Back
Chapter 7

06 කොටස🤍✨

නිවාලන්න මා...

හිමි හිමින් වලව්වට කිට්ටු වුණු පුංචි නේත්‍ර තමන්ගේ බෝල ඇසුත් ලොකු කරගෙන පිට බලන්න ගත්තේ කවදාවත් දැකලා නැති අමුත්තන් කිහිප දෙනෙක්ගෙන් වලව්වත්තෙ තැනින් තැන තියලා තිබුණු ගල් බංකු පිරිලා තිබුණු නිසා.අතේ තද කරගෙන හිටපු තෑග්ගත් හංගගෙනම නේත්‍ර වලව් මුළුතැන්ගෙයට ඇවිදන් ගියා.

පුදුමෙකට වගේ අද නිර්මලාත්,සුමනාත්,මැනුවෙලුත් තව සේවකයන් කිහිප දෙනෙකුත් වලව් මුළුතැන්ගෙයි බංකුව වලයි,බිමයි තැනින් තැන ඉඳගෙන ඕපදූප කියව කියව හිටියා.උත්සවයක් තියෙන දවස්වලට තමන්ගේ අම්මාට අත්තම්මට වගේම අනෙක් සේවකයන්ටත් හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් නැතුව වැඩ යෙදෙන එකේ අද මෙහෙම නිදහසේ හැම දෙනාම ඉන්න එක ගැන නේත්‍රට පුදුම හිතුනා.

"ආ පොඩ්ඩො ආවද?"

නිර්මලා තකහනියක් නැගිටගෙන නේත්‍රව තමන්ගේ ළඟට අරගෙන ආපහු පාරක් බංකුවෙන් ඉදගත්තේ නේත්‍රත් නිර්මලාගේ උකුලේ හරිබරි ගැහිලා ඉඳගද්දි.නේත්‍රගේ අතේ තිබුණු පොඩි පාර්සලේ දිහාවට ඇස් අරන් ගිය මැනුවෙල් නේත්‍රට කතා කරන්න ගත්තා.

"ඈ නේත්‍රයො,ඔය අතේ තියෙන්නෙ මොකක්ද?"

මැනුවෙල්ගෙ ඒ ප්‍රශ්නෙත් එක්ක නේත්‍ර කළේ බිම බලාගෙන නිර්මලාගෙ බෙල්ල අස්සෙ මුණ හංගගත්තු එක.නේත්‍ර දගකාරයෙක් වුනේ, කටකාරයෙක් වුණේ තමන්ට සමීපයි කියලා හිතුනු මිනිස්සු ඉදිරිපිට විතරයි.තමන්ට මතක ඇති කාලෙක ඉඳන්ම මැනුවෙල් වගේම තව සේවකයෝ නේත්‍ර එක්ක කථාබහ කළත් නේත්‍රට ඒ කිසිම කෙනෙක්ගෙන් සමීපත්වයක් දැනුනෙ නැහැ.සමීප බව කියන දේ තේරුම හුගකාලෙක ඉදන් අඳුරනවා කියන එකවත්,ලඟින් ඉන්නවා කියන එක වත් නෙවෙයි.

අද ඊයේ දැනගත්තත් අවුරුදු ගාණක් තිස්සේ අඳුරන කෙනෙක්ගෙන් වගේ හැඟීමක් දැනෙන එක......

ඒ ආශ්‍රය අස්සෙ තමාට තමාම වෙන්න පුළුවන් වෙන එක....

ගතින් දුර හිටියත් ඒ කෙනා තමන් ළඟම ඉන්නවා වගේ දැනෙන එක......

අන්න ඒ නිසයි ටික කාලෙකට කලින් හම්බවුනු සුදු බේබිව නේත්‍රට සමීප කෙනෙක් වෙන්නත්,මැනුවෙල් වගේ ගොඩ කාලෙක ඉඳන් දන්න අයව සමීප නොවෙන්නත් හේතුව.

"ඔය උඹ සුදුබේබිට ගෙනා තෑග්ගවත්ද?"

මැනුවෙල් ආපහු අහද්දි නේත්‍ර කලේ තව ටිකක් ඇඟ ගස්ස ගෙනම නිර්මලාගෙ බෙල්ල අස්සනම ගිලෙන එක.නේත්‍ර මැනුවෙල්ට උත්තරයක් දෙන්න මහන්සි නොවුනත් මැනුවෙල් දිගටම කතා කලා.ඇත්තටම,නිතර දෙවේලේ කතා නොකරන හුරතල් නේත්‍ර එක්ක කතා කරන්න මේ මිනිස්සු හැමෝම කැමති වුණත් නේත්‍රගෙ කටින් වචනයක් ගන්න එක ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ අසීරු වැඩක් වුණා.

"හැබැයි කොල්ලො ඔය වගේ තෑගි නම් සුදු බේබි භාර ගන්න එකක් නෑ අද සුදුබේබිට හම්බෙන තෑගිත් එක්ක"

මැනුවෙල් විහිලුවට වුනත් කිව්ව දෙයින් වුණේ පුංචි නේත්‍රගෙ හිත රිදුන එක.නිර්මලාට තේරුණත් නිර්මලාගේ බෙල්ල තෙත් වෙන ගතියක් නිර්මලා ඒ බව මෙතන එළිදක්වලා නේත්‍ර ට මොකුත්ම කියලා සනසවන්න හැදුවේ නැත්තේ තමන්ගේ දරුවා තවත් අපහසුවට පත් කරන්න ඕනේ නැති නිසා.

"මැනුවෙල් අයියේ පොඩි එකාව අඬවන් නැතුව ඉදිංකෝ"

වලව්වේ තව සේවකයෙක් වුණු විල්බට් කියද්දී මැනුවෙල් නිර්මලා ළඟට ඇවිත් නිර්මලාගේ අස්සෙ ගුලි ගැහිලා ඉඳපු නේත්‍රගෙ ඔළුව අතගෑවා.

"අනේ පැංචො.... මං විහිළුවක්නේ කළේ....හිත රිද්දගන්න එපා ඒකට"

ඒ කිසි දෙයකට මොකුත් නොකිව්ව නේත්‍රගෙන් ඇහුනු එකම සද්දෙ "චුරුස්" ගාල උඩට හොටු අදින එක විතරයි.නේත්‍රව වඩා ගත්තු නිර්මලා හෙමින් සැරේ පිළිකන්නට ගිහින් නේත්‍රගෙ පිට අතගගා නේත්‍රව සනසන්න ගත්තා.

"නිර්මලා ඉක්මනින් වරෙං.... හෝටලෙන් කෑම ගෙනල්ල වලව්වට...අපි ලෑස්ති කරන්න එපායැ ඒවා"

වලව්ව ඇතුලෙන් ඇහුනු සද්දෙත් එක්ක නිර්මලා නේත්‍රගෙ හිස් මුදුනෙ සියුම් හාදුවක් තැවරුවා.

"මගෙ මැණික නාඩා ඉන්න හොදද? මගෙ පුතා දෙන තෑග්ග සුදුබේබි එපා කියන එකක් නෑ"

තමන්ගෙ උරහිසට ඔලුව තියාගෙන කදුලු හලන නේත්‍රව බිමින් තියපු නිර්මලා පිලිකන්න පැත්තෙ තිබුනු වතුර පයිප්පයක් ලගට ගිහින් නේත්‍රගෙ හොටු හූරවලා ඒ මූණ වතුරින් පිහිදාලා නේත්‍රගෙ අතිනුත් අල්ලන් මුළුතැන්ගෙට ගියා.

"කෝ ඕක මෙහෙ දීපංකො.කට්ටිය පිටත් උනාම ඕක සුදුබේබිට දෙමු"

නේත්‍ර පරිස්සමට පාර්සල් කරපු තෑග්ග අතට ගත්තු නිර්මලා ඒක මුළුතැන්ගෙයි බිත්තියක ගහලා තිබුනු වීදුරු කබඩ් එකක් ඇතුලට දාලා වැහුවෙ හේතු කීපයක් මත.මේ තෑග්ග හැමෝම ඉස්සරහ දෙන්න ගිහින් සුදුබේබි ඒක ප්‍රතික්ෂේප කලොත් ඒකෙන් තමන්ගෙ දරුවට දැනෙන වේදනාව වගේම ලැජ්ජාව එක හේතුවක් වෙද්දි,වලව් සේවකයෙක්ගෙ දරුවෙක් මහමුදියන්සේගෙ පුතාට තෑග්ගක් දෙන එක මදිපුංචිකමක් විදියට මහමුදියන්සේට හරි ලොකු මැණිකෙට හරි පෙනිලා ඒකෙනුත් තමන්ගෙ දරුවා දඩුවම් විදියි කියන බය අනික් හේතුව වුනා.

මේ අතරෙ නේත්‍ර වලව් පිළිකන්න පැත්තට වෙලා ඔහේ බලාගෙන හිටියෙ වත්ත ඉස්සරහින් ඇහෙන පුංචි ලමයිගෙ සද්ද වලට ඇහුම්කන් දෙන ගමන්.ඒ හැමෝම තමන්ගෙ මහ මුදියන්සේගේ හිත මිතුරන්ගෙ ලමයි කියලා දැනගෙන හිටපු පුංචි නේත්‍ර ඒ ලමයි අතරට යන්න බය උනා.වෙනදට තමන් ආපු ගමන්ම තමන්ව හොයං එන සුදුබේබිත් අද පේන්නවත් නැති එක නිසා නේත්‍රට තවත් දුක හිතෙද්දි ආපහු ඒ බෝල ඇස් වල කදුළු පිරුණා.

"නේත්‍ර..........."

තමන්ගෙ පිටිපස්සෙන් ඇහුනු ඒ හුරුපුරුදු දයාබර කටහඩ නිසා මූණ පුරා පුරවගත්තු හිනාවක් එක්කම නේත්‍ර පිටිපස්ස හැරිලා බැලුවා.ලස්සන නිල් පාට කමිසෙකිනුයි සුදු පාට දිග කලිසමකිනුයි සැරසිලා හිටපු සුදුබේබි අද පුංචි කුමාරයෙක් වගේ නේත්‍රට පෙනෙද්දි නේත්‍ර දිහා ඇහි බැම් දෙකත් එකට පූට්ටු කරං බලාගෙන හිටපු සුදුබේබි වචනයක්වත් නොකියා ආපහු පාරක් වලව්ව ඇතුලට දිව්වා.

තමන් ඇදං උන්නු රෝස පාට කමිසෙයි කළු කොට කලිසමයි දිහා බලපු නේත්‍ර දුක් උනේ අද තමන් කැතට පේන නිසා සුදුබේබිට තමන්ව සුදුබේබිගෙ යාලුවෙක් විදියට කට්ටියට කියන්න ලැජ්ජා ඇති කියලා.ගෙදර තිබුනු හොදම ඇදුම මේක වෙද්දි ඒ අහිංසකයා අහක බලන් අඩනවා ඇරෙන්න වෙන මොනා කරන්නද?

"නේත්‍ර....."

විනාඩි දහයක් යන්නත් කලින් ආපහු සුදුබේබිගෙ කටහඩ තමන්ගෙ පිට්පස්සෙන් ඇහෙද්දිනම් නේත්‍ර පුදුම වෙලා පිටිපස්ස හැරුනා.ඇයි දෙයියනේ විනාඩි දහයකට කලින් තමන් එක්ක වචනයක් කතා නොකර එතනින් දිව්ව මනුස්සයා ආපහු පාරක් තමන් ලගට එද්දි?

"ස්...සුදු.....දෙයියනේ!!!!"

නේත්‍රගෙ කටින් පුදුමය මිශ්‍ර වුනු වචන ටිකක් එලියට පැන්නෙ සුදුබේබි දිහා බලලා.විනාඩි ගාණකට කලින් ඇදගෙන හිටපු ඇදුම ගලෝලා දාපු සුදුබේබි ආපහු පාරක් අලුත් ඇදුමක් ඇදන් හිටියා.

"අපි දෙන්නම එකම පාට"

නේත්‍ර ලගට ඇවිත් නේත්‍රගෙ අතින් අල්ලගත්තු සුදුබේබි කියද්දි නේත්‍ර කලේ තමන්ගෙ අත් කොට රෝස පාට කමිසෙයි,සුදුබේබිගෙ අත් දිග රෝස පාට කමිසෙයි දිහා බලලා සතුටින් හිනා වුනු එක.කලු පාට කලිසමක් හොයාගන්න බැරි උනු නිසාද කොහෙද සුදුබේබි සුදු කලිසමනම් මාරු කරගෙන තිබ්බෙ නෑ.

"අපි යං නේත්‍ර ඉස්සරහට"

නේත්‍රගෙ අතින් අල්ලගත්තු සුදු බේබි නේත්‍රත් එක්ක කෑම කාමරේ හරියට යද්දි නේත්‍ර පස්සට ඇදෙන්න වුනේ තව දුර යන්න බෑ කියන්නා වගේ.නේත්‍ර දිහා බැලුව සුදුබේබි නේත්‍රගෙන් ඇයි කියලා අහද්දි නේත්‍ර කලේ බිම බලාගත්තු එක.

"සුදුබේබි යන්නකො....මම මේ හරියට වෙලාම ඉන්නම්.අනේ ඉස්සරහට එන්න බෑ සුදුබේබි"

නේත්‍රගෙ වචනත් එක්කම දවසක් තමන්ගෙ අප්පච්චි කිව්ව දේවලුත් මතක් වුනු සුදුබේබි නේත්‍ර කියන දේට ඔලුව වනලා සාලෙට ගියේ කෑම කාමරේම ඉන්න කියලා නේත්‍රට තර්ජනේ කරන ගමන්.මොනා උනත් සුදුබේබි නේත්‍ර ඉස්සරහ හරි චණ්ඩියෙක් වෙලා හිටියා.

"එන්නකො එන්නකො......."

සුදුබේබි ගිහින් තත්පර ගාණක් යන්නත් කලින් ආපහු පාරක් සුදුබේබිගෙ කටේ සද්දෙ කෑම කාමරේ ගාවින්ම නේත්‍රට ඇහෙන්න ගත්තා.කෑම කාමරේ මුල්ලක බිම පස්සත් තියං ඉදන් හිටපු නේත්‍ර දඩිබිඩි ගාලා නැගිටල අත් දෙකෙන් පස්ස පිහිදගත්තෙ සුදුබේබි තමන් හිටපු විදිය දකින්න කලින්.සුදුබේබි කෑම කාමරේට ආ බව තේරුනු නේත්‍ර ඇස් දෙක උස්සලා බලද්දි සුදුබේබි එක්ක හිටියෙ කොළඹින් ආපු ලමා හොල්මන.....

ඒත් එදා වගේ නේත්‍ර ඒ හොල්මනට බය වුනේ නැත්තෙ ඒ හොල්මනක් නෙවෙයි ලමයෙක් කියලා සුදුබේබි කරපු පැහැදිලි කිරීම නිසා.

"නේත්‍ර....මේ ඉන්නෙ දෙවින්.කොළබ ඉන්න කාලෙ මගෙ යාලුවො දෙන්නගෙන් එක්කෙනෙක්"

සුදුබේබි දෙවින්ව නේත්‍රට හදුන්වලා දෙද්දි නේත්‍ර කලේ දෙවින් එක්ක කටපුරා හිනාවෙන එක.

"එතකොට දෙවින් මේ ඉන්නෙ මගෙ නේත්‍ර.....මෙහෙ ඉන්න යාලුවා"

සුදුබේබිගෙ හදුන්වාදීමත් එක්කම දෙවින් කලේ තමන්ගෙ දකුණත නේත්‍රට දික් කරපු එක.

"Nice to meet you Nethra....I'm Devin"

දෙවින්ගෙ හදිසි අංගචලන එක්ක බය වුනු නේත්‍ර සුදුබේබි දිහා බලද්දි නේත්‍රගෙ පිටිපස්සෙන් හිටගත්තු සුදුබේබි නේත්‍රගෙ චූට්ටං දකුණත තමන්ගෙ අතට අරගෙන ඒක දෙවින්ගෙ අද ලගට දික් කලා.

"මෙහෙම කරලා 'Nice to meet you too' කියලා කියන්න ඕනි නේත්‍ර තේරුනාද? කෝ කරන්න බලන්න"

සුදුබේබිගෙ උපදෙස් එක්කම තමන්ගෙ දකුණත දෙවින්ට දික් කරපු නේත්‍ර "nice to meet you too" කියලා හරි අපූරුවට කිව්වා.ශිෂ්‍යත්වෙ පවා ඉහලින්ම සමත් වෙලා තිබුනු නේත්‍රට කෙනෙක් කියල දෙන දෙයක් මතකෙ තියාගෙන හරි අපූරුවට ක්‍රියාවට නංවන්න පුළුවන් හැකියාවක් ලැබිලා තිබුනා.ඉතින් සුදුබේබි කියලා දුන්නු වාක්‍ය අනික් අතට කියන එක නේත්‍රට අමාරු වුනේ නැහැ.

නේත්‍රගෙ අත තමන්ගෙ අතින් අල්ලලා හොලවපු දෙවින් නේත්‍ර දිහා බලලා සුහද හිනාවක් පෑවා.දෙවින්ගෙ මූණෙ මීට ටික වෙලාවකට කලින් කොළබ සිරිත්විරිත් නොදන්න නේත්‍ර ගැන කිසිම විදියක සමච්චල් සගහත බවක් ඇදිලා තිබුනෙ නෑ.සුදුබේබි කියල දුන්නු දේ එක පාරින්ම අල්ලගෙන ක්‍රියාවට නංවපු නේත්‍ර ගැන දෙවින්ගෙ හිතෙත් ඇති වුනේ ලොකු පැහැදීමක්.

"සුදුපුතා කේක් එක ගෙනල්ලා.....කෝ එන්න....දෙයියනේ මොකද්ද ඔය ඇදගෙන තියෙන්නෙ? ඕක කලින් ඇන්ද එකක්නෙ? කෝ අලුත් ඇදුම?"

කෑම කාමරේට ආපු ලොකු මැණිකෙ සුදුබේබි දිහා බලලා කියෝගෙන කියෝගෙන යද්දි ඒ ඔක්කොටම එකම උත්තරයක් දීපු සුදුබේබි නේත්‍රටත් ඉන්න කියලා,දෙවින් එක්ක පිටත් වුනා.

"මම ආසා නිසයි මම ඇන්දෙ"

ලොකු මැණිකෙව ගාණකටවත් ගන්නෙ නැතුව සාලෙට ගිය සුදුබේබි දිහා බලාගෙනම ලොකු මැණිකෙත් ඒ පැත්තටම ඇදෙන්නට උනා.

.

.

.

.

.

"මේ බලන්නකො අපේ මහත්තයා......මේක ගේද්දි මෙහෙම වෙලා තිබුනෙ නෑනෙ"

"පොඩි උන් කීපදෙනෙක්ම ඉන්නවනෙ මැණිකෙ....ඔය ලගින් යමින් ගමන් කෑල්ලක් කඩලා කටට දාගත්තද දන්නෑ"

විනාඩි කීපෙකට කලින් සාලෙ ලස්සන වීදුරු මේසයක් උඩ තියලා තිබුනු සුදුබේබිගෙ උපන්දින කේක් එකෙන් පොඩිත්තං කෑල්ලක් මේ වෙද්දි අතුරුදහන් වෙලා තිබුනා.ඒක පිහියකින්වත් මොකකින්වත් කපලා ගත්තු බවක් පේන්න තිබ්බෙ නෑ වගේම ඇගිලි වලින් කඩල ගත්තු එකක් වගේ පේන්න තිබ්බා.උපන්දින සාදෙ ලස්සනටම කරන්න හිතං හිටපු ලොකු මැණිකෙට මේ වැඩෙන් ටිකක් කේන්ති ගියත් පොඩි එකෙක්ගෙ දග වැඩක් කියලා ලොකු මැණිකෙ හිත හදාගත්තා.

හැබැයි ඊට ටික වෙලාවකට කලින් "Birthday cake එකෙන් මුල්ම කෑල්ල කවන්නෙ තමන් ආදරේම කෙනාට" කියලා කිව්ව දෙවින්ගෙ කතාවත්,ඇගිලි අස්සෙ තිබ්බ චොකලට් අයිසින් ටික දිවේ ගාගත්තු සුදුබේබිවත්,කට ඇතුලෙ තියෙන පුංචි චොකලට් කේක් කෑල්ල හප හප මුළුතැන්ගෙයි පැත්තට ඇදෙන නේත්‍රවත් දැක්කනම් කේක් එකේ අතුරුදන් උනු කෑල්ලක මොකද්ද උනේ කියන එක ලොකුමැණිකෙට තේරුම් ගන්න තිබ්බා.

"Happy Birthday Day To You

Happy Birthday Day To You

Happy Birthday Day Dear Ashawa

Happy Birthday Day To You"

නුවර තියෙන ප්‍රධාන පෙලේ පාසල් වලට යන මුදියන්සේගෙ යාලුවන්ගෙ දරුවොයි,දෙවිනුයි හරි ලස්සනට ඒ උපන්දින ගීතෙ ඉංග්‍රීසියෙන් ගායනා කරද්දි වැඩිහිටියොත් ඒකට අත්වැල් සැපයුවා.

කේක් කෑල්ලක් අඩු උපන්දින කේක් එකෙන් කපපු පලවෙනි කෑල්ල අප්පච්චිත්,දෙවනි කෑල්ල කුඩම්මටත් චාරිත්‍රය විදියට කැව්ව සුදුබේබි තුන්වෙනියට කේක් කෑල්ල දෙවින්ට කැව්වෙ ඇත්තටම සන්තෝසෙන්.

ටික වෙලාවක් යද්දි උපන්දින කේක් එක අමුත්තන් අතරෙ බෙදිලා යද්දි ලොකු මැණිකෙගෙ අතේ තිබුනු තසිමෙන් කේක් කෑල්ලක් ගත්තු සුදුබේබි මුළුතැන්ගෙයි සුපුරුදු බංකුව උඩට වෙලා උන්නු නේත්‍රට ඒක දීලා ආපහු පාරක් ඉස්සරහට දුවගෙන ගියේ දැන් එයාට තෑගි ලැබෙන වෙලාව නිසා.

ලේසියකින් තමන්ට හම්බනොවෙන ඒ ජාතියෙ කේක් කෑල්ලෙන් කටක් අම්මටයි,අත්තම්මා එක්ක වලව්වට ඇවිල්ලා හිටපු අක්කටයි කැව්ව නේත්‍ර ඉතිරි කෑල්ල කන්න ගත්තෙ අත්තම්මා කේක් වගේ කෑම ජාති නොකන නිසා.ඒ අස්සෙ සාලෙට වෙලා හිටපු සුදුබේබි එයාට හම්බෙන උපන්දින තෑගි භාරගන්න ගමන් හිටියා.ලස්සනට ඔතලා තිබ්බ උපන්දින තෑගි එවෙලෙම කඩලා බලන්න උවමනාවක් සුදුබේබිට ආවත් ඒක අසෝබන පුරුද්දක් කියලා දැනගෙන හිටපු නිසා සුදුබේබි ඒ ආසාව අතෑරලා දැම්මා.

.

.

.

.

.

ටිකෙන් ටික රෑ බෝවීගෙන එද්දි අමුත්තො කෑම අරං ඉවර වෙන්න ආසන්න වෙද්දි ලොකු මැණිකෙගෙ අණින් වලව්වෙ සේවකයොත් ආහාර ගන්න පටන් ගත්තා.

"උබලා කාලා ඉදපල්ලකො.......ඊට පස්සෙ බැරියෑ අස්පස් කරන වැඩ ටික කරගන්න"

වලව්වෙ පිලිකන්න පැත්තට වෙලා සේවක පිරිස කන්න පටන් ගද්දිම විදුලි වේගෙන් මුළුතැන්ගෙට දුවං ආපු සුදුබේබි බංකුව උඩ වාඩි වෙලා හිටපු නේත්‍රගෙ බත්පත දිහා බලලා හිනා වෙලා ආපහු ඉස්සරහට දුවං ගියේ තමන්ගෙ ඉදුල් අතත් උඩට උස්සන්.තමන්ට තියෙන හැම කෑම ජාතියක්ම නේත්‍රගෙ බත් එකෙත් තියෙනවා දැක්ක සුදුබේබිට සැනසීම කෑම එක කන්න පුළුවන් උනා.

රාත්‍රිය ගතවෙද්දි පුංචි ලමයි ඔක්කොම ටික ඉදගත්තෙ සුදුබේබිගෙ තෑගි ටික ලග.සුදුබේබිට හම්බුනු තෑගි මොනාද කියලා බලාගන්න ඒ පොඩ්ඩන්ටත් හරි උවමනාවක් තිබුනා.එතන හිටිය අයගෙන් සුදුබේබිගෙ වයසෙ දෙතුන් දෙනෙක් ඇරෙන්න අනික් හයහත්දෙනාම සුදුබේබිට වඩා වැඩිමල් අය උනා.අප්පච්චිලා සේරෝම වලව් වත්තෙ පැත්තකට වෙන්න සරසලා තිබුනු මේසයක් වටේට ඉදගෙන මත් පැන් වලින් සප්පායම් වෙද්දි එයාලගෙ බිරින්දෑවරු වලව්වෙ විශාල ආලින්දයට වෙලා ආගිය තොරතුරු කතා කරමින් හිටපු නිසා වලව්ව ඇතුලෙ සාලෙ වෙන දේ ගැන කාටවත්ම අදහසක් තිබුනෙ නැහැ.

"එන්නකො...එන්නකො කිව්වම අහලා"

සුදුබේබි නේත්‍රගෙ අතින් ඇදන් අනික් ලමයි ඉදන් හිටපු තැනට අරං එද්දි සමහර වැඩිහිටි ලමයිගෙ මූණු නරක් වෙලා තිබුනා.මොකද නේත්‍ර ඇදන් හිටපු ඇදුම නේත්‍රට තිබ්බ හොදම එක උනත් ඒ ඇදුම ඇත්තටම ටිකක් පරණ එකක් උනා.වලව් මාන්නෙන් උපන්දා ඉදලා ඔලුවට විස පුරෝගත්තු ඒ ලමයි නේත්‍ර දිහා අමුතුවට බලද්දි දෙවින් කලේ නේත්‍රගෙ අතින් ඇදලා නේත්‍රව තමන් ලගින් ඉන්දෝගත්තු එක.ඒත් එක්කම නේත්‍රට එහා පැත්තෙන් ඉදගත්තු සුදුබේබි ඉස්සෙල්ලාම දෙවින් දීපු තෑග්ග කඩලා බලන්නට වුනා.

"ශා......."

සුදුබේබිට කියවුනේ දෙවින්,තෙවින් දෙන්නා තමන්ව මැදිකරගෙන ගහපු ඡායාරූපයක් රාමු කරලා ඒක තමන්ට තෑග්ගක් විදියට ලැබිලා තිබුනු නිසා.දෙවින්ට ස්තූති කරපු සුදුබේබි එකපාරටම දෙයක් මතක් වුනා වගේ නේත්‍ර දිහාවට හැරුනා.

"නේත්‍ර කෝ මගෙ තෑග්ග?"

නේත්‍ර තමන්ට තෑග්ගක් ගෙනාවදවත් දන්නෙ නැතුව සුදුබේබිගෙ කියපු වචනත් එක්ක හිනා වුනු නේත්‍ර මුළුතැන්ගෙට දුවලා ගිහින් නිර්මලාගෙන් එයා සුදුබේබිට හදලා තිබුනු තෑග්ග ඉල්ලාගෙන ආපහු සුදුබේබිලා ලගට ආවා.තමන්ගෙ ඉස්සරහ දිලිසෙන කොල වලින් ඔතලා හැඩ කරලා තිබුනු ලොකු ලොකු තෑගි පෙට්ටි දිහා බැලුව නේත්‍ර තමන්ගෙ තෑග්ග පිටිපස්සට කරලා හංගගත්තෙ සුදුබේබි තමන් නිසා ලැජ්ජා වෙලා තමන් එක්ක තරහා වෙයි කියන බයට.

"කෝ දෙන්න නේත්‍ර.....කෝ ඉතින් දෙන්නකො"

කවදත් සුදුබේබිගෙ වචනෙට අවනත නේත්‍ර තමන්ගෙ තෑග්ග සුදුබේබිට දෙද්දි දෙවින් ඇරෙන්න අනික් ලමයි ඔක්කොම හිනාවෙන්න ගත්තා.නේත්‍රගෙ කදුළු පිරුනු ඇස් බිමට බර වුනෙත්,දෙවින්ගෙ අත නේත්‍රගෙ පිටට සන්සුන් වෙන්න තට්ටු දාන්න ගත්තෙත්,සුදුබේබි භයානක විදියට නේත්‍රට හිනාවුනු ලමයි දිහා බැලුවෙත් එකම වෙලාවෙ.

නේත්‍ර තමන්ගෙ තෑග්ග ඔතලා තිබුනෙ පත්තර කොලේකින්.ඒ අහිංසකයගෙ ගෙදර තිබුනු එකම දේ ඒක වෙද්දි නේත්‍ර ඒකෙන් තෑග්ග ඔතනවා ඇරෙන්න වෙන මොනා කරන්නද?

හැමදේම පැත්තකට දාපු සුදු බේබි නේත්‍රගෙ තෑග්ග පපුවට තුරුල් කරගනිද්දිම නිර්මලා නේත්‍රව හොයාගෙන ආවෙ දැන් ගෙදර යන්න වෙලාව හරි නිසා.

"නේත්‍ර.......මේක තමා මට වටිනම තෑග්ග"

සුදුබේබිගෙ බොරුවක් නැති වචන තමන්ගෙ සවන වැකුණ වහාම කදුළු පිහිදගත්තු නේත්‍ර සුදුබේබි දිහා බලලා හරි ලස්සනට හිනා වුනා.දෙවින්ටත් සුදුබේබිටත් සමු දීපු නේත්‍ර නිර්මලාගෙ අත් අතරට පැනලා ඒ උරහිසට ඔලුව තියාගත්තෙ නිදිමත වැඩිකම නිසාමයි.

නේත්‍ර පිටවෙලා ගියත් එක්කම දෙවින් එක්ක එතනින් නැගිට්ට සුදුබේබි තෑගි ඔක්කොම සාලෙ මේසයක් උඩින් හරි කොහෙන් හරි තියන්න කියලා මැනුවෙල්ට අණ කරලා දෙවින්ගෙ තෑග්ගයි නේත්‍රගෙ තෑග්ගයි විතරක් අරගෙන දෙවින් එක්කම තමන්ගෙ කාමරේට යන්න ගත්තෙ අනික් කිසිම ලමයෙක්ට "සුභ රාත්‍රියක්" කියලවත් කියන්නෙ නැතුව.

කාමරේ ඇතුලට ආව දෙවින් තෙවින් හා තමන් ඉන්න පොටෝව තමන්ගෙ මේසෙ උඩින් තියලා ඇදෙන් ඉදගත්තෙ නේත්‍රගෙ තෑග්ග බලන්න.කාමරේ විදුලි බුබුල දල්වපු දෙවිනුත් ඇවිත් සුදුබේබි ලගින්ම ඉදගත්තෙ සුදුබේබිට මෙච්චර වටින තෑග්ග මොකද්ද කියලා බලන්න ඕනි නිසා.

පත්තර කොල වලින් හදලා තිබුනු කවරෙ දිගාරිද්දිම සුදුබේබිගෙ නහයට දැනුනු සුවදත් එක්කම සුදුබේබිට තමන් හා නේත්‍ර අතරෙ ටික දවසකට කලින් ඇති උනු සංවදයක් මතකෙට නැගුනා.

*****

"නේත්‍ර ඒ ගහන පර්ෆියුම් එක මොකද්ද?"

"පර්ෆියුම් කියන්නෙ මොනාද සුදුබේබි?"

පර්ෆියුම් ගැන මොකුත්ම නොදන්න නේත්‍ර තමන්ගෙ ඇස් බෝල කරගෙන අහද්දි සුදුබේබි නේත්‍රට උත්තර දුන්නා.

"සුවද විලවුන්?"

"අනේ අපිට ඔව්වා ගන්න සල්ලි නෑ සුදුබේබි.....ඇයි එකපාරටම එහෙම ඇහුවෙ?"

"නෑ නේත්‍ර ගාවින් හරි සුවදක් එනවා......මොකද්ද සුවද කියලයි මම මේ හොයන්නෙ"

නේත්‍රගෙ බෙල්ල ලග ඉදං මුලු කමිසෙ පුරාම ඉව කරපු සුදුබේබි අන්තිමට කෙලින් වුනේ ඒ මොකද්ද කියලා හොයාගත්තා වගේ.

"නේත්‍ර ලගින් එන්නෙ ගැටපිච්ච මල් සුවදක්"

"වෙන්න පුළුවන් සුදුබේබි.....මම මගෙ ඇදුම් දාලා තියෙන කබඩ් එකට හැමදාම ගැටපිච්ච මල් දෙක තුනක් දානවා....අද දාන එක හෙට අහක් කරලා අලුත්වා දානවා.ඒ නිසා ඒ සුවද ඇත්තෙ මේ"

නේත්‍ර කරුණු පැහැදිලි කරද්දි සුදුබේබි හරි ආදරණීයව සිනාවුනා.

"ඒ සුවද හරි සුවදයි නේත්‍ර......ඒ සුවදන් හරි සන්සුන්.....නේත්‍රට ගැලපෙන්නෙම ඒ සුවද......මම හරිම ආසයි නේත්‍ර ලගින් එන ඔය ගැටපිච්ච සුවදට"

*****

නේත්‍ර දීපු කවරෙ ඇතුලෙන් ගැටපිච්ච මල් සුවද හමද්දි සුදුබේබිට දැනුනෙ නේත්‍ර මේ ලගක ඉන්නවා කියලා වගේ.කවරෙ ඇතුලට අතදාපු සුදුබේබි නේත්‍ර තමන්ගෙ දීපු තෑග්ග අතට ගත්තා.

ඒකෙ හිටියෙ පිරිමි ලමයි දෙන්නෙක්......

එක්කෙනෙක් ගල්බැම්මක් උඩ ඉදගෙන ඈත පේන කන්දක් දිහා බලන් ඉද්දි.....

එයාගෙ පය පාමුල ඉදන් හිටිය පිරිමි ලමයා ගල්බැම්ම උඩ ඉන්න පිරිමි ලමයා දිහා බලන් හිටියා.....

ඒ චිත්‍රෙ තිබුනෙ පුදුම ලස්සනක්......

"අපේ ඉස්කෝලෙ වගේනම් තරග වල දාලා දින්නවන්නත් තිබ්බා නේත්‍රව.හෙන ලස්සනයි නෙ මේ චිත්‍රෙ....."

දෙවින් කිව්ව දේට ඔලුව වනපු සුදුබේබි ආපහු පාරක් ඒ චිත්‍රෙ දිහා බලලා තමන්ගෙ මේසෙ ඇතුල් ලාච්චුවක් ඇරලා ඒකෙ තිබුනු ෆයිල් කවරයක් ඇතුලට චිත්‍රෙ දැම්මෙ හරි පරිස්සමට.

ඒත් එක්කම තමන්ගෙ මේසෙ කොනක තිබුනු ක්ලේ ගුලියක් අතට ගත්තු සුදුබේබි ඒ ක්ලේ ගුලිය රෝල් කරලා ටිකක් තලලා දාලා තමන්ගෙ ඇදුම් අල්මාරිය ඇතුලෙ පැත්තකින් ඒක ඇලෙව්වා.කඩදාසි බෑග් එක අතට ගත්තු සුදුබේබි ඒක පහලට කරලා ගසද්දි හිතුවා වගේම ගැටපිච්ච මල් දෙකක් ඇද උඩට වැටුනා.ඇස් දෙකත් කටේ දාගෙන සුදුබේබි මේ කරන වැඩ දිහා බලන් හිටිය දෙවින්ටත් දැන් දැන් නිදිමත දැනීගෙන ඇවිත් තිබ්බා.

ඇද උඩට වැටුනු ගැටපිච්ච මල් දෙක පරිස්සමින් අතට ගත්තු සුදුබේබි අර අල්මාරිය ඇතුලෙ අලවපු ක්ලේ තලිය උඩින් ගැටපිච්ච මල් දෙක තියලා තද කලෙත් හරි පරිස්සමට.ටික වෙලාවක් ඒ දිහා බලන් හිටපු සුදුබේබි ගැටපිච්ච මල් දෙක ගැලවෙන්නෑ කියලා තේරුම් ගත්තට පස්සෙ අල්මාරිය වහලා දාලා නිදිමතේ වැනෙන දෙවින් එක්කම ආපහු පල්ලෙහාට බහින්න පටන් ගත්තා.

...................................................................................................

වචන 2427 යි හරිත😪❤️

ඔන්න පොඩි නෑ මේක😹❤️

පොරොන්දු උනා වගේම මම පාන්දරම දුන්නා මේක.

බබාලා මම මේ කෑල්ල ටයිප් කරන්න ගත්තු නිසා මට කලින් චැප් එකේ රිප්ලයි කරන්න පුළුවන් උනේ කමෙන්ට්ස් ටිහකට විතරයි.මුලින්ම ආපු ටිකට කරන්න විතරයි පුළුවන් උනේ.ඊට පස්සෙ මම මේක ලියන්න ගත්තනෙ.අනේ එහෙම හිතල මේකට කමෙන්ට්ස් නොදා ඉන්න එපා ඈ........මම උදේ නැගිටලා ඒ ඔක්කොටම රිප්ලයි කරනෝ🥺❤️

දැන් වෙලාව පාන්දර 2යි....

දැන් කැමීලියාට දෝ මත නිසා යන්නම් ඈ.....

අනෙ කියන්නම ඕනි

මට මගෙ ඔක්කොම කතාවලින් හම්බුනු පලවෙනි තෑග්ග අද ලැබුනා🥺😭❤️

අනේ මෙන්න මේක😭❤️

පුදුම ලස්සනයි ඒ කවර් එක🥺❤️

මම හිතුවෙත් නැති තෑග්ගක් මේක

_Vntekoo_ නංගියෝ ගොඩාරියක් ස්තූතියි ඔයාට🥺❤️

මම හරිම ආදරෙයි මේකට😭❤️

අදත් කියන්න තියෙන්නෙ,

අදහසක් කියන් යන්න බබාලා......

මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම වගේම මගෙ එකම සතුට ඔයාලා මේ ගැන මටදෙන අදහස්🥺❤️

වැරදි අඩුපාඩු උනත් කියලා දෙන්න මට.....එහෙම මට කියලා දීපු අය හිටියා🥺❤️ මම ඒවා හදාගත්තෙ හරි ආසාවෙන්🥺❤️

ඒනම් මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter