Back
Chapter 73

72 කොටස🤍✨️

නිවාලන්න මා...

"ම්....ම්....."

ඉස්තෝප්පුව ලගට ආව නේත්‍ර ඉස්තෝප්පුවෙ ඈදි පුටුවෙ ඈදිගෙන ඉන්න මහ මුදියන්සෙට කතා කරන්න හැදුවත් නේත්‍රගෙ කටින් වචන පිට වුණේ නෑ.පුංචි එකා තමන්ගෙ ගැහෙන කකුල් දෙකත් දරාගෙන වචන පිට කරන්න උත්සාහ කරද්දි ඒ හීනි කටහඩ ඇහුණු ලොකු මැණිකෙ නේත්‍රව දැකලා එන්න කියලා සන් කලා.

"මෙහෙ වරෙං කොල්ලො.....අපේ මහත්තයා,"

"ආ....මූ ඇවිල්ලා නේද? ඔන්න ඔය කොහෙන් හරි ඉදගනින්කො"

මහ මුදියන්සෙ නේත්‍රට කියද්දි තමන්ගෙ කමිසෙ අත් දෙකෙන්ම මිරිකගත්තු නේත්‍ර ඉස්තෝප්පුවට නගින්න තියෙන පඩියක් උඩින් ඉදගත්තා.නේත්‍ර ඉදගත්තු තැන ගැන සෑහීමකට පත් වුණු මහ මුදියන්සෙ ලොකු මැණිකෙ දිහා බලලා නේත්‍රට කතා කරන්න ගත්තා.

"මට නාස්ති කරන්න කාලෙ නැති නිසා කෙලින්ම කියන්නම්කො.උඹ සුදුබේබිගෙ මග ඇරෙන වැඩ කරගන්න උදව් කරනවලු නේද?"

"............"

"කට ඇරලා උත්තර දීපං කොල්ලො! මම උඹව මරන්න ඇහුවා නෙවෙයිනෙ!"

"එ....එහෙමයි මහ මුදියන්සෙ"

"හ්ම්ම්.....සුදුපුතාගෙ වැඩ සමබරව කරගෙන යන්න උඹත් නොසෑහෙන්න උදව් කරනවා කියලා මැණිකෙ මට කිව්වා"

"............."

"අවුරුදු ගාණකට කලින් මම මැණිකෙ කියන දේ අහලා ගත්ත තීරණේ වරදක් නෑ කියලා මට තේරෙන්නෙ දැන්....උඹ ඇත්තටම අපේ සුදුපුතාට හොද සේවකයෙක්!"

නේත්‍රගෙ මූණෙ ඇදුණෙ වේදනාබර උනාට ලස්සන හිනාවක්.සේවකයෙක් වෙලා හරි සුදුබේබි ලග ඉන්න තියෙන එක තරම් වටින දෙයක් නේත්‍රට මේ ලෝකෙවත් තිබ්බෙ නෑ.

"එ....එහෙමයි මහ මුදියන්සෙ"

"උඹ සුදුපුතාගෙ නෝට් එහෙම ලියලා දෙන බව මම දන්නවා....දවසක් සුදුපුතා කිව්වා උඹ පොත් වගේකුත් උස්සන් ආවෙ ඒකයි කියල"

"එහෙමයි මහ මුදියන්සෙ"

"හ්ම්ම්ම්.....ඉරුගල්බණ්ඩාර පරම්පරාවෙ කවුරුත් කාටවත් ණය වෙන්න කැමති නෑ.සුදුපුතාට තාම මේවා නොතේරුණාට සුදුපුතා උඹෙන් කරගන්නෙ වැඩකාරකම්....ඒවට නොගෙව ඉන්න එක අපිට මදිකමක්"

".............."

"ආ මෙහෙ වරෙං!"

මහ මුදියන්සෙගෙ කටහඩ එක්ක නේත්‍ර බිම බලාගෙනම නැගිටලා මහ මුදියන්සෙ ලගින් හිටගත්තා.

"ආ.....මේ රුපියල් දෙදාහ ගනින්....ආයෙ සුදුබේබිගෙ වැඩ මොනාහරි කලොත් මගෙන් හරි ලොකු මැණිකෙගෙන් හරි කීයක් හරි ඉල්ලගනින් තේරුණාද?"

තමන්ගෙ අල්ල උඩ තියෙන රුපියල් දෙදාහ දිහා බැලුව නේත්‍රගෙ ඇස් කදුළු වලින් පිරෙන්න ගියේ තත්පරයයි.නේත්‍රව තේරුම් ගත්තු ලොකු මැණිකෙ ආශවගෙ කාමරේ අස්පස්කරලා දාන්න කියලා නේත්‍රව යවද්දි නේත්‍ර අඩියට දෙකට පිලිකන්න පැත්තට දුවං ගියා.මහ මුදියන්සෙ දෙන සල්ලියක් ප්‍රතික්ෂේප කරන්න තරම් හයියක් මේ පුංචි එකාට කොයින්ද?තමන් සුදුබේබිට ආදරේට කරන දේවල් වැඩකාරකමක් ගාණට දාලා කතා කල එකට වඩා නේත්‍රගෙ හිත රිදුනෙ ඒ දේවල් වලට මිලක් නියම කල එකට.සල්ලි ටික සාක්කුවෙ දාගත්තු නේත්‍ර නහයට ඉනුව හොටු ටිකත් හූරං පිලිකන්න පැත්තෙ තිබ්බ ජල කරාමෙන් මූණත් හෝදගෙනම සුදුබේබිගෙ කාමරේට යන්න පිටත් වුණා.

මේ වෙද්දි ආශව හිටියෙ කදුළු ගලන වියරු තීරණාත්මක ඇස් වලින් තමන් දිහා බලං ඉන්න මිකායෙල්ගෙ මූණ බලාගෙන.හුස්මක් පහල දැම්ම ආශව මිකායෙල් දිහා බලද්දි මිකායෙල් බලාපොරොත්තු සහගතව ආශව දිහා බලාගෙන හිටියා.

"කපාගනින්!"

ආශවගෙ තීරණාත්මක වචනෙත් එක්ක මිකායෙල්ගෙ ඇස් දෙක ලොකු වෙලා යද්දි දත්මිටි කාගත්තු මිකායෙල් පිහිය අතට තියලා තද කරගත්තා.ඒ දේ දැක්ක ආශවගෙ ඇස් ලාවටවත් ගැස්සුනේ නෑ.කට කොණකට හිනාවක් තියාගෙන උන්නු ආශව තියුණු පිහියට අහු වෙලා ලාවට කැපුම් පාරක් ඇති වුණු මිකායෙල්ගෙ අත දිහා බලලා කතා කලා.

"අත නෙවෙයි....පුළුවන්නම් බෙල්ලම කපාගනින් මිකායෙල්! මගෙයි මගෙ පුංචි එකාගෙයි මැද්දට එන්න දත කන උඹ ඔහොම හරි කපාගෙන මැරුණොත් ලොකු දෙයක්......අත නෙවෙයි! බෙල්ලම කපාගනින් පවු නොදී!"

ආශවගෙ අනුකම්පාවක් ගෑවිලාවත් නොතිබ්බ ඇස් දෙක දිහා බැලුව මිකායෙල් තමන්ගෙ වෙවුලන අතින් පිහිය අල්ලන් ආශවට කතා කරන්න හැදුවා.

"ස්....සුදුබේබීඊඊඊඊඊ......"

එකපාරටම කාමරේ දොරත් වහගෙන තමන් ලගට අඩාගෙන දුවං ආව නේත්‍රව දැක්ක ආශවගෙ වියරුවෙන් පිරුණු ඇස් තත්පර ගාණක් ඇතුලත බයකට,කලබලේකට පෙරලෙන හැටි මිකායෙල් දැක්කා.ඒ  කතා කල කටහඩ අහලා හුරු උනත් මිකායෙල් එවෙලෙ උන්නු මානසික මට්‍ටම එක්ක ඒ හඩ නේත්‍රගෙ කියලා අදුනගන්න මිකායෙල්ට පුළුවන් වුණෙ නැහැ.ඒත් එක්කම දුරකතන ඇමතුම විසන්ධි කෙරුව ආශව මිකායෙල් මැරුනදෙන් කියලා හිතාගෙන තමන්ගෙ පපුවට පැන්න පුංචි හා පැංචව තද කරල තුරුල් කරගත්තා.

"මගෙ මැණික ඇයි මේ? ම්ම්ම්.....අප්පච්චි බැන්නද මගෙ රත්තරංට?"

"න්...නෑ...."

"එහෙනම්? ගැ...ගැහුවද!?"

"න්...නෑ....."

"කොහෙ හරි තුවාල උනාද මැණිකෙ?"

"න්...නෑ...."

"ඒ තත්පරේට මගෙ පැංචගෙ හිත රිද්දුවෙ කවුද? ම්ම්ම්?"

"ක්....කවුරුත් නෑ...."

"එහෙනම් මේ අඩන්නෙ? හොද බබාලා අඩන්නෑනෙ....කෝ....අඩන්න එපා නේත්‍ර....නේත්‍ර අඩද්දි මට දරන්න බෑ"

"ස්....සුදුබේබි මගෙ"

"ඔව් ඔයාගෙ තමා මම"

"සු...සුදුබේ....සුදුබේබිගෙ වැඩ වලට....උ...උදව් කරන්නෙ ඒ ආදරේ නිසා...."

"ඔව්....ඒක මම දන්නවා මැණිකෙ"

"ස්...සල්ලි උවමනා නෑ නේත්‍රට....නේත්‍රට සල්ලි එපා....සුදුබේබි විතරයි ඕනි"

"සල්ලි? මොන සල්ලිද නේත්‍ර ම්ම්ම්?"

"මේ සල්ලි"

හුස්ම උඩට ඇද ඇද කදුළු තමන්ගෙ පුංචි අල්ලෙන් පිහගත්තු නේත්‍ර ඇදන් උන්නු කොට කලිසම් සාක්කුවෙන් මහ මුදියන්සෙ දුන්නු දාහෙ කොල දෙක අරං ආශවගෙ අතින් තිබ්බා.මුකුත් හිතාගන්න බැරි උන ආශව නේත්‍රගෙ ඉණ වටේ අත දාලා පුංචි එකාව තව ටිකක් උස්සලා පපුවට තද කරගෙන නේත්‍රගෙන් මේ මොකද්ද කියලා ඉගි කෙරුවා.

"ස්....සුදුබේබිගෙ වැඩ වලට උ...උදව් කර...කරනවට මහ මුදියන්සෙ සල්ලි දුන්නා සුදුබේබි"

"ද්....දෙයියනේ මැණිකෙ....කෝ....අනේ මගෙ අම්මට හුස්ම ගන්න බැරි වෙයි...රත්තරනේ කෝ...කෝ සුදුබේබි දිහා බලන්න"

නේත්‍රව වත්තං කරගත්තු ආශව ආදරණීය හඩකින් නේත්‍රව සනසන්න හැදුවත් නේත්‍ර එක දිගටම ඉකි ගගහා ඇඩුවා.විනාඩි ගාණක් යනකං නේත්‍රව තමන්ගෙ පපුව අස්සෙ හංගගත්තු ආශව නේත්‍රට හිතේ හැටියට අඩන්න දුන්නා.විනාඩි විස්සක් විතර ඇඩුව නේත්‍ර හෙමීට ඉකි ගගහ ආශව දිහා බලද්දි ඇඩිල්ල නිසා රතු ගැහිලා තියෙන නේත්‍රගෙ මූණ බලාගෙන උන්නු ආශවගෙ තද දුඹුරු පාට ඇස්වලත් කදුළු පටලයක් බැදිලා තිබ්බා.නේත්‍රගෙ ඔලුව අතගගාම ආශව තමන්ගෙ උකුල උඩ ඉදන් පපුවට ගුලි ගැහිලා උන්නු නේත්‍රගෙ ඔලුවෙන් තමන්ගෙ කම්මුලක් තද කරං ඉද්දි නේත්‍රත් හෙමීට හෙමීට සන්සුන් වෙන්න ගත්තා.

"මැණික....."

"ස්....සුදුබේබි....මම කලබලයි....සුදුබේබිව බය කලා...නේත්‍ර හැමදාම සුදුබේබිට වද දෙනව"

"නෑ රත්තරනේ....එහෙම නෑ.බය උනා මම ඒක ඇත්ත....ඒ උනාට ඔයා වදයක් නෙවෙයි"

"හ්ම්ම්ම්....."

"ඕනි තරම් හිනා වෙන්න,අඩන්න,කෑ ගහන්න,කියවන්න....මට මගෙ මැණික වදයක් නෙවෙයි.උඹට ඇවිත් ඕනි තරම් අඩන්න මේ පපුවෙ ඉඩ තියෙනවා....ඕනිම වෙලාවක...හැමදාටම"

"මට...දුක හිතුනා සුදුබේබි"

"කෝ ඔහොම ඉන්නකො....ඔය කදුළු පිහන්,හොටු ටිකත් හූරලා කතා කරමුකො අපි.ම්ම්ම්"

නේත්‍රව උස්සලා අරං මේසෙ උඩින් තිබ්බ ආශව තමන්ගෙ නහර පිරුණු ලොකු අත් දෙකෙන් නේත්‍රගෙ රතු ගැහිලා තිබ්බ තෙත කම්මුල් පිහදැම්මා.තොලුත් නොපිටට පෙරලං පුංචි අත් දෙකත් එකට අතුල්ල අතුල්ල මේසෙන් පහලට එල්ලෙන කකුල් දෙක දිහා බලන් ඉන්න නේත්‍රගෙ නිකටින් ඉස්සුව ආශව ඒ බෝල ඇස් එක්ක හිනාවෙන ගමන්ම නේත්‍රගෙ නාහෙ හූරවලා එහෙම්මම නේත්‍රව උස්සන් නානකාමරේට ගියා.නේත්‍රගෙ මූණයි නාහෙයි හේදෙව්ව ආශව නේත්‍ර එක්කම ඇවිත් ඇදෙන් ඇලවෙද්දි නේත්‍ර ආශවගෙ පපුවට ගුලි ගැහුනා.

"අප්පච්චි මොනාද කිව්වෙ නේත්‍ර?"

විනාඩි ගාණක නිහැඩියාවකින් පස්සෙ නේත්‍රගෙ කෙස් අස්සෙන් ඇගිලි යවන ගමන් හිටිය ආශවගෙ ගැඹුරු හඩ එක්ක නේත්‍ර ලොකු හුස්මක් පහල දාලා ආශවට උත්තර දෙන්න ගත්තා.

"සුදුබේබිගෙ වැඩ වලට උදව් කරන එකට මින් පස්සෙ සල්ලි දෙන්නම් කියලා කිව්වෙ සුදුබේබි....මට ඒකට දුක හිතුනා"

"වෙන මුකුත් කිව්වෙ නැද්ද?"

"න්....නෑ සුදුබේබි"

"මට බොරු කියන්නෑ නේද ඔයා? ම්ම්ම්...."

"ම්....මහ මුදියන්සෙ කිව්වා මම සුදුබේබිට හොද සේවකයෙක් කියලා....කාටවත් ණය වෙන්න ආසා නැති නිසා,සල්ලි ගන්න කිව්වා මින් පස්සෙ"

"හ්ම්ම්ම්.....හැමදේම ටික කාලයක් ඉවසමු නේත්‍ර.අප්පච්චි කිව්ව දේවල් වලට මට සමාවෙන්න....සමාවෙන්න නේත්‍ර...ඔයාගෙ හිත නොසෑහෙන්න රිදෙන්න ඇති"

"කමක් නෑ සුදුබේබි....සුදුබේබි මගෙන් සමාව ගන්නෙපා"

"අනික නේත්‍ර කියන්නෙ මට කොයිම වෙලාවකවත් සේවකයෙක් නෙවෙයි....මම හුස්මකින්වත් නේත්‍රව එහෙම පහලට දාලා හිතලා නෑ....සත්තයි නේත්‍ර...ඔයා ඔය අප්පච්චිලා කියන විකාර දේවල්නම් ඔලුවට දාගන්න එපා.තේරුණාද?"

"සුදුබේබි ගැන මම දන්නවා සුදුබේබි....ඒත් මට දුක හිතුනා"

"සමාවෙන්න මැණිකෙ.....මේ හැම කතාවක්ම ඔයා අහගන්නෙ මම නිසානෙ.....ඉවසමු අපි ටික කාලයක්...ම්ම්ම්?"

"සුදුබේබි සමාව ඉල්ලන්නෙපා දෙයියෝ..."

"මේ වෙලාවෙ මට සමාව ඉල්ලනවා ඇර වෙන කරන්න දෙයක් නෑ නේත්‍ර.....මට මම ගැනම පිලිකුලක් එන්නෙ අන්න ඒ හැගීමට.....ඔයා වෙනුවෙන් අප්පච්චි එක්ක මට හැප්පෙන්න බෑ කියන දුර්වල හැගීමට.....තාම මට ඒකට හයියක් නෑ නේත්‍ර....මට පුළුවන් මට්ටමේ උන් එක්ක හැප්පුනාට අප්පච්චි එක්ක හැප්පෙන්න මට තාම බෑ නේත්‍ර.....තවම බෑ"

"ඒකට කමක් නෑ සුදුබේබි....අනික මහ මුදියන්සෙට විරුද්ධ වෙන්න ඔහොම හිතන්න එපා.ඒ සුදුබේබිගෙ අප්පච්චිනෙ"

"අම්මා අප්පා උනත් වැරදි කරනවා කියලා දැනුනම විරුද්ධ විය යුතු තැන් තියෙනවා නේත්‍ර.....අපි එව්වා අනාගතේට භාර දෙමුකො....ඔයාට වගේ හොද හදවතක් මට නෑ"

"සුදුබේබිට හොද හදවතක් තියෙනවා.....මට මෙච්චර ආදරේ දෙන්නෙ ඒකෙන්නෙ"

"ම්ම්ම්....ඔයාට විතරක් හොද වෙන හදවතක් ඒක"

නේත්‍රව පපුවට තුරුල් කරගත්තු ආශව නේත්‍රගෙ පිටට තට්ටු දාන්න ගත්තෙ පුංචි එකාට ටිකක් නිදාගන්න දෙන්න.ආශවගෙ පපුවෙ බොත්තම් නාහෙ ගාව ගාව හුරතල් වුණු නේත්‍ර හෙමීට නැගිට්ටෙ ආශවගෙ කාමරේ අස් කරන්න හිතාගෙන.ඒක ලොකු මැණිකෙ කිව්ව නිසාවත් වෙන දෙයක් නිසාවත් නෙවෙයි,වෙනදා වගේම සුදුබේබිගෙ වැඩ කරන ආදරේ නිසා නේත්‍ර නැගිට්ට බව ආශවටත් තේරුණා.ආශවගෙ ව්‍යාපාර අධ්‍යනය පොත ඔඩොක්කෙන් තිබ්බ නේත්‍ර ඉස්සෙල්ලාම පටන් ගත්තෙ ආශවගෙ පොත් මේසෙ අස් කරන්න.

"සුදුබේබි අපෙ අප්පේ.....මේකෙ නයි පොලොංගුත් රිංගලාද දන්නෑ"

"හි හි"

"හිනා තමා....සුදුබේබි බීඑස් පාඩම් කලාට මොකෝ අකවුන්ටින් පේපර් වගේකුත් හලාගෙන.සුදුබේබි ඔතනට වෙලා පාඩම් කරන්නකො මම මේක අස් කරනකං"

නේත්‍ර හෙමින් සැරේ ආශවගෙ පොත් පත් පිලිවෙලකට තියලා හදන හැටි ආශව හරි ආසාවෙන් බලන් හිටියා.පරවෙලා තිබ්බ ගැටපිච්ච මල් කීපකුත් ඔලුව දෙපැත්තට වන වන හිනා වෙවීම බිමට දැම්ම නේත්‍ර ආශව පාඩම් කර කර ඉද්දි මුළු කාමරේම අස් කරලා දැම්මා.අන්තිමේදි කුණු ටිකත් කුණු කූඩෙට දැම්ම නේත්‍ර නානකාමරෙන් අත් දෙකත් සෝදන් ආශව ලගින් ඉදගත්තා.

"සුදුබේබිගෙ දැන් පිලිවෙල නැති වෙලා....බලන්නකො පරවුනු මලුත් පොත් මේසෙ උඩ"

"පිපිල තියෙද්දිනම් මම ලගට ගත්තෙ පර උනාමත් මම ඒවා ලග තියන් ඉන්න ඕනි නේත්‍ර"

"සුදුබේබි ලියනවා කිව්ව නිසදැස් පොත ඔය වගේ අදහස් වලින් පිරිලා ඇත්තෙ"

"හ්ම්ම්....නේත්‍ර,ඔයා වයසට ගියාමත් ඔය වගේ ලස්සනට ඉදීවි නේද?"

"අනේ සුදුබේබි....කොණ්ඩෙ සුදුවෙලා,හම රැලි වැටිලා තියේවි....මේ වගේම ඉන්නෙ කොහොමද?"

"ම්ම්.....පෙනුමෙන් මොන වෙනසක් උනත් ඔයා මගෙ පුංචි නේත්‍රම තමා... වයසට ගියාමත් ඔයා මට ලස්සනම කෙනා වෙයි"

"ස්....සුදුබේබි"

නේත්‍රව තුරුල් කරගත්තු ආශව නේත්‍රගෙ ඔලුවෙන් සියුම් හාද්දක් තැවරුවා.ආශවයි නේත්‍රයි ජීවිතේ අන්තිම කාලෙ වෙනකංම එකටම ඉන්න හීන මවලා ඉවර කරලා තිබ්බා.අවිනිශ්චිත අනාගතයක් ගැන හීන මහා ගොඩක් මවං හිටියා.සමහර හීන තියෙනවා...කවදමහරි ඉෂ්ට වෙන්නම ඕනි.

...................................................................................................

"කවදා වගේ ඉන්ටවීව් කරන්නද රකිත අයියෙ මීඩියා එකෙන් ටීම් එකේ අයව?"

"නේත්‍ර මල්ලි හිතුවෙ කොහොමද?"

"බිග්මැච් වලට සතියකට විතර කලින් ඉන්ටවීව් කරන්න කියලා හිතුවෙ....එඩිටින් වැඩයි අනන් මනන් ඉවර කරලා බිග් මැච් ඩේ එකට දවස් තුනකට කලින් ස්කූල් පේජ් එකට අප්ලෝඩ් කරන්නද අයියෙ?"

"එහෙම හොදයි නේත්‍ර මල්ලි....ආශවගෙනුයි දෙවින්ගෙනුයි ටිකක් දිග වීඩියෝ එකක් ගන්න....විනාඩි තුනක වගේ එකක්.ටීම් මෙම්බර්ස්ලගෙන් විනාඩියක වගේ කාලෙක වීඩියෝ එකක් ගත්තම ඇති"

"හරි රකිත අයියෙ.මට ඩ්‍රෝන් කැමරාස් ටික ගන්න පර්මිෂන් ඕනි.....මීඩියා යුනිට් එකේ ෆොටෝස් ගන්න ටීම් එකත් එදාට දාන්න පුළුවන් අපිට...හැබැයි ෆොටෝග්‍රැෆි සොසයිටි එකේ අයගෙන් කීප දෙනෙකුත් අපිට ගන්න තිබ්බනම් හොදයි....මම ඒ දෙකටම පර්මිෂන් ඉල්ලලා ලෙටර්ස් දෙකක් ගැහුවා...රකිත අයියට පුලුවන්ද සයින් කරලා දෙන්න"

"අම්මේ නේත්‍ර මල්ලි"

"ඇ....ඇයි රකිත අයියෙ"

"මම එක්ක කතා කරන්න ගත්තත් හරි,මේ අවුරුදු ගාණටම ඔයා එක දිගට මෙච්චර කතා කලේ අදමයි මාත් එක්ක.ආශව එක්ක කියවනවා කියලා ආශව කිව්වට මම පිලිගත්තෙම නෑ මේකාට කියවන්න පුළුවන් කියලා"

රකිත කියද්දි නේත්‍ර මූණත් බිමට බර කරං හිනා වෙද්දි රකිත නේත්‍රගෙ කොණ්ඩෙ ඇවිස්සුවා.රකිත ප්‍රධාන ශිෂ්‍යනායකයා නිසා රකිතට වෙනමම නිල කුටියක් පාසලෙන් වෙන් කරලා තිබ්බා.රකිතගෙ අවසරේ තිබ්බ අයට කෙලින්ම ඇවිත් රකිතව හම්බවෙන්න පුළුවන්කම තියෙද්දි වෙන අයට උනේ සීනියර් බෝඩ් එකේ කෙනෙක් මාර්ගයෙන් රකිතව හම්බවෙන්න.නේත්‍රලාට ඒ ප්‍රශ්න නොතිබ්බෙ රකිතව කාලෙක ඉදලා දන්න කමටත් වඩා,දිවාෂ නේත්‍ර දෙන්නව ඒ දෙන්නා නොදැනම රකිතලා යම් දේකට ඉලක්ක කරගෙන ඉන්න නිසා.

"ආශවගෙ පාඩම් වැඩ එහෙම මොකද මල්ලි? ඌ කරගෙන යනවද?"

"ඔව් රකිත අයියෙ....සුදුබේබි හුගාක් මහන්සි වෙනවා...මට හරි බයයි එයා ලෙඩ වෙයි කියල"

"එහෙම වෙන එකක් නෑ....ඔයා පොඩ්ඩක් ඇහැ ගහන් ඉන්නකො ඌට.මොකක් හරි උවමනාවක් තියේනම් අපිට කියන්න හොදද?"

"හා අයියෙ"

"අඥේ රකිත පැටියෝඕඕඕඕඕඕ"

නේත්‍රගෙ ලියුම් දෙක කියවල අත්සන් කරන අස්සෙ කාමරේ දොර ඇරිලා ඇතුලට කඩාවැදුනු දිවාෂ කුටියෙ කොණක තිබ්බ සෝෆාව උඩට ඇදන් වැටුණා.හොදම යාලුවො දෙන්නා උනාට ටිකකට කලින් දොරට තට්ටු කරලා තමන්ගෙන් අවසර අරං කුටියට ඇතුල් වුණු නේත්‍රයි,දැන් මේ මෙලෝ කමකට නැතුව කුටියට කඩා වැදුණු දිවාෂයි අතරෙ මොන තරම්නම් වෙනසක් තියෙනවද කියලා රකිත කල්පනා කලා.ඒත් එක්කම රකිතගෙ ඉස්සරහින් දිවාෂ අතෑරියෙ ෆයිල් එකක්.

"මොකද්ද දිවාෂ මල්ලි මේ?"

"වැඩ ටික හරි.....ඔක්කොම ප්ලෑන් කලා.ඇජෙන්ඩා එකේ ඉදන් තියේ.චීෆ් ගෙස්ට්ටයි,අනික් ගෙස්ට්ස්ලටයි නේත්‍රලා හදලා එව්ව ඉන්විටේෂන් එක යැව්ව නේද රකිත අයියෙ?"

"ආ ඔව්.....ඒක හරි.මම අද උදේ යැව්වා ඒ ටික"

"හා එහෙනම්....ටිකට්ස් වැඩෙත් ඕකේ....ඔන්ලයින් බුක් කරන්නයි,මැච් එක දවසට එන්ට්‍රන්ස් එකෙන් ගන්නයි පුළුවන්.....ඔව්වා දාන්න මොකද ගර්ල්ස් ඒවා කිට්‍ටුවට යන්න බෑනෙ අනේ"

"බැරි මොකෝ?"

"බෑ....ගර්ස්ල් ඒවගෙ කෙල්ලො මාව දැක්කම අනේ දිවාෂ පැටියෝ.....කියලා මාව කන්න හදනවා.ඒකයි මම වැඩියෙ ඔය කාන්තාවො අතරට නොයන්නෙ"

රකිත හිනාවෙලා දිවාෂගෙ ඔලුවට පාරක් දුන්නා.දිවාෂ ගෙනාව ෆයිල් එක පෙරලලා බලපු රකිත ඒකෙ හැදෙන්න ඕනි තැන් ගැන දිවාෂයි නේත්‍රයි දෙන්නා එක්කම කතා කරද්දි දෙන්නත් එක්ක ඔලුව වන වන ඒවා සටහන් කරගන්න ගමන් අහන් හිටියා.

"එතකොට හයදාස් පන්සීය,හත්දාහ,හත්දාස් පන්සීය නේද ටිකට්ස් වල ගණන්? VIP කොහොමද ගණන් දාන්න යන්නෙ?"

"ඕ ඕ....ගියපාරට වඩා ටිකක් වැඩියි ඉතින්.මේ පාර වියදමුත් තියෙනවනෙ ඒ ගාණටම... VIP නම් දාසයක්.....අන්ලිමිටඩ් ඇල්කොහොල් හෑව්නෙ ඒකෙ...."

"ඔව්....බජට් එක දෙන්න.මම ඇපෲ කලාට පස්සෙ ටිකට්ස් ටික එලියට දාන වැඩෙත් බලන්න දිවාෂ මල්ලි එහෙනම්....අපි හෙට අනිද්දා දිහාවටම දාමු.ගන්න අය ගන්නෙ නැතෑ එතකොට"

"හා රකිත අයියෙ එහෙම කරන්නම්....අර කොඩි වැඩේ?"

"ආ.....අපේ ස්කූල් ෆ්ලැග්ස් ගහන තැන දන්නවනෙ....කාර්තික්ගෙන් ලිස්ට් එක අරගෙන ඒකට ඕනි කරන ඕඩර් එක දාන්න කියන්න.කාර්තික්ට කියන්න පර්මිෂන් ලෙටර් එක ගේන්න කියලා මට ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එක එක්ක.ඔයාලා දෙන්නත් පොඩ්ඩක් එදාට ලමයි ටිකව කෝඩිනේට් කරන වැඩේ බලන්න"

"හා අයියෙ....ග්‍රේඩ් ෆයිව් වල ඉදන් කට්ටියට ෆ්ලැග්ස් දෙන්න බැලුවෙ....නැත්තං ඊට පොඩි උන් ඔව්වා වට්ටන් වෙන නැටිල්ලක් නටයි....අර පුළුං සිංහයා ඉන්නවනේ?"

"ඔව් ඔව්....ආශව ඒක උස්සන් යන්න ඕනිනෙ"

"අප්පෝ නේත්‍රව උස්සන ආශවට ඔය පුළුං සිංහයා ගේමක් නෙවේ අනේ"

"ද්....දිවාෂ!"

"ඉට්ස් ඕකේ නේත්‍ර මල්ලි....ඔව්ව ඔය දෙන්නා අතර නොවුනොත් තමා පුදුමෙ....එතකොට නේත්‍ර මල්ලි ඔයා එදා උදේ ඒක වීඩියෝ කරන වැඩ ටික කරලා බිග්මැච් එක පටන් ගන්න කලින් අප්ලෝඩ් කරන්නත් ඕනි.පැයක එකහමාරක වගේ ටයිම් එකක් තියෙනවා ඔයාට ඒ වැඩේට"

"මම ඒක කරන්නම් රකිත අයියෙ....අපේ ටීම් එකේ ඉන්නවා හොදට ඔව්වා පුළුවන් අය"

"එහෙනම් ඕකේ....දිවාෂ මල්ලි,ටීම් එක යවන්න ඕනිනෙ අර ලොකු ෆ්ලැග් එක යටින්....ඒකට ස්කූල් ඔෆිසර් නොමිනීස්ලව දාන්න.ෆ්ලැග් එක අල්ලන් ඉන්න වැඩේට.ඒ ටික සිල්වා අංකල්ගෙන් ඉල්ලන් පොඩ්ඩක් චෙක් කරලා බලන්න.ක්ලීන් කරන්න ඕනි ඇති.ඒ ටික ලොන්ඩ්‍රි යවන්න.ඩැමේජ් මොනාහරි තියේනම් අපිට අලුත් එකක් ගන්න ඕනිනෙ"

"ඒක චෙක් කලා රකිත අයියෙ....මුකුත් ඩැමේජස්නම් නෑ.දවස් තුනකට කලින් ක්ලීන් කරන්න යැව්වනම් හරිනෙ?"

"ඔව්....එහෙම හොදයි.නේත්‍ර අනවුන්සින්ග් කරනවනෙ?"

"ම්....ම...මම"

නේත්‍ර මේසෙ දිහා බලන් ගොත ගහන හැටි දැක්ක රකිතගෙ මූණ එහෙම්මම හැරවුණේ දිවාෂගෙ පැත්තට.බිග්මැච් එකේ අන්තිම දවසෙ නිවෙදන කටයුතු වලට නේත්‍ර හුගක් සුදුසුයි කියලා මාධ්‍ය ඒකකය භාර ගුරුවරයම නිර්දේශ කරද්දි නේත්‍රගෙ මේ හැසිරීම රකිතට ගෙනාවෙ ලොකු කුහුලක්.කොහොමත් තරගාවලිය අතරතුර නිවේදන කටයුතු කරන්න වෙනමම ක්‍රීඩා තරග නිවේදකයො දෙන්නෙක් එන නිසා නේත්‍රට උත්සව සභාවෙ මුල හා අග වැඩ කටයුතු ටික විතරක් නිවේදනය කරන්න තියෙන නිසා ආශවගෙ තරගෙ බලන්න නේත්‍රට බාධාවක් තිබ්බෙත් නෑ.

"ඇයි නේත්‍ර මල්ලි? ඔයාට මැච් එක බලන්න පුලුවන්නෙ.මුල ටිකයි අන්තිමයි විතරනෙ අනවුන්ස් කරන්න තියෙන්නෙ?"

"මෙයා බයයි රකිත අයියෙ.....ආශව අයියලාගෙ අප්පච්චි එදාට ගෙස්ට් කෙනෙක් විදියට එන නිසා"

"ඔ...ඕහ්....ඒකද මේ? නේත්‍ර මල්ලි.."

"රකිත අයියෙ?"

"ආශව බය නැතුව අප්පච්චිට ඉන්වයිට් කරන්න කිව්වෙ අප්පච්චි ඒ දවස් ටිකේ ලංකාවෙ නැති නිසා.....එයාට බිස්නස් ට්‍රිප් එකක් තියෙනවලු"

"ඇ..ඇත්තමද?"

"නැත්තං ඔයා හිතනවද ඔයාව අපහසුතාවෙට පත්වෙන දෙයක් කරන්න ආශව ඉඩක් දෙයි කියලා? සාගර අන්කල් නෑලු ඒ දවස් ටික අතරෙ.ඒ නිසා බයවෙන්න එපා"

"හරි රකිත අයියෙ....මම ඒ අනවුන්සින් ටික හදාගන්නම්"

"ඔව්,ඒක හොදයි.ඔයා බ්ලෙසර් එකක් ගන්න එදාට නේත්‍ර මල්ලි.ඒක මම කරල දෙන්නම් ඔයාට....කලින් දවසෙ මට මතක් කරන්නකො"

"හා අයියෙ"

"දිවාෂ මල්ලි,මොනාහරි තව අහගන්න තියේද?"

"නෑ අයියෙ හරි....මම මොනාහරි තියේනම් ඔයාගෙන් අහන්නම්කො"

"හා....ඉන්දීපත් ඉන්නවනෙ.එයාවත් උදව්වට ගන්න"

රකිතගෙන් සමුගත්තු නේත්‍රයි දිවාෂයි දෙන්නා එහෙම්මම ගියේ ශිෂ්‍යනායක කුටියට.මේ ටිකේම දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් පන්තිය ඇතුලෙ වැඩි කාලයක් රැදෙන්න බැරි උනා.දෙන්නා එක්ක ශිෂ්‍යනායක කාමරේට යද්දිනුත් ශෙනාලුයි කාර්තිකුයි තව නාමික ශිෂ්‍යනායකයො දෙන්නෙකුයි වටමේස සාකච්ඡාවක නිරත වෙල හිටියා.නේත්‍රවයි දිවාෂවයි දැක්ක කට්ටිය සුහදව හිනා වෙද්දි දිවාෂ නේත්‍ර දෙන්නත් ගිහින් එතනින් ඉදගත්තා.

"නේත්‍ර,මටනෙ රිෆ්‍රෙෂ්මන්ට්ස් තියෙන්නෙ.....මට හරියටම බලාගන්න ඕනි කෑම ඕනි විදිය.ඒක කරගන්නෙ කොහොමද? මට තේරෙන්නෑ ඒකයි"

"ආ....මෙහෙමයි....අපිට සාමාන්‍යෙන් කේක් කිලෝ එකකින් කෑලි විසිපහක් වගේ කපාගන්න පුළුවන්....ශෙනාල් තව මොනාද එදාට......."

නේත්‍ර ශෙනාල් එක්ක කතාව පටන් ගනිද්දි කාර්තික් තමන්ගෙ පුටුව ඇදන් ආවෙ දිවාෂ ලගට.මොකද දිවාෂගෙයි කාර්තික්ගෙයි කමිටු වල වැඩ සෑහෙන්න එක ලග ගිය ඒවා උනා.

"ඩිවාෂ....මම ග්‍රේඩ් ෆයිව් වල ඉදලා ලමයිව එසෙම්බ්ලි එකට ගේන්න ඉතුවෙ....මම ඩිවාෂට කිව්වා නේද? ශරි....පොඩි බබාලාව දාන් ඔව්වා කරන්ඩ බෑනෙ යප්පා"

"ඔව් ඔව් බෑ තමා....මම රකිත අයියට කිව්ව ඒ ගැන.එයත් ඕකේ"

"ශරි.....මේ....යෙදින ඩොරටුවෙන් ගන්ඩ බෑද යප්පා ටිකට්ශ්?"

"පුළුවන් පුළුවන්.....ඒකටත් කට්ටියක්ව දාන්න වෙනවා... ඒක රකිත අයියට කියන්න ඕනි"

"ශරි ශරි....මටත් වැඩේ දෙන්න තීන්නෙ බිග්මැච් ඩේ ෆස්ට් එකේදිනෙ....ඒ ටික ශෙට් කරලා,ඕගනයිස් කරලා මම ඒ ඩේ එක වෙනකං ඔයාටයි නේත්‍රටයි ශපෝට් කරන්නද ඩිවාෂ?"

"ආ ඕකේ.....ඔයත් සපෝට් කරන්න එන එක ලොකු දෙයක් කාර්තික්"

පැයගාණක් කාලෙ යනවා කාටවත්ම දැනුනෙ නෑ.විවේක කාලෙ ආරම්භ වෙන සීනුව නාද වෙනවත් එක්කම දිවාෂයි නේත්‍රයි දෙන්නා ශිෂ්‍යනායක කුටියෙන් පිටත් වුණේ නාගස් ගොල්ල ලග හදලා තියෙන බංකුවෙ ඉදගන්න.හැමදාම තෙවිනුයි ආර්යයි හතර දෙනාගෙ බත් මුල් හතර අරං එතනට එන බව නේත්‍රලා දැනන් හිටියා.පුරුදු විදියටම ඇවිත් බත් මුල් ටික දිගෑරගත්තු හතර දෙනා බත් කන්න ගනිද්දි තෙවින් හෙමින් සැරේ නේත්‍ර දිහා බැලුවා.

"නේත්‍ර මල්ලි"

"ඕ තෙවින් අයියෙ"

"ඔයා අර කිව්ව වැඩේ හරි....හෙට ගිහින් ඒක ගන්න පුළුවන්"

"ආ ඒක හරිලුද? අනේ තැන්කිව් තෙවින් අයියෙ"

"චූචියා ඒක දෙනවද දැන්මම ආසවයට?"

"ඔව්නෙ....බිග්මැච් එකට කලින් ඒක සුදුබේබිට දෙන්න ඕනි මට"

"හා එහෙනම්....අද හවස ගිහින් ගමුද අපි?"

"හා දිවාෂ....අරං එමු ගිහින්.සුදුබේබිට ප්‍රැක්ටිස්නෙ කොහොමත්"

හැබැයි නේත්‍ර දැනන් හිටියෙ නෑ අද ඒ යන්න උන්නු ගමන නේත්‍රට යන්න වෙන්නෙ නැති වග.නේත්‍ර හරිම අඩුවෙන් දකින වගේම නේත්‍ර දකින්න එච්චර ආසා නැති,එලියට එන්න නොදී නේත්‍ර පාලනේ කරන්න උත්සාහ කරන ආශවගෙ ස්වරූපයක් අද එලියට එන්න නියමිත වෙලා තිබ්බා.

හවස පාසල අවසන් වෙන්න කිට්ටුව නේත්‍ර ක්‍රීඩා කාමරේට දුවං ගියේ ආශව ඉස්කෝලෙට ආවා කියලා නේත්‍රට පණිවිඩේ කියං දෙනෙත්ව හොයං දිව්ව දෙවින්ගෙ පණිවිඩේ හින්දා.නේත්‍රගෙ පන්තියට මෙවෙලෙ එන්න බැරි නිසා ආශව නේත්‍රලාට උගන්නන්නෙ නැත්තං ක්‍රීඩා කාමරේට එන්න කියලා නේත්‍රට පණිවිඩේ එවලා තිබ්බා.

ක්‍රීඩා කාමරේට වෙලා නේත්‍ර එනකං බලන් උන්නු ආශව තමන්ගෙ ඔලුව මේසෙ උඩ තියාගත්තෙ දවල් ඉදන් තිබ්බ දරන්න බැරි ඔලුවෙ අමාරුවක් නිසා.නේත්‍රට එන්න කියලා කිව්වෙත් ඔලුව ටිකක් නිදහස් කරගන්න.නේත්‍රගෙ එක වචනෙකින්,හිනාවකින් තමන්ගෙ පීඩන නැති වෙනවා කියලා ආශව දැනන් හිටියා.මේ පීඩනේ එක්ක හවස පුහුණුවීම් වල හිටියත් තේරුමක් නැති නිසා ආශවට නේත්‍රව හම්බවෙන්න ඕනිම උනා.

"ආශව අයියා!"

මේසෙට ඔලුව තියං උන්නු ආශව තමන්ගෙ ඔලුව උස්සලා බැලුවෙ දොර දිහායින් ඇහුනු සද්දෙට.ඒත් එක්කම ආශව දත්මිටි කාගෙන අහක බැලුවෙ කුටියට ඇතුල් වෙන්නෙ මිකායෙල් උනු නිසා.තියෙන පීඩන එක්ක මිකායෙල්ගෙ වදෙත් ආශවට දරන්න සෑහෙන්නම අමාරු එකක් වුණා.අමාරුවෙන් කේන්තිය පාලනේ කරගත්තු ආශව ලාවට රතු වුණ ඇස් දෙකෙන් මිකායෙල් දිහා බලන් හිටියා.

"මිකායෙල්! දොර ඇරලා තියෙන්නෙ....උඹට පුළුවන් මගෙන් මැරුම් නොකා මෙතනින් යන්න"

"ආ....ආශව අයියා ප්ලීස්...මේ බලන්න ටිකක් මාව"

ආශව ලගට ආව මිකායෙල් තමන්ගෙ අත ඉස්සරහට දික් කරලා ආශවට පෙන්නුවා.මිකායෙල්ගෙ දකුණු අත සම්පූර්ණයෙන්ම වෙළුම් පටි වලින් ඔතලා දාලා තිබ්බා.කට කොණකට හිනාවක් ගත්තු ආශව තමන්ගෙ ඇහිබැම උස්සලා මිකායෙල් දිහා බලද්දි ඇස් වල කදුළු පුරවගත්තු මිකායෙල් වෙළුම් පටි ලෙහලා දාලා අත ආශවගෙ ඇස් ඉස්සරහට ගෙනාවා.

"ඕහ්! ගොඩක් කපාගෙනනෙ නේද? මැරුනෙ නැද්ද ඒ උනාට?"

"ඔහොම කතා කරන්න එපා ආශව අයියා මට...."

ආශවගෙ හිතන්නවත් කාලයක් නොදුන්න මිකායෙල් ආශව ඔලුව තියං උන්නු ලී මේසෙන් ඉදගෙන ආශවගෙ මූණට ලං වුණා.

"මාව එපාම එපාමද ආශව අයියා....ම්ම්ම්....සී,ඔයා වෙනුවෙන් මෙහෙම කරන්න පුළුවන් උනානම් මට තව මොනාද ඔයා වෙනුවෙන් කරන්න බැරි"

ආශවගෙ ඔලුව ඇතුලට මිටියකින් ගහනවා වගේ ලොකු පීඩනයක් දැනෙන්න ගත්තා.මිකායෙල් ලගින් හමන මිල අධික සුවද ආශවට ගෙනාවෙ ඔක්කාරයක්.දවස් ගාණක් තිස්සෙ මහන්සි වෙලා දැඩි පීඩනේකින් හිටිය ආශවට දැන් මිකායෙල් දෙන වදේ ඉවසගන්නම බැරි උනා.

"උඹට මොනාද ඕනි? බල්ලෙක් වගෙ ලගින්න හදන්නෙ ඇයි මම ලග?"

"බල්ලෙක් වෙලා හරි ඉන්න දෙනවනම් ඉන්න දෙන්නම් ආශව අයියා....බලන්න....මම ලස්සන නැද්ද?මම ලග සුවද නැද්ද?"

මිකායෙල් ආශව ලගටම ලං වෙලා අහද්දි ආශව පිලිකුල් සහගත බැල්මක් එක්ක අහක බලාගත්තා.මෙතන ඉන්නෙ මිකායෙල් නෙවෙයිනම්,මේ ඉන්න නේත්‍රනම්,මේ විදියට හැසිරෙන්න නේත්‍රනම්,මේ හමන්නෙ ගැටපිච්ච සුවදනම් ආශව මේ වෙද්දි හැම ඉවසීමක්ම අහකට දාලා නේත්‍රව ලගට ඇදලා අරං ඉවරයි කියලා ආශව දැනන් හිටියා.ඒත් මේ ඉන්නෙ මිකායෙල්.නේත්‍ර ලගදි දැනෙන හැගීම් වලින් අංශු මාත්‍රයක්වත් ආශවට මිකායෙල් ගැන දැනුනෙ නැහැ.

"වද නොදී පලයං මල්ලි! උඹලා වගේ උන් ඉස්කෝලෙටම පිළල"

"මම දන්නවා ඔයාව ගන්න හැටි ආශව අයියා!!!"

ආශවගෙ ඉස්සරහ ඉදගෙන හිටිය මිකායෙල් තත්පර ගාණකින් තමන්ගෙ පාසල් කමිසෙ ගලවලා ඒක දෙපැත්තට කරද්දි මිකායෙල්ගෙ සුදුපාට පපුව ආශවගෙ ඇස් ඉස්සරහ නිරාවරණය වුණා.එහෙම්මම ආශව ලගට පාත් වුණු මිකායෙල් රාගය අවුස්සන කතා ආශවගෙ කන ලගට කර කර මුමුණ මුමුණ බැලුවෙම ආශවගෙ කකුල් දෙක මැද්ද.තවමත් මිකායෙල්ට ඕනි දේ එතන සිද්ධ වෙලා තිබ්බෙ නෑ.ඒ නිසා මිකායෙල් තව තවත් ආශවට රාගී දෙබස් කියන ගමන් තමන්ගෙ නිරුවත් පපුව පුරා ඇගිලි අරං යන්න ගත්තා.

ආශව හිටියෙ කේන්තියෙ අන්තිම කට්ටෙ.මිකායෙල්ගෙ හැසිරීම ආශවට කිසිම ආසාවක් ගෙනත් දුන්නෙ නෑ.තනිකරම ආශවගෙ හිත පිරිලා තිබ්බෙ පිළිකුලකින් විතරයි.ආශවට මතක් උනේම හාද්දකටත් වෙවුලන තමන්ගෙ පුංචි එකාව.ඇදුමුත් ඇදන් රෑ දෙගොඩහරිජාම වලත් තමන්ව තුරුල් කරං නිදන් ඉන්න නේත්‍ර වෙනුවෙන් සමහර වෙලාවට ඉපදෙන ශෘංගාරාත්මක හැගීම් අද මෙතන උඩුකය නිරුවතින් දගලන මිකායෙල් ගැන ආශවගෙ හිතේ ඇති වුණේම නෑ.ආශවට දැනුනෙ වමනෙ දාන්න තරම් පිලිකුලක්.ඒ තරම් මිකායෙල්ගෙ හැසිරීම ආශවට අප්‍රියජනක හැගීමක් ඉපැද්දුවා.

"ආහ්හ්හ්!!! ආශව අයියා"

එකපාරටම පුටුව පස්සට දාලා නැගිට්ට ආශව මිකායෙල්ගෙ අතකින් අල්ලගනිද්දි මිකායෙල්ගෙ රාගයෙන් පිරුණු ඇස් දිලිසෙන්න ගත්තෙ තමන්ට ඕනි දේ සිද්ධ වුණා කියන සතුටුදායක හැගීමෙන්.ඒත් එක්කම මේසෙ තිබ්බ පෑන් පැන්සල් රදවනයෙ තිබ්බෙ පේපර් කටරය අතට ගත්තු ආශව මිකායෙල් දිහා බලද්දි මිකායෙල්ගෙ කකුල් පණ නැති වෙන්න ගත්තා.ආශවගෙ ඇස් බලන්න බැරි තරමෙ වියරුවකට හැරිලා තිබ්බා.

"අද මම තෝව මරනවා! සක්කිලියා"

පේපර් කටරය උරුක් කරගත්තු ආශව ඒක මිකායෙල්ගෙ අතට තියලා තද කරන්න හදද්දි මිකායෙල් එහෙට මෙහෙට දැගලුවෙ ආශවගෙ ග්‍රහණයෙන් ගැලවෙන්න.තත්‍පර ගාණකට කලින් ආශවගෙ මේ වගේ තද ග්‍රහණයක් ලබාගන්න පෙරුම් පිරුව මිකායෙල් දැන් ආශවගෙ ගැලවෙන්න දගලන ගමන් හිටියා.

"මට යන්න දෙන්න....ආශව අයියෙ! ඔයා පිස්සෙක් වගේ හැසිරෙන්න එපා"

"උබට යන්න දුන්නොත් උඹ මටයි මගෙ පොඩි එකාටයි ඉන්න දෙන්නෑ!!! යකෝ මට සැනසීම තියෙන්නෙ ඌ ලග විතරයි! ඒක නැති කරන්න හදන්න එපා! මම උබව..."

"සුදුබේබි!"

ක්‍රීඩා කාමරේ දොරකඩ හිටිය නේත්‍රගෙ ඇස් දෙක ලොකු වෙලා ගියේ ආශව පේපර් කටරයක් තියාගෙන කපන්න යන මිකායෙල්ව දැක්කම.කමිසෙ බොත්තනුත් ඇරං ඉන්න මිකායෙල් ආශවව පීඩනේට පත්කරලා තියෙන්නෙ කියලා තේරුණු නේත්‍ර කෑ ගහගෙනම දුවං ඇවිත් මිකායෙල්ව ආශවගෙන් අහකට ඇදලා තල්ලු කරලා දැම්මා.නේත්‍රගෙ ආවේගෙට මිකායෙල් පැත්තකට විසික් වෙද්දි ආශව පේපර් කටරය අතේ තියංම මිකායෙල් වැටුණු දිහාවට පනින්න හැදුවත් ආශව නතර වුණේ නේත්‍රගෙ බාධාකිරීම නිසා.

මිකායෙල්ට සාමාන්‍ය ලාලිත්‍යාත්මක ගති පැවතුම් තිබ්බත් නේත්‍රට එහෙම දේවල් තිබ්බෙම නෑ.ඒ නිසාම නේත්‍රගෙ ශක්තිය එක්ක මිකායෙල්ට හැරෙන්නවත් බැරි වෙද්දි මිකායෙල් තමන්ගෙ කමිසෙ බොත්තම් දාගන්න ගත්තෙ කලබලෙන්.

"නේත්‍ර! මාව අතාරින්න! මම අර පර බල්ලව මරනවා!"

"සුදුබේබි....සුදුබේබි එපා...ඕක මට දෙන්න සුදුබේබි"

"නේත්‍ර මාව...."

"ආහ්!!!"

"නේත්‍ර!"

ආශවගෙ අතේ තියෙන පේපර්කටරය ගන්න උත්සාහ කල නේත්‍රගෙ දබරැගිල්ල ඒකට අහු වෙලා ලාවට කැපිලා යද්දි නේත්‍රගෙ කෙදිරිල්ලක් පිට වුනේ නේත්‍රගෙ හමේ තිබ්බ සිනිදුකම නිසා.ඒත් එක්කම පේපර්කටරය අතෑරිය ආශවගෙ වියරුවෙන් පිරිලා තිබ්බ ඇස් බයෙන් වේදනාවෙන් පිරෙද්දි මිකායෙල් එලියට පැනගත්තා.ආශවව තද කරලා තුරුල් කරගත්ත නේත්‍ර විනාඩි ගාණකින් ආශවව තමන්ගෙන් ඈත් කලෙ තමන්ගෙ උරහිස තෙත් වෙනවා දැනුනු නිසා.

"ස්...සුදුබේබි දෙයියනේ ඇයි මේ?"

"න්...නේත්‍රව තුවාල කලා මම"

"ඒක හීරීමක් විතරයි සුදුබේබි....රිදෙන්නෑ"

ආශවගෙ ඇහෙන් කදුළක් ගලාගෙන යද්දි ආශවව එතන පුටුවෙන් ඉන්දෙව්ව නේත්‍ර තමන්ගෙ ඇගිල්ල ආශවගෙ ඇස් ඉස්සරහට ගෙනාවා.යාන්තම් හීරීමක් වගේ වෙලා ලේ බින්දු දෙක තුනක් ඇවිත් තිබ්බ නේත්‍රගෙ ඇගිල්ල එහෙම්මම කටේ දාගත්තු ආශව ඒක උරලා දැම්මෙ ලේ නවත්තන්න හිතාගෙන.විනාඩි ගාණක් ඇතුලත ආශව සන්සුන් වෙද්දි ආශව ලග හිටන් උන්නු නේත්‍ර ආශවගෙ ඔලුව අතගෑවා.

"මම....මම මුකුත් කලේ නෑ නේත්‍ර...ඌ ඌ තමා"

"ශ්....මම දන්නවා මගෙ සුදුබේබි....මගෙ සුදුබේබිව මට විශ්වාසයි"

"මට සමාවෙන්න මැණිකෙ....මම ඔයාට රිද්දුවා"

"ඒක සුදුබේබි හිතලා කල දෙයක් නෙවේනෙ සුදුබේබි.අනික ඒක පුංචි හීරීමක්...ම්ම්....හැබැයි කලින් කරන්න හැදුව දේ....ඇයි එහෙම කරන්න ගියේ සුදුබේබි මිකායෙල්ට?"

"ඌ මාව සෙඩියුස් කරගන්න දැගලුවා....මට අප්පිරියයි නේත්‍ර එක එක උන් එහෙම හැසිරෙද්දි"

"ඊට පස්සෙ?"

"මට කේන්ති ගියා....මගෙ ඇස් වලින් එහෙම මම දකින්න ඕනි නේත්‍රව විතරයි....තත්පර ගානකට හරි ඌ මගෙ ඇස් වලට ඒ පෙන්නුව දේ එක්ක මට කේන්ති ගියා..ඒ නිසා මම....මම..."

"සුදුබේබි මේ පේපර් කටර් එක අරං මිකායෙල්ව බය කරන්න හැදුවා?"

"නෑ...."

"එහෙනම්?"

"ඌව මරන්න හැදුවා!"

"සුදුබේබි! සුදුබේබි මොනාද මගෙ රත්තරනේ මේ කියන්නෙ? සුදුබේබි ලස්සන කුමාරයෙක්....සුදුබේබි කොහොමද මිනිහෙක් මරන්නෙ?"

"............"

"ඔය කේන්තිය පාලනේ කරගන්න මගෙ රත්තරං සුදුබේබි.....ඕකෙන් හානියක් වෙන්නෙ සුදුබේබිටමයි.... සුදුබේබිට හානියක් උනොත් නේත්‍රත් මැරෙයි"

"මම පාලනේ කරගන්නම් නේත්‍ර....මගෙ...මගෙ ඔලුව ටිකක් අතගානවද නේත්‍ර? අපි මේ ගැන පස්සෙ කතා කරමු....මට නේත්‍ර ඕනි....මට සැනසීම ඕනි"

"හා....සුදුබේබි ඔහොම ඉදගන්නකො"

පාසල අවසන් වෙන සීනුව නාද වෙනවා ඇහුනත් නේත්‍ර ආශවගෙ ඔලුව අතගාන්න ගත්තා.ආශවගෙ හීන් ගෙරවිලි එක්ක නේත්‍රට දැනුනෙම ආශව කෙටි නින්දකට වැටුණු වග.ආශවගෙ ඔලුව එහෙම්මම මේසෙ උඩින් තිබ්බ නේත්‍ර ක්‍රීඩා කාමරෙන් එලියට ආවෙ දෙවින්ව හොයාගෙන යන්න හිතාගෙන.මොකද ආශවගෙ ඔලුවෙ කැක්කුමත් එක්ක ආශවව පුහුණුවීම් වල තියන්න නේත්‍රට පුළුවන්කමක් තිබ්බෙ නෑ.නේත්‍ර එලියට අඩිය තියෙනවත් එක්කම දෙනෙත් එක්ක දෙවින් එතනට දුවං ආවා.

"ආ මේ ඉන්නෙ....කෝ අරූ? පරක්කු නිසා මම ආවෙ බලන්න"

"දෙවින් අයියෙ....අනේ සුදුබේබිට සනීප නෑ....අදට එයාට ප්‍රැක්ටිස් ඉන්න වෙන්නෑ කියලා කෝච්ට කියනවද? ප්...ප්ලීස්"

"මොකෝ උනේ ආශවට?"

දෙවින් කලබල වෙලා ඇතුලට යද්දි නේත්‍රගෙ අතින් අල්ලගත්තු දෙනෙතුත් ඒ පිටිපස්සෙන් ගියා.මේසෙට ඔලුව ගහන් නිදන් උන්නු ආශවව දැක්කම දෙවින් කලබල උනත් නේත්‍රගෙ සන්සුන් බව එක්ක දෙවින් පාලනය වුනා.මොකද ආශවට ලොකු දෙයක් වෙලානම් නේත්‍ර ඔය වගේ ඉන්නා කියන එක දෙවින් දැනන් හිටියා.

"ඔලුවෙ කැක්කුමක් දෙවින් අයියෙ....මම සුදුබේබිව ගෙදර එක්කන් යන්නම්....දෙවින් අයියට පුලුවන් නේද කෝච්ට කියන්න?"

"මම කියන්නම්....ඔයාට පුළුවන්ද නේත්‍ර මල්ලි මූව එක්කං යන්න?"

"දෙව්....මම එක්කන් යන්නම් දෙන්නවම"

"හරි බබා....නේත්‍ර මල්ලි එහෙනම් දෙනෙත් එක්ක යනවද?"

"හා දෙවින් අයියෙ....දිවාෂටත් කියන්න....නැත්තං එයා මාව හොයයි...අද හවස යන්න හිටිය ගමන යන්න වෙන්නෑ කියන්න දිවාෂට...ටිකට් වැඩේ ගැන බලන්න යන එක ඉන්දීප අයියා එක්ක යන්න කියන්න තෙවින් අයියෙ"

"හරි මම කියන්නම්......දිවාෂ මල්ලියි ඉන්දීපයි එක්ක අපේ මල්ලිත් යයි....මම යනවා එහෙනම්.පරිස්සමින් කට්ටියම"

දෙවින් අතවනාගෙන පිටත් වෙද්දි නේත්‍රගෙ ඔලුව අතගෑව දෙනෙත් ආශවව පෙන්නුවා.

.

.

.

.

.

"මේ ඉරුගල්බණ්ඩාර වලව්වද?"

"ඔව්....ඔයාලා?"

"ඕහ්...අයිම් ඉන්ස්පෙක්ටර් කළුපහන....ම්ම්ම්...ආශව තිදස්වර ඉරුගල්බණ්ඩාර?"

"අ...අපේ පුතා"

"හරි...මට එයාව හම්බෙන්න පුලුවන්ද මැඩම්?"

"ඕකේ....ටේක් අ සිට් මිස්ටර් කළුපහන"

ලොකු මැණිකෙ තමන්ගෙ ගැහෙන කකුල් දෙක සන්සුන් කරන් උඩුමහලට නැග්ගෙ පහල උන්නු කරෝලිස්ට ඇස් වලින් යමක් ඉගි කරන ගමන්.ඒත් එක්කම වලව්වෙ පිලිකන්නෙන් එලියට බැස්ස කරෝලිස් තමන්ගෙ පුට් සයිකලේට නැගලා මහ මුදියන්සෙ ගිය පොල් වත්ත දිහාවට වේගෙන් ඇදෙද්දි ලොකු මැණිකෙ ආශවගෙ කාමරේ දොර ලගට ලං වුණා.

"සුදුබේබි! මේ මිකායෙල් නේද?"

"ආහ්...ඔව්"

"දෙයියනේ මේ දැන් පැයකට විතර කලින් එවපු ෆොටෝ එකක් නේද? දෙයියනේ අත කපාගෙන නෙවෙයි පලාගෙනනෙ එයා!"

"ඉතින්?"

"ස්...සුදුබේබි ඇයි මේක මට නොපෙන්නුවෙ?"

"ඔයා බය වෙන නිසා නේත්‍ර....ඔයා බයයිනෙ ඔය වගේ තුවාල වලට"

"ස්...සුදුබේබි! සුදුබේබිට බය හිතුනෙ නැද්ද මේක දැක්කම?"

"නෑ....ඔය ඉන්නෙ නේත්‍ර නෙවේනෙ"

ඇතුලින් ඇහෙන කතාබහ එක්ක උගත් ගෑනියෙක් උනු ලොකු මැණිකෙ වෙලා තියෙන්නෙ මොකද්ද කියලා ලාවට අනුමාන කලා.පපුවට අත තියාගත්තු ලොකු මැණිකෙ දොරට තට්ටු කරද්දි එකපාරටම නතර වෙලා ගියා.සාමාන්‍යෙන් නේත්‍රයි ආශවයි අද සද්දෙන් කතා කල නිසා දෙන්නම බය වෙලා හිටියෙ කතා කල දේවල් එලියට ඇහුනද කියන එක ගැන.උනු දේ වෙලා ඉවරනෙ කියලා හිතුව ආශව කාමරේ දොර අරිද්දි ලොකු මැණිකෙ ආශව එක ලාවට හිනා වුණා.

"සුදුපුතා කලබල වෙන්න එපා....පොඩ්ඩක් පහලට යමුද අපි?"

"ඇයි පුංචිඅම්මෙ...මොකද්ද හදිස්සිය?"

"කලබල වෙන්න එපා සුදුපුතා....ම්ම්....පොලීසියෙන් ඇවිත්.සුදුපුතාව හම්බෙන්න ඕනි කියනවා"

"පොලීසියෙන්? යංකො බලන්න"

"එ...එ...ප්....එපා....සුදුබේබිව අරං යන්නෙපා....ලොකු මැණිකෙ එපා....."

ඒත් එක්කම කාමරෙන් එලියට පැන්න සුදුපාට පුළුන් බෝලයක් ආශවගෙ කමිසෙ කොණක් තදින් අල්ලන් ඉකි ගහනවා දැක්ක ලොකු මැණිකෙගෙ පපුව හෝස් ගාලා ඇවිලිලා ගියා.නේත්‍රගෙ අත හෙමින් සැරේ ගැලෙව්ව ආශව ලොකු මැණිකෙ එතන ඉන්න බවවත් නොහිතා පුංචි එකාගෙ කදුළු පිහදාද්දි නේත්‍ර ආශවගෙ අතක් හයියෙන් අල්ලගත්තා.

"යන්නෙපා....යන්නෙපා සුදුබේබි"

"නේත්‍ර,මම වරදක් කරලා නෑනෙ...මම කතා කරලා එන්නම්"

"බ්...බයයි....යන්නෙපා සුදුබේබි"

"කොල්ලො....මෙහෙ වරෙං....සුදුබේබිව හිර කරන්න අරං යන්න නෙවේනෙ ඇවිත් ඉන්නෙ....අප්පේ මොකෝ ඇඩිල්ල වැඩි කලේ?"

හිර කරනවා කියන වචනෙ ඇහෙනවත් එක්ක නේත්‍ර එතන බිමට වැටිලා අඩන්න ගත්තෙ ආශවගෙ කකුලකුත් අල්ලගෙන.ලොකු මැණ්කෙ දිහා බලලා ලාවට රැව්ව ආශව නේත්‍රව නැගිට්ටවලා තත්වෙ පැහැදිලි කරලා එතනින් යන්න හදද්දි ලොකු මැණිකෙත් ආශව පස්සෙන් යන්න පිටත් වුණා.ආශව පඩිපෙල බැහැලා යනවත් එක්කම ඒ පස්සෙන් ගිය ලොකු මැණිකෙ එකතැන නැවතුනේ තමන්ව මොකකට හරි අහු වෙලා කියලා දැනුනහම.

"දෙයියනේ කොල්ලො!"

ලොකු මැණිකෙගෙ පපුව හීතල වෙලා ගියේ නේත්‍ර ලොකු මැණිකෙගෙ ඔසරි පොටේ කොණ අල්ලන් අඩන හැටි දැකලා.ලොකු මැණිකෙට ඒත් එක්කම මතක් වුණේ දවසක් නිර්මලා කියලා මාරු වෙලා සායකුයි හැට්ටෙකුයි ඇදන් ගමනක් යන්න එලියට බැස්ස තමන්ගෙ සාය අල්ලන් ඒ පිටිපස්සෙ හැංගිලා හිනා වුණු පුංචි නේත්‍රව.එදා ඒ ඉන්නෙ නිර්මලා නෙවෙයි කියලා දැනගත්තු ගමන් ඇස් වල කදුළුත් පුරවං පස්ස නොබලා චුට්ටං අඩි තිය තිය දිව්ව පුංචි එකාව ලොකු මැණිකෙට මතක් වුණා.ලොකු හුස්මක් පහලට දාලා වලව්වෙ මැණිකෙ කියන එක තත්පර ගාණකට අමතක කරලා දැම්ම ලොකු මැණිකෙ නේත්‍රගෙ පැත්තට හැරුනෙ අවුරුදු ගාණක් තිස්සෙ තමන්ගෙ හිතට දාන් ඉන්න යදම් බිදෙද්දි.

"පුතේ....."

අවුරුදු ගාණකට පස්සෙ ලොකු මැණිකෙගෙ කටින් ආශවට ඇරෙන්න වෙන කෙනෙක් වෙනුවෙන් ඒ ආදරණීය ආමන්ත්‍රණය පිට වුණා.

"නාඩා ඉදිංකො"

"සු...සුදුබේබිව අරං යන්න දෙන්නෙපා මැණිකෙ....සුදුබේබිව අරන් යන්න දෙන්නෙපා....."

"සුදුබේබිව අරං යන්න ඇවිත් නෑ කවුරුත්....කලබල වෙලානෙ පුතා බොරුවට....නාඩා ඉදිං දරුවො"

නේත්‍ර ඉකි ගගහම ලොකු මැණිකෙට තුරුල් වෙද්දි ලොකු මැණිකෙ හරි ආදරෙන් නේත්‍රගෙ ඔලුව අතගෑවා.ආශවවත් තුරුල් වෙලා ජීවිතේට නොදුන්නු දරු උණුහුමක් ජීවිතේ පලවෙනි වතාවට නේත්‍රගෙන් ලැබෙද්දි ලොකු මැණිකෙගෙ ඇස් වල කදුළු පිරුණා.එකපාරටම ලොකු මැණිකෙගෙන් ඈත් වුණු නේත්‍ර කදුලුත් පිහදාන් පහලට දුවන්න ගත්තු නිසා ලොකු මැණිකෙත් ඒ පස්සෙන්ම දිව්වා.ආශව ඉදන් උන්නු පුටුව පිටිපස්සට ගිහින් හිටගත්තු නේත්‍ර තද විදියට පොලීසියෙ මිනිස්සු දිහා බලන් ඉදිද්දි නේත්‍ර කලබලයක් නොකරන බව තේරුම් ගත්තු ලොකු මැණිකෙත් පුටුවකින් ඉදගත්තා.

"මාව හම්බෙන්න ආවෙ ඉන්ස්පෙක්ටර්?"

"ඔව්....අපිට මිස්ටර් ආශවගෙන් කට උත්තරයක් ගන්න ඕනි"

"කට උත්තරයක්?මොකකටද?"

"මිකායෙල් කියන තරුණයා සියදිවි නසාගැනීමට ගත්තු උත්සාහය ගැන"

"ඕහ්....ඒක එයාගෙන්නෙ අහන්න ඕනි ඉන්ස්පෙක්ටර්....මගෙ පුතාගෙන් අහන්න ආවෙ?"

මහ මුදියන්සෙ ගෙට ගොඩ වෙලා කියාගෙනම ඇතුලට එද්දි ලොකු මැණිකෙ සැනසුම් සුසුමක් හෙලුවා.ආශවගෙ උනත් හිතට යම්තාක් දුරක සහනයක් අප්පච්චිව දකිද්දි ලැබෙද්දි නේත්‍ර වෙනස් නොවී උන්නු විදියටම හිටියා.

"මිස්ටර් ඉරුගල්බණ්ඩාර....ඇත්තටම අපිට සමාවෙන්න ඕනි.ඒත් ඉතින් පොලීසියෙ උනත් කේස් එකක් හැන්ඩ්ල් කරන විදියක් තියෙනවනෙ.ඒකයි"

"ඕකේ ඕකේ ඉන්ස්පෙක්ටර්....ඔයා කරගෙන යන්න"

මහ මුදියන්සෙත් ලොකු මැනිකෙ ලගින්ම ඉදගෙන ලොකු මැණිකෙගෙ අතකට තට්ටු දාද්දි ලොකු මැණිකෙ මහ මුදියන්සෙ දිහා බලලා ඔලුව වැනුවා.

"මිකායෙල් කියන තරුණයා අද පැයකට විතර කලින් සූසයිඩ් කරගන්න උත්සාහ කරලා තියෙනවා.සිහි නැතුව කාමරේ ඉද්දි තමා එයාව එයාගෙ දෙමව්පියො හොයං තියෙන්නෙ....මිකායෙල් අන්තිමටම කෝල් එකක් අරං තියෙන්නෙ මිස්ටර් ආශවට.ඒ වගේමයි මිකායෙල් අත කපාගත්තු ෆොටෝසුත් මිස්ටර් ආශවට එවලා තියෙනවා කියලා අපි හොයාගත්තා.මිස්ටර් ආශවට මොකද්ද කියන්න තියෙන්නෙ ඒ සම්බන්ධව?"

"කියන්න දෙයක්නම් නෑ ඉන්ස්පෙක්ටර්....ඒ බෝයි මගෙ පස්සෙන් ආවා....බට් මම ඒ කෙනාට කැමති වුණේ නෑ.ඉන්ස්පෙක්ටර් මැසේජස් උනත් දකින්න ඇති....අන්තිමට එයා මට තර්ජනය කරන්න ගත්තා මම කැමති නොවුනොත් මැරෙනවා කියලා.එහෙම කිව්වට මම අකමැති දෙයක් මට කරන්න බෑනෙ ඉන්ස්පෙක්ටර්.ඉතින් මම එයාව දිගටම ප්‍රතික්ෂේප කලා"

"මිස්ටර් ආශව මේ ගැන දෙමව්පියො දැනුවත් නොකලෙ?"

"මේ කාලෙ කෙනෙක් තව කෙනෙක්ගෙන් ආස්කවුට් කරන එක,ඔය වගේ තර්ජන කරන එක සාමාන්‍යයිනෙ.ඒ නිසා මම ඔව්වා පේරන්ට්ස්ලට කියන්න ඕනි කියලා හිතුවෙ නැහැ"

"ඕකේ....මිස්ටර් ආශවට පුළුවන්ද අපි එක්ක පොලිස් ස්ටේෂන් එකට ඇවිල්ලා මේ ගැන කියලා අත්සන් කරලා යන්න"

ආශවට තේරුණා ඒ වචන ටිකත් එක්ක තමන්ගෙ කමිස අතේ කොණ පුංචි අතක ග්‍රහණයට ලක් වුනා කියන එක.මුකුත් නොකිව්ව ආශව මහ මුදියන්සෙ දිහා බලද්දි ආශව දිහා බලල ලාවට හිනා වුණු මහ මුදියන්සෙ ඉන්ස්පෙක්ටර් දිහා බැලුවා.

"එහෙමනම් අපේ පුතාව එවන්න බෑනෙ මිස්ටර් කළුපහන.....අපේ දරුවා වරදක් කරලා නෑනෙ"

"ම්ම්ම්....එත් මිස්ටර් සාගර....."

"ප්‍රොසෙස් එක නේද? වෙයිට් අ මිනිට් මිස්ටර් කළුපහන"

තමන්ගෙ සාක්කුවෙන් දුරකතනෙ එලියට ගත්තු ඉරුගල්බණ්ඩාර මහ මුදියන්සෙ දුරකථන ඇමතුමක් අරං දුරකථනෙ කනේ තියාගනිද්දි ආශව මුදියන්සෙ දිහා බලන් හිටියා.ඒත් එක්කම හිනා වෙලා කතා කරන්න ගත්තු මුදියන්සෙ විටින් විටේ ඉන්ස්පෙක්ටර් දිහා බලන්නත් අමතක කලේ නෑ.

"ඕහ්හ්....ඔව් අතාවුද....කොහෙද ඉතින් මෙයා අපේ කොල්ලව පොලීසියට අරං යන්න හදනවනෙ....ඒක තමා මාත් කිව්වෙ....ඕකේ...ඉන්න මම ෆෝන් එක දෙන්නම්"

පොලීසියෙ ඉහල නිලධාරියෙක්ට දුරකථන ඇමතුමක් අරං හරි හිතවත්ව කතා කෙරුව මහ මුදියන්සෙ තමන්ගෙ දුරකථනෙ කළුපහන මහත්තයට දුන්නා.ඇමතුම ඔලුව වන වන අහන් හිටිය කළුපහන මහත්තයා දුරකථනය මහ මුදියන්සෙට දෙන ගමන් නැගිටලා කට්ටියම දිහා බැලුවා.

"සමාවෙන්න කරදර කලාට....අපි උවමනාවක් උනොත් එන්නම්"

පොලීසියෙ අය පිටත් වෙනවත් එක්කම නේත්‍ර තමන්ගෙ කකුල් වලට පණ අරං එහෙම්මම වත්ත පහලට දුවං ගියා.මහ මුදියන්සෙ දැන් තමන්ගෙන් මේ ගැන විස්තර අහන බව දැනන් හිටිය ආශව නේත්‍ර ගිය දිහා බලලා තමන්ව පාලනය කරන් නැවතුනේ තමන් මෙතනින් ගියොත් ප්‍රශ්නයක් වෙන නිසා.

"සුදුපුතා....මිකායෙල් කියන්නෙ කාගෙ කවුද?"

"අර ### පොත් බ්‍රෑන්ඩ් එකේ ඕනර්ගෙ පුතා...."

"ඕහ්! සිල්වාගෙ....ඉතින්....ඌ කොහොමද සුදුපුතාගෙ කතාවට වැටුනෙ?"

"ඌ පිස්සෙක් වගේ මගෙ පස්සෙන් එනවා අප්පච්චි....ම කැමති උනේම නෑ....මම...."

"මොකද්ද සුදුපුතා?"

"මම ගේ නෙවෙයි අප්පච්චි...එහෙම මේ ලව් කිව්ව පලියට ඌ එක්ක යාලු වෙන්න"

"ඔව්....මම සිල්වා එක්ක කතා කරන්නම්....උගෙ ලමයට අමාරුව උනාට ඒකට අපේ සුදුපුතා මොනා කරන්නද?"

"අප්පච්චි,"

"ඕ සුදුපුතා?"

"පුළුවන්නම් මිකායෙල්ව අපේ ඉස්කෝලෙන් අයින් කරගන්න කියන්න අප්පච්චි....ඌ මටත් වදයක් ඉස්කෝලෙටත් කැලලක්"

"හරි සුදුපුතා....සුදුපුතා දැන් ටිකක් විවේක ගන්නකො...අර නේත්‍ර කොල්ලා සුදුපුතාව වත්තං කරං ආව හැටියට පුංචිඅම්මා හොදටම බයත් උනා"

"හරි අප්පච්චි"

නේත්‍ර මෙතන නොහිටිය එක ගැන ආශව සතුටු උනා.මොකද තමන් සමලිංගික නෙවෙයි කියලා කිව්ව එක පුංචි එකා විටින් විටේ හිතන්න ගන්න ඉඩ තියෙන බව ආශව දැනන් හිටියා.හැබැයි ආශවගෙ වචන වලින් මහ මුදියන්සෙගෙ ඇස් වලට ආව විශ්වාසෙ ආශවල දැක්කා.අනික් අතට ආශව සමලිංගික නෙවෙයි කියන එකත් එකාතකට සාධාරණ වුණා.මොකද ආශවගෙ හිතේ වෙන කිසිම පිරිමියෙක්වත් ගෑනියෙක්වත් වෙනුවෙන් ඇති වෙලා තිබ්බෙ නෑ.ආශවගෙ හිතේ හැගීමක් ඇතිවුණු එකම කෙනා වුණේ නේත්‍ර.

සාලෙ හිටිය මහ මුදියන්සෙ ටික වෙලාවකිම් ගෙදරින් පිට වෙනකං බලන් උන්නු ආශව එහෙම්මම දිව්වෙ නේත්‍රලාගෙ ගෙදෙට්ට.දොරත් ඇරලා දාලා නේත්‍රගෙ සද්දයක්වත් නැති වෙද්දි ආශවගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.ගොම්මන් කළුවර හන්දා හරිහැටි ගේ ඇතුල නොපෙනෙද්දි ආශව බිත්තිය අතපත ගාලා ගෙදර විදුලි බල්බය දල්වගත්තා.

"දෙයියනේ මැණිකෙ"

ගෙදර ඇවිත් මහ හයියෙන් කෑ ගහලා පීඩනේ පිට කරගත්තු නේත්‍රට මහන්සියටම සාලෙ බිම නින්ද ගිහින් තිබ්බා.ඉස්සරහ දොර වහලා දැම්ම ආශව බිම වැටිලා උන්නු නේත්‍රව වඩාගෙන කාමරේට ගිහින් ඇදෙන් ඇලවෙද්දි නේත්‍ර නින්දෙන්ම කෙදිරිගාලා ආශවට තුරුල් වුණා.

"සුදුබේබි....යන්නෙපා"

"යන්නෑ....ඔයා ලගම ඉන්නවා"

...................................................................................................

"ඔලුවෙ බර හුගක් නිදහස් නේත්‍ර.....ඔයා ලග හරි සැනසීමයි"

කලබලකාරී දවස් දෙකකින් විතර පස්සෙ හැන්දෑවක ලාවුළු ගහ පාමුල නේත්‍රගෙ උකුලින් ඔලුව තියං හාන්සි වෙලා හිටිය ආශව නේත්‍රගෙ පුංචි අතක් තමන්ගෙ අතකට මැදි කරගෙන ඒ මතින් හාද්දක් තියලා මුමුණද්දි නේත්‍ර ආශවගෙ නලලට හාද්දක් තියලා තමන්ගෙ නිදහස් අතින් මූණු පොඩිත්ත වහගත්තා.

"මේකගෙ ලැජ්ජාව.....ඔය මූණෙ හැමතැනටම මම තොල් තියලා තියෙනවා.ඒත් තවම ලැජ්ජයි"

"හී....."

"හී තමා....කසාද බැන්ද කාලෙට මම හාදු දෙන්නෙ මූණට විතරක් නෙවෙයි"

"හෑයියා....නරක කතා කියන්නෙපා සුදුබේබි"

"නරක කතා කිය කිය ඉන්න වෙන්නෑ....කෙලින්ම වැඩේට බහින්න තමා වෙන්නෙ ඒ කාලෙට.නැත්තං කතා වලට බය වෙලා දුවයි මේකා"

"වැඩේ කිව්වෙ?"

"මුකුත් නෑ මැණිකෙ...මේ ඒක නෙවේ"

ආශව එහෙම්මම කතාව වෙනස් කලේ තමන් කටට එන එව්වා කියලා ඒවා නේත්‍ර මතක තියං ඔව්වා ගිහින් දිවාෂගෙන් අහයි කියන බයට.කොහොමත් හොදට ලුණු ඇඹුල් දාලා ඔව්වා විස්තර කරන දිවාෂගෙ වචන වලට බයේ නේත්‍ර ආයෙ තමන් ලගට එන්න බය වෙයි කියලා ආශවගෙ හිතේ බයක් තිබ්බා.නේත්‍ර එච්චරටම අහිංසක කෙනෙක්.මල් පෙත්තක් වගේ සිනිදු කෙනෙක්.තමන්ගෙ හිතේ තියෙන කුපාඩි අදහස් ගැන බිංදුවකවත් දැනුමක් නැති කෙනෙක්.ඉතින් ආශව බය වෙන එක සාධාරණයි.එව්වා හරි කාලෙට හෙමීට නේත්‍රගෙ ඔලුවට දාන්න ආශව හිතාගෙන හිටියා.අවුරුදු දහ අටක් උනත් ආශව නේත්‍රගෙන් දැක්කෙම අර අවුරුදු දහයෙ පුංචි එකාව.ඒ නිසා ආශවගෙ ඇස් ඉස්සරහ නේත්‍ර තවමත් පුංචි එකෙක් වුණා.

"තෙවින් දිවාෂට කැමතියි කියලා හිතෙනවා මට"

"දිවාෂත් තෙවින් අයියට කැමතියි සුදුබේබි මම හිතන්නෙ.එයා වෙන කා එක්කවත් ඔහොම හැසිරෙන්නෑ... තෙවින් අයියා එක්ක කොච්චර රණ්ඩු වුණත් තෙවින් අයියා ඇත්තටම සැර කරද්දි දිවාෂ කටවහගන්නවා.දිවාෂ ඔයා සැර කරද්දිවත් එහෙම නෑනෙ සුදුබේබි"

"ඔව්.....තෙවිනුත් එහෙමයි.අර ඉන්දීපයව මරං කන්න වගේ බලන්නෙ.ඊයෙ දිවාෂගෙ කරට අතදාන් ඉන්දීප මොකක් හරි කිය කිය හිටියා....තෙවින් ඇවිත් ඉන්දීපගෙ දණහිස් වලට ගැහුවා පිටිපස්සෙ....ඉන්දීපයා වැටුනා.ඌ හිතුවෙ විහිලුවට කියලද කොහෙද....ඒත් අරූ විහිලුවට නෙවේ ඒ ගැහුවෙ"

"මම මෙහෙම ඇහුවට මුකුත් හිතන්නෙපා සුදුබේබි....ඒත් තෙවින් අයියා හොදද? මට බයයි දිවාෂට හානියක් වෙයි කියල"

"හ්ම්ම්....තව ටිකක් තෙවින් ගැන හොයලා බලන්න ඕනි.මිනිහගෙ සෑහෙන්න වැරදි තියෙනවා.මගෙත් තියෙනවනෙ ඉතින්.ඒත් මම නේත්‍රට මේ ආදරෙන් ඉන්නෙ ඇත්තටම.එහෙම තෙවිනුත් ඉදියි දිවාෂ එක්ක....ඌ දිවාෂටනම් සීරියස් වගේ"

"ඒත් ටිකක් හොයලා බලන්නකො සුදුබේබි.....එයා අර අක්කෙක් එක්කත් යාලු වෙලා මතකනෙ.අනික කොලබ ඉද්දි ගොඩක් ගෑනු ලමයි එක්ක යාලුත් වෙලා ඉදලා.එහෙම කෙනා එකපාරටම පිරිමි ලමයෙක්ට ආදරෙයි කියද්දි මට පිලිගන්න බෑනෙ සුදුබේබි....කාලයක් ගිහින් එයා දිවාෂගෙ හිත රිද්දුවොත්? අනේ දිවාෂගෙ හිත තත්පරේකටවත් රිදෙනවට මම ආසා නෑ"

"මම හොයලා බලන්නම්කො....ම්ම්ම්....මොනා උනත් කොටාට වරදක් වෙන්න දෙන්නෑ මම"

"හා සුදුබේබි...."

"උන් දෙන්නට දෙන්නා තාම තේරුම් අරං නෑ....වටේ ඉන්න අපිට තේරුනාට.මම දිවාෂ එක්ක කතා කරලා බලන්නම්කො ඉස්සෙල්ලාම.මොකද ඔතන ට්‍රැක පයින්නෙ ඕකගෙනෙ වැඩියෙන්ම"

"හා සුදුබේබි...කතා කරලා බලන්නකො...සුදුබේබි,"

"ඕ මැණිකෙ?"

"බ්....බඩ්ඩක් දෙන්න ගෙනාවා.ඇස් පියාගන්නවද?"

"හා"

"ඇස් පියං අත දික් කරන්නකො"

නේත්‍රගෙ උකුල උඩින් ඔඩින් ඔලුව ගත්තු ආශව නේත්‍ර ලගින්ම ලාවුළු ගහේ කදට හේත්තු වෙලා ඇස් පියන් තමන්ගෙ අත දික් කලා.අල්ල උඩින් හීතල දෙයක් වදිනවත් එක්කම ආශවගෙ නලලෙ උණුහුම් හාද්දක් තැවරුණා.

"ඇස් ඇරලා බලන්න සුදුබේබි"

ඇස් දෙක ඇරිය ආශවගෙ ඇස් තෙත් වුණේ තමන්ගෙ අල්ල උඩ තිබ්බ දේ දැකලා.සිල්වර් වලින් හැදුව මුද්දක් වුණු ඒ මුද්ද රත්තරං තරම් ගණන් නොවුණට සෑහෙන ගාණක් වෙන්න ඇති කියලා තේරුණු නිසා ආශවගෙ පපුව ඇදුම් කෑවෙ මේකට සල්ලි හොයාගන්න නේත්‍ර කොච්චර නම් මහන්සි වෙන්න ඇද්ද කියලා හිතද්දි.නේත්‍රව ඇදලා අරං තමන්ගෙ පපුවට තද කරගත්තු ආශව නේත්‍රහෙ හිස් මුදුනට හාදුපිට හාදු තියද්දි නේත්‍රත් හරි අපූරුවට ආශවගෙ පපුවට ගුලි වෙලා හිටියා.

"ස්තූතියි මැණිකෙ....හුගක් ස්තූතියි....මේක මට වටින තරම් කියන්න මට වචන නෑ....ඔයා හුගක් මහන්සි වෙන්න ඇති මේක ගන්න.මම ආදරෙයි වස්තුවෙ"

"ග්...ගත්තෙ නෑ....හැදෙව්වා"

"හැදෙව්වද?දෙවියනේ!"

"ඕකෙ ඇතුල බලන්නකො සුදුබේබි"

"ව්...වාව් නේත්‍ර!"

මුද්දෙ ඇතුල් පැත්තෙ A අකුර හා N අකුර ලස්සනට කැටයම් වෙලා තිබ්බා.මුද්දෙ පිට පැත්ත වටේටම මලක සලකුණක් වගේම ක්‍රිකට් පිත්තක සලකුණක් මාරුවෙන් මාරුවට කැටයම් කරලා තිබ්බා.පිටින් බලන කෙනෙක්ට මල් සලකුණයි පිත්තෙ සලකුණයි විතරක් පෙනෙද්දි ඇතුලත දෙන්නගෙ නමේ මුල් අකුරු සටහන් වෙලා තිබ්බා.ඒ මුද්ද දැක්ක ආශවට මතක් වුණේම ලෝඩ් ඔෆ් ද රින්ග්ස් කතා මාලාවෙ මුදුව.මුද්ද අතේ තියං උන්නු ආශවගෙ ඇස් වලින් කදුළු කැටයක් වැටෙද්දි නේත්‍ර ඒ කදුළු පිහලා හිනා වුණා.

"ඔයයි මමයි නේද?"

"හ්ම්ම්ම්.....සුදුබේබිගෙ හීන දෙක.ගැටපිච්ච මලයි,බැට් එකයි"

"මම ආදරෙයි.....ආදරෙන් මාව පිරෙව්වට පිං නේත්‍ර....අමනුස්සයෙක් වෙන්න ගිය මාව මනුස්සයෙක් කලාට පිං"

"මේ පුංචි කොල්ලව පොලවෙ පය ගහලා ජීවත් වෙන්න කොන්ද කෙලින් තියාගන්න උදව් කලාට ඊටත් වඩා පිං සුදුබේබි....මම ආදරෙයි....සුදුබේබිව ආදරෙන් පුරවනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ"

"ඔව්.....උඹ ලග තියෙන ආදරේ මට දීපං මැණිකෙ.....නැත්තං ඔය පුංචි සරීරෙ පිපිරෙයි ආදරේ උනලම"

"ඕක ලගින් තියාගන්න මගෙ සුදුබේබි.බිග්මැච් එකට කලින් සුදුබේබිට ඕක දෙන්න ඕනි උනේ මට....ඕක නිතරම ඇගිල්ලෙ දාන් ඉන්න බෑ කියලා මම දන්නවා.ඉස්කෝලෙට ඒම දාන්න බෑනෙ.ඒත් ඕක පරිස්සම් කරගන්න සුදුබේබි"

"කවුද කිව්වෙ හැම වෙලේම දාන් ඉන්න බෑ කියලා ම්ම්ම්? ඇගිල්ලට දැම්මොත්නෙ අවුල"

නේත්‍රගෙ කම්මුලක් තොල් වලින් හැපුව ආශව තමන්ගෙ බෙල්ලෙ තිබ්බ සිල්වර් මාලෙ ගලවලා අතට ගත්තා.මුද්ද ඒකට දැම්ම ආශව මාලෙ ආයෙමත් බෙල්ලෙ එල්ල ගනිද්දි නේත්‍රගෙ ඇස් වල කදුළු පිරිල තිබ්බා.හැමදාම වගේ තමන් දෙන පුංචි දේ පවා මහා ඉහලින් පිලිගන්න ආශව ඒවට දෙන්න පුළුවන් උපරිම වටිනාකම මේ විදියට දෙද්දි නේත්‍ර සතුටු උනා මේ මනුස්සයා තමන්ගෙ උනු එකට.

"මේ මුද්ද මගෙ ඇගිල්ලෙ තියෙයි හරිම දවසට....එදාට ඔය ඇගිල්ලත් පාළුවට ගිහින් තියෙන එකක් නෑ"

මුදුව උඩින් හාද්දක් තිබ්බ ආශව ඒක තමන්ගෙ ටී ෂර්ට් කරෙන් ඇතුලට දාලා පරිස්සමින් තට්ටුවක් දාගනිද්දි මුද්ද පපුවට ගිහින් වැදෙන්න ගත්තම ආශවගෙ මූණෙ ලස්සන හිනාවක් ඇදුනා.නේත්‍රගෙ අතින් අල්ලලා තව ටිකක් ලගට ගත්තු ආශව නේත්‍රගෙ උරහිසකට බර වෙලා ඈතින් පේන කදු මුදුනෙන් බැහැගෙන යන ඉරදිහා බලන් ඉදිද්දි නේත්‍ර තමන්ගෙ පුංචි අතක් ආශවගෙ අතක් එක්ක පටලගත්තා.

"අද සුභ දෙයක් වෙයි කියලා මගෙ හිත කියනවා සුදුබේබි"

"තව වෙන්න දෙයක් නෑ....සුභ දේවල් වෙලා ඉවරයි....අද දවස හරි සුභ දවසක් නේත්‍ර....මම උදේම නැගිටිද්දි ඉස්සෙල්ලාම මූණට හම්බුනේ ඔයාව.පන්සලට දානෙ අරං යන වැඩේට උදව් වෙන්න ඔයා ඇවිත් තිබ්බ නිසා උදේම ඔයාව දැක්කා.....පාරට බහිද්දි ආයෙමත් දැක්කෙ ඔයාව.ගැටපිච්ච මල් වට්ටියකුත් උස්සන් මම මේ ලෝකෙ දැක්ක ලස්සනම හිනාව මූණෙ පුරවං ඔයා මම ලගට දුවං ආවා.හවස ප්‍රැක්ටිස් නොතිබ්බ නිසා ඔයා එක්ක නිදහසේ ඉන්න මෙතනට එන්න පුළුවන් උනා...ඔයාට මම ෆස්ට් කිස් එක දීපු තැන,ඔයාගෙන් ආස්කවුට් කල තැනදි ඔයා මට මුද්දක් දුන්නා....මම වෙනුවෙන්ම හදවපු.ආහ්....පුදුම තරන් වාසනාවන්ත ලස්සන දවසක් අද.හැමදාම උදේ නැගිටිද්දි ඔයාව දකිනවනම් හරි"

"අනේ සුදුබේබි.....සුදුබේබි සතුටින්නම් එච්චරයි.ඕක හදලා දෙන වැඩේට උදව් කලේ දෙනෙත් අයියයි,තෙවින් අයියයි අපේ දිවාෂයි.ඒක ලස්සනයි නේද සුදුබේබි?"

"මැණික මට දෙන ඕනිම දෙයක් ලස්සනයි.මට වටිනවා"

"මම දන්නවා සුදුබේබි......ඒකනෙ මම අර පුංචි කාලෙ ඇදලා දුන්නු චිත්‍රෙ තවම සුදුබේබි ලග තියං පරිස්සම් කරන්නෙ"

"ඒ ඔයා මට දුන්නු පලවෙනි තෑග්ගනෙ නේත්‍ර.....ඔයත් අර බෑග් එකක දාන් මම පුංචි කාලෙ ඔයාට දුන්නු පිරිත් නූලෙ ඉදලා පරිස්සම් කරන් ඉන්නෙ"

"ආදරේ නිසානෙ සුදුබේබි....සුදුබේබි මට ආදරේ තරමටම මාත් සුදුබේබිට ආදරෙයි"

"මම ඒක දන්නවා මැණිකෙ.....නේත්‍ර,"

"ඕ සුදුබේබි?"

"අද දවස ලස්සනටම ඉවර කරන්නනම්.....මට හාද්දක් ඕනි"

"ම්හ්...."

"ගන්නද?"

"ග්...ගන්න සුදුබේබි"

නේත්‍රව ලාවුළු ගහේ කදට හේත්තු කෙරුව ආශව නේත්‍රගෙ ඇගට බර වුණා.කාලෙකට කලිම් දෙන්නා එක්ක ලාවුළු ගහේ පිටිපස්සෙ හිටවපු ගැටපිච්ච වැල් මේ වෙද්දි ගහේ කද දිගේ ගිහින් හොදට වැඩිලා මල් පිපිලා සුවද ගහද්දි ආශව නේත්‍රගෙ තොල් දෙක හෙමීට තෙත් කරන්න ගත්තා.ගොම්මන වැටීගෙන යන නිසයි ලාවුළු ගහේ කඳට දෙන්නව වැහිල තියෙන නිසයි ආශව බය නැතුව නේත්‍රගෙ යටිතොලේ තියෙන ලපේ එක දිගටම සියුම්ව උරන්න ගත්තා.ටිකකින් නේත්‍රගෙ තොල් වටේටම තමන්ගෙ දිව යැව්ව ආශව ඒ තොල් හෙමීට උරවන්න ගනිද්දි පුරුදු විදියට නේත්‍ර ආශවගෙ ටී ෂර්ටය තදින් අල්ලන් ආශව දෙන හැගීම විදින ගමන් හිටියා.අද වෙනකංවත් ආපිට හාද්දට ප්‍රතිචාර නොදැක්කුව නේත්‍ර පුරුදු විදියටම ආශවගෙ අත් අතරෙ අඩපණ වෙලා හිටියා.

ආශවගෙ දිව නේත්‍රගෙ මුව ඇතුලෙ එහෙ මෙහෙ දගලද්දි පුංචි එකා ටිකක් ඉස්සෙන ගමන් කෙදිරි ගාන්න ගත්තා.නේත්‍රගෙ කෙදිරිලි එක්ක ටික ටික ඇවිස්සෙන ආශව නේත්‍රගෙ පුංචි තොල් දෙකම තමන්ගෙ ග්‍රහණයට අරගෙන වේගෙන් උරද්දි නේත්‍රගෙ ඇස් හෙමීට පිට වෙලා ගියා.හිතේ හැටියට නේත්‍රගෙන් සැනසුනු ආශව නේත්‍රගෙන් ඈත් වෙද්දි පුංචි එකා ගහේ කදට හේත්තු වෙලා හයියෙන් හුස්ම උඩ පහල දාන්න ගත්තා.

"හෙලෝ"

ඒත් එක්කම නාද වෙන තමන්ගෙ දුරකතනෙ කනේ තියාගත්තු ආශව නේත්‍රව පපුවට තුරුල් කරගත්තා.ආශවගෙ ටී ෂර්ටයෙන් එලියට පැනල තියෙන මුද්ද එක්ක තමන්ගෙ පුංචි ඇගිලි වලින් සෙල්ලම් කරන්න ගත්තු නේත්‍රගෙ මූණෙ ඇදිලා තිබ්බෙ ආදරණීය හිනාවක්.හාදත් දෙකත් එලියෙ දාලා ආශව එක්ක හිනා වුණ නේත්‍රට ආපිට හිනා වුණු ආශව ඇමතුමට පිලිතුරු දෙන්න ගත්තා.

"ආශව"

"ඔව් කෝච් කියන්න"

"ආශව මම දෙයක් එව්වා....පොඩ්ඩක් බලන්න මේල් වල"

"මොකද්ද කෝච්? මොකක් හරි අවුලක්ද?"

"නෑ.....ආශවම බලන්නකො"

පුහුණුකරුගෙ හඩේ තිබ්බ කලබලකාරී බව එක්ක ආශවගෙ හිතත් ගැහෙන්න ගනිද්දි නේත්‍රට ඉක්මනටම විස්තරේ කිව්ව ආශව තමන්ගෙ මේල් එකට ඇතුල් වුණා.උඩින්ම පුහුණුකරු එවලා තියෙන මේල් එක විවර කෙරුව ආශවගෙ අත් දෙක වෙවුලන්න ගනිද්දි නේත්‍ර තමන්ගෙ බෝල ඇස් වලින් ආශව දිහා බලලා ඇයි ඇහුවෙ කලබලෙන්.ආශවගෙ ඇස් වලට කදුළු උනලා ඒ අත් වෙවුලද්දි නේත්‍ර ආශවගෙ අත් වලින් අල්ලගත්තෙ ආශවව සන්සුන් කරන්න හිතාගෙන.

"ඔ...ඔයා හරි නේත්‍ර"

"මොකද්ද සුදුබේබි? කලබල නොවී කියන්නකො"

"ස්...සු...සුභ දෙයක් වෙන්න තිබිලා අද....උදේ ඉදන් ඔයාගෙන් සුභ දේවල් මට ලැබෙද්දි මට හිතන්න තිබ්බා....ඔව්....නේත්‍ර,ඔයා තමා මගෙ වාසනාව"

"සුදුබේබි කියන්නකො....මොකද්ද වෙලා තියෙන්නෙ? මට මුකුත් තේරෙන්නෑ"

"අ....අන්ඩර් නයින්ටීන් නැෂනල් ටීම් එකේ සිලෙක්ෂන්ස් වලට එන්න කියලා මේල් එකක් එවලා....මාව ඒකට සිලෙක්ට් කරගෙන"

"ස්....සුදුබේබි! මගෙ සුදුබේබි! මගෙ සුදුබේබිට හැමදාම හරියන්න ඕනි මගෙ සුදුබේබි.....දලදා හාමුදුරුවොන්ගෙ ආශිර්වාදෙ සුදුබේබි එක්ක තියෙනව....මගෙ සුදුබේබි තේරිලා!"

නේත්‍ර මහ හයියෙන් අඩාගෙන ආශවට තුරුල් වෙද්දි ආශවත් තමන්ගෙ මුළු ලෝකෙම ඒ අත් දෙකට මැදි කරං කදුළු හෙලන්න ගත්තා.අවුරුදු ගාණක ආසාව,හීනෙ පලවෙනි අඩිය හරි ඉෂ්ට වෙන්න යන්නෙ කියල දැනුනම,අවුරුදු ගාණක් එකටම ඒ වෙනුවෙන් මහන්සි වුණු බලාපොරොත්තු තියාගත්තු මේ ආදරවන්තයො දෙන්නා ඒකට නාඩා කොහොමද?

"නෑ....ඔයාගෙ ආශිර්වාදෙ නිසා නේත්‍ර මේ හැමදේම"

දුරකතනෙ බිමින් තිබ්බ ආශව නේත්‍රව තව ටිකක් හයියෙන් තුරුල් කරගනිද්දි නේත්‍ර තව ටිකක් කෑ ගහලා ඇඩුවා.ආශව ඔය වගේ දේකට එදා ඉදන්ම බලාපොරොත්තු තියාගනිද්දි,අවුරුදු දාහතරෙ විතර ඉදන් අන්ඩර් නයින්ටීන් සිලෙක්ෂ්න්ස් ගැන හොයද්දි,ඉස්කෝලෙ දක්ෂම ක්‍රීඩකයො අතරෙ උන්නු තමන්ට ඒකට කැදවීමක් නොකරද්දි,කොළඹ ඉන්න ආශවගෙ එක යාලුවෙක් අවුරුදු දාසයේදි ඒ වෙනුවෙන් තේරුනා කියලා ආශවට කතා කරලා කියද්දි.....ඉරිසියා නොකලත් ආශවට තමන් ගැනම අනුකම්පාවක් ඇති වෙලා තිබ්බා.කාත් කවුරුත් නැති ආශව හැමදාම ඒ දවස් වලට නේත්‍රගෙ තුරුලට ඇවිත් තමන්ගෙ දුක කිය කිය තුනී කරගත්තා.එදා ඉදන්ම ආශවව පපුවෙ දරං ඒ පිරිමි හිත සැනසුව මේ අහිංසක පිරිමි හදවත තරම් ආශවගෙ ජයග්‍රහණෙ ගැන සතුටු වෙන වෙන කෙනෙක් කොහෙද?

"මගෙ සුදුබේබි ඉස්සරහටම යන්න....මම සුදුබේබි එක්කම ඉන්නවා"

"මම නේත්‍ර එක්ක හැමදාම ඉන්නවා...අපි එකටම ඉස්සරහට යමු"

දෙන්නට දෙන්නා හෙමින් මුමුණගනිද්දි නුවර හුලග පුරුදු විදියටම හරි ලස්සනට ගලාගෙන ගියා.හැමදාම වගේ මේ ඉලන්දාරි දෙන්නගෙ හුගක් රහස්,මතක දරාගෙන ඉන්න ලාවුළු ගහේ තනියට අද ගැටපිච්ච වැලකුත් එතිලා තිබ්බා.ගොම්මන් කළුවර තදේටම වැටෙන්න ඕනි උනත් නුවර අහස අද ඒ කළුවරට පිටට එන්න නොදී තවමත් ලා එලියක් පිට කලේ මේ පිවිතුරු පිරිමි පරාණ දෙක වෙනුවෙන්.නේත්‍ර ආශවගෙන්,ආශව නේත්‍රගෙන් සැනසෙද්දි පැත්තකින් තියලා තිබ්බ ආශවගෙ දුරකතනෙ උඩට දැන් පිපුණු ගැටපිච්ච මලක් වැටිලා තිබ්බා.

...................................................................................................

වචන 6800+ 🙈❤️

ඔන්න ආශවට එයාගෙ හීනෙට යන පලවෙනි තරප්පුව හම්බුනා❤️ අපි බලමු ඉස්සරහට මොනා වෙයිද කියල❤️

71 කොටසට අද බබෙක් දිග කමෙන්ට්ස් වගයක් දාලා තිබ්බා....ඒකෙන් මම කරන්න බලාපොරොත්තු උනු දෙයක් මම කලා කියන සතුට මට ලැබුනා😭❤️ සාර්ථකයි කියලා හිතුනා🥺❤️

මට ඕනි උනේම අපි අර කියන්නෙ "Perfect lovers" ලා කියලා....අන්න ඒ වගේ දෙන්නෙක් මවන්න....ඉතින් මම සාර්ථකයි කියලා හැගීමක් එනවා මේ වගේ කමෙන්ට්ස් දකිද්දි😭🤍✨

ආයෙ ආශව වගේවත් නේත්‍ර වගේවත් කෙනෙක්ව මම මගෙ කතාවක මවන එකක් නෑ....හැමදාටම ඒ දෙන්නා නිවාලන්න මා අස්සෙ විතරක් ඉදීවි....මොකද මට ඒ දෙන්නා මේකට විතරක්ම සීමා කරන්න ඕනි 🥺🤍✨

කෙයිලාන්වත්,මන්ධාරවත්,ධවාන්වත්,සහසැස්වත් මේ දෙන්නා වගේ perfect වෙන්නෙ නෑ....එක්කෙනාට එක්කෙනා වෙනස් වෙයි....හැමදාම ආශව නේත්‍ර දෙන්නා මගෙ හිතෙයි ඔයාලගෙ හිත්වලයි ඉදීවි ❤️😭✨️

ඇත්තට්ම මම ගොඩ නැගුව චරිත දෙක මම හිතුව වගේම ගොඩනැගිලා කියලා දැනෙද්දි හරි සතුටුයි🥺❤️

අනික,

මම කවදාවත් වෝට් ගෝල්ස්,කමෙන්ට් ගෝල්ස් දෙන්නෙ නැත්තෙ කියවන අයම මට සාධාරණයක් කරයි කියන බලාපොරොත්තුවෙන් ❤️ දාහ පැනලා වීව්ස් තිබ්බට වෝට්ස් දෙසීයක්වත් නැති වෙද්දි..ඒක මාරම අවුලක් හිතට❤️ මම බල කරන්නෑ.....මගෙ කතාවෙන් සතුටු වෙනවනම් වෝට් එකක් කමෙන්ට් එකක් දාන එක ඇත්තටම ඔයාලා හිතලා කරන්න ඕනි දෙයක්❤️ හැමදාම වෝට් කරකා කමෙන්ට් කරන බබාලාට ස්තූතියි මාව මෝටිවේට් කරනවට.ඔයාල නිසා තමා මම මේ ආසාවෙන් ලියන්නෙ🥺❤️

ඉතින් බබාලා,අදත් අදහසක් කියාගෙන යන්න🥺❤️ මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter