Back
Chapter 83

82 කොටස🤍✨️

නිවාලන්න මා...

"ම්හ්...."

"නේත්‍ර මල්ලි නැගිටින්න වගේ නේද යන්නෙ ආශවයා? මම එලියට යන්නම්....නැත්තං මෙයා කලබල වෙයි"

"හරි රකිත"

ගබඩාවෙන් එලියට ආව ආශව තෙවින් ගෙනාව වාහනේ තිබ්බ වතුර බෝතලේකින් මූණෙයි අත් වලයි තැවරිලා තිබ්බ ලේ හොදට හෝදගෙන අලුත් ඇදුමකට මාරු වෙලා එහෙම්මම රෝහලට ආවා.නේත්‍ර උන්නු කාමරේ කොණක තිබ්බ පොඩි සෝෆාව උඩට වෙලා පොතක් කියවන ගමන් උන්නු රකිත ආශව දිහා බලද්දි රකිත එක්ක ලාවට හිනා වුණු ආශව නානකාමරේට වැදිලා පිරිසිදු උනේ නේත්‍රට සැකයක් හිතෙන්නම ඕන් නැති නිසා.හොදට නාගෙන පිරිසිදු වෙලා ගෙනල්ලා තිබ්බ ඇදුම් බෑගයෙන් සැහැල්ලු ඇඳුමක් ගත්තු ආශව ඒක ඇඳගෙන නේත්‍රගෙ ඇදේම පැත්තකින් ඉදගෙන පුංචි එකාගෙ ඔලුව අතගාන ගමන් ඒ සන්සුන් රූපෙ දිහා ඇස් පිල්ලම් නොගහ බලාගෙන හිටියා.

"ම්හ් ම්හ්...."

නේත්‍රගෙ කටින් පිටවෙන හීන් කෙදිරිල්ල එක්ක ආශවගෙයි රකිතගෙයි අවධානෙ බිඳෙද්දි ආශවට කතා කෙරුව රකිත නැගිටලා එලියට ගියේ නේත්‍ර ආශවට හැර අනික් හැමෝටම බය වෙනවා කියලා දන්න නිසා.ටිකකින් ඇස් දෙක ඇරලා ඒ බෝල ඇස් වටේටම කැරකෙව්ව නේත්‍ර තමන්ගෙ මූණ දිහා බලන් හිනාවීගෙන ඉන්න ආශව දිහා බලලා හිනා වුනා.

"සුදුබේබි...."

"නැගිට්ටද මැණිකෙ...."

"හුම්ම්ම්....සුදුබේබි හිටියද ලඟට වෙලා?'

"ඔයා ඇස් අරිද්දි මම ඉන්නවා කියලා පොරොන්දු උනානෙ....සුදුබේබිට මේ ලෝකෙ වැඩියෙන්ම වටින කෙනාට දෙන පොරොන්දු සුදුබේබි කොහොමහරි රකිනවා"

නේත්‍රගෙ නලලින් උණුහුම් හාද්දක් තවරන ගමන් ආශව මුමුණද්දි නේත්‍ර ආදරේ පිරුණු ඇස් වලින් ආශවට පුංචි හිනාවක් තෑගි කලා.නේත්‍ර දිහා බලලා හිනා උනු ආශව රකිත ගෙනත් තිබ්බ කෑම පෙට්ටියක් අරං නේත්‍රට පෙන්නද්දි නේත්‍ර ආයෙමත් හිනා උනේ තමන් ආසම කෑමක් උනු ඉදිආප්ප ඒකෙ තිබ්බ නිසා.සුදුබේබි රකිතට තමන් ආසා කෑම ගැන කියන්න ඇති කියලා තේරුම් ගන්න නේත්‍රට වැඩි වෙලාවක් ගියේ නැහැ.ආශවගෙ අතේ බාහුවක් අල්ලන් ඇද විට්ටමට හේත්තු වෙලා ඉදගත්තු නේත්‍ර ඒ ශක්තිමත් බාහුවකට තමන්ගෙ පිරුණු කම්මුලක් තද කරගනිද්දි කෑම පෙට්ටිය පැත්තකින් තිබ්බ ආශව නේත්‍රගෙ ඔලුව අතගාන්න ගත්තා.

"අපි කමුද මැණිකෙ?"

"බඩගිනි නෑ සුදුබේබි"

"නේත්‍ර.....ඔයාට දෙන සමහර බේත් හරි සැරයි රත්තරනේ....හොදට කන්න දෙන්න කියලමයි ඩොක්‍ට දුන්නෙ...අපි ඒ නිසා චුට්ට චුට්ට හරි කමු"

"සුදුබේබි....."

"ඕ නේත්‍ර,කියන්න"

"මොකක් හරි සතුටුදායක දෙයක් උනාද?"

"ඇ....ඇයි නේත්‍ර?....විශේෂ මුකුත් උනේ නෑ"

"නෑ සුදුබේබිගෙ ඇස් දිලිසෙනවා ආව වෙලේ ඉදන්....ඒකයි.මට නින්ද යන්න කලින් එව්වා මලාණික වෙලා තිබ්බෙ...දැන් සතුටු හිතෙන මොකක්ම හරි උනා වගේ ඇස් දිලිසෙනවා"

"ආ....නේත්‍ර නැගිට්ට නි...."

"නෑ.....මම සම්බන්ධයෙන් සුදුබේබිගෙ ඇස් දිලිසෙන්නෙ ඔයිට වඩා වෙනස් විදියකට....මේක පිට දෙයක් නිසා.සුදුබේබි කරන්න ආසාවෙන් උන්නු මොකක් හරි කලාම, හරි උනාම හරි ඒක හරි ගියාම හරි  සතුටු වෙන්නෙ ඔය වගේ"

"ආ....සනුක කෝල් කරලා කිව්වා ටුවර් එක කල් ගියා කියලා....එහෙ අර කලබලනෙ මෙ ටිකේ...ඌ කොලඹ ගියෙත් වැඩ ටික සෙට්ල් කරන් එන්නම් කියලා"

"ආ....එහෙනම් ඒක වෙන්න ඇති සුදුබේබි"

නේත්‍රට රූපවාහිනියෙ යන මොකක් හරි එකක් පෙන්න පෙන්න හරි කවාගන්න ඕනි කියව උවමනාවට ආශව රූපවාහිනිය ක්‍රියාත්මක කරලා ඉදිආප්ප පහ හයක් අරං එව්වට හොදි බෙදාගනිද්දි නේත්‍ර හිස් බැල්මෙන් ‍රූපවාහිනිය දිහා බලාගෙන හිටියා.ඉදිආප්ප වලට අලයි හාල්මැස්සොයි හොදි දාගෙන,සම්බෝල ඩිංගකුත් දාලා එක අන අනම නේත්‍ර ලගින් ඉදගත්තු ආශව නේත්‍රව වතුර උගුරක් පොවලා ඉදිආප්ප කටක් කට ලගට ලං කලා.

"ක්...කන්න බෑ සුදුබේබි"

"කටක් හරි කන්නකො වස්තුවෙ....සුදුබේබිත් කන්නෙ නෑ නැත්තං"

"හුම්ම්ම්"

නේත්‍ර කට පොඩ්ඩක් අරිද්දි ආශව ඉදිආප්ප පුංචි ගුලියක් කොහොමහරි කරලා ඒ කට අස්සට යවාගත්තා.විනාඩි තුනක් හතරක්ම ඒක හප හප කාලෙ නාස්ති කල නේත්‍රගෙ කට ආයෙ අමාරුවෙන් ඇරවගත්තු ආශව තව පුංචි ඉදිආප්ප කටක් නේත්‍රට කවාගත්තා.ඒත් එක්කම රූපවාහිනියෙ යමින් තිබුනු චිත්‍රපටිය මදකට නවත්වමින් හදිසි ප්‍රවෘත්තියක් නිවේදනය වෙන්න පටන් ගත්තා.

"මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක්....මීට සුළු මොහොතකට පෙර නුවර-කොලඹ ප්‍රධාන මාර්ගය අසල අතහැර දමා ගොස් තිබූ දරුණු තුවාල සහිත සිරුරේ අනන්‍යතාවය මේ වන විට හදුනාගෙන තිබෙනවා"

ඒත් එක්කම රූපවාහිනී තිරයේ දැක්වුනේ රධීන්ගෙ ඡායාරූපයක්.

"තදබල ලේ ගලායාමක් හේතුවෙන් ඔහුගේ තත්වය තරමක් බරපතල මට්ටමක තිබුනද මේ වන විට ඔහුගේ තත්වය ස්ථාවර වී ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින් අපට දැනගන්නට ලැබී තිබෙනවා.පාතාල කල්ලි සාමාජිකයන් සමග ඔහු ඇති කරගත් යම් ගැටුමක් දුරදිග යාම හේතුවෙන් මේ සිදුවීම සිදු වී ඇති බවට පොලීසිය සැක පල කරන අතර ඒ ගැන සොයා බැලීමට....."

"සොබාදහමෙන් වැරදිකාරයන්ට දඬුවම් හම්බෙනවා කොහොමහරි"

ආශව රූපවාහිනිය ක්‍රියා විරහිත කරලා තව ඉදිආප්ප කටක් නේත්‍රට ලං කරන ගමන් කියද්දි නේත්‍ර ආශවගෙ උරහිසකට ඔලුව තියාගත්තා.

"ආයෙ ඔහොම වැඩ කරන්නෙපා සුදුබේබි"

"න්....නේත්‍ර....මොනාද මේ...."

"ඒක කලේ සුදුබේබි කියලා මම දන්නවා.....ඒත් ආයෙ එපා මගෙ සුදුබේබි.නරක මිනිස්සුන්ට පාඩම් උගන්නන්න ගිහින් මගෙ සුදුබේබි පවු පුරවගන්න එපා"

"න්...නේත්‍ර....."

"දිවුරලා පොරොන්දු වෙන්න සුදුබේබි....ආයෙ ඔච්චර දරුණු වැඩ කරන්න එපා...මගෙ සුදුබේබිට කරදරයක් උනොත් මට ජීවත් වෙලා වැඩකුත් නැති වෙනවා....ආයෙ එපා සුදුබේබි....මම නිසාවත් එපා...කොහොමත්ම එපා...දිවුරන්න"

ආශවගෙ ඉදුල් නොගෑවුනු හයිය අත අරං තමන්ගෙ ඔලුව උඩින් තියාගත්තු නේත්‍ර ඇස් වල කදුළුත් පුරවන් කියද්දි ආශව නේත්‍රගෙ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා.නේත්‍රගෙ ඉල්ලීම් වලට කවදාවත්ම බෑ කියන්න බැරි උනු ආශව ඔලුව වනද්දි නේත්‍ර හයියෙන් අඩන්න ගත්තෙ තමන් නිසා සුදුබේබි මිනීමරුවෙක් උනත් වෙන්න තිබ්බා නේද කියන දේ ඔලුවට ආව නිසා.ආශවගෙ ඇස් දෙක දිහා බලන් ආයෙමත් පොරොන්දු වෙන්න කියන දේ කිව්ව නේත්‍ර ඇස් වල කදුළුත් පිහගත්තා.

"ද්....දිවුරනවා මැණිකෙ...ආයෙ මම මේ තරමට දරුණු වෙන්නෑ...කවදාවත්ම"

"මගෙ සුදුබේබි....මම ආදරෙයි.....ඇයි මම වෙනුවෙන් මෙච්චර දේවල් කරන්නෙ?"

"මම වෙනුවෙන් ජීවිතේම කැප කෙරුව උඹ වෙනුවෙන් නැතුව වෙන කා වෙනුවෙන් මම මෙහෙම දේවල් කරන්නද?"

"ක්....කරපු දේ ගැන සුදුබේබි දුක් වෙන්න එපා...ඒත් ආයෙ කරන්න එපා"

"හ්ම්ම්ම්"

ආශවගෙ තුරුලෙ ටික වෙලාවක් උන්නු නේත්‍ර ආශවගෙන් ඈත් වෙලා ආශව එක්ක ලස්සනට හිනා උනා.

"සුදුබේබි...."

"ම්ම්ම් මැණික?"

"මට තව ඉදිආප්ප ඕනි කන්න...."

"ද්...දෙන්නම්....මම දෙන්නම්....කෝ කට අරින්නකො"

ඊයෙ ඉදලා හරිහමන් විදියට මෙලෝ දෙයක් නොකෑව නේත්‍ර දැන් කැමැත්තෙන්ම කන්න ඉල්ලද්දි ආශවගෙ ඇස් වල සතුටට කදුළුත් පිරුණා.නේත්‍ර වචනෙන් නොකිව්වට රධීන් තමන් හැමෝගෙන්ම අයින් වෙනවා කියන දේ තේරුනු ගමන් නේත්‍රගෙ ඇස් වල ඇදුනු සැනසිල්ල ආශව හොදටම තේරුම් ගත්තා.තමන්ව නැති කරගන්න,තමන්ට කරදරයක් වෙයි කියන බයට නේත්‍ර ආයෙ එහෙම දෙයක් නොකරන්න තමන්ව පොරොන්දු කරවගත්තත් තමන් කල දේ එක්ක නේත්‍රට තමන් ගැන පිලිකුලක් දැනුනෙ නෑ කියන එක ආශවට තේරුනා.ඒ හැමදේම එක්ක ආශවගෙ හිතට ලොකු සැනසිල්ලක් දැනුනා.

"මට ගෙදර යන්නෝනිනෙ සුදුබේබි....මෙතන හිර වෙලා වගේ"

"යමුකො....ම්ම්ම්ම්...දැන් කාලා ඉන්නකො"

සමහරවිට අද තමන්,තෙවින් කල දේ මොන තරම් වැරදි උනත් රධීන්ලා ආයෙ පුංචි දෙන්නා ලගට ලං වෙන්න එන්නෙ නැති එකෙන් නේත්‍ර දිවාෂට සැනසීමක් ලැබෙයි කියලා ආශව කල්පනා කලා.අඩුම තරමෙ ඒ දෙන්නට උනු අසාධාරණය වෙනුවෙන් රධීන්ලට දඬුවම් ලැබුනා කියන සැනසීමෙන් පුංචි දෙන්නගෙ හිත හැදෙය් කියලා ආශව කල්පනා කලේ තමන්ගෙ දුරකථනෙ අතට අරං මොන මොනාද ඔබ ඔබ ඉන්න නේත්‍රට කවන ගමන්.තවමත් නේත්‍ර ඉස්සර වගේ දොඩමළු වෙන්න පටන් අරං තිබ්බෙ නෑ.හැමදේම ඉක්මනින්ම හොද අතට හැරෙයි!ඔව්....ආශව එහෙම හිතලා සතුටු උනා.

.

.

.

.

.

"හෙලෝ අක්කා"

"කියන්න මලයා....මොකෝ තත්වෙ පොඩි දෙන්නගෙ?"

"ඒ දෙන්නට අවුලක් නෑ අක්කෙ....ම....මට කියනවකො ආශව කල වැඩේ එක්ක ධවාන් බොසා...."

"ආහ්හ්....ඊයෙ මගෙන් විස්තරේ ඇහුවා.....මම මුල ඉදන්ම කිව්වා.....ඉරුගල්බණ්ඩාර කොල්ලා යාලු අර පොඩි එකා එක්කද කියන එක ඇහුවා....මම ඔව් කිව්වම 'ඌට කොන්දක් පණ තියෙනවා එහෙනම්' කියලා හිනා වෙල ගියා....ආශවට අවුලක් වෙන්න ආවොත් නිකමට හරි ධවාන් කෙලින්ම වැඩේට බහින්නම් කිව්වා....උබලා දෙන්නට වෙනදා වගේම පාඩුවෙ ඉදගෙන වැඩ ටික කරන් යන්න කියලා කියන්න කිව්වා...එච්චරයි"

"මේ ඕයි....."

"මොකෝ?"

"ධවාන් බොසා ආශවලගෙ කවුරුහරිද අනේ?"

"දන්නෑ....රූපෙන්නම් ටිකක් එක වගේ තමා....ඒත් ඉතින් එක වගේ මිනිස්සු ඉන්න පුලුවන්නෙ"

"හ්ම්ම්ම්.....ඊටත් වඩා ධවාන් බොසා ආශවයට උදව් කරද්දි....සාමාන්‍යෙන් එයා එහෙම කරන්නෑනෙ?"

"ඔව්.....සමහරවිට ඉරුගල්බණ්ඩාර කොල්ලට එයාගෙ අතින් වෙන්න ගිය වරදට පසුතැවිල්ලක් ඇති....එදා වෙඩි තිබ්බනම් එහෙම මේකා මැරිලනෙ...ධවාන් උනත් කොච්චර දරුණු උනත් මනුස්සයෙක්නෙ මල්ලි...ඒ නිසා වෙන්න ඇති"

"ඔව් නේහ්? එහෙනම් මම තියන්නම් අක්කෙ....හැමදේටම තෑන්ක්ස්....ගොඩක්"

"ඕක මොකද්ද....එහෙනම් තිබ්බා.බායි"

දුරකතන ඇමතුම විසන්ධි කෙරුව තෙවින් හෙමින් සැරේ දිවාෂගෙ කාමරේ ඇතුලට ගියා.දිවාෂගෙ අතක් අල්ලන්ම ඇඳට ඔලුව තියන් උන්නු දෙවින් දිහා බැලුව තෙවින් සෝෆාවෙන් වාඩි වෙද්දිම උණු නෙස්කැෆේ දෙකක් අරං ඇතුලට ආව දෙනෙත් එකක් තෙවින්ට දෙන ගමන් තෙවින් ලගින්ම ඉදගත්තා.

"රධීන්ට කට්ටියක් ගහලලු නේහ්? හොද වැඩේ සක්කිලියා කොහොමත් එක එකා එක්ක පැටලෙන්න යනවට"

"හ්ම්ම්ම්....අත කපලා අයින් කරලලු"

"ආහ්....හොද වැ.....ඔයා කොහොමද දන්නෙ තෙවින්? නිවුස් වලට කිව්වද?"

"අ....ආහ්....නෑ නෑ....මම හොයලා බැලුවා....දන්න එක්කෙනෙක් ඉන්නව පොලීසියෙ.එයා කිව්වෙ"

"කොහොම උනත් හොදම වැඩේ ඌටනම්....අතකුත් නැතුව ඉන්නෙ නැතෑ ජීවිත කාලෙම.....ඌ විනාස කරන්න ගියේ අහිංසක ජීවිත දෙකක්"

"ඔව්.....උන්ට වෙන්න ඕනි දේ තමා දෙනෙත් ඔය උනේ..."

"හ්ම්ම්ම්.....ඉස්කෝලෙ එන්න වෙන්නෙත් නැති වෙයිද දන්නෑ"

"දන්නෑ....එන එකක් නෑ"

තෙවින් කතා කරන ගමන්ම දිවාෂ ලගට ගිහින් දිවාෂගෙ ඔලුව අතගාන්න ගත්තා.වෙනදට තොරතෝංචියක් නැතුව කියවන දිවාෂ ඊයෙ ඉදන් වැඩි කතාබහක් නැතුව පාඩුවෙ ඉන්න එක තෙවින්ට සෑහෙන්න රිදුනා.දිවාෂගෙ ඔලුව අතගාන ගමන් ආයෙ දෙනෙත් ලගට ආව තෙවින් එකපාරටම ගැස්සිලා ගියේ දිවාෂ කෙදිරිගාන්න ගත්තු නිසා.තෙවින් ලගට යන්න කලින් නින්දෙන්ම නැගිට්ට දෙවින් දිවාෂට තට්ටු කීපයක් දාලා දිවාෂව නිදිකරවලා ආයෙමත් ඇඳට ඔලුව ගහන් නිදාගත්තා.

"ඒ දෙන්නගෙ ලොකු බොන්ඩ් එකක් තියේ නේද දෙනෙත්?"

"ඔව්....ඔයා හිටියෙ නෑනෙ පුංචි කාලෙ දෙව් ලග....එයා ඔයාගෙ අඩුව මකාගත්තෙ දිවාෂ බබාගෙන්....දිවාෂ බබාත් එහෙමයි.එයා පවුලෙ තනි දරුවනෙ.ඉතින් එයාටත් දෙවින්ගෙ ආදරේ හුගක් දැනුනා.දෙන්නට දෙන්නා නොසෑහෙන්න ලං උනා....තවම ඒ දෙන්නා අතරෙ තියෙන බැඳීම ඒක"

"හ්ම්ම්ම්.....එක අතකට යුගාන් හිටිය එක හොදයි...නැත්තං අයියා උනත් සෑහෙන්න ඩිප්‍රෙස්ඩ් වෙනවා"

"එයා ලොකු ස්ට්‍රෙස් එකක හිටියෙ තෙවින්.....ඔයා කොහොමත් එයාගෙ අංක එක.ඔයයි එයයි බඩේ ඉද්දි පවා එකට හිටිය දෙන්නා...තත්පර කීපෙක වෙනසකින් ඉපදුනු දෙන්නා....ඔයාගෙ වෙන් වීම එයාට කොච්චර නම් දැනෙන්න ඇද්ද? දිවාෂ බබා නිසා උනත් ඒ අඩුව මැකුනෙ යම්තාක් දුරකට වෙන්න පුළුවන්....ඔයයි එයාගෙ ලේ ඝනකම....ඔයා නැති අඩුව සම්පූර්ණයෙන්ම පුරවන්න කාටවත්ම බැරි වෙන්න ඇති"

"දෙමව්පියන්ගෙ තීරණ එක්ක.....අන්තිමට විඳවන්න උනේ හයක් හතරක් නොතේරෙන මටයි අයියටයි"

"නිරාෂා නැන්දා කොහෙද දැන්?"

"කැනඩා....එයාගෙ අම්මලා ලග.අම්මා නම් තාම කතා කරලා විස්තර අහනවා....මට සිංදුවක් කරන්න අයිඩියා එකක් තියෙනවා කිව්වමත් එයා කිව්වා බජට් එක කියන්න කියලා...සල්ලි එවන්නම් කියලා....ඒත් ඉතින් එයාලගෙ අතින් උනු වරද මොන දේ කලත් හරිගස්සන්න බැනෙ."

"හ්ම්ම්ම්.....දැන් ඔව්වා ගැන හිතලා හිත පාරගන්නෙ නැතුව ඉමු....අරුන්දතී ස්කූල් ට්‍රිප් එක ගිහිල්ලලු....එන්නෙ අද මහ රෑලු....ඒ කෙල්ල මෙව්වා දැනගත්තම කොහොම හැසිරෙයිද දන්නෑ....නේත්‍ර එයාගෙ පණ වගේනෙ"

"ඔව්.....ආර්යත් ආර්යගෙ අප්පච්චි එක්ක බිස්නස් ට්‍රිප් එකක් ගිහින්....මූ ජොලියට ගිහිල්ලා තියෙන්නෙ.මම මිනිහට කිව්වෙ දැන් ටිකකට කලින් සිද්ධිය....මිනිහට ඇඬුනා...එන්න පිටත් උනා කියලා දැන් මැසේජ් එකක් දාලා තිබ්බා"

"එකටම උන්න තුන් දෙනානෙ....අවුල් යන එක සාමාන්‍යයි ඉතින්....දිවාෂ බබාටනම් ලොකු අවුලක් නෑ කිව්වා...නේත්‍ර පැටියා ගැන තමා මට බය....කොල්ලා කාගෙවත් මූණ බලන්නෙවත් නෑනෙ ආශවගෙ ඇරෙන්න"

"මදෑ ආශවව හරි අවුලක් උනේ නැති එක....නැත්තං ආශවයටත් පිස්සු හැදෙනවා"

"ඔව්.....දැන් ස්කූල් ටර්ම් ටෙස්ට් මෙයාලට මේ සතියෙ අග......මට හරි අවුල් තෙවින්...දෙන්නා කොච්චර උනත් ඉගෙන ගන්නවනෙ හොදට....මේ දෙන්නගෙ ඒ වැඩ පවා අර බල්ලෙක් නිසා විනාස උනානෙ"

"අපි ගෙදරකට එකතු වෙලා දෙන්නට පාඩම් කරවමුද?"

"ඉස්සෙල්ලාම දෙන්නගෙ මෙන්ටලි සිටුවේෂන් එක බලලා ඉමු....අනිද්දා දිහාට කතා කරලා....පාඩම් කරන්න කැමතියි වගේනම් අපි කට්ටිය කරවමු...නැත්තං මේ ටෙස්ට් එක බල්ලට ගියාවෙ කියලා ඉමු.මොන දේ උනත් පොඩි දෙන්නගෙ මානසික සැහැල්ලුවනෙ වැදගත්"

දෙනෙත් කියද්දි ඔලුව වැනුව තෙවින් සෝෆාවෙ ඔලුව ගහගෙන ඇස් දෙක පියාගත්තෙ හරියකට නින්දක් ඊයෙ ඉදන් නැති නිසා.තෙවින් ලගට ඇවිත් තට්ටු කරලා බාම් එකක් අතට දුන්නු දෙනෙත් දෙවින්ගෙත් නලලෙ බාම් ගාලා ඇවිත් සෝෆාවෙම පැත්තකට ඔලුව තියාගනිද්දි දෙනෙත්ට තට්ටු කරලා තමන්ගෙ උකුල උඩින් ඔලුව තියං සෝෆාවෙ දිගාවෙන්න කිව්ව තෙවින් තමන්ගෙ නලලෙත් බාම් ගාගෙන තමන්ගෙ උකුල උඩ ඔලුව තියන් නින්දට වැටීගෙන එන දෙනෙත්ගෙ ඔලුව අතගාන ගමන් ඇස් දෙක පියාගත්තා.

..............................................................................................

"ප්....පොඩ්ඩට හුගක් අමාරු උනාද සුදුබේබි"

"ඔව් අරුන්දතී.....මට හොදක් වෙන්නෑ නේත්‍රව දාලා...."

"එහෙම කියන්න එපා සුදුබේබි....සුදුබේබි පොඩ්ඩාව හිතලා දාලා ගියා නෙවේනෙ....ඒක මොකක් හරි කරුම වෙලාවක් වෙන්න ඇති.පොඩ්ඩට කරදරයක් නොවී බේරුණු එකම ඇති"

"හ්ම්ම්ම්"

"අපේ පොඩ්ඩත් මොකට රණ්ඩු මැද්දට පැන්නද? මගෙ අහිංසකයව ලගින් යද්දි නිකංම අහු උනාවත්ද දන්නෑ"

"එහෙම තමා වෙලා තියෙන්නෙ....අහක ඉන්න ලමයව ඇදලා අරං රණ්ඩුව මැද්දට"

පුංචි ඇදේ වකුටු වෙලා නිදන් ඉන්න නේත්‍ර දිහා බලන් අරුන්දතී හූල්ලද්දි ආශව ලොකු හුස්මක් පහල දාලා අහක බලාගත්තා.පාසලේ අධ්‍යාපන චාරිකාව ගිහින් උන්නු අරුන්දතීට ගෙදර එනකං නේත්‍රට උනු දේ ගැන දැනගන්න නොලැබිලා තිබ්බා වගේම දැනගත්තු ගමන් අරුන්දතී ගමේ ගෙදරට දුවගෙන ආවා.නේත්‍රව ගෙදරට ගෙනල්ලා සතියක් වගේ ගත වෙද්දි අරුන්දතීත් පාසල් යන්නෙවත් නැතුව සුදුබේබි එක්ක ඇර කා එක්කවත් වැඩි කතාබහක් නැතුව ඔහේ ඉන්න තමන්ගෙ පුංචි මල්ලිට තනි රකින ගමන් උන්නා.හැබැයි නේත්‍රගෙ තත්ත්වෙ මුල් දවස් ටිකට වඩා හුඟාක් හොද අතකට හැරිලා තිබ්බා.

"නේත්‍ර ඇහැරුනාම මට කෝල් එකක් ගන්නවද අරුන්දතී? නේත්‍රගෙ ෆෝන් එකේ මගෙ නම්බර් එක ඇති"

"හොදමයි සුදුබේබි.....සුදුබේබි යනවද?"

"ඔව්....අද උදේ අප්පච්චි ගෙදර ආවනෙ....හවසට ආයෙ කොළබ යනවා කිව්වා....මම දන්නෑ.මම මෙහෙ වැඩි වෙලා හිටියොත් අප්පච්චි මේ තවම තෙහෙට්ටුවෙන් ඉන්න නේත්‍රට උනත් බයින්න කරන්න බැරි කමක් නෑනෙ....මම යන්නම්...හවස් වෙලා එන්නම් මම"

"හොදමයි සුදුබේබි"

නිදන් උන්නු නේත්‍රගෙ නලලින් හාද්දක් තිබ්බ ආශව කඩුල්ල පැනලා වලව්ව පැත්තට ගෑටුවෙ හිතේ කැමැත්තකින්නම් නෙවෙයි.සමහර තැන් තියෙනවා අනාගතේ සතුට ගැන හිතලා වර්තමානෙ ටිකක් රිද්දගන්න වෙන තැන්.ආශව මේ ගැනත් හිතුවෙ එහෙමයි.තමන්ට කිසිම විදියක බලයක් නැති මේ කාලෙ තමන්ගෙ අප්පච්චි වගේ මිනිහෙක් ඉස්සරහ නේත්‍රගෙ ආරක්ෂාව බාල්දුවට දාන්න ආශවට ඕනි උනේ නැහැ.හිත යාන්තමින් හදන් වලව්වට ගොඩ උනු ආශව පිලිකන්න පැත්තෙන්ම ගෙට රිංගගත්තේ ඉස්තෝප්පුවෙ ඉන්න මහ මුදියන්සෙ තමන්ගෙන් අහන ප්‍රශ්න නිසා තමන්ට කේන්ති යන්න පුළුවන් හන්දා.

"ඌ අපේ කවුරුත් නෙවේනෙ මැණිකෙ?"

"ඒත් අපේ මහත්තයා....උපන්දා ඉදලා අපි ලග දැවටි දැවටි අපේ ඇස් ඉස්සරහ ලොකු උනු ලමයෙක්නෙ නේත්‍ර....අමාරු උනු වෙලාවක අපි හාම්පුත්තු විදියට ඒ දරුවට උපකාර කරන්නනෙ ඕනි"

"වියදම කීයක් ගියාද අපේ මැණිකෙ?"

"ම්....මහත්තයා?"

"ඉස්පිරිතාල ගාස්තු?"

"ල්....ලක්ෂ දෙකක් වගේ"

"හ්ම්ම්ම්.....නිර්මලාගෙ පඩියෙන් මාසෙට ගාණක් කැපෙන විදියට ඒ ටික අඩු කරගත්තොත් හොදයි! අපි හම්බකරන්නෙ එක එකාව ප්‍රයිවට් හොස්පිට්ල් ගානෙ දම්මලා බේත් කරවන්න නෙවෙයිනෙ!"

"ඒත් අපේ මහත්...."

"ඒත් මේත් නෙවෙයි අපේ මැණිකෙ! මම කිව්ව දේ කලොත් හොදයි!"

"හොදමයි අපේ මහත්තයා"

"මම ඇඟපත සෝදගෙන මෙහෙම්මම පිටත් වෙනවා කොළඹ....එන්න දවස් තුන හතරක් යයි...මමම කරන්න ඕනිනෙ ඔක්කොම දේවල්...සුදුපුතාට මෙව්වගෙ උනන්දුවක් තියෙන එකක්යෑ!"

"තේ එකක් හදලා තියන්නද අපේ මහත්තයා?"

"එපා...."

මහ මුදියන්සෙ ගේ ඇතුලට එන්න කලින් ආශව උඩ තට්ටුවට නැග්ගෙ හිත ඇතුලෙ උතුරන කේන්තිය එලියට පනියි කියන බයට.තමන්ගෙ අප්පච්චිට මේ තරමටවත් හිතක් පපුවක් නැද්ද කියලා ආශව කල්පනා කලා.ඒත් එක්කම ආශවටත් මතක් උනේ තමනුත් නේත්‍රට ඇරෙන්න වෙන කාටවත් මෙහෙම හොදින් සලකන්නෑ නේද කියන එක.ඒත් එක්කම ලොකු හුස්මක් පහල දැම්ම ආශව තමන්ගෙ කාමරේ අස් කරන්න ගත්තෙ නේත්‍රව රෑට එක්කන් එන්න් ඕනි නිසා.

මේ ටිකේම නේත්‍ර නිදාගත්තෙ ආශවගෙ අත් අස්සෙ.ආශවගෙ හයිය පපුවට තුරුල් වෙලා.මහ පාන්දර වෙනකං නින්ද යන්නෙ නැති කම,නින්දට වැටිලා ටික වෙලාවකින් හීනෙන් බය වෙලා කෑගහලා ඇහැරෙන එක නේත්‍රට පුරුද්දකට ගිහින් තිබ්බා.දෙන බේත් වල සැරට දවල්ට උනත් නින්ද යන නේත්‍ර විනාඩි දහයකින් පහලවකින් කෑ ගහන් ඇහැරිලා ආශවව හොය හොය අඩලා ආශව ලගට ආවට පස්සෙ කදුළු වලිම් ආශවව තෙත් කර කර නිදාගන්න එක ආශවට හරි පුරුදු දෙයක් උනා.නේත්‍රගෙ හැම දේටම ආදරේ කරන ආශව නේත්‍ර එහෙම හැසිරෙන එක එක තත්පරේකටවත් වදයක් කියලා හිතුවෙම නෑ.

"ම්ම්ම්ම්.....ඊයෙ ඇන්ද අන්ඩවෙයා එක නේද මේ? ශිට්! මම හෝදගෙන නෑනෙ!"

ඇද පල්ලෙ වැටිලා තිබ්බ යට කලිසමක් අතට අරං ඉඹලා බැලුව ආශව කාමරේ තිබ්බ පුංචි රෙදි කූඩෙට ඒක දාලා පැත්තකින් තිබ්බෙ තව ටිකකින් හෝදන්න හිතන්.යට ඇදුම් ආශවම හෝදගනිද්දි අනික් ඇඳුම්නම් සේවකයො හෝදලා,වේලලා,නවලා අල්මාරි වලටත් දැම්මා.අන්තිමට කාමරේ පුළුවන් විදියට අස් කරගත්තු ආශව සුවද හඳුන්කූරකුත් පත්තු කරලා කාමරේ දොර වහලා දැම්මා.ටිකකින් කවුරුහරි දොරට තට්ටු කරනවා ඇහුනු ආශව අගුළු නොදා තිබ්බ දොර දිහාට බැල්මක් හෙලලා තමන්ගෙ පුටුවෙන් ඉදගත්තා.

"එන්න!"

"සුදුපුතා....තේ එකක් ගෙනාවා"

ආශවගෙ අවසරේ එක්ක කාමරේට ඇතුල් වුණු ලොකු මැණිකෙ තේ කෝප්පෙ ආශවගෙ මේසෙන් තියන ගමන් ආපහු යන්න හැරුණත් ආශවගෙ කටහඩ එක්ක ඒ ගමන නවත්තලා ආපහු හැරුණා.

"ලක්ෂ දෙකක්? නිර්මලාට හම්බෙන සොච්චමෙන් තව ණයකුත් ගෙවන්න පුලුවන්ද පුංචි අම්මෙ?"

"සුදුපුතා....සුදුපුතාට පුළුවන් මාව විශ්වාස කරන්න....සුදුපුතාට සතුටක්,හයියක් වෙන නේත්‍ර දරුවට වියදම් කෙරුව සල්ලි වල මම ගණන් මිනුම් බලයි කියලා සුදුපුතා හිතුවද? නෑ පුතේ.....මම අප්පච්චිට මොකක් හරි කියලා ඒක් වහගන්නම්....ඒ අසරණ පවුලට තව බර දෙන්නෙ කොහොමද?"

"හ්ම්ම්ම්....නැත්තං කියන්න මම දෙන්නම්.මට පුළුවන් නිර්මලා දෙනව වගේ මාසෙට ගාණක් ගෙවන්න.නේත්‍ර කා ඉස්සරහවත් බාල්දු වෙන්න ඕන්නෑ"

"ඕනි නෑ සුදුපුතා.....මම ඒ දරුවවත් මගෙ දරුවෙක් විදියට පිලිඅරං ඉවරයි"

ආශවට දයාබර හිනාවක් පෑව ලොකු මැණිකෙ දොරත් වහන් කාමරෙන් එලියට යද්දි ආශව තේ එකෙන් උගුර උගුර බොන ගමන් වටපිට බලද්දි මේසෙ උඩ තිබ්බ හැට්ටකටු වගයක් දැක්කා.ආශව ඉක්මනටම ඒ ටික තමන්ගෙ කණ්නාඩි මේසෙයෙ ලාච්චුවකට දාලා වැහුවෙ නේත්‍ර රධීන් මත්ද්‍රව්‍ය එන්නත් කරපු සිද්ධියෙන් පස්සෙ කටු වගේ තියෙන මොන දේටත් බයක් දක්වන නිසා.මහ මුදියන්සෙගෙ වාහනේ පිට වෙන සද්දෙ එක්ක ආශව හෙමින් සැරේ තේ එක බොන ගමන් පහලට බැස්සා.තේ එක බීලා කෝප්පෙ සාලෙ කොහෙන් හරි තිබ්බ ආශව එහෙම්මම වත්ත පහලට ගාටන්න ගත්තෙ නේත්‍රව බලන්න තිබ්බ උවමනාවට.

"සුදුබේබි!!!!"

"ආ....ඇහැරියද මැණික් කැටේ?"

"ඔව්නෙ සුදුබේබි....නේට්ට ඇහැරියා....බඩගිනි නිසා අඩයක් ගන්න යනවා"

"ඔයා ඉන්න....මම දූවලා ගිහින් අරං එන්නම්"

"ම්හ් ම්හ්....සුදුබේබි කඩවල් ගානෙ යන්නෝනි නෑ....නේත්‍ර අක්කා එක්ක යන්නයි යන්නෙ"

"එ...."

"පොඩ්ඩා ඔයත් ඉන්න....මම ගිහින් අරං එන්නම්.තාම හවස හතර පහු උනා විතරනෙ"

"පොඩ්ඩත් එන්නම්කො...."

"නෑ නෑ....සුදුබේබි මෙයාව තියාගන්න....මුරණ්ඩු උනොත් දෙකක් දෙන්න"

"ස්....සුදුබේබි නේට්ටට ගහන්නෑ....සුදුබේබි ආදරෙයි"

උනු සිද්ධියෙන් පස්සෙ පුංචි වචනෙකට පවා හිත රිද්දගන්න නේත්‍ර අරුන්දතී බොරුවට සැර කෙරුව එකෙනුත් හිත රිද්දන් ආශවගෙ පපුව අස්සෙ මූණ හංගගත්තෙ කදුළු පිරුණු ඇස් පොඩි කරන ගමන්.අරුන්දතීට යන්න කියලා සන් කෙරුව ආශව නේත්‍රගෙ ඉණ වටේ අතක් යවලා නේත්‍රව උස්සන් ඇවිත් අරලිය ගහ යට බංකුවෙන් තියලා ඒ ලගින්ම ආශවත් ඉදගත්තා.රතු වෙලා තියෙන බොත්තම් නාහෙ උඩින් හාද්දක් තැවරුව ආශව නේත්‍රගෙ පුංචි අත් දෙක තමන්ගෙ අත් වලින් අල්ලගත්තා.

"අක්කා ඒ කිව්වෙ විහිලුවට මැණිකෙ....මේ ලෝකෙ කවුරුත් ඔයාට රිද්දන්නෙ නෑ"

"රිද්දන එකක් නෑ නේද සුදුබේබි?"

"නෑ....සුදුබේබි ඉන්නවනෙ මැණික ලගින්"

"නේත්‍රගෙ මෙතන රිදෙනවා..."

"කොතෙන්ද?"

"මෙතන කකුල.....රිදෙනවා සුදුබේබි"

"මොකක් හරි උනාද මැණිකෙ කකුලට....කෝ බලන්න"

"මුකුත් උනේ නෑ සුදුබේබි....ඒත් රිදෙනවා"

මේ ටිකේම නේත්‍ර එක එක අමාරුකම් කියන්න ගත්තු එක මුලදි ආශවගෙ හිතට ලොකු බයක් ගෙනාවත් ටිකක් වෙලා යද්දි ආශවට තේරුම් ගියේ මේක නේත්‍ර තමන්ගෙ අවධානෙ නේත්‍ර මතම රඳවගන්න කරන අහිංසක උපායක් කියලා.සුදුබේබි තමන්ට තමා මූලිකම අවධානෙ දෙන්නෙ කියන එක තේරුම් ගන්න තරම් නේත්‍රගෙ මනස තාම සන්සුන් වෙලා තිබ්බෙ නෑ.ඒ නිසාම නේත්‍ර හරියට ආශවගෙ අවධානෙ තමන් ලගටම ගන්න උත්සාහ කලා.නින්දෙන් බය වෙන එක,නින්ද යන්නෙ නැති එක අවංකවම නේත්‍රගෙ කම්පනයෙ ප්‍රතිඵල වෙද්දි,මේ බොරු ලෙඩ ගැනිලිනම් පුංචි එකාගෙ අහිංසක රඟපෑමක් උනා.

"අපි බාම් ටිකක් ගාමුකො....ම්ම්ම්"

"හා සුදුබේබි....මාව අරං නේද යන්නෙ සුදුබේබි දොයියන්න?"

"ඔව්.....නේත්‍රව අරගෙනනෙ යන්නෙ....නේත්‍ර නැතුව සුදුබේබිට නින්ද යන්නෑනෙ"

පුංචි එකාගෙ බොරුවට රැවටුනා වගේ රගපෑව ආශව ඒ රඟපෑම යට නේත්‍රගෙ හිතේ තියෙන අවංක ඉලක්කෙ උනු සුදුබේබිගෙ පපුව අස්සෙ නිදියන්න ඕනි කියන දේ තේරුම් අරං නේත්‍රට උත්තර දුන්නා.තමන් දිහා බලලා හා දත් දෙක එලියට දාලා හිනා වුණු නේත්‍රගෙ මලක් වගේ සිනිදු කම්මුල දිගේ අත යැව්ව ආශව නේත්‍රගෙ පුංචි මෙලෙක් අතක් තමන්ගෙ අත් අතරට මැදි කරගත්තා.

"ක්‍රීම් ගෑවද?"

"ඕ සුදුබේබි....අක්කා මාව මූන කට සෝදෝලා ක්‍රීමුයි පවුඩරුයි,ඕඩික්ලෝනුයි දැම්මා....දාලා කිව්වා නේත්‍ර ලඟ සුවදයි කියලා"

"නේත්‍ර ලග කොහොමත් සුවදයි නේන්නම්....ගැටපිච්ච සුවද එක්ක බේබි සුවදත් මික්ස් වෙලා....පුංචි බබෙක්නෙ මට ඉන්නෙ මේ"

"සුදුබේබි අරං දුන්නු ජාති ගෑවෙ අක්කා"

"ඔව් නේත්‍ර....මම ඔයාට අරං දුන්නු ඔක්කොම බේබි ප්‍රඩක්ට්ස්නෙ....මගෙ සුවදම සුවඳ බබා"

ලොකු ටී ෂර්ටයක් අස්සට ගිලිලා උන්නු නේත්‍රව තව ටිකක් තුරුල් කරගත්තු ආශව නේත්‍රගෙ පිරුණු කම්මුලක තමන්ගෙ නහය ගාවන ගමන් නේත්‍රව හුරතල් කරද්දි පුංචි එකා කාලෙකට පස්සෙ හයියෙන් හිනා උනා.ආශවගෙ හිතට ලොකු සතුටක් දෙන ගමන් නේත්‍ර නොනවත්වාම හිනා වෙද්දි ආශව එක දිගටම නේත්‍රගෙ කම්මුලේ තමන්ගෙ නාහෙ ගෑවෙව්වා.

හති වැටෙනකං හිනා උනු නේත්‍ර ඊලඟට කලේ අරලිය ගහෙන් වැටිලා තිබ්බ වේලුණු කෝටුවක් අතට ගත්තු එක.ආශවගෙ තුරුලෙ ඉදන්ම බිමට නැවුණු නේත්‍ර අර කෝටුවෙන් ආශවගෙ නම වැලි පොලව මත ලියන්න ගත්තා.ආශවගෙ නම ලියලා ඊට යටින් තමන්ගෙ නම ලිව්ව පුංචි එකා හරි ලොකු වැඩක් කලා වගේ අත්පුඩියක් ගහලා හිනාවෙද්දි ආශව අර වේලුණු කෝට්ට ඉල්ලන් නම් දෙක වටේට හදවතක හැඩයක් ඇන්දා.

"සුදුබේබියි නේත්‍රයි"

පුංචි එකා මුමුණ මුමුණ අර නම් දෙක වටේ ඇවිදිද්දි කාලෙකට පස්සෙ නේත්‍රගෙ මූණෙ මතු වෙලා තියෙන හිනාව දැක්ක ආශව අරලිය ගහේ කඳට හේත්තු වෙලා නේත්‍ර දිහා බලාගෙන හිටියා.අන්තිමට කැරකිලා කැරකිලා ආශව ලගටම ආව නේත්‍ර බිම වැටිලා තිබ්බ අරලිය මලක් අරං ආශවගෙ කනක් අස්සෙ ගහලා හිනා උනා.

"මලක් එක්ක සුදුබේබි හරි හුරතල්"

"එහෙනම් මාව හැමවෙලේම හුරතලේට පේනවා ඇත්තෙ"

"ඒ ඇයි සුදුබේබි"

"ඉතින් මම හැමවෙලේම ඉන්නෙ ගැටපිච්ච මලක් එක්කනෙ"

නේත්‍රගෙ ලා රෝස ගැහුනු කම්මුලක් අතින් ස්පර්ශ කරන ගමන් මිමිණුව ආශවගෙ තද දුඹුරුපාට ඇස් දෙක නේත්‍රගෙ මන්දාකිනියක්ම හංගන් ඉන්න බෝල ඇස් දෙක අස්සට එබුණා.දෙන්නට දෙන්නගෙ ලෝක වල කිමිදිලා උන්නු ආශව නේත්‍ර දෙන්නා හරි සිහියට ආවෙ අරුන්දතීගෙ කටහඩ එක්ක.

"පොඩ්ඩො....සුදුබේබිටත් දීලා මේ අඩ කන්න.මම තේ එකක් හදාන එන්නම්"

"අරුන්දතී......නේත්‍රට විතරක් පිටිකිරි හදන්න.මට එපා...මම දැන් බීලා ආවෙ"

"හොදමයි සුදුබේබි"

ආශව තමන්ගෙ උරහිසට හේත්තු වීගෙන තොලුත් උල් අරං ඈතින් පියාඹන් යන කුරුලු රංචුවක් හෙමීට ගණන් කරන නේත්‍රගෙ හීතල වෙලා ගිය කම්මුලකින් ආයෙමත් තොල් තද කලා.ආශවගෙ හාද්ද එක්ක ආශව එක්ක හිනා උනු නේත්‍ර ආශවගෙ ලොකු අතක් තමන්ගෙ පුංචි අතකින් අල්ලගන්න ගමන් ආයෙමත් කුරුල්ලො රංචුව ගණන් කරන්න ගත්තා.නේත්‍රව තව ටිකක් තමන්ට ලං කරගත්තු ආශව නේත්‍ර එක්කම එකතු වෙලා කුරුල්ලො ගනින්න පටන් ගත්තා.

"විසි දෙකයි නේද නේත්‍ර?"

"මම විසි හතරක් ගැන්නනෙ සුදුබේබි....අයියෝ මට වරදින්න ඇති"

"නෑ....මට වරදින්න ඇත්තෙ"

"නෑ සුදුබේබිට වරදින්න විදියක් නෑ....විසි දෙකයි ඉන්න ඇත්තෙ"

"මට වැරදුනත් නේත්‍රට වරදින්නෑ.....විසි හතරක් ඉන්න ඇති"

"ම්හ්....එහෙනම් විසි තුනයි ඉන්න ඇත්තෙ"

"ඔව්....එහෙම වෙන්න ඇති....මම එකක් අඩුවෙන් ගැනලා....නේත්‍ර වැඩියෙන් ගැනලා"

නේත්‍රගෙ ඔලුව අතගාලා කිව්ව ආශව ඒත් එක්කම තමන්ගෙ අනික් පැත්ත බැලුවෙ අරුන්දතීගෙ අඩි සද්දෙ නිසා.තේ කෝප්ප දෙක බංකුවෙන් තිබ්බ අරුන්දතී හෙමින් සැරේ ඉස්තෝප්පුව පැත්තට ගියේ මේ දෙන්නට තනියම ඉන්න දීලා.පත්තර කොලේ ඔතලා තිබ්බ අඩයක් තමන්ගෙ අතට ගත්තු ආශව පුංචි පුංචි කෑලි කඩ කඩ නේත්‍රට කවද්දි නේත්‍ර අහසෙ යන කුරුලු රංචුවක් ආයෙ ගනන් කරන්න පටන් ගත්තා.ආශවගෙ ඇඟට පුලූවන් තරම් ඇලිලා කුරුල්ලො ගණන් කර කර ආශව කවන අඩ කෑලි කකා ඉන්න නේත්‍ර දිහා බලලා ලස්සනට හිනා වුණු ආශව පුංචි එකාගෙ ඔලුවෙන් තොල් තද කරලා අහස දිහා බලාගෙන හිටියා.

.

.

.

.

.

"යුගාන්!"

"............"

"යුගාන්!!"

".........."

"යුගාන්!!!"

"..........."

"යුග්....."

"කක්කා දාලා ඉවර වෙනකං ඉදපිය මිනිහො!!! මම මේක ඇතුලෙ මැරිලා නෑ! කක්කා දාන ගමන් ඉන්නෙ!!! ඒකවත් නිදහසේ කරගන්න දීපියකො!"

"මටත් කක්කා බරයි යුගාන්! තමුසෙ හැදුව අර නමක් නැති රොටී ජාතිය කෑව වෙලේ ඉදලා බඩ කැලතෙනවා!"

"මේකට ඇවිත් එක කොමඩ් එකේ පුකවල් දෙකම තියාගන්න බෑනෙ පගෝ!!! එලියෙන් වලක් හාරගෙන හරි කක්කා කරපං!"

"අනේ යුගාන්...."

"අර පහල තට්ටුවෙ එකට යමංකො.....එක ටොයිලට් එකයි තියෙන්නෙ වගේ නහින්නෙ!"

"ආ ඔව් නේද?"

ඒත් එක්ක තෙවින්ගෙ සද්දෙ නැති උනු නිසා දිවාෂ සැනසිල්ලෙ තමන්ගෙ වැඩේ කරං යන්න පටන් ගත්තා.අද තමන්ට ඕනි ජාති ඔක්කොම දාලා හදපු අමුතු රොටී ජාතිය කෑවට පස්සෙ බඩේ මොකක් හරි අවුලක් උනා කියලා දිවාෂට උනත් පිලිගන්න සිද්ධ වෙලා තිබ්බා.විනාඩි දහයකට විතර පස්සෙ එලියට ආව දිවාෂ එහෙම්මම ඇඳට පනිද්දි පහල ඉදන් උඩට දුවං ආව තෙවින් ඇඳට පැන්නා.ඒත් එක්කම තෙවින් ඇඳෙන් බිමට වැටුනා.

"ආව්වා යුගාන්!"

"අත හෝදන්ද ආවෙ?"

"ඔව් අනේ.....කොන්දත් මොකද්ද උනා....ජානකී ආන්ටිලාගෙ සමිතිය ඉවර වෙන්නෙ කීයටද?"

"පහ මාරට වගේ....ඇයි මොකටද?"

"කෝපි එකක්වත් හදවගෙන බොන්න"

"මම හදලා දෙන්නම් ඉතින්....අම්මා මොකටද?"

"අනේ මේ....බඩවැල් ටිකත් එලියට ගසාගෙන එන වැඩක් ඒක...නිකා ඉදපං යුගාන්"

"සිංදුවෙ වැඩේ මොකෝ?"

"ඒ ලිරික්ස් මට සෙට් නෑ යුගාන්....පොඩ්ඩක් තව බලන්න ඕනි"

"ම්ම්ම්ම්.....ලියාගන්න බලමු එකක්..."

"ඒ නිසා එතකං කවර් එකක් කරන්න ඉන්නෙ"

"ඒක හොදයි....ඔයා දැන් සෑහෙන කාලෙකින් වැඩක් කලේ නෑනෙ"

"ඔව්....ඩුවට් එකක්"

"ආ හොදයි.....කා එක්කද කියන්නෙ?"

"යුගාන් එක්ක!"

"ම්..මො....අනේ මේ මට බෑ සිංදු කියන්න"

"යුගාන් බොරු කියන්නෙ.....මට ඇහිලා තියෙනවා"

"තමුසෙට ඇහෙන්න විදියක් නෑ.....මම ඉස්කෝලෙදිවත් කියලා නෑනෙ!"

"කොහොමහරි ඇහුනනෙ යුගාන්....කරමුකො ඩුවට් එකක්"

"බෑ"

"මොකද්ද යුගාන්......මම ආසාවෙන් ඉල්ලුව දේනෙ...."

වැලමිටට බර දීලා දිවාෂගෙ මූණට එබුනු තෙවින් කියද්දි දිවාෂ ටික වෙලාවක් තෙවින් දිහා බලාගෙන ඉඳලා ඉක්මනටම ඇඳෙන් නැගිටලා ගිහින් කාමරේ ජනේලෙන් ඔලුව එලියට දාගත්තා.තමන්ගෙ රතු උනු මූණ තෙවින්ගෙන් හංගගන්න වෙන හොද ක්‍රමයක් දිවාෂට මතක් උනේම නෑ.තෙවින් මීට කලින් මේ විදියෙ ඉල්ලීමක් තමන්ගෙන් කරලම නැති නිසා දිවාෂ තෙවින් දිහාවට හැරුණා.

"මොකද්ද සිංදුව?"

"යුගාන් කැමතිද? යේඒඒඒඒඒ"

දිවාෂ ලඟට පැන්න තෙවින් දිවාෂව තුරුල් කරං උඩ පයිද්දි තෙවින්ගෙ පස්ස පැත්ත මිරිකුව දිවාෂ තෙවින්ව එහාට කලා.ඒ ඩිංගෙන් ලැජ්ජාවට මූණ රතු කරගත්තු තෙවින් කෑ ගහද්දි දිවාෂගෙ මූණෙ තිබ්බෙනම් කුපාඩි පෙනුමක්.

"ආව්වා අනේ"

"මරු පුප හැබැයි....මොකද්ද සිංදුව?"

"හන්තාන මල්...."

"වොහ්....මම ආසම එකක්.අපි දෙන්නා යාලු වෙලා ඉමුත සිංදුව කියන්න දවස් දෙකකට විතර කලින් වෙනකං?"

"ඒ මොකටද?"

"ඒක හෙනම විරහවක් තියෙන සිංදුවක්නෙ....අපි දෙන්නා යාලු වෙලා බ්‍රේකප් වෙමු.වෙලා කියමු ඒක.එතකොට අපිට පුළුවන් ඇඬෙන්නම කියන්න"

"අනේ නිකං ඉදිං යුගාන්....උබයි මායි කන පවුල්....කවර් එක කරන්න කලින් එක්කො උඹ මැරිලා...නැත්තං මම මැරිලා"

තෙවින් කිව්ව කතාවට දිවාෂට හිනා යද්දි දෙන්නා එක්ක ඒ ගීත කවර් එක පිලිබදව ගැඹුරු කතාබහක යෙදෙන්න ගත්තා.විරහ ගීතයක් කියන්න විරහවෙන් පෙලෙන්නම ඕනි නෑ.හැබැයි විරහව හිතේ තෙරපෙද්දි ඒ වේදනාව එක්ක මුහු උනු කටහඩක් දැනෙනවත් වැඩියි.සමහරවිට දිවාෂට විරහවෙන් පෙලෙන ගමන් ඒ සිංදුව කියන්න ඕනිමනම්.....ඒක එහෙම්මම වෙන්නත් ඉඩකඩ තියේවි!

.

.

.

.

.

"ම්හ් ම්හ්....එ...එපා....එපා....රිදෙනවා!"

"නේත්‍ර....මැණිකෙ නැගිටින්න! රත්තරනේ නැගිටින්න!"

"එපා....එපා....සුදුබේබි එන්....එන්නකො....ර්...රිදෙනවා!"

"නේත්‍ර....මම ලග ඉන්නවා.....කෝ නැගිටින්න....මැණිකෙ....නැගිටින්න!"

"ස්...සුදුබේබි!"

"ඔව්....සුදුබේබි ඉන්නවා ලඟම...ම්ම්ම්...ඉන්නවා රත්තරනේ මම ඉන්නවා"

"ස්....සුදුබේබි....මගෙ සුදුබේබි..."

"කෝ එන්න වඩාගන්න....පහලට යං අපි"

"පයින් එන්න පුළුවන් සුදුබේබි"

"එහෙනම් යං....අදත් අපි තරු ගනිමු....ම්ම්ම්...."

අදත් පුරුදු විදියට පාන්දර එකට විතර දාඩියෙන් තෙත් වුණු නේත්‍ර හීනෙන් බය වෙලා දඟලද්දි නේත්‍රව තුරුල් කරං උන්නු ආශව ඉක්මනටම ඇහැරුණා.මේ ටිකේම නේත්‍රගෙ මේ වැඩේට හොදට හුරු වෙලා හිටිය ආශව නේත්‍රව හරි සිහියට අරං ඇහැරවගත්තු ගමන් නේත්‍ර ආශවගෙ පපුවට තුරුල් උනා.නේත්‍රගෙ තෙත් වෙලා තිබ්බ පිට දිගේ අත යවන ගමන් නේත්‍රව සන්සුන් කරවගත්තු ආශව කාමරේ දොර ඇරගෙන නේත්‍ර එක්කම එලියට යන්න හැදුවත් පුංචි එකාගෙ ඇඟට පණ නැති ගතියක් දැනෙන නිසා නේත්‍ර ආශවගෙ ඇඟට හේත්තු උනා.

"කෝ එන්නකො මැණිකෙ....ඔහොම යන්න බෑනෙ...ඔයාට අමාරුනෙ"

නේත්‍ර ඉස්සරහ දණ ගැහුව ආශව නේත්‍රව තමන්ගෙ කරට නග්ගගනිද්දි නේත්‍ර ආශවගෙ කරවටේ අත දාලා තමන්ගෙ පුංචි කකුල් ආශවගෙ ඉණ වටේ පටලගත්තා.ආශවගෙ බෙල්ල පිටිපස්සෙන් මූණ හංගගත්තු පුංචි එකා මූණ එතනින් අහකට ගත්තෙ ආශව ගල් බැම්ම ලගට ඇවිත් නේත්‍රව පරිස්සමින් බිමින් තියද්දි.

"අන්න අදත් හඳ පායලා....පෝය ලග නිසා හඳ ටික ටික පිරෙනවා"

නේත්‍ර ලගින්ම වාඩි උනු ආශව නේත්‍රට හඳ පෙන්නලා පිලිකන්න පැත්තෙන් වලව් මුළුතැන්ගෙට දුවගෙන ගියේ දෙන්නා එක්ක එලියට ආවෙ ඒ පැත්තෙන් නිසා.විනාඩි දෙකක් යන්නත් කලින් එලියට ආව ආශවගෙ අත් දෙකේ පීරිසියක්,ලුණු බෝතලේ,ගම්මිරිස් කුඩු බෝතලේ රැදිලා තිබ්බා.නේත්‍ර ලගින්ම ගල් බැම්මෙ ඉදගත්තු ආශව බඩු ටික ඔක්කොම තමන්ගෙ අනික් පසින් තියාගෙන සාක්කුවෙන් එලියට ගත්තෙ හවස් ජාමෙ කඩලා පරිස්සම් තැනකින් තියලා තිබ්බ නස් නාරං ගෙඩි තුන හතරක්.

"නස් නාරං!!!"

"ඔව් නස් නාරං....ඊයෙ රෑ නේත්‍ර නස් නාරං ඉල්ලුවට මට ෆ්‍රිජ් එකේ තිබිලා බෑවයිනෙ හම්බුනේ....අද මම කෝකටත් කියලා වේලාසනින්ම කඩල තියලා තිබ්බා"

නස් නාරං ගෙඩියක් සුද්ධ කරන ගමන් ආශව කියද්දි නේත්‍ර ආශවගෙ ඇඟට හේත්තු වෙලා අහස දිහාම බලන් හිටියා.මේ සතිය පුරාම ආශව ඉස්කෝලෙවත් නොයා නේත්‍ර ගාවින් රැඳුනෙ නේත්‍රගෙ විරෝධතාවය නොසලකා හැරලා.මොකද බේත් සැරට දවල්ට උනත් නින්දට වැටෙන නේත්‍ර නින්දෙන්ම බය වෙලා තමන්ව හොයන වග ආශව දැනන් උන්නු නිසා ආශවට හිත හදන් ඉස්කෝලෙ යන්න පුලුවන්කමක් තිබ්බෙම නෑ.රධීන් දුන්නු මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවෙ බලපෑම නැති කරන්න නේත්‍රට දීලා තියෙන ප්‍රතිවිශ ඖෂධ වලිනුත් නේත්‍රට ඇඟපත අප්‍රාණික ගතිය,වෙලාවක් කලාවත් නැතුව දැනෙන නිදිමත එක්ක ආශව නේත්‍රව කොහොම කියලා දාලා යන්නද?

"සුදුබේබි අර ඔරායන්...."

"මොකා?"

"අර තරු රටාව....අර පේනවද සුදුබේබි දුන්නක හැඩේට තියෙන තරු හය?"

"කෝ කොතෙන්ද නේත්‍ර?"

"අර අතන.....අර අර....අර රූස්ස ගහ කෙලින්ම බලන්නකො"

අහසට ඇගිල්ල දික් කරන් උන්නු නේත්‍ර කියවද්දි ආශව බලන් හිටියෙ තරු ගොන්නක් හංගගෙන ඉන්න නේත්‍රගෙ බෝල ඇස් දිහා.

"එතන තරු වලට වඩා මගෙ ලගට පේන මන්දාකිණියම ලස්සනයි"

"ඈ....කෝ සුදුබේබි....කොතෙන්ද?"

"ඔයාගෙ ඇස් නේත්‍ර.....එව්වා අස්සෙ තරු දාහක් හැංගිලා...මන්දාකිණියක්ම ඔයාගෙ ඇස් අස්සෙ තියෙනවා"

"ස්....සුදුබේබි....."

"මම කියන්නෙ ඇත්ත නේත්‍ර....ලංම වෙලා බැලුවම ඒ තරු වලින් ලස්සන රටාවක් හැදිලා තියෙනවා....අහසෙ තියෙන තරු රටා දවසින් දවස වෙනස් උනාට ඔයාගෙ ඇස් වල හැදිලා තියෙන තරු රටාවෙ වෙනසක් කවදාවත් උනේ නෑ"

"තරු රටාවක්?"

"හ්ම්....ඔයාගෙ ඇස් වල ඇදිලා තියෙන්නෙ සුදුබේබි කියන තරු රටාව....ඔයාගෙ ඇස් දෙකෙන් හැමවෙලේම පේන්නෙ මාව....මාව විතරයි"

"හැමදාටම සුදුබේබිව විතරයි"

ආශවගෙ බාහුව අස්සෙන් තමන්ගෙ පුංචි අතක් යැව්ව නේත්‍ර ආශවගෙ උරහිසට ඔලුව බර කරගෙන ගල් බැම්මෙන් පහලට වැටිලා තියෙන කකුල් දෙක හොලව හොලව ආශව සුද්ධ කරන නස් නාරමට කෙල හලන්න ගත්තා.නේත්‍ර කරන වැඩේ දැකල හිනා ගිය ආශව ඉක්මනටම නස් නාරම සුද්ධ කරලා පීරිසියට ලුණු ගම්මිරිස් කුඩු දාලා නස් නාරම එක්කම දුන්නම නේත්‍ර බික් ටික වෙන් කරං එකින් එක කන්න ගත්තා.

"සුදුබේබිත් කන්නකො...."

"ම්ම්ම් කන්නම්...."

"මේකෙන් එ....අහ්ම්ම්ම්ම්"

අලුත් නස් ආරං බිකක් කටට දාගන්න ගමන් නේත්‍ර කියද්දි,නස් නාරං බේරි බේරි ලා හද එලිය වැටිලා දිලිසෙන නේත්‍රගෙ තොල් දිහා තවත් බලාගෙන ඉන්න බැරි වුණු ආශව නේත්‍රව ලඟට ඇදල අරගෙන ඒ පිරුණු තොල් වලට බර උනා.නේත්‍රගෙ හීනි ඉණ වටේ අත දාලා නේත්‍රව තවත් තමන්ගෙ ඇඟට හිර කරගත්තු ආශව හෙමින් සැරේ නේත්‍රගෙ තොල් අස්සෙන් තමන්ගෙ දිව නේත්‍රගෙ පුංචි කට ඇතුලට රිංගෙව්වෙ ඒ කට ඇතුලට දාගත්තු නස් නාරං බික තමන්ගෙ කට ඇතුලට ගැනීමේ අරමුණින්.ආශවගෙ හාදුවෙ හැඟීම් නිසා කෙදිරි ගාන ගමන් ආශවගෙ ඇගටම ඇලුනු පුංචි එකාගෙ අත් දෙක මිටි ගැහිලා ආශවගෙ පපුව මතට හිර වෙලා තිබුණා.

නේත්‍රගෙ හීනි ඉණ ටී ෂර්ටය උඩින්ම හෙමින් මිරිකන ගමන් ආශව හාදුව තවත් ගැබුරු කරද්දි නේත්‍රත් හෙමින් සීරුවෙ තමන්ගෙ තොල් වලින් ආශවගෙ තොල් සිපගත්තා.ටික වෙලාවක් යද්දි ආශවගෙ දිව තමන්ගෙ කට ඇතුලෙ පෙරලි කරනවා දැනුනු නේත්‍ර කලේ ඔක්කොටම කලින් නාරං බික දඩි බිඩි ගාලා ගිලලා දාපු එක!

ආශව කරන්න හැදුව දේ නොතේරුණු පුංචි එකා නාරං බික ගිලලා දැම්ම බව තේරුණු ආශවට හාදුව අතරින්ම හිනා යද්දි තව විනාඩි කීපයක් එක දිගටම නේත්‍රගෙ තොල් ආදරෙන් සිපගත්තු ආශව අන්තිමටම ඒ තොල් වටේට තමන්ගෙ දිව හීන් සීරුවෙ අරං ගිහින් යටි තොල ටිකක් ඇදලා උරලා සිපගැනීමෙන් ඈත් උනා.හයියෙන් හුස්ම ගත්තු නේත්‍ර පුරුදු පරිදි එහෙම්මම ආශවගෙ පපුවට හේත්තු වෙලා හයියෙන් හුස්ම ගනිද්දි නේත්‍රගෙ අප්‍රාණිකත්වය තේරුම් ගත්තු ආශව පුංචි එකාව තුරුල් කරගෙන ඒකාව සැනසෙව්වා.

"නාරං බික ගිල්ලෙ මොකෝ?"

"ස්....සුදුබේබිට ඒක එක්ක අපහසුයි කියලා හිතුනා"

"මම හැදුවෙ ඒක මගෙ කට ඇතුලට ගන්නනෙ මැටි කොල්ලො"

"ඈ....හැයියා සුදුබේබි....නේත්‍ර දන්නෑනෙ එහෙම එකක්"

"මගෙ පිස්සු පොඩි එකා"

නේත්‍රව තුරුල් කරං ආශව හිනා වෙද්දි නේත්‍රත් ඒ හිනාවටම එකතු උනා.ටික වෙලාවක් යනකං හිනා උනු නේත්‍ර ආයෙමත් නස් නාරං කන්න ගනිද්දි ආශවත් නාරක් බිකක් අරං හෙමීට කන්න ගත්තා.දැන් එන්න එන්නම නේත්‍රගෙ තත්වෙ හොද අතට හැරෙන නිසා ආයෙමත් නේත්‍රව සමාජෙට දාන්න ඕනි කාලෙ එන බව තේරුම් අරං උන්නු ආශව නේත්‍ර එක්ක ඒ ගැන කතා කරන්න හිතාගත්තා.

"නේත්‍ර...."

"ඕ සුදුබේබි...."

"අපි ලබන සඳුදා ඉදන් ඉස්කෝලෙ යමුද? ම්ම්ම්?"

"ඉ...ඉස්කෝලෙ?"

"ඔව්...අපි හැමෝම ඉන්නවනෙ? හැමදාම නේත්‍රට බෑනෙ ගෙදෙට්ට වෙලා ඉන්න නේද?"

".............."

"අනික ඒ මිනිස්සු ආයෙ නේත්‍රගෙ ඇස් මානෙට පේන්නවත් එන්නෑ.....සුදුබේබිට පොරොන්දු වෙන්න පුළුවන් ඒ ගැන...ඒ නිසා බය නැතුව ඉස්කෝලෙ යමුද?"

"ස්....සුදුබේබි යන්නකො....නේත්‍ර ඉන්නම්"

"මැණිකෙ.....මගෙ නේත්‍රගෙ ඉගෙනීම එක්ක සුදුබේබිම කොච්චර හීන මවාගෙන ඉන්නවද? නේත්‍ර අයිලන්ඩ් රෑන්ක් එකක් දායි.....නේත්‍ර ජපුරටම සිලෙක්ට් වෙයි....ඒ හීන වලට මොකො වෙන්නෙ නේත්‍ර ඉස්කෝලෙ නොගියොත්....ම්ම්ම්?"

".............."

"අනික නේත්‍ර ඉස්කෝලෙ යන්නෙ නැත්තං සුදුබේබි යන්නෙත් නෑ....ක්‍රිකට් ගහන්නෙත් නෑ.සුදුබේබිත් ඉන්නවා ගෙදෙට්ට වෙලා"

"එහෙම එපානෙ මගෙ සුදුබේබි"

"එහෙනම් ඉස්කෝලෙ යමු මැණිකෙ....අතීතෙ උනු නරක දේවල් පාගලා දාලා අපි වර්තමානෙ එක්ක හැප්පෙන්න ඕනි....අතීතෙ උනු දේවල් වලට අපිව පරාද කරන්න දෙන්න බෑ අපිට"

"හ්ම්ම්ම්"

"නේත්‍රට මම බල කරන්නෑ....ඒත් ඉතා ඉක්මනින් ඉස්කෝලෙ යන්නම ඕනි මැණිකෙ ඔයා....තේරුණාද?"

"ඉස්කෝලෙ ගියාම නේත්‍රට කවුරුත් කරදර කරන එකක් නෑ නේද සුදුබේබි....නේත්‍රව බය කරන එකක් නෑ නේද?"

"නෑ රත්තරනේ....ආයෙ මේ පවුකාර මනුස්සයා මගෙ මැණිකව තනි කරන්නෑ... මට සමාවෙන්න මැණිකෙ....ආයෙ එහෙම දෙයක්...."

"සුදුබේබි සමාව ගන්නෙපා....මට දුක හිතෙනවනෙ....සුදුබේබි නෙවේ වැරදි....නරක මිනිස්සුයි වැරදි....සුදුබේබි තමා මේ ලෝකෙ හොදම කෙනා"

"ඒත් මට ඒ පසුතැවිල්ලෙන් ගැලවෙන්න බෑ නේත්‍ර"

"සුදුබේබිමනෙ කිව්වෙ අතීතෙ එල්ලිලා ඉන්නෙපා කියලා....අපි ඒ හැමදෙයක්ම නරක හීනයක් කියලා හිතලා අමතක කරලා දාමු"

නේත්‍රගෙ ඉණ වටේ අත යවපු ආශව නේත්‍රව තව ටිකක් තමන්ට ලං කරගත්තා.අවුරුදු ගාණක් තිස්සෙ මේ ගල් බැම්ම උඩ ඉදගනිද්දි නේත්‍ර තමන්ගෙ අත් අතරෙ නොවෙනස්ව ඉන්න එක ගැන ආශව දෙවියන්ට අසීමාන්තිකව ස්තූතිවන්ත උනා.තමන්ගෙ උරහිසකට ඔලුව ගහන් ඉන්න නේත්‍ර අත දික් කරලා තව තරුවක් පෙන්නද්දි ආශව ඒ දිහා බලලා හිනා උනා.

"ඒ අප්පච්චි...."

"අප්පච්චි?"

"ඕ.....නේත්‍රගෙ අප්පච්චි"

"මගෙ මැණිකගෙ අප්පච්චිද ඒ තරුව?"

"ඔව්නෙ සුදුබේබි.....අහසෙ වැඩියෙන්ම දිලිසෙන තරුව"

"ඔව්...ඒ අප්පච්චි වෙන්න ඇති"

නේත්‍ර පෙන්නුව තරුව දිහා බලාගෙනම ආශව මුමුණද්දි නේත්‍ර තොලුත් උල් කරගෙන ඒ තරුව දිහා බලාගෙන හිටියා.ආශව කල්පනා කලේම නේත්‍රගෙ සියුමැලි බව ගැන.තමන් පුංචි කාලෙම අම්මා නැති උනාට පස්සෙ ලෝකෙ හැමෝම එක්ක තරහින් ජීවත් උනා මිසක් අඩුම තමන්ගෙ දුක නැති කරගන්න හිතලවත් අහසට,තරුවකට,හඳට,පරිසරේ මොනයම් දේකට හරිවත් ආශව කතා කරලා තිබ්බෙ නෑ.හැබැයි දවසක් ආශවට නස් නාරමක් දික් කරං ආව පුංචි භූතයෙක් ආශවගෙ ඒ පීඩනකාරී ජීවිතේ නැති කරලම දැම්ම හැටි මතක් උනු ආශව ආයෙමත් අර උල් වෙලා තියෙන තොල් උඩින් කෙටි හාද්දක් තියලා ඈත් උනා.

"අප්පච්චි නැති උනේ මට අවුරුදු දෙකේදිලු සුදුබේබි....මට ඒත් ලා මතකයක් තිබ්බා ඒ කාලෙ අප්පච්චි ගැන"

"චූටි කාලෙද? දැන් මතක නෑ?"

"නෑ සුදුබේබි....අර ලා මතකයක්නෙ ඉතින්...ඒක එහෙම්මම ඒ කාලෙදිම ටිකෙන් ටික බොඳ වෙලා ගියා.මම අප්පච්චිට කතා කරනවා කියලා හිතාගෙන ඒ කාලෙ තරුවට කතා කරන්නෙ?"

"මගෙ බටුඇටේට ඒ කාලෙත් කතා කරන්න දේවල් තිබ්බද අප්පේ එච්චරටම?"

"ඔව් සුදුබේබි....සුදුබේබි දන්නවද...මම මොන්ටිසෝරි ගියේ එක අවුරුද්දයිනෙ....ඒකත් මේ ලොකු මැණිකෙ ආවට පස්සෙ....ලොකු මැණිකෙ පඩි වැඩි කලාලු ඒ කාලෙ අපේ අම්මට.ඒත් සුදුබේබි,මට ඒ කාලෙ ලමයි ගැහුවත් එක්ක"

"ගැහුවා! ඒ මොන බල්ලද ගැහුවෙ!"

"අනේ කේන්ති ගන්න දෙයක් නෙවේ සුදුබේබි.....මම කා එක්කවත් කතාබහක් නෑනෙ ඉතින්....මුල් දවස් වල ලමයි ගහලා තියේ තල්ලු කරලා තියේ....දිවාෂ තමා මාව බේරගත්තෙ.මොන්ටිසෝරියෙ පන්ති තුනක් තිබ්බා....දිවාෂ උන්නෙ වෙන පන්තියක.එයා මට ගැහුව ලමයෙක්ට දවසක් ගහලා අඩ අඩ උන්නු මාව පන්තියට එක්කං ගියා...එදා ඉදන්ම දිවාෂ අඩලා මාව එයාගෙ පන්තියට ගන්න ඕනි කියලා...මොන්ටිසෝරියෙ ටීච දිවාෂලාගෙ අම්මගෙ යාලුවෙක්....එයා මාව දිවාෂගෙ පන්තියට දැම්මා.....එහෙම තමා අපි දෙන්නා හොදම යාලුවො උනේ"

"කොටා හොද එකා මොනා උනත්"

"ඔව් සුදුබේබි.....ඒ කාලෙ මම ඔය තරුවට රෑට උන දේවල් කිය කිය අඬනවා....සමහර දවස් වලට තරු නෑ....එදාට තනියෙන් අඬන්නෙ"

"දැන් නේත්‍ර තරුවට කතා කරන්නෑ නේද?"

"අවුරුදු ගාණකට කලින්ම ඒ දේවල් නැවතුනා සුදුබේබි"

"ඒ ඇයි?"

"සුදුබේබිව හම්බුනා මට.....මේ ලෝකෙ මට අම්මා,අක්කා,අත්තම්මා,දිවාෂ ඇරුනම ආදරෙන් සලකන කෙනෙක්ව හම්බුනා.....ඒ කාලෙ අක්කත් ගහනවා මට.සුදුබේබි විතරයි ආදරෙන් බලාගන්නෙ මාව....ඉතින් ටික ටික මම සුදුබේබිට කිට්ටු උනා....අර කා ලගවත් නැති විදියෙ හැඟීමක්,උණුහුමක් සුදුබේබිගෙන් ලැබුනා....දවසෙ උනු හොද දේවල් නරක දේවල් අප්පච්චිට කියන්නැතුව සුදුබේබිට කියන්න පුරුදු උනා.....ඒ තරුව ඕනි නැති උනා මට"

"මම හැමදාම ඔයා එක්ක ඉන්නවා නේත්‍ර.....මගින් දාලා යන්නෑ"

"මමත් සුදුබේබි....නේත්‍ර ටිකක් ශරීරෙන් දුර්වලයි,මෝඩයි තමා....ඒත් මම සුදුබේබිව දාලා යන්නෑ කවදාවත්ම"

කෙලින් උනු නේත්‍ර ඇස් වල කදුළු පුරවන් උන්නු ආශවව තමන්ගෙ පපුවට තුරුල් කරගනිද්දි ආශව නේත්‍රට තුරුල්ම උනා.

"මගෙ ජීවිතේ සැනසීම ඔයා නේත්‍ර"

නේත්‍රගෙ පපුවට තුරුල් වෙලා උන්නු ආශව මුමුණලා නිහඩ වෙද්දි නේත්‍රයි ආශවයි දෙන්නම රාත්‍රී නිහඩතාවෙට එකම බාධාව වෙන රැහැයියන්ගෙ නාදෙට ඇහුම්කන් දීගෙන උන්නා.හීතල නුවර හුලඟ,හද එලිය එක්ක,තැනින් තැන මතුවෙන කණාමැදිරි එලි එක්ක නේත්‍ර තමන් ලග ඉන්න මේ මොහොත ආශවට හරි ආදරණීයව දැනෙන්න ගත්තා.ආශවගෙ හුස්මෙන් තමන්ගෙ පපුවම උණුහුම් වෙලා යද්දි නේත්‍රටත් මේ හෝරාව දැනුනෙ අමුතුම රෝමාන්තික විදියකට.

"අපි දෙන්නා දවසක සිංහල විදියට මැරි කරමු.....උඩරට විදියටම"

"හා සුදුබේබි...."

"ම්ම්ම්.....නේත්‍ර සුදු පාට නිලමෙ කිට් එක අදිමු....නේත්‍රට ඒක හුඟාක් ලස්සනට තියේවි"

"සුදුබේබි රතු පාට නිලමෙ කිට් එක ඇන්දනම් හරි....අනේ....ලස්සනට ඉදියි නේද සුදුබේබි"

"ඔව්......මේ පුංචි පැටියව මම මගෙම කරගන්න දවස ලස්සනම ලස්සන දවසක් කරගන්න ඕනි මට"

"මමත් මහන්සි වෙන්නම් සුදුබේබි....අපි දෙන්නම එකටම ඒ දේවල් ගොඩනගාගමු....නේත්‍ර ඉස්කෝලෙත් යන්නම් සදුදා ඉදන්"

"සුදුබේබිව බදින්න තියේනම් එනිතින් ෆො යූ සුද්දා නේද?"

"අනේ සුදුබේබි....එහෙම තමා....නේත්‍ර ආදරේටනෙ ඒ"

නේත්‍රගෙ බොත්තම් නාහෙ හැපුව ආශව ආයෙමත් නේත්‍ර එක්ක තරු ගනින්න පටන් ගත්තා.ටික වෙලාවක් යද්දි තමන්ගෙ වම් උරහිස බර වෙලා පුංචි තද හුස්මවැල් වැටෙන්න ගනිද්දි ආශව හිනාවෙලා පුංචි එකා දිහාවට හැරුනා.කටත් බාගෙට ඇරගෙන නින්ද ගිහින් ඉන්න නේත්‍රව තමන්ගෙ දෝතටම අරං උස්සගත්තු ආශව හෙමින් සැරේ පිලිකන්නෙන් ගෙට ගොඩ වෙලා දොර වහලා උඩ තට්ටුවට නැගගෙන යන්න ගත්තා.පුංචි එකාව ඇදෙන් ඇල කරපු ආශව නේත්‍රගෙ නලලින් හාද්දක් තියලා තද නින්දක ඉන්න නේත්‍රව තමන්ගෙ පපුවට තුරුල් කරගෙන ඇස් දෙක පියාගත්තා.

...................................................................................................

"සුභ උදෑසනක් වේවා නේත්‍ර...."

"සුභ උදෑසනක් සුදුබේබි....."

"යමුද?"

"හා යං....සුදුබේබි....නේත්‍රගෙ වතුර බෝතලේ ගන්න පුලුවන්ද?....බුද්ධ පූජාවයි,හාමුදුරුවන්ගෙ දානෙට දෙන්න තියෙන මාලුවකුයි නිසා බෑග් එක බරයි වතුර බෝතලෙත් දැම්මොත්"

"කෝ දෙන්න නේත්‍ර මම ගන්නම්.....පොත් ටිකක් හරි බුද්ධ පූජාව හරිත් ගන්නද?"

"එපා සුදුබේබි.....ඒවා හෙල්ලෙන්නෙ නැති වෙන්න අඩුක් කරගෙන තියෙන්නෙ"

පුරුදු විදියටම ගෙවල් ලග ගුරුපාරෙන් ගමන ආරම්භ කෙරුව ආශවයි නේත්‍රයි මගදි හම්බුනු නිවුන්නු දෙන්නයි දිවාෂයි එක්කම බස් රථයට ගොඩ වෙලා පාසල ලගින් බැස්සා.නේත්‍රගෙ කොණ්ඩෙ අතින් හැදුව ආශව නේත්‍රගෙ බෑගය පිටිපස්සෙන් අල්ලන්ම පාසලට ඇතුල් වුණා.මේ වෙද්දි නේත්‍ර ඉස්කෝලෙ එන්න පටන් අරං දවස් තුනක් ගත වෙලා තිබ්බා.මුල් දවසෙ දෙකේ බයක් තිබ්බට රධීන්ව,මහීල්ව ආයෙ දකින්නවත් ලැබුනෙ නැති නිසා නේත්‍රගෙ බය හෙමීට පහ වෙලා ගියා.

"එකොලහමාරට එන්න කිව්වා ඒයි රකිත අයියගෙ කාමරේට"

"රකිත අයියගෙ කාමරේට! උඹට!"

"අනේ චූචියො මේ ආර්යට කියන්නකො අනේ කටවහන් ඉන්න කියලා...දෙන්නෙ දෙකක් උබට"

ආර්යගෙ ඔලුවට ටාං ගාලා පාරක් දුන්නු දිවාෂ නේත්‍ර ලගින් ඉදගනිද්දි නේත්‍ර හිනාවෙවීම බෑගයෙන් ෆයිල් කවරයක් එලියට ඇදලා ගත්තා.

"මේ තියේ ඇජෙන්ඩා එක.....ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එක කාර්තික් ටයිප් කරලා ගේන්නම් කිව්වා දිවාෂ"

"ආ.....ඌ හරියට ටයිප් කරං එයි නේද? මතකනෙ එකපාරක් අර ඔයා සාහිත්‍ය තරඟෙට කතාවක් ලියලා මූ ඒක ටයිප් කරං ප්‍රින්ටවුට් එකක් අරං එන්නම් කියලා කරගෙන ආව වැඩේ"

"මොකද්ද දිවාෂ? ඈ නේත්‍ර....මම දන්නෑනෙ ඒ සීන් එක"

"උඹට බඩ යනවා කියලා ඒ ටිකේම ගෙදර හිටියෙ...තරඟෙන් දින්නොත් ආසවයව සප්‍රයිස් කරන්න ඕනි නිසා නේත්‍ර ආසවයට කියලා ටයිප් කරං තිබ්බෙත් නෑ....කාර්තික් අරං ගියේ.....මූ වචන මූට ඕනි විදියට දාන් ඇවිත් තිබ්බා"

"ඒ කිව්වෙ"

"අඩ හා ආප්ප කියන එක ඌ ටයිප් කරලා තිබ්බෙ 'අඩෙයප්පා' කියලා.....සීනි කූරු කියන එක 'සීනි පොකුරු' කියලා....දෙවැට ඉම්මේ කියන එක 'දෙවනි ඉනිම' කියලා....තව එව්වා වගයක් තිබ්බා....හොද වෙලාවට ඩෙඩ් ලයින් එකට තව දවස් දෙකක් ඉතුරු වෙලා තිබ්බා....අන්තිමට දෙවින් පණට කියලා ටයිප් කරවං ප්‍රින්ටවුට් එක ගත්තෙ"

දිවාෂ කියද්දි නේත්‍රටයි ආර්යටයි දෙන්නට හිනා ගියා.කාලෙ ගත වීගෙන යනවත් එක්කම එකොලහමාරට විනාඩි පහක් තියලා නැගිට්ට දිවාෂ නේත්‍රවත් ඇදගෙනම පන්තියෙන් එලියට ආවෙ ගුරුතුමීගෙ රැවුම් ගෙරවුම් ගණන් නොගෙන.නේත්‍ර එක්කම රකිතගෙ රාජකාරී කුටියට ලං උනු දිවාෂයි නේත්‍රයි ඒත් එක්කම දැක්කෙ එතනට ඇවිදන් එන කාර්තික්වයි,ශෙනාල්වයි.හතර දෙනා එක්කම දොරට තට්ටු කරද්දි ඇතුලෙන් 'එන්න' කියලා කිව්ව රකිතගෙ කටහඩ ඇහුනා.

"රකිත පැං.....ආනේ දෙවින් පණ!"

ඇතුලට ගිය ගමන් රකිත ලගට දුවන්න හැදුවත් ඒත් එකම දෙවින්ව දැක්ක දිවාෂ යන්න ගිය ගමන් මාර්ගෙ වෙනස් කරලා දෙවින් ලගට දුවං ගිහින් දෙවින්ගෙ කම්මුල් දෙක චොප්ප කරලා දාලා දෙවින් ලගින් හිටගත්තා.නේත්‍රව දැක්ක ආශව ඉක්මනටම පුටුවෙන් නැගිටලා නේත්‍රට ඉදගන්න දෙන්න හැදුවත් ආශව ලගට ගිය නේත්‍ර ආශවගෙ උරහිසට තට්ටු කරලා ආයෙමත් ආශවව ඉන්දෝලා රකිත ලගට ගිහින් ෆයිල් එක දීලා ආශව ලගින් හිටගත්තා.

"ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකයි,ඇජෙන්ඩා එකයි රකිත අයියෙ"

"ආහ් හරි මල්ලි....මම ප්‍රපෝසල් එක බලන්නම්....ටොප් බෝඩ් එක එක්ක කතා කරලත් අඩුවක් හෝ හැදෙන්න ඕනි තැනක් තියේනම් කියන්නම්....මට කෙටියෙන් කියන්නකො බලන්න ප්‍රෝග්‍රම් එක යන විදිය"

"උදේ රැස්වීම ඉවර උනාට පස්සෙ කෙලින්ම ලමයිව ක්ලාසස් වලට යවනවා....එදාට අයියෙ පුලුවන්නම් විනාඩි පහලවකට විස්සකට වගේ රැස්වීම සීමා කරගන්න පුලුවන්නෙ?"

"පුලුවන් මල්ලි....ඒක මම මොකක් හරි කරන්න බලන්නම්"

"හරි රකිත අයියෙ....ඊට පස්සෙ ක්ලාසස් වල ඉදන් කිරි උතුරවන එක කරලා,ඊට් පස්සෙ ඔය ගනුදෙනු නැකැත් ටික එහෙම කරලා....ඊලගට අවුරුදු උත්සවේ පටන් ගන්න තියෙන්නෙ"

"ආ ඕකේ"

"අවුරුදු උත්සවේ පටන් ගද්දි ඉතින් ප්‍රින්සිපල් සර්ගෙ කතාව,රකිත අයියගෙ කතාව දෙක මුලින්ම.ඊලගට සිංදුවක් කියලා පටන් ගන්නෙ.....දහය වසරෙ ලමයිගෙ සිංදුවක්..ඊලගට එකොලහ වසරෙ අයගෙයි හත වසරෙ ලමයිගෙයි නැටුම් දෙකක්.....ම්ම්ම්....ඊලගට කණාමුට්ටි බිදිමයි,අන්ධයාට කිරි කැවීමයි....ඊලගට සුදුබේ.... ම්ම්ම්ම්....ආශව අයියගෙයි තෙවින් අයියගෙයි සිංදුව....ඊලඟට ටීචස්ලා කියන සිංදුව...ආයෙ මියුසික් ටීම් එකේ අයගෙ සිංදුවක් තියෙනවා....දෙනෙත් අයියලා තමා කරන්නෙ"

"හරි මල්ලි ඊලගට...ආ උඩ බලන් ඉන්නැතුව කාර්තික් කියන්න බලන්න....නේත්‍ර මල්ලිට කතා කරලම මහන්සිත් ඇති"

"අරි අයියා.....ඊලගට කබ අදින්න තියෙනවා"

"කබ?"

"කඹ අයියෙ"

"අන්න ශරි...කබ....ඒක ඇදලා නෙක්ස්ට් අපිට තියෙන්නෙ දෙයි ගෙඩිය තියාගෙන යන්න කටේ.....ඊලගට බැලුම් පුපුරෝලා....බයිස් කන්ඩ තියෙන්නෙ යප්පා..."

"හරි.....ශෙනාල්?"

"ඒ ටිකේම යන්නෙ ක්‍රීඩා ටික තමා අයියෙ....පැනි බඹරෙ තියෙනවා,ගෝනි පනින්න තියෙනවා,පොල් ගාන්න තියෙනවා....හවස් වෙද්දි ඔය හොදම හිනාව,ඇඬිල්ල තේ යාරෙ දාන එක...ඒ ටික තියෙනවා....ඊලගට ටොප් බෝඩ් එකේ සිංදුව....විකට ඇදුම් තරඟෙ පටන් ගන්න කලින් දිවාෂටයි තෙවින් අයියටයි අයිටම් එකක් තියෙනවා...මොකද්ද කියලා මේ දෙන්නා කියන්නෑ....ඩ්‍රාමා මිස් කියන්නෙත් නෑ.ඔක්කොම තරඟ ඉවර උනාම අවුරුදු කුමාරයා,හොදම පර්සනැලිටි එක තියෙන කුමාරයා,හොදම හිනාව තියෙන කුමාරයා,ජනප්‍රියම කුමාරයා....ඔය ටික තෝරනවා...පස්සෙ ඩීජේ එක..නටලා කාලා බීලා යන්න තියෙන්නෙ"

"කීය වගේ වෙද්දි ඉවර කරන්නද බලාපොරොත්තු වෙන්නෙ ඔයාලා?"

"ම්ම්ම්....හය තමා ටාගට්කරං ඉන්නෙ....එහෙ මෙහෙ උනොත් හත වෙද්දි වගේ ඉවර වෙයි අයියෙ"

"හය නම් උපරිම හය හමාර....හත වෙනකං ඇදෙන්න බෑ මල්ලිලා....ඔයාලා තරඟයක් දෙකක් එහෙ මෙහෙ කරලා හරි ටයිම් හදාගන්න බලන්න.තේරුනාද?"

"ඔව් අයියෙ"

"ඔයාලගෙ කමිටි මෙම්බර්ස්ලාව ඔයාලා තුන්ඩු උඩ දාලා හරි මොනාහරි කරලා බෙදාගන්න....මොකක් හරි උදව්වක් ඕන්නම් අපෙන් උදව් ඉල්ලගන්න...අපි කොහොමත් උපරිම ජූනි වෙනකං ඉස්කෝලෙ එයි....පස්සෙ අපි එන්නෑනෙ....එතනින් එහාට හැමදේම බලාගන්න වෙන්නෙ ඔයාලට"

රකිතගෙ වචන එක්ක හැමෝම ඔලුව වනලා ඒ දේ පිලිගත්තා.කට්ටියටම උපදෙස් දීලා පිටත් කෙරෙව්ව රකිත ඊලගට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායක කණ්ඩායම එක්ක මේ ගැන කතා කරන්න ගනිද්දි ආශවට යන්නම් කියලා ඔලුවෙන් කිව්ව නේත්‍ර දිවාෂලා එක්කම පිටත් උනා.

.

.

.

.

.

"සුදුබේබියි දෙවින් අයියයි කුස්සියට ගිහින් හෙන වෙලාවක් නේද දිවාෂ? තාම නැත්තෙ ඇයි?"

"මෙච්චර වෙලා මොනා කරනවද අනේ ඇත්තටම...ආ අර එන්නෙ"

කට්ටියම හවස නේත්‍රලාගෙ ගෙදරට රැස් උනේ අවුරුදු කාලෙට කරන්නෙ මොනාද කියලා කතා කරගන්න.අනිද්දට ලැබෙන පාසල් නිවාඩුව එක්ක කට්ටිය මේ පුංචි නිවාඩුවෙදි මොනාහරි සතුටුදායක දේවල් ටිකක නිරත වෙන්න ඕනි කියලා කල්පනා කලා.වතුර ටිකක් බොන්න කුස්සියට ගිය දෙවින් ටිකකින් ඉස්තෝප්පුවෙන් ඔලුව එලියට දාලා රහසින් ආශවට එන්න කියලා කිව්වා.විනාඩි හය හතකට පස්සේ එලියට ආව දෙන්නා අරලිය ගහ යටින් ඉදගත්තෙ තොල් දෙක පිහිදන ගමන්.

"මේ.....ඔයාලා දෙන්නා චූචියටයි දෙනෙත් අයියටයි ද්‍රෝහී උනාවත්ද? දෙයියනේ.....තෙවින් මාව ටිකක් අල්ලගන්න...මම වැටෙන්න යන්නෙ!!!"

තොල් පිහිදන ආශවයි දෙවිනුයි දිහා බලලා කෑ ගැහුව දිවාෂ එහෙම්මම ඔලුවටත් අත ගහගෙන තෙවින්ගෙ ඇගට කඩා වැටෙද්දි දිවාෂව අල්ලගත්තු තෙවින් දිවාෂග්ව් රංගනේ ඉවර වෙනකං බලාගෙන හිටියා.දිවාෂ කිව්ව දේ තේරුම් ගන්න බැරුව ටික වෙලාවක් දිවාෂයි තෙවිනුයි දිහා බලන් උන්නු ආශවයි දෙවිනුයි දෙන්නා තමන් පිහිදන ගමන් උන්නු තොල් වලට අවධානෙ දුන්නෙ තෙවාස දෙන්නා තමන් දෙන්නගෙ තොල් දිහාම බලාගෙන උන්නු නිසා.

"ඊයා හු#තො!!! ඊයා!!!"

ඇසුත් ලොකු කරගත්තු ආශවයි දෙවිනුයි ඈතට වෙලා බිමට කෙල ගහගන්න ගනිද්දි තෙවින් දිවාෂව බිමට අතෑරියෙ දිවාෂගෙ රංගනයෙ ඉවරයක් නැති හන්දා.බිමට වැටිලා පස්ස බිම ඇනගත්තු දිවාෂ අත මිට් මොලෝලා තෙවින්ගෙ පිටට පාරක් දෙද්දි තෙවින්ට කැස්සකුත් එලියට පැන්නෙ පාරෙ සැරට.නේත්‍ර ලගින් ඉදගත්තු ආශව නේත්‍රගෙ කරවටේ අත යවලා නේත්‍රව තුරුල් කරගනිද්දි දිවාෂ ආශවට රව රව දෙවින්ට තුරුල් උනා.

"මැණිකෙ....."

"ඕ සුදුබේබි...."

"අර ජෑම් බෝතලේක දාලා වහලා තියෙන්නෙ මොනාද නේත්‍ර කුස්සියෙ? සුදු පාටට?"

"කුස්සියෙ? ආ....ඒ පොල් වතුරනෙ සුදුබේබි"

"පොල් වතුර ඒ රහ නෙවේනෙ නේත්‍ර.....ආ නෑ නෑ....අමුතු ස්මෙල් එකක් ආව නිසා බෝතලේ ඇරලා බිංදු දෙක තුනක් කටට හලාගත්තා"

"ඔය සුදුබේබි අම්මා ආප්ප හදන්න අමු පොල් වතුරට සීනි ටිකක් දාලා රා වෙනකං වහලා තිබ්බ එකක්...දවස් තුනක් තිබ්බම පිපුම්කාරක ඕන්නෑ...ඕක දාලා පිටි ඇනුවම හොදට පිපෙනවා"

"ඒ රාද එතකොට?"

"හරිම රා නෙවේ සුදුබේබි....ඒත් ඒ වගේ තමා"

"ඒවා ඉතින් ඇඟට අගුණ නැද්ද නේත්‍ර? නෑ ඉතින් මත්ද්‍රව්‍යක්නෙ.....ඔව්වා දාලා පිටි අනන්නෙ?"

"නෑ සුදුබේබි.....ඔය බෝතල් කරන අරක්කු වගේ නෙවේ...රා කියන්නෙ සම්පූර්ණයෙන්ම ස්වභාවික දෙයක්නෙ....අනික ඉතින් ඉදලා හිටලනෙ ඔව්වාගෙන් පිටි අනන්නෙ....ඒ නිසා ලොකු අවුලක් නෑ"

නේත්‍ර කියද්දි නුවර අහසනම් ලාවට ගෙරෙව්වෙ ආශවගෙ දඩබ්බර හිත ඉක්මනටම තේරුම් ගත්තු නිසා.නේත්‍රගෙ ලස්සන ඇස් දෙක ලග රැදුණු ඇහි පිහාට්ටක් අයින් කරන්න උත්සාහ දරන දිවාෂටත්,දිවාෂගෙ වැඩේ නිසා හෙල්ලෙන්නෙ නැතිව ඉන්න නේත්‍රටත් දෙයක් මගෑරුණා.ආශව දෙවින් තෙවින් තුන් දෙනා අතරෙ ඉක්මනටම හුවමාරු උනු දඟකාර සෙල්ලක්කාර බැල්ම දැක්කෙ නුවර අහසයි,නුවර පිහදාගෙන හමං ආව හුලඟයි විතරමයි.

...................................................................................................

වචන 6600+😓❤️

කැමතිනම්,කතාව හොදනම් වචනයක් කියාගෙන යන්න බබාලා😊❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter