Back
Chapter 74

73 කොටස🤍✨️

නිවාලන්න මා...

"අනේ මට ඒක කරන්න දෙන්නකෝ"

"එහෙම නටන්න ඕන්නෑ දිවාෂ පැටියො....උබ මගෙ දැන් ගුටි කනවා ඈ....කාර්තික් මෙන්න මූව ගනින්කො"

"ඩිවාෂ,මෙයාට යෙන්ඩකො යප්පා"

"අනෙ මොකද්ද අනේ මයික් චෙක්...කැමරා...කියලා උබ කියපං මම ඇක්ෂන් කියලා කෑ ගහන්නම්කො"

"යුගාන්! මෙන්න මෙහෙ වරෙං"

"උඹ පලයං තෙවින්! අනේ ඉන්දීප්පයියේ...අනේ බලන්නකො"

"දෙනෙත්...මෙන්න මේකා ඔය කියන විදියට කෑ ගහන්න දියං.ලොකු දෙයක් ඉල්ලනවා නෙවේනෙ"

"මගෙ හොද ඉන්දීප්පයියා....මම ඔයාට හාච්චියක් දෙන්නම් හොදේ මේක ඉවර කරලා ආවම"

"හා හා"

දිවාෂගෙ ඔලුව අතගෑව ඉන්දීප හිනා වෙද්දි දිවාෂ තෙවින්ගෙ ඇගේ හැප්පීගෙනම කැමරාව අල්ලන් හිටිය දෙනෙත්ගෙ එහා පැත්තෙන් හිටගත්තා.පාසල් නිල කබාය ඇදන් හිටිය නේත්‍ර තමන්ගෙ අතේ තියෙන මයිකය හරියට ස්ථානගත කරගනිද්දි දිවාෂ කෑ ගහන්න ගත්තා.

"කැමරා!"

"රෙඩී..."

"මයික්!"

"රෙඩී"

"ලයිට්ස්!"

"ඉර එලිය තියෙනවනෙ යුගාන්"

"පලයං යන්න!"

"හා"

"ඇක්ෂන්!!!"

"There are only a few days left for the 103th Battle of the *******--, between Kandy **** College and **** College. So, I'm Nethra Sanhitha representing the school media unit of ***** College.Lets turn to the opinion of the cricket team about the big match.

This time, our school's team will enter the big match under the leadership of Ashawa Thidaswara.He is the highest scorer of the season and an all-rounder.Let's talk to Ashawa,who has played four big matches and has experience in them.

Hi Ashawa"

"හායි නේත්‍ර....මූණට මොනාහරි ගෑවද? වෙනස් වෙලා වගේ මූණෙ පාට"

"කෑවා කෑවා....කට් පගෝ කට්!"

දිවාෂ මරහර තලලා කෑ ගහද්දි නේත්‍ර ඔලුවෙ අත ගහගත්තෙ හිනාවෙන ගමන්මයි.දෙනෙතුයි තෙවිනුයි ඉන්දීපයි ආශවට ගහන්න බැරිකමට ලග ඉන්න එකාට එකා ගහගෙන ඒ කම්පනේ දරාගනිද්දි ආශව නේත්‍රගෙ කම්මුලකට ඇගිල්ලෙන් ඇන ඇන පරික්ෂා කරන ගමන් හිටියා.වීඩියෝ එකට එලියත් එක්ක මූණ හරියට පේන්න ඕනි නිසා දෙනෙත් මොනාහරි පවුඩර් ජාතියක් ලාවට නේත්‍රගෙ මූණෙ ආලේප කල හැටි නේත්‍රට මතක් උනා.ඔව්වට කියන නම් නේත්‍ර දන්නෙ නැති හන්දා ආශව මේ මොනාද කියලා ඇහුව එකට නේත්‍ර ඔලුව දෙපැත්තට වනලා දෙනෙත්ව පෙන්නුවා.

"මේක ඉවර උනු ගමන් ගිහින් මූණ හෝදගන්න නේත්‍ර හොදද? එක එක මල ජරාව උලලා ඔයාගෙ හොදට තියෙන මූණට මොනාහරි වෙයි"

"යාහ්! ආශව! ඕක බ්‍රෑන්ඩඩ් එකක්! රුපියල් තිස්දාස් ගාණක් දීලා ගත්තෙ මම! මෝඩයා! ජරාවක් නෙවේ! ජරාවක්නම් මම ගාන්නෙත් නෑ නේත්‍ර බබාට ගාන්නෙත් නෑ! උබට බඩ යනවා ආශව! දෙව්! මේ බලන්නකො අනේ!"

දෙනෙත් කෑ ගහද්දි ටිකක් එහාට වෙන්න හිටිය දෙවින් ඇවිත් දෙනෙත්ගෙ කරට අතක් දාගෙන හිනා වුණා.කොහොමත් දෙනෙත් සැහෙන්න පිලිවෙල පිරිසිදුව ගැන හිතුව කෙනෙක්.ඒ වගේම බ්‍රෑන්ඩඩ් දේවල් වලට ආසා කෙනෙක්.දෙනෙත්ගෙ පාවිච්චියට තියෙන හුගක් දේවල් ඒ විදියෙ ඉහල සන්නාම වලට අයත් දේවල් කියලා දෙවින් දැනන් හිටියා.මේ වගේ වෙලාවක යකා නැගලා කටින් එලියට පැන්නොත් මිසක තමන් බ්‍රෑන්ඩඩ් දේවල් පාවිච්චි කරන වග දෙනෙත් කාටවත් කියන්න ගිය කෙනෙක් නෙවෙයි.අන්න ඒ හේතුව නිසයි දෙනෙත් දිවාෂගෙ නේත්‍රගෙ උපන්දින වලට අරං දෙන තෑගි ඒ දෙන්නා ගාණක් නැතිව ආසාවෙන් පිලිගත්තෙ.මොකද ඒවා මිල අධික දේවල් කියලා දැනන් හිටියනම් දිවාෂ නේත්‍ර දෙන්නා ඒවා පිලිනොගෙන ඉන්න උනත් ඉඩ තිබ්බා.

"ආයෙ පටන් ගමුද? සුදුබේබි,අනේ මම අහන ඒවට උත්තර දෙන්නෝනි හොදද හරියට?"

"හා හා....හැබැයි ඔයාට අව්වයි නේද?"

"ආසව! උබ ඕම දහඅට වන්නම නටන්න ගියොත් චූචියා මෙතන අගුරු කෑල්ලක් වෙනකං හිටං ඉදියි.ඒ නිසා ඉක්කන්ට ඉවරයක් කරපං මේක!"

විනාඩි ගාණක් ඇතුලත ආයෙමත් වීඩියෝව ආරම්භ කලාට පස්සෙ නේත්‍ර තමන්ගෙ මයිකය ආශවට ලබා දුන්නා.

"Hi Nethra....Yes. I am Ashwa Thidaswara. I'm the captain of ***** College cricket team. I'm also the highest scorer in this season. We're well prepared to face the big match this time.Mmmm... I think our boys are in a good form...And we have four top rated batsmen in our batting department...

I scored over 1000 runs...our vice captain Devin Dihansa scored over the 950 runs. Nimeth Bhatika has also scored over 800 runs and Radhin Jayawickrama scored over the 700 runs.

And also  our bowling department....the highest wicket taker of the tournament,Sahasra Ekanayake had taken more than 80 wickets. Next Mahil Samarawickrama had taken more than 70 wickets. And also, the two spinners, Gaurav Ekanayake and Visul Ratnayake are also a big strength for us. The four all-rounders, including myself, are a big strength for the team. So I think we are  preparing well...and will be able to win the tournament."

"Ok.Thank you Ashawa...We wish you the best and we hope you'll be able to bring the trophy to our school"

ආශව ඇහැක් ගහලා කතාව ඉවර කරද්දි නේත්‍රගෙ කම්මුල් රෝස පාට වුණා.අන්තිම වචන ටික නේත්‍ර කැමරාව දිහා හිනාවෙල බලන් කියද්දි නේත්‍ර දිහාවටම ඇස් දෙක තියං හිටිය ආශව ලස්සනට හිනා වෙලා අහක බලාගත්තා.ඒ කොටස හරියටම කරගත්තු නිසා කට්ටියම අත්පුඩි ගහලා සතුට පල කරද්දි නේත්‍ර ඊලගට ගියේ දෙවින් ලගට.

"Next I'm going to talk to the vice-captain Devin Dihansa, of our cricket team...Hi Devin...What is your opinion about this tournament?"

"Hi Nethra,Yeah although the last bigmatch ended in a draw, I think we can win this time.Specially this time, we have got a good leadership... and as the vice-captain, I'll give my best contribution to our captain Ashawa to fulfill the responsibilities of the team.Ashawa's presence is really a special strength for us.And our boys are practicing well. Hope to give a good match.....then see you on the big match day"

දෙවින් කැමරාව දිහාවට ඇහැක් ගහලා කියද්දි දෙනෙත් හිනාව නවත්තං හිටියෙ බොහොම අමාරුවෙන්.මොනා නැති උනත් මේ වීඩියෝ ටික පාසල් නිල වෙබ් පිටුවලටයි සමාජ ජාල ටිකටයි උඩුගත කලාට පස්සෙ ලංකාවෙ ඉන්න ගොඩ දෙනෙක්ගෙ ඇල්ම බැල්ම මේ මිනිස්සු දෙන්නට වැටෙනවා කියන එකනම් දෙනෙත් තත්පර ගාණකින් ඔලුවට ගත්තා.කොහොම උනත් ඒ දෙන්නා ගැලවෙන්නම බැරි තැන් දෙකක ඇලිලා නිසා බයක් නැති වුණු දෙනෙත් ඊලගට පිලිවෙලට නේත්‍ර කණ්ඩායම් සාමාජිකයො එක්ක කතා කරද්දි ඒ ටික වීඩියෝගත කරගත්තා.

"හරි....මේ ටිකෙ එඩිටින් ටීම් එකට දෙන්නම්.එයාලා කරලා දෙයි...හෙට වගේ අප්ලෝඩ් කලාම ඇද්ද නේත්‍ර බබා?"

"ඇති දෙනෙත් අයියේ....හෙට දාමු.ටීවී චැනල්ස් වලිනුත් හෙට අනිද්දා දිහාට එයි.අපි ඊට කලින් දාන්න ඕනිනෙ"

"ඔව්....වැඩේ ඉක්මනට කරල දෙන්න කියමු"

"හා...මම මූණ සෝදන් එන්නම් දෙනෙත් අයියෙ"

පාසල් නිල කබාය ගලවලා දිවාෂගෙ අතට දුන්නු නේත්‍ර පිට්ටනියෙන් පිට පැත්තෙ හදල තියෙන ජලකරාම පෝලිම ගාවට දුවන් ගිහින් මූණ සෝදගෙන ආයෙමත් කට්ටිය ලගට ආවා.ආශවට යනවා කියලා පණිවිඩේ දීපු නේත්‍රයි අනික් කට්ටියයි ආපහු පාරක් ඉස්කෝලෙට යන්න ගත්තෙ අද ශ්‍රමදානෙට නියමිත දිනය වෙලා තිබ්බ නිසා.කට්ටිය ඉස්කෝලෙට යද්දිනුත් රකිතගෙ මූලිකත්වයෙන් ශ්‍රමදානෙ ආරම්භ වෙලා තිබ්බා.

"ඈ නේත්‍ර"

"ඕ දිවාෂ කියන්න"

"ටිකට්ස් සාමාන්‍ය ගාණක් ඒයි ගියේ තාම....මම ටාගට් කල ගාණ ගිහින් නෑ"

"බය වෙන්නෙපා.....තාම දාලා දවස් දෙකනෙ.ඕක යයි දිවාෂ....මට ෂුවර්"

"හ්ම්ම්ම්.....ගියොත් හොදා.ඔයා ගන්න ටිකට් එක මටත් කියන්ට මාත් ගන්න ඕනි"

"හා මම කියන්නම් දිවාෂ"

නේත්‍ර එහෙම්මම උදැල්ල උස්සලා ඒ හරියෙ තියෙන වල්පැල සුද්ධ කරන්න ගත්තෙ ටිකට් ගැන හිත හිතමයි.තමන් කමිටු සාමාජිකයෙක් උනත් ටිකට් එකක් නැතුව මැච් එක බලන්න යන්න බැරි බව නේත්‍ර දැනන් හිටියා.අනික නිවේදන කටයුතු කලාට පස්සෙ තමන්ට රැදෙන්න වෙන්නෙ පැවීලියන් එකේ නිසා කොහොමත් ටිකට් එක අනිවාර්යය උනා.මේක ආශව සෙල්ලම් කරන තීරණාත්මකම තරගයක් වෙද්දි,තමන්ගෙන් පේන තැනක ඉන්න කියලා ආශව ඉල්ලලා තියෙද්දි නේත්‍රට පසුපසම ආසන තියෙන ටිකට් එකක් අරගෙනත් බැරි වුනා.ඒත් සෑහෙන්න මිල අධික ඉහල පෙලේ ආසනයක් ගන්නත් නේත්‍රට පුළුවන්කමක් තිබුනෙ නෑ.අතේ ඉතිරි කරං තිබ්බ ඔක්කොම සල්ලිත් ආශවට හදල දුන්නු මුද්දට වියදම් වෙලා තිබුණා.අනික් පැත්තට සුදුබේබිගෙ තරගෙ බලන්න සුදුබේබිම ටිකට් එකක් අරං දෙන එකට නේත්‍ර කැමති වුණේම නැහැ.එයාට ඕනි උනේ එයාගෙම මහන්සියෙන් සුදුබේබිගෙ තරගෙ බලන්න.

"චූචියො....මොකක් හරි අවුලක්ද?"

"නෑ නෑ දිවාෂ....අයියෝ...ඔහොම නෙවේ උදළුගාන්නෙ....කෝ ඔයා රේක්කෙ අරං මේ ටික අදින්නකො.මම උදළු ගාන්නම්"

"නෑ නෑ මම කරන්නම්....මේ ඉස්සුවා ගැහුවා හරි ලේසියි අනේ"

"බිම් කොටනව වගේ දිවාෂ....හයියෝ....ඔය පොලවෙ වලවල් හැදෙනවා විතරයි....ආ හොද ලමයා වගේ මේක අරං මේ ටික එක්කහු කරල අර විල්බැරැක්කෙට දාන්නකො"

නේත්‍ර ආදරෙන් කියද්දි දිවාෂ ඔලුව වනලා රේක්කෙන් ඒ ටික අදින්න ගත්තා.ඒත් එක්කම එතනට ආවෙ රකිතයි තෙවිනුයි ඉන්දීපයි.පුංචි සරීරයක් තියෙන නේත්‍ර උදළු ගානවා බලන් ඉන්න බැරි වුනු ඉන්දීප බලෙන් උදැල්ල ඉල්ලගෙන උදළු ගාන්න ගනිද්දි නේත්‍ර ආර්ය එක්ක එකතු වෙලා උදළු ගාන්න අපහසු හරියවල් වල තිබ්බ වල්පැල ගලවන්න ගත්තා.

"ඕයි මේ ඒක නෙවේ"

"කියන්න"

ආර්ය දිවාෂ දිහා බලලා කතා කරද්දි දිවාෂත් උත්තර දුන්නා.

"සෙනදි දැන් මැසේජ් කරන්නෑ?"

"අනේ පැංචො"

දිවාෂ මූණත් බෙරි කරං ආර්ය දිහා බලද්දි දෙන්නගෙ කතාවට හොරෙන් කන් දීගෙන හිටිය තෙවිනුත් දිවාෂ දිහා බැලුවා.

"මොකෝ?"

"අනේ සෙනදිගෙ අයියා මැසේජ් කරනවනෙ දැන්"

දිවාෂගෙ මූණෙ තිබ්බ අසරණ පාට දැක්ක ආර්යගෙ කටින් බොහ් ගාලා හිනාවක් එලියට පනිද්දි නේත්‍රනම් දිවාෂ දිහා බලන් හිටියෙ හරි දුකින්.මොකද කාලෙක ඉදන් සෙනදිගෙ අයියා මැසේජ් කර කර වාත වෙන එක ගැන දිවාෂ ඇවිත් හැමදාම දුක කිව්වෙ නේත්‍රට.ආර්ය දැනන් නොහිටියට ඒ ගැන නේත්‍ර හොදටම දැනන් හිටියා.දිවාෂ දිහා බලන් හිටිය තෙවින් වචනයක්වත් නොකියා ආපහු පාරක් කර කර උන්නු වැඩේම කරන්න ගනිද්දි ඉන්දීප හෙමින් සැරේ සෙනදිගෙ අයියා කවුද කියලා කට්ටියගෙන් අහගන්න ගමන් හිටියා.

"ආහ්! හු#ත!"

දිවාෂගෙ ඇස් වලට කදුළු පිරුණෙ සුද්ධ කර අර උන්නු රොඩු ගොඩ අස්සෙ තිබ්බ වල්පැලේක කට්ටකට ඇගිල්ලක් කැපිලා ගිය හන්දා.දිවාෂගෙ කෙදිරිල්ල හින්දා ඒ දිහා බැලුව නේත්‍ර එතනට යන්න කලින් ඉන්දීපයි තෙවිනුයි ඒ ලගට දුවං ගියා.දිවාෂගෙ අතින් අල්ලගත්තු ඉන්දීප ඇගිල්ල දිහා වේදනාවකින් බලන් ඉන්න ගමන් මොකකටද කැපුනෙ කියලා අහද්දි දිවාෂව ඇදලා ගත්තු තෙවින් දිවාෂගෙ ඇගිල්ල ලග තිබ්බ ජලකරාමෙකට අල්ලලා තියලා එතනින් ගියේ දිවාෂගෙ ඔලුවටත් ටොක්කක් ඇනගෙන.

"ආව්වා යකෝ! තුවාල වෙලා තියෙද්දි ගහන්න එපා! තිරිසනා!!!"

දිවාෂ ඈතට යන තෙවින් දිහා බලලා කෑ ගහද්දි ලගට ආව නේත්‍ර දිවාෂගෙ ඇගිල්ල මිරිකලා ලේ ටික යවලා දාලා වතුර පාරට දිගටම ඇගිල්ල හිටින විදියට අල්ලගත්තා.දිවාෂ දිහා බලන් හිටිය ඉන්දීප දිහා බැලුව නේත්‍ර ඉන්දීපට කතා කලේ දිවාෂව දාලා යන්න බැරි හින්දා.

"ඉන්දීප අයියෙ....පුළුවන්නම් ප්ලාස්ටර් එකක් අරං එන්න පුළුවන්ද?"

"හා....ඉන්න මල්ලි.අනේ මට අමතක උනානෙ"

ඉන්දීප එතනින් යන්න හැදුව එක නැවතුනේ දුවගෙන ඇවිත් දිවාෂගෙ අත වතුර කරාමෙන් අහකට අරගෙන ටිෂූ එකකින් පිහිදාන්න ගත්තු තෙවින් නිසා.ටිෂූ එකෙන් අත පිහදැම්ම තෙවින් සාක්කුවෙන් ගත්තු ප්ලාස්ටරයක් දිවාෂගෙ ඇගිල්ල වටේ අලවලා දිවාෂගෙ පස්සට පාරක් දුන්නා.

"පැත්තකට වෙලා ඉදපං යුගාන් දැන්! නැත්තං ඕක පෑරෙයි"

"පෑරෙන්න මහ ලොකු තුවාලයක් නෙවෙයිනෙ"

"ඔයා රොඩු අස් කරන්න එපා දිවාෂ.....ඕකට දූවිලි මොනාහරි ගියොත් එහෙම"

"අනේ චූචියො....මට බෑ නිකං ඉන්න"

"හා එහෙනම් අපි රොඩු දාලා දුන්නම විල්බැරැක්කෙ අරං ගිහින් කුණු වලට හලලා එන්නකො"

"හා....මගෙ හොද නේත්‍රයා"

දිවාෂ නේත්‍රගෙ ඔලුව අතගාලා කියද්දි දිවාෂට පැත්තටක වෙලා ඉන්න ඉඩ සැලැස්සුව නේත්‍ර ආයෙමත් කට්ටිය එක්ක වැඩ පටන් ගත්තා.මුළු ඉස්කෝලෙම ලමයි එලියට බැහැලා කඩියො වගේ පිරිසිදු කිරීම් කටයුතු වල නිරත වෙලා හිටියා.මේ දවස් ටිකම මහන්සි වෙනව ඇරෙන්න වෙන දෙයක් කරන්න නැති වග කට්ටියම දැනන් හිටියා.නේත්‍රලා හිටියෙ හොද පණ ගිහින්.ඒතරමට මේ දවස් වල වැඩ ගොඩ ගැහිලා තිබ්බා.දවසම මහා ක්‍රිකට් සටනෙ වැඩකටයුතු වලට මහන්සි වෙලා රෑ දෙගොඩහරි ජාමයක් වෙනකං පාසලේ මග ඇරුණු ඉගෙනීම් කටයුතු කරන නේත්‍රගෙ හිතට තිබ්බ එකම සහනෙ මේ ටිකේ රෑට ආශවගෙන් එන විනාඩි දෙක තුනේ දුරකතන ඇමතුම විතරයි.

දවල් දොලහත් පහු වෙනකං ශ්‍රමදාන කටයුතු වල නිරත වෙලා පාසලම පිලිවෙලකට සකසලා අවසන් කෙරුව ලමයි ගැන හිතුව ගුරුවරු අද දොලහෙන් පස්සෙ ඉගෙනීම් කටයුතු කරන්නෑ කියලා තීරණයක් අරං තිබ්බා.පීක් පීක් ගගා විල්බැරෝව තල්ලුකරං ඉස්කෝලෙ වටේ දිව්ව දිවාෂ විල්බැරැක්කෙ එක්කම මාධ්‍ය ඒකකේට ගිහින් පාසලටම ඒ පිලිඹදව දැනුම් දීලා පන්තියට ආවා.මූණ කට සෝදන් නේත්‍රලා එක්කම පන්තියට ආව ආර්ය මේසෙට පොඩ්ඩක් ඔලුව තියං නිදාගත්තෙ අද හවස් වෙනකං තූර්ය වාදක කන්ඩායමේ පුහුණුවීම් කටයුතු කරන්න ඕනි හින්දා.

"ඔයාලත් හවස ඉන්නවා නේද නේත්‍ර?"

"ඔව් ආර්ය....කොහොමත් සුදුබේබි එක්ක යන්න ඉන්නවා මම....අද රකිත අයියලත් ඉදියි....තව දවස් කීයද තියෙන්න්ස් බිග් මැච් එකට.වැඩ තියෙනවනෙ කරන්න....ආෆ්ට පාටි එක එයාලා නේද දෙන්නෙ දිවාෂ?"

"ඕ....ඒක රකිත අයියලා ඕගනයිස් කරන්නෙ.කොහොමත් ඒ වැඩේ ඉස්කෝලෙ දෙකේ ටොප් බෝඩ් එකනෙ කරන්නෙ"

"එහෙනම් හරි.....අනේ හරි මහන්සියි මට...ඔලුවත් රිදෙනවා"

"අර ආසවයා!"

දිවාෂගෙ කටේ සද්දෙට මේසෙට ඔලුව තියං උන්නු ආර්යයි නේත්‍රයි දෙන්නම ඔලුව උස්සලා බැලුවා.නේත්‍රලාගෙ පන්තිය ඉස්සරහට වෙලා ඈත ඉන්න කාටහරි කතා කරන ආශව දිහා නේත්‍ර බලන් හිටියෙ හිනාවීගෙන.

"ඒක දීලා තියෙන්නෙ!"

"උඹ මොකටද ඔය පැත්තට යන්න  දැන්?"

"මල්ලි කෙනෙක්‍ට පණිවිඩයක් දෙන්න...උඹ ඔෆිස් එකට යමං මම එන්නම්"

"අනේ ඉක්මනට වරෙං ඈ.....ප්‍රින්සිපල් උබට තරම් අපිට මොත්තෙ දාන්නෑනෙ"

"හා හා විනාඩි පහයි"

ඈත හිටිය කෙනාට කිව්ව ආශව නේත්‍රලාගෙ පන්තියට ඇතුල් වෙද්දි කෑ ගගහා හිටිය කොල්ලො ටික සද්ද නවත්තලා හෙමීට කතා කර කර තමන් කර කර හිටිය වැඩ ටික කරන්න ගත්තා.කෙලින්ම නේත්‍රලා ලගට ආව ආශව මේසෙ උඩ තිබ්බ නේත්‍රගෙ වතුර බෝතලේ අරගෙන ඒකෙන් උගුරු දෙක තුනක් බීලා නේත්‍ර දිහා බලද්දි නේත්‍ර ආශව දිහා ඇසුත් බෝල කරං බලන් හිටියා.අව්වෙ ඉන්න හන්දා එන්න එන්නම දුඹුරු ගැහෙන ආශවගෙ කඩවසම් බවත් ඒ එක්කම වෙනසක් නොවී තියෙන්නෙ කොහොමද කියලා පුංචි එකා බර කල්පනාවක හිටියා.එයාගෙ සුදුබේබි කොහොම හිටියත් ලස්සනයි කියන නිගමනේට ආව නේත්‍ර ආශව බීපු වතුර බෝතලේ වහද්දි ආශව නේත්‍රට කතා කලා.

"සුදුබේබි?"

"U....Under 19 squad එකේ නේම් ලිස්ට් එක ආවා....ම්...මගෙ නම තියෙනවා නේත්‍ර....මම සිලෙක්ට් වෙලා"

"ස්...සුදුබේබි! මගෙ සුදුබේබිට වරදින්නෑ.....මම කිව්වෙ සුදුබේබි සිලෙක්ට් වෙයි කියලා"

"ම්....මම ඉස්සෙල්ලාම ඒක කිව්වෙ නේත්‍රට"

"සුදුබේබි.....බුදුසරණයි මගෙ රත්තරනේ"

නේත්‍රට මතක් වුනේ මීට දවස් කිපෙකට කලින් සංචිතය තෝරාගැනීමේ කටයුත්තට සහභාගී වුණු සුදුබේබිව.දවස් දෙකක් කොළබ නතර වෙලා ඉදල ඇවිත් ආව ගමන්ම තමන්ගෙ ගෙදෙට්ට දුවං ඇවිත් තමන්ගෙ උකුලෙන් ඔලුව තියාගත්තු සුදුබේබිව නේත්‍රට මතක් වුණා.පුංචි කාලෙ ඉදන් දැක්ක හීනෙට පලවෙනි අඩිය තිබ්බත් ආශවගෙ හිතට චකිතයක් ඇවිත් තිබ්බෙ තමන් සංචිතටය ඇතුල් වෙන්න තරම් සුදුසුද කියන එක මත තිබ්බ දෙගිඩියාව නිසා.ඉතින් එදත් හැමදාම කරනවා වගේ නේත්‍ර ආශවගෙ හිතට විශ්වාසෙ,ආත්ම ශක්තිය ඇති කලා.ඒ හැමදේමත් එක්ක තමන්ගෙ හුස්ම පොද පවා එකට බෙදාගන්න නේත්‍රට මේ සුභ පණිවිඩේ ඉස්සෙල්ලාම කියන්න ආශව දුවන් ඇවිත් තිබ්බා.නේත්‍රගෙ ඇස් වලින් සතුටු කදුළක් වැටෙද්දි දිවාෂත් හොරෙන් තමන්ගෙ ඇස් දෙක පිහගත්තා.

ටික වෙලාවක් දිවාෂට එහා ඇත්තෙ තිබ්බ හිස් පුටුවට වෙලා මහන්සි ඇරිය ආශව දැනට දැනගෙන තිබ්බ සංචිතයෙ විස්තර නේත්‍ර එක්ක බෙදාගත්තෙ මහන්සිය නිවෙනකං.ඒත් එක්කම දෙයක් මතක් වුණු ආශව යන්න නැගිට්ටා.

"නේත්‍ර,හවස ඉන්නවද අදත්?"

"ඕ සුදුබේබි.....දිවාෂලත් ඉන්නවා"

"එහෙනම් අතනින් කාලම ග්‍රවුන්ඩ් එකට එන්න හොදද? කූල් මුකුත් බොන්න එපා අව්වෙ වැඩ කරලා වැඩ කරලා"

"නෑ සුදුබේබි....බොන්නෙ නෑ.මම කාලා එන්නම්"

"හරි....නේත්‍ර උදව්වක් කරන්නකො"

"මොකද්ද සුදුබේබි,කියන්න"

"අපේ රිපෝට් කාඩ්ස් අද දීලා....ඕක අද නොගත්තොත් අපේ මැඩම් ගෙදරට කෝල් කරනවා...නේත්‍ර දන්නවනෙ මම ගෙදර කවුරුත් ඉස්කෝලෙට එනවට වැඩියෙ ආසා ඈ කියලා"

"ඕ සුදුබේබි"

"පුළුවන්නම් ගිහින් මගෙ රිපෝට් එක අරං එනවද? මට දැන් යන්න විදියක් නෑ අපිට ප්‍රින්සිපල් එක්ක මීටින් එකක්.මැණිකෙට කරදරයක් නැත්තං...."

"අනේ නෑ සුදුබේබි.මම ගිහින් අරං එන්නම්.සුදුබේබි පරිස්සමට වැඩ ටික කරගන්නකො"

"හරි නේත්‍ර....මම යනවා එහෙනම්.කට්ටිය එක්ක කාලම එන්න ග්‍රවුන්ඩ් එකට"

"හරි සුදුබේබි බුදුසරණයි"

"බුදුසරණයි නේත්‍ර"

නේත්‍රගෙ කොණ්ඩෙ අවුල් කල ආශව පන්තියෙන් එලියට ගියාට පස්සෙ ආයෙමත් කොල්ලො ටික හෝ ගාලා කයිවාරුව පටන් ගත්තා.දිවාෂව අතින් අල්ලගත්තු නේත්‍ර ආශවලගෙ පන්ති පැත්තට ගියේ ටිකක් දෙගිඩියාවෙන්.මොකද තමන්ට ගුරුතුමී කෑ ගැහුවොත් කියන බය නේත්‍රගෙ හිතේ තිබ්බා.ඒත් එහෙම කෑ ගහනවනම් සුදුබේබි කොහොමත් තමන්ව මෙහෙම ගමනක් නොයවන බව දන්න නේත්‍ර ආශවලගෙ පන්තියෙ දොරකඩ ලගින් හිටගෙන හෙමින් සැරේ ඒ චුට්ටං ඔලු ගෙඩිය පන්තිය ඇතුලට දැම්මා.

"එක්ස්කියුස් මී මැඩම්...."

නේත්‍රගෙ හීන් කටහඩ එක්ක පන්තියෙ හිටිය ඔක්කොමල්ලා නේත්‍ර දිහා බලද්දි නේත්‍රට දැනුනෙ ලොකු අපහසුවක්.ඉස්කෝලෙටම උගන්නන්නෙ නැති උනත් ආශවලගෙ අංශෙ ඔක්කොම පන්ති වල ලමයිගෙ ප්‍රගති වාර්ථා දෙන නිසා ඒ ගොඩනැගිල්ල යම්තාක් දුරක නිහැඩියාවක ගිලිලා තිබ්බා.

"එන්න පුතා"

තමන් දිහාට එල්ල වෙලා තියෙන ඇස් වල බැල්ම අපහසුවෙන් මගෑරිය නේත්‍ර හෙමින් සැරේ පන්තිය ඇතුලට යද්දි කවුරුහරි කොල්ලෙක් නේත්‍රට සූස් පාරක් ගැහුවා.

"ඇයි උබගෙ අප්පච්චි නයෙක්ද?"

දොරකඩට හේත්තුවක් දාගෙන හිටියෙ දිවාෂ අර ඇතුලෙ ඉන්නෙ වැඩිමල් මිනිස්සු කියලවත් නොහිත සූස් ගෑව කොල්ලට කෑගහද්දි පන්තිය ඇතුලෙ හිටිය ගුරුතුමී දොරකඩ දිහා බලලා හිනා වෙල පන්තිය දිහා බැලුවා.

"මේ කාගෙ යාලුවද කියලා දැනගෙන සූස් සූස් ගෑවනම් හරිනෙ මන්තිල.....දැන් අහගත්තනෙ.දිවාෂ පුතා,ඔයාලගෙ අයියගෙ රිපෝට් එක දෙනෙත් ගත්තා"

"හා මැඩම්....දෙවින් පණ මට කිව්වෙත් නෑ එයාගෙ එක ගන්න කියලා.මගෙ නෑනෙ අයියට උනත් පැන පැන සර්විස්....මැඩම් මේ අහන්නකො"

කයිය ගහගෙනම දිවාෂ ඇවිත් ගුරුතුමී ලගින් හිටගෙන බර සාකච්ඡාවක් පටන් ගනිද්දි ගුරුතුමීත් දිවාෂ එක්ක හිනාවෙවීම කතාව පටන් ගත්තෙ දිවාෂ කියන්නෙ තමන්ගෙ ආසම ශිෂ්‍යයෙක් නිසා.නේත්‍රටත් ඒ හා සමානවම ගුරුතුමී ආදරේ කරද්දි දිවාෂගෙ දඟ ගතිගුණ එක්ක ගුරුතුමීට තමන්ගෙ විවාහක පුතාගෙ පුංචි කාලෙ නිතරම මතක් වුණා.

"අයියලා වැඩ කර්ගෙන යනවද දරුවනේ? නේත්‍ර පුතානම් අයියට උදව් කරනවා කියලා දන්නව මම....ආශව ඉකෝන් නෝට්ස් බාගෙට බාගයක්ම තියෙන්නෙ නේත්‍රගෙ අත් අකුරු වලින්නෙ"

"ස්....ආශව අයියා වැඩ කරනවා මැඩම්....රෑ වෙනකං පාඩම් කරනවා මහන්සි වෙලා"

"එහෙනම් කමක් නෑ.....අගෝස්තු වල නොතිබ්බත් සැප්තැම්බර් ඔක්තෝබර් වෙද්දිවත් එක්සෑම් තියෙයි පුතේ.....අයියලා දෙන්නව උනන්දු කරවන්න.ඔය බැට් එක උස්සන් ඕකම වන වන ඉදලා හරියන්නෑනෙ"

පන්තිභාර ගුරුතුමියගෙ වචන වලට නේත්‍රයි දිවාෂයි ඔලුව වැනුවත් නේත්‍රගෙ හිතේ වැඩ කල අදහස ඊට හාත්පසින්ම විරුද්ධ වුණා.ලංකාවෙ මනුස්සයෙක්ට ගොඩ යන්න පුළුවන් එකම විදිය අධ්‍යාපනේ කියලා පුංචි කාලෙ ඉදලා ලමයිගෙ ඔලුවලට ඔබන එක සාධාරණද,තාර්කිකද කියලා නේත්‍ර කල්පනා කලා.හොදටම ඉගෙන ගන්න බැරි උනාට ක්‍රීඩාවට හෝ වේවා කලාවට හෝ වේවා මොන යම් දේකට හෝ වේවා අතිදක්ෂ දරුවෙක්ගෙ අනාගතේ එතකොට අවිනිශ්චිතද? වෙන රටවල් වල දරුවන්ට තමන්ට පුළුවන් මාර්ගෙන් ඉදිරියට යන්න වැඩිහිටි හැමෝගෙන්ම උදව්ව,මගපෙන්වීම ලැබෙද්දි ලංකාවෙ විතරක් මේ විදියට ඉගෙනීමට විතරක්ම තල්ලු කරන එක හරිද? විශ්වවිද්‍යාල වරම් ලබලා,අවුරුදු ගාණක් කට්ට කාලා එලියට ඇවිත් රුපියල් පනස්දාහෙ පඩියට වැඩ කරන මිනිහට වඩා ඒ ලෙවල් වලට මූණ දීලා යාන්තමට සමත් වෙලා හරි නැතිව හරි තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් අරං ඒකෙන් දියුණු වෙලා මාසෙට ලක්ෂ ගණන් ලාභ උපයන මිනිහා බලවතෙක් නෙවෙයිද?

ඉගෙන ගන්න ඕනි.උගත්කම කියන දේ තමන්ට ආභරණයක්.සල්ලිකාර නූගතෙක්ට වඩා උගතා හුගක් ඉදිරියෙන් ඉන්න බවත් ඇත්ත.නුමුත් එතන ඉගෙනීම කියන දේට වඩා දෙයක් තියෙන බව ලංකාවෙ හුග දෙනෙක් තවම ඔලුවට අරං නෑ කියන බව තිත්ත ඇත්ත.ආට් කරන එකා කොමස් කරන එකා මෝඩයෙක්ය,රිසාල්ට්ස් අඩු නිසා කරනවය.....මැත්ස් බයෝ කරන උන් උගත්තුය,කරලා ෆේල් උනත් මාන්නයක්ය....මෙන්න මේ වගේ බහුබූත අදහස් වලින් ඔලු පුරවං ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආසාවෙන් ඉන්න දරුවව දොස්තර කෙනෙක් කරන්න දගලන දෙමව්පියො එක්ක ගැටෙන්න බැරි දරුවා අන්තිමේ විභාගත් අසමත් වෙලා යෑමක් ඒමක් නැති එකෙන් තමන්ගෙම ජීවිත විනාස කරගන්න අවස්ථා ලංකාවෙ කොයි තරම්නම් තියෙනවද කියලා නේත්‍ර කල්පනා කලා.

පුංචි කාලෙ ඉදන් සුදුබේබිගෙ අඩිපාරෙ ගිය පුංචි නේත්‍ර උසස් පෙලටත් සුදුබේබි කරන විශයන්ම වගේ වගක් නැතිව තෝරගන්න යද්දි සුදුබේබි වැව් ඉස්මත්තට වෙලා නේත්‍රව පපුවට ලං කරං එක විෂය ධාරාවෙන් ධාරාව ගැන තමන්ට පැහැදිලි කරල දුන්නු හැටි නේත්‍රට මතක් වුණා.අනාගත වෘත්තීය අවස්ථා ගැනත් පුලුවන් විදියට නේත්‍රට පැහැදිලි කරලා දුන්නු ආශව අන්තිමට නේත්‍රට හොදට හිතලා බලලා විෂය තෝරගන්න කිව්වට පස්සෙ නේත්‍ර වානිජ විෂය ධාරාව තෝරගත්තා.හැම තැනදිම තමන්ට හරි මග පෙන්නන්න සුදුබේබි උන්නට හුගක් අයට එහෙම වැඩිහිටියෙක් නැති නිසා ඒ ජීවිත නොදැනිම විනාස වෙන එක ගැන නේත්‍ර දුක්වුණා.

"ආ නේත්‍ර පුතා අයියගෙ රිපෝට් එක...බීඑස් වලට ලකුණු අඩුයි ආශවගෙ....එයාට අමතක කරන්න එපා කියන්න බීඑස් වල ඉසෙඩ් එක වැඩියි කියන එක"

"හරි මැඩම්....එහෙනම් යන්නම් අපි...තෑන්ක්‍යූ මැඩම්"

"යනවා මැඩම්"

"හරි පුතාලා"

නේත්‍ර ආශවගෙ ප්‍රගති වාර්ථාව පෙරල පෙරල පන්තියට යද්දි දිවාෂත් ඒ දිහාවට එබීගෙන ගියා.ආශවගෙ ව්‍යාපාර අධ්‍යනය විශයට ලකුනු එන්න එන්නම වැඩිවෙලා තියෙන හැටි දැක්ක නේත්‍රට කල්පනා වුණේ ආශව පාඩම් කරන විෂයන් වලට ඒ හැටි කැමති නෑ නේද කියන එක.ඒකට මොකක් හරි උපායක් යොදන්න හිතාගත්තු නේත්‍ර බිග් මැච් සමය ඉවර වෙනකං ඒ ගැන පීඩනේ ආශවගෙ කරට නොදා පස්සෙ ඒ ගැන කතා කරන්න හිතාගත්තා.

"උබ කොහෙද බලන් ඉන්නෙ?"

"ආ....ආහ් තෙවින්.කොහෙවත් නෑ.....අර දිවාෂයි නේත්‍රයි එලියෙ ඉන්නවා දැක්කා"

ගොඩනැගිල්ලෙ ඉහල මාලයේ කොරිඩෝවෙ බැම්මට අත් දෙක තියං ඉස්සරහට එබීගෙන දිවාෂ දිහා බලන් හිටිය ඉන්දීප ගැස්සිලා ගියේ තෙවින්ගෙ හඩින්.ඉන්දීපගෙ උත්තරේ එක්ක තෙවින්ගෙ ඇස් දෙක වෙනස් වුනත් මොනා හරි කියව කියව නේත්‍ර එක්ක යන දිවාෂ දිහා බලන් හිටිය ඉන්දීපට ඒ වෙනස මගෑරුණා.

"ආහ්....උඹ යුගාන් දිහාද බලන් හිටියෙ?"

"ඔ...න්....නෑ නැ....නිකං දැක්කා මම"

"ආහ්!"

දිවාෂලා නොපෙනිලා ගියාට පස්සෙ ඉන්දීප තෙවින් දිහාට හැරෙද්දි ඉන්දීපගෙ ඇස් වල තිබ්බ දිලිසීම තෙවින්ට හොදටම පෙනුනා.

"දිවාෂ මල්ලි හොද කෙනෙක් නේද තෙවින්?"

"හ්ම්ම්.....බලු කටක් තිබ්බට හොදයි ගතිගුණ"

"ඔයයි දෙවිනුයි දිවාෂ මල්ලිට හුගක් ක්ලෝස්නෙ....එයා ගැන විස්තර ටිකක් කියන්නකො"

"උඹට මොකටද යුගාන් ගැන විස්තර?"

තෙවින්ගෙ කටහඩේ අමුත්තක් දැනුනු නිසා ඉන්දීප තෙවින් දිහා ඔලුව හරවලා බලද්දි තෙවින් අමාරුවෙන් හිනාවක් මූණට නංවගත්තා.

"නෑ තෙවින්....මට නිකං දැනගන්න...."

"ඉන්දීප කැමතිද යුගාන්ට?"

"න්....නෑ තෙවින්.මම නිකං මේ ඇහුවෙ"

"ආහ්.....යුගාන් ඇත්තටම ඔයිට වඩා වෙනස්"

"ඒ කිව්වෙ?"

"යුගාන් ගැන අපි විතරක් දන්න රහසක් තියෙනවා"

"ඒ මොකද්ද? මට කිව්වට අවුලක් නැත්තං කියන්න...මම කාටවත් කියන්නෑ.උඹට පුළුවන් මාව විශ්වාස කරන්න"

"හ්ම්ම්....කාටවත්ම කියන්න එපා ඉන්දීප හොදද?"

"හරි"

"යුගාන් හවස් හයෙන් පස්සෙ භූතාරූඪ වෙනවා"

"මොකක්!"

"ඔව්....යුගාන්ට පුංචි කාලෙ ඉදන් පෙරේත බැල්මක් වැටිලා තියෙන්නෙ.....හවස හයෙන් පස්සෙ යුගාන් තනිකරම යකෙක්....දම්වැල් දාලා බැදලා දාන වෙලාවල් පවා තියෙනවා"

"ඇ....ඇත්තමද?"

"හ්ම්ම්....යුගාන්ට මාසෙකට සැරයක් ලේ බොන්න ඕනි.....මගෙ ඇස් දෙකෙන්ම දැකලා තියේ වහු පැටියෙක්ගෙ බෙල්ල කඩලා ලේ බොනවා"

"ඕ මයි ගෝඩ්! පවු දිවාෂ මල්ලි"

"ඔව් පව්.....මොනා කරන්නද ඉතින්.ලබා උපන් විදියනෙ"

"අනේ මංදා තෙවින්"

ඉන්දීප ලොකු කල්පනාවකට වැටෙද්දි තඩි පචයක් කියලා ඒක සාර්ථකව අවසන් කරගන්න හැකි වුණු එකේ සතුට ඉහවහා ගිය තෙවින් උඩ පැන පැන පහලට බහින්න ගත්තා.මොන හේතුවකට හරි තෙවින්ට ඕනි උනා දිවාෂගෙන් ඉන්දීපව ඈත් කරලා තියන්න.ඒකට ඔයිට වඩා දෙයක් උනත් කරන්න තෙවින්ට පුළුවන්කමක් තිබ්බා.සාක්කුවට අත දාලා ඊයෙ දිවාෂගෙ බෑග් එකෙන් ගලවගත්තු කී ටැගය දිහා බලලා හිනා වුණු තෙවින් ඒක සාක්කුවට දාන් ආයෙමත් පිස්සෙක් වගේ උඩ පැන පැන පඩිපෙල නගින්න ගත්තා.

.

.

.

.

.

"බලපංකො යකෝ ආශවටයි,දෙවින්ටයි,රධීන්ටයි,සහස්‍රටයි වැටිලා තියෙන කමෙන්ට්ස්.....නේත්‍රටයි දෙනෙත්ටයි මුන් දෙන්නව හෙන රැකිල්ලක් රකින්න වෙයි වගේ"

හවස හතරත් පහු වෙලා තියෙන වෙලාවකදි පැවීලියන් එකේ ඉදගෙන උන්නු රකිත හිනාවෙවී කියද්දි නේත්‍රත් රකිතගෙ අතේ තිබ්බ දුරකතනෙට එබිලා හිනා වුණා.තෙවින්ගෙ දුරකතනෙ තමන්ගෙ වගේ පාවිච්චි කර හිටිය දිවාෂ තමන්ගෙ පාසල් නිල ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වල උඩුගත කරලා තිබ්බ ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකයන්ගෙ වීඩියෝ වලට ලැබිල තිබ්බ කමෙන්ට්ස් කියවන ගමන් හිටියා.

"රධීනයට දාලා කෙල්ලෙක් මූනම් හෙනම පැණියා කියලා...හොද වැඩේ බේසිකයට"

"දිවාෂ මල්ලි ආශවගෙයි දෙවින්ගෙයි කමෙන්ට්ස් බලන්නකො.....දෙසිය හැත්තෑවක් ශෙයා කරලත් එක්ක ආශවගෙ වීඩියෝ එක"

"මේ අපි දන්නෙ නැති උනාට හෙන කෙල්ලො ගොඩක් ආසවයට ලයින්ද කොහෙද? මේ බලන්නකො කෙල්ලො පනහක්ව විතරම මෙන්ෂන් කරල වීඩියෝ එකට"

කට්ටිය කතාවෙන ඒවා නේත්‍ර අහගෙන හිටියෙ හිනා වෙවී.ඔය හැමදේම නේත්‍ර කලින් දවසෙ දැක්කා.ඒ හැමදේම නේත්‍රට හරි සාමාන්‍ය උනා.කොහොමත් ආශව පාරෙ යද්දි ඕනිම කෙනෙක්ගෙ ඇස් ආශවට යන වග නේත්‍ර දැනන් හිටියා.ඉතින් ඒකට ආශව මොනා කරන්නද? ඒක ආශවගෙ වරදක් නොවෙන බව නේත්‍ර තේරුම් අරං හිටියා.ඉතින් ඒ හන්දා බොරුවට රණ්ඩු වෙන්න,ඉරිසියා කරන්න උවමනාවක් නේත්‍රට තිබ්බෙ නෑ.

"දිවාෂ මල්ලි"

"ඕ ඉන්දීප්පයියෙ"

දිවාෂ බෙල්ලත් නවාගෙන ඉන්දීප දිහා බලද්දි තෙවින් දිවාෂගෙ බෙල්ල අල්ලලා කෙලින් කලේ දිවාෂ බලන් හිටිය විදියට ඉන්දීපගෙ මූණෙ හිනාවක් ඇදෙන හැටි දැක්ක නිසා.

"ජීවිතේ අපි හැමෝටම එක එක විදියෙ අමුතු දේවල් සිද්ධ වෙනවා තමා....ඒත්...ඒත් අපි එව්වට සාර්ථකව මූණ දෙන්නෝනි"

"ඔව් ඉන්දීප්පයියෙ"

"ඒවා දුර්වලතා කියලා හිතන්න එපා....ඔයාට පුළුවන් එව්වට මූණ දෙන්න.සමහරවිට ඔයා අනික් අයටවඩා විශේෂ කෙනෙක් වෙන්න ඇති"

"ඕ ඕ....මම විශේෂයි තමා"

"ඔව්.....ඔයාගෙ ඕනිම දේකට මම ඉන්නවා හොදද? ඒක අමතක කරන්නෙපා"

"ඇත්තමද?"

"ඔව්"

"අනේ එහෙනම් මේකට වතුර එකක් පුරෝලා ගෙන්නකො ඉන්දීප්පයියෙ....ටැප් එක ලගට යන්න බයයි"

"ඕක මොකද්ද? කෝ මෙහෙට දෙන්න"

"අනේ මගෙ හොද ඉන්දීප්පයියා.....එන්න ඔයාට උම්මියක් දෙන්න මම"

"යුගාන්!"

තෙවින්ගෙ බොරුව විශ්වාස කරගෙන හිටිය ඉන්දීප හිතුවෙ දැන් හවස් වෙලා නිසා දිවාෂ ජල කරාමෙ ලගට යන්න බයේ ඇත්තෙ කියලා.දිවාෂගෙ ඔලුව අතගාලා හිනා වුණු ඉන්දීප එතනින් යන්න හදද්දි දිවාෂ වැඩිදුර නොහිතා නොබලා ඉන්දීපගෙ කම්මුල් දෙකෙන් අල්ලගත්තත් ඉන්දීපගෙ හිතේ දිවාෂ ගැන තියෙන අදහස ගැන ලාවට දන්න තෙවින්ට මේ දිහා බලාගෙන ඉන්න බැරි උනා.දිවාෂගෙ අත දඬු අඬුවක් වගේ ග්‍රහණෙකට අහු වෙනවත් හිතන්නවත් වෙලාවක් නොදී දිවාෂව පස්සට ඇදෙනවත් එක්ක දිවාෂ දැක්කෙ තෙවින්ගෙ කේන්තියෙන් පිරුණු ඇස් දෙක.තෙවින්ගෙ රැවිල්ල එක්ක කාටවත් බය නැති දිවාෂ මුකුත් නොකියා අහක බලාගනිද්දි තෙවින් දිවාෂට කතා කලා.

"යුගාන්ගෙ බෙල්ලෙ කූඹියෙක් යනවා මේ"

"අරං කාපං ඌව!"

"මම ගිහින් වතුර එකක් අරං එන්නම් මල්ලි"

දිවාෂගෙ ඔලුව අතගෑව ඉන්දීප එතනින් පිට වෙලා යද්දි තෙවින් දිවාෂව අතෑරියා.තෙවින්ගෙ අතට අහු උනු තැන අත ගගාම නේත්‍ර ලගට ගිය දිවාෂ නේත්‍ර එක්ක කතාව පටන් ගනිද්දි තෙවින් අහක බලාගත්තා.තෙවින්ගෙ හිතට ආව කේන්තිය පාලනේ කරගන්න තවම බැරි වෙලා තිබ්බා.වතුර අරං ආව ඉන්දීප බෝතලේ දිවාෂට දෙද්දි තෙවින් දිහා හොරෙන් බැලුව දිවාෂ වතුර එක බොන්න ගත්තෙ තෙවින්ගෙ මූණෙන් කිසිම හැගීමක් පේන්න නොතිබ්බ නිසා.මොකක් හරි හේතුවකට කේන්ති ගිය තෙවින්ගෙ කේන්තිය නිවෙන්න ඇති කියලා හිතුව දිවාෂ සද්ද නොකර ආයෙ නේත්‍රගෙ පැත්තට හැරෙද්දි දිවාෂට නොපෙනෙන විදියට තෙවින් තියං උන්නු තෙවින්ගෙ වම් අතේ තිබ්බ පෑනෙ ප්ලාස්ටික් කොටස කුඩුම වෙලා ගිහින් තිබුණා.

රකිතගෙ මූලිකත්වෙ එක්ක පැවීලියන් එකේ හිටිය කමිටු සාමාජිකයො කීප දෙනා තමන්ට පැවරිලා තියෙන වැඩ රාජකාරි හැම එකක්ම කරන හා කරලා තියෙන පිලිවෙල කතා බහ කරලා ඉවර කරගත්තා.නේත්‍ර පැත්තකට වෙලා නිවේදන කටයුතු ටික ගැන දල අදහසක් සටහන් කරගනිද්දි නේත්‍රගෙ ඇස් විටින් විටේ ගියේ කොළපාට දැල ඇතුලට වෙලා පුහුණුවීම් වල යෙදෙන ආශව දිහාවට.මේ ටිකේම අධික ලෙස මහන්සි වීමේ ප්‍රතිඵලය එක්ක හැමදාම රෑට ආශවට වේදනානාශක පෙති දීලා ආශවව නිදිකරවන එක නේත්‍රගෙ මූලිකම රාජකාරියක් උනේ ආශව හැදිලා තිබ්බ හිසේ කැක්කුම නිසා.

"අපි යං....නේත්‍ර, දෙයියනේ නින්ද ගිහින් නේද මෙයාට!"

පුහුණුවීම් ඉවර කරලා පැවීලියන් එක ලගට දුවං ආව ආශව කතා කරන ගමන්ම නේත්‍ර ලගට ඇදෙද්දි නේත්‍ර කණුවකට ඔලුව තියං නිදාගෙන හිටියා.නේත්‍රව ඇහැරෙන්නෙ නැති වෙන්න නේත්‍ර ලග තිබ්බ කොල පෑන් පැන්සල් නේත්‍රගෙ බෑගයට දාලා වහලා ඒකත් තමන්ගෙ කරේ එල්ලන් නේත්‍ර ලගින් ඉදන් හෙමිහිට නේත්‍රව අවදි කරන්න උත්සාහ කරන ආශව දිහා රකිතලා බලන් හිටියෙ නොසෑහෙන පුදුමෙන්.ජීවිතේට ආශවගෙ එයාලා නොදකින හරි මෘදු පැත්තක් නේත්‍ර ලගදි ආශවගෙන් එලියට එන විදිය බලන් ඉන්න ආසා හිතුනා.

"නේත්‍ර,නැගිටිමු අපි....කෝ....දැන් යන්නෝනි"

"ම්හ් ම්හ්"

"නැගිටින්නකො මැණිකෙ....මම වඩාගෙන යන්නද ඔයාව"

"ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්"

"එහෙනම් වඩා ගන්නවා!"

ආශව නේත්‍රගෙ ඉණ වටෙන් අත දාද්දිම අඩ නින්දෙ උන්නු නේත්‍ර හරි සිහියට ඇවිත් දගලන්න ගනිද්දි ආශවට හිනා ගියා.ආශවගෙ අතින් බෑග් දෙකම ගත්තු නේත්‍ර පිට්ටනියෙ පිටවීම ලග හිටියෙ ආශව බයිකය අරං එතනට එන්නම් කිව්ව නිසා.දිවාෂට සැර කල වෙලේ ඉදන් දිවාෂ එක්ක වචනයක්වත් කතා නොකල තෙවින් දිවාෂව 'එනවා' කියලා කෙටියෙන් කියන ගමන් තමන්ගෙ බයිකය නවත්තලා තියෙන තැනට යද්දි දිවාෂත් ඒ පිටිපස්සෙන් ඇදුනා.

"ඕයි!"

තමන් දිහා බලන්නෙවත් නැතුව කොණ්ඩෙ එක අතකින් හදන හමන් බයික් එකේ යතුර කරකෝ කරකෝ යන තෙවින්ට දිවාෂ කතා කලත් තෙවින් තඹ සතේකට දිවාෂ ගණන් ගත්තෙ නෑ.දිවාෂ කතා කරනවා ඇහෙන්නෙ නෑ වගේ තෙවින් ඉස්සරහ බලාගෙනම ඇවිදගෙන ගියා.

"දෙවින් පණ එන්නෙ නෑ අපි එක්ක යන්න?"

".............."

"බයික් එක මොන අස්සකද අනේ නැවැත්තුවෙ?"

".............."

"යකෝ මුගෙ මාන්නෙ! අනේ මේ අපරාදෙ මූ එක්ක ආවෙ....ඉන්දීප්පයියා එන්න කිව්ව වෙලේ ඌ එක්ක ගි....ආහ්!"

දිවාෂට තමන්ගෙ කතාව සම්පූර්ණ කරන්න බැරි වුණේ එකපාරටම පිටිපස්ස හැරුණු තෙවින් දිවාෂගෙ අතකින් අල්ලන් එහෙම්මම දිවාෂව ඒ ලග තිබ්බ බිත්තියකට තද කල නිසා.යාන්තමට කළුවර වැටීගෙන එන වෙලාවක තෙවින් මෙහෙම තමන්ගෙ මූණට එබීගෙන ඉන්න එක දිවාෂගෙ හිතට මහ අමුතු හැගීමක් එකතු කලා.අනික් අතට තෙවින්ගෙ ඇස් වල තිබ්බ බැල්ම දරාගන්නම බැරුව දිවාෂ බිම බලාගනිද්දි තෙවින් දිවාෂගෙ නිකට යටින් අත තියලා දිවාෂගෙ මූණට එබුණා.

"උඹට ඉන්දීප කියන ප#යව ඕනිද?"

"........."

"මෙච්චර වෙලා කියෙව්වෙ! ඒ විදියටම කතා කරපං යුගාන්!"

"අතාරිනවකො මිනිහො! ඔව්! ඒ ලමයා එක්ක ගියා...."

"ශ්....ශ්...ශ්....යුගාන්! ආයෙ ඔය කටින් උගෙ නම කියවෙන්න බෑ ඔය තරම්!"

දිවාෂගෙ කම්මුල් දෙක එක අතකින් අල්ලගත්තු තෙවින් හෙමින් සැරේ දිවාෂගෙ මූණටම ලං වුණා.සෙන්ටිමීටර් දෙකක වගේ දුරක් තමන් දෙන්නා අතරෙ තියෙද්දි දිවාෂගෙ මුළු ඇගම හිරිවැටිලා ගියේ තෙවින්ගෙ ඇස් වල තිබ්බ බැල්මට.මෙලෝ කමකට නැති එකෙක් වගේ තමන් එක්ක හැමතිස්සෙම එල්ලෙන තෙවින්ගෙන් මේ වගේ ප්‍රතිරූපයක් දිවාෂ බලාපොරොත්තු උනේම නෑ.

"යූ නෝ යුගාන්....මම කේන්ති ගියාම මාරම නරකයි! ලයික් අ බීස්ට්!"

දිවාෂගෙ ඇස් දෙක දිහාම බලන් තෙවින් කතා කරන්න ගත්තා.

"I'm not like my aiya....Thevin is not Devin!!!......The way my brother teaches something is very different from the way I teach it!

Don't get ready to play with me Yugan....mmmm.got it?"

".........."

"Words Yugan!"

"Y....yes"

"Good boy"

එහෙම්මම නැවිලා දිවාසගෙ රෝස පාට වෙලා තියෙන කම්මුලකින් තමන්ගෙ තොල් තද කෙරුව තෙවින්ගෙ ඇස් දෙක දිවාෂගෙ ඇස් එක්ක ගැටෙද්දි දිවාෂ තමන්ගෙ ඇස් තද කරලා පියාගත්තා.

තෙවින් දිවාෂව බයිකයට නග්ගගන්නවත්,ගෙදර ලගින් බස්සනවත්,තමන්ගෙ බඩ පපුව දැවිල්ල එක්ක අම්මගෙන් කිරි එකක් ඉල්ලගෙනම සිහි නැතුව ඇදන් වැටෙනවත් දිවාෂට හීනෙන් වගේ මතක තිබ්බා.

...................................................................................................

"අපේ මහත්තයා...."

"ඔව් අපේ මැණිකෙ"

"සුදුපුතාට ප්‍රශ්නයක් දැම්ම ලමයගෙ වැඩේ මොකද උනේ?"

"මාත් මේ කල්පනා කලේ ඒ ගැන තමා"

"ඒ කිව්වෙ අපේ මහත්තයා?"

මහ මුදියන්සෙ නිහඩවම විසාල වලව්වත්‍ත දිහාවට තමන්ගෙ ඇස් දෙක යොමාගෙන හිටියා.ඔරලෝසුවෙ අටේ කණිසම නාද වුණේ මීට සෑහෙන වෙලාවකට කලින් වග මහ මුදියන්සෙ සිහිපත් කලා.රැහැයියො කෑ ගහන සද්දෙ ඇරෙන්න වෙන සද්දයක් නොතිබ්බ වලව් වටපිටාවෙ ඒ නිහඩ බව මදක් හරි බිදුණු අඹ ගහේ වහලා ඉන්න නිශාචර පක්ෂීන්ගෙ කන් කෙදිරිලි නිසා.තමන්ගෙ පපුව අතගාන ගමන් ඈත බලන් උන්නු මුදියන්සෙ හෙමින් සැරේ ඇදි පුටුවෙන් කෙලින් වෙලා ඉදගනිද්දි මැණිකෙ මුදියන්සෙ දිහා බලාගෙනම හිටියා.

"මම එදා හවස කෝල් කලා සිල්වට"

"ඕ අපේ මහත්තයා...."

"මැණිකෙට කියන්න මම ගත්තු ගමන්ම මේ මනුස්සයා කිව්වා 'අනේ සර් සමාවෙන්න....අපි සර් කිව්ව විදියටම ඇන්ට්‍රි එක අයින් කරගත්තා' කියලා."

"මොකක්? මහත්තයා මහත්තයගෙ ලේකම්ට හරි කිව්වද මේ ගැන සිල්වා එක්ක කතා කරන්න කියලා?"

"එහෙම එකක් නොවුණ නිසානෙ මැණිකෙ මමත් මේ කියන්නෙ....මේ මනුස්සයා එහෙම කියද්දි මමත් අන්දමන්ද උනා.මම සිල්වට කතා කල පලවෙනි පාර ඒ...ඒත් ඊට කලින් කෙනෙක් කතා කරලා තියෙනවා..."

"අපේ සුදුපුතාද දන්නෑ මහත්තයා?"

"නෑ මැණිකෙ....සිල්වා කියන්නෙත් ධනපතියෙක්....එහෙව් මිනිහෙක්ට බලපෑම් වෙන විදියට කතා කරන්න තාම අපේ සුදුපුතාට බෑ....මට පුළුවන් උනාට.ඒත් සිල්වා ඇන්ට්‍රි එක අයින් කරගන්න තරමට කවුරුහරි කතා කරලා තියෙනවා"

"ඒකනෙ අපේ මහත්තයා....අපේ මහත්තයා හෙව්වෙ නැද්ද?"

"නෑ....මොකා උනත් සුදුපුතාට යහපතක් කරලනෙ.....අනික ඒ කොල්ලව අරං රට යන කතාවක් සිල්වා මට කිව්වා"

"එහෙනම් කමක් නෑ....සුදුපුතාට මේ වැඩ එක්ක ඔව්වත් ඔලුවෙ කැක්කුම් නැත්තං"

"ඔව්.....මැණිකෙ දන්නවනෙ මම එක එක ජාතියෙ මිනිස්සු එක්ක නොසෑහෙන්න ගනුදෙනු කරනවා කියලා.....ඔය සමහර අයට පිරිමි දෙන්නෙක් වෙලෙන එකේ කිසි අකටයුත්තක් පේන්නෑ....උන්ට ඒක සාමාන්‍යයිලු.අපේ සුදුපුතා යන ඉස්කෝලෙත් ඉහල පැලැන්තියෙ එකක් හන්දා මම බයවෙලා හිටියෙ ඔය විකාර සුදුපුතාට සාමාන්‍ය වෙයි කියලා....ඒත් අර වෙලේ සුදුපුතා කතා කල විදිය එක්ක මගෙ හිතේ ඒ තිබ්බ බය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා....මොන කරුමක්කාර වැඩද ඔව්වා!"

මහ මුදියන්සෙ ලොකු හුස්මක් හෙලලා කියද්දි ලොකු මැණිකෙ හද හැංගිලා තියෙන අහස දිහා බලලා ලොකු හුස්මක් පහල දැම්මා.තමන් දැනටමත් දන්න සුදුපුතාගෙයි නේත්‍ර කොල්ලගෙයි කතාව මොන ජාතියෙ එකක්ද කියලා පැහැදිලි නිසා ලොකු මැණිකෙගෙ හිත ඒ අවිනිශ්චිත අනාගතේ එක්ක පොර බැදුවා.මොන දේ උනත් මහ මුදියන්සෙ එක්ක ලේසි නොවෙන වග දැනන් උන්නු ලොකු මැණිකෙ දැන්ම ඉදන් අනාගතේට ලෑස්ති වෙන්න ඕනි වග තරයේ ඉටාගත්තා.පුංචි උන් දෙන්නෙක්ට තේරෙන්නෙ නැති උනාට මහ ගැහැනියෙක් උනු ලොකු මැණිකෙ ඒ අනාගතේදි වෙන්න පුළුවන් දේවල් මොනාද කියලා හිතන්න ගත්තා.

සමහරවිට මැණිකෙ හිතන තරම් දේවල් නොවෙන්නත් පුළුවන්.සමහරවිට හිතනවට වඩා භයානක දේවල් වෙන්නත් පුළුවන්.කොහොම නමුත් තමන් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන,සෑහෙන්න ලොකු කැපකිරීම් සිද්ධ කරලා තියෙන තමන්ගෙ සුදුපුතා වෙනුවෙන් හිටගන්න ලොකු මැණිකෙ තීරණේ කරලා තිබ්බා.

"අර කවුද මැණිකෙ මේ රෑ එන්නෙ?"

"කෝ....ආ දිවාෂ දරුවා නේද? මේ රෑ මොකෝ දන්නෑ"

"ඔය යක්ස ලමයා ගැන මගෙ කිසිම මනාපයක් නෑ අපේ මැණිකෙ.....ආරියසිංහ මහත්තේලෑ වගේ වැදගත් පවුලක ඔහොම නසරාණියෙක් කොහොම ඉපදුනාද මංදා"

මහ මුදියන්සෙ වලව් වත්ත දිගේ ඇවිදන් එන දිවාෂ දිහා බලලා නොරුස්සන හඩකින් කිව්වත් ලොකු මැණිකෙගෙ මූණෙනම් ලස්සන හිනාවක් ඇදිලා තිබ්බා.දිවාෂ පුංචි කාලෙ ඉදන්ම ලොකු මැණිකෙ දිවාෂට හරියට ආදරේ උනා.බුම්මන් පැත්තකට වෙලා ඉන්න සුදුපුතාට එක එක එව්වා කිය කිය කෑ ගගහා වලව්වත්ත පුරා දුවන පුංචි දිවාෂව අදටත් ලොකු මැණිකෙට මතක තිබ්බා.මොනහරිම හේතුවක් නිසා හරි කලාතුරකින් ලොකු මැණිකෙගෙ මූණෙ ඇදෙන හිනාව අදත් දිවාෂ වෙනුවෙන් ඒ මූණෙ ඇදිලා තිබ්බා.

"ආ කෞමදී නැන්දේ"

ලොකු මැණිකෙ දිහා බලල හිනාවක් මූණෙ තියං ආව දිවාෂ මහ මුදියන්සෙ දිහාවත් නොබලා මහ මුදියන්සෙ ලගම තිබ්බ පුටුවෙන් ඉදගත්තා.ඔහොම වැඩක් කරන්න තරම් හයියක් තියෙන එකම එකා දිවාෂ කියලා අත්දැකීමෙන් දැනන් උන්නු මහ මුදියන්සෙ අහක බලන් හිටියෙ නිකං ලේ කෝප කරගන්න නොතිබ්බ උවමනාවට.මහ මුදියන්සෙට හොදටම මතක තිබ්බා මිට අවුරුදු හත අටකට කලින් උන සිද්ධිය.

මහ මුදියන්සෙ එදා එලියට ගිය වැඩේ ඉවර කරගෙන වලව්වට පය ගහගද්දි වෙලාව හවස පහ වගේ වෙලා තිබ්බා.මුදියන්සෙගෙ කාරයේ සද්දෙ ඇහෙනවත් එක්කම විසිත්ත කාමරේ බිම ඉදන් උන්නු පුංචි නේත්‍ර පස්ස නොබල මුළුතැන්ගෙයි පැත්තට දිව්ව වගක් මහ මුදියන්සෙ අදටවත් දන්නෙ නෑ.මහ මුදියන්සෙ විසිත්ත කාමරේට පය ගහද්දි සෝෆාව උඩ ඉදන් උන්නු ලොකු මැණිකෙයි සුදුබේබියි නැගිට්ටෙ ඒක එදා ඉදන්ම තිබ්බ හුරුවක් නිසා.ඒත් මහ මුදියන්සෙගෙ ඇස් දෙක ගියෙ සෝෆාව උඩට කකුල් දෙකත් අරගෙන බිස්කට් බෝතලේකුත් බදාගෙන රූපවාහිනියෙ යන කාටූනය දිහා බලන් ඉන්න ආරියසිංහ මහත්තේලෑ පුත්‍ර රත්නෙ දිහාවට.

තමන් එද්දි නැගිටින්නෙවත් නැති එකා මොකාද කියලා හිතලා රවලා බලන් ඉද්දි දිවාෂ කියන පුංචි නසරාණියා බෝතලෙන් තව බිස්කට් එකක් අරං ඒක හපාගෙන හපාගෙන ගියේ තමන් දිහා රවලා බලන් කියලා මහ මුදියන්සෙට මතක තිබ්බා.දිවාෂ දිහා වචනයක්වත් නොකියා රවලා බලන් ඉද්දිද්දි මහ මුදියන්සෙව ගානකටවත් නොගත්ත දිවාෂ ඉරුගල්බණ්ඩාර තමන්හෙ වගේ කාටූන් එකේ සද්දෙ වැඩි කරද්දි මුදියන්සෙ මුකුත් නොකියා කාමරේට ගියා.ඔය දවසෙ ඉදන් මහ මුදියන්සෙ දිවාෂගෙන් ගරුත්වයක් බලාපොරොත්තු උනේ නෑ වගේම දිවාෂව තමන්ගෙ පේන්නම බැරි මිනිස්සු ගොඩට දැම්මා.

"දිවාෂ පුතා මොකෝ මේ වෙලාවෙ?"

"ආසව ඉන්නවත අනේ? මට එයාව හම්බෙන්න ඕනිනෙ"

"ඔව්....සුදුපුතා කාමරේ පාඩම් වැඩ.....පුතා ගිහින් බලන්නකො"

"හරි නැන්දේ....යනවා"

දිවාෂ ලොකු මැණිකෙට හිනා වෙලා කියන ගමන් වලව්ව ඇතුලට දුවලා යද්දි ලොකු මැණිකෙ හිනා වෙලා ආයෙමත් අහස දිහා බලාගත්තා.ලොකු මැණිකෙගෙ හිතේ හුගක් දේවල් හොල්මන් කලා.ඇස් දෙක පියාගත්තු ලොකු මැණිකෙ වලව්වත්තෙන් හමන ගැටපිච්ච සුවද,පොකුරු පිච්ච සුවද,කඩුපුල් සුවද,ඇට්ටේරියා සුවද එක්ක මුහු වෙලා හිත නිවාගන්න උත්සාහ දැරුවා.

පඩිපෙල නගින දිවාෂ කල්පනා කලේම තමන් මේ දේ කරන්නම ඕනිද කියන වග.ආපහු අඩිය පස්සට ගත්තු දිවාෂ ආයෙමත් අඩිය ඉස්සරහට අරං ඇවිදන් ගියා.තෙවින්ගෙ හැසිරීම,තෙවින් කම්මුලට දුන්නු හාද්ද එක්ක දිවාෂ මේ වෙද්දි සුදුකිරි කෝප්ප පහලවක් බීලා ඉවර කරලා තිබ්බා.කෝමාරිකා බීම වීදුරු පහකුත් ඊට අමතරව දිවාෂගෙ බඩ ඇතුලෙ තිබ්බා.අන්තිමට ජානකී නෝනා කිරිපිටි බෝතලේ අල්මාරියට දාලා වහලා ඒ යතුර තමන්ගෙ ගවුම් සාක්කුවට දාගත්තට පස්සෙ දිවාෂ ඇදන් හිටිය ඇදුම පිටින්ම සෙරෙප්පු දෙකත් දාගෙන පාරට බැස්සෙ තමන්ගෙ මේ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න පුළුවන් කෙනෙක්ව හම්බෙන්න යන්න හිතාගෙන.

දෙවින් කොච්චර දිවාෂට හිතවත් උනත් තෙවින් ගැන තමන්ගෙ හිතේ තියෙන අමුතු හැඟීම් දෙවින්ට කියන එක ගැන දිවාෂගෙ හිතේ තිබ්බෙ චකිතයක්.මොකද ඒ තෙවින්ගෙ අයියා.ඊලගට නේත්‍රව මතක් උනත් මේ වෙලාවෙ නේත්‍ර ඉන්නෙ මාධ්‍ය ඒකකයෙ සාමාජිකයො එක්ක සූම් මීටින් එකක කියලා මතක් උනු දිවාෂ දුරකතනෙ අතට ගත්තෙ දෙනෙත්ට කතා කරන්න හිතාගෙන.ඒත් දෙනෙත් තමන්ට වඩා තෙවින්ට කිට්ටු නිසා දෙනෙත් එක්කත් ඒ දේ කතා කරන්න දිවාෂට හිතුනෙ නෑ.අන්තිමට දිවාෂට මතක් උනේ හැමෝටම අපක්ෂපාතී නේත්‍රට විතරක් පක්ෂපාතී ආශවව.

"ආසව.....දොර ඇරපං ආසව....උබෙ ආදරවන්තයගෙ කෝපි පාට ආදරවන්තයා ආවා!"

"උඹනම් කනවා වෙලාවක මගෙන් මල්ලි ඇත්තටම! වරෙං!"

දොර ඇරිය ආශව දිවාෂව කාමරේ ඇතුලට අරං දොර වහද්දි දිවාෂ ගිහින් ආශවගෙ කාමරේ පුටුව උඩින් ඉදගත්තා.දිවාෂ දිහා ඇස් හීනි කරං බලන් හිටිය ආශව තමන් කර කර හිටිය ප්‍රශ්න පත්‍රය වහලා පැත්තකින් තියලා එහෙම්මම ඇදෙන් ඉදගෙන දිවාෂට කතා කලා.

"මොකෝ ආවෙ?"

"උඹ එක්ක ටිකක් කතා කරන්නෝනි ආසව....පුලුවන්ත?"

"අවුලකින්ද ඉන්නෙ තමුසෙ? කියනවකො.....මොකෝ අවුල?"

"තෙවින්...."

"ඇයි? ඌ මොකක් හරි කලාද? මොකද්ද උනේ දිවාස?"

"නෑ නෑ අනේ....එයා ගැන කතා කරන්නෝනි මට"

ඒත් එක්කම දොරට තට්ටු කරන්නෙ සුපිපි කියලා දැනන් උන්නු ආශව දොර ඇරලා දිවාෂට හදන් ආව තේ එකයි කේකුයි අතට අරං දොර වහලා දාද්දි ප්‍රශ්නෙ තත්පර ගානකට අමතක කෙරුව දිවාෂ කේක් ටික කන්න ගත්තා.විනාඩි ගාණකට පස්සෙ තේ එකත් බීල් ගුඩුසයක් ඇරිය දිවාෂ ආශව දිහා බැලුවා.

"මේකයි"

"ඕ...."

"තමුසෙ හිනා වෙන්නේප එපා ආසව හරිත?"

"නෑ නෑ කියනවකො"

"මම කෙලින්ම කියන්නං මට වටේ ගිහින් පුරුදු නෑනෙ....අනේ මංදා....මට තෙවින්ව දකිද්දි හරි අමුතුයිනෙ අයියෙ....හෙනම අමුතුයි.ඔයාලා එක්ක ඉන්නවා වගේ නෙවෙයි.මුලදි එහෙම එකක් තිබ්බෙ නෑ.දැන් එන්න එන්නම අමුතුයි"

"අමුතුයි කිව්වෙ?"

"තෙවින් කරන කියන සමහර දේවල් නිසා මට ගෑස් වැඩි වෙනවා.කිරි එකක් බිව්වට පස්සෙ අඩුවෙන නිසා මම හිතුවෙ ගෑස් කියලා.ඒ උනාට අද කිරි කෝප්ප පහලවක් බීලවත් අඩු උනේ නෑ....එතකොට තමා තේරුනේ ගෑස් එන්නෙ ලෙඩකට නෙවේ කියලා"

"එච්චර වෙන්න අද තමුසෙට මොනාද තෙවින් කලේ?"

"ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි වෙන්න් ඇති....ඒ උනාට...."

දිවාෂ අද මුල ඉදන්ම උනු දේ ආශවට කියද්දි ආශව හොද සාවධානව ඒක අහන් හිටියා.අන්තිමේ දිවාෂ කතාව ඉවර කරද්දි ඔලුව වැනුව ආශව තමන් හිතපු දේවල් හරි කියන එක හරියටම සපථ කරගෙන දිවාෂ එක්ක කතා කරන්න ගත්තා.දැනටම ආදරවන්තයෙක් වෙලා ඉන්න ආශව දිවාෂගෙ හැගීම් තේරුම් ගන්න අමාරු උනේ නෑ.

"හොදට හිතලා බලනවා දිවාස.....තමුසෙ තෙවින්ට කැමතියි"

"ඒ කියන්නෙ?"

"ඒ කියන්නෙ නේත්‍ර මට කැමති විදියට තමුසෙත් තෙවින්ට කැමතියි....හැබැයි නේත්‍ර මට ආදරෙයි වගේ තමුසෙත් ඌට ආදරෙයි ද කියලා කියන්න බෑ හරියටම....මොකද ආදරේ කරනවා කියන්නෙ ඔයිට වඩා එහා ගිය හැගීමක් නිසා"

"ඒක වෙන්න බෑනෙ ආසව"

"ඇයි?"

"මම ආදරේ නේත්‍රටනෙ අනේ...මම කසාද...."

"අනේ මේ! තමුසෙගෙ කනට දෙකක් දීලා මේ ජනේලෙන් බිමට අතාරිනවට කැමතියිනම් ඔය මගුල ආයෙ කියපංකො!"

"අප්පෝ කේන්ති ගන්....කෝප නොගන්න පුංචි මුදියන්සෙ.....මම ඉතින් ඔයාගෙ ෆිට් එකනෙ"

"නිකං ට්‍රැක්කාරයෙක් වගේ ඉන්නෙ නැතුව පොඩ්ඩක් ඔය ඔලු ගෙඩිය ඇතුලෙ තියෙන ඔලිද ඇටයක් සයිස් මොලේ පාවිච්චි කනවා....නැත්තං ඕක පුස් කයි යූස් නොකර ඉදලම"

"දැන් මොකත්ත ඔයා කියන්නෙ? මම....මම තෙවින්ට කැමතියිද ඒ කියන්නෙ?"

"හොදට හිතලා බලනවකො.තමුසෙට අපි ලගදි දැනෙන ෆීලින්ස් නෙවේ තෙවින් ලගදි දැනෙන්නෙ....තෙවින් තමුසෙට විශේෂ කෙනෙක්....අනික තෙවින් ලං වෙද්දි බඩ පපුව දන්න ගන්නවා....පපුව ගැහෙනවා.ඔව්වා හැම මිනිහා ගැනම ඇති වෙන්නෑ දිවාස.අනික තමුසෙ තෙවින්ව හරි මාර්ගෙට ගන්න සෑහෙන්න දත කෑවා කියලත් මම දන්නවා.හැගීමක් නැත්තං මිනිහෙක් වෙනුවෙන් එහෙම කට්ට කන්නෙ කවුද?"

"හ්ම්ම්ම්.....හැබැයි කිරි හරි කෝමාරිකා හරි බිව්වම අඩු වෙනව ඒක"

"ඔව් ඔව්....තව ටික කාලෙකින් ඔව්වට වෙනම ප්‍රථමාධාර හම්බෙනවා....එතකං උබ ඔව්වා බිබී ඉදපං"

"මට බයයි ඒත්....අනේ මංදා.මට මෙහෙම දෙයක් හිතෙන පලවෙනි පාර"

"මම කිව්ව පලියට නෙවේ මල්ලි.....ගෙදර ගිහින් හොදට කල්පනා කරලා බලන්න.හිතලා බලන්න.ඇත්තටම ඒ හැගීම මොකද්ද කියලා.ඕන්නම් ශේප් එකේ තෙවින් එක්ක කතා කරලා බලන්න.හැබැයි දැන්මම කියන්න යන්න එපා මුකුත් කෙලින්ම.ඒවට හදිස්සි වෙන්න එපා.ඉස්සෙල්ලාම දෙන්නට දෙන්නගෙ හැගීම් තේරුම් ගන්න බලන්න"

ආශව එක්ක කතා කර කර උන්නු දිවාෂ වලව්වෙන් එලියට බහිද්දි රෑ නවය හමාරත් පහු වෙලා තිබ්බා.දිවාෂ එපා කිව්වත් දිවාෂව ගෙවල් ලගට ඇරලුව ආශව ආපහු වලව්වට ඇවිත් කෙලින්ම මුළුතැන්ගේ පැත්තට ඇදෙන්න ගත්තෙ මුළුතැන්ගෙයි පැත්තෙන් ඇහෙන තමන්ගෙ පුංචි ආදරවන්තයගෙ කටහඩ නිසා.රෑට කෑම උයන්න නිර්මලාට උදව් කර කර උන්නු නේත්‍ර ගැස්සිලා ගියේ තමන්ගෙ ඇගේ ගෑවී නොගෑවී වතුර එකක් පුරවගන්න ආශව නිසා.

"මොනාද උයන්නෙ?"

"හ්.....හොදි හදන්නෙ සුදුබේබි....පාන් කඩෙන් ගෙනවා මැනුවෙල් මාමා"

"රස.......ට හදලා දෙන්න ඕනි චූටි මහත්තයෝ"

වතුර එක බීලා ආයෙමත් වීදුරුව තට්ටුව උඩ තියෙන පුංචි රාක්කෙන් නවන ගමන් ආශව නේත්‍රගෙ කනට කරලා මුමුණද්දි රතු ගැහුණු නේත්‍ර මූණ හංගන් සුද්ධ කරපු ලූණු සුදුළූනු අරං සෝදන්න ගනිද්දි ආශව නේත්‍රගෙ ඉණට තට්ටුවක් දාන ගමන් හෙමින් සැරේ විසිත්ත කාමරේ පැත්තට ඇදෙන්න ගත්තා.අද හවස මහ මුදියන්සෙ බනිස් ජාති කීපයක්ම අරං ඇවිත් ඒවා කාලා තේ බිව්ව නිසා රෑට උයන එක ටිකක් ප්‍රමාද වුනා.

"මැණිකෙ.....මෙහෙ එන්න.සුදුපුතා මෙන්න ටීවී එකේ පෙන්නනවා....උඹලත් වරෙල්ලා! සුදුබේබිව මෙන්න ප්‍රවෘත්ති වලටත් පෙන්නනවා....සුදුපුතා මේක රිවයින් කරන්න"

මැණිකෙත් ඇවිත් ආසාවෙන් සෝෆාව උඩින් ඉදගනිද්දි ආශවත් මුදියන්සෙ ලගින්ම ඉදන් උන්නා.මුළුතැන්ගෙයි පැත්තෙ උන්නු සේවකයොත් කෑම කාමරේ පිවිසුම ලගින් ඔලු ටික විසිත්ත කාමරේ ඇතුලට දැම්මෙ සාලෙට පය ගහලා රූපවාහිනිය බලන්න තරම් වලව් සේවකයන්ට අවසරයක් නැති හන්දා.

'Big Match Fever'

"එකසිය තුන්වන කන්ද උඩරට ****** මෙවරත් මහනුවර **** විද්‍යාලය හා ****** විද්‍යාලය අතට පැවැත්වීමට නියමිතයි.***** විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම නිකිත ශශින්දුගේ නායකත්වය යටතේ මෙවර මහා සටනට පිවිසෙන අතර ***** විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමෙ විශේෂත්වය වන්නේ මෙවර අවුරුදු දහනවයෙන් පහල පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සදහා වන ක්‍රිකට් සංචිතයට තේරී පත්ව සිටින ආශව තිදස්වර ඉරුගල්බණ්ඩාරගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ සටනට පිවිසීමයි"

ඊලගට රූපවාහිනී තිරයෙ පෙන්නුම් කලේ අදාල ප්‍රවෘත්ති මාධ්‍ය අංශයේ නියෝජිතයා මයිකය ආශවට ලබා දීලා ආශවගෙන් අදහසක් ගන්නා අවස්ථාව.අව්වෙ පුහුණුවීම් වල නිරත වෙන අතරම ආශවගෙන් මේ සාකච්ඡාව ලබා ගත්තත් දාඩිය නාගෙන ඉන්න ආශවගෙ කඩවසම් බව තවත් ඔප් නැංවිලා පෙනුනා මිසක අඩුවක් වෙලා පෙනුනෙනම් නැහැ.ආශවගෙ කතාව ආරම්භ වෙනවාත් එක්කම තිරය යටින් 'ආශව තිදස්වර - ****** විද්‍යාලීය ක්‍රිකට් නායක' කියලා වැටුනා.

"ඔව්....අපි තරගය සදහා හොද සූදානමකින් ඉන්නවා....මුල් ඉනිම් ජයග්‍රහණය ගිය වරත් අපි ලබා ගත්තට තරගාවලිය ජය පරාජයකින් තොරව අවසන් උනා.මම හිතනවා මේ පාර අපිට ඊට වඩා යමක් කරන්න පුළුවන් වෙයි කියලා.තරඟාවලියෙ මේ සීසන් එකේ අපේ ටීම් එකේ වැඩිම ලකුණුලාභියා මම....ඒ වගේමයි අපේ කණ්ඩායම් උප නායකයා,දෙවින් දිහංස තරගාවලියේ දෙවන ලකුණු ලාභියා විදියට රැදිලා ඉන්නවා.ඒ වගේමයි අපිට හොද බැටින් ලයින් එකක් තියෙනවා....හොදට ලකුණු ගහන්න පුළුවන් බැට්ස්මන්ලා අපේ ටීම් එකේ ඉන්නවා....සහස්‍ර ඒකනායක මේ සීසන් එකේ වැඩිම කඩුළුලාභියා විදියට රැදෙද්දි දෙවනි ස්ථානයට මහීල් සමරවික්‍රම ඇවිත් තියෙනවා.අපේ ටීම් එකේ බැටින් ලයින් එක වගේම බෝලින් ලයින් එකත් හොද මට්ටමක තියෙනවා.මම හිතනවා අපිට ඩිපාට්මන්ට්ස් දෙකෙන්ම හොද ඇටෑක් එකක් දෙන්න පුලුවන් වෙයි කියලා.

පාසල් ශ්‍රේණිගත කිරීම් වල ඉහලම රෑන්ක්ස් වල ඉන්න බැට්ස්මන්ලා හතරක්,බෝලර්ස්ලා හතරක් ඉන්නවා....ඊට අපේ දඟ පන්දු යවන්නො දෙන්නෙක් ඇතුලත්....ඕල් රවුන්ඩස්ලා හතරක් ඉන්නවා මම ඇතුලත්ව.අපේ කොල්ලො ටික හොද ෆෝම් එකේ ඉන්නෙ....ඉතින් මම හිතනවා මේ පාර කප් එක අපිට ගන්න පුළුවන් වෙයි කියලා"

ඊලගට අනෙක් පාසලේ ක්‍රිකට් නායකයාගෙ කතාවෙන් පස්සෙ පාසල් දෙක ලබාගෙන තියෙන ජයග්‍රහණයන් කෙටියෙන් ඉදිරිපත් කරල අවසන් කලා.

"******* සටන මාර්තු මස දහය හා එකොලහ යන දෙදින තුල අස්ගිරිය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි"

ප්‍රවෘත්ති ඉවර වෙනවත් එක්කම වලව් සේවකයො පවා සුදුබේබි දිහා බලලා හරි ආසාවෙන් හිනා උනා.පුංචි කාලෙ ඉදලා තමන්ගෙ ඇස් ඉස්සරහ හැදුනු වලව්වෙ පුංචි මහත්තයා උනත් මේ විදියට රටේ තැනකට එන එක ගැන ඒ අහිංසක හිත් වල උනත් තිබ්බෙ හරි ආසාවක්.ආඩම්බරයක්.මහ මුදියන්සෙ රූපවාහිනිය ක්‍රියා විරහිත කරලා හරි ආඩම්බරෙන් කට්ටිය දිහා බලද්දි ආශවනම් තමන්ගෙ පපුවට තද වෙලා තියෙන නේත්‍රගෙ මුද්ද උඩින් අත තියාගෙන හිටියා.

"කෑම ටික ඉක්මනට ලෑස්ති කලානම්!"

මහ මුදියන්සෙගෙ වචන එක්ක වලව් සේවකයො ටික විසිරිලා යද්දි ආශව නිර්මලා ලග හිටිය නේත්‍ර දිහා බලලා ඇහැක් ගැහුවා.ආශව කල වැඩේට ඇස් දෙක ලොකු කෙරුව නේත්‍ර එහෙම්මම නිර්මලාගෙ පස්සෙ හැංගිලා ඇස් ගෙඩි දෙක විතරක් හෙමීට එලියට දාලා බලලා ආයෙමත් හැංගිලා කුස්සියට යද්දි ඒ හරියෙ උන්නු වයසක කාන්ති තමන්ගෙ පපුවට අත තියාගත්තෙ සුදුබේබි ඇහැක් ගැහුවෙ තමන්ට කියලා වරදවා වටහාගෙන.

"මම අරූට කෝල් එකක් අරං කෙලින්ම කියන්න තියෙන දේ කිව්වනම් හරි එක්කො"

ජානකී නෝනා කිරිපිටි බෝතලේ දෙන්නෙ නැති හින්දා එමින් ගමන් ගමේ කඩෙන් බෝතල් කල කිරි බෝතලයක් අරං ඇවිත් කාමරේට වෙලා ඒක බිබී උන්නු දිවාෂ බැල්කනියට එපිටින් පේන අහස දිහා බලන් උන්නා.තමන්ගෙ දුරකතනෙ රහසිගත ගොනුවක තියෙන තෙවින්ගෙ රූපයක් දිහා බැලුව දිවාෂ අද තෙවින් කම්මුලට දුන්නු හාද්ද මතක් වුනු නිසා කිරි බෝතලේ බීගෙන බීගෙන ගියේ බඩේ දැවිල්ල වැඩි වෙන්න ගත්තු නිසා.

තෙවින්ගෙ තත්වෙත් මීට දෙවනි උනේ නෑ.දිවාෂ ඉන්දීප එක්ක ඉන්න එක තමන්ගෙ හිතට ඒ තරමට දරුණුවට බලපෑවෙ ඇයි කියලා තෙවින්ට තේරුම් ගන්න බැරි උනා.තෙවින් මෙච්චර කල් සම්බන්ධකම් තියාගෙන උන්නෙ කෙල්ලො එක්ක.කොල්ලෙක්ට කියලා හිත ගිය එකම කෙනා උනේ නේත්‍ර.ඒත් නේත්‍ර ගැන ඇති උනාට වඩා වෙනස් හැගීමක් දිවාෂ ගැන ඇති වෙද්දි ඒ හැගීම මොකද්ද කියලා තේරුම් ගන්න තෙවින්ට පුළුවන් උනේ නෑ.නේත්‍රට තමන් ආදරේ කරන කාලෙ නේත්‍ර ආශව එක්ක ඉන්න විදිය දැක්කම අද දිවාෂව උස්සලා පොලවෙ ගහන්න හිතුනා වගේ හැගීමක් එවෙලෙ තමන්ට ඇති නොවුනු වග තෙවින් කල්පනා කලා.ඒත් එක්කම දොස්තර මහත්තයා පපුවෙ අමාරුවට දීලා තිබ්බ බාම් එක ඉක්මනට අරගෙන තෙවින් තමන්ගෙ පපුවෙ ගාගන්න ගත්තෙ දිවාෂගෙ සිනිදු කම්මුල් වල පහස තමන්ගෙ තොල් වලට දැනුනු හැටි මතක් වෙද්දි පටන් ගත්තු පපුවෙ කැක්කුම හින්දා.

"ආහ්! යුගාන් මේ වෙලාවෙ?"

උඩුකය නිරුවතින් පපුව අතගගාම බැල්කනියට ගිය තෙවින් වත්තෙ පිපිලා තියෙන පොකුරු පිච්ච සුවද විදින ගමන් බැල්කනියෙ තියෙන ඇදි පුටුවෙ දිගෑදුනා.ඈතට වෙනකංම අදුරින් වැහිලා තියෙන තමන්ගෙ දර්ශන පථේ එලිය කරන්න එහෙට මෙහෙට පියාඹන කණාමැදිරියන්ට තෙවින් හිතින් ස්තූති වන්ත වුණේ කළුවර ඩිංගක් හරි අඩු කරන්න උපකාරී වෙන හින්දා.

"හෙලෝ යුගාන් කියන්න....මොකක් හරි හදිස්සියක්ද?"

"උඹට දෙයක් කියන්න ගත්තෙ...."

"කියන්න යුගාන්...."

"මොකක් හරි වැඩකද හිටියෙ ඔයා?"

"නැහැ......කියන්නකො."

තෙවින් කිව්වෙ සම්පූර්ණයෙන්ම බොරුවක්.ඊලගට කරන්න ඉන්න සිංදුවෙ වැඩ එක්ක තෙවින් ඇත්තටම කාර්‍යබහුල වෙලා හිටියත් දිවාෂට වෙලාව වෙන් කරන්න තෙවින්ට බැරි වුණේ නැහැ.ඇත්තටම තෙවින් එහෙම කලා.තමන්ගෙ වැඩේට වඩා දිවාෂ එක්ක කතා කරන පුංචි වෙලාව උනත් තෙවින්ට හුගක් වටිනා එකක් වුණා.ලොකු හුස්මක් පහල දැම්ම දිවාෂ මොකක් හරි කියන්න හදනවා දැනුනහම තෙවින්ගෙ හිතත් අහේතුකවම ගැහෙන්න ගත්තා.

"ය්...යුගාන් මොකද්ද කියන්න තියෙන්නෙ?"

"හ්ම්ම්.....ඇත්තටම...."

"ඕ...."

"පපුවෙ ඇවිලෙන ගින්දර හුස්මත් එක්ක පිට වුණානම් මාත් අද මකරෙක් තෙවින්!"

"යුගාන්!!!!!"

...................................................................................................

වචන 6600+ බබාලා🙈❤️

බිග්මැච් සමයත් ඉක්කන්ට ඉවර කරල දාලා කතාවෙ ඉස්සරහට යං අපි❤️

කම්මැලීයිද ඔයාලට....බාල්දි එහෙම නැතිව?බාල්දි දාන්නම්කො හොදද හෙමීට😓❤️

තෙවාසලා සෙට් වෙනකං ඉන්න මා සහෘද පාඨක ප්‍රජාවට ගුන බුස හරිත😾❤️

එහෙනම් බබාලා අදත් අදහසක් දීගෙන යන්න.මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤️

දිවාස :- "ප්‍රතිපත්තියක් තියෙන මනුස්සයෙක්නෙ මම" 😹❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter