Back
Chapter 87

86 කොටස🤍✨️

නිවාලන්න මා...

"පොඩ්ඩෝ.....ලෑස්ති උනාද පුතේ?"

"ඉන්න අම්මේ.....කමිසෙ ඇඳගත්තෙ නෑ තාම"

"බැනියම පිටින් වරෙං කොල්ලො....බත් කටක් කවන්න"

නිර්මලාගෙ සද්දෙ එක්ක ඉක්මනටම ඇවිත් සාල කෑල්ලෙන් ඉදගත්තු නේත්‍ර පිලිවෙලට මැදල තිබ්බ සරම පොඩි නොවෙන විදියට හදාගෙන ඒ උඩින් රෙද්දක් එලාගත්තෙ බැරි වෙලා හරි ඉඳුල් වැටෙයි කියන බයට.නේත්‍ර ලගට ආව නිර්මලා බත් කටවල් අනලා නේත්‍රට කවද්දි පුංචි එකා හෙමින් සැරේ බත් ටික කන්න ගත්තා.කොහොමත් පාන්දරම නැගිටලා හෙමීට ලෑස්ති වෙන නේත්‍රට කවදාවත්ම කලබල වෙලා ඉස්කෝලෙ දිව්ව ලමයෙක් නොවුණා.නිර්මලාට කියලා බත් කටවල් ටික බඩට බස්සවගත්තු නේත්‍ර ආයෙම වතාවක් දත් මැදගෙනම ගෙට ගොඩ වෙලා කමිසෙ ඇදගෙන බොත්තම් ටික දාන්න ගත්තා.

"නිර්මලා නැන්දේ! ඔයාගෙ පුතා කෝ අනේ! නේත්‍ර!!! ඔයාගෙ සිහින කුමාරයා ආවා!!!"

දිවාෂගෙ කෑ ගැහිල්ල ඇහුණු නිර්මලා ඉස්තෝප්පුවට ඇවිත් දිවාෂට ඉදගන්න කියලා කියද්දි නේත්‍රගෙ සන්සුන් හඬ කාමරෙන් එලියට ගලාගෙන ආවා.

"මම එන්නම් දිවාෂ කොණ්ඩෙ පීරං.....විනාඩි පහක් දෙන්න හොදද?"

"ඔයාට දෙන්නැති විනාඩි පහක් තියේද නේත්‍ර මම ලග? බලා ඉන්නම් කල්ප ගාණක් උනත් මං අනේ"

"දිවාෂ පුංචි මහත්තයා කාලාද ආවෙ?"

"ඔව් නැන්දෙ කෑවා....ජානකී කවනවා උදේට අනේ බත් ගුලි....කොකිසයක් එහෙම නෑද ඉතුරු වෙලා?"

"තියෙනවා තියෙනවා....ඉන්නකො පුංචි මහත්තයා ඩිංගක්"

නේත්‍ර කොණ්ඩෙ පීරන් එලියට එන්න කලින් කුස්සියට දිව්ව නිර්මලා පරිස්සමට ඔතලා තියලා තිබ්බ කොකිස් දෙක තුනක් පත්තර කොල කෑල්ලක ඔතන් ඇවිත් දිවාෂගෙ අතින් තියද්දි දිවාෂ හිනා වෙලා ස්තූති කරලා නිර්මලාගෙ අතින් ඒ කොකිස් ටික ගත්තා.එතනදිම එක කොකිසයක් අතට ගත්තු දිවාෂ ඒක කන්න ගනිද්දි කොණ්ඩෙ පීරගත්තු නේත්‍ර බෑගයත් එල්ලන් එලියට ආවා.

"නිර්මලා නැන්දගෙ කොකිස්.....දෙයියනේ චූචියො ඔයාගෙ ලස්සන!!!!"

නේත්‍රගෙ ඇඳුම එක්ක නේත්‍රව අද වෙනදටත් වඩා ලස්සනට පෙනෙද්දි දිවාෂ කිසි කහටක් නැතුව නේත්‍රව අගය කලා.ඒත් එක්කම නේත්‍රත් දිවාෂ දිහා බැලුවෙ හරි සන්තෝසෙන්.

"ඔයත් හුගක් ලස්සනයි දිවාෂ.....ඇත්තමයි.දෙනෙත් අයියා අපිට ගැලපෙනම විදියට ඇඳුම් ලෑස්ති කරවලා"

නේත්‍ර කියද්දි දිවාෂත් ඔලුව උඩ පහල වැනුවා.ඉස්කෝලෙ අවුරුදු උත්සවේට කට්ටියටම එකම වගේ අවුරුදු ඇඳුම් ටිකක් මහගමු කියලා දෙනෙත් ගෙනාව යෝජනාවට නේත්‍ර ටිකක් ඇදිමැදි කලේ ඒකට යන වියදම ටිකක් වැඩි නිසා.ඒත් දෙනෙත් ඊලග දවසෙ ඒ ඇඳුම් සකසන කෙනා එක්ක කතා කරලා ගාණ අඩු කරගත්තා කියලා කිව්ව වෙලේ දෙනෙත් කිව්ව මිල ප්‍රමාණය තමන්ට දරන්න පුළුවන් නිසා නේත්‍ර ඒකට හා කිව්වෙ හරි ආසාවෙන්.ඒත් නේත්‍ර නොදැන උන්නට නේත්‍රගෙන් දෙනෙත් ඇත්තටම අරං තිබ්බෙ අදාල මුදලින් තුනෙන් එකක් විතරයි.ඉතිරි මුළු මුදලම ආශව නේත්‍ර වෙනුවෙන් ගෙවලා තිබ්බා.

තද තැඹිලි පාටින් දිවාෂගෙ මුළු ඇඳුමම සැකසිලා තියෙද්දි කුඩා කොලරයක් සහිත උනු කමිසය දණහිස් දෙක ලගට වෙනකං දිගු උනා.දෙපැත්තෙන්ම යම්තාක් දුරකට පලල තිබුණු ඒ කමිසයේ උඩ ඉදන් යටටම හරි අපූරු විදියට බොත්තම් අල්ලලා තිබුණා.සරමත් තද තැඹිලිම වෙද්දි සරමෙ වගේම කමිසෙත් අග බෝඩරය ලා තැඹිලි පාටින් හැඩ වෙලා තිබුනා වගේම කමිසෙ අත් දෙක මැණික් කටුව තෙක්ම දිගු උනා.

නිර්මලාට වැන්ද නේත්‍රයි දිවාෂයි දෙන්නා කන්ද නැගලා ගුරු පාරට ගොඩ වෙද්දි වලව්වට ටිකක් එපිටට වෙන්න උන්නු ආශව නේත්‍රට අත වැනුවා.ආපිට ආශවට අත වැනුව නේත්‍ර පුරුදු විදියටම හරි සන්සුන්ව ආශව ලගින් ගිහින් හිටගනිද්දි ආශවගෙ පපුව අහේතුකවම ගැහෙන්න ගත්තෙ තමන්ගෙ පුංචි ආදරවන්තයව අද වෙනදටත් වඩා ලස්සනට,කඩවසම්ව පේන්න ගත්තු නිසා.

දිවාෂගෙ වගේම මෝස්තරය සහිත උනු නේත්‍රගෙ මුළු ඇඳුමම සුදට හුරු ලා රත්තරන් පාටින්  එහෙමත් නැත්තං ඇත්දළ පාටින් සැකසිලා තිබ්බා.නේත්‍රගෙ හම එක්ක ඒ පාට හරි අපූරුවට ගැලපෙද්දි ආශව එදා කල වර්ණ ගැලපීම හරියටම හරි වග නේත්‍රට තේරුම් ගිහින් තිබ්බා.ඇත්දළ පැහැයට හුරු කමිසයෙ වගේම සරමෙත් බෝඩරය රත්රන් පැහැයෙන් හැඩ වෙද්දි නේත්‍රගෙන් අද පෙනුනෙ අමුතුම ප්‍රතාපවත් පෙනුමක්.වෙනදට පැත්තට පීරන ලා රැලි කොණ්ඩෙ අද නිදහසේ නලලට වැටෙන්න ඇරලා පුංචි එකා පීරලා තිබ්බා.අන්ධකාරෙ කාටවත් නොපෙනෙන වග දැන උන්නු ආශව ඉක්මනටම නේත්‍රව තද කරලා තුරුල් කරං ඒ කම්මුල් දෙකයි නලලයි උඩින් තද සිපුම් කිහිපයක් තියද්දි පුංචි එකා හෙමීට හිනා උනා.

"අනේ මේ ආසව! අතෑරපං මගෙ කොල්ලව!"

"උඹ ඉදපං දිවාස! කොයි වෙලෙත් මැද්දෙන් පයිනවා කොටා!"

ආශවයි දිවාෂයි රණ්ඩු කරගනිද්දි නේත්‍ර බලන් හිටියෙ පිරිමිකම වෑහෙන කඩවසම් බවින් පිරිලා ඉන්න තමන්ගෙ සුදුබේබි දිහා.තමන්ගෙ මෝස්තරේටම සැකසිලා තිබ්බ ආශවගෙ ඇඳුම රතු මිශ්‍ර සුදු පැහැයෙන් හැඩ වෙලා තිබ්බා වගේම ඒ කමිසයෙ හා සරමේ බෝඩරය තද රතු පැහැයෙන් වර්ණවත් වෙලා තිබුණා.කොහොමත් කඩවසම් තමන්ගෙ සුදුබේබි,අද වෙනදටත් වඩා කඩවසම්ව පෙනෙද්දි නේත්‍ර හරි ආදරෙන් ආශවගෙ කම්මුලක් අතගෑවා.

"සුදුබේබි හුගාක් ලස්සනයි"

"නේත්‍රට ලස්සනට පේනවනම් එච්චරයි"

නේත්‍රව තද කරලා තුරුල් කරගත්තු ආශව මුමුණද්දි පුංචි එකා බට්ටිච්චෙක් වගේ හිනා උනා.නේත්‍රව මැදි කරගත්තු ආශවයි,දිවාෂයි දෙන්නා ටිකක් ඉස්සරහට ඇදෙද්දි වෙල කිට්ටුව නවත්තලා තිබ්බ දෙවින්ගෙ වාහනෙන් එලියට බැහැලා උන්නු දෙවින් කට්ටියට අත වැනුවා.කට්ටියම වාහනේට ගොඩ වෙද්දි දෙවින් තෙවින් ඉදිරිපස අසුන්වලත්,ආශව නේත්‍ර දිවාෂ පිටිපස්සෙ ආසනෙත් අසුන් ගත්තා.ආශව ටිකක් ලොකු සයිස් මනුස්සයෙක් උනාට නේත්‍ර දිවාෂ දෙන්නා බටුඇට දෙකක් උනු නිසා පිටිපස්සෙ ආසනේ ඒ තුන්දෙනාට සෑහෙන විදියට තිබුණා.

"අම්මෝ දෙවින් පණගෙ ලස්සන! තමුසෙත් අදනම් ලස්සනයි තෙවින්"

දිවාෂ කියද්දි දෙවින් තෙවින් දෙන්නා මූණට මූණ බලාගෙන හිනා වුණා.දෙවින් තෙවින් දෙන්නගෙම ඇඳුම් අර පෙර කිව්ව මෝස්තරෙ විදියම වෙද්දි ඒ දෙන්නගෙ ඇඳු සැකසිලා තිබ්බෙ නිල් පාටින්.ලා නිල් පාට කමිසය හා සරමෙ බෝඩරය තද නිල්පාටින් හැඩ ගැන්විලා තිබ්බා.දෙන්නා එකම විදියට කොණ්ඩෙත් උඩට පීරන් උන්නු නිසා හොදටම දන්න අඳුනන අයට හැර අනික් අයටනම් දෙන්නව හොයාගන්න එක සෑහෙන්න අමාරු වැඩක් කියන එක පුදුමයක් නොවුණා.

"සිංදුව පුරුදු උනාද දෙවින් පණ ඔයාලා? ඈ ආසව?"

"ඔව්.....ලස්සනටම බෑ දිවාෂ මල්ලි.හැබැයි ශේප්"

"සුදුබේබිනම් ලස්සනට කියනව.....ඊයෙ මට කියලා පෙන්නුවා"

"ඔයාගෙ මනුස්සයට කෝමත් ලස්සනට සිංදු කියන්න පුලුවන්නෙ අනේ....මේ...රකිත අයියාත් ලස්සනට සිංදු කියනවනෙ නේද....ටොප් බෝඩ් එකේ ගරුත්වෙ රකින්න හරිත?"

"රකින්නම් රකින්නම්"

"ඉන්දීප්පයියා තමා කෑවොත් කන්නෙ වැඩේ"

"නෑ නෑ....මිනිහා අහ් අහ් ගාන කෑලි ටිකට විතරයි කියන්න ඉන්නෙ....අවුලක් වෙන එකක් නෑ"

ඉන්දීපගෙ නම දිවාෂගෙ කටින් පිට වෙද්දි දිවාෂ දිහාවට රැවිල්ලක් පා කෙරුව තෙවින් ඊලගට මොකක් හරි මතක් උනා වගේ ඉක්මනටම ගාණක් නැති පෙනුමක් මූණට නංවගත්තා.

"දෙනෙත් එතකොට?"

"එයාලගෙ මියුසික් ක්ලබ් එකේ සීනියර්ස්ලා ටික....ඒ කියන්නෙ අපේ වයසෙ සෙට් එක තමා පටන් ගැන්මෙදි සිංදුව කියන්නෙ....අන්තිම උත්සවේනෙ අපේ....දෙනෙත් ගැන බයක් නෑ කොහොමත්.එයාට හොදටම සිංදු කියන්න පුලුවන්"

තෙවින්ගෙ ප්‍රශ්නෙට ආශවගෙන් උත්තර ලැබෙද්දි ඔලුව වැනුව තෙවින් ඒ පිලිතුර භාරගත්තා.

"ඔයාලා දෙන්නගෙ සිංදුවත් හරිනෙ?"

"ඔව් ශේප්"

තෙවිනුයි ආශවයි එකටම කියද්දි නේත්‍ර ආශවගෙ උරහිසකට ඔලුව හේත්තු කරං නිදාගත්තා.ඊයෙ මහ රෑ වෙනකං තේ කූඩෙකුයි,බස්තමකුයි දිවාෂ එක්ක ලෑස්ති කර කර උන්නු නේත්‍ර නින්දට යද්දි සෑහෙන්න රෑ වෙලා තිබ්බා.ඉස්කෝලෙ ලගින්ම තිබ්බ පාරකින් හරවලා ගිහින් දෙනෙත්ගෙ ගෙදර ඉස්සරහ නැවැත්තුව දෙවින් වාහන නලාව දෙතුන් පාරක් ගහද්දි ගේට්ටුවෙන් එලියට ආව දෙනෙත් පිටිපස්සෙ දොර ඇරගෙන ඇවිත් දිවාෂව උකුල උඩට ගනිද්දි කට්ටියම කට ඇරං බලන් හිටියෙ දෙනෙත් දිහා.

"ඇයි අනේ?"

"දෙනෙත් අයියා ලස්සනයි අනේ"

කට්ටියම කියද්දි හිනා උනු දෙනෙත් දිහා ඉස්සරහ කණ්නාඩියෙන් බලලා ඇහැක් ගැහුව දෙවින් පුළුවන් ඉක්මනට ඉස්කෝලෙට වාහනේ අරං ගියා.දිවාෂගෙ ලොකු මල්ලකුයි තෙවින්ගෙ තව ලොකු මල්ලකුයි වාහනේ ඩිකියෙන් එලියට ගත්තු ඉලන්දාරි ටික ඉස්කෝලෙ පැත්තට යන්න හදද්දි දෙනෙත්ගෙ අතින් අල්ලගත්තු දෙවින් දෙනෙත්ව නවත්තගත්තා.

"ඔයා අද හරි ලස්සනයි බබා....ඇත්තමයි"

"තෑන්ස්ක් දෙව්....ඔයත් ලස්සනයි මේ කිට් එකට"

දෙනෙත්ගෙ කම්මුලකින් හාද්දක් තිබ්බ දෙවින්ගෙ ඉණ වටේ අත යැව්ව දෙනෙත්ගෙන් ආපිට හාද්දක් තමන්ට ලැබෙද්දි දෙවින් දෙනෙත් දිහා හරි ආදරෙන් බලාගෙන හිටියා.කට්ටියගෙම මෝස්තරේ වගේම සැකසිලා තිබ්බ දෙනෙත්ගෙ කමිසෙ,සරම දෙකම ලා දම් පාටින් සැරසෙද්දි ඒවායේ බෝඩර තද දම් පාටින් සකස් වෙලා තිබ්බා.දෙන්නා එක්කම හිනා වෙල කට්ටියගෙ පිටිපස්සෙන් ඉස්කෝලෙ ඇතුලට යන්න ගත්තු මේ ඉලන්දාරි ටිකට විශේෂ අවධානයක් කට්ටියගෙන්ම ලැබුනා.අවුරුදු කුමාරවරු ටික කලඑලි බැහැලා තියෙන්නෙ දැන්නෙ!

"නේත්‍ර,ඔයාලා එහෙනම් ක්ලාස් වලට....ඕහ්....ඔන්න අයින් වෙන්න! අනික් කරදරකාරයත් එනවා"

"දිවාෂයෝ!!!! නේත්‍රයෝ!!!!"

කොහෙ හරි ඉදන් දුවං ආව ආර්ය නේත්‍රගෙ ඇඟට පයින්න හැදුවත් පැත්තකට වෙලා රවාගෙන ඉන්න ආශවට බය උනු ආර්ය පැනලා තුරුල් කරගත්තෙ දිවාෂව.ඔව්....ආර්යත් සැරසිලා හිටියෙ කලින් කිව්ව මෝස්තරේට අනුවමයි.ආර්යගෙ ඇදුම ලා කොල පාට වෙද්දි ඒවායේ බෝඩර තද කොල පාට උනා.කොණ්ඩෙත් උඩට පීරලා රැල්ලක් වගේ වැටෙන්න පැත්තකින් දාලා උන්නු ආර්යගෙ තිබ්බෙත් අද පුදුමාකාර ලස්සනක්.

"නේත්‍ර....ඔයා එහෙනම් මේ දෙන්නා එක්ක ක්ලාස් එකට යන්න....අපි කට්ටිය ග්‍රවුන්ඩ් එකට යනවා මෙහෙම්මම.ක්ලාස් එකට ඔය ටික භාරදීලා මීඩියා යුනිට් එකට යන්නකො.එතනින් කට්ටිය එක්කම ලෑස්ති වෙලා එන්න එහෙනම් ග්‍රවුන්ඩ් එකට....ඔයාටනෙ මුල ටිකේ අනවුන්සින් තියෙන්නෙ?"

"ඔව් සුදුබේබි....මම කට්ටිය එක්ක එන්නම්"

"පරිස්සමින් එන්න ඕනි තේරුනාද? සරම එක්ක දුවන්නෙ එහෙම නෑ.....පැටලිලා වැටුනොත් එහෙම....මගෙ සිංදුව කියන වෙලේට පේන තැනකින් ඉන්න නේත්‍ර හොදද?"

"මම ඉන්නවා සුදුබේබි.....සුදුබේබිගෙ සිංදුව කියද්දි  කොහොමහරි පේන තැනකින් ඉන්නවා මම"

"මම යනවා මැණිකෙ එහෙනම්....බුදු සරණයි"

"බුදු සරණයි සුදුබේබි"

නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව එතනින් පිට වෙද්දි නේත්‍රලාට තට්ටුවක් දැම්ම දෙවිනුත් ඒත් එක්කම පිටත් උනා.නේත්‍රවයි,දිවාෂවයි,ආර්යවයි තලලා පොඩිකරලා මිරිකලා දැම්ම දෙනෙතුත් ඒ පිටිපස්සෙන්ම ඇදෙද්දි තෙවින් දිවාෂ දිහා බලලා මොනාහරි ඉඟි කලා.

"ම්ම්ම්....මේහ්,මම යනවා අයිටම් එකට ලෑස්ති වෙන්න....ඔයාලා දෙන්නා එන්න එහෙනම් හොදද....ආර්ය චූචියා එක්ක පරිස්සමින් එන්න ඕනි තේරුනාද?"

"ඔව් ඔව්"

"නොදන්න අය දෙන මුකුත් කන්න එහෙම එපා....අන්කල්ලා ටොපි දෙන්න හැදුවොත් ගන්න එපා....අප්පච්චිගෙ යාලුවෙක් හරි අම්මගෙ යාලුවෙක් හරි කියලා වාහනේට නගින්න කිව්වොත් නගින්න එපා.එයාලා කරවල වාඩි වලට...."

"අනේ පලකො දිවාෂ....ඔයා යං නේත්‍ර මම එක්ක"

දිවාෂව තල්ලු කෙරුව ආර්ය නේත්‍ර එක්ක පන්තිය පැත්තට යද්දි ආයෙමත් ඒ හරියට දුවගෙන ආවෙ දෙනෙත්.අතේ තිබ්බ මොනාහරි පුංචි මල්ලක් එක්කම දුවං ඇවීත් තිබ්බ දෙනෙත් කොල්ලො දෙන්නාට පන්තියට ගිහින් එන්න කියලා මාධ්‍ය ඒකකය පැත්තට ඇවිදන් ගියා.

"සුභ අලුත් අවුරුද්දක් වේවා මැඩම්"

"එසේම වේවා දරුවනේ....ඔය කොහෙද යන්න හදන්නෙ?"

"මීඩියා යුනිට් එකට මැඩම්.....අනවුන්සින් වලට යන්න ඕනි ග්‍රවුන්ඩ් එකට"

"නේත්‍ර පුතා,පන්තියෙ කිරි ඉතිරෙව්වට පස්සෙ ගියොත් මදිද? තව විනාඩි පහලවකින් වගේ කිරි උතුරවනවා....ඔය දරුවා ඒක කරන්න හිටියොත් හොදයි"

"ආ හරි මැඩම්....මම මීඩියා එකට පණිවිඩයක් යවන්නම්"

ආර්ය දිහා බැලුව නේත්‍රට ඔලුව වැනුව ආර්ය මාධ්‍ය ඒකකය තියෙන පැත්තට දුවද්දි නේත්‍ර ඉස්සෙල්ලාම කලේ පන්තියෙ බුදු පහන තිබ්බ එක.පන්තිභාර ගුරුතුමී කොහොමත් නේත්‍ර පිංවන්ත පාට දරුවෙක් කියන එක නිතරම කියපු කෙනෙක්.ඒ නිසා ගුරුතුමීගෙ මේ ඉල්ලීම ගැන කාටවත් පුදුම හිතුනෙ නැහැ.වෙලාව ආවට පස්සෙ මුලු ඉස්කෝලෙම ලමයි එකම වෙලාවෙ ලිප් ගිනි මෙලෙව්වා.

"නේත්‍ර,පුතා බලාගෙන ඇඳුම සවුත්තු වෙයි"

"හරි මැඩම්...."

ලිප ගිනි මෙලෙව්වට පස්සෙ පන්තියෙ ලමයි ආහාර අනුභවය,වැඩ ඇල්ලීම්,ගනුදෙනු කිරීම් පටන් ගත්තත් ගුරුතුමීගෙන් අවසර ගත්තු නේත්‍රයි ආර්යයි පිට උනේ පාසල් ක්‍රීඩාංගනයට.මේ වෙද්දිනුත් ක්‍රීඩාංගනයම අවුරුදු සිරියෙන් සැරසිලා තියෙද්දි නේත්‍ර දුවගෙන ගියේ මාධ්‍ය ඒකකයෙ පිරිස රැස් වෙලා හිටිය තැනට වෙද්දි ආර්ය ගියේ වාද්‍ය වෘන්දය හිටිය තැනට.

"ආහ් නේත්‍ර බබා....මේ එන්නෙ....කෝ මෙහෙ එන්න.මූණට මොනාහරි ටිකක් ගාගමු.නැත්තං පිච්චෙයි ඔයාව අව්වට....කෝ එන්න"

"ස්....සුදුබේබි....."

"අනේ ආශවට බම්බු ගහගන්න කියන්න.....ස්කින් එක රැකගන්න ඕනි ඔක්කොටම කලින්....අනික ඔයා තව ටිකක් ලස්සනට ඉද්දි ඌ එපාම කියයි.කෝ එන්න"

නේත්‍රගෙ ඇදිමැදි කරද්දි නේත්‍රව ඇදගෙන පැවීලියන් එකේ කොනකට රිංගුව දෙනෙත් ක්‍රීම් ජාතියක් මූණෙ උලලා ඒ උඩින් පවුඩර් ටිකක් ගෑවා.ගාලා ඒ පුංචි මල්ල ඇතුලෙ තිබ්බ පොඩි කණ්නාඩියක් අරං නේත්‍රගෙ මූණ පෙන්නුව දෙනෙත් ඇගිලි වලට ගත්තු ලිප් බාම් ටිකක් නේත්‍රගෙ තොල් වල ගෑවා.

"ඔයා කොහොමත් ලස්සනයි පැටියො.....මේවා ටිකක් ගෑවා කියලා ඔයාගෙ ලොකු වෙනසක් පේන්නෑ තමා....ඔයා ඒ තරමටම ලස්සනයි....මේවා ගෑවෙ ඔයාගෙ මූණයි තොලුයි වේලෙන එක නතරවෙන්න තේරුනාද?"

"ඔව් දෙනෙත් අයියෙ....තෑන්ක් යූ"

"මල්ලි මොකටද අනේ අයියට තෑන්ක් කරන්නෙ....කෝ යං අපි"

මාධ්‍ය ඒකකයෙ ලමයි ටික ලඟට ලං වෙන්න ගියත් හයිය අතක ග්‍රහණෙ එක්ක නේත්‍ර පැත්තකට ඇදිලා ගියා.

"සුදුබේබි!"

"ඔයා කාලා නෙවේ නේද ආවෙ? ආ මේක කාලා....අප්පෝ! අදත් අරූ මූණෙ ඉලුවා නේද මොනා හරි?"

"මේවා ගාපුවාම මූණයි තොලුයි වේලෙන්නෑලු සුදුබේබි.....අව්වෙ ඉන්න ඕනිනෙ අද හුගක් වෙලා"

"එහෙම එකක්ද? ඔව්වගෙ නම් හරි ජාති හරි දන්නවද නේත්‍ර? සන් ක්‍රීම් නම් නෙවේ ඔය"

"දන්නෑ සුදුබේබි....දෙනෙත් අයියා තමා ගෑවෙ"

"ම්ම්ම්.....මම දෙනෙත්ගෙන් අහගන්නම්කො....ඔය කටේ ගාලා තියෙන්නෙනම් ලිප් බාම්...ඒකක් ඔයාට අරගෙන දෙන්න තිබ්බෙ මට....ශිට් අමතක උනානෙ"

"ඒකට කමක් නෑ සුදුබේබි"

"මේ කිරිබත් කෑල්ල කාලා යන්න නේත්‍ර.....මුල ටික ඉවර වෙනකංම ඔයාට කන්න බොන්න නෑනෙ මුකුත්"

නේත්‍රගෙ කට ලගට කිරිබත් කෑල්ලක් ලං කෙරුව ආශව කියද්දි නේත්‍ර කට ඇරියා.ආශවයි නේත්‍රයි කොහොමත් හිතවත් බව දැනන් උන්නු ඒ හරියෙ හිටිය ලමයින්ට මේ දෙන්නගෙ හැසිරීම ලොකු ගාණක් උනේ නෑ.නේත්‍ර කිරිබත් කෑල්ල කෑවට පස්සෙ ඒ හරියෙන් යමින් උන්නු පොඩි එකෙක්ව බය කරලා ඒකාගෙ කරේ තිබ්බ වතුර බෝතලේ ඉල්ලගත්තු ආශව නේත්‍රට වතුර බොන්න දුන්නට පස්සෙ නේත්‍ර ආශවගෙන් මිදිලා මාධ්‍ය ඒකකය පැත්තට ඇවිදන් ගියා.

"නේත්‍ර අයියෙ...."

"ඔව් මල්ලි.කියන්න"

නේත්‍ර එතනට යද්දිම එකොලහ වසරෙ පොඩි කොල්ලෙක් දුවගෙන ඇවිත් නේත්‍රට කොලයක් පෙන්නද්දි නේත්‍ර ඒක සන්සුන්ව කියෙව්වා.

"ඕහ්.....ඇජෙන්ඩා එක වෙනස් කරලා නේද? දිවාෂලාගෙ ඉවෙන්ට් එක තුන් වෙනියට දාලා.....ගේම් ඉවෙන්ට්ස් වගේකුත් වෙනස් කරලා නේද.....ආ හරි කමක් නෑ.අපි ඒක හදාගමුකො....කලබල වෙන්න එපා"

"ඔව් අයියේ.....සමන්මලී මිස්ලා තමා එව්වෙ ඕක....එයාලට හවස් වෙනකං ඉන්න බෑ කියලා ඉවෙන්ට්ස් උඩ යට දාලා"

පුංචි උන් ටික දිහා බලලා හිනාවීගෙන කිව්ව නේත්‍රගෙ කලබලකාරී බවක් නැති හැසිරීම එක්ක අනික් හැමෝමත් සන්සුන් වුණා.

"හරි......කෝ එන්නකෝ.....නිසල මල්ලි,ඔයාට ඒ පාට් එක ලේසියෙන් කියන්න පුළුවන් විදියට හදාගමු....ඕක මොකද්ද? අපිට පුළුවන් එන්නකො"

පුංචි අයව ලගට ගත්තු නේත්‍ර ඒක පැහැදිලි කරද්දි කොහෙන් හරි ඉදන් ආව දෙනෙත්ලත් ඒ වැඩේට සම්බන්ධ උනා.

"නේත්‍ර බබෝ,ආශවලට කියමුද? එයාලා කලින් ඇජෙන්ඩා එකටම වැඩේ වෙන්න හදලා දෙයි"

"ඕන්නෑ දෙනෙත් අයියෙ.....ටොප් බෝඩ් එකේ අයියලා එක්ක ගුරුවරු හිත් නොහොඳ කරගන්න ඕන්නෑ...අනික ටොප්බෝඩ් එකේ අය ඉන්න අන්තිම අවුරුදු උත්සවේනෙ මේක....අපි එයාලට ප්‍රශ්නයක් නොවෙන විදියට වැඩ කරමු....එහෙම හොදයි නේද අයියෙ?"

"ඔයා කියන දේක වරදක් තියෙන්නෙ හරි අහම්බෙන් පැටියො....ඒ විදියට කරමු.ඔයා හරි"

දෙනෙත්ට හිනාවෙල ඔලුව වැනුව නේත්‍ර අද නිවේදන වලට අදාලව කොටස් බෙදාගෙන ඉන්න පොඩ්ඩො ටික එක්ක සාකච්ඡා කරලා ඉක්මනට තීරණ ගන්න ගත්තෙ උත්සව ආරම්භයට තව තිබ්බෙ පුංචි වෙලාවක් නිසා.වෙලාව ගෙවිලා ගිහින් උත්සවය ආරම්භ වෙද්දි ක්‍රීඩාංගනයේ හෙවණ තියෙන ස්ථානයක සාමාන්‍ය ප්‍රමානයට හදල තිබ්බ කුඩා වේදිකාවට නැග්ග නේත්‍ර උත්සවය ආරම්භ කලා.වේදිකාව කිට්ටුවම හිටිය ආශව මාපටැගිල්ල ඔසවලා නේත්‍රව අභිප්‍රේරණය කරද්දි හිතට තවත් ශක්තිය ගත්තු නේත්‍රගෙ සන්සුන්,මිහිරි,යම්තාක් ගැඹුරු හඬ පිට්ටනිය පුරා පැතිරෙන්න ගත්තා.

"එරබදු මල් වල දෙවැට දිගේ හිනැහෙන,රබන් සුරල් මැද ගී නාද ඇසෙන,කැවුම් කොකිස් සුවඳ පැතිරෙන බක් මහ සිරිය රැගත් මේ අවුරුදු සමයේ අපගේ මේ සූදානම ඒ අවුරුදු අසිරිය තවත් රසවත් කරගැනීමටයි....එසේනම් මේ ඇරඹෙන්නේ මහනුවර ***** විද්‍යාලීය බක් මහ සැනකෙලියයි"

ඒ අනුව චාරිත්‍රානුකූල විදියට මුලින්ම පන්සිල් සමාදන් වෙලා ඊලගට සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වූවට පස්සෙ අවුරුදු උත්සවය ආරම්භ උනා.මුලින්ම යෙදිලා තිබ්බ අංගය උනේ පාසල් ගායක කණ්ඩායමේ ආරම්භක ගායනය.දෙනෙත් ප්‍රමුඛ කරගත්තු ගායක කණ්ඩායම වේදිකාව දෙපැත්තෙන් දෙපිලකට බෙදිලා වේදිකාවට නගින තරප්පු පෙලවල් ලගින් හිටගනිද්දි ආර්ය වාදන වෘන්දය දිහාවට හැරිලා සංගීතය ආරම්භ කලා.

"මේ අවුරුද්දේ....කිරි ඉතිරෙන්ටයි.....

රට වැසියන්ගේ ආයු වැඩෙන්නයි......"

දෙනෙතුයි මුලින්ම වේදිකාවට ගොඩ වෙද්දි අනික් අයත් වේදිකාවට ගොඩ උනා.

"රට පුරාම අවුරුදු සිරි මේ බලන් එරබදු මල්

බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා

මීන රාශියෙන් හෙමිහිට මේෂ රාශියට පැමිණෙන ....."

ඒ අස්සෙ කොහෙ හරි ඉදලා දෙනෙත්ලා සිංදු කියන දිහා වේදිකාවෙන් ටිකක් එහාට වෙන්න හිටගෙන උන්නු දෙවින් ආශව ඇතුලු පිරිමි ලමයි ඉන්න පිරිස ලගට ආව දිවාෂ ගායක කණ්ඩායමේ තාලෙටම සිංදුව කිය කිය කොල්ලො ටික ඉන්න පැත්තට නට නටම හැරුනා.

"හිරු දෙවිඳුගෙ මංගල්ලය මේං බලල්ලා!!!!!!"

ක්‍රීම් පාට කොට කලිසමකට යට කෙරුව ක්‍රීම් පාටම කමිසෙක මළ බොත්තම වෙනකංම දාලා කමිසෙ උඩින් පටි දෙකක් දාගෙන අමුතු තාලෙක තොප්පියකුත් දාන් නට නට ආව දිවාෂ 'හිරු දෙවිඳුගෙ මංගල්ලය මේන් බලල්ලා' කියලා කෑ ගහලා කොල්ලො ටිකගෙ පැත්තට තමන්ගෙ අත් දෙකේ මැඳගිලි දෙක දික් කලා!!!

එහෙම්මම රවාගත්තු ආශව දිවාෂ ලගට ලං උනත් ආශවට විරිත්තුව දිවාෂ නට නටම කොහෙටහරි දිව්වට පස්සෙ ආයෙමත් ආශව අවධානෙ යොමු කලේ පුරුදු විදියටම දෙනෙත්ට නම් නෙවෙයි.වේදිකාව සමීපයේම හිටගෙන තමන් එක්ක නිවේදන කටයුතු කරන අනික් කෙනාට හිනා වෙලා මොනාහරි කියන නේත්‍ර ලග නැවතුනු ආශවගෙ ඇස් දෙක එතනින් ටිකක්වත් එහාට ගියේ නැහැ.

"ගමේ ගැටවු ගැටිස්සියන් ගම් මැද්දේ රංචු ගැසී...

අවුරුදු ජන කෙළි අතරේ කරක් ගහන්ටා....

ආච්චිගේ තාච්චියේ හැඩට නටන කොණ්ඩ කැවුම්...

රහ බලන්ට වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා....

(සිතඟේ පැතුම් ඉටු වේ මුවගේ සිනා වෑහේ සිරි ලක පිරි අවුරුදු සිරි මේ.....//)"

"අටු කොටු සරු වෙන්ටයි..// දොම්නස් දුරු වෙන්ටයි පහුගේ දොහේ අඬර දබර දුරු වෙලාම යන්ටයි

සිතඟේ පැතුම් ඉටු වේ මුවගේ සිනා වෑහේ සිරි ලක පිරි අවුරුදු සිරි මේ......"

"කුඹුක් ගහේ ඔන්චිල්ලේ නැගෙනා වාරම් මැද්දේ....

ආං බලන් ටිකිරි නගා රන් ඔන්චිල්ලේ....

වැඩ නැකතේ වැඩ ඇල්ලේ මුළු ගමේම හරි සද්දේ....

නැකත් වෙලාවත් කිට්ටුයි වරෙව් ළමයිනේ....

(සිතඟේ පැතුම් ඉටු වේ මුවගේ සිනා වෑහේ සිරි ලක පිරි අවුරුදු සිරි මේ....//) (සිරි ලක පිරි අවුරුදු සිරි මේ....////)"

ගීතය අවසන් කල දෙනෙත් ඇතුළු පිරිසට සභාවෙන් හොද ප්‍රතිචාරයක් ලැබෙද්දි ඊලගට තිබුණෙ රකිතගෙ පිලිගැනීමේ කතාව.රකිත කතාව අවසන් කලාට පස්සෙ වේදිකාවට නැග්ග නේත්‍ර ඊලගට තියෙන විශේෂාංගය සදහා ආරාධනා කලේ දිවාෂ හා තෙවින් දෙන්නට!

මුළු ක්‍රීඩාංගනේම නිශ්ශබ්ද උනේ දිවාෂ එක්ක සාරියකුත් ඇඳන් තේ කූඩෙකුත් පිටේ එල්ලන් වේදිකාවට නගින දිග කොණ්ඩ කරලක් ගොතල ඉන්න ගෑනු ලමයා හින්දා.පිරිමි විද්‍යාලෙක කොහෙන්ද ගෑනු ලමයි? තාලෙට පැද්දෙන ගමන් වේදිකාවට නැග්ග ගෑනු ලමයා දිවාෂ එක්කම ලමයින්ට මුහුණලා හිටගත්තා.

"හුත්තො අපේ මල්ලි!!!!"

දෙවින් ඔලුවට අතගහගනිද්දි ආශවත් ඇස් ලොකු කරගෙන තෙවින් දිහා බලාගෙම හිටියා.වේදිකාව පාමුල උන්නු නේත්‍රත් තෙවින් දිහා බලලා හිනාව තද කරගනිද්දි ආර්ය නම් මෙලෝ චාරයක් නැතුව වේදිකාව ඉස්සරහ ඉදගෙනම හිනාවෙන්න ගත්තා.සංගීතය ආරම්භ වෙනවත් එක්කම ආර්ය දිහා බලලා ගස්සලා රැව්ව තෙවින් නාරිලතා පාන ගමන් වේදිකාවෙ ඇවිදන්න ගනිද්දි දිවාෂ කොට කලිසමත් උස්ස උස්ස මේස් උඩටම ඇදලා සපත්තු දාලා තිබ්බ කකුල් දෙක දෙපැත්තට තියන ගමන් පැණි හිනාවක් මූණෙ තියං තෙවින්ගෙ පස්සෙන් ඇවිදින්න ගත්තා.

"තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්

මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී....

මගෙ ලෙංගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන්

තනිපංගලමේ ඉන්න වරෙන් ලෙච්චමී....."

තෙවින්ගෙ පස්සට තට්ටුවක් තමන්ගෙ අතේ තිබ්බ බස්තමෙන් දැම්ම වත්තෙ මහත්තයා...එහෙමත් නැත්තං දිවාෂ දිහාවට රැවිල්ලක් පා කෙරුව තෙවින් තේ කූඩෙ කරෙන් බාලා සාරි පොට ඉණේ ගහගත්තා.

"දැක්කම ඔය වගෙ කියාවි මටම කරච්චල් කොරාවි

මාත්තියා මොකද්ද මට විහිළු කරන්නේ.....

ලැයිමෙ ඈයො පද හදාවි පූච්චානම් මට කියාවි

ආඬවනේ ඕවට මම කැමතිම නෑනේ....."

දමිල ආභාෂය මුසු කටහඩකින් තෙවින් උපරිම විදියට තමන්ගෙ හඬ හීනිකරල කියද්දි කොල්ලන්ගෙන් හොද සද්දෙන් හිනාවක් නැගුණා.

"මේ දෙවින්"

"කියපං ආශවයා"

"උබලගෙ වංශෙ කියන එක ඉවරයක් කරන්නෙ දවසක අර පොඩි වසවර්තියා"

"මාත් කල්පනා කලේ අප්පච්චි ඒම මේක දැක්කනම් වහ ටිකක්වත් බොයි....දිවාෂ මල්ලිනම් එසේ මෙසේ බඩ්ඩක් නෙවේ"

"අපි කොටාට ගහමුද?"

"අනේ මේ....උබ ඒ අස්සෙ පෞද්ගලික තරහවල් පිට කරගන්න එන්න එපා....පලයං අහකට"

"යනව තමා....මේ ටික ඉවර උනාට පස්සෙ නේත්‍රගෙ අනවුන්සින් පාට්ස් ඉවරයි....එයා ආවම උබලව ඕන්නෑ තමා කොහොමත්"

දෙවින්ට රැව්ව ආශව එහෙම්මම ගස්සලා අහක බලාගත්තා.

"සිදාදියේ රේල් පොළට නුඹ එක්කරගෙන යන්නම්

අත පිරෙන්න හිත පිරෙන්න මණි බඩු අරගෙන දෙන්නම්..."

"මාත්තියා එක්ක අපෝ මට බැරියෝ ඒකටනං

වත්තේ ඉඳිල්ලත් නැතිවෙයි මට මොකටද ඔය කෝලම්"

තමන්ගෙ පස්සෙන් එන දිවාෂව තල්ලු කෙරුව තෙවින් ඔලුවටත් අත ගහගෙන කෑ ගහද්දි තෙවින් ලගට පැන්න දිවාෂ තෙවින්ගෙ ඉණ මිරිකුවා.

"වත්තේ මහත්තයා වෙලත් විඳගෙන මේ නව නින්දා

මම මේ හැටි වද විඳින්නෙ නුඹ හට ආදරෙ හින්දා...."

"අපෙ අප්පගෙ ආඩපාල අහන්න මට බැරි හින්දා

මාත්තියා දන්නෙ නැද්ද ගිය සුමානෙ මම බැන්දා"

තේ කූඩෙ ආයෙමත් පිටට දාගත්තු තෙවින් වේදිකාවෙන් බැහැලා යද්දි දිවාෂ පපුවත් අල්ලගෙන වේදිකාව මැද්දෙ ඇදන් වැටුණා.කට්ටියගෙ වේගවත් අත්පොලසන් නාදෙ මැද්දෙ වේදිකාවෙන් නැගිට්ට දිවාෂ පිට්ටනිය හරහා සීයට දෙසීයට දුවන තෙවින්ගෙ පස්සෙන් දුවගෙන ගියා.

"මූ එයිද සිංදුව කියන්න? තව අයිටම්ස් තුනකට පස්සෙ සිංදුවනෙ?"

"එයි එයි...ඕකට ගාණක් නෑ එයි"

දෙවින් ආශවගෙ පිටට තට්ටු කරලා කියද්දි ආශව ඔලුව උඩපහල වැනුවා.ඒත් එක්කම දෙවිනුයි ආශවයි මැද්දෙන් හිටගත්තු රකිත දෙවින්ගෙ පිටට තට්ටු කලා.

"ඕයි මේ"

"ඇයි?"

"උබලගෙ මල්ලො ට්‍රාන්ස් උනොත් මම අනිවා ඌව බඳිනවා....බලපංකො හැඩ"

"එහෙම උනොත් උඹට කලින් දිවාෂ කොටා උස්සනවා තෙවින්ව"

"හිත රිදුනා හැබැයි මගෙ"

රකිත බොරුවට ඇහෙන් කඳුලක් පිහිනව වගේ පෙන්නද්දි ඉන්දීප රකිතට අඬන්න උරහිස දීලා ඉස්සරහ බලාගෙන හිටියා.ඊලගට යෙදිලා තිබ්බෙ පාසල් නර්තන කණ්ඩායමේ නර්තනයක්,ප්‍රාථමික අංශයේ අවුරුදු ගායනයක් සහ අවුරුදු නර්ථනයක්.අවුරුදු නර්ථන අංගය අවසන් වීගෙන යනවත් එක්කම කලින් විදියට සරමයි කමිසෙයි ඇඳගත්තු තෙවින් ඇවිත් ආශවලා ලගින් හිටගත්තෙ කිසිම මිනිහෙක් දිහා නොබලා.කොල්ලො ටික ටිකෙන් ටික තෙවින් ලගට ලං වෙලා තෙවින්ගෙ අරහෙට මෙහෙට ඇන ඇන කිචි කවද්දි තෙවින් පුරුදු විදියට දෙවින්ගෙ ඇඟේ එල්ලිලා අඩන්න ගත්තා.දෙවින් කොල්ලො ටිකට එපා කිව්වට පස්සෙ ඔක්කොටම රවලා ගැස්සුව තෙවින් ආශවටත් රවලා ඉස්සරහ බලාගත්තත් ආශව ඒක නොදැක්කෙ තමන් දිහා හොරෙන් බලන ගමන් පොලව හාරන නේත්‍රට ආශව අවධානෙ දීලා හිටිය නිසා.

"..............ඉතින් මේ ආරාධනය ආශව තිදස්වර සොහොයුරාට සහ තෙවින් විහන්ස සොහොයුරාටයි"

නේත්‍ර නිවේදනය කරලා එහෙම්මම වේදිකාවෙන් බැහැලා පුරුදු විදියට වේදිකාව පැත්තකින් හිටගන්නෙ නැතුව කෙලින්ක ඇවිල්ලා දෙවින්ලා ලගින් හිටගත්තෙ ආශවව හොදට පේන විදියට.කොහෙ හරි ඉදන් ආයෙම සරමයි කමිසෙයි ඇඳගත්තු දිවාෂත් ඇවිල්ලා නේත්‍රගෙ කරවටේ අතදාගත්තා.

වේදිකාවට නැග්ග තෙවින් හිනා මුසු මූණෙන් වටපිට බලලා සංගීත තාලෙට ටිකක් එහෙට මෙහෙට චලනය වෙන්න ගත්තත් ආශවනම් සුපුරුදු විදියටම එකම තැන හිටන් හිටියෙ මූණෙ හිනා පොදක්වත් නැතුව.හැබැයි ඊලග තත්පරෙදි ආශවගෙ ඇස් දෙක නේත්‍රගෙ බෝල ඇස් වල ගැටුණා.පුංචි එකා හා දත් දෙකත් එලියට දාලා හිනා වෙද්දි ආශවගෙ හරි කලාතුරකින් මතුවෙන හතරැස් හිනාව ඒ මූනෙන් මතු වුනේ තත්පර ගාණක් ඇතුලත.ආශවගෙ කඩවසම් මූණට ඒ ප්‍රසන්න හිනාව කොයි තරම්නන් ගැලපෙනවද කියලා එතන හිටිය සෑහෙන දෙනෙක් දැක්කෙ අද.

ආර්ය ඇතුලු සංගීත කණ්ඩායමෙන් සංගීතය සැපයෙද්දි ඉස්සෙල්ලාම ඇහුනෙ ආශවගෙ ගැඹුරු හඩ.

"කොහෝ මල් වාරම්....කොහෝ මල් වාරම්

ගයනා උදේ මැණිකේ බලන්

අපේ ගමේ.....අපේ ගමේ

රබන් වැයෙන්නා....

ගමේ ඔන්චිල්ලා බැඳෙනා දිනේ ආවා වගේ

ගමින් ගමේ සිංහල අවුරුද්ද ලබන්නා......"

'මැණිකේ බලන්' කොටසෙදි ආශව ඇහැක් උස්සලා නේත්‍රට ඉඟි කරද්දි නේත්‍ර තමන්ගෙ රතු උනු කන් දෙක හෙමින් සැරේ තමන්ගෙ පුංචි අත් දෙකෙන් වහගත්තා.ඒත් එක්කම වගේ ආශව ලගට ආව තෙවින් ආශවගෙ කර වටේ අත දාගනිද්දි ආශවත් තෙවින්ගෙ කරවටේ අත දාගෙන ඊලග කොටස දෙන්නම එකට ගායනා කලා.

"කොහෝ මල් වාරම්....කොහෝ මල් වාරම් ගයනා උදේ මැණිකේ බලන් අපේ ගමේ....අපේ ගමේ රබන් වැයෙන්නා"

ඊලග කොටස කියන්න තිබ්බෙ තෙවින්ට.

"රන් රඹුටන් ගස් යායේ

වළි කුකුලෝ ඉන්නාරතු කුකුලෝ ඉන්නා....

උන්ට කන්න බත් දුන්නේ ඉස්සර අපි දෙන්නා

එක්වීලා දෙන්නා...

රන් රඹුටන් ගස් යායේ

වළි කුකුලෝ ඉන්නා රතු කුකුලෝ ඉන්නා

මංගල්ලේ ගෙන්නා...නව අවුරුදු දා එන්න

අවුරුදු දා ගෙන්නා ජය මංගල්ලේ එන්නා.....

ගමේ ඔන්චිල්ලා......

කොහෝ මල් වාරම්...."

ඊලග වතාව ආවෙ ආශවට.

"දම් පාටින් කජු පුහුලන්

බර වී නැමිලා පැහිලා නැමිලා....

අවුරුද්දේ ගම්මානේ

නාරං ඉදිලා පාටින් ඉදිලා....

දම් පාටින් කජු පුහුලන්..

බර වී නැමිලා පැහිලා නැමිලා

මංගල්ලේ ගෙන්නා නව අවුරුදු දා එන්නා

අවුරුදු දා ගෙන්නා ජය මංගල්ලේ එන්නා"

'නාරං ඉදිලා' කියලා කියද්දිනුත් නේත්‍රගෙ උගුරෙන් පහලට කෙල බහිනවා ආශව දැක්කා.තමන්ගෙ පුංචි ආදරවන්තයා නස් නාරං වලට කොයිතරම් නම් පෙරේතද කියලා මතක් උනු ආශවගෙ මූණෙ නැගුණෙ ආදරණීය හිනාවක්.

අන්තිම කොටස ගායනය නියමිත වෙලා තිබ්බෙ තෙවින්ට.

"කොහෝ මල් වාරම්....කොහෝ මල් වාරම්

ගයනා උදේ මැණිකේ බලන්

අපේ ගමේ.....අපේ ගමේ

රබන් වැයෙන්නා....

ගමේ ඔන්චිල්ලා බැඳෙනා දිනේ ආවා වගේ

ගමින් ගමේ සිංහල අවුරුද්ද ලබන්නා......"

දෙන්නා එක්ක ගීතය ඉවර කරද්දි ක්‍රීඩාංගනේ හිටිය හැමෝගෙන්ම ලැබුනෙ විශාල අත්පොලසන් නාදයක්.මයික්‍රෆෝන නැවත නිවේදන කටයුතු කරන අයට බාර දුන්නු ආශව නේත්‍රලා හිටිය තැනට එද්දි ආශවගෙ අත තමන්ගෙ පුංචි අතින් මිරිකෙව්ව නේත්‍ර ආශව ලගට ටිකක් ලං වුණා.

"සුදුබේබි ලස්සනට කිව්වා"

නේත්‍ර ආදරණීය විදියට කියාගෙනම එතනින් පිට වෙද්දි ආශව හිනාවක් මූණෙ රඳවගෙන නේත්‍ර දිහාම බලාගෙන හිටියා.නේත්‍ර තමන්ගෙ නිවේදන කටයුතු කොටස අවසන් කලා මයික්‍රෆෝනය ඊලගට ක්‍රීඩා නිවේදන කටයුතු වල ඉන්න සිසුන් කීප දෙනාට භාර දීලා ආශවලා ලගට දුවන් එද්දි ආශව නේත්‍රව පිරිසට මැදි කරවගෙන ඇවිදන් ගියේ තරඟ පැවැත්වෙන ස්ථානයට.

"නේත්‍ර ලස්සනට අනවුන්ස් කලා....හැමදාම වගේ අදත් ලස්සනයි"

"හි හී.....සුදුබේබි,"

"ඕ මැණිකෙ"

"අපි දෙන්නා අන්ධයට කිරි කවන එකට යමුද?"

"නේත්‍ර ආසයිද?"

"ඔව් සුදුබේබි"

"හා යමු ඒකට...ඒක නෙවේ නේද දැන් තියෙන්නෙ?"

"නෑ සුදුබේබි....ඉස්සෙල්ලාම තියෙන්නෙ පොඩි අයගෙ ඉවෙන්ට්ස්....ඊලගට තමා අපේ ඒවා..."

"නේත්‍ර....."

"ම්ම්ම්ම් සුදුබේබි?"

"ඔයා හරි ලස්සනයි"

"හි හී....සුදුබේබි ඕක හැමදාම කියනවා"

"හ්ම්ම්ම්.....කොච්චර කිව්වත් මදි....ඔයා එච්චරටම ලස්සනයි"

"සුදුබේබිත් ගොඩාරියක් ලස්සනයි කියලා සුදුබේබි දන්නවද?"

"ම්ම්ම්....ඔහොම තොල් උල් කරං ඇස් බෝල කරන්න එපා නේත්‍ර....මමනෙ අසරණ වෙන්නෙ"

නේත්‍රගෙ හුරුබුහුටි මූණ දිහා බලාගෙන ආශව මුමුණද්දි ආශව කිව්ව දේ හරිහැටි නොතේරුණත් නේත්‍ර හිනා වෙලා ආශවගෙ කමිසෙ දිග අතේ අග හරිය තමන්ගෙ පුංචි ඇඟිලි වලින් අල්ලගත්තා.කට්ටිය එක්කම පුංචි අයගෙ තරඟ තියෙන තැනට ගියාට පස්සෙ ආශව ඉස්සෙල්ලාම කලේ පොඩි කොල්ලෙක්ව ක්‍රීඩා කාමරේට යවලා තමන්ට අදාල ලොකරයේ තියෙන කැප් එකක් ගෙන්නගත්තු එක.නේත්‍රගෙ ඔලුව වැහෙන්න කැප් එක දැම්ම ආශව අව්ව එන පැත්තෙන් හිටගත්තෙ නේත්‍රට ටිකක්වත් අපහසුවක් නොවෙන විදියට.සෙල්ලම් කරන පොඩ්ඩො දිහා බලාගෙන එයාලව දිරිමත් කරන්න හිනාවෙවී අත්පුඩි ගහන නේත්‍ර හොද වෙලාවට ආශව ඒ කරන වැඩේ දැක්කෙ නැහැ.

"සුදුබේබි දුවමූ අතනට"

ආශවගෙ අතින් අල්ලගත්තු නේත්‍ර කඩාගෙන බිඳගෙන පාන්පිටි අස්සෙ කාසිය හොයන තරඟෙ තියෙන පැත්තට දුවද්දි ආශව තමන්ගෙ පුංචි එකාව හයියෙන් අල්ලගෙන ඒ පිටිපස්සෙන්ම දිව්වා.පාන්පිටි අස්සෙ කාසිය හොයන්න නේත්‍රට යන්න ඕනි උනත් යම් හේතුවක් මත ආශව නේත්‍රව නතර කරගනිද්දි ආශවට හැමදේකටම හොද හේතුවක් තියෙන බව දැනන් උන්නු නේත්‍රත් හේතු නාහා ආශවගෙ අස්සෙ දැවටි දැවටි හිටියා.

"අනේ මට යන්නෝනි!"

"දිවාෂ මල්ලි ඔයාට තුවාල වෙයිනෙ"

"කණාමුට්ටියක් බින්දට තුවාල වෙන්නෑ දෙවින් පණ! ඔයත් මේ බයිලා ගහනවනෙ"

"යුගාන්! අර ලණුවෙ එල්ලෙන කළේ බිඳින්න තරම් උඹ උස නෑ! පොල්ලක් දෙන්නෑ පොල් ගහක් වගේ උස උඹට ඕක බිඳින්න"

"කළේ බිදින්න හිතුවද මම කළ ගෙඩි නැටුම් නටන්න යන්නෙ කියලා උඹ! එතන එල්ලලා තියෙන්නෙ මුට්ටියක් පගයො! අනේ දෙනෙත් අයියෙ මාව අතාරින්න කියන්නකො මේ යකඩයො දෙන්නට"

"ඉතින් ඕක බිඳින්නම ඕනියෑ දි......ඕහ්! දෙව්...අතාරින්නකො....දිවාෂ බබා අඬන්න යන්නෙ"

දිවාෂගෙ ඇස් වලට කඳුලු පිරීගෙන එන බව දැක්ක දෙනෙත් කලබල වෙද්දි දෙවිනුයි තෙවිනුයිත් දිවාෂව අතෑරියා.ඒත් එක්කම කට්ටියටම දිව දික් කරලා විරිත්තුව දිවාෂ බොරුවට ඇස් වලට ගත්තු කඳුළුත් පිහිද පිහිද කණාමුට්ටි බිඳින තැනට නම දෙන්න යද්දි ආර්යත් ඒ පිටිපස්සෙන්ම දුවං ගියේ නේත්‍රටත් එන්න කියන ගමන්.

"දිවාෂ...යුගාන්... කමෝන්!!!!"

නේත්‍ර ආශව දෙවින් තෙවින් දෙනෙත් ආර්ය රකිත ඉන්දීප කට්ටිය ඇතුලු තව කීප දෙනෙක් දිවාෂ වෙනුවෙන් කෑ ගහද්දි ඇස් දෙකත් බැඳගෙන උණ බටේ අතට අරං ගැම්ම හිතට ගත්තු දිවාෂ වට දෙකක් කැරකෙව්වට පස්සෙ පොල්ලත් උස්සගෙනම හරියි කියලා හිතෙන පැත්තට ඇවිදන් ආවා.

"මූ යකෝ ඇස් වහගෙනත් එන්නෙ මාවම කන්නනෙ!!!"

පොල්ලත් අමෝරගෙන තෙවින් ඉන්න පැත්තට ඊගහක වේගෙන් එන දිවාෂව දැක්ක තෙවින් එහෙම්මම ආශවගෙයි දෙවින්ගෙයි පිටිපස්සෙ හැංගෙද්දි කට්ටියම කෑ ගහලා දිවාෂට හරි පාර කිව්වා.කොච්චර කට්ටිය පාරවල් කිව්වත් දිවාෂ ඇස් දෙක පියාගෙනම ඉලක්ක කලේ නේත්‍රගෙයි දෙවින්ගෙයි හඬවල් දෙකට.මෙ ලෝකෙ විහිලුවටවත් තමන්ට වරද්දන්නෙ නැති මිනිස්සු දෙන්නා ඒ දෙන්නා කියලා දිවාෂ විශ්වාස කලා.අන්තිමටම හරිම තැනට ගිහින් ස්ථානගත වුණු දිවාෂ පොල්ල ඉස්සුවත් ඒ උස මුට්ටියට ගහන තරමට මදි වුණා.එක්කො දිවාෂ උඩ පැනලා ගහන්න ඕනි.එහෙම උනොත් ඉලක්කෙ වෙනස් වීමේ සම්භාවිතාවය වැඩි නිසා දිවාෂ ඇගිලි තුඩු වලින් ඉස්සිලා පුළුවන් තරම් මුට්ටිය බිදින්න උත්සාහ කලා.

"මොන හුත්!!!!"

එකපාරටම තමන්ගෙ ඉණ වටේ එතුනු අත් දෙකකින් තමන්ව උස්සනවා දැනුනු දිවාෂ කෑගහන්න හැදුවත් ඒත් එක්කම ඇහුනු කටහඩ දිවාෂගෙ කට වහලම දැම්මා.

"විශ්වාස කරලා ටාගට් එකට ගහන්න යුගාන්....මම ඔයාව අල්ලගෙන ඉන්නෙ"

තෙවින්ගෙ වචනත් එක්ක දෙපාරක් නොහිතුව දිවාෂ මුට්ටියට ගහද්දි මුට්ටිය ඇතුලෙ තිබ්බ නිල්පාට වතුර ටික එලියට විසික් උනා.වතුර බින්දු කීපයක් දිවාෂගෙ ඇගේ වැදුනත් නිල් වතුරෙන් දිවාෂව නොතෙමවා ඉක්මනටම පැත්තකට පැන්න තෙවින් දිවාෂගෙ ඇස් දෙක ලෙහද්දි දිවාෂ බිදුනු මුට්ටිය දිහායි බිම වැටිලා තියෙන වතුර ටික දිහායි බැලුවා.

"ඔයා හරිම එකට ගැහුවෙ යුගාන්.....යුගාන් වොන් දි ෆස්ට් ප්ලේස්"

"තෑන්ක්ස් මාව අල්ලන් හිටියට"

දිවාෂ සතුටින් කියන ගමන් තෙවින්ට තට්ටුවක් දාද්දි දිවාෂගෙ කොණ්ඩෙ ඇවිස්සුව තෙවින් කට්ටිය ලගට ආයෙ ඇවිදන් ගියේ දිවාෂ එක්කමයි.

"සනුල්‍ය දන්නවද? මෙ පාර අපේ අවුරුදු උත්සවේ ක්‍රීඩා අංග කිහිපයකම පුංචි පුංචි වෙනස්වීම් සිද්ධ වෙලා තියෙනවා.දැන් එලඹෙන්නෙත් අන්න එහෙම අවස්ථාවක්"

"ඔව් බිනුර....අලියට ඇහැ තියන්න තමා අපි යන්නෙ...හැබැයි එතන බිනුර කිව්ව වගේම වෙනසක් වෙලා තියෙනවා.සාමාන්‍යෙන් අවුරුදු උත්සව වල අලියට ඇහැ තියන්නෙ පුංචිම ලමයි උනාට මේ පාර අපේ අවස්ථාව ලැබිලා තියෙන්නෙ පාසලේ අවසන් වසරෙ ඉගෙන ගන්න අයියලාට....ඒ වගේමයි...."

"ඔව් සනුල්‍ය,ඒ වගේමයි ඒ සඳහා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලයේ හැමෝටම සහභාගී වීමත් අනිවාර්‍ය කරලා තියෙනවා"

පුංචි කොල්ලො දෙන්නා නිවේදනය කරලා අවසන් වෙද්දි රකිත ඇතුලු පිරිස හිටියෙ ඔලුවෙ අත් ගහගෙන.දෙයියනේ අවුරුදු දහයකට විතර කලින් කල දේවල් ආයෙ කරන්නෙ කොහොමද?ආශවනම් කවුරු කිව්වත් යන්නෑ කියලා හිතාගෙන ඉස්සරහ බලාගෙන හිටියත් ඒ තීරණේ තිබ්බෙ ටික වෙලාවයි.

"අනේ සුදුබේබිත් යමුකෝ...."

ඊලඟ තත්පරේ ආශව හිටියෙ ක්‍රීඩකයන්ගෙ පෝලිමේ.හැම තරඟකරුවෙක්ටම අවස්‍ථා දෙකක් ලැබෙනව වගේම,පලවෙනි අවස්‍ථාවෙදි කාටවත්ම තරඟකරුට උපකාර කිරීමට නොහැකි බවත් දෙවන අවස්ථාවේ එය හැකි බවත් සංවිධායක මඩුල්ල පැහැදිලි කර දුන්නා.

"ඕයේ!!!කමෝන් ආශව....කමෝන් අයියෙ"

කට්ටියම කෑ ගහල කියද්දි ඇස් දෙකත් බැඳන් උන්නු ආශව වට දෙකක් කැරකිලා ඉස්සරහට ඇවිදන් ගියා.පිරිස අතරින් ලා හිනාවක් එන බව වගේ දෙයක් දැනුනත් ඒ ගැන නොහිතුව ආශව තමන්ගෙ අත දික් කරලා අලියට ඇහැ තියන්න උත්සාහ කලා.බෝඩය අල්ලන එක තහනම් නිසා පුළුවන් තරම් බෝඩය කියලා ආශව උපකල්පනය කල තැනට කිට්ටු උනු ආශව එක තැනකින් තද කරලා ඇහැ තිබ්බා.

"ආහ්!!"

ඒත් එක්කම හීන් කෙඳිරියක් ඇහෙද්දි ආශව කල්පනා කලේ බෝඩය මෙච්චර එබෙන සුළු ඇයි කියන එක.ඒත් එක්කම තමන්ගෙ මූණටලඟ ලගම හුලංපොදක් වැදෙද්දි ආශව තරඟෙ පැත්තක දාලා රෙදි කෑල්ලෙන් ඇස් දෙක නිරාවරණය කර ගත්‍තා.ඒත් එක්කම දැක්ක දෙයින් ආශවගෙ ඇස් ලොකු වෙලා ගියා.

තරඟකරුවො ඉන්න පෝලිමේ ඉස්සරහින්ම හිටන් උන්නු දෙවින්ගෙ මූණට ආශව කිට්ටුම වෙලා හිටියා වගේම ආශවගෙ මාර්කර් පෙන් එකෙ තුඩ පිහිටල තිබ්බෙ දෙවින්ගෙ තොල් මත.ඒත් එක්කම පෑන අහකට ගත්තු ආශව දෙවින්ට රවාගෙනම අහකට පනිද්දි දෙවිනුත් රවලා කට පිහිදගත්තා.

"මම කිව්වනෙ චූචියො.....මුන් දෙන්නා අතරෙ මොකක් හරි එකක් තියේ"

"හෑයියා නේද දිවාෂ?"

"හෑයියා තමා බං.....ආශව අයියා ලං උනු හැටියට මම හිතුවෙ දෙවින් අයියට උම්මා එකක් දෙයි කියලා"

"සුදුබේබි එහෙම නෑ ආර්ය....ම්හ්...."

නේත්‍රගෙ මූණ බෙරි වෙනවත් එක්කම දිවාෂයි ආර්යයි හිනාවත් තද කරගෙන ඉස්සරහ බලාගත්තා.ආශවගෙ දෙවනි අවස්ථාවට ඇස් දෙක බැඳලා ආයෙමත් ආශවව ඉස්සරහට යවද්දි මේ පාර ආශවට පාර කියන එක භාරගත්තෙ නේත්‍ර.නේත්‍ර හරියටම ආශවට පාර කියලා දුන්නා.ඇස් දෙක පියාගෙනම නේත්‍රගෙ මග පෙන්වීම් ඔස්සෙ ඉස්සරහට ඇදුනු ආශව විනාඩි ගාණක් ඇතුලත හරියටම අලියට ඇහැ තිබ්බා.

"යේඒඒඒඒඒ"

"ඒ අනුව ආශව තිදස්වර සොහොයුරා ජයග්‍රහණය හිමි කරගන්නවා"

ආශව හිනාවෙවීම් කට්ටිය ලගට එද්දි කොල්ලො ටික ආශවට කෑගහලා ඔල්වරසන් දුන්නෙ හරියට ලෝක ශූරතාවයක් දිනලා ආවා වගේ.තරඟ කිහිපයකට පස්සෙ දිවා ආහාර වෙලාව එලඹුනා වගේම ඊලගට අවුරුදු කුමරා තේරීමේ තරඟ අවස්ථාව එලඹෙන බව කට්ටියම දැනගෙන හිටියා.ආශවලා කට්ටිය එක්කම පාසල ලඟම තිබ්බ අවන්හලට ගොඩ වෙද්දි අවන්හලේ හිටිය මිනිස්සුත් ඇස් කටේ දාන් බලන් හිටියෙ මේ ඉලන්දාරි ටිකගෙ ලස්සන දිහා.

"ඇයි අයියෙ අවුරුදු කුමාරයා තෝරන එක මෙච්චර ඉක්මනට කරන්නෙ?"

"ඉක්මනක් නෑනෙ මල්ලි....තුන හමාර වගේ වෙනවනෙ මේක පටන් ගනිද්දි"

"ඕ....ඒ උනාට සාමාන්‍යෙන් අන්තිමටමනෙ අවුරුදු කුමාරයා තෝරන්නෙ...."

"ආශවයා....මෙයාලට දැන් කියමුද සීන් එක?"

"රකිත උඹ කියපං"

"මොකද්ද සුදුබේබි?"

"රකිත අයියා කියයි දැන්....මොනාද නේත්‍රට බොන්න අරං ඕනි?"

"සුදුබේබි බොන දෙයක්"

"කෝක් එකක්?"

"හා සුදුබේබි"

ආශවයි දෙවිනුයි ලගට ආව වේටර්වරයාට ඇණවුම කියද්දි රකිත කට්ටිය දිහා බැලුවා.

"සාමාන්‍යෙන් දැන් ඒ අන්තිමටම අවුරුදු කුමාරයා තෝරන එව්ව හිතන්නකො....ඒකෙ අවුරුදු කුමාරයා තරගෙට නම් ඉදිරිපත් කරල තියෙන්නෙ....එතකොට ඒ නම් දුන්නු අය වෙනම ඇඳුමක් එහෙම ගෙනල්ලා තියාගෙන ඒක තරඟෙ කිට්ටු වෙලා ඇඳලා ෆ්‍රෙෂ් පිට එනවා ස්ටේජ් එකට.හැබැයි අපේ එකේ මේ පාර පොඩි වෙනසක් කරලා"

"ඒ මොකද්ද රකිත පැම්චො?"

"අපේ ගියපාර ඒම අපි බලෙන් හරි හොරෙන් හරි නම් දම්මලානෙ යැව්වෙ කට්ටියව.නේත්‍ර මල්ලිට මතකනෙ?"

"ඕ රකිත අයියෙ....සුදුබේබිනෙ අවුරුදු කුමාරයා උනේ"

"ඔව්....මේ පාර ඊට වෙනස්....මේ පාර අවුරුදු කුමාරයාට අද දවස ඇතුලත ජජ් බෝඩ් එකෙන් කට්ටියව අහම්බෙන් තෝරනවා.අපේ මැඩම්ලා සර්ලා පහක්නෙ ඉන්නෙ.එයාලා කට්ටියව තෝරලා තියෙනවා.ටිකකට කලින් අපිට නම් ලිස්ට් එක හම්බුනා.දිවාෂ මල්ලිව ඒම කණාමුට්ටි බිඳින්න යවන්න අයියලා ටික අදිමදි කලේ ඒකයි"

"ඒ කියන්නෙ මමත්?"

"ඔව්...ඔයාගෙ නම තිබ්බා....නේත්‍ර මල්ලිව තේරෙනවා කියලා ආශවයා මුල ඉදන්ම දැනන් හිටියා.ඒකයි ඔයාට දගලලා දාඩිය දාගන්නයි,පිටි අස්සෙ මූණ ඔබාගන්නයි යන්න නුදුන්නෙ මිනිහා....ආර්ය මල්ලිගෙ නමත් තියෙනවා.ඔයාලගෙ වසරෙන්නෙ මේ පාර තෝරන්නෙ...හවස් වෙන්න හවස් වෙන්න තෝරපු ලමයිනුත් ඔව්වා නොදැන නටලා නටලා දාඩිය නාගනියි කියල තම ටිකක් වේලාසන කරන්න යන්නෙ අද"

රකිත කතාව ඉවර කරද්දි ආශව නේත්‍ර එක්ක ආදරෙන් හිනා වෙලා ලගට කිට්ටු වෙද්දි අනික් අයත් කන්න ගත්තා.දිවාෂගෙත් හදිසි නිහඩවීම දෙවින්ලට පොඩි ප්‍රශ්නයක් උනත් ඒක අමතක කරපු කට්ටියම ඉක්මනටම කන්න ගත්තෙ ආයෙම ඉස්කෝලෙට යන්න ඕනි නිසා.

"සුදුබේබි ......"

"ම්ම්ම්ම්?"

"අනේ මට අවුරුදු කුමාරයාට යන්න බෑ සුදුබේබි"

"ඒ මොකෝ?"

"ලැජ්ජයිනෙ සුදුබේබි"

"ගියපාර මම අවුරුදු කුමාරයා උනාම නේත්‍ර සතුටින් ස්ටේජ් එක ඉස්සරහ උඩ පැන පැන දැඟලුවා නේද?"

"ඕ සුදුබේබි"

"මටත් ඕනි මේ පාර එහෙම සතුටු වෙන්න.....නේත්‍ර ඒ නිසා යන්නම ඕනි"

"මම වෙයිද දන්නෑනෙ ඒත් සුදුබේබි"

"මටනම් ලස්සනම ඔයාව....ඔයා දිනයි"

සුදුබේබිට ලස්සන උනාට අනික් අයට ලස්සනද දන්නෑනෙ කියලා අහන්න හිතුනත් නේත්‍ර ඒක නාහා හිටියෙ ආශවගෙ හිත රිදෙයි කියන බයට.කාලා බීලා ඉවර කෙරුව කොල්ලො ටික ආයෙමත් පිට්ටනියට ගිහිල්ලා ටිකකින් දහය එකොලහ වසර සිසුන්ගේ විශේෂාංග දෙකක් ඉදිරිපත් කරන්න පටන් ගත්තා.

"නේත්‍ර බබා,දිවාෂ පැටියෝ,ආර්ය පැටියො...එන්න....ඔය මූණු ටිකවත් හෝදන් එමු"

"නේත්‍ර යන්න....ලෑස්ති වෙලා එන්නකො"

"දිවාෂ මල්ලිත්.....ඉන්දීප ඔය අල්ලගනින්!"

දිවාෂගෙ පැත්තට හැරුණු දෙවින් කිව්වෙ කලන්තෙ දාලා ඇදගෙන වැටෙන දිවාෂව දැක්ක නිසා.ඉන්දීප දිවාෂව අල්ලගත්තත් ඉක්මනටම එතනට පැන්න නිවුන් ජෝඩුව දිවාෂව අල්ලගෙන කට්ටිය ඉදන් හිටිය පැවීලියන් එකේ පඩියකින් ඉදගනිද්දි නේත්‍ර දිවාෂ ලගට ඇවිත් වතුර බෝතලේකින් ගත්තු වතුර ටිකක් දිවාෂගෙ මූණෙ ගෑවා.

"මෙයාව අරං යන්ද සික් රූම්?"

ආශවගෙ කටහඩ එක්කම මෙච්චර වෙලා සද්දයක් නැතුව හිටිය දිවාෂගෙ කටින් හීනි හඬක් පිට උනා.

"බ්...බෑ....එප්පා....."

"නැතුව බෑනෙ දිවාෂ මල්ලි....යං අපි"

"බෑ බෑ....මට තව පැය බාගයක් මෙහෙ....මෙහෙම ඉන්න තිබ්....බනම් හරි"

දිවාෂ වෙවුල වෙවුල කියද්දි දිවාෂ දිහා ඇස් හීනි කරං බලන් හිටිය තෙවින් ඊලග තත්පරේදි ඇස් රෝල් කරල කට්ටිය දිහා බැලුවා.

"දෙනෙත්....ඔයා මේ දෙන්නව එක්කන් ගිහින් ලෑස්ති කරවං එන්න.මූ එන්නෑ කොහොමත්"

"ඒ කිව්වෙ?"

"මූ තරඟෙට යන්න බැරි හින්දා රඟපානවා.....මෙතන බෝම්බයක් ගැහුවත් දැන් මේ පොඩි යකා නැගිටින්නෑ...සද්ද නැතුව ඉද්දිම මට සැක හිතුනා...ඔයාලා යන්න.තරඟෙ පටන් ගත්තම අපූරුවට මූට පණ එයි"

"ත්....තොට හෙණ හතම....ව...වදිනවා තෙවින්.....ආආආආආ!!! දෙවින් පණ ඔලුවෙ මෙතන රිදෙනවා"

"කෝ කොතෙන්ද පෙන්නන්න? මම අතගාන්නම්"

දෙවින් හිනාවෙවී කියලා අනික් අයට යන්න කියලා සන් කරද්දි දෙනෙත් නේත්‍ර ආර්ය තුන් දෙනත් එතනින් හිනාවෙවීම පිටත් උනා.ආශවත් ඔලුව දෙපැත්තට වනලා දිවාෂගෙ කපටිකම් ගැන හිත හිත ඉන්දීප ලගින්ම ඉදගනිද්දි රකිත අවුරුදු කුමරා තරඟයට ඕනි කරන ටික ලෑස්තිද බලන්න පිට වෙලා ගියා.

"ආශව වරෙං.....කට්ටියව ස්ටේජ් එක ලග පෝලිම් ගස්සෝලා....නේත්‍ර මල්ලි ටිකක් නර්'වස් වෙලා වගේ.යං"

ටික වෙලාවකට පස්සෙ රකිත ඇවිල්ලා කියද්දි ආශව හිටිය තැනින් නැගිටලා වේදිකාව තියෙන පැත්තට දුවගෙන ගියා.නේත්‍ර ලෑස්ති වෙලා එනකං ආශව හිටිය තැනටම වෙලා බලන් හිටියත් නේත්‍රලාට එතනින් එන්න නොදී සංවිධායක මණ්ඩලයෙ කට්ටිය තෝරපු ලමයිව එක තැනක තියං ඉන්න තීරණය කල බව රකිත කියද්දි ආශව දැනගත්තා.පෝලිමේ ඉන්න ලමයි අස්සෙ බෝල ඇස් දෙකක් දිලිසෙනවා පෙනෙද්දි ඉක්මනටම එතනට ගිය ආශව නේත්‍ර ලගින් හිටගත්තා.

"ස්....සුදුබේබි...."

"බය නැතුව යන්න නේත්‍ර හොදද? මම ඉන්නවා ස්ටේජ් එක ඉස්සරහ....ඔයා සාමාන්‍ය විදියටම ඉන්න.මුකුත් හිතල කරන්න යන්න ඕන්නෑ....බය නැතුව ඉන්න ඕනි හරිද? ම්ම්ම්.....මම ඉන්නවනෙ පේන මානෙ"

"ඉන්න සුදුබේබි හරිද?"

"හරි නේත්‍ර....මම ඉන්නවා.ගුඩ් ලක් එහෙනම් මගෙ පුංචි කොල්ලට"

"තැන්ක් යූ සුදුබේබි"

නේත්‍රගෙ ලස්සනට පීරලා තිබ්බ කොන්ඩෙ උඩින් අත තියලා හිනා උනු ආශව හෙමින් සැරේ නේත්‍රලා ලගින් එහාට ගියා.තුනහමාරට පටන් ගන්නවා කියලා කිව්වත්,වෙලාව ඒ වෙද්දි හතරට කිට්ටු වෙලා තියෙද්දි ලා අවුරැල්ලක් වේදිකාව තියෙන හරියට වැටිලා තිබ්බා.විනිශ්චය මණ්ඩලය වේදිකාව ඉස්සරහපිටම ඉදගෙන හිටියා වගේම නිවේදන කටයුතු කරන ලමයි දෙන්නා තරඟය ආරම්භ කලා.

"අංක එකෙන් තරඟ වදින කාර්තික් බාලසුරේන්ද්‍රන්"

ඉස්සෙල්ලාම වේදිකාවට ගොඩ උනු කාර්තික් හිනා වෙන්නෙවත් නැතුව නිරූපණ ශිල්පියෙක් වගේ කෙලින්ම ඇවිත් වේදිකාවෙන් බැහැලා පැත්තක හිටිය නිමේත්ගෙ ඇඟට හේත්තු වෙලා තද කරං උන්නු හිනාව එලියට දැම්මා.ඒත් එක්කම කලන්තෙ හරි ගිහින් තිබ්බ දිවාෂත් දෙවින් තෙවින් දෙන්නා එක්ක ඇවිල්ලා එතනින් හිටගනිද්දි වේදිකාව ලගට වෙලා වීඩියෝ කරන ලමයට මොකක් හරි උපදෙසක් දෙන ගමන් උන්නු දෙනෙතුත් ආශවලා දෙවින්ලා ලගින් හිටගත්තා.

"අංක පහෙන් නේත්‍ර සන්හිත අත්තනායක"

"වෝහ්!!! කමෝන් නේත්‍ර මල්ලි!!!"

කොල්ලො ටික ඔල්වරසන් දෙද්දි නේත්‍ර හෙමින් හෙමින් ඉස්සරහට ඇවිදන් ආවා.ඉස්සෙල්ලා ආව හැම පිරිමි ලමයම හිනා නොවී අමුතුම විදියට ඇවිදන් ඇවිත් ආචාර කරලා ගියත් ආශව දිහා බලාගෙනම දිලිසෙන ඇස් වලින් ඉස්සරහ බලන් ආව නේත්‍ර විනිශ්චය මණ්ඩලය දිහාවට හැරිලා තමන්ට තියෙන ලස්සනම හිනාවෙන් ඒ හැමෝටම සංග්‍රහ කලා.කට්ටියටම ආයුබෝවන් කිව්ව නේත්‍ර වේදිකාවෙන් බැහැලා හිටගනිද්දි ආශව නේත්‍රට මහපටැගිල්ල දික් කරලා සුභ පැතුවා.

"අංක එකොලහ.....ආර්ය නිකේෂව"

ලස්සනට වේදිකාවට ගොඩවෙලා,ලස්සනට ඇවිදගෙන ඇවිල්ලා,ලස්සනට හැමෝටම ආයුබෝවන් කිව්ව ආර්ය පොලේ යන මිනිහෙක් වගේ ඇවිදන් ගිහින් වේදිකාවෙන් බැස්සා.ඔය විදියට එක්කෙනා දෙන්නා වේදිකාවට නැග්ගට පස්සෙ ඒ විසි දෙනාගෙන් අවසන් පස් දෙනෙක්ව තෝරාගෙන අවසන් වටයට ඉදිරිපත් කෙරුණා.

සරල ප්‍රශ්න කිහිපයක්,ගීත ගායනයක් හෝ නර්තන අවස්ථාවකින් අනතුරුව එලඹුනේ තරඟ ජයග්‍රාහකයින් ඉදිරිපත් කිරීම.පෝලිමට අවසන් තරඟකරුවන් පස් දෙනාව ස්ථානගත කලාට පස්සෙ තරඟ ප්‍රතිඵල නිකුත් කලා.

ඒ අනුව දෙවන හා තෙවන ස්ථාන පිලිවෙලින් ආර්ය හා කාර්තික් දිනා ගනිද්දි පලවන ස්ථානය ප්‍රකාශ කරනකං හැමෝම බලාගෙන හිටියා.නිවේදන කටයුතු කරන දෙන්නා තරඟකරුවො දිහා වගේම ප්‍රේක්ෂකයො පිරිස දිහා බලල ප්‍රතිඵලය ඉදිරිපත් කලා.

"මේ වර්ෂයේ මහනුවර ***** විද්‍යාලයේ සූර්ය කුමරු ලෙස අභිෂේක ගැන්වෙන්නෙ.......නේත්‍ර සන්හිත සොයුරා!!!"

නේත්‍රගෙ නම ඇහෙද්දි දිවාෂ ඇතුලු පිරිස හයියෙන් කෑ ගහලා උඩ පනිද්දි ආශව හිනාවෙවී ඔලුව උඩ පහල වැනුවෙ ඒ දේ ආශව මුල ඉදන්ම නේත්‍රට කියලා තිබ්බ නිසා.ආශව මුල ඉදන්ම විශ්වාස කලේම නේත්‍ර අවුරුදු කුමාරයා වන වග.ඒත් එක්කම ආශවට තමන්ගෙ නම නිවේදනය වෙනවා ඇහෙද්දිම ආශව සරමෙ පැත්තක් උස්සන් වේදිකාවට නැග්ගා.

"මේ වසර සූර්ය කුමරු සදහා සාටක පැලැන්දවීමට මේ ඇරයුම පෙර වසරේ සූර්ය කුමරු ලෙස අභිෂේක ගැන්වුනු ආශව තිදස්වර සොයුරා හටයි"

හිනාමුසු මුහුනින්ම වේදිකාවට ගොඩ වුණු ආශව නේත්‍රට අදාල සාටකය,මල් පොකුර තමන් ලගට අරං ආවට පස්සෙ නේත්‍ර දිහාවට හැරුණා.මල් පොකුර පලවෙනියටම නේත්‍රගෙ අතට දුන්නු ආශව නේත්‍රව එක පැත්තකින් වැලදගෙන පිටට තට්ටු කලේ ඊට වඩා දෙයක් මෙතන කරන්න බැරි නිසා කියලා දෙවින්ලට හොදට තේරිලා තිබුණා.නේත්‍රට අදාල සාටකය අරගෙන ඒක හරි විදියට නේත්‍රට පැලැන්දවීමෙන් අනතුරුව ආයෙමත් නේත්‍රව වැඳගෙන සුභ පැතුව ආශව වේදිකාවෙන් බහිද්දි නේත්‍ර තමන්ගෙ රතු වෙන කන් දෙක ගැන නොහිතා ඉන්න පුළුවන් තරම් උත්සාහ ගත්තා.

ත්‍යාග ලබා දීමෙන් අනතුරුව ඉලන්දාරි තුන්දෙනා යාලුවො ලගට දුවං ආවට පස්සෙ කට්ටියම කලේ කොල්ලො තුන්දෙනාව වැලඳගෙන සුභ පැතුව එක.ඒත් එක්කම මාධ්‍ය ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් දුවගෙන ඇවිත් නේත්‍ර ලගට ලං උනා.

"අයියලා තුන් දෙනාගෙ ෆොටෝ නම් ගත්තනෙ....ආශව අයියා,ඔයයි නේත්‍ර අයියයි එකට ඉදලා ෆොටෝ එකක් ගමුද? අවුරුදු දෙකේ දෙන්නනෙ"

"ස්....ම්ම්ම්...."

"ගමු මල්ලි....එන්න"

නේත්‍රව ඇදලා ලගට ගත්තු ආශව නේත්‍රගෙ මල් පොකුර දෙන්නට මැදි කරවගෙන අල්ලගනිද්දි ආශව දිහා බලලා හිනා උනු නේත්‍ර කැමරාව දිහා බලලා ලස්සනට හිනා වුණා.ආශවගෙ උරහිස හරියට උස නේත්‍රයි නේත්‍රව ලං කරං ඉන්න ආශවවයි හරි අපූරුවට ඡායාරූප ගැන්වෙද්දි ඡායාරූප ශිල්පියා ලගට ආව දෙනෙත් කැමරාව දිහා බලලා ආශවලට මාපටැගිල්ල ඔසවලා හිනා වුණා.

කට්ටිය ආයෙමත් තරඟ තියෙන පැති වල බෙදිලා යද්දි නේත්‍රව දෙවින්ගෙ වාහනේ ලගට එක්කගෙන ගිහින් සාටකෙයි මල් පොකුරයි වාහනේ ආසනේ උඩින් පරිස්සමට තැන්පත් කෙරුව ආශව නේත්‍රගෙ අත අල්ලලා ඒ පිටි අල්ල උඩින් සියුම් හාද්දක් තැවරුවා.

"ස්......සුදුබේබි...."

"මම දැනන් හිටියානෙ ඔයා තමා දිනන්නෙ කියලා....මගෙ චූටි නේත්‍ර"

"සුදුබේබි කියන දේවල් හරියනවා"

"මම කිව්ව දේ හරි ගියාට මට මොනාද දෙන්නෙ නේත්‍ර?"

"මොනාද ඕනි සුදුබේබි?"

"ම්ම්ම්.....රෑට අල්ලගන්නම්කො මම කොල්ලව.දැන්‍ යං"

නේත්‍රගෙ කම්මුලක් මිරිකෙව්ව ආශව කියද්දි ආශව දිහා බලලා හිනා වුණු නේත්‍ර ආශව එක්කම ආයෙමත් ක්‍රීඩා පිටියට ගියා.නේත්‍ර ආශව එක්ක සහභාගී වෙන්න ආසා වුණු අන්ධයාට කිරි කෑමේ තරඟෙට කොල්ලො ටික ගාණට යුගලවල් වෙලා නම් දීලා ඇවිත් තරඟ බිමේ ස්ථානගත වුණා.

"සිරාවටම කිරිද තියෙන්නෙ බබා?"

"නෑ දෙව්.....යෝගට් තියෙන්නෙ"

දෙනෙත්ගෙ ඉස්සරහින් හිටන් උන්නු දෙවින් උත්තර දෙද්දි දිවාෂගෙ ඉස්සරහින් හිටන් උන්නු තෙවින් කට ඇද කරලා දිවාෂ දිහා බැලුවා.

"අනේ යුගාන් යෝගට් කන්න බෑ යුගාන්....උබ කිව්වෙ අයිස්ක්‍රීම් කන්න තියෙනවා කියලනෙ"

"අන්ධයාට කිරි කැවීම කියල තරගෙ නම තියෙද්දිත් මම කිව්ව එක පිලිගන්න තරම් උබ මෝඩයෙක්ද?"

"ඉතින් අනේ අයිස්ක්‍රීම් හදන්නෙත් කිරි වලින් නිසා මම හිතුවා ඇත්ත කියලා"

"දැන් ආවනෙ...ඉදපං"

"යුගාන්....අනේ ඇත්තටම අයිස්ක්‍රීම් ගෙන්නගන්න බැරි වෙයිද?"

"වටලප්පම් නම් පුළුවන් වෙයි"

"ඒත් කමක් නෑ යුගාන්....අනේ ගෙන්න ගන්නකො"

"ඇයි උබ හිතුවද මෙතන සුපර්මාකට් එකක් තියෙනවා කියලා? මෝඩ පගයා"

දිවාෂට රවලා ගැස්සුව තෙවින් අහක බලාගනිද්දි නේත්‍ර ආශවගෙ කට දිහා හොදට බලන් හිටියා.

"ඇයි නේත්‍ර?"

"සුදුබේබි හෙල්ලෙන්නෙ නැතුව කට ඇරං ඉන්න හොදද? මම කටට දාන්නම් යෝගට්"

"හරී....මම එහෙම ඉන්නම්"

යෝගට් කවන පුද්ගලයගෙ ඇස් දෙක කළු රෙදි කෑල්ලකින් ගැට ගැහීමෙන් අනතුරුව තරඟය ආරම්භ උනා.ඇඟිලි වලින් අතගාලා ආශවගෙ කට තියෙන තැන හොයාගත්තු නේත්‍ර හරියටම ආශවට යෝගට් ටික කවන්න ගත්ත හරි වේගෙන්.හුග දෙනෙක්ගෙ කටවල් වලින් යෝගට් එලියට වැටෙද්දි,කටවල් වලින් යෝගට් පෙරෙද්දි නේත්‍ර ආශවට අපහසුවක් නොවෙන විදියට යෝගට් කැව්වෙ හරියටම ආශවට කට ඇතුලට දාගන්න පුළුවන් ආහාර ප්‍රමාණෙ නේත්‍ර දැනන් උන්නු නිසා.හරිම සුළු වෙලාවක් ඇතුලත නේත්‍රගෙ අතේ තිබ්බ යෝගට් කෝප්පෙ හිස් වෙද්දි නේත්‍රගෙ අතින් අල්ලගත්තු ආශව දුවන්න ලෑස්ති උනා.

"නේත්‍ර....කප් එක නැති අතින් ඔයාගෙ සරම උස්සලා අල්ලගන්නකො....දුවන්න යන්නෙ"

"දුවමු සුදුබේබි"

නේත්‍රවත් අල්ලගෙන වේගෙන් දිව්ව ආශවලා තරඟෙ පලවෙනි ස්ථානය ගනිද්දි ඊට ටිකකට පස්සෙ රකිතයි ඉන්දීපයි දුවගෙන ආවා.තුන් වෙනි ස්ථානෙට දුවං ආව දිවාෂයි තෙවිනුයි තරඟ අවසන් ඉර පහු කරනවත් එක්කම තෙවින් බඩත් අල්ලන් දෙකට නැවෙද්දි දිවාෂ තෙවින්ට පයින් පාරක් ගහලා දෙනෙත්ගෙ කැවිල්ලෙ අපූරුවට මූණම යෝගට් වලින් පාට කරං නිසා මූණ හෝදන්න දුවන දෙවින්ගෙ පස්සෙන් දුවලා එල්ලුණා.

*    *     *    *    *

"ආශවයා....පැණි බඹරෙට යනවද?"

"අපෝ බෑ දැන්නම්.......නේත්‍ර යනවද?"

"බෑ සුදුබේබි.....කඹ අදින්න ගියානෙ....අමාරුයි දැන්"

"උඹ යමං දෙවින්....මායි නේත්‍රයි ඉන්නම්....දිවාස නම් ගිහින් නමත් දුන්නා කිව්වා....මගෙත් අතේ ලෙලි නෑ මේ...කඹේට අහු වෙලා"

"එහෙනම් මම යන්නම්....ආසයි ඕයි"

අවුරුදු උත්සවයේ අවසන් තරඟය විදියට පැණි බඹරෙ තියෙද්දි ආශවයි නේත්‍රයි ඒකට නොයා හිටියෙ ටිකකට කලින් තිබ්බ කඹ ඇඳීමේ තරඟෙට දෙන්නම සහභාගී උනු නිසා.කට්ටිය අස්සෙ පෑගිලා දිවාෂව මැරෙයි කියලා තෙවින් කිව්ව නිසා තෙවින් එක්ක තරහා උනු දිවාෂයි,දිවාෂව සනසන්න හිටිය දෙවිනුයි කඹ අදින්න සහභාගී නොවිච්ච නිසා දෙන්නම පැණි බඹරෙට නම දුන්නා.

"සුදුබේබි....අපි එතනට යංකො...දිවාෂයි දෙවින් අයියයි ඉන්නවනෙ"

"යං....ඔයාගෙ කකුල අවුලක් නැද්ද මැණිකෙ?"

"නෑ සුදුබේබි...එවෙලෙ කැක්කුම් කලා විතරයි.දැන් අවුලක් නෑ.සුදුබේබිගෙ අත් දෙකනම් හීරිලා ගිහින්.ගෙදර ගිහින් බේත් දාගමු"

"හා....අතනට යංකො එහෙනම්"

තරඟෙ පැවැත්වෙන ස්ථානෙට ගිය ආශවයි නේත්‍රයි ටික වෙලාවක් යද්දි හිනා වෙන්න ගත්තෙ එතන කට්ටිය පොල්ලට ඔලුව තියං කැරකිලා කැරකිලා අනික් පැත්තට ඇඳගෙන වැටෙන හැටි දැකලා.දිවාෂ හරියටම පොල්ලට ඔලුව තියලා අදාල වට ගාණ කැරකිලා බීපු මිනිහෙක් වගේ වැනි වැනී ඉස්සරහට දුවද්දි තෙවින් දිවාෂට ඇහෙන මානෙට දුවගෙන ගියා.

"යුගාන්! තත්පර ගානක් ඔලුව හොල්ලන්නෙ නැතුව ඉදලා දුවන්න!"

තෙවින්ගෙ කටහඩ වෙන ලෝකෙකින් වගේ ඇහුනත් ඒක ඔලුවට ගත්තු දිවාෂ හෙල්ලෙන්නෙ නැතුව ඉදලා කොහොමහරි දුවලා ගිහින් තරඟෙ අවසන් කලා.දිවාෂට අවධානෙ දීගෙන උන්නු නිසා ඊලගට පොල්ලට ඔලුව තියං කැරකුණු දෙවින්ව හැමෝටම අමතක වෙලා තිබ්බා!

"දෙයියෝ ඔය බලාගෙන....සුදුබේබි!!!"

නේත්‍ර කෑ ගහද්දි ආශව තමන්ගෙ ඉස්සරහ බැලුවෙ ඇසුත් ලොකු කරං.කටත් බාගෙට ඇරං,ඇසුත් බාගෙට වහං හොල්මනක් වගේ තමන් දිහාවට දුවගෙන එන දෙවින්ව දැක්ක ආශව මොනා කරන්නද හිතාගන්ම බැරුව එකම තැන ගල් ගැහුනා.තත්පර ගාණක් ඇතුලත දෙවින් ආශවගෙ ඇග උඩට පතබෑවෙද්දි,ආශව දෙවින් එක්කම බිමට වැටෙද්දි,ආශවගෙ ඇඟ උඩ දෙවින් රැඳෙද්දි,දෙවින්ගෙ තොල් තමන්ගෙ තොල් වල ගැටෙන්න කලින් ආශව කොහොමහරි තමන්ගෙ කට උඩින් අත තියාගත්තෙ කොහොමද කියලා ආශවටවත් තේරුණේ නෑ.කොහොමහරි දෙවින්ගෙ තොල් ආශවගෙකට උඩ රැඳුනු ආශවගෙ අත උඩින් නවතිද්දි නේත්‍ර ඇස් දෙක තද කරල පියාගත්තා.එත් එක්කම දෙවින්ගෙ ඔලුව අහකට තල්ලු කෙරුව ආශව ලොකු හුස්මක් ගනිද්දි දෙවින් ආශවගෙ පපුව උඩින් ඔලුව තියාගත්තා.

"අහකට වෙයං! මේ මොකෝ මේ?"

"කැරකිල්ල වගේ ආශවයා....ටිකක් පපුවට ඔලුව තියං ඉන්නම්කො"

"ඊක්කා මේ මොකෝ මේ....අහකට පලයං! උබට ආසා නෑ"

"ටිකක් ඉන්න දෙන්නකො අනේ"

"නේත්‍ර....අනේ මේ මූව අහකට කරන්නකො....නේත්‍ර....අනේ මාව මෙතනින් ගන්නකො"

තමන්ගෙ පපුවට තුරුල් වෙන දෙවින්ව එහාට කරන ගමන් ආශව කෑ ගහද්දි නේත්‍ර දෙවින් ලගට ඇවිල්ලා දෙවින්ගෙ අතින් අල්ලලා අදින්න ගත්තා.නොකිව්වට පුංචි එකාට පොඩ්ඩක් ඉරිසියා හිතිලදත්ද මන්දා?

"ම්හ්....සුදුබේබි ලගින් ඈත් වෙන්නකො දෙවින් අයියෙ....සුදුබේබිට අමාරු ඇති"

නේත්‍ර කෙදිරිගගා දෙවින්ව අදිද්දි දෙනෙත් ඇවිත් දෙවින්ගෙ පස්සට පාරක් දීලා දෙවින්ව උස්සලා වඩාගෙන එතනම බිමට අතෑරියෙ පස්ස බිම වැදෙන්න.ආශවව නැගිට්ටවලා ඇඟේ තිබ්බ දූවිලි පිහදැම්ම නේත්‍ර දෙවින් දිහා බලලා දෙන්නටම මූණු සෝදගන්න යමු කිව්වෙ උත්සවයේ අවසාන අංගයට ආශව දෙවින් දෙන්නම සහභාගී වෙන්න ඕනිම නිසා.

*     *     *     *     *

".............අවසාන මිනිත්තු කිහිපයටයි.එසේනම් අවසන් අංගය ඉදිරිපත් කිරීම සදහා මේ ආදරණීය ඇරයුම අප පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායක මණ්ඩලයේ සහෝදරයන්ටයි"

ලාවට අඳුරත් වැටීගෙන එද්දි විදුලි එලියෙන් ආලෝකමත් වෙලා තිබ්බ වේදිකාවට රකිත,ආශව,දෙවින්,ඉන්දීප ඇතුලු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායකයො ටික ගොඩ උනා.ආශවලා දිහා බලලා හිනාවුණු ආර්ය සංගීතය පටන් ගනිද්දි ඉස්සරහට ආවෙ ආශවයි රකිතයි.පුරුදු විදියටම ආශවගෙ ඇස් තිබ්බේ නේත්‍ර මත්තෙ.

"ගහපං මල්ලියේ

ඩෝලෙ අරන් තාලෙටා

විදින්න සිංදුව

ආලේ බැදේ ප්‍රාණේ ටා....

ගහපං මල්ලියේ

ඩෝලෙ අරන් තාලෙටා

විදින්න සිංදුව

ආලේ බැදේ ප්‍රාණේ ටා.....

කකියන ආලේ හොයන

හිටගෙන හීන මවන

කකියන ආලය

හිටගෙන හීනය නුඹ

හිමිහිට සිංදු කියනවා

බොරුවට රවලා බලනවා

කකියන ආලේ හොයන

හිටගෙන හීන මවන

කකියන ආලය

හිටගෙන හීනය නුඹ

හිමිහිට සිංදු කියනවා

බොරුවට රවලා බලනවා

බොරුවට රවලා බලනවා......"

දෙවිනුයි ආශවයි කියද්දි මෙච්චර වෙලා දෙවින් නැටුව නාඩගම එක්ක තරහා වෙලා උන්නු දෙනෙත්ගෙ මූණට ලා හිනාවක් එද්දි නේත්‍ර නම් හා දෙකත් එලියෙ දාගෙන අත්පුඩි ගගහා දිවාෂ එක්ක තාලෙට වැනෙන ගමන් හිටියා.ඊලගට ඉස්සරහට ආවෙ රකිතයි ඉන්දීපයි.

"ගහපං මල්ලියේ

ඩෝලෙ අරන් තාලෙටා

විදින්න සිංදුව

ආලේ බැදේ ප්‍රාණේ ටා

ගහපං මල්ලියේ

ඩෝලෙ අරන් තාලෙටා

විදින්න සිංදුව

ආලේ බැදේ ප්‍රාණේ ටා

ඉග සුග සැලෙන ලෙලෙන

යන එන ගමන බිමන

ඉග සැලෙන ලෙලෙන

යන ගමන බිමන නුඹේ

ඇස් දෙක ගිනි විසි වෙනවා

නොකියන රහස කියනවා

ඉග සුග සැලෙන ලෙලෙන

යන එන ගමන බිමන

ඉග සැලෙන ලෙලෙන

යන ගමන බිමන නුඹේ

ඇස් දෙක ගිනි විසි වෙනවා

නොකියන රහස කියනවා

නොකියන රහස කියනවා"

අවසානෙට කට්ටියම එකපෙලක් හැදිලා කරවල් උඩින් අත් දාගෙන අවසන් කොටස හරි අපූරුවට ගායනා කරන්න ගත්තා.

"ගහපං මල්ලියේ

ඩෝලෙ අරන් තාලෙටා

විදින්න සිංදුව

ආලේ බැදේ ප්‍රාණේ ටා

ගහපං මල්ලියේ

ඩෝලෙ අරන් තාලෙටා

විදින්න සිංදුව

ආලේ බැදේ ප්‍රාණේ ටා......"

..............................................................................................

"අවුරුදු උත්සවේ දවස හරි ශෝක් නේද සුදුබේබි"

"ඔව්.......හොද ආතල් එකක් ගත්තා එදානම්"

"අන්තිමට dj එකේ නටලා නටලා දිවාෂට කැරකිල්ලත් හැදුනා"

"ඒ කොටා එක තැන විනාඩි දෙක තුනක් නහයත් අතින් වහං කැරකුනාලු....මට තෙවින් කිව්වෙ.අනේ මංදා කොටා කුඩුකාරයෙක් වගේ.අමුතු කික් ගන්නෙ ඌ"

"අනේ දිවාෂ එහෙම නෑ සුදුබේබි.....එයා හරි විහිලුයි.ඒකයි"

"උගෙන් වැඩක් නෑ....එන්නකො චුට්ටක් ඔයාව ආස්‍රේ කරන්න"

"ස්....සුදුබේබි!!! අනේ එපා සුදුබේබි කිති! සුදුබේබි නැවෙන්නකො කොණ්ඩෙ පිහින්න...."

නාගෙන කරගෙන කාමරේට ගොඩ උනු ආශව කවුලුව ලගට වෙලා සඟරාවක් අතේ තියං තනියම හිනාවෙවී උන්නු නේත්‍ර ලගට ලං වෙලා ඒ බෙල්ලට තෙත හාදු තියද්දි කිති දැනුනු පුංචි එකා දගලලා දගලලා ආශවව නවාගෙන ආශවගෙ කොන්ඩෙ පිහිදැම්මා.තුවාය පුටුවක් උඩින් වේලෙන්න දැම්ම නේත්‍ර හැරෙන්නත් කලින් නේත්‍රව අත් දෙක අතරට ගත්තු ආශව එහෙම්මම නේත්‍රව හරහට අත් අතරෙ තියාගෙන ඇද විට්ටමට හේත්තු උනා.

"මගෙ මැණික කාලද ආවෙ?"

"ඕ සුදුබේබි.....කෑවා....මේ බණ්ඩිය පිරිලා"

"මගෙ හුරතලේ"

අත් අතරට ගුලි ගැහිලා හිනාවෙන නේත්‍රගෙ නාහෙ ලාවට හැපුව ආශව කියද්දි පුංචි එකා නහය අකුලෝගෙන හිනා වුණා.නේත්‍රව අත් අතරෙ තියාගෙන හාදු වලින් නෑව්ව ආශව රතු ගැහිල ඉන්න පුංචි එකාගෙන් ඈත් වෙලා ඒ බෝල ඇස් වලට එබෙද්දි නේත්‍ර ආශවගෙ පපුව අස්සෙ මූණ හංගගත්තා.නේත්‍රගෙ අතේ තිබ්බ සඟරාව මෙට්ටෙ උඩ තියෙද්දි ඒක අතට ගත්තු ආශව සඟරාවෙ මුල් පිටුව දිහා ආදරෙන් බලන් ඉදලා ආයෙමත් නේත්‍රව හුරතල් කරන්න ගත්තා.

"හැමදාම මම එක්ක ඉන්න රත්තරනේ....හුස්ම එක්ක දැනෙන ගැටපිච්ච සුවඳට මම මේ වෙද්දි බැඳිලා ඉවරයි"

"සුදුබේබි එක්ක ඉන්නවා හැමදාම....සුදුබේබිගෙ උණුහුම නැතුව මට ජීවත් වෙන්නත් බෑනෙ මගෙ සුදුබේබි"

නේත්‍ර හෙමීට මුමුණලා ආශවගෙ පපුව අස්සට ගුලි වෙද්දි ආශව පුංචි එකාව එක අතකින් තුරුල් කරං අනික් අතින් සඟරාව අරගෙන ඒක ඇඳ ලගම තියෙන පුංචි මේසෙ උඩින් තියලා නේත්‍ර එක්කම ඇඳේ දිගාවෙලා ඇස් පියාගත්තා.තමන්ගෙ අත් අතර ඉන්න පුංචි ගැටපිච්ච මලේ සුවඳින් නිවුණු ආශව හෙමින් සැරේ ඒ ඇස් පියාගනිද්දි සුදුබේබිගෙ පපුවෙ උණුහුමේ සුව විදින ගමන් උන්නු පුංචි එකාගෙත් ඇස් සනීපෙට පියවෙන ගමන් තිබ්බා.නුවර හුලඟෙ උපකාරෙන් සඟරාව උඩට තල්ලු වුණු මේසෙ උඩ තිබ්බ ගැටපිච්ච මල් දෙක තුන සඟරාවෙ මුල් පිටේ ඉන්නෙ අවුරුදු කුමාරවරු දෙන්නා එක්ක කෝලෙන් හිනාවෙන ගමන් නුවර ආකාහෙට ඒ පෙම් කතාවෙ පණිවිඩේ රහසෙම දැනුම් දුන්නා.

...................................................................................................

වචන 7000+ 🙂❤️

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

Share This Chapter