Back
Chapter 71

70 කොටස🤍✨️

නිවාලන්න මා...

"සුදුබේබි.....දොයියගත්තා ඇතී.....නැගිටින්නකෝ..... සුදුබේබි"

උදේ හයට විතර ආශව හෙමින් සැරේ තමන්ගෙ ඇස් දෙක ඇරගන්න උත්සාහ කලේ කන ලගම මදුරුවෙක් කූං කූං ගානවා වගේ කන ලග මුමුණන පුංචි කොලු පැටියෙක්ගෙ සද්දයක් නිසා.ඇස් අරින්නත් කලින්ම නාහෙට දැනුනු ගැටපිච්ච සුවද එක්ක ආශවගෙ නිදිබර මූණෙ ආදරණීය හිනාවක් ඇදුනෙ තමන් ලග දැවටෙන්නෙ නේත්‍ර බව තේරුනු නිසා.එහෙම්මම ඇස් දෙක ලාවට ඇරිය ආශව දැක්කෙ ඇසුත් බෝල කරං තමන් ලගට නැවිලා තමන්ව ඇහැරවන්න උත්සාහ කරමින් ඉන්න පුංචි නේත්‍රව.

"සුදුබේබි ලස්සන හීන දකිනවද හිනාවෙන්නෙ? සුරංගනාවියො දකිනවද? සුදුබේබි නැගිටින්නකො....දැන් උදේ වෙලා....මගෙ හොද සුදුබේබි නැගි...."

නේත්‍රගෙ කට එහෙම්මම වැහිලා ගියේ ආශව නේත්‍රව තමන්ගෙ ඇගට ඇදලා අරගත්තු හන්දා.ආශවගෙ පපුව උඩට වැටුනු නේත්‍ර ඇස් ගෙඩි දෙක තව බෝල කරං ආශව දිහා බලද්දි ආශව ලාවට ඇරුණු ඇස් එක්ක හිනා වුණා.

"ම්ම්ම්හ්....සුරදූතයෙක්ව දැක්කෙ"

"සුරදූතයෙක්ව?"

"ඔව්....නේත්‍ර කියලා එක්කෙනෙක්"

"අ....අනේ සුදුබේබි.....නැගිටින්නකො"

"තවම හරියට එලි වෙලා නෑ නේත්‍ර....ඔයා අර සේතං මාමලාගෙ කුකුල් කොටුවෙ ඉන්න කුකුලෙක් වැහිලා වගේ මේ දුවං ආවට"

"අනේ මට කුකුලෙක් කියන්න එපා සුදුබේබි.....අනික දැන් හයත් පහුවෙලා....."

"තව විනාඩි දහයක්.....දහයක් නිදියමු අපි දෙන්නා"

"දෙන්....."

"ශ්...ශ්....කෝ....දොයියමු"

නේත්‍රව පපුව උඩ තියලම තුරුල් කරගත්තු ආශව නේත්‍රවත් වැහෙන විදියටම ඇතිරිල්ල පොරවගත්තා.නේත්‍ර කොච්චර ආශව එක්ක නිදාගෙන තිබ්බත් මෙහෙම තනිකරම ආශවගෙ ඇග උඩ නිදියන පලවෙනි වතාව මේක වුනු නිසා නේත්‍රගෙ මුළු ඇගම රතුපාට වෙලා තිබ්බා.නේත්‍ර හිතින්ම දෙයියන්ට පින් දුන්නෙ ආශව මුළු ඇගම වැහෙන්න ඇතිරිල්ල පෙරෙව්ව නිසා.ආශවට ආයෙමත් පාරක් නින්ද ගියා දැනුනු නේත්‍ර හෙමින් සැරේ ආශව දිහා ඔලුව උස්සලා බැලුවා.

"සුදුබේබිගෙ ලස්සන....අම්මෝ!"

නේත්‍රගෙ හිත ඇතුල කෑ ගැහුවෙ ආශවගෙ කඩවසම් මූණ දිහා බලාගෙන ඉදිද්දි.ආශවගෙ නලලෙ ඉදන් නිකට වෙනකංම ඇහිපිය ගහන්නැතුව බලාගෙන ආව නේත්‍රගෙ ඇස් දෙක සුපුරුදු පරිදි නතර වුණෙ ආශවගෙ උගුරු දණ්ඩ ලග.බෙල්ලත් ඇල කරං ආශවගෙ පපුව උඩ තියාගත්තු නේත්‍ර තමන්ගෙ පුංචි ඇගිල්ලක් උස්සලා උගුරු දණ්ඩ ලගට කිට්ටු කරලා ආපහු පාරක් අත පහල දාගත්තා.

ඒ උනාට ඒ අහිංසක හිතෙත් පුංචි පුංචි ආසාවල් නැද්ද? ආශවට නින්ද ගිහින් නේද කියන එක සනාත කරගත්තු නේත්‍ර හෙමින් සීරුවෙ ආශවගෙ උගුරු දණ්ඩ උඩ තමන්ගෙ ඇගිල්ල ගෑව්වා.ආයෙමත් පාරක් ආශව නිදිද කියලා ඇස් දෙක උස්සලා බැලුව නේත්‍ර ආශවගෙ උගුරු දණ්ඩ හෙමීට ස්පර්ශ කරන්න ගත්තා.එකපාරටම ඉස්සිලා ආශවග්‍ර් උගුරුදණ්ඩ උඩින් හාද්දක් තිබ්බ නේත්‍ර මූණත් අත් දෙකෙන් වහන් ආශවගෙ පපුව උඩ මූණ හංගගනිද්දි පුංචි එකාගෙ කකුල් දෙක පවා වෙවුලන්න අරං තිබ්බා.

"ආසයිද නේත්‍ර ඒකට?"

"ස්....සුදුබේබි දෙයියෝ!!!"

ආශවගෙ ගැඹුරු කටහඩ එක්ක නේත්‍ර තමන්ගෙ පුංචි අතකින් ඇස් දෙක වහගත්තා.නේත්‍රගෙ ඉණ වටේ තිබ්බ අත් දෙක තව ටිකක් තද කෙරුව ආශව පුංචි එකාගෙ මූණට එබෙන්න හැදුවත් ඇස් දෙකත් අතකින් වහගෙන ආශවගෙ පපුව උඩ මූණ හංගගත්තු නේත්‍ර එක්ක ඒක ලේසි වුණේ නෑ.ආශව නේත්‍රගෙ මූණ නිරාවරණය කරගන්න උත්සාහ කරද්දි නේත්‍ර ආශවගෙ ඇග උඩ දගලන්න ගත්තා.

"අහ්ම්ම්ම් නේත්‍ර...."

"ස්.....සුදුබේබි?"

"දගලන්න එපා මැණිකෙ....ම්හ්හ්.....දගලන්නනම් එපා වදින්නම්"

"අනේ සුදුබේබිට රිදුනද? ඉන්න සුදුබේබි මම බහින්නම්"

"නේත්‍ර.....අයියෝ රිදිලා නෙවේ කිව්වෙ.....මේ කකුලක් හිරි වැටිලා වගේ මගෙ....අනේ මැණිකෙ,ඔය ඇස් වල කදුළු පුරවගන්න එපා"

"මම සුදුබේබිට රිද්දුවා කියලා හිතුවෙ"

"නේත්‍ර කවද්ද සුදුබේබිට රිද්දුවෙ? ම්ම්ම්...."

"සුදුබේබි!!!"

නේත්‍රට කෑගැස්සවෙද්දි නේත්‍රව ඇදේ පෙරලගත්තු ආශව හෙමින් සැරේ නේත්‍රගෙ නලලින් දිග හාදුවක් තිබ්බා.ඇස් දෙකත් පියාගෙන ආශවගෙ හාදුව වින්ද නේත්‍රගෙ මූණෙ හරි ලස්සන් හිනාවක් ඇදිලා තියෙද්දි නේත්‍රගෙ රතු පාට වෙල තියෙන කම්මුල් දෙකත් සිපගත්තු ආශව නේත්‍රගෙ ඔලුව අතගාලා තුවායත් අරං නානකාමරේට වැදුනා.ආශව ගිහින් නාන කාමරේ දොර වහගන්නවා දැනුනු නේත්‍ර රතු වෙලා තියෙන තමන්ගෙ කම්මුල් වලට තට්ටු දාගන්න ගමන් පහලට බැස්සෙ ආශවගෙ කිරි එක අරං එන්න හිතාගෙන.

"නේ....ආ,මේ ඉන්නෙ.මම බැලුවා කෝ කියලා"

"කිරි වීදුරුව ගේන්න ගියේ සුදුබේබි පහලට....ආ මෙන්න"

ඉගුරු විස්කෝතු පැකට්ටුවක් එක්ක නේත්‍ර අරගෙන ආව ආශවගෙ සුදුකිරි වීදුරුව මේසෙ උඩින් තියද්දි ආශව තමන්ගෙ බෙල්ල වටේට සුවද විලවුන් වගයක් තවරගන්න ගමන් නේත්‍ර ලගට ඇවිදන් ආවා.නේත්‍රගෙ ඉණ වටේ අතක් දාලා බිස්කට් එකක් අතට ගත්තු ආශව එහෙම්මම නැවිලා නේත්‍රගෙ කම්මුලකින් හාද්දක් තියලා සුදුකිරි වීදුරුවත් අරගෙන පුටුවෙන් ඉදගත්තා.

"නේත්‍ර කිරි බිව්වද?"

"ඔව් සුදුබේබි.....කහට කිරි එකක් බිව්වා"

"බිස්කට් එකක් කන්නකො මැණිකෙ.....මට මේ ඔක්කොම කන්න බෑනෙ"

"සුදුබේබි කන්නකො....මම පස්සෙ කන්නම්"

නේත්‍ර කිව්වට නාහපු ආශව නේත්‍ර ලගට ඇවිත් නේත්‍රගෙ කටට බිස්කට්ටුවක් ඇතුල් කරද්දි නේත්‍ර ආශව එක්ක ආදරෙන් හිනා වුණා.ආයෙමත් පුටුවෙන් ඉදගත්තු ආශව බලාගෙන උන්නෙ කඩියෙක් වගේ තමන්ගෙ ඇද අස් කරන නේත්‍ර දිහා.කොට්ටෙ මෙට්ටෙ ඔක්කොම ගසලා දැම්ම නේත්‍ර හරි පිලිවෙලට ඇතිරිල්ලත් නවලා කොට්ටෙ උඩින් තියද්දි ඇද උඩ තිබ්බ ගැටපිච්ච මල් දෙකක් පොලවට වැටුනා.

"සුදුබේබිට දැන් මේක පුරුද්දටම ගිහින්ද?"

"හ්ම්ම්ම්......මම දන්නෑ නේත්‍ර,ඔයාගෙ සුවදවත් නැතුව මට තත්පරයක්වත් ඉන්න බැරි ලෙඩක් මට දැන් හැදිලා"

"අනේ සුදුබේබි....."

"මෙහෙ ඉද්දි ඕනි එකක්....බැරි වෙලා හරි මම නැෂනල් තේරිලා ටූනමන්ට් වලට පිටරට යන්න උනොත්?මට පිස්සු හැදෙයි නේත්‍ර"

"සුදුබේබි ටික ටික ඔය පුරුදු වලින් ගැලවෙන්න සුදුබේබි.....ගැටපිච්ච මල් තියං නිදාගන්න එක එහෙම හෙමීට නවත්තන්න"

"බෑ නේත්‍ර....නවත්තනවට වඩා මම ඔයාට එන්න එන්නම ඇබ්බැහි වෙන එක විතරයි වෙන්නෙ....මට ඔයාගෙ ඇබ්බැහිගෙන් ගැලවීමක් පේන්නෙම නෑ නේත්‍ර...මගෙ නේත්‍ර....දන්නවද? මම මගෙ නේත්‍ර කියලා කියද්දි,ඔයා මගෙ නේද කියලා දැනෙද්දි....ආහ්....මට කියන්න තේරෙන්නෑ නේත්‍ර.මට හිතෙන්නෙ මේ ලෝකෙ වාසනාවන්තම මනුස්සයා මම කියලා"

"අනේ සුදුබේබි"

නේත්‍ර එහෙම්මම ඇවිත් ආශවගෙ පපුවට බර වෙද්දි කවුලුවට හේත්තු වෙලා උන්නු ආශව නේත්‍රගෙ ඔලුව ආදරෙන් අතගෑවා.

"සුදුබේබි....මාව දාලා යන්නෙ නෑ නේද?"

"නෑ නේත්‍ර.....කවදාවත්ම නෑ"

"හ්ම්ම්ම්"

"ඔයා ටිකක් වෙනස් නේත්‍ර....ඇයි ඒ? මොකක් හරි උනාද මැණිකෙ? මට කියන්නකො"

"න්.....නෑ සුදුබේබි"

"නෑ නෑ....මොකක් හරි....ආ.....මොකද්ද කියන්න බලන්න ඊයෙ කියෙව්ව කතාව?"

"එ...එහෙම නෑ සුදුබේබි"

"මටද ඔයාව අදුනගන්න බැරි නේත්‍ර? මොකද්ද බැලුවෙ ඊයෙ?"

"චිත්‍රපටියක් බැලුවෙ සුදුබේබි"

"මොකද්ද?"

"වීර්සාරා කියලා එකක්....."

"අනේ අනේ.....අර දිවාෂ ආවද ඊයෙ ඔහෙ?"

"නෑ සුදුබේබි.....දිවාෂ ඕක මට එවලා තිබ්බා ටෙලිග්‍රෑම් එකෙන්....මම බැලුවෙ ඒකෙන්"

"දැන් ඒක බලලද් මූණ එල්ලන් ඉන්නෙ? ම්ම්ම්ම්....."

"ඒකෙ ඒ දෙන්නා කාලෙකට වෙන් වෙනවනෙ සුදුබේබි.....ඒ දෙන්නා හුගාක් ආදරෙන් උන්නට....ප්‍රශ්නයක් නිසා වෙන් වෙන්න වෙනවා"

"එව්වා මූවීස්නෙ නේත්‍ර....එව්වා ඇත්ත ජීවිතේ වෙන්නෑ"

"කතාවලත් තියේ....මම කියවලා තියේ.....සමහර වෙලාවට පෝසත් කෙනාගෙ ගෙදරින් එන බලපෑමට එයා අනික් කෙනාව අතාරිනවලු සුදුබේබි....සමහර ඒවගෙ එක්කෙනෙක්ව මරනවා කියලා අනික් කෙනාට තර්ජනේ කලාම එයාව අතාරිනවලු....."

"මේ බලන්නකො"

නේත්‍රගෙ නිකටට අත තියලා ඉස්සුව ආශව ඒ බෝල ඇස් තමන්ගෙ තද දුඹුරු පාට ඇස් එක්ක පටලවගත්තා.

"ඔයා ඔය කතා,චිත්‍රපටි බලලා ඔලුව කුරුවල් කරං ඉන්නෙ.....ඒවගෙ ඉන්න අයයි ඔයයි මායි දෙන්නෙක්....ඒවගෙ වෙන විදියට අපේ ජීවිත ලියවෙන්නෑ මැණිකෙ"

"එහෙම මරනවා කියලා කිව්වත් මාව දාලා යන්නෙපා සුදුබේබි.....මට මැරෙන එකේ වේදනාව දරාගන්න පුළුවන්....ඒත් සුදුබේබි ඈත් වෙන දුක දරාගන්න නම් බෑ"

"ඔයාව දාලා මම කොහෙ යන්නද නේත්‍ර? මගෙ මුළු ජීවිතේම තියෙන්නෙ ඔයා ලගනෙ....මගෙ ජීවිතේම නේත්‍රනෙ"

ආශවගෙ පපුවෙන් දැනෙන නොදැනන විදියට හාද්දක් තිබ්බ පුංචි ලැජ්ජාකාරයා ආශවගෙන් ඈත් වෙලා ඔරලෝසුව දිහා බැලුවා.

"සුදුබේබිට අද ප්‍රැක්ටිස් නේද? කිව්වද කෝච් වෙලාවක්?"

"හ්ම්ම්....ඔව් මැණිකෙ.නවයට එන්න කියලා කිව්වා ඊයෙ රෑ.ලෑස්ති වෙන්න ඕනි"

"සුදුබේබි එහෙනම් උදේට කාලා එහෙම ලෑස්ති වෙන්න"

"හ්ම්ම්....ලෑස්ති වෙන්නනම් පුළුවන්.ඒත් මගෙ පුංචි කොල්ලා එක්ක ඉන්න තියෙන වෙලාවනෙ මේ නැති වෙන්නෙ....මට තියෙන අවුල අන්න ඒක"

තමන්ගෙ ඇදුම් අල්මාරිය අස්සෙ ක්‍රීඩා පුහුණු ඇදුම හොයන නේත්‍ර ලගට ආව ආශව නේත්‍රව පිටිපස්සෙන් වැලදගත්තා.නේත්‍රගෙ බෙල්ල පාමුල තමන්ගෙ නහය ගෑවෙව්ව ආශව,තත්පර ගාණක් තමන්ගෙ ඇස් පියන් නේත්‍ර ලගින් හමන ගැටපිච්ච සුවද හිතේ හැටියට වින්දා.ආශවගෙ උණුහුම් හුස්ම එක්ක නේත්‍ර හෙමින් සැරේ අල්මාරි දොර අල්ලගෙන තමන්ගෙ සමබරතාවය රැකගන්න උත්සාහ දරද්දි ආශව නේත්‍රව පුළුන් රොදක් වගේ උස්සගෙන අල්මාරිය පාමුලම ඉදගත්තෙ නේත්‍රව උකුලෙන් තියාගන්න ගමන්.

"අර කතාවල වගේ අපි දෙන්නට බලපෑමක් උනොත් මම මොකද්ද කරන්නෙ කියලා දන්නවද නේත්‍ර?"

"මොකද්ද සුදුබේබි?"

"උන්ට බම්බු ගහගන්න කියලා මම නේත්‍ර එක්ක ඉන්නවා"

"ඇත්තටම ඉන්න සුදුබේබි....මගෙ හොදට කියලවත් මගෙන් ඈත් වෙන්න එපා....මට කිසිම හොදක් වෙන්නෑ සුදුබේබි ඈත් වුණොත්"

"හිතන්නකො,දැන් අපේ අප්පච්චි හරි කවුරුහරි දවසක කිව්වොත් මම නේත්‍රව අතනෑරියොත් නේත්‍රව මරනවා කියලා...."

"ඕ...."

"මම කියන්නෙ පුලුවන්නම් කරල පෙන්නන්න කියලා....මම නේත්‍ර ලග ඉන්නකං නේත්‍රට නියපිටින් හානියක් කරන්න බෑ කිසිම මිනිහෙක්ට....මට ඒ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා"

"ඒක ඇත්තනෙ සුදුබේබි.....සුදුබේබි මාව රකිනවා"

"නේත්‍ර බය වෙන්න එපා....ඕනිම මිනිහෙක් නේත්‍රව ඇපේට තියාගන්න හදන්නෙ දවසක මාව ඕනි නිසා....හැබැයි නේත්‍රට මොකක් හරි උනොත් මමත් ඒ දේම මට කරගන්නවා.....අන්න ඒ නිසා මගෙන් ප්‍රයෝජනයක් ඕනි කිසිම කෙනෙක් නේත්‍රට නේත්‍ර හිතනවා වගේ ලොකු හානියක් කරන්නෑ....ඇපේට් තියාගන්න උත්සාහ කලොත්,එදාට ඒ කරන උන් එහෙම කලේ අපරාදෙ කියලා හිතයි"

"මම සුදුබේබිට හුගාක් ආදරෙයි සුදුබේබි.....සුදුබේබි මගෙ ලග ඉන්නකං මට කිසිම කරදරයක් වෙන්නෑ කියලා මම දන්නවා"

"ඒ විශ්වාසෙ මටත් තියෙනවා නේත්‍ර....අනික අපි වටේට අපිට පණ උනත් දෙන විදියෙ යාලුවො ටිකක් ඉන්නවා....නේත්‍ර නොදන්නවා උනාට උන් ඔක්කොම මට වඩා නේත්‍රට ආදරෙයි....මගෙ නේත්‍රට හානියක් කරන්න බෑ කාටවත්"

තමන්ගෙ උකුල උඩ ඉදන් ඇසුත් බෝල කරන් තොල් දෙකත් උල් කරන් ඉන්න නේත්‍රගෙ මූණට පාත් වුණු ආශව නේත්‍රගෙ පුංචි තොල් දෙක උඩින් තමන්ගෙ තොල් තද කලා.ආශවගෙ ටී ෂර්ටය අල්ලන් රතු ගැහුණු නේත්‍ර ආශවගෙ ක්‍රීඩා පුහුණු ඇදුමත් අරගෙන ආශවගෙන් ඈත් වුනේ ඒක ලෑස්ති කරලා දාලා පහලට යන්න හිතාගෙන.එයාගෙ සුදුබේබි අද මුළු දවසම මහන්සි වෙන නිසා හොද දෙයක් උයන්න අම්මට උදව් කරන්න එපායෑ!

.

.

.

.

.

"මැණිකෙ පරිස්සමින් ඉන්න එහෙනම්.....කොහෙ හරි යනවනම් දිවාෂ එක්ක යන්න හොදද?"

තමන්ගෙ පුංචි කාමරේ පොත් මේසෙ ඉස්සරහ වාඩි වෙලා ආශවගෙ ලැප්ටොප් එකේ යන පන්තිය දිහා බලන් උන්නු නේත්‍රගෙ ඇස් වල ඇදිලා තිබ්බෙ හරි ආදරණීය බවක්.කොලේකුයි පෑනකුයි ලගට අරං උන්නු නේත්‍ර ආශවලගෙ ව්‍යාපාර අධ්‍යනය පුනරීක්ෂන පන්තියෙ උගන්නන සමහර සමහර දේවල් ඒකෙ ලියාගන්න ගමන් උන්නා.එකොලහත් පහු වෙලා තිබ්බ හන්දා නේත්‍ර ගියේ කුස්සියට තේ එකක්වත් හදාගන්න හිතාගෙන.පන්තිය පටිගත වෙන්න දාලා තිබ්බ නිසා නේත්‍ර හෙමින් සැරේ කුස්සිය පැත්තට ගියත් ගිය ගමන නැවැත්තුව නේත්‍ර ආයෙමත් කාමරේට ආවෙ තමන්ගෙ දුරකථනය නාද වෙනවා ඇහුනු නිසා.

"අක්කා! මෙවෙලෙ?"

තත්පර ගාණක් දුරකථනෙ දිහා බලන් උන්නු නේත්‍ර ඇමතුමට සම්බන්ධ වෙලා කතා කලේ අරුන්දතී මේ වගේ වෙලාවල් වලට මෙහෙම කතා නොකරන එක ගැන පුදුමෙන්.

"හෙලෝ අක්....."

"ප්....පොඩ්ඩෝ...."

"අක්කෙ.....අනේ ඇයි මේ? ඇයි අක්කෙ අඩන්නෙ?"

"පොඩ්ඩට...මෙ....මෙහෙ එන්න පුලුවන්ද අද? ම්.....මට ටිකක් පොඩ්ඩා එක්ක කතා කරන්න ඕනි"

"මම එන්නම් අක්කෙ.....ඇයි කියන්නකො මේ අඩන්නෙ? අනේ මම බය වෙනවනෙ අක්කෙ"

"ආවම කි...යන්නම් පොඩ්ඩො.....ඒත් ඔයා ත්....තනියම එන්න එපා....සුදුබේබි එක්ක එන්න"

"හා අක්කෙ හරි....මම එන්නම්කො ඉක්මනටම....අක්ක ගෙදරනෙ නේද?"

"ඔව් පොඩ්ඩො.....ඉක්මනට එන්න"

නේත්‍ර දුරකතනෙ ක්‍රියා විරහිත කලේ අරුන්දතීගෙ කටහඩ නිසා තමන්ගෙ ගැහෙන හිත පාලනේ කරගෙන.ඉක්මනටම ඇදුමක් ඇදගත්තු නේත්‍ර ආශවගෙ ලැප්ටොප් එක වහලා දාලා දිවාෂට දුරකථන ඇමතුමක් ගත්තෙ මේ වෙලාව පන්තියෙ ලමයිට පැය කාලක විවේකයක් දීලා නිසා.සාමාන්‍යෙන් මාර්ගගත පන්තියක වුණත් එක දිගටම ලමයි පරිගණක හෝ දුරකතන තිරේ දිහා බලාගෙන ඉන්න නිසා වගේම එක දිගට ඉදගෙන ඉන්න නිසා ඒ විදියෙ සුළු විවේක කාල ගුරුවරු අතරින් පතර ලබලා දුන්නා.විනාඩියක් යන්නත් කලින් දිවාෂ දුරකථන ඇමතුමට සම්බන්ධ වෙද්දි නේත්‍ර ඇදුම් කබඩයෙන් ඇදුමක් එලියට අදින ගමන් දිවාෂට කතා කලා.

"හෙලෝ චූචියෝ.....ආසව නැත්තං ඔයාව බ...."

"දිවාෂ අනෙ අහන්නකො....මට හදිසීයෙ අක්කව බලන්න යන්න වෙලා"

"හදිස්සියක්?ඇයි අක්කට මොකක් හරි අවුලක්ද? ඔයා තනියම යන්න එපා මම එන්නම්"

"එපා දිවාෂ....මට යන්න පුළුවන්.මම ඔයාට කෝල් කලේ උදව්වක් ගන්න"

"කියන්න චූචියො,මොකද්ද?"

"මම සුදුබේබිගෙ ක්ලාස් එකක් රෙකෝඩ් කර කර හිටියෙ....මම ක්ලාස් එකේ ලින්ක් එක එවන්නම් දිවාෂ....ඔයාට පු...."

"ආ...මමත් මේ දෙවින් පණගෙ ඒ ක්ලාස් එක රෙකෝඩ් කරන ගමන් ඉන්නෙ......මම ඒක කරලා ඔයාට හරි ආසවයට හරි එවන්නම් චූචියො.ඒක අවුලක් නෑ"

"මම ඔයාට ඩේටා කාඩ්....."

"නෑ නෑ...මම ක්ලාස් එක රෙකෝඩ් කරගන්න ඕනි කියලා තෙවින් පුකාට කියලා GB අසූවක පැකේජ් එක රවුටර් එකට දාගත්තා.....ඒ නිසා ඩේටා පස්න නෑ අනේ මට"

"අනේ තෑන්ක් යූ දිවාෂ...මම එහෙනම් ය....."

"යන්න එපා තනියම....ඔයා ලෑස්ති වෙන්නකො....මම ආර්යට කියන්නම් ඔයා එක්ක යන්න එන්න කියලා"

"අනේ එහෙම කරදර කරන්න ඕන්නෑ දිවාෂ....මට තනියම ය...."

"නෑ නෑ....තනියම ගමන් බිමන් එපා....ආර්ය එයි...ඌ කොහොමත් නිකංනෙ ඉන්නෙ අද....අද වගේ දවස් වලට ධනපති පුත්‍රයා තාත්තගෙ වාහනයක් අරං නුවර පුරා රවුම් ගගහ ඉන්න වැඩේනෙ කරන්නෙ"

"නෑ දිවා...."

"චූචියා ලෑස්ති වෙන්නකො....යන්න කලින් මට කෝල් ගන්න හොදද? ආසවට කෝල් කලාද?"

"නෑ දිවාෂ.....සුදුබේබිට කෝල් කරන්න බෑ මෙවෙලෙ....එයා ප්‍රැක්ටිස් දාලා දුවං එයි"

"හරි එහෙනම්.....ඔයා ලැස්ති වෙන්නකො"

"හා දිවාෂ....බුදුසරණයි"

"බුදුසරණයි චූචියො"

නේත්‍ර දඩිබිගි ගාලා මූණ කට සෝදගත්තෙ ටිකකට කලින් ඇගපත හෝදගෙන තිබ්බ හන්දා.ඊටත් වඩා නේත්‍රට පුළුවන් ඉක්මනට අරුන්දතී ලගට යන්න වුවමනාව තිබ්බා.ඇදුම් ඇදගත්තු නේත්‍ර ආශවගෙ දුරකථනෙට කෙටි පණිවිඩයක් යැව්වෙ අරුන්දතීව බලන්න ආර්ය එක්ක යනවා කියලා.නේත්‍ර අරුන්දතීට කරදරයක් වග නොකිව්වෙ කරදරයක් වෙලා තියෙන තැනකට නේත්‍රව ආශව තනියෙන් නොයවන බව දැනන් හිටිය නිසා.මොකද එහෙම උනානම් ආශව පුහුණුවීම් දමලා ගහලා තමන් එක්ක යන්න එන වග නේත්‍ර තේරුම් අරන් හිටියා.උනු දේ ආශවගෙ පුහුණුවීම් ඉවර උනාම කියනවා කියලා හිතුව නේත්‍ර ගෙයින් පිට වෙලා පාරට යද්දිම ආර්යගෙ වාහනේ ඇවිත් නේත්‍රගෙ ඉස්සරහින් නැවැත්තුවා.

"අනේ මම හින්දා ඔයාලට හරි කරදරේ නේද ආර්ය?"

"ඔයා තමා අපිට ඉන්න වටිනම යාලුවා නේත්‍ර....ඒ නිසා එහෙම හිතන්න එපා....ඉන්නකො මම අරූට කෝල් එකක් ගන්නම්...නැත්තං ඕකා නහින්න හදයි ඔයාව ගත්තු බව කිව්වෙ නෑ කියලා"

"දිවාෂටද?"

"ඔව් ඔව්"

නේත්‍රට හිනාවෙවීම කිව්ව ආර්ය දිවාෂට දුරකතන ඇමතුමක් ගන්න ගමන්ම වාහනේ ඉදිරියට අරං ගියා.පැය බාගයක් වගේ ගත වෙද්දි නේත්‍රයි ආර්යයි හිටියෙ නිර්මලාගෙ නංගි උනු පද්මිණීගෙ ගෙදර ඉස්සරහ.ආර්යට බැහැලා එන්න කිව්ව නේත්‍ර ඉක්මනටම වාහනෙන් බැහැලා ගේට්ටුවට තට්ටු කරද්දි අරුන්දතී ඇවිත් ගේට්ටුව ඇරලා නේත්‍රවයි ආර්යවයි ගෙට ගත්තා.අරුන්දතීගෙ මූණ තඩිස්සි වෙලා ගිහින් වගේ තිබ්බෙ කොච්චර නම් ඇඩුවද කියන එකට සාක්කි සපයන්න වගේ.නේත්‍රයි ආර්යයි ගේ ඇතුලට ඇවිත් ඉදගත්තු ගමන් අරුන්දතී නේත්‍රගෙ ඇගට වාරු වෙලා ආයෙමත් අඩන්න ගත්තා.

"අක්කෙ....අනේ ඇයි මේ?"

"ප්....පොඩ්ඩට කරදරයක් වෙයි කියලා බය හිතුනා"

"ඇයි අක්කෙ ඒ? මොකද්ද උනේ කියලා කියන්නකො...."

"ඇයි සුදුබේබි නාවෙ? මම සුදුබේබිව එක්කන් එන්න කියලා කිව්වනෙ පොඩ්ඩට?"

"සුදුබේබිට ප්‍රැක්ටිස් අක්කෙ අද....සුදුබේබිට එන්න කියන්න බෑනෙ ඒ හන්දා"

"බෑ බෑ.....සුදුබේබිට එන්න කියන්න පොඩ්ඩො....මට බයක් නැතුව පොඩ්ඩව බාර දෙන්න පුළුවන් එකම මනුස්සයා එයා"

"ඒ උ....."

"නේත්‍ර,ආශව අයියා එයි ටිකකින්...එයාලට තර්ටි මිනිට්ස් වගේ බ්‍රේක් එකක් දීලා"

ආර්ය කිව්වෙ හෙමින් සැරේ ගේ ඇතුලට එන ගමන්.නේත්‍ර කලබලෙන් වගේ ආර්ය දිහා බැලුවෙ ආශවව මෙහෙම මහන්සි කරවන්න තිබ්බ අකමැත්ත නිසා.

"අනේ ඇයි ආර්ය කෝල් කලේ? පවුනෙ ආර්ය සුදුබේබි.....එයාට පොඩි රෙස්ට් එකක් ගන්න තිබ්බ වෙලාවනෙ"

"මොකක් හරි දෙයක් වෙලානෙ නේත්‍ර මෙතන.....ඔයා සම්බන්ධයිනම් ඒකට,ආශව අයියා ඉන්න එක තමා හොදම"

ආර්ය නේත්‍ර ලගින් ඉදගනිද්දි නේත්‍ර තමන්ට තුරුල් වෙලා ඉකි ගහන අරුන්දතීගෙ ඔලුව අතගාන ගමන් හිටියා.නේත්‍රගෙ පපුව හුගාක් බර වෙලා තිබ්බා.අරුන්දතී කියන්නෙ ලේසියකට බය කරන්න බැරි කෙල්ලෙක් කියලා හැමෝටම වඩා දැනන් උන්නෙ නේත්‍ර.අරුන්දතී තමනුයි අම්මයි එක්ක හිටියට වඩා හැදුනෙ වැඩුනෙ පුංචි අම්මයි අත්තම්මයි එක්ක නිසා අරුන්දතී අරන් තිබ්බෙ ඒ දෙන්නගෙ ආභාෂෙ.නේත්‍ර අපූරුවටවත් නිර්මලාගෙ කූලෑටි ගති එක්ක උස්මහත් වෙද්දි,අරුන්දතී පද්මිණීගෙ ටිකක් දැඩි ගති එක්ක උස්මහත් උනා.

"ආශව අයියලා ඇවිත් ඇත්තෙ"

ගේට්ටුවට තට්ටු කරන සද්දෙ එක්ක ආර්ය එලියට නැගිටලා යද්දි අරුන්දතී නේත්‍රගෙන් ඈත් වෙලා කදුළු පිහිදන් ආශව එනකං බලන් උන්නා.හෙල්මට් එකවත්,සපත්තු දෙකවත් ගලවන්න සිහියක් නොතිබ්බ ආශව ගේ ඇතුලට දුවං ඇවිත් නේත්‍රව ලගට ඇදල තුරුල් කරගත්තෙ නේත්‍රත් ආශවගෙ දාඩියෙන් තෙත් වෙලා තියෙන පුහුණු ඇදුම ගැන නොහිතා ආශවට තුරුල් වෙද්දි.

"මම බය උනා.....මගෙ මැණිකට කරදරයක්ද කියලා"

හෙල්මටය ගලවලා නේත්‍රව ටික වෙලාවක් තුරුල් කරං උන්නු ආශව හෙමින් සැරේ මුමුණද්දි නේත්‍ර ආශව දිහා බලලා තමන්ගෙ ඔලුව දෙපැත්තට වැනුවා.නේත්‍රගෙ උරහිසක් වටේ අත දාලා තමන්ගෙ ඇගට තුරුල් කරගත්තු ආශව කුෂන් සෙටියට හේත්තු වෙද්දි ආර්ය හෙමින් සැරේ එලියට ගියේ ඉස්තෝප්පුවෙ ඉන්න දෙවින් එක්ක කතා බහ කරන්න හිතාගෙන.මොකද පෞද්ගලික කතාබහක් වෙන තැනක ඉන්න ආර්යට වුවමනාවක් තිබ්බෙ නෑ.

"මොකද්ද අරුන්දතී උනේ?"

"සුදුබේබි.....පොඩ්ඩට අනතුරක් වෙයි කියලා බයයි මට"

"බය වෙන්න හේතුවක් තියෙන්න ඕනිනෙ අරුන්දතී? මොකද්ද ප්‍රශ්නෙ? නේත්‍ර සම්බන්ධයිද?"

ආශවගෙ පපුවට හේත්තු වෙලා තිබ්බ තමන්ගෙ අතකට ආශවගෙ පපුව හයියෙන් ගැහෙන හැටි නේත්‍රට දැනුනා.ආශවගෙ නහර පිරුණු ලොකු අතක තමන්ගෙ අත පටලගත්තු නේත්‍ර ආශවගෙ ඇගට තව ටිකක් තුරුල් වෙද්දි ආශව තමන්ගෙ නිදහස් අතින් නේත්‍රගෙ ඔලුව අතගෑවා.

"ඔයාලා දෙන්නට....නෑ,සුදුබේබිට කවුරුහරි පිරිමි ලමයෙක් කැමැත්තෙන් ඉන්නවද?"

"ඇයි අරුන්දතී එහෙම ඇහුවෙ?"

"ඊයෙ හවස මට ක්ලාස් තිබ්බා සුදුබේබි.....මම නුවර ටවුන් එකේ ක්ලාස් එකකටනෙ යන්නෙ.මට මේ පැත්තට එන්න යාලුවො කවුරුත් නෑ.ඇරත් පුංචි අම්මා කොහොමත් මගට එනවා මාව ගන්න.ඊයෙ පුංචි අම්මට ඉස්කෝලෙ වැඩකට යන්න වෙලා තිබ්බා හන්දා මට ගෙදර එන්න වුනේ තනියම"

"ම්ම්ම්ම්?"

"මම ගෙදර එද්දි කාර් එකක් ඇවිත් මට හරස් කරලා නැවැත්තුවා...ඒකෙන් බැහැලා ආවෙ ලස්සන පිරිමි ලමයෙක්....ඇවිද්ද හැටි පවා ටිකක් අමුතු හන්දා මම බලාගෙන හිටියා.හිතට අරං වගේ ඇවිද්දෙ....මේ ලමයා මගෙ ලගට ඇවිල්ලා මගෙ ක්...කනට....ක්....කන ලගට පාත් වෙලා....."

"අරුන්දතී,ඇත්ත කියන්න....කනට මොකද්ද?"

"කනට ගැහුවා සුදුබේබි එකපාරටම....මගෙ"

"අක්කෙ!! දෙයියනේ"

ඇස් වල කදුළු පුරවගත්තු නේත්‍ර ආශවගෙන් ඈත් වෙන්න හැදුවත් ආශව නේත්‍රව තද කරලා අල්ලගෙනම හිටියා.මොකද නේත්‍ර අරුන්දතී ලගට ගියොත් අරුන්දතී නේත්‍රගෙ බය,දුක දැකලා කතාවෙ කෑලි හංගගන්න පුළුවන් කියලා ආශව තේරුම් ගත්තා.

"ඊට පස්සෙ අරුන්දතී?"

"බැනගෙන බැනගෙන ගියා....මට හිතාගන්න බැරි උනා උනේ මොකද්ද කියලා....කොල්ලෙක් එකපාරටම ඇවිත් එහෙම ගහලා බනිද්දි? අනික මම ජීවිතේටවත් දැකලා නැති කෙනෙක්? එකපාරටම මේ ලමයා බයින එක නවත්තලා මගෙ මූණටම කිට්ටු වෙලා කිව්වා ආශව අයියා එක්ක තියෙන එෆෙයා එක නවත්තන්න,එහෙම නොකලොත් යහතින් ඉන්න ඉඩ තියන්නෑ කියලා.

මම උඩබිම බැලුවා සුදුබේබි.....සුදුබේබි එක්ක කොහෙද මගෙ සම්බන්ධයක්? මම ඇහුවා මොන සම්බන්ධයක්ද,ඔයාට වැරදිලා වගේ කියලා.පස්සෙ සුදුබේබි ගැන ඇහුවා....මම කිව්වා මම ආශවව දන්නවා,ඒත් එෆෙයා එකනම් නෑ,ඔයාට වැරදීමක් වෙලා කියලා.මේ ලමයා ටික වෙලාවක් මම දිහා බලාගෙම ඉදලා ගියා"

"ම්ම්ම්ම්......"

"මම ගෙදර ඇවිත් බලද්දි දැක්කෙ කම්මුල රතුවෙලා කියලා.හැබැයි ඒපාර ලොකුවට වැදිලා තිබ්බෙ නෑ....මම මූණ කට සෝදන් පුංචි අම්මා එන්න කලින් නිදාගත්තා.අත්තම්මාට ඒ හැටි ඒ ගැන ගාණක් තිබ්බෙ නෑ.....මම මේ ගැන ඔහෙ ආව වෙලාවක කියනවා කියලා හිතන් උන්නෙ සුදුබේබි....ලොකු දෙයක් කියලා මට නොදැනුනු නිසා"

"අදත් මොකක් හරි උනාද අක්කෙ?"

"පොඩ්ඩා කලබල නොවී ඉන්නකො....අක්කට හානියක් උනේ නෑ....මම අදත් ක්ලාස් යන්න පිටත් උනා සුදුබේබි....අදත් අර කාර් එක මග හරස් කලා.ඊයෙ වගේ නැතුව හෙමිහිට මම ලගට ඇවිත් ඒ ලමයා ඉස්සෙල්ලාම මම දිහා බලලා ලාවට වගේ හිනා උනා.මම හිනා උනේ නෑ...ඊයෙ උනු දේවල් එක්ක මට හිනා වෙන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.

ඒ ලමයා මම ලගට ඇවිත් කිව්වා ආශව අයියා එක්ක තියෙන සම්බන්ධෙ නවත්තන්න කියලා ජීවිතේට ආසාවක් තියෙනවනම්.....මට මුකුත් හිතාගන්න බැරි උනා සුදුබේබි....මම මුකුත් කියන්නෙ නැතුව බිම බලන් හිටියා....ඒත් එක්කම ඒ කොල්ලා අදත් අත උස්සද්දි මම නිකං හිටියෙ නෑ....ඒ කොල්ලගෙ අත අල්ලගෙන මම ඒකාගෙ කන හරහා අතුල් පාරවල් දෙකක්ම දුන්නා....ඒත් එක්කම වාහනෙන් තව කොල්ලෙක් බහිද්දි මම බය උනා....මම තනි කෙල්ලෙක්....මම කියලා මොනා කරන්නද?

ඒත් එක්කම බයික් එකක තව ලමයෙක් ආවා...මට ඒ ලමයව දැකලා හුරු උනාට ඒ කොහෙදිද කියන්න මතක නෑ...ඒ පැත්තෙ කෙනෙක් වෙන්න ඇති.ඒ ලමයා ඇවිත් මගෙන් ප්‍රශ්නයක් නෑ නේද කියලා හරි සුහදව ඇහුවෙ....මාව හුගක් කල් ඉදලා දන්නවා වගේ....ඒ ලමයා කරන දේ තේරිලා මාත් හරි හිතවත්ව ඒ ලමයට උත්තර දුන්නා...බයික් එකට මට නගින්න කියලා ඒ ලමයා කියද්දිත් අර කොල්ලො දෙන්නා වාහනේට නැගලා ගිහිනුත් ඉවරයි...අර ලමයා මාව ගෙදරින් බස්සලා ගියා....ඒ ලමය ආවෙ නැත්තං මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න උනත් ඉඩ තිබ්බා"

"අක්කෙ....."

ආශවගෙන් ඈත් වුණු නේත්‍ර අරුන්දතීගෙ තුරුලට පනිද්දි අරුන්දතී නේත්‍රගෙ පිට අත ගගා නේත්‍රව සන්සුන් කලා.කොහොමත් අරුන්දතී නේත්‍රට වඩා ටිකක් ගතිගුණ අතින් රළු කෙනෙක් වුණු නිසා අරුන්දතීට එදා ඒ මොහොතට මූණ දෙන්න පුළුවන් වුණා.අරුන්දතී කල්ප්නා කලේම කටකතාවකට ඒ ආව කොල්ලා ඔච්චර දරුණු උනානම්,ඇත්තටම ආශව යාලු කා එක්කද කියලා දැනගත්තම කොයි තරම්නම් විකෘති විදියට ඒ කොල්ලා හැසිරෙයිද කියලා.

"අරුන්දතී බලන්න ඒ ආව එකා මූද කියලා"

ආශව තමන්ගෙ දුරකතන තිරේ අරුන්දතීගෙ පැත්තට දික් කරද්දි අරුන්දතී ඇස් හීනි කරගෙන ඒ දිහා බැලුවා.බැලුව ක්ෂණිකයෙන් අරුන්දතී ඔලුව උඩ පහල වනද්දි නේත්‍ර ඇසුත් ලොකු කරං ආශව දිහා බැලුවා.

"මම හිතුවා හරි එහෙනම්....ඒ මිකායෙල්!"

කේන්තියෙන්ම ආශව නැගිටලා එලියට යද්දි නේත්‍ර අරුන්දතීට මිකායෙල් ගැන කෙටියෙන් පැහැදිලි කලා.අරුන්දතී විටින් විටේ කිව්වෙම නේත්‍රට පරිස්සම් වෙන්න කියන එක.සුදුබේබිගෙන් ආයාචනා කලේම තමන්ගෙ පොඩ්ඩව පරිස්සම් කරගන්න කියන එක.අරුන්දතීගෙ සිසිල් බීම සංග්‍රහයෙන් පස්සෙ කට්ටිය ආයෙමත් යන්න පිටත් වුණේ උදේම පොලට ගිය අත්තම්මයි,පුංචි අම්මයි ලග එනවා කියලා අරුන්දතීට ආව දුරකථන ඇමතුමත් එක්ක.

"සුදුබේබි.....අනේ ආයෙ ගෙදර යන්න බෑ....සුදුබේබි එක්කම එන්නම්ද ග්‍රවුන්ඩ් එකට?"

"ඔයාට රෙස්ට් කරන්න තියෙන දවසනෙ නේත්‍ර.....ඔයා ගෙදර යන්න.මම හවස් වෙද්දි එනවනෙ"

"අනේ සුදුබේබි.....ආර්යත් ඉන්නවා කිව්වා මම හිටියොත්....තනියමත් නෙවේනෙ සුදුබේබි"

"හා එහෙනම්.....හැබැයි ආර්ය එක්ක අපි වෙනදට කන කඩෙන් කාලා ඇතුලට එන්න ඕනි එහෙනම්....දැන් දොලහමාරත් පහු වෙලා"

"හා සුදුබේබි.....සුදුබේබිට පරක්කුයි නේද?"

"නෑ නේත්‍ර....පැය බාගෙ කිව්වට කොල්ලො එන්නෑ පැය බාගෙන්....පැයක්වත් යනවා ඔක්කොම ග්‍රවුන්ඩ් එකට එද්දි"

"එහෙනම් යං සුදුබේබි"

"නේත්‍ර මගෙ එක්ක යං.....දෙවිනා! උබ ආර්ය එක්ක වරෙං"

වෙලාවත් ටිකක් පරක්කු වෙලා තිබ්බ නිසා පාසල් ක්‍රීඩාංගනේ ගාවින් වාහන දෙක නැවැත්තුව ආශවයි දෙවිනුයි දෙන්නා ක්‍රිඩා පිටිය ඇතුලට දුවද්දි,නේත්‍රයි ආර්යයි දෙන්නා හෙමින් සැරේ පැවීලියන් එකට ඇවිදන් ගිහින් ඉදගත්තා.තවමත් ඔක්කොමල්ලා ඇවිත් නොහිටිය නිසා ක්‍රිකට් පුහුණුකරු ආශවට ඔලුවෙන් සන් කරද්දි ආශව පුහුණුකරු එක්ක ක්‍රීඩා පිටියෙ කොණකට ඇවිදන් ගියා.දෙවින්ගෙ අතට බෝලයක් පාස් කෙරුව කෝච් අනික් අයව පෙන්නද්දි දෙවින් ඇවිදන් ගියේ කට්ටිය එක්ක පුංචි අභ්‍යාසයක් කරන්න හිතාගෙන.ක්‍රීඩාපිටියෙ දැලට හේත්තු වුණු පුහුණුකරු ආශව එක්ක ලාවට හිනා වෙද්දි ඔලුව පොඩ්ඩක් වනලා ඒ හිනාව පිලිගත්තු ආශවත් කොට්ටම්බා ගස් හෙවණෙ ටිකක් ඉදගත්තා.

"ආශවට මට මොකක් හරි දෙයක් ගැන කියන්න තියෙනවද? අයි මීන්.....ආශව ඉස්කෝලෙ අනික් අයගෙන හංගන දෙයක් වගේ?"

පුහුණුකරුගෙ ඇස් දෙක තිබ්බෙ පැවීලියන් එකට වෙලා ආර්ය එක්ක කතා කර කර ඉන්න නේත්‍ර ලග.ලා නිල් ඩෙනිමකට තද නිල්පාට ටී ෂර්ටයක් ඇදල උන්නු නේත්‍ර ඈතට පවා පෙනුනෙ පුදුමාකාර ලස්සනකට.පුහුණුකරු බලාගෙන උන්නු දිහා බැලුව ආශව හරි කල්පනාකාරීව ආයෙමත් පුහුණුකරු දිහා බැලුවා.අවුරුදු තිස් පහක් විතර වුණු මේ පුහුණුකරු ආශවට ගුරුවරයෙක්ට වඩා මේ තාක් සමීප වෙලා හිටියෙ යාලුවෙක් විදියට.

"කෝච් එහෙම අහන්නෙ ඇයි?"

"ම්ම්ම්....මතකද දවසක් ආශවලගෙ අප්පච්චි ආවා....රෑ වෙනකං ප්‍රැක්ටිස් තිබ්බ දවසක....එදා ආශව ජීවිතේ පලවෙනිම වතාවට මට ප්ලීස් කියන වචනෙ කිව්වා....ඒක කිවෙ කා වෙනුවෙන්ද කියන එක මට හොයාගන්න අමාරු වුණේ නෑ ආශව තනියම වාහනේට නැග්ග හැටිත්,නේත්‍ර නිමේත් එක්ක ග්‍රවුන්ඩ් එකෙන් එලියට ගිය හැටිත් දැක්කම....මම මෙහෙට ඇසිස්ටන්ට් කෙනෙක් විදියට ආව කාලෙ ඉදන්ම අර පොඩි එකා ආශව ප්‍රැක්ටිස් ඉවර වෙනකං ඔය පැවීලියන් එකට වෙලා ඉන්නවා....එතකොට මම හිතන්නෙ නේත්‍ර ග්‍රේඩ් සික්ස් ඕ සෙවන්....මමම නේත්‍රව ඔය පඩිපෙල උඩ නිදන් ඉද්දි ඇහැරවලා ඇති අනන්තවත්...ඒ පුරුදු තාම එහෙමයිනෙ ආශව....දෙවින්ට එකකුස උපන් සහෝදරයෙක් ඉන්නවා....එයාවත් දෙවින් වෙනුවෙන් නොකරන කැපකිරීම් ආශවගෙ කසින් කෙනෙක් ආශව වෙනුවෙන් කරනවා කියන එක ටිකක්...ටිකක් පිලිගන්න අමාරුයි වගේ"

"............."

"මම ආශවගෙ පෞද්ගලික ජීවිතේට ඇගිලි ගහනවා නෙවෙයි....ඒත් මොකක්ම හරි අවුලක් උනොත් ඒකට මැදිහත් වෙන්න මට මොකක්ම හරි අයිඩියා එකක් තියෙන්න ඕනි ඔය දෙන්නා ගැන....අනික ආශව මට ඒ දේවල් කියන්නම ඕනි කියලා නීතියක් නෑ.ආශව කිය...."

"නේත්‍රයි මායි ආදරේ කරනවා කෝච්....එදා ඉදන්ම...හැබැයි ලවර්ස්ලා උනේ ගිය අවුරුද්දෙදි"

"මම හිතුවා හරි....මම එක එක දේවල් අහලා ආශවගෙ ඔලුව අවුල් කරන්න කැමති නෑ...ඒත්....මේවා ආශවගෙ අප්පච්චිලා දැනගත්තොත් වෙන දේවල් දැනගෙන නේද දෙන්නම ඕක පටන් ගත්තෙ?"

"ඔව් කෝච්....මට පුළුවන් නේත්‍රව රකින්න"

"ආශවගෙ හිතේ හයිය ගැන මම දන්නවා....ඒත් ආශව,ඔයා තාම පුංචි කොල්ලෙක්....ඔයාට තවම බෑ මේ මහ මිනිස්සු එක්ක හැප්පෙන්න....ඒ නිසා හරි වයසට එනකං ඔයාලා දෙන්නම පරිස්සම් වෙන්න ඕනි.අනික,කාගෙමහරි උදව් ඕනි කියලා හිතුනොත් ඔය ලොකුකම පැත්තක දාලා කතා කරනවා....මම උනත් පුළුවන් උදව්වක් කරන්නම්....මමත් පවුලක් පන්සලක් නැති මිනිහානෙ....ඒ නිසා මට වගකීම් අඩුයි"

"තෑන්ක් යූ කෝච්"

"ආශව සෑහෙන්න වෙනස් වගේ නේත්‍ර සම්බන්ධ සබ්ජෙක්ට් එකේදි....එක්ස්කියුස් කරනවා,ප්ලීස් කියනවා,තෑන්ක්ස් කරනවා....හොද ආශව කෙනෙක් ඉන්නවා වගේ නේත්‍ර එක්ක"

"කෝච්!"

ආශව හිනා වෙවී කියද්දි පුහුණුකරු ආශවගෙ පිටට පාරක් දුන්නා.හිනා වෙවීම ක්‍රීඩා පිටිය මැද්දට ආව ආශවගෙ හිනාව නැති වුණේ නේත්‍ර දිහා ඇස් කඩාගෙන බලන් ඉන්න රධීන්ව දැකලා.රධීන්ගෙ අවධානෙ ගන්නම බැට් එක දෙවින්ට විසික් කරනව වගේ රධීන්ගෙ ඇගටම දමලා ගැහුව ආශව රධීන්ගෙ කෙදිරිල්ල ගාණකටවත් නොගෙන රධීන්ගෙ ඇගේ වැදිලා වැටුන බැට් එක අරං ආයෙමත් පුහුණුවීම් කරන්න පටන් ගත්තා.

"තිදස්වර ඉරුගල්බණ්ඩාරව ෆෝර්ත් ප්ලේස් එකේ තියෙනවට වඩා ඕපන් හොදයි කියලා මට හිතෙන්නෙ,ඔයාලගෙ බිග් මැච් වලදි.....මොකද දැන් තිදස්වරගෙ පර්ෆෝමන්ස් පවා කලින්‍ට වඩා ඉම්පෲ වෙලා...තිදස්වරට පුළුවන් විකට් එක රැකගෙනම ටීම් එකට ලකුණු අරන් දෙන්න....ටෙස්ට් වලදි එයාව ඕපන් එවන්න.....හැබැයි ටී ටුවෙන්ටි වගේ මැචස් වලදි බය නැතුව තිදස්වරව ඕපන් වන්ඩවුන් ඕ ටූ ඩවුන් දාන්න...මොකද ටී ටුවෙන්ටි වලදි මුල විකට්ස් දෙක තුන යනවා වැඩියි....ඕපන් දානවට වඩා තිදස්වරව අර ප්ලේස් එකකට දැම්මොත් තිදස්වරට පුළුවන් ප්‍රෙශර් එක බැලන්ස් කරන් බැට් කරන්න"

පුහුණුකරු කල්පනා කලේ කලින් පුහුණුකරුවන්ගෙ රැස්වීමක් අවසානයේදී සීසීසී ක්‍රිකට් ක්ලබ් එකේ ඉහල නිලධාරියෙක් තමන්ව පැත්තකට කරගෙන දුන්නු උපදෙස ගැන.මේ වෙද්දිත් ආශවව ඩැහැගන්න බලාගෙන ක්‍රිකට් ක්ලබ් කීපයක්ම පොරකන බව පුහුණුකරුට නොරහසක් වුණා.හුගක්ම ඒවගෙ තිබුණු ලොකුම ඉලක්කය තමා ආශවව තමන්ගෙ ක්‍රිකට් ක්ලබ් එකට බදවගෙන කෙටි පුහුණු කාලයක් ඇතුලත එල්පීඑල් තරගාවලි වෙන්දේසියට ආශවව යෝජනා කරන්න.මොකද ආශව කියලා කියන්නෙ ඔප දාලා පවා ඉවර දියමන්තියක් කියලා ක්‍රිකට් ගැන දැනුමක් තිබ්බ ඕනිම කෙනෙක්ට තේරුනා.ඒ ඔප දාපු දියමන්තිය ටිකක් පිහදාලා දිස්නෙ එන්න පිරිසුදු කරන්න විතරයි ඕනි කියන එකත් ඉහල පෙලේ ක්‍රිකට් ක්ලබ් අතරෙ පැවතුනු නොරහසක් වුණා.

"ආශව,ඔයා ඕපන් වගේ ප්ලේ කරන්න ප්‍රැක්ටිස් වෙන්න ඕනි....ඔයා එක්ක දෙවින් ඕපන් යයි"

"ඕකේ කෝච්"

"රධීන්ව ටිකක් කුලප්පු කලාම රධීන්ගෙ ඉවසීම බින්දුවට බහිනවා....හැබැයි රධීන් කියන්නෙ හොද බැට්ස්මන් කෙනෙක්....රධීන් විකට් එකේ රැදිලා ඉන්න වෙලාව ඇතුලෙදි රධීන් කොහොමත් උපරිම ලකුණු ගාණක් අරං දෙනවා....හැබැයි රධීන්ට විකට් එක රැකගන්න කිසිම වුවමනාවක් නෑ"

පුහුණුකරු පැහැදිලි කරද්දි කොල්ලො ඔක්කොම නිහඩව ඒ දේවල් අහන් හිටියා.රධීන් උනත් ඔලුව උඩ පහල වැනුවෙ තමන් ගැන හොදටම දන්නෙ තමන් නිසා.

"දෙවින් විකට් එක රැකගෙන ඉන්න පුළුවන් ....... දෙවින්ට හරියනම පාර්ට්නර් ආශව....දෙන්නගෙ පාර්ට්නර්ශිප් එකත් එක්ක කොහොමත් අපිට ලකුණු එකතු කරගන්න පුළුවන්...කොහොමත් අපේ මේන් බැට්ස්මන්ලා හතරයි....ඕල් රවුන්ඩස්ලා තුනයි....මේන් බෝලර්ස්ලා හතරයි....මම හිතන්නෑ ගිය පාර බිග් මැච් ඩ්‍රෝ උනාට මේ පාර එහෙම වෙයි කියල"

"යෙස් කෝච්!"

"ප්‍රධානම දේ,මේ පාර ඔයාලා ස්කූල් එකෙන් අවුට් වෙන්න කලින් ගහන අන්තිම මැච් එක නිසා ක්‍රිකට් ක්ලබ්ස් වලින් එනවා බිග් මැච් එක බලන්න....ඒ වගේම ඔයාලා මේ ඉයර් එකේදි ප්ලේ කරන හැම මැච් එකක්ම බලන්න එයාලාගෙන් එක්කෙනෙක් හරි එන්න අනිවාර්යයෙන්ම ලොකු ඉඩකඩක් තියෙනවා.ස්කූල් අවුට් වෙනකං ඔයාලට ක්ලබ්ස් වලට ප්ලේ කරන්න බැරි උනාට අවුට් වෙච්ච ගමන්ම ඒක පුළුවන් කියලා එයාලා දන්නවනෙ....ඉතින් ඔයා ඔයාගෙ ෆියුචර් පාත් එක ගොඩනගාගන්න යන්නෙ ක්‍රිකට් හරහානම්,ඔයා මේ ඉයර් එකේදි ෆේල් වෙලා බෑ....ඔයාගෙ පෆෝමන්ස් ඉතා ඉහල මට්ටමක තියාගන්න ඕනි"

"යෙස් කෝච්!"

"ආශව,එක දිගට අවුරුදු පහක් තිබ්බෙ බිග්මැච් ඩ්‍රෝ අපේ....මම කැමතියි ඔයාගෙ කැප්ටන්සිය යටතෙ මේ පාර අපිට කප් එක ගන්න පුළුවන් උනානම්"

"අපි උත්සාහ කරන්න කෝච්!"

ආශවගෙ හඩත් එක්කම ආයෙමත් කට්ටියගෙ පුහුණුවීම් පටන් ගත්තා.පුහුණුවීම් වෙලාවෙදි ආශව පුළුවන් තරම් තමන්ගෙ අවධානෙ පුහුණුවීමටම යොදවලා තියන්න උත්සාහ කලා.ආර්යත් ඉන්න නිසා නේත්‍ර තනි වෙලා නෑ කියන එක ඔලුවෙ තියාගත්තු ආශව පුළුවන් උපරිම විදියට පුහුණුවීම් වලට තමන්ගෙ අවධානය යොමු කලා.ආශවටම දැනුනා තමන්ගෙ දුවන වේගෙ දැන් ටිකක් අඩු වෙලා කියන එක.ඇගේ බර ටිකක් වැඩි වෙලාදෝ කියන සැකේ ආශවගෙ හිතට ආවා.ඉස්කෝලෙ වැඩ එක්ක ජිම් එකක පලාතකට නොගිය ආශව මේ ටිකේ ඒකටත් කොහොමහරි ඉඩක් වෙන් කරගන්න ඕනි කියලා කල්පනා කලා.එන්න එන්නම ආශවට දැනෙන්න අරං තිබ්බා හීනයක් හැබෑ කරගන්න එකේ තියෙන දුෂ්කර බව.

"හායි නේත්‍ර....හායි ආර්ය"

"හායි!"

ලොකු කතාවක උන්නු නේත්‍රයි ආර්යයි ගැස්සිලා වගේ ගියේ තමන් ලගින්ම ඇහුණු කටහඩට.ඔලුව හරවලා බලද්දි පැවීලියන් එකේ කොණක ඉදන් තමන්ගෙ පැත්තට ඇවිදන් එන මිකායෙල්ව දැක්ක ආර්ය නම් ඇස් දෙකත් රෝල් කරලා අහක බලාගනිද්දි නේත්‍ර හිස් බැල්මකින් මිකායෙල් දිහා බලාගෙන හිටියා.

"ඔයාලා දෙන්නා මොකද මෙතන කරන්නෙ?"

"අපි දෙන්නනම් ඉතින් ඕනි තරම් මෙහෙම ඉදලා තියෙනවා මිකායෙල්....නේත්‍ර හය වසරෙ ඉදන්ම මෙතන ඉන්න එක නෝමල්....ඔයාගෙනුයි හරිනම් අපි අහන්න ඕනි ඔයා මොකද මෙතන කියලා"

"ආශව අයියා ප්‍රැක්ටිස් කරන හැටි බලන්න ආවා"

"ඕහ්...රියලි?"

මිකායෙක් මෙලෝ ගාණකට නැතුව කට ඇතුලෙ තියෙන චුයින්ගමයත් හප හප කියද්දි ආර්ය සමච්චලේට උත්තර දුන්නා.නේත්‍රනම් හිටියෙ ක්‍රීඩා පිටියෙ මැද්දෙ පුහුණුවීම් වල යෙදිල උන්නු ආශව දිහා බලාගෙන.මේ ටිකේම අව්වෙ දගලන නිසා ආශව තව ටිකක් දුඹුරු ගැහිලා හිටියා.බිග්මැච් සමය ඉවර වෙද්දි සුදුබේබි දුඹුරුම දුඹුරු වෙලා ඉදියි කියලා හිතුනු නේත්‍රට ලාවට හිනාවක් ගියේ ආශව කොහොම හිටියත් කඩවසම් නිසා.කටේ තිබ්බ චුයින්ගම් එක අහකට විසි කෙරුව මිකායෙල් තව චුයින්ගමයක් කටට දාගෙන නේත්‍ර දිහා බලද්දිවත් නේත්‍ර මිකායෙල්ට අවධානෙ දුන්නෙ නෑ.

"ඔයාගෙ අක්කාව බලන්න ගියානෙ මම නේත්‍ර"

"දන්නවා! ඒත් ආයෙ යන්න එපා මිකායෙල්!"

"ඇයි ඒ? අක්කා බයයිලුද මට"

"නෑ.....ආශව අයියා යාලුකෙනා අපේ අක්කා නෙවේ"

"වට්? ඔයා මාව රවට්ටන්න හදනව වගේ?"

"ඔයාව රවට්ටලා මට මොනා ලැබෙන්නද මිකායෙල්? මම කැමති නෑ ප්‍රශ්න වල පැටලෙන්න.ඒත් මගෙ අක්කයි,ආශව අයියයි ඔයා පටලවන් ඉන්න නිසයි මම මේ කතා කලේ"

"ආශව අයියා කා එක්කද එතකොට යාලු?"

"ඇත්තටම ඇයි මිකායෙල් මිනිස්සුන්ගෙ පර්සනල් ලයිෆ් එක ගැන ඔහොම ඇගිලි ගගහා හොයන්නෙ? ඒක මහ කැත පුරුද්දක්නෙ"

"ඔයාට වැඩක් නෑ ආර්ය එව්වගෙන්....මට අයිතියක් තියෙනවා ආශව අයියා ගැන හොයන්න"

මිකායෙල්ගෙ කතාව එක්ක ආශව දිහාම බලන් උන්නු නේත්‍ර මිකායෙල් දිහා බලලා ආපහු පාරක් ආශව ලගට තමන්ගෙ ඇස් දෙක ගත්තා.මූණෙ ඇදුනු ලා හිනාවක් එක්ක නේත්‍රගෙ නිවුණු කටහඩ එලියට ආවා.

"අයිතියක්? කොහෙ තියෙන අයිතියක්ද මිකායෙල්?"

මිකායෙල් නේත්‍ර දිහා බැලුවෙ කේන්තියක් ගෑවිලාවත් නැති නේත්‍රගෙ වචනයි හඩයි නිසා.නේත්‍ර මොකට මිකායෙල් එක්ක කේන්ති ගන්නද?ආශවගෙ හුස්මෙ ඉදන්ම අයිතිය නේත්‍රට විතරක්ම තියෙද්දි කොහෙවත් ඉන්න මිකායෙල් එක්ක නේත්‍රට කේන්ති ගන්න හේතුවක් තියෙනවද? නේත්‍රගෙ හඩේ තිබ්බෙ පැහැදිලි කිරීමක් විතරයි.තේරුම් ගන්න උත්සාහ කරන්න කියල නොකියා කීමක් විතරමයි.නේත්‍රගෙ මූණෙ තියෙන සන්සුන් කමට මිකායෙක් උනත් තත්පර ගාණකට නිහඩ උනා.ඒත් මිකායෙල් කියන්නෙ එහෙම හොද මනුස්සයෙක් නොවෙන නිසා මිකායෙල්ට ඕනි වුණේ නෑ එහෙම සන්සුන් වෙන්න.

"මම දන්නවා අයිතිය ගන්න හැටි නේත්‍ර!"

"හ්ම්ම්...."

අර සන්සුන් හිනාව මූණෙ තියංම නේත්‍ර මිමිණිල්ලක් කරලා ආශවගෙ ක්‍රීඩා උපකරණ දාන් ආව බෑගය තමන්ගෙ උකුලට ගනිද්දි ආර්ය නේත්‍රව අනුගමනය කරන ගමන් නිහඩ වුණා.ඒත් මිකායෙල්ටනම් එහෙම නිහඩ වෙන්න උවමනාවක් තිබුනෙ නෑ.කාලයක් තිස්සෙ හිතේ පැසවන දෙයක් අද මිකායෙල්ට එලියට දාන්න ඕනි වෙලා තිබ්බා.

"ආශව අයියා නේත්‍රගෙ අක්කා එක්ක නෙවෙයිනම් එෆෙයා එක තියෙන්නෙ,ආශව අයියා යාලු නේත්‍ර එක්කද?"

"මිකායෙල්,අයියගෙ ජීවිතේ ගැන ඔහොම හාර හාර අහන එක එච්චර හොද නෑ නේද? එයා ඔයාට කැමති නැත්තං එයාගෙ පාඩුවෙ ඉන්න දෙන එක නේද හොද?"

නේත්‍ර හරි පැහැදිලිව කතා කලත් මිකායෙල්ට ඒවට ඇහුම්කන් දෙන මානසිකත්වයක් තිබ්බෙ නෑ.කට කොනකට හිනාවක් නගාගත්තු මිකායෙල් නේත්‍ර දිහා බැලුවා.

"මනුස්සයෙක්ගෙ සෙක්ෂුවලිටි එක මාස කීපෙකින් වෙනස් වෙන්න බෑ නේද සාමාන්‍යෙන්?"

"................."

"දවසක් ආශව අයියා එයාගෙ යාලුවො ටිකක් එක්ක කතා කර කර ඉද්දි මට අහම්බෙන් වගෙ ඒ කතාබහ ඇහුනා....එවෙලෙ ආශව අයියා කිව්වා එයා ගේ කියලා...ඒක බොරු වෙන්න බෑනෙ?"

"ශිට් මිකායෙල්? ඔයා වෙන මිනිස්සුන්ගෙ කතාවල් හොරෙන් අහගෙනත් ඉන්නවද? මොකද්ද ඇත්තටම ඔයාගෙ හැදියාව? අපේ ඉස්කෝලෙ කෙනෙක් කියලනම් කියන්න එපා කොතනකදිවත් ඔයා...ශිට්!"

"ඔයා ඔච්චර කෑ ගහන්නෙ ඇයි ආර්ය? ඔයාද ආශව අයියගෙ අලුත් බෝයිෆ්‍රෙන්ඩ්?"

"මට අලුත් පරණ කියලා කීපයක් තිබිලා නෑ මිකායෙල් ඔයාට වගේ....එදා ඉදන් අද වෙනකලුත්,අදින් පස්සෙත් ඉන්නෙ එකම එක ලවර් කෙනෙක් විතරයි"

තුන් දෙනාම ගැස්සිලා ගියේ තමන්ට ටිකක් එහායින් ඇහුනු ආශවගෙ කටහඩේ සද්දෙට.පඩිපෙලවල් ටික නැගගෙන නේත්‍රලා ලගට ආව ආශවයි දෙවිනුයි දෙන්නා ආර්යයි නේත්‍රයි ලගින් ඉදගනිද්දි නේත්‍ර පුරුද්දෙන්ම වගේ බෑගය ඇතුලෙන් ගත්තු වතුර බෝතලේ ආශවගෙ අතට දීලා බෑගය ඇතුලෙන් ගත්තු සර්වියට් එකෙන් ආශවගෙ මූණ පිහදැම්මෙ මෙතන මිකායෙල් ඉන්න බව අමතක වෙලා.නේත්‍රගෙ බෝල ඇස් අස්සෙ අතරමං වෙලා උන්නු ආශව පවා එකපාරටම ගැස්සිලා ගියේ දෙවින්ගෙන් ඔලුවට හම්බුනු පාරක් හින්දා.ඇස් කොනෙන් මිකායෙල්ව පෙන්නුව දෙවින් හෙමින් සැරේ නේත්‍රගෙ අතින් සර්වියට් එක තමන්ගෙ අතට ගත්තා.

"ඔයාට අමුත්තක් පේන්නෙ නැද්ද මිකායෙල්?"

මිකායෙල්ට මතක් වුනේ දවස් කීපෙකට කලින් රධීන් මිකායෙල්ට පෙන්නුව දෙයක් වගේම කිව්ව කතාවක්.එදා රධීන් එක්ක මිකායෙල් හිටියෙ මිකායෙල්ගෙ කාරයට වෙලා,නේත්‍රලා බස් එකට නගින්න ඉන්න බස් නැවතුම ඉස්සරහට වෙලා.දෙන්නගෙම ඇස් තිබ්බෙ බස් නැවතුමේ උන්නු නේත්‍ර,ආශව,දෙවින්,තෙවින්,දිවාෂ පස් දෙනා ලග.

"ඔයාට මුකුත් වෙනසක් පේන්නෙ නැද්ද මිකායෙල්?"

"මොකද්ද?"

"අර"

රධීන් තමන්ගෙ ඇස් දෙකෙන් පෙන්නුවෙ නේත්‍රවයි ආශවවයි.ආශව කිව්ව මොකක් හරි දේකට නේත්‍ර හා පැටියෙක් වගේ හිනා වෙලා ඔලුව දෙපැත්තට වනනවා මිකායෙල් වගේම රධීන් බලාගෙන හිටියා.නේත්‍රගෙ මූණ ගාවට පාත් වුණු ආශව නේත්‍රගෙ කම්මුලක තිබ්බ මොනාහරි පිහදද්දි නේත්‍ර ඇසුත් බෝල කරං ආශව දිහා බලාගෙන ඉන්න හැටි දකිද්දි රධීන්ගෙ හිතට ආවෙ පුදුම ඉරිසියාවක්.නේත්‍රගෙ මූණෙන් ඇස් දෙක අහකට ගත්තු ආශව නේත්‍රගෙ කොණ්ඩෙ අවුස්සලා හිනාවෙලා අහක බලාගනිද්දි නේත්‍ර ආශව දිහා බලාගෙනම හිටියා.

"අමුතුයි නේද මිකායෙල්?"

"එහෙම කියන්නෙ ඇයි?"

"අර බලන්න....නිවුන්නු දෙන්නා දිහා"

මිකායෙල් බැලුවෙ රධීන්ගෙ ඇගිල්ල දික් වුණු පැත්ත.තෙවින් මොනාහරි කියනවත්,දිවාෂ මූණත් බෙරි කරං දෙවින්ගෙ ඇගේ එල්ලෙන හැටිත් ඊලගට දිවාෂ මොනාහරි කියනවත්,තෙවින් අනික් පැත්තෙන් දෙවින්ගෙ ඇගේ එල්ලෙන හැටිත් මිකායෙල් බලාගෙන හිටියා.ඒත් එක්කම දෙවින් දෙන්නටම ටොකු දෙයක් අයිනවත් තෙවින්ට වැඩිපුර පාරක් පිටට ගහන හැටිත් රධීන්ගෙයි මිකායෙල්ගෙයි ඇස් වලට අහු උනා.

"වෙනසක් පේන්නෙ නැද්ද මිකායෙල්?"

"හ්ම්ම්ම්ම්"

"තමන්ගෙම සහෝදරයා එක්ක උනත් හැසිරෙන්නෙ අර විදියටනම්....කසින් කෙනෙක් එක්ක අර වගේ ආදරෙන් ඉන්න එක ටිකක් අමුතුයි නේද?"

"මොකද්ද ඔයා කියන්න යන්නෙ?"

"මිකායෙල් හිතනවද ඇත්තටම ආශවයි නේත්‍රයි කියන්නෙ කසින්ස්ලා විතරයි කියලා? ඔහොම හැසිරෙන්න තරම්? එයාලා දෙන්නා කසින්ස්ලා කියලා ඉස්කෝලෙම ලමයි දන්න නිසා එයාලා දෙන්නා ගැන ලොකුවට බලන්නෑ...හරි අවධානෙන් බැලුවොත් එයාලා දෙන්නා අතරෙ වෙන දෙයක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්"

"හහ්! ආශව අයියට ඉන්නෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා නේත්‍රලාම මට කිව්වා"

"හැබැයි ඊට කලින් ඔයාටම ඇහිලා තිබ්බා ආශව කියනවා ආශව ගේ කියලා"

"මම නේත්‍රගෙ අක්කාව හම්බෙන්න යනවා....ගිහින්...."

"ඒක කාලෙ නාස්ති කිරිල්ලක් මිකායෙල්....ආශවගෙ එෆෙයා එකක් තියෙනවනම් තියෙන්නෙ නේත්‍ර එක්ක මිසක් නේත්‍රගෙ අක්කා එක්ක නෙවෙයි"

"රධීන්!"

"ඒ නැතත් ආශවගෙ හිතේ නේත්‍ර ගැන ක්‍රශ් එකක් හරි තියෙනවා....ආශව ගේ වෙන්නෙ නේත්‍ර සම්බන්ධයෙන්...මට ශුවර්"

"මම නේත්‍රගෙ අක්කව හම්බෙලාම ඉන්නම්කො"

"හ්ම්.....නේත්‍ර එන්න එන්නම ලස්සන වෙනවා මිකායෙල්....බලනවකො,නේත්‍ර තරම් ලස්සන කොල්ලෙක් අපේ ඉස්කෝලෙ නෑ....නුවරවත් ඉන්නවද කියලා මට සැකයි"

"පුෆ්ෆ්ෆ්"

"තමුසෙ පුහ් පුහ් ගගා ඉද්දි පෙරහැර ගිහින් ඉවර වෙයි....ඊටකලින් කරන දෙයක් කරන්න වෙනවා....නේත්‍රයි ආශවයි දැනටමත් එෆෙයා එකක් පටන් අරන්නම් තමුසෙට ඕනි දේ කරගන්න අමාරු වෙයි මිකායෙල්"

"ඔයා ගැන මොකද?ඔයාටත් ඒ ටිකමනෙ?"

"මිකායෙල්ට ඕනි ආශවව බෝයිෆ්‍රෙන්ඩ් කරගන්න උනාට,මට ඕනි ඒ දේ නෙවෙයි....මට ඕනි ආශව ඔය ඇහේ තියං රකින එකාව එකපාරක් රහ විදලා බලන්න....නේත්‍ර පර්ෆෙක්ට් ඇති කියලා මට හිතෙනවා ඒ දේට...වාහ්....නේත්‍රගෙ අඩුවක් පේන්නැ මට....නේත්‍රගෙන් මට ඕනි දේ කරගෙන ආශවගෙයි නේත්‍රගෙයි බැදීම කැඩිලා යන හැටි බලන්න ඕනි මට! ඊට පස්සෙ මට පුළුවන් උනොත් නේත්‍රව හැමදාම මගෙ කරගන්නවා"

"තමුසෙ නේත්‍රට ආදරේ නැද්ද රධීන්?"

"ආසයි නේත්‍රට.....නේත්‍ර මරු!"

රධීන්ගෙ ආසාවෙන් පිරුණු ඇස් දෙක දිහා බැලුව මිකායෙල් ආයෙමත් බස් නැවතුම දිහා බැලුවා.ඒත් එක්කම ආව බස් රථයට නේත්‍රව නැග්ගුව ආශව ඒ පිටිපස්සෙන් නගිද්දි මිකායෙල් තමන්ගෙ රියදුරාට පිටත් වෙන්න කියලා සන් කෙරුවා.

පැවීලියන් එකේ ඉදන් හිටිය මිකායෙල් ආයෙමත් හරි සිහියට ආවෙ ආශවයි දෙවිනුයි එතනින් යන්න නැගිටින සද්දෙට.ඒත් එක්කම මිකායෙල් දිහා බැලුව ආශව මිකායෙල්ට කතා කලා.

"මිකායෙල් අද ෆ්‍රී ද?"

"අ....ආශව අයියා? ය්....යෙස්"

"හරි...මම ප්‍රැක්ටිස් ඉවර වෙලා මිකායෙල්ව හම්බ වෙන්න එන්නම්...මට මිකායෙල් එක්ක ටිකක් කතා කරන්න ඕනි."

"හරි ආශව අයියා....මට පුළුවන්....මට පුළුවන්.....ඔව් මට පුළුවන්...."

"හ්ම්ම්....හතර හමාරට එන්න මෙතන හැරෙන තැන තියෙන කැෆේ එකට"

නේත්‍ර දිහා බලලා ඔලුව වැනුව ආශව දෙවින් එක්ක ක්‍රීඩා පිටියට දුවද්දි නේත්‍ර දිලිසෙන ඇස් වලින් ආශව දිහා බලන් හිටියා.එත් එක්කම මිකායෙල් නැගිටලා හරි අමුතු විදියට ආර්යයි නේත්‍රයි දිහා බලද්දිවත් නේත්‍රගෙ අවධානෙ මිකායෙල්ට යොමු වුණේ නෑ.නේත්‍රගෙ ඇස් දෙක තිබ්බෙ ආශව ලග....ආශව ලග විතරමයි.

..............................................................................................

"සිගිති! පොඩ්ඩක් බලන්නකො අර බෙල් එක ගහන්නෙ කවුද කියලා....නැත්තං ඒ ආව මනුස්සයා යයි"

"යන්න ඕනි අයට යන්න දෙන්න අම්මෙ...අපි අමාරුවෙන් අල්ලන් හිටියට වැඩක් නෑ"

"සිගිති! මම ඇවිත් තෙල් හැන්ද ඔය ලෑටි පස්සෙ තියන්න කලින් ගිහින් බලන්න!"

"අප්පෝ ජානකී ඔයානම් දැන් සෙට් නෑ හරිද?"

ආරියසිංහ නෝනට බැන බැනම උඩ තට්ටුවෙ ඉදන් පහලට වෙනකං පඩිපෙලේ අත්වැට දිගේ රීටුව දිවාෂ පස්ස පැත්තත් අතගගාම ගිහින් ගේට්ටුව ඇරියා.ඒත් එක්කම දිවාෂගෙ කට යස අගේට ඇරුනෙ ගේට්ටුව ඉස්සරහ හිටං ඉන්න මනුස්සයව දැකලා.

"අහකට වෙනවකො යුගාන් මට ඇතුලට එන්න"

"උඹ මොකටද ආවෙ?"

"ඇයි මට මෙහෙ එන්න බැරිද?"

"බෑ....උබේ ගෙදරයෑ මේක"

"හිතුනොත් මගෙ ගෙදර කරගන්නවා.....කෝ අහකට වෙයං...කට වක්කඩේ වගේ ඇරං කියෝනවා කියෝනවා ඉවරයක් නෑ"

දිවාෂව අතින් පැත්තකට කෙරුව තෙවින් මිදුලට පය ගහද්දි දිවාෂ තෙවින්ට බැන බැනම ගේට්ටුව වහලා දැම්මා.ලැප්ටොප් එකත් උස්සගෙනම ගෙට ගොඩ වුණු තෙවින් කුස්සියෙන් බෙල්ල එලියට දැම්ම ආරියසිංහ නෝනට හිනාවීගෙනම පඩිපෙල දිගේ උඩට නගින්න ගත්තෙ හුරුපුරුදුකාරයෙක් ගාණට.තෙවින් මෙහෙ යන එන එක හරි සාමාන්‍ය දෙයක් වුණු නිසා ජානකී නෝනා උනත් ඒක ලොකුවට සැලකුවෙ නෑ.

"ඇයි දැන් මෙහෙ ආවෙ මේ අල්ලපනල්ලෙ?"

"ගෙදර කවුරුත් නෑනෙ යුගාන්....මට කම්මැලි හිතුනා.අනික රවුටර් එකේ ඩේටාත් ඉවරයි"

"ඉතින් මෙහෙ ආවෙ? උබ හිතුවද අපේ ගෙදර ඩයලොග් කම්පනි එක තියෙන්නෙ කියලා?"

"නෑ එහෙම හිතන්න තරම් ට්‍රැක් නෑනෙ මට....ඒ උනාට ඊයෙ මට කියලා දම්මගත්ත GB අසූව තියේනෙ යුගාන්ගෙ රවුටර් එකේ"

"ඒක ඉවරයි...."

"එහෙම ඉවර වෙන්න මොකෝ උඹ ඩේටා ටික කෑවද? අනේ නිකං පලයං යුගාන්....මේ බලපං...තවම ක්ලාස් එකත් රෙකෝඩ් වෙනවා....මේ....මගෙ ෆෝන් එකටත් කනෙක්ටඩ්...එනවා මෙතන පච කෙලින්න"

"තමුසෙගෙ ෆෝන් එක කොහොමද කනෙක්ට් වෙන්නෙ? පාස් වර්ඩ්...."

"එව්වා මම කලින්ම ගහන් කනෙක්ට් වෙලා ඉන්නෙ....ඔක්කොම වෙනකං උඹ දන්නෑ....මටයි ඒ උනාට මෝඩයා කියන්නෙ"

"දැන් මොකටද ඕකත් උස්සන් ආවෙ?"

"සෝන්ග් කවර් එකක් කලා යුගාන්.....ඒක අප්ලෝඩ් කරන්න ඕනි....ඊට කලින් යුගාන්ට අහන්න දෙන්නත් එක්ක ආවෙ"

"ම්ම්ම්ම්.....අහමු....මොකද්ද සිංදුව?"

"Aankhon Mein Teri Ajab Si.....ඕම් ශාන්ති ඕම් එකේ සිංදුවක්"

"අඩේ....මම ඒකට පට්ට ආසයි"

විනාඩි දෙකක වගේ කාලයක් තිබ්බ තෙවින් ගායනා කල සිංදුව දිවාෂ අහන් හිටියෙ ඇස් දෙකත් වහගෙන.ඇසුත් වහන් මූණෙ ලා හිනාවක් තියන් ඉන්න දිවාෂ මොන තරම්නම් ලස්සනයිද කියලා තෙවින් තමන්ගෙන්ම අහගත්තා.කෑ ගගහා දගලන දිවාෂට වඩා මෙහෙම සන්සුන්ව ඉන්න දිවාෂ ලස්සන උනාට,තමන් වැඩිපුරම ආසා අර කෑ ගගහා දගලන මනුස්සයට නේද කියලා කල්පනා කෙරුව තෙවින්ට තනියම හිනා ගියා.ඒත් එක්කම දිවාෂගෙ දුරකථන තිරේ ආලෝකමත් වෙන බව දැක්ක තෙවින් හෙමින් සැරේ ඒක අතට ගත්තෙ දුරකථනෙ ශබ්ද රහිත කරල තිබ්බ බව තේරුනු නිසා.ඇස් දෙකත් පියන් ගීතෙ රසවිදින දිවාෂට දුරකථනෙ තමන් ගත්ත බව තේරුනේ නෑ කියලා දැනුනු තෙවින් දුරකථන තිරේට තමන්ගෙ ඇස් දෙක යොමු කලා.

"ඉන්දීප?"

ඉන්දීප මොකටද දිවාෂට කතා කරන්නෙ කියලා හේතුවක් නැතුවම තෙවින් තමන්ගෙන් අහගත්තා.ඒත් එක්කම මෙලෝ මිනිහෙක් ගැන විශේෂයෙන් කතා නොකරන ඉන්දීප ඉදලා හිටලා දිවාෂ ගැන විතරක් කතා කරලා තියෙන බව මතක් වුන තෙවින්ගෙ හිතට අහේතුවකවම ආවෙ කේන්තියක්....ආත්මාර්ථකාමීත්වයක් වගේ දෙයක්.එහෙම්මම දිවාෂගෙ දුරකථනෙ ක්‍රියා විරහිත කරලම දැම්ම තෙවින් දිවාෂ ඇස් අරිනකං බලන් හිටියා.

"වෝහ්! ඒකනම් සුපිරි!....ඕක අඩුම දවසක් ඇතුලත හන්ඩ්‍රඩ් කේ වත් පන්නයි....නෑ ලොවෙත් හන්ඩ්‍රඩ් කේ පන්නනවා"

"තෑන්ක්ස් යුගාන්"

"ඕක මගෙ ෆෝන් එකට එවපංකො....කෝ මගෙ ෆෝ...."

"හරි මම එවන්නම්කො....මේ බලන්නකො යුගාන්,මේක මම දාද්දි....."

දුරකථනය හොයන්න හැදුව දිවාෂගෙ අවධානෙ වෙනස් කල තෙවින් දිවාෂව ලැප්ටොප් එක දිහාවට හරවගත්තෙ වෙන කතාවක් ඇදගන්න ගමන්.දිවාෂත් ඒකට අවධානෙ දෙන ගමන් තෙවින්ගෙ උත්සාහෙ සාර්ථක කරද්දි තෙවින්ගෙ හීනි කළු ඇස් දෙකේ ඇදිලා තිබ්බෙ දැඩි ආත්මාර්ථකාමී බවක්....තෙවින්ටම නොදැනී අහේතුකවම තෙවින් කෙනෙක්ට අසීමිත විදියට ලෝභකම් කරන්න පටන් අරං තිබ්බා.අඩුම නේත්‍ර ගැනවත් ඒ විදියෙ හැගීමක් ඔය ඇස් දෙකේ ඇදුනෙ නෑ කියලා තෙවින්වත් දැනගෙන හිටියෙ නෑ.

...................................................................................................

"නේත්‍රට විශ්වාසයිද මේ කරන්න යන දේ ගැන?"

"ඔව් සුදුබේබි....උපාධ්‍යාට පැහැදිලි කල වගේ මිකායෙල්ටත් පැහැදිලි කරමු"

"උපාධ්‍යා වගේ මොලේ තියෙන වැදගත් කෙනෙක්නම් නෙවෙයි මැණිකෙ ඔය මිකායෙල්"

"ඒ උනාට අපි කියලා බලමු සුදුබේබි"

"හැබැයි මම නේත්‍රයි මගෙ බෝයි කියලා ඌට කියන්න යන්නෑ....ඌට ඒ මගුල් වලින් වැඩක් නෑනෙ"

"එහෙම කියන්න ඕන්නෑ සුදුබේබි....ඒත් අක්කා එක්ක නෙවේ එෆෙයා එක තියෙන්නෙ කියලා එයාගෙ ඔලුවට දැම්මොත් ඇති"

"හ්ම්ම්ම්ම්"

"මාව රකින්න සුදුබේබි ඉන්න හන්දා මට කරදරයක් වෙන්නෑ කියලා විශ්වාසයි.....ඒත් අක්කා තනි කෙනෙක්නෙ සුදුබේබි....එයාට කරදරයක් උනොත් එහෙම...."

"හරි නේත්‍ර,අපි මූට පැහැදිලි කරන්න ට්‍රයි එකක් දෙමුකො ම්ම්ම්ම්"

"හා සුදුබේබි....සුදුබේබි කතා කරනවද? මම එහා ටේබල් එකට වෙලා ඉන්නම්"

"ඔයාගෙ කැමැත්තක් නේත්‍ර.....කොල්ලා මම උපාධ්‍යා එක්ක තනියෙන් කතා කරන්න යැව්ව එකේ වාඩුව ගන්නවා නේද හෙමීට?"

"අනේ එහෙම නෑ සුදුබේබි....මම ඉන්නම් සුදුබේබි එක්ක"

"නෑ නෑ....ඔයා හිටියොත් ඕකාට මම කියන්න ඕනි එව්වා කියාගන්න වෙන්නෑ....ඔයා ඉන්නකො එහාට වෙලා....සද්දයක් ඇහුනොත් විතරක් ඒ පැත්තට එන්න"

"කලබල එහෙම කරන්න එපා සුදුබේබි හොදද? ..... හෙමීට කතා කරලා විසදගන්න බලන්නකො"

"හරි මැණික....දැන් යං"

ආශවගෙ බයිකයෙන් නේත්‍රව බැස්සුව ආශවත් හෙමින් සැරේ බැහැලා කැෆේ එකට ඇතුල් වුණා.ඒත් එක්කම ආශව දැක්කෙ කොණේම මේසයක් ලග ඉදන් තමන්ට අත වනන මිකායෙල්ව.මිකායෙල් හදිසියෙම පිටත් වෙන්න හේතුව අලුත් ඇදුමක් ඇදන් එන්න කියන එක නේත්‍රට තේරුනේ මිකායෙල්ව දැක්කම.සුදුපාට ලොකු කලිසමකට රෝස පාට කොට කමිසයක් ඇදන් හිටිය මිකායෙල්ගෙ පෙනුම ඇත්තටම හරි ආකර්ශණීය එකක් වුණා.ඒත් ආශවට ඒ වගෙ වගක් තිබ්බෙ නෑ.නේත්‍රව ඒ ලගම මේසෙකින් ඉන්දෙව්ව ආශව මිකායෙල් ලගට ගිහින් ඉදගත්තා.

"ආශව අයියා....ඇත්තටම ඔයා මාව හම්බෙන්න ආවා කියලා හිතද්දිනුත්...වාහ්!!!"

"ම්ම්ම්ම්"

"ආශව අයියා මොනාහරි ඕඩර් කරනවද? අපි මොනාහරි බොන ගමන්ම කතා කරමු"

"ඔයාට ඕනි එකක් ඕඩර් කරන්නකො මිකායෙල්...මම මට ඕඩර් එක දාගන්නම්"

"මටත් ඔයා බොන ජාතියක්ම ඕකේ ආශව අයියා"

"හරි,ඔයා එහෙනම් ඔයාට ඕනි එකක් ගන්නකො මිකායෙල්...."

එතකොටම එතනට ආව සේවකයෙක් දෙන්නගෙන් ඇණවුම් කරන දේ අහද්දි මිකායෙල් ආශව දිහා බලලා උත්තර දුන්නා.

"ඇවකාඩෝ මිල්ක්ෂේක් දෙකක්"

"මට ඇවකාඩෝ එපා මිකායෙල්...ඔයාට ගන්න,මෙයාට ඇවකාඩෝ එක දෙන්න...අපිට දෙන්න මැන්ගො මිල්ක්ෂේක් දෙකක්....මටයි අතන ටේබල් එකේ ඉන්න කෙනාටයි"

"ඕකේ සර්"

සේවකයා එතනින් පිට වෙනවත් එක්කම මිකායෙල් බැලුවෙ ආශව දිහා.

"මම හිතුවෙ ආශව අයියත් ඇවකාඩෝ වලට ආසා ඇති කියල"

"ඇවකාඩෝ නේත්‍රට ටිකක් ඇලර්ජි මිකායෙල්....ඒ නිසා මමත් ඒවා යූස් කරනවා අඩුයි"

"ඕහ්....එයාටනෙ ඇලජික් ආශව අයියා"

"එයාට මොකෝ මට මොකෝ මිකායෙල්....හරි දැන් ආව කාරණේ කතා කරමුකො"

තමන්ට ටිකක් එහාට වෙන්න තිබ්බ මේසයක් ලග ඉදගෙන ඔලුවවත් උස්සන්නෙ නැතුව දුරකථන තිරේ දිහා බලන් ඉන්න නේත්‍ර දිහා බැලුව මිකායෙල් ඇස් දෙක රෝල් කරලා අහක බලාගත්තා.ඔය දුරකථන තිරේට ඇස් ඔබන් හිටියට නේත්‍ර ඉන්නෙ නිකංම නිකං ඒක දිහා බලාගෙන මිසක් ඒකෙ වැඩක් කර කර නෙවෙයි කියලා ආශව නම් දැනගෙන හිටියා.මොකද පුංචි එකාගෙ අවධානෙ තියෙන්නෙම මෙතන බවත්,ඒ නිසාම ඉක්මනට මේ කතාව ඉවර කරලා පිටත් වෙන්න ඕනි කියලත් ආශව තේරුම් ගත්තා.

"ඉතින් ආශව අයියා"

මිකායෙක්ගෙ කටහඩ එක්ක ඔලුව ඉස්සුව ආශව තමන් දිහා හොරෙන් බැලුව නේත්‍රට සිසිල් බීම එක බොන්න කියලා සන් කරන ගමන් මිකායෙල් එක්ක කතා කරන්න ගත්තා.

"මිකායෙල්ට මම කියන්න ආවෙ,මම ගැන මිකායෙක් හිතුවට වැඩක් වෙන්නෙ නෑ කියලා කියන්න...ඒක නිකං මිකායෙක්ගෙ කාලෙ නාස්තියක් වගේම මටත් මහ වදයක් වෙන දෙයක්"

"එහෙම කියන්නෙ ඇයි ආශව අයියා?"

"මිකායෙක් අරුන්දතීව හම්බෙන්න ගිය එකත් මම දන්නවා....මිකායෙල් අරුන්දතීට අත ඉස්සුව බවත් මම දන්නවා.මිකායෙල් ගැන මගෙ කිසිම පැහැදීමක් කලින් ඉදන්ම තිබිලා නෑ....ඒත් අර අපේ ඉස්කෝලෙ මල්ලි කෙනෙක්නෙ කියන හැගීම පවා නැති උනා මිකායෙල් කෙල්ලෙක්ට අත ඉස්සුවා කියලා දැනගත්තම...පිරිමියෙක්ට කරන්න පුළුවන් අන්තිම පහත් දේ විදියටයි මම ගෑනු කෙනෙක්ට අත උස්සන එක දකින්නෙ....මිකායෙල් හැම අතින්ම ෆේල්"

"අ....ආශව අයියා....මට එක චාන්ස් එකක් දෙන්න....මට පුළුවන් ඔයා බලාපොරොත්තු වෙන පර්ෆෙක්ට් කෙනා වෙලා පෙන්නන්න"

"නෑ මිකායෙල්...මම කවදාවත්ම පර්ෆෙක්ට් කෙනෙක්ව බලාපොරොත්තු උනේ නෑ....හැබැයි දෙවියො මට පර්ෆෙක්ට් කෙනෙක්ව තෑගි කලා....ඒ කෙනා අරුන්දතී කියලා හිතුව එක මිකායෙල්ගෙ වරදක්.ඒ කෙනා අරුන්දතී නෙවෙයි.ඒ නිසා මීටපස්සෙ අරුන්දතීට කරදර කරන්න යන්න එපා"

"ඒ කෙනා නේත්‍රද? නේත්‍රද ආශව අයියා?"

"ඔයාට ඒකෙන් වැඩක් නෑ මිකායෙල් මම හිතන විදියට...මොකද ඒක මගෙ පර්සනල් ලයිෆ් එක.මගෙ ලවර් කවුද කියලා මමයි,මගෙ යාලුවොයි දැනගත්තම ඇති....හැම තැනම ඉන්න අය දැනගන්න ඕනි නෑනෙ"

"මගෙ නැති එයාගෙ තියෙන දේවල් මොනාද ආශව අයියා? මම ඒවා හදාගන්නම්"

"එයා ලග තියෙන හුගක් දේවල් හුගක් අය ලග නෑ....එයා හැම දේකින්ම පිරිච්ච පරිපූර්ණ මනුස්සයෙක්.ලෝකෙම ඉන්න මිනිස්සු අතරෙ බෙදිලා ගිහින් තියෙන හැම පර්ෆෙක්ට් දෙයක්ම තනි මිනිහෙක් විදියට එයාට ලැබිලා තියෙනවා"

"එච්චරටම පර්ෆෙක්ට් මිනිස්සු නෑ ආශව අයියා"

"ඔයාලට නැතුව ඇති...ඒත් එයා එක්ක ඉන්න නිසා ඒක මට දැනිලා තියෙනවා.නරකක් කියලා නාමයක්වත් නැති හොද කියන දේ විතරක් දරන් ජීවත් වෙන කෙනෙක් එයා"

"ඔයා බලාපොරොත්තු උනු හැමදේම එයා ලග තිබිලා....ඒ දේවල් මොනාද කියලා මට කියන්න ආශව අයියා.....මට පුළුවන් එයාට වඩා පර්ෆෙක්ට් වෙන්න"

"තමුන්ට බෑ මිකායෙල්....මම හිතන්නෙ දැන් ඔය ඔලුව ඇතුලෙ තියෙන මොලේට තට්ටුවක් දාලා බලලා මම කියන දේ ගැන හිතන්න පුළුවන් වෙයි තමුන්ට....මොකද ආයෙ මට මෙහෙම නාස්ති කරන්න කාලයක් නෑ"

ආශව නැගිට්ටෙ එතනින් පිටවෙලා යන්න.මිකායෙල්ගෙ කදුළු පිරුණු ඇස් දෙක නොසලකා හැරිය ආශව අඩියක් ඉස්සරහට තියල ආයෙමත් පාරක් මිකායෙල් දිහා බැලුවෙ අමතක උනු දෙයක් කියන්න.

"තමුන් අරුන්දතීට අත ඉස්සුව නිසයි මම මෙහම කතා කරලා යන්නෙ.....හැබැයි මගෙ එකාට හීරීමක් හරි කරන්න හැදුවොත්!!! මිකායෙල් අපරාදෙ ඉපදුනේ කියලා හිතයි....ඒ නිසා එහෙම මෝඩ වැඩ කරන්න එපා"

මිකායෙල් බලන් හිටියෙ නේත්‍ර ලගට ගිහින් ඉදගත්තු ආශව දිහා.නේත්‍ර තවමත් අර බීම එක බීලා ඉවර වෙලා නොතිබ්බ නිසා ආශව හරි ආදරෙන් නේත්‍රට ඒක බොන්න බල කරන හැටි මිකායෙල්ට ලාවට වගේ ඇහුනා.ආශවගෙ වචනයි,රධීන් කිව්ව දේවලුයි එක්ක මිකායෙල්ට ආශව මෙච්චර පිස්සු වැටිලා ආදරෙන් ඉන්නෙ නේත්‍රට කියන එක හිතාගන්න අමාරු වුණේ නෑ.තමන්ගෙ ඇදුම දිහා බැලුව මිකායෙල් නේත්‍රගෙ ඇදුම දිහා බැලුවා.

තමන්ගෙ උඩ කමිසෙ ඉදලා සපත්තු දෙක වෙනකං,වැඩියෙ තියා දැන් ඇදන් ඉන්න යට කලිසම පවා හොද සන්නාම නාම සහිත ඇදුම් කියලා මිකායෙල්ට මතක් වුණා.තමන් දැන් ඇදන් ඉන්න ඇදුම් ඔක්කොගෙම වටිනාකම රුපියල් හැට හැත්තෑ දාහකට වැඩි මිසක් අඩු නෑ කියලත්,නේත්‍රගෙ ඇදුම් වල වටිනාකම රුපියල් දහදහක්වත් නෑ කියලත් මිකායෙල් තේරුම් ගත්තා.ඒත් තමන් ලග නැති මොකක්ම හරි පෙනුමකින් නේත්‍ර තමන්ට වඩා කැපිලා පේන බව දැනුනු මිකායෙල්ගෙ ඇස් දෙක පිරුණෙ දැඩි ඉරිසියාවකින්.එහෙම්මම ආශවයි නේත්‍රයි පිට වෙලා යන හැටි බලන් උන්නු මිකායෙල්ගෙ හිත දුකෙන්,කේන්තියෙන් වගේම ඉරිසියාවෙන් බර වෙලා තිබ්බා.

"මිකායෙල් මොනාහරි කිව්වද සුදුබේබි?"

"තේරුම් ගන්න එක ඉතින් උගෙ අතේ තියෙන්නෙ නේත්‍ර....මොලේ ගොමනම් තියෙන්නෙ අපිට ඔව්වා සුද්ධ කරන්න බෑනෙ"

ආශව නේත්‍රට කියද්දි නේත්‍ර ඔලුව උඩ පහල වැනුවා.නේත්‍රගෙ අතේ තිබ්බ වඩේ මල්ලෙන් වඩයක් අරං කටට දාගත්තු ආශව පාර අයිනෙ තිබ්බ බැම්මට හේත්තු වෙලා බලන් හිටියෙ කොට බැම්මෙන් එපිට පේන හරිත පරිසරේ දිහා ඇසුත් බෝල කරං බලාගෙන උන්නු නේත්‍ර දිහා.පල්ලමක් එක්ක සරුවට හැදිලා තිබ්බ එලවලු වගා බිමක් වගේම,ඒ වටේටම වැවිලා තිබ්බ රූස්ස ගස් වලින් ඒ බිම් කොටස හරි අපූරුවට කොල පාටින් හැඩ වෙලා තිබ්බා.

ඔලුවෙ බර ගතිය නිසා නේත්‍රයි ආශවයි තව ටිකක් ගොම්මන වැටුනහම ගෙදර යමු කියලා තීරණේ කරගෙන මෙතනට ඇවිත් හිටියා.ගම්මානෙ වගේ නිහඩ නිස්කලංක නැති උනත් පාරෙ යන වාහන වල සද්දෙ මිසක මිනිස්සුන්ගෙන් බාධාවක් නොවුණු නිසා ආශවයි නේත්‍රයි දෙන්නම සැනසීමෙන් බැම්මෙන් එපිට බලාගෙන හිටියා.

"මිකායෙල් කියනවා නේත්‍රගෙ තියෙන ගතිගුණ එයාට කියන්නලු....එයා ඒවා හදාගන්නම්ලු මම එව්වා බලාපොරොත්තු වෙන නිසා"

"සුදුබේබි මොකෝ කිව්වෙ?"

"මොනා කියන්නද නේත්‍ර.....ඇත්ත දන්නෙ මම විතරයිනෙ"

"ම්ම්ම්ම්?"

"මම බලාපොරොත්තු උනු ගතිගුණ නේත්‍ර ලග තිබ්බා නෙවෙයි.... නේත්‍ර ලග තිබ්බ ගතිගුණ තමයි මම බලාපොරොත්තු උනේ.....එව්වා තියෙන්නෙ නේත්‍ර ලග විතරක් කොට,වෙන කෙනෙක් එව්වා කොහොම හදාගන්නද?"

තමන් දිහා බලලා හා දත් දෙකත් එලියට දාලා ආදරෙන් හිනා වුණු නේත්‍රගෙ ඔලුව ආදරෙන් අතගෑව ආශව බැම්මෙන් එපිට තියෙන කොලපාට බිමට උඩින් පේන ගොම්මන් ආකාහෙ දිහාවට තමන්ගෙ ඇස් යොමු කලා.නුවර මල් වසන්තෙත් ලග ලගම එන නිසා දැනටමත් සරුසාරෙට කොල පිරිලා තියෙන ගස් අස්සෙන් අලුත් මල් පොහොට්ටු,අලුත් දළු පීදීගෙන එන ගමන් තිබ්බෙ ආශවගෙයි නේත්‍රගෙයි ආදරේට උදාහරණ සපයන්න වගේ.කොයිතරම් නම් සරුවට තිබුනත් හැමදාම අලුත් වෙන දළු,මල් එක්ක හැඩ වෙන ඒ ගස් ගොමු දිහා බැලුව නුවර හුලග හරි කෝලෙන් හිනා වෙන ගමන් ඈතට හමන් ගියේ ඒ ලස්සන රහස තමන්ගෙ හුලං රැලි අස්සෙ හංගගන්න ගමන්.

...................................................................................................

වචන 7000+ ඈ🌚❤️

ඔන්න දිග එකක් දුන්නා පරක්කු උනු හන්දා❤️

කටුක කාලෙ ඉවරයි කියලා හිතමු❤️ කොහොම නමුත් මම එක්ක පුදුම විදියට බැදිලා හිටිය ඔයාලට ගොඩක් ස්තූතියි ❤️ එවෙලෙ මාවයි,නේට්ට,ආසව,තෙවාස,දෙවිත් කට්ටියවයි තනි නොකලට🥺❤️

මම ඇත්තටම මේ ප්‍රශ්නෙ එක්ක තේරුම් ගත්තෙ මමවත් නොහිතන විදියට බබාලා මේක්ට ආදරේ කරන වග🥺❤️ සමහර බබාලා අඩලා පවා තිබ්බා🥺 කැමීලියාට සමාවෙන්න හොදද❤️🥺 ඔයාලව රිද්දන්න හිතන් නෙවේ මම කතාව අයින් කරගත්තෙ....ඒ හැමදේම ඉවරයි කියලා හිතමු අපි🥺❤️

ඉතින් බබාලා අදත් අදහසක් කියාගෙන යන්න🥺❤️ මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

ඌව එපා 😂❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter