Back
Chapter 66

65 කොටස🤍✨️

නිවාලන්න මා...

"දිවාෂට මොකක් වෙලාද?"

"උබලගෙ ගොංකම් හින්දා මේකා පවා විදවනවා පේනවද උබට!!! ශිට්! යුගාන් මෙහෙම දුර්වල වෙන කෙනෙක් නෙවෙයි ලේසියෙන්"

"නේත්‍ර....නේත්‍ර මැණිකෙ......ඇස් දෙක අරින්න"

දිවාෂව අත් දෙකට උස්සගෙනම පඩිපෙල බැස්ස තෙවින් දොර ඇරලා ආශවවයි නේත්‍රවයි ඇතුලට ගනිද්දි ආශව ඇසුත් ලොකු කරං බැලුවෙ දිවාෂ දිහා.දිවාෂට මේ දේ වෙන්න ප්‍රධාන හේතුව ආශවල කියලා කෑ ගහලා බැන්න තෙවින් ආයෙමත් සන්සුන් වුණේ ආශවගෙ අතේ හිටිය නේත්‍රත් ඇස් නාරින බව දැක්ක නිසා.

"යුගාන්ගෙ කාමරේට අරං යං ආශවයා.....දෙන්නගෙම ඇදුම් මාරු කරන්න වෙයි"

"හ්ම්ම්ම්"

පොඩි උන් දෙන්නවම සාලෙ සෝෆාවෙන් ඇල කරවපු ආශවයි තෙවිනුයි ලෑස්ති උනේ දෙන්නගෙම ඇදුම් මාරු කරවන්න.නේත්‍රනම් ඒ හැටි තෙමිලා නොහිටියත් නේත්‍රත් යම් මට්ටමකට තෙත් වෙලා හිටියා.දිවාෂනම් තනිකරම වතුර බාල්දියක ඔබ්බලා ගත්තු රෙදි කෑල්ලක් වගේ වෙද්දි තෙවින් උඩට දිව්වෙ දිවාෂගෙ ඇදුමක් අරං එන්න.තෙවින්ගෙ ඉස්සරහ කොහොමත් නේත්‍රව එලි දක්වන්න උවමනාවක් නොතිබ්බ ආශව නේත්‍රගෙ කමිසෙ බොත්තම් දෙකක් ගැලෙව්වෙ ගැහෙන හදවතකින්.තමන්ගෙ බෑගයෙන් ලොකු කමිසයක් ගත්තු ආශව නේත්‍රගෙ නේත්‍රගෙ උඩුකය නිරුවත් කරලා තමන්ගෙ කමිසෙ නේත්‍රගෙ ඇගට ඇන්දුවෙ විදුලි වේගෙන්.අන්ධකාරෙන් තිබ්බ සාලෙ නිසා හරිහැටි නේත්‍රගෙ උඩුකය නොපෙනුනත් අන්ධකාරය අතරිනම් දැක්ක කිරිගරුඩ පැහැ නේත්‍රගෙ හම ආශවගෙ පපුවෙ ගැස්ම වැඩි කරන්න සමත් උනා.නේත්‍රගෙ කලිසමනම් තෙමිලා නොතිබ්බ නිසා ආශව එහෙම්මම නේත්‍රව හාන්සි කරවලා ලං වුණෙ දිවාෂ ලගට.

දිවාෂගෙ තොල් පටවල් කට කට ගාලා වෙවුලන ගමන් තිබ්බා.ආශව කරන්න ඕනි මොකද්ද නොතේරුනු නිසා සාලෙම පුටුවක් උඩ දාලා තිබ්බ කාගෙම හරි තුවායක් අතට අරං දිවාෂව සෝෆාවෙ ඉන්දවලා දිවාෂගෙ ඔලුව පිහින්න ගත්තා.ඒත් එක්කම වගේ පහලට දුවං ආව තෙවින් තමන්ගෙ අතේ තිබ්බ ඇදුම් කෑලි දෙක තුන පැත්තකින් තියලා දිවාෂ ලගට ආවා.

"මම යුගාන්ගෙ ඇදුම් මාරු කරන්නම් ආශවය....උබ නේත්‍රව යුගාන්ගෙ කාමරෙන් තියලා වරෙං"

"හ්....හරි"

ආශව හෙමින් සැරේ සෝෆාව උඩ හාන්සි වෙලා ඉන්න පුංචි මල් කැකුලව තමන්ගෙ දෝතටම අරගෙන උඩුමහලට නගින්න ගත්තා.දිවාෂගෙ කාමරෙන් නේත්‍රව තිබ්බ ආශව පොරවනයෙන් නේත්‍රව පොරවලා එහෙම්මම නේත්‍රව තුරුල් කරගත්තෙ උණුසුමක් ගේන්න හිතාගෙන.ඒත් එක්කම ආශවට ඇහුනෙ තෙවින්ගෙ කටහඩ.

"ආශවයා....."

නේත්‍රට එහෙම්මම නිදාගන්න ඇරිය ආශව වේගෙන් පහලට බැහැගෙන යද්දි තෙවින් අසරණ විදියට ආශව දිහා බලන් හිටියා.ආශව ඇයි කියලා සන් කරලා අහද්දි තෙවින් දිවාෂ ලගට ලං වෙලා දිවාෂගෙ තෙත කමිසෙ බොත්තමක් ගලවන්න හදද්දිම හරිහැටි සිහියක් නැතිව හිටිය දිවාෂ තමන්ගෙ දුර්වල අතකින් කමිසෙ බොත්තම තියෙන හරිය ආවරණය කරගත්තා.

"අ....අයියා......අයියා...."

දිවාෂගෙ පුංචි දෙතොල් වලින් වෙවුලන හඩින් වචන එලියට එද්දි තෙවින්ගෙ අසරණ බැල්ම ආශව දිහාට එල්ල වුණා.

"ආශවයා අයියව එක්කන් එන්න යන්න ඕනි"

"නේත්‍ර නිදි.....මම යන්නම්....යතුර දෙන්න.....ඒත් දිවාෂව ඔහොම සීතලේ ......"

"මෙයා අපි කාටවත් එයාව අල්ලන්න දෙන්නෑ ආශවයා....මේ ඉල්ලන්නෙ අයියව....ඒ දෙන්නනෙ කිට්ටු"

තෙවින්ගෙ ඇස් දෙක මහ අසරණ විදියට බිමට බර වෙලා තිබ්බා.එක තත්පරේකට තෙවින් හිතලා තිබ්බ දිවාෂ හැමෝටම වඩා කිට්ටු එයාට වෙන්න ඇති කියලා.ඒත් ඒක බොරුවක් කියන තේරුම් කරවන ගමන් දිවාෂ අසිහියෙන් කියවන්න ගත්තෙ 'අයියා' කියන එක.ඒ දෙවින් කියන එක තෙවින්ට අමුතුවෙන් හිතන්න ඕනි වුණේ නෑ.ඒත් තෙවින් එතනින් එහාට කිසිම දෙයක් හිතන්න ගියේ නෑ.තෙවින් තාර්කිකව හිතුවනම් ඊට වඩා දෙයක් තෙවින්ට තේරුම් ගන්න තිබ්බා.ඒත් තෙවින්ට මේ වෙලාවෙ එච්චර දෙයක් හිතන්න පුළුවන් මානසිකත්වයක් තිබ්බෙ නෑ.

දෙවින් තෙවින් දෙන්නා ගැන දිවාෂගෙ හිතා තිබ්බෙ අහසට පොලව වගේ හැගීම් දෙකක්.පුංචි කාලෙ ඉදන්ම එකට හැදුනු දෙවින් තමන්ගෙම සහෝදරයෙක් විදියට දිවාෂට දැනෙද්දි තෙවින් ගැන දිවාෂගෙ හිතට ආවෙ ජීවිතේට මෙලෝ මිනිහෙක් ගැන නාව විදියෙ හැගීමක්.අසිහියෙන් හිටියත් දිවාෂට තෙවින්ගෙ ස්පර්ශෙ කවදාවත් හිතට ගෙනත් නුදුන්නු ලැජ්ජාවක් ගෙනත් දුන්නා.අසිහියෙන් උනත් දිවාෂ දෙවින්ට කතා කරන්න ගත්තෙ ඒකයි.දෙවින් ඉස්සරහ තමන්ගෙ කමිසෙ ගලවන්න දිවාෂට ප්‍රශ්නයක් නොවුණත් තෙවින් ඉස්සරහ එහෙම කරන්න දිවාෂට බැරි උනා.

ඒ දේ තෙවින් වගේ මෝඩයෙක්ට නොතේරුනු එක විතරයි ගැටලුවකට තිබ්බෙ!

"දෙවින්!!! යං ඉක්මනට....නේත්‍රයි දිවාෂයි අසනීප වෙලා වගේ.ඒකයි එන්න පරක්කු උනේ"

ජීවිතේට මනුස්සයෙක්ට සමාවෙන්න නොකියන ආශවගෙ කටින් මෙවෙලෙවත් ඒ වචනෙ පිට වුනේ නෑ.තමන් කොච්චර වරදක් කරලා තිබ්බත්,වටේම ඉන්න මිනිස්සු ඒකෙන් විදවනවා කියලා තේරුනත් ආශව කිසිම කෙනෙක්ගෙන් සමාව ඉල්ලුවෙනම් නෑ.ඒක ආශව හිතලා කරපු නපුරු දෙයක් නූනත් ඒක ආශවගෙ හැටි වුණා.පුංචි දේකට පවා ආශව සමාව ගන්නෙත් නේත්‍රගෙන් විතරක්ම උනා.ආශව ජීවිතේට නොකෙරුව හැමදෙයක්ම කරන්නෙ නේත්‍ර වෙනුවෙන් විතරක්ම උනා.

"දිවාෂ මල්ලිට මොකෝ!!!"

කලබලෙන් වගේ බයිකයට නැග්ග දෙවින් අහද්දි දිවාෂ ගැන කියන ගමන් ආශව බයිකය ගමේ පාර දිගේ වේගෙන් අරගෙන ගියා.යමින් ගමන් පවා දෙවින් ඇහුවෙම දිවාෂ ගැන.නේත්‍ර ගැන බලන්න ආශව හිටියට අම්මා අප්පච්චිවත් ගෙදර නැති වෙලාවෙ දිවාෂ ගැන බලන්න කවුරුත් නෑ කියලා දෙවින් දැනන් හිටියා.ඒ හැමදේටමත් පස්සෙ කොහොමත් දෙවින් නේත්‍රට වඩා කිට්ටු දිවාෂට නිසා දෙවින් හුගක්ම කලබල වුණේ දිවාෂ ගැන.

බයිකය දිවාෂලාගෙ ගේට්ටුවෙන් ඇතුලට දැම්ම ආශව දෙවින් ගෙට දුවල යද්දි ගේට්ටුව වහලා දැම්මා.ආශව සාලෙට යද්දි දෙවින් හිටියෙ දිවාෂ ලග දණ ගහගෙන.දිවාෂව උස්සලා අත් දෙකට ගත්තු දෙවින් මෙච්චර වෙලා දිවාෂගෙ යටි පතුල් තමන්ගෙ අත් වලින් උණුහුම් කරන ගමන් උන්නු තෙවින්ටත්,දොර වහලා අගුලු දැම්ම ආශවටත් උඩට එන්න කියන ගමන් පඩිපෙල නගින්න ගත්තා.

"අ...අයියා..."

"අයියා තමා මල්ලි.....අයියා ඉන්නවා ලග....බය වෙන්න එපා"

"සීතයි....."

"ඇදුම් මාරු කරගමු ගිහින්....ම්ම්ම්.....අයියා ඉන්නවනෙ ලග"

"හ්ම්ම්...."

හීන් කෙදිරියක් ගාන ගමන් දිවාෂ දෙවින්ගෙ පපුවට හොදට තුරුල් උනා.දිවාෂව උස්සගෙන කාමරේට ගිය දෙවින් දිවාෂගෙ කමිසෙ,කලිසම ඔක්කොම අහක් කරලා අලුත් ඇදුම් අන්දවද්දිවත් දිවාෂ කලබලයක් කලේ නෑ.ඔක්කොම කරලා දිවාෂවත් නේත්‍රගෙ ලගින්ම ඇල කරවපු දෙවින් දිවාෂටත් ඇතිරිල්ලක් පොරවලා ආශවටයි තෙවින්ටයි ඇතුලට එන්න කිව්වා.මේ මහ පාන්දරක ගෙදර ඔක්කොම ලයිට් දාගෙන මිනිස්සුන්ගෙ අනවශ්‍ය අවධානෙ ගන්නවට වඩා ඔක්කොමල්ලා එකම කාමරේක ඉන්න එක කට්ටියටම හොදයි කියලා හිතුනා.

දිවාෂගෙ ඇග කද පොඩි උනාට දිවාෂටම කියලා අම්මයි අප්පච්චියි දීලා තිබ්බෙ තුන් හතර දෙනෙක්ට කිසිම කරදරයක් නැතුව ඉන්න පුළුවන් තරමෙ ලොකු ඇදක්.දිවාෂ කෝමත් නින්දෙන් දගලන හැටියට පොඩි ඇදක් අරං දීලා ඒකෙන් දිනපතා වැටෙනවට වඩා එකපාරන ලොකු ඇදක් අරං දීලා දිවාෂට කරදරයක් නොවී තියාගන්න එක ඒ දෙන්නට වැද්ගත් වුණා.කොහොමත් පවුලෙ එකම දරුවා උනු දිවාෂට ආරියසිංහ නෝනගෙනුයි මහත්තයගෙනුයි ලැබුනෙ අසීමිත ආදරයක්.

"ආයෙ ඔය වගේ මෝඩ වැඩනම් කරන්න හදන්න එපා ආශවයා....."

"හ්ම්ම්ම්"

කාමරේ ලයිට් නිවලා දැම්ම දෙවින් නේත්‍ර ලගින්ම ඇදේ ඉදන් ඉන්න ආශවට කියන ගමන් දිවාෂගෙ පොත් මේසෙ ලග තියෙන පුටුවෙන් ඉදගනිද්දි ආශව ඒකට හූමිටි තිබ්බා.ආශවගෙ අත තිබ්බෙ නේත්‍රගෙ පුංචි අතක් එක්ක පැටලිලා.ආශවගෙ ඇස් ලා කදුලු පටලෙකින් වැහිලා ගිහින් තිබුනා.ආශවගෙ ඇස් රැදුනෙම ලාවට සුදුමැලි වෙලා ගිහින් තියෙන නේත්‍රගෙ තොල් පටවල් ලග.වැස්සෙ තෙමුනු නිසයි,උනු දෙයින් ඇති වෙච්ච පීඩනේ නිසයි නේත්‍රට එලි වෙද්දි උණ ගැනෙනවා කියන එක ආශවට තේරුම් ගන්න ලොකු වෙලාවක් ගියේ නෑ.

"නේත්‍ර මල්ලිට මොකෝ?"

"උණ ගැනෙයි වගේ දෙවින් එලි වෙන්න කලින්....ශිට්! මම නිසා පුංචි එකා විදවන්නෙ"

"අද උබලා ගියානම් ඔය පොඩි එකා ඔයිටත් වඩා විදෝනවා ආශවයා....බලපං! අද අපි ඔක්කොම උබ වටේට ඉන්නවා.හැබැයි උබ ගියානම්? උබ ලග ඉන්නෙ කවුද? අනික උබ හිතනවද ගම ඇතුලෙ නේත්‍ර වගේ රූපයක් තියෙන කෙනෙක් රැකිල හිටියට නොදන්න පලාතකට ගියාමත් ඒක එහෙම්මම තියෙයි කියලා?"

"................"

"පොඩි එකාට ඉස්කෝලෙ ඇතුලෙ,වටේ ඉස්කෝල වල කොල්ලො කෙල්ලො කීයක්නම් කැමැත්තෙන් හිටියද,ඉන්නවද කියලා උබට අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.පොඩි එකා නොදන්න සිද්ධි කීයක් පවා උනාද? ගිය අවුරුද්දෙ අපි දෙන්නා ගිහින් නේත්‍රගෙන් යාලු වෙන්න අහන්න ආව අහවල් ඉස්කෝලෙ ඩිබෙට් ටීම් එකේ කැපාගෙ කට තැලුව එක නේත්‍ර දන්නවද?"

"නෑ.....නේත්‍ර දන්නෑ මම කරන ඔය වගේ වැඩ ගැන....නේත්‍ර කැමති නෑ මම ඔහොම කරනවට"

"මොකද්ද අයියෙ ඒ සීන් එක?"

"අරහෙ බං....නදුලලාගෙ ඉස්කෝලෙ...උන්ගෙ එකයි අපේ එකයි ඉතින් එකම හරියෙනෙ තියෙන්නෙ.ඉස්කෝලෙ ඇරිලා යද්දි උනත් උන්ට අපේ උන්ව සෙට් වෙනවනෙ.ඔක්කොටම වඩා අපේ ඉස්කෝලෙයි,උන්ගෙ එකෙයි ඩිබෙටින් කම්පිටිෂන් එකක් තිබ්බා.නේත්‍ර ඩිබෙට් ටීම් එකේ හිටියෙ නැති උනාට එයා සොසයිටි එකෙ ඉන්නවා.එයාලා තමා සාමාන්‍යෙන් අදාල මාතෘකාවට ඕනි ඔක්කොම කරුණු,අනික් ටීම් එකෙන් ගේන්න පුළුවන් තර්ක වගේ ඒවා ඔක්කොම ගෙස් කරලා අපේ ටීම් එක ලෑස්ති කරන අය.හරියටම කිව්වොත් දිවාෂලා කතා කරලා දිනන එක තියෙන්නෙ නේත්‍රලාගෙ අතේ...."

"ඕ.....ඕ....ඊට පස්සෙ?"

"කොහොමහරි කම්පිටිෂන් එකක් තියෙද්දි ටීම් එක එක්ක නේත්‍රලත් යනවා.සපෝට් කරන්න.කොහොමහරි ඔය ගිය වෙලේක එහෙ කැපා නේත්‍රව දැකලා.ඩිබෙට් ටීම් එකේ එකා.මූ පිස්සු බල්ලා වගේ නේත්‍රගෙ පස්සෙන්ම වැටිලා එදා ඉදන්.වැඩියෙ ඕන්නෑ ඌ උගෙ කෙල්ලව පවා අතෑරලා තමා නේත්‍රගෙ පස්සෙන් එන වැඩේට බැහැලා තියෙන්නෙ.ඉට පස්සෙ ඌට අපේ ඉස්කෝලෙ කෙනෙක්ව ඕනි උනා නේත්‍රව ටෝක් කරගන්න.මොකද ඌ ඉන්ස්‍ට මැසේජ් දාලා තිබ්බා,නේත්‍ර එනකං මග රැකං ඉදල තිබ්බා.නේත්‍ර ඉන්ස්ට ඒම නොයන නිසයි නේත්‍ර කොහෙවත් රවුම් ගහන්න නොයන නිසයි ඌට නේත්‍ර එක්ක කතා කරන්න විදියක් සෙට් උනේ නැති නිසා මිනිහා නේත්‍ර ගැනයි,ආස්‍රේ කරන අය ගැනයි හොයාගෙන දවසක් ඇවිත් තිබ්බා නේත්‍ර ගැන අහන්න"

"ඕ.......ඊට පස්සෙ?"

"ඌ ඇවිත් නේත්‍ර ගැන ඇහුවෙ ආශවගෙන්!"

"ආ ඊ...මොකක්!!! මුගෙන් ඇහුවද නේත්‍ර ගැනම?"

"ඔව් ඉතින්.ලමයි කියලා තියෙන්නෙ මුන් දෙන්නා නෑයො කියලනෙ.දිවාෂ මල්ලි යාලුවා කියලා දැනගෙන හිටියට දිවාෂ මල්ලිගෙ කට හොද නැති නිසා ලැජ්ජා වෙන්න වෙයි කියන බයටයි වැදගත්ව කතාබහ වැඩියෙ නැතුව ඉන්න ආශව එක්කම කතා කරන්න ඇවිත් තිබ්බෙ"

"ඌ යහතින්ද?"

"නෑ තාම මූණෙ කැලලක් තියේ.මූ ගැහුව වෙලේ මුගේ අතේ තිබ්බ මුද්දකට ඒ යකාගෙ මූණ පැත්තක පොඩි කැපුමක් ආවා.ලොකු එකක් නෙවෙයි පොඩි එකක්.මූ හැබැයි හිතලා නෙවේ ඒකනම් කලේ.ඌ කිව්ව වචනෙකට අපේ එකාට නැගලා තිබ්බෙ"

"මොකද්ද?"

"ඌ කිව්වා නේත්‍රව සෙට් කරලා දුන්නොත් ආශව ඉල්ලන ඕනි උදව්වක් කරන්නම් කියලා.නිකං ඩීල් එකක් වගේනෙ ඌ කතා කරල තිබ්බෙ.මූ ඒකයි හවසක ගිහින් කෙලලා ආවෙ ඌට.මාත් ඉතින් ගිහින් මිනිහට වචනයක් දෙකක් කියලා ආවා.දැන්නම් ඉන්නවා පාඩුවෙ.කෝමත් ඌ ආයෙ ආවෙ නෑ ඔය සීන් වලට"

"මූ යකෙක්නෙ බලද්දි......."

"ඔව්.....මමත් බය ඒකනෙ මුගෙ වැඩ වලට.මම ඒකයි කිව්වෙ.හිතපං ඉස්කෝලෙ ඇතුලෙ ඉන්න උන්ගෙන් රධීනයා කොච්චර නම් වදයක් දෙනවා කියලද? අපි හැමෝම ඉන්න නිසා නේත්‍ර රැකිලා ඉන්නවා.ඒ උනාට පිට පලාතකට ගියොත්? යකෝ මහත දෙහෙත හයිය පිරිමි පහ හයක් ඇවිල්ලා උබේ ඔලුවට පොල්ලකින් කෙලලා දාලා පොඩි එකාට කරදරයක් කලොත් උබ වලෙන් නැගිටලා ඇවිත් උන්ට ගහන්න තරම් මේක ෆිල්ම් එකක් නෙවෙයි.රියැලිටියෙ ජීවත් වෙයං.ඔක්කොටම හපන් උඹේ අප්පච්චි! "

"ආයෙ එහෙම දෙයක් මම කරන්නෑ දෙවින්....මම මෝඩ වැඩක් කරන්න හැදුවෙ කියලා මට තේරුම් ගියා"

"තේරුම් ගියානම් ලොකු දෙයක්...උබම හිතපං,උබ ක්‍රිකට් කියන පාත් එක තෝරගත්තෙ ඇයි? උබේම කියලා තැනක් හදාගත්තට පස්සෙ අප්පච්චිට බෑ උබට බලපෑම් කරන්න....මොකද සාමාන්‍යෙන් නමක් තියෙන ක්‍රිකටර් කෙනෙක් කියන්නෙ ලංකාව ඇතුලෙ වගේම ඒ ෆීල්ඩ් එකේ වත්පොහොසත්කම් වගේම බලය අතිනුත් ටිකක් ඉහලින් ඉන්න කෙනෙක්නෙ"

"හ්ම්ම්ම්"

"උබම දන්නවා උබ ක්‍රිකට් ගහනවට අමතරව බිස්නස් ෆීල්ඩ් එකටත් බහිනව කියලා.ඒකත් හැම ක්‍රිකටර් කෙනෙක්ම වගේ කරන දෙයක්.ක්‍රිකට් ගගහා විතරක් ඉදලා කොහොමත් අප්පච්චිට වඩා උබට ඉහලකට යන්න බෑනෙ"

"ඒ වැඩ දැනටම පටන් අරංනෙ ඉන්නෙ මම"

"ශෙයාස් ගන්න වැඩේද?"

"ඕ....එහෙම පටන් අරං තමා මගෙම දෙයක් කරන්න වෙන්නෙ.දැනට ඒවට ඉන්වෙස්ට් කරනවා"

"ඉතින් බලපං ආශව,උබ කොච්චර නම් හොදට ප්ලෑන් කරගෙන තියෙන අනාගතයක්ද මේ තත්‍පර ගාණකින් විනාස කරගන්න හැදුවෙ? අඩුම ආයෙ උබ ඕම මොකක් හරි මගුලක් කරනවනම් අපිට හරි කියල ඉදපං.මෝඩයා! ඒ ලෙවක්වත් කරලා නැතුව ජෝඩුව එක්ක ගිහින් ඔය ඇදුම් කඩේක හරි වෙන ශොප් එකක හරි සේල් බෝයිස්ලා විදියට තමා වැඩ කරන්න වෙන්නෙ.බලපං ඒ මිනිස්සු කොච්චර නම් දුක් විදිනවද? පැය ගණන් හිටගෙන...මිනිස්සුන්ගෙන් කතා අහගෙන....අතුපතු පවා ගාන වැඩ කරනවා සමහර තැන් වල.පොඩි එකා කරයි.උබ? උබට පුළුවන් ද එහෙම කරන්න"

"නේත්‍ර වෙනු......"

"ඒක තමා බය.නේත්‍ර වෙනුවෙන් කරන්න ගිහින් නේත්‍රට එතන ඉන්න එකෙක් සද්දෙ දැම්ම ගමන් උබ උගෙ මූණ තැලුවට පස්සෙ පොලීසි ගානෙ බත් අදින්න වෙන්නෙත් පොඩි එකාට..බූරුවෙක් උබ ඇත්තටම.බත් කන බූරුවෙක්!"

"දැන් ඇති අයියේ.....උනු දේ උනා.....ආශවලා ආයෙ ඔහොම කරන එකක් නෑ"

"හ්ම්ම්....මම මේ උබව විශ්වාස කරන අන්තිම වතාව ආශවයා තේරුනාද? අනික....පොඩි දෙන්නට උණ ගන්න බලයි සමහරවිට එලි වෙද්දි...පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න"

"උබ යනවද?"

"මමත් මෙතන ඉදලා කොහොමද දැන් ඔක්කොම බැලන්ස් කරන්නෙ? උබත් නෑ මුන් දෙන්නත් ගෙවල් වල නෑ.හොදට හිටියි.....මම දැන් යනවා.ගිහින් උදේ හයට විතර නේත්‍ර මල්ලිලාගෙ ගෙදර ගිහින් කට්ටියම පාන්දර ඉදන් ප්‍රොජෙක්ට් එකේ වැඩකට මෙහෙට සෙට් උනා කියලා මොකක් හරි ෆයිල් එකක් එහෙන් ඉල්ලගන්න ආවෙ කියලා ඒක අරං,ඊට පස්සෙ මේ බූරුවගෙ වලව්වට ගිහින් උන්ගෙ අම්මා අප්පලාටත් බටර් ගාලා උන්ගෙනුත් ෆයිල් එකක් ඉල්ලන් මෙහෙට එන්නම්.නැත්තං හොදට තියෙයි"

දෙවින් රවලා කියද්දි තෙවිනුයි ආශවයි සද්ද බද්ද නැතුව අහගෙන හිටියා.කොහොමත් කේන්ති ගන්නම ඕනි වෙලාවල් වල විතරක් කේන්ති ගන්න දෙවින්ව කේන්ති ගිය වෙලාවල් වල අවුස්සගන්න හොද නෑ කියලා ඔය දෙන්නම දැනගෙන හිටියා.බයිකය දිවාෂලාගෙ ගෙදර දාලම දෙවින් පිටවෙලා යද්දි තෙවින් ගෙදර දොර වහලා අගුලු දාලා කාමරේට ආවා.

සද්ද බද්ද නැතුවම ආශව ඇද විට්ටමට හේත්තු වෙලා නේත්‍රව තමන්ගෙ පපුවට ඇදලා ගනිද්දි සීතලෙන් හිටිය නේත්‍ර ආශවගෙ උණුහුමට තුරුල් උනා.කටත් පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා නින්දෙන්ම 'චක් චක්' ගෑව චූටි නේත්‍ර තොලුත් උල් කරං ආශවගෙ ලොකු ශරීරෙ ඇතුලෙ ගුලි ගැහෙද්දි පපුවම බර වෙලා යන ආදරයක් එක්ක ආශව නේත්‍රව තුරුල් කරං හිස් මුදුන සිපගත්තා.

ඒත් තෙවින් හරි හුරු පුරුදු කාරයෙක් වගේ දිවාෂගෙ ඇද යටට එබිලා ඒ ඇද අස්සෙන් තනි මිනිහෙක්ට ඉන්න පුළුවන් පොඩි මෙට්ටයක් එලියට ඇදලා ගත්තා.තමන් දිහා බලන් ඉන්න ආශව දිහා බලලා ලාවට හිනා වුණු තෙවින් දිවාෂගෙ අල්මාරියෙන් තව ඇතිරිල්ලකුත් අරං ඒක පොරෝගෙනම මෙට්ටෙ උඩින් දිගාවෙලා ආශවට කතා කලා.

"මම මොනාහරි මරාලයක් පාත් කරං යුගාන්ව හොයං ආවට පස්සෙ මේකෙ තමා මූ මට නිදාගන්න දෙන්නෙ"

"ඕහ්....හරි හරි"

කාමරේම අන්ධකාරෙන් පිරිලා තියෙද්දි ඔරලෝසුවෙ වෙලාව පාන්දර දෙක හමාර කියලා සටහන් වුණා.ධාරානිපාත වැස්සක් තිබුණු නිසා හද එලියවත් අහසින් නොවැටෙද්දි අන්ධකාරෙ අස්සෙන් උනත් පේන නේත්‍රගෙ කිරිගරුඩ පාට මූණ දිහා ආශව ආදරෙන් බලන් හිටියා.මූණෙ තියෙන අවයව හරියාකාරව නොපෙනුනත් නේත්‍රගෙ හමේ පාට අන්ධකාරෙට පවා අභියෝග කලා.එහෙම්මම ආශව නැවුනෙ නේත්‍රගෙ ට්ජොල් වලට.අන්ධකාරෙ උනත් ආශවට මොකද බැරි එයාගෙ පුංචි ආදරවන්තයගෙ තොල් හොයාගන්න? තොල් වලින් සියුම් සිපුමක් තැවරුව ආශව ආපහු පාරක් නේත්‍රව තුරුල් කරගත්තා.

"මට සමාවෙන්න රත්තරනේ.....ආයෙ සුදුබේබි මේ වගේ මෝඩ තීරණ ගන්නෑ"

ආශවගෙ ඇගට උනත් තදබල විදියට මහන්සිය දැනුනත් නේත්‍රට උණ ගැනෙයි කියන බය ආශවගෙ නින්දට බාධා කලා.කෝකටත් කියලා තමන්ගෙ දුරකථනෙන් එලාමය පැයෙන් පැයට සැකසුව ආශව නේත්‍රව තව ටිකක් තුරුල් කරං ඇස් දෙක පියාගත්තා.ආශවට නොදැනිම ආශවගෙ ඇස් පියවෙද්දි නේත්‍ර ඒ ලොකු අත් අතරෙ සුවපහසුවට නිදාගෙන හිටියා.

"කීං...කීං...කීං"

ආශව උඩ ගිහින් ඇහැරුනේ තමන්ගෙ එලාමයේ සද්දෙට.ආශව ඉක්මනට එලාමය ක්‍රියාවිරහිත කරල බැලුවෙ තමන්ගෙ තුරුලෙ ගුලි ගැහිලා ඉන්න නේත්‍ර දිහා.කටත් ඩිංගිත්තක් ඇරං නින්ද ගිහින් උන්නු නේත්‍රගෙ කටින් පෙරිලා තිබ්බ කෙල ඩිංගිත්ත තමන්ගෙ ඇගිලි වලින් පිහිදැම්ම ආශව ගැස්සිලා ගියේ නේත්‍රගෙ ඇගෙන් ආව රස්නෙට.දෙවින් හොයලා මේස උඩින් තියලා ගිය පෙනඩෝල් කාඩ් එක අතට ගත්තු ආශව ඒකෙන් පෙති දෙකක් අරගෙන නේත්‍රව අමාරුවෙන් හරි ඇහැරෝගන්න උත්සාහ කලා.

"නේත්‍ර....නැගිටින්නකො මැණික"

"............."

"ඔයාට උණ රත්තරනේ.....කෝ නැගිටින්න"

"ම්හ්....ම්හ්...."

"කෝ,බෙයියන් ටික බීලා දොයියගන්නකො ආයෙම....කෝ මගෙ හොද බබානෙ....නැගිටින්නකො වස්තුවෙ"

"ම්හ්.....සීතයි සුදුබේබි බේබි.....නේට්ටගෙ ඔලුවත් කැක්කුමයි"

"කෝ ඒක තමා මේක බොන්න කියන්නෙ....කෝ මයෙ අම්මා නැගිටින්නකො"

"ම්හ්හ්....ම්හ්...."

"කෝ ආ....කෝ කට අරින්න....ආ වතුර ටිකත් බොන්න....ආ.....හරි හරි කෝ අඩන්න එපා....ඒක හරි දැන්....ගිල්ලනෙ පෙත්ත"

"තිත්තයි.....දිව තිත්තයි"

"හොදටම උණ දෙයියනේ ඔයාට.....කෝ ඔය ශීට් එක අස්සට යන්න"

"ස්....සුදුබේබි ඕනීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ"

"අඩන්නෙපා මැණිකෙ....මම ලග ඉන්නවා...කෝ දොයියගන්න"

ටික වෙලාවක් යනකං රටේ ලෝකෙ නැති ඒවා කිය කිය ඉකි ගැහුව නේත්‍ර හෙමීට නිදාගත්තා.ඒත් එක්කම ආශවට මතක් උනේ දිවාෂව.නේත්‍රව හෙමින් සැරේ තුරුලෙන් ඈත් කෙරුව ආශව දිවාෂ ලගට කිට්ටු උනේ දිවාෂටත් උණ ගැනිලද බලන්න.දිවාෂගෙ ඇගෙත් ලා රස්නයක් තිබුණු නිසා ආශව පෙනඩෝල් පෙති දෙකක් ගන්න ගියත් ඒත් එක්කම තෙවින් කතා කලා.

"යුගාන්ට උණ ගත්තෙ දැන් පැය බාගෙකට විතර කලින් ආශවයා.....මම මූට පෙනඩෝල් දුන්නා.එවෙලෙ නේත්‍ර මල්ලිට උණ නොතිබ්බ නිසයි මම කතා නොකලෙ"

"ආහ්....හරි...එහෙනම් කමක් නෑ....මම....ඕහ්....නේත්‍ර අඩන්න එපා"

"උණ විකාරෙ වගේ ඇත්තෙ ආශව....උණ ගැනුනම් අපේ අයියත් ඔය වගේ කියවනවා.මමත් එහෙමයි"

"ඒක ලොකු අවුලක් නෙවෙයි නේද තෙවින්....මට බයයි...නේත්‍ර"

"සුදුබේබීඊඊඊඊඊඊඊඊඊඊඊඊ"

"නෑ ආශව....ශේප් එකේ නිදිකරවගන්න බලන්න.අඩු නොවුණොත් හෙට යං බේත් ගන්න"

"හරි.....කෝ එන්න මැණිකෙ....මම කොහෙවත් ගියේ නෑ ඔයාව දාලා"

ඇස් දෙකත් පොඩි කරකර අඩන නේත්‍ර ලගින්ම ඇදට ගොඩ වුණු ආශව නේත්‍රව හයියෙන් තුරුල් කරගත්තා.නේත්‍රගෙ රවුම් බෝල ඇස් වලින් කදුළු හෝ ගාලා ගලන්න පටන් අරං.නින්දට වැටුණු ගමන් සුදුබේබිගෙ උණුහුම නැති වෙලා දැනුනම් අඩනවා ඇරෙන්න පුංචි නේත්‍ර වෙන මොනා කරන්නද? ලා රෝස පාට අත් දෙකත් මිට මොලවං පුළුවන් තරම් සුදුබේබිගෙ පපුව අස්සට ගුලි ගැහුනු නේත්‍ර උණ විකාරෙන්ම මුණු මුණු ගාන්න ගනිද්දි ආශව නේත්‍රගෙ හිස් මුදුන හාදු වලින් පුරවන ගමන් හිටියා.

"නේට්ටගෙ පණ සුදුබේබි.....සුදුබේබි දන්නෑනෙ"

"සුදුබේබි නොදන්නෙ මොකෝ රත්තරනේ...."

"නේට්ට මේ ලෝකෙන් වැඩියෙම ආදරෙත් සුදුබේබිට....සුදුබේබි දන්නෑනෙ"

"දන්නවා දන්නවා....මොකෝ නොදන්නෙ?"

"නේට්ටට මේ ලෝකෙන් වැඩියෙම ආදරෙත් සුදුබේබි කියලා නේට්ට දන්නවා....සුදුබේබි දන්නෑනෙ"

"පිස්සු කොල්ලා....සුදුබේබි දන්නැතුව කොහොමද?"

"නේට්ටගෙ අප්පච්චි නෑ.....සුදුබේබි දන්නෑනෙ"

"සුදුබේබි ඒකත් දන්නවා"

"ඒත් නේට්ටට අප්පච්චි කෙනෙක් ඕන්නෑ.....ලොකු අප්පච්චි කෙනෙක් එපා....සුදුබේබි දන්නෑනෙ"

"ඒකනම් දන්නෑ තමා.....ඇයි ඒ?"

"නේට්ටට දැන් අප්පච්චි කෙනෙක් ඉන්නවා....චූටි අප්පච්චි කෙනෙක්....සුදුබේබි.....සුදුබේබි තමා මගෙ අප්පච්චි"

"රත්තරනේ......"

ආශවගෙ ඇස් කදුළු වලින් බර වෙද්දි අදනම් ආශව ඒ කදුලු වලට නිදහසේ ගලාගෙන යන්න ඉඩ දුන්නා.නේත්‍ර තමන්ට ආදරේ කරනවා කියලා දැනන් හිටියට අප්පච්චිට දෙන තැන තමන්ට දීලා ඇති කියලා ආශව නිකමටවත් හිතුවෙ නෑ.සාමාන්‍යෙන් ලමයෙක් තමන්ගෙ අම්මා අප්පච්චි කියන තැන් දෙක දෙන්නෙ තමන්ව මේ ලෝකෙට දායාද කරපු දෙන්නට විතරක්ම වෙනකොට මේ පුංචි එකා ඒ තැන තමන්ට දීලා නේද කියලා හිතද්දිනුත් ආශවගෙ පපුව බර උනා.ආශව ආපහු පාරක් නැවිලා නේත්‍රගෙ හිස් මුදුනෙන් හාද්දක් තියද්දි නේත්‍ර හෙමීට හිනාවෙනවා ආශවට ඇහුනා.

"යන්නෙපා.....හොදද?"

"කොහෙද නේත්‍ර?"

"නේට්ටව දාලා....යන්නෙපා.....හොද සුදුබේබිනෙ"

"උබව දාලා කොහෙ යන්නද රත්තරනේ....ජීවිතේම උබනෙ"

"හී....හිහ්.....නේට්ට සුදුබේබිගෙ ආසා තැනක් තියේ....හාද්දක් දෙන්නද එතෙන්ට?"

"මේකා යකෝ.....උණ විකාරෙ හැදෙන්න ඕනි ඔය වගේ දෙයක් කියන්න"

"හීහ්....දෙන්නද? නේට්ට ආසයි"

"හා"

හෙමින් සැරේ ආශවගෙ පපුව උඩ ගුලි ගහන් තිබ්බ පුංචි අතක් දිගෑරගත්තු නේත්‍ර නින්දෙන්ම වගේ ඒ අත ආශවගෙ පපුව දිහේ බෙල්ල වෙනකං උඩට ඇදන් ආවා.පුංචි ඇගිලි වලින් අතපත ගාල ඕනි කරන තැන හොයාගත්තු නේත්‍ර හෙමින් සැරේ ඉස්සිලා ආශවගෙ උගුරු දණ්ඩ උඩින් හාදුවක් තියාගෙන හිටියා.නේත්‍ර තොල් චලනය කලේවත් නෑ.විනාඩි දෙකකට විතර පස්සෙ ඔහේ තොල් තියං ඉදලා අහකට උනු නේත්‍ර ඉක්මනට ආශවගෙ පපුව අස්සෙ මූණ හංගගත්තා.

"හෑයියා...."

"හෑයියා තමා....හරිද චූටි මහත්තයගෙ ආසාව?"

"හීහ්...හෑයියා"

"දැන් දොයියමු"

"සුදුබේබි!!!"

"ඕහ්! කියන්න....කෑගහන්නෙපා මැණිකෙ දිවාෂලා නිදි"

"සුදුබේබිට උණ බෝවෙයි මගෙන්"

"නෑ නෑ .....දැන් දොයියගන්නකො"

"හුම්ම්ම්...නේට්ට ආදරෙයි"

"සුදුබේබිත්"

නේත්‍ර හරි සිහියකින් හිටියනම් උණ බෝවෙයි තමන්ට මෙහෙම තුරුල් වෙලා ඉන්න නොදෙන බවත්,බලෙන් හරි තමන්ව අහකට කරන බවත් ආශව දැනන් හිටියා.ඒත් උණ විකාරෙන් කියෝන නේත්‍රව ආම්බාන් කරගන්න වැඩේ ලේසි උනු නිසා ආශව නේත්‍රගෙ පිටට තට්ටු දදා නේත්‍ර නිදිකරවන්න ගත්තා.උණ විකාරෙන් උනත් නේත්‍ර තමන් ගැන විමසිලිමත් වෙන හැටි ආශවට ගෙනාවෙ පුදුමයක්.නින්දට වැටිලා හීනියට හුස්ම ගන්න නේත්‍ර දිහා බලලා ආශව කල්පනා කලා.

"මනුස්සයෙක්ට පුළුවන්ද මේ තරම් ආදරේ කරන්න?"

.

.

.

.

.

"උබලා දෙන්නට කිව්වෙ මේ හොදි ටික දාන්න කියලා විතරයි යකෝ දීසි වලට.....ඉදිආප්ප මදි වෙයි කියලා හිතලා පාන් ගෙඩියකුත් අරං එන්න ගිය ටිකට මොකද්ද මේ කරලා තියෙන්නෙ?"

"ඉතින් අයියා කිව්වෙ දෙකම දාන්න කියලා"

"ඉතින්?"

"ඉතින් හොදි දෙකම එකට දැම්මා දෙවින්"

"අනේ අම්මේ.....ඉරුගල්බණ්ඩාර පරම්පරාව ගැනයි,සිංහවංශ පරම්පරාව ගැනයි මට මේ වෙලාවෙ දැනෙන දුක අම්මපා....."

"............"

"හොදි දාන්නෙ දීසි වලට යකෝ.....මේ බත් දාන බෝල් එකක් අරං හොදි හැලියක් හලලනෙ ඒකට උබලා"

"ඉතින් කොහොමත් දෙක එකට අනාගෙනනෙ කන්නෙ අයියෙ....එකට දැම්මම ලේසියි"

"යකෝ අර පොඩි දෙන්නට උණ....උන් දෙන්නට අප්පිරියා වෙන්න පුළුවන් හොදි දෙකෙන් එකක්.ඒකයි වෙන වෙනම......තොපි දෙන්නට කියලා වැඩක් නෑ.....අනේ දෙනෙත් බබා....ඉන්න තැනකින් වරෙංකෝ....මගෙ ඔලුව පැලෙන්න වගේ මුන් දෙන්නා එක්ක ඉදලා"

"ඌ හිටියනම් හොදි ටික ඔලුවෙ හලන් නටන්නෙ....අපි තව හොදයි....හහ්! වරෙං ආශව පොඩි උන් දෙන්නව නැගිට්ටවන්න යන්න"

"මූ යකෝ.....ලමිස්සි වගේනෙ....යසයි යසයි සිංහවංශ පොඩි පුතාගෙ අභිමානෙ.....ආ උබ මොකෝ රවන්නෙ....උබලගෙ පරම්පරාවෙ උන් දන්නෙත් රවන්න විතරයි....එක්කො කමක් නෑ උබ පරපුරේ අභිමානෙ හරි ඉස්සරහට අරං යනවා....අරූනම් නැති බංගස්තාන කරයි වගේ අපේ පරපුර"

දෙවින් තනියම කියව කියව පිගන් හොය හොය හෝදද්දි ආශවයි තෙවිනුයි දෙන්නා උඩට ගියේ පුංචි උන් දෙන්නව නැගිට්ටවන්න.කාමරේට ගිය තෙවින් කෑගහන සද්දෙ එක්ක පඩිපෙලේ බාගයක් දුර නැගලා හිටිය ආශව පණ කඩාගෙන කාමරේට දුවගෙන ගියා.තෙවින් කෑ ගැහුවෙ ඇයි අහන්න කට ඇරියත් ආශව කටපියාගත්තෙ කෑ ගහන්න හේතුව තේරුම් අරං.නේත්‍ර හිටිය විදියටම ඇතිරිල්ලත් පොරවං සාමකාමීව නිදාගෙන හිටියට දිවාෂ ඇද උඩවත් හිටියෙ නෑ!!!

"කෝ දිවාස? බාතෲම් එකේද බලපං"

"ඉන්න"

තෙවින් බාතෲම් එකේ දොර අගුලු නොදා තිබ්බ නිසා ඒක ඇරලා බැලුවත් දිවාෂ ඒ ඇතුලෙවත් හිටියෙ නෑ.බැල්කනියෙත් බලලා අම්මලාගෙ කාමරෙත් බලලා ආයෙමත් දිවාෂගෙ කාමරේට ආව තෙවින් නේත්‍ර ලගින් ඉදගෙන නේත්‍රගෙ ඔලුව අතගගා ඉන්න ආශවට කතා කලා.

"මූ නෑනෙ ආශව...."

"නෑ කිය.....මොකද්ද ඒ කෙදිරිල්ල?"

"ඇද යටින් නේද ඇහෙන්නෙ.....ය....යකෝ මූ ඇද යටට ගිහින්!!! යුගාන්!!! උබ අසනීපයක් වෙලාවටවත් විසේ අඩු කරගන්නෙ නෑනෙ"

ඇද යටට එබුනු තෙවින් හෙමින් සැරේ දිවාෂව ඇද අස්සෙන් එලියට ඇදලා ගනිද්දි දිවාෂ නින්දෙන්ම කෙදිරි ගෑවා.කොහොමහරි ඇදෙන් පල්ලට වැටුනු දිවාෂ නින්දෙන්ම ඇද අස්සට රිංගගෙන තිබ්බා.අන්තිමේ දිවාෂව බොහොම අමාරුවෙන් ඇහැරවගෙන නාන කාමරේ ඇතුලට දැම්ම තෙවින් දොර ලගින්ම හිටන් උන්නෙ දිවාෂට හදිසියක් උනොත් ඇතුලට යන්න හිතං.අමාරුවෙන් හිටිය නිසා දිවාෂට උනත් තෙවින්ට කෑ ගහන්න හයියක් තිබ්බෙ නෑ.අමාරුවෙන් දත් මැදන් මූන සෝදන් එලියට ආව දිවාෂ එහෙම්මම තෙවින්ගෙ ඇගට හේත්තු උනේ තිබ්බ අමාරුව නිසාමයි.

"මොකෝ අමාරුද?"

"හ්ම්ම්...ඇගට බෑ බං"

"කන්න යමං දැන්....ආශවත් නේත්‍රව ඇහැ....."

"ද්....දෙයියනේ නේත්‍ර....මගෙ චූචියා!!!"

ඊයෙ ඉදලා අමාරුවෙන් හිටිය දිවාෂට හරි සිහිය ආවෙ ඒ වෙලාවෙ.ඒත් එක්කම දිවාෂට මතක් උනේ ආශවයි නේත්‍රයි දෙන්නා මහ පාන්දර දිව්ව එක තමන් අදුනගත්තු එක.තෙවින්ට ඒ ගැන කිව්ව එක වගේම මහ වැස්සෙම බැල්කනියෙ කොණක ගුලි වෙලා ඇඩුව එක.සෑහෙන වෙලාවකට පස්සෙ හැමදේම හරි කියලා තෙවින්ගෙ හඩ ඇහුනු එක වගේම ඊට පස්සෙ තමන්ගෙ ඇස් දෙක පියවිලා ගිය එක.දිවාෂ දුවං ගියෙ තමන්ගෙ ඇද ලගට.බෙල්ල ලගට යනකංම ඇතිරිල්ල පොරවගෙන සන්සුන්ව නිදාගෙන ඉන්න නේත්‍රව දැක්ක දිවාෂ ආශවව එහාට කරගෙන නින්දෙ උන්නු නේත්‍රව හයියෙන් තුරුල් කරගත්තා.

"ම්හ්....ම්හ්....සු...සුදුබේ.......ඇ....දිවාෂ.....දිවාෂ!"

නින්දෙන් ඇහැරුනු නේත්‍ර එකපාරටම තමන්ව බදන් ඉන්නෙ කවුද කියලා හොයාගන්න බැරුව අන්දමන්ද උනත් ඒත් එක්කම මේ ඉන්නෙ දිවාෂ කියලා අදුනගෙන සන්සුන් උනා.නේත්‍රගෙ පුංචි අතක් ඇවිත් නැවතුනේ තමන්ව තුරුල් කරං ඉන්න දිවාෂගෙ ඔලුවෙ.ට්කකින් නේත්‍ර වගේම ආශවත් කලබල උනේ දිවාෂ අඩනවා දැනෙද්දි.ආශව දිවාෂට කතා කරන්න හැදුවත් තෙවින් ආශවගෙ උරහිසට තට්ටු කලා නැවැත්තුවෙ මෙවෙලෙ දිවාෂට ඔය ඇඩිල්ල අඩන්න ඕනිම වග දන්න නිසා.

"ද්....දිවාෂ,අනේ අඩන්නෙපා"

"ඇ...ඇයි....න්....ඇයි නේත්‍ර එහෙම කලේ? ඔයාට කරදරයක් වෙයි කියලා හිතුනෙවත් නැද්ද?"

"මට සමාවෙන්න දිවාෂ"

"අඩුම ඔයාට මතක් උනේවත් නැද්ද ඔයාගෙ හොදම යාලුවව? මට කියන්නවත් ඕනි කියලා හිතුන්නැද්ද?"

"සොරි දිවාෂ......"

"මම බය උනා නේත්‍ර....මම ඔයාගෙ හොදම යාලුවා....මට මගෙ ජීවිතේ හැම ජයග්‍රහණයක් කරන තැනම ඔයාව ඕනි....ඔයාව විතරක් නෙවේ....අම්මා අප්පච්චි ඇරුඅ ඔයාලා පස් දෙනාවම ඕනි....ඔයාලා දිනන හැම වෙලාවකම ඔයාලා ලග ඉන්නත් ඕනි....එහෙව් එකේ ඔයා ඕනි නැති දේවල් කරන්න යද්දි? ඇයි නේත්‍ර ඒම කලේ....ආයෙනම් ඔහොම දේවල් කරන්න එපා හොදද?"

"ආයෙ කරන්නෑ දිවාෂ...."

"ඕක තමා චූචියො මම කියන්නෙ ඔයාට යාලු වෙන්න තිබ්බෙ මා එක්ක කියලා.....කොහෙද ඉතින් මේ මීහරකෙක් එක්ක යාලු වෙලානෙ ඔයා"

"දැන් තමුසෙ අයින් වෙනවා දිවාස ඔතනින්.....ඇගිල්ල දාගන්න දුන්නම ඔලුව දාගන්න හදන්න එපා...පලයං ඉතින්"

"මම නේත්‍රව දාන් මිසක් පස්ස බලන්නෑ ආසව මතක තියාගනින් ඒක....දවසක නේත්‍රගෙ ඇගිල්ලට මුද්ද....ආහ්හ්....ඔලුව රිදෙනවා.....තෝ ඔතන බලන් ඉන්නෙ මොනාද තෙවින්! ඇවිත් මාව අරං පලයං පහලට....බඩගිනියි මට"

"මූ යකෝ! ඇගට පණ නැතත් කටට පණ තියෙනවා"

කුටු කුටු ගගා දිවාෂට බැන බැන දිවාෂව අල්ලගත්තු තෙවින් පහලට බහිද්දි ආශව ඇවිත් ඇතිරිල්ලෙන් ඔලු ගෙඩිය විතරක් එලියට දාගෙන ඉන්න නේත්‍ර ලගින් ඇලවුණා.චුට්ටං ඔලු ගෙඩිය විතරක් එලියට දාන් ඉන්න නේත්‍රව ඇතිරිල්ල උඩින්ම අත දාලා තමන් ලගට ගත්තු ආශව නේත්‍රගෙ ලා රෝස පාට කම්මුල් දෙක රතුවෙනකං එක දිගට ඉඹගෙන ඉඹගෙන යද්දි නේත්‍ර තමන්ගෙ හා දත් දෙකත් එලියෙ දාන් හයියෙන් හිනා වුණා.

"අමාරුද නේත්‍ර තාම?"

"දැන්නම් ඒ හැටි අමාරුවක් නෑ සුදු....ආයියා සුදුබේබි....නාහෙ කන්නෙපා රිදෙනවා"

"ජම්බු ගෙඩිය වගේ මේකා රතුවෙද්දි....මට ගිලින්න හිතෙනවා බටු ඇටේව"

"නේත්‍ර බටු ඇටයක්ද?"

"ඔව්"

"ගැටපිච්ච මල බටු ඇටේ වෙලා....නරක සුදුබේබි"

"බටු ඇට ගැටපිච්ච මලක්....හුරතලේ....කන්න යංද?"

"ම්හු....කන්න බෑ....පිරියක් නෑ සුදුබේබි....කටත් තිත්තයි"

"එහෙම කියලා බෑ....කන්න යං....අරුන්දතී බැන බැන ඉදලා තියෙන්නෙ ඔයාට....පාන්දරම මෙහෙ ආවා කියලා"

"ඇත්ත දැනගත්තනම් එහෙම අක්කා මගෙ අඩු කඩයි"

"මටත් ඕක හිතුනා.....අර දෙවින් ටූත්බ්‍රශ් දෙහෙකුත් අරං ඇවිත් අපි දෙන්නට....මමනම් දත කට මැදගත්තා....නේත්‍රත් මැදං යං පහලට"

"ම්හ්හ් ම්හ්හ්හ්හ්"

"පපුව අස්සෙ ගුලි ගැහෙන්න නෙවේ....දැන් දෙනවා පස්සට දෙකක්...කන්නෙ නැතුව පයින්න හදන්නෙ කියලා මට තේරනවා"

"ම්හ්...ම්හ්....කන්න බෑ....ඔලුව රිදෙනවා....පපුව රිදෙනවා...අත රිදෙනවා...කකුල රිදෙනවා....බඩ රිදෙනවා...වමනෙ යන්න එනවා....ඔලුව කැරකෙනවා...හුස්ම ගන්න බැරි වෙනවා....නේට්ටට අමාරුයි"

"යං...මම දත් මද්දවන්නම් එහෙනම්.....හැබැයි ඇගත් සෝදෝනවා ඈ"

"එපා එපා....අනේ එපා සුදුබේබි....මම යන්නම්....ගිහින් මූණ සෝදන් එන්නම්"

"කෝ....යං මම අර්ං යන්නම්....නෑ නෑ ඇතුලට එන්නෑ අනේ....."

නේත්‍රව ඇදෙන් බිමට බස්සගත්ත ආශව නේත්‍රව බාතෲම් එකට දාලා එතනට වෙලා හිටගෙන හිටියා.විනාඩි පහලවකට විතර පස්සෙ නේත්‍ර එලියට එද්දි ආශව නේත්‍රගෙ ඉණෙන් අත දාලා නේත්‍රව ලං කරගත්තා.ආශවගෙ ලොකු අත් අතරට අහු උනු නේත්‍ර ඇසුත් ලොකු කරං ආශව දිහා බලද්දි ආශව නේත්‍රගෙ බොත්තං නාහෙ උඩින් හාද්දක් තිබ්බා.

"ඊයෙ අපි දෙන්නා ගියානම් අද මෙහෙම ඉන්න තිබ්බ අපි දෙන්නට තනියම"

"සුදුබේබි ඕ කරන්න හදන්නෙ මගෙ උණ වැඩි කරන වැඩක්...."

"හාද්දක් දෙන්නම්?"

"සුදුබේබිට උණ බෝවෙයි ඒ නිසා එපා"

"එ කියන්නෙ අකමැත්තක් නෑනෙ"

"ම්හ්...."

නේත්‍රව එතනම බිත්තියට තද කරගත්තු ආශව නේත්‍රගෙ මූණට නැවෙද්දි නේත්‍ර හයියෙන් ඇස් දෙක තද කරලා පියාගත්තා.නේත්‍ර දිහා බලලා ලාවට හිනා වුණු ආශව නේත්‍රගෙ තොල් දෙක මගෑරලා නේත්‍රගෙ ඇස් දෙක උඩින් හාදු දෙකක් තවරද්දි නේත්‍ර ලොකු හුස්මක් උඩට අරං පහලට දැම්මා.නේත්‍රගෙ නලලෙන් හාද්දක් තිබ්බ ආශව නේත්‍රව තුරුල් කරං ටිකක් උඩට උස්සලා පැද්දුවා.ආශවගෙ පපුව උඩින් නිකට තියාගත්තු නේත්‍ර ආශව එක්ක හිනා වෙද්දි ආශව නේත්‍රගෙ නලලට වැටිලා තියෙන කොන්ඩෙ උඩ යන්න හුලං ටිකක් පිම්බා.

"හරි යසයි!!! අර පහල තුන් වෙනි ලෝක යුද්ධෙ බොහොම අමාරුවෙන් නවත්තලා උඩට එද්දි මෙතන සාමගිවිසුම් ගහනවා! වරෙල්ලකො කන්න යන්න....යකෝ උබලා දෙන්නට ලව් කරලා බඩ පුරෝගන්නයි,අර පහල ඉන්න උන් දෙන්නට මරාගෙන බඩ පුරෝගන්නයි පුළුවන් උනාට මට පුළුවන් කාලා විතරයි බඩ පුරෝගන්න....වරෙං!!!"

කාමරේ දොරෙන් ඇතුලට එබිලා බැලුව දෙවින් කෑ ගහද්දි ආශව නේත්‍රත් එක්ක කාමරේ දොරෙන් එලියට ආවා.පහලට යද්දිනුත් මහ හයියෙන් තෙවින් විලාප තියෙන සද්දෙ ඇහුනත් ඒක කනකටවත් නොගත්ත මේ තුන් දෙනා ගිහින් කෑම මේසෙන් ඉදගත්තා.

"අයියේ!!! අනේ මේ යුගාන් ගහනවා"

"මම ගහන්නෑ තෙවින් පණ....අත ගිහින් වැදුනා මුගෙ ඇගේ"

"අනේ අයියේ.....මූට උදව් කරන්න හදද්දි මූ මට ගහනවා"

"මූ කෝපි කියලා බැදපු තුනපහ දාන්න ගියා දෙවින් පණ....ඒ හින්දා මම පොඩි තට්ටුවක් දැම්මෙ"

"අපි කමු....උන් දෙන්නා ඕනි මගුලක් කරලා ඉවර වෙලා එන්නෙ නැතෑ"

කුස්සියෙන් ඇහෙන සද්ද ගණන් නොගත්ත ආශවයි නේත්‍රයි දෙවිනුයි කෑම බෙදාගන්න ගනිද්දි ආයෙමත් තෙවින් කෑගහනවා ඇහුනා.කට්ටිය කාලා බොන්න කෝපු හදලා දෙන්න තෙවින් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙද්දි දිවාෂ තෙවින්ට උදව් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් උනා.කන්න කලින්ම කෝපි ටික හදලා උණු වතුර බෝතලේකට දාලා තියෙන එක ලේසියි කියලා දිවාෂ කිව්ව හින්දා තෙවින් ගියේ කෝපි හදන්න.දිවාෂගෙ ඇගට අමාරු නිසා දිවාෂ කුස්සියෙ තට්ටුව උඩට නැගලා තෙවින්ට කරන්න ඕනි ඒවට උපදෙස් දිදී අතරින් පතර තෙවින්ට පොඩි තට්ටු දදා හිටියා.ඒ තට්ටු වලින් තෙවින්ට නොසෑහෙන්නම රිදුනු එක වෙනම දෙයක්!

"නේත්‍ර....කාලා ඉන්නකො මැණිකෙ....කට අරින්න"

"කන්න බෑ සුදුබේබි"

"ඔයාව වෙවුලනවා නේත්‍ර.....ඊයෙ රෑ ඉදන්ම කාල නෑනෙ...කන්නකො"

පිගානට ඉදිආප්ප බෙදාගත්තු ආශව ටිකකට කලින් තෙවින් එක්ක එකතු වෙලා මිශ්‍ර කරපු හොදි වර්ග දෙක දාලා සම්බෝල එක්ක අනලා කවද්දි නේත්‍ර අමාරුවෙන් උනත් කෑවෙ ආශවගෙ වචනෙට පිටින් යන්න බැරි කමට.හොදි ජාති දෙක කොහොමත් එකට දාලා අනාගන්න නිස ඒකෙ අවුලක් නැති උනත් නේත්‍රගෙ ඇගට තිබ්බ උණ ගතිය නිසා මොන කෑමක්වත් කන එක පිරියක් උනේ නෑ.ටිකවෙලාවක් යද්දි තෙවින් උණු වතුර බෝතලයක් උස්සන් ඇවිත් මේසෙන් තියලා ඉදගනිද්දි දිවාෂ තමන් ගෙදරදි කන ලොකු ඇලුමිනියම් පිගාන උස්සගෙන ඇවිත් දෙවින්ට දික් කලා.

"දෙවින් පණ මට කවන්නකො"

"අයියෙ මටත් කවන්නකො"

"හොද වෙලාවට උබලා දෙන්නා එකම ගෙදර ඉපදුනේ නැත්තෙ"

තමන් කකා උන්නු ඉදිආප්ප ටික කටට දෙකට කාලා ඉවර කල දෙවින් දිවාෂගෙ පිගානට දාගෙන ඉදිආප්ප තමන්ගෙ දෙපැත්තෙ ඉන්න පොඩි බබාලා දෙන්නට කවන්න ගත්තා.නේත්‍ර ආශවගෙ උරහිසකටත් ඔලුව තියාගෙන ආශව ඉදි ආප්පෙත් තුනකට විතර කඩලා,හොදි සම්බෝල එක්ක අනලා කවන පුංචි කටවල් තමන්ගෙ කටට දාගන්න ගමන් හිටියා.පැත්තට පේන ආශවගෙ මූණ දිහා බලන් උන්නු නේත්‍ර ආශව ගැන කල්පනා කරන්න ගත්තා.

කවදාවත් නේත්‍ර ගිහින් කාටහරි කිව්වොත් ආශව කියන කෙනා තමන්ට මෙන්න මේ විදියට කෑම කැව්වා කියලා ඒක කිසිම කෙනෙක් පිලිගන්න එකක් නෑ.කිසිමම කෙනෙක්.මොකද ආශව කියන්නෙ කෙනෙක්ට කෑම කවන්න තියා කෑම එකක් අරං දෙන විදියටවත් බුරුලක් පෙන්නන මනුස්සයෙක් නෙවෙයි.එහෙව් මනුස්සයා තමන් ඉස්සරහා අඩලා තියෙනවා,විහිලු කරලා තියෙනවා,මනමාල කතා කියලා තියෙනවා,හිනා වෙලා තියෙනවා......නේත්‍ර කලින් දාක කිව්වා වගේ ඇත්තම ආශව එලියට එන්නෙ නේත්‍ර ලගදි විතරමයි.ආශව ගැන හිතලා පපුව බරවෙනවා දැනුනු නේත්‍ර ඉක්මනටම ආශවගෙ බාහුවක් උඩින් හාද්දක් තිබ්බා.

"තව ඉදිආප්ප එකක් කමුද?"

"බෑ සුදුබේබි.....සුදුබේබි එකයි එකයි කියලා නේත්‍රට හතක්ම කැව්වා"

"අම්මෝ ලොකු ගාණක් කාලා නේත්‍ර....කෝ තව තුනයි....දහයක් උනු ගමන් සුදුබේබි වද දෙන්නෑ"

"ම්හ් ම්හ්"

"කංකුණු ගෑවට මම අහු වෙන්නෑ.....කෝ ආ කියන්න"

වදෙන් පොරෙන් නේත්‍රට කෑම ටික කවාගත්තු ආශව නේත්‍රට කෝපි එකකුත් වත්කරලා දීලම කන්න පටන් ගත්තා.පුටුව උඩට වෙලා කෝපි එක බොන නේත්‍රගෙ මූණ කලින්ට වඩා එලියක් වැටිලා තියෙන වග කට්ටියටම පෙනුනා.අමාරුකම් අඩුවෙලා යනවත් එක්ක නේත්‍රගෙ විඩාබර ගතියත් පහව යන ගමන් තිබ්බා.ඒත් එක්කම ආශවගෙ දුරකතනෙ නාද වෙන්න ගනිද්දි ඒ දිහා බැලුව ආශව කරදරකාරී හඩක් නිකුත් කරන ගමන් දුරකථනෙ නිශ්ශබ්ද කරල දැම්මා.

"කවුද ආශවයා....."

"වැඩකට තියෙන එකක් නෙවේ දෙවින්"

ආශව එහෙම කියන ගමන් හය වෙනි වතාවටත් දුරකථනෙ නිශ්ශබ්ද කරලා දැම්මා.ආශව ඒත් එක්කම බැලුවෙ තමන්ට එහා පැත්තෙන් ඉදගෙන අත් දෙකෙන්ම කෝප්පෙ අල්ලන් කෝපි එක තොලගාන නේත්‍ර දිහා.තමන් දිහා ඇසුත් බෝල කරං බලන් ඉන්න නේත්‍රගෙ කම්මුලක් තමන්ගෙ ඉදුල් නැති අතින් මිරිකුව ආශව එහෙම්මම නැගිටලා කුස්සියට යද්දි ආයෙමත් වතාවක් දුරකථනෙ නාද වෙන්න ගත්තා.

"කවුද නේත්‍ර මල්ලි?"

"දන්නෑ දෙවින් අයියෙ"

"ආන්සර් කරලා බලන්න....ආශවට එන කෝල් එකක්නෙ"

"ආන්සර් කරන්න ඕන්නැති නිසා වෙන්නැති දෙවින් අයියෙ සුදුබේබි ආන්සර් නොකලෙ.....ඕන්නෑ ඒ නිසා"

නේත්‍ර නාද දෙන දුරකථනෙ දිහාවත් නොබලා කියද්දි දිවාෂ පුදුම උනේ පුංචි ලමයෙක් වගේ ඉන්න නේත්‍රගෙ තේරුම් ගැනීමේ හැකියාව ගැන හිතලා.සමහරවිට ආශව වගෙ නහරකාරයෙක් එක්ක මෙච්චර ආදරෙන් ඉන්න තරම් පුළුවනුත් නේත්‍රගෙ ඒ තේරුම් ගැනීමට වෙන්න ඇති කියලා දිවාෂට හිතුනා.අත සෝදන් ආව ආශව පුටුවෙන් ඉදගනිද්දි නේත්‍ර ආශවට කෝපි කෝප්පයක් වත් කරන්න හැදුවා.නේත්‍රව නතර කල ආශව නේත්‍ර බීලා ඉවර කල කෝපි කෝප්පෙ පෙන්නද්දි නේත්‍ර හිනා වෙලා ඒකටම කෝපි දාලා දුන්නා.

"උණ බෝවෙයි හොදේ සුදුබේබිට.....කියන දේ අහන්නෙත් නෑනෙ"

"නේත්‍ර දන්නවනෙ සුදුබේබිට ඒම ලේසියෙන් අසනීප වෙන්නෑ කියල"

"සුදුබේබි....මේ ආයෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා"

"ආහ්හ්!!! මේක වදයක් උනානෙ"

දුරකථනෙ දිහා කේන්තියෙන් බලාගෙන උන්නු ආශව දුරකථන ඇමතුම විසන්ධි කරලා නේත්‍රට සන් කලෙ උඩට යමු කියන්න.දිවාෂ කොහොමත් ආශවටයි නේත්‍රටයි ඒ දෙන්නගෙ නිදහස දීලා තිබ්බ හින්දා ආශවටයි නේත්‍රටයි බාධාවක් උනේ නෑ.නේත්‍රව පරිස්සමින් එක්කන් ගිය ආශව නේත්‍රව දිවාෂගෙ ඇදේ දිගා කරවලා ඇතිරිල්ලත් පොරවලා නේත්‍ර ලගින්ම ඇදේ ඉදගෙන ඇද විට්ටමට හේත්තු උනා.

"සුදුබේබි ප්‍රශ්නෙකද?"

"ප්‍රශ්නයක් කියලම කියන්න බෑ මැණිකෙ"

"මම සුදුබේබිගෙ උකුලෙන් ඔලුව තියාගන්නම්ද?"

"ඉන්නකො කොට්ටයක් තියාගන්නකම් මම....කෝ එන්න.....ආ කකුල් දෙක හරස් අතට දාලා ඔලුව තියාගන්නකො"

ආශවගෙ උකුලෙන් ඔලුව තියාගත්තු නේත්‍ර ඇසුත් බෝල කරං ආශවගෙ ලොකු අතක් තමන්ගෙ පුංචි අත් වලින් අල්ලන් ඒ අතේ ඇගිලි එක්ක සෙල්ලම් කරද්දි ආශව අනික් අතින් කෝපි කෝප්පෙ අල්ලන් බොන ගමන් හිටියා.ටික වෙලාවක් යද්දි ලොකු හුස්මක් පහල දැම්ම ආශව ඔඩොක්කට වෙලා තමන් දිහා බලාගෙනම ඉන්න නේත්‍ර දිහා බලල කතා කලා.

"ඒ මිකායෙල්...."

"ආහ්?"

"ඔය කෝල් ගන්නෙ මිකායෙල්"

"එ...ඒ ඇයි සුදුබේබි? එයා මොකටද සුදුබේබිට කෝල් කරන්නෙ?"

"අනේ මංදා නේත්‍ර....මම හිතන්නෙ මෑන් මට ක්‍රශ් කරනවා"

"එහෙමත් එකක්ද? සුදුබේබි බැන්නද එයාට?"

"තාම බැන්නෙ නෑ...."

"බයින්නත් එපා සුදුබේබි....හෙමීට මගාරිමු"

"හ්ම්ම්ම්.....අනේ මංදා නේත්‍ර....ඔයා දන්නවනෙ,ඔයා ඇරෙන්න මම එක්ක හුරතල් වෙන්න එන උන් එක්ක මට මල පයිනවා....දිවාෂ උනත් මම එක්ක කැත්තට පොල්ල වගේ ඉන්න නිසයි මට ඌව උනත් දිරවන්නෙ....නැත්තං මල මට"

"සූ.....කේන්ති ගන්නෙපා සුදුබේබි ඔහොම.....සුදුබේබි කේන්ති අරං නාකි උනොත් එහෙම නේත්‍රට වෙන්නෙ සීයා කෙනෙක්ව කසාද බදින්න"

"ආ....දැන් මම නාකියා?"

"නෑ....සීයා....."

"බටු ඇටේගෙ කටේ තරම.....තව දෙයක්"

"මොකද්ද සුදුබේබි?"

"ඔයාට මතකද කාලෙකට කලින් මම කිව්වා මගෙ ෆොටෝස් අරං බිත්ති වල පවා ගහන් ලොකු කලෙක්ෂන් එකක් හදන් ඉන්නවා කියලා මට ඉන්ස්ට එකෙන් ගර්ල් කෙනෙක් මැසේජ් කලා කියලා?"

"ඕ සුදුබේබි මට මතකයි"

"ඒත් කෙල්ලෙක් නෙවේ නේත්‍ර.....ඒ මිකායෙල්!"

"මොකක්!!!"

"ඔව්.....ලගදිත් මට ඔය වගේ අමුතු මැසේජ් ආවා....මිකායෙල් කියලා තිබ්බ නිසා මම ඒ ටික සීන් කලා...එතකොට තමා මම දැක්කෙ මම සීන් නොකර තියලා තිබ්බ චැට් එකක් උඩ....මිකායෙල්ගෙ ඉන්බොක්ස් එකේම....මම රිප්ලයි කලා කලින් ඔයාගෙ නෙවේද මේක කියලා.....ඌ කිව්වා උගෙ කියලා"

"ඉතින්?"

"මම ආයෙ මැසේජ් කරන්න ගියේ නෑ නේත්‍ර....මිකායෙල් අමුතුයි කියලා හිතුනා....හිතන්නකො....කෙල්ලෙක්ගෙ නමකින් අකවුන්ට් එකක් හදන් මට මැසේජ් කරන්න තරම්?"

"ඒකනෙ සුදුබේබි......කෝකටත් සුදුබේබි පරිස්සම් වෙන්න......අපි දන්නෑනෙ නේද?"

"ඒක තමා......නේත්‍රත් පරිස්සමින්.....මොකද ඔයා මට කිට්ටුම කෙනා කියලා මිකායෙල්ලා පවා දන්නවා"

"ඕ සුදුබේබි.....මම පරිස්සම් වෙන්නම්කො"

කෝපි එක බීලා ඉවර කල ආශව දෙවින් උදේ අරං ඇවිත් තිබ්බ විටමින් සී පෙත්තක් එක්ක පෙනඩෝල් දෙකක් නේත්‍රට පොවලා නේත්‍රගෙ ඔලුව උකුල උඩ තියං පුංචි කාල් උනු කතා කිය කිය හිටියා.ආශවගෙ නහර පිරුණු අතකට දෙන්න තියෙන ඔක්කොම වද තමන්ගෙ පුංචි අත් දෙකෙන් දිදී උන්නු නේත්‍ර ටික වෙලාවක් යද්දි නින්දට වැටෙද්දි ආශව නේත්‍රගෙ ඔලුව අතගගා හිටියා.

ආශව කල්පනා කලේ නේත්‍ර ගැන.නේත්‍ර වගේ ගතිගුණ තියෙන පිරිමියෙක් හෝ වේවා ගැහැනියෙක් හෝ වේවා ලැබෙන් කෙනා මොන තරම්නම් වාසනාවන්තද කියලා ආශව හිතුවා.අච්චර තමන්ට දුරකථන ඇමතුම් ඇවිල්ලා,අච්චර තමන් ඒවා විසන්ධි කරද්දි අඩුම ඒ එන්නෙ කාගෙන්ද කියලවත් නේත්‍ර නෑහුව එක ගැන ආශවට පුදුමත් හිතුනා.ඒ දේට නේත්‍ර තමන් ගැන තියං ඉන්න අසීමිත විශ්වාසෙ එක සාධකයක් උනා කියලා ආශව දැනන් හිටියා.ඒ නිසාමයි දෙවින්ලට කියන්නෙ නැතුව ඒ දේ ආශව ඉස්සෙල්ලාම නේත්‍රට කිව්වෙත්.කොහොමත් තමන් දෙන්නා අතර රහස් නැති එක ගැන ආශව හුගක් සතුටු උනා.

"ආශ.....පොඩ්ඩා නිදිද?"

"ඕ දෙවින් කියපං....ඇයි?"

"මේහ්,දෙනෙත් ගිහින් අර සපත්තු වැඩේ බලන්න.....දෙනෙත්ලෑ තාත්තගෙ යාලුවෙක් ඔය ෂූ ඉම්පෝට් කම්පනි එකක් කරනවා....දෙනෙත් ඒකට යනවා කිව්වා.වැඩේ හරිගියොත් අපිට එන්න පුළුවන්ද ඇහුවා"

"නේත්‍රට අඩු උනොත්නම් මට එන්න පුළුවන්....නැත්තංනම් බෑ දෙවින්.පොඩ්ඩව දාලා එන්න බෑ"

"ඔව් නේද? අර වැඩෙත් අදම කරගන්න බැලුවෙ මම.....අපි කට්ටියගෙන් දෙන පොඩි ගිෆ්ට්ස් ටික"

"ඕහ්හ්....ඒක......ඒ ස්කූල් දෙකේ ගර්ස්ලත් ඉන්නවා දෙවින්.ඒකට අපි...."

"ඕ....මම නිදුකිගෙන් ඇහුවා.ඒකි කිව්වා ඔය ගෑනු ලමයි යූස් කරන පොඩි පොඩි දේවල් වගයක්.ඉස්කෝලෙට ඕනි ඒවා අපි කොහොමත් දෙනවනෙ.අපේ ගිෆ්ට්ස් දෙමු ලමයි ටිකට ඔය ආසා හිතෙන ජාති වලින්"

"හ එහෙම කරමු.....දිවාෂට මොකෝ?"

"ඌට දැන් හොදයි.....මල්ලි එක්ක අඩව් අල්ලනවා පහලට වෙලා"

"එහෙනම් කමක් නෑ.බේත් දුන්නනෙ ඌටත්?"

"ඔව් ඔව්....බිව්වා..."

"මොකද්ද ඒ එහා පැත්තෙන් එන සද්දෙ? දිවාෂලාගෙ අම්මලා ආවද?"

"නෑ නෑ....මල්ලිට වොශ් දාන්න ඕනි කිව්වා....ඔය දෙන්නා එක්ක ගිහින් ඇති....ආහ් මේ....දෙනෙත් කෝල් කරනවා.මම මෙයා එක්ක වැඩේ ගැන කතා කරං එන්නම් එහෙනම්.යන්න පුළුවන් උනොත් යං"

"හරි දෙවින්"

දෙවින් ගියාට පස්සෙ එහා පැත්තෙ කාමරෙන් ඇහෙන සද්ද එක්ක ආශව කල්පනා කලේ තෙවින් ගැන.කිසිම මිනිහෙක් නොදැක්ක තෙවින්ගෙ අනික් අය ගැන වදවීමේ ගතිය ආශව ඊයෙ රෑ දැක්කා.දිවාෂ නොදන්නවා උනාට පාන්දර තිස්සෙම තෙවින් හිටියෙ අඩ නින්දක කියලා ආශව දැනන් උන්නා.නේත්‍ර නිසා ආශවත් නින්දක් නැති වෙද්දි විටින් විටේ තෙවින්ගෙ අත දිවාෂගෙ නලලේ තියෙනවා ආශව අන්ධකාරෙ උනත් දැක්කා.පාන්දර දිවාෂට කැස්සක් ඇවිත් එක දිගට කහිද්දි පවා තෙවින් නැගිටලා නින්දෙන් උන්නු දිවාෂට වතුර පොවලා ආයෙ නිදිකෙරෙව්ව හැටි නිදි වගේ උන්නු ආශව දැක්කා.ඊයෙ ආශවට දෙයක් දැනුනා.නොදැනුවත්ව හරි තෙවින්ගෙ හිතේ දිවාෂ ගැන විශේෂයක් තියෙන වග.

"අනේ සරමක් දීපංකො යුගාන්..."

"උබ උඩ දාන් ගියේ අයියා ඇදුම් ගෙනත් යැයි යැයි කියල....එව්වා ඇදන් වරෙං"

"අයියා ගෙනත් තියෙන්නෙ හෝදන්න දාලා තිබ්බ කලිසමක් යුගාන්...ඒක ගදයි.සරමක් දෙන්නකො"

"මම සරං අදින්නෑ යකෝ....අප්පච්චිගෙ එකක් දෙන්නම්"

"හා...දෙන්න"

සරම අතට අරන් දිවාෂ නානකාමරේ දොරට තට්ටු කරද්දි එකපාරටම ඇරුනු දොර අස්සෙන් එලියට ආව තෙවින්ගෙ අතින් සරම ඇතුලට ඇදිලා ගියා.තෙවින් දොර අරිනකං කුපාඩිකමක් කරන්න මාන බලන් හිටිය දිවාෂගෙ ඇහැට අහු උනේ තෙවින්ගෙ ඡායාවක් විතරයි.ඒත් දිවාෂට ඕනි උනේ නෑ තෙවින්ට වද දෙන එක නවත්තන්න.එහෙම්මම දොරට තට්ටු කල දිවාෂ නානකාමරේ දොරට හේත්තුවක් දාගත්තා.

"තෙවින්! ඇරපිය දොර!"

"අනේ පලයං යුගාන් වද නොදී"

"තගේ හැඩ නිරුවත,

ගැටී අවසන් මා නෙත!"

"යුගාන්!"

"නෑරියොතින් මේ දොර,

කඩමි දොර!

පනිමි ඇතුලට!

ගමි නුඹ කරට!

දූසණය කරමි නුඹව!!!"

"එලෙස කෙලෙස කොරයි උබ! අනේ පලයං යන්න.මෙතන දොඩම් ගෙඩි දෙකක් තරම් උස නෑ"

"පුංචි උනත් කාසම ඇතුලෙ ඉන්න සතා භයානකයිනෙ මල්ලි...."

"ඔතනින් පලයං යුගාන්!"

"අදනම් උබව දූසනේ කරලමයි පස්ස බලන්නෙ!"

"අයියේ.......අනේ මේ යුගාන් ඉන්න දෙන්නෑ මට!!!!"

...................................................................................................

වචන 5380+ 😪

වැඩ අස්සෙ කියන්නෙ....ඔලුව පුපුරන්න වැඩ තියෙන අස්සෙ ලිව්වෙ💔 වචනත් ගොඩම් තියේ හැබැයි 😹❤️

මේ ඉන්නෙ හරිම නේට්ට🥺❤️ අවුරුදු 18 පුංචි එකා😭❤️

ඔයාලට තේරනවශ ඇයි ආශව මෙච්චර මේකට පිස්සුවෙන් වගේ ආදරේ කරන ගමන් රැකගන්න හදන්නෙ කියලා ?මේ පිවිතුරු රූපෙට අර වගේ ගතිගුන එකතු උනාම ආශව පිස්සු වටෙන එක අහන්න දෙයක්‍යෑ😭❤️ අර වගේ වටපිටෙන් මේකට ඇල්ම බැල්ම වැටෙන්න හේතු තමා මේ😭

ආශවට බම්බු ගහගන්න කියලා නේට්ටව උස්සන් එන්න මට හිතුනු වාරත් අනන්තයි අප්‍රමාණයි...ඒත් මට තව කාලයක් ජීවත් වෙන්නෝනි😾💔

ඉතින් බබාලා හැමදාම වගේ අදහසක් දීගෙන යන්න....මට ඔයාලා දෙන්න පුළුවන් එකම වටිනාකම ඒක🥺❤️

මේ කොටස කම්මැලි ඇති....ඒත් මේ වගේ කොටස් නොලියා ඉස්සරහට යන්නත් බෑනෙ කතාව්🥺🥺

කැමීලියා කතාවක ඉන්ට්‍රො එකක් දැම්මා....ඔයාලා හුග දෙනෙක් බලලා අදහසුත් දීලා තිබ්බා.නිවාලන්න මා ඉවර වෙන්න තව හුගක් කල් තියේ❤️ ඒත් ඉතින් කල්තියා සූදානම් වෙන එක හොද නිසා කැමීලියා දැම්මා කතා දෙකක්ම.එකක් අවාරෙක මල්❤️.අනික අද් දැම්ම තඹ(රු)හිරු❤️ ඔය දෙකෙන් ඔයාලගෙ වැඩි කැමත්ත අනුව ඉල්ලන එක නිවාලන්න මා ඉවරඋනාම ලියනවා.දැන් ඉදන්ම එකක් තෝරන් තිබ්බම මටටිකටික හරි ඒ කතාවත් ලියන්න පුළුවන් නෙ❤️දෙකම ලියනව මමකෝමත්.වෙනසක් වෙන්නෙ ඉතින් එකක් කලින් ලියලා අනිකපස්සෙ ලියන එක විතරයි ❤️ ඔයාලාඒකට සපෝට් කරයි කියලා හිතනෝ❤️

මේ තීන්නෙ ඒක❤️

එහෙනම් බබාල මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter