Back
Chapter 67

66 කොටස🤍✨️

නිවාලන්න මා...

"නැගිට්ටද?"

"හ්ම්ම්.....හුගක් දවල් වෙලාද සුදුබේබි?"

"නෑ නේත්‍ර.....තාම එකොලහයි වෙලාව.....දිවාෂයි තෙවිනුයි ගමනක් යන්න ලෑස්ති වෙනවා.අපි දෙන්නා මෙහෙ ඉමුද ගෙදර යංද?"

"දෙවින් අයියා කෝ සුදුබේබි? දිවාෂලා කොහෙ යන්නද හදන්නෙ?"

"අර ගිෆ්ට් වැඩේට නේත්‍ර......ඔයාට අමාරු නිසා මම කිව්වෙ අපි එන්නෑ කියලා"

"අනේ අපිත් යංකො සුදුබේබි....මට අමාරු නෑ"

"කෝ.....ඇග නම් රස්නෙ නෑ.ඒත්..."

"අමාරුවක් මුකුත් නෑ සුදුබේබි.අපිත් යංකො"

"හ්ම්ම්.....එහෙනම් ලෑස්ති වෙන්නකො.දිවාෂ වතුර එකක් රත් කරන්න තියලා තිබ්බා කෝකටත් කියලා.නේත්‍ර එහෙනම් ඇග සෝදන් එන්න"

"හරි සුදුබේබි.ඇදන් යන්නෙ මොනාද? බෑග් එකේ තියෙන ඇදුම් පොඩි වෙලා ඇත්තෙ"

"අයන් කරගමු නේද නේත්‍ර....ඔයා ගිහින් වොශ් එකක් දාන් එන්න.මම අයන් කරලා......"

"නෑ නෑ දෙයියනේ....සුදුබේබි අයන් කලොත් ඇදුම් කෑලි කෑලි අදින්න වෙන්නෙ.නේත්‍රම කරන්නම්"

"ඔයාට අමා....."

"දැන් ඇගට අමාරුවක් නෑ සුදුබේබි.මගෙ ඇගේ ලෙඩ ඒ තරම් වෙලාවක් හිටින්නෑ"

"එහෙනම් ඔයා බාතෲම් එකට යන්නකො.මම වතුර එක උඩට අරං එන්නම්"

නේත්‍ර හෙමින් සැරේ නැගිටලා නාන කාමරේට රිංගගෙන ටික වෙලාවක් යද්දි ආශව නේත්‍රට උණු වතුර ගෙනත් දුන්නා.වතුර ටිකක් ඇගේ ගෑවෙද්දි නැති පණකුත් ඇගට එනවා දැනුනු නේත්‍ර ඉක්මනටම ඇගපත සෝදන් බැනියම උඩින් තුවාය ඇදගෙන එලියට ආවා.නේත්‍ර එලියට එද්දිම දිවාෂලාට තමන් දෙන්නා එනකං ඉන්න කියලා කෑ ගැහුව ආශවත් නාන කාමරේට රිංගගනිද්දි නේත්‍ර දිවාෂගෙ කාමරේ ඇතුලෙදිම ආශවගෙයි තමන්ගෙයි ඇදුම් මැද්දා.ටික වෙලාවක් යද්දි දෙන්නා එක්කම ලෑස්ති වෙලා පහලට බැස්සත් ආශව කුස්සියට ගිහින් වතුර වීදුරුවක් අරං ඇවිත් නේත්‍රගෙ අතට දීලා පැනඩෝල් දෙකක් පොවද්දි නේත්‍රත් සද්ද නැතුව බේත් ටික බිව්වා.

"යං"

කට්ටියටම කියන ගමන් දිවාෂ ගිහින් එලියෙන් හිටගනිද්දි ආශව නේත්‍ර තෙවින් තුන් දෙනාම එලියට බැස්සා.අම්මලා එන්න හවස් වෙනවා කියලා කිව්ව හන්දා දොරවල් ගේට්ටු ඔක්කොම වහලා ලොක් කෙරුව දිවාෂ පාර අයිනට යද්දිම මීට ටික වෙලාවකට කලින් දිවාෂ කතා කරලා ගේ ලගට ගෙන්න ගත්තු පියාජියෝ වර්ගයේ ත්‍රීවිලය දිවාෂලාගෙ ගේ ඉදිරිපිට නවත්තලා තිබුනා.ගමේම මනුස්සයෙක් එලවන මේ ත්‍රීවිලරයෙ හතර දෙනාටම හිර වෙල හරි යන්න පුළුවන් නිසා කට්ටියම මේකට නැග්ගෙ පයින් ගියොත් දිවාෂටයි නේත්‍රටයි ටිකක් අමාරු වෙන්න ඉඩ තියෙන බව තේරුම් අරං උන්නු නිසා.

මද්දහන කිට්ටු වෙලා තියෙන හන්දා මුළු නුවරම කාෂ්ටකේකට අහු වෙලා තිබුනා.ත්‍රීවිලරයෙන් බැහැපු දිවාෂ සල්ලි ගෙවන්න හැදුවත් දිවාෂව නැවැත්තුව ආශව සල්ලි ගෙවද්දි නේත්‍ර මාර ගස් හෙවනට ඇවිදන් ගියා.අද වාහනේ ගන්න වලව්වට ගියොත් මහ මුදියන්සෙගෙ ප්‍රශ්න වැලකටම මූණ දෙන්න වෙන බව දන්න නිසා නේත්‍ර ආශවව නවත්තලා බස් එකේ යන්න කැමති කරවගත්තා.මාරගස් හෙවනෙන් ලොකු සිසිලක් දැනෙද්දි කොහෙන්දෝ ඉදන් ආව හුලගක් කට්ටියගෙ ඇගවල් වල වැදි වැදී ගියා.

ඊලගට ආව බස් එකට නේත්‍රව නග්ගවලා නේත්‍ර එක්කම නැග්ග ආශව දිවාෂයි තෙවිනුයි ඉදගත්ත ආසනේට කලින් ආසනෙන් ඉදගත්තා.නේත්‍රගෙ බෙල්ලට අත තියලා උණ ගතියක් නැති බව තේරුම් ගත්තු ආශව ජනෙලේ පොඩ්ඩක් වහලා දැම්මෙ නේත්‍රට හුලං පාර අමාරු වෙයි කියලා හිතලා.නුවරට යන්න තව ටිකක් දුර තියෙන බව දැනන් උන්නු ආශව නේත්‍රට තමන්ගෙ උරහිසෙන් ඔලුව තියාගන්න කියලා කිව්වත් මේ හොදට එලිය තියෙන වෙලේ බස් එකේ යන මිනිස්සුන්ගෙ ඇහැ ගැටෙන්න සුදුබේබි එක්ක එහෙම ඉන්න නේත්‍රට බය හිතුනා.

"ශිට්!!"

"ඇයි සුදුබේබි?"

"අර මිකායෙල් කෝල් ගන්නෙ නේත්‍ර....මොන මල කරුමයක්ද මංදා....මේ තෙවින්ට ඔයාගෙ එකෙන් මැසේජ් එකක් දාන්න උවමනා උනොත් ඔයාගෙ ෆෝන් එකට කෝල් කරන්න කියල.මම මගෙ එක ඕෆ් කරනවා"

"හ්....හරි සුදුබේබි"

කේන්තියෙන් දත්මිටි කන ආශවගෙ අතින් අල්ලලා ආශවගෙ අතට හීනි තට්ටු දාන්න ගත්තු නේත්‍ර ආශවට තව ටිකක් කිට්ටු වෙලා ඉදගත්තා.ජනෙල් කවුලුවෙන් එන හුලං පාරත් එක්කම ආශවගෙ නහයට හුරු පුරුදු ගැටපිච්ච සුවද දැනෙද්දි ආශව ඇස් දෙක පියාගෙන ආසනෙන් ඔලුව තියාගත්තා.දවල් වරුව නිසා සාමාන්‍ය මට්ටමක මාර්ග තදබදයක් නුවර ටවුමට කිට්ටු වෙන්න තියෙද්දි බස් රථයක් නේත්‍රලාගෙ බස් රථයට සමාන්තරව නවත්තද්දි දිවාෂ කරපු වැඩකට තෙවින්ට කෑ ගැස්සුනා.

"ඔව් අයියේ....අපි දැක් කිට්ටු.....ඒයි!!! යුගාන්!!!! ඈක්කා!!!"

".............."

"නෑ අයියෙ....මේ යුගාන් එහා පැත්තෙ බස් එකේ ඉදන් යුගාන් දිහා බලන් හිටිය මනුස්සයෙක්ට පේන්න නහය හාරලා හොටු කෑවා.....ඈක්කා යුගාන්! තමුසෙනම් පෙරේතයෙක් ඇත්තටම!"

දිවාෂගෙ ඔලුවටත් පාරක් ගහලා කිව්ව තෙවින් දිවාෂගෙ අත් දෙකම තනි අතකින් අල්ලන් අනික් අතින් දුරකතනෙ අල්ලන් සංවාදෙ දිගටම කරගෙන යද්දි දිවාෂ කටට ගත්තු කෙල ටිකක් එලියට දානවා,ඇතුලට ගන්නවා,ආයෙ එලියට දානවා වගේ කර කර හිටියෙ තෙවින්ගෙන් අත ගලවගන්න තිබ්බ වුවමනාවට.කොච්චර තෙවින්ව කෙල වට්ටනවා වගේ බය කරන්න හැදුවත් තෙවින් තමන්ව ගනන් නොගන්න හන්දා කටත් ඇරගෙන පාතට නැවුණු දිවාෂගෙ බෙල්ල අල්ලලා කෙලින් කෙරුව තෙවින් ආපහු පාරක් දිවාෂගෙ අත් දෙක අල්ලගත්තා.

"කෙල වට්ටලා හරි හපලා හරි අහු වෙයංකො....කට තලනවා යුගාන් උබේ!"

තෙවින්ට නියෙව්ව දිවාෂ අහක බලාගනිද්දි එහා පැත්තෙ පාරෙ උන්නු මනුස්සයෙක් බස් එක ඇතුලෙ ඉන්න දිවාෂ එක්ක හිනා උනා.හිතේ තිබ්බ කේන්තියටත් එක්ක ඒ මනුස්සයට ඉස්සරහ දත් දෙක දාලා විරිත්තුව දිවාෂ අහක බලාගත්තෙ ඒ මනුස්සයටත් හොටු ටිකක් කාලා පෙන්නන්න තිබ්බනම් හරි කියලා හිතන ගමන්.ඒත් එක්කම පාරෙ ඒ හිටිය මනුස්සයගෙ මූණ හරියට මතක් උනු දිවාෂ බස් එකේ ජනේලේ යකඩ පටියෙ ඔලුව ගහගත්තා.

"හත්තිකේ විනය බාර සර්!"

.

.

.

.

.

"මේකෙ ඇද්ද බං?"

"ඇති නේද? දෙනෙත්....මෙතන තියෙයිද?"

"ඔව්.....ආර්ය කිව්වෙ මේක තමා"

"ආහ්.....ඌ කොහොමද බං කෙල්ලන්ගෙ අයිටම්ස් තියෙන තැන් ගැන දන්නෙ?"

"ඌ තරම් බූට් සල්මන් ඛාන්වත් කාලා නෑ....ඌ නොදන්න ගෑනු...දෙවින් පණ දන්න ප...දෙයක් නෑ"

"ඌත් ආවනම් හරි හැබැයි.....කෙල්ලො ආසා දේවල් දන්නවනෙ"

"ඌ මොකටද දෙවින් පණ....කෙල්ලො එක්ක යාලු වෙලා කප් ගැහුව මල්ලියෙක් ඔයාටත් ඉන්නෙ.මුගෙන් අහගන්න"

"අනේ මේ යුගාන්"

"ඒ ලමයට කෑ ගහන්නෙ??? ඇත්තනෙ දිවාෂ මල්ලි කිව්වෙ.උබ එහෙ නැටුව නැටුම් මම දන්නවා"

"අනේ අයියේ....."

තෙවින් අඩි හප්පලා අහක බලාගද්දි ආශවයි නේත්‍රයිනම් සාප්පුවෙ කොණකට ඇවිදන් ගිහින් ඒ කොණේ ඉදලම තියෙන ආයිත්තම් බල බල ආවා.ගෑනු ලමයි දාන විසිතුරු කරාඹු,ස්ක්‍රන්චීස් වගේ දේවල් ලග නැවතුනු නේත්‍ර ආශවගෙ ටී ෂර්ටයෙ කොණක් ඇද්දා.තමන්ගෙ ඇදුමෙ කොනක් චුට්ටං අතක ග්‍රහණෙට අහු වෙලා කියලා තේරුනු ආශව නේත්‍රගෙන් ඇයි අහද්දි නේත්‍ර අත දික් කරලා අදාල භාණ්ඩ තිබ්බ තැන පෙන්නුවා.

"මේ සුදුබේබි...."

"මොනාද නේත්‍ර මේ? කොණ්ඩ බූල්ද? මෙච්චර ලොකු?"

"කොණ්ඩෙටත් දානවා,අත් වලටත් දානවා සුදුබේබි"

"ඔයා කොහොමද දන්නෙ ඔව්වා?"

"ඇයි අයියෝ....අරුන්දතී කියන්නෙ මගෙ අක්කනෙ සුදුබේබි....එයා ඔව්වා දානවනෙ"

"ඔව් නේද? මම ඒත් බැලුවා නේත්‍ර ඔව්වා දන්නෙ කොහොමද කියලා....නේත්‍ර,මේවගෙන් අපිට එතකොට බර ගාණක් ඕනි වෙනවනෙ"

"සුදුබේබි අහන්නකො......ඔය ඔන්ලයින් ඔව්වා බිස්නස් කරන අය ඉන්නවා.එයාලට අපි ඕඩර් එකක් දුන්නනම් හරි....කරාඹු උනත් අඩුවට ගන්න පුළුවන්.මෙව්වගෙ සුදුබේබි ගාණත් වැඩියි....අනික අපිට ගන්න වෙන්නෙ මේ තියෙන එව්වගෙන් තෝරගෙන විතරයි...."

"ඔව් නේද නේත්‍ර? ඔයාට උණ නිසා කතා කරගන්නවත් බැරි උනානෙ....ඇත්තටම අපිට නොතේරෙන දේවල් නේත්‍රට තේරෙනවා"

"හී....සුදුබේබි,අනික අපි එකම ජාතියෙන් එකම පාටින් ඔව්වා ඕඩර් කරමු.එයාලට ඕඩර් එක දීලා ඕනි විදිය කිව්වම එයාලා දෙනවා මහලා හරි.කරාඹුත් එහෙමයි.මොකද දැන් හිතන්නකො අපි එක එක පාටින් දුන්නා කියලා....."

"ඕ......"

"එතකොට අරයට හම්බුනු එක ලස්සනයි මගෙ එකට වඩා කියලා ලමයිට හිතෙන්න පුළුවන්....රණ්ඩු උනත් වෙන්න පුළුවන්....ඒ හන්දා අපි එක වගේම දෙමු.ලොකු ලමයි හරි අතලොස්සයිනෙ සුදුබේබි ඉන්නේ.....පුංචි අය වැඩියි.ඒ නිසා කාගෙවත් හිත් නොරිද්දෙන විදියට කරන දේ කරමු....හොදද?"

"දන්නවද නේත්‍ර? ඔයා එක්ක මම ගෙවන්න ඉන්න අනාගතේ ගැන මට පුංචි බයක්වත් නෑ.ඔයා මට වැරදෙන්න දෙන්නෙ නෑ කියලා මම දන්නවා"

නේත්‍රගෙ ඔලුව අත ගෑව ආශව කියද්දි නේත්‍ර ලස්සනට ආශව එක්ක හිනා උනා.දෙවින්ලා ලගට ගිය ආශව,නේත්‍ර කිව්ව දේවල් දෙවින්ලට කියද්දි දෙවින්ලත් ඒකට ඔලුව වනලා එකග උනා.මොකද නේත්‍ර කිව්ව දේ කිසිම වරදක් තිබ්බෙ නෑ.ඒත් ඒ පාසලෙන් විශේෂ හැකියා තියෙන තෝරාගත්තු ලමයි කීප දෙනෙක්ට කට්ටිය දෙන්න ලෑස්ති කරලා තිබ්බ තෑගි වලට ඕනි කරන දේවල් බලන්න කට්ටියම සාප්පුව පුරා ඇවිදින්න ගත්තා.

නේත්‍රනම් හිටියෙ ලස්සන කමිසයක් අත ගාන ගමන්.ඒකෙ මිල බැලුවම නේත්‍රගෙ මූණ පොඩ්ඩක් අදුරු උනත් සාක්කුවෙන් සල්ලි වගයක් අරං ගනන් කරල බැලුව නේත්‍රගෙ මූණ ආපහු පාරක් එලිය උනා.ලා නිල එක්ක ලා සුද මිශ්‍ර වෙලා තිබ්බ ඒ කමිසෙ අතට අරං වට පිට බලලා වෙන ඇදුම් ගොඩක් අස්සෙ පුංචි එකෙක් වගේ හැංගුව නේත්‍ර ආයෙමත් දිවාෂලා ලගට දුවගෙන ආවා.දැන් ඒ කමිසෙ නේත්‍ර ඇවිත් ගන්නකං වෙන කාටවත් හොයාගන්න බෑනෙ!

ඇදුම් පැලදුම්,විසිතුරු භාණ්ඩ,ගෘහ උපකරන ඔක්කොම තිබ්බ ඒ සාප්පුව මහල් හතරකින් යුක්ත උනු සාප්පු සංකීර්ණයක් උනා.අන්තිමේ කට්ටියම නැවතුනේ ප්‍රධාන තෑගි අයිතම තියලා තියෙන කොටසෙ.කට්ටියගෙම සාකච්ඡාවෙන් පස්සෙ,මේ වැඩේ කරන්න සල්ලි දාන්නෙත් මේ කට්ටියම විතරක් නිසා තීරණයක් ගත්තා.එතන තියෙන හොද සන්නාම නාම සහිත භාණ්ඩ කිහිපයක් එකට දාලා තෑගි පෙට්ටි විදියට ඒ ප්‍රධාන හැකියා පෙන්වපු ලමයිට දෙමු කියන එක තමා කට්ටියගෙ අදහස උනේ.ඒ දේවලුත් මාර්ගගතව ඇණවුම් කරන්න හැකියාව තිබ්බත් මේ වගේ සන්නාම නාම සහිත දේවල් ගෙන්නන එක ටිකක් අවදානම් සහිත වැඩක් නිසා භෞතිකව බලලම ගන්න එක හොදයි කියලා කට්ටියටම හිතුනා.

නිදුකිට දුරකතන ඇමතුමක් දුන්නු දෙවින් නිදුකි කිව්ව දේවල් වලින් අවශ්‍ය ප්‍රමාණ අරගනිද්දි පුංචි නේත්‍ර හෙමින් සැරේ ගියේ තමන් කමිසෙ හංගලා ආව තැනට.කමිසෙ අතට ගත්තු නේත්‍ර විදුලි ආදා වගේ පහලම තට්ටුවට දුවගෙන යද්දි නේත්‍ර විදුලි වේගෙන් දැක්කා දැකපු ආශවත් ඒ වේගෙන්ම පඩිපෙල බහින්න ගත්තා.ඒත් නේත්‍ර පහල තට්ටුවෙ පාඩුවෙ ඇවිද ඇවිද ඉන්නවා දැක්ක ආශව හිතට ආව බය නැති කරං දෙවින්ලට තමන් ඉන්න තැන කියන්න දුරකථන ඇමතුමක් ගනිද්දි නේත්‍ර දඩිබිඩි ගාලා කමිසෙ ගෙවීම් කවුන්ටරේට දීලා සාක්කුවෙ තිබ්බ සල්ලි කොල ටික ඇදලා ගෙවීම කරලා ආශව එනකං හිටියා.

"ගත්තද ඕනි කරපුවා? මට කිව්වනම් අරං දෙනවනෙ මැණිකෙ.....ඔයා ඔව්...."

"ආ......"

"ආහ්?"

"මේක සුදුබේබිට"

"මට!"

"ඔව්.....සුදුබේබිට ලස්සන වෙයි කියලා හිතුනා මට"

බෑගය අත් දෙකෙන්ම අල්ලන් තොලුත් උල් කරං කම්මුලුත් පුම්බන් කියවන නේත්‍ර දිහා බලන් උන්නු ආශව නේත්‍රගෙ අතින් බෑගය තමන්ගෙ අතට ගත්තා.නේත්‍ර පුලු පුලුවන් වෙලාවට තමන්ට අරං දෙන මේ වගේ තෑගි වලට ආශව තහංචි දාන්න නොගියෙ නේත්‍රට නේත්‍ර ගැනම හීනමානයක් ඇති වෙයි කියන බයට.සමහර තැන් වල පෝසත් කෙනෙක් දුප්පත් කෙනෙක් දෙන තෑගි 'අනේ වියදම් කරන්න එපා,ආයෙ මෙහෙම කරන්න එපා,ඔයාගෙ සල්ලි අපරාදෙනෙ' වගේ දේවල් දුප්පත් කෙනාගෙ යහපතට කිව්වත් ඒ දේවලින් දුප්පතාගෙ හිත රිදෙනවා කියලා ආශව අහලා තිබ්බා.දැකලා තිබ්බා.ඉස්සරම ආශව නේත්‍ර මෙහෙම කරන දේවලට නේත්‍ර ගැනම හිතලා එපා කිව්වත්,වයසින් මෝරන්න මෝරන්න ආශව නේත්‍රට හීනමානෙ දැනෙන්න නොදෙන විදියට කටයුතු කරන්න අරං තිබ්බා.

"වාහ්!!!! නේත්‍ර මේකෙ ලස්සන...."

"සුදුබේබි ආසද?"

"නැතුව.....මේක මට හම්බුනු හොදම කමිසෙ නේත්‍ර....වාව්.....මාරම ලස්සනයි....කලර්ස් එක්ක මේක....මාරයි ඇත්තටම"

"සුදුබේබිට සතුටුයිනම් නේත්‍රට එච්චරයි ඕනි"

"නේත්‍රගෙ සිලෙක්ෂන් කොහොමත් හොදයි"

"හුම්ම්ම්"

"ඒකනෙ නේත්‍ර මාව තෝරගත්තෙ"

"ඔව්නෙ සුදුබේබි"

නේත්‍රගෙ නාහෙට තට්ටුවක් දැම්ම ආශව නේත්‍ර දුන්නු කමිසෙ ආයෙ පිලිවෙලකට නවලා බෑගය ඇතුලට දාලා බෑගය පපුවටම තුරුල් කරගත්තා.ආශවගෙ ඒ හැසිරීම් එක්ක නේත්‍රට දැනුනෙ මාරම සතුටක්.තමන් දෙන පුංචි දේ උනත් ලොකුවට සලකලා ආදරෙන් භාරගන්න මේ සුදුබේබි ලගින් ජීවිත කාලෙම ඉන්න නේත්‍ර ලෝභකම් කලා.ඒත් එක්කම කවුන්ටරේ ලගට ආව දෙවින්ගෙ සන් කිරීමක් නිසා එතනට ගිය ආශව නේත්‍ර ඇතුලු ඔක්කොටම උනේ බෑග් උස්සගෙන එලියට එන්න.එතනම නවත්තල තිබ්බ දෙනෙත්ගෙ වාහනේට බඩු ටික පැටෙව්ව ඉලන්දාරි ටික දවල්ට කන්න හිතාගෙන ඒ සාප්පු සංකීර්ණෙම පසෙක තිබ්බ හෝටල් මාදිලියෙ රෙස්ටෝරන්ටයට රිංගගත්තා.

"නේත්‍ර මොනාද කන්නෙ?"

"සුදුබේබි කන දෙයක් මටත් දෙන්නකෝ"

"නෑ....මැණිකෙට ප්‍රිය දෙයක් මොනාහරි තියේද? කටට අප්පිරියා එන්නෙ නැති ඒවා?"

"ඔය අර බිරියානි,මික්ස් රයිස් අනන් මනන්නම් එපා සුදුබේබි.....මෙවෙලෙ තෙල් ගොඩවල් කන්න බෑ"

"එහෙනම් රයිස් ඇන් කරි ගන්නම්.....නේත්‍ර ගිහින් ඉදගන්නකො අතනින්"

"හා සුදුබේබි"

නේත්‍ර ගිහින් දිවාෂයි තෙවිනුයි දෙනෙතුයි ඉදන් උන්නු මේසෙන් ගිහින් ඉදගද්දි ආශවයි දෙවිනුයි කෑම ඇණවුම් කරන්න ගියා.ටික වෙලාවක් යද්දි කට්ටියට ඕනි කරන ජාති වලින් කෑම මේසෙ පිරෙද්දි දිවාෂනම් සති හතක් සාගින්නෙ හිටිය මිනිහෙක් වගේ කන්න ගත්තා.නේත්‍ර කටක් දෙකක් කාලා ඇති කියලා අදි මදි කරද්දි ආශව කලේ තමන්ගෙ පිගානත් අහකින් තිබ්බ එක.ආශව කන්නෙ නැති බව දැක්ක නේත්‍ර කම්මැලිකම පැත්තක දාලා කන්න ගනිද්දි හැමදාම තමන්ගෙ කපටිකම් වලට අහුවෙන පොඩි එකාගෙ ඔලුව අතගෑව ආශවත් කන්න ගත්තා.

"ආශවයා....වැඩේ හරි නේහ් එහෙනම්? පොත් ටික ගන්නෙ කවද්ද?"

"අර මිකායෙල්නෙ බං ඒක කරලා දෙන්නම් කිව්වෙ....ඌට කතා කරන්න වෙනවා"

"උබ පොඩ්ඩක් කතා කරලා බලපංකො"

"මට බෑ දෙවින්....උබට බැයිද ඌට කතා කරන්න?"

"හරි නම්බර් එක දියං මම කෝල් කරන්නම්"

සාක්කුවට අත දැම්ම ආශව තමන්ගෙ දුරකථනෙ ක්‍රියාත්මක කරද්දි එක දිගටම එන නොටිෆිකේසන් වලින් දුරකථනෙ හිර වෙන්න ගත්තා.විනාඩි තුනකින් විතර පස්සෙ ආශව දුරකථනෙ අතට අරං කරදරකාරී හඩක් නංවන ගමන් දුරකථන තිරේ නේත්‍රට පෙන්නද්දි නේත්‍ර ඇසුත් උඩ යවාගත්තෙ මීකායෙල්ගෙන් ඇවිත් තියෙන දුරකථන ඇමතුමුයි කෙටි පණිවිඩ ගාණයි දැකලා.නේත්‍රගෙයි ආශවගෙයි මූණු වල ඇති වුණු වෙනස දැක්ක අනික් අය ඒ ඇයි කියලා ඇහුවත් 'පස්සෙ කියන්නම්' කියන ආශවගෙ වචනෙට ගරු කරලා කට්ටියම පාඩුවෙ කෑම කන්න ගත්තා.

"නම්බර් එක කියපං"

"මිකායෙල්ගෙද?"

"ඕ...."

"077 485 9593"

"හරි......"

කාලා බීලා ඉවර උනු දෙවින් මිකායෙල්ට දුරකථන ඇමතුමක් ගද්දි අනික් අය අතුරුපස රසවිදින ගමන් හිටියා.දැන් තෑගි ටිකත් ගත්තු එකේ,අමතර තෑගි ටිකත් සතියක් වගේ ඇතුලත ලැබෙන නිසත්,දෙනෙත් ගිය සපත්තු වැඩෙත් සාර්ථක වෙලා ඉතිරි පාසල් උපකරණ වල වැඩ කටයුතුත් යම්තාක් දුරකට අවසන් නිසා මිකායෙල් ලබා දෙන්නම් කිව්ව පොත් වල අඩුව විතරයි මෙතනට තිබුනෙ.පලවෙනි පාර ගත්තට මිකායෙල් ඇමතුමට සම්බන්ධ නොවුණු නිසා දෙවින් දෙවනි වතාවටත් උත්සාහ කලා.දෙවනි වතාව සාර්ථක කරන ගමන් මිකායෙල් ඇමතුමට සම්බන්ධ වුණා.

"හෙලෝව්....මිකායෙල් ස්පීකින්"

"ඕහ්....මිකායෙල් මේ මම....දෙවින්"

"ඔව්....කියන්න දෙවින් අයියා.ඇයි?"

"අර පොත් වල වැඩේ මොකද කියලා අහන්න ගත්තෙ...අපිට ඒ....."

"ආශව අයියට මම කෝල් ගත්තා....එයා ආන්සර් කලේ නෑ"

"ඕහ්....අපි හැමෝම කමිටි එකේ ඉන්නවනෙ මිකායෙල්.මට කියන්න ඔයා ඒ වැඩේ ගැන"

"ආශව අයියා කෝ?"

"එයා මේ ටිකේම වැඩ එක්ක බිසී....එයාට හැම එකකම ප්‍රෙෂර් එක දෙන්න බෑනෙ"

"මම ආශව අයියට කෝල් ගත්තෙ මේ ගැන කියන්න....එයාට එන ෆෝන් කෝල් එකක් ආන්සර් කරන්න බැරි තරම් බිසී නැතිව ඇතිනෙ නේද?"

"මිකායෙල්! මෙතන වැඩ කෙරෙන විදියක් තියෙනවා"

"මට මේ වැඩේ භාර දුන්නෙ ආශව අයියනෙ දෙවින් අයියෙ! මම එයාටම කියන්නම් පණිවිඩේ"

"............"

"එයාට විතරයි කියන්නෙ මම! ආශව අයියට කියන්න මම ගන්න ෆෝන් කෝල් එකක් ආන්සර් කරන්න කියල.මට වැඩේ භාර දුන්නු කෙනාටම ඒ ගැන කියන එක තමා පිලිවෙල"

ලේසියෙන් කේන්ති නොගන්න මිනිහෙක් උනු දෙවින් පුළුවන් උපරිම ඉවසීමෙන් කතා කලත් මිකායෙල් කතා කල විදියටත් එක්ක දෙවින්ගෙ උනත් ඉවසීමේ සීමාව පැන්නා.මිකායෙල්ට උත්තරයක් නොදුන්නු දෙවින් එහෙම්මම දුරකථන ඇමතුම විසන්ධි කරලා ටික වෙලාවක් හයියෙන් හුස්ම උඩ පහල දාලා ටිකකින් දෙනෙත්ගෙ අතක් තමන්ගෙ අතේ පටලගෙනම උනු දේ කට්ටියට පැහැදිලි කලා.

"අනේ මේ ඌට නටන්න කියන්න දෙවින් පණ....උගෙ බිජ්ජෙ පොතක් ඕන්නෑ....පොත් ගන්න තැනක් නැති උනොත් මම හරි පොත් ගහනවා"

"බිජ්ජ මීන්ස්?"

"උබට මම ඒක තනියෙන් ඉන්න වෙලාවක කියලා දෙන්නම් තෙවින්.ඉදපං ඕන්නැති හුත්තවල් අහන්නෙ නැතුව"

"ආශවයා මොකෝ කරන්නෙ? ඌ එන්නෙනම් හොදකට නෙවෙයි"

"දිවාසගෙ කතාව හරි දෙවින්.....අපි වෙන තැනක් බලමු.මට බෑ එක එකාට වදින්න"

"සුදුබේබි.....කේන්ති නොගෙන ඉමුකො....අපි මොකක් හරි කරගන්න බලමු"

"කේන්ති නෙවෙයි නේත්‍ර....ශිට්! මටනම් අප්පිරියයි ඔහොම උන්ව"

"අපි යං එහෙනම් දැන්.....මුන් දෙන්නගෙ ගෙවල් වල මිනිස්සු උදේ ඉදලම දැකලා නෑනෙ දෙන්නව"

"යං"

ආපහු ගම්මානෙට යන පාර ලගින් කට්ටියව බස්සපු දෙනෙත් හැරිලා ගියා වගේම ගෙවල් වලට යනකං කිසි කෙනෙක් අතර කතා බහක් ඇති උනේ නෑ.විටින් විටේ තමන්ට එන මිකායෙල්ගෙ දුරකථන ඇමතුම් නිසා කේන්ති ගත්තු ආශව එහෙම්මම දුරකථනෙ ක්‍රියා විරහිත කරලා සාක්කුවට දාගත්තා.වලව්වට ගොඩ වෙන්න කිට්ටුව නේත්‍රගෙ පුංචි අතක් තද කරලා මිරිකුව ආශව ආදරෙන් නේත්‍ර දිහා බැලුවා.

"පුලුවන්නම් ගෙදර ගිහින් ආපහු වලව්වට එනවද නේත්‍ර?"

"ඇදුම් මාරු කරගත්තු ගමන් එන්නම් සුදුබේබි මම....සුදුබේබි ගිහින් ඇගපත සෝදගන්නකො"

"නේත්‍ර,උණු වතුර ටිකක් රත් කරං මූණ අතපය විතරක් පිහිදගන්න හොදද? හවස් වෙලා හන්දා පපුව එහෙම තෙමාගන්න එපා"

"හරි සුදුබේබි.....මම එහෙම කරන්නම්"

"මම යනවා නේත්‍ර....ඔයා එන්න එහෙනම්"

"හරි සුදුබේබි"

ආශව වලව්වෙ ගේට්ටුව පැත්තට යද්දි නේත්‍ර පිට පාරෙන්ම ගෙදෙට්‍ට දිව්වා.උදේ පාන්දර කියන්නෙවත් නැතුව දිවාෂලාගෙ ගෙදර ගිය එකට නේත්‍රට හොදටම බැන්න අරුන්දතීම අන්තිමේදි නේත්‍රට වතුර එකක් රත් කරලා දුන්නෙ නේත්‍රට පොඩ්ඩක් අසනීපයි කියලා දැනුනු හන්දා.යටටත් තුවායක් ඇදගෙන,උඩුකය තව තුවායකින් වහගෙන ගෙට ගොඩ උනු නේත්‍ර කාමරේට ගිහින් ඇදුමක් ඉක්මනටම ඇදගත්තෙ වලව්වට දුවන්න තිබ්බ වුවමනාවට.මීට ටික වෙලාවකට කලින් නිර්මලා ගෙදර ආවා කියලත්,වලව්වට ඒ ගමන්ම ගියා කියලත් කිව්ව අරුන්දතී තකහනියක් ලෑස්ති උනේ හෙට ගමෙන් යන්න.මොකද ඉස්කෝලෙ මගෑරගන්න අරුන්දතීට වුවමනාවක් තිබ්බෙ නෑ.නේත්‍ර වගේම අරුන්දතිත් ඉගෙන ගන්න හුගක් ඇල්මක් දැක්කුව කෙනෙක්.

"ආ පොඩ්ඩො......ගිය වැඩේ හරියට කරගත්තද?"

"ඔව් අම්මා කරගත්තා"

"මයෙ අම්මයෙ මූණ තෙහෙට්ටු පාටයිනෙ දෙයියො..ඉන්න,අම්මා කහට එකක් වත් කරලා දෙන්නම්"

"කහට මොකටද නිර්මලා.....සුදු පුතාටත් දැන් කිරි තේ එකක් හදන වෙලේ මේකාටත් එකක් හදලා දීපං....තෙහෙට්ටු ගතිය යන්නත් එක්ක"

"හො....හොදමයි ලොකු මැණිකෙ"

පිලිකන්නෙන් වලව් මුළුතැන්ගෙට ගොඩ වුණු නේත්‍රගෙන් නිර්මලා අහද්දි අහම්බෙන් වගේ මුළුතැන්ගෙට ගොඩවුණු ලොකු මැණිකෙ නිර්මලාට උත්තර දුන්නා.දඩි බිඩි ගාලා කිරි තේ දෙකක් හැදුව නිර්මලා සුදුබේබිගෙ කෝප්පෙයි,නේත්‍රට වෙන් කරලා තිබ්බ බෙලෙක් කෝප්පෙයි ඒ කිරි තේ වලින් පුරවලා බිස්කට් පැකටයකුත් එක්ක තසිමක තියලා නේත්‍රටම දුන්නා.නිර්මලා එක්ක හින වුනු නේත්‍ර ලොකු මැණිකෙටත් බය මුසු ගරුත්වයකින් යුක්ත වුණු හිනාවක් තෑගි කරන ගමන් මුළුතැන්ගෙයින් පිට වුණා.

"ආ නිර්මලා....."

"ලොකු මැණිකෙ?"

මුළුතැන්ගෙයි තියෙන ලී පුටුවක් ඇදලා ගත්තු ලොකු මැණිකෙ ඒකෙන් ඉදගෙන නිර්මලාට කතා කරද්දි නිර්මලා හෝද හෝද උන්නු එලවලු ටික පැත්තකින් තියන ගමන් ලොකු මැණිකෙ දිහාවට හැරුනා.ඔසරි පොටින් පවන් ගගහා උන්නු ලොකු මැණිකෙ ලගට ගිය නිර්මලා ලොකු මැණිකෙගෙ පය පාමුලින් ඉදගනිද්දි ලොකු මැණිකෙ නිර්මලා එක්ක සුහදව හිනා වුණා.වලව්කාරියක් උනාට ලොකු මැණිකෙගෙ හැංගුනු හොද මනුස්ස ගති එමටම තියෙන බව කවුරු නැතත් නිර්මලා දැනන් හිටියා.

"නේත්‍ර කොලුවව ටියුෂන් එහෙම යවන්නෙ නැද්ද?"

"ටියුෂන් කිව්වෙ ලොකු මැණිකෙ?"

"අමතර පන්ති? අර සල්ලි ගෙවලා යන්නෙ...."

"අනේ නෑ ලොකු මැණිකෙ....අපේ එකාට ඕනි නෑ කියලා කිව්වා....ඉස්කෝලෙ උගන්නන එක ඇතියි කියලා ඒකා කිව්වෙ"

"නේත්‍ර කොලුවා එහෙම කියන්න ඇත්තෙ උබලගෙ නැතිබැරිකම් දන්න හන්දා නිර්මලා.....කොලුවා දැන් නොගියට විභාගෙට මාස කීපෙකට කලින් කරනවා ප්‍රශ්න පත්‍ර සාකාච්ඡා කිරීම්.....ඔය ප්‍රශ්න පත්‍ර ලියලා දුන්නම ලමයි සර් කෙනෙක් ඒකෙ උත්තර සාකච්ඡා කරනවා....තේරෙනවද මම කියන එක?"

"ඔව් ලොකු මැණිකෙ....ඔහොම කියද්දිනම් තේරෙනවා"

"අන්න ඒවා පටන් ගනියි අපේ සුදුපුතාලගෙ විභාගෙ ඉවර වෙලා මාසයක් දෙකක් යද්දි....නිර්මලා අර දිවාෂ පුතාගෙන් හරි අහලා තියාගන්න ඔය කාලවකවානු"

"එහෙමයි ලොකු මැණිකෙ....ඒත්....අපි ඔව්වට කොහොම යවන්න....."

"ඒ කාලෙට මාව ඇවිත් මුණ ගැහියංකො.....මම ඒවට ගෙවන්නම්.....උබ හැබැයි මේවා කාටවත් කියවන්න යන්න එහෙම ඕනි නෑ"

"එ....එහෙමයි ලොකු මැණිකෙ....අනේ අපේ එකාගෙ ඇස් පාදන්න උදව් කරනවට ලොකු මැණිකෙ බුදුන් දැක නිවන් දකින්න ඕනි"

"සුදුපුතා නේත්‍ර කොලුවව ආස්‍රේ කරන එකට මගෙ අකමැත්තක් නෑ....නේත්‍ර කොලුවා වගේ අහිංසකයෙක් එක්ක උන්නට අපේ සුදුපුතාට වරදක් වෙන්නෑ කියලා මම දන්නවා"

"එ....එහෙමයි ලොකු මැණිකෙ"

"ඉස්සර මාව පේන්න බැරුව උන්නු සුදුපුතා දැන් කොච්චර  නම් මා එක්ක එකතුද? ඒ හැමදේම උබේ කොල්ලව ආස්‍රේ කෙරුව නිසා"

"අපේ එකා....ඒත්....."

"මම දන්නවා නිර්මලා හිතන විදිය...උබ වැඩකාරකම් කලා කියලා උබේ පොඩි එකත් එහෙම කරන්න ඕනි කියලා නීතියක් නෑනෙ නිර්මලා....ඒ හන්දා නිර්මලා ඒකාට ගහන්න බයින්න යන්න එපා"

"ඒ....ඒත්......සුදුබේබි ලොකු මැණිකෙ කල අර....."

"නිර්මලා!"

"සුදුබේබි එහෙනම් ලොකු මැණිකෙගෙ හිත දශමක්වත් රිද්දන එකක් නෑ ලොකු මැණිකෙ"

"නිර්මලා!!! ඒ දේ දන්නෙ උබයි මායි විතරයි!!! ඒක අපෙන් පිට යන්න බෑ"

"ම්...අවුරුදු ගාණක් රැක්ක රහස එහෙම්මම තියෙයි ලොකු මැණිකෙ.....ඒත්....ඒත්...සුදුබේබි මේවා දැනගත්තොත් මැණිකෙගෙ හිත තත්පරයක්වත් රිද්දන එකක් නෑ"

"එහෙමයි කියලා ඒ දේවල් සුදුපුතාට කියන්න ඕනි නෑ නිර්මලා!!! සුදුපුතා මේ වගේ හෙමින් හෙමින් මට කිට්ටු උනාම ඇති.....නැත්තං සුදුපුතා ඕවයෙ වරදත් එයාට පටවගනීවි"

"එ....එහෙමයි ලොකු මැණිකෙ"

"එව්වා මායි උඹයි එක්කම වැලලිලා ගියපුවාවෙ......"

ලොකු මැණිකෙ බර හුස්මක් අරං පිලිකන්න පැත්තෙන් වත්තට බැස්සා.අවුරුදු ගාණක් විදවන විදියෙ තීරණයක් ලොකු මැණිකෙ කාලෙකට කලින් ගත්තු බව දැනන් උන්නු නිර්මලාට ලොකු මැණිකෙගෙ හිතේ සුදුබේබි වෙනුවෙන් ඒ තරම් ආදරයක් තියෙන්නෙ ඇයි කියලා කල්පනා කලා.වෙන කුඩම්මලා වගේනම් ලමයිට සලකන්නෙ මේ විදියට නෙවෙයි කියලත් නිර්මලා දැනන් උන්නා.ලොකු මැණිකෙ ඔසරි පොට උස්සලා හෙමීට ඇස් දෙක පිහාගන්නවා දැක්ක නිර්මලාත් තමන්ගෙ ඇස් ව්ලට උනපු කදුළු කැට චීත්ත රෙද්දෙන් පිහගෙන ආපහු පාරක් වැඩ වලට අවධානෙ යොමු කලා.

"නේත්‍ර ආවද?"

"අයියෝ....මම දොර ඇරලා තිබ්බ හන්දා හොරෙන් ඇවිල්ලා සුදුබේබිව බය කරන්නනෙ හැදුවෙ....හුම්ම්..."

"ඔයාගෙ සුවද හංගන්න බෑ නේත්‍ර....ඒක දැනෙනවා වැඩියි"

තසිමත් අරං කාමරේට ගොඩ වුණු නේත්‍රට කිව්ව ආශව නේත්‍රව පහු කරං ගිහින් කාමරේ දොර වහල දාලා එද්දි නේත්‍ර තේ තසිම මේසෙ උඩින් තියලා තේ කෝප්ප දෙක අතට ගත්තා.ඇද උඩ ඉදන් උන්නු සුදුබේබිගෙ අතටම සුදුබේබිගෙ තේ කෝප්පෙ දුන්නු නේත්‍ර,තමන්ගෙ තේ කෝප්පෙ සුදුබේබිගෙ පය පාමුලින් තියලා බිස්කට් පැකටෙත් අතට අරං ඒකත් සුදුබේබිට දෙන ගමන් සුදුබේබිගෙ කකුල් දෙක අතරින් බිමින් ඉදගත්තා.

"නේත්‍ර! කෝ මෙතන උඩින් ඉදගන්න"

"මේම ඉන්නම්කො සුදුබේබි.....අනේ නේත්‍රගෙ ඔලුව අතගාන්නකො"

"කෝ එන්න මැණිකෙ....එහෙනම් ඇදට පිට තියලා ඉදගන්න.....ඇයි නේත්‍ර? මොකක් හරි ප්‍රශ්නයක්ද මගෙ මැණිකට?"

"එහෙම නෑ සුදුබේබි.....ඩිංගිත්තක් මෙහෙම ඉන්න හිතුනා"

ආශවගෙ කකුල් දෙක අස්සෙන් ඇදේ පහල කොටසට පිට තියාගත්තු නේත්‍ර තේ කෝප්පෙ අතට ගනිද්දි ආශව නේත්‍රගෙ ඔලුව අතගාන්න ගත්තා.ආශවගෙ ඇගිලි හරි අපූරුවට නේත්‍රගෙ හිස කෙස් අස්සෙන් යද්දි නේත්‍ර සනීපෙට ඇස් දෙක පියාගත්තා.ඔලුව අතගාන ගමන් විටින් විටේ ආශව තමන්ගෙ හිස් මුදුනට තියන හාදුත් එක්කම නේත්‍ර තේ කෝප්පෙ තොල ගාන්න ගත්තා.ආශව අතේ තිබ්බ කෝප්පෙ පැත්තකින් තියලා බිස්කට් පැකට් එක නේත්‍රගෙ මූණ ඉස්සරහට උඩින් දික් කරද්දි ආශවගෙ මූණ බලන්න බෙල්ල උඩට නැව්ව නේත්‍ර තමන්ගෙ ඉස්සරහ දත් දෙකත් එලියෙ දාන් හිනා වෙලා බිස්කට් පැකට්ටුව අතට ගත්තා.

"සුදුබේබි......."

"ම්ම්ම්ම්?"

"ලබන මාසෙ බිග් මැච් එක නේද?"

"ඔව් නේත්‍ර......මේ මාසෙ දෙවනි සතිය වගේ පහු වෙද්දි මට ක්ලාස් එකේ ඉන්නවත් වෙන එකක් නෑ"

"ඔව් නේද සුදුබේබි? ප්‍රැක්ටිස් දානවනෙ"

"ඔව්....."

"ඈ සුදුබේබි...."

"ඕ නේත්‍ර....කියන්න"

"දැන් සුදුබේබි නැෂනල් ටීම් එකට සිලෙක්ට් වෙන්නෙ කොහොමද?"

"ඒවා ලේසියෙන් කරන්න බෑ නේත්‍ර.....ඉස්සෙල්ලාම හොද ක්‍රිකට් ක්ලබ් එකකට බැදෙන්න ඕනි.....දැන් ඔය ස්කූල් ලෙවල් එකෙ බෙස්ට් විදියට පෆෝම් කරන අයව එයාලා නෝට් කරනවා සමහර වෙලාවට"

"සුදුබේබිවත් එහෙම කරලා තිබ්බා නේද?"

"ඔව් නේත්‍ර.....මම අන්ඩ සික්ස්ටීන් ඉද්දිම මගෙ ආටිකල්ස් වගයක් ගියානෙ..... අපියි අරහෙ කොළබ ඉස්කෝලෙයි ප්ලේ කල වෙලේ"

"ඕ මට මතකයි"

"ඒකෙන් පස්සෙ මම ප්ලේ කරපු මැචස් හැම එකක්ම වගේ බලන්න ඇවිත් තියෙනවා ඔය ක්ලබ් මෙම්බර් කෙනෙක්....කෝචස්ලා එයාලා....ඊට පස්සෙ තමා මට ගිය අවුරුද්දෙ සීසීසී එකෙන් මේල් එකක් ආවෙ"

"සුදුබේබි මට කිව්වා....ඒත් අපේ ඉස්කෝලෙන් අවුට් වෙනකං ක්ලබ්ස් වලට ප්ලේ කරන්න බෑනෙ?"

"අන්න ඒකයි...මම ඒ ගැන දැනුවත් කලා සීසීසී එක.එයාලත් දන්නවා ඒක.ඒත් වෙන ක්ලබ් එකකින් මාව ඉල්ලන්න කලින් එයාලා ගන්න ඕනි නිසා කිව්වා දැන්මම කිව්වෙ මට.....අපි බලමුකො.තව හොද ක්ලබ්ස් තියෙනවා...මට තව එකකිනුත් ආවා.අපි බලමුකො"

"ඊට පස්සෙ මොකෝ වෙන්නෙ සුදුබේබි?"

"ඊට පස්සෙ ඉතින් ක්ලබ් එකේ ප්ලේ කරනවා....දැන් ඔය අන්ඩර් නයින්ටීන් නැෂනල් වගේ ප්ලේ කල අයවනම් පෆෝමන්ස් හොදනම් කෙලින්ම නැෂනල් ගත්තු අවස්ථා තියෙනවා.....ඒත් මට ඒම බෑනෙ.මම ස්කූල් ලෙවල් ප්ලේයර් කෙනෙක් විතරයිනෙ.මට බින්දුවෙ ඉදන්ම යන්න වෙනවා"

"අපි යමු....මාත් ඉන්නවනෙ සුදුබේබි එක්ක"

"මට තියෙන ලොකුම හයිය ඒක තමා නේත්‍ර.......ඊට පස්සෙ ඉතින් හොදට ප්ලේ කරනවා නම් ස්කොඩ් ගන්නවා...අරගෙන ටූනමන්ට් ගස්සෝනවා....ඔය එකේක ටූනමන්ට් තියේ....ගොඩක් වෙලාවට ප්‍රිමියර් ටූනමන්ට් එක ගහනවා...ඒකෙන් සිලෙක්ට්බුනොත් එන්පීඑල් ගස්සෝනවා....එතනින් හොදනම් ඉතින් ශ්‍රීලංකන් ක්‍රිකට් බෝඩ් එකෙන් සිලෙක්ට් කරනව.එතනින් පස්සෙ තමා නැෂනල් යන්න තියෙන්නෙ....සමහරවිට නැෂනල් සිලෙක්ට් වෙන්න කලින් එල්පීඑල් ගහන්න චාන්ස් එකක් හම්බෙන්නත් පුළුවන් "

"හැකියාවයි කැපවීමයි නේද ඕනි සුදුබේබි?"

"ඇත්තටම ලංකාවෙනම් ඒ මදි නේත්‍ර....ඕවට හයියක් තියෙන්න ඕනි.කාගෙම හරි තල්ලුවක් වගේ.නැෂනල් ටීම් එකේ ඉන්න සමහර අයට වඩා දක්ෂ කීයක්නම් අර පැවීලියන් එකේ ඉදන් ඉන්නවද? ඔය දේට ලේසියෙන්ම යන්නනම් දේශපාලන හරි බෝඩ් එක ඇතුලෙන් හරි මොකක්ම හරි උදව්වක් ඕනි.මම කියන්නෑ එහෙම බලපෑමක් නැතුවත් එන්න බෑ කියල.ඒත් ඒක ලොකු කට්ටක්"

"සුදුබේබි දන්න කවුරුත් නෑද?"

"නෑනෙ නේත්‍ර.....ඒත් අප්පච්චි දන්න අයනම් ඇති.මම ඒත් එහෙම කැමති නෑ.අප්පච්චිට දෙකට නැවෙන්න වෙනවා මට එතකොට ඔය සිද්ධියෙදිත්....මම මගෙ උපරිමෙන් උත්සාහ කරනවා....නේත්‍රයි ක්‍රිකට් හීනෙයි ඇරෙන්න වෙන කිසිම දෙයක් මට වැඩක් නෑ"

"අපිට ඒක කරන්න පුළුවන් වෙයි සුදුබේබි.....මම දන්නවා මගෙ සුදුබේබි දෙයක් ලේසියෙන් අතාරින්නෙ නෑ කියලා"

"මම ගැන ඔච්චර විශ්වාසයක් තියෙන්නෙ ඔයාට විතරයි නේත්‍ර.....මටවත් මම ගැන ඔච්චර විශ්වාසයක් නෑ"

"සුදුබේබි....."

නේත්‍ර හෙමින් සැරේ ආශව ලගින් නැගිටලා හිස් තේ කෝප්ප දෙක අරං ගිහින් මේසෙ උඩ තිබ්බ තසිමෙන් තියලා කවුළුවෙන් එලිය බැලුවා.හවස් යාමෙ හන්දා මුළු නුවර අහසම තැඹිලි පාටින් දිලිසෙද්දි තැඹිලි පාට අව් රැල්ලක් කාමරේ කවුලුවෙන් ඇතුලට පෙරිලා ඇවිත් තිබ්බා.ආශව බලන් හිටියෙ ඒ අව් රැල්ලට මැදි වුණු නේත්‍ර දිහා.තැඹිලි පාට අව් රැල්ල නේත්‍රගෙ කිරිගරුඩ පාට හමට වැටිලා දිලිසෙද්දි නේත්‍රගෙන් ආශවට පෙනුනෙ දිව්‍යමය ලස්සනක්.නේත්‍රගෙ ලස්සන තමන්ගෙ හදවතින්ම අගයන ගමන් උන්නු ආශවගෙ ඇස් වල තිබ්බ සන්සුන් ආදරේ නේත්‍ර ඊලගට කිව්ව වචන ට්කත් එක්ක වියරු පාට ආදරේකට හැරුනා.

"දවසක මමයි හීනෙයි අතරින් එකක් තෝරගන්න උනොත්.....සුදුබේබි දෙපාරක් නොහිතා ක්‍රිකට් කියන දේ තෝරගන්න මගෙ සුදුබේබි.නේත්‍ර ඩිංගිත්තක්වත් තරහා වෙන්නෑ මගෙ සුදුබේබි එක්ක....අපිට ඉන් පස්සෙ කවදමහරි දවසක එකතු වෙන්න පුළුවන් උනොත් එකතු වෙමු.මට පුළුවන් සුදුබේබි වෙනුවෙන් ජීවිත කාලෙම උනත් බලන් ඉන්න කැපකිරීම කරන්න.සුදුබේබිට....."

"මොකද්ද උඹ කියන්නෙ!!!!! ආ නේත්‍ර!!!! මොනාද උඹ ඔය කියවන්නෙ?"

අඩියට දෙකට නේත්‍ර ලගට ඇවිදන් ආව ආශව එහෙම්මම නේත්‍රව ලගම තිබ්බ බිත්තියට ඇදලා අරං තද කරද්දි ආශවගෙ පෙනුම දැක්ක නේත්‍රගෙ ඇස් වලට කදුළු පිරුණා.මල් පෙත්තක් වගේ හීරීමක්වත් වෙන්න නොදී නේත්‍රව පරිස්සම් කරන ආශවගෙම අත් වලට අද නේත්‍රගෙ අත් හිර වෙලා තද වෙලා තිබුණා.ආශවගෙ ඇස් දෙක ලා රතු පාටක් වීගෙන එද්දි ආශව නේත්‍රගෙ මූණ ලගටම පාත් වුණා.

"උඹම දන්නවා නේත්‍ර උඹ නැති උනොත් මම මැරිලා යනවා කියලා.....උඹට ඕනි මාව මරාගන්නද!!! ආ නේත්‍ර!!!"

"අවකැපෙන කතා කියන්නෙපා සුදුබේබි.....දෙයියෝ මගෙ පණ ඩිංග...ස්....සුදු....බ්...බේබිනෙ රත්තරනේ"

ආශව කිව්ව කතාවට නේත්‍ර කවදාවත් නැතිව හඩ උස් කරලා කතා කලත් ඒත් එක්කම නේත්‍රගෙ හඩ බිදිලා ගියේ දරන්නම බැරි වුණු වේදනාවට.නේත්‍රගෙ ඇස් වලින් හෝ ගාලා කදුළු කැට වැක්කෙරෙද්දි වෙනදට නේත්‍රගෙ කදුළු පිහින ආශව අද ආවේගශීලීව නේත්‍ර දිහා බලාගෙන හිටියා.ආශව සමහරවිට සාධාරණයි.ඒ මනුස්සයගෙ මුළු ජීවිතේම නේත්‍රගෙ නමට ලියවෙද්දි නේත්‍රගෙ කටින් ආශවගෙ හොදට පිටවෙන දේකට උනත් දෙන්නගෙ ඈත් වීම ගෑවිලා තියෙනවනම්,ආශව මෙහෙම වියරු වැටෙන එක සාධාරණයි.මොකද ආශවට තමන්ගෙ කියලා මේ ලෝකෙන් දැනුනු එකම මනුස්සයා නේත්‍ර විතරයි.එයාගෙ පුංචි නේත්‍ර විතරමයි!

"ක්‍රිකට් ගහන එක හීනෙ නෙවෙයි නේත්‍ර.....ඒ හීනෙට උඹ එක්කම යන එකයි මට තියෙන හීනෙ!!! හීන දෙක එකට බැදිලා තියෙන්නෙ!!! උඹ නැතුව හීන වලට යන්න නෙවෙයි,මම ජීවත් වෙන්නෙවත් කොහොමද කියලා හිතුවද!!!!"

ආශවගෙ හයිය අතක් ඇවිල්ලා නේත්‍රගෙ කණ ලගින්ම බිත්තියට වැදෙද්දි නේත්‍ර තද කරලා ඇස් දෙක පියාගත්තා.බිත්තියට අත ගහගත්තු ආශවගෙ හඩ බාල වෙනවත් එක්කම නේත්‍ර හෙමීට තමන්ගෙ බෝල ඇස් දෙකෙන් ආශව දිහා බැලුවා.

"ඔ....ඔයා නැතුව මගෙ කිසිම හීනයක් සම්පූර්ණ නෑ නේත්‍ර!!!"

"ම්....මට බයින්නෙපා සුදුබේබි ඔහොම....නේත්‍රගෙ පපුව පැලෙන්න එනවා සුදුබේබි සැර කරද්දි"

නේත්‍ර හයියෙන් ඉකි ගහගෙනම ආශවගෙ පපුවට වාරු වෙද්දි ආශව ලොකු හුස්මක් හෙලලා අත් දෙක පහලට දාගෙනම හිටියා.ආශව ආපිට තමන්ව වැලදගත්තෙ නැති බව දැනුනු නේත්‍රගෙ ඇඩිල්ල වැඩිවෙද්දි නේත්‍රගෙ පපුවෙන් එන අසාමාන්‍ය වේගෙ ආශවට දැනෙන්න ගත්තා. මේ විදියට නේත්‍රගෙ හිතට පීඩනේ දැනුනොත් නේත්‍රට හුස්ම ගන්න අමාරු වෙන වග තේරුම් ගත්තු ආශව නේත්‍රව තද කරලා තුරුල් කරගත්තෙ නේත්‍රට සැර වුණ එකට තමන්ටම සාප කරගන්න ගමන්.

"ම්....මට සමාවෙන්න සුදුබේබි....."

"මටත් සමා වෙන්න නේත්‍ර....මට ටිකක් කේන්ති ගියා....ගොඩක් සමාවෙන්න සුදුබේබිට"

"නේත්‍රට බයින්නෙපා සුදුබේබි.....නේත්‍ර මෝඩකමට එකේක ඒවා කියෝනවා තමා....ඒත් සුදුබේබි බනිද්දි ඒක දරන්න බෑනෙ නේත්‍රට"

"සමා වෙන්න මගෙ මැණිකෙ....උඹ ඈත් වෙනවා කියලා නිකමට කිව්වත් ඒක මට දරන්න බෑ....උඹ නැත්තං මට ජීවිතයක් නෑ කියලා මගෙ මැණික දන්නවා නේද? ප්ලීස් නේත්‍ර...ඈත් වෙන කතා ආයෙ කියන්න එපා.මගෙ පපුවට ආව වේදනාව දන්නෙ මම විතරයි"

නේත්‍රගෙ නලලෙන් තොල් දෙක තියාගත්තු ආශව මුමුණද්දි නේත්‍ර ආශවගෙ පපුවටම ගුලි ගැහිලා තුරුල් වුණා.මොන දේකට උනත් නේත්‍රව අතාරින්නෙ නෑ කියලා තමන්ටම පොරොන්දු උනු ආශවගෙ හිතට නේත්‍රගෙ වචන ගෙනාවෙ අසීමාන්තික දුකක්.ආශවගෙ ගතිගුණ එක්ක ඒ දුක ආවේගෙකට හැරුනත් පුරුදු විදියටම නේත්‍ර ලගදි ආශව නිවුණා.

"මම කොහොමහරි ඔය දෙකම බේරගන්නම් නේත්‍ර....මම පොරොන්දු වෙනවා....හීනෙත් බේරන් ඔයාවත් රැකගන්නම්"

ආශව නේත්‍රගෙ නලලෙන් හාදුවක් තියන ගමන් මුමුණද්දි නේත්‍ර ඔලුව උඩ පහල වැනුවා.නේත්‍රගෙ ගැටපිච්ච සුවදින් නිවෙන ආශවටත්,ආශවගෙ උණුහුම් පිරිමි පපුවෙන් නිවෙන නේත්‍රටත් එතනදි අමතක උනු දෙයක් තිබුණා.පොරොන්දු තියෙන්නෙ කැඩෙන්න!

.

.

.

.

.

"ඔය දෙන්නගෙ වීඩියෝ එක ඕල් අයිලන්ඩ් කම්පිටිෂන් තේරිලා.....කන්ට්‍රැට්ස් පුතාලා දෙන්නටම"

"තෑන්ක් යූ මෑම්"

"තෑන්ක් යූ මෑම්"

දිවාෂයි තෙවිනුයි හිටියෙ නාට්‍ය හා රංගකලාව විශය හදාරන සිසුන්ට වෙන් කරලා තිබ්බ කුටියෙ.පාසලේ නාට්‍ය හා රංගකලාව ගුරුවරු පස් දෙනාම එතන ඉදගෙන හිටිය වගේම පස් දෙනාගෙම මූණු වල තිබ්බෙ ලොකු සිරියාවක්.දිවාෂගෙ මූණත් ලස්සන හිනාවකින් හැඩ වෙලා තිබ්බත් ඒ වීඩියෝවෙ අවසන් දර්ශනේ තමන්ගෙ හැඩරුව මතක් උනු තෙවින්ගෙ මූණනම් තැලිච්ච කජු ලෙල්ලක් වගේ වෙලා තිබ්බා.

"අපි හිතනවා ඒකෙනුත් ප්ලේස් එකක් ලැබෙයි කියලා ඔයාලට.....ඒක හුගක් වෙනස් විදියට දිවාෂ කරලා තියෙනවා.ඒ වගේමයි ඒකට තෙවින්ගෙන් ලැබිලා තියෙන සපෝට් එකත් සුපර්බ්.නේත්‍රගෙ ස්ක්‍රිප්ට් එකත් ඕල් අයිලන්ඩ් තේරිලා.....නේත්‍ර දන්නවද ඒක?"

"නෑ මෑම්....නේත්‍ර දන්නෑ මම හිතන්නෙ.මම කියන්නම් එයාට"

"ඕකේ පුතා....අගෙයින් කන්ග්‍රැට්ස්.....දෙන්නටම.....කවුද දන්නෙ මෙහෙම මේ කාලෙ හිටියට අනාගතේ ඇක්ටස්ලද කියලා"

"තෑන්ක් යූ මෑම්...එහෙනම් අපි යන්නම්"

"තෑන්ක් යූ මෑම්"

"ඕකේ පුතාලා"

නාට්‍ය හා රංගකලාව භාර ප්‍රධාන ගුරුතුමියගෙ අවසරෙත් එක්ක දිවාෂයි තෙවිනුයි දෙන්නා නාට්‍ය කුටියෙන් පිටත් වුණා.දිවාෂගෙ මූණෙ තිබ්බ හිනාව දැක්ක තෙවින්ගෙත් මූණෙ හිනාවක් මතු වෙද්දි තෙවින් අත පුරෝලා දිවාෂගෙ ඔලුවට ටොක්කක් ඇන්නා.

"ආව්වා බල්ලො! රිදෙනවා!"

"රිදෙන්න තමා ඇන්නෙ"

"හිතුනු හිතුනු වෙලාවට අනින්න මම උබේ බූදලයක් කියලා හිතුවද?"

"මට ඕනිනම් මගෙ බූදලයක් කරගෙන හිතුනු හිතුනු වෙලාවට ඇන ඇන ඉන්නවා උඹට"

"හිතේ ඇති ඇන ඇන ඉන්න...මම මේ නුවර පොලවට පය ගහ්ලා ඉන්න වෙලාවෙ කියන්නෙ...නුවරට අධිපති දෙයියන්ගෙ නාමෙන් මම කියන්නෙ....මට මේ කරන දේවල් වලට උඹ....!!!"

"කෑ ගහන්න එපා යුගාන්....මගෙ කන කීං කිං ගානවා"

"ආයෙ කතා කරන්නෑ උඹ එක්ක මම....පලයං පගයා අහකට"

ඉස්කෝලෙ ලමයි ඇවිදන් යන පාර දෙපැත්තෙ ඒ හරියෙ වවලා තිබ්බ බට් ජම්බු ගහකින් ගැටයක් කඩාගත්තු දිවාෂ ඒකෙන් තෙවින්ගෙ මූණටම එකක් දීලා තෙවින්ව ගණන්වත් නොගෙන ඉස්සරහට ඇවිදන් ගියා.ඒත් එක්කම බිමට නැවුනු තෙවින් ගල් කැටයක් අරං ඒකෙන් දිවාෂව ඉලක්ක කරලා පාරක් ගහලා පුම්බගෙන ඉන්න දිවාෂගෙ කරට අතක් දාගත්තා.

"යුගාන් කොහෙද යන්නේඒඒඒඒඒඒඒ????"

"උඹට වැඩක් නෑනෙ"

"මට වැඩක් තියෙනවනේඒඒඒඒඒඒඒ..."

"අනේ මේ තොදොල් නොවී අහකට පලයං!"

"යන්නෙ කොහෙද කිව්වෙ නැත්තං මම යුගාන්ට තොදොල් වෙවී ඉන්නවනේඒඒඒඒඒඒඒ"

"හුත්! දැනගෙන මොනා කරන්නද උඹ?"

"යුගාන් එක්ක යන තැනකට එනවනේඒඒඒඒඒඒඒඒ"

"ඊයා.....ලමිස්සියෙක් වගේ අදින්නැතුව කතා කරපං තෙවින්! යමං.....මම ආසවව හම්බෙන්න ප්‍රිෆෙක්ට් රූම් එකට යනවා"

"යං"

දිවාෂ තෙවින්ව අහකට කරන්න හැදුවත් දිවාෂගෙ ඇගේම එල්ලුනු තෙවින් දිවාෂ එක්කම එද්දි අන්තිමේදි දිවාෂට උනේ පරාජය භාර අරගෙන තමන්ගෙ ඇගේ එල්ලිලා එන තෙවින්වත් ඇදන් ආශවව හම්බෙන්න යන්න.ශිෂ්‍යනායක නිල කුටිය ලගට ලං වෙද්දිම වටපිට බල බල ඒකට ඇතුල් වෙන මිකායෙල්ව දැක්ක දිවාෂ තෙවින්වත් ඇදන් ලගම තිබ්බ පන්තියක බිත්තියකට මුවාවුණා.මිකායෙල් ඇතුලට ගියා කියලා තේරුනාට පස්සෙ දෙන්නා එක්ක කුටිය ලගට ගිහින් ඒකෙ ජනේලෙට කන් තියාගෙන හිටියෙ ඇතුලෙ වෙන්නෙ මොනාද අහගන්න තිබ්බ වුවමනාවට.මොකද කොහොමත් මිකායෙල්ගෙ හැසිරීම දිවාෂට දිරෙව්වෙම නෑ.

"හායි ආශව අයියා....."

"ඕහ්! ඇයි මේ වෙලාවෙ?"

"ඇයි අනේ එහෙම ඇහුවෙ?"

"නෑ තමන් සාමාන්‍යෙන් දන්නවනෙ එහෙම හේතුවක් නැතුව අවේලාවල් වල ප්‍රිෆෙක්ට් රූම් එකට එන්න බෑ කියලා....අනික තමන් ස්කූල් ඔෆිස නොමිනි කෙනෙකුත් නෙවෙයි!"

"අයියෝ ආශව අයියා....ටිකක් ෆ්‍රෙන්ඩ්ලි කතා කරන්නකො අනේ....පණිවිඩයක් දෙන්නනෙ ආවෙ"

මිකායෙල් අවසරයක් නැතුවම ආශව ලගට ඇවිත් හිටගෙන කතා කලේ පොලඹවන සුළු හඩකින්.කොහොමත් මිකායෙල්ගෙ හැසිරීම ඇතුලෙ පිරිමි ලමයෙක්ට සාමාන්‍යෙන් නොපිහිටන විදියෙ ලාලිත්‍යක් ගැබ් වෙලා තිබ්බා.අහිංසකකමේ ප්‍රතිමූර්තියක් වගේ ඉන්න නේත්‍රවත් මිකායෙල් වගේ ලාලිත්‍යමය ගතියක් පෙන්නුවෙ නෑ.නේත්‍රට ඒ ගති ලාවටවත් ගෑවිලා තිබ්බෙ නෑ.මිකායෙල් ඇවිද්දෙ තාලෙට.කතා කලේ ඇදලා පැදලා තාලෙකට.ඒ හැමදේමත් එක්ක මිකායෙල්ගෙ විලාසිතා උනත් යම්තාක් දුරකට ස්ත්‍රීත්වය මිශ්‍ර වුණු ඒවා වුණා.

"මිකායෙල්! දැන් ආවෙ ඇයි? ආව දේ කියලා ගියානම් හරි.මට වැඩ ගොඩ ගැහිලා"

"මම උදව් කරන්නද ආශව අයියා? මෙවෙලෙ ෆ්‍රී පීරියඩ් එකක් අපිට....ඩබල් පීරියඩ් ෆ්‍රී...."

"මිකායෙල්! මට නාස්ති කරන්න කාලයක් නෑ.කියන්න ආව දේ කියලා යනවා!!!"

"අම්මෝ මෙයාට කේන්ති යන තරම් අනේ.....මම ආවෙ අර පොත් වැඩේ ගැන කියන්න"

"කියන්න!"

"ඒක ඕකේ.....ඔයාට ඉතින් කොච්චර කෝල් ගත්තත්,මැසේජ් දැම්මත් ඒ කිසිම එකකට ආන්සර් එකක් නෑනෙ....මම නිසාම හොදයි ඉතින්....මම ඩැඩාට කිව්වා වැඩේ ගැන.එයා ඕකේ....ඕනි දවසට දවස් දෙකක් වගේ කලින් කියන්න අයියා....මට ඒ ටික ලෑස්ති කරලා දෙන්න පුළුවන්"

"ඕකේ....ඔයාට දැන් යන්න පුළුවන්"

"තෑන්ක්ස් කරන්නෙවත් නැද්ද අනේ...."

"මිකායෙල්! මට වැඩ තියනවා! තමුන්ට එකපාරක් කිව්වම තේරුම් ගන්න බැරිද!!!!"

"ආශව අයියා දන්නවද?"

ආශව ලගින්ම මේසෙට අත් දෙක තිබ්බ මිකායෙල් ආශවට හිතාගන්නවත් කාලයක් නොදී ආශවගෙ කන ලගට පාත් වුණා.

"ආශව අයියා ඔහොම ඉද්දි මාරම හොට්...."

"ශිට්!!!"

ඉදගෙන හිටිය පුටුව පස්සට කෙරුව ආශව එතනින් නැගිටිද්දි මිකායෙල් පවා බය වෙලා පස්සට වුණා.එක අතකින් තමන්ගෙ පෑන අල්ලගත්තු ආශව ඒක මිරිකලා අල්ලගනිද්දි ආශවගෙ මූණ කේන්තියෙන් කළු පාට වෙලා තිබ්බා.දැන්නම් ඇතුලෙ වෙන්නෙ එච්චර හොද දෙයක් නෙවෙයි කියලා තේරුනු දිවාෂ තෙවින්වත් ඇදගෙන කුටියට ඇතුල් වෙද්දි ආශවගෙ කේන්තියෙන් ගිනිගන්න ඇස් දෙක එල්ල වෙලා තිබ්බෙ මිකායෙල් දිහාවට.

"උඹට මම ආයෙ කියන්නෑ!!! අනවශ්‍ය විදියට මම එක්ක හැසිරෙන්න එන්න එපා!!"

"ආ...ආශව....අ...."

"උඹ උබේ තැන ඉදපං! මම මේ කීප දවසක් තිස්සෙම බලන් ඉදලා කතා කරන්නෙ.මේ විදියෙ දේවල් මීට පස්සෙත් උනොත් මම මෙහෙම නෙවෙයි කතා කරන්නෙත්!"

"............."

"දැන් පලයං!!!"

මිකායෙල් ආශව දිහා බලලා දිවාෂගෙ උරහිසෙත් හයියෙන් හැප්පීගෙන යද්දි තෙවින් මිකායෙල් දිහා අමුතුවට බලන් හිටියා.මොකද තෙවින් තමා මිකායෙල් ගැන කිසිම දෙයක් දැනන් නොහිටි එකම මනුස්සයා.පුටුවෙ ඉදගෙන ආයෙ නැගිට්ට ආශව ලිය ලිය හිටිය කොල ටිකට අතින් පාරක් ගැහුවම ඒවගෙන් බාගයක් විතර බිමට වැටුනා.කොණ්ඩෙ අස්සෙන් අත් දෙක යවාගත්තු ආශව එහෙම්මම පුටුව උඩට වැටෙද්දි දිවාෂ එලියට දිව්වෙ නේත්‍රව හොයාගෙන එන්න.ඒත් තෙවින් ආශව ලගට කිට්ටු උනා.

"ආශවයා....මචං!"

"ඇයි බං මේ ඔක්කොම කරුම මගෙ පිටට වැටෙන්නෙ!!! මට ඇති වෙනවා හැම දෙයක්ම!"

"පොඩ්ඩක් රිලැක්ස් වෙයං.....අපිට බෑ කලබල වෙලා ප්‍රශ්න විසදගන්න"

තෙවින් ආශව එක්ක කතා කරන ගමන් එතනම ඉස්සරහ තිබ්බ පුටුවකින් ඉදගත්තා.හයියෙන් හුස්මක් උඩට ගත්තු ආශව එහෙම්මම පුටු ඇන්දට තමන්ගෙ ඔලුව බර කලේ පාසල් කමිසෙ තව බොත්තමක් ලිහිල් කරන ගමන්.තෙවින් දිහා එකපාරක් බැලුව ආශව තමන්ගෙ බෑග් එකට අත දාලා පාසලට ගේන්න තහනම් උනාට හොරෙන් අරං එන දුරකථනෙ තෙවින්ගෙ අතට විසික් කලේ මොකක් හරි දෙයක් විවෘත කරලා.ඒ විවෘත කරලා තිබ්බ්ට් ආසවගෙ දුරකථනයෙ ගැලරිය.ඒ දිහා බැලුව තෙවින්ගෙ ඇස් දෙකත් එක්ක උඩ ගියා.

"මේ මිකායෙල් නේද බං?"

"ඔව්....මූ ඊයෙ රෑ මැසේජ් තොගයක් එවලා තිබ්බා....මම එකක්වත් සීන් කලේ නෑ....අන්තිමටම ආවෙ නොටිෆි එකේ තිබ්බෙ කොහොමද හුගක්ම ලස්සන කියලා...මම ඒත් මැසේජ් සීන් කලේ නෑ"

"ඕ.....ඊට පස්සෙ?"

"මම ගැලරි එකට යද්දි ඔය ෆොටෝ ටික ඒකට ලෝඩ් වෙලා.....මම වට්සැප් හදලා තියෙන්නෙ මට එවන  ෆොටෝස්,වීඩියෝස් ඔක්කොම ඔටෝ සේව් වෙන විදියට....ශිට්! එතකොට ඔය ටික තමා ඌ එවලා තියෙන්නෙ අර කලින්"

"මේ හාෆ් වෙස්ට් වගේ ඒවා එහෙමත් ඇදලා ඌ.....මේ ඌ නෝමල් ෆැෂන් කරන විදියද? නැත්තං උඹට ෆොටෝ ගහන්නම මෙහෙම ඇදලද?"

"උගෙ ෆැෂන් එක ගැන දැනගන්න ඌ මගෙ කවුරුවත්යෑ"

"ඔහොම කේන්ති ගන්න එපා යකෝ....ටිකක් නිවිලා හිටපං"

"ශිට්! එපා වෙනවා බං"

"මම එහෙම ඇහුවෙ වෙන දේකට නෙවෙයි.මේ මිකායෙල්ගෙ නෝමල් ෆැෂන් එකනම් ඒකට අපිට මුකුත් කියන්න බෑනෙ......මොකද එහෙම ෆැෂන් කරන එක උගෙ කැමැත්ත වගේම ඒ වගේ ෆැෂන් කරන අය ඕනි තරම් ඉන්නෙ....ඒත් මේ වගේ ෆොටෝස් ගහලා උඹට එවන එකනම් අවුලක්...එහෙම ඕන්නෑනෙ"

"මම දන්නෑ බං......අනික එහෙම හැම පිරිමියවම දැක්කට මාව ඇවිස්සෙන්නෑ....මූ හිතන් ඉන්නෙ එහෙම දෙයක්ද කොහෙද?"

"මම මිකායෙල් ගැන හොයන්නම් ආශවයා...මට දවස් දෙ..."

"උඹ ඇත්තටම කවුද තෙවින්?"

"ආහ්හ්හ්?"

"එහෙම හැම විස්තරයක්ම දවසක් දෙකක් ඇතුලත හොයාගන්න පුළුවන් වෙන්න තරම්?"

"නැ ආශවයා මම කිව්වෙ....."

"දිවාසයට ඉස්කෝලෙ ගාවදි පාට් එක දැම්ම සෙනදිගෙ අයියගෙ අත දවස් තුනක් ඇතුලත කැඩුනු එක,සෙනදිගෙ අයියා ඒක ඇක්සිඩන්ට් එකක් කියලා කියල තිබ්බ එක,ඔය කියන ටයිම් එකේදි ඒ කිව්ව තැනට කිට්ටුව සීසීටීවී චෙක් කලාට එහෙම ඇක්සිඩන්ට් එකක් වෙලා තිබ්බෙ නෑ කියන එක,ඒත් සෙනදිගෙ අයියගෙ කට උත්තරේ එක්ක ඒ දේවල් හොයන එක පොලීසියෙන් පවා අතෑරිය එක......ඒ හැමදේම මම දන්නවා....එව්වා අහම්බ වෙන්නත් බෑ තෙවින්"

"හ්ම්ම්ම්"

පුටුවෙන් නැගිට්ට තෙවින් ආශවගෙ පිටට තට්ටුවක් දාලා යන්න ලෑස්ති උනේ දිවාෂ ඈත ඉදන් නේත්‍ර එක්ක එන බව දැක්ක නිසා.දොරකඩ ලගට ගිය තෙවින් ආපහු හැරිලා ආශව දිහා බලද්දි ආශවගෙ ඇස් වල තිබ්බ තියුණු බැල්ම එක්ක තෙවින් ලාවට හිනා වුණා.

"ඕනිම විදියක යාලුවො මට ඉන්නවා ආශව....මම කොළඹ ඉද්දි හොද මිනිස්සු ආශ්‍රේ කලේම නැති තරම්....දැන් උනත් මගෙ ඇතුලෙ ඒ කාලෙ උන්නු නරක මිනිහා ජීවත් වෙනවා....තවම"

නේත්‍ර දොරෙන් ඇතුල් වෙලා ආශව ලගට යද්දි තෙවින් දිවාෂ් එක්ක පන්තිය පැත්තට ඇවිදගෙන ගියා.ආශව ඉස්සරහිදි මතු වුණු තද මූණ මේ වෙද්දි මැකිලා ගිහින් තිබ්බ තෙවින්ගෙ මූණෙ ඇදිලා තිබ්බෙ හරි බයාදු පාටක්.

"අනේ යුගාන්!"

"ඒ ගමන ඇයි බං?"

"පන්තියට මාව ඇරලෝලා පලයංකො....."

"අනේ මේ....උඹ යමන්.මම මගුලට යෑ.....අනික ආට් එකත් එක්ක අපේ කිසිම ඇයි හොදැයියක් නෑ"

"අනේ දැන් මීඩියා තියෙන්නෙ යුගාන්.....රත්නායක මෑම් සැරයි....අනේ මට බනියි අයියෝ....යුගාන් මම මැරෙනවා හැබැයි අර බිල්ඩිමෙන් පහලට පැනලා"

"තෝනම් ඇත්තටම වදේ කියන දේට හොදම උදාහරණෙ.....අනේ දෙවින් පණට මම දුන්නු වද තමා ඒ රූපෙන්ම ඇවිත් ප්‍රතිවිපාක දෙන්න පටන් අරං තියෙන්නෙ"

තෙවින්ගෙ පස්සට දණහිස නවලා පාරක් ගැහුව දිවාෂ තෙවින් එක්ක පන්තියට යද්දි නේත්‍ර ආශව අවුල් කරලා දාලා තිබ්බ ශිෂ්‍යනායක නිල කාමරය පිලිවෙල කරලා තිබ්බා.ආශව වට්ටවපු කොල ඔක්කොම එක්කාසු කරල ලියලා තිබ්බ කොල වෙන් කරලා අරං ඒවගෙ පිලිවෙල අහන්න ආශව දිහා බැලුවත් උඩ බොත්තම් දෙකත් ඇරගෙන පුටුවෙ බාපතට ඔලුව ගහන් ඉන්න ආශවගෙ බෙල්ලෙන් මතු වෙලා තිබ්බ උගුරුදණ්ඩ නේත්‍රව ගොලු කලා.අසාමාන්‍ය විදියට නේත්‍රගෙ කන් දෙකේ ඉදන්ම රතු වීගෙන ආවත් නේත්‍ර තමන්ගෙ මූණ හංගන් පුලුවන් විදියට කොල පිලිවෙලට හදලා ආශවගෙ ඉස්සරහින් තිබ්බා.

"උගුරක් බොන්නකො සුදුබේබි....."

වතුර බෝතලේ ඇරලා දුන්නු නේත්‍ර ආශව ලගට බෝතලේ දික් කරද්දි නේත්‍රගෙ අතින් වතුර් බෝතලේ ගත්තු ආශව වතුර ටිකක් බීලා බෝතලේ ආපහු නේත්‍රටම දුන්නා.අන්තිමේදි ආශවගෙ අතට පෑනත් දීපු නේත්‍ර ආශව ඉස්සරහින්ම ඉදගෙන කම්මුලකට අත තියං ඔලුව ටිකක් ඒ පැත්තට බර කරන් නේත්‍ර එක්ක හිනා වුණා.

"ඔයා ලග හරි සැනසීමයි නේත්‍ර"

හැමදාම වගේ නේත්‍රගෙන් හමන ගැටපිච්ච සුවදින් වගේම,තමන් වෙනුවෙන් ආදර මන්දාකිණියක්ම දරං ඉන්න නේත්‍රගෙ කළු බෝල ඇස් වලින් නිවිලා හිටිය ආශව හෙමින් මිමිණුවා.

...................................................................................................

වචන 5500+ 😪💔

අද කොටස ලියවුණු හැටි ගැන මම සෑහීමකට පත් වෙන්නෑ....ඒ ගැන සමාවෙන්න බබාලා❤️

ඉතින් හැමදාම වගේ ඉල්ලන්නෙ කතාව ගැන වචනයක් හරි කියන් යන්න කියලා🥺❤️මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ ඉතින් 🥺❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා 🏵️❤️

Share This Chapter