙන්න ගිය ඉකිය ඉක්මනට නවත්තගත්තු තෙවින් ස්තූතිවත් නොකර ලයිව් එක ඉවර කරලා දුරකථනෙ ගල් තලාව උඩින් තිබ්බා.

"ය් .....යුගාන්?"

"යැයි යැයි යුගාන් තමා"

"යුගාන් ඇවිල්ලා?"

"සදේ මම මේ ඉවුරෙ තනියෙන්....සදෙ ටිකක් ඉදපංකො කියද්දි ගෙදෙට්ට වෙලා ඉන්න බෑනෙ....ඒකයි මේ ආවෙ"

සාක්කුවට අත් දෙකත් දාන් තෙවින්ගෙ පිටිපස්සෙ හිටන් හිටිය දිවාෂ කියද්දි තෙවින් නැගිටලා ගිහින් දිවාෂගෙ උඩ ඉදන් යටම අල්ලලා හයියෙන් කෑගැහුවා.

"යුගාන්!!! යුගාන් ඇත්තටම ඇවිල්ලා!!!"

"ඔව් ඔව් යකෝ....අහකට වෙයංකො වල්කං කරන්නැතුව"

තෙවින්ව අහකට කෙරුව දිවාෂ ගල්පොත්ත උඩින් ඉදගනිද්දි තෙවිනුත් දිවාෂ ලගින් ඉදගත්තෙ කදුළු පිරුණු ඇස් වලින් හිනා වෙන ගමන්.එකපාරටම පැනලා දිවාෂව තුරුල් කරගත්තු තෙවින් අඩන්න ගනිද්දි ලොකු හුස්මක් පහල දැම්ම දිවාෂ තෙවින්ගෙ පිටට තට්ටු දාන්න ගත්තා.

"මම තනි වෙලා කියලා හිතුනා යුගාන්....ඒක හරි භයානකයි"

"හ්ම්ම්ම්......"

"මාව දාලා යන්න එපා යුගාන් ප්ලීස්....මට....මට හැම දේටම වඩා යුගාන් මාව කෙයා නොකරද්දි රිදුනා යුගාන්"

දිවාෂගෙ උරහිසට ඔලුව තද කරන් අඩ අඩ තෙවින් කියද්දි දිවාෂගෙ අනික් අත නිරායාසයෙන්ම ගියේ තෙවින්ගෙ ඔලුවට.තෙවින්ගෙ ඔලුව අතගෑව දිවාෂගෙ අතේ පහස දැනෙද්දි තෙවින් තව හයියෙන් අඩන්න ගනිද්දි සද්දයක් නැතිවම දිවාෂ තෙවින්ව සන්සුන් කරන්න උත්සාහ ගත්තා.තෙවින් හයියෙන් අඩලා පීඩනේ පිට කරගනිද්දි නුවර හුලගෙ මුහු වෙලා ආව පොකුරු පිච්ච සුවදක් ඉලන්දාරි දෙන්නගෙ ඇගේ හැපීගෙන ගියා.වැව් ජලේ මතට වැටිලා තිබ්බ හද එලිය දිහා බලලා ලාවට හිනා වුණු දිවාෂ හෙමීට තෙවින්ගෙ කන ලගට පාත් වුණා.

"මම යන්නෑ....මම ඉන්නම්"

දිවාෂ හෙමීට මිමිණුවා.

...................................................................................................

වචන 3750+😪❤️

කතාව ගැන අදහසක් කියන් යන් බබාලා🥺❤️

හොද ඇති කියලා හිතනවා❤️

යන්නම් මතකෙන්....මම ආසම සිංදු ලිස්ට් එකෙ උඩමම තියෙන එකක්🥺❤️ පිස්සුවක් ඒක❤️

(නේත්‍ර පිස්සුවෙන් වගේ හැඩ බැලුවෙ මේන් මේ සුදුබේබිගෙ නොවැ🤭❤️)

එහෙනම් කැමීලියා ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා 🏵️❤️

Share This Chapter