Back
Chapter 60

59 කොටස🤍✨

නිවාලන්න මා...

"සුදුබේබි....."

"ම්ම්ම්ම්"

"මම ඩාන්ස් කරන්න ආසා නෑනෙ"

"ආසා නැද්ද?නැත්තං  කට්ටිය ගොඩක් ඉන්න නිසා අපහසුද? ම්ම්ම්"

"ට්....ටිකක් අපහසුයි සුදුබේබි"

"මම ඉන්නවනෙ මැණිකෙ....මම එක්ක ඩාන්ස් කරමු.එන්න"

"හ්...හා සුදුබේබි"

පිට්ටනියෙම තද අදුරෙ වෙලිලා තිබ්බ වෙලාවෙ පාට පාට විදුලි බල්බ වලින් විතරක් පිට්ටනිය ආලෝකමත් වෙද්දි ආශවයි නේත්‍රයිත් කොල්ලො සිය ගාණකට මැදි වෙලා හිටියා.හැමෝම විනෝද වෙන එක අරමුණු කරගෙන හිටිය නිසා කාටවත් වෙන කෙනෙක් ගැන අවධානය යොමු කරන්න උවමනාවක් තිබ්බෙ නෑ.නේත්‍රගෙ අතින් අල්ලගෙන ආශව නටන්න ගනිද්දි නේත්‍රත් හිනා වෙවී පැද්දෙන්න ගත්තා.එකපාරටම ආශව නේත්‍රගෙ අතින් ඇදලා අරං නේත්‍රගෙ ඉණ වටේ ආශවගෙ ශක්තිමත් අත යවද්දි නේත්‍රට මතක් වුණේ මීට පැය කිහිපයකට කලින් බ්ලේසර් එක දාගන්න කියලා ඇදුම් මාරු කරන කාමරේට කතා කෙරුව ආශව කෙරුව වැඩේ.

නේත්‍ර කාමරේ ඇතුලට ගියාම දොර වහලා දැම්ම ආශව හෙමීට නේත්‍ර ලගට ඇවිදන් ඇවිත් නේත්‍රව පිටිපස්සෙන් තුරුල් කරගත්තා.කාමරේ කොණක තියලා තිබ්බ දිග කණ්ණාඩියෙන් තමන්ගෙයි සුදුබේබිගෙයි ප්‍රතිබිම්බ පෙනුනු හැටි නේත්‍රට මතක් වුණා.කණ්නාඩියෙන් පේන ප්‍රතිබිම්බෙන්වත් වහං කරන්න බැරි ආශවගෙ ආදරේ වෑහෙන ඇස් දිහා නේත්‍ර බලාගෙනම ඉද්දි නේත්‍රව පිටිපස්සෙන් තුරුල් කරංම ආශව කණ්ණාඩිය ලගට ඇවිදන් ආවා.තමන්ගෙ ඉණ වටේ එතිලා තිබ්බ ආශවගෙ අත් දෙක උඩින් තමන්ගෙ පුංචි අත් තියාගත්තු නේත්‍ර එහෙම්මම ආශවගෙ පපුවට වාරු උනා.

"අර මම කිව්ව එක පේනවද?"

"මොකද්ද සුදුබේබි?"

"සුරදූතයෙකුයි යකෙකුයි?"

"මගෙ සුදුබේබි යකෙක් නෙවේ...."

"තමා"

"එහෙනම් සුදුබේබි තමා මේ ලෝකෙ ඉන්න හොදම වගේම ආදරණීයම යකා"

"මගෙ හොද විතරක්ම දකින්නෙ ඇයි රත්තරනේ? අනික් හැම මිනිහටම මගෙ එක නරකක් හරි පෙනෙද්දි උබට මගෙ හොද විතරක් පේන්නෙ ඇයි?"

"එහෙම හොද නෑ?"

"නරක මිනිහෙක්ගෙ නරක දකින්න ඕනි නේත්‍ර.....මගෙ උනත් එච්චරයි"

"ඉතින් මගෙ සුදුබේබිගෙ නරකක් නෑනෙ?"

"ආහ්?"

"අනික් හැමෝම දන්නෙ,දකින්නෙ....එයාලා විවේචනය කරන්නෙ ආශව ඉරුගල්බණ්ඩාර කියන කෙනාව.සාගර මුදියන්සෙගෙ පුතාව.ඉස්කෝලෙ ටොප් බෝඩ් එකේ ඉන්න  ඔෆිසර්ව.ස්කූල් ගේම්ස් කැප්ටන්ව.ස්කූල් ක්‍රිකට් කැප්ටන්ව.කාටවත් ඔලුව නවන්නෙ නැති ආඩම්බරකාර ආශවව........

ඒත් මම දකින්නෙ,දන්නෙ මගෙ ඇත්ත සුදුබේබිව.ඇත්තම ආශවව.පුංචි කාලෙ හැමෝගෙන්ම අඩන්තේට්ටම් වලට යට වෙලා උන්නු පුංචි අසරණයෙක්ගෙ ජීවිතේ ලස්සන කරන්න මහ මිනිස්සු එක්ක පවා හැප්පුනු පුංචි සුදුබේබිව.....නලල පැලිලා ලේ ගලලා මම මැරෙන්න වැටිලා ඉද්දි,අර මහ රෑක තමන්ගෙ ජීවිතේ ගැනවත් නොහිතා වලව්වෙ වැඩකරන කෙනෙක්ගෙ පුතෙක් උනු මගෙ සිහි නැති සරීරෙ අර පුංචි අත් දෙකෙන් උස්සන් වලව්ව්ට දිව්ව සුදුබේබිව.....ලොකු හාමුදුරුවන්ගෙන් පිරිත් නූලකුයි පිරිත් පැනුයි ඉල්ලන් ජීවිතේට පය නොගැහුව රජයෙ ඉස්පිරිතාලෙකට මාව බලන්න ආව සුදුබේබිව...... වලව්වෙ උත්සවයක් වෙලාවට ඉස්සරහ ඉන්න මිනිස්සුන්ට කන්න ලැබෙන දේවල් හොරෙන් හරි උස්සන් ඇවිත් මගෙ බඩ පිරෙව්ව සුදුබේබිව......මම දෙන පුංචි දේත් ජීවිතේ හම්බුනු හොදම දේවල් විදියට සතුටින් පිලිගන්න සුදුබේබිව.....වෙන මනුස්සයෙක්ගෙ වැරදි බැල්මක්වත් මට වැටෙන්න නොදී,ඒ මිනිස්සු එක්ක හැප්පිලා මාව පරිස්සම් කරන සුදුබේබිව....මට උණ ගැනිලා ඉන්නැද්දි ජිවිතේට දරලිපක් පාවිච්චි කරලවත් නැති උනාට දර ලිප අවුලවගෙන මට බේත් තම්බලා පෙව්ව සුදුබේබිව...... දුවලා අමාරු උනාම අත් පුච්චගෙන උණු වතුරෙන් මගෙ කකුල් තැව්ව සුදුබේබිව...... මාව රැකගන්න සමහර තැන් වලදි ඩිංගම ඩිංගිත්තක් සැර කලාට, මගෙ හිත ඩිංගක්වත් නොරිද්දා මාව ආදරෙන් බලාගන්න,හැමදේම ආදරෙන් පැහැදිලි කරලා දෙන සුදුබේබිව......ඉතින් කොහෙද සුදුබේබිගෙ නරකක්? මම දන්න ඇත්ත සුදුබේබි මේ ලෝකෙ හොදම ආදරණීයම මනුස්සය වෙනකොට...."

"නේත්‍ර......"

"ජීවිතේට කා ඉස්සරහවත් කදුළු පුරවං නැති ඔය ඇස් දෙකේ මම කොච්චර නම් කදුළු දැකලා තියේද සුදුබේබි? ගල් හිතක් තියෙනව කියලා අනික් අය කිව්වට සුදුබේබිගෙ සංවේදීකම මම දැකලා තියෙනකොට, කා එක්කවත් ලේසියෙන් හිනා වෙන්නෙ නෑ කියලා අනික් අය කිව්වට ඔය මූණෙ එන ලස්සන හිනාව මම එක්ක ඉන්න හැම  මොහොතකම මම දැකල තියෙනකොට....... අනික් මිනිස්සු සුදුබේබි තද මිනිහෙක් කියලා හිතුවට ඒක බොරුවක් කියලා මම හොදටම දන්නවනෙ සුදුබේබි.සුදුබේබි තමා මේ ලෝකෙ ඉන්න ආදරණීයම මනුස්සයා......එතකොට ඒ මනුස්සයගෙ ආදරේ අයිතිකාරයා වෙන්න පුළුවන් උනු මම තමා මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම මනුස්සයා"

"ඔයාට බෑ මාව මෙහෙම අඩවන්න නේත්‍ර"

"මම කවදාවත් සුදුබේබිගෙ ඇස් වලින් එන දුක් කදුළු වලට හේතුවක් වෙන්නෑ.....සතුටු කදුළු විතරක් ආවම ඇති මගෙ සුදුබේබිගෙ ඇස් වලින්"

නේත්‍ර එහෙම්මම තමන්ගෙ ඇගිලි තුඩු වලින් ඉස්සෙද්දි ආශව තමන්ගෙ ඔලුව පාත් කලා.ආශවගෙ කමිසෙන් අල්ලගත්තු නේත්‍ර ආශවගෙ නලලෙන් තමන්ගෙ තොල් විනාඩි ගාණක් තිස්සෙ තද කරං හිටියා.නේත්‍රගෙ හිතෙන් සුදුබේබි වෙනුවෙන් ඉපදෙන ආදරේ දරන්න බැරුව තමන්ගෙ පපුව පුපුරයි කියලා නේත්‍රට තත්පර ගාණකට හිතුනා.තමන්ගෙ හිතේ සුදුබේබි වෙනුවෙන් තියෙන ආදරේ මුළු ජීවිත කාලෙ පුරාම කිව්වත් කියලා ඉවර කරගන්න බෑ කියලා නේත්‍ර දැනන් හිටියා.නේත්‍ර හෙමීට ආශවගෙ නලලෙන් තොල් ඈත් කරගනිද්දි නේත්‍රව එතනම තිබ්බ බිත්තියකට තද කල ආශව නේත්‍රගෙ මූණට නැවුණා.

"දැන් සුදුබේබිගෙ වාරෙ......දරාගෙන ඉන්න මැණික"

එහෙම්මම නේත්‍රගෙ දෙතොල් උඩින් තමන්ගෙ තොල් පෙති තද කල ආශව ටික වෙලාවක් තොල් නොසොල්වා ඉදලා ටිකෙන් ටික තොල් චලනය කරන්න ගත්තා.ආශවගෙ දෙතොල් නේත්‍රගෙ සිනිදු තොල් පෙති තෙත් කරද්දි නේත්‍ර ආශවග ඕනි දෙයක් කරගන්න ඉඩ දීලා බලාගෙන හිටියා.අද වෙනකංවත් නේත්‍ර ආශවගෙ හාදුවකට ආපිට ප්‍රතිචාර දක්වලා තිබ්බෙ නෑ වගේම නේත්‍ර හැමදාම ආශවගෙ හාදු හිතේ හැටියට වින්දා.නේත්‍ර ආශවගෙ හාදුවට ආපිට ප්‍රතිචාර නොදක්වන හේතුව, ඒ දේ කරන්නෙ කොහොමද කියන එක ගැන අවබෝධයක් නැතිකම කියන එක ආශවත් දැනන් හිටිය නිසා ආශව ඒ දේ කරන්න කියලා නේත්‍රට බලපෑමක් එල්ල කලෙත් නැහැ .

නේත්‍රගෙ උඩු තොල ඇති වෙන්න රස වින්ද ආශව එහෙම්මම නේත්‍රගෙ යටි තොල හෙමීට උරවන්න පටන් ගනිද්දි නේත්‍ර හෙමීට තමන්ගෙ පිට තිබ්බ බිත්තියට වාරුම උනා.ටික වෙලාවක් යද්දි ආශව තමන්ගෙ සීමාව පන්නගෙන එනවා කියන එක ආශවට තේරෙද්දි ආශව නේත්‍රගෙ තොල් වලින් හෙමීට ඈත් උනා.තමන්ගෙ කෙල වලින් දිලිසෙන නේත්‍රගෙ තොල් මාපටැගිල්ලෙන් පිහිදුව ආශව නේත්‍රගෙ නලලට හාදුවක් දෙන ගමන් නේත්‍රව තුරුල් කරගත්තා.

"යන්න පුලුවන්ද මැණිකෙ එලියට?"

"ඩිංගක් ඉන්න සුදුබේබි.....ඔහොම ඩිංගක් ඉන්න"

ආශව පපුව අස්සෙ මූණ ගහගත්තු නේත්‍ර ආශවගෙ සුවද විදිද්දි ආශව නේත්‍රව තද කරගෙන ඔලුව අතගෑවා.ටිකකින් ආශවගෙන් ඈත් වුණු නේත්‍ර ආශවගෙ පපුව උඩින් නිකට තියාගෙන ආශව එක්ක හිනාවෙද්දි නේත්‍රගෙ හුරතල්කම දරන්නම බැරි වුණු ආශව ආපහු පාරක් නේත්‍රගෙ දෙතොල් ඩැහැගන්න බැලුවත් ආශවගෙ පපුව අස්සෙ ඉක්මනට මූණ හංගගත්තු නේත්‍ර ඔලුව දෙපැත්තට වැනුවා.ටිකකින් නේත්‍ර කාමරෙන් පිට වෙද්දි ආශවත් හෙමීට නේත්‍රගෙ පස්සෙන් ආව හැටි නේත්‍ර මතක් කලේ හිනාවෙන ගමන්.මොනා උනත් එයාගෙ සුදුබේබි හරි රෝමාන්තික මිනිහෙක්!

"නේත්‍ර......."

කලින් උනු සිදුවීම ගැන කල්පනා කර කර හිටිය නේත්‍ර ගැස්සිලා ගියේ තමන්ගෙ කන ලගින්ම ඇහුනු ආශවගෙ ගැඹුරු කටහඩ නිසා.හැමදාම වගේ ආශවගෙ ඇස් වලින් එන බැල්ම නේත්‍රට දරාගන්න බැරි වුණා.දැන් තියෙන බැල්ම නේත්‍රට දරන්නම බැරි වුණේ ඒ බැල්මෙ ආදරේට වඩා දෙයක් ගැබ් වෙලා තියෙන නිසා බව නේත්‍ර දැනන් හිටියා.සාමාන්‍යෙන් සුදුබේබි තමන් එක්ක ගත කරන ආදරණීය වෙලාවල් වලදි ආදරේ විතරම විතරක් පිරුණු සුදුබේබිගෙ බැල්ම නේත්‍ර හරි ආසාවෙන් වින්දත්, ආදරණිය බවට එහා ගිය රෝමාන්තික අවස්ථා වලදි සුදුබේබිගෙ ඇස් වල පිරිලා ඉතිරිලා ගලන්න තියෙන ආදරේ අස්සෙන් පුංචි ආශාවක්, ශෘංගාරාත්මක බවක් ගැබ් වෙලා එන බැල්මනම් නේත්‍රට තවම දරාගන්න බැරි වුණා.ඒ ඇස් වල තියෙන්නෙ කොහෙත්ම රාගික බවක් නොවුණත්,සුදුබේබිගෙ ආදරණීය ශෘංගාරාත්මක බව නේත්‍රගෙ ආත්මෙම අඩපණ කරන්න තරම් ශක්තිමත් එකක් වුණා.

"සුභ පතන්නවත් බැරි උනානෙ මගෙ මැණිකට......Congratulations නේත්‍ර.....හවුස් එක දින්නනෙ කොහොමහරි"

"ත්.....තෑන්ක් යූ සුදුබේබි"

"ගොත ගහන්නෙ මොකෝ ම්ම්ම්?"

"ම්....මුකුත් නෑ....ස්.....සුදුබේබි"

"ඇත්ත කියන්න නේත්‍ර.....මම ඔයාට මුකුත් කියන්නෑ කියලා ඔයා දන්නවනෙ"

"ස්....සුදුබේබිගෙ ඔය බැ.....බැල්ම.....ඒක දරන්න බෑනෙ නේත්‍රට"

"ඒකද මේ? ම්ම්ම්?"

"සුදුබේබි!!!!"

නේත්‍ර ගොත ගගහා දුන්නු උත්තරෙත් එක්ක සෙල්ලකාර හිනාවක් මූණට නගවගත්ත ආශව නේත්‍රව එහෙම්මම අනික් පැත්තට කරකවලා තමන්ගෙ පපුවට නේත්‍රගෙ පිට හිටින විදියට තද කරගනිද්දි නේත්‍රට කෑගැස්සුනා.නේත්‍රව තමන්ගෙ පපුවට තද කරගත්තු ආශව නේත්‍රගෙ ඉණ වටින් අත් දෙක දාගෙන හෙමීට ඉණ පද්ද පද්ද නටන්න ගනිද්දි නේත්‍රත් රූකඩේ වගේ ආශවගෙ තාලෙට වැනුනා.නේත්‍රට ඒ හැගීම අමුතු උනා.කොච්චර ආශවගෙ අත් අතරෙ හිටියත් මේ විදියෙ ශරීර ගැටීමක් වෙලා තිබ්බෙම නෑ.ඒක නේත්‍රට අමුතු අත්දැකීමක් උනා.

වටපිට බැලුව ආශව කවුරුත්ම තමන්ට අවධානෙ නොදෙන බව තේරුම් අරං හෙමීට නේත්‍රගෙ ඉණ වටේ ග්‍රහණෙ වැඩි කරලා නේත්‍රව තමන් ලගට තව ටිකක් තද කරගන්න ගමන් නේත්‍රගෙ ලා රෝස පාට කන්පෙත්තක් ලගට කිට්ටු උනා.නේත්‍රගෙ කන් පෙත්තෙ තමන්ගෙ හීතල තොල් ගෑවෙව්ව ආශව හෙමීට ඒ කන් පෙත්ත උඩින් සිපුමක් තැවරුවෙ මේ අමුතු හැගීම එයාටවත් දරාගන්න බැරි තැන.ආශව ඒ පුංචි ස්පර්ශෙ පවා නේත්‍රට තදේටම දැනුනෙ නේත්‍රගෙ තිබ්බ සංවේදීබව නිසාමයි.නේත්‍රගෙ පුංචි අත් දෙකත් ඇවිත් ආශවගෙ ශක්තිමත් අත් උඩින් නතරවෙද්දි නේත්‍රගෙ තොල් පටවල් වෙවුලන ගමන් තිබ්බා.

"නේත්‍ර"

"ස්....සුදුබේබි?"

"අපි දෙන්නා ඉක්මනට කසාද බදිමුකො"

"අ...අනේ සුදුබේබි....."

"විහිලුවක් කලේ ලමයො.....කකුල් දෙක බැලන්ස් නැති උනේ මොකෝ?"

"සුදුබේබි කසාද බදිමු කිව්ව එකට නෙවේ එහෙම උනේ.....අද සුදුබේබි වෙනස්....කටහඩ පවා"

"ම්හ්.....කසාද බැන්දට පස්සෙ ඉන්න සුදුබේබි මීටත් වඩා වෙනස්"

"අ....අහ් ...... සුදුබේබි.....කවුරුහරි දකීවි"

"යං"

"කොහෙද?"

"කවුරුත් නැති හරියකට....මට නේත්‍ර එක්ක නිදහසේ ඉන්න ඕනි"

ආශව එහෙම්මම නේත්‍රගෙ අතින් ඇදගෙන දිව්වෙ පිට්ටනියෙන් එලියට.තමන්ගෙ පිටිපස්සෙන් දාමරික ඔත්තුකාරයො හතර දෙනෙක් එන වග නොදැන හිටිය ආශව නේත්‍රව ඇදගෙන ගියේ වාහන නවත්වලා තිබ්බ තැනට.නේත්‍ර දැන් ටිකකට කලින් හිටිය විදියට තමන්ගෙ ඇගට තෙරපෙද්දි දැනෙන අමුතු හැගීම ආශවගෙ ශෘංගාරාත්මක සිතිවිලි මේ වෙද්දිනුත් අවුලවලා තිබ්බා.නේත්‍රගෙ එක බැල්මක්,ස්පර්ශයක් ආශවව නිවන්න වගේම අවුලවන්නත් සමත් වෙද්දි ආශව තමන්ගෙ සීමාව පන්නන්නෙ නැතුව ඉන්න ලොකු උත්සාහයක් දැරුවා.ආශව කියන්නෙ නේත්‍ර වගේ අහිංසකකමට හැදුනු කෙනෙක් නොවෙන නිසා ආශව යෞවන වයසෙ එන හැගීම්,කරන දේවල් ගැන හොදට දැනගෙන හිටියා.ආශවට ඒ දේවල් වල අත්දැකීම් ලබන්න ඕනි තරම් අවස්ථාවන් ආවත් ආශවගෙ හිතේ ඔය කියන හැගීම් ඉපදෙන්නෙත් නේත්‍ර වෙනුවෙන් විතරක්ම නිසා ආශව තමන්ගෙ හැම දෙයක්ම නේත්‍ර වෙනුවෙන් වෙන් කරගෙන හිටියා.

ආශව නේත්‍රව හාදුවකින් එහාට අරං නොයන්න ප්‍රධානම හේතුව වුණේ නේත්‍රගෙ සංවේදීබව.ඊට එහා දෙයක් තමන් එකපාරටම කරන්න ගියොත් නේත්‍රට ඒක දරන්න බැරි වග ආශව දැනගෙන හිටියා.අනික පුංචි කාලෙ ඉදන් තමන්ගෙ තුරුලෙ හැදුනු නේත්‍ර ගැන ආශවට දැනෙන ශෘංගාරාත්මක බවට වඩා ආදරණීය බව වැඩි වුණා.ආශවට නේත්‍රව ඉදුල් කරන්න කිසිම වුවමනාවක් තිබුනෙ නැහැ.ඒ හැමදේටම තව සෑහෙන්න කල් තියෙන වග ආශව දැනගෙන හිටියා.තමන් එහෙම දෙයක් කලත් නේත්‍ර ඒකට විරුද්ධ නොවෙන වග ආශව දැනගෙන හිටියත් ආශවට නේත්‍රගෙන් මූලිකවම ඕනි උනේ ආදරය මිසක් රාගය නොවෙන නිසා ආශව තමන්ටම සීමා පනවගෙන හිටියා.රාගය එක්ක මුහු වුණු ආදරේ ලස්සන උනත් ආශවට දැන්මම තමන්ගෙ පුංචි ගැටපිච්ච පොහොට්ටුව පුප්පවන්න උවමනා උනේ නෑ.නේත්‍ර හරිම කාලෙට ලස්සනට පිපෙයි.ආශවගෙ අත් අතරෙම.

වාහන නවත්තපු තැනට ගිය ආශව එහෙම්මම නේත්‍රව තමන්ගෙ කාරයෙ දොරකට හේත්තු කරගනිද්දි නේත්‍ර අර මන්දාකිනියක්ම හැංගිලා තියෙන තමන්ගෙ බෝල ඇස් ලොකු කරගෙන ආශව දිහා බලන් හිටියා.මෙච්චර කඩවසම් පිරිමියා, තමන්ට වඩා දහ ගුණයක් හොද ලස්සන කෙනෙක් හොයාගන්න පුලුවන්කම තියෙද්දිනුත්,කිසිම දෙයක් නැති තමන්ට පණ දෙවැනි කරගෙන ආදරේ කරනවා නේද කියන එක මතක් වුණු නේත්‍රගෙ ඇස් දෙක ආදරෙන් පිරුණා.නේත්‍රගෙ ඇස් දිහාම බලන් උන්නු ආශවට ඒ ඇස් වල තියෙන ආදරේ දරන්නම බැරි තැන හීන් සැරේ නැවිලා නේත්‍රගෙ නේත්‍ර දෙක උඩ සියුම් හාදු දෙකක් තැවරුවා.

"ස්.....සුදුබේබි....."

"දන්නවද මැණිකෙ? අද හුග දෙනෙක්ගෙ ඇස් තිබ්බෙ මගෙ මැණික ලග......සුදුබේබිට හරි ඉරිසියයිනෙ එතකොට"

"අ...අනේ සුදුබේබි"

"ශ්...ශ්.....මට මගෙ නේත්‍රව සාක්කුව අස්සෙ දාන් හංගගන්න හිතුනා...බෑග් එකට ඔබාගන්න හිතුනා..... කිසි කෙනෙක් නැති තැනකට අරං යන්න හිතුනා...මගෙ නේත්‍ර මගෙ විතරනෙ...."

"සුදුබේබිගෙ විතරමයි........"

"සුදුබේබි මගෙමැණිකව හිර කරනවා වගේද දෙයියො? එහෙමනම් සමාවෙයං මට....මට මගෙ මැණිකව රකින්න තේරෙන්නෙ මෙහෙම විතරයි"

"මම එහෙම හිතන්නැ කියලා සුදුබේබි දන්නවනෙ......අර සුදුබේබි කිව්වා වගේ,දවසක සුදුබේබි මාව බෑග් එකක ඔබාගෙන ගියත් මම සුදුබේබිට මුකුත්ම කියන්නෑ.....මම දන්නවා,සුදුබේබිට දෙයක් කරන්න මොකක්ම හරි හේතුවක් තියේ කියලා"

"නේත්‍ර එන්න එන්න ලොකු වෙනවා කියලා දැනෙනවා මට......ලොකු උනාට සුදුබේබිව දාල යන්න එපා හොදද? සුදුබේබිට ඉන්නෙ නේත්‍ර විතරයිනෙ"

"මම සුදුබේබිව දාල කොහෙ යන්නද සුදුබේබි? මගෙ ජීවිතේම සුදුබේබිනෙ"

"නේත්‍ර දන්නෑ....නේත්‍ර දැක්කෙ නෑ....අද කී දෙනක්නම් නේත්‍ර දිහා බැලුවද කියලා....එකාට එකාගෙ ඇස් වෙනස්....හැගීම් වෙනස්....මට බයයි මැණිකෙ එතකොට"

"ඒත් නේත්‍ර බය නෑනෙ.....සුදුබේබි ඉන්නවානෙ නේත්‍රව බලාගන්න"

"හැමදාම ......"

"හුම්ම්ම්......සුදුබේබි දැක්කෙ නෑනෙ සුදුබේබි දිහා බලාන උන්නු ගොඩ.....නේත්‍රට ඩිංගිත්තක් ඉරිසියා හිතුනා සුදුබේබි....නේත්‍ර නරක ලමයෙක් වෙනවා නේද?"

"තමන්ට අයිති දේකට ලෝභකම් කරන එක නරක වැඩක් නෙවේ නේත්‍ර......එහෙනම් මාත් නරකයිනෙ නේත්‍රට වඩා"

"හුම්ම්ම්.....සුදුබේබි දැක්කද ඕෂිණී කියන කෙනා එක්ක උන්නු ගෑනු ලමයව?"

"ගෑනු ලමයි උන්නෙ කොහෙද?"

"අයියෝ....සුදුබේබි දැක්කෙ නැද්ද?"

"එහෙම දැක්කෙ නෑ නේත්‍ර.....ඔයාවනම් දැක්කා.....අද අර ෆ්ලැග්ස් ඉස්සරහ හිටන් ඉන්නැද්දි නේත්‍රගෙ කොණ්ඩෙත් හුලගෙ ගියානෙ.....අම්මෝ එතකොට නේත්‍රගෙ ලස්සන.කොන්ඩෙ පැත්තට ගහගෙන වගේ යද්දි.....හුලං පාර නිසාද කොහෙද නේත්‍ර කනුත් රතු......"

"සුදුබේබිට පෙනිලා තියෙන්නෙ මාව විතර‍යිනෙ....අනේ නේත්‍ර කියන දේ අහන්නකො සුදුබේබි....නේත්‍රට ඒ ගෑනු ලමයා ගැන සැකයිනෙ"

"සැකයි?"

"එයා...එයා වෙනස් විදියට මගෙ සුදුබේබි දිහා බැලුවෙ....මම හැමදේම බලන් හිටියා .....එයාගෙ ඇස් වල බැල්ම හරි වෙනස් සුදුබේබි.....ඒක අමුතුයි"

"ම්ම්ම්ම්?"

"නේත්‍රට නපුරක් ලගයි වගේ දැනෙනවා සුදුබේබි..... ඒත් මට සුදුබේබිගෙන් ඈත් වෙන්න බෑ.....සුදුබේබි අහන්නකො...."

"මම අහං ඉන්නෙ මැණිකෙ.....කියන්න"

"සුදුබේබි මම පුංචියි කියලා හිතලා මට මුකුත් නොකියා ඉන්න එපා හොදද? මම දුර්වලත් නෑ සුදුබේබි....මට සුදුබේබි වෙනුවෙන් ඕනිම දෙයක් දරන්න පුලුවන්.මම කියෝපු සමහර කතා වලත් එක්කෙනෙක් අනික් කෙනා දුක් වෙයි,බය වෙයි කියලා හිතලා දේවල් නොකියා ඉදලා අන්තිමට එයාලට වෙන් වෙන්න වෙනවා....හැමදාටම නෙවේ ටික කාලෙකට හරි"

"ම්ම්ම්ම්"

"අනේ මට එහෙම ඉන්න බෑ සුදුබේබි.....මම දන්නෑ....මම නරක ලමයෙක්ද කියන්න....ඒත් මට සුදුබේබි නැතුව බෑ.....ඒ නිසා මට හැමදේම කියන්න සුදුබේබි....නේත්‍රගෙ ඇග පුංචි උනාට නේත්‍රට සුදුබේබි වෙනුවෙන් ඕනිම දෙයක් දරාගන්න පුළුවන්"

"මම දන්නවා රත්තරනේ.....මම ඒකනෙ මගෙ මැණික මත්තෙ මෙච්චර නැහෙන්නෙ"

"සුදුබේබි....ඕනිම ප්‍රශ්නෙකට එකට මූණ දෙමු...මට ඒකට හයිය තියෙනවා"

"මම දන්නවා රත්තරනේ..."

නේත්‍රගෙ මූණට බර වෙලා නේත්‍රගෙ කම්මුල් දෙකෙන් තමන්ගෙ ලොකු අත් තියාගත්තු ආශව නේත්‍රගෙ නලලෙන් සිපුමක් තැවරුවෙ හිත අහේතුවකම ලොකු බරකින් පිරිලා යද්දි.තමන් වෙනුවෙන් නේත්‍ර ඕනිම දෙයක් කරනවා කියන දේ ආශවගේ ඒ බයට හේතු වුණා.මොකද නේත්‍ර ඔව්වා කියන්නෙ කට වචනෙට නෙවෙයි හද පතුලෙන්ම වගත් ආශව දැනගෙන හිටියා.නොපෙනෙන නමුත් නොදුරු අනාගතෙ ගැන අහේතුක බයකින් ආශවගෙ හිතම පිරිලා යද්දි ආශව නේත්‍රගෙ හිස් මුදුනට නොනවත්වාම සිපුම් තැවරුවා.

"ඒ හයිය නිසාමයි මට බය රත්තරනේ"

ආශව හෙමීට මිමිණුවෙ නේත්‍රට නෑහෙන්න.ඒත් එක්කම ආශව දැක්කෙ ටිකක් එහාට වෙන්න ගහක් අස්සෙ නලියන හෙවනැලි වගයක්.උස හෙවනැලි ටිකක් අස්සෙ නලියන කොට හෙවනැල්ලක් දැක්ක ගමන් ඔතන ඉන්නෙ කවුද කියලා අමුතුවෙන් ආශවට හිතන්න වුවමනා වුණේ නෑ.එහෙම්මම නේත්‍ර ලගට කිට්ටු උනු ආශව නේත්‍රගෙ කන ලගට පාත් වුණා.

"අර වදකාරයො ටික ඇවිල්ලා"

"කවුද සුදුබේබි?"

"අර අපේ යාලුවො කියන වදකාරයො ටික"

"දිවාෂලද?"

"ඔව්...."

"සුදුබේබි දන්නෙ කොහොමද?"

"උස හෙවනැලි තුනයි කොට එකයි.....අර තෝරු මෝරු අස්සෙ ඔහොම දගලන එකම හාල්මැස්සා අර කොටානෙ ඉතින්"

"අනේ පවුනෙ සුදුබේබි...."

"ඒ මදිවට ඌටම හරියන හරක් යාලුවා දෙවින්....අර උගෙ බැජ් එකට ඒ හරියෙ තියෙන ලයිට් එක ලාවට වැදිලා දිලිසෙනවා....හොර වැඩක් කරන්න කලින් හරියට කරපංකො මම කියන්නෙ"

"අපි එයාලා ලගට යංද සුදුබේබි?"

"ම්හ්.....බෑ බෑ.....මට අද දවසෙ ඇරියස් කවර් කරගන්න තියෙනවනෙ මේ පුංචි මහත්තයගෙන්"

"අනේ සුදුබේබි"

"අරුන් ටික ඔන්නොහෙ මදුරුවො කවාගෙන ඉන්නැතෑ....ඔයා ඇතුලට එන්න නේත්‍ර"

ඉක්මනටම කාර් එකේ පිටිපස්සෙ දොර ඇරිය ආශව ඒක ඇතුලට නැගලා නේත්‍රවත් ඇතුලට ඇදලා ගනිද්දි නේත්‍රව ඇතුලට ඇදිලා ගිහින් වැටුනෙ ආශවගෙ උකුල උඩට.ටිකකට කලින් ආශවගෙ යටපත් වෙලා තියෙන හැගීම් මේ වෙලාවෙ උඩට ඉස්මතු වෙද්දි ආශව කාර් එක්සෙ දොර වහලා ලොක් කරලා නේත්‍රව ආසනේ දිගා වෙන විදියට නේත්‍රගෙ ඇග උඩට ආවා.කාත් කවුරුත්ම නැති තැනක, මේ වගේ රෑක, තමන් අවංකවම ආදරේ කරන මනුස්සයා එක්ක තනි වෙද්දි මෙහෙම හැගීම් උඩට එන එක හරි සාමාන්‍යයි.අනික ආශව කියන්නෙ හරි ක්‍රියාශීලී මනුස්සයෙක්.නේත්‍ර නොසෑහෙන්න ලැජ්ජාශීලී මනුස්සයෙක් උනාට ආශව තනිකරම ඒකෙ අනික් පැත්ත වුණා.

"සුදුබේබි!"

"ම්හ්හ්?"

"ඇ...ඇහ්....ඇයි මේ?"

"ඇයි ම්ම්ම්ම්?"

"අරගොල්ලො අතන ...... දකීවි එයාලා"

"දැන් කා ගැනවත් හිතන්න එපා.....මම ගැන විතරක් හිතන්න.....සුදුබේබි ගැන විතරක්"

"ම්ම්ම්ම්...."

"සුදුබේබිගෙ ඇස් දෙක දිහා බලන්න නේත්‍ර....කා ගැනවත් හිතන්න බෑ ඔයාට වෙන!!!"

නේත්‍රගෙ කලු බෝල ඇස් ආශවගෙ හීනි තද දුඹුරු ඇස් එක්ක පැටලෙද්දි නේත්‍රගෙ පුංචි අත් දෙක ගිහින් ආශවගෙ කමිසෙ පපුව හරියෙන් පැටලුනා.නේත්‍රගෙ නලල උඩින් සිපුමක් තැවරුව ආශව තමන්ගෙ තොල් එහෙම්මම රූටවගෙන නේත්‍රගෙ ඇස් නාහෙ පහු කරගෙන ඇවිත් නේත්‍රගෙ පිරුණු පුංචි දෙතොල් උඩින් නතර කලා.තමන්ගෙ ස්පර්ශෙ එක්ක නේත්‍ර ඇස් පියාගන්නවා දැක්ක ආශව එහෙම්මම නේත්‍රගෙ දෙතොල් තමන්ගෙ තොල් වලින් තෙත් කරවන්න ගත්තා.ටික වෙලාවක් නේත්‍රගෙ දෙතොල් තෙත් කරපු ආශව හෙමීට නේත්‍රගෙ යටි තොල තමන්ගෙ බාරෙට ගනිද්දි නේත්‍ර තමන්ගෙ කමිසෙ මිරිකලා අල්ලගන්න වග ආශවට දැනුනා.

නේත්‍රව මෙහෙම වින්දනයකින් පුරවන්න පුළුවන් එකම කෙනා තමන් කියලා දන්න ආශවගෙ හිතට ආවෙ ලොකු ආඩම්බරයක්.වෙන පිරිමියෙක්ගෙ හෝ වේවා ගැහැනියෙක්ගෙ හෝ වේවා අනවශ්‍ය ස්පර්ශයක් පවා පිලිකුල් කරන,ඒවට බය වෙන,එව්වගෙන් ගැලවෙන්න හදන නේත්‍ර තමන්ගෙ ස්පර්ශ ආසාවෙන් ආදරෙන් විදින හැටි ආශවගෙ හිතට එකතු කලේ ලොකුම ලොකු සතුටක්.අනික් පැත්තට නේත්‍රටත් එහෙම උනා.ආශවගෙ හැම හැගීමක්ම තමන් වෙනුවෙන් විතරක් ඉපදෙන එක ගැන, ආශවගෙ ආශවගෙ මේ වගේ ආසාවල් උනත් සපුරගන්නෙ තමන් එක්කම විතරක් වෙන එක ගැන නේත්‍ර හිටියෙත් ලොකු ආඩම්බරකමකින්.ඇත්තටම ආශව නේත්‍ර කියන්නෙ දෙන්නට දෙන්නා වෙනුවෙන්ම විතරක් පේවුනු පිරිමි ආත්ම දෙකක්! ඒ ගැන සැකයක් තිබුනෙම නැහැ!

නේත්‍රගෙ යටිතොල වගේම උඩුතොල ඇතිවෙන්න සිපගත්තු ආශව තවමත් නේත්‍රගෙ ඇගට බරක් නොදැනෙන විදියට නේත්‍රගෙ ඇගට උඩින් හිටියා.තමන්ගෙ ශක්තිමත් සිරුර නේත්‍රට දරන්න බැරි වෙයි කියන බය ආශවගෙ හිතේ හරියට හොල්මන් කලා.ආශවට පහලින් උන්නු නේත්‍රට උනත් දැනිලා තිබ්බා ආශව අද වෙනදට වඩා ටිකක් ආවේගෙශීලී වෙලා කියලා.නේත්‍රට ඒකෙන් කිසිම අපහසුවක්,අකමැත්තක් දැනුනෙ නැහැ.නේත්‍රට තිබ්බෙ තමන්ගෙම ඇග ගැන තිබ්බ අවිශ්වාසෙ විතරයි.ආශවගෙ හැම ස්පර්ශයක් හමුවෙම අඩපණ වෙන තමන්ගෙ ඇග ගැන අවිශ්වාසයක් විතරමයි.

"නේත්‍ර......නේත්‍රගෙ තොල්.....එව්වා නේත්‍ර රසයි"

"ම්හ්......සුදුබේබි...."

නේත්‍ර කෙදිරි ගෑවෙ ආශවගෙ ඇගෙන් එන උණුහුම දරන්නම බැරි තැන.එහෙම්මම නැවිලා ආපහු නේත්‍රගෙ තොල් අල්ලගත්තු ආශව නේත්‍රගෙ යටි තොල හෙමිහිට හපද්දි නේත්‍ර ලොකු කෙදිරියක් එක්ක කට ඇරියා.ආශවගෙ හිතුවක්කාර දිව නේත්‍රගෙ මුව ඇතුලෙ 'නේත්‍රගෙ රස' හොයද්දි නේත්‍ර පුරුදු විදියටම තොල් චලනය නොකර ආශවගෙ සිපගැනීමට යටත් වෙලා හිටියා.ඇති වෙන්න නේත්‍රගෙ මුව ඇතුලෙ සැරි සැරුව ආශව නේත්‍රගෙ තොල් දෙකම තමන්ගෙ මුව ඇතුලට අරගෙන හෙමීට උරද්දි නේත්‍ර ඇඹරෙන්න ගත්තෙ දැනුනු අමුතුම හැගීමට.නේත්‍රගෙ ඉණ උඩ තිබ්බ ආශවගෙ නහර පිරුණු අතක් පාසල් කමිසෙට උඩින්ම නේත්‍රගෙ ඉණ හෙමිහිට මිරිකද්දි මේ වෙද්දි දැනෙන හැගීම් දරන්නම බැරි වෙලා හිටිය නේත්‍රගෙ අත් දෙකත් පණ නැතුව පහලට කඩං වැටුනා.

නේත්‍රගෙ අප්‍රාණික බව තේරුම් ගත්තු ආශව තමන්ව ඉක්මනටම පාලනය කරගත්තා.නේත්‍රගෙ තොල් උඩින් තව සියුම් හාදුවක් තැවරුව ආශව නේත්‍රගෙ නලල උඩින් තමන්ගෙ නලල තියාගෙන හති අරින්න ගත්තා.නේත්‍රගෙ රතු වෙලා නලල දෙපැත්තෙන් ගලන දාඩිය තමන්ගෙ අතකින් පිහදැම්ම ආශව ආසනේ හරියට ඉදගෙන ආසනේ දිගෑදිලා තියෙන නේත්‍රගෙ කකුල් දෙක තමන්ගෙ උකුලෙන් තියාගෙන නේත්‍ර දිහා බැලුවෙ තමන්ගෙ දාඩියත් අතින් පිහිදගන්න ගමන්.නේත්‍රගෙ ලේ පුරලා ටිකක් ඉදිමිලා තියෙන පුංචි තොල් දෙක තමන්ගෙ මාපටැගිල්ලෙන් පිහදැම්ම ආශව නේත්‍ර දිහා එක එල්ලෙ බලාගෙන හිටියා.

නේත්‍ර අත් දෙකත් පහලට වට්ටවගෙන හයියෙන් හුස්ම උඩ පහල දාන ගමන් හිටියා.නේත්‍රගෙ ඇස් තවම පියවිලා තියෙන හැටි බලන් උන්නු ආශව නේත්‍රව හෙමීට උස්සලා අරගෙන තමන්ට තුරුල් කරගත්තා.ආශවගෙ උණුහුම දැනෙද්දි නේත්‍ර් ඇස් දෙක ඇරලා ආශව දිහා බලලා ලස්සනට හිනාවෙලා ඇස් පියාගත්තා.නේත්‍රගෙ ඇගේ තියෙන අප්‍රාණිකත්වෙ ආශවට දැනෙද්දි ආශව හෙමීට නේත්‍රගෙ පිටට තට්ටු දාන්න ගත්තා.

"ඇයි මැණිකෙ...."

"ඇගට පණ නෑ වගේ සුදුබේබි"

"ටිකක් මෙහෙම ඉමුකො....නේත්‍රට මම දෙ......ඒ ගමන කවුද දොරට ගහන්නෙ!"

"දිවාෂ නේද සුදුබේබි?"

"අප්පෝ මුගෙන්නම් මල වදයක් තියෙන්නෙ....නේත්‍ර ඔහොම ඉන්න...මම බහින්නම්"

"මමත් එන්නද සුදුබේබි?"

"එපා නේත්‍ර.......ඔයාගෙ තොල් වලට ලේ ටිකක් පුරවලා තියෙන්නෙ.....මම විතරක් නේත්‍රව ඔහොම දැක්කම ඇති හොදද?"

"හ....හරි සුදුබේබි"

වාහනෙන් එලියට බැස්ස ආශව දිවාෂ දිහා බලලා හොදට රවලා බලලා දොර වැහුවා.ටිකකින් එතෙන්ට දෙවින් තෙවින් දෙනෙත් තුනත් ඇදෙද්දි දිවාෂ හිටියෙ වාහනේ පිටිපස්සෙ ජනේලෙට හූනෙක් වගේ ඇලිලා.වාහනේ ඇතුල පේන්නෙ නැති එක ගැනනම් දිවාෂ හිටියෙ හරි කේන්තියකින්.

"කෝ නේත්‍ර?"

"ඇතුලෙ.ඇයි?"

"ඇයි අහන්නෙ? නේත්‍රව බලන්නෝනා"

"ඇයි නේත්‍රව නොදැක තමුසෙට රෑට නින්ද යන්නැද්ද?"

"අනේ මේ ආසව!උබ පොඩි එකාට මොනාහරි කරලද කියලා සැකයි මට"

"කලත් මොකෝ මගෙනෙ.උබේයෑ!"

"එහෙම බෑ.උබ නොහිටියනම් නේත්‍රව......"

"දෙවින්! උබේ මේ අපතයව අරං පලයංකො මෙතනින්.මූ නැත්තං කනවා මගෙන්!"

"හරි හරි....ආශවයා අපි දැන් යනවා....හෙට ඇවිත් වැඩ ටික පිලිවෙල කරමු නේහ්?"

"ඕ....මම ගෙදර ගිහින් කෝල් කරන්නම්"

"එලම....අපි කැපුනා එහෙනම්"

"හරි"

දෙවින් නේත්‍රව ඕනි කියලා කෑ ගහන දිවාෂවත් උස්සගෙන එතනින් යද්දි ආශව පිටිපස්සෙ දොර ඇරලා නේත්‍රව එලියට ගත්තා.නේත්‍රගෙ අප්‍රාණික ගතිය මේ වෙද්දි නැති වෙලා තිබ්බ නිසා නේත්‍ර ආශවගෙ කාරයෙ ඉදිරිපස අසුනෙන් ඉදගත්තෙ ආශව දොර ඇරලා දෙද්දි.නේත්‍ර ඉදගත්තට පස්සෙ දොර වැහුව ආශව රියදුරු අසුනට ගොඩ වෙද්දිත් නේත්‍ර බලාගෙන හිටියෙ ආශව දිහා.ආශවගෙන් ඇස් අහකට ගන්න බැරි තරම් ලෝභකමක් නේත්‍රට දැනුනා.කවදාවත් කිසිම දෙයක් දෙවියන්ගෙ නොයිල්ලපු නේත්‍ර දැන් දැන් සුදුබේබිව තමන්ගෙන් කවදාවත් ඈත් කරන්න එපා කියන දේ දෙවියන්ගෙන් ඉල්ලන්න පවා පටන් අරන් තිබ්බා.

"බඩගිනිද මැණිකෙ?"

"නෑ සුදුබේබි.....ඒ හැටි බඩගින්නක් නෑ"

"කමක් නෑ.....අපි මොනහරි කාලා යමු.....බඩගිනි නෑ කිව්වට බඩගිනියි කියලා මම දන්නවා මගෙ මැණිකෙට"

නේත්‍රගෙ පුංචි අතක් තමන්ගෙ අතකට මැදි කරගත්තු ආශව වාහනේ මහමාර්ගයට යොමු කලා.ටික වෙලාවකින් මොකක් හරි මතක් උනා වගේ නේත්‍රගෙ අතින් තමන්ගෙ අත අහකට ගත්තු ආශව කාර් එකේ කැබි එක ඇරලා ඒකෙන් පුංචි කවරයක් එලියට ගත්තා.නේත්‍ර දිහා බලලා හිනා වුණු ආශව නේත්‍රගෙ උකුල උඩින් ඒ කවරෙ තියද්දි නේත්‍ර ඇසුත් ලොකු කරං ආශව දිහා බැලුවා.

"සුදුබේබි?"

"ගිය පාර ටර්ම් ටෙස්ට් එකේ ලකුණු නිවාඩුවට පස්සෙ නේද දුන්නෙ?"

"ඔව් සුදුබේබි.....ගිය සතියෙ දුන්නෙ....අනේ මට වැඩ එක්ක සුදුබේබි කියන්න අමතක උනානෙ"

"ඒකට කමක් නෑ මැණිකෙ....ඔයා නොකිව්වට මම හොයා ගන්නවනෙ ඒවා.....ඔක්කොමට අනූවට වඩා තිබ්බ නේද?"

"ඔව්.....ඔව්....සුදුබේබි"

"ම්ම්ම්.....ඔය තෑග්ග ඒකට.....කඩලා බලන්නකො"

ආශව කියද්දි නේත්‍ර කවරෙ කඩලා බැලුවා.නේත්‍රගෙ ඇස් දෙකේ සතුටු කදුළු පිරුණෙ කවරෙ ඇතුලෙ තිබ්බ පොත දැකලා.නේත්‍ර ඒ පොත අතට අරගෙන ලොකු හුස්මක් උඩට ඇද්දෙ පොතේ සුවද විදින්න.නේත්‍ර සතුටුවෙන හැටි බල බලම ආශව ආයෙමත් කැබි එක ඇරියා.ඒ බව නොදැක්ක නේත්‍ර තමන්ට හම්බෙලා තිබ්බ පොත අතට අරගෙන ආසාවෙන් පෙරල පෙරල හිටියා.

"වස්සාන සිහිනය....."

නේත්‍ර පොතේ නම කියවලා පොත නිකමට පෙරල පෙරල හිටියා.ඒක් නේත්‍රගෙ පුරුද්දක්.ගත්තු ගමන් පොත නොකියෙව්වට ඒක නේත්‍ර නිකමට පෙරලනවා.නේත්‍රගෙ සතුට දිහා ආශව බලන් උන්නෙත් හරිම සතුටකින්.ආශව නේත්‍රව සතුටු කරන්න ඕනි හැටි හරියටම දැනගෙන හිටියා.ඒත් එක්කම තමන්ගෙ කකුල් උඩින් තව කවරයක් රැදෙන බව දැනුනු නේත්‍ර ඉක්මනටම ආශව දිහා බැලුවා.

"අද නේත්‍රලාගෙ හවුස් එක දිනන බව මම දැනගෙන හිටියා...... මේක ඒකට...නේත්‍රත් හුගාක් මහන්සි උනානෙ"

නේත්‍ර ආශවගෙ අතක් අරගෙන ඒ අතේ අල්ල උඩින් පුංචි සිපුමක් තවරලා ඒ කවරෙත් ගලවද්දි ආශව නේත්‍රගෙ ඔලුව අතගාලා තමන්ගෙ අත සුක්කානම උඩින් තියගත්තා.කවරෙ ගලවලා පොත අතට ගත්තු නේත්‍ර ආශව දිහා ආදරෙන් බලද්දි ආශවත් නේත්‍ර දිහා බලලා හිනා වුණා.

"දූවිලි?"

"ම්ම්ම්......අහලා නෑ නේද ඔය කතාව මීට කලින්?"

"නෑනෙ සුදුබේබි"

"ඕක ඒත් කියවන්නම ඕනි පොතක්....හරිම ලස්සනයි නේත්‍ර ..... මම ඕක කියවද්දි මුලින්ම ඔයාවයි මාවයි මවාගත්තා.ඒත් එක තැනකින් පස්සෙ මම අපි දෙන්නව මවාගන්න එක නැවැත්තුවා.....ඔයාම කියවලා බලන්නකො.ඕක මාරම ලස්සනයි"

"හරි සුදුබේබි"

ටික දුරක් ගියාට පස්සෙ පාර අයිනෙම තියෙන රෙස්ටෝරන්‍ට් එකක් ලග වාහනේ නැවැත්තුව ආශව නේත්‍ර එක්ක ඇතුලට ගිහින් කෑම කාලා ආපහු ගෙදරට යන්න පිටත් වුණා. රෑ නිසා වාහනේ ඒසී වහලා දැම්ම ආශව ජනෙල් අරිද්දි නේත්‍ර පුංචි එකෙක් වගේ වාහනේ ජනේලෙන් ඔලුව එලියට දාගත්තු නේත්‍ර හුලං වැදෙද්දි හිනා වෙන්න ගත්තා.

"ඕනිනම් සීට් එකට නැගලා ඔලුව එලියට දාගන්න නේත්‍ර....මේ වෙලාවට වාහන නෑනෙ"

"කමක් නෑ සුදුබේබි......එහෙම ඕනි නෑ...."

නේත්‍ර ආශව දිහා බලල කියද්දි ආශව නේත්‍රගෙ හිතේ තිබ්බ දේ තේරුම් ගත්තා.මොනා උනත් මේක මුදියන්සෙට අයිති වාහනයක් නිස නේත්‍ර උනත් නේත්‍ර ආසා විදියට හැසිරෙන්නෙ නෑ කියලා ආශව් දැනගෙන හිටියා.ආශවට මතක තිබ්බා නේත්‍ර පුංචි කාලෙ දිවාෂලගෙ වාහනේ ගිය දවසක ආසනේ උඩට නැගලා බෙල්ල එලියට දාන් හිනා වෙවී ගිය හැටි.වයසින් මේරුවට මේ ඉන්නෙ ඒ පොඩි එකාමයි කියලා දැනන් උන්නු ආශව දැන් කලින් කිව්ව දේ නේත්‍රට කිව්වත් නේත්‍ර ඒක හෙමීට ප්‍රතික්ෂේප කලා.

"මගෙම කියලා වාහනයක් ගත්තු දවසට එහෙම යං"

"හා සුදුබේබි"

"මම දවසක වාහනයක් ගත්තම ඉස්සෙල්ලාම කරන්නෙ මොකද්ද කියලා දන්නවද?"

"නෑ සුදුබේබි....මොකද කරන්නෙ?"

"නේත්‍ර එක්ක දලදා මාලිගාවට යනවා.....ඒක මගෙ හීනෙ කොටසක්"

"නේත්‍රට සුදුබේබි ගොඩාක් ආදරෙයි නේද......"

"නැත්තං......"

"සුදුබේබි....නිවාඩු වෙලාවක මාලිගාවෙ යමු? හුග කාලෙකින් ගියේ නෑ"

"යං...."

"බස් එකේ හැබැයි"

"ම්ම්ම්ම්?"

"බස් එකේ යං සුදුබේබි....වාහනේකින් මාලිගාවට යනවනම් ඒ සුදුබේබිගෙ වාහනේම වෙන්න ඕනි"

"එහෙම කරමු මැණිකෙ....."

"සුදුබේබි"

"ම්ම්ම්ම්?"

"මම සුදුබේබිගෙ අතකින් ඔලුව තියාගත්තොත් සුදුබේබිට වාහනේ ඩ්‍රයිව් කරන්න අමාරුද?"

"නෑ මැණිකෙ....තියාගන්න"

නේත්‍ර ආශවගෙ බාහුව උඩින් ඔලුව තියාගනිද්දි ආශව නේත්‍රගෙ හිස් මුදුනෙන් හාද්දක් තියලා වාහනේ පැදවෙව්වා.අද අප්පච්චි ක්‍රීඩා උත්සවේ ඉවර වුනු ගමන් කොලඹ ගිහින් බව දැනන් උන්නු ආශව බය නැතුවම වාහනේ වලව්වෙ ගේට්ටුවන් ඇතුලට දැම්මෙ ගෙට්ටුවෙ මුරකාරයා ගේට්ටුව අරිද්දි.වාහනේ වලව්වෙ වාහන නවත්තන තැනින් නැවැත්තුව ආශව තමන්ගෙ අත උඩ නිදන් ඉන්න නේත්‍රව හෙමීට ඇහැරවගත්තා.ආශවට නේත්‍රව උස්සගෙන යන්න පුලුවන්කම තිබ්බත් නේත්‍රව වගේම දෙන්නගෙ සම්බන්ධෙ අවදානමක දාන්න ආශවට වුවමනා වුණේ නැහැ.

"යං...."

"මං ගෙදර යන්නම් සුදුබේබි"

"රෑ 10.30 ත් පහුවෙලා නේත්‍ර....දැන් ගෙදර යන්න ඕනි නෑ"

"සුදුබේබි...."

"ම්ම්ම්ම්...."

"දොයි මතයිනෙ"

"ඒක තමා මෙහෙ ඉමු කිව්වෙ අද"

ආශව නේත්‍ර එක්ක වාහනෙන් බැහැලා වලව්ව පැත්තට ඇවිදන් ආවත් දොරකඩට එමින් ගමන් උන්නු ලොකු මැණිකෙව දැක්ක නේත්‍ර එහෙම්මම පිලිකන්න පැත්තට දුවල ගියා.ආශව එක්ක කතා කරන ලොකු මැණිකෙගෙ ඇහැ ගැටෙන්න කලින් එහෙම්ම ආශවගෙ කාමරේට දිව්ව නේත්‍ර ආශව එනකං පුටුව උඩට වෙලා ඉදගෙන සපත්තු ගලවන්න ගත්තා.

"නේත්‍ර ඇග සෝදන් එන්න එහෙනම්....මම ඇදුමක් දෙන්නම්"

තමන්ගෙ ලොකු කමිසෙකුයි සරමකුයි නේත්‍රට දුන්නු ආශව තමන්ගෙ තුවායත් නේත්‍රගෙ අතට දෙද්දි නේත්‍ර ඔලුව වනලා නාන කාමරේට ගියා.ආශවගෙ කලිසම් මේ වෙද්දි නේත්‍රට අදින්න බැරි තරම් ලොකු නිසා ආශව නේත්‍රට දුන්නෙ සරමක්.විනාඩි විස්සකට විතර පස්සෙ නාගත්තු නේත්‍ර කාමරෙන් එලියට එද්දි ආශව හිටියෙ ඉනටත් අත් දෙක තියාගෙන.

"සුදුබේබි?"

"රෑ වෙලා නෑවෙ මොකෝ? මෙහෙ එන්න කොණ්ඩෙ පිහින්න"

"මම පිහගන්නම් සුදුබේබි"

"මම එද්දි කොන්ඩෙ හොදට පිහං තියෙන්නෝනි නේත්‍ර....රෑ නාලා අසනීපයක් උනොත් එහෙම!"

නේත්‍රට ආදරණීය තරවටුවක් කල ආශව නානකාමරේට යද්දි නේත්‍ර ආශව දුන්නු පොත් දෙක පරිස්සමින් මේසෙ උඩින් තිබ්බා.ඒත් එක්කම නේත්‍ර දැක්කෙ පොත් මේසෙ තියලා තිබ්බ ආශවගෙ පොතක් අස්සෙන් එලියට ඇවිත් තිබ්බ මොකක්ම හරි දෙයක්.නේත්‍ර වැඩියෙ හිතල නොබල ඒක එලියට ඇදලා අරගෙන තත්පරයක් යන්නත් කලින් නේත්‍රගෙ ඇස් වල කදුළු පිරුණා.නේත්‍රගෙ ඇස් දෙක දිලිසුණේ හරි ආදරෙන්.

"මම චූටි කාලෙ...."

නේත්‍ර පුංචි කාලෙ ගැටපිච්ච මලකුත් කනේ රදවලා සුදුබේබි  ගත්තු ඡායාරූපයක පිටපතක් නේත්‍රගෙ අතේ රැදිලා තිබ්බා.නේත්‍ර ඒ දිහා බලන් හිටියෙ හරි ආදරෙන්.ඇත්තටම සුදුබේබි විහිලුවකටවත් වෙන කෙනෙක් ගැන හිතන්නෑ කියන එක නේත්‍රට ලක්ෂ වෙනි වතාවටත් තේරුම් ගියා.දත් ඔක්කොම එලියෙ දාන් ඉන්න තමන්ගෙ ඡායාරූපෙ දිහා බලන් හිටිය නේත්‍ර ඒ කාලෙ තමන් සුදුබේබි දෙන්නා හිටිය හැටි ආදරෙන් මතක් කරන එකෙන් මිදුනෙ පිටිපස්සෙන් ඇහුණු සද්දෙ නිසා.

"නිදාගමු නේද නේත්‍ර? මහන්සියි....කෝ කොණ්ඩෙ පිහගත්තද මෙහෙ එන්න බලන්න"

"පිහගත්තා සුදුබේබි.....හෙට සුදුබේබි උදේ යන්නත් ඕනි නේද?"

"ඔව් නේත්‍ර....ග්‍රවුන්ඩ් එක තිබ්බ විදියටම හදන්න ඕනිනෙ අපි......ඒ වැඩ ටික බලන්න යනවා.....ම්ම්....ටිකක් තෙතයි ඒත් කොන්ඩෙ"

"දොයියගමු සුදුබේබි...."

"නේත්‍ර ඇදේ අයිනට යන්න.....මම ලයිට් එක ඕෆ් කරලා එන්නම්"

ආශව තමන්ට පිටුපාලා යද්දි නේත්‍ර ඡායාරූපෙත් අතේ හංගගෙනම ගිහින් ඇදට ගොඩවෙලා ඇතිරිල්ල පෙරවගත්තෙ ඡායාරූපෙ පිටිපස්සෙ මොකක් හරි ලියල තිබ්බ බව දැක්ක නිසා.ටිකකින් විදුලි බල්බෙ නිවලා දැම්ම ආශව නේත්‍ර ලගින්ම ඇලවෙලා නේත්‍රව පිටිපස්සෙන් තුරුල් කරගනිද්දි නේත්‍රගෙ ආශවගෙ පපුවට ගුලි වුණා.

"ගුඩ් නයිට් නේත්‍ර"

"ගුඩ් නයිට් සුදුබේබි.....බුදුසරණයි"

"බුදුසරණයි මැණිකෙ....මාව විතරක් හීනෙන් දකින්න එහෙනම්"

"හයියෝ සුදුබේබි"

නේත්‍රගෙ ඔලුව පිටිපස්සෙන් සිපුමක් තැවරුව ආශව ටිකකින් ගෙරවිලි පිට කරන්න ගත්තෙ නින්දට වැටුනු නිසා.ආශවගෙ අත උඩින් තට්ටු දදා උන්නු නේත්‍ර හෙමීට තමන්ගෙ ඇතිරිල්ල අස්සෙ තිබ්බ ඡායාරූපෙ එලියට ඇදලා ගත්තා.ඡායාරූපෙ ටිකක් උඩට ඉස්සුව නේත්‍ර කවුලුවෙන් ගලාගෙන එන හද එලියට ඡායාරූපෙ පිටිපස්ස අල්ලද්දි ඒකෙ තිබ්බ පුංචි අකුරු ටික නේත්‍ර හෙමි හෙමින් කියෙව්වෙ සුදුබේබිගෙ සුවද තමන්ගෙ වටේ කැරකෙද්දි.හීතල රෑක,තමන් පණ වගේ ආදරේ කරන සුදුබේබිගෙ උණුහුමට ගුලි වෙලා,සුදුබේබිගෙන් හමන සුවද විදින ගමන්, සුදුබේබිගෙන් පිටවෙන ගැබුරු උනුහුම් හුස්ම තදේටම දැනෙද්දි නේත්‍ර හෙමිහිට ඡායාරූපෙ පිටිපස්සෙ තිබ්බ අකුරු ටික කියෙව්වා.

"නුඹ දැක මා නිවුණා......."

...................................................................................................

වචන 4000+ හරිතේ😪❤️

අදහසක් කියන් යන්ඩෝ අදත්👉👈

කැමීලියාට එස්සෑම් මේ ටිකේම එක දිගට.....මම දන්නෑ කවදා ඉවර වෙයිද කියලා.එයාලා දාන වෙලාවල් අපිවත්දන්නැ🙂 ඉතින් එක දිගටම අප්ඩේට් දෙන්න වෙන එකක් බෑ බබාලා🥺 සමාවෙන්න ඒකට මට 🥺💔

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter