Back
Chapter 68

67 කොටස🤍✨️

නිවාලන්න මා...

"ආශව,ඔයා කියන්න වෙන්න ඕනි දේ"

"හරි!"

පාසලේ ප්‍රධාන ශාලාව ඇතුලෙ රැස්වීමක් පැවැත්වෙමින් තිබ්බෙ ශිෂ්‍යනායක මණ්ඩලය ප්‍රධානත්වයෙන් සිද්ධ කරන ව්‍යාපෘතිය සම්බන්ධව.මූලිකම කරුණු ටික රකිත කෙටියෙන් පැහැදිලි කරලා රැස්වීම මෙහෙයවගෙන යන වැඩේ ආශවට භාර කරද්දි ආශව පුරුදු විදියට තමන්ගෙ ඔරලෝසුව අතින් හදන ගමන් ඉදගෙන හිටිය පුටුවෙන් නැගිටලා ඉස්සරහට ඇවිත් අත් දෙකත් බැදගෙන ප්‍රධාන කමිටුවෙ අය ඉදිරිපිට තිබ්බ මේසෙට හේත්තු වෙලා කමිටුවෙ සාමාන්‍ය සාමාජිකයො දිහා බලද්දි නේත්‍රට කැස්සක් හැදුනෙ ආශවගෙ ඒ ස්වරූපෙට.

"ආ මල්ලි වතුර"

වෙන්න තියෙන වැඩ හැම දෙයක්ම කතා කරන එක පැත්තක දැම්ම ආශව මේසෙ උඩ තිබ්බ බෝතල් කරපු වතුර එකක් අරගෙන නේත්‍ර ලගට වේගෙන් ඇවිදන් ගිහින්  දික් කරද්දි ආශව එක්ක කැහැ කැහැම හිනා වුණු නේත්‍ර වතුර බෝතලේ අරං උගුරු දෙක තුනක් බිව්වා.නේත්‍රගෙ දෙපැත්තෙ හිටිය ආර්යයි දිවාෂයි දෙන්නා කිසිම හැගීමක් නැති මූණු වලින් කෙලින්ම ඉස්සරහ බලන් හිටියෙ මොන වෙලේ හරි හිනාවක් පනියි කියන බයට.නේත්‍රගෙ කැස්ස ඉවර වෙනකං බලන් හිටිය ආශව ඔලුව හොලවලා 'හරිද?' අහලා නේත්‍ර ඒකට 'හරි' කියලා උත්තර දුන්නට පස්සෙ රැස්වීම ආරම්භ කලා.

"අපේ වැඩේ තියෙන්නෙ මේ සිකුරාදා....අපි සිකුරාදට අනුරාධපුරේ යනවා.දැන් අපිට ඕනි කරන හැම දෙයක්ම ලැබිලා තියෙන්නෙ.පොත් ටික,ෂූස් ටික සහ අනික් ඔක්කොම අයිටම්ස් හරි.....කමිට් එකේ අයට හෙට හවස වන් තර්ටි වලින් පස්සෙ නවතින්න වෙනවා.අපි හෙට ඔක්කොම ටික පැක් කරගන්න ඕනි....මෙහෙම නිකං අරගෙන යන්න බෑනෙ.ඒ නිසා ඒකට ලෑස්ති වෙලා එන්න.

තව දෙයක්,කිසිම කෙනෙක් නටන්න ලෑස්ති වෙන්න එපා මේ ගමන යනවා කියලා ඕනි නැති ඒවා කරලා! ලිකර්ස්,සිගරැට්ස් යූස් කරන කෙනෙක් ඉන්නවනම් ඒවා ගේන්න තහනම්! එහෙම ඒවා නැතුව එක දවසක් ඉන්න අමාරුනම් දැන් උනත් නැගිටලා යන්න පුළුවන්.හැබැයි එපා කියන ඒවා කරලා පස්සෙ අඩාගෙන එන්න එපා සතිගාණකට හරි හැමදාටම හරි සස්පෙන්ඩ් උනා කියලා.අපිට කොහොමත් අහු වෙන්න එපා"

ආශව තදින් කියද්දි මුලු ප්‍රධාන ශාලාවම ඉදිකට්ටක් බිම වැටෙන සද්දෙ උනත් ඇහෙන විදියට නිශ්ශබ්ද වෙලා හිටියා.නේත්‍ර උනත් බලාගෙන හිටියෙ ආශව දිහා.සාමාන්‍යෙන් තමන් එක්ක ඉන්න සුදුබේබිගෙ ගතිගුණ අංශුවක්වත් දැන් තමන් ඉස්සර ඉන්න ස්කූල් ඔෆිසර් ආශව ලගනම් නෑ කියලා නේත්‍ර කල්පනා කලා.දිවාෂලා ආර්යලා ආශව තමන් එක්ක ඉන්න හැටි වගේම,තමන් බොරු කියන්නෑ කියලා දන්න නිසා ආශවගෙ ඇතුලාන්තෙ යහපත් මනුස්සයෙක් ඉන්නවා කියන එක පිලිගන්නවා විනා වෙන ලමයෙක්ට වගේ කිව්වොත්නම් විහිලු කරන්න එපා කියලා තමන්ව අවිශ්වාස කරන බව නේත්‍ර දැනන් හිටියා.

"ප්‍රින්සිපල්ට අහු උනාට අන්තයිලු ආශව අයියට අහු උනොත්"

"ඇයි ඒ?"

"මේ ලගකදි ඉස්කෝලෙට එයාලගෙ වයසෙ මැත්ස් එකේ අයියලා වගයක් සිගරැට්ස් ගෙනල්ලා....ආශව අයියට අහු වෙලා.ප්‍රශ්න අහ අහ ඉදලා නෑ.කොල්ලො පහටම කොණක ඉදන් දීගෙන දීගෙන ගිහින්....මෙනුන් අයියව දන්නවා නේහ්?"

"අර මැත්ස් එකේ කාඩයෙක් වගේ ඉන්න එක්කෙනා නේහ්?"

"ඕ....මෙනුන් අයියා සාමාන්‍යෙන් එහෙම කාගෙන්වත් ගුටි කන මිනිහෙක් නෙවෙයිනෙ.ඒත් ආශව අයියාව දැක්කම එදා ඌටත් බය හිතුනලු.ඔක්කොටම වඩා මෙනුන් අයියා අපේ අයියලට කියලා විනාඩියක් විතරම කනට ගැහුව පාරෙ පවර් එකට කන කීංං....ගාන ගමන් තිබ්බලු"

"ආශව අයියා වසයි නේහ් කොහොමත්? යකා වගේ"

නේත්‍රලාට දිවාෂලාට ඉස්සරහින් ඉදන් හිටිය කොල්ලො දෙන්නා මුණු මුණු ගගා කියෙව්වට ඒ කිව්ව හැමදේම නේත්‍රට වගේම දිවාෂටත් ඇහුනා.ඒ කිව්ව කතාවක නේත්‍රගෙ ඇස් දෙකත් එක්ක ලොකු වෙලා තිබුනා වගේම දිවාෂ හෙමින් සැරේ නේත්‍රගෙ අතකට තට්ටු දදා හිටියා.නේත්‍ර මේ දේවල් දැනගෙන හිටියෙ නෑ.ඒ නොදැන ඉන්න හේතුව නම් නේත්‍ර දැනගෙන හිටියා.මොකද නේත්‍ර කැමති උනේම නෑ ආශව ඒ වගේ ආවේගශීලී වෙනවට,ආශව රණ්ඩු වලට යනවට.නේත්‍ර ඒ දේවල් වලට අකමැති නිසා ආශව ඒ දේවල් නේත්‍රගෙන් හංගලා තිබ්බා.ඒවා කියලා නේත්‍රව කලබල කරන්න,දුක හිතවන්න ආශවට ඕනි වුණේ නෑ.තමන්ව අච්චර හුරතල් කරන සුදුබේබි අච්චර අරහෙම කොල්ලන්ට ගැහුවා කියන එක නේත්‍රගෙ ඇගම තිගැස්මෙන් ගස්සවන්න සමත් වුණා.

"එහෙනම් ඕකේ නේ? හෙට හැමෝම නවතින්න බලාගෙන එන්න.රෑ උනොත් ගෙවල් වලට යන්න මොකක් හරි ක්‍රමයක් හොයාගන්න.හරි! රකිත ඔයාට මොනාහරි කියන්න තියෙනවද? දෙවින්?"

"නෑ ආශව....හරි ඔය ටික තමා"

"ඔව්....දැන් මෙයාලට යන්න කියමු"

"ඕකේ....එහෙනම් හැමෝම යන්න ක්ලාසස් වලට.එහෙ මෙහෙ පැනලා අහු වෙන්න එපා.ක්ලාසස් වලටම යන්න!"

ආශව කිව්ව දෙයින් පස්සෙ හැමෝම පිලිවෙලකට නැගිටලා පුටු තිබ්බ පිලිවෙලටම හදලා ප්‍රධාන ශාලාවෙන් පිටත් උනා.මෙච්චර වෙලා දිවාෂට පිටිපස්සෙ පුටුවෙ ඉදන් හිටිය තෙවින් දිවාෂ ලගට ඇවිල්ලා ටොක්කක් අනිද්දි දිවාෂ තඹ සතේකට තෙවින්ව ගණන් නොගත්ත දිවාෂ ආශවලා ලගට ඇවිදගෙන ගියේ දිවාෂට එයාලගෙ වයසෙ ලමයිගෙ සම්බන්ධීකාරීත්වය දීලා තිබ්බ නිසා.දිවාෂගෙ අවධාන හම්බ උනේ නැති නිසා දිවාෂගෙ කමිසෙ පිටිපස්ස අල්ලගත්තු තෙවින් දිවාෂව පිටිපස්සට ඇද්දා.

"ට්‍රැක්ද පගෝ?"

"ලොකු සීන් මොකෝ උබේ?"

"මේ වැඩ කරන්න තියෙනවා මට....උබව නලවන්න වෙලාවක් නෑ"

"යුගාන් මේ අහන්නකො"

"නෑ මට මුකුත් අහන්න ඕන්නෑ....පුළුවන් නම් ගෙනෙන් ලිකර්ස් මොනාහරි යද්දි....උබට ඒවා නැතුව ඉන්න බෑනෙ බේබද්දා"

"යුගාන්, පේනවද මගෙ ඇස් වල කදුළු? අරක්කු කියලා දෙයක් දැකලවත් නැති මගෙ අහිංසක හදවත තලන්න එපා යුගාන්"

"අනේ මේ! මගෙ කට අවුස්සගන්න එපා උබ.අනික මොන මගුලකටද මේකෙ කමිටි එකට උබේ නම දැම්මෙ?"

"උඹ එක්ක අනුරාධපුරේ යන්න"

"මට හම්බෙලා තියෙන්නෙ එසේ මෙසේ ප්‍රතිවිපාකයක් නෙවෙයිද කොහෙද?"

තෙවින් දිහා බලලා ඔලුවට අත් දෙකත් තියාගෙන කෑ ගැහුව නේත්‍ර ෆයිල් එක උස්සන් ගිහින් ආශවගෙ ඉස්සරහින් තියද්දි නේත්‍රත් ඇවිත් එතනින්ම හිටගත්තා.රකිතයි දෙවිනුයි හිටියෙ තව කොල්ලො දෙන්නෙක් එක්ක කතා කරන ගමන්.ඇත්තටම ගුරුවරු කීප දෙනෙක් එක්ක විතරක් තනිකරම කොල්ලො ගොඩක් අරං යන මේ ගමන සෑහෙන්න බැරෑරුම් එකක් උනා.ආශවගෙ ඉස්සරහින් ෆයිල් එක්ව් තිබ්බ දිවාෂ තමන්ට භාර දුන්නු වැඩේ ගැන පැහදිලි කලත් ආශවගෙ ඇසුයි අවධානෙයි තිබ්බෙ දිවාෂ ලගින් හිටන් ඇස් ගෙඩි දෙකත් බෝල කරං ෆයිල් එකට මූණ දාන් ඉන්න නේත්‍ර ලග.

"ආසව මේ අහපංකො....දැන් අපේ ස්කූල් ඔෆිසර් නොමිනීස්ලාගෙන් පහලවක් එනවනෙ මේකට...."

"ම්ම්ම්ම්....."

"එතකොට උබර්ලගෙ ප්‍රිෆෙක්ට්ස්ලා දහයයි.....ඔෆිසස්ලා දහයයි"

"ම්ම්ම්ම්....."

"නිකං ලමයිගෙන් දහයයි"

"ම්ම්ම්ම්...."

"ස්කූල් එකේ බස් දෙකම යනවා"

"ම්ම්ම්ම්...."

"එතකොට ඒ දෙකට බඩු ටික බොක්සස් වල අහුරලා අපිට අඩුක් කරගන්න පුළුවන්"

"ම්ම්ම්ම් ලස්සනයි"

"ලස්සනට තියෙ.....දැන් උඹ මොකද්ද කියවන්නෙ ආසව? ආ යසම යසයිනෙ"

දිවාෂ කියන දේවල් ගැන මෙලෝ සිහියක් නොතිබ්බ ආශව දිව කම්මුලකට තෙරපන ගමන් නේත්‍ර දිහා බලන් හිටියා.ආශවගෙ මූණෙ තියෙන බැල්ම රබර් ඇහෙන් දැක්ක නේත්‍ර ඒ බැල්ම ඉස්සරහ තමන්ව වෙවුලන බව තේරුම් අරං පුළුවන් තරම් ආශවගෙ ඇස් වලින් ගැලවෙන්න මහන්සි වෙවී හිටියා.බෝල උනු ඇස්,විටින් විටේ දත් අස්සට අහු වෙලා රතු වෙන යටි තොල,රෝස ගැහිලා තියෙන කම්මුල්,මේසෙට තද වෙලා රතු වෙලා තියෙන ඇගිලි තුඩවල්,තමන්ට වඩා පුංචි කිරිගරුඩ පාට ශරීරෙ.....ආශව හිටියෙ මේ දේවල් වල අතරමං වෙලා.නොදැනීම ලස්සනයි කියන වචනෙ ආශවගෙ කටින් පනිද්දි උනේ මොකද්ද බැලුව දිවාෂ දැක්කෙ නේත්‍රගෙ රූපෙ අස්සෙ අතරමං වෙලා ඉන්න ආශවව.ඉණටත් අත් දෙක තියාගත්තු දිවාෂ එහෙම්මම හැරුනෙ දෙවින් ඉන්න පැත්තට.

"දෙවින් පණ,මෙහෙ වරෙංකො පොඩි බඩ්ඩක් පෙන්නන්න!"

"ඕ කියන්න දිවාෂ මල්ලි"

ඔක්කොම වැඩ ටික පැත්තක දාපු දෙවින් දුවගෙන ඇවිත් දිවාෂ ලගින් හිටගනිද්දි.දිවාෂ ඔලුවත් අල්ලගෙන දෙවින්ගෙ ඇගට හේත්තු උනා.

"දෙවින් පණ බලන්න....මට කැරකිල්ල වගේ මේ කුරුලු ජෝඩුවගෙ වැඩ නිසා....දෙවින් පණ ඔයා දන්නවත?"

"නෑ දන්නෑ....දැනගන්න කියන්නකො දිවාෂ මල්ලි"

"මම මෙච්චර මහන්සි වෙලා,දිවා රෑ නොබලා,නොකා නොබී,කන්නැතුව බොන්නැතුව,කක්කා දාන්නෙ නැතුව...."

"ඈක්කා යුගාන්....උබ කක්කා දාලත් නැද්ද?"

"උඹ ඉදපං තෙවින් මාරයා නාවුස්සා මගෙ.....දෙවින් පණ අහන්නකො"

"ඔව් කියන්න දිවාෂ මල්ලි"

"එච්චර කැපකිරීම් කරලා මූ දුන්නු වැඩේ කරලා ඒක මූට දෙද්දි මූ නේත්‍රව හිතින් කකා ඉන්නවා දෙවින් පණ....හනේ මේ අසරණ මම කට ඉරාගෙන කිව්ව මෙලෝ මගුලක් මූ අහන් ඉදලා නෑ"

"ආශව...ආශව....ආආආආආආආආආආආශව!!!!!"

"පිස්සුද ඕයි කෑ ගහන්නෙ!"

දිවාෂගෙ චෝදනාවත් එක්ක දෙවින් ආශව ලගට ගිහින් කතා කලත් ආශවට නෑහුනු තැන මහ හයියෙන් කෑගහද්දිනම් ආශව පුටුවත් පස්සට කරගෙන නැගිටලා අනික් පැත්තට කෑ ගැහුවා.අන්තිමේදි දෙපැත්තම බොහොම අමාරුවෙන් සමථයකට පත් කෙරුව දෙවින් දිවාෂගෙයි ආශවගෙයි දෙන්නගෙම වැඩ බලලා වෙන්න ඕනි දේ පැහැදිලි කලාට පස්සෙ කට්ටියම පන්ති වලට යන්න පිටත් වුණා.

"මේහ්...."

"ඕ? ආහ්! මිකායෙල් කියන්න"

නේත්‍රයි දිවාෂයි ආර්යයි තුන් දෙනාම පන්තියට ඇවිත් ඉදගත්තු ගමන් කට්ටියගෙම ඉස්සරහට ඇවිත් නේත්‍රගෙ ඩෙස් එක උඩින් ඉදගත්තෙ මිකායෙල්.මිකායෙල්ව දැක්ක නේත්‍ර හිස් මූණකින් මිකායෙල්ට උත්තර දීලා ඩෙස්ක් එකේ ලොකරය අස්සෙට අත දාලා පොතක් හොයන්න ගනිද්දි මිකායෙල් දිහා බැලුව ආර්ය ඇස් දෙක රෝල් කරලා අහක බලාගත්තා.ඒ හැමදේමත් එක්ක දිවාෂ හිටියෙ තමන් මිකායෙල්ව දකින හැම වතාවකට පරණ ෆැන්ටා වෙලද දැන්වීමක ගීතයක් උනු 'පැගිරි විසේ' සිංදුව තමන්ට මතක් වෙන්නෙ ඇයි කියලා කල්පනා කරන ගමන්.

"ඔයාලත් අනුරාධපුර යනවද නේත්‍ර?"

"ඔව් මිකායෙල් යනවා"

"ඕහ්....බස් එක මොකද්ද? වන් ඕර් ටූ?"

"වන්"

"ආහ්....මගෙ නම තියෙන්නෙ අනික් බස් එකේ ලිස්ට් එකේ....බැරි වෙයිද ඔයාලගෙ එකට මාවත් ගන්න?"

"ඒ මොකටද? බස් දෙකම අනුරාධපුරේ යන්නෙ මිකායෙල්....බය වෙන්නෙපා.තමුසෙ යන බස් එක වැරදු පාරක ගිහින් මහවැලි ගගට එහෙම පයින්නෑ!"

"ඔයාගෙන් නෙවේ ඇහුවෙ දිවාෂ.....නේත්‍රගෙන්"

"දිවාෂ තමා අපේ මේන් කෝඩිනේටර් මිකායෙල්,එයා කියන දේකට උඩින් මටවත් යන්න බෑ"

"ඒත් ඉතින් ඔයාලා ඔක්කොමල්ලා ආශව අයියලත් එක්ක බස් එකේ යන්න දාගෙනනෙ නම්?"

"ආහ්....ආශව අයියලම තමා කිව්වෙ අපිට එයාලා එක්ක බස් එකේ යමු කියලා.මොකද අපේ ගෙවල් වලින් එයාලා යන නිසයි එවන්නෙ"

"සීරියස්ලි? ඔයානම් ඕකේ කියමුකො නේත්‍ර....ඔයාලා නායොලුනෙ.එතකොට මේ දෙන්නා?"

"අපිත් නෑයො තමා මිකායෙල්.මම ආශව අයියගෙ පුංචිගෙ පුතා....ආර්ය ආශව අයියගෙ මස්සිනාගෙ බෑනා"

"ඕහ්.....ඕකේ ඕකේ.....මේ....තව දෙයක්"

දිවාෂ කිව්ව බොරුව ඉහටත් උඩින් පිලිගත්තු මිකායෙල් මේසෙ උඩ ඇගිල්ලකින් රටා හදන ගමන් කියද්දි කොල්ලො තුන් දෙනාම මිකායෙල් දිහා බලන් හිටියා.

"ආශව අයියා ගේ ද? බයි ද?"

"නෑ නෑ....ආශව අයියා ගේ බයි කරන්නෑ....ඉන්න හිටින්න තියෙන තැන එහෙම විකුණලා හරි යනවද මිකායෙල්? ඔයත් මාරම කතානෙ කියන්නෙ"

"එහෙම එකක් නෙවෙයි දිවාෂ! ඉඩියට්! මම කියන්නෙ එයාගෙ සෙක්ෂුවලිටි එක?"

මිකායෙල්ගෙ කතාවත් එක්ක කට්ටියගෙම රතු කට්ට පැන්නා.මනුස්සයෙක්ගෙ ලිංගිකත්වය,ලිංගික රුචිකත්වය කියන්නෙ ඒ මනුස්සයට විතරක් අදාල දෙයක්.සහ අනාගතේදී එයාගෙ සහකරු හෝ සහකාරියට අදාල දෙයක්.කිසිම මනුස්සයෙක්ට අයිතියක් නැහැ තව කෙනෙක්ගෙ පෞද්ගලිකත්වය හාරා අවුස්සන්න.එහෙව් එකේ මිකායෙල්ගෙ මේ හැසිරීම ඉලන්දාරි තුන් දෙනාටම හරි පිලිකුල් සහගත දෙයක් වුණා.නේත්‍ර උනත් තද බැල්මකින් මිකායෙල් දිහා බලන් හිටියෙ මිකායෙල් ඔහොම අහන්නෙ ඇයි කියලා දැනන් හිටිය නිසා.දිවාෂ මොකක් හරි කියන්න කට ඇරියත් දිවාෂට තට්ටුවක් දාලා කකුල් දෙක උඩ තියං උන්නු නේත්‍රගෙ අතක් තදින් අල්ලගත්තු ආර්ය මිකායෙල්ට උත්තර දුන්නා.

"ආශව අයියා ස්ට්‍රේට්! ඒ වගේම එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා!"

"ව්....වට්?"

ආර්ය කලේ හරිම දේ.නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන් දේ පොරවෙන් කපන්න තරම් වැඩෙන්න නොදී ආර්ය නියපොත්තෙන්ම ඒ දේ කඩලා දාන්න පුළුවන් උත්සාහය දැරුවා.මොකද ආශව කැමැති ගැහැණු ලමයින්ට හා ආශවට පෙම්වතියක් ඉන්නවා කියන එකෙන් මිකායෙල්ගෙ හිතේ ආශව ගැන තියෙන කැමැත්ත අතෑරලා දාන්න පුළුවන් කියලා ආර්ය තේරුම් ගත්තා.ආශව ගැහැනු ලමයිට කැමති කෙනෙක්නම් කවදාවත් මිකායෙල් වගේ පිරිමියෙක්ට කැමති නොවෙන බව මිකායෙල්ගෙ ඔලුවට කාවද්දන්න තියෙන හොදම ක්‍රමේ ආර්ය තෝරගත්තා.

"ඔව් මිකායෙල්.....ආශව අයියට ගර්ල් කෙනෙක් ඉන්නවා.ඔයාට මාව ෂුවර් නැත්තං නේත්‍රගෙන් අහන්නකො.....නේත්‍ර දන්න කෙනෙක් එක්ක යාලු"

"ඔ....ඔව් ඔව්....මම දන්න කෙනෙක් එක්ක තමා ආශව අයියා යාලු"

"එහෙමත් එකක්ද? එතකොට......නෑ ඕකේ ඕකේ.මම බලන්නම්කො"

මොකක් හරි දෙයක් කල්පනා කර කර මිකායෙල් කට්ටිය ලගින් යද්දි කොල්ලො තුන් දෙනාම ලොකු හුස්මක් පහලට දැම්මා.හිතට ආව අමුතුම බය හින්දා නේත්‍ර එහෙම්මම මේසෙට ඔලුව තියාගත්තා.නේත්‍රගෙ ඔලුව අතගගා හිටිය දිවාෂත් පන්තියෙ වහලෙ දිහා බලලා ලොකු හුස්මක් පහල දාද්දි ආර්ය නේත්‍රගෙයි දිවාෂගෙයි පිටට තට්ටු දාලා වෙන කතාවක් ඇදලා ගත්තෙ දෙන්නගෙම හිතේ තියෙන අවුල සමථයකට පත් කරන්න කියලා හිතාගෙන.

.

.

.

.

.

"සුදුබේබි.....අර අක්කා අපේ"

"කෝ? ආහ්.....අරුන්දතී නේද? ඇයි දන්නෑ"

"අක්කේ....."

පාසල අවසන් වෙලා පැය බාගයක් විතර තිබ්බ ශිෂ්‍යනායක රැස්වීමකට පස්සෙ එලියට ආව නේත්‍ර දැක්කෙ පාසල ලගටම වෙලා හිටගෙන ඉන්න අරුන්දතීව.ආශවට අරුන්දතීව පෙන්නුව නේත්‍ර දුවගෙන ගිහින් අරුන්දතීගෙ අතේ එල්ලෙද්දි එකපාරටම ගැස්සිලා ගිය අරුන්දතී ආපිට නේත්‍රගෙ කරට අත දාලා නේත්‍රව ලං කරගත්තා.

"අක්කා මොකෝ මෙතන?"

"ආ.....ඊයෙ මායි අත්තම්මයි එකතු වෙලා වැලිතලප හැදුවා.පොඩ්ඩා ආසයිනේ...මම මේ අරගෙන ආවා...ආහ්,සුදුබේබි"

තමන් දෙන්නා ලගට ඇවිදන් ඇවිත් නේත්‍ර ලගින්ම හිටගත්තු ආශව දිහා බැලුව අරුන්දතී සුහද හිනාවක් ආශවට පා කරද්දි ආශවත් පෙරලා අරුන්දතීට ලා හිනාවක් පා කලා.බෑගයට අත දාලා කෑම පෙට්ටියක් එලියට ගත්තු අරුන්දතී ඒක නේත්‍රට දික් කරද්දි නේත්‍ර පොඩි එකෙක් වගේ බෑගයේ පිටිපස්ස පැත්ත ආශවට පේන විදියට උඩ පැනලා කැරකෙද්දි නේත්‍රගෙ වැඩේට හිනා වුණු ආශව නේත්‍රගෙ බෑගය ඇරලා අරුන්දතී දුන්නු කෑම පෙට්ටිය තමන්ගෙ අතට ගත්තා.

"නේත්‍ර,ඔයාගෙ බෑග් එකේ ඉඩ නෑනෙ.....මොනාද මේ පුරවං ඉන්නෙ?"

"අනේ අද බෝධිපූජාවට බුද්ධපූජාව ගෙනා පාත්තරෙයි,හාමුදුරුවන්ගෙ දානෙට මාළුපිනි දෙකක් ගෙනා පෙට්ටි දෙකයි සුදුබේබි....දෙන්න,මම ඕක අතේ අරං...."

"මම දාගන්නම් නේත්‍ර.....වලව්ව ලගදි මගෙන් ඉල්ලගන්නකො"

කෑම පෙට්ටිය අරුන්දතීගෙ අතට දුන්නු ආශව නේත්‍රගෙ බෑගය වහලා අරුන්දතීගෙ අතින් කෑම පෙට්ටිය ගනිද්දිම පාසලෙන් එලියට ආව මිකායෙල්ගෙ ඇස් දෙක නැවතුනේ ආශවයි අරුන්දතියි ලග.අරුන්දතීගෙ අතින් කෑම පෙට්ටිය ගත්තු ආශව ඒක තමන්ගෙ බෑගයට දාගනිද්දි මිකායෙල්ගෙ ඇස් දෙක ගිනි පිට වෙන තරමට රත් වුණා.දවල් ආර්ය කිව්ව දේවල් දැන් වෙන සිද්ධිය එක්ක සංසන්දනය කෙරුව මිකායෙල් ඔලුවට දාගත්තෙ පිරිමි ලමයෙක් එක්කවත් ලේසියකින් හොදින් කතා නොකරන ආශව ගෑනු ලමයෙක් එක්ක හොදින් කතා කරන විදියත් එක්ක ඒ ආශවගෙ පෙම්වතිය කියන එක.

"මම එහෙනම් යන්නම් පොඩ්ඩො.....සුදුබේබි මම යන්නම්"

"ගෙදර යංකො අක්කෙ අද.....පොඩ්ඩට පාලුයිනෙ"

"අක්කා පුලුවන් දවස් වල එනවනෙ පොඩ්ඩො.....දැන් දුක් නොවී සුදුබේබි එක්ක යන්නකො."

"අරුන්දතී,ආව එකේ මොනාහරි බීලම යං.ඔයාට ටික වෙලාවක් යනවනෙ ගෙදර යන්න"

"අනේ කමක් නෑ සුදුබේබි....මම යන්නම් මෙහෙම්මම"

"නැහැ යමු අර ජූස් බාර් එකට....නේත්‍ර අක්කවත් එක්කන් එන්න"

"හා සුදුබේබි....අක්කෙ යං"

දත්මිටි කාගෙන අතමිට මොලවගත්තු මිකායෙල් කට්ටිය දිහා බලන් ඉන්න බව නොදැක්ක ආශවයි නේත්‍රයි අරුන්දතී එක්ක ලගම තිබ්බ ජූස් බාර් එකට ඇතුල් වෙද්දි මිකායෙල් තමන්ගෙ කොණ්ඩෙ ඇදගන්න ගමන් රියදුරු අරං ඇවිත් තිබ්බ කාරයට ගොඩ වුණා.මිකායෙල් වාහනේට නැග්ග ගමන් කලේ රියදුරු අසුනෙ හිටිය රියදුරාගෙ කනට අතුල් පහරක් එල්ල කල එක.මුකුත් නොදන්න රියදුරා බය වෙලා බලාගෙන ඉද්දි මිකායෙල් කෑ ගැහුවෙ පිටත් වෙන්න කියලා.පිස්සෙක් වගේ වාහනේ පිටුපස ආසනේට වෙලා කෑ ගගහා දගලන මිකායෙල් දිහා බලාගෙනම රියදුරා වාහනේ ඇද්දෙව්වා.

.

.

.

.

.

"ළමයි,මෙතන තියෙන පොත් දහය ගානෙ අරගෙන පැක් කරන්න ඕනි.මෙතන ටීම්ස් කඩලා තියෙන විදියට අදාල දේවල් ටික කරන්න.ටීම් නම්බර් වන්,ටූ,ත්‍රී.....ඔයාලා පොත් ටික පැක් කරන්න.ෆෝ ෆයිව්.....ඔයාලා ෂූ බොක්සස්.....එතකොට සික්ස්....දිවාෂලාගෙ ටීම් එක,ඔයාලා අර ගිෆ්ට්ස් ටික පැක් කරන්න.එක ටීම් එකක් හරි ඔයාලට දීලා තියෙන ටික ඉවර කලොත් ඉක්මනටම අනික් ටීම්ස් වලට උදව් කරන්න.ඕකේ බෝයිස්,එහෙනම් වැඩ පටන් ගමු"

රකිතගෙ පැහැදිලි කිරීමත් එක්ක ප්‍රධාන ශාලාවෙ හිටිය කොල්ලො ටික වැඩ කරන්න පටන් ගත්තා.ආශව,දෙවින්,රකිත ඇතුලු ප්‍රධාන ශිෂ්‍ය නායකයො ටික වැඩ සුපරීක්ෂණය කරද්දි කණ්ඩායම් නායකයො ටික පුළුවන් උපරිම විදියට තමන්ගෙ කණ්ඩායම ඉදිරියට මෙහෙයවමින් හිටියා.නේත්‍ර හිටියෙ පොත් ලස්සන කොල වලින් ආවරණය කරලා ඇසුරුම් කරන කණ්ඩායමක.නේත්‍රගෙ පුංචි අත් ඒ වැඩේ එක්ක හරියට කාර්‍යබහුල වෙලා තිබ්බා.කමිටුවෙ නැති උනත් දෙවින් නිසා වගේම යාලුවො ටික නිසා වැඩේට උදව් වෙන්න ආව දෙනෙත් නේත්‍ර ලගින්ම ඉදගෙන නේත්‍ර කරන වැඩේට උදව් කරන ගමන් හිටියා.

"ඈ යුගාන්...."

"මොකද?"

"මොකද්ද අනේ මෙහෙ මේ ප්‍රිෆෙක්ට්ස්ලයි ස්කූල් ඔෆිසස්ලයි කියන්නෙ? අපේ අරහෙනම් ප්‍රිෆෙක්ට්ස්ලා විතරයි හිටියෙ"

"මෙහෙ දොලහ වසරෙ අන්තිම වාරෙදි තෝරනවා ලමයිගෙන් තිහක්.....ස්කූල් ඔෆිසර් නොමිනීස්ලා විදියට....තව දහයක් දහතුන පලවෙනි වාරෙදි තෝරනවා.ඒ හතලිහෙන් පහලවක් ප්‍රිෆෙක්ට්ස්ලා විදියට සිලෙක්ට් කරනවා.ඉතිරි අය ස්කූල් ඔෆිසස්ලා.අර නිකං ටොප් බෝඩ් කියන එක වගේ ප්‍රිෆෙක්ට්ස්ලා කියන්නෙ.....එතකොට ප්‍රිෆෙක්ට්ස්ලා උනු අයගෙන් තමා සීනියර් ඔෆිසර්,සෙකට්‍රි,ට්‍රෙෂරර් තෝරන්නෙ....ස්කූල් ප්‍රයිස් ගිවින් එක දවසෙ ටොප් බෝඩ් එක,ඒ කියන්නෙ සීනියර් බෝඩ් එක මාරු වෙනවා....දැන් ඊලග ප්‍රයිස් ගිවින් එකේදි ආසවලාගෙ අයට අපෙන් තේරෙන සීනියර් බෝඩ් එකට බැජස් දෙනවා...තේරුනාද උබට?"

"ආආආඅ.....ඒකද ඒ එක එක අය එක එක බැජ් ගහන් ඉන්නෙ?"

"එක එක බැජ් නෙවෙයි ඒ....රකිත අයියා සීනියර් ප්‍රිෆෙක්ට්නේ.....ඔයාලගෙ කලින් ඉස්කෝලෙ විදියට හෙඩ් ප්‍රිෆෙක්ට්.එයාට තියෙන්නෙ ටයි එකයි පින් එකයි චේන්ස් තුනක් තියෙන මොටෝ එකයි .....ආසවයි දෙවින් පණයි උබලගෙ කලින් ඉස්කෝලෙ විදියට ඩිපියුටිලා වගේ....මෙහෙ උන් දෙන්නා සෙකට්‍රි ඇන්ඩ් ට්‍රෙෂරර්....ඒ දෙන්නට තියෙන්නෙ ටයි එකයි,එක චේන් එකක් තියෙන ස්කූල් මොටෝ එකයි පින් එකයි.එතකොට අර අනික් ප්‍රිෆෙක්ට්ස්ලා දොලහට ටයි එකයි, නිකංම මොටෝ එකයි....එයාලට චේන් නෑ.ස්කූල් ඔෆිසස්ලට ටයි එකයි පින් එකයි...තේරුනාද උබට? එතකොට දැන් අපි නොමිනීස්ලානෙ.....අපිත් උදේට,හවස ඩියුටි වලදි,මොකක් හරි ස්කූල් ඉවෙන්ට් එකකදි අනිවාර්යයෙන්ම ටයි එක දාන්න ඕනි."

"ආ හරි හරි......දැනුයු තේරුනේ....අයියගෙන් ඕක අහද්දි බැනලා පන්නගත්තා මාව....කියලා දුන්නෑ"

"දෙවින් පණ කියලා දුන්නෑ වෙන්න බෑ....ඇත්ත කියපං, උබට දෙවින් පණ එක පාරක් දෙපාරක් කියලා දුන්නට තේරුම් ගන්න බැරි උනානෙ"

"හරි හරි ඉතින්....ඒ වගේ එකක් උනා....."

"ඔන්න ඕක අලෝපන් තෙවින්"

"යුගාන්...."

"මොකද අනේ? නම කටපාඩම් කරනවද?"

"මේ මම මේක මෙහෙම අලෝ ගත්තම ඌරෙක් වගේද?"

නාහෙ හිල් දෙක උඩට හිටින විදියට සෙලෝටේප් කෑල්ලක් අලෝගත්තු තෙවින් දිවාෂගෙන් අහද්දි එතන තිබ්බ අඩිරූලකින් තෙවින්ගෙ ඔලුවට එකක් දුන්නු දිවාෂ තෙවින් නාහෙ අලෝගෙන හිටිය සෙලෝටේප් කෑල්ල ඇදලා ගැලෙව්වෙ තෙවින්ගෙ කැ ගැහිලි මැද්දෙ.

"ඕක අලෝගන්න ඕන්නෑ....උබ කොහොමත් ඌරෙක් වගේ තමා"

දිවාෂ දිහා බලලා විරිත්තුව තෙවින් දිවාෂ ගාණට නවලා දෙන කොල වල අයිනෙ සෙලෝටේප් අලෝන ගමන් දිවාෂට උදව් කලා.මේ අතරෙදි ආශව ගිහින් ඉදගත්තෙ නේත්‍ර ලගින්.එරමිණියා ගොතාගෙන නේත්‍ර ලගින් ඉදගත්තු ආශව,නේත්‍ර ලස්සනට පොත් වටේට කොල ඔතන දිහා බලන් හෙමි හෙමීට නේත්‍රව අනුගමනය කලා.නේත්‍රගෙ පුංචි ඇගිලි එහෙ මෙහෙ වෙන විදිය,එව්වා තැනින් තැන නැවෙන විදිය,සෙලෝටේප් රෝලෙන් සෙලෝටේප් ඉරලා අරං ගාණට නවපු කොන් වල ඒවා අලවන විදිය ආශව බලාගෙන ඉදලා ඒ වගේම කරන්න ගත්තා.ආශව වැරදියට කරන දේවල් දැක්ක නේත්‍ර තමන්ගෙ වැඩෙත් කරන ගමන් ආශවගෙ වැරදිත් හෙමිහිට පෙන්නලා දුන්නා.

"බඩගිනිද නේත්‍ර?"

"නෑ සුදුබේබි"

ආශව හෙමින් සැරේ නේත්‍රගෙන් අහද්දි නේත්‍රත් හෙමීට උත්තර දුන්නා.කොල්ලො කෑ ගගහා කතා කර කර වැඩ කරන නිසා නේත්‍රගෙයි ආශවගෙයි කටහඩවල් කාටවත්ම ඇහුනෙ නෑ.අහගන්න තරම් කිසිම කෙනෙක් අවධානෙකින් හිටියෙත් නෑ.නේත්‍ර බඩගිනි නෑ කිව්වත් එකපාරටම නේත්‍රගෙ බඩ කෑගහද්දි ආශව නේත්‍ර දිහා බලලා බොරුවට රැව්වා.ආශවට බොරු කිව්ව එක අහු උනු ලැජ්ජාවට නේත්‍ර මූණ රතු කරං බිම බලාගනිද්දි ආශව   නේත්‍රට කතා කලා.

"නේත්‍ර,මම අර අපි යන පේස්ට්‍රි ශොප් එකට ඕඩර් එකක් දුන්නා.ගිහින් අරං එමුද ඒ ටික අපි දෙන්නා?"

"මම ආවට කමක් නැද්ද සුදුබේබි?"

"මගෙ බයික් එකේ වෙන අයව දාගෙන යන්න ආසා නෑ මම....ඔයා යං"

"හා සුදුබේබි යං....තව හැබැයි දෙන්නෙක්ට එන්න කියන්න වෙයි.ආර්ය බයික් එකේ නේද ආවා කිව්වෙ? එයාට කා එක්ක හරි එන්න කියමු....අයිස් කොෆී ඕඩර් කලා.ඒ බොට්ල්ස් ටිකත් ඔයාටයි මටයි අරං එන්න බෑනෙ....ඉන්න මම ආර්යට කියලා එන්නම්....ඔයා යන්නකො එලියට"

ආශවට ඔලුව වැනුව නේත්‍ර එලියට යද්දි මෙච්චර වෙලා ආශවයි නේත්‍රයි දිහා බලන් හිටිය මිකායෙල් නේත්‍රගෙ පස්සෙන්ම එලියට ආවා.ප්‍රධාන ශාලාව ලගම වවලා තිබ්බ පුංචි වතුසුදු ගහකින් මලක් කඩාගෙන ඒකෙ හැඩ බලන ගමන් උන්නු නේත්‍ර ගැස්සිලා ගියේ තමන්ගෙ උරහිසෙන් දැනුනු ස්පර්ශයට.

"අහ්! ඕහ්! මිකායෙල්?"

"ඔව්!"

මිකායෙල්ගෙ කේන්තියෙන් පිරුණු ඇස් නේත්‍ර දිහාවට යොමු වෙලා තිබ්බා.මිකායෙල්ගෙ ඇස් වල තිබ්බ කේන්තියට නේත්‍රට බය හිතුනත් මොන වෙලේ හරි ආශව මෙතනට එන බව වගේම ඒ හන්දා මිකායෙල්‍ට තමන්ට කරදරයක් කරන්න කිසිම හැකියාවක් නැති නිසත් නේත්‍ර බය පාලනය කරගෙන මිකායෙල් දිහා බලාගෙන හිටියා.

"මම ඊයෙ ආශව අයියගෙ ගර්ල්ව දැක්කා!"

"ඊයෙ? ආශව අයියගෙ?"

"ඔව්! ස්කූල් එක ලගදි! මම දැක්කා! ඔයත් එතන හිටියා!"

"ඕහ්....ආ....."

මිකායෙල් කියන්නෙ තමන්ගෙ අක්කා ගැන කියලා තේරුම් ගත්තු නේත්‍ර සැහැල්ලු හිනාවක් පාලා මිකායෙල්ගෙ අත තමන්ගෙ උරහිසෙන් අයින් කරන්න හැදුවත් නේත්‍රට වේදනාවක් දැනෙන තරමටම මිකායෙල් හයියෙන් නේත්‍රව අල්ලගෙන හිටියා.

"හොදට මතක තියාගන්නවා නේත්‍ර!!! මම ආශව අයියගෙ අෆෙයා එක නැති කරලා දානවා! ආශව අයියට වෙයි දවසක ඔය හැම ලොකුකමක්ම මම ඉස්සරහ දිය කරලා අරින්න!"

"පුලුවන්ද ඔයාට?"

මිකායෙල් පවා ගැස්සිලා ගියේ නේත්‍රගෙ හඩෙ තිබ්බ තද ගතියට.මෙච්චර වෙලා රිදුම් දෙන තරමට නේත්‍රව අල්ලගෙන හිටිය මිකායෙල්ගෙ අත නේත්‍ර තමන්ගෙ පුංචි අතකින් අල්ලලා ගලවලා දැම්මා.තමන්ට මොන දේ කිව්වත්,තමන්‍ට මොන තරම් රිද්දුවත් දරාගන්න පුළුවන් නේත්‍ර,සුදුබේබිගෙයි තමන්ගෙයි සම්බන්ධය ගැන හෝ සුදුබේබි ගැන වරදක් කියන,ඒ දේවල් බිදින්න හදන කෙනෙක් ඉස්සරහ තද මිනිහෙක් බවට පරිවර්තනය වෙන්නෙ ඉබේටම වගේ.ඒක නේත්‍ර හිතලා කරන දෙයක් නොවුණත් ආශව හා තමන් දෙන්නට බාධාවක් හරි,ආශවට කරදරයක් හරි වෙද්දි ඒ දේ ඉබේටම නේත්‍රගෙන් එලියට ආවා.මිකායෙල්ගෙ ඇස් දෙක දිහා කෙලින්ම බලාගෙන හිටිය නේත්‍ර මිකායෙල්ගෙන් අහද්දි මිකායෙල්ට උත්තරයක්වත් දීගන්න බැරුව නේත්‍ර දිහා බලන් හිටියා.

"ඔයාට ආශව අයියගෙ අෆෙයා එක කඩන්නනම් මාව පහු කරන්න වෙනවා මිකායෙල්!!! ඔයාට පුලුවන්ද ඒක කරන්න?"

"ඔ.....ඔයා ඔහොම ඒක රැකගන්න හදන්නෙ එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔයාගෙ අක්කා නිසාද? හොදට මතක තියාගන්න නේත්‍ර ඒ දේ කඩන එක මට අමාරු නෑ"

"එහෙනම් කරලා පෙන්නන්න මිකායෙල්.....ආශව අයියගෙ අෆෙයා එක කඩන්න ඔයාට නෙවෙයි,එයාගෙ ලවර්ටවත් බෑ මිකායෙල්"

"අපි බලාගමු!"

මිකායෙල් ගස්සගෙන යද්දි එලියට එමින් හිටපු දෙනෙත්ට දෙන්නගෙ කතාබහ හොදටම ඇහුනා.දෙවින් කලින්දාක දෙවින් ආශවට ගහද්දි නේත්‍ර දෙවින්ව නැවැත්තුව බවක් කිව්වත් ඒක පිලිනොගත්තු දෙනෙත්ට අද දැක්ක,ඇහුනු දේවලුත් එක්ක දෙනෙත්ට ඒ දේවල් පිලිගන්නම උනා.මොන දෙයක් උනත් ආශව සම්බන්ධ දේකදි නේත්‍රට ඕනිම තීරණයක් ගන්න පුළුවන් බව දෙනෙත්ට තේරුම් ගියා.තමන්ගෙ ඇගෙත් වැදීගෙනම ඇතුලට ගිය මිකායෙල් දිහා දැඩි බැල්මක් දැම්ම දෙනෙත් තමන්ගෙ මිට මෙලවුනු අත් දිගෑරගත්තෙ එවෙලෙම එතනට ආව ආර්යයි ආශවයි නිසා.හතර දෙනා එක්කම බයික් දෙකේ නැගලා කට්ටිය පිටත් වෙලා විනාඩි දහයක් යන්නත් කලින් අදාල අලෙවිසැල ඉදිරිපිට හතර දෙනා නැවතුනා.

"නේත්‍රට පුළුවන්ද මාවත් අල්ලගෙන බොක්ස් එකත් අල්ලගන්න? නැත්තං වීල් එකකට දෙනෙත්ව නග්ගවමු බඩු ටිකත් එක්ක අපි"

"නෑ සුදුබේබි....පුළුවන් මට....මගෙ ඔඩොක්කට දෙන්නකො ඕක"

"ඉන්නකො"

නේත්‍රව බයික් එකේ පරිස්සමට ඉන්දෙව්ව ආශව බනිස් දාලා තිබ්බ ටිකක් විශාල පෙට්ටිය නේත්‍රගෙ උකුලෙන් තියද්දි නේත්‍ර ඒක එක අතකින් පරිස්සමට අල්ලගත්තා.අනික් අතින් ආශවව අල්ලගත්තු නේත්‍ර ටිකක් ආශවගෙ පිටට කිට්‍ටු වෙලා ඉදගනිද්දි ආශව හරි හෙමිට බයිකය පදවගෙන ඉස්කෝලෙ ඇතුලට ආවා.බයික් එකෙන් බැස්ස නේත්‍රගෙ අතින් බනිස් පෙට්ටිය අරගෙන ඒක බයිකය උඩින් තිබ්බ ආශව නේත්‍රගෙ හෙල්මටය ගලවලා නේත්‍ර එක්කම පෙට්ටියත් උස්සන් ප්‍රධාන ශාලාවට ඇතුල් වුණා.නේත්‍ර කොණක ඉදලා කට්ටියගෙම අත් වලට සර්වියට් පේපරයක් එක්ක බනිස් ගෙඩිය ගානෙ බෙදාගෙන යද්දි බනිස් පෙට්ටිය උස්සගත්තු ආර්ය නේත්‍රගෙ පිටිපස්සෙන් ඇවිදන් ගියා.

"දෙනෙත්,"

"කියපං ආශව...."

"මේ.....ඔතන මැන්ංගො ජූස් බොට්ල් එකක් ඇති....ඒක නේත්‍රට"

"ආ?"

"නේත්‍ර අයිස් කොෆී වලට එච්චර ආසා නෑ ඒකයි....ඒක අයින් කරලා තියලා ඔය ටික බෙදන්න ගන්න"

ආශවට ඔලුව වැනුව දෙනෙත් තෙවින් එක්ක එකතු වෙලා කොල්ලො ඔක්කොටම අයිස් කොෆී ටික බෙදලා ඉවර කලා.විහිලු තහලු,පොඩි පොඩි ඇනකොටා ගැනීම් එක්ක රෑ හත වගේ වෙද්දි කට්ටියම වැඩ ඉවර කරගත්තා.ලමයි එකා දෙන්නා ඉස්කෝලෙන් පිටත් වෙද්දි හැමෝම පිටත් වුණාට පස්සෙ ආශවයි දෙවිනුයි තමන්ගෙ වාහන ලග නැවතිලා හිටිය නේත්‍ර,දිවාෂ,දෙනෙත්,තෙවින් ලගට ආවා.මොනා උනත් ඉහල තනතුරු දරන ආශවටයි දෙවින්ටයි ලමයිගෙ ආරක්ෂාව ගැන ලොකු වගකීමක් තිබුනා.

"යමු අපි...."

ආශව කියද්දි ඔලුව වැනුව කට්ටියම යන්න ලෑස්ති උනා.දෙවින් තමන්ගෙ කාරය පාසලට අරං ඇවිත් තිබ්බ නිසා දෙනෙත්,තෙවින්,දිවාෂ තුන් දෙනා ඒකට නගිද්දි නේත්‍ර පුරුදු විදියට ආශවගෙ බයිකයට ගොඩ වුණා.රෑ හුලං කපාගෙන ආශව බයිකය ඉදිරියට අද්දවද්දි නේත්‍ර ආශවගෙ ඉණ වටේ තමන්ගෙ අත් දෙක පටලවගෙන තව ටිකක් ආශවට කිට්ටු වුණා.පැති කණ්නාඩියෙන් නේත්‍ර දිහා බැලුව ආශව කට කොනකට හිනාවක් නගාගන්න ගමන් බයිකය ප්‍රධාන මාර්ගයට නොදා අතුරු පාරකට හරවද්දි නේත්‍ර ඇසුත් ලොකු කරං ආශව දිහා කණ්නාඩිය ඔස්සේ බලාගෙන හිටියා.

මිනිහෙක් තියා සතෙක්වත් පේන්න නැති මේ අතුරු පාර වැටිලා තියෙන්නෙ ක්‍රීඩා පිටියකට බව ආශව දැනගෙන හිටියා.මේ වෙලාවට කිසිම මිනිහෙක් සෙල්ලම් කරන්න නොයන බව දැනන් උන්නු ආශව,නේත්‍රව බයිකයෙන් බස්සෝලා ඒත් එක්කම තමනුත් බිමට බැහැලා නේත්‍රට හිතන්නවත් අවස්ථාවක් නොදී ආපහු පාරක් නේත්‍රව උස්සලා බයිකය උඩින් ඉන්දෙව්වෙ කකුල් දෙකම එක පැත්තකට වැටෙන විදියට.

"ධුධුභේපි!!!"

නේත්‍රගෙ කටහඩ දෝංකාරයක් වගේ හෙල්මටය ඇතුලෙන් ඇහෙද්දි හීනියට හිනා වුණු ආශව තමන්ගෙ හෙල්මටය ගලවා බයිකයේ හැඩලයෙන් එල්ලලා නේත්‍රගෙ හෙල්මටයත් ගලවලා දැම්මා.

"ඇයි සුදුබේබි මෙහෙම තැනකින් නැවැත්තුවෙ? රෑ වෙලා හන්දා ඉක්කන්ට ගෙදර යන්න ඕන්නැද්ද?"

"ම්ම්ම්ම්ම්......නෑ ගෙදර යන්නෑ.නේත්‍රව උස්සන් යනවා මම වෙන කොහෙ හරි"

"හෑයියා සුදුබේබි"

ආශව සෙල්ලක්කාර හිනාවක් මූණට නංවගෙන කියන කතා වලට නේත්‍ර කලේ අත කටින් වහන් හිනා වුණු එක විතරයි.පාරෙ ටිකක් එහාට වෙන්න තිබ්බ විදුලි පහන් කණුවක කහ පාට ආලෝකෙ නේත්‍රගෙ කිරිගරුඬ පාට මූණට වැටෙද්දි ආශව නේත්‍ර දිහා වශී වෙලා වගේ බලන් හිටියා.ආශව දිහා ටික වෙලාවක් බලන් උන්නු නේත්‍ර හෙමින් සැරේ ආශවගෙ ඔලුව උඩින් තමන්ගෙ පුංචි අත තියලා කොන්ඩෙ පස්සට කර කර ඔලුව අතගාන්න ගත්තා.නිදහසේ තිබ්බ නේත්‍රගෙ අනික් අත අල්ලගත්තු ආශව ඒ අත උඩින් සියුම් හාද්දක් තවරද්දි නේත්‍ර ආශවගෙ ඔලුව අතගගා උන්නු අතින් තමන්ගෙ ඇස් දෙක වහගෙන හිනා වුණා.

"හුරතලේ මගෙ...."

නේත්‍රගෙ අත උඩින් ආපහු පාරක් හාද්දක් තිබ්බ ආශව නේත්‍රගෙ අත් දෙකම පාතට කරලා අල්ලගෙන නේත්‍රගෙ මූණට එබෙද්දි බෝල ඇස් ලොකු කරගෙන ආශව දිහා බලන් උන්නු නේත්‍ර තමන්ගෙ හා දත් දෙක එලියට දාගෙන ආශව එක්ක හිනා වුණා.එහෙම්මම නේත්‍රගෙ නලලට නැවිලා හාද්දක් තිබ්බ ආශව නේත්‍ර එක්ක හිනා වුණා.

"සුදුබේබි හිනා වෙද්දි හරි ලස්සනයි"

"නේත්‍ර තරම් නෑ"

ආපහු පාරක් නේත්‍රගෙ නලලෙන් හාදුවක් තිබ්බ ආශව නේත්‍ර එක්ක හිනා වුණා.

"නේත්‍රට දැන් බය හිතුන්නැද්ද මම මෙහෙම මේ අස්සකට ඇදන් ආවම?"

"සුදුබේබිනෙ ඉතින් අරං ආවෙ....."

"ආහ්?"

"සුදුබේබිනෙ අරං ආවෙ.වෙන කෙනෙක් නෙවේනේ....ඉතින් ඇයි නේත්‍ර බය වෙන්නෙ? සුදුබේබි නේත්‍රට නිය පිටින්වත් හානියක් කරන්න හිතන කෙනෙක් නෙවෙයිනෙ?"

"මාව එච්චරටම විශ්වාසයිද?"

"ඔව්.....අනික නේත්‍ර ආදරෙයිනෙ"

"අපි යමු නේද? ඔය බඩ ගෙඩිය කෑ ගහනවත් ඇහෙනවා"

"සුදුබේබි....මෙතනට ආවෙ ඇයි ඇත්තට?"

"නේත්‍රව බය කරන්න හිතුනා ටිකක්.....කොහෙද බය උනේ නෑනෙ...."

"හූ හූ...."

"හූ නෙවෙයි....කෝ හරියට ඉදගන්න....අපි යං"

"සුදුබේබි....."

"ඕහ්...."

"එදා දිවාෂලා එක්ක මම රොටී කඩේකට ගියා....අපි ඒකට යං?"

"දැන්ද?"

"ඕ....තාම ගොඩක් රෑ වෙලා නෑනෙ.....සුදුබේබි එක්ක එතෙන්ට ගිහින් කන්න ආසයි"

"හා යං....."

"හැබැයි නේත්‍ර ගානෙ සුදුබේබිටත් රොටී අද"

"එපා නේත්‍ර....මම ගන්නම්"

"අනේ සුදුබේබි.....ඊයෙ මට පහන්තිර ටික අරං යන්න ආපු ඒවගෙ සල්ලි හම්බුනා.....අනේ සුදුබේබි"

"හා....එහෙනම් අද නේත්‍ර ගාණෙ"

"හි හී.....හොද සුදුබේබි මගෙ"

ආශව එක්ක හිනා වුණු නේත්‍ර ආශවව තුරුල් කරං පිට උඩින් ඔලුව තියාගනිද්දි ආශව තමන්ගෙ බඩ වටේ බැදිලා තියෙන නේත්‍රගෙ පුංචි අත් දෙකට තට්ටුවක් දාන ගමන් බයිකය පණ ගන්වලා ඉස්සරහට අරං ගියා.නේත්‍රට පුළුවන් වෙලාවල,නේත්‍ර වියදම් කරන්න පුළුවන් කියන වෙලාවල් වල නේත්‍රට ඇත්තටම ඒ දේ අපහසුවක් නැතුව කරන්න පුළුවන් වගේනම් ආශව ඒවට ඉඩ දුන්නා.මොකද මොනම වෙලාවකවත් නේත්‍ර තමන්ට වඩා පහලින්,තමන්ට යටත්ව ඉන්නවට ආශව කැමති වුණේ නෑ.නේත්‍රගෙ හිතට අසරණයෙක්ගෙ හැගීමක් දෙන්න ආශවට වුවමනා වුණේ නෑ.ඒකෙ තේරුම ආශව දාස් ගණන් වලින් වියදම් කරද්දි නේත්‍රත් දාස් ගණන් වලින් වියදම් කරන්න ඕනි කියන එක නෙවෙයි.ආශව නේත්‍රට රත්තරං මාලයක් අරං දෙද්දි නේත්‍රට ආශව වෙනුවෙන් අරං දෙන්න පුළුවන් ඉමිටේෂන් මාලයක්නම් ආශව ඒක ප්‍රතික්ෂේප නොකර අවංක සතුටකින් ඒ දේ භාරගන්නවා කියන එක.

නේත්‍ර පෙන්නපු කඩේ ඉස්සරහපිට නැවැත්තුව ආශව නේත්‍රට ඉදගන්න කියලා කියන ගමන් කඩේ ඉස්සරහට ගිහින් වෙලද කාන්තාවට කතා කලා.කොහොමත් වෙන මිනිහෙක් එක්ක හිනා නොවෙන ආශවගෙ මූණෙ මෙවෙලෙවත් හිනාවක් තිබ්බෙ නෑ.

"මහත්තයා...."

"ඔව්....අම්ම්.....මට රොටී පහක් දෙන්න"

"ලුණු මිරිස් මොනාද මහත්තයා? නයි මිරිස් දැම්ම ලුණු මිරිස් තියේ....කොච්චි දැම්ම ඒවා තියේ....නිකං ලුණු මිරිස් තියේ"

"ම්ම්ම්....නයි මිරිස් ඒවයි නිකං ඒවයි....කෝකටත් කියලා හකුරු ටිකකුත් දෙන්න"

"හොදමයි මහත්තයා....විනාඩි පහක් දෙන්න"

"හරි"

නේත්‍ර අද ඉදගෙන තිබ්බෙ කඩේ ඉදිරිපිට තියලා තිබ්බ පුංචි රවුම් ලී මේසයක් දෙපැත්තෙ තියලා තිබ්බ පුංචි ලී කොටං දෙකකින් එකක් උඩ.එතනම තිබ්බ ගහේ අත්තක එල්ලලා තිබ්බ චිමිනි ලාම්පුවෙ එලියෙන් ඒ හරියට ප්‍රමාණවත් එලියක් ලැබිලා තිබ්බා.ගහක් නැති හරියෙ හදලා තිබ්බ ලී මේස උඩ ච්මිනි ලාම්පු තියලා තිබ්බෙ ප්‍රමාණවත් එලියක් ලැබෙන විදියට.නේත්‍ර ලගට ආව ආශව නේත්‍රගෙ කොණ්ඩෙ අවුස්සන ගමන් ඒ ලගම තිබ්බ ලී කොටේ උඩින් ඉදගනිද්දි නේත්‍ර ආශව එක්ක හිනා වෙලා බලන් හිටියෙ කඩේ කාන්තාව දිහා.

නේත්‍රට ඒත් එක්කම මතක් වුණේ තමන්ගෙ අම්මව.වලව්වෙ දර ලිප් එක්ක ඔට්ටු වෙන තමන්ගෙ අම්මව.දාඩිය පෙරාගෙන උදේ ඉදන් රෑ වෙනකං වැඩපල කරන තමන්ගෙ අම්මව.කවදමහරි දවසක හොදට ඉගෙන ගෙන අම්මව,අත්තම්මව,අක්කව,පුංචි අම්මව බලාගන්න නේත්‍ර දැනුම් තේරුම් ඇති කාලෙක ඉදලම ආසා කලා.ලොකු හුස්මක් පහල දැම්ම නේත්‍ර රොටී තැටියට අවධානෙ දෙද්දි නේත්‍රට තේරුනා මේසෙ උඩ තිබ්බ තමන්ගෙ අතක් ලොකු අතකින් ආවරණය වෙනවා.ඒ අතේ උණුහුමෙන් තමන්ගෙ අත වැහිලා යනවා.

"අපි නිර්මලාලව බලාගමු....එයාලට සලකමු අපිට පුළුවන් කාලෙදි"

ආශව නේත්‍ර දිහා බලන් කියද්දි හුස්මකින් පවා තමන්ව තේරුම් ගන්න මේ පිරිමියා දිහා බලන් නේත්‍ර කදුළු පිරුණු ඇස් වලින් ඔලුව උඩ පහල වැනුවා.නේත්‍රගෙ පිරුණු කම්මුලකට තට්ටුවක් දැම්ම ආශව නේත්‍ර එක්ක හිනා වෙද්දි නේත්‍ර තමන්ගෙ හදවතින්ම දෙවියන්ට ස්තූතිවන්ත වුණා තමන් වෙනුවෙන් ආදරේ විතරක්ම පිරිලා තියෙන මේ පිරිමියව තමන් වෙනුවෙන් ලබා දුන්නු එක ගැන.ආශවගෙ ලොකු දිගැටි මාපටැගිල්ල තමන්ගෙ පුංචි අතින් අල්ලගත්තු නේත්‍ර කදුලු පිරුණු ඇස් දෙකෙන් ආශව දිහා බලලා ආදරේ පිරුණු හිනාවක් ආශවට පා කලා.

"ඇයි මැණිකෙ....ඇයි ඇස් වල කදුළු?

"සුදුබේබි දන්නවද....වෙලාවකට මට හිතෙනවා සුදුබේබි කියන්නෙ පෙර මම කරපු පින් වලට ලැබුනු කෙනෙක් කියලා"

"නේත්‍ර වගේ.....නේත්‍ර කියන්නෙ ප්‍රාතිහාර්යක් වගේ මට....මගෙ ජීවිතේට....හිතන්නකො මෙහෙම...."

ආශව කතා කරන්න ගනිද්දිම එතනට ආව වෙලද කාන්තාව නිසා දෙන්නගෙම කතාව නැවතුනා.රොටී පිගාන එක්ක ලුනු මිරිස් දීසි දෙකත් එක්ක හකුරු පීරිසිය තියලා ආශවයි නේත්‍රයි එක්ක හිනා වුණු කාන්තාව එතනි යද්දි නේත්‍ර රොටියක් අරං ඒකට නයි මිරිස් ව්ලින් හැදුව ලුණු මිරිස් ටිකක් දාලා ආශවගෙ අතට රොටිය දුන්නා.

"ඔයාට නෝමල් ලුණුමිරිස් ගත්තෙ නේත්‍ර....නයිමිරිස් ඒවා කන්න ආසානම් කන්න කමක් නෑ....හකුරුත් තියේනෙ"

"අනේ මම නිකං ඒවා කන්නම් සුදුබේබි.....සුදුබේබිට තරම් සැර කන්න බෑ මට"

"හා....කන්න පුළුවන් නේද? නැත්තං මම කවන්නද?"

"නේත්‍ර කන්නම් සුදුබේබි.....නේත්‍රට පුළුවන්"

නේත්‍ර ලුණුමිරිස් ටිකක් රොටියකට දාගෙන ඒක කන්න ගනිද්දි ආශව ප්ලේන්ටි දෙකකුත් ඇණවුම් කලා.නේත්‍ර එක්ක ඉද්දි දැනෙන සැහැල්ලු සරල බවට ආශව හුගක් ඇලුම් කලා.නේත්‍ර කියන්නෙ ආශව දවසක බිංදුවටම වැටිලා, ඉන්න හිටින්න තැනක් නැතුව මහ පාරට වැටුනත් ඇවිත් තමන්ගෙ අතින් අල්ලගන්න කෙනෙක් කියලා ආශව දැනන් හිටියා.අනික් පැත්තට නේත්‍ර සම්බන්ධ දේවලදි ඉන්න ආදරණීය ආශවත් ඒ වගේම උනා.නේත්‍ර ඉස්සරහා ඉන්න ආශව කියන්නෙ නේත්‍ර බිමක ඉදගත්තත් නේත්‍රගෙ අතින් අල්ලන් නේත්‍ර එක්කම බිම ඉදගන්න ජාතියෙ ආදරණීය මනුස්සයෙක් වුණා.

"මම කියන්න ගියේ මොකද්ද දන්නවද? නේත්‍ර හරියට ප්‍රාතිහාර්යක් වගේ.....මගෙ ජීවිතේ මම නේත්‍රව නොහම්බ වුනානම් නිකං කළු පාට විතරක්ම පිරිලා තියෙන එකක් වෙයි.....මට හිනා වෙන්න,කතා කරන්න කවුරුත්ම නැති වෙයි....ඒ වගේම මට හිනා වෙන්න වුවමනාවක්වත් නැති වෙයි....ඒත් නේත්‍ර හම්බුනු නිසා මගෙ ජීවිතේ එහෙම් පිටින්ම කණපිට ගැහුවා....කළු විතරයි නෙවෙයි මේ ලෝකෙ තියෙන එකම පාට කියලා මම තේරුම් ගත්තා....ඔයා ආවම නේත්‍ර....මට තේරෙන්නැ ඒත් ඒක කියන්න.මම හුගක් සතුටින් ඉන්න මිනිහෙක් වුණා"

"සුදුබේබි මාව අඩවනවා....මම ඔච්චර ලොක්කෙක් නෙවේ"

"නේත්‍රට තේරෙන්නෑ ඒ ගැන....දැන් ඔයාට මම ගැන දැනෙනවා නේද ලොකුවට? ඒත් මට තේරෙන්නෑ මම එච්චර ලොක්කෙක්ද කියලා.ආන්න ඒවගේ තමා නේත්‍රටත්....ඔයා ගැන ඔයාට දැනෙන්නෙ නෑ"

"මට ඔච්චර ආදරේ කරන්න එපා සුදුබේබි....සුදුබේබිට දවසක මහන්සි දැනුනොත්?"

"කවදාවත්ම නෑ නේත්‍ර.....මට දවසක මහන්සි උනොත් ඒ වෙන්නෙ නේත්‍ර මට කොච්චර ආදරෙයිද කියලා හිතලම....නේත්‍ර දන්නෑ,මම වෙලාවකට පැය ගණන් ඒ ගැන කල්පනා කරනවා"

"මම සමහරවිට ගිය ආත්ම වල ගොඩක් පින් කරන්න ඇති....පවු කරන්න ඇත්තෙ ඩිංගයි....කරපු පින් නිසා මට සුදුබේබිව ලැබෙන්න ඇති....කෙරුව පවු ඔය දැන් වෙන එක එක කරදර පිටින් ගෙවිලා යාවි.....මම මේ ආත්මෙත් පින් කරනවා...සුදුබේබිව ලබන ආත්මෙත් මගෙ කරගන්න"

"ලෝභකම හොද නෑ කියලා නේත්‍රම දවසක් කියලා දුන්නා මට"

"සුදුබේබිට ලෝභ වෙන එක මට නවත්තගන්න බෑ සුදුබේබි.....සමහරවිට පෘතග්ජන මිනිහෙක් විදියට මේ ආත්මෙ මම දැන දැන කරන එකම අකුසලේ සුදුබේබිට ලෝභ බදින එක වෙන්න ඇති"

"එහෙනම් ඒ අකුසලේ මාත් තදටම කරනවා නේත්‍ර.... එක්කො කමක් නෑ....වෙන පවු කරන්නෑනෙ අපි"

නේත්‍රගෙ තොල් කොණක රැදිලා තිබ්බ මිරිස් කෑල්ලක් තමන්ගෙ මාපටැගිල්ලෙන් පිහදැම්ම ආශව හිනා වෙවී කියද්දි නේත්‍ර ආශව දිහා බලලා හිනා වුණේ තමන්ගෙ හුරතල් ආදරණීය හිනාව ආශව ඉස්සරහ එලියට දාන ගමන්.රෑ වෙලා නිසා හමන හුලං පාරත් සෑහෙන්න හීතල වෙලා තිබ්බා.රෑ පානෙ,මේ වගේ හමන හීතල හුලගට මැදි වෙලා,චිමිනි ලාම්පුවකින් විහිදෙන කහපාට එලියක් යට තමන් ආදරේ කරන මනුස්සයා එක්ක ගෙවන මේ වගේ ලස්සන තත්පර ආශවට වගේම නේත්‍රට මහමෙරක් වුණා.හුලගට මුහු වෙලා තමන් වටේට කැරකෙන ගැටපිච්ච සුවද විදින ගමන් ආශව තමන්ගෙ ප්ලේන්ටියට හුලං පිඹින ගමන් නිව නිව තොල ගාන්න වුණා.

තමන්ගෙ ඉස්සරහපිට තේ එක නිවන ගමන් තද දුඹුරු පාට හීනි ඇස් වලින් තමන් දිහා බලන් ඉන්න සුදුබේබිගෙ දර්ශනේ ජීවිතේ හැමදාකම තමන්ගෙ ඉස්සරහ තියෙන දර්ශනේ වෙන්න ඕනි කියලා නේත්‍ර ප්‍රාර්ථනා කරද්දි,තමන්ගෙ ඉස්සරහපිට ඉදගෙන බෝල ඇස් වලින්  තමන් දිහා බලාගෙන හිනා වෙවී තේ එක නිවෙනකං ඒක අල්ලන් ඉන්න නේත්‍රගෙ දර්ශනේ ජීවිතේ හැමදාකම තමන්ගෙ ඉස්සරහ තියෙන දර්ශනේ වෙන්න ඕනි කියලා ආශව ප්‍රාර්ථනා කලා.

නුවර අහස කවදදද අවිහිංසක අවංක ආදරවන්තයො කියන දෙයක් නාහා හිටියෙ? නුවර ඈත ආකාහෙ එක ලග පායලා තිබ්බ පුංචි තරු කැට දෙකක් එකපාරටම දිලිසෙද්දි නුවර ආකාහෙ හරි ආදරෙන් හිනා වුණා.

...................................................................................................

වචන 4700😪❤️

මේ කොටස් කම්මැලි එකට සමාවෙන්න මට💔

ඔයාලට බඩ්ඩක් කියන්න හිතුනා.....

රීඩස්ලා ගැන.

ඔයාලා සමහරු මේ ගැන දන්නැතුව ඇති.ඒත්....

මෙතන ඉන්න හුගක් අය දැන් මට හුගක් සමීපයි.හරියටම කිව්වොත් මට නිකං පවුලක් කියන හැගීම දැනෙන අය මෙතන ඉන්නවා.

ලස්සන ආදරණීය පවුලක්❤️

මාත් එක්ක එකටම ඉන්න සහෝදරියො ටිකක්....මම එක්ක ඕපදූප කතා කරන මම එක්ක හුරතල් වෙන පුංචි නංගිලා....මම එක්ක ඉදලා හිටලා වලි දාගන්න පුංචි නංගිලා....ඉගෙන ගන්න දේවල් හොයලා බලලා කියලා දෙන අක්කලා.....මම ට්‍රැක පැනලා ඕන්නැති වැඩක් කරන්න යනවනම් ඒක ආදරෙන් කියලා බැයිනම් ටොක්කක් ඇනලා හරි කියලා දෙන අක්කලා....දුක හිතිලා ඉද්දි,ඕපයක් කතා කරන්න හිතෙද්දි,අතීතෙ ඔය එක එක මතක ගැන කතා කරන්න හිතෙද්දි මාව අහන් ඉන්න අක්කලා....ඒ වගේම නංගිලා.

මට එක්සෑම් එකක් තියෙන කාලෙට මට ඕක ලොකුවටම දැනෙනවා.....ඔයාලා කිව්වට පිලිගනියිද කියන්න මම දන්නෑ....ඒ දවස් වලට එක්සෑම් එකටම ෆෝකස් කරන්න මට උදව් කරන මගෙම අක්කලා නංගිලා ටිකක් මට ඉන්නවා."කැමී ඔයා කෑවද?,කැමී උදේට නැගිට්ටවන්නද?,කැමී දැන් පාඩම් කලා ඇති නිදාගන්න,කැමී අමාරු තැන් තියේනම් අහන්න මම කියලා දෙන්නම්,කැමී නිදිමතයි වගේනම් මට මැසේජ් එකක් දාන්න.මම රෑ වෙනකං ඇහැරිලා ඉන්නවා.ටිකක් කතා කරලා කම්මැලිකම මගඇරවගෙනම අපි ආයෙ පාඩම් කරමු,කැමී අප්ඩේට්ස් ඕන්නෑ කතාවල ඔයා පාඩම් කරන්න,කැමී ලොකුවට ස්ට්‍රෙස් ගන්න එපා,කැමී ඔයා බේත් බිව්වද දැන් වෙලාව හරි..........." ඔන්න ඔය වගේ දේවල් හුගක් කියලා මම ගැන හොයලා බලන මගේම රීඩර් පවුල🥺❤️

මම දන්නෑ වෙන ඕතර්ස්ලා ගැන...එයාලගෙ රීඩස්ලත් එහෙමද කියන්න.ඒත් මගෙ රීඩස්ලා මෙහෙමයි....ඇත්තටම ඔයාලා මගෙ පවුල වෙලා ඉවරයි.ඒ පවුල ඇතුලෙ ඉන්න හැමෝම මගෙ රීඩස්ලා.එක්කෙනෙක්වත් පිට අය නෑ....මගෙ රීඩර්ස්ලා විතරයි.....ඒක හරි ලස්සන හැගීමක්🥺❤️

පහු ගිය කාල වලදි මට උනු යම් යම් ප්‍රශ්න එක්ක මම සැහෙන්න මිනිස්සුන්ගෙන් ඈත් වුණා.හැබැයි මගෙම මේ ආදරණීය රීඩස්ලා කිහිපදෙනෙක් නිසා පවුලක්,කම්ෆටබල් zone එකක් කියන හැගීම ආයෙමත් මට දැනෙන්න ගත්තා.ඒ ඇතුලෙ මට හරි පරිපූර්ණ හැගීමක් දැනෙන්න ගත්තා.මගෙම කියලා නංගිලා,අක්කලා ටිකක් මට ඉන්නවා....මම ඒක හරි ආඩම්බරෙන් කියන්නෙ.....මට ඔයාලව හුගක් වටිනවා🥺❤️

ඔයාලා හුග දෙනෙක් මම එක්ක ලොකුවට කතාබහ කරලා නැති නිසා සමහරවිට මම කොයි වගේ කෙනෙක්ද කියලා හිතන් ඉන්නෙ කියන්න මම දන්නෑ.හැබැයි මම එක්ක ලගින් කතා බහ කල අය මම ගැන දන්නවා....මම හරි ආසයි ඔයාලා එක්ක එකටම හිනා වෙන්න,එකටම සතුටු වෙන්න.සතුටු හිතෙන දේවල් බෙදාගන්න.මම හුගක් වෙලාවට වෙන රටක ඉන්න එකෙක්ගෙ ඕපයක් කිය කිය හරි කට්ටිය එක්ක හිනා වෙන්න හේතු හොයනවා❤️ රණ්ඩු වෙන්න,බැනගන්න....ලගදිත් මම නංගි කෙනෙක්ගෙන් හොද බැනුමක් අහගත්තා ඕන්නැති මගුලක් කියන්න ගිහින්😂😭 බැනලා බැනලා කේන්ති නිවුනම එන්නම් කියලා ඕෆ්‍ලයින් ගිහින් ආයෙ ඔන්ලයින් ඇවිත් ආයෙ මට බැනලා ඒකා නතරවුනේ😂❤️ සාමාන්‍ය පවුලක් ඇතුලෙ සහෝදරියො අතරෙ වෙන හැම දෙයක්ම මගෙ මේ ලස්සන පවුල ඇතුලෙත් වෙනවා🥺❤️

(මම සහෝදරියො කිව්වෙ කතාව කියෝන කිසිම සහෝදරයෙක් මම එක්ක එහෙම ලොකුවට කතා කරලා නැති නිසා හොදද?❤️)

ඉතින් කියන්න තියෙන්නෙ,

ස්තූතියි ඒ ලස්සන,පරිපූර්ණ හැගීම මට ලබා දුන්නට.මම පොරොන්දු වෙනවා....මගෙ පුළුවන් උපරිමෙන් මම ඔයාලට ආදරේ දෙනවා....මගෙ අතින් සුළු සුළු අඩුපාඩු වෙන්න පුළුවන්.....මොකද මම perfect මනුස්සයෙක් නෙවේනෙ.....ඒවට මට සමාව දීලා,ඒ දේවල් මට පෙන්නලා දීලා මම එක්කම ඉන්න...මොකද මම හරි බයයි මගෙ පවුලෙ එක්කෙනෙක්ට හරි මගෙ අතින් රිද්දවෙයි කියලා.ඉතින් කැමීලියා මහ මෙරක් තරම් ආදරෙයි ඒ පවුලට🥺❤️

එහෙනම් බබාලා කැමීලියා ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා 🏵️❤️

Share This Chapter