Back
Chapter 90

89 කොටස🤍✨️

නිවාලන්න මා...

19න් පහල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අලුතෙන් තේරී පත් වුණු ආශව තිදස්වරට මේ වෙද්දි සමාජ මාධ්‍ය වල ලොකු අවධානයක් යොමු වෙලා තිබ්බෙ හදිසියෙ සංසරණය වෙන්න ගත්තු වීඩියෝවක් නිසා.තරඟ ආරම්භයට කලින් පුහුණුකරු හා ක්‍රිකට් කණ්ඩායම් නායක සනුක එක්ක කතා කරමින් ක්‍රීඩා පිටියෙ කොණක රැඳිලා උන්නු ආශවව වේලාසනින්ම පැවීලියන් එකට ඇවිත් උන්නු ක්‍රීඩා ලෝලියෙක් කැමරා කාචයට අහු කරගෙන තිබුණා.

පුහුණුකරු පිටත් වෙලා ගියාට පස්සෙ සනුකත් මොකක් හරි කියල එතනින් අහකට යද්දි තත්පර ගාණක් හිස් විදියට පිට්ටනියෙ ඈත බලන් උන්නු ආශව තමන්ගෙ ටී ෂර්ටය ඇතුලත අත දානවත්,ඊලගට ඒකෙන් මාලයක් එලියට ගන්නවත් කැමරාවෙ අපූරුවට සටහන් වෙලා තිබ්බා.පෙන්ඩන්ටයක් වගේ තිබ්බ මොකක් හරි දෙයක් හෙමීට අතගාද්දි ආශවගෙ මූණෙ මැවිච්ච ආදරණීය හිනාව වීඩියෝව බලන් හැමෝගෙම මූණට හිනාවක් එකතු කෙරුවා.ආයෙමත් මාලෙ ටී ෂර්ටය ඇතුලට දාගත්තු ආශව මූණෙ ඇඳුණු ඒ ආදරණීය ලා හිනාව එක්කම අහස දිහා බලන් ඉන්න විදිය වීඩියෝවෙ මොනවට සටහන් වෙලා තියෙද්දි ඒ අපූරු අතිශය කඩවසම් තරුණයාගෙ සංසරණය වෙන්න ගත්තු ඡායාරූප හා වීඩියෝව ලංකාවෙ බොහෝ තරුණ හදවත් වලට කාවැදෙන්නට පටන් අරං තිබ්බා.

"වෝහ් ඒ කවුද?"

"He is so handsome"

"ආශව තිදස්වර එයාගෙ නම"

"ඕහ්! මෙයා කැන්ඩි වල හරි ෆේමස් කෙනෙක්....ස්පෙශලි ගර්ල්ස් ස්කූල්ස් වල"

"සනුක වගේම හැන්ඩ්සම්""

"New crush unlocked"

"කොල්ලා හැන්ඩියා වගේම වැඩත් පෙන්නුවනම් තමා හොඳ"

"ධනංජයද සිල්වාගෙ හිනාවට වගේ මූත් මොන වරද කලත් ගෑනු ටික මුගෙ හැන්ඩ්සම් ගතිය නිසා සමාව දෙයි වගේ"

"මේ සාගර කියන බිස්නස්මන්ගෙ පුතා.....මේ වගේ උන්ට තමා බං තැන යන්නෙ....අහිංසක දක්ෂ කොල්ලො වේලෙනවා"

"මේ ආශව අපෙ ස්කූල් එකේ අයියා කෙනෙක්....එයා තමා අපේ ක්‍රිකට් කැප්ටන්.....එයා ස්කූල් ක්‍රිකට් අවෝඩින් සෙරමනි එකටත් නොමිනේට් වෙලා ඉන්නෙ මේ අවුරුද්දෙ.....එයා ටැලන්ටඩ් නෑ කියන්න බෑ කාටවත්"

"මූ රෙකෝඩ් පිට රෙකෝඩ් ගැහුව කොල්ලෙක් යකෝ ස්කූල් ක්‍රිකට් වල....මූම තිබ්බ රෙකෝඩ් එකක් මූම කැඩුවත් එක්ක එකපාරක්!!! කොල්ලා පට්ට ටැලන්ටඩ්! පන්දමකින් ආවා නෙවේ"

"හඥේ ආසව!!!! මූට ගිය කල යකෝ! නාන්නෙ නැති හඩ්ඩාට කෙල්ලො මෙතන see more...."

නේත්‍ර හිටියෙ දිවාෂගෙ දුරකථනෙ අතේ තියාගෙන ආශවගෙ ඡායාරූපෙට වැටිලා තියෙන කමෙන්ටු අස්සෙ කිමිදිලා.ආශවගෙ හොද තියෙන කමෙන්ටු වලට පුංචි එකාගෙ මූණෙ ලස්සන හිනාවක් ඇඳෙද්දි ආශවට රෝමාන්තික පැත්තට බර වෙලා දාලා තියෙන කමෙන්ටු අස්සෙදි පුංචි එකාගෙ මූණ ඇකිලුණා.ආශවගෙ බැනලා තියෙන කමෙන්ටු වලට හිස් බැල්මෙන් බලන් උන්නු නේත්‍ර ලොකු හුස්මක් දැම්මෙ තමන්ගෙ සුදුබේබි ඔය ගමන ගියේ තනියෙන්ම බව දැනන් උන්නු නිසා.කාගෙවත් පන්දමකින් නොවෙන නිසා.ඔක්කොමත් එක්ක නේත්‍රගෙ ඇස් ලොකු උනේ ඒ අස්සෙ තිබ්බෙ ආශව නාන්නෙ නැති බව කියලා තිබ්බ කමෙන්ටුව නිසා.

"සුදුබේබි නානවනෙ අනේ.....මේකෙ කොහො.....ආහ්!!!! දිවාෂ!!! අනේ ඔයාගෙ අකවුන්ට් එක නේද මේ? හරි නරකයි ඔයා දිවාෂ"

දිවාෂ හිටියෙ කම්මුලකිනුත් අත තියාගෙන මූණ හකුලෝ හකුලෝ හිනා වෙන නේත්‍ර දිහා බලාගෙන.නේත්‍ර ඇහුව ප්‍රශ්නෙටවත් උත්තර දෙන්න සිහියක් නොතිබ්බ දිවාෂ ඇහකුත් පොඩි කරං මනමාල බැල්මක් මූණට අරගෙන නේත්‍ර දිහා බැලුවා.

"මේ චූචියො....නේත්‍ර....අහන්නකො"

"කියන්න දිවාෂ"

"ඇත්තටම ආශවයා නොහිටියනම් තමුසෙ මට කැමති වෙනවද?"

"ඈ?"

"හෑක් නෙවේ....ඇත්තටම ඇහුවෙ"

"සුදුබේබි නොහිටියනම් මමත් ඉපදෙන එකක් නෑ දිවාෂ....ඔයයි මායි මුණ ගැහෙන එකක් නෑ ඒ නිසා"

"බයිලා කතා කරන්නෙපා අනේ....කියනවකො.ඉපදුනා කියමුකො ඌ නැතුව....ඒනම් ඔයා මගෙ නේත?"

"නෑ නෑ....එහෙම නෑ.මට කවුරුත් ඕන්නෑ එහෙම.... සුදුබේබිට විතරයි ආදරේ මම"

"හැප්පෝ....මදෑ අනියම් පෙමක් ඇති කරගන්න හැදුවා මම.....දැන් උබර්ගෙ නල්ලමලේ සුදුබේබිගෙ මැච් එක පටන් ගන්නෙ කීයටද? අද ෆයිනල් එක නේහ්?"

"ඔව්.....හරියටම තව පැයකින් වගේ පටන් ගන්නවා...අහන්නකො දිවාෂ"

"ඕ....කියන්න චූචියො"

"ඔයා මොකක් හරි අවුලකද ඉන්නෙ? මට ඒක අහන්නත් හිතිලා නාහා හිටියෙ ඔයා කියයි කියලා මොන වෙලේක හරි....කියන්නෙම නැති තැන මම ඇහුවෙ"

"ම්ම්ම්ම්ම්"

"අවුලක් නැත්තං කියන්න දිවාෂ මට"

"මොන අවුලක්ද කොල්ලො....මට කොහෙන් පටන් අරං කොහෙන් ඉවර කරන්නද කියලා තේරෙන්නෙ නැත්තෙ"

ලොකු හුස්මක් පහල දැම්ම දිවාෂ කුස්සියට ගිහින් බීම බෝතලේකුත් අරං උඩ තට්ටුවට නැග්ගෙ නේත්‍රගෙ අතින් අල්ලගෙන.තරඟ ආරම්භයට තව වෙලා තියෙන නිසා නේත්‍රත් සද්ද නැතුවම දිවාෂ එක්ක උඩ තට්ටුවට ඇදුනා.කාමරේ දොර ඇරගෙන බැල්කනියට ගොඩ උනු දිවාෂ වහල කෑල්ලෙ හෙවණ වැටිලා තියෙන තැනින් ඉදගෙන බිමට තට්ටු කරද්දි නේත්‍රත් හෙමින් සීරුවෙ එතනින් ඉදගත්තෙ තමන්ගෙ වේදනා දෙන ශරීරෙ ගැන අමතක කරලා.මහ මුදියන්සෙගෙ පහරදීමෙන් උනු වේදනාව තවම සම්පූරණයෙන්ම සුව වෙලා තිබුනෙ නැහැ.

"ඔයාට මේ දේවල් කොහොම කියන්නද කියලා මට තේරෙන්නෑ නේත්‍ර"

"ඔයාට හිතෙන තැනකින් පටන් ගන්නකො දිවාෂ.....අපිට ඊලගට පුළුවන් කතාව හරි පිලිවෙලට ගලපගන්න"

"හ්ම්ම්ම්.....මෙහෙම කියන්නම්කො....මම තෙවින් පගයට ආදරෙයි"

"ඕ....ඒක මම දන්නවා.....ඒත් ඇයි මේ දුකින් ඉන්නෙ?"

නේත්‍ර් අහද්දි බීම බෝතලෙන් උගුරක් බිව්ව දිවාෂ නේත්‍රට ඒක දික් කලා.බීම බෝතලේ අත් දෙකෙන්ම අල්ලන් හෙමීට උගුරු දෙකක් කටට දාන් ගිලින නේත්‍ර දිහා ටික වෙලාවක් බලන් උන්නු දිවාෂ ලොකු හුස්මක් පහල දාලා ඈත පේන ආකාහෙ දිහා බැලුවා.නුවර ආකාහෙන් විහිදෙන අව් රශ්මියටද කොහෙද දිවාෂගෙ ඇස් වල කදුළු පිරෙද්දි නේත්‍රට නොපෙනෙන්න කදුළු පිහගත්තු දිවාෂ ආයෙමත් කතා කරන්න පටන් ගත්තා.

"තෙවින් මට අයිති වෙන කෙනෙක් නෙවේ වගේ නේත්‍ර....මම ඇත්තටම....ඇත්තටම කෙනෙක්ට ආදරේ කරන්න ගත්තු මුල්ම වතාව ඔය.මීට කලින් මෙලෝ කෙනෙක් ගැන හැඟීමක් ඇති වෙලා නෑ....ඇත්තටම...ඒත් නිකං ඒකත් උපන්ගෙයිම වලලන්න උනා වගේ උනාම...."

"ඇයි දිවාෂ? මොකද්ද උනේ?"

"මම දන්නෑ නේත්‍ර.....දවසක් එකපාරටම ඇඟට කඩන් පැන්නා තෙවිනා....මට මගෙ සීමාවෙ ඉන්න කිව්වා....මම සීමාවක් දාන් නෙවෙයි මම ආදරේ කරන මිනිස්සු එක්ක හැසිරෙන්නෙ.....ඒක ඔයා දන්නවනෙ...වැඩියෙ ඕන්නෑ ඒක ආසව පවා දන්නවා....මම අනවශ්‍ය විදියට හැසිරෙන්නෑ....ඒත් මම සීමාව මේකයි කියලා දාගෙනත් නෑනෙ.....ඔයාට උනත් මම මේ කියන කතා ආසවයා ඉවසන් ඉන්නෙ ඒකනෙ"

"ඔව්....සුදුබේබි ඔයා මම එක්ක ඉන්නවට කැමතියිනෙ දිවාෂ.....ඉතින් මොකද්ද තෙවින් අයියා බැන්නා කිව්වෙ?"

"ඔව්.....එදා කෑගැහුවා....එයාගෙ පර්සනල් ලයිෆ් එකට ඇඟිලු ගහන්න එන්න එපා කිව්වා.මමත් ආයෙ එල්ලි එල්ලි යන්න ගියේ නෑ...මට නිකං මහ අමුත්තක් දැනුනා නේත්‍ර....ඒක නිකං මහ අමුතු අසරණ හැඟීමක්.මට ආයෙ තෙවින් එක්ක කතාවට යන්න බෑ වගේ හිතුනා.මට හපන් එයා.....ඊයෙත් මට හම්බුනා කඩේදි.මූණවත් නොබලා ගියා"

"ත්...තෙවින් අයියා? ඔයාගෙ?"

"ම්ම්ම්.....නොකිව්වට මට හරියට රිදෙනවා නේත්‍ර....හැමෝටම පේන්න හැඟීමක් දැනීමක් නෑ වගේ හිටියට මගෙත් පපුවෙ පණ ගහනවා....මට හරියට රිදෙනවා නේත්‍ර....ජීවිතේ පලවෙනි වතාවටම ආදරේ කරන්න ගත්තු කෙනා එහෙම හැසිරෙද්දි හරියට රිදෙනවා"

"අඬන්නකො දිවාෂ.....හිතේ තියෙන දුක තුනී වෙනකක් අඬන්න.....ඔයාගෙ හොදම යාලුවා ඔයා ලඟම ඉන්නවා"

නේත්‍රගෙ පපුවට වාරු උනු දිවාෂ ඉකි ගගහා අඬද්දි නේත්‍ර දිවාෂව තදින්ම වැලඳෙගන හිටියෙ දිවාෂ තනි නෑ කියලා පෙන්නන්න.හැමෝගෙම දුකට ලගින් උන්නු දිවාෂ අද කදුළු හලද්දි කොයි දේටත් සංවේදී නේත්‍රගෙ ඇස් වලිනුත් කදුළු කැට දෙකක් පහලට ගලාගෙන ගියා.

"මගෙ පපුව පැලෙන්න වගේ එනවා නේත්‍ර....ඊයෙ හවස අප්පච්චි එක්ක ටවුන් එකට ගිය වෙලේ මූ ඕෂිණී එක්ක කේසීසී එකට යනවා දැක්කා නේත්‍ර....මට දරන්න බෑ....මම දන්නවා මම ආදරේ කරන කෙනා මට ආදරේ කරන්න ඕනි කියලා නීතියක් නෑ....ඒත් මට හරි දුකයි නේත්‍ර....තෙවින්ව වෙන කෙනෙක් එක්ක දකින්න බැරි වෙන තරමටම නොදැනිම මම ඌට බැඳිලා"

"එතනදි ඔයා අසරණ වෙන එක සාධාරණයි දිවාෂ....මොකද තෙවින් අයියා හැසිරුණු විදිය එක්ක ඔයා එහෙම බැඳෙන එක සාධාරණයි.....එතනදි ඔයාගෙ පැත්තෙන් ඔයා සාධාරණයි දිවාෂ.....තෙවින් අයියත් මොකක් හරි....ආහ්.....අපි ඒවා ගැන සැනසිල්ලෙ කතා කරමු"

"මට හරි දුකයි නේත්‍ර"

පැයකට කිට්ටු වෙන්නම නේත්‍රගෙ පපුව අස්සෙ කදුළු වැක්කෙරුව දිවාෂ ඉකි ගහන ගමන් නේත්‍රගෙන් ඈත් වෙලා ඒ ඇස් වල කදුළු පිහන් නේත්‍ර දිහා බැලුවා.දිවාෂගෙ හිනාවෙන හීනි ඇස් අද කදුළින්ම ඉදිමිලා ගුහින් තිබ්බ හැටි දැක්කම නේත්‍රගෙ පපුවත් වේදනාවෙන් බර උනා.දිවාෂ මෙහෙම වැටිලා ඉන්න එකට හේතු කාරණේ දැන් දන්න නේත්‍ර බලාගෙන හිටියෙ ආශව ලංකාවට එනකං.ආශව එක්ක මේ ගැන කතා කරලා හරි තීරණයක් ගන්නකං නේත්‍ර දිවාෂව සන්සුන්ව තියන්න තීරණය කරලා තිබුණා.නේත්‍රගෙ අතින් අල්ලගත්තු දිවාෂ නේත්‍රගෙ අත අදින ගමන් කතා කරන මොහොතෙ තමා කල්පනා ලෝකෙක හිර වෙලා උන්නු නේත්‍ර හරි සිහියට ආවෙ.

"යං"

"කොහෙද දිවාෂ....ඔහොම ඉන්න.අපි තව ටිකක් කතා කරමු"

"ම්හ් ම්හ් ......දැන් ගිහින් ආසවයගෙ මැච් එක බලල ඉමුකො"

"කමක් නෑ දිවාෂ....දැන්මම පටන් ගන්නෑනෙ"

"යංකො .....ඒක බැලුවම මගෙ මයින්ඩ් එකත් ටිකක් රිලැක්ස් වෙයිනෙ....ම්ම්ම්....යං"

"ඒත්....."

"ඒත් මේත් කියන්නෙපා....යං...."

නේත්‍රගෙ අතින් අල්ලලා නැගිට්ටෙව්ව දිවාෂ පහලට ගියේ තරඟය ආරම්භ වෙන්න කටයුතු සූදානම් කියලා රූපවාහිනියෙ නිවේදනය වෙනවා ඇහෙද්දි.දෙන්නත් එක්ක සෝෆාවෙ ඉදගෙන කලින්ම ලෑස්ති කරං තිබ්බ කෑම බීම ටික ලං කරගත්තු ඉලන්දාරි දෙන්නා ඇස් දෙක රූපවාහිනී තිරයේ අලවගත්තා.විටින් විටේ නේත්‍ර දිවාෂ දිහා බැලුවත් දිවාෂ හිනාමුසු මූණකින් ඉන්න නිසා මේ වෙලාවෙ හරි දිවාෂට සැනසීමෙ ඉන්න දෙන්න ඕනි කියන තීරණේ ගත්තු නේත්‍රත් තරඟෙටම අවධානෙ දෙන්න ගත්තෙ මේක ඉවර උනාම ආයෙ දිවාෂ එක්ක කතාකරනවා කියලා හිතාගෙන.

"අපිට දවල් උනාට එහෙට උදේ නේහ්?"

"ඔව් දිවාෂ.....පැය කීපයක් පස්සෙන්නෙ තියෙන්නෙ"

"ම්ම්ම්ම්.....අන්න......ආසවලව පෙන්නයි.නැෂනල් ඇන්තම් එක කියන්න යන්නෙ"

නේත්‍ර ඇසුත් බෝල කරලා බලාගෙන ඉද්දි සීරුවෙන් හිටගෙන ජාතික ගීය කියන තමන්ගෙ සුදුබේබිව රූපවාහිනී තිරේ දිස් වෙද්දි පුංචි එකාගෙ ඇස් වල කදුළුත් පිරුණා.හේතුවක් තිබ්බා නැතා ආශව ඒ වගේ විශේෂ තැන් වල ඉන්න හැම අවස්ථාවකම නේත්‍රගෙ ඇස් කදුළින් බරවෙන එක හරි සාමාන්‍ය දෙයක් උනා.ඇස් වල කදුළු පිහගත්තු නේත්‍ර බලන් හිටියෙ තරඟෙ ආරම්භ වෙනකං.

"අප්පා ටොස් එක අරුන්ට ගිහින් නේහ්?"

"ඔව්....ඉස්සෙල්ලාම එයාලා බෝලින් අරං නේද? සුදුබේබියි සනුක අයියයි ටාගට් කවර් කරන දෙන්නෙක් කියලා දන්න නිසා එයාලා දෙවනියට බැට් කරන්න වගේ හදන්නෙ"

"ඔව්.....සනුක විතරයි හිටියෙ නිසා මුලදි ගණන් ගත්තෙ නැතුව ඇත්තෙ......ආසවයත් සනුක අයියා වගේම ගහන නිසා මුන් ගේම අදින්න ඇත්තෙ"

"ඒ උනාට එයාලා නොදන්න දේකුත් තියේනේ දිවාෂ"

"මොකද්ද?"

"ආශව තිදස්වර කියන්නෙ ටාගට් විතරක් කවර් කරන කෙනෙක් නෙවෙයි....තරඟයක් කණපිට ගහන කෙනෙක්"

නේත්‍රගෙ ඇස් දෙකේ තිබ්බෙ දැඩි අධිෂ්ඨානයක්.ආශව වෙනුවෙන්ම ඉපදුණු ලොකු අධිෂ්ඨානයක්, විශ්වාසයක්. නේත්‍රගෙ ඇස් දෙක දැක්ක දිවාෂත් ඔලුව වනන ගමන් ආයෙමත් රූපවාහිනියට ඇස් දෙක යොමු කලේ නේත්‍ර තරම් ආශවව දන්න වෙන කෙනෙක් නැති නිසා වගේම,ආශව කියන්නෙ ඇත්තටම තරඟයක් කණපිට ගහන්න පුළුවන් කෙනෙක් බව දන්න නිසා.

"ශිට්! විකට් එකක්!!!"

නේත්‍රයි දිවාෂයි දෙන්නම ඔලුවෙ අතගහගත්තෙ ආරම්භක පිතිකරුවෙක් විදියට පිට්ටනියට ඇවිත් උන්නු ආදිත්‍ය පලවෙනි ඕවර්ස් දෙක තුලම දැවිලා යද්දි.මේ කාලසීමාව තුලදි සමාජ මාධ්‍ය හරහා ආදිත්‍යට නොසෑහෙන්න දෝෂාරෝපණ එල්ල වෙද්දි තවමත් මොකක් හරි හේතුවක් මත ආදිත්‍ය කණ්ඩායම ඇතුලෙ රැඳිලා හිටියා.ආදිත්‍යට ආදරේ කරන පිරිස ආදිත්‍යගෙ අති විශිෂ්ට පන්දු රැකීම් ගැන කියලා තර්ක කරද්දි අනික් පිරිස තර්ක කලේ පලමු පන්තියේ පිතිකරුවෙකු විදියට කණ්ඩායමට පිවිසිලා කිසිම දක්ෂ අන්දමේ පිතිකරණ හැකියාවක් ආදිත්‍ය නොපෙන්වන නිසා ඔහුව කණ්ඩායමෙන් ට්ක කාලෙකට හෝ ඈත් කල යුතු බව.ඒවගේම මෙවර තරඟාවලියෙදි වුණු සිදුවීම් එක්ක ආදිත්‍යව ආශව හා සනුක දෙන්නා එක්ක සන්සන්දනය කිරීමක් පටන් අරං තිබ්බා වගේම හුඟක් මිනිස්සු තමන්ගෙ අදහස විදියට කිව්වෙ ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන අන්දමේ ලොකු අවධානයක් දහනවයෙන් පහල කණ්ඩායමට නොලැබෙන නිසා ඒක ඇතුලෙ මාෆියාවක් සිද්ධ වෙන බව.

"ආදිත්‍යව මොකටද බං සිරාවටම තියාගෙන ඉන්නෙ? මූ හැමදාම බින්දුවට අවුට්.නැත්තං ලකුණු දහයක් පහලවක් උපරිම ගහයි.යකෝ ඕපන් බැටෙක් එන්නෙ ලකුණු ටිකක් අල්ලලා දෙන්නනෙ.මූ එද්දිම දන්නවා විකට් එකක් යන එක අනිවාර්‍යයි කියලා"

"අනේ මංදා දිවාෂ.....මට තේරෙන්නෙත් නෑ.....මේ වගේ අය ඇතුලෙ හිටිය නිසානෙ සුදුබේබිට මෙච්චර කල් අවස්ථාවක් නාවෙ කියලා හිතෙද්දිනුත් දුක හිතෙනවා....කලකිරෙනවත් එක්ක  මට"

"කියලා වැඩක් නෑ චූචියො....අනේ මංදා සිරාවටම....මූට ඇතුලෙන් ඇදිල්ලක් තියෙනවද දන්නෑ"

"දන්නෑ දිවාෂ"

ආදිත්‍ය කියන්නෙ කලින් දිව්දේත්‍රාගෙ පෙම්වතා කියලා දැනන් උන්නත් සුදුබේබි තමන්ට කිව්ව දෙයක් හොදම යාලුවට උනත් කියන්න උවමනාවක් නේත්‍රට තිබුණෙ නැහැ.ඒ නිසා හෙමින් සැරේ ඒ කතාව මගෑරිය නේත්‍ර බලාගෙන හිටියෙ දැන් ටික වෙලාවකට කලින් තුන්වෙනි පිතිකරු විදියට පිට්ටනියට ඇවිල්ලා කඩුල්ල රැකගෙන අපූරුවට ක්‍රීඩා කරන සනුක දිහා.හිත හොද මනුස්සයෙක් වුණු සනුක ඇත්තටම ඕනිම කෙනෙක් ආසා වෙන විදියෙ පෞරුෂයකට හිමිකම් කිව්ව නිසා නේත්‍ර උනත් සනුකගෙ කිසිම වරදක් දැක්කෙ නැහැ.සුදුබේබිගෙ ලඟම යාලුවෙක් නිසා නේත්‍ර සනුකවත් තමන්ගෙ කිට්ටු මිතුරෙක් ගාණට පිලිඅරගෙන තිබුණා.

"කැපා වැඩ්ඩා නේහ්?"

"සනුක අයියද? ඔව්....එයා හොදට ප්ලේ කරනවා"

සනුකගෙ පැමිණීමත් එක්ක ප්‍රතිවදී පිල යම් පසුබෑමකට ලක් වුණ සලකුණු පේන්න තිබුණා.ප්‍රතිවාදීන්ට හොද තරඟයක් දෙමින් හිටිය සනුක අවාසනාවන්ත විදියට දැවී යන්නෙ සනුක එක්ක සම්බන්ධතාවය ගොඩ නගාගෙන හිටිය අනික් කඩුල්ලෙ ක්‍රීඩකයගෙ කඩුලු අතර දිවීමේදි සිදුවුණ වරදක් නිසා.පන්දුව යම් දුරකට එල්ල කෙරුව සනුක වේගයෙන් දුවගෙන අනික් කඩුල්ලට ආවත් ඒ කඩුල්ලෙ රැදිලා උන්නු ක්‍රීඩකයා සනුක පෙර රැදිලා උන්නු කඩුල්ලට දුවගෙන යන්න ගියත් වෙලාව මදි බව තෙරිලා ආයෙමත් තමන්ගෙ කඩුල්ල ලගින්ම හිටගෙන හිටියා.ඒ අවස්තාවෙදි සනුක ආයෙම තමන්ගෙ කඩුල්ලට දුවන්න උත්සාහ කලත් ඒ උත්සාහය ව්‍යර්ථ කරමින් ප්‍රතිවාදීන් කඩුල්ල හිමිකරගත්තා.

"අදනම් කයි වගේ.....ආසව ගහපං දෙයියෝ!!!"

බවුන්ඩ්‍රිය ලගදි මාලෙ තිබුණු මුද්දට හාද්දක් දුන්නු ආශව අහස දිහා බලල ලොකු හුස්මක් පහල දාලා කඩුල්ලෙ රැඳෙද්දි නේත්‍ර අත් දෙක එකට එකතු කරං වැඳගෙන ආශව දිහා බලන් හිටියෙ කදුළු පිරුණු ඇස් දෙකකින්.සුපුරුදු විදියටම ආශවගෙ දක්ෂ පිතිකරණය ආරම්භ වුණා වගේම කඩුල්ලත් රැකගෙන ආශව ලකුණු රැස් කරන්න පටන් ගත්තා.ආශවගෙ දක්ෂ පිතිකරණය එක්ක ලකුණු ප්‍රමාණය එක් රැස් වෙද්දි ආශව එක්ක කඩුල්ලෙ රැඳිලා උන්නු ක්‍රීඩයකා පුරුදු විදියටම දිවීමේදි උනු අතපසුවිමක් එක්ක තරඟයෙන් ඉවත් වුණා.

"අයියෝ!!!!! සුදුබේබි!!!!!"

නේත්‍ර ඔලුවෙ අත්දෙක ගහගෙන සෝෆාවෙන් නැගිට්ටෙ ආශව පහර දුන් උඩපන්දුව අපූරුවට එංගලන්ත ක්‍රීඩකයෙක් ග්‍රහණය කර ගනිද්දි.ලකුණු අනූ තුනක් ලබා ගෙන ශතකයක් පේන මානෙ උන්නු ආශවගෙ ඉවත් වීම නේත්‍ර දිවාෂ දෙන්නගෙ විතරක් නෙවෙයි,හුගක් ක්‍රිකට් රසිකයන්ට වැදුණු අවුල් සහගත ප්‍රහාරයක් වුණා.පිත්තෙන් පිට්ටනියට පාරක් එල්ල කෙරුව ආශව හිස් මූණකින්ම ඇවිල්ලා පඩිපෙල් නැගලා පැවීලියන් එකේ තිබ්බ වීදුරු කුටියෙන් ඇතුලට යද්දි නේත්‍රයි දිවාෂයි ලොකු අවුල් සහගත හැඟීමකින් දුක්වෙන ගමන් හිටියා.

"අප්පා තුන්සිය තුනට ඕල් අවුට්"

නේත්‍ර නලලට අතගහගෙන මුමුණද්දි දිවාෂත් අවුල් සහගත හැඟීමකින් රූපවාහිනිය දිහා බලන් හිටියා.කෙටි විවේකයෙන් පස්සෙ ආයෙමත් තරඟය ආරම්භ වෙන බව දන්වනවත් එක්කම නේත්‍රගෙ දුරකතනෙට කෙටි පණිවිඩයක් ආවා.

"අපිට දිනන්න පුළුවන් වෙයිද නේත්‍ර? මට හරි බයයි"

"සුදුබේබිට පුළුවන්! සුදුබේබිට මුළු ටීම් එකම ගොඩ දාන්න පුළුවන්"

"මම දිනලා එන්නම් නේත්‍ර.....ප්‍රොමිස්"

ආශව පොරොන්දු වුණා වගේම හොදින් ක්‍රීඩා කරන හැටි නේත්‍ර බලන් හිටියෙ දිවාෂ එක්ක ඔල්වරසන් දෙන ගමන්.ආශව සහ ආදිත්‍ය එකතුවෙන් හැදුණු ශක්තිමත් පන්දු රැකීමක් එක්ක හතරෙ පහරක් බවුන්ඩ්‍රියෙ වදින්න යන එක පවා එංගලන්ත ක්‍රීඩකයින්ට හා ප්‍රේක්ෂකයන්ට හීනයක්ම විතරක් වුණා.පලවෙනි හා තුන්වෙනි පිතිකරුවන්ව ලියෝන් දක්ෂ විදියට දවාගනිද්දි අතරමැදදි ආශව යොමු කරන්න ගත්තු පන්දුවාරය තුලදි ආශවට ඉතිරි වෙලා උන්නු ආරම්භක පිතිකරුවව දවාගන්න පුළුවන් උනා.

"ඒ මුන් ගහනවනෙ බං"

"ඔය ඇවිත් ඉන්නෙ ඉන්ග්ලන්ඩ් ටීම් එකේ ඉන්න හොදම ෆිනිශර්ලු දිවාෂ.....සුදුබේබි එයාගෙ ෆෑන් කෙනෙක්....එයා ගැන කියලා තියෙනවා මට.....හුගක් වෙලාවට එයාට හරියන පාට්නර්ව සෙට් උනොත් තරඟෙ ඉවරම කරලා දානවලු"

"ශිට්!!!"

"ලංකාව දිනනවා දිවාෂ.....මට ශුවර්"

කඩුල්ලෙ රැඳිලා උන්නු ක්‍රීඩකයො දෙන්නා දැඩි ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගද්දි ලංකාවෙ කණ්ඩායම නොපෙන්වූවට ලොකු පසුබෑමකට ලක් වෙලා හිටියා.ඒ අවස්ථාවෙ අදාල පන්දුවාරය යොමු කරපු ක්‍රීඩකයාට එල්ල වෙලා තිබ්බ පීඩනේ එක්ක හෝ ගාලා වයිඩ් බෝල යන්න ගනිද්දි සනුක ඉක්මනටම පන්දු යවන්නා ලගට ගිහින් ඔහුව ලඟට අරගෙන සන්සුන් කරවන්න ගත්තා.සනුකගෙ හොද නායකවත්ව ගුණාංග හා මහත්මා ගති ඒ විදියට පේන්න තියෙද්දි ප්‍රේක්ශකයො හැමෝටම හිතුනෙ අනාගත ලංකාවෙ ප්‍රධාන කණ්ඩායමේ පවා නායකත්වයට සනුක සුදුසු බවක්.

අවසානෙදි තීරණාත්මකම ඕවරයක් දැමීමේ වගකීම ආශව භාරගනිද්දි,සනුක දෙපාරක් නොහිතා ආශවව විශ්වාස කරලා ඒ වගකීමට අවසර දෙද්දි ආශවගෙ පන්දු යැවීම හමුවෙ ඒ වන විට කඩුල්ලෙ රැදිල උන්නු එංගලන්තයෙ ප්‍රබලම තරඟ අවසන් කරන පිතිකරුවාව දවාගැනීමේ හැකියාව හා අවස්ථාව ආශව උදාකරගත්තා.කඩුල්ල බිඳ වැටෙනවත් එක්ක ආශව පපුවටත් පාරක් ගහගෙන දුවගෙන යද්දි ආශව ලගට දුවන් ආව සනුක ඉස්සෙල්ලාම ආශවව බදාගෙන ඔල්වරසන් දෙද්දි කොහෙන්දෝ ඉදලා ආව ලියෝනුත් සනුකට එකතු උනා.අන්තිමට කණ්ඩායමම එකතු වෙලා ආශවට තට්ටු බට්ටු දාලා,වැලදගෙන සුභ පතද්දි ආදිත්‍යත් හිනා වෙලා ආශවට තට්ටුවක් දාලා ආයෙමත් තමන්ට අදාල ස්ථානයට ගිහින් ස්ථානගත වුණා.

"ලියෝන් මල්ලි,දැන් ගේම දීපං...."

ලියෝන්ගෙ පිටට තට්ටු කෙරුව සනුක හිනා වෙලා කියද්දි ලියෝන් ඊලගට ආව පිතිකරුවො දෙන්නවම එකපිට දවාගත්තෙ හැට්‍රික් එකක බලාපොරොත්තුව ප්‍රේක්ශකයන්ට ලබා දෙන ගමන්.ලොකු අධිෂ්ඨානයකින් ඊලග පන්දුව යොමු කලත් ඒ විකට්ටුව අවාසනාවන්‍ත විදියට ලියෝන්ගෙන් මඟ ඇරෙද්දි ඉක්මනටම ලියෝන් ලගට දුවං ආව සනුක ලියෝන්ව සන්සුන් කරලා ආයෙම ලියෝන්ව පන්දු යැවීමට යොමු කලා.හැට්‍රික් අවස්ථාව මග හැරගත්තත් ලියෝන් ඊලග පන්දුවෙන්ම පිතිකරුවව දවාගෙන අවසන් වෙද්දි එතනින් එහාට වගකීම අනික් පන්දු යවන්නෝ භාරගත්තා.එතන ඉදන් කිසිම ප්‍රශ්නයක් නොවෙද්දි දෙසිය විස්සක් වගේ ලකුණු ප්‍රමාණෙකින් එංගලන්ත මුළු කණ්ඩායමම පරාජය කිරීමේ අවස්තාව ශ්‍රී ලංකාව උදා කරගත්තා.මුළු කණ්ඩායමම එකතු වෙලා සනුකව උඩ දාලා සතුට සමරලා ඊලඟට එකිනෙකාව වැලඳගනිමින් සතුට බෙදාහදා ගත්තු අවස්ථාව කැමරා වල අපූරුවට සටහන් වෙලා තිබුණා.

"මගෙ සුදුබේබි දින්නා!"

"මම ඒක කලා නේත්‍ර!!"

නේත්‍ර නුවර අහස යට ඉදලා අඬ අඬම මුමුනද්දි ලන්ඩන් ආකාහෙ යට උන්නු ආසවත් ඇස් වල කදුළු පුරෝගෙන මිමිනුවා.දෙන්නට දෙන්නා කොච්චර දුරින් හිටියත් ආශවගෙ බොටම් සාක්කුව අස්සෙ තිබුණ වේලිච්ච ගැටපිච්ච මල ආශව තමන්ගෙ අතට මැදි කරගනිද්දි ආශවගෙ කමිසයක් ඇඳන් උන්නු නේත්‍ර ඒක අත් දෙකෙන්ම මිරිකගෙන ඉකි ගගහා අඬන්න ගත්තෙ සතුටට.

"වසර පහකට පසු එංගලන්ත දහනවයෙන් පහල කණ්ඩායමට එරෙහි තරඟයක් ජයගැනීමේ හැකියාව ලංකාව අද දින උදා කරගත්තා!!!"

තරඟයේ වීරයා විදියට ලියෝන් කුසලානය ලබාගත්තෙ තරඟාවලිය තුල ලියෝන්ගෙ තිබුණු දක්ෂ පන්දු යැවීම නිසා.තරඟාවලි උණුහුම අවසන් කරමින් සනුක ශූරතා කුසලානය උස්සගෙන කණ්ඩායම ලගට එද්දි මල් වෙඩි මැද්දෙ කොල්ලො ටිකගෙ කෑ ගැහිල්ලෙන් එංගලන්ත ක්‍රීඩාංගනේ දෙදරුම් කෑවා.

..............................................................................................

"ඔයාට ඕක තෙවින් අයියට කෝල් එකක් දීලා කියන්න බැයිද දිවාෂ?"

"කෝල් ගත්තට මේ පගයා ආන්සර් කරන්නෑ නේත්‍ර.....දෙවින් පණත් ගෙදර නෑලු.මම මේ ඒකයි යන්නෙ"

"ඔයාට කෑ ගහයිද දන්නෑ"

"ආයෙනම් මට කෑ ගැහුවොත් මම නිකං ඉන්නෑ ඇත්තටම......හරි  මගුලක් උනානෙ"

"ඔයා යන්නෙත් එයාගෙ පණිවිඩයක් කියන්නනෙ නේද?"

"ඒකනෙ.....මූට ස්ටූඩියෝ එකෙන් කතා කරලත් මූ ආන්සර් කරලා නෑ.....මම බොහොම අමාරුවෙන් කතා කරලා වැඩේ හෙටට දාගත්තෙ"

"අපි ගිහින් බලමුකො"

තෙවින්ගෙ මිතුරෙකුගෙ ස්ටූඩියෝවක තෙවිනුයි දිවාෂයි දෙන්නා කරන්න යන සිංදුව පටිගත කරන්න තෙවින් දිනයක් වෙන් කරං තිබ්බෙ මීට කාලෙකට කලින්.හරියටම කිව්වොත් තෙවින්ට මේ ලඟදි වැහුනු යකා වැහෙන්න කලින්.ඒ දිනේ ඊයෙට යෙදිලා තිබුණත් තෙවින්ගෙ නොපැමිණීම එක්ක ස්ටූඩියෝවෙන් දිවාෂට කතා කරලා තිබ්බෙ තෙවින් දුරකථන ඇමතුමකටවත් සම්බන්ධ නොවෙන නිසා.අන්තිමට ඒ මනුස්සයගෙනුත් සමාව ඉල්ලුව දිවාෂ ඒ වැඩේ හෙට දිනේට යොදාගත්තෙ තෙවින්ව එක්කගෙන යන බලාපොරොත්තුවෙන්.තමන්ට කොච්චර ලං වෙන්න එපා කිව්වත් තෙවින්ගෙ අනාගතේ හැදෙන වැඩකට ඕනිම අවදානමක් ගැනීමේ හැකියාවක් දිවාස ලග තිබුණා.ඉතින් ඊයෙ හවස ඉදන් අද හවස් වෙනකංම තෙවින්ව දුරකතනෙන් සම්බන්ධ කරවගන්න හැදුවත් ඒක හරි නොගිය තැන දිවාෂ නේත්‍රවත් ඇදගෙනම සිංහවංශ වලව්ව පැත්තට ඇදෙන්න ගත්තෙ හෙට හවස ස්ටූඩියෝවට යන්නනම් තෙවින්ට අද මේ පණිවිඩේ කොහොමහරි දෙන්න ඕනි නිසා.

ටික වෙලාවක් යද්දි නේත්‍රයි දිවාෂයි හිටියෙ සිංහවංශ වලව්වෙ ඉදිරිපිට.තුන් හතරපාරක් කතා කරලත් කවුරුත් එලියට නාව තැන දිවාෂ ගේටුවෙන් ඇතුලට ගියේ මෙතන දිවාෂට හුගක් හුරුපුරුදු තැනක් නිසා.දිවාෂවයි නේත්‍රවයිත් එකපාරටම ගස්සෝන ගමන් තෙවින් වලව්වෙ මිදුල කොණකින් මතු වෙද්දි තෙවින් හිනාවත් නොවී දිවාෂ ලගට ආවා.දිවාෂව දැක්ක ගමන් ඇස් දෙක රෝල් කල තෙවින් නේත්‍ර එක්ක ලාවට හිනාවෙලා දිවාෂව ගණන් නොගෙන ඉද්දි නේත්‍රගෙ හිතට උනත් තෙවින් ගැන ආවෙ ලොකු කලකිරීමක්.තෙවින්ව දැක්ක ගමන් දිවාෂ පණිවිඩේ කියන්න කට ඇරියත් ඊටකලින් තෙවින් මහ හයියෙන් කෑගහන්න ගත්තා.

"එන්න එපා එපා කිව්වමත් ලැජ්ජාවක් කියලා නාමයක් නැද්ද යුගාන් මෙතන රිංගන්නෙ?"

"ම්....මම....මම....ආවෙ"

නොහිතුව විදියට තෙවින්ගෙ හඬ උස් වෙද්දි දිවාෂට වචන ගොත ගැහෙන්න ගනිද්දි නේත්‍ර දිවාෂගෙ අතක් තද කරලා අල්ලගත්තා.දිවාෂගෙ ඇස් දෙකේ කදුළු පිරිලා ඒ ඇස් බිමට බර වෙලා තියෙද්දි තෙවින්නම් කට කොනකින් සමච්චල් විදියට හිනාවෙලා ආයෙමත් කතා කරන්න ගත්තා.

"තමුසෙ මොකකට ආවත් මට කමක් නෑ.....අනික යාලුවවත් උස්සන් ආවෙ මට ගහන්නද? නිකං කාලෙ නාස්ති නොකර යමං යුගාන්"

"හෙට ස්ටූඩියෝ එක..."

"එකපාරක් කිව්වම තොට තේරෙන්නෙ නැද්ද යකෝ....මෙතන ඇවිල්ලා....."

තෙවින් කෑ ගහද්දි ඇස් දෙක තද කරලා පියාගත්ත දිවාෂ ඒ ක්ෂණයෙන්ම ඇස් දෙක ඇරියා.නේත්‍රගෙ අත තමන්ගෙ අතින් පරිස්සමට ගැලෙව්ව දිවාෂ අඩියක් ඉස්සරහට තියෙද්දි දිවාෂගෙ බැල්මට ටිකක් ගැස්සුනු තෙවින්ගෙ පය එක අඩියක් පස්සට උනා.එහෙම්මම තෙවින්ගෙ බෙල්ලෙන් අල්ලගත්තු දිවාෂ ඇඟිලි වලින් ඉස්සිලා තෙවින්ගෙ මූණට එබුණෙ දත්මිටි කාගෙන.

"ඇයි දැන් මොකද්ද උඹ කියන්නෙ ආ? ඇයි උබේ සද්දෙ?"

"කැහ්! ඇ....ඇයි අහන්නෙ? උබට එන්න එපා එපා කියද්දි මොන මගුලකටද මෙහෙ රිංගන්නෙ?..බෙ....බෙල්ල අතෑරපං යුගාන්!!!"

"රිංගන්නෙ අහන්නෙ? තොට පණිවිඩයක් කියන්න ආවෙ....හිතුවද තෝ එක්ක බුදියන්න ආවා කියලා පරයා!!!"

"යුගාන් උඹ.....ආහ්! බෙල්ලහ්!!!"

එහෙම්මම දිවාෂගෙ අත තමන්ගෙ අතින් ගලෝගත්තු තෙවින් දිවාෂගෙ අත ගලවලා දාලා අතමිට මොලවගනිද්දි දිවාෂ කටකොණකින් හිනාවෙලා තෙවින් දිහා බැලුවා.

"ඇයි මොකද්ද මම? ඇයි උඹ ගහන්නද? හැබැයි අතක් හරි මට ඉස්සුවොත් උඹේ අඬු හතරම කඩලා දානවා මම!!!! මට මේ ආවේගෙ එක්ක ඒකට බැරිකමකුත් නෑ"

"වදයක් වෙන්නෙ නැතුව පලයං යුගාන්!"

"යනවා තමා....ඇයි යකෝ!!! ආයෙ එන්නෑ කොහොමත් මේකෙ පස් පාගන්න.තොට ඕන්නම් හෙට හවස හතරට වර ස්ටූඩියෝ එකට යන්න...ඒකට ටයිම් දීලා හෙට....එනවනම් වරෙං නැත්තං මට කමකුත් නෑ! තොට කරන අන්තිම උදව්වත් මේක විතරයි තෙවින්!!!"

"උඹ එකට එක කියවනවද?"

"යකෝ තොට එච්චර පුළුවන්නම් මට කොච්චර පුළුවන්ද?මෙතන!!!"

"දිවාෂ අපි යං.....ඔයා කේන්ති ගන්න එපා"

"අතාරින්න නේත්‍ර මාව.....තෙවින්! මොකෙද්ද තෝ!"

"මම මොකෙද්ද කියන එක උඹට අදාල නෑනෙ යුගාන්!"

"මතක තියාගනින් මේක හොඳට තෙවින්! මම ලං වුණා වගේම තමා ඈත් වෙන්න තීරණේ කලොත්.....උඹ මෙහෙම අසමජ්ජාති විදියට හැසිරෙන්නෙ ඇයි කියලා මම දන්නෑ! හැබැයි මගෙත් රතු කට්ට පැන්නොත්......!!!!!"

"..............."

"මගෙ හිතේ උඹ ගැන තියෙන දේ උඹ දන්නවා ඇතිනෙ දැන්! එදා බීපු දවසෙ මම දෙඩෙව්වා කියලා මම දන්නවා! මගෙ කටින් කියවෙන්න ඇති මොනාහරි!!! මතක තියාගනින් තෙවින් එව්වා වෙරි මරගාතෙ කියවපු මරගාත නෙවෙයි කියන එක!!!"

"ම්.....මට වැඩක් නෑ ඔය මගුල්!!!"

"ඔව්! මම තේරුම් ගත්තා ඒක! මට ඕනිත් නෑ! බලෙන් එක එකාට ලං වෙන්න ඕන්නෑ මට! මට පුළුවන්! මේ හිටිය විදියටම පාඩුවෙ ඉන්න පුළුවන්! හැබැයි මතක තියාගනින් තෙවින්! මම තීරණයක් ගත්තොත් ගත්තමයි! මාව ඒ තැනට පත් කරන්න එපා!....බල්ලෙක් වගේ උඹ කියන දේවලුයි උඹ කරන දේවලුයි දරං හිටියට මම බල්ලෙක් නෙවෙයි කියන එක මතක තියාගනින්!"

තෙවින්ගෙ මූණටම දිවාෂ කෑ ගහද්දි තෙවින්ට පුළුවන් උනේ කට පියාගෙන කේන්තියෙන් ඇස් රෝල් කරන්න විතරමයි.දිවාෂගෙ අතින් අල්ලගත්තු නේත්‍ර දිවාෂව එහාට අදිද්දි තෙවින්ට මැද්දෙ ඇඟිල්ල දික් කෙරුව දිවාෂ තමන්ගෙ අතේ එල්ලිලා එහාට අදින නේත්‍ර දිහා බලද්දි නේත්‍ර ඇසුත් බෝල කරගෙන දිවාෂව අදින ගමන් හිටියා.නේත්‍ර ඒක හිතලා නොකලත් දිවාෂගෙ මූණෙ යම් කිසි සන්සුන් බවක් නේත්‍රගෙ සන්සුන් මූණ එක්ක මතු වෙද්දි නේත්‍ර දිවාෂට කතා කලා.

"යං යං අපි"

යම් තරමකට සන්සුන් වුණු දිවාෂ ආයෙ ඇවිලුණේ තෙවින්ගෙ කටින් පිටවුණු නොරිස්සුම් හුස්මෙ සද්දෙ නිසා. ගිනිපිටවෙන ඇස් දෙකකින් තෙවින් දිහා බලන් ඉන්න දිවාෂව ඇදගෙන එලියට ආව නේත්‍ර එහෙම්මම දිවාෂ එක්ක ගියේ.තමන්ගෙ ගෙදෙට්ට.නේත්‍ර ගේ ඇතුලට ගිහින් දිවාෂට වතුර වීදුරුවක් උස්සන් ආවෙ සිංහවංශ වලව්වෙන් පිටවුණු වෙලේ ඉදලා දිවාෂ කටින් එක වචනයක්වත් පිට නොකර දත්මිටි කන ගමන් හුස්ම උඩ පහල දාන නිසා.නේත්‍ර ගෙනත් දුන්නු වතුර වීදුරුව එක හුස්මට බීලා දැම්ම දිවාෂ එහෙම්මම තමන්ගෙ කකුලෙන් ලඟ කණුවට පාරක් ගහද්දි නේත්‍ර ගැස්සිලා ගියත් ඒත් එක්කම නේත්‍ර දිවාෂට තට්ටු කර කර සනසන්න ගත්තෙ දිවාෂ මෙහෙම පීඩනයක් දරන්න ඕනි කෙනෙක් නෙවෙයි නිසා.

"සන්සුන් වෙන්නකො දිවාෂ....ඔයාටමයි රිදෙන්නෙ ඔහොම කලාම....බලන්නකො කකුල රතු උනා"

"අර හු#තව මරනවා මම! පරයා!"

"හරි හරි....දැන් කලබල නොවී ඉන්නකෝ....අපි සන්සුන් වෙලා කතා කරමු"

"සන්සුන් තමා......බලාපොරොත්තු එන විදියට හැසිරිලා....දැන්!!!! ඕකා කනවා මගෙන් බීපු රංකිරි කටින් එලියට එන්න හැබැයි"

"අහන්නකො.....අපි සුදුබේබිත් ආවම කතා කරමු මේ ගැන....අපිට වඩා දෙයක් තේරෙනවනෙ සුදුබේබිට"

"ම්ම්ම්.....ආසවයා කවද්ද එන්නෙ?"

"අනිද්දා.....හෙට දවසෙ එයාලාට ඇවිදින්න එහෙම එක්කක් යනවලු.....අනිද්දා පාන්දර ෆ්ලයිට් එකේ එනවා කිව්වා"

"ආසවයට සල්ලි තිබ්බනම් ඌ අද රෑම එයි"

"හි හී.....සුදුබේබි එයි නේද එහෙම උනානම් දිවාෂ?"

"ම්ම්ම්......ඔයා හරි වාසනාවන්තයි චූචියො.....ඔයාලා දෙන්නා දිහා බැලුවම නිකං අර අනේ මට මේ දෙන්නගෙන් එක්කෙනෙක් ඕනි කියලා නෙවෙයි මට හිතෙන්නෙ.....මට එන්නෙ සතුටක්.....මෙහෙම ආදරත් මේ ලෝකෙ තියෙනවනෙ කියන ලස්සන හැඟීම...අයිති කරගන්න ඕනි හැඟීමක් නෙවෙයි....සැනසීමක් දැනෙන හැඟීමක් එන්නෙ"

"ඔයා බලන්නකො.....මම මේ දේ කියන්නෙ හදවතින්මයි....හදවතින්ම කියන දේවල් කවදමහරි ඉෂ්ට වෙනවා දිවාෂ"

"ම්ම්ම්ම්ම්?"

"ඔයාට ලැබෙන්නෙ මේ ලෝකෙ හොදම ආදරයක්.....ඔයාට ආවේණිකව ඔයාට පරිපූර්ණ විදියට දැනෙන ආදරයක්....ඔයා වගේ කෙනෙක් ඒ වගේ ආදරේකට හරි සුදුසුයි දිවාෂ....ඔයාට එහෙම ආදරයක් ලැබෙන්නම ඕනි"

නේත්‍ර හිනාවෙලා කියද්දි දිවාෂ නේත්‍ර එක්ක ලස්සනට හිනාවෙලා ඇස් දෙක පියාගෙන පුටුවට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්තා.කුස්සියට ගිහින් තමන්ටයි දිවාෂටයි බොන්න තේ දෙකක් හදාගෙන කලින්දා හවස ගෙනල්ලා තිබ්බ බිස්කට් පැකට්ටුවත් අතට අරගෙන ඉස්සරහට එද්දිනුත් දිවාෂ අරලිය ගහ යට ඉදගෙන ගහේ කඳට පිට තියාගෙන හිටියා.

"එන්න...."

"ආ තේ එක ගන්නකො"

"බිම නෙවේ අනේ...අගෙ ඔඩොක්කට එන්නකො අනේ....ආසවත් නැනෙ"

"අනේ අනේ දිවාෂ"

දිවාෂගෙ කතාවලට හිනා වෙවීම බිමින් ඉඳගත්තු නේත්‍ර බිස්කට් පැකට්ටුවත් දිවාෂට දික් කරලා අහස දිහාවට ඇස් දෙක යොමු කලා.ගොම්මනත් වැටීගෙන එන වෙලාවෙ නේත්‍රගෙ හිතට ආවෙ ආශවව.මේ බංකුව යට ආශව එක්ක කොච්චර නම් මේ වගේ වෙලාවල් වල තුරුල් වෙලා ඉදලා තියෙනවද කියලා නේත්‍ර කල්පනා කලා.සමහර ගොම්මන් කරුවලවල් වලදි සුදුබේබිගෙන් හම්බෙන රෝමාන්තික හාදු,ස්පර්ශ මතක් වෙද්දි පුංචි එකාගෙ අත් වල හිරිගඩු පවා පිපුණා.

"පාළුයි නේහ්?"

"ම්ම්ම්ම්?"

"ආසවයා නැතුව?"

"ඔව් දිවාෂ.....හුගාක් පාලුයි"

"ම්ම්ම්ම්ම්"

"ඇයි එකපාරටම එහෙම ඇහුවෙ?"

"අත් වලයි කකුල් වලයි හිරිගඩු පිපිලනෙ එකපාරටම කොල්ලගෙ......මම ලග ඉද්දි ඒම වෙන්න හේතුවක් නෑනෙ.ඉතින් ආසවයව මතක් වෙලාම තමා"

"අ....අනේ එපා දිවාෂ"

දිවාෂගෙ හිනාව එක්ක ලැජ්ජා හිතුනු නේත්‍ර රතු උනු මූණ හංගගෙන දිවාෂට කියද්දි නේත්‍රගෙ කොණ්ඩෙ ඇවිස්සුව දිවාෂත් හෙමීට නුවර ආකාහෙ මත්තෙ ඇස් දෙක අලෝගත්තා.

.

.

.

.

.

"එකක් දෙන්නකො....."

"අ....න්....අනේ සුදුබේබි"

"මටනෙ මැණික.....ම්ම්ම්ම්?"

"ම්හ්....."

"දෙන්න බැයිද දැන්?"

"අනේ ලැජ්ජයි සුදුබේබි"

"ඉතින් ලඟ ඉද්දි දෙන්නෙ....දැන් මේ ෆෝන් එකෙන් බෑ?"

"ලඟ ඉද්දි පුළුවන්.....මෙහෙම ලැජ්ජයිනෙ සුදුබේබි"

"මම ගෙදර ආවම අල්ලගන්නම්කො කපටියව"

රෑ නේත්‍රට දුරකථන ඇමතුමක් ගත්තු ආශව පැය බාගයක් විතර තිස්සෙම ඔට්ටු උනේ පුංචි එකාගෙන් දුරස්ථ හාද්දක් ගන්න.උපන්ගෙයි ලැජ්ජාකාරයා උනු නේත්‍ර ඒකෙන් කට්ටි පැන පැන ඉද්දි ආශවට කේන්තියක් වෙනුවට ආවෙ පපුව පැලෙන තරමෙ ආදරයක්.මේ වෙද්දි මූණත් රතු කරං දුරකථනෙ නැති නිදහස් පුංචි අතින් ඒ පුංචි මූණ වහගෙන ඇඳේ පෙරලෙන නේත්‍රව ආශවට මැවිලා පෙනුනා.නේත්‍රගෙ ලැජ්ජාව ගැන හොදහැටි දන්න ආශව හිනාවෙවී නේත්‍රව තව ටිකක් අවුස්ස අවුස්ස ඉද්දි ආශවගෙ අවධානෙ බිඳුනෙ කාමරේ දොර ඇරෙන සද්දෙ එක්ක.

"ඉන්න මැණිකෙ ටිකක් ලයින් එකෙ........ආහ්! සනුක කියපං"

"යන්නැද්ද උඹ පාටි එකට?"

"යං.....මම ලෑස්ති වෙලා හිටියෙ උඹ එනකං"

"හෙට යන්න තියෙන තැන් ටික සිලෙක්ට් කලා කෝච් එක්ක....යං දැන් පාටි එකට.තව ටිකකින් පටන් ගන්නවා"

"යං.....මම නේත්‍රට කියලා එන්නම්"

"ආහ්....හරි....මම ලියෝන්ගෙ රූම් එකට යනවා.එතනට වරෙං"

"හරී"

"ආශව......"

"ඕහ්?"

"ම්.....මල්ලිව මතක් කලා කියපං"

"හා හරි"

ආශව එක්ක හිනා වුණු සනුක එලියට යද්දි නේත්‍රට කතා කරලා සමුදුන්නු ආශව පුටුවක් උඩ දාලා තිබ්බ ඩෙනිම් කෝටය අදට අරගෙන දොර ලගට යද්දිම කවුරුහරි ඒ ලග ඉදලා ගිය වගක් ආශවට දැනුනත් හෝටල් සේවකයෙක් කියලා හිතලා ඒ ගැන නොසලකා හැරිය ආශව ලියෝන්ගෙ කාමරේ පැත්තට ඇවිදන් යන්න ගත්තා.ආශව එවෙලෙ නොදැන උන්නු එක දෙයක් තිබුනා.අහම්බෙන් වගේ නේත්‍රගෙ හඬ දුරකතනෙන් ඇහුනු සනුක මෙච්චර වෙලාම දොරට පිට තියාගෙන ඇස් වලට උනලා තිබ්බ කදුළු වියල ගන්න උත්සාහ දැරුව බව ආශවට මගෑරිලා තිබ්බා.

නානාප්‍රකාර විදුලි එලි වලින් ආලෝකමත් වෙලා තිබ්බ සාදයට ආශව සනුකයි ලියෝනුයි එක්ක ඇතුල් වෙද්දි ආදිත්‍ය එක්ක හිටිය බිවේෂ්ව දැක්ක ලියෝන් ඇස් දෙක රෝල් කරලා අහක බලාගත්තා.කට්ටිය එක්ක එකතු වෙලා සාදය ඇතුලෙ විනෝද වෙන ගමන් උන්නු ආශව සාමාන්‍ය පානයක් විතරක් අරගත්තෙ මත්පැන් කියන දේ ඈත්ම කරලා තියෙන නිසා.කට්ටිය එක්ක නට නට හිටිය සනුකට දුරකථන ඇමතුමක් එනවත් සනුක කට්ටියගෙන් ටිකක් එහාට යනවත් පස්සෙ කලබලෙන් කාටහරි ඇමතුමක් ගන්නවත් කට්ටියගෙ ඇස් වලින් මගෑරුණා.නොරිස්සුම් සද්දයක් පිට කෙරුව සනුක අදාල දුරකථන ඇමතුම සම්බන්ධ කරගන්න බැරි උනු නිසා කෙටි පණිවිඩයක් යවලා ආයෙ කට්ටිය එක්ක එකතු වෙද්දි සනුකගෙ මූණ ආශවට විටින් විටේ එල්ල වෙන බවත් ආශවට මගෑරුණා.

මේ අතරෙ වලව් පිලිකන්නට වෙලා උන්නු නේත්‍රගෙ මූණ මැලැංසි වෙලා ගිහින් තිබ්බෙ ආශව නැති පාළුව නිසා.හවස් වෙනකංම දිවාෂ හරි හිටියත් දැන් කවුරුත්ම නැති හින්දා පුංචි එකා පිලිකන්නෙ කණුවකට ඔලුව ගහන් ඉමක් කොණක් නොපෙනෙන වලව්වත්තෙ පිටිපස්ස පැත්තට ඇස් යොමාගෙන හිටියා.නොසෑහෙන කළුවරකින් මුළු වටපිටාවම වහගෙන තියෙන මේ වගේ වෙලාවල් වල සුදුබේබි ටෝචයත් පත්තු කරං තමන්ව හොයං එන විදිය මතක් වුනු නේත්‍රගෙ මැලැංසි වෙච්ච මූණට ලා හිනාවක් එද්දි නේත්‍ර දුරකථනෙ අතට ගත්තෙ ආශව සාදය ඉවර වෙලා පණිවිඩයක් එවලද බලන්න.තවමත් ආශවගෙන් පණිවිඩයක් නැති තැන නේත්‍ර දුරකතනෙ සාක්කුවට දාගත්තෙ කොහොමත් සාදයක ඉන්න ආශවට කරදර කරන සිරිතක් නේත්‍ර ලග නොතිබ්බ නිසා.ආශව නේත්‍රට දීලා තියෙනවා වගේම නේත්‍රත් ආශවට අසීමාන්තික නිදහසක් දීලා තිබ්බෙ විශ්වාසය හා ආදරය පදනම් කරගෙන.

"පොඩ්ඩො! කඩේට දුවලා ගිහින් උම්බලකඩ කෑල්ලක් අරං වරෙංකො....මට හවස ගෙන්නගන්න අමතක උනානෙ....උම්බලකඩ නැතුව සම්බෝලෙ මේසෙට යැව්වොත් මහ මුදියන්සෙ ඔලුව කයි මගෙ"

"මම ගිහින් අරං එන්නම් අම්මා"

කළුවරේම ටෝචයත් පත්තු කරං කඩේට දුවං ගිය නේත්‍ර උම්බලකඩ කෑල්ලකුත් අරගෙන ආපහු දුවගෙනම එන්න ගත්තෙ සාමාන්‍යෙන් ඒ විදියට බඩු ගැනිල්ල වලව්වෙ සේවකයන්ගෙ පුරුද්දක් නිසා.මහ මුදියන්සෙ ටවුමෙන් ඕනි කරන බඩු ගෙන්නගත්තත් මේ වගේ හදිසි වෙලාවල් වලදි ඕනි කරන බඩු මුට්ටු ගමේ කඩෙන් සේවකයො ගත්තෙ ගාණ පොතට දාගන්න කියලා.හැම සතියකම ඉරිදා මහ මුදියන්සෙ මැනුවෙල්ගෙ අතේ ඒ අවශ්‍ය ගාණ කඩේට ගෙවන්න සැලැස්සුවා.උම්බලකඩ කෑල්ලත් අරගෙන වලව්වට දුවන ගමන් උන්නු නේත්‍ර එකපාරටම ගමන අඩාල කලේ සිංහවංශ වලව්වෙ මිදුල පැත්තෙන් ඇහෙන ගිටාර් හඬ නිසා.

මේ වගේ ගිටාර් ගගහා සිංදු කියන්න සිංහවංශ වලව්වෙ ඉන්න එකම කෙනා තෙවින් කියලා දන්න නේත්‍ර එතනින් පිට වෙන්න හැදුවෙ ඉක්මනටම වලව්වට යන්නෝනි නිසා.තෙවින් සිංදු කියද්දි අහන් ඉන්න අනික් අය වගේම නේත්‍රත් කැමති උනත් මෙවෙලෙ නේත්‍රට වැදගත් උනේ උම්බලකඩ කෑල්ල. කළුවරේ ගිටාරය ගගහා සිංදුව කියන තෙවින්ව දිහා බැලුව නේත්‍ර එතනින් පිට වුණත්,සිංදුවෙ වචන කනට ඇහෙනවත් එක්ක නේත්‍රව ගැස්සිලා ගියේ දෙයක් තේරුම් යන්න පටන් ගත්තු නිසා.තෙවින්ගෙ හැඟීම්බර වේදනාබර කටහඩ හරි අපූරුවට ඒ ගීතෙ ගායනා කරද්දි නේත්‍ර හරි අවධානෙන් ඒ ගීතෙට සවන් දෙන්න ගත්තෙ අනික් හැමදේම ටික වෙලාවකට අමතක කරලා දාලා.

"මම ඉන්නම් දුරින්

ඔබ වෙතට......

කිසිදාක ළං නොවී....

වෙන්වන්නට කලින්....

ඔබෙ දෙතොල.....

සිපගනීමි ආදරෙන්....

ඇයි මේ තරමට ළං වුනේ.....

අපී....ආදරෙන්....

කිසිදා නොපැතූ.......

කඳුලැල් පමණයි නෙතේ........

ඔබ හා බැඳුනා........

මතකයි මට අද වගේ.......

සෝ සුසුම් උරුමයි.......

ජීවිතේ ගැඹුරුයි......

මව්පියන්ට දෙන්න බෑ රිදුම්........

අත හරින්න මාගෙ අත හෙමින්......

පරදිමු දෙන්නා ආදරෙන්.........

ඔබවේ දිවියේ.......

රැඳුනූ කුළුඳුල් කෙනා........

තනිවේ අපගේ......

ආලේ නටඹුන් කතා.......

මේ සුසුම් අපටයි........

ආදරේ පුදුමයි......

මව්පියන්ට දෙන්න බෑ රිදුම්........

අත හරින්න මාගෙ අත හෙමින්......

පරදිමු දෙන්නා ආදරෙන්.....

මම ඉන්නම් දුරින්

ඔබ වෙතට......

කිසිදාක ළං නොවී....

වෙන්වන්නට කලින්....

ඔබෙ දෙතොල.....

සිපගනීමි ආදරෙන්....

ඇයි මේ තරමට ළං වුනේ.....

අපී....ආදරෙන්...."

සිංදුව ඉවර වෙලා හෙමීට ඉකි ගහන සද්දයක් ඇහෙනවත් එක්කම නේත්‍ර අඩිය සිංහවංශ වලව්වට තියන්න ගියත්,මෙවෙලෙ එහෙම කලොත් ඉස්සරහට දේවල් අවුල් වෙයි කියලා නේත්‍රට හිතුන නිසා තමන් මෙවෙලෙ,තෙවින් මේ සිංදුව කිව්ව එක දැක්කා කියන එක ආශව එනකං රහසක් විදියට තියාගන්න ඕනි කියලා හිතුනා.පාර මායිමේම තියෙන වත්තෙ අඳුරු කොණක බංකුව උඩ ගුලි වෙලා උන්නු තෙවින් හුස්මක් ඉහලට ඇදලා ඉකිය නවත්තගෙන ලගම තිබ්බ ගහකට හේත්තු වෙනවා දැක්ක නේත්‍ර දුකින් උනත් එතනින් පිටත් වුණා.මේ වෙලාවට මිනිහෙක් පාරෙ නොයන වග දැනන් උන්නු තෙවින් කීයටවත් තමන් මේ දේ දැනගත්තා කියලා හිතන්නෑ කියන එක නේත්‍ර තේරුම් ගත්තා.

වලව්වට දුවලා උම්බලකඩ කෑල්ල නිර්මලාට දුන්නු නේත්‍ර එහෙම්මම වලව්වත්තෙ කොනකින් ඉදගෙන කළුවර නුවර අහස දිහා බැලුවෙ සුදුබේබි ලග උන්නනම් කියන හැඟීම එක්ක.මේ වෙන පටලැවිලි එක්ක නේත්‍රට ආශවව ඕනිම උනා.දිවාෂගෙ පීඩන,තෙවින්ගෙ හැසිරීම,ඒ අස්සෙ අක්කා ගැන ආව ආරංචියක්....මේ හැමදේම එක්ක පුංචි එකාගෙ ඔලුව ඇතුලෙ ලොකු පෙරලියක් වෙලා තිබ්බා.සුදුබේබි ලග හිටියනම් මේ හැම ප්‍රශ්නෙකටම දෙන්නා එක්ක විසඳුම් හොයාගන්න තිබ්බනෙ කියලා හිතුව නේත්‍ර හිතට වගේම මනසට දැනෙන පාළුව එක්ක වලව්වත්තෙ තණතිල්ල උඩ දිගා වුණා.ඒත් එක්කම ඔලුවට ආව අදහසක් එක්ක නේත්‍ර අහස දිහා බලාගෙනම ඒ ගැන කල්පනා කරන්න ගත්තෙ එක ප්‍රශ්නෙකට පුංචි ලෙහිල්ලක් ලැබුනා කියන සාමකාමී හැඟීම එක්ක.

"බැරි වෙලා හරි.....ජානකී නැන්දා තෙවින් අයියට මොනාහරි කියලාවත්ද?"

නේත්‍රගෙ ඒ ගැන කල්පනා කරනවත් එක්කම එලියක් බලාපොරොත්තුවෙන් මෙච්චර වෙලා තැග්ගැහුණු නුවර ආකාහෙ කොණක පුංචි තරුවක් පායලා තිබ්බා.

...................................................................................................

වචන 4500+❤️

හහ් හා!!!! මම ඔන්න ආවා!!!

බියෙන් කදුළින් ගෙවූ කාලය දැන් ඉතින් අවසන්.....

ගොඩ කාලෙකට පස්සෙ ලිව්ව නිසා අඩුපාඩුද කියලාත් හිතෙනවා අද චැපිය...ඊයෙ ලිව්වා දෙන්න.ඒත් ඒක හරි නෑ කියලා තේරුනු නිසා ඩිලීට් කරලා ආයෙම ලිව්වා.

ඉතින් මේ චැපිය විශේෂයෙන්ම තෑග්ගක් විදියට ලිව්වෙ....අද මගෙ හොදම රීඩර් බබෙක්ගෙ උපන්දිනයක්නෙ.....හොදයි හැමෝම බබාලා....ඒත් මෙයා කමෙන්ට්ස් වලින් මගෙ කතාව පුරෝන වගේම,මට ඇත්තටමත් හුගක් ලග කෙනෙක්.කතාබහ කරලා මම එක්ක හරි කිට්ටුවෙන් ඉන්න කෙනෙක්....ඉතින් tharuu__13 සුභම සුභ උපන්දිනයක් වේවා මගෙ මැනිකට❤️ හිතන පතන විදියට හැමදේම ඉෂ්ට වෙලා හැමදාම සතුටින් ඉන්නෝනි❤️ අක්කා හුඟාක් ආදරෙයි❤️ ඉතින් ඔන්න මට පුංචි විදියට පුංචි තෑග්ගක් දුන්නා....රෑ දොලහටම මේක දෙන්න උන්නත් ඔයාගෙ උපන්දිනේට කැත චැපක් දෙන්න ඕනි උනේ නෑ මට.ඉතින් පරක්කු වෙලා හරි ලස්සනට ලියලා ඔන්න ඔයාට සුහ පැතුවා අක්කා❤️

අප්ඩේට්ස් ඉක්මනට දිගටම දෙනවා....නිවාලන්න මා ඉක්මනටම ඉවර කරන්න ඕනි❤️

ඒනම් බබාලා අමතක නොකර අදහසක් දිගෙනම යන්න❤️

ටික්ටොක් එකේ වීඩියෝස් දැකලා හා FB එකෙන් දැකලා අලුතින් කතාවට එකතු උනු බබාලවත් ආදරෙන් පිලිගන්නවා මම❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා 🏵️❤️

Share This Chapter