Back
Chapter 59

58 කොටස🤍✨

නිවාලන්න මා...

"දිවාෂ පුතා.... හවුස් එකේ වැඩ ටික හරිනෙ?"

"නේත්‍ර පුතා.... කෑම ටිකට ඕඩර් එක දුන්නනෙ? ටයිම් එකටම ඒ ටික ලැබෙයි නේද අපිට?"

"නිමේත් පුතා....හෙට රිලේ ඉවෙන්ට් ටිකට ඉන්න කට්ටිය ලෑස්තියි නේද?"

"කාර්තික් පුතා.....කෝ මේ ලමයා?"

"දිවාෂ පුතා!"

"නේත්‍ර පුතා!"

"නිමේත් පුතා!"

"කාර්තික් පුතා!"

"දිවාෂ අයියෙ!"

"නේත්‍ර අයියෙ!"

"නිමේත් අයියෙ!"

"කාර්තික් අණ්ණා!"

"දිවාෂ මල්ලි!"

"නේත්‍ර මල්ලි!"

"නිමේත් මල්ලි!"

"කාර්තික් මල්ලි!"

"දිවාෂ!"

"නේත්‍ර!"

"නිමේත්!"

"කාර්තික්!"

"ආආආආආආආආආආ නවත්තපල්ලාආආආආආආආ!!!! මට ස්ට්‍රෙස් යකෝඕඕඕඕඕඕඕඕ!!!!"

මම බැරිම තැන කන් දෙකත් වහන් පිට්ටනිය මැද්දෙ සිහි නැතුව ඇදගෙන වැටුනෙ ඒ ලගම දෙවින් පණ ඉදන් හිටිය නිසා.දෙවින් පණගෙ ඔඩොක්ක උඩට සිහි නැතුව ඇදගෙන වැටුණු මම ඇහැක්වත් අරින්නැතුව ඇත්තටම සිහි නැති උනා වගේ රගපාන්න ගත්තෙ ටික වෙලාවකට හරි මේ කන්කරච්චල් වලින් බේරෙන්න හිතාගෙන.

"දිවාෂ අයියට කලන්තෙ දාලද?"

"දෙවින් අයියෙ.....අනේ ඇත්තටම කලන්තෙ දාලද කියලා හොලෝලා බලන්නකො ටිකක්"

පරට්ට පොඩි පගයා! යකෝ මිනිහෙක් මැරිලා වැටුනත් මූ හොලවලා බලන්න කියයි පණ තියෙනවද කියලා හොයාගන්න.සක්කිලියගෙ කටට ගොම් බෙට්ටක් ඔබන්න හිතුනත් දැන් ඒකට නැගිට්ටොත් ආයෙමත් වැඩ කියාගෙන ගුරුවරුයි ,අයියලයි ,මල්ලිලයි ,අපේ වයසෙ උනුයි පස්සෙන් එන නිසා මම සිහි නැති විදියටම හිටියා.දෙවින් පණත් මාව ඔඩොක්කෙ තියං ඌ කර කර හිටිය වැඩේ කරගෙන යද්දි විනාඩි ගාණකට පස්සෙ මට තේරුණා මොකෙක් හරි මාව උස්සලා ඉන්දවගෙන ඇගකට හේත්තු කරවගන්නවා.

"යුගාන්! ඇති දැන් සිහි නැති වෙලා හිටියා....කෝ කට ඇරලා මේක කාපංකො"

සිහි නැති උනු මිනිහෙක්ට කට ඇරල කන්න පුලුවන්ද පගෝ කියලා අහන්න හිතුනට මම කට පුක පියාගෙන හිටියෙ ඇත්තටම ඇස් අරින්න තිබ්බ කම්මැලි කමට.ඒත් එක්කම තෙවිනයා මගෙ නාහෙ ඉස්සරහින් ගෙනාව කෑම එක අල්ලනවා මට තේරුනා.අම්මටසිරි හොට්ඩෝග් එකක්! නාහෙට අල්ලලා සුවද දන්නෝපු මූ ඊලගට ඒක මගෙ කටේ ගාවනවත් තේරුනා.

"සිහි නැති උනාට කමක් නෑ යුගාන්....ඇස් වහගෙනම කට ඇරලා මේක කාපං! කාටවත් තමුසෙව පේන්නෑ.මට වැහිලා ඉන්නෙ උබ"

ඔච්චරටම ඉතින් වද දෙද්දි නොකා ඉන්න බෑනෙ.මම කියන්නෙ, සිහි නැති උනු මිනිහෙක් උනත් මටත් කියලා අනුකම්පාව එහෙම දැනෙනවනෙ.මම කට අරිද්දි තෙවින් මට බනිස් ගෙඩිය ටිකෙන් ටික කවලා ඉවර කලා.ඒ කරලා මම ආයෙ දෙවින් පණගෙ ඔඩොක්කට වැටෙන්න ගියත් තෙවින් මගෙ කටට බීම බටයක් එබුවා.බීම එකත් බීලා ඉවර උනු මම ගුඩුස් එකකුත් ඇරලා ආයෙ පිට්ටනිය උඩට පත බෑවෙද්දි දෙවින් පණ මගෙ ඔලුව අල්ලගෙන ඒකාගෙ කලවයක් උඩින් මගෙ ඔලුව තියාගන්නවත් මට තේරුනා.ඇස් පියන් හිටියට මට ඔක්කොම දැනෙනවා හරිත?

හෙට මීට් එක.අද ඉතින් රෑ වෙනකංම වැඩ කිරිල්ලක් තමා තියෙන්නෙ.දැන් හවස හතරට විතර ඇති.මල පයිනම වැඩේ කියන්නෙ හවුස් එක පලාතකවත් නාව සමහර ටීචස්ලා සර්ලා අද ඇවිත් කලර්ස් දාන එක.ඒ මිනිස්සු අපේ හවුස් එකේ කියලා දැනගත්තෙත් අද.කටට එන වචන එලියට නොපන්නවගෙන කට වහං හිටියෙ ගුරු ගෞරවේ කියන එකේ අංශුමාත්‍රයක් හරි මගෙ හිතේ තිබ්බ නිසා.නැත්තං දනී මම කොරන වැඩේ.නේත්‍ර, නිමේත්, කාර්තික් වගේම කමිටි එකේ අනික් කොල්ලොයි හවුස් එකේ ඔක්කොමල්ලා එක්කයි හැම වැඩක්ම පිලිවෙලට කරලා ඉවර කරලා තියෙද්දිනුත්, කෑ ගහන ගුරුවරු එක්ක මල පයින එක සාධාරණයිනෙ ඉතින්.ඒත් පලවෙනි පත් වීම අරං අපේ ඉස්කෝලෙට ආව ටීචස්ලා සෙට් එකයි,තව පරණ ටීචස්ලා සර්ලා වගේකුයිනම් මුල ඉදන්ම අපිට මාරම සප් එකක් දුන්නා.

උදේ ඉදන්ම අපි හතර දෙනාට හුස්මක් ගන්න වෙලාවක් තිබ්බෙ නෑ.ආසවයනම් එක හමාරට දෙකට විතර නේත්‍රව ඇදගෙන ගිහින් බත් කවලා ආයෙමත් පිට්ටනියට එවලා තිබ්බා.නේත්‍රව වදේටම මාත් දෙනෙත් අයියා එක්ක ඉස්සරහ කඩේට ගිහින් රයිස් එකක් කාලා ආවා.නේත්‍රයා කිව්ව දේත් ඇත්ත.මොන දේ කරන්නත් අපි කට්ටිය පණ ඇතුව ඉන්න එපායෑ.

ඇත්තටම මේ වෙලාවනම් හෙනම කාලගෝට්ටියක් වෙලා තිබ්බෙ ග්‍රවුන්ඩ් එකම.එක පැත්තකින් කැඩෙට් එකේ උන් මාච් එක පුරුදු වෙනවා.අනික් පැත්තෙන් ආර්ය බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරවනවා.අද උදේ ඉදන් පැය හතරක් විතරම කැඩෙට් එකේ සාජන් කාරයා හවුසස් වලින් මාච් එකට ජොයින් වෙන ලමයි ටිකව ග්‍රවුන්ඩ් එකට දාගෙන මැරෙව්වා.අන්තිමේ ඌටම මාච් එක සෙට් කියලා තේරුනාට පස්සෙ තමා අපිව නිදහස් කලේ.ඒත් තාමත් කැඩෙට් එකේ ප්‍රැක්ටිස් පැත්තෙනම් චටාස් ගාන සද්ද ඇහෙනවා.සාජන් කාරයගෙ අතේ කොයි වෙලෙත් තියෙන රීප්ප පටියෙන් ඌ කෙලිනවද කොහෙද කොල්ලන්ට.

සාමාන්‍යෙන් නුවර තියෙන හුගක් ඉස්කෝල වලට වඩා අපේ කල්චර් එක වෙනස් හින්දා නුවරම මිනිස්සුන්ගෙ ඇස් අපේ ඉස්කෝලෙට වැදිලා තිබ්බා.පලවෙනිම දේ අපේ ඉස්කෝලෙ සුද්දා හැදුව ඉස්කෝලයක්නෙ.ඉතින් කතෝලික ඉස්කෝලයක් කියන සීල් එක පට්ටෙටම අපිට වැදිලා තිබ්බා.ඒකෙ වරදකුත් නෑ ඉතින් අපේ ඉස්කෝලෙ මුලසුන් සෑහෙන්නම කන්ට්‍රෝල් කරන්නෙ ෆාදස්ලා.එහෙමයි කියලා අපේ ඉස්කෝලෙ බෞද්ධ ලමයිට වෙනස්කමක් කලේ නෑ.හැම ආගමකටම සම තැන තිබ්බා.ඉස්කෝලෙ ඇතුලෙ පල්ලියක් වගේම ලොකු බුදු මැදුරකුත් තිබ්බා.සිකුරාදට මුස්ලිම් ලමයිට පල්ලි යන්න එක හමාරට කලින් ඉස්කෝලෙන් යන්න අවසර දීලා තිබ්බා.තෛපොංගල් පවා සැමරුවා.කාටවත්ම අඩුවක් කරලා තිබ්බෙ නෑ.

ඉතින් ඔය හැම හේතුවක් හන්දම අපේ ඉස්කෝලෙ මොන ඉවෙන්ට් එක තිබ්බත් මිනිස්සු ඒ ගැන මාරම විමසිල්ලකින් ඉන්නේ.අපේ ඉස්කෝලෙ ස්පෝට්ස් මීට් උනත් දෙකක් තියේ.ප්‍රයිමරි එකේ අයගෙ එක වගේම අපේ එක.ප්‍රයිමරි එකේ අයගෙ මීට් එක අපේ එක තරම් ලොකුවට නොගත්තට අපේ මීට් එකටනම් නුවරම සලිත වෙලා යනවා.හැම ඉස්කෝලෙකින්ම වගේ ලමයි එනවා.වලි සෙට් වීගෙන එනවා.ඉස්කෝලෙ නම්බුව කාගන්න බැරි නිසා අපේ උන් මීට් එක ඉවර වෙනකං ඉවසනවා.ඊට පස්සෙ දවස් දෙක තුනක් ඇතුලත නුවර කොහෙ හරි ලෙසටම වලියක් යනවා.ආයෙ අහන්න දෙයක් නෑ ඒ අපේ උන් පලිගන්න ගිහින් තමා.

කෝමහරි අපේ මීට් එක,බිග් මැච් එක,මියුසික් නයිට් එක, රගර් මැච් එක, කලර්ස් නයිට් එක පට්ටම ලොකුවට කරන නිසා අපි උනත් ඒවගෙ වැඩ ටිකක්වත් වරදින්නෙ නැතුව කරන්න ට්‍රයි කරනවා.මොනා උනත් ඒ හැම දෙයක් එක්කම අපේ ඉස්කෝලෙ නම රදා පවතිනවා.අනික රගර් මැච් එක එහෙම ගහන්නෙත් කොලබ තියෙන හොදම ඉස්කෝලයක් එක්ක නිසා කොලඹ උන් පවා ඒ කාලෙට අපේ එක ගැන නෝට් එකේ ඉන්නෙ.කොලඹම එක පැත්තක් අරං අපිට පාට් එක දාද්දි මොනා උනත් නුවර උන් ටික අපිට සප් එක දෙනවා.හැබැයි කොලඹ ඔය කියන එකට වඩා ගේම් එක වැඩි කොලඹම වෙන ස්කූල් එක්ක රගර් ටීම් එක එක්ක.උන්නම් අම්මෝ....මැචස් සෑහෙන්න ඩ්‍රෝ වෙලා තියෙනවා අපේ එකයි උන්ගෙ එකයි ගහද්දිනම්.සමානවම වගේ දිනලා තියෙන්නෙත්.මොකද්ද ඉස්සරහින් ඉන්නෙ කියලා හිතන්න බෑ රගර් පැත්තෙන්නම්.ඒ කාලෙ අපේ එකේ අයියලා එහෙම රගර් මැච් එක වෙලාවට පිට්ටනියට බහින බැහිල්ලට පවා අනික් ටීම් වල උන් ගැස්සෙනවා.අන්න මොරාල් අරං ගැම්මටම ඉන්න මිනිස්සු.පිට්ටනියට බැස්සම යක්කු වගේ.දිනන්නැතුව අතාරින්නෙම නෑ.මේ පාරත් රගර් මැච් එක බලන්න යන්නෝනි හැබැයි.

රගර් ටීම් එකේ උන් නිකං අලි කදයො වගේ හිටියට ක්‍රිකට් ටීම් එකේ උන් ඒ වගේ සයිස් නෑ.දැන් ආසව උනත් ඇග ගාණට හදන් උසට ටිකක් අර කෙට්ටු වගේ ලුක් එකටනෙ ඉන්නෙ.පිටි ගුලි ගිලලා ගල් කාලා වගේ ඇග ලොකු නෑනෙ.ක්‍රිකට් ටීම් එකේ ආසවයා වගේ සයිස් උන් පවා ඉන්නෙ හයක් විතර.අනික් උන් ටික හරි පොඩි සයිස්.මම තරම්ම පොඩි සයිස් නෑ.ඒත් ආසවලා එක්ක බලද්දි පොඩි සයිස්.රගර් ටීම් එකයි ක්‍රිකට් ටීම් එකයි එක ලග හිට්ටුවාම දස මහ යෝධයොයි රජ කුමාරවරුයි වගේ.කුමාරවරු සයිස් නෑනෙ දසමහ යෝධයො තරම්.

කෝමහරි මීට් එක ඉවර වුනාට පස්සෙ ආයෙ ඉස්කෝලෙ වැඩ වලට නැහෙන්නෝනි.ඊලගට බඩු පත්තු වෙන්නෙ මාර්තු වලදි.මාර්තු වල බිග් මැච්.ඒකට කොහොමත් මේ පාර අපිට මහන්සි වෙන්න වෙයි.කතාවක් තියෙනව මීට් එක ඉවර උනාම නොමිනේට් ස්කූල් ඔෆිසස්ලා දානවා කියලා.ඉන්ටවිව් තිබ්බනෙ ගිය අවුරුද්දෙ නොවැම්බර් වල.බලමුකො.ඒකට තේරුනොත් බිග් මැච් එකේ වැඩත් කර උඩට වැටෙනවා.ඔක්කොටම කලින් මීට් එකේ වැඩ ටික හරියට කරගන්න එපායෑ.මම බැරි බැරි ගාතෙ උනත් දෙවින් පණගෙ ඔඩොක්කෙන් නැගිටලා තෙවින්ගෙ ඔලුවටත් පාරක් ගහන් හවුස් එක පැත්තට ඇවිදන් ගියා.

"මුන්ගෙ අම්මට.....යකෝ!!!"

යසයි යසයි බේසික පොඩි පගයා.හවුස් එකේ කොල්ලන්ට ගෙනාව බීම එකක් බෝතලේ පිටින්ම මූ වෙන හවුස් එකක එකෙක්ට පොවනවා නේද? ආ....බීම පොවන එකා,බීම බොන එකාගෙ නංගිට ටෝක් කරනවා නේද? යසයි යසයි මස්සිනාව යාලු කරගන්න හදන්නෙ හවුස් එකේ උන්ගෙ බීම පොවල නේද? මල පැන්න මම ලගට ගිහින් දෙන්නගෙම පුපවල් වලට පාරක් ගහලා පන්නද්දි අපේ හවුස් එකේ එකා මූණත් බෙරි කරං හවුස් එක ඇතුලට රිංගද්දි අනිකනම් දිව්වා.යකෝ තවම දහය වසරෙ, ලයින් දාන්නෙ නවය වසරෙ එකියක්ට.කටේ කිරි සුවද ගිහින් නැති මුන් සී මෝ...

උන්ට හිතෙන් බැන බැන එද්දි අපේ උන් ටික හෙට බොන්න ගේන්න කතා වෙනවා.බීලා ඕකුන් නටන ජවුසම් දැක්කොත් එහෙම සුද්දො නැගිටලා අපිට කෙලලා ආයෙ වලවල් වලට බහින්නෙ මේ වගේ ඉස්කෝලයක් තොපිට හැදුවටත් පාඩුයි කියලා.ඔක්කොටම කලින් අරක්කු ටික කටේ ගහගත්තම සෝක්.මට හොදට මතකයි ගිය පාර දෙනෙත් අයියලෑ එකේද කොහෙද අයියා කෙනෙක් ස්තූති කතාව කරන්න ඕනි වෙලා ස්ටේජ් එකටත් නගින්න යන්න හැදුවා මොනාහරි ජරාවක් කටේ ගාලා.අන්තිමේදි ගැරට් එකේ උන් ඌව හවුස් එකේ බිම දිගා කරෝලා උගෙ ඇග උඩුන් දෙතුන් දෙනෙක්ව ඉන්දෙව්වලු නැගිටින්න බැරි වෙන්න.

මම අපේ හවුස් එකේ උන්ටත් හෙනම දේශනයක් දීලා එලියට බහිද්දි පිටිපස්ස බල බල හොර වැඩක් කලා වගේ ආව නේත්‍ර එහෙම්මම මගෙ ඇගේ හැප්පෙද්දි මම නේත්‍රට වැටෙන්න නොදී හයියෙන් අල්ලගත්තා.මොකද අහන්න මූණ බලද්දි නේත්‍ර ඇසුත් ලොකු කරන් නේත්‍රගෙ ඇගිල්ලක් පෙන්නුවා.

"මොනා වෙලාද ඔය? ලේත් එනවනෙ නේත්‍ර"

"උණ බටේකට කැපුණෙ දිවාෂ....ඊයෙ පිච්චිලා තිබ්බා මෙතන.ඒ පොක්කලම උඩින් තමා උණ බම්බුවෙ දාරෙ ගියා.කැපුනා ඒ හන්දා"

"මෙහෙ එන්න යන්න.බේත් ටිකක් දාගමු.මොනා වෙලාද පිච්චුනේ?"

"පහන්තිර පැකට් කරන්නෙ ඉටිපන්දම් දැල්ලෙන්නෙ දිවාෂ.ඊයෙ මහන්සි නිසා මට එකපාරටම පැකට් එකක් ගගහා ඉද්දි නින්ද ගිහින්.ඇගිල්ල ඉටිපන්දම් දැල්ලට අහු උනු පාර තමා මට ඇහැරුනෙ"

"බේත් දාගත්තෙ නැත්තෙ ඇයි?"

"කෝමාරිකා ඩිංගක් ගාගත්තා විතරයි දිවාෂ.මම හිතුවෙ නෑ මෙහෙම ලොකු දෙයක් වෙයි කියලා.සුදුබේබිට කිව්වෙත් උදේ එමින් ගමන්.බේත් දාගන්න තැනක් නොතිබ්බ හන්දා සුදුබේබි ඉස්කෝලෙට ඇවිත් බේත් ටිකක් දැම්මා......දැන් ටිහකට කලින් අත තෙමුණ නිසා මම ඒ බැන්ඩේජ් එක අහක් කලා.ඒ ටිකට තමා මේක කැපුනෙ"

"බැන්ඩේජ් කෑල්ල අහක් කලානම් ඇවිත් කියන්න එපායෑ නේත්‍ර.ආසවයා දැක්කොත්නම් බනියි"

"අනේ සුදුබේබිට කියන්නෙපා දිවාෂ හොදද? සුදුබේබිට කේන්ති යයි.ඊටත් වඩා දුක හිතේවි.ඒ හින්දා කියන්නෙපා හොදේ"

"ඔය බෝල ඇස් වලට නේද ආසවයත් අහු උනේ? බලපං ඉතින් ඇසුත් බෝල කරං ඔහොම කියද්දි බෑ කියන්න බෑනෙ මෙලෝ උපන් මිනිහෙක්ට"

"හි හී"

මම නේත්‍රව හවුස් එක ඇතුලට එක්කන් ගිහින් බේත් දාද්දි මගෙ පපුවටත් ලොකු වේදනාවක් ආවා.නේත්‍ර දැන් ඉස්කෝලෙ වැඩ කරනවට අමතරව ගෙදෙට්ට වෙලා පුංචි පුංචි වැඩ කරන බවත් මම දැනගෙන හිටියා.මේ අහිංසකයා කම්පනි එකක් ඔය දෙන පහන්තිර හදලා පැකට් කරන එක,පැන්සල් පැකට් කරන එක,කඩදාසි කවර අලෝලා දෙන එක වගේ වැඩ කරලා ඒව ඒ කම්පනි එකටම දීලා පොඩි ගාණක් හම්බ කරගන්නවා කියන එක මම වගේම ආශවත් දැනන් හිටියා.නේත්‍රට ඕනි වෙලා තිබ්බෙ පුංචි හරි හයියක් ආශවට දෙන්න.ආශව ඒකා වෙනුවෙන් කරන වියදම් වලින් ඩිංගක් හරි අඩු කරවන්න.මම දන්නෑ.මම මුන් දෙන්නගෙ ආදරේට පට්ටෙටම ලව්.එච්චරයි!

කොහොමහරි රෑ දහයත් පහු වෙන වෙනකං හැම හවුස් එකකින්ම අපේ වයසෙ උනුයි අයියලයි සෑහෙන ගාණක් ඉස්කෝලෙ නතර වෙලා හවුසස් හදන වැඩයි ග්‍රවුන්ඩ් එක හදන වැඩයි,ටෙන්ට් ටික ගහන වැඩයි ඔක්කොම කරලා ඉවර කලා.ආසවයි දෙවින් පණයිත් හිටියෙ පට්ටෙටම හිර වෙලා.කොහොමත් හෙට වැඩේ ටිකක් හරි ගැස්සුනොත් ඕකෙ සම්පූර්ණ වරදම එන්නෙ ආසවගෙ පිටට.ඌට ගුරුවරයෙක්වත් නොබනින එක වෙනම දෙයක්.ඒත් වැඩේ ගැස්සුනොත් ඒක ආසවයගෙ ගරුත්වෙට හෙනම හානියක් විදියට ඌ හිතන්නෙ.ඒකෙ වරදක් නෑ.ආසවයා කරන හැම වැඩේම ලොකුවටම පිලිවෙලටම කරනවනෙ.පේනවනෙ ලව් එක උනත්....ලෝකෙටම ඉන්නෙ මේ වගේ එකයි.ඌ ඒකෙනුත් හොදම එකක් සෙට් කරගත්තනෙ.

කොහොමහරි රෑ වැඩ ඉවර කරලා එහෙම්මම පිට්ටනියෙ කොනක ගල් තුනක් තියලා ලිපක් පත්තු කරලා කොත්තු මී පැකට් සීයක් විතර කඩලා දෙපාරකට උයලා ගත්තා ලොකු සාස්පානක.ඉස්කෝලෙ තිබ්බ ලොකුම සාස්පානද කොහෙද ඒක.අන්තිමේ ඒවත් කාලා කට්ටියම ගෙවල් වලට යන්න පිටත් වෙද්දි දෙනෙත් අයියගෙ ගෙදර වාහනේ ඇවිත් තිබ්බ නිසා දෙනෙත් අයියා අපි හැමෝටම යන්නම් කියලා ඉස්සෙල්ලාම ගියා.තාම දෙවින් පණ දෙනෙත් අයියා එක්ක නෝ කතා.ඒ උනාට දෙනෙත් අයියා වාහනේට නගිනකංම හොරා වගේ පස්සෙන් ගිහින් වාහනේ ඉස්කෝලෙ පාරෙ වංගුවෙන් නොපෙනී යනකංම බලන් ඉදලා දෙවින් පණ ආව හැටි මම හොදටම දැක්කා.

නේත්‍රටනම් මහන්සියටම බාගෙට නින්ද ගිහින් වගේ තිබ්බෙ.ආසව නේත්‍රව අල්ලගෙන බයික් එකට නග්ගෝලා ටැප් එකකින් ලේන්සුව තෙමන් ඇවිත් නේත්‍රගෙ මූණම පිහිදැම්මෙ නිදිමත නැති කරන්න වගේ.මොකද දැන් කට්ටියම ගෙවල් වලට යන්නෙ බයික් වල.බයික් එකේ නින්ද යන එක එච්චර හොද දෙයක් නෙවේනෙ.ආසවයට බය හිතිලද කොහෙද නේත්‍රව අන්තිමට උස්සගෙන ටැප් එක ලගට අරං ගිහින් මූණ හොදට සෝදවගෙන ආවා.කොහොමත් මූණ හෝදවපු එක හොදා.නැත්තං එහෙම අර අහිංසකයගෙ මූනෙ පලු දායි මුගෙ හඩු ලේන්සුවෙ තිබ්බ විසබීජ වලට.

දෙවින් පණ බයික් එකට නැගලා මම දිහා බැලුවත් මම ඒක නොදැක්කා වගේ තෙවිනයගෙ බයික් එකට ගියේ ඇයි කියලා මම දන්නවා හරිත? තෙවින් හයියෙන් යන නිසා තමා මම ඒකට නගින්න ගියේ.නැතුව වෙන එහෙකට නෙවේ.ආසවයා නේත්‍රවත් බයික් එකට නග්ගෝගෙන මට බායි පාරක් දීගෙන දෙවින් පණටත් යන්නම් කියාගෙන තෙවින් දිහා බලන්නෙවත් නැතුව ගියා.හොද වැඩේ මේ පගයට ඇත්තටම.එපා කියන හුත්තවල්මනෙ කරන්නෙ.

මම බයික් එක ලගට වෙලා මහසොහොන් දිස්ටිය ගැහුව එකා වගේ හිටන් ඉද්දි තෙවින් මගෙ ඔලුවට හෙල්මට් එකක් දාලා ඒක ලොක් කලා.ඇත්තටම උගෙයි මගෙයි මූණු දෙක සෑහෙන්න කිට්ටුවෙන් තිබ්බෙ.අපි හිටිය තැනට යාර දෙක තුනක් එහාට වෙන්න තිබ්බ ලයිට් කණුවෙන් වැටුණු එලිය ඇරෙන්න වෙන එලියක් නොතිබිච්ච තැන තෙවින් හෙල්මට් එක ලොක් කරන්න සෑහෙන්නම කිට්ටු උනා.ලොක් එක දානවත් එක්කම උට මම උගෙ මූණ දිහා කන්න වගේ බලන් ඉන්නවා තේරිලාද කොහෙද ඔලුව උස්සලා බලද්දි මම සාගතේකට අහු උනු එකෙක් බනිස් ගෙඩියක් දිහා බලන් ඉන්නවා වගේ මූ දිහාම බලාගෙන හිටියා.

"හච්චෝංං!!!"

තෙවින්ගෙයි මගෙයි ඇස් මෙහෙම යාවෙලා තියෙන එක දරාගත නොහැකි තැන මම හෙන ගැම්මට පත බොරු හැච්චිමක් ඇරියා.ආවා මෙතන මූණෙ මගුලක් බලන්න.අසහනකාරයා.මේ රෑක දිවාස පුම්තා වගෙ සැස්සි කොල්ලෙක් දැක්කම මුට නැගලා මට කරදරයක් කලොත් එහෙම? මට මැවිලා පෙනුනා අපේ අම්මා ඔලුවත් අල්ලගෙන අර ඉන්දියන් නාට්‍ය වල ඉන්න ගෑනු වගේ "දෙවියනේ!!! මගෙ දරුවා දැන් පිරිසිදු නැහෑ!!! දෙවියන් වහන්සේ අපිට ශාප කරාවි!!" කියලා කෑ ගහනවා.එතකොට මම මගෙ ආදරණීය මව් තුමියගෙයි පිය තුමාගෙයි දෙකකුල් අල්ලගෙන වැලපෙනවා.

"ඔයාලගෙ දරුවට සමාව දෙන්න අම්මේඒඒඒඒඒඒඒඒඒ!!! අප්පච්චීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ!!!"

එතකොටම අපේ අප්පච්චි මගෙ බෙල්ලෙන් අල්ලලා එලියට ඇදගෙන යනවා මාව.මම මගෙ බඩ ගෙඩියත් උස්සගෙන කෑ ගගහා අප්පච්චිගෙ පස්සෙන් ඇදිලා යනවා.අප්පච්චි මාව බෙල්ලෙන් අල්ලලා එලියට දානවා.මම කැරකිලා කැරකිලා වැටෙන්න යනවා වගේ දහඅට සන්නියක් නටනවා.ලග මල් පෝච්චියක් තියනවා.මම කැරකිලා ඇක්ටින් පාර වැඩි වුණු තැන ඒ පැත්තට විසික්කෙලා ගිහින් මල් පෝච්චියෙ බඩ ඇනෙන්න යද්දිම තෙවින් වීරයෙක් වගේ ඇවිල්ලා මාව අල්ලගන්නවා.

එතකොටම හෙනටම හුලං ගහනවා.අර දේවාල වල සීනු හෙල්ලෙනවා.ඒ අස්සෙන් "දාරේ දාරේ ජිම්ත ජිම්ත දර දාරේ දාරේ රා" ගාලා සෝකානුකූල ගතිය මික්ස් වුණු ආතල් මියුසික් එකක් ප්ලේ වෙනවා.හොදට පායලා තිබ්බ අහසෙන් අකුණු කොටන්න ගන්නවා.ඒත් එක්කම අර ඇනිමේෂන් සීයක් විතර සෙට් කරලා ඈන්ගල් දහය දොලහකින්ම "දහ් දහ්" මියුසික් එක එක්ක අපේ අම්මගෙ මූණ පෙන්නනවා.ඊලගට ඒ වගේම අප්පච්චි ඇසුත් ලොකු කරන් හුලං පිඹින මූණ පෙන්නන්නවා.අම්මගෙයි අප්පච්චිගෙයි මූණු දෙක එක රාමුවකට අරං කළු සුදු කරලා පෙන්නනවා.

"යුගාන්, බයික් එකට නැගපං"

ටිකක් ඉන්න අනේ කෑ නොගහා.ඊලගට අප්පච්චි මම ලගට කේන්ති ගිහින් වගේ එනවා.අම්මා අර සිංදූර් එහෙම ගාලා සාලුවකුත් ඔලුවෙ ඉදන් දාගෙන තාලෙට දුවං ඇවිල්ලා අප්පච්චිගෙ අතෙ එල්ලිලා "යන්නෙපා...යන්නෙපා....න්නෙපා....න්නෙපා...නෙපා...නෙපා....පා....පා.....ආ.....ආ...." කියලා කෑ ගහනවා.අප්පච්චි අම්මවත් පැත්තකට තල්ලු කරලා දාලා මම ලගට ඇවිත් මට ගහන්න අත උස්සද්දිම තෙවින් මැද්දට පයිනවා.පැනලා කෑ ගහනවා.

"කුමාරයට අත තියන්න එපාආආආආආආආආආආආ!"

මම මගෙ බඩත් අල්ලන් එකාතකින් ඔලුවත් අල්ලන් විලාප....පොඩ්ඩක් ඉන්න.මට කොහෙන්ද බඩක්? බඩ වෙන්න මම ගෑනියෙක්යෑ.ඕන්නැති ලබ්බක් මෙච්චර වෙලා හිතුව එකට කේන්ති ගිය මම එහෙම්මම තෙවින්ගෙ පිට පුපුරන්න පාරක් ගහලා උගෙ උරහිසෙන් අල්ලගෙන බයික් එකට නැග්ගා.ඔක්කොටම මුල මේ පගය තමා.මෙතන ආවා මූණ දිහා බලන් ඉන්න.

මුගෙ බයික් එලවිල්ල ගැන ආයෙ කතා කරන්න ඕනි නෑනෙ.යනවා ආයෙ නෑ බබා හම්බෙන්න ගෑනි ලේබ රූම් එකේ ඉදන් කෑ ගහද්දි ගෑනිගෙ විලාපෙ අහන් ඉන්න යන මිනිහා වගේ.මහ රෑ හන්දා පාරෙ වාහනත් වැඩිපුර නෑ.රෑ කියලා මතක් උනු නිසාද කොහෙද මූ වේගෙ ටිකක් අඩු කලා.ආයෙ ඉතින් කොහෙ හරි ගිහින් ඇනගත්තොත් හොස්පිටල් ගෙනියන්නවත් මිනිහෙක් නෑනෙ.නේත්‍රයා දවසක් කිව්වා ආසවයා එක්ක දවසක් බයික් එකේ යද්දි මේ වගේ රෑක ඌට හෙන ලැජ්ජා හිතුනලු.හුලං පාර එක්ක ආසවයා ලගින් එන සුවද නාහෙට දැනෙද්දි හෙන අමුතු හැගීමක්ලු ආවෙ.ඒ දෙන්නා විතරක් පාරෙ ඉන්නවා කියලා හිතුනලු.ආසවයත් ආයෙ ඉතින් මේකා උගෙ බඩ වටේ දාන් උන්නු අතක්වත් අල්ල අල්ල යන්න ඇත්තෙ.ඌ නේත්‍ර එක්ක යද්දි කොහොමත් යන්නෙ හෙනම හිමින්නෙ.නේත්‍රයා බබා වගේ හිටියට හෙනම සාහිත්‍ය රසවින්දයක් තියෙන කෙනෙක්.

ඌ ආසවට හොරෙන් පොතක් ලියනවා.ඒක ඔය අපේ ලංකාවෙ යුද්ධ කාලෙ හමුදා කදවුරක් වටේට ගෙතුනු කතාවක්ලු.සිංහල හමුදාවෙ ඉහල තනතුරක් දරන කෙල්ලෙක්, සිංහල හමුදා කදවුරට වද දෙන්න ගේන දෙමල හමුදාවෙ කොල්ලෙක් එක්ක ලව් කරන එකක්ලු කතාව.නේත්‍රට කොහොමත් ඒ වගේ ආලවන්ත අදහස් පහල වෙන නිසා ලස්සන්ට ලියන්න පුළුවන්.මිනිහා ඒක ආසවට හොරෙන් ලියන්නෙ පොත ලියලා ඉවර කලාට පස්සෙ ආසවට ඒක සප්‍රයිස් එකක් විදියට දෙන්නලු.නේත්‍රට ඕනි ඒ පොත ගහලා විකුණලා දියුණු වෙන්න බලන්න නෙවේ.ඒ පොතේ එක කොපි එකක් විතරක් අරං ආසවයා කියෝලා සතුටු වෙන එක බලන්නලු.අනේ මංදා නේත්‍ර චූචියගෙත් ආසාවල්.

කෝමහරි නේත්‍ර කිව්ව ඒවා මතක් කරං,ඉස්සරහ ඉන්න ගොං පම්කයව රිප්ලෙස් කරලා එතනට මම දවසක යාලු වෙන්න ඉන්න කොල්ලව දාගෙන පොඩ්ඩක් මවාගන්න බැලුවා.ඒත් ඇයි ඒකටත් තෙවිනයවම පේන්නෙ? හැප්පෝ....ඔන්නොහෙ කමක් නෑ කියලා හිතාගෙන මමත් මනෝපාර ගහන්න ලෑස්ති උනා.ඇස් දෙකත් පියාන හීතල හුලග විදින ගමන් ඇස් දෙක ඇරිය ගමන් මට හැගීමක් දැනෙන්න ගත්තා.ඒත් ඒක නේත්‍ර කිව්ව ජාතියෙ එකක්නම් නෙවේ.

මට නිකං දැනුනෙ මායි තෙවිනුයි බැංකුවක් කඩලා, මිනියකුත් මරලා පැනල යනවා වගේ සීන් එකක්.දැන් ඔන්න මේ අපි දෙන්නා යනවා බයික් එකේ රුං ගාල.පිටිපස්සෙන් එනවා පොලිස් කාර් වගයක් තුවක්කුත් මානගෙන.අපි කොහොමහරි බේරිලා යන්නෝනි.ගිහින් මෙ සල්ලි දුප්පත් මිනිස්සුන්ට බෙදන්නෝනි.එක්වරම හිතේ උඔඅන් උද්‍යෝගය හේතු කොටගෙන මම තෙවින්ගෙ පිටට හයියෙන් ගහද්දි තෙවින් බයික් එක පාර අයිනට කරල නැවැත්තුවා.

"නැවැත්තුවෙ ඇයි යකෝ! පොලීසියෙන් පන්නනවා"

"මොකක්? පොලීසියෙන්? ඒ ඇයි යුගාන්? ඇත්ත කියපං! උබ පාර අයිනෙ උන්නු පොලිස් කාරයෙක්ට මැදැගිල්ලවත් පෙන්නුවද?"

"නෑ නෑ අනේ....අපි දෙන්නා මේ බැංකුවක් කඩලා යන ගමන්"

"බැංකුවක් කඩලා? ඒ මොන...ආ.....හරි හරි එතකොට මේ බෑග් වල තියෙන්නෙ සල්ලිද?"

"අන්න ගොන්නාම්බට තේරුනා....අපේ පස්සෙන් පොලීසිය පන්නනවා අනේ....අපි කොහොමහරි බේරිලා යන්නෝනි"

"අම්මටසිරි.....පොලීසියෙන් වෙඩි තිබ්බොත් යුගානුත් වෙඩි තියන්න"

"වෙඩි තියන්න වෙන්නෙ කලිසම අස්සෙ තියෙන තුවක්කුවෙන් තමා ඉතින්.ඉක්මනට යමං දැන්....අපි බේරෙන්නෝනි"

"යුගාන් හයියෙන් අල්ලගන්න.....මම බේරගන්නම් යුගාන්ව"

දැක්කා නේත තෙවින්ටත් තේරුනා අපි වැටිලා ඉන්න කරදරේ.බයික් එක ස්ටාට් කරගත්තු තෙවින් හුලං කපාගෙන වේගෙන් ඉස්සරහට යද්දි මම මහ හයියෙන් කෑගැහුවා.

"ලග එනවා ලග එනවා.....ඉක්මන් කරපාං"

"ඔලුව නවාගන්න යුගාන්!! පොලීසියෙන් වෙඩි තියනවා"

"ටයර් එක බලාගෙන.....උණ්ඩයක් වැදුනොත් සකබලස් තමා"

"ඔලුව නවාගෙනම යමු යුගාන්.....සල්ලි ටික පරිස්සම් කරගන්න"

කෝමින් කොහොමහරි අති උද්වේගකර ජවනිකාවකට පස්සෙ තෙවින් ඇවිත් බයික් එක අපේ ගේ ඉස්සරහින් නැවැත්තුවා.ඌටත් බායි පාර දීගෙන ඌ මට දුන්නු මාලු හෙල්මට් එකෙන් ඌට ගහලා මම අඩි හප්ප හප්ප ගේට්ටුව ඇරං ගෙදෙට්ට ආවා.අම්මයි අප්පච්චියි හුඩ් එක යට ඉදගෙන මම යද්දිනුත්.දෙන්නම මාව තුරුල් කරං ගෙට ආවට පස්සෙ මම සූද ගහන්න ඇග සෝදන් එහෙම්මම ඇදට වැටුනෙ හෙට ඉස්කෝලෙ මීට් එක නිසා.හෙට උදේට රිහසල් එකක් තියේ.නවය වෙද්දි පටන් ගන්නවා ඒක.කොහොමත් බොටමයි ටී එකයි ඇදන් ගිහින් යුනිෆෝම් එක ඉස්කෝලෙදි මාරු කරගන්නෝනි.නිවාස නායකයා මාච් එකේ යන්නෝනි කොඩියත් උස්සන්.නිමේතයට නම් තියෙන්නෙ හවුස් එකෙ ටී එකට සෝටකුත් ඇදන් අර පන්දම අරං දුවන්නනෙ.නිමේත් පන්දම අරං දුවද්දි මම ඒ පන්දම උදුරලා අරං තෙවින්ගෙ පුපට ඔබන එක ගැන හීනයක් දැක දැක මම හොදට නිදාගත්තා.

.

.

.

.

.

කෝමහරි උදේම නැගිටලා ලෑස්ති වෙලා මම දෙවින් පණයි තෙවිනුයි එක්ක උන්ගෙ කාර් එකේ නැගලා ආවා.බොරු කියන්න ඕන්නෑනෙ ඉතින්.මීට් එක දවසට,බිග් මැච් දවසට,වෝක් එක දවසට,රගර් මැච් දවසට අපේ ඉස්කෝලෙ උන් කවුරුත් බස් වල එන්නෙ නෑ.ඇත්තටම එතන තියෙන්නෙ අර පොඩි ශෝ එකක් පෙන්නීම තමා.අවිවාදාත්මකව මම ඒක පිලිගන්නවා. "නුවර සල්ලිකාරයො ඔක්කොම යන්නෙ අහවල් ඉස්කෝලෙට" කියලා හතරවටේ මිනිස්සු කියන කියමන අපේ උනුත් ආතල් එකේ සනාත කිරීමක් තමා නිහඩවම ඉතින් ඔය කරන්නෙ.වැඩියෙ තියා අද ඉස්කෝලෙ ඉස්සරහට ට්‍රැෆික් පොලිස් සෙට් එකක්ම බහිනවා.ග්‍රවුන්ඩ් එක පැත්තට වෙනම පොලිස් සෙට් එකක් දානවා.ඉන්වයිටඩ් ස්කූල්ස් වල ලමයිට එන්න පුළුවන්.අපේ දෙමව්පියන්ට එන්න පුළුවන් එච්චරයි ග්‍රවුන්ඩ් එක ඇතුලට.එලියෙ ඉදන්නම් ඉතින් බලනවා ඔය නිකං අයත් ඇවිල්ලා.

ඉන්වයිටඩ් ස්කූල්ස් කියද්දි මතක් වුනේ උපාධ්‍යා තමා ඇතීනා දෙවගන විදියට ඉන්නෙ.අපේ ඉස්කෝලෙ ගෑනු ලමයි නෑනෙ ඉතින්.ඕක මම නේත්‍රට කියන්න ගියේ නෑ.කිව්වත් ඌට ඒවගෙන් වැඩකුත් නෑනෙ.ආසවයනම් දන්නවා හැබැයි.උන්නෙ ඕගනයිස් වැඩ ඔක්කොම කලේ.ඌ කිව්වෙ උපාධ්‍යාව සෙට් වෙන නිසා දාන්න ඇති කියලා.එච්චරයි.ඒත් ඌ වගේම මමත් කටින් නොකිව්වට දැනන් උන්නු දෙයක් තිබ්බා.උපාධ්‍යට ඒ ඉස්කෝලෙ මාරම තැනක් තියෙන්නෙ.එකක් ඒකිගෙ හැකියාව,දක්ෂකම.අනික උන්ගෙ තාත්තගෙ බලපුලුවන්කාරකම.තාත්තා ඇමති කෙනෙක් ලංකාවම දන්න.උපාධ්‍යා නේත්‍රට ආදරේ කල එක ඇත්ත.ඒකෙ වරදක් නෑනෙ ඉතින්.ඒකි නේත්‍රට කරදර කරන්න හැදුවෙ නෑනෙ.මට අනුවනම් උපාධ්‍යා ඇත්තටම හොද කෙල්ලෙක්.තාත්තගෙ පවර්ස් ඉස්කෝලෙ උන් ඒකිට දෙනවා මිසක් ඒකි ඔලුව උදුම්මවගෙන නෑ.

මම නිකමට තෙවින් දිහා බලද්දි මූ ජනේලෙනුත් එලිය බලන් යනවා.ඌයි මායි දෙන්නම හිටියෙ පිටිපස්සෙ සීට් එකේ.ඉස්සරහ එකේ දෙවින් පණගෙ යුනිෆෝම් එකයි,බැජස් ගහලා තියෙන බ්ලෙසර් එකයි දිවිහිමියෙන් රැකගන්න තියාගත්තා.මට එකපාරටම මතක් උනේ තෙවි ටිකිරි නගාට ඇන්ද එක.ආයෙ වෙන කෙල්ලො මොකටද යකෝ ඇතීනට! මුට කොණ්ඩයක් දාලා ගත්තනම් ඇතීනා දෙවගන කැලේ.පම්සත් සෙට්,කොන්ඩෙට විග් එකක් දානවා,පාටත් සුදුයි,කුම්ක්කු දෙකට බොරු දෙකක් දැම්මනම් ගොඩනෙ.මම ඒක මවාගෙන හිතේ උපන් ආසාව නිසා තෙවින්ගෙ කුම්ක්කුවට ඇන්නා.

"අසහනේද යුගාන්! අත් දෙක කඩනවා හැබැයි මම"

හහ්! මහ ලොකු කුක්කු දෙක.මුද්දරප්පලම් දෙකක් වගේ දෙකක් තියාගෙන එනවා මෙතන මට කියවන්න.පගයා.ඔයිට වඩා ලොකු කුම්ක්කු මම දැකලා නැතුවයෑ.අර ජෙසී අක්කගෙ කුම්ක්කු බලපංකො.ඔය වගේ හිමිචි ගැට දෙකක්යෑ.පගයා.ඊලග දවසෙ කුම්ක්කු දෙකට පෙට්‍රල් වත්කරලා ගිනි තියනවා මම.එච්චරයි!

ඉස්කෝලෙ කා පාක් එකෙන් කාර් එක දැම්ම දෙවින් පණ අපි කාවවත් පඩේකට ගණන් නොගෙන උගෙ හොර ගෑනි වගේ ඉන්න අර යුනිෆෝර්ම් එකයි,බ්ලෙසර් එකයි අතට ගත්තා.මාත් එහෙම්මම දෙවින් පණගෙ පස්සෙන් යද්දි තෙවිනුත් 'යුගාන් ඉන්න' කියාගෙන දුවං ඇවිත් මගෙ ඇගේ එල්ලුනා.යැගාන් යින්න යැයි යැයි චමා.අපි යද්දිනුත් ආසවයා ඇවිල්ලා වැඩ ඔක්කොම හරියට වෙලාද බලනවා.මාව දැක්ක ගමන් ඇවිල්ලා නේත්‍රව මට භාරදීලා ඌ ආයෙ වැඩ වලට ගියා.යකෝ මේකා නේත්‍රට හවුස් එකටවත් යන්න නොදී මුගෙ අස්සෙ ගහන් ඉදලා නේද?

මම නේත්‍රවත් ඇදන් හවුස් එකට යද්දි හවුස් එකේ උන් තැනින් තැන වාඩි වෙලා හිටියා.කාර්තික් ලග තමා හවුස් එකේ බැජස් ටික තිබ්බෙ.හවුස් එකේ ගේම්ස් කැපාට විතරයි හවුස් ටී ෂර්ට් එක අදින්න පුලුවන්කම තිබ්බෙ.ඒ කියන්නෙ නිමේතයට විතරයි.මට,නේත්‍රට,කාර්තික්ට බ්ලෙසර් එක අදින්න අදට අවසර ලැබිලා තිබ්බා.බ්ලෙසර් එකට අපේ හවුස් බැජ් එකත් ගහන්න පුලුවන් උනා අද.ඊට අමතරව වෙන එක බැජ් එකක්වත් අද ගහන්න දුන්නෑ.අඩුම ක්ලබ් එකක බැජ් එකක්වත්.ස්කූල් ඔෆිසස්‍ලට විතරයි ඒකට පුලුවන්කම තිබ්බෙ.ඒක නීතියක්.අපි හතර දෙනාට ස්පෙශල් බැජස් හතරක් හවුස් එකෙන් ඩිසයින් කරලා තිබ්බා.අනික් හැමෝටම නෝමලි හවුස් බැජ් එක දීලා තිබ්බා යුනිෆෝම් එකට ගහගන්න.වන වන ඉන්න ආයෙ හවුස් එකේ පොඩි ෆ්ලැග් එක ගාණෙයි.

"නේත්‍ර, බැජස් ටික බෙදුවද?"

"නෑ දිවාෂ..... ඒ ටික අපි මීට් එක පටන් ගන්න කිට්ටු වෙලා බෙදමු නේද? නැත්තං පොඩි අය ඔව්වා නැති කර ගනීවි"

"ඔව් නේද? එහෙනම් එහෙම කරමු.....දොලහට විතර බෙදමු?"

"ඔව් එහෙම හොදයි දිවාෂ......මේ අහන්නකො....සුදුබේබි ඉන්න තැන දන්නවද?"

"ඌව කොහෙන් හොයන්නද මංදා....ෆෝන් එක මෙවෙලෙ අදින්නත් බෑ එලියට.ඇයි?"

"නෑ.....එදා ඇගිල්ල කැපුණු එක සුදුබේබිට අහු උනානෙ....අද බත් කන්න සුදුබේබිට කතා කරන්න කිව්වා ඒකයි.මට දැන් ඩිංගක් බඩගිනියි අනේ"

"එන්නකො බලන්න.....අපි ආසවයව හොයාගමු.ඌ කන්ෆරන්ස් රූම් එකේදත් දන්නෑ? ස්කූල් මැනේජ්මන්ට් එකත් එක්ක මොකක් හරි සාකච්ඡාවක් යනවනෙ ටොප්බෝඩ් එකේ අය මීට් එක පටන් ගන්න කලින්.මේ අපි දෙන්නා රිලේ එක දිව්වට පස්සෙ යුනිෆෝම් වලට මාරු වෙමු නේහ්?"

"ඕ ඕ....එහෙම කරමු.....මම ෆ්ලැග් එක උස්සලා ආපු ගමන් ආයෙ බොටම් ටී ෂර්ට් දාගන්නම්.ආයෙ දුවලා ඉවර උනාම වොශ් එකක් දාන් යුනිෆෝම් ඇදගන්නම් දිවාෂ.නැත්තං දාඩිය ගෑවෙයි යුනිෆෝම් එකෙත්......දිවාෂ,ජානකී නැන්දා එනවා නේද? අපේ අම්මටත් නැන්දා එන්න කියලා තිබ්බා....අනේ අපි නිසා ඔයාලට හරි වදේ නේද?"

"පිස්සුද වස්තුවෙ.....ආසව ඔයාව බිලි නොගත්තනම් මම ඔයාව කසාද බදින්නනෙ හිටියෙ"

නේත්‍රයවත් ඇදගෙන මම ආසවව හොයාගෙන ගියේ දැන් හවුස් එකේ කරන්න වැඩකුත් නොතිබ්බ හන්දා.අන්තිමට කන්ෆරන්ස් රූම් එක අස්සෙන් එලියට ආව ආසවයට නේත්‍රව දීලා දෙවින් පණවයි දෙනෙත් අයියවයි තෙවින්වත් හොයාගෙන කැන්ටින් එකට ගිහින් බඩ පැලෙන්න කෑවා.බත් කෑවෙ.මොකද මේ කෑවට පස්සෙ ආයෙ කන්න වෙලාවක් හිතාගන්න බෑ.දෙවින් පණයි දෙනෙත් අයියයි තවම නෝ කතා නෝ සිනා.අනේ මංදා.එදා මට නේත්‍ර කිව්වා දෙවින් අයියා ආසවයව තුරුල් කරං සමාව අරගත්තලු.ඇඩුවත් එක්කලු.පෞ ඉතින්.හොදම යාලුවො දෙන්නනෙ.ඔක්කොම උනේ අර පගයා නිසා තමා.

"ආව් යුගාන් ගහන්නෙපා!!!"

"ගහන්න නෙවෙයි මරන්නයි ඕනි තෝව!!!"

"තමුසෙ හොද වෙලාවට කෙල්ලෙක් නොවුනෙ.නැත්තං එහෙම ප්‍රෙග්නන්ට් උනු කාලෙට මිනිහා ඉවරයි.මූඩ් වෙනස් වෙන වෙනස් විල්ලට"

"මටෝනිනම් මම ප්‍රෙග්නන්ටුත් වෙනවා තෙවින්!!!"

"ඔව් ඔව්....උබ ඒකත් කරයි තමා"

කොහොමහරි අපි කට්ටියම ක්‍රිකට් රූම් එකට රිංගගත්තෙ ආසවයි දෙවින් පණයි ලෑස්ති වෙන්න තියන නිසා.උන් දෙන්නා විතරයි තමා ලෑස්ති වෙන්නෙ.ඒත් අපි නැතුව උන්ට ලෑස්ති වෙන්න බෑ.නෑ ලෑස්ති වෙන්න පුළුවන් තමා.ඒත් එහෙම උන් දෙන්නට තනියෙන් ලෑස්ති වෙන්න බෑනෙ.නෑ එහෙම තනියෙන් ඉන්න පුළුවන්.ඒත් එහෙම බෑ යකෝ බෑ!!! උන් එක්ක අපිත් යන්නෝනි!!! එච්චරයි!

ක්‍රිකට් රූම් එක ඇතුලෙ පොඩි බාතෲම් එකක් තියෙනවා.ආසවයා ඇතුලට රිංගගද්දිම දෙවින් පණත් බාතෲම් එකට රිංගන්න හැදුවට ආසවයා කැගැහුවම මූණත් දෙක කරං එලියට වෙලා හිටියා.දෙනෙත් අයියා තරහා ටික කාලෙට මුන් දෙන්නා ප්‍රෙන්ඩ්ස් විතරයි බෙනිෆිට්ස් වගේ සීන් එකකටවත් සෙට් වෙලාද? නේත්‍රයටත් මුකුත් තේරෙන්නෙ නෑනෙ.ආසවයා නේත්‍රට බොරුවක් කරන්න විදියකුත් නෑ.දෙවින් පණයි ආසවයයි? හිතද්දිනුත් මට කැරකිල්ලට වගේ ඇවිත් මම ලග හිටිය දෙනෙත් අයියගෙ ඇග උඩට සිහි නැති වෙලා ඇදන් වැටුණා.

"දැන් පලයං ඇතුලට....ආවා මෙතන මාත් එක්ක ඇතුලට රිංගන්න"

"උබත් බලන්න තිබ්බ නේත්‍ර ආවනම් ඇතුලට ඇදලම ගනියි"

"ඔව් ඉතින් ඒ නේත්‍රනෙ.තෝව ඇදල අරං මොන මගුලක් කරන්නද?"

"මගුලක් කරන්නයෑ මම ආවෙ.....නාගන්නනෙ"

"මට මතකනෙ ගිය පාර කොලඹ ගිය වෙලේ මැච් එකට! උබත් එක්ක එකට නාන්න බෑ.පුදුම වදයක්නෙ දෙන්නෙ"

මම කිව්වෙ මම කිව්වෙ.මුන් දෙන්නගෙ මොකක් හරි මගුලක් තියෙනවා කියලා.ඔක්කොටම හේතුව දෙවින් පණ දෙනෙත් අයියා එක්ක තරහා උනු එක.තරහා වීමට හේතුව දෙදෙනා අතර ඇති වුණු බහින්බස් වීම.බහින්බස් වීමට හේතුව ඕනි නැති වැඩක් කිරිම.ඕනි නැති වැඩේ කරන්න හේතුව තෙවින් පරයා! ඔව්! තෝ තමා ඔක්කොටම මුල.

"ආව්වා යුගාන්! ඒ ගමන පයින් ගහන්නෙ ඇයි? සිහි නැත්තං සිහි නැතුව ඉදපංකො මට අයින්නැතුව"

හිතුවා මදි මේ දිවාසව නවත්තන්න.සිහි නැතුව හිටියත් දිවාසගෙ අයිටම් හොදට වැඩ යකෝ.වැඩ! දෙවින් පණයි ආසවයයි මරාගද්දි නේත්‍ර වොශෲම් එකට රිංගගත්තා.අපේ ඉස්කෝලෙ හවුස් කැප්ටන් මාච් එකේ යන්න ඕනි වගේම, වයිස් කැප්ටන් හවුස් ෆ්ලැග් එක උස්සන්න ඕනි.නේත්‍ර ඒකට ඇදගන්න එපායෑ.ටික වෙලාවකට පස්සෙ නේත්‍ර වොශෲම් එක ඇතුලෙ ඉදන්ම යුනිෆෝම් ඇදගෙනම එලියට ආවා.ඒකා ඉතින් ලැජ්ජාකාරයනෙ.ඇවිල්ලා මගෙ ලගින් ඉදගෙන කොන්ඩෙ පීරන්න ගත්තා.චේන්ජින් රූම් එකට ගිය ආසව ටිහකින් යුනිෆෝම් එක ඇදන් එලියට ඔලුව දාද්දි පුටුවක ඉදන් උන්නු නේත්‍ර ආසව දිහා බැලුවා.යකෝ නේත්‍රයා වොශ් එකකුත් දාන්,ඇදගෙනත් එනකං මූ මේක ඇතුලෙ බිත්තර තැම්බුවද?

"නේත්‍ර ටිකක් එන්නකො.....මේ බ්ලෙසර් එක දාගන්න බෑ තනියම"

අනේ අනේ උබට දාගන්නම බැරි බ්ලෙසර් ආසව! උදේ ඉදන් නේත්‍රව මිස් වුනු එකයි තව පැය ගාණකට මිස් වෙන එකයි කවර් කරන්නද කොහෙද යන්නෙ.ක්‍රිකට් රූම් එකේ අපි විතරක් ඉන්න නිසාම හොදා ඉතින්.මම හෙමීට කෙලින් වෙලා ඉදගද්දි තෙවින් ෆෝන් එක ඔබනවා.එකපාරටම මිනිහගෙ ෆෝන් ස්ක්‍රීන් එකට වතුර බින්දුවක් වැටුනම තමා මම උගෙ මූණ බැලුවෙ.මට තෙවින්ගෙ වේදනාව ගැන හිතාගන්න පුළුවන් උනා.මම උගෙ කර වටේ අතක් දාගෙන අනික් පැත්තෙන් දෙනෙත් අයියගෙ කර වටේට අතක් දාගත්තා.දෙන්නම මගෙ ඉතින්.

"දිවාෂ පැටියො"

"ඕ දෙනෙත් අයියෙ"

"දෙව් මාත් එක්ක කතා කරනම එකක් නැද්ද අනේ?"

"ටික දවසක් ඕම ඉන්න දෙන්නකො.ඌම හිත හැදුනම ඇවිත් කතා කරයි"

"හ්ම්ම්....."

මම තෙවින්ව අතෑරලා දෙනෙත් අයියගෙ කම්මුල් දෙක මිරිකුවා.අනේ හිනා වෙද්දි ලාවට වලත් ගැහෙනවා දෙනෙත් අයියගෙ කම්මුල්නම්.හරි අමුතු ලස්සනක් තිබ්බෙ දෙනෙත් අයියට.එක්කො දෙවින් පණට බම්බු ගහගන්න කියලා මම දෙනෙත් අයියව බදිනවා.දෙනෙත් අයියා මට අකමැති වෙන එකක් නෑ.ඒ උනාට අන්තිමේදි නීලමනී කුමාරි වගේ දහබලු වැඩක් කලොත් එහෙම!

"මම ඔයාට ආදරේ නොකලා නෙවේ දිවාෂ පැටියො! ඒත් මම දෙව්ට ඔයාට වැඩියෙන් ආදරෙයි"

කියලා.ලංකා ඉතිහාසයෙන් විතරක් නෙවේ ලෝක ඉතිහාසයෙන් පවා ගත හැකි එකම කරුණ ගෑනුනම් එපා කියලා.පෙනේනෙ නීලමනී උනත් බබා වගේ ඉදලා කරපු වැඩේ.අන්තිමේ එකෙක් මලා.අනිකට උනත් ඉතින් උන්දෑ එක්ක ඉන්න වෙන්නෙ හෙනම පසුතැවීමකින්නෙ.සාලිය රජකමත් දාලා අසෝකමාලා එක්ක පැනලා ගියා.රාවණා ඉන්දියාවෙන්ම ඉල්ලන් කෑවා.මනමේ වල ලගදි වැද්දෙක්ගෙන්ම මැරුම් කෑවා.දික්තලා කාලගෝලට බූට තියලා දික්පිටියා එක්ක පැනලා ගියා.හැරී කුමාරයා රජකම අතෑරලා මේගන් එක්ක ගියා.

ඒකෙම අනික් පැත්ත ගෑනුන්ටත් උනා.විජය කුවේණිට බලු වැඩක් කලා.කාශ්‍යපට බලලා ඩිලීට් කරන්න කියලා එව්ව පොටෝ ටික ඌ බිත්තිවල ඇන්දා.සාරංග උමාලිව අතෑරලා ඩිනක්ෂ්ව බැන්දා.චාල්ස් ඩයනා ඉද්දිම කැමීලා එක්ක මගුල් නැටුවා.ඔක්කොම අන්තිමේදි මයින්ද මාත්තයා රටටම ඇරියා.

බලපං ඉතින් උන්නා කපල් එක,සුනිමල් කපල් එක,වොලොක් කපල් එක අන්න යකෝ ආදර කතා.වෝලොක් කියන්නෙ වොට්සන් ධන ෂර්ලොක් හරිත? උන් එකාට එකා බූට තිබ්බෙත් නෑ.රටට ලෝකෙට බරක් උනෙත් නෑ.අඩුම වොට්සන්ට ඉඩක්වත් ලැබුනද රිවෝල්වරය මේරිට එක වතාවක්වත් පෙන්නන්න? වොට්සන්ගෙ රිවෝල්වරේ හැමදාම අයිති උනේ හෝම්ස්ට විතරයිනෙ.අන්න ඒකයි යකෝ මම කියන්නෙ.තේරුම් ගනින්.

"අනේ ගහන්න එපා යුගාන්! උබට මදනයා ගහන ගහන පාරට මට ගහන්න එපා!"

මදනයා කොහෙ ගහන්නද යකෝ මට! මදනයටත් ගහන්නෙ මම! උබටත් ගහන්නෙ මම තෙවින්! මම ඔක්කොටම ගහනවා! නේත්‍රට ඇරෙන්න.නේත්‍රට ගහන්නෑ නේත්‍රව අතගානවා විතරයි.නේත්‍රව අතගෑවොත් ආසව මාව මරයිද දන්නෑ? ආසවයා මැද්දට නොපැන්නනම් මට නේත්‍රව අතගගා ඉන්න තිබ්බනෙ.ඉදපංකො ආසව.උබ පැණි කන දවසට මම උබර්ට කෝල් අරං ඒක කාබාසිනියා කරල දානවා!

කෝමහරි ආසව නේත්‍ර එක්ක විනාඩි හය හතකට පස්සෙ එලියට ආවා.නේත්‍රගෙ මුලු ඇගම රතු වෙලා.තොල් තදේටම රතු වෙලා.චේන්ජින් රූම් එක ඇතුලෙ වෙලා තියෙන දේ අමුතුවෙන් මට හිතාගන්න ඕනි උනේ නෑ.දවසක මමත් ඔහොම මොකෙක් හරි එක්ක හාච්චි දීගනියිද කියලා හිතුනු වෙලාවෙ මටම හෙන ලැජ්ජාවක් දැනුනා.ලැජ්ජාව දරාගත නොහැකි තැන මම තෙවින්ගෙ පිටට පතාං ගාලා පාරක් ගැහුවා.

"අත කඩනවා යුගාන් ඊලග පාරනම්! ගහන්න එපා යකෝ උබේ කෝටු අත් වල පාරවල් හෙන සැරයි"

බ්ලෙසර් එක දාගන්න නේත්‍රව ඇතුලට ගත්තු මිනිහගෙ අතේ තාම බ්ලෙසර් එක තියෙන්නෙ ඇයි කියලා අහන්න හිතුනත් ආයෙ ඔව්වා අහලා ආසවගෙ ලේ කෝප කරන්න ඕනි නැතිකමට මම කට පුප පියාගෙන හිටියා. කොහොමහරි එකොලහමාර වගෙ වෙද්දි සෙනග එන්න පටන් අරං තිබ්බා.අම්මලා අප්පච්චිලත් එන්න පටන් අරං තිබ්බා.අපි කට්ටියම ග්‍රවුන්ඩ් එක පැත්තට යද්දි ආසව ලොකු හුස්මක් අරං නේත්‍රගෙ උරහිසෙන් අල්ලලා නේත්‍රව නතර කරගෙන ඔලුව වනලා 'අවුලක් නෑ නේද?' වගේ ඇහුවෙ ඇයි කියන්න මට තේරුනේ නෑ.ආසවයි දෙවින් පණයි සුද්දො දෙන්නා වගේ ඇදගෙන යද්දි මම අර සුද්දොන්ගෙ කාලෙ වහලෙක් වගේ බොටම් ටී ෂර්ට් පටලවන් ගියේ.දෙනෙත් අයියයි නේත්‍රයිත් යුනිෆෝම් වලට මාරු වෙලා හිටිය නිසා මායි තෙවින්වයි පෙනුනෙ ඇත්තටම හිගන්නො වගේ වෙන්න ඇති.

ඒත් එක්කම හෙන දැකලා හුරු පොල්ලක් වැනෙන බව දැක්ක හන්දා මම ඇසුත් හීනි කරං ඒක දිහා බලන් හිටිය.යකෝ බෑන්ඩ් එකේ පොල්ල.ආර්ය ඒකත් උස්සන් පිඹගෙන එන්නෙ කොහෙද? කලුවට හුරු නිල් කිට් එක ඇදලා,කහ පාට පටිය හරහට වැටෙන්න දාලා,රතු කොලර් එකත් එක්කම සෙට් වෙන උරහිස් උඩින් තියෙන කෑලි දෙකයි, පපුව මැද්දෙන් වගේ එල්ලලා තියෙන කහ පාට ලණු කෑලි දෙක වගේ එකත් එක්ක ආර්ය තනිකරම පෙනුනෙ හමුදා සුද්දෙක් වගේ.මූ ඒ කෑලි බෑලිත් වන වන දුවගෙන ඇවිත් නේත්‍රගෙ ඇගේ එල්ලෙද්දි ආසවයා ආර්යව ඇදලා අහකට කලා.

"ඇයි ආර්ය? මොකෝ උනේ?"

"අර යකාට ඉන්න පකා....සොරි නේත්‍ර....යකාට ඉන්න ලමයාගෙ මූණට තව එකෙක් දුම්මල ගහලා.අරූ අඩනවා යකාට නටන්න බෑ කියලා"

"යමං ඉක්මනට.....ආර්ය! උබ දාඩිය දාගන්න එපා.බෑන්ඩ් එකේ උන් ඉන්න තැනට වෙලා ඉදපං"

මම දන්නෑ ඒ උනේ මොකද්ද කියන්න.ඒත් ආර්ය පොල්ල අතින් අරං උඩ අතට නෙවේ හරහට අල්ලගත්තා.ඌ එහෙම්මම හැරෙද්දි ඒක ගිහින් එතන හිටිය කෙල්ලෙක්ගෙ පස්සෙ ඇනුනා.දෙවින් පණ අහක බලාගත්තා.දෙනෙත් අයියා පොලවෙ ඉන්න කූඹි ගනන් කරන්න ගත්තා.නේත්‍ර ආසවගෙ ෂර්ට් එකේ පොඩි වෙලා තිබ්බ තැනක් හදන්න ගත්තා.ආසවයා එලියටවත් ගන්න එපා කියලා තියෙන ෆෝන් එක අරං කෝල් එකක් ගත්තා.තෙවින් විතරක් කටත් ඇරං ඒ දිහා බලන් හිටියා.මූ ඇයි මේ අමුතුවට ඉන්නෙ කියලා හොයාගන්න ඕනි නිසා මමත් හිතට සක්තිය අරගෙන කෙල්ල දිහා බැලුවා.

අම්මටහුඩු ඕසිණී! මේකිනෙ යකෝ මේ.වට්ටක්කෙ වගේ තියෙන පස්සෙ අරක ඇනෙද්දි මොනා උනත් මෙස් එකට රිදෙන්නත් ඇති.ඕසිණී පස්සටත් අත තියාගෙන ආර්යගෙ පැත්තට හැරෙද්දි ඒකිගෙ ගාවම හිටිය දැකලවත් නැති එකීයක්ගෙ ඇස් දෙක ආසව ලග තිබ්බා වගේ එකක් මම දැක්කත් ඒ ගැන එවෙලෙ මට එච්චර ලොකු ගාණක් ගියේ නෑ.මගෙ උනත් අවධානෙ තිබ්බෙ ආර්යයි ඕසිණියි ලග.ඕසිණීගෙ තියෙන රැගිල්ලෙ හැටියට දැන් මෙතන අවධානෙ ගන්න දගලනවා කියන එක මම හොදටම දැනන් හිටියෙ.

"What the hell man!!!!"

හෙල් තමා උබේ පුප! ආර්ය හිටියෙ සෑහෙන්න අපහසුතාවෙකින් කියන එක මට තේරුනා.අපේ උන් ටික උනත් අහක බලාගත්තෙ ඔහොම දෙයක් වෙයි කියලා හිතලා නෙවෙයි කියලා මම දැනන් හිටියා.උන් උනත් හිතන්න ඇත්තෙ කෙල්ල නිකං මූට බනියි කියලා මිසක් ඔහොම කෑ ගහයි කියලනම් නෙවෙයි.මම උනත් හිතුවෙ එහෙම.මොකද උනේ අත්වැරැද්දක් නිසා පිලිවෙලට ඉන්න කෙල්ලෙක් ඔහොම මරහඩ තලන්නෑ කියලා ඕනිම මෝඩයෙක් දන්නවනෙ.'ඇස් දෙක පොට්ටද?' වගේ දෙයක් අහලා ඕනි කෙල්ලෙක් ඔය වගේ අවස්ථා මගෑරියත් ඕසිණීනම් අවධානෙ ගන්න දගලනවා කියලා මට හොදටම තේරුනා.ඇත්තටම හිතලා දෙයක් කලානම් කන පැලෙන්න ගැහුවත් ඒකෙ වරදක් නෑ.ඒත් ආර්ය හිතලා කලේ නෑනෙ.අනික ස්කූල් බෑන්ඩ් ලීඩර් කෙල්ලෙක්ගෙ පස්සට අනියිද මේ වගේ වෙලාවක?

ආර්යට කතා කරන්නවත් බැරුව හිටියෙ උට අවුල් ගිහින් තිබ්බ නිසා.ආර්ය කියන්නෙ අපේ ඉස්කෝලෙ හොද නමක් තියං හිටිය කොල්ලෙක්.තවම ලමයි ටිකව ග්‍රවුන්ඩ් එකට දාලා ලොක් කරලා තිබ්බෙ නැති නිසා ඒ හරියෙ අපේ ඉස්කෝලෙ ලමයි පවා හිටියා.මලම පැන්න මම ඕසිනිට දෙකක් කියන්න අඩිය ඉස්සරහට තියද්දිම ආසවත් ඉස්සරහට ආවා මම දැක්කා.ආසවට ලේසියෙන් අනික් මිනිස්සු ගැන අනුකම්පාවක්,ආදරයක් ඇති නොවුනට ඌ උනත් මනුස්සයෙක් මෙහෙම අපහසු වෙන එකට කැමති නෑනෙ.අනික ආර්යට කොච්චර බැන්නත් ආසව ආර්යව ලග කෙනෙක් විදියට හිතන බවත් මම දැනන් හිටියා.ඒත් අපි දෙන්නම කතා කරන්න කලින් වෙන කෙනෙක් කතා කරනවා ඇහුනා.

"එක්ස්කියුස් මී අක්කා.....මම හිතන්නෙ ඔයාට වරදක් වුනේ.....මෙයාගෙ මෙස් එක වැරදීමකින් වැදුනෙ ඔයාගෙ ඇගේ"

අඩේ නිදුකි! මේකි අද එනවා කිව්වට ආව බවක් මම දැනන් හිටියෙ නෑනෙ.නිදුකි හෙමින් සැරේ ආර්යගෙ ඉස්සරහට ඇවිල්ලා ඕසිණීට කතා කරද්දිනම් මට ආවෙ හෙන ලල් එකක්.ගෑනු ගෑනු ප්‍රශ්න කතා කරගන්න එක හොදයි පිරිමි මැදිහත් වෙනවට වඩා.නැත්තං එහෙම කාන්තා හිංසනය සී මෝර් තමා.නිදුකි කතා කරපු පිලිවෙලට ඕසිණීට උනත් විරුද්ධ වෙන්න බැරි උනා.ඒ අස්සෙ ඒකි තෙවින්වත් දැක්කා.හෙන අමුතු හිනාවකින් තෙවින් එක්ක හිනාවුණු ඕසිණී ආර්යට මුකුත් නොකියා අහක බලාගනිද්දි ආර්ය නිදුකිගෙ අත් දෙකෙන්ම අල්ලලා නිදුකිට තෑන්ක්ස් කරලා ග්‍රවුන්ඩ් එක පැත්තට ඇවිදන් ගියේ මෙස් එක ඔලුව උඩින් තියාගෙන.

ඕසිණීලා අර මම කිව්ව නිකං බලන්න එන මිනිස්සු. මොකද උන් නුවර උන්වත් නෙවේනෙ.මම දන්නැ මට ඕසිණී එක්ක අමුතුම කේන්තියක් එනවා.ආසව නේත්‍රව ඉස්සර කරං එතනින් යද්දි මම නිදුකි එක්කත් කතා කරල ආසවලගෙ පස්සෙන් ගියා.දෙවින් පණයි දෙනෙත් අයියයි නිදුකි ලග ටිහකට නතර වුණා.මම ග්‍රවුන්ඩ් එකට ඇතුල් වෙන තැන නතර වුණේ පොඩි එකෙක් කතා කෙරුව නිසා.පොඩි එකා එක්ක කතා කරල ඉවර වෙද්දි තෙවින් මගෙ ඉස්සරහට පැනල පිට මූණට හරෝගෙන කතා කලා.

"දැන් ඕනිනම් ගහපං යුගාන්! ඒකට කොහොමත් වැරදිකාරයා මමනෙ"

මම ලග තිබ්බ ගහක අත්තක් අරං තෙවින්ගෙ පුප පැත්තට කිස් ගාලා පාරක් දුන්නා.මොනා උනත් සෝක් පස්ස.මෙහෙම හැමදාම ගහ ගහ ඉන්න තියෙනවනම් හරිම සෝක්.මම තෙවින්ගෙ පුපට කටු අත්තෙන් ගහන හැටි හීන මැව්වා.තෙවින් කෑගහනවා.මම ගහනවා.මම ගහනවා.තෙවින් කෑ ගහනවා.

"සිගිති!"

පොඩ්ඩක් ඉන්න ජානකී කෑ නොගහා.ඔයා මේ පුතාගෙ ලස්සන හීනෙ....පොඩ්ඩක් ඉන්න.ජානකී! හත්තිකේ අම්මෙ! මම පිටිපස්ස හැරිලා බලද්දි අම්මා ඉන්නවා ස්මයිල් ඉන් පේන් මූනකුත් දාගෙන.ස්මයිල් ඉන් පේන් නොවී තියේවියෑ අප්පච්චියි නිර්මලා නැන්දයිත් එතන ඉද්දි.මම ලැජ්ජාව පසෙකලා අම්මවයි අප්පච්චිවයි තුරුල් කරගද්දි නේත්‍රත් දුවගෙන ඇවිල්ලා නිර්මලා නැන්දගෙ ඇගට පැනලා නැන්දව තුරුල් කරගත්තා.නේත්‍ර එවෙලෙ බ්ලෙසර් එකත් දාගෙන හිටියෙ.නිර්මලා නැන්දගෙ ඇස් වල සතුටු කදුලු පිරුණු හැටි මම දැක්කා.ඒත් එක්කම අපේ අප්පච්චි දිහා බැලුව නේත්‍රගෙ ඇස් දෙකේ ඇදෙන වේදනාව මම හොදටම දැක්ක නිසා මම අප්පච්චිගෙන් ඈත් වෙන්න හැදුවෙ නේත්‍රව දුක් කරවන්න මම ඩිංගක්වත් ආසා නැති නිසා.ඒත් එක්කම නේත්‍රගෙ ඒ වේදනාව ඇස් දෙකෙන් නැති වෙලා යන හැටි මම දැක්කත් ඒකට හේතුව තේරුනේ ටිකකට පස්සෙ.

ආසවයා ඇවිල්ලා නිර්මලා නැන්දා ලගින් හිටගත්තා.නේත්‍ර ආසවට වඩා සෑහෙන්න කොට හන්දා ඔලුවත් උස්සලා ආසව දිහා බලලා හිනා වෙලා ආයෙමත් නිර්මලා නැන්දගෙ පපුව අස්සෙ ඔලුව හංගගත්තා.ආසව නේත්‍රගෙ ඔලුව අතගාද්දි මම නේත්‍රගෙ සතුට බේරෙන ඇස් දෙක දිහා බලාගෙන හිටියා.ආසව නේත්‍රගෙ ආදරවන්තයා කියන තැන වගේම අප්පච්චි කියන තැනත් පුරවන බව මට ඇත්තටම තේරුම් ගියේ අද.නේත්‍ර ආසවට පණ පුදලා ආදරේ කරන එක පුදුමයක් නෙවෙයි ඉතින්.ආසව නේත්‍රගෙ කොන්ඩෙත් අතින් හදලා නේත්‍රට යන්නම් කියලා ග්‍රවුන්ඩ් එකට ඇතුල් වෙලා ගෙස්ට්ස්ලට ඉන්න හදලා තියෙන ස්ටේජ් එක පැත්තට ඇවිදන් ගියා.ස්කූල් ගේම්ස් කැපා උනු ආසවගෙ කරේ අද සීනියර් ස්කූල් ඔෆිසර් උනු රකිත අයියටත් වඩා වැඩි වගකීමක් තියෙනවා ඇත්තටම.

"ඈ නේත්‍ර.....ආසවයා උබට මොකක් හරි කිව්වද?"

"ඒ කිව්වෙ දිවාෂ?"

"නෑ අතනින් උබව අල්ලගෙන මූණ බැලුව විදියට මට හිතුනා මොකක් හරි අවුලක්වත්ද කියලා.ඒකයි"

"ආ......ඔව් දිවාෂ.අවුලක්නම් නෙවේ.ඒත් සුදුබේබි කිව්වා අද මොන දේ උනත් කලබල නොවී ඉන්න කියලා....එහෙම කිව්වෙ ඇයි දන්නෑ"

"ම්ම්ම්....බලමුකො.මම ඉන්නවනෙ ඔයා ලග"

අම්මලාට පැවීලියන් එකේ ශීට්ස් සෙට් කරලා තියෙන පැත්තෙන් ඉදගන්න සලස්සලා මමයි නේත්‍රයි කියෝ කියෝ හවුස් එක තියෙන හරියට ගියා.හවුසස් බලන්න ටීම් එකක් එනවා ගෙස්ට්ස්ලා එක්ක.ඒ කියන්නෙ කොඩි උස්සලා,ගිනි සිළුව දැල්ලලා,ස්කූල් ඇන්තම් එක කිව්වට පස්සෙ.ග්‍රවුන්ඩ් එක වටේ වටයක් ගියාට පස්සෙ තමා ප්‍රින්සිපල් වෙල්කම් ස්පීච් එක කරන්නෙ.අපි හවුස් එකට ලකුණු ගන්නත් එක්ක පොඩි වැඩ කෑල්ලක් එහෙම සෙට් කරලා තිබ්බෙ.හවුසස් වලටත් ලකුණු හම්බෙනවනෙ.

අන්න ඒ පොඩි වැඩ කෑල්ලට යකෙක්ව දාලා තිබ්බෙ අපි.අපි නැති ටිකට කට්ටඩියාට ඉන්න එකා යකාගෙ මූණටම ගහලා දුම්මල වගේකින්.ඇයි ඇහුවම යකා කියලා ඌ යකා උනාට කට්ටඩියගෙ මූණ තමා යක් පාටට තියෙන්නෙ කියලා.කට්ටඩියට මල පැනලා යකාට දුම්මල ගහලා.අන්තිමේදි නේත්‍ර යකාගෙ මූණත් හෝදෝලා යකාව නලවලා ආයෙ නටවන්න කැමති කරවගෙන මම එක්කම ෆ්ලැග්ස් උස්සන්න තියෙන පැත්තට ඇවිදන් ගියා.නේත්‍රයට කොහොමත් පොඩි උන් පණ ඇරලා.නේත්‍ර අයියා මේ ලෝකෙ ඉන්න ලස්සනම පිරිමි ලමයා කියලා කියාගත්තු ගමන්මයි උන් ඉන්නෙ.ඒකෙ වැරැද්දක් නෑ එකාතකට.ඒක හෙන ගහන ඇත්තක්.

හරි.පටන් ගත්තා.ආර්යගෙ කටේ සද්දෙත් එක්ක වෙස්ටන් බෑන්ඩ් එක ප්ලේ කරන්න පටන් ගත්තා.ඒ කියන්නෙ ගෙස්ට්ස්ලා ඇවිත්.ඒත් එක්කම ග්‍රවුන්ඩ් එක වටේට තියෙන ගේට්ස් පහම වහලා ඒ ඒ තැන් වල ස්කූල් ඔෆිසස්ලා හිටගත්තා.දැන් එලියට යෑම් ඇතුලට ඒම් තහනම්.අත්‍යවශ්‍යම කරුණකට ඇරෙන්න.ඒත් එක්කම ග්‍රවුන්ඩ් එකට ඇතුල් වෙන මේන් ගේට් එකෙන් ආර්ය ඇතුල් උනා.අමෝ අමෝ හිච්චි කුමාරයගෙ හැඩ.එක්කො ඔක්කොම දමලා ගහලා ආර්යව ටෝක් කරන්නත් හිතෙනවා.ආර්ය ගැම්මට ඔලුවත් කෙලින් තියං පපුවත් ඉස්සරහට දාගෙන බෑන්ඩ් එක ලීඩ් කරං ආවා.ආර්යගෙ අම්මටත් සතුටු ඇති.මම දැක්කා ආන්ටි ඇවිත් ඉන්නවා.

පොඩ්ඩක් ඉන්න! මොකක්! එහෙනම් ඒකයි ආසව නේත්‍රට අරහෙම කියලා තියෙන්නෙ.චීෆ් ගෙස්ට් විදියට ඇවිත් හිටියෙ ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති.ඒත් එක්කම ලගින්ම ගෙස්ට් කෙනෙක් විදියට ප්‍රින්සිපල් එක්ක කතා කර කරම ඇවිදන් එන ගමන් හිටියෙ මහ මුදියන්සෙ.ආසවයගෙ අප්පච්චි! මම දන්නෑ.මටත් මාරෙටම අවුල් ගියා එකපාරටම.නේත්‍රගෙ කරවටේ අතදාගෙන මම නේත්‍රව ඇගට වාරු කරගත්තෙ නේත්‍රට මේ දේ තවත් දරන්න අමාරු බව දැනුනු නිසා.අපේ වගේ ඉස්කෝලෙක ගෙස්ට් කෙනෙක් විදියට මහ මුදියන්සෙ එයි කියලා මමවත් ජීවිතේට හිතුවෙ නැහැ.නේත්‍රගෙ අත් පවා වෙවුලනවා මට දැනුනා.මම එහෙම්මම නේත්‍රව මගෙ පපුවට තුරුල් කරගත්තා.

"නේත්‍ර,බය වෙන්න එපා.....මහ මුදියන්සෙ උබව දැක්ක දුටු තැන බනින්නෙ නෑනෙ"

"ඇ...ඇයි දිවාෂ හැම තිස්සෙම මගෙයි සුදුබේබිගෙයි පරතරේ පේන දේවල්ම සිද්ධ වෙන්නෙ...."

"එහෙම මගුලක් නෑ නේත්‍ර.අනික ආසවයා ඒම මගුලක් ගැන හිතන්නෑනෙ"

"සුදුබේබි නොහිතුවට දිවාෂ.......මට අනාගතේ ගැන හිතද්දි සතුටට වඩා පේන්නෙ ප්‍රශ්න.මට බය එකම දේ සුදුබේබි මගෙන් ඈත් වෙයි කියන එක විතරයි.එහෙම උනොත් මම මැ....."

"උබලා දෙන්නට මුකුත් වෙන්නෑ නේත්‍ර! අපිත් මැරිලා නෑනෙ තවම!"

මම හිතුව දේම නේත්‍රගෙ කටින් පිටවෙද්දි ඇත්තටම මට මේ සමාජෙ තියෙන පන්ති පරතරේ ගැන ආවෙ පට්ටම කේන්තියක්.ඔය හැම මගුලක්ම නේත්‍රයට හිතෙන්නෙ,ඌ අඩන්නෙ ඔය මගුලෙ පරතරේ නිසානෙ.මම නේත්‍රගෙ වෙවුලිල්ල අඩු වෙනකං නේත්‍රව තද කරලා අල්ලගෙන හිටියා.ඌට අවුල් යන්න ඇත්තෙ මහ මුදියන්සෙ ඉස්කෝලෙට ආව එක, කවුරුහරි ආසවයගෙයි නේත්‍රගෙයි ලග ආස්‍රේ ගැන මහ මුදියන්සෙට කියයි කියන එක නිසා වෙන්න ඕනි.ඇත්තටම සමහර ගුරුවරු පවා මුන් දෙන්නා නෑදෑයො කියලනෙ හිතන් ඉන්නෙ.ඕක මොකෙක් හරි මහමුදියන්සේට කිව්වොත්නම් ඒ මිනිහා නේත්‍රලාට බැනලා විතරක් නැවතෙන එකක් නෑ.එහෙම දෙයක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කලා.ඒකෙන් වෙන්නෙ ආසවත් යකෙක් වෙන එක.ප්‍රශ්න කන්දක් වෙන එක.

ආර්ය බෑන්ඩ් එකත් එක්කම ගිහින් ගෙස්ට්ස්ලා ස්ටේජ් එකට නගිනකං බලන් ඉදලා එහෙම්මම බෑන්ඩ් එක එක්කම ෆ්ලැග්ස් උස්සන තැනට ගියා.ඒත් එක්කම announcement එක දුන්නෙ පහන් පත්තු කරපල්ලා කියලා.මේ මහ දවාලෙ මොන පහන්ද හු#තො කියලා අහන්න හිතුනත් මොන විශේෂ දේකටත් කලින් පහන පත්තු කරන එක නුවර මිනිස්සුන්ගෙ ඇගේම බැහැල තියෙන සීන් එකක් හින්දා මම කටවහන් හිටියා.නේත්‍රගෙ වෙවුලිල්ල ලේසියෙන් බැස්සෙ නෑ.ආසවයා හිටියනම් මේකගෙ හිතට හයියක් එනවනෙ.මම නේත්‍රගෙ හොදම යාලුවා තමා.ඒත් ආසවගෙන් එන හයිය මගෙන් නේත්‍රට එන්නෑ කියලා මම දැනගෙන හිටියා.මම පුළුවන් තරම් නේත්‍රව සන්සුන් කලේ තව විනාඩි ගාණකින් නේත්‍රට ෆ්ලැග්ස් තියෙන තැනට යන්න වෙන නිසා.

පහන් පත්තු කලාට පස්සෙ එහෙම්මම ගෙස්ට්ස්කට ආරාධනා කලේ ෆ්ලැග්ස් උස්සන්න වරෙල්ලා කියලා.නෑ වරෙල්ලා කිව්වෙ නෑ.ඒත් අකලටවත් සෙල්ලමක් නොකෙරුව ක්‍රීඩා කටයුතු ඇමතියව දකිද්දි මට කේන්තියෙ බෑ.බඩේ සයිස් එකෙන්ම පේනවා සෑහෙන්න ක්‍රීඩා කරල තියෙන වග.ලංකාවෙ සිස්ටම් එක එහෙමනෙ.මාල කඩපු එකා ඇමතියෙක්.කෙල්ලො රේප් කරන එකා ඇමතියෙක්.මිනී මරන එකා ඇමතියෙක්.කුඩු ගෙන්නන එකා ඇමතියෙක්.අනේ මංදා.

අනික් පැත්තෙන් ගත්තොත් ලංකාවෙ ඉතිහාසය පැත්තෙ ඩිග්‍රි එකක් ගන්න එකාට ජොබ් එක හම්බෙන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශයෙ.විද්‍යාව උගන්නන්න ඉස්කෝලෙකට යන මිස්ට උගන්නන්න දෙන්නෙ භූගෝලය.ඒලෙවල් වලට මැත්ස් බයෝ කරලා කැම්පස් යන්න බැරි වෙන උන් ටික බැංකු වලට පැනගෙන ඒවගෙ වැඩ.කොමස් කරන උන්ටයි ආට් කරන උන්ටයි අන්තිමේ වෙන්නෙ පොල්කඩන්නයි, කානු සුද්ධ කරන්නයි,තලගොයි අල්ලන්නයි තමා.කොමස් කරන මම වෙනුවෙන්ම හදෙහි උපන් සෝකයට මම කදුලක් පිහිදගත්තා.

"Its time to......."

ඇමතියා ජාතික කොඩිය උස්සද්දි ප්‍රින්සිපල් සර් ස්කූල් ෆ්ලැග් එක ඉස්සුවා.මුදියන්සෙ ස්පෝට්ස් ෆ්ලැග් එක ඉස්සුවා.ඊලගට එයාලා ලණු ටික එතනම හිටිය රකිත අයියටයි,දෙවින් පණටයි,ආසවටයි දෙද්දි මුදියන්සෙ හෙන ආඩම්බරෙන් තමන්ගෙ අතේ තිබ්බ ලණුව ආසවයගෙ අතට දුන්නා.ඊලගට චාන්ස් එක ආවෙ හවුස් වයිස් කැප්ටන්ස්ලා ටිකට.වයිස් කැපාලා ටික හරහට හරි පිලිවෙලට හිටගෙන ඉදලා බෑන්ඩ් එකේ බේස් එක එල්ලන් ඉන්න එකා බඩෝං ගාලා ඒකට පාරක් දුන්නම කට්ටියම අඩියක් ඉස්සරහට තියලා ෆ්ලැග්ස් එල්ලලා තිබ්බ කණු ලගට ලං වුණා.

ආසවයා ගැනනම් කියලා වැඩක් නෑ.ඉස්සරහ බලාගෙන සීරුවෙන් ඉන්නෝනි එකා ඔලුවත් හරවං **** හවුස් එකේ වයිස් කැපාට පැණි පෙරනවා.අනේ මංදා ආසව උබේ වැඩත්.හැබැයි නේත්‍රව කැපිලා පේනවත් වැඩියි තමා එතන.මොකද එතන හිටිය වයිස් කැපාලගෙන් ඇගපත පොඩිම එකා අපේ නේත්‍රයා.අනික නේත්‍රගෙ හමේ පාට එක්ක ඌව ඈතට උනත් හෙනම ලස්සනට පෙනුනා.කාටද ආඩම්බර? ආසවටවත් නිර්මලා නැන්දටවත් නෙවෙ යකෝ...ආඩම්බර මට! ආසව නොහිටියනම් අද නේත්‍රව සී මෝර්...

ෆ්ලැග්ස් ගැටගහන වෙලේ මහ මුදියන්සෙගෙ ඇස් දෙකත් නේත්‍ර ලග තිබ්බ හැටි මම හොදටම දැක්කා.බලපං බලපං නාකි එච්ටීටීපී.මේ උබර්ගෙ අනාගත බෑනා තමා.හහ්! නටන්න ලෑස්ති වෙන්න එපා.දිවාස එක්ක ඒ සෙල්ලම් බෑ.මොනාහරි කලොත් ලොකු මැණිකෙව උස්සලා මුදියට වීඩියෝ එකක් යවනවා තර්ජනය කරලා.ඊලග දවස එතකොට පුවත්පත් වල පලවෙයි මගෙ වීරකම ගැන.

"මිතුරා වෙනුවෙන් දිවි පරදුවට තිබූ සුමිතුරා"

"****** විද්‍යාලීය ශිෂ්‍යයෙකුගෙන් තවත් හයේ පහරක්"

"අපේ කාලේ මහෞසධගේ තවත් වීරක්‍රියාවක්"

ආර්ය බෑන්ඩ් එකට ඕඩර් එක දෙද්දි බෑන්ඩ් එකෙන් ස්කූල් ඇන්තම් එකේ මියුසික් ප්ලේ කරන්න ගත්තා.මුළු ඉස්කෝලෙම එකම හඩකින් ස්කූල් ඇන්තම් එක කියද්දි ඒක ඇත්තටම හෙනම අමුතු හැගීමක්.ස්කූල් ඇන්තම් එක කියලා ඉවර උනාට පස්සෙ ගෙස්ට්ස්ලා හවුසස් බලන්න ටීම් එකක් එක්ක යද්දි අපේ උන් ටික ඔක්කොම ග්‍රවුන්ඩ් එකේ පිටිපස්සෙ ගේට් එක ලගට ආවා.එතනම පිටිපස්සෙ ජිම් එක තියෙන්නෙ ස්කූල් එකේ.ආසව නේත්‍රට තට්ටුවක් දාලා ජිම් එකට දිව්වෙ ස්පෝට් කිට් එකට මාරු වෙන්න.ආසව පන්දම අරගෙන දුවන්නයි යන්නෙ.

ආසව පන්දම අරං දුවද්දි මට යක්කුත් පිටියට සිංදුව කිය කිය උගෙ පස්සෙන් දුවන්න බැරි වෙයිද දන්නෑ.හැබැයි ලස්සනට තියෙයි සීන් එක.ආසව දුවනවා.දිවාස පන්නනවා.ආසව දුවනවා.දිවාස පන්නනවා.එක පාරටම නේත්‍ර අපි දෙන්නගෙ මැද්දට පැනලා "සුදුබේබිගෙන් ඈත් වෙලා ඉදපං" කියලා මගෙ කනට ගහනවා.නේත්‍රගෙ කනෙ පාරෙ සුමට බව දරාගත නොහී මම නේත්‍රට හාච්චියක් දෙනවා.ආසව මට පන්දමෙන්ම කෙලලා අරිනවා.පන්දමේ ගින්නට මගෙ කොණ්ඩෙ ගිනි ගන්නවා.දෙවින් පණයි දෙනෙත් අයියයි වතුර බාල්දි දෙකක් උස්සන් එනවා.මට ලං වෙන්න කලින් ඒ දෙන්නගෙ කකුල් පැටලිලා වතුර බාල්දි උඩ විසික්කෙනවා.වතුර ටික අහකට හැලිලා බාල්දි දෙක විතරක් මගෙ ඔලුවට වැටෙනවා.ගින්නට කර වෙලා තියෙන මගෙ ඔලු කට්ට බාල්දි පාරට කුඩු වෙනවා.ඊලග දවස අපේ ගේ ඉස්සරහ ගහන තොරණට දාන්න පුළුවන් පාඨ ටික.

"අකලට සමුගත් අපේ කාලේ මහෞසධ"

"ගින්නට හසුවී කෙල වුණු ලොව සුපතල බුද්ධිය"

"අයින්ස්ටයින්ටවත් දෙවනි නොවුණු ලාංකික අයින්ස්ටයින්ගේ බුද්ධිය කර වෙයි?"

"කර වූ අගුරු මොල කෑලි කොළඹ කෞතුකාගාරයට?"

ඊටපස්සෙ ඔලුව කෞතුකාගාරයට යවයි.ඔලුව නැති මලකද ගෙදෙට්ට ගෙනෙයි.රටම මගෙ ක්වන්ධයට ගරු බුහුමන් දක්වයි.අම්මා අඩයි.අප්පච්චි වැලපෙයි.දෙවින් පණ වැලලෙයි.දෙනෙත් අයියට සිහි නැතිවෙයි.නේත්‍ර පොලවෙ පස් කයි.තෙවින් උගෙ පුක අත ගගා හිනාවෙයි.ආසව පිපුනාද දුර ඈත දාගෙන වල වටේට නටයි.

මම මලොත්නම් හෙනම ප්‍රශ්නයක් වෙන්නෙ අනේ.හැමෝටම වැඩ වැඩි වෙනවනෙ.ඒ නිසා ඕන්නෑ.නේත්‍රයි මායි දෙන්නා ආයෙමත් ක්‍රිකට් රූම් එකට ගිහින් ඇදුම් මාරු කරං ආවා.තෙවිනයා නැට්ට වගේ මගෙ පස්සෙන් එන එක හොදයි එකාතකට.ඊලගට ග්‍රවුන්ඩ් එකේ ගේට් එක ලග හිටිය ස්කූල් ඔෆිසර් කෙනෙක්ට මල් හිනාව දාලා ගේට්ටුවක් ඇරවං ඇතුලට පැනගත්තා.හරි! අපි හවුස් එක ලගට යද්දිම වගේ තමා ගෙස්ට්ස්ලා අපේ හවුස් එක ලගට ආවෙ.අපේ උන් ටික ගැම්මට වැඩේ පටන් ගත්තා.

අපි හදල තිබ්බෙ වෙස් මූණක්නෙ.ඒක අර නාඩගම් වල එහෙම යක්කුන්ට දාන වෙස්මූණක්.යකාගෙ ඇරං ඉන්න කට ඇතුලෙන් තමා හවුස් එක ඇතුලට යන්න තිබ්බෙ.ඔය යක් පකාගෙ බිමට බර වෙලා තියෙන දත් දෙක මම හවුස් එකට ගිය පාරවල් දෙක තුනකදිම මගෙ ඔලුවෙ ඇනුනා.අන්තිමේදි මම දතටත් ගහලා, ඒක හැදුව උන්ටත් ගහලා යකාගෙ දත් දෙක කොට කෙරෙව්වා.ආවා මෙතන මගෙ ඔලුවෙ හැප්පෙන්න.යක් පගයා! කෝමහරි ගෙස්ට්ස්ලා ටික එද්දිම වගේ කට්ටඩියට උන්නු එකා බෙර පදේකුත් ගහලා යාතිකාවක් වගේ එකක් පටන් ගනිද්දි දුම්මල කාලා අඩ අඩ උන්නු යකා නටන්න ගත්තා.

කොහොමහරි මුළු ඔක්කොගෙම වගේ අවධානෙ අපේ හවුස් එකට ඒ වෙද්දි එල්ල වෙලා තිබ්බා.ගෙස්ට්ස්ලා ඔක්කොමල්ලා කට ඇතුලෙන් ඇතුලට ගිහින් ඇතුලත් බලලා ආයෙමත් එලියට ඇවිත් සෑහෙන්න හොද කිව්වා අපිට.මායි නේත්‍රයි හෙනම ගැම්මෙන් උන්නෙ.ක්‍රීඩා ඇමතියා නේත්‍රගෙ ඔලුවත් අතගාලා මට තට්ටුවකුත් දාලා හොද කියද්දි මුදියන්සෙ නම් හෙන තද බැල්මක් දාගෙන නේත්‍ර දිහා බලන් හිටියා.නේත්‍ර ඉස්කෝලෙ මෙහෙම තැනක් තියාගෙන ඉන්න බවක් මුදියා දන්නෙ නැද්ද කොහෙද? නේත්‍ර ඔලුවවත් උස්සලා බැලුවෙ නෑ.නේත්‍රට මෙවෙලෙ දැනෙන හැගීම ගැන මට අමුතුවෙන් හිතාගන්න ඕනි වුණේ නෑ.මම නේත්‍රගෙ අත අල්ලලා තද කලේ මම ඌ එක්ක ඕනිම දේකට ඉන්න බව පෙන්නන්න.

කොහොමහරි මුදියන්සෙ ගියාට පස්සෙ නේත්‍ර එතනම බිම ඉදගත්තා.මම වැඩේට සහභාගී වුනු පොඩි උන් ටිකටයි, උන්ව බලාගෙන වැඩේ හරියට කෙරෙව්ව අපේ උන් ටිකටයි තෑන්ක්ස් කරලා නේත්‍ර ලගින්ම ඉදගත්තා.මායි නේත්‍රයි ඔහේ පිට්ටනිය දිහා බලන් හිටියා.ටිකකින් ලොකු හුස්මක් පහල දැම්ම නේත්‍ර අපි ගාවින් ඉදගත්ත යකාගෙ ඔලුව අතගගා හිටියා.මට යකා නටද්දි මතක් වුණේ.මහතුන් මාමා හිටියනම් සික් එක ගහයි නේද? එයාගෙ යකාව මතක් වෙලා.

මීඩියා එකේ උන් පන්දම දල්වන එකට announcement එක දුන්නම සුදු ඇදගත්තු කෙල්ලො වගයක් ග්‍රවුන්ඩ් එක මැද්දෙන් ඇවිදන් ගියා.මැද්දෙ හිටියෙ උපාධ්‍යා.ඒකිනෙ ඇතීනට ඉන්නෙ.කොහොමහරි උපාධ්‍යා ස්ටේජ් එකට නගිද්දි ආසව පෙරටු කරගෙන අපේ හවුසස් වල ගේම්ස් කැපාලා ටික ස්ටේජ් එක ඉස්සරහ හිටගෙන හිටියා.අපේ හවුසස් වල ගේම්ස් කැපාලා ටික හවුසස් වල ටී එක ඇදගෙන හිටියෙ.**** එකේ කැපා කට පාට,***** හවුස් එකේ පගා තද නිල්,අපේ රං කැටේ කලු සුදු ඔන්න ඔය විදියට.ආසව ඇදන් හිටියෙ ස්කූල් ස්පෝට්ස් ටී එක.අත් කැපුව ඒ ටී එක ආසව ඇදන් ඉද්දි සිරාවටම උගෙ අර හැන්ඩ්සම් ලුක් එක තව වැඩිවෙලා පෙනුනා.තද කලු කොන්ඩෙයි තද බැල්මයි එක්ක උගෙන් සිරාවටම පෙනුනෙ පට්ට පිරිමි පාටක්.නේත්‍රගෙ උනත් ඇස් දෙක දිලිසෙනවා එවෙලෙ.ආසව දිහාම නේත්‍ර බලාගෙන හිටියා.

අර ප්‍රතිඥාව කිව්ව්ට පස්සෙ හවුසස් වල ගේමස් කැපාලා හවුසස් ඉස්සරහට දුවං ඇවිත් හිටගත්තා.ඇතීනට උන්නු උපාධ්‍යා ඇවිල්ලා ඒකිගෙ පන්දම.....නෑ අර පන්දම ආසවයගෙ අතට දුන්නා.උපාධ්‍යගෙ අතින් පන්දම ගත්තු ආසව කොණේම තිබ්බ ***** හවුස් එක ඉස්සර හිටන් උන්නු ගේම්ස් කැපාගෙ පන්දම පත්තු කලා.එතකොට ආසවගෙ පස්සෙන් ඌත් දුවගෙන ඊලගට සෙන්ට්‍රල් හව්ස් එක ඉස්සරහට ආවා.ඔහොම ඔහොම අපේ හවුස් එක ලගටත් ඇවිත් නිමේතයගෙ පන්දම පත්තු කෙරුව ආසව නේත්‍ර දිහාට ඉක්මන් බැල්මක් දාන ගමන් දුවං ගියා.අන්තිමටම ආසවයි උගෙ පස්සෙන් සේනාව වගේ දුවං ආව හවුසස් වල ගේම්ස් කැපාලා ටිකයි ගිනි සිළුවෙ හය පැත්තෙන් තියලා තිබ්බ ලී පඩි ටික උඩට නැගලා ගිනි සිළුව පත්තු කලා.ආයෙ කට්ටියම පිලිවෙලට ග්‍රවුන්ඩ් එකෙන් දුවලා පිට වෙලා ගියා.

ඊලගට තිබ්බෙ ක්‍රීඩා පෙලපාලිය.අපේ ස්කූල් එකේ තියෙන ඔක්කොම ස්පෝට්ස් වල නිකං අර ප්‍රදර්ශනයක් වගේ එකක් තිබ්බෙ. රගර්,ක්‍රිකට්,ෆුට්බෝල්,වොලිබෝල්,චෙස්,බොක්සින්,ස්විමින්,කරාටෙ ඔය ඔක්කොගෙන්ම පුංචි පුංචි ටීම්ස් හදලා ග්‍රවුන්ඩ් එක වටේ වටයක් ගියා.ඒ පිටිපස්සෙන් හවුසස් වල නමයි ඒ පිටිපස්සෙන් හවුස් එකේ පාටට ඇදගත්තු පොඩි උන් ටිකක් ලස්සනට ඇවිදන් ගියා.ඔය ඔක්කොම ඉවර කරලා කතා ටිකත් පැවැත්තුවට පස්සෙ රිලේ ඉවෙන්ට්ස් පටන් ගත්තා.සීය හතර ටික දුවන්නෙ අන්තිම දවසෙනෙ.කොහොමහරි වයස් කාන්ඩ වල පිලිවෙලට තරග ටික තියාගෙන ආවා.අපේ හවුස් එකත් දින්නා.අපි කෑ ගැහුවා.අන්තිමටම අපේ තරගෙ ආවෙ.ස්ටාට් එකයි,එන්ඩ් එකයි ගන්න හිටියෙ ඇත්ලැටික්ස් කරන ඩබලක්.මායි නේත්‍රයි දෙක තුන දුවන්න හිටියෙ.

ඩෝං ගාන සද්දෙත් එක්ක පලවෙනියට උන්නු එකා හවුසස් ඔක්කොගෙම උන්ව පාස් කරලා ඇවිත් මට බැට්න් එක දුන්නා.මම බැට්න් එක අරං දුවද්දි ඇත්තටම මගෙ ඇස් වලට කදුළු ආවෙ අද වෙනදා වගේ දගලන්න බැරි උනත් මම දුවන පුංචි සීමාව ඇතුලෙ ඉදන් හයියෙන් කෑ ගහන දෙවින් පණවයි තෙවින් පගාවයි දැකලා.මම පුලුවන් උපරිම හයියෙන් දුවගෙන ගිහින් නේත්‍රට බැට්න් එක දුන්නා.ඒත් එක්කම මම දැක්කෙ නේත්‍ර දුවන සීමාව අතරමැද ඉදන් කෑ ගහන ආසවවයි දෙනෙත් අයියවයි.ඇත්තටම අපේ බැදීම කැඩෙන එකක් නෑ.ඒක හරි ශක්තිමත් කියලා මට හිතුනා.ජානකීත් බලන් ඉන්න ඇති එයාගෙ සිගිති දුවන හැටි.හුහ්!

ඊලහට ඩ්‍ර්ල් එක තිබ්බා.හුගක්ම හිටියෙ ඔය හය හත අට වගේ පොඩි උන්.ඕලෙවල් ඒලෙවල් එකෙක්වත් හිටියෙ නෑ.කොහොමත් කට්ටි පයිනවා ලොකු උන් ඕකෙන්නම්.මම අන්තිමටම ඩ්‍රිල් එකකට ගියේ හත වසරෙදි.එතනින් පස්සෙ මගෙ පෙනහැල්ලට ගල් බැස්ස නිසා මම ඩ්‍රිල් එකට ගියේ නෑ.හැමදාම ලමයි හොයන්න ඩාන්සින් මිස්ලා ක්ලාසස් වලට එද්දි මම නේත්‍රගෙ අත් අතරෙ සිහි නැති වෙලා හිටියා වගෙම නේත්‍ර මාව රැක බලාගන්නා වෙලා හිටියා.නේත්‍රයත් බේරුනා මම නිසා ඉතින්.

ඩ්‍රිල් එක ලස්සනටම කලා.අන්තිමටම ඩ්‍රිල් එක කල ඔක්කොම ලමයි එකතු වෙලා ස්කූල් ෆැල්ග් එක හදද්දි මම දැක්කා ඩ්‍රෝන් දෙක තුනක්ම උඩ යනවා.ලස්සනට ෆොටෝස් ටික වැදෙයි.පොඩි උන් ටික ගින්දර වගේ පෆෝම් කලා ඉතින්.

කාලෙ ගෙවිලා ගිහින් හවස් වීගෙනත් ආවා.මාච් එක යන්න ලග නිසා මම හවුස් ෆ්ලැග් එකත් අරං ගිහින් මට අදාල ප්ලේස් එකේ ඉදන් මගෙ හවුස් එකේ ලමයි ටිකව පෝලිම් ගැස්සුවා.මම එවෙලෙ අර නිල් බ්ලෙසර් එක ඒම දාලා හැන්ඩියා වගේ හිටියෙ.කෙල්ලන්ව පිස්සු වට්ටන දිවාස තමා මම හරිත? කෙල්ලො කියද්දි මට මතක් වුනේ අපේ ප්‍රයිමරියෙ උන්නු කෙල්ලෙක්ව.හෙන මහත කෙල්ලෙක් ඒකි.මම ඉස්සර නේත්‍රව එක පැත්තකින් තියං ඒකිව අනික් පැත්තෙන් තියාගන්නෙ ඒ කෙල්ලගෙ අත නිකං කොට්ටයක් වගේ සැප හන්දා.කෝමහරි ඔය කෙල්ල මගෙ සුවද මක්කයක් කාලා මම දවසක් බැන්නා.බැන්නට පස්සෙ දවසෙ ඉදන් මේ කෙල්ල මට චොකලට් ගෙනත් දෙනවා මාව යාලු කරගන්න.දවසක් කෝමහරි මේ කෙල්ල ඒ කාලෙ මාව චප්පං කරගෙන උම්මා පවා දෙනවා.සිස්සත්තෙන් පස්සෙ මොනා උනාද දන්නෑ.හම්බුනේවත් නෑ.ගමෙන් ගියා වගේ මතකයක් තියේ.මම කල්පනා කලේ ඒ කෙල්ලව කොහොමද ලගකදි හම්බෙලා අපි දෙන්නා හැප්පිලා මම විසික්කෙලා ගිහින් ඒ කෙල්ල මාව අල්ලගෙන පොඩි රොමෑන්ටික් සීන් එකක් වෙලා අර වෙයිට්ලිෆ්ටින් ෆෙයරි කිම් බොක් ජෝ එකේ වගේ කෙල්ලයි මායි සෙට් උනොත්.ම්ම්.....දිවාස ලව් කරන්නයි යන්නේ.....

මාච් එකනම් තනිකරම යන්නෙ කැඩෙජ් සාජන්ගෙ යටතෙ.ආර්ය බෑන්ඩ් එක ලීඩ් කරං ඉස්සරහින්ම ගියත් කැඩෙට් සාජන් තමා මූලිකත්වෙ.ඉස්සරහින්ම බෑන්ඩ් එක.ඊලගට කැඩෙට් සාජන්.ඊලගට පිටිපස්සෙන් රකිත අයියයි ආසවයයි. ඊලගට ඉතින් ගිය අවුරුද්දෙ දින්න පිලිවෙලට හවුසස් ටිකයි ඒ ඉස්සරහින් උන්ගෙ කැපයි.ඉස්සෙල්ලම දෙවින්පණලෑ හවුස් එක.ඊලගට දෙනෙත් අයියලෑ එක.ඊලගට අපි.සැකේ....අපි ගියපාර තුන් වෙනියො වෙලා කිච වෙලා ඉන්නෙ.මේ පාර දින්නොත් ඇත්තමයි මම අපිට වැඩියෙම කින්ඩි දැම්ම අර පග හවුස් කැපාගෙ මූණටම ගුඩුසක් ඇරලා එනවා.

මාච් එක ගියා.අපි අඩියක්වත් වැරැද්දුවෙ නෑ.එකක් සාජන් අපිට දුන්නු ට්‍රේනින් එක.අනික ඉස්කෝලෙ ගරුත්වෙ අපේ ඔලුවෙ තිබ්බ නිසා.ටිකක්වත් ඉස්කෝලෙ බාල්දු වෙන වැඩක් අපිට කරන්න ඕනි වුනේ නෑ.ගෙස්ට්ස්ලා ඉස්සරහින් යද්දි ඉතින් මම කෑගහන්නෝනි "කණ්ඩායම.....දකුණ බලා දකුණට.....හැරෙන්!" කියලා.හැම කැපෙක්ම ඒම කියනවා ස්ටේජ් එක ඉස්සරහිම් යද්දි.ඒත් එක්කම හවුස් ෆ්ලැග් එක ටිකක්.බිමට නවනවා.ඒ ඉතින් අර ආව අයට ආචාර කිරීමනෙ.දිවාසටද අනේ කෑගහන්න බැරි.කොහොමහරි අන්තිමට අපි හවුසස් පහම ස්ටේජ් එක ඉස්සරහින් හිටගත්තා.ප්‍රධානම තරග වල සහතික,පදක්කම් එවෙලෙ දුන්නා.අපි ප්ලෑන් කලා වගේම චැම්පියන්ස්ලා දෙන්නෙක් වයස් කාණ්ඩ දෙකකිම් අපිට ගන්න පුළුවන් වුණා.මම කොඩියත් ඇල කරන් සපත්තුවට හිර කරගෙන ගැම්මට හිටියා.මාච් එකටත් ලකුණු දෙනවනෙ ඉතින්.අම්මයි අප්පච්චියි බලාගෙන ඇත්තෙ මම දිහා.

අන්තිමටම ප්‍රධානම වැඩේට එන්ටර් වුණා.වින් කරපු හවුස් එක කියන එක.මේ වෙද්දි මාච් එකේ පිලිවෙල කැලේ.සමහර උන් නෑත් එක්ක පිටිපස්සෙ.ඒ වෙනුවට මුළු ඔක්කොම හවුස් වල ලමයි තම තමන්ගෙ හවුසස් වල කැප්ටන් පස්සෙන් රැස් වෙලා හිටියා.ඇත්තටම එවෙලෙ මගෙ පපුව පට්ටෙටම ගැහෙන ගමන් තිබ්බෙ.මම නේත්‍ර නිමේත් කාර්තික් වුනු මහන්සිය,කෙරුව කැපකිරීම් ඔක්කොම මට මැවිලා පේන ගමන් තිබ්බා.ඒත් එක්කම මගෙ උරහිසට දැනුනු හුරුපුරුදු ස්පර්ශෙ එක්ක මම ඒ පැත්ත බලද්දි මාත් එක්ක හිනා වුණු නේත්‍ර හවුස් එකේ කොඩිය මගෙ අතට ගත්තා.ඒකට හේතුව මට දැනුනා.හවුස් එක දින්නොත් ශීල්ඩ් එක ගන්න යන්න ඕනු හවුස් කැපා.එතකොට ෆ්ලැග් එක කවුරුහරි අරං යන්න එපායෑ.නේත්‍ර මගෙ හිතට විශ්වාසෙ දුන්නෙ අන්න ඒ ගැන.

පහ හතර කිව්වට පස්සෙ දෙනෙත් අයියලෑ එක තර්ඩ් ප්ලේස් ගත්තා කියලා කිව්වා.ඉතුරු අපියි ආසවලෑ හවුස් එකයි.ඇත්තටම ගියපාර තුන් වෙනියො වෙලා මේ පාර දෙක උනත් ඒක හොද උනාට මට ඕනි වුනේ දිනන්න.කොහොමහරි නේත්‍රගෙ සීතල අතක් ඇවිත් මගෙ අතකට තද වෙද්දි උරහිස වටේට ශක්තිමත් අතක් පැටලුනා.ඒ මොකද්ද මංදා එවෙලෙට දැනෙන රස්නෙ වගේ එකෙන් මම දැනගත්තා ඒ තෙවින් කියලා.දිනන්න පුළුවන් වෙලා කියලා මට හිතුනා.එහෙම්මම මම බලන් හිටියා.

"Winner of the ****** College Inter-House Sportsmeet......."

තත්පර ගාණක නිහැඩියාවක්.මගෙ පපුව ගැහෙන සද්දෙ මටම ඇහෙන්න ගත්තා.

"The championship goes to......."

ආයෙ තත්පර ගාණක නිහඩ බවක්.

"The championship goes to ***** House!!!!!!"

මම තත්පර ගාණකට වැටෙන්න වගේ ගියා.තෙව්න්ගෙ හයිය අත් එක්ක මට වැටෙන්න උනේ නෑ.නේත්‍ර වගේම මුළු හවුස් එකම කෑගහනවා මට ඇහුනා.මගෙ ඇස් වලින් කදුළු ගලන්න ගත්තා.ඒත් එක්කම තෙවින් මගෙ කන ලගට පාත් වෙනවත් මට දැනුනා.

"කදුළු හලන එක ඔයාට ගැලපෙන්නෑ යුගාන්.....හිනාවෙලා ඉස්සරහට යන්න.....ශීල්ඩ් එක ගන්න ගිහින්"

නේත්‍ර කොඩිය උස්සන් මාත් එක්කම දුවං එද්දි මම ඒ ප්ලේසස් වලට සර්ටිෆිකට්ස්,මෙඩ්ල්ස්,ශීල්ඩ්ස් දෙන වැඩේට හදලා තිබ්බ පොඩි ස්ටේජ් එකට නැග්ගා.ඇමතියයි,ප්‍රින්සිපල් සරුයි,මුදියන්සෙයි එක්ක ආශවත් එතන හිටියා.එකක් ඌ ස්පෝට්ස් කැපා.අනික ගියපාර විනින් හවුස් එකේ කැපා ඌ.ඇමතියා මට මෙඩ්ල් එක දාලා ඉවර උනාම කට්ටියම එකතු වෙලාමට ශීල්ඩ් එක දෙද්දි නේත්‍ර කොඩියත් අල්ලන් මගෙ පැත්තකින් හිටගෙන හිටියා.හැමෝටම අතට අත දීලා මම හවුස් එකේ කට්ටිය ලගට දුවං ඇවිල්ලා ශීල්ඩ් එක උස්සල පෙන්නද්දි කට්ටියම කෑ ගැහුවත් එච්චර දැගලුවෙ නෑ.මොකද මේකට උදව් වුණු අනික් ප්‍රධාන තුනම ඒ කියන්නෙ නේත්‍ර නිමේත් කාර්තික් තුන් දෙනාම මෙඩ්ල්ස් ගන්න ගිහින් හිටියා.උන් තුන්දෙනත් මෙඩ්ල්ස් දාන් ඇවිල්ලා හවුස් එකේ ලමයි ඉස්සරහින් හිටගනිද්දි ලමයි ටික කෑ ගහන් අපිව වට කරගත්තා.

ටිකකින් බලද්දි මම ශීල්ඩ් එකත් අතේ තියං ඉද්දි හිටියෙ පොලවට අඩි ගාණක් උඩින්.නේත්‍රයි නිමේතුයි කාර්තිකුයිත් මම එක්කම පාවෙවී හිටියා.හවුස් එකේ ඔක්කොමල්ලා එකතු වෙලා අපිව උඩ දාන ගමන් හිටියා.නේත්‍රගෙ අතේ තිබ්බ හව්ස් එකෙ කොඩිය නේත්‍ර උඩ යන නිසා පාවෙවී තිබ්බා.ඒත් එක්කම මම බැලුවෙ ඈතින් හිටගෙන මම දිහා සතුටින් බලන් හිටිය මගෙම උන් හතර දෙනා දිහා.මගෙ අයියලා හතරටම මම ආදරෙයි.තෙවින් පගත් අයියෙක්නෙ මොනා උනත්.

ටිකකින් අපිව බිමට බස්සද්දි ආසවයා හිටිය තැන ඉදන් ඒ හරියට දුවගෙන එන හැටි මම දැක්කා.ලමයි කොහොමත් දැන් පිස්සො වගේ දගලන නිසා කාටවත් ඒක් ලොකු ගානක් වුණේ නෑ.ආසව බයවෙන්න ඇති නේත්‍ර වැටෙයි කියලා.ඌට දවසක් කියවුණා උගෙ අත් අතරෙදි ඇරෙන්න නේත්‍රව වෙන කිසිම තැනකදි පරිස්සම් කියලා ඌට හිතන්න බෑ කියලා.කොහොමහරි මම බිමට බැස්සට පස්සෙ නිමේතයා පන්දමක් පත්තු කරගෙන ආවා.දැන් සෑහෙන්නම හවස් වෙලා අදුරත් වැටීගෙන එන ගමන් තිබ්බෙ.

මම මටම පොරොන්දු උනා වගේ අර පග හවුස් එකේ කැපාගෙ මූණටම ගුඩුසයක් ඇරලා ශීල්ඩ් එකත් උස්සගෙන ග්‍රවුන්ඩ් එක වටේට දුවන්න පටන් ගනිද්දි අර ඇවිලෙන පන්දම ගත්තු නිමේතුයි නේත්‍රලා කාර්තික්ලයි හවුස් එකෙ ලමයිනුයි මගෙ පස්සෙන් එන්න ගත්තෙ ඉස්කෝලෙ තියෙන චාරිත්‍රයක් ඉෂ්ට කරන්න.ඉස්සෙල්ලාම තිබ්බ දෙනෙත් අයියලෑ හවුස් එක ලගින් මම නතර වෙද්දි නිමේත් ඒකට ගිනි තිබ්බා.ඒත් එක්කම ආව අයියලා වගයක් ඒ වටේටම ගින්දර උන්ගෙ පන්දම් වලින් අල්ලද්දි මාලිගාවක් හදලා තිබ්බ ගැරට් එක ගිනි ගන්න පටන් ගත්තා.මුන් මේ අරං රගන්නෙ අර ගිනිසිළුව පත්තු කරන්න හවුසස් වලට දුන්නු පන්දම් ටිකෙන්.ඊලගට ආසවගෙයි දෙවින් පණගෙයි හවුස් එකේ පිදුරු වලින් හදල තිබ්බ නැවට තිබ්බ ගින්නනම් පට ගාලා ඇවිලුනා.පැවීලියන් එක හරියෙන් යද්දි අම්මයි අප්පච්චියි අත්පුඩි ගහනවා මම දැක්කා.මම ඒ දෙන්නට ශීල්ඩ් එක උස්සලා පෙන්නද්දි ඒ දෙන්නම මට තම්බ්සප් එකක් දුන්නා.ඔය වගේ අපේ හවුස් එකයි අනික්වයි ඔක්කොම ගිනි තියලා අපි අපේ ගමන පටන් ගත්තු තැනින්ම අවසන් කලා.

ශීල්ඩ්ස් මෙඩ්ල්ස් ඔක්කොම ස්පෝට්ස් රූම් එකෙන් පරිස්සමට තිබ්බ අපි ඊලගට ආවෙ ආයෙම ග්‍රවුන්ඩ් එකට.දැන් මල්වෙඩි සංදර්ශනයක් යනවා.ආසවලා ඒම එකක් සෙට් කරලා තිබ්බා.ඒකෙන් පස්සෙ ඩීජේ එක.නටලා නටලා මැරෙන්න තියෙන්නෙ.ආසවයව සෙනග අස්සෙ උසට උසේ පෙනෙද්දි මම එතෙන්ට සෙනග අස්සෙන් ගියා.මුලු පලාතම අදුරු වෙලා නිසා ලගම උන්ට ඇරෙන්න ඈතට කිසිම කෙනෙක්ව පැහැදිලිව පේන්නෑ.අනික ලමයි උනත් වෙන අය ගැන හොයන මානසිකත්වයක මෙවෙලෙ හිටියෙ නෑ.

ආසව නේත්‍රගෙ උරහිස උඩින් අත් තියාගෙන නේත්‍රගෙ පිට ආසවගෙ පපුවට තද කරන් හිටියා.නේත්‍රගෙ අර පට්ට ලස්සන බෝල ඇස් තිබ්බෙ අහසට හැරිලා.ආසවගෙ ඇස් තිබ්බෙ නේත්‍රගෙ පැත්තට හැරිලා.පලවෙනි මල් වෙඩිල්ල අහසෙ පුපුරනවත් එක්කම නේත්‍ර අත්පුඩියක් ගහලා උඩ පැන්නා.

"සුදුබේබි දැක්කද? එව්වා ලස්සනයි නේද සුදුබේබි?"

"හ්ම්ම්ම්"

ආසව නේත්‍රගෙ මූණ නොපෙනෙන නිසාද කොහෙද නේත්‍රගෙ දකුණු පැත්තෙන් ඇවිත් හිටගෙන නේත්‍රව ඇගට හිරකරගත්තා.නේත්‍රයා මල් වෙඩි දිහා බල බල කතා කලාට ආසවගෙ ඇස් දෙක තිබ්බෙ නේත්‍ර ලග.නේත්‍ර ලගම විතරයි.නේත්‍රටත් ඒක දැනිලද කොහෙද එකපාරටම ආසව දිහා බලද්දි ආසවත් නේත්‍ර දිහාම බලන් හිටියා.උන් දෙන්නා ටිකෙන් ටික ලං වෙද්දි ඕක මෙතන මොකෙක් හරි දැක්කොත් වෙන දේ දන්න නිසා මම මහ හයියෙන් කෑගහන් උන් දෙන්නගෙ පස්සෙන් හිටගත්තා.

"එළුවන් කන්නයි මම ආවේ...... එළුබෙටි කාපං මුදියන්සේ....."

ආසවයා මම දිහා මාරන්තික බැල්මක් හෙලලා අහස දිහාවට ඇස් හැරෙව්වා.මම මක් කලාටද ඉතින්.මම නැත්තං කොරයි උබලා.මාත් බලන් හිටියෙ මල් වෙඩි දිහා.කොහෙම්දෝ ඉදල ආව දෙනෙත් අයියා මාව තුරුල් කරගද්දි මමත් දෙනෙත් අයියට තුරුල් වෙලා මල් වෙඩි දිහා බලන් හිටියා.ඒ අස්සෙ මට එකපාරටම හිතුනෙ මම මෙහෙම රෑක තෙවින් එක්ක මල් වෙඩි බල....හුත්# බඩ දනවනෙ.

"දෙනෙත් අයියෙ....කෝමාරිකා බීම එකක් නෑ?"

"නෑ පැටියො....නෙක්ටො එකක්නම් තිබ්බා අර අපේ එකෙක්ගෙ අතේ ගෙනත් දෙන්නද?"

නෙට්ටො හොද නෑ අනේ ගෑස්ටික් වලට.හුහ්! මල්වෙඩි වැඩෙත් සුපිරියටම තිබ්බා.අන්තිමේදි ඉස්කොලෙ නම කියලා මල් වෙඩිල්ලක් පත්තු වෙලා ඒ වටේට නිල් කහ රතු මල් වෙඩි පත්තු වෙද්දි අපි ඔක්කොමල්ලා ඉස්කෝලෙ නම කියලා චියර් කලා.අර මයින්ද මාත්තයා කියනව වගේ "දැන් අපි සිංහල....අපි මුස්ලිම්...අපි දෙමල කියලා එකක් නෑ.දැන් ඒ කාලෙ ඉවරයි....මේකෙ ඔක්කොම එකයි!" වගේ "දැන් අපි ****,අපි **** හවුස්,අපි **** කියලා එකක් නෑ.....දැන් මේකෙ ඔක්කොම එකයි! මේක දැන් අපි ඔක්කොගෙම ඉස්කෝලෙ" වගේ ගැම්මක් තමා හරිතේ.

ඊලගට ඩීජේ එක පටන් ගත්තා.නේත්‍ර හෙමීට ආසවයට ලං වෙලා මොකක් හරි කියනව මම දැක්කා.ආසව ඒකට හිනා වෙලා නේත්‍රව අල්ලලා ලගට ගන්නවත් දැක්කා.කට්ටිටම නටන්න ගත්‍තා.නේත්‍රනම් නැටුවෙ නෑ.ආසවගෙ අත් අතරෙ පැද්දුනා විතරයි.හැබැයි ආසවයනම් පොඩි එකාව ඇගට තද කරං හිටියා මම දැක්කා.ආසවට නගියිද දන්නෑ නේද? නෑ ආසවට නගින්නෙ නෑනෙ.....

මමත් දෙනෙත් අයියා එක්ක නට නට ඉද්දි ටිකකින් දෙනෙත් අයියා නොපෙනී ගියා.මම දැක්කා දෙවින් පණයි තව කට්ටියකුයි එක්ක නටනවා.මාව දැක්ක දෙවින් පණ එන්න කියලා කතා කරද්දි මම ඒ පැත්තට යන්න හැදුවත් හයිය අතක් ඇවිත් මාව නතර කරගත්‍තා.

"මම යුගාන්ව හෙව්වා"

"හම්බුනානෙ.....දැන් පලයං"

"මෙන්න මෙහෙ වරෙං යුගාන් නටන්න....."

මම සුපුරුදු පරිදි මගෙ අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කරන්න ගත්තා.ගන්නම්ස්ටයිල් ප්ලේ වෙද්දි තෙවිනයා ඒ වගේම නටන්න ගත්තා.මට මූ එක්ක ඉද්දි නිකං අර මමම වෙන්න පුළුවන් කියන සීන් එක හොදටම දැනෙනවා.මම හිතේ හැටියට නැටුවා.නට නට ඉන්නැද්දි මම දැක්කා ආසව නේත්‍රව ඇදන් ග්‍රවුන්ඩ් එකෙන් එලියට යනවා.මම එහෙම්මම තෙවිනයවත් ඇදගෙන උන් දෙන්නගෙ පස්සෙන් ගියා.ආසව මගෙ පුංචි එකාට කරදරයක් කලොත් එහෙම.මම ටිකක් දුර යද්දි තෙවින් අත ඇදලා අරං ලමිස්සි වගේ ගස්සන්න ගත්තා.මේ මොකද මේ?

"මේ අදුරෙ ඇදන් යන්නෙ කොහෙද යුගාන්?"

"ඇයි උබ අහන්නෙ?"

"උබට තියෙන අසහනේ එක්ක හරි බයයි යුගාන්.කොහෙකට හරි ඇදන් ගිහින් මට මොනාහරි කලොත් එහෙම"

"අනේ වැඩේ කරන්නම මිනිහනෙ උබ....අර කවුද?"

තෙවින් එක්ක ඇරගද්දි මම දැක්කෙ අපේ පස්සෙන් එන තව දෙන්නෙක්ව.ලං වෙද්දි තමා දැක්කෙ දෙවින් පණයි.දෙනෙත් අයියයි! මුන් දෙන්නා මොකද්ද මේ කරන්නෙ?

"ඉක්මනට යමං දිවාෂ මල්ලි! ආසව පොඩි එකාව අරං අරහෙට දිව්වා.....ඕකව මඩවන්න පුළුවන් වෙන දේ දැක්කොත්"

මුන්ට තමා හාමුදුරුවනේ හොදම යාලුවො කියන්නෙ.අපි හතරදෙනා හොර බලල්ලු වගේ අරුන් දෙන්නගෙ පස්සෙන් යන්න ගනිද්දි මම එකපාරටම බැලුවෙ තෙවින් දිහා.ඌ අවුලෙන් නෙවෙයි කියලා පෙන්නන්න වගේ මම එක්ක හිනා වුණා.ඌ උනත් මෙහෙම අපි වගේම හැසිරෙන්න ඕනි.නේත්‍ර ආසව සම්බන්ධව උට විසේසයක් පෙන්නුවොත් එහෙම මුට හිත හදාගන්න අමාරු වෙනවා.ඌවත් නෝමල් අපි උන් දෙන්නා එක්ක ඉන්න මට්ටමට ගන්න ඕනි.

ආසව නේත්‍රව ඇදගෙන කෙලින්ම ගියේ කා පාක් එකට.අපි කට්ටිය ඒ හරියෙ තිබ්බ ඇට්ටේරියා ගහක් අස්සෙ ඉදන් පෙම් කුරුල්ලො දෙන්නා දිහා බලන් හිටියා.ආසව එකපාරටම නේත්‍රව කාර් එකේ දොරට හේත්තු කලා.යකෝ මූ! පොඩි එකාව කනවද දන්නෑ පගයා! මගෙ අසරණ නේට්ටයා.ටික වෙලාවක් නේත්‍ර දිහා ඌ බලන් හිටියද කොහෙද? අපිට පේන්නෙත් අර හෙවනැලි රූප වගේ.අදුරට මූණු පේන්නෑනෙ.ඒත් එක්කම ආසවයා කා එකේ පිටිපස්සෙ දොර ඇරලා ඇතුලට ගිහින් නේත්‍රවත් ඇතුලට අරං දොර වහගත්තා.

විනාඩි හතක් විතර ගියත් දෙන්නගෙන් එකෙක්වත් කාර් එකෙන් එලියට ආවෙ නෑ.මම නේට්ට වෙනුවෙන් උපන් කදුලක් පිසදාගෙන දෙවින් පණ දිහා බැලුවා.

"දෙවින් පණ මා දෙස බලන්න!"

"කියපං දිවාස මල්ලි".

"ආසවයා නේත්‍රගෙ කුමර බඹසර බිදිනවාවත්ද දෙවින් පණ?"

"අනේ මංදා දිවාස මල්ලි"

"පේනවද මගෙ ඇස් වල කදුළු?"

"මේ අදුරෙ ඔය ලබ්බවල් පේනවද යුගාන්?"

"උබ මගෙන් ගුටි නොකා ඉදපං තෙවින්!"

"සද්ද මුකුත්නම් ඇහෙන්නෑ නේද දිවාෂ පැටියො?"

"වාහනේ හෙල්ලෙන්නෙත් නෑ නේද දෙනෙත් අයියාහ්?"

"නෑ නේද? කිසිම අංගචලනයක් නෑ"

"යුගාන්! උබ මොනාද කල්පනා කරන්නෙ?"

"කාර් එක නොහෙල්ලෙන විදියෙ පොසිෂන් එකක් තියේද කියලා කල්පනා කරලා බැලුවෙ"

"යුගාන්!"

"ඉදපං දිවාෂ මල්ලි මාත් කල්පනා කරලා බලන්න"

"එහෙම එකක් තියෙනවද පැටියො?"

අන්තිමේදි අපිම ගිහින් දොරට තට්ටු කලාමත් එලියට ආවෙ ආසව විතරයි.නේත්‍ර එලියට බහින්න තියා ඔලුවවත් එලියට දැම්මෙ නෑ.හිච්චි එකාට ලැජ්ජා හිතෙන්න ඇති.කොහොමහරි ආසව නේත්‍රව එක්කන් ඉස්කෝලෙන් පිටවෙද්දි මම දෙවින් පණයි තෙවිනුයි එක්ක ආවා.දෙනෙත් අයියනම් ගෙදර වාහනේනෙ යන්නෙ.මම ගෙදර එද්දි අම්මයි අප්පච්චියි ඇවිත් වොශ් දාලා මම එනකං තේ බොන්න බලන් ඉදල තියෙන්නෙ.රෑට කන්න කලින් තේ බොන්නෝනි අනේ ගමනක් ගිහින් ආවට පස්සෙ.

අපි දින්නා.ශීල්ඩ් එකත් ගත්තා.අරූගෙ මූණට ගුඩුසෙකුත් ඇරියා.කල කැපකිරීම් වලට වටිනාකමක් ලැබුනා.හිග විනෝද වුණා.අද දවස මාරම හොද දවසක්.ඇත්තටම.

මට දොයිමතයි.මම දොයියනවා.ගුන බුස එහෙනම් හරිත!

මම දිවාස.

...................................................................................................

වචන 8920+ 🙂❤️

හුගක් දිගයි හැබැයි....එපා උනාද දන්නෑ කියවද්දි😪💔

ඔයාලත් ඉස්කෝලෙ කාලෙ ඔය හැම වැඩකටම වගේ සහභාගී වෙන්න.පස්සෙ කාලෙක අපිට මතක් කර කර සතුටු වෙන්න තියෙන්නෙ ඒ දේවල් තමා බබාලා❤️

මම මේක කියන්නෙ,

මමත් මගෙ පාසල් ජීවිතේ,අද දිවාෂ හිටිය තැන ඔය වගේම හිටියා🥺❤️ ඒ ජයග්‍රාහී හැගීම,කට්ටිම දින්නා කියන ඒ ගැම්ම මට එදා දැනුනා❤️ මම කණ්ඩායම ඉස්සරහට ඇද්දා කියන වටිනාකම මට ලැබුනා❤️ අදටත් මම මතක් කරන්න ආසා දවස් ඒවා❤️ දිවාෂගෙ අද ලියවුණු හැම වචනයක්ම ඇත්තටම කැමීලියාගෙ ජීවිතේතිබ්බ ඒවා....මීට් එක තුල ඒවා හොදද❤️

ඉතින් කතාව හොදනම් විතරක් අදහසක් දීගෙන යන්න❤️

මම ගිහින් එන්නම් බබාලා🥺❤️

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter