Back
Chapter 70

69 කොටස🤍✨️

නිවාලන්න මා...

"ආහ්....එපා වෙනවා බං....අදම මගුලක වැස්සකුත් පටන්ගත්තනෙ"

"කියලා වැඩක් නෑ......චූත් බරයි ඕයි.....නේත්‍ර,චූ දාන්න යංකො"

"චූචියගෙ එකෙන් නෙවෙයිනෙ උබ චූ දාන්නෙ? ගිහින් තනියම දාලා වරෙං"

"තනියම යන්න බෑ ඕයි වැස්සෙ"

"යං ආර්ය මම එන්නම්....."

"අනේ මේ චූචියො....පෙරේදා ඉදන් ලේන්සුවකුත් තියං උඩට ඇද ඇද නේද ඉන්නෙ? උබර් වැස්සෙ තෙමුනම ආසවගෙන් බැනුම් අහන්නෙ උබ නෙවෙයි මමනෙ"

"අඩෝ සිරාවට...ඒක අමතක උනානෙ මට....මම ගිහින් එන්නම්"

"මම එන්නද?"

"අනේ මේ! උබ එදත් ඇවිල්ලා දොරට ගහග ගහලා ඒක ඇරියා....යකෝ මම එවෙලෙ චූ දදා හිටියෙ! අසහනකාරයා"

"ඉතින් මම දන්නවයෑ පයින් පාරවල් දෙකක් ගැහුව ගමන් ඕක ඇරෙනවා කියලා! පලයං එහෙනම් තනියම"

"සිං ගාලා ගිහින් එන්නම් මම"

නේත්‍රටයි දිවාෂටයි කිව්ව ආර්ය කුඩේකුත් ඉහලගෙන පන්තියෙන් එලියට දුවගෙන ගියා.කාෂ්ටකේට පායන කාලෙ මෙහෙම එකපාරටම වහින්න ගත්තු එක ගැන කට්ටිය හිටියෙ කලකිරීමෙන්.මොකද හොදට අව්ව පායන කාලයක් නිසා ලේසියකින් කෙනෙක් කුඩ ගේන්නෙ නෑ.නේත්‍ර වගේ පිලිවෙලකට වැඩ කරන මනුස්සයෙක් කුඩයක් ගෙනාව මිසක් බාගෙට බාගයක් ලමයි ලග කුඩ තිබ්බෙ නෑ.

"තව පීරියඩ් දෙකක් ඉන්න ඕනි නේද අනේ?"

"ඒකනෙ දිවාෂ....සීතයිත් එක්ක"

"මම තුරුල් කරගන්නත ඔයාව"

"හෑයියා....එපා!"

"මූ යකෝ.....ආසව හිටියනම් බලන්න තිබ්බා....ඕකා තමා චූචියො ඔයාව නරක් කරලා මගෙන් ඈත් කලේ"

"හි හී"

දිවාෂ කියන දේවල් වලට හිනාවුණු නේත්‍ර අතට ගත්තෙ ආශවලගෙ පන්තියෙ ලමයෙක්ගෙ ව්‍යාපාර අධ්‍යනය පොතක්.ලබන මාසෙට යෙදෙන බිග් මැච් සමයට මේ ටිකේම එකදිගට පුහුණුවීම් වල යෙදෙන ආශවට පන්තියෙ වැඩ නොසෑහෙන්න මගෑරෙද්දි ඒ ටික අඩුපාඩුවක් නොවෙන විදියට බලලා කලේ නේත්‍ර.නේත්‍ර ලියන නෝට්ස් ටික ෆොටෝකොපි ගහගන්න දිවාෂ ඒකට ස්ටෙප්ලර් කට්ටක් විතරක් ගහලා දෙවින්ට දීලා තෙවින්ගෙන් ඒවට හරියන්න කෑම ගත්තා.

"මොනාද චූචියො ඔය?"

"බීඑස් දිවාෂ...."

"ඒ ඇයි? මෙවෙලෙ බුදු සරණයි කියන්නෙ ඇයි?"

"නෑ නෑ හයියෝ....බිස්නස් ස්ටඩීස් නෝට්ස්....සුදුබේබිට ලියන්න වෙලාවක් නෑනෙ මෙව්වා...මම ලියලා දෙනවා.සුදුබේබි පවු දිවාෂ.මේ ටිකේම පාන්දර එකත් පහු වෙලා නිදාගන්නෙ...මම කෝල් අරං නිදාගන්න කියලා කරදර කලාම තමා නිදාගන්නෙ.උදේම ඉස්කෝලෙ එන්නත් ඕනිනෙ.සෙනසුරාදා දවසම ක්ලාස් සුදුබේබිට....ඔන්ලයින් උනත් එක දිගටම ඉදගෙනනෙ ලැප් එක ඉස්සරහ.ආයෙ එදාට නිදාගන්නෙ මහ පාන්දර"

"ඔයා?"

"සෙනසුරාදාවල් වලට මම සුදුබේබි එක්ක නැවතෙනවා රෑට....ඒත් සතියෙ දවස් වල බෑනෙ දිවාෂ.අම්මා ගෙදර යද්දි හරි මාව එක්කන් යන්නෙ.ඉස්කෝලෙ එන්න ඕනි නිසා....ඒ දවස් වලට මාත් සුදුබේබි නිදාගන්න යනකං පාඩම් කරනවා.සුදුබේබි පවු....හුගක් මහන්සි වෙනවා...එයා ක්‍රිකට් එක්ක එක්සෑම් එකත් ගොඩදාගන්න ඕනිනෙ කෝමහරි"

"තව ටික කාලෙනෙ නේත්‍ර.....ඊට පස්සෙ ආසවයට ක්‍රිකට් වලටම ෆෝකස් කරන්න පුළුවන් වෙයි.ඒකෙන් ඉස්සරහට යන්න පුළුවන් උනොත් ජෙනරල් ඩිග්‍රි එකක් ගත්තත් මදෑ....ෆස්ට් ක්ලාස් ඕන්නෑනෙ"

"ඒත් ඒවටත් එක්සෑම් ලියන්න ඕනිනෙ දිවාෂ....සුදුබේබි කොහොමහරි කරගනියි.එයාට ඉගෙන ගන්න පුළුවන්නෙ හොදට"

"ඒක විතරක් නෙවේ....එයාට ඔයත් ඉන්නවනෙ.ඒ නිසා කොහොමහරි කරගනියි ආශව වැඩ ටික"

"හ්ම්ම්....අද ප්‍රැක්ටිස් නැතුවැති නේද? වැස්සනෙ"

"ඔව් නේහ්....ඉස්කෝලෙ ඇරුනම බලමුකො"

"ආර්ය කෝ දිවාෂ? දැන් සෑහෙන වෙලාවක්නෙ ගිහින්"

"ඌ චූබරයි කියලා ගියේ වෙන වැඩකටද දන්නෑ...."

"වෙන වැඩක් කිව්වෙ?"

"නෑ නෑ මුකුත්....අර එන්නෙ! යකෝ අර මොකෝ අර?"

"ආර්යගෙ මූණට මොකෝ ඒ වෙලා තියෙන්නෙ? ආර්ය!"

දිවාෂයි නේත්‍රයි දෙන්නගෙම ඇස් උඩ ගියේ ආර්යගෙ මූණ දැකලා.ආර්යගෙ කට කොණක් පැලිලා ලේ බින්දු දෙක තුනකුත් මතු වෙලා තිබ්බා වගේම ඇදුමෙත් මඩ තැවරිලා තිබ්බා.දිවාෂවයි නේත්‍රවයි දැක්කම හිනාවක් මූණට ගත්තු ආර්ය පුටුවෙන් නැගිටලා ඉස්සරහට ආව යාලුවො දෙන්නට තට්ටුවකුත් දාන ගමන් තමන්ගෙ පුටුවෙන් ගිහින් ඉදගනිද්දි නේත්‍රගෙ මූණෙ නම් තිබ්බෙ සැකසහිත බැල්මක්.

"මොකෝ ආර්ය උනේ?"

"වැස්සනෙ නේත්‍ර....දුවගෙන එද්දි ලිස්සලා වැටුණා"

"කෝ....මූණ හරවන්න....කට කොණ පැලුනෙ කොහොමද?"

"ටෝං ගාලා ගිහින් වැදුනා මූණ අර වොශෲම් පැත්තෙ තිබ්බ කණුවෙ....බලන්නකො ඉතින් උනු වැඩේ"

"උඹට අමාරුද? තුවාලයිනෙ....සික් රූම් එකට යන්ද?"

"ඕන්නෑ දිවාෂ....තව පීරියඩ් දෙකක්වත් නෑනෙ ඉස්කෝලෙ ඇරෙන්න....ගෙදරම ගිහින් බේත් ටිකක් දාගන්නවා"

"ආර්ය ඔයා ඇත්තමයි නේද ඔය කියන්නෙ? ඔයාගෙ කමිසෙ පිටිපස්සෙ සපත්තු පාරකුත් තියෙනවා"

"ඔව් ඔව්....ඔයාලා දෙන්නට මම බොරු කියලා තෑගි ගන්නයෑ නේත්‍ර බබෝ....මේ...පැනඩෝල් දෙකක් තියේනම් දෙන්නකො....ඔලුව රිදෙනව වගේ වැටුණු පාර"

"ඉන්නකො.....මම ලග තිබ්බා"

නේත්‍රගෙන් පැනඩෝල් දෙක අරගෙන බිව්ව ආර්ය එහෙම්මම මේසෙට ඔලුව තියාගත්තෙ ඔලුව රිදෙනවා කියන ගමන්.ආර්යගෙ ඔලුව අතගාන්න ගත්ත නේත්‍රගෙ හිතටනම් එච්චර හොදක් දැනුනෙ නෑ.ආර්ය වැටුනනම් සපත්තු පාරක් කොහොමද පිටිපස්සෙ හිටින්නෙ කියන ප්‍රශ්නෙන් නේත්‍ර පීඩා විදිද්දි දිවාෂත් හිටියෙ ලොකු කල්පනාවක.එලියෙන් ධාරානිපාතෙට වහිද්දි පන්තිය ඇතුලටත් හිරිකිඩ එන්න ගත්තා.ඉක්මනට අයිනෙ හිටිය කොල්ලො ටික නැගිටලා වීදුරු ජනෙල් ටික ඇදලා වහද්දි කෑ ගගහා හිටිය ඔක්කොම නිශ්ශබ්ද උනේ පන්තියට ඇතුල් උනු දෙන්නෙක් නිසා.

"මාළු මාකට් එකක් වගේනේ සද්දෙ! ඕෆ් පීරියඩ් එකක් උනාට ඔහොම කෑගගහා ඉදලා හරියන්නෑනෙ....පොතක් හරි බලාගන්නවා!"

දෙවින්ගෙ කටහඩ එක්ක කට්ටියම සද්ද නැති වෙද්දි ඔලුවෙන් බේරෙන වතුර අතින් පිහදදා ආව ආශව නතර උනේ නේත්‍රගෙ මේසෙ ඉස්සරහින්.හතිදාන් තෙමීගෙන දුවන් ආව කාරණෙත් ආශවට තත්පරේකට අමතක උනේ නේත්‍රගෙ අත තියෙන තැන දැකලා.

"ඔය අත ගන්න නේත්‍ර අහකට!"

ආශව නේත්‍රට ඇහෙන්න තදින්ම කියද්දි නේත්‍ර ඉක්මනටම ආර්යගෙ ඔලුවෙන් අත ගත්තා.නේත්‍රගෙ අතේ සනීපෙටම නින්ද යාගෙන ආව ආර්ය ඒ සනීපෙ නැති වෙනවත් එක්ක ඇස් උස්සලා බලද්දි රවාගෙන තමන් දිහා බලන් ඉන්න ආශවට යාප්පු හිනාවකුත් දාලා ආයෙමත් ඔලුව ගහගත්තා.

"සුදුබේබි දුවන් ආවෙ ඇයි මේ වැස්සෙ?"

නේත්‍ර හෙමින් සැරේ තමන්ගෙ පුටුවෙන් නැගිටින ගමන් ඇහුවෙ සාක්කුවෙ තිබ්බ සර්වියට් එකත් එලියට අදින ගමන්.කොණ්ඩෙ අතින් ගස ගස හිටිය ආශව නේත්‍ර දිහා හිනාවෙලා බැලුවා.

"අද ප්‍රැක්ටිස් නෑ නේත්‍ර.....හෙට හවසට දායි සමහරවිට.මම එක්ක ගෙදර යං"

"හා සුදුබේබි....මම එන්නම්....කුඩයක් අරං නෙවෙයිද ආවෙ?"

"අරං ආවෙ නේත්‍ර....ඒත් අරූටයි මටයි මදි කුඩේ.ඒකයි තෙමුනෙ....මම යනවා එහෙනම්....ගේට් එක ලගට වෙලා ඉන්න.අද ඩියුටි යන්න ඕන්නෑ ඔයාලා"

"හා සුදුබේබි"

"තෙමෙන්න එපා....කැප් එක දාන් කුඩෙත් ඉහලන් එන්න හොදද? හෙම්බිරිස්සාව වැඩිවෙයි නැත්තං"

"මම පරිස්සමින් එන්නම් සුදුබේබි....සුදුබේබි තෙමෙන්නැතුව යන්නකො පන්තියට....ඇග තෙමුනට ඔලුව හරි බේරගන්න බලන්න"

"හරි මම යනවා නේත්‍ර...."

"සුදුබේබි...."

නේත්‍රට පණිවිඩේ කියලා එතනින් පිටවෙන්න හැදුව ආශව නැවතුනේ නේත්‍රගෙ මිමිණිල්ලක් නිසා.නේත්‍ර දිහාවට හැරුනු ආශව ඇස් වලින් ඇයි කියලා අහද්දි නේත්‍ර තමන්ගෙ අත ආශවගෙ පැත්තට දික් කලා.

"මේක අරං යන්න සුදුබේබි....පන්තියට ගිහින් ඔලුව පිහගන්න"

තමන්ගෙ සර්වියට් එක ආශවගෙ අත උඩින් තිබ්බ නේත්‍ර කියද්දි නේත්‍රට ඔලුව වැනුව ආශව පන්තියෙන් එලියට ගියා.හිනාවෙලා ඉදගත්තු නේත්‍ර දිහා රවලා බලාගෙන් හිටිය මිකායෙල් පන්තියෙන් පිටවෙලා යන ආශව දිහා බලලා කෙල ගුලියක් ගිල්ලෙ ආශවගෙ තෙත් වෙලා තියෙන නිල ඇදුම අතරින් ලාවට පේන දේහදාරී ශරීරය නිසා.මිකායෙල්ගෙ ඇස් දෙක යන තැන දැක්ක නේත්‍ර කට කොනකින් හිනාවෙලා අහක බලාගත්තෙ මිකායෙල් කොච්චර දැගලුවත් ආශව වෙනස් වෙන්නෙ නැති බව දැනන් හිටපු හින්දා.

"ඔලුව තෙමෙනවා යකෝ! කුඩේ ඉඩ දීපං මටත්!"

"අනේ අහකට පලයං දෙවින්! නේත්‍ර කිව්වා ඔලුව තෙමාගන්න එපා කියලා"

"යකෝ මගෙ දෙනෙත් බබාගෙ කුඩේ යටට වෙලා මූ දාන රැගිල්ල බලහංකො...දෙන්නෙ උබේ හොම්බට දෙකක් නේත්‍රට උණ ගැනෙන්නම"

"අනේ මේ! ඒක නෙවෙයි.....හැමදාම වාහනේම යන එන එකාට මොකටද බං කුඩයක්?"

"ගිහින් දෙනෙත්ගෙන්ම අහපංකො....මම දවසක් අහලා කුඩෙන්ම දුන්නා පාරක් මට"

"බලපං වැස්සෙ තද.....කොහොම යන්නද මංදා ගෙදර...මටනම් නේත්‍රග්‍ර් කුඩේ අස්සට රිංගලා ඔලුව හරි බේරගන්න පුළුවන්.....නේත්‍ර පුංචියිනේ....උබලා ගැන තමා දුක"

"බල්ලෙක් උබනම් ආශව! බලපං....අඩුම අපි වැස්ස පායනකං ඉමු දෙවිනා කියලවත් කිව්වෙ නෑනෙ උබ....පලයං අහකට....මම දෙනෙත් බබාගෙ කුඩේ ඉල්ලගෙන තනියම යනවා!"

ආශව එක්ක රණ්ඩු වෙවී පන්තියට ගොඩ උනු දෙවින් ආශවව තල්ලු කරලා දාලා ගිහින් ඉදගත්තා.දෙවින්ගෙ පිටිපස්සෙන් ආව ආශව තමන්ගෙ පුටුවෙන් ඉදන් නේත්‍ර දුන්නු සර්වියට් එකෙන් ඔලුව පිහින්න ගනිද්දි ආශව ලග ඉදන් හිටිය දෙනෙත් ආශව දිහා බැලුවා.

"අම්මෝ යකෝ සුවද....ආ....පොඩි එකාගෙ සර්වියට් එක උස්සන් ආවා නේහ්?"

"උස්සන් ආවෙ නෑ....නේත්‍ර දුන්නෙ"

"මූට මල් දෙනෙත් අර පොඩි එකා ඉන්නකල්....ඒකා ඔක්කොම වැඩ හොයලා බලලා කරනවනෙ මේ මහ බබාගෙ"

"මේහ්...මම අප්පච්චිට කෝල් කලා...."

"මොකෙන්ද?"

"ස්කූල් ෆෝන් බොක්ස් එකෙන් අනේ....අප්පච්චි එන්නම් කිව්වා අපිව ගන්න.ඔයාලත් යන්න ඉන්න මාත්තෙක්ක"

"ඔයා අප්පච්චි ගෙදර ඉද්දි ඉන්නම දෙන්නෑ නේද එයාට පාඩුවෙ?"

"එහෙම නෑ දෙව්....අප්පච්චි කොහොමත් මගෙ යාලුවා වගේනේ...වෑන් එක අරං එන්නම් කිව්වෙ....ඒත් දෙක,දෙකයි කාල වගේ වෙයි කිව්වා එද්දි....එයා පොඩි වැඩකට ගිහින් ඉන්නෙ....ඒත් ඔයාලා මේ වැස්සෙ තෙමි තෙමී යන්න ඕන්නෑනෙ....මම එක්ක යන්න ඉන්න."

"හ්ම්ම් හ්ම්ම්ම්"

"ඒක හොදයි දෙනෙත්....නේත්‍රට හෙම්බිරිස්සාවකුත් හැදිලා තියෙන්නෙ...කොහෙන් බෝ කරගන්නවද මංදා මේකා"

"තෙමිලා වෙන්න ඇති ආශව"

"ඔව්.....මේ ටිකේ වහින්නෙත් නැති එකේ පායලා තියෙන වෙලාවක යමල්ලකො යන ගමනක්....ගිය අගහරුවාදා පොඩි පොදයක් ගැහුවා නේද?"

"ඕ...."

"එවෙලෙ නේත්‍රයි දිවාෂයි ඩබලම ගිහින් හිඹුටු කඩන්න....මම හිටියනම් පෙන්නනවා පොඩි දෙකට හිඹුටු....කාෂ්ටකේට පායනවා,පොදයක් ගහන්නෙ ඉදලා හිටලනෙ.එවෙලෙම ගිහින් දෙන්නා එක්ක"

"මේ පායන පෑයිල්ලට ඉදලා හිටලා හරි මෙහෙම වහින එකත් හොදයි එක අතකට.....උඹ කොහොමද දන්නෙ පොඩි බඩල ඔව්වගෙ ගිහින් කියලා?"

"හවස එද්දි මටත් හිඹුටු වගයක් අරං ආවා නේත්‍ර.... එවෙලෙ තමා කිව්වෙ නහය බර වෙලා වගේ කියලා.කියන විදියට බයින්න හිතෙන්නෙත් නෑ....මම තරවටු කරලා හිටියා...කොච්චර අහිංසක උනත් ඔය වගේ වැඩනම් නොකර ඉන්නෑ ඔය ඇච්චා"

"නේත්‍ර හරි අහිංසකයි තමා ආශව.....මට හිතාගන්න බෑ කොල්ලෙක් වෙලත් එච්චර සන්සුන් කොහොමද කියලා පොඩි එකා"

"නේත්‍ර පුංචි කාලෙ ඉදලා හැදුනු විදිය දෙනෙත්....එයා අහිංසකයි එදා ඉදන්ම....පුංචි කාලෙ හැබැයි ටිකක් දගයි...එක තැනක ඉන්නෙම නෑ කියලා නිර්මලා බයිනවා ඒ කාලෙ,දැන් වගේ නෙවේ....මේහ්,අලුත් ස්පෝට්ස් ටී ටික හරිලුද?"

"මමද පගෝ ක්‍රිකට් කැපා? උබ දන්නෙ නැද්ද?"

"නෑ....මේ ටිකේම කෝච් මගෙන් මොකක් හරි අහන්න හදනවා....මම හිතන්නෙ නේත්‍ර ගැන...මම කට්ටි පැන පැන හිටියෙ ඒ නිසා"

"හෙට ප්‍රැක්ටිස් වෙලාවට අහමු....කොහොමත් ලබන මාසෙ වෙද්දි ඕනිනෙ ඔව්වා....මේහ්,රධීන්ගෙ සද්දයක් නෑ නේද මේ ටිකේ?"

"ඔව්.....ඌ නේත්‍රට මැසේජ් කරනවා....නම්බර් එක කොහෙන් හරි හොයං.නේත්‍ර බ්ලොක් කරලා දාලා තිබ්බා.මොන කරුමයක්ද මංදා බං උගෙනුයි අර මිකායෙල්ගෙනුයි තියෙන්නෙ අපි දෙන්නට"

"උන් දෙන්නව සෙට් කරන්න බැරි වෙ‍යිද?"

"කාවද?"

"මිකායෙල්වයි රධීන්වයි?"

"අනේ මේ....ඔය මගුල් අපිට වැඩක් නෑනෙ...අපි පාඩුවෙ පැත්තකට වෙලා ඉමු දෙව්....ආශව,ඔයත් පොඩ්ඩා එක්ක පාඩුවෙ ඉන්න බලන්න.අරගොල්ලොන්ව ගනන් ගන්න එපා"

දෙනෙත් කියද්දි ආශව ඔලුව වැනුවා.බිග්මැච් ගැන දෙවින් එක්ක කතාවක් පටන් ගත්තු ආශව ආයෙමත් ඔරලෝසුව දිහා බැලුවෙ පාසල අවසන් වීමේ සීනුව නාද වෙද්දි.අද වැස්ස නිසා රාජකාරි වලට යන්න ඕන්නෑ කියලා තීරණේ කරපු මේ ජෝඩුවත් පන්තියටම වෙලා හිටියෙ කෙලින්ම ගෙදර යනවා කියලා හිතාගෙන.පාසල අවසන් වෙලා ලමයි ටික එලියට යන්න ගනිද්දි පන්තියෙන් එලියට පැන්න ආශව එහෙම්මම දුවගෙන ගියේ නේත්‍රලාගෙ පන්ති පැත්තට.

"මම හිතුවා හරි"

ආශවගෙ මූණෙ ලස්සන හිනාවක් ඇදුනෙ කැප් එකත් දාගෙන කුඩේ අත් දෙකෙන්ම අල්ලන් තමන්ගෙ පන්ති පැත්තට ඇවිදන් එන නේත්‍රව දැකලා.ගේට්ටුව ලගට වෙලා ඉන්න කියලා කලින් කිව්වත් මේ වැස්සෙ කුඩයක්වත් නැති තමන්ව දාලා නේත්‍ර එතනට යන්නෑ කියලා හිතුනු නිසයි ආශව දෙවින්ලවත් දාලා නේත්‍රලාගෙ පන්ති පැත්තට දුවගෙන ආවෙ.ආශවව දැක්ක නේත්‍ර එහෙම්මම නතර වෙලා ආශවට අත වනද්දි දුවං ආව ආශව නේත්‍රගෙ කුඩේ යටට පැන්නෙ නේත්‍රගෙ බොත්තම් නාහෙ ගිහින් ආශවගෙ තෙත පපුවෙ වදිද්දි.

"දෙයියෝ සුදුබේබි!!! මම එනකං පන්තිය ලගට වෙලා ඉන්නනෙ තිබ්බෙ....බලන්න හොදටම තෙමිලා සුදුබේබිව"

"ගෙදර ගිහින් රත් කරන්න නේත්‍ර දැනගන්න ඕනි මාව"

නේත්‍රගෙ කනට කිට්ටු උනු ආශව ගැඹුරු හඩින් මුමුණද්දි ආශව දිහා ඇසුත් ලොකු කරං බලාගෙන හිටිය නේත්‍ර ටික වෙලාවකින් ඔලුව වැනුවා.

"හා.....මම වලව්වට ගිහින් සුදුබේබිට කිරිකෝපි එකක් හදලා දෙන්නම්.....සුදුබේබි ඉක්මනට ඇග සෝදන් එන්නකො....මම සුදුබේබිව බෙඩ්ශීට් එකෙන් ඔතලා කිරි එක පොවන්නම්.....ඕන්නම් එල්....."

"එලියෙ ගිණි මැලේකුත් ගහන්නම් කියලා නේද වස්තුවෙ කියන්න ගියේ?"

"ඕ සුදුබේබි...."

"හ්ම්ම්.....දිවාසයා කියන දේවල් ඇත්ත වෙයි වගේ"

"මොකද්ද සුදුබේබි....ඇහුනෙ නෑනෙ නේත්‍රට"

"මුකුත් නෑ නේත්‍ර....යං අපි....දෙනෙත් අයියලාගෙ අප්පච්චි එන්නම් කියලා අපිව එක්කන් යන්න"

"හා සුදුබේබි"

නේත්‍රගෙ කුඩේ යටට රිංගගත්තු ආශව කුඩේ මිට තමන්ගෙ අතට ගනිද්දි නේත්‍ර ආශවට තව ටිකක් කිට්ටු උනා.ආශවගෙ තෙමිලා තිබ්බ පපුව තමන්ගෙ උරහිසේ වැදෙද්දි පිට දිගේ ලාවට හිරියක් ගියත් නේත්‍ර ඒ දේවල් දරාගෙන ආශව එක්ක ගේට්ටුව පැත්තට ඇවිදන් ගියා.අන්තිමේදි ඉස්කෝලෙ ලගම අතුරුපාරෙ තියෙන ජූස්බාර් එකට ගොඩවුණු නේත්‍රයි ආශවයි දෙන්නා දැක්කෙ තමන් දෙන්නට අත වනන දෙවින්වයි දෙනෙත්වයි.කුඩේ අකුලපු ආශව නේත්‍රව කඩේ ඇතුලට යන්න ඉස්සර කලත් ආශවගෙ හොදටම තෙමිලා තියෙන වම් අත පැත්ත නේත්‍රගෙ ඇස් වලින් හංගන්න පුළුවන් උනේ නෑ.

"මට වතුර බිංදුවක්වත් නොවැටුනාට සුදුබේබි හොදටෝම තෙමිලා"

දෙවිනුයි දෙනෙතුයි ඉස්සරහින් ඉදගත්තු නේත්‍ර තමන් ලගින්ම ඉදගත්තු ආශව දිහා බලලා ඇස් වල කදුළු පුරවගනිද්දි නේත්‍රගෙ ඔලුව අල්ලලා තෙමිලා නැති බව තහවුරු කරගත්තු ආශව තමන්ගෙ බෑගයෙන් ගත්තු නේත්‍රගෙ සර්වියට් එකෙන් ඇගයි ඔලුවයි පිහිදගන්න ගත්තා.

"කෝ දිවාෂයි තෙවිනුයි?"

"ආර්යව වාහනේට දාලාම එන්නම් කියලා කිව්වා...."

"තෙවිනුත් ගියාද?"

"ඔව් ජෝඩුවම ගියේ"

දෙවින් කියද්දි ඔලුව වැනුව ආශව නේත්‍රගෙ බෙල්ලට අත තියලා බැලුවා.එහෙම්මම මේසෙ උඩ තිබ්බ ආශවගෙ අතේ සුලැගිල්ල අල්ලගත්තු පුංචි නේත්‍ර ආශව එක්ක ලස්සනට හිනා වුණා.එකපාරටම ගැහුව අකුණකුත් එක්කම එලියෙන් ඇහුනෙ කෑ ගහන සද්දයක්.

"මොකද්ද හුත්තො කියන්නෙ!"

"තෙවින්! එපා!"

"යුගාන්! උඹ පලයං! ආර්ය මල්ලි! මූව ගනින් උඹ ලගට!"

එලියෙන් ඇහුණු තෙවින්ගෙයි දිවාෂගෙයි කටහඩවල් නිසා එකපාරටම නැගිට්ට දෙවිනුයි ආශවයි එලියට දුවගෙන යද්දි දෙනෙතුයි නේත්‍රයිත් ඒ පස්සෙන් එලියට දිව්වා.එලියට ගිය කට්ටියගෙම ඇස් වල අහු උනේ එච්චර ලස්සන දර්ශනයක්නම් නෙවෙයි.රධීන්ගෙයි මහීල්ගෙයි දෙන්නගෙම කොලර දෙකෙන් අල්ලන් හිටිය තෙවින්ගෙ ඇස් දෙක ලා රතුපාටක් අරං තිබ්බා.

"උඹ කවුද යකෝ අපිට සද්දෙ දාන්න?"

ඒත් එක්කම ඉක්මන් වුණු රධීන් අනික් පැත්තට තෙවින්ගෙ මූණටම පාරක් ගහද්දි තෙවින්ව පිටිපස්සට විසික් වුණා.ඒත් එක්කම දෙවින්ගෙ ඇගේ හැප්පීගෙනම ඉස්සරහට දුවගෙන ගිය දෙනෙත් අත දිගෑරලා රධීන්ගෙ කණටම පාරක් දෙද්දි මහීල් දෙනෙත්ව තල්ලු කරලා දැම්මා.මහ වැස්සෙ පොරකන මේ හතර දෙනා ලගට නොහිතුව විදියට තව කොල්ලො හයක් විතර ලං වෙලා මහීල්ගෙයි රධීන්ගෙයි පැත්තෙ හිටගනිද්දි මෙතන ගහමරාගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙන බව තේරුම් ගත්තු තෙවින් ඉක්මනටම එතනට දුවගෙන ගියේ ආශව එක්කමයි.

"තෙවින්! මල්ලි! මෙතන මරාගන්නෙ මොකෝ....රධීන් අපිට උඹලා එක්ක ප්‍රශ්නයක් නෑ...මෙතනින් දැන් යමල්ලා!"

තෙවින්ව අතින් අල්ලලා පස්සට කරගත්තු දෙවින් සන්සුන්ව කතා කරද්දි තෙවින් දෙවින්ගෙ අත ගසලා දාලා කෑගහන්න ගත්තා.

"ප්‍රශ්නයක් නෑ!!! නෑ ප්‍රශ්නයක් තියෙනවා! මේ බල්ලො දෙන්නා එක්ක අපිට ප්‍රශ්නයක් තියෙනවා!"

"මල්ලි!"

"අයියෙ අහපං! අපේ පොඩි උන් දෙන්නාව මුන් අමුතු එවුන් ගාණට දාලා කතා කරද්දි මම කටවහං ඉන්න ඕනිද? කියපං!"

"තෙවින්! මොකද්ද මුන් පොඩි දෙන්නට කිව්වෙ!"

ආශව තෙවින් ලගට ගිහිල්ලා අහද්දි දෙවින් ලොකු හුස්මක් පහල දැම්මෙ දැන් මෙතන ඇති වෙන තත්වෙ පාලනේ කරන්න තමන්ට කොහෙත්ම බෑ කියලා තේරුම් අරගෙන.මහ ධාරානිපාතෙට වැස්ස තවත් තද කරද්දි නේත්‍ර හිටිය තැනින් අඩියක් ඉස්සරහට තිබ්බෙ ආශව අත මිට මොලවගෙන කෑගහන්න ගත්තු නිසා.

"නේත්‍ර! අඩියක් ඉස්සරහට එන්න බෑ! එක අඩියක්!"

ආශවගෙ ලාරතු පාට උනු ඇස් දෙක තමන්ගෙ පැත්තට හැරිලා තරවටු කරද්දි නේත්‍ර හිටිය තැනම නැවතුනා.කොහොමත් නේත්‍රට ආශවගෙ වචනෙකට පිටින් යන්න අද වෙනකං පුලුවන්කමක් තිබ්බෙ නෑ.

"තෙවින් කියපං!"

"මුන් දෙන්නා පොඩි උන් දෙන්නව....පොඩි උන් දෙන්නව එකපාරක් හරි....ශිට්!!"

"උබට!!!!"

ආශවගෙ මිට මෙලවුණ අත් දෙකේ නහර පවා පේන්න ගනිද්දි රධීන්ගෙ උනත් හිත හෙල්ලුණා.ඒත් ආශවට යටත් වෙන්න තිබ්බ අකමැත්තට රධීන් කටකොණකට හිනාවක් නංවගෙන ආශවලා දිහා බැලුවා.

"උඹලට මාරෙට රිදෙනවනෙ උන් දෙන්නට මොනාහරි කියද්දි.....එකෙක් වොශෲම් එකේදි රණ්ඩු වෙලා තුවාල කරගත්තා....අනික් උන් ටික මෙතනදි...."

රධීන් කියනවත් එක්ක කට්ටියම බැලුවෙ ආර්ය දිහා.ආර්ය ගුටිකාලා තියෙන්නෙ තමන් දෙන්නා වෙනුවෙන් කියලා තේරෙද්දි නේත්‍රගෙයි දිවාෂගෙයි දෙන්නගෙම ඇස් වලට කදුළු පිරුණා.ආයෙමත් කට්ටියගෙම අවධානෙ ගියේ රධීන්ගෙ පැත්තට.පාසල් බෑගය ගලවලා වතුර ගලන් යන පාරෙ කොණකට විසි කරපු රධීන් ආශව දිහා බැලුවා.

"නෑදෑ මල්ලිලා ගැන කියද්දි අයියලා ටිකට ඔච්චර තද වෙන්නෙ මොකෝ? මොකද? අපි දන්නෙ නැති උනාට කට්ටිය දෙන්නව ශෙයා කරගන්....."

"උඹට මම....."

රධීන්ට තව එක වචනයක් කියන්න ඉඩ නොදුන්න ආශව කෙලින්ම ගිහින් රධීන්ගෙ කන හරහා පාරක් ගහද්දි රධීන් වතුර පිරිලා තියෙන පොලව උඩටම ඇදගෙන වැටුණා.ඒත් එක්කම වැස්සෙ තෙමෙන දිවාෂයි ආර්යයි දෙන්නා දිහා බැලුව ආශව බිම වැටිලා නැගිටින රධීන් දිහා බලලා ආයෙමත් දිවාෂලා දිහා බැලුවා.

"උඹලා දෙන්නත් නේත්‍ර ලගට යමල්ලා! කියන දේ අහපං මල්ලි! එතනට පලයං දෙන්නම!!!!"

ආශවගෙ කටහඩටයි මූණටයි බය උනු දිවාෂයි ආර්යයි දෙන්නා දුවගෙන ගිහින් ජූස්බාර් එක ඉස්සරහ හිටගෙන උන්නු නේත්‍ර ලගින් හිටගනිද්දි බිම වැටිලා නැගිට්ට රධීන්ගෙ කොලරයෙන් අල්ලපු ආශව රධීන්ව තමන්ගෙ දිහාවට ඇදලා ගත්තා.රතුපාට ඇස් දෙකකින් තමන් දිහා බලන් ඉන්න ආශවගෙ බෙල්ලෙ ඇදිලා තිබ්බ නිල් නහරත් එක්ක රධීන්ට හිතුනෙ තමන් කරගත්තෙ මෝඩකමක්ද කියලා.එකපාරටම ඇස් නිලංකාර වෙලා යනවත් එක්කම තමන්ගෙ කනට මොකක් හරි උනා දැනුනු රධීන් ඊලග තත්පරේ තේරුම් ගත්තෙ ආශව තමන්ගෙ කනට අතුල් පාරක් දීලා කියන එක.

"කටක් තිබ්බ පලියට උබට ඕනි ඕනි හු#න කතා කියන්න පුළුවන් කියලා හිතුවද? ආ පරයො!!!!"

ඊලග පාරත් එක්ක රධීන් වැටෙනවත්,රධීන්ගෙ යාලුවො ටික දෙවින්ලාගෙ ඇගවල් වලට පයිනවත් ආශව ඇස් කොණෙන් දැක්කා.වෙවුලන කකුල් දෙකෙන් නේත්‍ර බලන් හිටියෙ යක්සයෙක් වගේ හැසිරෙන ආශව දිහා.බිමට වැටුණු රධීන්ගෙ ඇග උඩට නැග්ග ආශව රධීන්ගෙ මූණට ගහගෙන ගහගෙන යද්දි තවත් නේත්‍රගෙ කකුල් දෙක වෙවුලන නිසා නේත්‍ර එතනම තිබ්බ බිත්‍තියකට වාරු උනා.

"සුදුබේබි!!!"

නේත්‍රට එකපාරටම කෑ ගැස්සවුණේ රධීන් අතමිට මොලවලා මූණට ගැහුව පාරකින් විසික් වෙලා ගිය ආශවව දැක්ක නිසා.ඒත් එක්කම තමන්ව අල්ලන් හිටිය දිවාෂගෙ අත ගසලා දැම්ම නේත්‍ර දිවාෂයි ආර්යයි කෑ ගහද්දි මහ වැස්සෙම ආශව ලගට දුවලා ගියා.ආශවගෙ ඇග උඩ නැගලා ආශවට ගහන්න අත උස්සලා හිටිය රධීන් එකපාරටම පිටිපස්සට විසික් වෙලා යනවත් එක්කම ආශවගෙ ඇග පුංචි ඇගකින් ආවරණය උනා.

ආශවව ආවරණය කරගත්තු පුංචි නේත්‍ර රධීන්ව තල්ලු කල පාරට මහීල්ව අල්ලන් බිත්තියකට තියං මූණට දෙක තුනක් ඇන ඇන හිටිය තෙවිනුයි,දෙන්නෙක්ටම බිම දාගෙන ගහන දෙනෙතුයි,දෙවින්ගෙ බෙල්ල මිරිකලා අල්ලන් හිටිය එකාව බිම දාගා පාගන නේත්‍රගෙ පස්සෙන්ම දුවං ආව දිවාෂයි,තව එකෙක්ට අල්ලන් ගහන ආර්යයි,තෙවින්ට ගහන්න දුවගෙන ගිය එකෙක්ව ඇදලා අරගෙන නෙලාගෙන යන දෙවිනුයි,එයාලගෙන් ගුටි කකා හිටිය හත් දෙනයි,ආශවගෙ පයින් පාරකට විසික් වෙලා ගිහින් ඔලුව තාප්පෙක වද්දන් ආයෙ ගුටි කන්න බැරි කමට මැරිලා වගේ රගපපා හිටිය රධීන්ගෙ යාලුවයි ඔක්කොම නේත්‍ර දිහා බැලුවා.

ලේ ගලන ආශවගෙ කට කොන දැක්ක නේත්‍ර රධීන්ගෙ කෙලින් හිටගෙන රධීන්ගෙ ඇස් දෙක දිහා බලපු බැල්මට රධීන් උනත් ගැස්සිලා වගේ නේත්‍ර දිහා බලාගෙන හිටියා.තමන්ගෙ ඇගට වඩා සෑහෙන්න පුංචි නේත්‍ර තමන්ව බැල්මකින් දුර්වල කරනවා බලන් ඉන්න බැරි තැන කට කොනකට හිනාවක් නගාගත්තු රධීන් නේත්‍ර ලගට කිට්ටු උනා.

"මට පාට් එක දාන්න හයිය තියෙනවද චූටි බබාට.....මමත් මෙච්චර මේ ආසාවෙන් රණ්ඩු වෙන්නෙ මේ මූණටයි මේ ඇග...."

"උඹ සක්කිලියා! අත තියන්න එපා එයාට!"

නේත්‍රගෙ මූණ අල්ලන්න නේත්‍රගෙ මූණ ලගට  රධීන්ගෙ අත නොහිතුව විදියට ලං වෙද්දි නේත්‍රගෙ පිටිපස්සෙන් නැගිට්ට ආශව නේත්‍රව පහු කරගෙන ඇවිත් ආයෙමත් රධීන්ව පෙරලගත්තා.

"මල්ලි කෙනෙක්ට මෙච්චර? නෑ ආශව.....උ....උබලාගෙ වෙන මොකක්ම හරි දෙයක්....."

"උඹ කටවහපං!"

ආශව ආවේගෙන් රධීන්ගෙ මූණට ගහගෙන ගහගෙන යද්දි ආශවගෙ පිටිපස්සෙ හිටිය නේත්‍ර දුවගෙන ඇවිත් ආශවව පිටිපස්සෙන් තුරුල් කරගත්තා.යක්ෂයෙක් වගේ කෑ ගගහා රධීන්ට ගහන ආශව රධීන්ගෙ බෙල්ල අල්ලලා මිරිකගනිද්දි ආශවගෙ පිටට දැනුනු පුංචි ඇගේ උනුහුම වගේම ආශවගෙ පපුවට දැනුනු පුංචි අත් වල ස්පර්ශෙත් එක්ක ආශවගෙ කන ලග දැවටුනේ මේ ලෝකෙ ආශව අහලා තියෙන ලස්සනම සද්දෙ.

"ඇති මගෙ සුදුබේබි.....ඇති මගෙ රත්තරං සුදුබේබි...ඔය ඇති"

ඔලුව තෙමාගෙන ගලන හීතල වැහි වතුර අස්සෙන් ආශවගෙ බෙල්ලට උණුහුම් දෙයක් වැටෙද්දි ඒ නේත්‍රගෙ කදුළු කියලා ආශවගෙ මොලේ ආශවට පණිවිඩ පිට පණිවිඩ දුන්නා.එක අතකින් රධීන්ගෙ බෙල්ල මිරිකන් උන්නු ආශවගෙ අනික් අත මේ වෙද්දිනුත් රධීන්ගෙ මූණට පාරක් දෙන්න ඉස්සිලා තියෙද්දි ආවේගෙ වැඩිකමට ආශවගෙ අත ඒ මූණ හරහා ගියා.රධීන් කෙදිරිල්ලක් පිට කරනවත්,නේත්‍රගෙ පුංචි අත් දෙකේ ග්‍රහණෙ වැඩි වෙනවත් ආශවට දැනෙද්දි ආයෙමත් නේත්‍රගෙ වෙවුලන කටහඩ ආශවට ඇහුනා.

"ඇහ්...ඇ....ඇති මගෙ රත්තරනේ.....මගෙ සු...සුහ්...සුදුබේබි ඇති.....නේට්....නේට්ටට අමාරුයි...."

නේත්‍රගෙ පුංචි අත් වල ග්‍රහණෙ වැඩි උනත් නේත්‍රගෙ ඇග තමන්ගෙ පිටට බර වෙනවා දැනුනු ආශව වෙන්න යන දේ දැනගෙන රධීන්ව අතෑරලා දාලා පිටිපස්ස හැරිලා ඇදගෙන වැටෙන්න යන නේත්‍රව අල්ලලා තද කරගත්තා.ආශව හිතුවා වගේම නේත්‍රගෙ ඇස් දෙක ලොකු වෙලා නේත්‍රගෙ හුස්ම වැටීම අක්‍රමවත් වෙද්දි ආශව ඒ මහ වැස්සෙම නේත්‍රව තමන්ගෙ පපුවට තුරුල් කරගත්තා.

"න්....නේත්‍ර! හෙ...හෙමින් හුස්ම ගන්න"

"ඇ....ඇති සුදුබේබි.....සු....සුදුබේබිට....ක...කරදරයක් වෙයි"

"ඒක ඉවරයි මගෙ නේත්‍ර.....දැන් සුදුබේබි දිහා බලන්න.....නේත්‍ර! ඇස් පියාගන්න එපා"

නේත්‍රගෙ කම්මුල් දෙකට තට්ටු දදා කෑ ගහන ආශව දිහා බැලුව දිවාෂ බිම හිටිය එකාගෙ බෙල්ලත් පාගලා දාලා ආශව ලගට දුවන් ඇවිත් ආශව ලගින්ම දණ ගහගත්තා.ලැබුනු අවසරෙන් රධීන් කට්ටිය එක්ක පැනලා  දුවද්දි කාටවත්ම ඒ ගැන ගාණක් නොතිබ්බෙ නේත්‍රව පපුවට තුරුල් කරං කෑ ගහන ආශවට අවධානෙ ගිහින් තිබ්බ නිසා.නේත්‍රව දෝතට ගත්තු ආශව නැගිටිද්දිම ඈතින් එන වාහනයක් දැක්ක දෙනෙත් කෑ ගැහුවා.

"අප්පච්චි එනවා.....දිවාෂ බෑග් ටික අරං එන්නකො....දෙව් ඔයත් යන්න"

"අපේ ගෙදර වාහනෙත් එනවා.....මමත් යන්නම්"

ආර්ය කියන දේ අහන් ඉන්න පුළුවන් මට්ටමක හිටිය දෙනෙතුයි දෙවිනුයි ඔලුව වනද්දි ආර්ය දුවගෙන ගියා.වෑන් එක නවත්තපු ගමන් තෙත පිටින්ම ආශව වාහනේට නගිද්දි දෙනෙත්ගෙ අප්පච්චි වෑන් එකේ ඉස්සරහ කණ්නාඩියෙන් ආශවයි,ආශවගෙ අතේ ගුලි ගැහිලා උන්නු නේත්‍රයි දිහා හොදට බැලුවා.ඒත් එක්කම අනික් උන් ටිකත් තෙතයි මඩයි පිටින් වාහනේට නගිද්දි අන්තිමටම මඩ පෙරාගත්තු අප්පච්චිගෙ පුතණ්ඩියා වාහනේ ඉස්සරහට ගොඩ උනා.

"ඌරු කොටුවක වැඩට ගිහින්ද දැන් මේ සෙට් එකම ආවෙ?"

"හෙ හෙ....ඒම නෑ අප්පච්චි....දන්නෙ නැද්ද ඔය පොඩ්ඩ පොඩ්ඩ?"

"ඩාං වෙනවා ඩූං වෙනවද? බබා බොරු කියන්න එපා....මොකෝ මේ සපත්තු පාරක්?"

"මුකුත් නෑ අප්පච්චි...."

"පොඩ්ඩක් ඉන්නකො.....ඉරුගල්බණ්ඩාර කොල්ලා! මොකෝ ඔය පොඩි එක්කෙනාට වෙලා තියෙන්නෙ පුතේ? කලන්තයක් දාලද?"

දෙනෙත්ගෙ අප්පච්චි පිටිපස්ස හැරිලා අහද්දි ඒකවත් නෑහුනු ආශව නේත්‍රගෙ ලොකු වෙලා තියෙන ඇස් දිහා කදුළු පුරවං බලාගෙන නේත්‍රව සන්සුන් කරන්න උත්සාහ කරන ගමන් හිටියා.

"මැණිකෙ....හුස්ම උඩට පහලට....කෝ සුදුබේබි එක්කම....සුදුබේබි හොදින්නෙ රත්තරනේ....කෝ...උඩට පහලට හෙමීට...මයෙ අම්මා මාත් එක්කම කරන්න"

ටිකකින් නේත්‍ර ආශවගෙ අත් අතරෙම සන්සුන් වෙලා නින්දකට වැටෙද්දි ආශව ලොකු හුස්මක් අරං පිට ආසනේට හේත්තු කරං හුස්ම උඩ පහල දැම්මා.ආශවගෙ ඇස් අගින් වැටුණු කදුළු බින්දුව දැනුනෙ නින්දක හිටිය නේත්‍රගෙ කම්මුලක් විතරයි.මොකක්ම හරි දෙයක් සිද්ධ වෙනවා දැනුනු දෙනෙත්ගෙ අප්පච්චි ඉස්සරහ බලාගෙන වාහනෙ පණ ගැන්නුවා.දෙනෙත් දිහාවට බැල්මක් දාලා ප්‍රශ්නයක් නෑ නේද අහපු අප්පච්චි එහෙම්මම වාහනේ ඉස්සරහට ඇද්දුවා.

"ශිට්! මට අරූගෙ දතක් ගලවන්න බැරි උනානෙ"

තෙවින් මුමුණන සද්දෙ ඇහුනු දෙවින් තෙවින්ගෙ උරහිස වටේ අතක් යවලා තෙවින්ව තුරුල් කරගනිද්දි තෙවින් මුකුත්ම නොකියා දෙවින්ට තුරුල් උනා.තෙවින්ගෙ උරහිස වටේ තිබ්බ අතින් තෙවින්ට තට්ටු කර කර උන්නු දෙවින් තමන්ගෙ එහා පැත්තෙ හිටිය දිවාෂගෙත් ඔලුව අතගාද්දි දිවාෂත් දෙවින්ගෙ උරහිසට ඔලුව තියාගත්තා.විඩාවෙන් බර වෙලා පියවිලා ගිහින් තියෙන නේත්‍රගෙ ඇස් වලට පාත් වෙලා හාද්දක් තිබ්බ ආශව නේත්‍රව තව ටිකක් තුරුල් කරගත්තෙ නේත්‍රට සීතල අල්ලයි කියන බයට.

"ආශව පුතා.....ඔය පුංචි එක්කෙනාගෙ ගෙදර තියෙන්නෙ කොහෙද? එයාගෙ ගෙවල් ලගින් දා....."

"ඔය හරස් පාරට කරලා නවත්තන්න අන්කල්.....මම මෙයාව එක්කන් යන්නම්"

"පුලුවන්ද පුතේ? ඒ ලමයට ප්‍රශ්නයක් නැද්ද?"

"නෑ අන්කල්....මට පුළුවන්....මම අරං යන්නම්"

නේත්‍රගෙ කම්මුල් වලට තට්ටු කල ආශව නේත්‍රව ඇහැරවගත්‍තෙ වෙල පහු වෙනවත් එක්කමයි.වලව්ව ලගින්ම නේත්‍රලාගෙ ගෙවල් වලට වැටිලා තියෙන පිටපාරෙන් වාහනේ නවත්තගත්තු ආශව නේත්‍රගෙ බෑගයත් තමන්ගෙ කරට දාගෙන නේත්‍රව පරිස්සමින් බස්සවගත්තා.ආශවගෙ ඇගටම වාරු වෙලා බිමට බැහැගත්තු නේත්‍ර තමන්ගෙ අත උස්සලා අනික් අයගෙන් සමුගනිද්දි ඒකටවත් සිහියක් නොතිබ්බ ආශව නේත්‍රව අල්ලගෙන හිටියා.දෙන්නා එක්ක පල්ලම බැහැලා නොපෙනිලා යද්දි වාහනේ හරවගත්තු දෙනෙත්ගෙ තාත්තා ගමන් කරන්න ගත්තෙ සිංහවංශ වලව්ව පැත්තට.දිවාෂවත් බස්සවගෙන ආව දෙනෙත්ලා සිංහවංශ වලව්වෙ කාටහරි අද ඒ ජෝඩුව දෙනෙත්ලගෙ ගෙදර යනවා කියන පණිවිඩේ දීගෙන යන්නයි ලෑස්ති උනේ.

"දෙවින් කොල්ලො....බැහැලා කියල එනවද කාටහරි ? එහෙ යං අද.....නිශ්ශංක අයියා එන්නෙත් නෑනෙ අද.තුවාල පිටින් ගෙදර තනියම ඉන්න ඕන්නෑනෙ"

"අප්පච්චි හිටියා කියලත් මේ තුවාල වලට කවුරුත් සාත්තු කරන්නෑ මාමෙ....අපි දෙන්නට අපි දෙන්නයි මේ යාලුවො ටිකයි විතරයි"

වේදනාත්මක හිනාවක් පා කරලා ඇරිය දෙවින් වලව්වෙ කාටහරි පනිවිඩේ කියන්න එලියට බහින්න හැදුවත් දෙවින්වත් පෙරලගෙන තෙවින් ඒ වැස්සෙම වාහනෙන් එලියට බැස්සා.ඇස් දෙකත් ලොකු කරන් තෙවින් දිහා බැලුව දෙවින් මොනාහරි කියන්න කට ඇරියත් තෙවින් ඉක්මනටම කතා කලා.

"මම ගෙදර ඉන්නම් අයියෙ....ඔයා දෙනෙත්ලගෙ දිහා යන්න"

"තුවාල වලට බේත් දා....."

"මට පුළුවන්.....අයියලා යන්නකෝ...බායි....මාමේ යනවා මම බායි....දෙනෙත් යනවෝ"

කාටවත් මුකුත් කියන්න කලින් වලව්ව පැත්තට දුවලා ගිය තෙවින් දිහා බැලුව දෙවින් ලොකු හුස්මක් පහල දාලා යං කියලා දෙනෙත්ගෙ අප්පච්චිට සන් කරද්දි වාහනේ ඉදිරියට ඇදෙන්න ගත්තා.

"ආ ලොකු පුතා....මොකෝ ඒ පොඩි කොල්ලා පැනල දිව්වෙ? දැන් බේත් දාගන්නෙ තනියෙන්ද ඒකා?"

"අනේ මංදා මාමෙ....මුගෙ මොකක්ම හරි වෙනසක් තියෙනවා....මට හිතාගන්න බැරි මොකද්ද ඒ කියලා.."

ආසනේට ඔලුව ගහගත්තු දෙවින් කියද්දි නිහඩ උනු දෙනෙත්ගෙ තාත්තා වාහනේ ඉදිරියට පදවගෙන ගියා.

...................................................................................................

"සීතලයි නේද නේත්‍ර?"

"ඔව් සුදුබේබි....ආව ගමන් නාගත්තු නිසා සීතල ඇල්ලුවෙ නෑ....නැත්තං එහෙම මේ වගේ ඉදලා බේරෙන්න වෙන්නෙ නෑ"

ආශවගෙ අත් දිග ලොකු කමිසයක් අස්සට බැහැලා උන්නු නේත්‍ර හිටියෙ ආශවට මූණ ලා ඉදගෙන.ආශවගෙ කලිසමකට කටුත් ගහලා ඇදන් උන්නු නේත්‍රගෙන් එලියට පෙනුනෙ පුංචි අල්ලවල් දෙකයි,කකුල් දෙකේ යටිපතුලුයි විතරයි.නාහෙ අග පොඩ්ඩක් රතු වෙලා තිබ්බ නේත්‍රගෙ මුළු ඔලු ගෙඩියමයි,කන් දෙකයි ඔක්කොම වැහෙන්න ආශව ඝනකම් තුවායක් ඔතලා තිබ්බා.හා දත් දෙක එලියට දාලා ආශව එක්ක හිනා වුණු නේත්‍ර දෙන්නගෙ මැද්දෙ තිබ්බ පොල් ලෙලි,පොල් කටු දාලා අවුලවලා තිබ්බ  ලොකු තාච්චියට කකුල් දෙකයි අත් දෙකයි අල්ල අල්ල හිටියා.ආශව හීතලට ගිනි තැපිල්ලත් පැත්තකට දාලා බලාගෙන හිටියෙ තමන් ඉස්සරහ ඉන්න පුළුං බෝලෙ දිහා.ආශව දිහා බල පුංචි කකුලුත් ඉස්සරහට දික් කරං උන්නු නේත්‍ර ගැස්සිලා ගියේ ආශවගෙ දොරට තට්ටු කරන සද්දෙට.

"නේත්‍ර ඔහොම ඉන්න!"

නේත්‍රට ඉන්න තැනම ඉන්න කියලා අතින් සන් කෙරුව ආශව එහෙම්මම නැගිටලා ගියේ දොර ලගට.දොර බාගෙට ඇරිය ආශව එලියෙ හිටිය සුපිපි දිහා බලද්දි සුපිපි තේ දෙකක් අරං ආව තසිම ආශවට දික් කලා.ඒක ඇතුලට ගත්තු ආශව එහෙම්මම දොර වහලා දාලා නේත්‍ර ලගට ඇවිත් ඒ පුංචි අත් දෙක උඩින් තේ කෝප්පෙ තියද්දි ආශව එක්ක හිනා වුණු නේත්‍ර තේ කෝප්පෙ අතට ගත්තා.

"සුදුබේබිගෙ කාමරේ දුම් ගද ගහාවි....අපරාදෙ එලියෙන් තියාගන්නනෙ තිබ්බෙ"

"එහෙම උනානම් නේත්‍රට ගිනි තපින්න වෙන්නෙ නෑනෙ?"

"සුදුබේබි? ඔව් නේද?"

"ඔව්....මේක එලියෙන් තිබ්බනම් නේත්‍රට මම එක්ක ඉන්න වෙන්නෑනෙ....ඒකයි මම බඩු ටික ගෙන්නගෙන තනියම මේක පත්තු කරගත්තෙ"

"සුදුබේබිට මම ආදරෙයි....හුගාක්"

"මමත් නේත්‍ර....ගොඩාක් ආදරෙයි"

නැගිටලා ආව ආශව නේත්‍රගෙ ඔලුව තමන්ගෙ බඩට තද කරගනිද්දි නේත්‍ර තේ කෝප්පෙ එක අතකින් අල්ලන් ආශවගෙ ඇගට තුරුල් උනා.නේත්‍රගෙ ඔලුව අතගගා තේ උගුරෙන් උගුර බිව්ව ආශවගෙ ඇස් දෙක තිබ්බෙ කවුළුවෙන් එපිට.ආශවගෙ ඔලුවෙ දිව්වෙම අද ගැටපිච්ච මල් කොච්චර පිපිලා ඇද්ද කියන එක.ඒත් එක්කම නේත්‍ර තමන්ගෙ බඩේ නහය ගාවනවා දැනුනු ආශව ටිකක් නැවිලා නේත්‍රගෙ හිස් මුදුනෙන් හාද්දක් තිබ්බා.නේත්‍ර එහෙම කරන්නෙ හුරතල් වෙන්න වගේම තමන්ගෙ අවධානෙ නේත්‍ර මතම රදවගන්න කියන එක ආශව තේරුම් අරං හිටියා.

"සුදුබේබි....."

"ම්ම්ම්?"

"හෙට ප්‍රැක්ටිස්ද?"

"තියෙනවා කියලා නම් කිව්වා...ටයිම් එකක් කිව්වෙ නෑ....හෙට ඔන්ලයින් ක්ලාස් එකක් පවා තියෙනවා නේත්‍ර..."

"සෙනසුරාදා නේද හෙට? එකක් නෙවේනෙ සුදුබේබි...තුනක් තියේ.....හතේ ඉදලා නවය වෙනකං බීඑස් තියරි,දහයෙ ඉදන් එක වෙනකං රිවිශන්....ඊලගට එකේ ඉදන් හතර වෙනකං අකවුන්ටින් රිවිෂන්....තුනම් තියේ සුදුබේබි හෙට"

"අනේ අම්මේ....මට වඩා මේකට මතකනෙ"

"ඔව් සුදුබේබි....නේත්‍රට සුදුබේබිගෙ දේවල් අමතක වෙන්නෙ නෑනෙ"

"මම දන්නවා ඒක මැණිකෙ....හෙට ප්‍රැක්ටිස් තිබ්බොත් ඔය ටික....."

"මම රෙකෝඩින් දාලා තියන්නද සුදුබේබි? මට ක්ලාස් එකේ ලොගින් පාස්වර්ඩ් දීලා යන්න"

"ආ....ඔව්මයි....නේත්‍රට පුලුවන්ද?ඔයාගෙ පාඩම් කරන ටයිම් එකනෙ ඒ උනාට මේ...."

"නෑ සුදුබේබි....රිවිෂන් එහෙම අපිටත් කරල තියෙන ඒවනෙ කරන්නෙ.මම බලලා රෙකෝඩින් දාන්නම්"

"මම ලැප් එක නේත්‍රට දීලා යන්නම් එහෙනම්....පාස්වර්ඩ් කලින් ඒවමයි....වෙනස් කරලා නෑ"

"හරි සුදුබේබි.....සුදුබේබි,මේක දැන්නම් නිවීගෙන එන්නෙ"

"කෝ ඉන්න"

නේත්‍රගෙ හිස් තේ කොප්පෙ මේසෙ උඩින් තිබ්බ ආශව නේත්‍රව උස්සලා අරගෙන ඇදේ හාන්සි කරවලා ඇතිරිල්ලකින් පොරවලා තාච්චිය රෙදි කෑල්ලකින් අල්ලන් දොරෙන් එලියෙන් තිබ්බා.

"සුපිපි! ඇවිත් මේ තාච්චිය අරං යනවා! ආයෙ මම දොර අරිද්දි මේක මෙතන තියෙන්න බෑ!"

කෑගහලා කතා කල ආශව දොර වහලා අගුලු දාලා අල්මාරියෙන් තව ඇතිරිල්ලක් අරං ඇවිත් නේත්‍ර ලගින්ම ඇල වුණා.ඇතිරිල්ලෙන් තමන්ව පොරවගත්තු ආශව නේත්‍රට ලගට කතා කරද්දි ඇද දිගේම ආශවට කිට්ටු උනු නේත්‍ර ආශවගෙ අත උඩින් තමන්ගෙ ඔලුව තියන් ඇස් පියාගත්තා.නේත්‍ර එක්කම සුව නින්දකට වැටිලා රෑ කෑමටම ඇහැරෙනවා කියලා හිතාගත්තු ආශව ඇස් පියාගත්තත් ඒත් එක්කම ගැස්සිලා ගියේ තමන්ගෙ දුරකතනෙ නාදවෙන සද්දෙට.ඇස් පියං උන්නු නේත්‍රත් සද්දෙට ඇහැරිලා බලන් හිටියෙ ආශව දිහා.

"ඇයි සුදුබේබි?"

"දන්නෙ නැති නම්බර් එකක් නේත්‍ර......කවුද දන්නෑ"

"අරං බලන්නකො සුදුබේබි"

නේත්‍රට ඔලුව වැනුව ආශව නේත්‍රව තව ටිකක් තුරුල් කරං ලගට ගත්තා.ආශවගෙ පපුවට තුරුල් උනු නේත්‍ර ආශවගෙ මූණ දිහා බලලා ඇස් පිල්ලම් ගහද්දි නේත්‍රට ඇහැක් ගැහුව ආශව දුරකතන ඇමතුමට සම්බන්ධ උනෙත් නේත්‍රගෙ මූණ තක්කාලි ගෙඩියක් වගේ රතු උනෙත් එකම වෙලාවෙ.

"හෙලෝව්..."

"හෙලීව්...ආශව අයියා...."

"හූ ඊස් දිස්?"

"මිකායෙල් අනේ...ඔයාට කටහඩින් අදුරගන්න බැරිද?"

"ඇයි? කලින් නම්බර් එක බ්ලොක් කල නිසාද අලුත් එකකින් ගත්තෙ?"

"ආශව අයියා....ඔහොම කතා කරන්න එපා මට....ප්ලීස් මම එක්ක ටිකක් කතා කරන්න"

"තමුන් එක්ක මොනා කතා කරන්නද මිකායෙල්....මට ලවර් කෙනෙක් ඉන්නවා කියලා දැන දැන...මොකද්ද මේ නටන පිස්සුව කියනවා!"

"ඇයි ඔයා ඔහොම කතා කරන්නෙ ආශව අයියා!!! ඇයි?"

මිකායෙල් කෑ ගැහුව කෑ ගැහිල්ලට දුරකතනෙ කනට තියං හිටිය ආශවගෙ ඇහැක් පවා පොඩි කරන්න තරම් හැකියාවක් ලැබුනු කෑ ගැහිල්ලක් උනා.ආශව ඒත් එක්කම බැලුවෙ තමන්ගෙ උරහිස හරියෙ මූණ ගහං තමන් දිහා ඇසුත් බෝල කරං බලන් ඉන්න නේත්‍ර දිහා.ඒ රූපෙ වගේම ගතිගුණත් කොච්චර නම් සන්සුන්ද කියලා කල්පනා කෙරුව ආශව තත්පර ගාණකට අරං කෑ ගහන මිකායෙල්ව අමතක කරලා නේත්‍රගෙ නලලෙන් හාද්දක් තිබ්බා.නේත්‍ර ආශව දිහා ආදරෙන් බලන් ඉද්දි ප්‍රශ්නයක් නෑ කියලා නේත්‍රට සන් කෙරුව ආශව එහෙම්මම දුරකතනේ ස්පීකර්ස් සක්‍රීය කරලා නේත්‍රටත් ඇහෙන්න සැලැස්සුවා.

"ආශව අයියා ඔයා අහන්ද ඉන්නෙ? ඇයි ඔයාට මාව තේරුම් ගන්න බැරි?"

දුරකතනෙන් ඇහෙන මිකායෙල්ගෙ කටහඩ නිසා ඇසුත් ලොකු කරං ආශව දිහා බැලුව නේත්‍ර ආශවට හෙමින් කිව්වෙ සන්සුන් වෙන්න කියලා.මොකද මිකායෙල් වගේ මිනිහෙක් එක්ක කේන්තිඅරං හැසිරෙන්න බැරි බව නේත්‍ර හොදටම දැනන් හිටියා.නේත්‍ර දිහා බලලා ඔලුව උඩ පහල කෙරුව ආශව ලොකු හුස්මක් පහල දාලා මිකායෙල්ට උත්තර දෙන්න ගත්තා.

"මේ අහගන්නවා! තමුන් හොදටම දන්නවා මට ලවර් කෙනෙක් ඉන්නවා කියලා....එහෙම වෙලත් මේ කරන විකාර නවත්තනවා මිකායෙල්! මොන වදයක්ද තමුසෙ මේ මට දෙන්නෙ!"

"ඔහොම කතාකරන්න එපා ආශව අයියා....ප්...ප්ලීස්...."

මිකායෙල් ඉකි ගගහා අඩන්න ගනිද්දි ආශව එපා වෙලා වගේ උඩ බලාගනිද්දි නේත්‍ර නම් ඇස් ගෙඩි දෙක තව ලොකු කරගන්න ගමන් දුරකතනෙ දිහා බලන් හිටියා.මිකායෙල්ගෙ ඉකි ගැහිල්ල වැඩි වෙන්න වැඩි වෙන්න ආශව දත් මිටි කන හැටිවත්,ආශවගෙ අත මිට මෙලවෙන හැටිවත් නේත්‍ර දැක්කෙ නෑ.හයියෙන් ඉකි ගගහා අඩන මිකායෙල් පවා එකපාරටම ඇඩිල්ල අඩු කරගත්තෙ හදිසියෙම ඇහුණු ආශවගෙ කටහඩ නිසා.

"ඕයි මේ! වදයක් නොවී ඉන්නවකො! මොන කරුමයක්ද මේ? අඩ අඩ වද දෙන්නෙ! මට අඩන එවුන්ව හුරතල් කරන්න බෑ...මම ඉන්නෙ ඒකට නෙවෙයිනෙ! අඩනවා අඩනවා ඉවරයක් නෑ! තමුසෙ ගිහින් වෙන කා හරි එක්ක දුක කිය කිය අඩා ගන්නවා! මිකායෙල් මේ...මම ආයෙ නොකිව්වා කියන්න එපා! ඊලග දවසෙ උබ මෙහෙම වද දුන්නොත්නම් මම මෙහෙම කියලා විතරක් ඉන්නෙ නෑ...පොඩි එකෙක්නෙ කියලා ඉවසගෙන හිටියට හිතන්න එපා මම මේ උබට අනුකම්පාවක් හරි දක්වනවා කියලා...නෑ උබ වගේ උන්ට කියලා වැඩක් නැති නිසයි මෙච්චර දවස් කට පියං හිටියෙ....හැබැයි ආයෙ එහෙම නෑ....නිකං මෙතන විලාප තියන්නෙ නැතුව පලයං! කරුමයක් උනානෙ මේක!"

කේන්තියෙන්ම දුරකතන ඇමතුම විසන්ධි කෙරුව ආශව දුරකතනෙ ඇදේ කොණකට විසික් කරලා හයියෙන් හුස්ම උඩ පහල දාන්න ගත්තා.ඒත් එක්කම ආශවගෙ උරහිසට තෙතක් දැනුනු ගමන් ආශව ඇස් දෙකත් ලොකු කරං බැලුවෙ නේත්‍ර දිහා.නේත්‍ර කටට අතක් තියාගෙන පිටවෙන්න යන ඉකිය හිර කරං කදුළු වක්කරන හැටි දැක්ක ආශවගෙ අර කේන්තිය ඒ ක්ෂණිකයෙන් දුකකට පෙරලුනා.

"ඇයි මගෙ මැණික මේ? ම්ම්ම්ම්.....මගෙ නේත්‍ර මොකෝ මේ අඩන්නෙ?"

"ම්...ම්හ්...මං අඩන්නෑ සුදුබේබි....ආ...ආයෙ අඩන්නෑ...."

"බය වෙලා වගේ ඇයි දෙයියනේ මේ....කෝ එන්න"

"න්..නේහ්...නේත්‍ර ඇඩුවොත් සුදුබේබිට.... නේත්‍ර... ව.... එපා වෙයි ......ආයෙ....අඩන්නෙ නෑ....."

"නේත්‍ර....දෙයියනේ මගෙ රත්තරනේ....."

ආශව එහෙම්මම ඉකි ගහන නේත්‍රව තමන්ගෙ පපුවට තද කරගනිද්දි නේත්‍ර මහා හයියෙන් අඩන්න ගත්තා.එලියෙන් වැටෙන වැස්සෙ සද්දෙත් එක්ක නේත්‍රගෙ ඇඩිල්ලෙ සද්දෙ එලියට ඇහෙන එක සීමා උනත් නේත්‍රගෙ ඇඩිල්ල එක්ක ආශවගෙ පපුව වේදනාවෙන් බර වුණා.ආශවට තත්පර ගාණකින් තේරුම් ගියා නේත්‍ර මේ අඩන්නෙ කලින් මිකායෙල්ට කිව්ව දේවල් නිසා කියලා.නේත්‍රගෙ හිස් මුදුනෙන් විනාඩි ගාණක් තිස්සෙ තොල් තද කරං උන්නු ආශව හෙමීට ඈත් වුණේ නේත්‍රගෙ ඉකිය අඩුවෙද්දි.

"මගෙ නේත්‍ර....මේ අහන්නකො"

"කි...කියන්න සුදුබේබි"

"නේත්‍ර දන්නවා නේද? මම ලගදි නේත්‍රට සීමා නෑ....නේත්‍රට නේත්‍රම වෙලා ඉන්න පුළුවන් කියලා"

"ඔ....ඔව් සුදුබේබි"

"මිකායෙල්ලා කවුද?උන් පිට එවුන්....ඒ උනාට නේත්‍ර? නේත්‍ර මගෙනෙ....නේත්‍ර මගෙ....පිට උන්ට අදාල නීති නේත්‍රට අදාල නෑ..."

"ම්ම්ම්ම්.....තේරුනා මට"

"මිකායෙක්ලා අඩද්දි උන්ව නලවන්න.....උන්ගෙ හිත් සනසන්න මට බෑ නේත්‍ර.... ඒවගේ උන් මැරෙන්න වැටිලා හිටියත් බලනවද නැද්ද කියන එක ඒ වෙලාවෙ මගෙ මූඩ් එක අනුව තීරණේ වෙන්නෙ....ඕම ඇස් ලොකු කරං බලන්න එපා...ඔව්...ඔයාගෙ සුදුබේබිට පිට එකෙක් මැරුණත් කමක් නෑ....හැබැයි නේත්‍රට එහෙම නෑ.නේත්‍රට පණ උනත් දෙන්න මට පුළුවන්"

"මගෙ සුදුබේබි.....සුදුබේබි මාව දාලා යන්නෙපා කවදාවත්ම"

"කවදාවත් නෑ නේත්‍ර....ඔයා ඕනි තරම් මාත් එක්ක හිනා වෙන්න,මාත් එක්ක අඩන්න,මාත් එක්ක හුරතල් වෙන්න....මගෙ හිතෙ ඒ හැමදේකටම ඉඩ තියෙන්නෙ ඔයාට විතරයි....ඔයාට විතරමයි"

නේත්‍රගෙ නලලෙන් හාද්දක් තිබ්බ ආශව මොකක් හරි මතක් උනා වගේ එකපාරටම ගත්තෙ දුරකථනෙ.ඒ අරගෙන මොකක් හරි ඔබලා ඒක නේත්‍රගෙ මූණ ඉස්සරහට ලං කලා.

"මේ මො....ආ....ටැටූ එකක්...."

"ඕ....ලස්සනයිද?"

"මම ටැටූ ගහන අයට බයයි සුදුබේබි....එයලා මිනීමරුවො වගේනෙ පේන්නෙ"

"එකක් දෙකක් ගහන අයවත්?"

"නෑ....හුගක් තියෙන අයව....එකක් දෙකක් ගහන අයත් නපුරු අය වෙන්නැති කියලා හිතෙනවා මට...ඇයි සුදුබේබි ඕකක් පෙන්නුවෙ?"

"සුදුබේබි ගහන්න ඉන්නෙ ස්කූල් අවුට් උනාම එකක් .....පේන්නෙ නැති තැනක පලවෙනි එක ගහන්නෙ"

"පේන්නෙ නැති තැනක? පිටේද?"

"නෑ නේත්‍ර....පපුවෙ....පලවෙනි ටැටූ එක ගහන්න ආසයි"

"සුදුබේබි ටැටූ ගහනවනම් ටැටූ ගහන්නෙ නරක අය නෙවේ කියලා මට බය නොවී ඉන්න පුළුවන්"

"කමක් නැද්ද මම ගැහුවට?"

"කමක් නෑ....සුදුබේබිගෙ ආසාවනෙ....අනික සුදුබේබි තව ලස්සන විදියට පෙනෙයි එතකොට...."

"ම්ම්ම්ම්....ලස්සනක්නම් දන්නෑ....එකක් දෙකක් ගහන්න ආසයි"

"පපුවෙ ගහන්නෙ මොකද්ද සුදුබේබි?"

"දා හතර අංකෙ"

"ආ...සුදුබේබිගෙ ස්කූල් ක්‍රිකට් ජර්සි නම්බර් එක"

"ඊට වඩා දෙයක් පේන්නෑ නේත්‍රට?"

"ම්...මොකද්ද සුදුබේබි?"

"මම ඒ නම්බර් එක තෝරගත්තෙ හේතුවකට...."

"ස්....සුදුබේබි! ඇත්තටම!"

"ඔව්....මම ඉතින් ඕක මෙච්චර දවස් නොකියා හිටියෙ නේත්‍රම හොයාගනියි කියලා හිතලා.....මම ජර්සි නම්බර් එක තෝරගත්තෙම නේත්‍රගෙ නමේ අකුර තියෙන තැන....N අකුර...දාහතර වෙනියටනෙ තියෙන්නෙ"

"සුදුබේබි මට හුගාක් ආදරෙයි....මම දන්නෑ ඒ ඇයි කියලා කියන්න....ඒත් මගෙ ජීවිතේ වටිනම දේත් සුදුබේබිගෙ ආදරේ"

"මගෙ ජිවිතෙත් මම සතුටින්ම කරන දේවල් දෙක....නේත්‍රගෙන් ආදරේ විදින එක....නේත්‍රට ආදරේ කරන එක..."

"සුදුබේබිටත් මම හුගාක් ආදරෙයි....."

"නේත්‍ර......"

"ඕ සුදුබේබි....."

"අපි බබාලා තුනක් හදමු!"

"දෙයියෝ සුදුබේබි! නරක කතා කියන්නෙපා"

"දැන් මොකද්....අනේ අනේ...මේ මොකද මේ මූණ රතු කරං"

"සුදුබේබි ඕන්නැති කතා කියද්දි ලැජ්ජයිනෙ....."

"ලැජ්ජා වෙන්න එපා මැණිකෙ....කොහොමත් ඔව්වා ඉස්සරහ....."

"අනේ එපා සුදුබේබි.....හෑයියා"

"හෑයියා කියයි බබාලා තුනක් ගෙදර දුවද්දි"

"එහෙම ආසයි....චූටියො තුනක්ම"

"හ්ම්ම්ම්.....තුනම කොල්ලො"

"කොල්ලො? අම්මෝ සුදුබේබි වගේ උනොත් අපිට තුන් දෙනා පස්සෙ දුවලා හති වැටේවි"

"එකක් මම වගේ.....එකක් නේත්‍ර වගේ....එකක් අපි දෙන්නම වගේ උනොත් හරි"

"අනේ ශෝයි සුදුබේබි....චූටි බටු කොලු පැටව් තුනක්"

"ආ....හැයියා කිව්ව එක්කෙනාගෙ සතුට බලන්නකො"

ආශව නේත්‍රව තුරුල් කරගෙන නේත්‍රගෙ කම්මුල් දෙකම්ස් හාදු වලින් නාවන්න ගත්තා.අනාගතේ වෙන්නෙ මොනාද නොදැන දෙන්නම හීන ලෝකයක් මවන්න පටන් අරං තිබ්බා.හීන හැබෑ වෙයිද නැද්ද නොදැන ආශවයි නේත්‍රයි ලස්සන හීන ලෝකෙක ජීවත් වෙන්න පටන් අරං තිබ්බා.හැබැයි එක දෙයක්! ආශව නේත්‍ර දෙන්නගෙ වගේ ආදර හරි ශක්තිමත්! ඒවගේ ආදරේකට කරන්න බැරි දේකුත් නැහැ!

"මගෙ මැණික....දැන් ටිකක් නිදාගමු....හීතල මදිවට ඇඩුවත් එක්කනෙ බටු ඇටේ....කෝ එන්න....ආයෙ රෑ කෑමටම නැගිටිමු"

"හා සුදුබේබි....දොයිමතයි තමා"

ආශවගෙ පපුවට ගුලි ගැහුනු නේත්‍ර ඇස් දෙක පියාගනිද්දි ආශවගෙ නේත්‍රගෙ හිස් මුදුනෙන් හාද්දක් තියලා ඇස් පියාගත්තා.

.

.

.

.

.

"ආහ් යුගාන්....."

"කෙදිරි නොගා ඉදපං!"

"ඌහ්...ආහ්....හෙමින් යුගාන්...."

"කෑ ගහන්න එපා යකෝ! කොල්ලෙක් නේද?"

"කොල්ලෙක් උනාට උඹත් කොල්ලෙක්නෙ....උඹේ හයියට ඕක ඇතිල්ලුවට මට රිදෙනවා!"

"හරි තව ටිකයි....ඉවසන් ඉදින්"

"ආහ්.....රිදෙනවා....ආහ්...යුගාන්....දැන් ඇති"

"ඉදපං....මේක තියලා ප්ලාස්ටර් කෑල්ල ගැහුවම හරි"

"යකෝ ඩොකෙක් ලගට ගියානම් මීට වඩා ලේසියෙන් බේත් ටික දානවා"

"කටනම් තියෙනවා මහ පගයගෙ! යුගාන් මේ බලන්නකෝ කියාගෙන වද දෙන්න එන්නෙ මම ලගට!"

"අප්පෝ කෑ ගහන්න එපා යුගාන්! මගෙ කන කීං කීං ගානවා"

තෙවින්ගෙ තුවාල දෙක තුනට බේත් දාලා ඉවර කෙරුව දිවාෂ තෙවින්ගෙ ඔලුවටත් පාරක් දීලා තෙවින් ලගින්ම ඉදගත්තා.දවල් ගෙදරට ඇවිත් නාලා කාලා සීතලේ නිදාගන්න ඇදට පැන්න දිවාෂට ඇහුනෙ පහලින් ජානකී කතා කරන සද්දෙ.ඇතිරිල්ලත් පොලවෙ ගහලා යකා නැගලා පහලට බැස්ස දිවාෂ දැක්කෙ මුඛ ආවරණයකුයි තොප්පියකුයි දාන් ගෙදර සාලෙ මැද හිටගෙන උන්නු තෙවින්ව.කාමරේට එක්කං ගිය තෙවින්ගෙන් ඇයි අහද්දි මුඛ ආවරණෙ වගේම තොප්පියත් ගලවලා තුවාල ටිකට බේත් දාන්න පුලුවන්ද කියලා තෙවින් අහිංසක විදියට අහද්දි දිවාෂගෙ හිතත් නොසෑහෙන්න මෙලෙක් උනා.හැමදාම වගේ තෙවින්ගෙ ගැටේට අහු උනු දිවාෂ තුවාල පිරිසිදු කරලා බේත් දාලා ඉවර වෙලා තෙවින් එක්ක කතා කරන්න ගත්තා.

"ඒ කියන්නෙ ආර්යටත් ගහලා තියෙන්නෙ අරුන් නේද?"

"ඔව් යුගාන්.....මහීල් කියන එකා ඔයාගෙ පස්සෙන් එනවද?"

"පස්සෙන්ම එනවා කියලා කියන්න බෑ....ඒත් අනේ මංදා...ඌ හැබැයි හොද එකෙක්නම් නෙවෙයි"

"උන් හොද නෑ තමා....බලපං අද කිව්ව කතාව! බල්ලගෙ දත් ටික බඩට යවාගන්න පුළුවන් උනේ නෑනෙ මට"

"මහීල් කියන එකා මම එක්ක මැසේජ් කරන්න අරං නිකං අර හිතවත් වෙන්න වගේ ආවෙ....හැබැයි උන්ගෙ නෑදෑයො රධීන්ලා....රධීන් කොහොමත් ආසවයයි නේත්‍ර චූචියයි එක්ක ඇරියස්....ආශව පොඩි කාලෙ ඕකගෙ අතකුත් කැඩුවනෙ....මහීල්ටත් නේත්‍රව පෙන්නන්න බෑ....නේත්‍ර හැමදෙයින්ම ඌව පාස් කරන නිසා....ක්ලාස් එකේ ෆස්ට් ප්ලේස් පවා නේත්‍ර ගනිද්දි මහීල් හැමදාම දෙවනියා.ඔය වගේ පුංචි පුංචි දේවල් පැසවලා තමා දැන් ඕකුන් දෙන්නම මොකක් හරි අංචියක් අදින්න හදන්නෙ"

"ම්ම්ම්.....යුගාන් පරිස්සම් වෙන්න....මොකක් හරි අවුලක් වගේනම් මට කියන්න"

"අනේ උබට නම් කියන්නෑ දෙවින් පණට කිව්වත්....යකෝ අදනෙ මුගෙ වැඩ දැක්කෙ....කටට කලින් අත වැඩ! තව ටිකකින් අරුන්ගෙන් එකෙක් මැරෙනවා.මම හිතාගෙන හිටියෙ ආසවයා විතරයි කියලා ඔහොම යකෙක් වගේ හැසිරෙන්නෙ....බලද්දි මූත් එහෙමනෙ"

"එහෙම නෑ යුගාන්....මට ටිකක් කේන්ති ගියා අද"

"ටිකක් ඔහොමනම් හුගක් කේන්ති ගියාම! අනේ මේ...."

"මේහ්....අර මිකායෙල්...."

"ඔව්....මොකද්ද ඌ?"

දිවාෂ ඇද උඩට නැගලා එරමිණියත් ගොතාගෙන තෙවින්ගෙන් අහද්දි තෙවින් දිවාෂ දිහා බලලා ලාවට හිනා වුණා.දිවාෂ බලන් හිටිය විදියට දිවාෂගෙ කම්මුලක් මිරිකන්න තෙවින්ට හිතුනත් තෙවින් ඒ හැගීමට බය උනා.දිවාෂට තමන් රිද්දයි කියන හැගීමෙන් තෙවින්ගෙ හිත වෙවුලන්න ගත්තා.දැන් දැන් දිවාෂ ගැන දැනෙන හැගීම මොකද්ද කියලා තෙවින්ට කල්පනා කරන්න ඕනි උනත්,තෙවින් ඒ ගැන හිතන එක පැත්තකට දාලා දිවාෂ දිහා බලලා කතා කරන්න ගත්තා.

"මිකායෙල් කලින් යාලු වෙලා ඉදලා තියෙන්නෙත් බෝයි කෙනෙක් එක්ක....කෙනාව දන්නවද?"

"දන්නවනම් කට බලියං උබ දිහා බලන් ඉන්නවද තෙවින්?"

"ඒකත් ඇත්ත නේද? මිකායෙල්ගෙ කලින් බීඑෆ් තමා,කරුණාරත්න මන්ත්‍රීගෙ පුතා"

"රියලි! ඌද? ඕකා කෙල්ලෙක්ගෙ රේප් කේස් එකකටත් අහු උනා"

"ඔව් නේද? මාත් දැනගත්තා ඒක....මිකායෙල් කියන්නෙත් ඉතින් හයික්ලාස් පොරක්නෙ....ඌ එක්ක සෙට් වෙන්න ඇත්තෙ දෙන්නම එකම මට්ටමේ හින්දා....අනික මිකායෙල් ගේ....ඒක උගෙ සෙක්ෂුවලිටි එක.ඌ කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉදලම නෑ"

"ම්ම්....ඔව්....ඕකට කෙල්ලෙක් ඉදලනම් නෑ තමා"

"අහන්නකො ඉතින්, ඔයා හිතනවද කරුණාරත්න මන්ත්‍රීගෙ පුතා වගේ එකෙක් එක්ක යාලු වෙලා හිටිය මිකායෙල්ගෙ ගන්න දෙයක් ඇති කියලා? අනික මිකායෙල්ලා වගේ අය ලව් කරනවට වඩා දේවල් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා"

"ඔව්....මට තේරෙනවා"

"ම්ම්ම්.....මිකායෙල් හදන්නෙ දැන් ආශවගෙ කරේ එල්ලෙන්න...එකක් ආශවයගෙ සල්ලි....අනික ආශවයගෙ රූපෙ.ඔතනින් එහා දෙයක් මිකායෙල්ට පේන්නෙත් නෑ,මිකායෙල් ආසා කරන්නෙත් නෑ"

"ඔව්.....මටත් ඒකනම් හිතුනා....මිකායෙල් ආසව එක්ක කතා කරද්දි උනත් හෙනම අමුතුයි"

"හ්ම්ම්.....යුගාන් මහීල්ගෙන් පරිස්සම් වෙල ඉන්න....නේත්‍ර මල්ලිවත් රධීන්ගෙන් පරිස්සම් කරගන්න.අපිත් ඉන්නවනෙ ඔයාලා එක්ක....රධීන් අද අර ඔය දෙන්නා ගැන කියද්දි ඌ ඒක හෙනම අමුතුවට කිව්වෙ....නිකං හෙනම ෂුවර් එකෙන් වගේ....මට හිතෙනවා මොකක්ම හරි දෙයක් ලගදිම වෙයි කියලා....හිතුවක්කාරෙට වැඩ කරන්න එහෙම යන්න එපා යුගාන් තේරුනාද?"

"හ්ම්ම් හ්ම්ම්.....කරන්නෑ"

"කොහෙවත් තනියම යන්න එපා...ක්ලාස් තිබිලා රෑ වෙන දවස් තියේද? තියේනම් මට කියනවා මම එන්නම් ගන්න....නේත්‍ර මල්ලි ක්ලාස් යන්නෙ නෑනෙ?"

"නෑ....චූචියා ක්ලාස් යන්නෑ"

"ගියත් නේත්‍රව ආශව බලාගන්නවනෙ....තමුසෙ බක පණ්ඩිතයෙක් නොවී ඉන්නවා හරිද? නැත්තං ගහනවා මම"

"අනේ මේ! ටිකක් බුරුලක් දුන්නම එන්න එපා උබ පාට් එක දාගෙන....දෙන්නෙ දත් ඇන්ද බඩට යන්න....ගෙදර යන්නෙ නැද්ද දැන් උබ? අද රෑත් බින්න බහින්නද හදන්නෙ?"

"ගෙදර කවුරුත් නෑ යුගාන්.....මට බෑ රෑ තනියම ඉන්න"

"ඇයි මහ කුමාරිහාමි ඉන්නෙ?"

"අනේ බෑ අනේ....අත්තම්මා මේ ටිකේම කිරිඅත්තා ගැන කියෝනවා....කිරි අත්තව හීනෙන් පේනවලු....එයාටත් යන්න කාලෙ ඇවිල්ලා වෙන්න ඇතිලු"

"ඉතින්?"

"ඉතින් කියන්නෙ? ඔය රෑක අත්තම්මා මලොත් එහෙම? අම්මෝ මට බෑ මිනියක් එක්ක ගෙදර ඉන්න"

"ඔය මහ කුමාරිහාමිවනම් මටත් සෙට් නෑ තෙවින් හරිත? දෙවින් පණ එක්ක මම මුකුත් කියන්නෑ..ඒත් ඉතින් උබර් මම වගේම අපතයෙක් නිසා මේ කියන්නෙ"

"ඔව් යුගාන්.... අත්තම්මවනම් මටත් සෙට් නෑ....කොයි වෙලෙත් වංශෙ බකල් ගානවා"

"බකල් නෙවේ යකෝ කබල්"

"අන්න ඒක....එපා වෙනවා....ගමේ මනුස්සයෙක් එක්ක හිනා උනත් බයිනවා....කතා කලත් බයිනවා.අයියා දන්නවා අත්තම්මා ඉන්න තැනක හැසිරෙන්න.මම ඉතින් මනුස්සයෙක් හිනා උනාම හිනා වෙනවා.ගෙදර ගිය වෙලේ ඉදලා මගෙ පලු යවනවා"

"ආසවයත් ඒ වගේනෙ....ගමේ මිනිහෙක් එක්ක ලේසියකට හිනා වෙන්නෑ"

"ඒකනෙ....මටත් එහෙම ඉන්නලු....මට හුරු නෑනෙ යුගාන්....කොළඹ ඉද්දි ඔය මලදාන මුකුත් නෑ....ලමයෙක්ගෙ වාසගමක් අපි දන්නෙවත් නෑ....ඌ කාගෙ කවුද? අම්මා අප්පා අත්තා මුත්තගෙ විස්තර කවුරුත් හොයන්නෙත් නෑ....අපේ අත්තම්මලා වගේමනෙ අප්පච්චිත්.එයාලගෙ ගතානුගතික හිතීම් එක්ක ඉන්න හරි අමාරුයි"

"අනේ මංදා.....මට තේරෙනවා තවුසෙ කියන දේ....ඒ උනාට අත්දැකීම් අඩුයි.අපේ අම්මයි අප්පච්චියි එහෙම හිතන අය නෙවේනෙ.....ඒ නිසා හරි සැහැල්ලුයි"

"ම්ම්ම්ම්.....ඔයා වාසනාවන්තයි"

දිවාෂ ටික වෙලාවකට කලින් පහලට ගිහින් අරං ආව තේ එක අතට අරං බොන්න ගත්තු තෙවින්,තමන්ගෙ ජීවිතේ මේ තාක් හම්බුනු තමන්ට සැහැල්ලුවක් වැඩියෙන්ම දැනෙන මනුස්සයා එක්ක පිලිසදරක යෙදිලා හිටියා.තෙවින්ට හේතුවක් නොදැනුනාට තෙවින් වැඩියෙන්ම ඉන්න ආසා කලේ දිවාෂ එක්ක.ගුටි කකා හරි දිවාෂ ලගින් ඉන්න එක තෙවින්ගෙ හිතට ලොකු සැහැල්ලුවක් ගෙනාවා.තෙවින් වැඩියෙන්ම ආසා උනේ දිවාෂ එක්ක ගත කරන එකදු හෝ විනාඩියට.තෙවින්ට දිවාෂ ඉස්සරහ තමන්ම වෙන්න පුළුවන් උනා.ඕනිම දෙයක් නිදහසේ කියන්න පුලුවන් උනා.ඒ හැමදේමත් එක්ක තමන් කිව්ව දේකට ඇසුත් හීනි කරං හිනා වෙන දිවාෂ දිහා බැලුව තෙවින්ගෙ හිත දිවාෂගෙ අර පිරුණු කම්මුලක් අල්ලන්න කියලා කොච්චර කෑගැහුවත් ඒක යටපත් කරං දිවාෂ දිහා බලම් උන්නා.ලගකදි ඉදලා වෙනවා වගේ සුපුරුදු විදියටම තෙවින්ගෙ පපුවෙ පැත්තක් ඒත් එක්කම රිදීගෙන එද්දි තෙවින් තමන්ගෙ සාක්කුවෙන් මොකක් හරි එලියට ගත්තා.

"ඔය මොකද්ද?"

"බාම් එකක් යුගාන්....පපුවෙ කැක්කුමට ගාන එකක්"

"ඒ....ඔයාගෙ පපුවෙ කැක්කුමක්ද? ඩොක්ටර් කෙනෙක් ලගට ගියාද?"

"ඕ.....ඒ උනාට චෙකප් එකෙන් පස්සෙ ලෙඩක් නෑ කිව්වා....ඒත් විටින් විටේ එහෙම හදිසියෙ මොකක් හරි පොඩි කැක්කුමක් ආවොත් ගාගන්න කියලා මේක ලියලා දුන්නා"

"එහෙනම් කමක් නෑ....මම බය උනේ ලෙඩක්ද කියලා"

"නැතුව ඇති යුගාන්....ඒක නිතරම එන්නෑ....මේක ගෑවම අඩු වෙනවා"

පපුවෙ බාම් ටිකක් ගාගත්තු තෙවින් දිවාෂ එක්ක හිනාවෙන ගමන් හිස් තේ කෝප්පෙ පැත්තකින් තියලා නැගිට්ටෙ නානකාමරේට ගොඩ වෙන්න.මොකද අද රෑ ගෙවන්නෙ දිවාෂලාගෙ ගෙදර කියලා තෙවින් මේ වෙද්දි තීරණේ කරලා ඉවරයි.ඇදෙන් නැගිට්ට තෙවින් දිවාෂගෙ තුවායත් අතට අරගෙන නානකාමරේ පැත්තට යන්නත් හදලා ආපහු පාරක් හැරිලා ආවෙ දිවාෂ ලගට.

"යුගාන් ලස්සනයි"

දිවාෂගෙ නහයට තට්ටුවක් දැම්ම තෙවින් මුකුත් නොකලා වගේ නානකාමරේට වැදිලා දොර වහගනිද්දි ඇද උඩම පත බෑවුණු දිවාෂ විනාඩි පහකින් වගේ නැගිට්ටෙ බඩේ දැවිල්ලක් පටන් ගත්තු නිසා.

"අනේ අම්මේ! සුදුකුක්කු එකක් හදලා දෙන්නකො.... බඩ දැවිල්ලයි හොදටම"

නුවර අහස යට ලියවෙන ආදර කතා එක වගේම නොවෙන්න ඇති.සමහර ආදර කතා හරි ලස්සනට,ආදරණීයව,ගැඹුරුව ගලාගෙන යද්දි...ඒ ආදරෙ කතාවල චරිත හරි ගැඹුරු මිනිස්සු වෙද්දි තවත් සමහර ආදර කතා ගලාගියේ හරි සැහැල්ලුවෙන්.ඒවගේම ඒ ආදර කතාවල චරිත වල සාමාන්‍ය විදිය රයිගමයයි ගම්පලයයි වගේ උනාට....ඇතුලින් ඒ චරිතත් හුගාක් ගැඹුරු ඒවා වෙන්න පුළුවන්.

අනාගතේ වෙන හැම දේම දැනන් උන්නු නුවර හුලග පුරුදු විදියටම නුවර පිසගෙන හමං යද්දි ඒ හුලග ඇතුලෙ ගැටපිච්ච සුවද වගේම පොකුරු පිච්ච සුවදත් ගැබ් වෙලා තිබ්බා.හැබැයි එව්වා එකම හුලගක ගැබ් වෙලා තිබ්බත් එකටම මුහු වෙලා තිබ්බෙ නැහැ.මොකද සමහර සුවදවල් තියෙනවා ඒවයේ උරුමක්කාරයන්ට විතරක්ම උරුම! එයාලට විතරක්ම විදින්න අයිතිය තියෙන!

...................................................................................................

වචන 6300+😓🤍

පරක්කු උනාට ලොකුවට දෙනවනෙ....

මට උම්ම එකක්වත් දෙන්න ඒ හන්දා🥹❤️

අදත් අදහසක් කියාගෙන යන්න බබාලා🥺❤️

මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤️

වෝටුත් කරන්න හොදේ🤭 ඔය නිකං තියෙන බට්න් එකනෙ....ඩිංගක් ඔබන් යන්න👉👈

එහෙනම් කැමීලියා ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter