Back
Chapter 61

60 කොටස🤍✨

නිවාලන්න මා...

"Y සමානයි E, W සමානයි J, AD සමානයි AS මේ තුනෙන් අපිට සාර්ව ආර්ථික සමතුලිතය ගණනය කරන්න පුළුවන්. Y කියන්නෙ ආදායම් වලට E කියන්නෙ වියදමට, එතනින් ආදායම සමානයි වියදම කියන ගණනය කිරීම සිද්ධ වෙනවා....ඊලගට J වලින් විදීම් හා W වලින් කාන්දුවීම් පෙන්නුම් කරනවා....එතනින් අපිට විදීම් සමානයි කාන්දුවීම් කියන ගණනය කිරීම සිද්ධ වෙනවා...අවසන් සමීකරණය, AD කියන්නෙ සමාහාර ඉල්ලුම එතකොට AS සමාහාර සැපයුම කියන ගණනය කිරීම සිද්ධ වෙනවා.....මේ තුනෙන්ම අපිට සාර්ව ආර්ථික සමතුලිතය ගණනය කරන්න පුළුවන් වුණාට මූලික වශයෙන්ම අපි උපයෝගී කරගන්නෙ පලවෙනි දෙක....සාර්ව ආර්ථික..........."

"සාර්ව ආර්ථික යැයි යැයි....විදීම් කාන්දුවීම් යැයි යැයි....හැච හැච චමා.....මොනාද බං අර උගන්නන්නෙ"

"අනේ මංදා දිවාෂ.....නේත්‍ර ඔයාට තේරෙනවද?"

"ඕ.....සුදුබේබි ඕක කියලා දීලා තියේ....මම ඔයාලට කියලා දෙන්නම් ෆ්‍රී පීරියඩ් එකක"

"මටත් සුදුබේබි කෙනෙක් හොයලා දීපල්ලාආආආආආආආආආආආ!!!!!!"

"දිවාෂ! මම ආව වෙලේ ඉදන්ම බලාගෙන හිටියෙ ඔය ලමයා දිහා! නලියන එකමයි වැඩේ! හරි ශෝක් ස්කූල් ඔෆිසර් නොමිනි කෙනෙක් හැසිරෙන විදිය! යාලුවා දිහා බලලවත් හැදෙන්න බලනවා!"

"එච්චරයි!!!"

"මොනාද තව කුටු කුටු ගාන්නෙ! ආයෙ එකපාරයි බලන්නෙ....පන්තියෙන් එලියට දානවා දිවාෂ!"

ගුරුතුමී දිහා බලලා හිනා වුණු දිවාෂ හරි උනන්දුවෙන් ගිණුම්කරනය පොතේ ආර්ථික විද්‍යාව සමීකරණ ටික ලියන්න පටන් ගත්තා.දැන් ක්‍රීඩා උත්සව ඉවර වෙලා සති දෙකක වගේ කාලයක් ගිහින් තිබ්බත් දිවාෂටනම් ඉගෙනීමට හිත යොමු කරගන්න එක අපහසු වෙලා තිබ්බා.කොහොමත් අදාල කාලෙට අදාල වැඩේ විතරක් කරන නේත්‍ර පාඩමට හොදට ඇහුම්කන් දීගෙන ඉද්දි නේත්‍රගෙ දෙපැත්තෙ හිටිය අපතයො දෙන්නනම් හොදට ඈනුම් අරින ගමන් හිටියා.

කාලච්ඡේදය ඉවර වුනු සීනුව නාද වෙද්දි ගුරුතුමී පන්තියෙන් එලියට ගිය ක්ෂනයට දිවාෂ නේත්‍රවත් ඇදගෙන පන්තියෙන් එලියට පැන්නෙ මූණ හෝදගන්න යන්න.නේත්‍ර එහෙම්මම ආර්යටත් එන්න කියලා කතා කරද්දි ආර්යත් දිවාෂයි නේත්‍රයි එක්ක ගියේ ජල කරාම සවි කරලා තියෙන ලගම තැනට.මූණ සෝදගත්තු දිවාෂ ආර්යටත් මූණ හෝදගන්න කියන ගමන් එතනම තිබ්බ ගල් බැම්ම පිහලා ඉදගත්තෙ ඊලග කාලච්ඡේදයට අදාල ගුරුතුමී පන්තියට ගියොත් ඒක දැන් ඉන්න තැනට පේන නිසා.දිවාෂ ලගින්ම උඩ පැන්න ආර්යත් ගල් බැම්මෙන් ඉදගනිද්දි නේත්‍ර එහෙම්ම බැම්මට හේත්තු වුණා.

"ආර්ථික විද්‍යාව යනු ප්‍රායෝගික විශයකි....ඔහොමනෙ බං පටන් ගන්නෙ ඉකෝන්"

දිවාෂ ලග තිබ්බ බට් ජම්බු ගහෙන් කොලයක් කඩාගත්තෙ බට් ගස් සෑහෙන්න කොට නිසා.ජම්බු කොලේ කටේ ගහගත්තු දිවාෂ මහා පණ්ඩිතයෙක් වගේ කියවන්න ගනිද්දි ආර්යයි නේත්‍රයි සුපුරුදු විදියටම දිවාෂ කියන ඒවට හූමිටි තියන්න ගත්තා.

"පලවෙනි පාඩමේදි ඔය වගේ මහා පඩ ගොඩක් දාලා...පීපීසී වක්‍ර අදිදිම කියන්නෙ මොකද්ද? ආර්ථිකය තුල නිෂ්පාදනය කරන්නේ භාණ්ඩ දෙකක්‍ යැයි අනුමාන කරන්න! කෝ යකෝ ඉතින් ප්‍රායෝගිකත්වය? යැයි යැයි චමානෙ"

"දෙකත් අමාරුනෙ දිවාෂ.....අපිට දල අදහසක් ඔලුවට දාගන්න තමා ඉතින් එහෙම උගන්නන්නෙ"

"එහෙනම් අර වගේ පඩ නොදා ඉන්න ඕනි නේත්‍ර චූචියො....මොනා උනත් බීඑස් වල විතරයි බං ඇත්ත උගන්නන්නෙ"

"ඇත්ත හැබැයි නේහ්?"

"ඒකනෙ ආර්ය....ආර්ථික විද්‍යාවත් ආසවයා වගේ....පඩේ විතරයි !"

"අනේ අනේ දිවාෂ! සුදුබේබිට මුකුත් කියන්නෙපා හොදද?....."

"ඔය මූණ දිහා බලාගෙන බෑ කියන්න බෑනෙ රත්තරං....ඒ නිසා නොකියා ඉන්නම්"

"යං නේහ්? අර.....අකවුන්ට්න් මිස් එනවා"

දිවාෂ ගල් බැම්මෙන් පැනලා පස්ස පැත්ත හොදට පිහිදගෙන ආර්යගෙ පස්ස පැත්තත් පිහදමලා ආපහු වතුර ටිකකින් මූණ තෙමාගත්තෙ පන්තියට යන්න ඕනි නිසා.දිවාෂලා මූණ හෝදගන්න නිසා අනික් පැත්ත හැරුණු නේත්‍ර ජල කරාම තිබ්බ තැනින් පහලට බහින්න හැදුවත් නේත්‍ර හැරුණු පාර නේත්‍රව වැදුනෙ හයිය පපුවක.නේත්‍රගෙ චුට්ටං නාහෙ ඒ හයිය පපුව වැදෙද්දි නේත්‍ර නාහෙත් අත ගගා එහාට උනේ ඒ පපුවෙන් ආව උණුහුම අදුනගත්තු නිසා.

"ආව්වා සුදුබේබි....."

"රිදුනද?"

"ඩිංගිත්තක්"

"ඇස් දෙක උඩ තියං යද්දි ඔහොම තමා....පරිස්සමින් යන්න නේත්‍ර....මම නිසා හොදයි...වෙන එකෙක්ගෙ ඇගේ හැප්පුනානම් එහෙම?"

නේත්‍රගෙ ඔලුවට තට්ටුවක් දාලා තරවටු කරන ගමන් කිව්ව ආශව ගිහින් මූණ සෝදගන්න හැටි බලන් හිටිය දිවාෂ හෙමින් සැරේ ගිහින් නේත්‍රට ඇන්නා.

"ඇයි දිවාෂ?"

"ඈ බං....මුන්ගෙ පන්ති පැත්තෙ ටැප් නැද්ද දන්නෑ....නිකං ඉස්කෝලෙ තියෙන එකම ටැප් එක වගේ මේකටම ඇදෙන්නෙ"

දිවාෂගෙ කතාවට හූමිටියක්වත් නොතිබ්බ නේත්‍ර මූණත් රතු කරගෙන ආශව දිහා බලද්දි නේත්‍ර දිහා බැලුව ආශව පන්තියට යන්න කියලා සන් කලා.ආශවට ඔලුව වැනුව නේත්‍ර දිවාෂටයි ආර්යටයිත් එන්න කියලා පන්තියට යද්දි ජම්බු ගැටයක් අරං දෙවින්ගෙ කමිස කරෙන් ඇතුලට දැම්ම දිවාෂ ඔක්කොමල්ලව පෙරලගෙන පන්තියට දුවගෙන ගියා.

"ප්‍රින්ටවුට් අරං එන්න කිව්ව පේපර් එක ගන්න.....අරගෙන ඒකෙ සමාගම් ගාණ හදන්න ගන්න! විනාඩි 20යි දෙන්නෙ"

ගුරුතුමී ගුරු පුටුවෙන් ඉදගන්න ගමන් කියද්දි ලමයි හැමෝම ගාණ හදන්න ගත්තා.ආර්යනම් ගිණුම් ටික හරි ලස්සනට අඩිරූලෙන් හැඩ වැඩ කරලා ගහලා මේසෙට ඔලුව ගහන් නිදාගද්දි දිවාෂයි නේත්‍රයි දෙන්නා නම් දඩිබිඩි ගාලා ගාන හදන්න ගත්තා.දෙන්නගෙ උත්සාහෙ නිසා විනාඩි පහලවකින් ගාණ හදලා ඉවර කරද්දි නේත්‍රගෙ මූල්‍ය තත්වෙ තුලනය වුණත් දිවාෂගෙ මූල්‍ය තත්වෙ තුලනය වෙලා තිබ්බෙ නෑ.දිවාෂගෙ ගාණ බැලුව නේත්‍ර තත්පර ගාණක් ඇතුලත දිවාෂගෙ වරද හොයාගත්තා.

"දිවාෂ,ඉඩම් ප්‍රත්‍යාගණනය වැරදියිනෙ ඔයාගෙ....ඒක හදන්න....තුලනය වෙයි"

"කෝ....අප්පටසිරි....එතනින් ලක්ෂ අට එනවා නේහ්...තැන්කූ නේත්‍ර චූචියෝ"

"ඔයා අමාරු ගැලපිලි ඔක්කොම හරියට හදලා....ලේසිම එකනෙ වරද්දන් තියෙන්නෙ.... දිවාෂ තව ටිකක් කල්පනාවෙන් ගණන් හදන්න"

"ඔව් නේද? මම එහෙම කරන්නම්"

ජීවිතේට මෙලෝ මිනිහෙක් කියන දෙයක් කනට නොගන්න දිවාෂ උනත් ජීවිතේට නේත්‍රගෙ වචනෙකට පිටින් ගියේම නැහැ.දිවාෂ වගේ කුපාඩි චරිතයක් ආම්බාන් කරන්න තරම් නේත්‍ර දරුණු චරිතයක් තිබ්බ කෙනෙක් නූනත් නේත්‍රගෙ නිවුණු ගති පැවැත්ම,දෙයක් පැහැදිලි කරලා දෙන සංයමය, නේත්‍රගෙ තියෙන දයාබරත්වෙ එක්ක නේත්‍රට ආදරේ කරන ඕනිම කෙනෙක් නේත්‍ර කියන දේවල් වලට එකග වුණා.නේත්‍ර කියන දේවල් වැරදුනෙත් හරිම අඩුවෙන්.වැරදුනේම නැති තරම්.ඒ නිසා නේත්‍ර කියන දේවල් අහන්න,පිලිගන්න කිසිම කෙනෙක් පැකිලුනේ නැහැ.

"එක්ස්කියුස් මී මෑම්"

දොරකඩින් ඇහුණු කටහඩට හැමෝම ඇස් උස්සලා බලද්දි ගුරුතුමීගෙ අවසරේ එක්ක රකිත ඉස්සෙල්ලාම පන්තිය ඇතුලට පය තිබ්බා.ඒ පිටිපස්සෙන් දෙවින් පන්තියට ඇතුල් වෙද්දි අත් ඔරලෝසුව හද හද ඇවිදන් ආව ආශව දෙවින්ගෙ පිටිපස්සෙන් පන්තියට ඇතුල් වුණා.දෙවින්ව දැක්ක දිවාෂ අතේ තිබ්බ පෑනත් උස්සගෙන දෙවින්ට අත වනද්දි දිවාෂ දිහා බලලා හිනාවුණ දෙවින් පන්තියෙ ලමයිට මූණ ලා හිටගත්තා.ආශවව දැක්ක නේත්‍ර තමන්ගෙ අතේ තිබ්බ ලේන්සුව තද කරලා මිරික ගනිද්දි නේත්‍රගෙ රතු වෙලා තිබ්බ මූණ දිහා බලන් හිටිය ආශව සෙල්ලක්කාර හිනාවකින් නේත්‍රට සංග්‍රහ කරලා රකිත දිහා බැලුවා.

ගුරුතුමී ලගට ගිහින් මොකක් හරි කියලා අවසර ගත්තු රකිත ආශව ලගට ඇවිත් සන් කරද්දි රකිතට කෙටි බැල්මක් දුන්නු ආශව තමන්ගෙ ගැඹුරු හඩ අවධි කරද්දි ලමයි ඔක්කොම නිශ්ශබ්ද වුණා.ආශව ක්‍රීඩා නොකලනම්,ක්‍රීඩා නායකයා නූනනම් අද ස්කූල් සීනියර් ඔෆිසර් කියන තැන රකිත වෙනුවට ඉන්නෙ ආශව කියන එක නොරහසක් වුණා.ආශවට තිබ්බෙ රකිතටවත් නොතිබ්බ විදියෙ පෞර්ෂයක්.ආශවගෙ එක බැල්මකට වැඩිහිටි කෙනෙක්ව උනත් මෙල්ල කරන්න පුළුවන් හැකියාවක් තිබුනා.රකිත උනත් හුගක් වෙලාවල් වලදි ආශවට ඔලුව නැවුවා.එතන තිබ්බෙ රකිතගෙ පෞර්ෂයෙ අඩුවක් නෙවෙයි.ආශවගෙ පෞරුෂය තුල තිබ්බ වැඩිකම.

"ලමයි! ඇනුවලි ප්‍රිෆෙක්ට් ගිල්ඩ් එකෙන් කරන 'සිසු දිරිය' ප්‍රෝග්‍රම් එක අපි නෙක්ස්ට් මන්ත් එකේ කරන්න තීරණය කරලා තියෙනවා.ක්ලාස් එකකින් හතර දෙනා ගානෙ ඒලෙවල් සෙක්ෂන්ස් වලින් අපේ කමිටි එකට මෙම්බස්ලව ගන්නවා.ක්ලාසස් වල ඉන්න ස්කූල් ඔෆිසර් නොමිනීස්ලට අමතරව තමා අනික් අයව තෝරගන්නෙ.ඒ කියන්නෙ,මේ ක්ලාස් එකේ නොමිනීස්ලා දෙන්නෙක් ඉන්නවනම්,ඒ දෙන්නට අමතරව තව දෙන්නෙක්ට චාන්ස් එක තියෙනවා.ඉතින් කැමති අය ඉන්නවනම් කියන්න....වැඩ කරන්න තියෙන්නෙ අපි එක්ක! වැඩ කරන්න කැමති අය ඉන්නවනම් කියන්න!"

මුල් ටික සාමාන්‍ය විදියට කිව්වට අන්තිම හරියෙදි මුලු ඉස්කෝලෙකම ලමයි 'ආශව අයියා කතා කරද්දිනුත් හරි වසයි' කියන කටහඩ එලියට ආවා.ආශව කියලා ඉවර කරද්දිම වගේ ක්‍රීඩා උත්සව ඉවර වෙන කාලෙ කිට්ටුව ඉදන් නේත්‍රගෙ,දිවාෂගෙ,ආර්යගෙ තුන් දෙනාගෙම තුන්වෙනි ඇහැට නිරන්තරයෙන්ම අහු වෙන්න අරං තිබ්බ  මිකායෙල් දඩිබිඩි ගාලා පුටුවෙන් නැගිට්ටා.මිකායෙල් නැගිටිනවත් එක්ක දිවාෂයි ආර්යයි ඇස් දෙක රෝල් කරලා නේත්‍ර දිහා බැලුවත් නේත්‍රනම් කම්මුලුත් රෝස පාට කරං ආශව කතා කරන හැටි බලන් හිටියා.

"අයියේ, මම කැමතියි"

මිකායෙල්ගෙ කටහඩ එක්ක ආශවත් ඔලුව හරවලා මිකායෙල් දිහා බලද්දි අතේ තිබ්බ පොත අමුතු විදියකට අල්ලගත්තු මිකායෙල් ආශව දිහා බලාගෙන හිටියා.මිකායෙල්ගෙ බැල්ම තඹ සතේකට ගණන් නොගත්ත ආශව දෙවින්ට මිකායෙල්ව පෙන්නද්දි පන්තියෙ ඉස්සරහම පෝලිමේ මේසෙකින් ෆයිල් කවරෙ තියං ඒකෙන් කඩදාසියක් එලියට ගත්තු දෙවින් මිකායෙල් දිහා බැලුවා.

"ඔයාගෙ නම?"

"මිකායෙල්.....මිකායෙල් ඩි සිල්වා"

මිකායෙල් දෙවින්ට උත්තර දුන්නත් ඇස් දෙකනම් තිබ්බෙ ආශවගෙ ලග.රකිත එක්ක මොනාහරි කතා කර කර හිටිය ආශව මිකායෙල්ව නොදැක්කත් මිකායෙල්ගෙ කටහඩේ තිබ්බ අමුතු පොලඹවන සුළු ගතිය හොදට තේරුම් ගත්තු පුංචි නේත්‍රනම් මිකායෙල් දිහා එක එල්ලෙ බලන් හිටියා.නේත්‍රගෙ කලබල ගතිය තේරුනු දිවාෂ මිකායෙල් දිහා බලලා මොකක් හරි කියන්න කට ඇරියත් නේත්‍ර දිවාෂගෙ අතින් අල්ලලා එපා කියන්න ඔලුව හොලවද්දි දිවාෂ කට පියාගත්තා.

"ස්කූල් ඔෆිසර් නොමිනීස්ලා කවුද? එයාලගෙත් නම් දෙන්න!"

දෙවින්ව පැත්තකට කෙරුව ආශව පෑන අතට අරං අහද්දි රකිතයි දෙවිනුයි හිනාව තද කරන් හරි අමාරුවෙන් ඉස්සරහ බලන් හිටියා.දිවාෂ පුටුවත් පස්සට දාලා පන්තියම දෙක කරන් නැගිටිද්දි නේත්‍ර හෙමීට නැගිට්ටා.දිවාෂ දිහා බලපු ආශව දිවාෂට කතා කරද්දි දිවාෂ උනත් ගරුසරු ඇතුව කතා කලේ පෞද්ගලික ජීවිතේ ආශව කියන්නෙ දිවාෂගෙ ලගම කෙනෙක් උනාට ඉස්කෝලෙ ඇතුලෙදි,රාජකාරී මට්ටමේදි ආශව කියන්නෙ ඉහල තනතුරක් දරන කෙනෙක් කියන ගරුත්වෙ නිසා.

"නම?"

"දිවාෂ යුගාන් අයියෙ"

"ඩියුටි තියෙන්නෙ?"

"ග්‍රේඩ් ලෙවන් සෙක්ෂන් එක අයියෙ"

"හරි....ඊලග මල්ලි?"

දිවාෂ ඉදගත්තට පස්සෙ ආශවගෙ අර ඔක්කොම රැස් බැහැලා හරි මෘදු කටහඩකින් නේත්‍රට කතා කරද්දි ආර්යනම් හිටියෙ වතුර බෝතලේ මූණට තද කරං.කොච්චර මොනා උනත් රාජකාරී මට්ටමේදි ආශව පෞද්ගලිකත්වයට ඉඩ නොදුන්නත් නේත්‍රට සැලකුව විදියෙ වෙනසක්නම් වුණේම නෑ.රාජකාරියෙදි වේවා,ඉස්කෝලෙදි වේවා,ගෙදරදි වේවා කොහෙදි උනත් ආශවට නේත්‍ර කියන්නෙ නේත්‍රම උනා.

"මල්ලිගෙ සම්පූර්ණ නම මොකද්ද?"

"අමෝ අමෝ මල්ලිගෙ නම දන්නෙ නැති අයියා"

දිවාෂ වතුර ටික ඉස්මොල්ලෙ යවාගෙන කහින ආර්යගෙ පිටට තට්ටු කර කර හෙමීට කියද්දි ආයෙමත් ආර්යගෙ කෙල ඉස්මොල්ලෙ යන්න ගත්තා.නේත්‍ර ආශවගෙ මූණ දිහා කෙලින් නොබලා උත්තර දුන්නෙ දැන් ආශවගෙ ඇස් වල තමන්ගෙ ඇස් පැටලුනොත් ආශවගෙ බැල්ම වෙනස් වෙන බව අත්දැකීමෙන්ම දන්න නිසා.නේත්‍ර කියන්නෙ කොහොමත් තැන්පත් කෙනෙක් නිසා නේත්‍රගෙ මේ හැසිරීම කාටවත්ම ලොකු ගාණක් නොවුනත් නේත්‍ර ඉස්කෝලෙ අනික් ලමයි තමන් දෙන්නගෙ සම්බන්ධෙ ගැන සැක කරනවටවත් අකමැති උනේ ආශවගෙන් ඈත් වෙන්න වෙයි කියන බයට.

"නේත්‍ර සන්හිත ස්....අයියෙ"

"ඩියුටි තියෙන්නෙ කොහෙද මල්ලිට?"

"ග්‍රේඩ් ටෙන් සෙක්ෂන් එකේ අයියෙ"

"හරි මල්ලි,ඉදගන්න....අපි ඔයාලට ඉන්ෆෝම් කරන්නම් මොනාද වෙන්න ඕනි කියලා ඉස්සරහට හොදද?"

ආශව හරි මෘදු විදියට නේත්‍රට කියද්දි නේත්‍ර ඔලුව වනලා පුටුවෙන් ඉදගත්තා.පන්තියෙ ලමයි ටික දිහා ආයෙ බැලුව ආශව කතා කරන්න ගත්තෙ අර මෘදු බව සම්පූර්ණෙන්ම නැති උනු හඩකින්.ඇත්තටම ඒක ආශව හිතලා කරන දෙයක් නෙවෙයි.නේත්‍ර ඉස්සරහා ඉබේටම මෘදු වෙන කටහඩ වෙන මිනිස්සු ඉස්සරහදි රළු වෙන එක වෙන්නෙත් ඉබේටමයි.

"දැන් තුනයිනෙ ඉන්නෙ! තව එක්කෙනෙක්ට පුලුවන් ඉදිරිපත් වෙන්න! එකපාරක් කිව්වම තේරෙන්නෙ නැද්ද?"

"අයියෙ මම කැමතියි ජොයින් වෙන්න....මගෙ නම ආර්ය"

"හරි!"

ආශව ෆයිල් එක දෙවින්ගෙ අතට දීලා ගුරුතුමීටත් ස්තූති කරලා රකිතයි දෙවිනුයි එක්ක පන්තියෙන් පිට වුණේ නේත්‍ර දිහාවටත් කෙටි බැල්මක් හෙලන ගමන්.ආශව යන පැත්ත දිහා හැරිලත් බැලුව මිකායෙල් නේත්‍ර දිවාෂ ආර්ය දිහා බලලා සුහදව හිනා වෙලා ඉස්සරහ බලාගත්තත් අර තුන් කට්ටුවෙන්නම් ඒ තරම් සුහදශීලී හිනාවක් මිකායෙල්ට ලැබුනෙ නැහැ.දිවාෂ ආර්ය කියන්නෙ කොහොමත් එකක් කියද්දි ඒකට දෙකක් කියන මිනිස්සු දෙන්නෙක් වුනත් නේත්‍ර වගේ අහිංසක සුහදශීලී  කෙනෙක් ආපිට සුහදව හිනා නොවුනු එක පුදුමයක් වුණා.නේත්‍ර ඕනි දෙයක් ඉවසයි.ඒත් එයා එයාගෙ සුදුබේබිව ඈත් වෙන එක ඉවසන මනුස්සයෙක්නම් නෙවෙයි!

"රකිත මට හෙට ඉදන් ග්‍රේඩ් ටෙන් වලට ඩියුටි යන්න ඕනි....ගේට් එක ලග උබ බලපං"

"මොකෝ එකපාරටම? නේත්‍ර ඒකෙ ඉන්නවා කියලා උබ මුල ඉදන්ම දන්නවනෙ? අද මොකෝ මේ?"

"ඊයෙ දහය වසරෙ එකෙක් නේත්‍රට කී ටැග් එකක් දීලා....ඒ මදිවට ඒක හාට් එකක්....මට ලන්න හිතුනා ඇම්බැට්ටයගෙ මූණටම....නේත්‍ර ඒක ඊයෙ හවස පාරෙදි හම්බුනු ගමේ පොඩි එකෙක්ට දුන්නු නිසා මම ඉවසුවෙ"

ආශවගෙ කතාවට රකිතටයි දෙවින්ටයි හිනා යද්දි ආශව ඇස් රෝල් කරලා අහක බලාගත්තා.ආශව නේත්‍රට ආදරේ කරනවා හා සමානවම ලෝභකම් කරන නිසා නේත්‍ර සම්බන්ධ දේවල් වලදි ආශව ඕනිවටත් වඩා ආත්මාර්ථකාමී උනා.ආශවට ඔලුව නවලා එකග වුණ රකිත ප්‍රධාන ගේට්ටුව ලග රාජකාරී වලටත් එන ගමන් දහය ශ්‍රේණියටත් යන්න ආශවට අවසර දුන්නා.

"ප්‍රොජෙක්ට් එක කරන්න හිතන් ඉන්නෙ කොහොමද ආශවයා?....අපි ඉන්දීපලා එනකං කතා කරගමු.ඌ එයි තව ටිකකින්"

"හ්ම්ම්..... ස්කූල් එකෙනුත් අපිට යම් ගාණක් ලැබෙනවා....ඊට අමතරව මම බැලුවෙ ස්ටෝල්ස් ටිකක් දාන්න පර්මිෂන් ගන්න කියලා.... ඒකෙනුත් අපිට ගාණක් එකතු කරගන්න පුළුවන්..... ස්පොන්සස්ලගෙ සපෝට් එකත් හම්බෙනවනෙ....එතකොට අපිට ඇති වෙයි එකතු වෙන සල්ලි"

"ඩොනේෂන්ස් වලටත් කැමති අය ඉදියි නේද?"

"ඔව් රකිත....මම දෙවින් එක්කත් කතා කලේ ඒකයි....කැමති ඕනිම ලමයෙක්ට පුළුවන් අපිට ඕනිම දෙයක් දෙන්න ඒ වෙනුවෙන්.....අයි මීන්, පොත් පහ හයක් වුණත්.ඕනිම කෙනෙක්ට පුළුවන් විදියට....."

"ඒ වැඩේ හොදයි නේද දෙවින් ඇත්තටම? එතකොට අපි පොත් වලට අමතරව සපත්තු එහෙමත් දෙනවා....සයිසස් තමා ප්‍රශ්නෙ"

"අපි ඩොනේට් කරන්නෙ අනුරාධපුරේ තියෙන ස්කූල්ස් දෙකකට....එක ලගමයි දෙකම තියෙන්නෙ....මමයි ආශවයි කතා වුණේ සපත්තු ලමයි දාන සයිසස් අරං අපිට මේල් එකක් දාන්න කියලා ප්‍රින්සිපල්ස්ලට කියනවා කියලා.....අපේ වගේ ලමයි දාස් ගණන් නෑනෙ බං ඒවගෙ"

"ඔව් මචං ඒක ඇත්ත....ඒ ස්කූල්ස් දෙකම ප්‍රයිමරි ඉදන් ඕලෙවල්ස් වෙනකං තියෙන ඒවා...ඒත් ලමයි දෙසීයකට වඩා නෑ මුලු ඉස්කෝලෙටම.....දෙකේම එහෙමයි.....ආශව උබලගෙ අප්පච්චි ස්පොන්සර් කෙනෙක් වෙයි නේහ්?"

"ම්ම්ම්.....ඒ ගැන අවුලක් තියාගන්න එපා....අපේ අප්පච්චි,දෙවින්ලගෙ අප්පච්චි ෂුවර් අය......ස්පොන්ස් කරයි එයාලා"

"අපෙත් අප්පච්චි හරි.....අපේ කවුරුත් නැද්ද දන්නෑ ලමයෙක් බුක්ෂොප් එකක් තියෙන හෝ ප්‍රෙස් එකක් හරි තියෙන....අපිට එතකොට කොස්ට් එක අඩු කරගන්න පුළුවන්...."

"රකිත, අපි අද මේ ලමයි ඔක්කොමල්ලව ගෲප් එකකට ඇඩ් කරලා හෙට මීටින් එකක් තියෙනවා කියලා ඉන්ෆෝම් කරමු....එයාලගෙත් අදහස් අරං බලලා අපි වැඩේ ප්ලෑන් කරමු....මාසයක්වත් නෑනෙ ඒකටත්"

"ඔව් නේහ්? එහෙම කරමු එහෙනම්.....ආශවයා දෙවිනා,වරෙං අපි බ්‍රීෆ්ලි හදාගමු බජට් එක....ෂූස් වල ප්‍රයිසස් ඕනිම සයිස් එකකින් එකම ගාණද වෙන්නෙ........"

රකිත පෑනක් අතට අරගෙන අහද්දි ආශවයි දෙවිනුයි ප්‍රිෆෙක්ට් ගිල්ඩ් එකේ භාවිතයට පාසලෙන්ම ලබා දීලා තියෙන ලැප්ටොප් එක හා ටැබ් එක තම තමන් ලගට අරගෙන අවශ්‍ය තොරතුරු හොයන්න ගත්තා.ඒත් එක්කම කාමරයට ඇතුල් වුණු ඉන්දීප වායුසමීකරණය වැඩි කරන ගමන් රකිත ලගින් ඉදගෙන රකිතට උදව් කරන්න පටන් ගත්තා.

.

.

.

.

.

"නේත්‍ර....යං ඉක්මනට....දෙවනි බෙල් එක ගහද්දිනුත් මගනම් ඔයාටයි මටයි වෙන්නෙ ස්කූල් ඔෆිසස්ලගෙන් විනාඩි පහලවක් විතර බැනුම් අහන්න"

"දුවමුද දිවාෂ"

"දුවමු....මම මෙතනින් හැරෙනවා....ඔයා යන්න....මම එන්න පරක්කු උනොත් ගේට් එක ලග ඉන්ඩෝ"

දිවාෂට ඔලුව වැනුව නේත්‍ර දූවගෙන ගියේ තමන්ට අදාල රාජකාරි තියෙන අංශයට.

"නේත්‍ර අයියේ....."

තමන්ට අදාල පන්තිය ලගට ගිහින් හිටගත්ත නේත්‍ර තමන්ට කතා කල ලමයි එක්ක සුහදශීලී ලෙස හිනා වෙලා බෑගය ගලවලා ඉස්සරහම පෝලිමේ ඩෙස් එකකින් තිබ්බත් නේත්‍ර එකපාරටම බය වුණේ තමන් එක්ක හොදට හිනා වුනු ලමයි තත්පර පහක් යන්නත් කලින් එකපාරටම බය වෙලා වගේ බලාගෙන හිටිය නිසා.ඒත් එක්කම උණුහුමක් තමන්ගෙ පිටිපස්සෙන් දැනෙද්දි ඒ උනුහුමේ හුරුව නිසාම වෙලා තියෙන්නෙ මොකද්ද කියලා නේත්‍රට තේරුනා.

"ඇයි මල්ලි කෑ ගහන්නෙ ආතල්ද?"

ආශව කෑ ගහද්දි ලමයි ඔක්කොම සද්ද නැතුව බිම බලාගත්තත් නේත්‍ර ආශව දිහා බලලා ලස්සනට හිනා වුණා.හිනා වෙලා 'මම බලාගන්නම් සුදුබේබි' කියන ඉගිය ආශවට දෙද්දි ආයෙ පන්තිය දිහාට දැඩි බැල්මක් දැම්ම ආශව නේත්‍ර එක්ක ලාවට හිනා වෙලා පන්තියෙන් එලියට ගියා.ඇත්තටම ඒ පන්තියෙ ලමයි එවෙලෙ කෑ නොගැහුවත් ආශවගෙ කන් දෙකට නේත්‍රට කතා කල හැටි ඇහිලා තිබ්බා.ඒත් එක්කම කලින්දාක නේත්‍රට හම්බෙලා තිබ්බ කී ටැගය ගැනත් හොද මතකයක් තිබ්බ ආශව පන්තියෙ ලමයිට ඒ විදියට සැර කරලා එලියට ආවා.

ගාථා කියලා ඉවර උනාට පස්සෙ ලමයි ටික පෝලිමට පන්තියෙන් එලියට ගිහින් ඉවර උනාම නේත්‍ර හෙමින් සැරේ පඩිපෙල බැහැලා ගියේ අංශය භාර ස්කූල් ඔෆිසර් ලගට.මොකද හැමදාම උදේ හවස තමන්ගෙ රාජකාරි ඉවර උනාට පස්සෙ අදාල ස්කූල් ඔෆිසර්ගෙ අතින් ශිෂ්‍යනායක රාජකාරී පොත අත්සන් කරගන්න එක අනිවාර්ය කරලා තිබ්බා.නේත්‍ර පහලට බැහැලා කොරිඩෝවෙ මැද හරියකට වෙලා කොල්ලො දෙන්නෙක්ට බනින ස්කූල් ඔෆිසර් ඒ වැඩේ ඉවර වෙනකං බලන් හිටියෙ පොත අත්සන් කරගන්න.නේත්‍රව දැක්ක ස්කූල් ඔෆිසර් එන්න කියලා කතා කරලා නේත්‍රගෙ පොත අත්සන් කරලා දීලා ආයෙමත් අර කොල්ලන්ට බයින්න ගද්දි නේත්‍ර හෙමින්  සැරේ ගේට්ටුවෙන් එලියට ගිහින් ඒ ලගම තියෙන නුග ගහ යටට වෙලා හිටියෙ සුදුබේබියි යාලුවො ටිකයි එනකං.

"දිවාෂලා ආවෙ නැද්ද නේත්‍ර තවම?"

නේත්‍ර ගැස්සිලා ගියේ එකපාරටම ඇහුනු ආශවගෙ කටහඩ නිසා.ආශව දිහා බලලා හිනා වුණු නේත්‍ර ආශව ලගට අඩියක් තියලා ලං වෙද්දි ආශව පුරුදු විදියටම නේත්‍රගෙ බෑග් එකෙන් අල්ලගත්තා.

"දිවාෂලා තාම නෑනෙ සුදුබේබි...."

"දෙවින් නම් එනවා.....දිවාෂයා කෝ?"

"දිවාෂ තෙවින් අයියා එක්ක එයි....මම දැක්කා තෙවින් අයියා එකොලහ වසරට හැරෙන තැනට වෙලා හිටියා"

"ම්ම්....දිවාෂ ඔය සම්බන්ධව මොකක් හරි නේත්‍රට කියලා තියෙනවද?"

"ඒ කිව්වෙ සුදුබේබි?"

"තෙවින් ගැන මොනාහරි?"

"ඒ කිව්වෙ? සම්බන්ධයක් මොකක් හරිද?"

"ඕ....."

"අර ඕෂිණී කියන ගෑනු ලමයා එක්ක යාලු වෙලා උන්නා කියලා විතරයි කියලා තියෙන්නෙ....වෙන මුකුත් නම් කියලා නෑ සුදුබේබි"

"ම්ම්ම්....නේත්‍රට දෙයක් කියන්නත් තියේ.....සැකයක් විතරයි....ගෙදර ගිහින් කියන්නම්කො"

"හා සුදුබේබි....අර දිවාෂලත් එනවා"

දෙවින් ආව පිම්ම එහෙම්මම නතර වෙලා දිවාෂයි තෙවිනුයි එනකං බලන් හිටියා.තුන් දෙනා එක්කම ආශවයි නේත්‍රයි ලගට එද්දි නේත්‍රගෙ බෑග් එකෙන් අල්ලගත්තු ආශව ඉස්සරවෙලා ඇවිදන් යන්න ගත්තා.පාර පරිස්සමින් පැනගෙන ගස් හෙවණ දිගේ ඇවිදගෙන ගිය ආශවලා බස් නැවතුමට ලං වෙද්දිම වගේ දිවාෂගෙ ඇස් දෙකට අහු වුනේ ආශව දිහාම බලාගෙන ටිකක් එහාට වෙන්න ඉදන් ආශවගෙ පැත්තට ඇවිදන් එන ගෑනු ලමයෙක්ව.තත්පර ගාණක් යන්නත් කලින් ඒ එන්නෙ එද ඕෂිණී එක්ක හිටිය ගෑනු ලමයා කියන එක දිවාෂගෙ ඔලුවට ආවා.

"තෙවින් මේ.....අර අරකි නේද?"

"කවුද යුගාන්?"

තෙවින් දිවාෂ පෙන්නන පැත්ත ගැන විමසිලිමත් වෙද්දි දිවාෂ තමන්ට ඉස්සර වෙලා ඇවිදන් අය ආශවයි නේත්‍රයි ලගට ඉක්මන් අඩි තිය තිය යන්න ගත්තා.එකපාරටම දිවාෂට උනේ මොකද්ද කියලා නොතේරුනු දෙවිනුටි තෙවිනුයිත් දිවාෂගෙ වේගෙටම ඇවිදන් යද්දි අර ගෑනු ලමයා ආශව ඉස්සරහට ඇවිදගෙන ආවා.ඒත් එක්ක උනේ කවුරුත්ම නොහිතුව දෙයක්.කොට ගවුමකට අඩි උස සපත්තු දෙකක් දාලා හිටිය ඒ කෙල්ල ආශවගෙ ඉස්සරහදි කකුලත් පෙරලිලා බිමට ඇදගෙන වැටෙන්න ගියේ ආශවගෙ මූන දිහා බලාගෙනමයි.

කෙල්ල ආව විදියටම මේක අහම්බයක් නෙවෙයි හිතලා කරන දෙයක් කියන එක දිවාෂට තත්පර ගාණක් ඇතුලත තේරුම් ගියත් ලමයි දෙනෝදාහක් ඉන්න තැනක මෙහෙම කරන්න තරම් හයියක් ඒ කෙල්ලට කොහෙන්ද ආවෙ කියන එකනම් දිවාෂටවත් හිතාගන්න බැරි උනා.දැන් මෙතන ඔය කෙල්ල වැටෙද්දි ආශව අල්ලගත්තොත් ඒක මුලු ඉස්කෝලෙ පුරාම ලැව් ගින්නක් වගේ පැතිරෙන බවත් දිවාෂ දන්නවා.මොකද ආශව කියන්නෙ හුගක්ම ප්‍රසිද්ධ චරිතයක්.ඔය හැමදේම දිවාෂගෙ ඔලුවට එන්න ගියේ තත්පර ගාණයි.

"ආහ්හ්හ්....."

යම් තාක් දුරකට හඩ නගන ගමන් අර කෙල්ල ආශව ඉස්සරහ පිටිපස්සට නැවිලා වැටෙන්න යද්දි ආශව ඔක්කොටම කලින් කලේ තමන් ලගම හිටිය නේත්‍රව පිටිපස්සට කරලා හංගගත්තු එක.එකපාරටම කෙල්ලෙක් මෙහෙම ඇවිත් කලබලයක් කරන එකෙන්  ආශවගෙ හිතටත් අමුත්තක් දැනෙන්න ගත්තු නිසා ආශවගෙ මුල්ම කාර්යය උනේ නේත්‍රව රකින එක.අර කෙල්ල දිහා නිකමටවත් නොබලා ආශව නේත්‍රව පස්සට කරගනිද්දි ලමයි දෙනෝ දාහක් මැද අර කෙල්ල මහ පාරෙ පත බෑවුනා.

"ඌහ්හ්...."

"සුදුබේබි! අර අක්කා වැටුනනෙ"

"වැටුනනම් නැගිටගන්නෙ නැතෑ නේත්‍ර.....අපි යං!"

හිතට ආව අමුත්ත නිසාම ආශවට තවත් මෙතන රැදෙන්න කිසිම වුවමනාවක් ආවෙ නෑ.කෙල්ලෙක් වැටුනු බව දැක්ක බස් නැවතුමේ හිටිය කොල්ලො තුන හතරක් ඒ පැත්තට දුවං එන්න හැදුවත් ඊට ඉක්මන් උනු දෙවින් ගිහින් අර කෙල්ලව නැගිට්ටෙව්වා.තෙවිනුත් උදව් කරන්න යන්න හැදුවත් තෙවින්ගෙ ගමන නැවතුනේ දිවාෂගෙ ගිනි පිඹින ඇස් දෙක නිසා.ඒත් එක්කම වගේ එතනට ආව ඕෂිණී නිසා දිවාෂගෙ ඇස් වලින් ගිනි පිට වුණේ ඇයි කියලා තෙවින්ට තේරුනා.තෙවින් පූස් පැටියා වගේ හෙමින් සැරේ ආශව ලගින් හිටගනිද්දි දෙවින් අර ගෑනු ලමයගෙ අත් බෑගයත් අහුලලා දුන්නා.

"ආ යූ ඕකේ?"

"යා.....තෑන්ක් යූ අයියා"

අක්බමරු කොණ්ඩ රැල්ලක් කන පිටිපස්සෙ රදවගන්න ගමන් ඒ ගෑනු ලමයා කියද්දි ආශවගෙ අතට පුංචි උනත් හයිය ස්පර්ශයක් දැනුනා.තමන්ගෙ අත දිහා බැලුව ආශවගෙ මූණට පුංචි හිනාවක් ආවෙ තමන්ගෙ ලොකු අතේ සුලැගිල්ලෙ එතිලා තියෙන නේත්‍රගෙ පුංචි අත නිසා.නේත්‍ර එක්ක හිනා වුණු ආශව එහෙම්මම අඩියක් ඉස්සරහට තිබ්බෙ එතනින් යන්න උනත් ආශවගෙ මග ඇහිරුනේ අර ගෑනු ලමයා ඉස්සරහට ආව නිසයි.

"ඕහ්....මයි ගෝඩ්!!! මම හිතන විදියට හරිනම් ඔයා ආශව තිදස්වර?"

"යස්!"

"ඔහ්හ්!!! වට් අ නයිස් ටයිම්! නයිස් ටු මීට් යූ ආශව....අයිම් දිව්දේ....."

"සයිඩ් ප්ලීස්!"

"වට්?"

"අයි සේඩ් ස්ටෙප් අසයිඩ්!!!"

"සුදුබේබි....."

ආශව කියලා කියන්නෙ තමන්ට හිතවත්ම මිනිස්සු ඇරුනාම වෙන කිසිම මිනිහෙක් එක්ක කතා කරන්නවත් ආසා කෙනෙක් නොවෙනකොට,මෙහෙම කොහෙන්දෝ ඉදන් ආව කෙල්ලෙක් තමන් එක්ක පැන පැන කතා කරන එක ආශවට ලොකු හිසරදයක් වුණා.ඒ වගේම ඒ කෙල්ල කතා කරන වචනයක් ගානෙ තමන්ගෙ සුලැගිල්ලෙ ග්‍රහණෙ වැඩි වෙන එකෙන්ම ආශව තේරුම් ගත්තා නේත්‍ර ඉන්නෙත් දෙගිඩියාවකින් වගේම බයකින් කියන එක.නේත්‍ර ලේසියෙන් කේන්ති නොගන්න,ඉරිසියා නොකරන කෙනෙක් උනත් තමන් සම්බන්ධ දේවල් වලදි නේත්‍රට ඉරිසියාව දැනෙනවා කියලත් ආශව තේරුම් අරං හිටියා.ආශවට ඕනි උනේ නෑ තත්පරේකටවත් නේත්‍රගෙ හිත රිද්දන්න.ඒ නිසාම ඉන්න තැන පවා අමතක කෙරුව ආශව හයියෙන්ම කතා කරද්දි නේත්‍ර ආශවට හෙමින් කතා කලේ ආශවව සන්සුන් කරන්න හිතාගෙන.

"අපි යං නේත්‍ර...."

නේත්‍රගෙ අත තද කරලා එකපාරක් මිරිකුව ආශව පුරුදු විදියටම නේත්‍රගෙ බෑග් එකෙන් අල්ලගෙන ඉස්සරහට ඇවිදන් යන්න ගත්තෙ පාරෙ අත් අල්ලගෙන යන එක එච්චර සුදුසු දෙයක් නොවෙන නිසා.අර ආව නන්නාදුනන කෙල්ල දිහා එකපාරක්වත් නොබැලුව ආශව දිවාෂලාටත් එන්න කියාගෙන ඉස්සරහට ගියේ නේත්‍ර කලින් දවසක කිව්ව දේ මතක් කරන ගමන්.

"සුදුබේබි දැක්කද ඕෂිණී කියන ගෑනු ලමයා එක්ක උන්නු අනික් ගෑනු ලමයව?

එයා...එයා වෙනස් විදියට මගෙ සුදුබේබි දිහා බැලුවෙ....මම හැමදේම බලන් හිටියා .....එයාගෙ ඇස් වල බැල්ම හරි වෙනස් සුදුබේබි.....ඒක අමුතුයි"

අදත් එතනට ඕෂිණී ආව නිසා තමන්ගෙ ඉස්සරහට ආව නන්නාදුනන ගෑනු ලමයා නේත්‍ර එදා කිව්ව කෙනාමද කියන සැකේ ආශවගෙ හිතට ආවා.ඕනි මගුලක් උනාවෙ කියලා හිතාගත්තු ආශව නේත්‍ර දිහා බැලුවෙ තමන් වද වෙන එකම කෙනා නේත්‍ර වුණු නිසා.නාහෙ අග ලා රතු පාට වීගෙන එන ගමන් තිබ්බ නේත්‍ර,දැන් ඉන්නෙ මොකක්ම හරි අවුලකට අඩන්න බැරුව කියලා තේරුම් ගත්තු ආශව නේත්‍රගෙ ඒ අවුල්සහගත ගතිය නැති කරන්න තිබ්බ වුවමනාවට කතා කලා.

"නේත්‍ර....."

"ම්ම්ම්ම් සුදුබේබි....."

"අයිස්ක්‍රීම් එකක් අරං දෙන්නද?"

"එපා සුදුබේබි...."

"කඩල එකක්?"

"එපා සුදුබේබි...."

"රටකජු එකක්? අර බැදලා ලුණු මිරිස් දාලා තියෙන්නෙ...අන්න ඒකක්?"

"එපා සුදුබේබි...."

"අර චූටි වඩේ අරං දෙන්නද? චූටි වඩේ චූටි නේත්‍රගෙ චූටි බඩට දාගන්න?"

"එ..ප්..පා සුදුබේබි...."

"ම්ම්ම්ම්.....එහෙනම් අර බයිට් මොනාහරි අරං දෙන්නද? මඤ්ඤොක්කා පෙති එකක්?"

"එපා සුදුබේබි....මුකුත් එපා දැන්"

"බොම්බයි මොටයි එකක්? අර හැරෙන තැන පාරෙ තියේ...මම දුවලා ගිහින් අරං එන්නද?"

"කොහෙවත් යන්නෙපා සුදුබේබි....මගෙ ලගට වෙලා ඉන්නකො"

"නස්නාරං දෙන්නද?"

"මෙහෙ නෑනෙ සුදුබේබි?"

"ඒක තමා....ගෙදර ගියාම හදලා දෙන්නම්"

"සුදුබේබි?"

"ඔව්....නස් නාරම ලෙලි ගහලා,බික් වෙන් කරලා,ලුණුයි ගම්මිරිසුයි දාලා....මගෙ අතින්ම නේත්‍රට හදලා දෙන්නම්"

"හා සුදුබේබි.....අපි ඉක්මනට ගෙදර යංකො...අනේ මට මෙතන ඉන්න බෑ තව...."

නේත්‍ර කදුළු පිරුණු ඇස් වලින් ආශව දිහා බලලා කියද්දි ආශව බැලුවෙ ඈත පාර දිහා.බස් එකක් තවම නෑ වගේම කොහොමත් නේත්‍රව තැලෙන පොඩි වෙන නිසා හැමදාම වගේ ආශව ඉස්කෝලෙ ඇරිලා යන්නෙත් බස් දෙක තුනක් යවලා සෙනග අඩු බස් එකක.නේත්‍ර දැන් උනු දේ එක්ක ඕනිවට වඩා කලබල වෙලා ඉන්න බව දැනුන ආශව දිවාෂට කතා කරලා මොකක් හරි කියලා නේත්‍ර එක්කම පාරෙ ඉස්සරහට ඇවිදන් ගියා.ආශව එක්ක යන්නෙ කොහෙදවත් නාහා ඇවිදන් ගිය නේත්‍ර හිටිය අසිහියත් එක්ක දිවාෂට යන්නම් කියන්නවත් නේත්‍රට මතක නැති වෙලා තිබුනා.ඉස්කෝලෙ පාර පහු කරලා ටිකක් ඉස්සරහට ආව ආශව පාරෙ ආව මීටර් ටැක්සියකට නේත්‍රව නග්ගවලා තමනුත් නැගගනිද්දි ආශව නේත්‍ර ඉල්ලුව විදියටම නේත්‍රව ඉක්මනින් ගෙදර එක්කන් යන ගමන් හිටියා.ආශවගෙ උරහිසකට බර වුණු නේත්‍ර ඇස් දෙක පියාගනිද්දි, ආශව නේත්‍රගෙ සිනිදු කොන්ඩෙ හෙමීට අතගෑවා.

...................................................................................................

"පොඩ්ඩො....මේ තේ කෝප්ප තුන මහතැන්ලට අරං පලයංකො.....මේ කේක් පීරිසියක් ඔය තසිම උඩින්ම තියාගනින්"

ලොකු කෝප්ප තුනකට කිරි තේ පිරෙව්ව නිර්මලා නේත්‍රගෙ අතට තේ කෝප්ප තිබ්බ තසිම දෙද්දි නේත්‍ර ඔලුව වනලා මේසෙ උඩ තිබ්බ කේක් පීරිසියත් අතගෙන තසිමෙ කොණකින් තියාගත්තා.හෙමින් සැරේ ඉස්තෝප්පුව දිහාට ඇදුනු නේත්‍රගෙ හිත ගැස්සිලා ගියේ මහ මුදියන්සෙගෙ හඩ නිසා.කොච්චර උනත් නේත්‍ර මේ ලෝකෙ බයම මිනිස්සු අතරෙ මහ මුදියන්සෙ මූලාසනේම හෙබෙව්වා.

"අපේ මැණිකෙ දන්නවද? මගෙන් ඊයෙත් බිස්නස්මන්ලා දෙන්නෙක්ම ඇහුවා සුදුපුතා ගැන"

"සුදුපුතා ගැන ඇහුවා කිව්වෙ අපේ මහත්තයා?"

"වෙන මොනාද ඉතින්? මංගල යෝජනා තමා.....තවම ඉස්කෝලෙ ගියාට දැන් ඉදලම කතා බහ කරල තියාගන්න ඒ මිනිස්සු කැමතියි"

"ඔය විකාර කතා කරන්න එපා අප්පච්චි! මට ඔය සමයං ඕනි නෑ"

නේත්‍ර වෙවුලන කකුල් සමබර කරගන්න ගමන් ඉස්තෝප්පුවට පය ගැහුවත් නේත්‍රගෙ හිත නම් පුදුමාකාර විදියට කලබල වෙලා තිබුනා.සුදුබේබිව තමන්ගෙන් ඈත් කරන්න එකේක බලවේග ක්‍රියාත්මක වෙනවා වගේ දෙයක් නේත්‍රට දැනෙන්න ගත්තා.මහ මුදියන්සෙගෙන් අවසර ලැබුනට පස්සෙ මුදියන්සෙ ලගට ගිය නේත්‍ර තසිම ටීපෝව උඩින් තියලා කේක් පීරිසිය අරගෙන ඒක මහ මුදියන්සෙට පිලිගැන්නුවා.කේක් කෑල්ලක් අතට ගත්තු මුදියන්සෙ ආයෙ කතාව පටන් ගනිද්දි නේත්‍ර පීරිසිය අරගෙන ලොකු මැණිකෙ ලගට ගියා.

"ඔව් ඔව්....මම සුදුපුතාව එහෙම ඕනිවට එපාවට කෙනෙක්ට දෙන්නෙ නෑ...අනික මේ කාලෙ තියෙන දේවල් කසාද බදින වයසට එද්දි වෙනස් වෙලා තියෙන්න පුළුවන්....සුදු පුතා නැෂනල් ටීම් එකට සෙල්ලම් කලොත් සුදුපුතාගෙ වටිනාකම ඉහල යනවා....එතකොට සුදු පුතා ව්‍යාපාරික ක්‍රිකට් ක්‍රීඩකයෙක්....එහෙම නේද අපේ මැණිකෙ?"

"ඔ...ඔව් නේද අපේ මහත්තයා"

"ඔව්....එතකොට ජනාධිපතිගෙ දුවෙක් උනත් සුදුපුතාට ආදරේ කරන්න බැරි වෙන එකක් නෑ....වෙන රටක කෙනෙක් උනත්....දවසක සුදුපුතාට මම කසාද බන්දන්නෙ හොදම කෙනාව! අපේ ව්‍යාපාර වලට වගේම සුදුපුතාගෙ ගමනටත් හයියක් වෙන්න පුළුවන් වෙන ලස්සන කෙල්ලෙක්ව"

"ඔව්වා කතා කරන්න ඕනි දේවල් නෙවේ අප්පච්චි....වෙන කාලෙට වෙන්න ඕනි හරිම දේ වෙයිනෙ"

ආශව කිව්වෙ නේත්‍ර තමන්ට දික් කල පීරිසියෙන් කේක් කෑල්ලක් ගන්න ගමන්.ඊලගට තසිමෙ තිබ්බ තේ කෝප්ප ටික පිලිවෙලට කට්ටියට දුන්නු නේත්‍ර ඉස්තෝප්පුවෙ කොනකට වුනේ මහතැන්ලා තේ බීලා ඉවර වෙනකං.ඒක වලව් සේවකයන්ගෙ නියමයක් වුණා.තේ බීලා ඉවර උනාට පස්සෙ හිස් කෝප්ප ටික එතනින් අහක් කරන්න ඕනි නිසා එහෙම සේවකයො රැදිලා හිටියත් හාම් පුතා එවෙලෙ එතනින් යන්න කිව්වොත් විතරක් සේවයන්ට පිට වීමේ හැකියාව තිබ්බා.

"වෙන්න තියෙන දේ වෙයි නෙවේ සුදුපුතා....වෙන්න ඕනි හොදම දේ මම කරන්නම් සුදුපුතාට"

මහ මුදියන්සෙගෙ දැඩි වචන නිසා නේත්‍ර බිම බලාගත්තෙ ඇස් වලට උනන කදුලු කැට ටික නවත්තගන්න.ආශව් දැඩි සංයමයකින් තමන්ව පාලනේ කරගෙන තේ එක බොන්න ගත්තෙ තවම තමන්ගෙ අප්පච්චිට විරුද්ධ වෙන්න තරම් හයියක් තමන්ට නැති බව දන්න නිසා.ඒත් එක්කම මහ මුදියන්සෙගෙ කටහඩ ඇහුනු නිසා නේත්‍ර ඔලුව උස්සලා බැලුවා.

"උබ ඉන්න ඕනි නෑ මෙතනට වෙලා....උබට වෙන වැඩක් කරන්න තියෙනවා....අද හවස කුලී කාරයො වගයක් දම්මලා මම වත්තෙ ගස් වල අතු වගයක් රැහැවලා දැම්මා....උබ ගිහින් ඒ අතු ටික වත්ත පිටිපස්සෙ කොල රොඩු වේලන තැනට ඇදං පලයං කොල්ලො!!! ඒ අතු ඉති ටිකයි,වැටකෙයියා පදුරු දෙකක් ගැලෙව්වා....අන්න ඒ දෙකයි එතන වේලෙන්න දාපං! දවස් දෙක තුනක් වේලුනාම ගිණි තියන්න හරි දරට ගන්න හරි බැරියෑ අතු ටික.....දැන් පලයං!!! උබලට අපි කරන ඒවට මෙහෙම හරි වැඩක් පලක් කරගන්නත් එපායෑ උබලගෙන්!"

"හො....හොදමයි මහ මුදියන්සෙ"

මහ මුදියන්සෙට ඔලුව වැනුව නේත්‍ර එතනින් පිට වෙද්දි ආශවගෙ ඇස් හේතුවක් ඇතුව ගිනි ගනිද්දි ලොකු මැණිකෙගෙ ඇස් අහේතුකවම කදුළු වලින් දිලිසුණා.ඔක්කොමත් හරි වැටකෙයියා? තමන් හීරීමක්වත් වෙන්න නොදී රකින ඒ සියුමැලි අත් වලින් තමන්ගෙම අප්පච්චි අර කටු පිරුණු වැටකෙයියා පදුරු අද්දවගනිද්දි? ඉස්කෝලෙට මොනාහරි බර දෙයක් අරං යද්දි ඒක නේත්‍රට ගෙනියන්න නොදී තමන්ම අරං යනකොට,තමන් බරක් නොදෙන ඒ පුංචි අත් වලින් තමන්ගෙම අප්පච්චි අර බර අතු ඉති අද්දවගනිද්දි? ආශවගෙ පපුව පැලෙන්න තරම් වේදනාවක් ආවා.පිට මිනිස්සුන්ට කොච්චර සද්දෙ දැම්මත් තවමත් තමන්ගෙ අප්පච්චි එක්ක හැප්පෙන්න හයියක් නැති එක ගැන ආශව තමන්ටම සාප කරගත්තා.

"සුදුපුතා,මොකද්ද අර ස්පොන්සර් කරන්න ඕනි එකක් ගැන කිව්වෙ?"

"අහ්...ම්.....ස්කූල් ප්‍රොජෙක්ට් එකක් අප්පච්චි"

"සුදුපුතාගෙ කාමරේට යං....ගිහින් කතා කරගමු....ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එක සුදු පුතා ලග තියෙනවා නේද?"

"ඔව් අප්පච්චි"

"එහෙනම් යං"

ආශව එක්කම කාමරේට ගිය මහමුදියන්සේ ව්‍යාපෘතිය් ගැන ආශව එක්ක කතා බහ කරලා අය වැය ලේඛනය එහෙම බලද්දි ආශවගෙ ඇස් තිබ්බෙ කවුලුවෙන් එපිටට.ලොකු වැටකෙයියා පදුරු දෙකක් කොටස් හය හතකට කඩලා දාලා තිබ්බ නිසා නේත්‍ර තමන්ගෙ පුංචි අත් දෙකෙන් පදුරු කෑලි දෙහෙකුත් ඇදන් වත්තෙ කොනට දුවන ගමන් හිටියා.වත්ත කොනේ නොපෙනී ගිය නේත්‍ර ආපහු පාරක් වත්ත කොනෙන් මතු වෙද්දි ආශවගෙ ඇස් දෙකට කදුළු ඉනුවෙ නේත්‍රගෙ මූණෙ තිබ්බ හිනාව දැකලා.

"පුංචි පොලියානා....."

ආශව හෙමීට මිමිණුවෙ හිතට ආව වේදනාව දරාගන්න බැරුවමයි.නේත්‍ර පුංචි දේකිනුත් කොහොමහරි සතුටක් හොයාගන්නවා කියලා ආශව දැනගෙන හිටියා.දැන් උනත් නේත්‍රගෙන් ගිහින් ඇහුවොත් ඔය කරන වැඩේ අමාරු නැද්ද? එපා වෙන්නෙ නැද්ද? කියලා, 'මේ අතු ඇදන් දුවන එක කොච්චර විනෝදයිද සුදුබේබි....නේත්‍ර ආසයි' කියලා නේත්‍ර කියන බව ආශව හොදටම දැනගෙන හිටියා.ඒත් ඒ මවාගන්න සතුට ඇතුලෙ තියෙන වේදනාව ගැන කල්පනා කෙරුව ආශවගෙ පපුව පැලෙන්න වගේ වේදනාවක් දුන්නා.ඉක්මනින්ම මේ පුංචි එකාව මේ නර අපායෙන් ගලවගන්න එක කරන්න ඕනි කියන අධිෂ්ඨානය ආශවගෙ හිත ඇතුලෙ එන්න එන්නම තැන්පත් වෙන ගමන් තිබ්බා.

පැය දෙකක් විතර ආශව එක්ක ව්‍යාපෘතිය ගැන කතා කල මහ මුදියන්සෙ කාමරෙන් එලියට ගියේ නිශ්ශංක මහත්තයලගෙ ගෙදර යන්න ඕනි කියන ගමන්මයි.විනාඩි පහලවකට විතර පස්සෙ මහ මුදියන්සෙගෙ වාහනේ වලව්වෙන් පිට වෙන සද්දෙ ඇහෙනවත් එක්කම ආශව පහල මාලයට දුවගෙන ගියා.තමන් ඉස්සරහට ආව ලොකු මැණිකෙටවත් අවධානයක් නොදුන්න ආශව පිලිකන්න පැත්තෙන්ම එලියට පැනලා වත්ත කොනට දුවන හැටි බලන් හිටිය ලොකු මැණිකෙ හෙමින් සැරේ උඩු මහලට ඇදුනා.

"මගෙ මැණිකෙ...."

වත්ත කොනේම ඉදන් අතු වගයක් විසිරුවන ගමන් උන්නු නේත්‍ර එකපාරටම කාගෙ හරි පපුවකට හයියෙන් ගිහින් හිර වෙද්දි තත්පර දශම ගාණක් ඇතුලත ඒ සුවදෙ අයිතිකාරයව අදුනගතු නේත්‍ර ආශවගෙ පපුවට තුරුල් වුණා.විනාඩියක් විතර යද්දිනුත් ආශවගෙ ග්‍රහණෙ ලිහිල් නොවෙද්දි නේත්‍ර ආශවගෙන් ගැලවෙන්න දැගලුවෙ මේ එලිමහනෙ මෙහෙම ඉන්න එක හරි අනතුරුදායකයි කියලා දැනන් උන්නු නිසා.

"සුදුබේබි,කාරුහරි දැක්කොත් මහ මුදියන්සෙට කියාවි.... ඩිංගිත්තක් අහකට වෙන්නකො සුදුබේබි.....මම සුදුබේබිගෙ කාමරේට එන්නම් තේ ඩිංගිත්තක් හදාන....එවෙලෙට තුරුල් වෙන්නම් සුදුබේබිට"

"මගෙ රත්තරං......මමත් උදව් කරන්නද මයෙ අම්මට?"

"දෙයියෝ එපා සුදුබේබි..... මම මේ ටික කරන්නම්...මේ අතු ටික විසුරුවලා දැම්මම වැඩේ ඉවරයි"

"නේත්‍ර ඇති දැන් වැඩ කලා....මම මෙ ටික කරලා දාන්නම්"

"එපා රත්තරං සුදුබේබි....මගෙ සුදුබේබිගෙ අත් වලට ඔව්වා ගැලපෙන්නෙ නෑ"

"නේත්‍ර!!! මම මොකෙක් වගේද පේන්නෙ ඔයාට! මෙතන නේත්‍ර නැහීගෙන වැඩ කරද්දි බබෙක් වගේ ඉන්න මම පිරිමියෙක් නෙවෙයි කියලා හිතුවද නේත්‍ර?"

"බයින්න එපානෙ සුදුබේබි..... නේත්‍ර මෝඩයිනෙ ඩිංගිත්තක්"

"බැනුම් නෙවෙයි! ගුටි කනවා මගෙන් වෙලාවක පණ්ඩිතයා....ගිහින් අන්න අර ගල උඩින් ඉදන් ඉන්න..මම මේක ඉක්මනට ඉවරයක් කරන්නම්"

ආශවට අවනත වුණු නේත්‍ර හෙමින් සැරේ ගිහින් ඒ ලගම තිබ්බ ගලක් උඩින් ඉදගනිද්දි ආශව ඉක්මනට ඉක්මනට එතන ගොඩගහලා තිබ්බ අතු පහ හය එකපාර උස්සන් ඇවිත් වේලෙන්න පුළුවන් විදියට විසුරුවලා දැම්මා.ආශවගෙ මාංශපේෂීන් වගේම නහර පිරුණු ශක්තිමත් අත් වලින් හරි හරියට වැඩ කෙරෙන හැටි නේත්‍ර බලන් හිටියෙ දිලිසෙන ඇස් වලින්.ඒත් එක්කම දවසක් දිවාෂ කිව්ව දෙයක් නේත්‍රට මතක් වුණා.

"කෝමද දවසක ආශවයගෙ අර නහර පිරුණු අත් වලට නේත්‍ර හිර වෙලා ඉද්දි....ම්ම්.....නයිස් නේතේ?"

දිවාෂ කිව්ව කතාවෙ තේරුම තේරුම් ගන්න තරම් නේත්‍ර මෝරලා නොහිටියත්,දිවාෂ කිව්ව විදියට වගේම දිවාෂගෙ මූණෙ තිබ්බ කුප්ප පාට නිසා ඒ කතාව එච්චර හොද එකක් නෙවෙයි කියලා නේත්‍රට තේරුනා.ඒත් එක්කම අහේතුකවම නේත්‍රගෙ කම්මුල් රතු පාට වෙද්දි ඒ බෝල ඇස් ගියේ ආශවගෙ උගුරු දණ්ඩට.වැඩ කරන නිසා මතු වෙලා තිබ්බ දාඩිය බින්දුවක් ආශවගෙ උගුරු දණ්ඩෙන් පහලට බහිද්දි නේත්‍ර තමන්ගෙ පුංචි අත් දෙකෙන් මූණ වහගත්තා.

"හෑයියා"

විනාඩි දහකින් විතර වැඩ ටික ඉවර කෙරුව ආශව නේත්‍රව ඉස්සර කරගෙන වලව්වට ඇදුනා.මුළුතැන්ගෙයි පැත්තෙ කවුරුත්ම නැති හන්දා නේත්‍රව ඉක්මන් කෙරෙව්ව ආශව නේත්‍ර එක්කම උඩුමහලට ඇදෙද්දි කාමරේ කර්ටනය අස්සෙන් ඉලන්දාරි දෙන්නව දැක්ක ලොකු මැණිකෙ සද්ද බද්ද නොකර තමන්ගෙ කාමරේ ඇතුලට ආපහු ගියා.කාමරේට ගිය ආශව නේත්‍රගෙ අතින් අල්ලලා ඇතුලට අරං කාමරේ දොර වහගනිද්දි නේත්‍රට කෙදිරි ගෑවුණා.

"ස්ස්ස්ස්....."

"ම්....මැණිකෙ.....ඇයි රත්තරනේ? කෝ අත් දෙක පෙන්නන්න සුදුබේබිට"

"ඕන්නෑ සුදුබේබි....මම අත් දෙක සෝදන් එන්නම්....කුණු අත් වල"

"කුණු නෙවෙයි මොන මගුල හරි තියෙන්නෙ ඔයාගෙ අත් වල නේත්‍ර! මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි"

නේත්‍රගෙ අත් දෙක අරගත්තු ආශවගෙ ඇස් වලට කදුළු පිරුණෙ ඒ පුංචි අත් දෙක හීරිලා ගිහින් තියෙන හැටි දැක්කම.ඔය වගේ වැඩ කරලා හුරු පුරුදු මිනිස්සු උනත් වැටකෙයියා වගේ පදුරු ඇදගෙන යන්නෙ ලණුවක් වගේ එකක් දාලා උනත් නේත්‍රගෙ පුංචි අත් දෙකෙන්ම මහ මුදියන්සෙ ඒ වැටකෙයියා පදුරු අද්දවපු එක ආශවට දැනුනු මහ සහගහන අපරාදයක් විදියට.ඇත්තටම ඒක ඒ වගේ අපරාදයක්ම තමා.නේත්‍රගෙ සියුමැලි අත් අර වැටකෙයියා කටු වලට අහු වෙලා හීරිලා ගිහින් සමහර තැන් වල ලේ පාරවල් පවා මතු වෙලා තිබ්බා.

නේත්‍රව ඇද උඩින් ඉන්දවපු ආශව පහලට ගිහින් ආවෙ උනු වතුර කෝප්පයක් අරගෙන.නාන කාමරේ තිබ්බ පුංචි ප්ලාස්ටික් බේසමකට ඒ උණු වතුර ටික දැම්ම ආශව ඇල් වතුර ටිහකුත් දාන් ඇවිත් නේත්‍රගෙ අත් දෙක පරෙස්සමට හෝදවන්න ගත්තා.නේත්‍රගෙ කකුල් වල යට හරියත් හීරිලා තියෙන බව දැක්ක ආශව,නේත්‍රගෙ කකුල් ලගට නැවිලා කකුල් දෙකත් පිහදැම්මෙ නේත්‍රගෙ විරෝධතාවෙ මැද.

ඒත් එක්කම ආශව දැක්කෙ මේසෙ උඩ තිබ්බ ක්‍රීම් එකක්.තුවාල වලට ගාන ක්‍රීම් එකක් උනු ඒක කොහොම කාමරේට ආවද කියලා නොතේරුනු ආශව ඒක අරං නේත්‍රගෙ හීරීම් වලට ගාන්න ගත්තෙ හුස්ම පිඹින ගමන්.නේත්‍රගෙ කකුල් දෙකෙත් හීරීම් වල ක්‍රීම් එක ගෑව ආශව නේත්‍රගෙ පුංචි අත් තමන්ගෙ අතට මැදි කරගෙන එව්වට හුලං පිඹින ගමන් කතා කරන්න ගත්තා.

"මගෙ මැණිකට මම ගැටපිච්ච මලක් කියන්නෙ ඇයි කියලා දන්නවද?"

"සුදුබේබි කියලා තියේ මගෙ ලගින් ඒ මල් සුවද එනවා කියලා"

"ඒකම විතරක් නෙවේ හේතුව...."

නේත්‍රගෙ අල්ලට හුස්ම පිඹින ගමන් ආශව කියද්දි නේත්‍ර ආශවගෙ මූණ දිහා හරි ආදරෙන් බලන් හිටියා.පුටුවෙන් නැගිට්ට ආශව ඇදට නැගලා ඇද විට්ටමට පිට තද කරගෙන නේත්‍රව උස්සලා තමන් ලගට ගනිද්දි නේත්‍රත් ආශවට තුරුල් වුණා.නේත්‍රගෙ හීරුණු අල්ල හෙමින් පිරිමැද්ද ආශව ආපහු පාරක් හුස්ම පිඹින ගමන් කතා කරන්න ගත්තා.

"වතුසුද්ද මල,අරලිය මල.....එව්වා පාරිශුද්ධ බවේ සලකුණු කියලා කියන්නෙ....ඒත් බලන්න නේත්‍ර, එව්වගෙ සුදුපාට මැද්දෙ පුංචියට හරි කහපාටක් තියෙනවා"

"ඕ සුදුබේබි..."

"ඒත් ගැටපිච්ච මලේ සුදුපාට ඇරෙන්න වෙන පාටක තිතක්වත් නෑ නේත්‍ර.....ගැටපිච්ච මල තරම් පාරිශුද්ධ මලක් නෑ.....හරියට මගෙ නේත්‍ර වගේ"

"ස්.....සුදුබේබි......"

"බුදු පුදට සුදුසු හැම මලක්ම සුවදත් නෑ නේත්‍ර....බුදුන්ට පූජා කරන සමහර මල් වල සුවද වැඩියි....ඒත් ගැටපිච්ච මලේ සුවද හරි නිවුණු එකක්.....මගෙ නේත්‍ර වගේ...."

"................"

"සුවද මල් දාහක් මැද,ලස්සන මල් දාහක් මැද, ඇස් දෙක පියාන උනත් ගැටපිච්ච මල හොයාගන්න පුළුවන් නේත්‍ර....ගැටපිච්ච මලේ සුවද හරි ආවේණිකයි....ගැටපිච්ච මලේ පෙති වල මෙලෙක පවා හරි ආවේණිකයි.....හරියට මගෙ නේත්‍ර වගේ"

"අ....න්....අනේ සුදුබේබි......"

"ඒ ඔක්කොටමත් වඩා,ගැටපිච්ච මල් කර්කෂ පරිසරේකට උනත් ඔරොත්තු දෙනවා නේත්‍ර.....අනික් මල් පැල ගිනි රස්නෙට,උෂ්ණෙට මැලවිලා යද්දි ගැටපිච්ච පැලේ ඒ කටුක බව දරාගෙන මල් පූදවනවා....ගැටපිච්ච මලට පීදෙන්න වැස්සද අව්වද අදාල වෙන්නෙ නෑ....කොහොමහරි ඒ මල පිපෙනවා....පිපිලා සුවද විහිදෝනවා.....මගෙ නේත්‍ර වගේ

ඉතින් ගැටපිච්ච මලයි නේත්‍රයි දෙන්නෙක් වෙන්නෙ කොහොමද? දෙන්නම එක වගේ වෙන කොට?"

"මට මෙච්චර ආදරේ කරන්න එපා සුදුබේබි"

"ඔයාට නැතුව මම වෙන කාට ආදරේ කරන්නද නේත්‍ර?"

"මට දරන්න අමාරුයි සුදුබේබිගෙ ආදරේ...."

"අමාරුවෙන් හරි දරාගනින් මැණිකෙ.....මගෙ පපුව හූරලම උබට ආදරේ දෙනවා ඇරෙන්න,උබ මට දෙන ආදරේට ආපිට දෙන්න දෙයක් මට නෑ"

නේත්‍රගෙ පිරුණු කම්මුලකට අතක් තියාගත්තු ආශව කියද්දි නේත්‍ර ආශවගෙ ලොකු අල්ල උඩින් තමන්ගෙ කම්මුල තද කරං බෙල්ලත් ඇල කරං ආශව දිහා බලාන හිටියා.නේත්‍රගෙ නාහෙ උඩින් හාදුවක් තිබ්බ ආශව හෙමිහිට නේත්‍රගෙ අල්ල දිහා බලලා ආයෙමත් නේත්‍ර දිහා බැලුවා.

"සුදුබේබි පොරොන්දු වෙන්නම්, පුළුවන් ඉක්මනට මගෙ ගැටපිච්ච මලව මේ කටුක පරිසරෙන් සෞම්‍ය පරිසරේකට එක්කන් යනවා කියලා.....මගෙ පුංචි මලට සැනසීමේ පිපෙන්න පුළුවන් විදියෙ පරිසරයක් සුදුබේබි කොහොමහරි හදනවා.....මම පොරොන්දු වෙනවා නේත්‍ර... එතකං මේ වෙන හැමදේටම සමාවෙන්න"

"මම සුදුබේබිට ආදරෙයි....මොන පරිසරේක හිටියත් මම සුදුබේබි වෙනුවෙන් පිපෙනවා....මගෙ පණට වඩා සුදුබේබිට ආදරේ කරනවා...."

නේත්‍රගෙ පුංචි අත් දෙක තමන්ගෙ ඔඩොක්කෙන් තියාගත්තු ආශව තමන්ගෙ හයිය අතක් නේත්‍රගෙ ඉණ වටේ දාලා නේත්‍රව තමන්ගෙ ඇගට තද කරගෙන නේත්‍රගෙ තොල් වලට බර වුණා.ආශවගෙ ඇගට තද වුණු නේත්‍ර හෙමීට තමන්ගෙ ඇස් පියාගනිද්දි ආශවගෙ නේත්‍රගෙ තොල් හෙමිහිට උරන්න ගත්තා.කොහොමත් ආශවගෙ ආධිපත්‍යාත්මක උණුහුම හමුවෙ නේත්‍ර හැමදාම අඩපණ වුණා.ටික වෙලාවක් නේත්‍රගෙ යටි තොල ඉරුව ආශව නේත්‍රගෙ බෙල්ල වටෙන් අතක් දාලා තමන්ගෙ ඔලුව ටිකක් ඇල කරල නේත්‍රගෙ උඩුතොල අයිති කරගනිද්දි කවදාවත් නොවුණු වෙනසක් නේත්‍රට දැනෙන්න ගත්තා.

කදුළු! ආශවගෙ ඇස් වලින් ගලන කදුළු නේත්‍රගෙත් මූණ දිගේ පහලට ගලද්දි නේත්‍ර තවත් තද කරලා ඇස් පියාගත්තා.නේත්‍ර මේ ලෝකෙ දකින්න අකමැතිම,බයම දේ සුදුබේබිගෙ කදුළු වෙද්දි නේත්‍රට ඇස් පියාගන්නවා ඇරෙන්න වෙන කරන්න විකල්පයක් ඔලුවට ආවෙත් නෑ.අනික සුදුබේබි හාදුව අතරෙම කදුළු නිදහස් කරන්න ගත්තෙ හාදුවෙන්ම සුදුබේබිට සැනසීම හොයාගන්න පුලුවන් නිසා වග දන්න නිසා නේත්‍ර තව ටිකක් ආශවගෙ ඇගට තුරුල් වුණා.අල්ල පුරා බේත් නිසා පිටි අල්ලෙන් ආශවගෙ පපුවට අත් තිබ්බ නේත්‍ර ආශවගෙ කදුළු වලින් තමන්ගෙ තොල් තෙත් වෙන එක දරාගෙන උන්නත්,දරාගැනීමේ අන්තිම හරියෙදි නේත්‍රගෙ ඇස් වලිනුත් කදුළු ගලන්න ගත්තෙ සුදුබේබිගෙ හිතේ තියෙන වේදනාව නේත්‍රගෙ පපුවටම දැනෙන්න ගත්තු නිසා.

සුදුබේබි අඩන නිසා පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනුනත් නේත්‍ර ආශවගෙ හාදුවට ඉඩ දුන්නෙ ඒක දෙන්නගෙම සැනසීමට හේතුවක් වෙන නිසා.නේත්‍රගෙ යටි තොල හෙමිහිට හපපු ආශව නේත්‍රගෙ විවර වුණු තොල් වලින් මුව ඇතුලට රිංගගනිද්දි ඒත් එක්කම නේත්‍රගෙ මුව ඇතුලට කඩා වැදුනු ආශවගෙ කදුළු බින්දු වල තිබ්බ ලුණු රස නේත්‍රට හොදටම දැනුනා.ඒත් එක්කම තමන්ගෙ කදුළුත් ආශවගෙ කදුළු වලටම එක්කහු වෙද්දි නේත්‍රව උස්සලා අරං උකුල උඩින් තියාගත්තු ආශව හාදුව තවත් උණුහුම් කලා.

පැය කාලක් විතර යනකං,දෙන්නගෙම කදුළු නවතිනකං,ගලපු කදුළු වේලෙනකං සුදුබේබි තමන්ගෙ තොල් වලට විරාමයක් දුන්නෙ නෑ කියලා නේත්‍රට දිවුරන්න  පුලුවන්කමක් තිබ්බා.නේත්‍රගෙ කට කොනකින් බේරිලා ගිහින් තිබ්බ කෙල ටික තමන්ගෙ අතින් පිහදැම්ම ආශව හයියෙන් හති අරින නේත්‍රව තමන්ගෙ පපුවට තුරුල් කරගත්තා.උකුල උඩ හරි බරි ගැහිලා ඉදගන්න නේත්‍ර නිසා ලොකු අමාරුවක වැටුණු ආශව එකපාරටම කෙදිරිල්ලක් පිට කලා.

"ආහ්හ්...නේත්‍ර"

"සුදුබේබි....අනේ ඇයි සුදුබේබි? සුදුබේබිට මොකක් හරි උනාද?"

"මට නෙවේ....තව ටිකක් මගෙ උකුල උඩ මෙහෙම හිටියොත් නේත්‍රට මොකක් හරි වෙන්න පුළුවන්"

"ඈ? ඒ කිව්වෙ සුදුබේබි"

"මුකුත් නෑ මැණිකෙ....කෝ උකුලෙන් බැහැලා තුරුල් වෙන්න මට...කකුලට මොකද්ද උනා මගෙ"

"අනේ සමාවෙන්න සුදුබේබි.....රිදුනද සුදුබේබිට?"

උකුලෙන් දඩිබිඩි ගාලා බැස්ස නේත්‍ර ආශවගෙ කකුල් දෙක අතගාන්න ගනිද්දි නේත්‍රව උස්සලා ගත්තු ආශව නේත්‍රගෙ කරවටේ අතක් දාලා නේත්‍රව තුරුල් කරගත්‍තා.නේත්‍ර කොහොමත් පුලුන් රොදක් වගේ නිසා නේත්‍රව උස්සන කරන එක ආශවට අමාරු දෙයක් වුනේ නෑ.ලේ පුරලා ඉදිමිලා තියෙන නේත්‍රගෙ තොල් දෙක තමන්ගෙ මාපටැගිල්ලෙන් අතගෑව ආශව නේත්‍රගෙ තොල් වලට කෙටි හාදුවක් දීලා නේත්‍රව තුරුල් කරන් හිස් මුදුන ඉඹින්න ගත්තා.විනාඩි දහයක් විතර යද්දි ආශවගෙ කාමරේ දොරට තට්ටු කල සුපිපි කෙල්ල සුදුබේබි බඩගිනියි කියලා දැන් ටිකකට කලින් ගේන්න අණ කල කිරි තේ එක කේක් එක්කම ගෙනත් තිබ්බා.තේ එකයි කේක් පීරිසියයි අතට ගත්තු ආශව දොර වහලා දාලා මේසෙ උඩින් ඒ දෙක තියලා නේත්‍රට කතා කරද්දි නේත්‍ර නැගිටලා ආශව ලගට ආවා.

"දැනට තේ එක බීලා ඉමු නේත්‍ර.....රෑට උයන්න තව වෙලා යයිනෙ"

"සුදුබේබිට නෙවේද තේ එක?"

"මට මොකටද මැණිකෙ තේ....මට බඩගින්නක් නෑ....ඕක ගෙන්නගත්තෙ නේත්‍රට....නේත්‍රට කියලා කෙලින්ම කියන්න බැරි නිසයි මට බඩගිනියි කියලා ගෙන්නගත්තෙ....කේක් කාලා තේ එක බොමු"

"බඩගින්නක් නෑ සු....."

"ගුටි! ගුටි දෙන්නෙ මම....මම කවන්නම් මේක...අත් වල ක්‍රීම්නෙ...කෝ කට අරින්න....හොද ලමයා වගේ මේක කාලා තේ එක බිව්වොත් මම නේත්‍රට බඩ්ඩක් දෙනවා"

"ඒ මොනාද සුදුබේබි?"

"මෙව්වා"

මේසෙ කොනකට වෙන්න පීරිසියකින් වහලා තිබ්බ පුංචි වීදුරු දීසිය අතට ගත්තු ආශව පීරිසිය අහක් කරලා නේත්‍රට පෙන්නද්දි නේත්‍රගෙ පපුවම පිරිලා ගියේ සුදුබේබි  ගැන තියෙන ආදරෙන්.සුදුබේබි දවල් උනු පුංචි පොරොන්දුව පවා ඉෂ්ට කරලා තිබුනා.කේක් කෑල්ලකින් කට පුරවගෙන උන්නු නේත්‍ර ඉස්සිලා ආශවගෙ නලලෙන් හාදුවක් තියද්දි නේත්‍රගෙ ගැටපිච්ච සුවද විදින ගමන් ආශව ඇස් දෙක තත්පර ගාණකට පියාගත්තා.ආශවගෙ අතේ තිබුනු වීදුරු දීසිය ඇතුලෙ තිබ්බ ගම්මිරිසුයි ලුණුයි හොදට මුහුවෙලා තිබ්බ නස් නාරං ටික මේ කෝඩුකාර ආදරවන්තයො දිහා බලලා කෝලෙන් හිනා වුනා.

...................................................................................................

වචන 5650+ 😪❤️

අදහසක් කියාන යන්න හරිත😾❤️

බාල්දි ඥෑ ඥෑ කියලා බැන්නත් එක්ක මට.....බාල්දි නැතුව කම්මැලියි කියලත් කිව්වා

දැන් දෙන්නම් උබර්ලට බාල්දි😏❤️

ඌ හව් සෑඩ්....කියවලා බලන්න ආසා හිතෙයි😏❤️😂

කැම්පස් එකේ වැඩ එක්ක කැමීලියාට නිතරම එන්න වෙන්නෙ නැති ර්කට සමාවෙන්න බබාලා🥺❤️

එහෙනම් කැමීලියා ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter