Back
Chapter 84

83 කොටස🤍✨️

නිවාලන්න මා...

"සුදුබේබි....."

"ඕ නේත්‍ර"

"බඩ්ඩක් කියන්න තියෙනවා"

"මොකද්ද මැණිකෙ?"

"තෙවින් අයියා දවසක් දිවාෂට උම්මා එකක් දෙන්න වගේ ගියානෙ"

"අර ඉස්කෝලෙදි දුන්නා කිව්ව එක නේද?"

"නෑ නෑ සුදුබේබි.....අපි ඇඳුම් ගන්න ගිය දවසෙ....තෙවින් අයියා දිවාෂට උම්මා එකක් දෙන්න වගේ ගියා....මම සුදුබේබිට කියන්න හිටියට ක්...කිය...කියන්න නේත්‍රට බැ...."

"ශ්....ශ්....නරක දේවල් ඕනි නෑ මැණිකෙ....ඉතින් ඉතින් අර කොටාට හම්බෙන්න ගිය උම්මා එක ගැන විස්තරේ කියන්නකො"

නේත්‍ර කියන්න ගිය සිද්ධිය උනු දවසට පස්සෙ තියෙන්නෙ එච්චර හොද මතක නෙවෙයි නිසා නේත්‍රගෙ ඇස් වල කදුළු පිරුණත් ආශව ඉක්මනටම නේත්‍රගෙ අවධානෙ වෙනස් කලා.විටින් විටේම නේත්‍රට ඒ දේවල් මතක් උනත් ආශව හරි සූක්ෂම විදියට නේත්‍රට ඒ දේවල් අමතක වෙන විදියෙ පරිසරයක් හදමින් හිටියා.නේත්‍රට ඒ දේවල් ගැන නොහිතෙන විදියට කතා කරන්න දේවල් හුගාක් ආශව හොයාගත්තා.නේත්‍ර ඒ දේවල් ගැන කතා කලත් ආශව හරි සියුම්ව ඒ කතා මගෑරලා නේත්‍රගෙ හිතට සුවපහසුවක් ගෙනාවා.

"ඕ සුදුබේබි.....වාහනේ ලග උන්නෙ මම....තෙවින් අයියා දිවාෂගෙ මූණ ලගටම නැවුණා.....දෙන්නට දෙන්නා ඇස් දිහා බලන්....හෑයියා....මම ඇස් වහගත්තා ඇඟිලි වලින්"

"වහගත්තනම් දැක්කෙ?"

"ඇඟිලි අස්සෙන් හොරෙන් බැලුවනෙ සුදුබේබි...."

"අනේ අනේ පුංචි කපටියා.....කෝ මෙහෙ එන්න ඔයාට උම්මා එකක් දෙන්න"

"හි හී.....මට උම්මා එකක් ඕනි වෙලා නෙවේ කිව්වෙ සුදුබේබි"

"කමක් නෑ මට ඕනි දැන් නේත්‍රට උම්මා එකක් දෙන්න"

අඹ වගයක් සුද්ධ කර කර උන්නු නේත්‍රගෙ ඉණ වටේ අත් දෙක ඔතාගෙන පිටිපස්සෙන් නේත්‍රට තුරුල් වෙලා උන්නු ආශව එහෙම්මම නැවිලා පුංචි එකාගෙ කම්මුලක් උඩින් හාද්දක් තිබ්බා.ආශවගෙ හාද්දට මූණ රතු කරගත්තු නේත්‍ර සුද්ධ කරලා හෝදලා තිබ්බ අඹේකින් කෑල්ලක් කපලා ආශවගෙ කටට ලං කරද්දි ආශව ඒක කට ඇතුලට දාගත්තා.

"ම්ම්ම්....ඇඹුලයි හොදටම"

"ඔව් සුදුබේබි.....ඕක සුද්ධ කලේ සුදුබේබිට අච්චාරුවක් දාලා දෙන්න...මේ ලාවට පැහීගෙන එන ටික චට්නියක් හදන්න....අනිද්දට ගෙදෙට්ට එන කීප දෙනාට හරි බත් කටක් දෙන්න ඕනිනෙ සුදුබේබි"

"මාත් එනවා"

"පුලුවන් උනොත් විතරක් එන්න සුදුබේබි....අවුරුද්ද දාම සුදුබේබි මහ මුදියන්සෙගෙන් බැනුම් අහනවට මම කැමති නැහැ"

"රෑ වෙලා හරි එන්නම් නේත්‍ර....අවුරුදු කෑමෙන් මට පිඟානක් අයින් කරලා තියන්න පුලුවන්ද?"

"ද්...දෙයියෝ සුදුබේබි! මොනාද මේ කියන්නෙ? සුදුබේබිට නේන්නම් හැමදේම මම ඉස්සෙල්ලාම වෙන් කරන්නෙ"

"ඔයාගෙ අතින් බත් කටක් කන්න ඕනි නේත්‍ර අවුරුදු දාට....ඔයාව මගෙ ලගට ගත්තට පස්සෙ හැම අවුරුද්දකටම ඒම කවාගන්න පුළුවන් වෙයි නේද?"

"පුලුවන්නෙ සුදුබේබි....මම සුදුබේබි ලඟම ඉන්නවනෙ"

නේත්‍රගෙ බෙල්ල පාමුලින් දැනෙන නොදැනෙන ගාණට හාද්දක් තිබ්බ ආශව කුස්සියෙ තට්ටුව උඩින් ඉදගෙන ලුණු බෝතලෙත් ලගට අරං නේත්‍රගෙන් තව අමු අඹ කෑල්ලක් ඉල්ලන් කන්න පටන් ගත්තා.ආශව දිහා ටික වෙලාවක් බලන් උන්නු නේත්‍ර ඔක්කොටම කලින් අමු අඹේ කෑලි වලට කපලා කොච්චි කරලක් එහෙම පොඩි කරලා කොටලා දාලා අච්චාරුව හදල ආශවට දෙද්දි නේත්‍ර දිහා බලලා හිනා උනු ආශව අච්චාරුව අරං කන්න ගත්තා.කොච්චි කෑලි අහක් කර කර අඹ කෑලි විතරක් විටින් විටේ නේත්‍රගෙ කටට දාන ආශවගෙ වදේ පොරේ එක්කම නේත්‍ර චට්නිය හදලා ඉවරයක් කරගත්තා.

"කැවිලි මොනාහරි හදනවද නේත්‍ර? නැත්තං මම අරං එන්නද?"

"අද වලව්වෙ කැවිලි හදනවනෙ සුදුබේබි....හෙට තමා අපි හදන්නෙ"

"වෙලාව ඇද්ද නේත්‍ර?"

"ඇති සුදුබේබි.....නොනගතේ එන්නෙ හව....."

"පහයි හතලිස් තුනට!"

"සුදුබේබිට නොනගතේ වෙලාව ඔච්චර මතකයිද? අනේ මට මතකවත් නෑ සුදුබේබි හරියට"

"ආ....ඕ.....ඒ....ඒ ඉතින් අපිට වැඩක් නොකර ඉන්න පුළුවන් වෙලාවනෙ...ඒකයි මතක....කට්ටියම පන්සල් යනවද?"

"නොනගතේ පුරාවටම පන්සලේ පිංකමක් තියේනෙ සුදුබේබි....අවුරුදු උදාවෙන්නෙ උදේ හයයි ගාණකට....මහ මුදියන්සෙ නේද මේ පාර ඒක කරවනවා කිව්වෙ?"

"ඔව්....මොකද්ද තව බ්‍රාන්ච් එකක් ඕපන් කරන්න යනවලුනෙ එයා....ඒකට එක්ක තමා පිංකම කරන්න භාර අරං තියෙන්නෙ.....නේත්‍ර යන්නෙ නැද්ද ඒකට?"

"නෑ සුදුබේබි.....අම්මා වේලාසනින්ම යන්න ඕනිනෙ....මම ඉතුරු වැඩ ටික එහෙම කරලා යන්න ලෑස්ති වෙද්දි වෙලාව හරිනෙ ඉතින්....පුළුවන්කමක් තිබ්බොත් යනවා සුදුබේබි"

"එක්කො යන්න එපා...ඔයා ඉන්න"

"ඇයි සුදුබේබි?"

"මම එක්ක ඉමු.....ඊට පස්සෙ දවසම මට ඔයාව මඟඇරෙයි නේත්‍ර"

"හා සුදුබේබි.....නේත්‍ර ඉන්නම්කො එහෙනම්"

"පන්සල් යමු මම එක්ක පස්සෙ දවසෙ හවස හරි රෑ හරි...ම්ම්? කවුරුත් ලොකුවට නැති නිසා නේත්‍රට බය වෙන්න ඕනි නෑනෙ"

"හා සුදුබේබි.....අපි එහෙනම් පස්සෙ දවසෙ යංකො....සුදුබේබිට පාටි මුකුත් නැද්ද?"

"ම්ම්ම්ම්......මට නේත්‍ර එක්ක පන්සල් යන්න ඕනි.එච්චරයි! එතනින් එහාට දෙයක් එදා හවසට ඕනි නෑ මට"

"සුදුබේබිට ප්‍රශ්නයක් වෙන්නෙ නැත්තං මමත් ආසම සුදුබේබි එක්ක ඉන්න"

ඉස්සරහට නැවුනු ආශව නේත්‍රගෙ බොත්තම් නාහෙ උඩින් පුංචි හාද්දක් තියලා ඈත් වෙද්දි නේත්‍ර හිනා වෙවීම චට්නිය බෝතල් දෙකකට අඩුක් කලා.ටිකකින් නේත්‍රගෙන් සරමක් ඉල්ලගෙන පිලිකන්න පැත්තෙන් එලියට බැහැලා ගිය ආශව ලිඳෙන් නාන සද්දෙ ඇහුනු නේත්‍රත් තුවායක් කරට දාගෙන ගිහින් ලිං බැම්ම උඩින් ඉදගත්තා.

"සුදුබේබි ඔය සබන් කෑල්ල කමක් නැද්ද? ගේ ඇතුලෙ ලයිෆ්බෝයි කැටයක් තිබ්බා....සුදුබේබිට ඒක ගෙනල්ලා දෙන්නම්ද?"

"ඒ මොකටද?"

"ඕක බේබි සබන් නිසා සුදුබේබි....සුදුබේබි ගාන ජාති නෑ තමා මෙහෙ....ඒත් ලයිෆ්බෝයි...."

"එපා මැණිකෙ....මේක සුවදයිනෙ...ඔයා ළඟින් ගැටපිච්ච සුවඳට අමතරව එන එකම සුවඳ....ඉතින් සුදුබේබි ගාගත්තම මොකෝ මේකෙන්?"

"හි හී.....කමක් නැත්තං කමක් නෑ සුදුබේබි...සුදුබේබි ඇඟ සෝදගන්නකො...නේත්‍ර ඊලඟට සෝදගන්නම්"

"ඇයි මම එක්කම ඇඟ සෝදගන්නකො නේත්‍ර....ම්ම්ම්ම්"

"දෙයියෝ සුදුබේබි! නරක කතා කියනවා දැන් සුදුබේබි....ම්හ්"

"අනේ අනේ හුරතලේ.....මැණිකෙ සෝදගන්නෙ? ආ....මම ඇදල දෙන්නද වතුර පනිට්ටුවක්?"

"සුදුබේබි සෝදගන ඉවර උනාම නේත්‍ර සෝදගන්නම්"

ආශවගෙ නිරුවත් උඩුකය දකිද්දි ලැජ්ජාවක් එක්කම ඇඟේ හිරියක් යනවා දැනුනත් නේත්‍ර රතු උනු මූණ හංගගන්න ගොම්මන උපකාර කරගන්න ගමන් ආශව එක්ක කතා කරන ගමන් එතනම රැඳිලා හිටියා.ඇඟපත සෝදගෙන ඉවර උනු ආශව ගෙයි පිටිපස්සෙ බිත්තියට හේත්තු කරල තිබ්බ මධ්‍යම ප්‍රමාණෙ බේසම ලිඳ ලගට අරං ඇවිත් ඒකට වතුර පිරෙව්වෙ නේත්‍රගෙ විරෝධතාවය ගණන් නොගෙන.හීතලම හිතල වතුරෙන් ඇඟ සෝදන් උන්නු ආශව නේත්‍ර තමන්ට පිටුපාගෙන ඉන්නවා දැකලා තෙත් වෙලා තිබ්බ කොට කලිසම ගලවලා දාලා සරම ඇඳගෙන ඇඟ පිහිදන ගමන් ගේ ඇතුලට ගියේ නේත්‍ර තමන් ඉස්සරහ ඇඟ සෝදන්න ලැජ්ජා බව දන්න නිසා.ඒත් ලිඳ කිට්ටුවටම වෙන්න තිබ්බ

කිට්ටු වෙන්නම තිබ්බ කුස්සියෙ දොර ලගට වෙලා ආශව නේත්‍ර දිහාවට අවධානෙ යොමු කරගෙන හිටියා.මේ ගොම්මනේ සීතල වතුරෙන් නේත්‍රට ආශව ඇඟ සෝදගන්න දුන්නෙම දවල් ඉදලා දාඩිය දාලා තෙහෙට්ටු වෙලා උන්නු නිසා ටිකක් නැවුම් වෙන්න හිතාගෙන.නැත්තං ආශව බලෙන් හරි වතුර එකක් රත් කරන බව නේත්‍ර උනත් දැනන් හිටියා.නේත්‍රගෙ සුවපහසුව ගැන හිතලම සීතල් වතුරෙන් ඇඟ සෝදන්න ඉඩ දුන්නු එක හරිද කියලා ආශව තමන්ගෙන්ම ප්‍රශ්න කලේ නේත්‍රගෙ හීනි හඬ නිසා.

"ස්ස්ස්.....සීතයි සීතයි....වතුර සීඊඊඊඊතයි"

තමන්ටම මුමුණගන්න නේත්‍රගෙ හඩ දොරකඩම උන්න ආශවට ඇහුනු නිසා ආශව ඉක්මනටම කුස්සියෙ ලිප ලගට ආවා.එලියට දුම් යන විදියට දුම් කවුළුවක් එක්ක කුස්සියෙ කොනක තට්ටුවක හදල තිබ්බ දර ලිපේ පුරුදු විදියටම වතුර එකක් රත් වෙන ගමන් තිබ්බා.චට්නිය හදලා ඉවර වෙලා ඒ දර ගින්දර අපතේ හරින්න අකමැති උනු නේත්‍ර ලිපෙන් තිබ්බ වතුර කේතලේ හොදට රත් වෙලා නටමින් තිබ්බා.

ඇඟිල්ලකුත් ලාවට පුච්චං කේතලේ ලිපෙන් බෑව ආශව නේත්‍ර කියලා දීලා තිබ්බ විදියටම තේ මඩියට තේ කුඩු ටිකක් දාලා තේ වතුර ටිකක් හදාගන්න පටන් ගත්තා.ඒත් එක්කම යටිකය වැහෙන්න එක තුවායක් ඇඳන් කරවටේ තව තුවායක් දාන් උඩුකයත් වහගෙන උන්නු නේත්‍ර විදුලි වේගෙන් කුස්සිය මැද්දෙන් කාමරේට දුවද්දි තමන්ගෙ පුංචි වේගබට්ටා ගැන හිත හිතම හිනාවෙවී තේ වතුර කෝප්ප දෙකක් හරියට හදාගත්තු ආශව ඒ කෝප්ප දෙකත් අරගෙන ඉස්තෝප්පුවෙන් ගිහින් ඉදගත්තා.

"මැණිකෙ.....ඇඳුමක් දාන් ඉස්සරහට එන්න"

"හා සුදුබේබි.....මම මේ අත් දිග එකක් හෙව්වෙ....ඇඟ සේදුවට පස්සෙ සීතයිනෙ"

"දිග ඇදුම් ඕන්නෑ නේත්‍ර.....තියෙන එකක් ඇඳන් එන්නකො...සීතල නැති කරන්න මම ඉන්නවනෙ"

"හ්...හා සුදුබේබි"

රතු ගැහුනු නේත්‍ර ආශව ලගින් ඇවිත් හිටගනිද්දි ආශව තමන්ගෙ එහා පැත්තෙ ඉස්තෝප්පු බිමට අතින් තට්ටු කලා.නේත්‍ර ඇවිත් එතනින් ඉදගනිද්දි ආශව නේත්‍රගෙ ඉන වටේ අත යවලා නේත්‍රව තමන්ගෙ ඇගට තුරුල් කරන් නේත්‍රගෙ හීතල වුනු පිම්බුනු කම්මුලකින් හාද්දක් තියලා තේ කෝප්පෙ අතට දෙද්දි නේත්‍ර ඇසුත් ලොකු කරං ආශව දිහා බැලුවා.

"සුදුබේබි තේ හැදුවද?"

"ඔව්....සීතලට හොදම කෝපි උනාට නේත්‍ර කෝපි වලට ආසා නෑනෙ....ඒ නිසා ප්ලේන්ටියක් හැදුවා රස්නෙන්ම"

ආශව හිනා වෙවී කියද්දි ආශවගෙ උරහිසේ තමන්ගෙ තොල් ගෑවෙව්ව නේත්‍ර කෝලෙන් හිනා වෙද්දි නේත්‍රගෙ නාහෙ තමන්ගෙ තොල් වලින් හැපුව ආශව තේ එක්ක බොන්න කියලා සන් කලා.කහට ටිකක් වැඩි වෙල ලා තිත්තක් ආවට මොකෝ සුදුබේබි තමන් වෙනුවෙන්ම හැදුව තේ එක හරි ආසාවෙන් බොන්න ගත්තු නේත්‍ර ඈත බලාගෙන හිටියෙ ලෝකෙම තියෙන සතුට තමන්ගෙ ඇස් දෙකේ පුරෝගෙන.

"නේත්‍ර අවුරුදු උත්සවේ වැඩ මොනාටහරි උදව් ඕනිද?"

"නෑ සුදුබේබි....ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නෙ....එදාට වැඩේ හරියට වේවි"

"නේත්‍ර මේ පාරත් බනිස් කන්න යනවද?"

"අනේ සුදුබේබි.....ඒක මතක් කරන්නෙපා"

"ඒ මොකෝ?"

"නේත්‍ර හරි මෝඩයිනෙ ඒ කාලෙ"

"නෑ මැණිකෙ....ඒ කාලෙ,ඒ පුංචි නේත්‍රත් කොච්චර නම් සුදුබේබිට ආදරේ කලාද කියලා කියන්න හොදම උදාහරණයක් ඒක"

"සුදුබේබිට ඒක තාම මතකයිද?"

"නැතුව නැතුව"

නේත්‍රගෙ නලලින් හාද්දක් තියලා තේ උගුරක් බිව්ව ආශවත් නේත්‍ර බලාගෙන උන්නු ඈත ආකාහෙ දිහා බලාගෙනම මතක් කලේ පුංචි කාලෙ අවුරුදු උත්සවයකදි උනු හරි අපූරු සිදුවීමක්.

*      *      *     *      *

"සුදුබේබීඊඊඊඊඊඊඊඊඊඊඊඊ"

"ආ නේත්‍ර! දෙ....දෙයියනේ මොකෝ මේ සරම කඩාගෙන?"

"නේට්ටගෙ සරම කැඩුනා සුදුබේබි.....නේට්ටට සරම ඇඳගන්න තේරෙන්නෙ නෑනෙ සුදුබේබි"

"කෝ මෙහෙට එන්නකො"

ඒ අවුරුදු දහතුනේ පුංචි නේත්‍ර අවුරුදු දාහතරෙ පුංචි සුදුබේබිව හොයාගෙන ආව අවස්තාවක්.පුංචි ඉස්කෝලෙට යන කාලෙ අවුරුදු උත්සව තිබ්බත් මේ වගේ ලොකු අවුරුදු උත්සවේකට නේත්‍ර සම්බන්ධ වෙන පලවෙනි අවස්ථාව මේක වෙද්දි නිර්මලා තමන්ට පුළුවන් උපරිම ලස්සනට නේත්‍රව ලෑස්ති කරවලා පාසලට එවලා තිබ්බා.ලා කහ පාට කමිසෙකට කහපාට බෝඩරයක් ගිය සුදු සරමක් ඇදන් උන්නු නේත්‍ර ලා නිල් කමිසෙකට තද නිල් සරමක් ඇඳගෙන උන්නු සුදුබේබි ලගට ඇවිත් තිබ්බෙ තමන්ගෙ ගැලවුණු සරම අතින් උස්සගෙන.

සුදුබේබිගෙ පන්ති කාමරේ කොණකට නේත්‍රව අරං ගිය සුදුබේබි නේත්‍රගෙ සරම ගලවලා හරියට හදලා දෙනෙත්ගෙන් ඉල්ලන් හැට්‍ට කටු දෙකකුත් ගහලම පුංචි එකාගෙ කමිසෙ පාත් කරලා කොන්ඩෙ අතින් පීරුවා.ඒත් ඒ බව මදි කියලා හිතුනු සුදුබේබි තමන්ගෙ බෑගයෙන් පුංචි ඇඟිලි පනාව එලියට අරගෙන නේත්‍රගෙ කොණ්ඩෙ ලස්සනට පීරලා පුංචි එකාව තද කරගෙන එකපාරක් ඉම්බා.සුදුබේබිගෙ හාද්දට කිචි කිචි ගාලා බට්ටිච්චෙක් වගේ හිනා උනු පුංචි නේත්‍ර සුදුබේබිගෙ අත අල්ලගනිද්දි සුදුබේබි පුටුවෙන් නැගිට්ටා.

"මම නේත්‍රව පන්තියට දාලා එන්නම්"

දෙවින්ටයි දෙනෙත්ටයි කිව්ව සුදුබේබි එයාගෙ පුංචි බටු ඇටේගෙ අතිනුත් අල්ලගෙන පන්තියට ගිහින් ඇරලවද්දි කොහේදෝ ඉදන් දුවං ආව කොට දිවාෂ සුදුබේබිට රවලා නේත්‍රව තුරුල් කරං පන්තිය ඇතුලට යද්දි ආපිට දිවාෂට රැව්ව සුදුබේබි තමන්ගෙ පන්තියට එන්න පිටත් උනා.

"අපි යංද තරඟ තියෙන තැනට?"

පුංචි සුදුබේබි පුංචි දෙවින්ගෙනුයි පුංචි දෙනෙත්ගෙනුයි අහද්දි දෙන්නත් එක්කම ඔලුව වැනුවෙ දැන් පන්ති ඇතුලෙ කරන්න තියෙන චාරිත්‍ර වාරිත්‍ර කරලා ඉවර නිසා.ලමයි එක්කෙනා දෙන්නා ඉස්කෝලෙ පිට්ටනිය පැත්තට ඇදෙද්දිනුත් අවුරුදු උත්සවේ ආරම්භ වෙලා තිබ්බා.හයේ හතේ අටේ පොඩි උන්ට හැන්ද මත දෙහි ගෙඩිය තියාගෙන යන්න,ගෝනි පයින්න,බනිස් කන්න,බැලුම් පුපුරවන්න වගේ පුංචි ක්‍රීඩා තරඟ යෙදිලා තිබුණත් ආඩම්බරකාර සුදුබේබිනම් එක තරඟෙකටවත් ගියේ නෑ.ඒත් එක්ක හති දාගෙන දුවං ආව පුංචි පුළුන් බෝලයක් තමන්ගෙ ඇඟේ වැදෙද්දි ඒ පුංචි ගැටිල්ලෙන් උනත් කෙනාව අදුන ගත්තු සුදුබේබි ඉක්මනටම තමන්ගෙ ඇගේ වැදුනු හා පැංචව අල්ලගත්තා.

"සුදුබේබි!"

"ඕ නේත්‍ර කියන්න"

"මම ගෝනි පයින්න යන්නද සුදුබේබි?"

"නේත්‍රට පුලුවන්ද? වැටෙන එකක් නෑ නේද?"

"ඉස්සරහට ගෝනියෙන් පැන පැන යද්දි වැටෙන එකක් නෑ නේද සුදුබේබි?"

"වැටුණත් කමක් නෑ.....මම ඇවිත් නේත්‍රව නැගිට්ටවන්නම්.නේත්‍ර බය නැතුව ඉස්සරහට යන්නකො"

සුදුබේබිගෙ දිරි ගැන්වීම එක්ක හිනා වුණු නේත්‍ර කමිසෙ උස්සද්දි ආශව පරිස්සමට නේත්‍රගෙ සරම ගලෝලා තමන්ගෙ අතට ගනිද්දි පුංචි එකා තරඟෙ ආරම්භ කරන තැනට දිව්වෙ නම දෙන්න.ඒත් එක්කම දෙවින් ගැස්සිලා ගියේ තමන්ගෙ නම ඇහුනු නිසා.

"දෙවින් පණ!!!! මෙන්න මගෙ සරම ගන්ඩෝ!!"

ලමයි ගොඩ මැද්දෙ සරම කර වලල්ල වගේ ගලෝලා දාලා ඔහේ කෑ ගගහ යන දිවාෂ දිහා බලපු දෙවින් ඉක්මනටම ගිහින් දිවාෂගෙ සරම අහුලගෙන ආවා.ඒත් එක්කම තරඟය ආරම්භ කරන්න යන බව දන්වන නිවේදනය එක්ක සුදුබේබි ඉක්මනටම ඒ හරියට දුවං ගියා.සුදුබේබිගෙ හිතට සතුටක් දෙන ගමන් නේත්‍රට ලැබිලා තිබ්බෙ කොණේම තීරුව වෙද්දි සුදුබේබි නේත්‍ර ලගින්ම හිටගත්තා.විසිල් සද්දයක් එක්ක තරඟය ආරම්භ වෙද්දි නේත්‍ර හා පැංචා වගේ ගෝනියට බැහැලා පැනගෙන පැනගෙන යන්න ගත්තා.සුදුබේබි හයියෙන් කෑ ගගහා නේත්‍රව දිරිමත් කරන ගමන් නේත්‍ර එක්කම ඉස්සරහට ඇදෙද්දි පුංචි එකා සන්තෝසෙන් හිනාවෙවීම ගෝනි පැනීමේ තරඟයෙන් පලවෙනියා වෙලා තරඟය අවසන් කලා.තරඟ අවසන් කිරීමේ තීරුවට වෙලා දිවාෂව දිරිමත් කරන ගමන් උන්න දෙනෙතුයි දෙවිනුයි තරඟයේ දෙවනියා උනු දිවාෂව තද කරලා තුරුල් කරගනිද්දි සුදුබේබි නේත්‍රගෙ අතින් අල්ලන් පැත්තකට අරං ගිහින් පුංචි එකාගෙ සරම ආයෙමත් ඇන්දෙව්වා.

"සුදුබේබි බනිස් කන්නත් යංකෝ...."

තමන්ට සරම අන්දෝ අන්දෝ ඉන්න සුදුබේබිගෙ කමිසෙ කොණක් අල්ලගත්තු පුංචි නේත්‍ර කංකුණු ගාද්දි සුදුබේබි ආයෙමත් නේත්‍රව ලඟට ඇදලා අරං තමන්ගෙ ඇඟිලි වලින් නේත්‍රගෙ කොණ්ඩෙ ලස්සනට හැදුවා.ලේන්සුවත්  අතට ගත්තු සුදුබේබි නේත්‍රගෙ මූණ පිහිදමලා පුංචි එකාගෙ අතින් අල්ලගෙන නේත්‍ර ඇගිල්ල දික් කර කර පෙන්නන පැත්තට ඇවිදන් යන්න ගත්තා.උඩ පැන පැන හරීම සන්තෝසෙන් සුදුබේබිගෙ අතින් අල්ලන් යන පුංචි නේත්‍රගෙ හුරතලේ දැක්ක ලොකු අයියලා කීප දෙනෙක්ම යමින් ගමන් නේත්‍රගෙ ඔලුව අතගාගෙන යද්දි සුදුබේබිනම් මූණ පුළුටු කරං ඒ අයියලාට රව රව හිටියා.

"අඩේ මේ.....කොහෙටද බට්ටො ඔයා මේ යන්නෙ?"

"............"

"මෙහෙ වරෙංකො.....සතීශ....මේ මල්ලි හෙන හුරතල් පාටයි...උබලගෙ මල්ලිව මතක් වෙනවා මට.....මේ...."

"එයාව අල්ලන්න එපා!!!! එයා මගෙ!!!"

"ඕ....සොරි මල්ලි.....අපි යනවා....බායි බට්ටෝ"

උඩ පැන පැන යන නේත්‍රවයි නේත්‍රව අල්ලන් යන සුදුබේබිවයි හරස් කරපු ලොකු අයියලා වගයක් නේත්‍රගෙන් ඇහුවත් නේත්‍ර උත්තර නොදුන්නු තැන පුංචි එකාගෙ පිරුණු කම්මුලක් ආදරේට මිරිකන්න ගියත් මැද්දට පැන්න පුංචි සුදුබේබි අර ලොකු අයියගෙ අත පැත්තකට කරලා කෑ ගැහුවා.පුංචි උන්ව නිකං බොරුවට බය කරන්නයි,දුක් කරවන්නයි ඕනි නැති නිසා අයියලා ටික හිනා වෙවීම එතනින් යද්දි සුදුබේබි නේත්‍රව තුරුල් කරං දෙතුන් පාරක්ම තදින් පුංචි එකාව ඉම්බෙ අර යන අයියලට රව රවමයි.

"නේත්‍ර මගෙ විතරයි! තේරුනාද?"

"හුම් හුම්ම්ම්"

"නේත්‍ර වෙන කා එක්කවත් හුරතල් වෙන්න යන්න බෑ!"

"හුම්ම් හුම්ම්ම්"

"මොකෝ හුම් ගාන්නෙ?"

"හුම්ම හිර වෙලා හුදුපේපී"

"අයියෝ....සොරි නේත්‍ර"

නේත්‍රව ඈත් කෙරුව සුදුබේබි ආයෙමත් උඩ පයින පුංචි එකාගෙ අතින් අල්ලගෙන බනිස් කෑමේ තරඟ තියෙන තැනට අරං ගියා.අන්තිමට නේත්‍රගෙ නමත් සංවිධායක මණ්ඩලයට ගිහින් භාර දුන්නු සුදුබේබි පුංචි එකාව තරඟෙ පටන් ගන්න තීරුවෙන් ගිහින් තියලා තමන්ගෙ පන්තියෙ යාලුවො උනු රකිතයි ඉන්දීපයි ලඟට ගිහින් හිටගත්තා.දිවාෂ බීම බොන තරඟෙකට යන්න ඕනි කියලා කෑ ගැහුව හින්දා දෙවිනුයි දෙනෙතුයි එතන හිටියෙ නෑ.සුදුබේබි ආසාවෙන් බලන් උන්නෙ නේත්‍ර මේ තරඟෙත් දිනනකං.හැබැයි සුදුබේබි නොදැන උන්නු දෙයක් තිබ්බා.ඒ තමා නේත්‍ර ජීවිතේ පලවෙනි වතාවට තමා මේ බනිස් කෑමේ තරඟෙකට යන්නෙ කියන එක හා නේත්‍ර ඒ තරඟෙ කරන්න ඕනි කොහොමද කියන එක දන්නෙ නැති බව!

"එකායි දෙකායි තුනායි!!!!"

තරඟෙ ආරම්භ වෙනවත් එක්කම පුංචි නේත්‍ර සරමත් උස්සගෙන ඔක්කොටම කලින් බනිස් පෝලිමට තියලා තිබ්බ තැනට දුවං ගියා.මේක පාසලේ පුංචි වයස් කාණ්ඩෙ දරුවන්ගෙ තරඟ අවස්තාව නිසා සාමාන්‍යෙන් බනිස් නූලක එල්ලල තියෙන විදියට මේකෙ නොතියා,බනිස් ටික පත්තර කොල තීරුවක පිලිවෙලට බිමින් තියලා තිබ්බෙ පුංචි අයට අතට අරං කන්න පුළුවන් වෙන විදියට.බෝල ගෙඩිය වගේ දුවං ගිය පුංචි නේත්‍ර තමන්ගෙ අතට ගත්තු බනිස් ගෙඩිය ඉස්සෙල්ලාම දෙකට කඩලා එක කෑල්ලක් පත්තර කොල කෑල්ලෙ ඔතාගත්තා!

අනික් ලමයි බනිස් ගෙඩිය පිටින් කාගෙන කාගෙන යද්දි පුංචි එකා කලේ හෙමීට කුරුළු පැටියා වගේ බනිස් බාගෙ කන්න ගත්තු එක.සුදුබේබිට මුලදි පුදුම හිතුනත් ඒත් එක්කම සුදුබේබි තේරුම් ගත්තා නේත්‍ර ඒ තරඟෙ කරන හැටි නොදන්න බව.නේත්‍ර කොහොමත් ලොකු බත් කටවල්වත් නොකන බව හොදටම දන්න සුදුබේබි,චුට්ට චුට්ට බනිස් කෑල්ල කන නේත්‍ර දිහා හරි ආදරෙන් බලාන උන්නා.බනිස් කාලා ඉවර උනු ලමයි එකා දෙන්නා තරඟෙ අවසන් කරන ස්ථානයට දුවද්දිත් නේත්‍ර කිසිම කලබලයක් නැතුව බනිස් කෑල්ල කන ගමන් උන්නා.

"එක දෙක තුන තේරිලා ඉවරයි.....ඔක්කොම මල්ලිලා ටික දැන් ඔව්වා හෙමීට කන්න ගිහින්"

තරඟෙ සංවිධායකවරයෙක් හරි ආදරෙන් පුංචි උන් ටිකට කියද්දි නේත්‍ර ඇසුත් බෝල කරං සුදුබේබි දිහා බැලුවා.ඒ බෝල ඇස් වලට කදුළු පිරෙන බව දැක්ක සුදුබේබි දූවලා ගිහින් නේත්‍රව අතින් අල්ලන් පැත්තකට කරගනිද්දි පුංචි එකා නාහෙ උඩට අදින්න ගත්තා.

"නේත්‍ර අඩන්න එපා....දිනන එක නෙවේ වටින්නෙ.ඔයා සහභාගී උනු එක"

"පැරදුනාට කමක් නෑද සුදුබේබි....සුදුබේබි තරහ වෙන්නෙ නෑ නේද නේට්ට එක්ක?"

"හරි මෙහෙම හිතන්නකො....ඔන්න සුදුබේබි දුවන තරඟෙකට යනවා.සුදුබේබි වැටෙනවා.එතකොට පරාද වෙනවනෙ සුදුබේබිව? නේත්‍ර සුදුබේබි එක්ක තරහා වෙනවද?"

"නෑ සුදුබේබි....මම සුදුබේබිව ඇදගෙන දුවලා සුදුබේබිට තෑග්ග අරං දෙනවා"

"ඒකනෙ.....මමත් එහෙමයි නේත්‍ර.ඒ නිසා ඔහොම අහන්න එපා.දින්නත් පැරදුනත් මම නේත්‍රට ආදරෙයිනෙ"

"සුදුබේබි ආ....."

"මොකද්ද නේත්‍ර?"

නේත්‍ර ඒත් එක්කම පත්තර කොලේ ඔතන් තිබ්බ බනිස් කෑල්ල සුදුබේබිට දික් කලේ සන්තෝසෙන් දිලිසෙන ඇස් දෙකකින්.තරඟෙ පටන් ගනිද්දිම නේත්‍ර බනිස් ගෙඩියෙන් කඩාගෙන ඔතාගත්තු බාගෙ වෙන් කරන් තිබ්බෙ සුදුබේබි වෙනුවෙන්!

"මේක මටද නේත්‍ර?"

"ඕ සුදුබේබි.....සුදුබේබිට නොදී මම මුකුත් කන්න ආසා නෑනෙ...සුදුබේබිට තමා මේක"

"ඔයා හරි හොදයි මගෙ නේත්‍ර"

නේත්‍රගෙ කම්මුලකින් හාද්දක් තිව්ව සුදුබේබි නේත්‍රවත් අල්ලගෙන හෙවණකට යන්න ගත්තෙ බනිස් කෑල්ල කන්න හිතාන.පුංචි එකාත් තමන්ගෙ අතේ තිබ්බ බනිස් කෑල්ල අල්ලගෙන සුදුබේබි එක්කම උඩ පැන පැන ගස් හෙවණක් හොයාගෙන ගියා.

"සුදුබේබිට බාගයයි...නේට්ටටත් බාගයයි.....සුදුබේබිට බාගයයි.....නේට්ටටත් බාගයයි.....සුදුබේබිට බාගයයි....නේට්ටටත් බාගයයි"

*      *      *      *      *

"ඔයා ඒ කාලෙ ඉදලම මට හරි ආදරෙයි නේත්‍ර....."

"ඔව් සුදුබේබි"

"ලොකු උනාම ඔයාව මෙහෙම ලවර් කරගන්න ඕනි,දවසක බඳින්න ඕනි වගේ දේවල් මට හිතිලා තිබ්බෙ නෑ ඒ කාලෙ.....එව්වා තේරෙනවයෑ ඉතින් ඒ කාලෙ.හැබැයි මට ඕනි කලා නේත්‍රව මගෙ කරගන්න.මගෙ විතරක් කරගන්න....නේත්‍රව කා එක්කවත් බෙදා නොගෙන ඉන්න...හැමෝටම වඩා නේත්‍රට ආදරේ කරන්න...අන්න එහෙම දේවල් මගෙ හිතේ තිබ්බා"

"මටත් ඒ කාලෙ ඉදන්ම ඕනි උනා සුදුබේබි ලගම ඉන්න.සුදුබේබිට හුඟාක් ආදරේ කරන්න....සුදුබේබිට මතකද සුදුබේබි දවසක් අර ගර්ල්ස්කූල් එකේ අක්කා කෙනෙක් ගැන කිව්ව දවස? එදා මම හුස්ම හිර වෙනකං ඇඬුවා සුදුබේබි"

"මට සමාවෙන්න රත්තරනේ....මම හරි කලබලයි ඒ දවස් වල....නේත්‍ර මට අකමැති වෙයිද? නේත්‍ර පිරිමියෙක්ටම ආදරේ කරන්න ලෑස්ති වෙයිද? නේත්‍රගෙ හිත වෙන කාටහරි ගිහින්ද? ඔන්න ඔහොම බහුබූත වලින් මගෙ ඔලුව පිරිලා තිබ්බෙ. ඒ දවස් වල මම කරන්නෙ මොනාද කියලා මමවත් දැනන් හිටියෙ නෑ"

"සමාව ගන්න ඕන්නෑ සුදුබේබි....සුදුබේබි එහෙම හැසිරුණු එක සාධාරණයි.ඒ හැඟීම මටත් දැනුනනෙ ඉතින්"

නේත්‍ර ආශවගෙ පපුවට බරවෙද්දි ආශව නේත්‍රගෙ කරවටේ අතක් යවලා නේත්‍රව තුරුල් කරගත්තා.නේත්‍ර ආශවගෙ පපුවෙන් ඔලුව තියාගෙන ඇස් පියාගනිද්දි ආශව නේත්‍රගෙ ඔලුවට තමන්ගෙ කම්මුලක් බර කරවගත්තා.රෑ කළුවරේ නුවර අහසෙ පීදෙන තරු පොකුරු යට තමන්ගෙ ආදරවන්තයගෙ පපුවට තද වෙලා උන්නු නේත්‍ර ඒ පපුව ගැහෙන හඩට ඇහුම්කන් දීගෙන හිටියා.තමන් වෙනුවෙන්ම ගැහෙන ඒ සද්දෙට විතරක්ම ඇහුම්කන් දීගෙන හිටියා.

...................................................................................................

"ඔහෙ එන්න වෙන්නෑ දෙනෙත්....මෙහෙ කට්ටිය බැහැලා වැඩ"

"මම ඔහෙ එන්නද දෙව්? මෙහෙ කරන්න ඒ හැටි වැඩකුත් නෑ"

"ඔයාට පුළුවන්ද එන්න?"

"පුළුවන් අනේ ඕක මොකද්ද? මම එන්නම්"

"ඔයා එන එක ලොකු දෙයක් බබා....ගෙදර තව එකෙක් හිටියට......උඹ කොහෙද දුවන්නෙ!!! මල්ලි!!!"

"කෑ ගහන්න එපා අනේ....කඩේට ගිහින් එන්නම්"

"දැන් අර පිටිපස්සෙ වැඩ කරන මිනිස්සු ඇහුව විල්බැරැක්කෙ පෙන්නුවද තියෙන තැන?"

"විල්බැරැක්කෙ කියන්නෙ මොකද්ද අයියෙ? මම හමුදා බැරැක්ක ගැන විතරයි දන්නෙ"

"දෙනෙත්....බබා ඔයා එන්න එහෙනම්.මම තියන්නම්"

දුරකථන ඇමතුම ක්‍රියා විරහිත කෙරුව දෙවින් ගෙයින් එලියට එක කකුලකුයි ඇතුලෙන් තව කකුලකුයි තියං ඉන්න තෙවින් දිහා බලද්දි තෙවින් මෝඩපහේ හිනාවක් දැම්මා.

"දැන් ඔය කොහෙද යන්න හදන්නෙ?"

"කඩේට?"

"අනේ මේ! එකපාරක් කඩේ යනවා කියලා ගිහින් රෑ වෙනකං නැති නිසා කෝ බලද්දි තමුසෙ නුවරඑලි ගිහින් තිබ්බා කියලා අම්මා එකපාරක් කිව්වා! ඇත්තටම කොහෙද යන්නෙ?"

"යුගාන්ලැ දිහෑ"

"ආ....ඒ මොකෝ මේ වෙලාවෙ?"

"අවුරුද්දට කලින් කෑම මේසයක් ඇරලා කියලා එන්න කිව්වා"

"ඉතින් ඔය මොකෝ හිඟන්නෙක් වගේ ඇඳගෙන යන්නෙ?"

"ඕකාගෙ බොරු අයියෙ....කෑම මේසයක් කියලා කිව්ව්ට ඔය එන්න කියන්නෙ මොකක් හරි වැඩක් කරවගන්න මට කියලා...නැත්තං ඔයාට නොකියා මට එන්න කියයි මේං කියලා"

"දැන් කීයට වගේද එන්නෙ?"

"සමහරවිට රෑට එන එකක්......අම්මටසිරි...හවස අර වැඩේට යන්න තියේ නේද?"

"ඔව්....දෙනෙතුත් එනවා කිව්වා....ඊයෙ මමයි ආශවයයි සිරිමලාව ශේප් කරගත්තා.රා මුට්ටි දෙකක් බාලා දෙන්නම් කිව්වා"

"කීයක් දුන්නද ඌට?"

"හාර දාහක් දුන්නා....එච්චර ගණන් නෑ තමා.ඒත් ඉතින් උගෙ කට වහලා තිබ්බවන්නත් එපායෑ"

"අවුලක් වෙන එකක් නෑ නේ?"

"නෑ....ආශවලගෙ අප්පච්චිගෙ පොල් වත්තකින් ඔය වැඩේ  කරනොගත්තෙ උන්ගෙ අප්පච්චිට මිනිස්සු ආදරේ නොවුනට පුංචි අම්මට කට්ටිය ආදරේ නිසා....අනිවාම ඒනම් ඕක එයාගෙ කනට යනවනෙ"

"ඔව් ඒකත් ඇත්ත....අපේ අප්පච්චිගෙ කනට යයිද? ගියත් මටනම් කමක් නෑ"

"නෑ නෑ....."

"කීයට වගේද යන්නෙ?"

"හවස හය හමාරට වගේ යං නේද? නේත්‍රව දිවාෂ මල්ලිලාගෙ ගෙදරට ඇරලවලා එන්න ඕනි කියලා කිව්වා....උඹත් ආශව එක්කම එහෙන් වරෙං ඈ"

"හා...එන්නම් කෝමහරි"

"හරි එහෙනම්.....නේත්‍ර මල්ලිට කියලා තියෙන්නෙ අපි වතු වල වැඩ බලන්න යනවා කියලා...ආශවට නේත්‍ර මල්ලිට බොරු කියන්න බෑ කිව්ව නිසා මම ගැහුවෙ ඒ පචේ.දිවාෂ මල්ලි ඇහුවොත් ඒකම කියපං"

"හා අයියෙ.....මම යන්නද එහෙනම්?"

"පරිස්සමින් ගිහින් එන්න"

.

.

.

.

.

"යුගාන් මේ අහන්නකො බබා...."

"මොකද!!!"

"මේ පැල මල් පැලද,වල්පැලද කියලා කියන්නකො"

"ඕක අම්මගෙ මිරිස් පැල බූරුවො! ඕකවත් අතාරිනවා.අරහෙ තක්කලි පැල ටිකටත් වැඩේ දීලා!!!"

"මම දන්නෑනෙ....මේ වැඩ හරි අමාරුයි යුගාන්...මට හුස්ම ගන්නත් අමාරුයි"

"යකෝ පිරිමියෙක්නෙ කියලා වරෙං කිව්වා වත්ත සුද්ධ කරගන්න....මොකද්ද උනේ? උදැල්ල බරයි කිව්වා,උස්සන්න තේරෙන්නෑ කිව්වා,කොටන්නෙ කොහොමද ඇහුවා....අන්තිමට මම උදළු ගාන්නම් උඹට තණකොල ටික ගලවන්න කියලා භාර දුන්නා....වතුර ටිකක් බොන්න ගෙට ගිහින් එන ටිකට අම්මගෙ තක්කලි පැල ටික ගලවලා දාලා....පස්සෙ අර රේක්කෙන් එහෙනම් මම මේ සුද්ධ කරන ඇදපං කියලා කිව්වම රේක්කෙන් අදිද්දි ඒක නහයෙ වදිමවන්‍ර් යුගාන් කිව්වා.දැන් ආයෙම එක තැනකින් ඉන්දෝලා තනකොල ගලවන්න කියද්දි හුස්ම ගන්න බෑලු! ඇත්තටම උඹ මොකද්ද තෙවින්?"

"මම කුමාරයෙක් යුගාන්....ඒකයි මට මේ අමාරු"

"මම පුකට දෙකක් දෙන්න කලින් ඔය ටික උදුරවලා දාපං තෙවින්!"

"අනේ පැටියෝ....මට පාඩුවෙ ඉන්න දෙන්නකො..මම මැරෙයි වගේ"

"මේ මේ....මම උඹේ බබත් නෙවෙයි,පැටියත් නෙවෙයි,මැණිකත් නෙවෙයි.....ඇයි ඔයා දැන් මට එහෙම කතා කරන්නෙ?"

"මේ වැඩෙන් ගැලවෙන්නනෙ පැංචෝ...."

"අන්න අතනින් ඉදගෙන ඉදපං එහෙනම්...මම මේ ටික උදළු ගාලා එන්නම්"

ඉස්තෝප්පුවෙ පැත්තක එහෙම්මම උඩුබැලි අතට වැටුණු තෙවින්ට පයින් පාරක් දුන්නු දිවාෂ අන්තිම හරියත් උදළු ගාලා දාල ඒ ටික වත්ත පිටිපස්සෙ තිබ්බ බැරල් එකට දාලා එද්දිත් තෙවින් හිටිය තැනින් අතුරුදහන් වෙලා තිබ්බා.ඔලුව දෙපැත්තට වැනුව දිවාෂ කාමරේට යද්දිනුත් නාන කාමරේ ඇතුලින් තෙවින්ගෙ සිංදු කියන සද්දෙ ඇහෙන නිසා ඇදුම් කෑලි දෙක අතට ගත්තු දිවාෂ පහල තට්ටුවෙ නාන කාමරේට ගිහින් ඇඟපත සෝදගන්න පටන් ගත්තා.

"නෑ ආන්ටි.....යුගාන් හරි සපෝටිව් කෙනෙක්.රණ්ඩු කලාට මට ඕනිම දේකට උදව් කරනවා"

"එහෙමද?"

කුස්සියෙන් ඇහෙන අම්මගෙයි තෙවින්ගෙයි සද්දෙ අහගෙනම දිවාෂ හිනාවෙවී උඩ තට්ටුවට ගියා.දුරකථනෙ අතට ගත්තු දිවාෂ මේ වෙද්දිත් ආරම්භ වෙලා තිබ්බ ගෲප් චැට් එකට එකතු උනේ අවුරුදු උත්සවේ සම්බන්ධව තව කතා කරගන්න දේවල් තිබුනු නිසා.තෙවින් වැඩ වැඩි කර කර හරි අම්මට උදව් කරයි කියලා දන්න නිසා දිවාෂ හිතේ සැහැල්ලුවෙන් දොරත් වහගෙන කතාබහට එක් වුණා.

"පුතා....."

"ඕ ආන්ටි..."

ලූණු වගයක් කප කප උන්නු තෙවින් ජානකී දිහා බලලා අහද්දි ජානකී ලාවට හිනා වෙලා කප කපා හිටිය පොලොස් කෑලි වතුරට දාන ගමන් තමන්ගෙ හඬ අවධි කලා.

"මේ....මම මෙහෙම ඇහුවට මුකුත් හිතන්න එපා පුතා...පුතා අපේ සිගිතිට හුගක් කිට්ටු නිසා මම මේ අහන්නෙ"

"ඕ ආන්ටි අහන්න"

"මේකයි.....අපේ පුතාගෙයි....නේත්‍ර පුතාගෙයි අතර ඇත්තටම මොකක් හරි සම්බන්ධයක් තියෙනවද?"

"මො....මොකක්! අනේ නෑ ආන්ටි....එයාලා දෙන්නා හොදම යාලුවොනෙ.ඇයි එහෙම ඇහුවෙ?"

"නෑ......මේ කාලෙ ඒ වගේ දේවල් සාමාන්‍ය වීගෙනනෙ එන්නෙ....හුගක් තියෙනවනෙ.ඒකයි පුතා මම ඇහුවෙ.නේත්‍ර දරුවා හොද අහිංසක දරුවෙක්නෙ.ඒ දරුවා එහෙම නූනත් අපේ එකාගෙ හිතේවත් තියෙනවද කියලා මම මේ ටිකේම කල්පනා කලේ....හැමවෙලේම නේත්‍රවමයි බඳින්නෙ කියලා කියනවනෙ"

"ඕහ්හ්...."

ආයෙමත් ලූණු කපන්න ගත්තු තෙවින් හෙමීට ජානකීගෙ පැත්තට හැරුනෙ කල්පනාකාරී බැල්මක් එක්කමයි.තෙවින්ට ජානකීගෙන් දෙයක් ගැන දැනගන්න ඕනි වෙලා තිබ්බා.

"ආන්‍ටි....."

"ඕ පුතා"

"ම්ම්ම්....ඇත්තටම යුගාන් බෝයි කෙනෙක් එක්ක යාලු උනොත් ආන්ට්ගෙ තීරණේ මොකද්ද?"

තෙවින්ගෙ ප්‍රශ්නෙ එක්ක ලාවට හිනා වුණු ජානකී නෝනා පොලොස් ටික හෝදලා ඇතිලියට අඩු කරලා ඒකට දාන්න ඕනි කරන පහේ ටික ලං කරගනිද්දි තෙවින් කල්පනා කලේ ජානකී දෙන උත්තරේ ගැන.දිවාෂව තේරුම් ගත්තු,දිවාෂගෙ හොදම යාලුවෙක් වගේ ඉන්න ජානකී කවදාවත් තමන්ගෙ දරුවගෙ ආසාවකට විරුද්ධ වෙන එකක් නෑ කියලා තෙවින් හිතුවත්,

"මම කැමති වෙන්නෑ පුතා!"

ජානකීගෙ උත්තරේ එක්ක තෙවින් තත්පර ගාණකට ගල් ගැහුනා.ඒත් එක්කම සාමාන්‍ය මට්ටමට සන්සුන් වුනු තෙවින් ජානකී දිහා බලලා ඇයි අහද්දි පොලොස් වලට පදමට පහේ එක්කාසු කරන ගමන්ම ජානකී උත්තර දෙන්න පටන් ගත්තා.

"මගෙ දරුවටයි නේත්‍ර පුතාටයි ලගදි වෙන්න ගිය අපරාධෙ ගැන මට අමතක නෑ පුතා....ඒ දේ කරන්න ගියේ කවුද? කොල්ලෙක්....මහ වයසක එකෙක්ද? නෑ....පුතාලගෙ වයසෙ කොල්ලෙක්....පාතාලෙ උන් එක්ක රණ්ඩුවක් වෙලා හරි ඒ කොල්ලට දඬුවමක් ලැබුනු නිසා මිසක....නැත්තං මම මගෙ අත් දෙකෙන් ඕකාව මරලා දාන්නෙ ඕකව!

ඉතින් කොහොමද මම බය නැතුව මගෙ දරුවව කොල්ලෙක්ට භාරදෙන්නෙ....හැම පිරිමියම එක වගේ නෑ තමා...ඒත් මම කොහොමද කවුද හරි පිරිමියා කියලා හොයාගන්නෙ පුතේ? මගෙ දරුවගෙ ජීවිතේ අනතුරේ දාන්නෙ?

අනික් අතට මේක ලංකාව.මගෙ දරුවා නින්දාවට අපහාසෙට ලක් වෙනවට මම කැමති නෑ.මගෙ දරුවා ඉස්සරහට ජීවත් වෙන්න ඕනි සාමාන්‍ය කෙනෙක් විදියට....මිනිස්සු අමුතුවට මගෙ දරුවා දිහා බලනවට,මගෙ දරුවව විවේචනය කරනවට මම ආසා නෑ.මම හිතන්නෙ නෑ දිවාෂ පිරිමි ලමයෙක්ට කැමති වෙයි කියල.....ඒත් එයා එහෙම උනත් කාලයත් එක්ක වෙනස් වෙයි.දිවාෂ දවසක හොද කෙල්ලෙක් බැඳලා හොද ජීවිතයක් ගත කරයි"

"ඒත් යුගාන්ගෙ කැමැත්ත අරකනම් ආන්ටි?"

"මම හිතනවා මගෙ දරුවා එයාගෙ අම්මගෙ අප්පච්චිගෙ හිත් රිද්දන එකක් නෑ කියලා....අපිට ඉන්න එකම දරුවා එයා.එයා තේරුම් ගනීවි"

තෙවින්ට හිනාවෙලාම උත්තර දුන්නු ජානකීට ඔලුව වැනුව තෙවින් ආයෙමත් ලූණු කපන්න ගත්තා.ලූණු වල සැරට ඇස් වලින් වැටෙන කදුලු පිහිද පිහිද තෙවින් ලූණු කැපුවා.

...................................................................................................

"සුදුබේබි ගෙදර ගිහින් ඩිංගක් නිදාගන්න.හවසට අර වතු වල මොනාද බලන්න යන්නත් තියෙනවා කිව්වනෙ?"

"ම්ම්ම්ම්.....මම රෑට එන්නම්.අපි දෙන්නා මෙහෙ ඉමු..ඔයා දිවාෂ එක්ක අට වගේ වෙද්දි ආයෙ මෙහෙට එන්න"

"හා සුදුබේබි.....මම එන්නම්"

"නේත්‍ර පන්සල් යනවද?"

"කට්ටිය ගොඩක් එනවා සුදුබේබි අද....ඒ හන්දා යන්න බෑ මට.සමහර අය කියන එව්වට දුක හිතෙනවා...."

"ඔව් ඔයා යන්න ඕනි නෑ....ඒත් මිනිස්සු කියන එව්වට හිත රිද්දගන්නත් එපා නේත්‍ර.එයාලා ඔයාගෙ කවුරුත් නෙවේනෙ"

"ඒක ඇත්ත සුදුබේබි....ඒත් දවසක් ඔහොම තැනකඩි එක්කෙනෙක්,අක්කා වෙන තැනක ඉන්නෙ මගෙ පවුකාරකමට කියලා කිව්ව එකයි,මම ඉපදිලා ටික කාලෙකින් අප්පච්චි නැති උනේ මගෙ පවුකාරකමට කිව්ව එකයි හන්දා මට දුක හිතුනා....ඒකයි මම ගමේ අය ඉන්න තැන් වලට වැඩියෙ නොයන්නෙ"

"කොහොමත් ඉක්මනටම අපි මෙහෙන් යමු....අපිට නිදහසේ ඉන්න පුළුවන් තැනකට....ම්ම්ම්....සුදුබේබි එක්කන් යන්නම් මගෙ මැණිකව ලස්සන තැනකට.පුළුවන් ඉක්මනටම"

ආශව කියද්දි ආශවගෙ ඔලුව ආදරෙන් අතගෑව නේත්‍ර බත් පිඟානක් බෙදාගෙන ඇවිත් අරලිය ගහ යට බංකුවට යද්දි ආශවත් නේත්‍රගෙ පිටිපස්සෙන් ඇවිල්ලා ඉදගත්තා.

"මහ මුදියන්සෙ අද රෑටද එන්නෙ සුදුබේබි?"

"නෑ නේත්‍ර.....එයා හෙට උදේ එයි....අවුරුදු නැකැත උදා වෙන වෙලාව අල්ලලා"

"කෝ කට අරින්න සුදුබේබි මේ බත් කට කන්න"

"ආ.....ම්ම්ම්.....මේ මොනාද නේත්‍ර?මස් වගේ රහයි....හැබැයි මස් නෙවේ"

"මේ හතු සුදුබේබි....මම වලව්වෙ ඉදලා ආව ගමන් හතු මාළුවක් හැදුවෙ සුදුබේබිත් දවල්ට කෑවෙ නෑ කියලා දන්න නිසා....දැන් පහටත් කිට්ටුයිනෙ"

"රහම රහයිනෙ නේත්‍ර"

"සුදුබේබිට රහනම් එච්චරයි....දැන්මම කාලා බඩ පුරෝගත්තම හෙට එලි වෙනකං ඉන්න පුලුවන් වේවි සුදුබේබි....ගේ ඇතුලෙ තියං කන්න හොද නෑනෙ නොනගතේට"

"ඔව් නේද නේත්‍ර.....ඔයත් කන්න"

"මමත් මේ ගමන් කන්නම් සුදුබේබි..."

නේත්‍ර බත් අනලා කවද්දි ආශවත් රහ කර කර බත් කකා නේත්‍ර දිහා බලාගෙන හිටියා.නේත්‍ර මේ වෙද්දිනුත් සෑහෙන වගකීම් සහගත කෙනෙක් වෙලා හිටියා.ආශව නේත්‍රගෙන් දැක්කෙම වගකීම් සහගත හොද සැමියෙක්ව.ආශව නේත්‍රව මේ වෙද්දි සැමියෙක්ගෙ මට්ටම වෙනකං හිතලා තිබ්බා.නේත්‍ර තමන්ව බලාගන්න හැටි,තමන්ට සලකන හැටි,තමන්ගෙ වගකීම් ගන්න හැටි එක්ක ආශවට නේත්‍ර ළඟින් ලොකු ආදරයක්,රැකවරණයක් දැනුනා.නේත්‍ර තමන් ළඟ ඉන්න නිසා හැමදේම හොඳින්ම වෙනවා කියලා ආශව විශ්වාස කලා.

"සුදුබේබී....."

"ඕ මැණිකෙ?"

"සනුක අයියා....එයා ටික්ටොක් කරනවද?"

"ආ ඔව්....ඇයි?"

"නැ...එදා මම සුදුබේබිගෙන් අහලා ඉන්ස්ට එකෙන් ඒ අයියා දාලා තිබ්බ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කලානෙ....එයාගෙ ඉන්ස්ට අකවුන්ට් එකෙත් ඒ ටික්ටොක් කරපු රීල්ස් වගයක් තිබ්බා...මට සජෙස්ට් උනා එව්වා.ඒකයි මම මේ සුදුබේබිගෙන් ඇහුවෙ"

"ආ......ඔව්....ඌ ඔය එන හැම ට්‍රෙන්ඩ් එකටම නටනවා.ලංකාවෙ සිංදු කෑලි වලට එන ට්‍රෙන්ඩ් වලට කරනවා අඩුයි.සාමාන්‍යයෙන් ඉන්ටනැෂනලි ට්‍රෙන්ඩින් වෙන එව්වට කරන්නෙ...ලොකු ෆලෝ බේස් එකක් ඉන්නව එයාට"

"ආ..."

"ඉන්ස්ට එකෙත් ඉන්නවා මට මතක හැටියට හය ලක්ෂ ගාණක්"

"දන්නෑ සුදුබේබි....මම බලන්න ගියේ නෑ.මගෙ වෝල් එකට ආව ඒවා විතරයි දැක්කෙ මම ඒ අයියගෙ"

"ඔයා ඉතින් බලන්නෙ මගෙ ඒව විතරයිනේ...."

"ඒකනෙ සුදුබේබි....ආ තව බත් කටක් කන්න"

ටිකෙන් ටික ගොම්මන් කළුවර වැටෙද්දි අද වෙනදට වඩා ගම්මානෙ පුරා වෙනසක් පැතිරිලා තිබුණා.වෙනදට හවස් යාමෙට ගම්මානෙ පුරා පැතිරුනේ කජු ලෙලි පුලුස්සන සුවද උනාට අද නම් පැතිරුනේම කැවුම් කොකිස් පුසුඹ.මේ පාර අතිරස විතරක් ගෙදර හැදුව නිර්මලාට සුමනා අත්තම්මා අනික් කැවිලි මල්ලක්ම ගමට එන ට්‍රැක්ටර් මනුස්සයෙක්ගෙ අතේ එවලා තිබ්බා.

"ආ.....නොනගතේ පටන් ගත්තා සුදුබේබි"

බත්කාලා ඉවර වෙලා ආශවගෙ උකුලට වෙලා හුරතල් වෙවී උන්නු නේත්‍ර කාමරේ ජනේලේ ලගට ගිහින් ඈතට ඇහුම්කන් දෙන ගමන් කියද්දි ආශවත් නිහඬවම රතිඤ්ඤා සද්දෙට ඇහුම්කන් දුන්නා.ටික වෙලාවකින් නේත්‍රවත් ලෑස්ති කරවං දොරවල් ජනෙල් වැහුව ආශව පුංචි එකා එක්කම පිට පාරෙන් දිවාෂලාගෙ ගෙදරට යන ගමන් උන්නත් ආශවගෙ හිතට වරදකාරී හැඟීමක් ඇවිත් තිබ්බේ නේත්‍රට දෙවින් ලව්වා හරි බොරුවක් කියෙව්ව නිසා.නේත්‍රගෙ අතින් අල්ලගත්තු ආශව වත්තෙන් උඩට යන අඩිපාර ලගම තියෙන කොස් ගහක් යටින් නවතිද්දි නේත්‍ර ඇසුත් බෝල කරං ආශව දිහා බැලුවා.

"මැණිකෙ....."

"ඕ සුදුබේබි....ඇයි මේ?"

"අපි යන්නෙ වත්තක මගුලක් බලන්න නෙවේ නේත්‍ර....රා බොන්න! ඇත්තටම මේ යන්නෙ රා බොන්න!"

"ස්....සුදුබේබි?"

මෙච්චර වෙලා හිත ඇතුලෙ තෙරපෙමින් තිබ්බ පීඩනේ ආශව එකපාරටම එලියට දාද්දි නේත්‍ර ඇස් දෙක තව ටිකක් ලොකු කරලා ආශව දිහා බැලුවා.ජීවිතේට නේත්‍රට ලොකු බොරුවක් කියලා නොතිබ්බ ආශවගෙ හිත දැන් සන්සුන් වෙද්දි නේත්‍ර ආශවගෙ අතක් අල්ලගත්තා.

"සුදුබේබි ආසයිද ඒවට?"

"බීලා නෑනෙ නේත්‍ර.....අනික ඒවා නරකත් නෑලුනෙ ඔය අරක්කු ජාති වගේ....ඒ නිසයි...."

"අදට විතරක්නම් කමක් නෑ සුදුබේබි.....ඇබ්බැහි වෙන්නෙ නැතුව,ආසාවට පොඩ්ඩක් රහ බැලුවට කමක් නෑ.හැබැයි පුරුද්දක් විදියටනම් එපා සුදුබේබි"

"නෑ නේත්‍ර.....අද විතරයි.අනික මම හුඟක් බොන්නෑ...මම බීලම නෑනෙ"

"කමක් නෑ සුදුබේබි.....සුදුබේබි මේ ගැන මට කලින් කියපු එක හොදයි...දැන් යං....හුඟක් රෑ වෙන්න කලින් එන්න සුදුබේබි හොදද?"

"හා නේත්‍ර .......ඔයා තරහා නෑ නේද මාත්තෙක්ක?"

"නෑ සුදුබේබි.....සුදුබේබි ඔය කරන්න යන්නෙ පිරිමි ලමයි කරන දෙයක්....ඒකෙ ඒ හැටි වරදක් නෑ....හැබැයි ඇබ්බැහියක් උනොත් තමා ප්‍රශ්නයක් වෙන්නෙ...මගෙ සුදුබේබි ඒ තරන් මෝඩ නෑ කියලා මම දන්නවනෙ"

"ඔයා තරහ නැත්තං එච්චරයි"

නේත්‍රව එක්කගෙන දිවාෂලාගෙ ගෙදරට ගිය ආශව දිවාෂට නේත්‍රව භාරදීල එලියට බැස්සෙ තෙවින් එක්කමයි.නාලා කරලා දිවාෂගෙ ඉලාස්ටික් එක ගිය කොට කලිසමකට දිවාෂගෙම ටි ෂර්ටයක් ඇදන් හිටිය තෙවින් කෙලින්ම ආශව එක්ක පොල් වත්ත පැත්තට යද්දි දෙවිනුයි දෙනෙතුයි ඒ හරියෙ ගහක් යටට වෙලා හිටගෙන හිටියා.කට්ටිය එක්කම දුරකථන වල ටෝච් සක්‍රීය කරගෙන පොල් වත්ත මැද්දෙන් ඉස්සරහට ඇදුනෙ මේ වතු ගාණට නඩත්තු කරලා තියෙන එකට පින් දෙන ගමන්.කැලෑව වැවිලා හෙම තිබ්බනම් මේ කළුවරේ නයෙක් පොලගෙක් කනවා මිසක් රා බොන්න වෙන්නෙ නැති බව කට්ටියම තනියම හිත හිත ඉස්සරහට ඇදුනා.

"අර ඉන්නෙ සිරිමලා වෙන්න ඇති"

දෙවින් කිව්ව මෑතකට වෙන්න ගහක් මුල තිබ්බ කහපාට එලියකට ඇඟිල්ල දික් කරන ගමන්.කට්ටියම ඒ ලඟට කිට්ටු වෙද්දි ගහ පාමුල ඉදන් උන්නු සිරිමල් දඩිබිඩි ගාලා නැගිටලා සරම පහලට දාගෙන ආශවට ඔලුව නවලා හිනා වුණා.

"පුංචි මුදියන්සේ....."

"කෝ? ලෑස්තිද?"

"නෑ....මම පුංචි මුදියන්සෙල එනකං උන්නෙ ඇස් පනාපිටම රා මුට්ටිය බාලා දෙන්න....එතකොටනෙ මම හොරයක් බොරුවක් නොකලා කියලා මහතැන්ලට උනත් විස්වාසයක් එන්නෙ"

"හ්ම්ම් හ්ම්ම්ම්....ඒක එහෙනම් බානවකො"

ආශවගෙ දැනුම්දීම එක්ක ආයෙමත් වතාවක් ඔලුව නැවුව සිරිමල් කොල්ලා කකුල් දෙකට වලල්ල දාගෙන පොල් ගහ දිගේ බඩගාන්න ගත්තා.පොල් ගහ මුදුනටම බඩගෑව සිරිමල් ආපහු පහලට රූටද්දි සිරිමල්ගෙ එක අතක රා මුට්ටියක් රැදිලා තිබ්බා.රා මුට්ටිය පොල් යට යට එලලා තිබ්බ පැදුර උඩින් තිබ්බ සිරිමල් හොදට මැදපු පොල් කටු හතරකුත් ඒ පැදුර කොණකින්ම තියල තිබ්බා.ඒත් එක්කම පොල් කටු ලගම තිබ්බ ටිකක් විසාල කෑම මුලක් අතට ගත්තු සිරිමල් ඒකත් දිගෑරලා ආශව දිහාට බයාදු හිනාවක් පෑවා.

"රා නිකං බොන්න බෑනෙ මහතැන්ලට....මොකෝ පුරුදුයි කියලයෑ....මම දඩමස් මුලකුත් අරං ආවා"

"දඩමස් කිව්වෙ?"

"වල්ඌරා පුංචි මුදියන්සෙ.....එහෙනම් මම ගොහිං එන්නම්....මේ චිමිනි ලාම්පු දෙක ගෙනාවෙ මහතැන්ලට...අන්ධකාරෙ ඔව්වා කරන්න පුලුවනෑ....මම යන්නම් එහෙනම්"

කට්ටියටම හරි ගරුත්වය මුසු බැල්මක් පාලා හිනා වුණු සිරිමල් එතනින් යද්දි සිරිමල්ව නැවැත්තුව ආශව තව කීයක් හරි සිරිමල්ගෙ අතමිට මොලවනවා කොල්ලො ටික දැක්කා.ආශවත් ආපහු ආවට පස්සෙ කට්ටිය එක්කම පැදුරෙ ඉදගත්තු ඉලන්දාරි ටික මස් මුලයි,රා මුට්ටියයි මැද්දෙන් තියාගත්තා.රා මුට්ටියෙ ආවරණෙ ගැලෙව්ව දෙවින් ඒක නවලා පොල් කටු වලට වත් කරලා කට්ටියගෙම අත් වලට දෙද්දි ආශව බබා වගේ අනික් අය දිහා බලන් හිටියා.මොකද මත්පැන් සම්බන්ධව මෙතනින් අත්දැකීම නැතිම කෙනා උනේ ආශව.

"බයිට් එකෙන් කාලා....ඕකෙන් උගුරක් බීපං ආශවයා"

තෙවින් කිව්ව එකට ඔලුව වැනුව ආශව මස් කෑල්ලක් කාලා රා පොල් කට්ටෙන් උගුරක් කටට ගත්තා.ඒ දැනුනු අමිරහ එක්ක ආශව රා උගුර විසික් කරද්දි අනික් තුන් දෙනාටම හයියෙන් හිනා ගියා.මොකද ඕක වෙන බය ඒ තුන් කට්ටුව සහසුද්දෙන්ම දැනගෙන හිටියා.මූණත් බෙරිකරං හිටිය ආශව ආයෙමත් මස් කෑල්ලක් කාලා අමාරුවෙන්ම රා උගුරක් උගුරෙන් පහලට යවාගෙන කාරන ගමන් අනික් තුන්දෙනා දිහා බැලුවා.

"ඒ.....හෙන ඇඹුලයිනෙ බං.කට පිච්චෙනවත් වගේ"

"ඔය වතුර නෙවේනෙ....රා....අපි බොන එව්වගෙ හැටියට ඕක තව හොදයි අනේ"

දෙනෙත් හිනාවෙවීම කියද්දි ආශව තව උගුරක් බොන්න ගත්තා.හතර දෙනා එක්කම හිනා වෙවී උගුරෙන් උගුර රා පොල් කට්ට හිස් කලේ එක පොල් කට්ටකින් සෑහෙනවා කියලා හිතාගෙන.හැබැයි ඒක එතනින් නොනවතින බව දැනන් උන්නෙ හැමදාම ඉස්සරහට වෙන දේවල් ගැන අනාවැකි කියන්න පුළුවන් නුවර ආකාහෙ විතරමයි.කොල්ලො හතරදෙනා කරන වැඩේ වලක්කන්න හිතාන වැහි දියක් පොලවට පාත් කරන්න හැදුවත්,දරුණු දේවල් කරන්න යන හුඟක් තරුණයො අතරේ මේ ඉලන්දාරි තුන් දෙනාගෙ දඟකාර ආසාවට තහංචි නොදා ඉන්න අන්තිමේදි තීරණේ කල නුවර ආකාහෙ නිහඬවම උන්නා.

...................................................................................................

වචන 4800+😓❤️

කොටයි,බෝරින් කියලා දන්නවා🥺💔

ඊලග කොටස් දෙක හුගක් රසවත් වෙයි🥺❤️

කැමිලියාගෙ අතින් දැන් අඩුපාඩු හුගක් වෙනවද කියලා හිතට හරි බරයි හැම වෙලේම💔 එහෙම නම් මට ඒවා කියල දෙන්න බබාලා හොදද❤️

නේට්ටව තනියෙන් අයිති කරං ඉන්න පුංචි සුදුබේබි 🥺❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter