Back
Chapter 72

71 කොටස🤍✨️

නිවාලන්න මා...

"ඔයාලට මේ ටිකේ ක්ලාස් එකේ ඉන්න තියෙන ටයිම් එක සමහරවිට ලිමිට් වෙයි....ඒ උනාට ඔයාලා දැනගන්න ඕනි ඒක බැලන්ස් කරගන්න....තේරුනාද?"

"ඔව් අයියෙ!"

ස්කූල් සීනියර් ඔෆිසර් රකිතගෙ කටහඩට හැමෝම එකාවගේ උත්තර දෙද්දි රකිත බැලුවෙ තමන් ලග හිටගෙන හිටිය සීනියර් බෝඩ් එකේ කීප දෙනා දිහා.එතන ආශවවත් දෙවින්වත් නොහිටියෙ මේ ටිකේම ක්‍රිකට් පුහුණුවීම් උදේ ඉදලා යෙදිලා තිබුනු නිසා.ස්කූල් ඔෆිසර් නොමිනීස්ලාව මූලික කරගෙන යොදාගෙන තිබ්බ මේ රැස්වීමෙදි මූලික වශයෙන්ම කතා කලේ ඉස්සරහට එන්න තියෙන බිග් මැච් සමය සදහා සියලුම සංවිධාන කටයුතු ස්කූල් ඔෆිසර් නොමිනීස්ලගෙ කරමත පැටවෙන විදිය ගැන.

"අපිට පුළුවන් ඔයාලට ඒකට උදව් කරන්න විතරයි....මූලිකව හැම දෙයක්ම ඕගනයිස් කරන්න ඕනි ඔයාලා...අපි ඒකට කමිටීස් බෙදලා තියෙන්නෙ.ඔයාලට ටීම් ලීඩර් කෙනෙක් ඉදියි...එයා එක්ක සහයෝගෙන් වැඩ කරගෙන යන්න.එයාගෙ මොකක් හරි අවුලක් තියෙනවනම් අපිට කෙලින්ම කියන්න පුළුවන්..."

රකිතගෙ පැහැදිලි හඩට හැමෝම නිහඩවම සවන්දීගෙන හිටියා.රකිතගෙ වැඩ කරන පිලිවෙල,රකිතගෙ හැසිරීම එක්ක කොච්චර නම් රකිත පාසලේ ප්‍රධාන ශිෂ්‍යයා වෙන්න සුදුසුද කියලා හැමෝටම තේරුනා.

"ටීම් ලීඩස්ලා ටිකව මම කියන්නම්....ලීඩගෙ අතට මම ටීම් මෙම්බර්ස්ලගෙ ලිස්ට් එක දෙනවා.ලීඩර් සම්පූර්ණ වගකීම ගන්න ඕනි ටීම් එක වෙනුවෙන්....ඉන්දීප,ඔයා ලීඩස්ලා ටිකව කියන්නකො"

"හරි....ටීම් එක ගැන බලාගන්න ආශව,දෙවින් දෙන්නා ඉන්නවා....ඒ ගැන අපිට බය වෙන්න ඕනි නෑ.බිග් මැච් එකට කලින් අපිට වීඩියෝ එකක් කරන්න තියෙනවා....ඔයාලා දැකලා ඇති හැම අවුරුද්දෙම එහෙම එකක් කරනව.ඒකට ඉස්කෝලෙම සුද්ධ කරලා ලෑස්ති කරන්න වෙනවා.ඒ ටිකට ඔයාලා හැමෝගෙම සපෝට් එක ඕනි අපිට.මුළු ඉස්කෝලෙම ලමයිව දම්මලා ඒ වැඩේ කරවන්න වෙනවා.ඒකට අපි ඩේට් එකක් දාගෙන ඔයාලට කියන්නම්.

හරි,එතකොට බිග්මැච් එක දවසට අපේ ටීම් එක ග්‍රවුන්ඩ් එකට යන්න කලින් එයාලව චියරප් කරන්න,එයාලව ඒකට....ඔය අපේ වචනෙන් කියනවනම් ගැම්මට පිටත් කරන්න පොඩි උත්සවයක් වගේ එකක් තියෙනවා.ඔයාලා දන්නවනෙ ඒක.අන්න ඒ ඉවෙන්ට් එක ඕගනයිස් කරන්න ඕනි.ඒක ලේසි නෑ,මොකද මුළු ඉස්කෝලයක්ම ඔයාලා එකතු කරගෙන ඒක කරන්න ඕනි.ඒ නිසා ඒ වැඩේ ටිකක් අමාරුයි.ඒ ටීම් එකට අපි ටිකක් වැඩිපුර කට්ටියව දාලා තියෙන්නෙ.ටීම් ලීඩර් කාර්තික්! කාර්තික් ඉස්සරහට එන්න"

කාර්තික් පෝලිමේ හිටිය තැනින් ඉස්සරහට ගිහින් රකිතලාගෙ කිට්ටුවෙන් හිටගත්තා.

"ඊලගට මීඩියා එක....අපි දැන් අර කිව්වෙ ටීම් එක පිටත් වෙන්න කලින් කරන පොඩි උත්සවේ ගැන.අන්න ඒකෙ ඉදලා බිග් මැච් ඉවර වෙනකංම ලොකු වැඩක් මීඩියා එකට තියෙනවා.ඔයාලා වීඩියෝ කරන එක,ෆොටෝස් ගන්න එක,අනවුන්ස් කරන එක ඔක්කොම ගැන බලාගන්න ඕනි.ඕනි කරන දේවල් අපෙන් ඉල්ලගන්න පුළුවන්.එතකොට ඉවෙන්ට් එකට එන්න ඉන්න ගෙස්ට්ස්ලාට ඉන්වයිට් කරන වැඩේ පවා බලාගන්න ඕනි ඔයාලා.බිග් මැච් එකේ හැම දෙයක්ම ස්කූල් පේජ් එකට අප්ඩේට් කරන්න ඕනි වැඩ ටිකත් ඔයාලට භාරයි.ඔයාලා දන්නවනෙ,ඔය අපේ ප්ලේයර්ස්ලා ටිකගෙන් පොඩි ඉන්ටවීව් එකක් පවා ගන්න තියෙනවා.බිග්මැච් එකේ දවස් දෙකේම අනවුන්සින් ටිකත් ඔයාලා බලාගන්න ඕනි.මොකද මේ පාර සත්කාරකත්වෙ දරන්නෙත් අපේ ඉස්කෝලෙන්නෙ....එතකොට මීඩියා ටීම් එකේ ලීඩර් පොඩි කාලෙ ඉදන්ම මීඩියා එකේ හිටිය,ඒ ගැන දන්න කෙනෙක්ට අපි දෙන්න හිතුවා.නේත්‍ර! ඔයා ටීම් ලීඩර්"

නේත්‍රත් හෙමින් සැරේ නැගිටලා ඉස්සරහට ගිහින් කාර්තික් ලගින් හිටගත්තා.

"ඊලගට සංග්‍රහ වැඩේ....ඒකත් හොදටම කෙරෙන්න ඕනි.දවස් දෙකේදිම.උදේට දවල්ට වගේම ටී ටයිම් එකට...ඒ ගැන ඕනිකරන විස්තරත් අපි දෙන්නම්....ඒ ටීම් එකේ ලීඩර් ශෙනාල්!"

ශෙහානුත් නැගිටලා ඉස්සරහට ගියාට පස්සෙ කතා කරන්න ගත්තු ඉන්දීපගෙ මූණෙ ලා හිනාවක් ඇදිලා තිබ්බා.

"ඊලගට බිග් මැච් එකේම ඕගනයිසින් පාට් එක...ටීම් එක ප්‍රැක්ටිස් වෙන තැනේ ඉදන්,අන්තිමටම කරන ෆයර් වර්ක් වෙනකංම වැඩ ටික හරියටම බලලා කරන්න තියෙන ටීම් එක.මීඩියා එකේ වැඩේට වඩා අමාරුයි මේ වැඩේ....අපි ඒකෙ ලීඩර්ට දැම්මෙ දිවාෂව! අපි හිතනවා දිවාෂ ඒ වැඩේට සුදුසුයි කියලා"

ඉන්දීප ලස්සනට හිනා වීගෙන කියද්දි දිවාෂත් හිනා වෙවීම ඇවිත් නේත්‍ර ලගින් හිටන් උන්නු ශෙනාල්ව පැත්තකට කරලා නේත්‍ර ගාවින් හිටගත්තා.

"බෑන්ඩ් එකේ වැඩෙත් දිවාෂගෙ ටීම් එකයි,නේත්‍රගෙ ටීම් එකයි යටතෙ තියෙන්නෙ.ඒත් ඔයාලට පුළුවන් ඒකෙ රෙස්පොන්සිබිලිටි එක ආර්යට දෙන්න.එයා නොමිනී කෙනෙක් නොවුනට බෑන්ඩ් ලීඩර්නෙ.ඒ නිසා එයාවත් ඔයාලට ජොයින් කරගන්න"

අනික් කමිටු වලත් නායකයන්ව නම් කරලා රැස්වීම අවසානයෙදි කමිටු නායකයන්ට රැදෙන්න කියපු රකිත අනික් හැමෝටම පිටත් වෙන්න අවසර දුන්නා.කමිටු නායකයන්ව ලගට ගත්තු රකිත හැමෝටම පොදුවෙ උපදෙස් දෙද්දි හැමෝම තමන්ගෙත් අදහස් රකිතට යෝජනා කරන ගමන් සාර්ථකව රැස්වීම අවසන් කරගත්තා.දිවාෂටයි නේත්‍රටයි රැදෙන්න කිව්ව රකිත අනික් කට්ටියව පිටත් කරද්දි ඉන්දීපත් රකිත එක්කම රැදුනා.

"දිවාෂ මල්ලි,ගිය අවුරුද්දෙ ඔයාගෙ කමිටි එකට අදාල වැඩ කලේ ඉන්දීපයි දෙවිනුයි....ඔයාට ඕනි මොනාහරි තියේනම් ඉන්දීපගෙන් අහලා කරගන්න.මොකද දෙවින් මේ ටිකේ බිසීනෙ"

"හා රකිත අයියෙ....ඉන්දීප අයියා කොහොමත් ඉතින් අපේ බොක්කක් වගේ තමා....හුම්"

දිවාෂ හිනා වෙලා කියද්දි ඉන්දීපත් හිනාවෙලා දිවාෂගෙ පිටට තට්ටුවක් දැම්මා.නේත්‍රගෙනම් මූණ හිස් වෙල  තිබ්බෙ මේ ටිකේම ආශව එක්ක හරියකට කතා බහ කරන්නවත් බැරි උනු හන්දා.උදේ හවස දෙකේම පුහුණුවීම් වලට මහන්සි වුණු ආශව හැමදාම රෑට ඉගෙනීම් කටයුතු එක්ක පොර බැදුවා.හැමදාම වගේ ආශවව තේරුම් ගත්තු නේත්‍ර තමන්ට දැනෙන තනිකම පාලුව දරාගෙන ආශවගෙ වැඩ වලට පුළුවන් විදියකට උදව් කලා.

මේ ටිකේම ආශවගෙන් හදිසියෙ කම්මුලකට ලැබුණු හාද්දක් ඇරෙන්න දෙන්නට කිට්ටුවෙන් ඉන්නවත් වෙලාවක් ලැබුනෙම නෑ.හැමදාම රෑට නේත්‍ර එක්ක කතා කරලා නේත්‍රට නිදාගන්න කියලා හුරතල් කරන ආශව, මේ ටිකේම හැමදාම රෑට දාන කෙටි පණිවිඩයක්,'නිදාගන්න මැණිකෙ එහෙනම්.බුදුසරණයි!' කියන වචන ටික කියන්න ගන්න තත්පර ගාණකට ඇමතුමක් ඇරෙන්න වෙන කතාවක් නේත්‍ර එක්ක නොකලම තරම්.පුංචි එකා ආශවගෙ තත්වෙ තේරුම් අරන් තනියම හූල්ලන ගමන් තමන්ගෙ පාලුව දරාගත්තා ඇරෙන්න ආශවට වදයක් වෙන්න ගියේම නෑ.සමහරවිට ආශවගෙයි නේත්‍රගෙයි බැදීම ඔය තරම් ශක්තිමත් වෙන්න හේතුවත් දෙන්නා අතරෙ තිබ්බ අන්න ඒ තේරුම් ගැනීම වෙන්න පුළුවන්.

"නේත්‍ර මල්ලිගෙ මූණ මැලවිලා ගිහින් වගේ....මොකෝ උනේ මල්ලි? මොකක් හරි අවුලක්ද?"

"නෑ රකිත අයියෙ....එහෙම මුකුත් නෑ"

වෙනදට හැම තත්පරේකට කතාබහක් නැති උනත් නිහඩවම හිනාවකින් ඔප වැටිලා තියෙන නේත්‍රගෙ ලස්සන මූණ මේ ටිකේම මැලවිලා ගිහින් තියෙන වග දැනුනු රකිත නේත්‍රගෙන් අහද්දි නේත්‍ර ඒකට ලාවට හිනාවෙලා උත්තර දුන්නා.සුදුබේබි ලග නැති අඩුව නිසා පුංචි එකාට හිනාවෙන්නවත් හිතක් නොතිබ්බ තරම්.ඒ තරමටම නේත්‍ර ආශවට ඇබ්බැහි වෙලා හිටියා.ආශව නේත්‍රට ඇබ්බැහි වෙලා තියෙන තරම ආශවගෙ හැසිරීම වැඩ එක්ක එලියට පෙනුනත්,නේත්‍ර ආශවට ඇබ්බැහි වෙලා තියෙන තරම එලියට පෙනුනෙ මෙන්න මේ වගේ වෙලාවල් වල.

"මොකක් හරි අවුලක් තියේනම් අපිට කියන්න මල්ලි හොදද? ආශවයා මේ ටිකේ බිසීනෙ....එහෙමයි කියලා ඔයාට අපිට ඕනි දෙයක් කියන්න බැරි කමක් නෑ හරිද?අපි ඔයාගෙ අයියලා කියලා ඔයා දන්නවනෙ"

"මම දන්නවා රකිත අයියෙ...මොකක් හරි උවමනාවක් තිබ්බොත් අයියලට කියන්නම්කො මම"

රකිත ආශවට හිතවත් තරම නේත්‍ර හොදටම දැනගෙන හිටියා.ලේසියකින් මිනිස්සු ලං කරනොගන්න ආශව,ලංකරගත්තු මිනිස්සු අතරෙ රකිත ඉන්නවා කියන්නෙ රකිත හොද විශ්වාසවන්තයෙක් කියලා නේත්‍රට තේරුම් ගිහින් තිබ්බා.නේත්‍රගෙ ඔලුව අතගෑව රකිත දිවාෂගෙ ඔලුවට ටොක්කකුත් ඇනගෙන එතනින් පිටවෙලා යද්දි,රකිත ටොක්ක ඇන්න තැන අතගාලා හිනාවුනු ඉන්දීපත් රකිත එක්කම පිට වෙලා ගියා.

"අපි කන්න යමුද චූචියො....දැන් ඉන්ටවල් එක"

"අනේ මට කන්න බෑ වගේ දිවාෂ....පිරියක් නෑ"

"පිරියක් නැති වෙන්න මොකෝ ඔයා ප්‍රෙග්නන්ට් වෙලායෑ....මෙන්න මෙහෙ යමු කන්න"

"ම්හ් ම්හ්...."

"ආසවයා ඔයාට හොදට කවලා පොවලා බලාගන්න කියලා හැමදාම උදේට මට මැසේජ් එකක් එවනවා...වැඩ වලට බිසී උනාට මිනිහගෙ අංක එක ඔයා නේත්‍ර...ඒ නිසා ඕකගෙ හිත රිදෙන දෙයක් කරන්න එපා"

"අනේ මම සුදුබේබිගෙ හිත රිද්දන්න හිතලවත් නෑ දිවාෂ....අනේ සුදුබේබිට දුක හිතෙනවට මම කැමති නෑ"

"ඔයා හරියට නොකා නොබී ඉදලා ලෙඩ උනොත්?බිග්මැච් පැත්තක දාලා ආසව ඔයාව බලාගන්න මහන්සි වෙයි නේත්‍ර...අනික ඔයා දන්නවනෙ මේ පාර එන චීෆ් ගෙස්ට්ව?"

"ඔව්.....එයා ඉස්සරහ ප්ලේ කරන එක සුදුබේබිගෙ හීනයක්"

"ඉතින්,ඒ හීනෙ ඔයාගෙ පුංචි අතපසුවීමක් නිසා නැති උනොත්? මම දන්නවා,චූචියට හරියට කන්න බොන්නවත් බැරි ආසවයා කාලද බීලද කියලා නොදන්න නිසා කියලා....ඌ අරහෙ අව්වෙ කට්ට කද්දි ඔයාට මෙහෙට වෙලා ඉදන් ඉන්න බැරි නිසා කියලා.ඒත් ඔයා ශක්තිමත්ව ඉන්නකං ආසවයත් ශක්තිමත් වෙලා ඉදියි"

"ඔව්.....සුදුබේබිගෙ හයිය මම....මම මෝඩයි දිවාෂ....මම තව ඩිංගෙන් මෝඩ වැඩ කරලා සුදුබේබිට දුක් දෙනවා"

"ඔයා මෝඩ නෑ....ඔයා අහිංසක වැඩියි.අනික් අය ගැන හිතනව වැඩියි...ආසවයා ආසවයා ගැන හිතනවට වඩා ඔයා ආසවයා ගැන හිතනවා....ඒකයි ඔයාට කන්නවත් බැරි හරියට"

"මගෙ පණ සුදුබේබි දිවාෂ.....සුදුබේබි.....මම සුදුබේබිට හරි ආදරෙයි"

"ආදරෙයිනම් දැන් ගිහින් කමු.....ඔයාට මම රයිස් එකකුත් අරං එන්නම් කැන්ටින් එකෙන්....යංකො පන්තියට.පර්ස් එක බෑග් එකේ....ඕක කලිසම් සාක්කුවෙ දාන් හිටියනම් එහෙම රකිත අයියගෙන් කන පුරෝලා අහගන්නනෙ වෙන්නෙ"

නේත්‍රගෙ කරට අතක් දාගත්තු දිවාෂ නේත්‍ර එක්ක පන්තියට ගියේ නේත්‍ර දිහා බලන කොල්ලන්ට රවන ගමන්.නේත්‍රගෙ ඇස් දෙකනම් තවම මලාණික වෙලා තිබ්බා.කොහොමත් තමන් කොච්චර දේවල් කිව්වත් ආශව ලග නැති අඩුව එව්වගෙන් මැකෙන්නෙ නැති බව දිවාෂ දැනන් උන්නා.ඒ උනාට ටිකක් හරි නේත්‍රගෙ දුක අමතක කරන්න හිතුව දිවාෂ රටේ ලෝකෙ නැති ඔක්කොම කතා කිය කිය පන්තියට ගියා.

"අම්මෝ නේත්‍ර නිර්මලා නැන්දගෙ කෑම වල රහ....නෙලුම් අල එක හෙනම රහයි"

පලවෙනි බත් කට රහ කර කර කෑව දිවාෂ හිනාවෙවී කියද්දි නේත්‍ර ඒකට ලස්සනට හිනාවෙන ගමන් තමන්ගෙත් පලවෙනි බත්කට අනාගෙන කටට දාගත්තා.ඒත් එක්කම බත් කට උගුරෙ හිර කරගත්තු නේත්‍රට ඉස්මොල්ලෙ යද්දි නේත්‍රගෙ පිට අතගෑව දිවාෂ නේත්‍රව වතුර උගුරක් පොවලා බත් කටට උගුරෙන් පහලට යවාගත්තා.

"පරිස්සමින් කන්න නේත්‍ර.....කන්න කලින් වතුර ටිකක් බොන්න තිබ්බනෙ"

"බ්....බිව්වා දිවාෂ....අනේ සුදුබේබි බඩගින්නෙ ඇත්තෙ....සුදුබේබි බඩගින්නෙ ඉන්නැද්දි මගෙ උගුරෙන් පල්ලට කෑම යන්නෑ දිවාෂ....අනේ මට කන්න බෑ...."

නේත්‍ර එහෙම්මම බත් එක අහකට කරද්දි දිවාෂ ලොකු හුස්මක් පහලට දාලා නේත්‍රගෙ කදුළු පිරුණු ඇස් දෙක දිහා බැලුවා.නේත්‍රගෙ අත් දෙක පවා වෙවුලන ගමන් තිබ්බෙ පපුව අස්සෙ හිර වෙලා තියෙන ඉකිය එලියට නොදාන්න නේත්‍ර ඔට්ටු වෙන හන්දා.විවේක කාලෙ මැද හරිය නිසා පන්තියෙ ලමයි කවුරුත්ම නොහිටිය නිසා දිවාෂට පුංචි හරි සහනයක් දැනුනා.නැත්තං ලමයි අහන ප්‍රශ්න කෝටියකටම උත්තර දෙන්න වෙන බව දිවාෂ දැනන් හිටියා.ඒත් එක්කම දිවාෂගෙ ඇස් දෙක ගියේ පාර්සල් දෙකකුත් උස්සගෙන තමන්ගෙ පන්තිය දිහාවට එන තෙවින් ලගට.

"උඹ මොකෝ මෙහෙ?"

"තනියම කන්න පාළු හිතුනා යුගාන්....යුගාන්ව මතක් වුනු නිසා මේ තව බත් එකකුත් අරංම ආවේ"

තෙවින් දිවාෂට උත්තර දෙන ගමන්ම නේත්‍රයි දිවාෂයි උන්නු මේසෙ ලගට පුටුවක් ඇදගෙන ඉදගත්තෙ නේත්‍ර දිහා බලාගෙන.නේත්‍රගෙ මූණ බැලුව තෙවින් දිවාෂ දිහා බලලා ඇයි කියලා අහද්දි දිවාෂ 'ආසව' කියලා තොල් හොලවලා තෙව්න්ට කිව්වා.ඔලුව වැනුව තෙවින් සද්ද බද්ද නොකරම බත් කටක් අනද්දි දිවාෂ තෙවින් දිහා බලාගෙන හිටියා.

"යුගාන් දන්නෑනෙ....මම දැන් ග්‍රවුන්ඩ් එකට ගිහින්නෙ ආවෙ"

දන්නෑ තමා පගෝ කියලා කියන්න දිවාෂගෙ කට නලියෑවත් තෙවින් මොකක් හරි කරන්න යන්නෙ කියලා තේරුම් ගත්තු දිවාෂත් තෙවින් කියන කියන එකට ඔලුව් වන වන හිටියා.

"ආශවව හම්බුනානෙ මට"

"සුදුබේබිව හම්බුනා!"

මෙච්චර වෙලා ඔහේ බත් එක දිහා බලන් උන්නු නේත්‍ර තමන්ගෙ දිලිසෙන බෝල ඇස් උඩට උස්සගෙන තෙවින්ගෙන් අහද්දි තෙවින් ඔලුව උඩ පහල කලා.මෙච්චර වෙලා මලාණික වෙලා තිබ්බ ඒ තද කළු පාට බෝල ඇස් අමුතුම විදියකට දිලිසෙන්න ගත්තෙ ආශව කියන නම ඇහෙනවත් එක්ක.

"ආශව බත් එකකුත් අරං කන්න යන ගමන් උන්නෙ....මම එක්ක කතා කලා එතකොට"

අනපු බත්කට හෙමීට නේත්‍රගෙ කට ලගට ලං කෙරුව තෙවින් කියද්දි සුදුබේබිගෙ සිහියෙ උන්නු නේත්‍ර තමන්ගෙ චුට්ටං කට අරිද්දි තෙවින් බත් කට නේත්‍රගෙ කටට ඇතුල් කලා.

"මගෙන් ඇහුවනෙ නේත්‍ර කෝ කියලා.....මම කිව්වා උදේනම් දැක්කා....දැන් කන්න ලෑස්ති වෙනවා ඇති කියල"

"සුදුබේබි කනවා කිව්වා නේද තෙවින් අයියෙ?"

"ඔව්....යුගාන් කෝ ඔයත් කට අරින්න"

තෙවින් ඊලග බත් කට අනලා දිවාෂගෙ කටට ලං කරද්දි දිවාෂ පූස් පැටියා වගේ තමන්ගෙ කට ඇරලා තෙවින් දුන්නු බත් කට කෑවා.

"නේත්‍ර කනවද කියලා බලන්න කිව්වා.....එයා කන්න ගත්තා කියලා නේත්‍රට කියන්න කිව්වා,නැත්තං නේත්‍ර කන්නෙ නෑ කියල"

තෙවින් හෙමින් සැරේ තව බත් කටක් නේත්‍රට අනලා කවද්දි නේත්‍ර ආශව ගැන කියන දේවල් වලට ඇහුම්කන් දීගෙනම ඒ බත් කටවල් කෑවා.

"ආශව පිට්ටනියෙ නෙවෙයි කොහෙ හිටියත් නේත්‍ර මල්ලි තමා උගෙ අංක එක....කටේම තියෙන්නෙ නේත්‍ර නේත්‍ර නේත්‍ර"

"මට සුදුබේබි එක්ක දවස් ගාණකින් හරියට කතා කරන්න බැරි උනා තෙවින් අයියෙ....සුදුබේබි නැතිව හරි පාලුයි....ඒත් සුදුබේබි එක්ක කතා කරලා සුදුබේබිට කරදර කරන්නත් මට බෑ"

"ආශවට ඔයාව කරදරයක් නෙවේ නේත්‍ර මල්ලි....යුගාන්! කට්ටි පයින්නද යන්නෙ! අරින්නයි කිව්වෙ කට! හෙමින් සැරේ කැරට් කෑලි අයින් කරන්නෙ? ඔව්වා කන්න තියෙන්නෙ විසික් කරන්න නෙවේ.අන්න එහෙම කනවා! ගුටිකනවා නැත්තං මගෙන්! මොකද්ද මම කිය කිය හිටියෙ? ආ.....ඉස්සරහට ආශව ඔයිට වඩා බිසී වෙන්න පුළුවන් මල්ලි....ලංකාවෙ නැති වෙන්න පුළුවන්.ඒ නිසා දැන් ඉදන්ම ටිකෙන් ටික හුරු වෙන්න වෙනවා ඔයාට"

"හ්ම්ම්ම්....."

"කෝ කට අරින්නකො.....මේ බත් පාර්සලේ විතරයිනෙ තියෙන්නෙ...තුන් දෙනා එක්ක මේකත් කමුකො.ආ යුගාන් කට අරින්න මේ චිකන් කෑල්ල කන්න....දැන් බලන්නකො ඔයයි ආශවයි දෙන්නා පුංචි කාලෙ හිටියෙ තරම් එකට ඉන්න බැරි උනා ලොකුවෙද්දි....ඔයාලා අතරට සීමා ආවා.ඒත් ඔයාලා දෙන්නම කාලෙ එක්ක ඒකට හුරු උනා.එකට ඉන්න ලැබෙන හැම තත්පරේම එකට හිටියා....දැන් තියෙන්නෙ ඔය දෙන්නගෙ ජීවිතේ ඊලග ස්ටෙප් එක නේත්‍ර මල්ලි.ඔය දෙන්නා පුරුදු විදියටම එක්කෙනාට එක්කෙනා තේරුම් අරගෙන මේ ස්ටෙප් එකත් පාස් කලොත්,අන්න එතකොට ඔය දෙන්නම බලාපොරොත්තු උනු තැනට යන්න පුළුවන්.තේරුනාද?"

"ඔව් තෙවින් අයියෙ"

"ඔයාට දැනෙනවටත් වඩා වැඩි පාළුවක් ආශවට දැනෙනවා ඇති නේත්‍ර මල්ලි.ඔයා ලග අක්කා,යුගාන්,ඔයාගෙ අම්මා ඒ හැමෝම හිටියට ආශවගෙ අම්මා අප්පච්චි යාලුවා ඒ හැමදේම ඔයා....අපි කොච්චර ඌට කිට්ටු උනත් ඌ හොයන්නෙම ඔයාගෙ ඇසුර.ඒත් මිනිහා ඒක දරාගෙන ඉන්නවා...මොකද දැන් ඉදන්ම මේ විදියට හුරු වෙන්න වෙනවා ආශවගෙ අනාගත හීනෙ එක්ක....ඔයා පුංචි මල්ලියෙක්....වයසට තරම්වත් ඔයා මෝරලා නෑ නේත්‍ර මල්ලි.ඒ නිසා ඔයාට මෙව්වා දරන්න ටිකක් අමාරු ඇති"

"ඒත් මම සුදුබේබි වෙනුවෙන් ශක්තිමත් වෙනවා තෙවින් අයියෙ.....කොහොමහරි මම ඒක කරනවා"

"ඔව්.....ආශවගෙ හයිය ඔයා....කෝ මේ කටත් කන්න"

"ඇ...ඇති දැන්නම් තෙවින් අයියෙ"

"කෝ....යුගාන් වගේ කන්නකො.මේ මගෙ යුගාන්නම් හොද බබෙක්....ඔයත් එහෙම කන්න....මම ආශවගෙ පුංචි කාලෙ කතාවක් කියන්නම්.එහෙ කොළබ ඉස්කෝලෙ ඉද්දි හොදද......."

ආශව ගැන එක එක කතන්දර කියව කියව තෙවින් බත් පාර්සක් තුනම නේත්‍රටයි දිවාෂටයි කවලා ඉවර කලා.දිවාෂ තමන්ගෙ ඇස් දෙකෙන් එකදිගටම බලාගෙන හිටියෙ තෙවින් දිහා.දිවාෂට මතක් වුණා දෙනෙත් තෙවින්ගෙ පුංචි කාලෙ ගැන කිව්ව කතා.දෙවින්ටත් වඩා සෞම්‍ය හදවතක් තිබ්බෙ තෙවින්ට කියලා කියපු එක.පුංචි කාලෙ දෙනෙත් අඩද්දි තෙවින් බැරි බැරිගාතෙ දෙනෙත්ව උස්සන් නලවපු හැටි කිව්ව එක.කාලෙත් එක්ක ,හැදුණු වැඩුණු පරිසරේ එක්ක තෙවින්ගෙ ඒ සෞම්‍ය බව නැති වෙලා ගිහින් තිබ්බත් තවමත් ඒ සෞම්‍ය මනුස්සයා තෙවින්ගෙ ආත්මෙ කොණක ඉන්න බව දිවාෂට දැනුනෙ තෙවින්ගෙ මේ වගේ පුංචි පුංචි ආදරණීය වැඩ වලින්.දිවාෂගෙ ඇස් දෙක දිලිසෙන ගමන් තිබ්බා.ආශවයි නේත්‍රයි ගැන දැනන් උන්නු කෙනෙක් මෙවෙලෙ දිවාෂගෙ ඇස් දෙක දැක්කනම් කියාවි,

ආශවව දකිද්දි නේත්‍රගෙ ඇස් දිලිසෙන විදියටම අද තෙවින් දිහා බලන් උන්නු දිවාෂගෙ ඇස් දෙක දිලිසෙන ගමන් තිබ්බා.

"ඊලග පීරියඩ් එක මොනාද යුගාන්?"

"ඉන්ග්ලිශ් තියෙන්නෙ....පීරියඩ් දෙකක් අද"

"ආ.....අද උඹලට ෆ්‍රී ඒක"

"ඈ?"

"සන්ධ්‍යා මිස්නෙ කරන්නෙ? අද ආවෙ නෑ මිස්....අපිට ඉන්ග්ලිශ් තිබ්බෙ අද සෙකන්ඩ් පීරියඩ් එකට"

"මරු හැබැයි.චූචියො,අපි දෙන්නා මලක් කඩන් ඉමු අද.ආර්යත් ආවම ඒක අපි තුන්කොන් ආදරයක් කරමු.ඔබ එක මුල්ලක සිටියා....මම තව මුල්ලක සිටියා.නෙත් හතරක පහස ලබා චූචියා ගෙයි මුල්ලේ හිටියා කියලා කියන්නම් මම ආර්යට"

"යුගාන්,තුන් දෙනා එක්ක ලයිබ්‍රි එකට යනවකො"

"අනේ මේ....මට බෑ"

"කිව්වම අහලා යමං දෙන්නා තුන්දෙනා එක්ක.ගිහින් පොතක්වත් කියවපං!"

"අ....හා හා"

තෙවින් මොකක් හරි ඉගි කරනවා දැක්ක දිවාෂ වාද නොකර තෙවින්ට එකග උනේ පොත් කියවද්දි හරි නේත්‍රගෙ ඔලුව ටිකක් හරි නිදහස් වෙයි කියලා හිතලා.දෙන්නගෙම ඔලුව අතගෑව තෙවින් පන්තියෙන් පිට වෙද්දි දොරකඩදි හම්බුනු ආර්ය තෙවින්ගෙ ඇගට පැනලා තෙවින්ව බදාගෙන හාදු දෙක තුනකුත් දුන්නා.ආර්යගෙ පස්සට පාරවල් දෙකක් දුන්නු තෙවින් කුණුහරපෙකුත් කියලා ආර්යට ටොක්කකුත් ඇනලා එලියට යද්දි ඒ උපන් උද්දාමයෙන්ම දිවාෂවත් තද කරලා ඉම්බ ආර්ය නේත්‍රව ඉබින්න හදලා ආශවව මතක් වුණු නිසා නේත්‍රගෙ ඔලුවට විතරක් හාද්දක් දීලා අහකට වුණා.

"උඹ ලගකදි ඉදන් හෙන අමුතුයි ඈ ආර්ය....ආයෙ මොකියකට හරි අහු උනාද?"

"මට කැමති වෙනවකො දිවාෂ....මම ඔයාට සිරා කරන්නම්"

"අනෙ නිකං පලයං ආර්ය යන්න....මල වදේ"

"නේත්‍ර....ඔයාටවත් බෑද අනේ?"

"අනේ අනේ ආර්ය කියන කතා"

"යකෝ නේත්‍රයාව මටවත් දාගන්න බැරි උනු එකේ උබර් මොන පංජයියෙක්ද ආර්ය?"

"අනේ පලයං දිවාස යන්න...මම හොද කෑල්ලක් බස්සන්නම්කො"

තුන්දෙනා එක්ක කතාවෙන් කතාවෙන් ඉස්කෝලෙ පුස්තකාලෙ පැත්තට ඇදුනා.මහල් දෙකකින් යුතුවුනු මේ පාසලේ ප්‍රධාන පුස්තකාලෙත් පාසලටම ආවේණික වුනු විදේශ ගෘහ නිර්මාණ ශිල්පයේම සැලැස්මකට අනුකූලව සැකසිලා තිබ්බ තරමක් විශාල එකක් වුණා.කාලයක් තිස්සෙ තමන් හොය හොය උන්නු පොතක් වුණු It ends with us පොත අතට ගත්තු නේත්‍රයි,ඒ පිටිපස්සෙන් දිවාෂට මගෑරිලා තිබ්බ එකම ෂර්ලොක් හෝම්ස් පොත වුණු ඕලන්ද නෞකාව අතට ගත්තු දිවාෂයි,සංගීතයට අදාල වුණු පොතක් අතටගත්තු ආර්යයි තුන් දෙනාම ගිහින් ඉදගත්තෙ පුස්තකාලෙ උඩුමහලෙ කොණකටම වෙන්න තිබ්බ මේසෙ.

ජනෙල් වහලා තිර රෙදි ඇදලා තිබ්බ නිසා ඉර එලියෙන් කාටවත්ම බාධාවක් උනේ නෑ වගේම පුස්තකාලෙ සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කරලා තිබ්බ නිසා කට්ටියට රස්නෙ ගැන ප්‍රශ්නයක් ඇති උනෙත් නෑ.කොණටම වෙන්න තියෙන මේසෙ විශාල පොත් රාක්කෙකින් ආවරණය වෙලා තියෙන නිසා කාගෙවත් අවධානයක් මෙතනට නොලැබෙන එක කොල්ලො තුන් දෙනා විශේෂයෙන්ම මෙතන ඉදගන්න එකය හේතුව වුණා.මොකද හිත නිදහස් කරගන්න ආව තැන නිදහසේම ඉන්න ඕනි එක කට්ටියගෙම අංක එක වුණු නිසා.බිත්තිය ලග කොණේම නේත්‍ර ගිහින් ඉදගනිද්දි නේත්‍ර ලගින්ම දිවාෂයි ඊට එහා පැත්තෙන් ආර්යයි ඉදගෙන පොත් පෙරලං කියවන්න ගත්තා.

ටික වෙලාවක් පොත කියව කියව උන්නු නේත්‍ර ඒ පොත අස්සටම ගිලෙද්දි නේත්‍රගෙ හිතට හරි ආදරණීය අමුත්තක් දැනුනත් ඒ පොත නිසා වෙන්න ඇති කියලා හිතුව නේත්‍ර පොතෙන් ඇස් අහකට ගත්තෙම නෑ.ඒත් විනාඩි ගාණකින් තමන්ගෙ ඉස්සරහට තියෙන පුටුව පස්සට ඇදෙනවත් කවුරුහරි ඒකෙන් ඉදගන්නවත්,ඒත් එක්කම තමන් මේ ලෝකෙ ආසම කරන ආදරේම කරන සුවද තමන්ගෙ නාහෙට දැනෙනවත් එක්කම ඇස් වල කදුළු පුරවගත්තු නේත්‍ර පොතෙන් ඇස් අහකට අරගෙන තමන්ගෙ ඉස්සරහට ඉදගෙන ඉන්න මනුස්සයා දිහා බැලුවා.

"ස්....සුදුබේබි!"

නේත්‍රගෙ හඩ ඉකියක් වගෙ හරි හෙමීට පිටවෙද්දි නේත්‍ර දිහා කම්මුලකට අතකුත් තියං ඔලුව ඇල කරං බලන් උන්නු ආශව හෙමින් සැරේ තමන්ගෙ නිදහස් අත දික් කරලා නේත්‍රගෙ කම්මුලක් සියුම්ව අතගෑවා.ආශවගෙ අල්ලෙන් දැනෙන උණුහුමට නේත්‍රගෙ ඇස් දෙක පියවිලා යද්දි ඒ පුංචි මූණෙන් දැනෙන සැනසිලි හැගීම ආශවත් නිහඩවම රස වින්දා.

"හුත්!"

ඒත් එක්කම දිවාෂ තමන්ගෙ කකුලට මේසෙ යටින් වැදුනු පාරක් නිසා වේදනාවට පත් වෙද්දි ඕක කල එකා කවුද කියලා දැනන් උන්නු දිවාෂ ඔලුව උස්සලා තමන් ඉස්සරහ ඉදන් ඉන්න තෙවින් දිහා බැලුවා.ඒත් එක්කම තෙවින් සන් කලේ දිවාෂට තමන් ලගට එන්න කියලායි ආශවව නේත්‍ර ලගින් ඉන්දවන්න කියලයි.මේ හැමදේම තෙවින් හිතලා කල දේවල් කියලා තේරුණු දිවාෂගෙ හිත හරි උණුසුම් හැගීමකින් පිරිලා ගියා.ඇත්තටම තෙවින් කියන්නෙ හරි උණුහුම් මනුස්සයෙක් වෙන්න ඇති කියලා දිවාෂට හිතෙන්න ගත්තා.

"සුදුබේබි ආවද මාව බ්....බලන්න?"

දිවාෂ ගිහින් තෙවින් ලගින් ඉදගත්තට පස්සෙ නේත්‍ර ගාවින් ඉදගත්තු ආශව පුටුව තව ටිකක් නේත්‍ර ලගට ලං කරගනිද්දි නේත්‍ර තමන්ගෙ වෙවුලන කටහඩින්ම ආශවගෙන් ඇහුවා.පුස්තකාලෙ මේ වෙලාවෙදි වැඩියෙ කවුරුත් නොයිදපු නිසයි,ඉන්න තැනත් ලොකු පොත් රාක්කෙකින් ආවරණය වෙලා තිබ්බ නිසයි අනික් තුන් දෙනා ආශවටයි නේත්‍රටයි කතා කරන්න නිදහස දීලා පොත් වල මූණ ඔබාගනිද්දි ආශව තමන්ගෙ පුටුව පුළුවන් තරම් නේත්‍රට ලං කරගෙන තිබ්බා.

"මම නැතුව පාළු හිතුනද? ම්ම්ම්.....?"

"ග්....ගොඩාරියක් සුදුබේබි"

නේත්‍ර ආශවගෙ ආදරේ පිරුණු ඇස් දෙක දිහා බලන් හෙමීට මිමිණුවා.සාක්කුවෙන් තමන්ගෙ සර්වියට් එක ගත්තු නේත්‍ර හෙමින් සැරේ ආශවගෙ නලලෙ දාඩිය පිහදාද්දි ආශව තමන්ගෙ ක්‍රීඩා පුහුණු ඇදුමෙ ටී ෂර්ටය එහෙට මෙහෙට කලේ වායු සමීකරණයෙන් එන සීතල විදගන්න.පුහුණු ඇදුම පිටින්ම පුස්තකාලෙට ඇවිත් තිබ්බ ආශවගෙ මුණෙ තිබ්බෙ හරි විඩාබර පාටක්.හැබැයි නේත්‍රව දැක්ක වෙලේ ඉදන් ඒ මූණ හරි ලස්සන එලියකින් දිලිසෙන්න අරං තිබ්බා.

"සුදුබේබිට හුගාක් මහන්සියි නේද? මම නිසා මෙහෙට ඇවිත් ආයෙමත් සුදුබේබි යන්න එපායෑ ග්‍රවුන්ඩ් එකට....මම නිසා කරදරේ නේද සුදුබේබි?"

"සුදුබේබිට කවද්ද එයාගෙ මේ පුංචි කුමාරයව වදයක් උනේ? ම්ම්ම්.....ඔයාව දැක්කම මහන්සි ගතිත් නැති වෙනවා නේත්‍ර"

"සුදුබේබි තව ටිකක් දුඹුරු ගැහිලා....හ්....හැබැයි ලස්සනයි එහෙම සුදුබේබි"

"ඉස්සරහට තව දුඹුරු ගැහෙයි....නේත්‍ර තමා සුදුබේබිව කළු වෙන්න නොදී බලාගන්න ඕනි"

"මම බලාගන්නම්....මට පුළුවන් සුදුබේබිව බලාගන්න"

නේත්‍ර කතා කරන විදිය බලාගෙනම ආශව මේසෙ උඩින් ඔලුව තියාගනිද්දි නේත්‍රත් එහෙම්මම ආශවට මූණ ලා මේසෙට ඔලුව තියාගත්තා.නේත්‍රගෙ කම්මුලකට තමන්ගෙ දිග ඇගිල්ලක් තද කෙරුව ආශව දවස් ගාණකින් තමන්ට විදින්න බැරි උනු අර සිනිදු ස්පර්ශෙ හෙමීට විදගත්තෙ ඇස් දෙකත් පියාගෙන.ටිකකින් ඇස් දෙක ඇරිය ආශව තමන්ගෙ ලොකු අතක් නේත්‍රගෙ පුංචි අතක් එක්ක පටලගෙන ඒ අත් දෙකම තමන්ගෙ උකුල උඩින් තියාගත්තෙ කාටවත් පේන්න නැති වෙන්න.

"වැඩ කරගෙන යනවා නේද මැණික? මට මේ ටිකේ ඔයාගෙ ඉගෙන ගන්න ඒවා ගැනවත් බලන්න බැරි උනානෙ"

"සුදුබේබි කලබල වෙන්න එපා....මම ඒ දේවල් පිලිවෙලට කරගෙන යනවා....සුදුබේබි හොදට ප්‍රැක්ටිස් වෙන වැඩ ටික කරගන්නකො"

"හ්ම්ම්....මොකෝ මේ කන්නෙ නෑ කියලා කියන්නෙ? ම්ම්ම්....ප්‍රැක්ටිස් නිසා,මට ශක්තිය ඕනි නිසා මම හොදටම කනවා නේත්‍ර....මම කන්නෙ නෑ කියලා හිතලා මගෙ මැණික නොකා ඉන්න එපා ඒ හින්දා හොදද?"

"හා සුදුබේබි....මම කන්නම්"

"මගෙ වස්තුවට අසනීප උනොත් එහෙම සුදුබේබිට පිස්සු හැදෙයි රත්තරනේ....ඒ නිසා මේ ටිකේ පරිස්සම් වෙන්න.මම බිසී වගේ කියලා ඔයාට දැනුනත් ඔයාට මොකක්ම හරි උවමනාවක් තියේනම් මට කියන්න ඕනි.කන්න බැරිනම් මට ඒකත් කියන්න...මට බැරිකමක් නෑ පැයබාගෙක විතර බ්‍රේක් එකක් ඉල්ලගෙන මෙහෙට ඇවිත් මගෙ මැණිකෙට බත් කටවල් දෙක තුනක් කවලා යන්න.තේරුණාද? මොන දේ තිබ්බත් මගෙ අංක එක නේත්‍ර"

"නෑ සුදුබේබි....මම පරිස්සම් වෙන්නම්,වැඩ ටික හරියට කරගන්නම්,කාලා බීලා ශක්තිමත්ව ඉන්නම්....මගෙ සුදුබේබි වෙනුවෙන්! සුදුබේබි වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ....ඒ හන්දා සුදුබේබි,සුදුබේබිගෙ මූලික අවධානෙ මේ ටිකේ ප්‍රැක්ටිස් වලට දෙන්න.....සුදුබේබි දන්නවද මේ පාර චීෆ් ගෙස්ට්?"

"නෑ නේත්‍ර.....අපිව ඕගනයිසින් වැඩ වලින් අයින් කරලනෙ තියෙන්නෙ....මම ස්පෝට්ස් කැපා උනත් මටවත් මුකුත් පණිවිඩ දෙන්නෑ නෑ මේ ටිකේ....ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස් .....එච්චරයි අපිට ෆෝකස් කරන්න කියන්නෙ.කවුද නේත්‍ර ගෙස්ට්?"

"ම්ම්ම්ම්......ඒක රහසක්....මම එදාට ඒක කියන්නම් සුදුබේබිට....සුදුබේබිගෙ හීන වලින් එකක් එදාට හැබෑවෙයි"

"ඔයා එන්න එදාට....ඔයයි මගෙ ලොකුම හීනෙ...පැවීලියන් එකේ මට පේන තැනක ඉන්න මගෙ නේත්‍ර....මගෙ හයිය ඔයා"

"මම එනවා සුදුබේබි....හයියෙන් කෑ ගහනවා සුදුබේබිගෙ නම කියලා....සුදුබේබි දිනන්න ඕනි....හැමදේකින්ම"

ආශව නේත්‍රගෙ ආදරේ පිරුණු ඇස් දෙක දිහා බලාගෙන හිටියා.ආශවට තේරුණා තමන්ගෙ අත් අතරෙ තියෙන නේත්‍රගෙ අත තමන්ගෙ අත තද කරන වග.

"මගෙ සුදුබේබි....."

නේත්‍ර හෙමීට මුමුණද්දි ආශව නේත්‍රගෙ අත අරං අතේ පිටිඅල්ලෙන් සියුම් හාද්දක් තියලා ආයෙමත් ඒ අත තමන්ගෙ කකුලක් උඩින් තියාගත්තා.

"බිග්මැච් ඉවර වෙලා කාලයක් යනකං ආයෙ මම බිසී වෙන එකක් නෑ නේත්‍ර....ඒත්...."

"එක්සෑම් වලින් පස්සෙ සුදුබේබි බිසී වේවි.....ගෙදර ඉන්න කාලෙත් අඩුවෙයි....ඒත් සුදුබේබි,මට පුළුවන් සුදුබේබි වෙනුවෙන් බලන් ඉන්න.සුදුබේබිට ඕනිම වෙලාවක මම ලගට එන්න පුළුවන්....මම බලාගෙන ඉන්නවා....හැම තත්පරේකම....අපි දෙන්නා එකටම මේ කඩයිමත් පනිමු සුදුබේබි"

"නේත්‍ර ලග ඉන්නකල් මට බයක් නෑ"

නේත්‍රගෙ ඔලුව උඩින් අත තිබ්බ ආශව ඒ සිනිදු කොණ්ඩෙ අතගාද්දි දැනෙන සනීපෙ එක්ක නේත්‍රටම උරුම අර හා හිනාව එලියට දාලා හිනා වුණු නේත්‍ර හෙමීට තමන්ගෙ ඇස් දෙක පියාගත්තා.තමන්ගෙ ස්පර්ශෙ එක්ක ලා රෝස පාට වෙලා තියෙන නේත්‍රගෙ කම්මුල් සිපගන්න කියලා ආශවගෙ හිත කොච්චර කෑ ගැහුවත් ආශව තමන්වම පාලනය කරගත්තෙ මේ ඉස්කෝලෙ නිසා.ඉස්කෝලෙ ඇතුලෙ එහෙම හැසිරෙන්න ආශවටවත් නේත්‍රටවත් වුවමනාවක් තිබ්බෙ නෑ.

"ආශව....යංද?"

ටිකකින් දිවාෂගෙ එහා පැත්තෙන් ඉදගත්තු දෙවින් ආශවට කියද්දි ආශව තමන් ලගින් ඉදගෙන ඇසුත් බෝල කරං ඉන්න පුංචි හා පැංචා දිහා බලලා 'විනාඩි පහක් තව' කියලා දෙවින්ට සන් කලා.ඒත් එක්කම තෙවිනුයි දිවාෂයි දෙන්නා එබිලා ඉන්න සගරාවට ඔලුව දැම්ම දෙවින්ගෙ ඇස් දෙක ලොකු වෙලා යනවත් එක්කම දෙවින් දෙන්නගෙම ඔලු දෙකට ටොකු දෙකක් ඇන්නා.

"මොනාද ඩබල එක්ක මේ බලන්නෙ?"

"මරු කඳ නේද යුගාන්? බලනවකො මේ ඇදුම"

"මම මේ කල්පනා කලේ අපිට අර ඇඩ්වර්ටීස්මන්ට් වීඩියෝ එකට මූට සරමක් නොඅන්දවා මේ වගේ බිකිනියක් ඇන්දෙව්වනම් හරි නේද කියලා....මූ සැස්සි කෑල්ල වගේ ඉදී නේද දෙවින් පණ?"

"යකෝ ෆැෂන් ඩිසයින් ගැන හොයන ලමයිට බලන්න තියලා තියෙන මැගසින් බල බල මුන් දෙන්නා ගන්න ආතල් එක!"

"ඔයාට මෙව්වා තේරෙන්නෑ දෙවින් පණ......ඔයා පොඩි වැඩියි මෙව්වට"

"ඒක තමා අයියෙ....යුගාන් මේක බලපංකො...ඒකනම් ගති .....කෙල්ලෙක් හිටියනම් අරං දෙන්න තිබ්බා"

"උඹ කැමතිද ඉතින් උඹේ කෙල්ල මෙහෙම බාගෙට ඇදන් යනවට"

"අවුලක් නෑ....ෆැෂන් එකනෙ"

තෙවින් කියද්දි දිවාෂයි දෙවිනුයි ඔලුව වනලා සගරාවෙ පිටු පෙරලන්න ගත්තා.ඒකෙදි දැක්ක එක ලස්සන පිරිමි පිට කබායක් දෙවින්ගෙ හිත ගනිද්දි දෙවින්ගෙ මූණෙ ලස්සන හිනාවක් ඇදුනා.ඒත් එක්කම දිවාෂ පෙන්නුවෙ තව පිරිමි උඩුකය ඇදුමක්.සම්පූර්ණයෙන්ම මුළු උඩුකයම විනිවිද පේන රෙදි ජාතියකින් සකසලා තිබ්බ ඒ කමිසෙ හරි ආකර්ශණීය පෙනුමක් ගත්තා.

"මමත් ගන්නවා මේ වගේ එකක්....අපේ සෝශල් එකට ඇදතැහැකි"

"ය්....යුගාන්ට මොකටද එහෙම එකක්? මුළු ඇගම එලියෙනෙ!"

"ඒත් ෆැෂන් එකනෙ අනේ"

"ෆැෂන් එක කියලා ඇග එලියෙ දාන් යන්න ඕන්නෑනෙ යුගාන්! තමුසෙ..."

"මල්ලි! මේ ලයිබ්‍රි එක.....කෑගහන්න එපා"

දෙවින් දිවාෂගෙ පිටිපස්සෙන් අත දාලා තෙවින්ට තට්ටු කරල කිව්වෙ තෙවින්ගෙ සද්දෙ ටිකක් වැඩි වුණු නිසා.හයියෙන් හුස්මක් පහල දැම්ම තෙවින් දිවාෂට ටොක්කක් ඇනලා ආපහු පාරක් සගරාවට ඇස් දෙක යොමු කලත් දිවාෂගෙනම් කට කොණක ඇදිලා තිබ්බෙ ලා හිනාවක්.දිවාෂ කොහොමත් ඇගපත පේන විදියට අදින්න කිසිම රුචිකත්වයක් තියෙන කෙනෙක් නොවුනත් දිවාෂ ඔය දේ කිව්වෙ තෙවින්ගෙ ප්‍රතිචාරය බලන්න.දිවාෂටම හරිහමන් හේතුවක් නොතේරුණත් තමන් එහෙම ඇදුමක් ගන්නවා කිව්වම තෙවින්ගෙන් එන්නෙ මොන විදියෙ ප්‍රතිචාරයක්ද කියලා දිවාෂට බලන්න ඕනි උනා.

දිවාෂ බලාපොරොත්තු උනේ තමන්ටත් ඒ ඇදුම ලස්සනයි වගේ කියන දෙයක් උනාට තෙවින්ගෙ ඇස් දෙකේ ඇදුණු කේන්තිය වගේම ඒ වචන වල තිබ්බ සැර ගතිය ඇත්තටම දිවාෂගෙ හිතට යම්තාක් දුරකට බයක් එකතු කරන්න සමත් වුණා.ඒත් දිවාෂ වගේ පණ්ඩිතයෙක් එහෙම කාටවත් බය වෙනවයෑ? තෙවින්ට විරිත්තුව දිවාෂ සගරාව පෙරල පෙරල තමන්ගෙ වැඩේ කරගෙන ගියා.

"ආශවයා....දැන් යං නේද? කෝච් අවුලක් දායි නැත්තං"

"හ්ම්ම්ම්.....මම යන්නද මැණිකෙ?"

"ය්...යනවද සුදුබේබි? හා දැන් යන්න එහෙනම්.....මම ඉස්කෝලෙ ඉවර උනාම එන්නම් ග්‍රවුන්ඩ් එකට"

"ගෙදර යන්න නේත්‍ර....හුගක් රෑ වෙනකං ප්‍රැක්ටිස් තියෙයි"

"මට යන්න කියලා කිව්වට සුදුබේබිගෙ ඇස් දෙක කියන්නෙ වෙනම දෙයක්....මම ඉන්නවටයි මගෙ සුදුබේබි කැමති"

"කවදා ඉදන්ද ඇස් කියවන්න හුරු උනේ නේත්‍ර?"

"සුදුබේබි මගෙ උනු දවසෙ ඉදන්"

"ඔයාගෙ උනේ කවදා ඉදන්ද?"

"මම සුදුබේබිට නස් නාරං ගෙඩියක් දික් කල දවසෙ"

"මගෙ චූටි නස් නාරං පෙරේතයා"

"පරිස්සමින් සුදුබේබි"

"ඔයත් වස්තුවෙ....පරිස්සමින්"

නේත්‍රගෙ කම්මුලක් මිරිකලා නේත්‍රගෙ පිටිඅල්ලෙන් හාද්දක් තිබ්බ ආශව නේත්‍රගෙ ඔලුව අතගාන ගමන් පුටුවෙන් නැගිට්ටා.ඒත් එක්කම දිවාෂගෙයි තෙවින්ගෙයි ආර්යගෙයි ඔලු ගෙඩි තුන අතගෑව දෙවිනුත් ආශව එක්කම පුස්තකාලෙන් පිටවෙද්දි පොත් රාක්කෙ කොණෙන් ආයෙමත් ඔලුව එලියට දැම්ම ආශව නේත්‍රට ඇහැක් ගහලා පුස්තකාලෙන් එලියට ගියා.

"ආව්....ආව් චූචියා ලොවි ගෙඩියක් වගේ වෙලා"

නේත්‍ර ලගින් ඉදගත්තු දිවාෂ නේත්‍රට විහිලු කරද්දි පුංචි එකා පොත අස්සෙ මූණ ඔබාගත්තා.තව මෙතන ඉන්න හිතකුත් නැති නිසා තුන් දෙනා එක්කම පන්තියට යන්න පිටත් වුණේ තව කාලච්ඡේද කීපෙකින් පාසලත් අවසන් වෙන නිසා.නේත්‍රගෙ මූණ දිහා බැලුව දිවාෂ දැක්කෙ නේත්‍රගෙ මැලැන්සි වෙලා ගිය මූණ දැන් හරි ලස්සනට දිලිසෙන හැටි.නේත්‍රගෙ කරට අතක් දාගත්තු දිවාෂයි ආර්යයි දෙන්නා නේත්‍රව රතු වෙනකං විහිලු කර කර පන්තියට ආවා.

..............................................................................................

"මිකායෙල් නෑ නේද මේ ටිකේම ඉස්කෝලෙ ආවෙ?"

"හ්ම්ම්....සුදුබේබි කතා කරන්න ගිය දවසෙ ඉදන් දැක්කෙ නෑ මාත්.අනේ මංදා"

"මිනිහා කොහොමත් කියව කියව හිටියෙ ප්‍රයිවට් ලියනවා කියලා එක්සෑම්....ඇත්තනෙ ඌ ඌට ඕනි දවසට විතරනෙ ඉස්කෝලෙ එන්නෙ....ඇටෙන්ඩන්ස් නැතුව කොහෙ එක්සෑම් ලියන්නද?"

"අනේ මංදා දිවාෂ....මට ඒත් හරි අවුල් එයා ඉස්කෝලෙ නේන්නෙ මම නිසාද කියලා"

"ඔයා ඔච්චර හොද වෙන්න එපා නේත්‍ර....මෙතන ඔයාලට උදැල්ල දාන්න ගිය එකෙක්ට අනුකම්පා කරන්න එපා"

"හ්ම්ම්ම්"

"හුම් හුම් කිව්වට ඔයා ඉන්නෙ අවුලෙන්නෙ....චූචියො,ඒ අවුල ඌම විහින් දාගත්තු එකක්.නැතුව ඔයාවත් ආසවයවත් දැම්ම අවුලක් නෙවේනෙ"

"ඔව් නේද දිවාෂ"

"ඒකනෙ අනේ....අර මොකෝ ඉන්දීප අයියා මෙහෙ?"

පැවීලියන් එකට වෙලා ඉදගෙන කොල වගේක මොනාද ලිය ලිය කයිය ගගහා උන්නු නේත්‍රයි දිවාෂයි දෙන්නා දැක්කෙ තමන්ගෙ පැත්තට ඇවිදන් එන ඉන්දීපව.හෙමින් සැරේ දිවාෂලා ලගට ආව ඉන්දීප අයිස් කෝපි බෝතල් දෙකක් නේත්‍රටයි දිවාෂටයි දීලා දිවාෂ ලගින්ම ඉදගනිද්දි දිවාෂ ඉන්දීපගෙ කම්මුල් දෙක දෙපැත්තට අදින්න ගත්තා.

"හඥේ මගේ චූචු ඉන්දීප්පයේ...."

"ඊ.....කුණුහරපයක් වගේ ඇහෙන්නෙ දිවාෂ මල්ලි"

"ඒ උනාට ඔයා මගේ හොදම හොද ඉන්දීප්පයියා....බලන්න මේ කටුකව දුක් විදින,සාගතෙන් පෙලෙන,අහේනිය හැදුණ,කදුළු ගංගාවක ජීවත් වුණ,ප්‍රපාතෙන් පල්ලට වැටුණ,ඔලුවට වෙඩි තියං ලිදට පැන්න මේ අහිංසක නොදරුවො දෙන්නගෙ බඩවල් පුරවනවා කියන්නෙ....ර්‍ර්ක මහඟු පිනක්....ඒ නිසයි ඉන්දී....."

"යුගාන්!"

දිවාෂ ගැස්සිලා ගිහින් ඉන්දීපගෙ කම්මුල් වලින් අත අහකට ගනිද්දි ඉන්දීප හරි ලස්සනට දිවාෂ දිහා හිනාවෙවී බලාගෙන හිටියා.ඒත් එක්කම දිවාෂ ලගට ආව තෙවින් දිවාෂගෙයි ඉන්දීපගෙයි මැද්දෙ ඉදගනිද්දි දිවාෂ ඇසුත් හීනි කරං තෙවින් දිහා බැලුවා.

"මොකත?"

"මාත් අහන්නෙ මොකද කියලා තමා"

"පලයං යන්න තෙවින්! මල වදේ"

"හා....ඒත් යන්නෑ"

"එහෙනම් මේං"

"ආආආආආආආ!!!!! යුගාන්!!!!!! තොට හොදක් වෙන්නෑ පොඩි බේසිකයා!!!!!"

"තට්ටමේ රතු පාට හිලක් ඇති දැන්! බු හඃ හඃ හඃ හා"

"ආව්...මගෙ පස්ස! අසහ....."

"හා හා....ආයෙ ඔය වචනෙ උබටයි මටයි තහනම්"

"මොකක්!"

අතේ තිබ්බ හැට්ට කට්ටකින් තෙවින්ගෙ පස්ස යටින් අත දාලා තට්ටමකට ඇන්න දිවාෂ තෙවින් කියන්න ගිය දේ මගින් නැවැත්තුවා.නවත්තපු දිවාෂ පඩිපෙල දිගේ පහලට දාං හිටිය කකුල් දෙක උඩට අරං එරමිණියා ගොතාගනිද්දි දිවාෂගෙ මේ මෝඩ වැඩ දිහා ඉන්දීපයි නේත්‍රයි හිනාවෙවී බලාගෙන හිටියා.දිවාෂ තමන්ගෙ දකුණත තාපසයො තියං ඉන්නව වගේ තියාගනිද්දි දිවාෂගෙ ගොං වැඩ වලට දිවිහිමියෙන් අත්වැල් සපයන තෙවින් දිවාෂ දිහා බලලා වැදගත්තා.

"එම්බල තෙවින්, මින් පසු අප දෙදෙනා සංස්කෘත වලින් වචන හරඹ කල යුතුයි! වැටහුණිද ඔබට?"

"එසේය යුගානය....එසේය"

"මිස්පසු කෙදිනකවත් පස්සට පස්ස යැයු කීමෙන් වැලකිය යුතුය.පස්සට පශ්චාත් භාගය හෝ ගුද මාර්ගය ලෙසින් ඇමතිය යුතුය"

"එසේය යුගානය....එසේය."

"අසහනය යන වචනය භාවිතා කිරීමද සපුරා තහනම්ය.ඔබ ඇසිය යුත්තේ,එම්බක යුගානය,නුඹට හදිසි ලිංගික උත්තේජනයක් ඇති වී රමණයේ යෙදීමේ අවශ්‍යතාවයක් ඇද්ද ලෙසය"

"එසේය යුගානය....එසේය!"

"මින්පසු පෙරකී වාග්මාලා භාවිතා කර තිබුණහොත්!!! නුඹේ පස්චාත් බාගය මම කපා කොටා විනාස කර දමමි"

"එසේය යුගානය එසේය!"

නේත්‍රගෙ ඇස් වලින් කදුළුත් උනන්න අරං තිබ්බෙ හිනාව පාලනේ කරගන්න දැරුව උත්සාහෙ තරම පෙන්නන ගමන්.ඉන්දීප එහෙම්මම නැවිලා දිවාෂගෙ කම්මුලක් මිරිකද්දි දිවාෂ ඇහැක් නටවලා ඉන්දීපට ඇහැක් ගැහුවම අසරණ ඉන්දීපගෙ පපුව නොසෑහෙන්න ගැහෙන්න ගත්තා.දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුව තෙවින් අමාරුවෙන් හිතට එන හැගීම් පාලනේ කරං දිවාෂගෙ අතින් තිබ්බෙ බනිස් මල්ලක්.ඒක තියලා අහක බලාගත්තු තෙවින් ඉන්දීප එක්ක කතාව පටන් ගනිද්දි දිවාෂ නේත්‍රටයි ඉන්දීපටයි බනිසයක් දීලා ඉතිරි වෙලා තිබ්බ බනිස් ගෙඩිය දෙකට කඩලා ඒකෙ කෑල්ලක් තෙවින්ට දුන්නා.

"දිවාෂ මල්ලි මගෙ එකෙන් කමු....ඕක තෙවිනට දෙන්න"

"නෑ ඕන්නෑ ඉන්දීප....අපි දෙන්නා කොහොමත් කන්නෙ හැමදාම මෙහෙම"

"හැමදාම මෙහ්ස්ජගය්ස්නව්ස්ජාහය්ජ්ව්සුස්න!!!"

දිවාෂ කටත් ඇරං කියන්න ආව එක බනිස් කෑල්ලක් ඒ කටට ඔබලා නැවැත්තුව තෙවින් දිවාෂ දිහා බලලා රැව්වා.බනිස් කෑල්ලෙන් පිරුණු කට එක්කම දිවාෂ තෙවින්ට රවද්දි තෙවින් දිවාෂව ගනන්වත් ගන්නෙ නැතුව තමන්ගෙ අතේ තියෙන බනිස් කෑල්ල කන්න ගත්තා.

"ඉන්දීප අයියා මොකෝ අද මෙහෙ?"

බනිස් කෑල්ල ගිලලා දැම්ම දිවාෂ ඉන්දීපගෙන් ඇහුවෙ කාත් එක්කවත් වැඩි කතාබහක් නැති නේත්‍ර පාඩුවෙ බනිස් ගෙඩිය කුරුලු පැටියා වගේ චුට්ට චුට්ට කන හැටි දැකලා.දිවාෂ දිහා බැලුව ඉන්දීප ලාවට හිනාවෙන ගමන් පිට්ටනියෙ පුහුණුවෙන කට්ටිය දිහා බැලුවා.

"නිකං දිවාෂ මල්ලි....ඔයයි නේත්‍ර මල්ලියි මෙතනට වෙලා කමිටීස් වල වැඩ ටික හදාගන්න යනවා කියලා රකිත කිව්වා.මමත් ආවෙ උදව් කරන්න"

"ඉන්දීප අයියා ආව එක ලොකු දෙයක්.....මෙන්න මේකේ...."

දිවාෂ ඉන්දීපට කිට්ටුවෙලා කතාව පටන් ගනිද්දි තෙවින් ඇසුත් රෝල් කරලා දෙන්නටම විරිත්‍තලා අහක බලාගත්තු හැටි ඒ ලගට වෙලා උන්නු නේත්‍රනම් හොදටම දැක්කා.ඒත් එක්කම දිවාෂගෙ අයිස් කෝපි බෝතලේ අරගෙන ඒක කටට දාලා හොදට බීපු තෙවින් තමන්ට පිටුපාලා උන්නු දිවාෂට පාරක් ගහන්න වගේ හදලා බෝතලේ වහලා පැත්තකට දැම්මා.

පැයකට විතර පස්සෙ පැවීලියන් එකට දුවන් ආව ආශව නේත්‍ර ලගින් ඉදගනිද්දි දෙවින් තෙවින් ලගින් ඉදගත්තා.

"අද උදේ ඉදලා ප්‍රැක්ටිස් තිබ්බ නිසා පහ වගේ වෙද්දි පිටත් වෙන්න පුළුවන් වෙයි......නේත්‍ර මොනාහරි කෑවා නේද?"

"ඔව් සුදුබේබි.....ඉන්දීප අයියා අයිස් කොෆී එකක් ගෙනත් දුන්නා,තෙවින් අයියා බනිස් ගෙනත් දුන්නා"

"එහෙනම් කමක් නෑ....තව මොනාහරි ඕන්නම් ගන්න හොදද?මගෙ පර්ස් එක ඔයා ලග නේද?"

"ඕ සුදුබේබි....."

"ඒයි! දිවාස! ඔය බීම එක දෙනවකො ටිකක් තමුසෙ තනියම බොන්නෙ"

තෙවින් ටිකකට කලින් ගෙනත් තිබ්බ ක්‍රීම් සෝඩා මෙගා බෝතලේ කටේ තියං බිබී හිටිය දිවාෂ ආශවගෙ ඉල්ලීම එක්ක ආශවට බෝතලේ දික් කලා.දිවාෂ දිහා බැලුව ආශව බෝතලේට කට තියන්නෙ නැතුව බීම උගුරක් දෙකක් බීලා ඒක නේත්‍රට දෙද්දි නේත්‍රත් බීම උගුරක් බීලා ආයෙමත් බෝතලේ දිවාෂටම දික් කරනකංම දිවාෂ හරි සාමාන්‍ය විදියට ආශවයි නේත්‍රයි දෙන්නා දිහා බලන් හිටියා.දිවාෂ ලගට යන්න තිබ්බ බෝතලේ මැද්දෙන් පැනලා උදුරගත්තු තෙවින් බෝතලේ කට ලගට ලං කරද්දිම දිවාෂ පැනලා බෝතලේ තෙවින්ගෙ කටට එබුවා.

"කට තියලා බීපිය!"

"තියලා බොන්න හරි නැතුව බොන්න හරි උඹ මේ කරන වැඩ නිසා මට වෙලාවක කට නැති වෙලා යනවා"

දිවාෂගෙ හැසිරීමෙන් තමන්ට ඕනි කරන දේ හොයාගත්තු ආශවගෙ කට කොණේ ඇදුනෙ ලා හිනාවක්.නේත්‍ර ලගින් ඉදගත්තු ආශව දෙවින්ට සන් කලේ තමන් ලගට එන්න කියලා.දෙවිනුත් ආශව ලගින් ඉදගත්තම ආශව පෙන්නුවෙ දිවාෂව මැදි කරගෙන කොලේකට එබීගෙන ඉන්න තෙවින්වයි ඉන්දීපවයි.

"ඇයි ආශවයා?"

"නෑ.....කා එක්කවත් එච්චර ෆිට් නැති ඉන්දීපයා ඕම ඉන්න එක ටිකක් අමුතුයි....ඒකයි"

"මටත් හිතුනා ආශවයා"

"ඉන්දීප දිවාසයට කැමතිදවත් දන්නෑ"

ආශව ඇගට පතට නොදැනී කිව්වෙ දෙවින් ඒකට මොන විදියෙ ප්‍රතිචාරයක් දක්වයිද කියලා බලන්න.ඒත් එක්කම දෙවින්ගෙ මූණෙ මතු වුණේ ටිකකට කලින් ඉන්දීපව දැක්කම තෙවින්ගෙ මූණෙ මතු උනා වගේම පෙනුමක් කියලා නේත්‍රට තේරුනා.

"ඌ මොකටද අපේ මල්ලිට කැමති වෙන්නෙ"

"තෙවින්ට නෙවේ බං......දිවාසයට"

"දිවාෂ තමා....ඒකා මගෙ පොඩි මල්ලි.දිවාෂ මල්ලිට ඕන්නෑ එහෙම කවුරුත්!"

දෙවින්ගෙ වචන වල තිබ්බ තද ගතිය එක්ක ආශවට හොදටම දැනුනා.

"එහෙම එපා කියලා බෑනෙ.....ඕකාත් කා හරි එක්ක යාලු වෙන්න එපායෑ"

"ඔ....ඕන්නෑ.....එයා තාම පුංචියි! දිවාෂ කියන්නෙ තවම පොඩි එකෙක්!"

දෙවින් එහෙම්මම ගිහින් ඉන්දීපගෙයි දිවාෂගෙයි මැද්දෙන් ඉදගෙන දිවාෂගෙ බෙල්ල වටේ අත දාලා දිවාෂව තුරුල් කරගත්තා.දිවාෂගෙ ඔලුවෙන් දෙවින් හාද්දක් තියලා ඉන්දීප දිහා අමුතුවට බලද්දි ඒ මෙලෝ දෙයක් නොදැක්ක ඉන්දීප කොලේට ඇන ඇන දිවාෂට මොකක් හරි කියන ගමන් හිටියා.මෙච්චර වෙලා එකම දේ කර කර හිටිය නිසා තිබ්බ කම්මැලිකමටයි,දෙවින් එක්ක හුරතල් වෙන්න ඕනි කමටයි දිවාෂ සිහි නැති කරගෙන දෙවින්ගෙ උකුල උඩට පත බෑවෙද්දි තෙවිනුත් දිවාෂගෙ මූණ දිහා බලාගෙන හිටියා.

"මුන් දෙන්නා එක්ක ලේසි වෙන එකක් නෑ දිවාෂයගෙ පස්සෙන් එන එවුන්ට"

"ඒක තමා නේද සුදුබේබි"

"ඒක නේන්නම්.....තෙවින්ට අන්තයිනෙ අර යකා....පුදුම ලෝභකමක් තියෙන්නෙ අර යක්ස පැටියට"

"දෙවින් අයියාට පුංචි කාලෙ ලං උනේ දිවාෂනෙ සුදුබේබි....ඒ හන්දා එයාට ලෝභ ඇති"

"ඔව්.....මිනිහා තෙවින්ට වගේම දිවාෂට ආදරෙයි....හැබැයි තෙවින්ගෙනම් තියෙන්නෙ එහෙම සහෝදරකමක් නෙවේ වගේ"

"සුදුබේබි එන්නකො බඩ්ඩක් කියන්න"

ආශවව ලගට කිට්ටු කරගත්තු නේත්‍ර ආශවගෙ කන ලගට අත තියලා තෙවින් අද හැසිරුණු විදිය ගැන කියද්දි ආශව ඔලුව උඩ පහල වැනුවා.නේත්‍ර කිව්ව ඒවයි තමන්ට පෙනුනු ඒවයි සංසන්දනය කෙරුව ආශව නේත්‍ර දිහා බලද්දි ආශවව තේරුම් ගත්තු නේත්‍ර ඔලුව උඩ පහල වැනුවා.

..............................................................................................

"කොල්ලො! කොහෙද ඔය යන්නෙ?"

"ස්....සුදුබේබිට් තේ එක අරං යනවා ල්....ලොකු මැණිකෙ"

"ඕක දීලා ඉක්මනට වරෙං ඉස්තෝප්පුවට.....මුදියන්සෙට කතා කරන්න ඕනිලු උඹ එක්ක"

"ම්....ම....මම...."

"බය වෙන්න දෙයක් නෙවෙයි.....බය වෙන්න කාරණාවක්නම් මම මෙහෙම එන්න කියන්නෑනෙ.ඕක දීලා වරෙංකො"

"හොදමයි ලොකු මැණිකෙ"

කිරිකෝපි එකක් අරගෙන රෑ නවයට විතර උඩ තට්ටුවට යන්න ගිය නේත්‍ර ලොකු මැණිකෙගෙ වචන වලට ඔලුව වනලා ආශවගෙ කාමරේට ගියා.ආශවගෙ පොත් මේසෙ පිස්සන් කොටුවකටවත් අන්තයි කියලා නේත්‍රට හිතුනෙ මේසෙ උඩ පොත්,කොළ විසිරවලා දාලා තිබ්බ හැටි දැකලා.දැන් ඕක අස් කර කර උන්නොත් මහ මුදියන්සෙට කේන්ති යන වග දැනන් උන්නු නේත්‍ර ආශව ලගට ගිහින් තේ එක ආශවගෙ අතට දුන්නා.

"සුදුබේබි මේක බීලා ඩිංගිත්තක් රෙස්ට් කරන්නකො....මම පහලට ගිහින් එන්නම්"

"පහලට යන්නෙ මොකෝ?"

"ලොකු මැණිකෙ එන්න කිව්වා සුදුබේබි....මහ මුදියන්සෙ කතා කරලා"

"අප්පච්චි! මම එන්නම් ඔයා එක්ක"

"දෙයියෝ එපා සුදුබේබි.....මම යන්නම්.....ගිහින් මහ මුදියන්සෙ කිව්ව දේවල් එකක් නෑර සුදුබේබිට කියන්නම්"

"හරි නේත්‍ර.....පරිස්සමින්"

"සුදුබේබිත්....මම ඇවිත් මේ මේසෙ අස් පස් කරල දාන්නම්....සුදුබේබි ඇදට වෙලා වැඩ කරන්න එතකං"

"ඇදට වෙලා වැඩ කරන්නනම් ඔයා ඕනිනෙ වස්තුවෙ"

"මම? මමත් ඕකට ආවොත් පොතුත් තියාගන්න ඉඩ මදිනෙ සුදුබේබි....මම ඇද පල්ලට වෙලා ඉන්නම්කො ආවට පස්සෙ"

ආශවගෙ බාගෙට වැවුණු රැවුල් කොට පිරුණු කම්මුල අතගෑව නේත්‍ර ආදරෙන් කියද්දි ආශව දෙලක්ෂ හැටදාස් හාරසිය අනූ තුන්වෙනි වතාවටත් දිවාෂ කිව්ව දේවල් ඇත්ත වෙයිද දන්නෑ කියලා පසුතැවුණා.ඒ බව පිටට පෙන්නුවෙ නැති ආශව නේත්‍රව පිටත් කලේ ඔව්වා පැහැදිලි කරලා කියලා පුංචි එකාව බය කරන්න ඕනි නැති හන්දා.නේත්‍ර පහලට ගිහින් විනාඩි පහක් යන්නත් කලින් තමන්ගෙ දුරකතනෙට ඇමතුමක් එද්දි නමවත් නොබැලුව ආශව ඇමතුමට සම්බන්ධ වුණා.

"අ....ආශව අයියා....."

ආශවගෙ ඇස් දෙක දුරකථනෙට හැරවුණේ ඇහුණු වේදනාත්මක හඩත් එක්ක.ඒ අරං තියෙන්නෙ වීඩියෝ දුරකථන ඇමතුමක් කියලා දැක්ක ආශව දුරකථන තිරේ තමන්ගෙ ඇස් ඉස්සරහට අරගත්තා.

"ත්...තමුසෙ? මොකද්ද මිකායෙල් මේකෙ තේරුම?"

"ආශව අයියා ප්ලීස්.....මම ඔයාට ආදරේ කරන්නෙ ඇත්තටම....ප්ලීස් අයියා.....ඔයාගෙ ලවර්වත් කරන්නෙ නැති විදියට මට පුළුවන් ඔයාට ආදරේ...."

"වට් ද ෆක් මිකායෙල්? තමුසෙට මොකද්ද තියෙන අයිතිය එයා ගැන කියන්න? එයාට සමාන වෙන්න?"

"ආශව අයියා! මට පුළුවන් ඔයා වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න! ඒවගේම ඔයාව නොලැබුනොත්...."

"ඔව්! මොකද්ද නොලැබුනොත් ඉතින්?"

ආශව ඇහුවෙ ඇසුත් රතු කරන් ඉදිමවගෙන තමන්ගෙ ඉස්සරහ ඉකි ගහන මිකායෙල්ගෙන්.මිකායෙල් ඉන්නෙ හොදටම අඩලා කියලා තේරුම් ගන්න ආශවට අපහසු උනේ නෑ.ඒ තරමටම මිකායෙල්ගෙ මූණ ඇස් ඉදිමිලා තිබ්බා.ඒත් ආශවගෙ හිතේ කොණකට පුංචි දුකක්වත් ඇති වුණේ නැහැ.ආශව පුරුදු හිස් විදියටම මිකායෙල්ට කතා කරද්දි මිකායෙල් තමන්ගෙ අතට ගත්තෙ පිහියක්!

"මිකායෙල්?"

"ආශව අයියා! ඔයා මට කැමතියි කිව්වෙ නැත්තං ගෝඩ් ප්‍රොමිස් මම මෙතනම මගෙ අත කපාගන්නවා!"

"..............."

"ගෙදර කවුරුත්ම නෑ ආශව අයියා! නහරෙ බලලා කපාගත්තට පස්සෙ ලේ ගිහින් ගිහින් කවුරුහරි එද්දි මම මැරිලා ඉදියි!"

තවමත් නිහඩව තමන් දිහා බලන් ඉන්න ආශවගෙ ඇස් දිහා බලාගෙනම මිකායෙල් කෑ ගැහුවා.මිකායෙල් හිටියෙ ලොකු වියරුවකින්.ඒක ආශවට හොදටම තේරුනා.

"ආශව අයියා! මට මේ දැන්මම ආදරෙයි නොකිව්වොත් මම හුස්ම ගන්න අන්තිම දවස අද වෙයි"

මිකායෙල්ගෙ කටහඩ එක්ක ලොකු හුස්මක් පහල දැම්ම ආශව පිටිපස්ස හැරිලා බැලුවෙ තමන්ගෙ කාමරේ දොර දිහා.නේත්‍ර තාම එන පාටක්වත් නැති නිසා ආශව තමන්ගෙ තීරණේ අරගෙන මිකායෙල් දිහා කෙලින්ම බැලුවා.මිකායෙල්ගෙ අතේ තියෙන පිහිය දිහා බැලුව ආශව බර හුස්මක් පහලට දාලා දුරකතනෙට තව ටිකක් නැඹුරු වුනේ නේත්‍ර එන්නෙ නෑ කියලා හරියටම තහවුරු කරගත්තට පස්සෙ.

හිස් ඇස් වලින්ම ආශව තමන්ගෙ තීරනේ කියන්නෙ ඉස්සරහට නැඹුරු වෙද්දි රෑ නිදාගනිද්දි ලග තියාගන්න ගැටපිච්ච වැලෙන් කඩන් ආව ගැටපිච්ච පොහොට්ටු හෙමීට පිපීගෙන එන ගමන් තිබ්බා.

..............................................................................................

වචන 5400+❤️

පුස්තකාලෙ කෑලි ලියද්දි අතීතෙ තිබ්බ සමහර මතක ඇත්තටම උඩට එනවා....අපේ ඉස්කෝලෙ පුස්තකාලෙ ඕම ලව් කරන්න පුළුවන් තැනක් නෙවේ නිදහසේ.මොන වෙලෙත් ටීච කෙනෙක් ලගින් යනවා.

හැබැයි ඒ කාලෙ කැමීලියා පුස්තකාලෙට යද්දි හුගක් වෙලාවට ඒ පිටිපස්සෙන් තව කෙනෙක් පුස්තකාලෙට ආවා.මම ඉදන් ඉන්න තැනට කෙලින්ම තියෙන පුටුවෙ ඉදන් ඒ මනුස්සයා මම එතනින් නැගිටිනකං මගෙ මූණ දිහා බලන් හිටියා.මම එහෙම ලස්සන කෙනෙක් නෙවෙයි ඇත්තටම බලාගෙන ඉන්න තරම් එහෙම...ඒත් ඉතින් ඒ කෙනාට මගෙ ලස්සනක් පේන්න ඇති.මම ඇත්තටම පොතක් පෙරලං කියවද්දි එයා පොතක් බොරුවට පෙරලං මම දිහාම බලන් ඉන්න හැටි විටින් විටේ ඇස් උස්සලා බලන මම දැකලා තියෙනවා❤️

අනික එයා වැඩියෙන්ම මගෙ වර්ණනා කලේ ඇස් දෙකයි හිනාවයි....ඒ දෙකෙත් ඇති ලස්සනක් නෑ....ඒත් එයාට පේන්න ඇති.හුගක් වෙලාවට කියනවා 'ඔයාගෙ ඇස් ලස්සනයි....ඔයාගෙ හිනාව ලස්සනයි' කියලා.වැඩියෙ ඕන්නෑ එයා සමහර අය එක්ක හිනා වෙන්න පවා එපා කියලා තියෙනව මට😂🤭❤️ මට ඇත්තටම කෙනෙක්ගෙ ඇස් වලින් ඒ කෙනාව තේරුම් ගන්න පුළුවන්.ඔන්ලයින් යාලුකම් වලින් කෙලවගත්තත් ඇත්ත ජීවිතේ මම ලේසියෙන් කෙනෙක්ට රැවටෙන්නෙ නැත්තෙ ඔන්න ඔය හේතුව නිසා.එයා දන්නවා මට ඇස් කියවන්න පුළුවන් කියලා 🥺❤️ ඒ ඇස් වලත් මම ගැන ලොකු හැගීමක් තිබ්බ කාලෙ ඒක කියවලා මම එයාට ලං උනා වගේම,ඒ ඇස් වල මම වෙනුවෙන් තිබ්බ ඒ හැගීම් කාලයක් යද්දි අඩු වෙලා යනවා දැනෙද්දි මම එයාගෙන් ඈත් උනා❤️ මොකද ඒ ඇස් වල හිස් බැල්මක් මට දකින්න ඕනි උනේ නෑ❤️ ඒක නිසා හරි සරල විදියට මැසේජ් එකකින්ම මම සම්බන්ධෙ නැවැත්තුවා❤️

ඒ උනාට ඒ මතක හිත යට ඇති මගෙ....නැතිවෙන එකකුත් නෑ.මොකද කෙනෙක්ට තමන්ගෙ පලවෙනි ආදරේ හරි ලස්සන දෙයක්ලුනෙ❤️ ඇත්ත ආදරේ ඒක නොවුණත් පලවෙනි එක හිතට වදිනවලු.එහෙම වෙන්න ඇති.ආයෙ මම කෙනෙක් එක්ක යාලු උනත් ඔය මතක යටි හිතේ තියේවි❤️

හම්මේ මගෙ හෑල්ල😂😭❤️ අහගෙන හිටියට ඉම්ස්තූතියි🥺❤️ ඔයාලා ඉතින් මගෙ පවුලනෙ❤️ ඔයාලා එක්ක මෙව්වා බෙදාගන්න පුළුවන් මට❤️

එපා දිවාස....එපා😓😂❤️

එහෙනම් බබාලා අදහසක් දීගෙන යන්න🥺❤️ මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter