Back
Chapter 91

90 කොටස🤍✨️

නිවාලන්න මා...

"සල්ලි ටික පාස් වෙලා මචංලා"

"දාලද අකවුන්ට්ස් වලට?"

"ඔව්.....චෙක් කරලා බලන්න......හැමෝගෙම අකවුන්ට්ස් වලට ට්‍රාන්සර් කලා කිව්වා....ආශව උඹ ස්පෙශලි බලපං....උඹේ පලවෙනි එකනෙ"

"ඕකේ සනුක"

සනුකගෙ පණිවිඩේ එක්ක හෝටලේ නාන තටාකෙ බැහැලා හිටිය කොල්ලො ටික ගොඩට ඇවිල්ලා තමන්ගෙ දුරකථන වලින් බැංකු ගිණුම් පිරික්සන්න ගනිද්දි ආශවත් තමන්ගෙ බැංකු ගිණුම පිරික්සුවා.සැලකිය යුතු ප්‍රමාණෙක මුදලක් තමන්ගෙ ගිණුමට බැර වෙලා තියෙද්දි ආශව ඉස්සෙල්ලාම කලේ ඒකෙ ස්ක්‍රීන් ශොට් එකක් අරගෙන නේත්‍රට යවපු එක.නේත්‍ර මෙවෙලෙ ඉස්කෝලෙ ගිහින් කියලා දැනන් උන්නු ආශව නේත්‍රගෙන් පණිවිඩයක් නොඑන නිසා ආයෙමත් තටාකෙට බැහැලා එහා කොනට පීනුවා.

"අද හවසට මම ගානෙ ට්‍රීට් එකක්.....හැබැයි නෝ ඇල්කොහොල්! අපි හෙට උදේම යන්න ඕනිනෙ"

"ඕකේ...ඕකේ... ලියෝන්....ඊයෙත් ඩ්‍රින්ක්ස් ගත්තු එකේ අදත් ඕනි නෑ.....අපිට මොනාහරි බඩ පැලෙන්න කන්න අරං දීපං"

"ලන්ඩන් වල තියෙනවා දැක්කා මම ඉටැලියන් හොටෙල් එකක්....ඒකෙ කෑම හොදයිලු.....ඔරිජිනල් ටේස්ට් එක තියෙන ලසඥ්ඥා එහෙමත් තියෙනවලු....ඒකට යං"

"ඔයාගෙන්නෙ ට්‍රීට් එක....ඔයා කියන ඕනිම තැනකට යං"

තරඟාවලියෙ වීරයා උනු ලියෝන්ට අනික් අයට ලැබුනට අමතරව යම් මුදලක් හම්බ වුණු නිසා ලියෝන් ඒකෙන් අනික් අය එක්ක සතුට සමරන්න තීරණය කරලා තිබ්බා.සනුක ආශවට මොකක් හරි කියන්න කට ඇරියත් ඒත් එක්කම සනුකගෙ අවධානෙ ගියේ මෙච්චර වෙලා සතුටින් කියව කියව ඉදලා එකපාරටම නාන තටාකෙන් ගොඩට ඇවිල්ලා පොඩි තුවායත් කරේ දාගෙන අඩි හප්පන ගමන් එතනින් පිට වුණු ලියෝන්ට.හොදට හිටිය මිනිහට මොකද උනේ බලන්න ඔලුව ඉස්සුව සනුකගෙත් හිතට අවුල් ගියේ නාන තටාකෙට බහින්න එක කකුලක් විතරක් දාගෙන ඉන්න බිවේෂ්ව දැක්ක නිසා.මොනා උනත් ලියෝන් බිවේෂ්ට සලකන විදිය දරුණු වැඩියි කියන එක සනුකට හිතිලා තිබුණු නිසා මෙවෙලෙත් සනුකට දුක හිතුනෙ බිවේෂ් ගැන.

"ගණන් ගන්න එපා මචං....බැහැපංකො දැන්"

"ම්....මම රූම් එකට යන්නම් ආදිත්‍ය"

"එපා එපා.....ආව එකේ ඉදපං මෙතන.....මොකෝ අඳුනන්නෙ නැති කට්ටියක්යෑ ඉන්නෙ....වරෙං ඉතින්"

ආදිත්‍ය බිවේෂ්ගෙ අතින් අදින ගමන් කියද්දි බිවේෂ් හෙමින් සැරේ තටාකෙට බැස්සත් බිවේෂ්ගෙ මනස තිබ්බෙ මෙතනින් ගිය ලියෝන් ලඟ කියලා එතන හැමෝටම තේරුණා.ලොකු හුස්මක් පහල දැම්ම සනුක බිවේෂ්ට තට්ටුවකුත් දාන ගමන් නානතටාකෙන් ගොඩ වෙලා ලියෝන් ගිය පැත්තටම ගියේ මෙවෙලෙ ලියෝන්ව තනි කරන්න හොඳ නැති නිසා.සනුකත් ගිය නිසා ආශවට මෙතන ඉන්න වුවමනාවක් නැති උනත් ලියෝන්ගෙ පස්සෙන් යන්න වුවමනාවකුත් නැති ආශව තටාකෙ බැම්මට පිට දීලා කණ්ඩායමේ සාමාජිකයො ටික එක්ක කතාබහට එකතු උනා.ඒ ටික වෙලාවට ආදිත්‍යගෙයි බිවේෂ්ගෙයි තියෙන අඹ යාලුකම ගැන තේරුම් ගත්තු ආශවට මතක් උනේ දෙවින්ව.

"ආශව.....උඹේ ෆෝන් එක රින් වෙන්නෙ"

"ඔහ්!"

තටාකෙන් පිට හිටිය කොල්ලෙක් කෑ ගහද්දි ආශව ඉක්මනටම ගොඩට ගියේ දැන් එකහමාර පහු වෙලා කියන සැකේ එක්ක.හිතුව වගේම ඇමතුම නේත්‍රගෙන් වෙද්දි දුරකථනෙ කනේ ගහගත්තු ආශව තටාකෙන් ටිකක් ඈතට වෙන්න ගමන් කරද්දි ආදිත්‍යගෙ තියුණු ඇස් ආශවගෙ පස්සෙ වැටිලා තිබ්බා.ලේසියකින් හිනා නොවෙන ආශව පුදුමාකාර ලස්සන හිනාවක් එක්ක දුරකථන ඇමතුමට සම්බන්ධ වෙනවා දැක්ක ආදිත්‍ය කට කොණකින් හිනා වෙලා ආයෙමත් කොල්ලො ටික එක්ක කතාබහට එකතු උනේ වෙනසක් කාටවත් පෙන්නන්නෙ නැතුව.

"නේත්‍ර.....අද ෆෝන් එක අරං ගියාද ඉස්කෝලෙට?"

"නේත්‍ර එහෙම නරක වැඩ කරන ලමයෙක් නෙවේනෙ සුදුබේබි.....නේත්‍ර ඉස්කෝලෙ ලඟ බුක්ෆොප් එකෙන් ෆෝන් එක තියලා ගියේ අද.ඉස්කෝලෙ ඉවර උනු ගමන් සුදුබේබිට කෝල් කරන්න ඕනි උනානෙ මට"

"ආහ්....ඒකෙ නම් අපිත් වෙලාවකට ෆෝන් එක තියනවා....දැන් යමින් ගමන්ද මැණිකෙ?"

"ඕ සුදුබේබි....යමින් ගමන්....බස් හෝල්ට් එකේ ඉන්නෙ"

"කොටා?"

"ලඟ ඉන්නවා සුදුබේබි.....සුදුබේබි එව්ව මැසේජ් එක දැක්කා මම....දෙයියෝ මගෙ සුදුබේබි ලොකු සල්ලියක් හම්බකරලා!"

"ම්ම්ම්ම්.....ආඩම්බරයි නේද?"

"ඔව්....මට හරි ආඩම්බරයි සුදුබේබි....සුදුබේබි වගේම මාත් ඉක්මනටම දෙපයින් හිටගන්නම් සුදුබේබි....සුදුබේබිට හයියක් වෙන්නම්"

"මගෙ නේත්‍ර කොහොම හිටියත් මගෙනෙ.....ඒ නිසා පීඩනයක් ඔලුවට ගන්න එපා....තේරුනාද?"

"ඔව්.....සුදුබේබි හෙට උදේම එනවා නේද?"

"ඔව්.....ම්ම්ම්....නේත්‍රට මොනාද ගේන්න ඕනි මෙහෙන්?"

"මට?"

"ඔයාට නැතුව වෙන කාට ගේන්නද මැණිකෙ මම? මොනාද ඕනි?"

"මට මුකුත් එපා මගෙ සුදුබේබි.....මගෙ සුදුබේබි පරිස්සමින් එන්නකො....මට ඕනි එච්චරයි"

"මුකුත්ම එපාද?"

"ඕනි"

"මොනාද?"

"ස්.....සුදුබේබිව"

"මම එනවා මැණිකෙ හෙට....ම්ම්..."

"එන්න සුදුබේබි......මම හරි පාළුවෙන් ඉන්නෙ"

"මටත් නේත්‍ර....හරි පාළුයි....ඒත් හෙට ගැන මතක් වෙද්දි හරි සතුටක්,උනුහුමක් එනවා"

"සුදුබේබි හෙට මාත් එනවා එයාපෝට් එකට"

"ඇ....ඇත්තද මැණිකෙ? දෙයියනේ.....කොහොමද එන්නෙ?"

"දෙවින් අයියලා එනවා කිව්වා හෙට....හෙට මුදියන්සෙලා කවුරුත් නෑනෙ සුදුබේබි....නේත්‍රත් එන්නම්....ආවට කමක් නෑ නේද?"

"මොනාද අහන්නෙ නේත්‍ර? මම එන්නෙම ඔයාව බලන්නනෙ මැණිකෙ....ඒක විනාඩියක් හරි ඉක්මන් වෙන එකට මට කොච්චර නම් සතුටුද?"

"එහෙනම් මම එන්නම් සුදුබේබි"

"එන්න මැණිකෙ.....අපි දැන් යනවා පොඩ්ඩක් ඇවිදින්න....මෙහෙ මම ඇවිල්ලම නෑනෙ"

"ෆොටෝස් ටිකක් එහෙම ගහන් එන්න සුදුබේබි.....කොහෙ ගියත් කමක් නෑ....පරිස්සම් වෙන්න හොදද?"

"හරි චූටි මහත්තයෝ.....මම පරිස්සම් වෙන්නම්"

"සුදුබේබි බස් එකක් එනවා...මම ගෙදර ගිහින් කෝල් එකක් ගන්නම්...."

"හරි නේත්‍ර.....පරිස්සමින් මැණිකෙ....බුදුසරණයි"

"බුදු සරණයි සුදුබේබි"

නේත්‍රගෙ ඇමතුම විසන්ධි කෙරුව ආශව හිනා වෙවීම කාමර පැත්තට ඇවිදන් යද්දි කොල්ලො ටික යකෙක් දැක්කා වගේ ආශව දිහා බලාගෙන හිටියා.ලේසියකින් හිනා නොවෙන ආශව වගේ මිනිහෙක්ව මෙච්චර හිනාගස්සන්න පුලුවන් කෙනා කවුද කියන හැඟීම කට්ටියගෙම හිත් වලට ආවත් කවුරුත් ඒ ගැන ආශවගෙන් හාර අවුස්සන්න ගියේ නැහැ.

"ම්ම්ම්......පැක් හතරක් හෑව් නේහ් දැනටමත්?"

"පලයංකො සනුක! හෙන වල් උබනම්!"

"ජිම් යනවද උඹ?"

"ඔව්.....වීකෙන්ඩ් එකේ යනවා....ඒකත් හුඟක් වෙලාවට මගෑරෙනවා....ගෙදර ඉදලා තමා හුඟක්ම මොනාහරි වර්කවුට් එකක් කරන්නෙ"

"පැක් හතරක් හදාගෙන තියෙන එකම ලොකු දෙයක් ඉතින් ඔය විදියට.....මේ මම ජිම් එකේ පැලවෙලා ඉදලත් මෙච්චරයි"

"යකෝ මෙච්චරයි කියන්නෙ! හයක් තියෙනවනෙ?"

"හදාගත්තා වගේ නෙවේ ආශවයා මෙව්වා මේන්ටේන් කරන්න ගියාම....උබනම් ලොකුවට බැහැලම ඔව්වා කරලා ඇඟ හදන් නැති නිසා උඹට ඔය පැක් ටික ටිකක් අඩු උනත් ලොකු අවුලක් වෙන්නෑනෙ....ඒ උනාට මෙව්වට හෙනට වියදම් කරලා හදාගන්න උන්ට අන්තිමට මොකක් හරි වෙලා මෙව්ව අතුරුදන් උනොත් හෙනම අවුල්....එකක් සල්ලි අපරාදෙ....අනික් පැත්තෙන් රූපෙ"

"සරල වෙයංකො"

"සරල වෙන්න තිබ්බා උඹට වගේ උප්පත්තියෙන්ම ගට් එක හිටින ඇඟක් මට තිබ්බනම්.....මම පුංචි කාලෙ නොසෑහෙන්න බුලි ප........මේ......උඹ ලග සුදුපාට ජැකට් එකක් තිබ්බා නේහ්?"

"ඔව්...."

"ඒක දීපංකො.....මගෙ එක ගේන්න බැරි වෙලා අනේ...."

"ඉඳපං"

ආශව දුන්නු ජැකටයත් ගත්තු සනුක ආශවට එන්න කියන ගමන් එලියට යද්දි ආශව කල්පනා කලේ සනුක කියන්න ගිහින් ගිලගත්තු වචන කීපය ගැන.මීට කලිනුත් සනුක ඒ වගේ දේවල් කරලා තියෙනවා කියලා ආශවට මතක් උනා.සනුක කිසිම දවසක තමන්ගෙ පුංචි කාලෙ ගැන ලොකුවට ආසාවෙන් කතා කරන කෙනෙක් නෙවෙයි කියලත් දවසක් සනුක අහම්බෙන් වගේ තමන්ට පෙන්නන්න ගිය පුංචි කාලෙ ෆොටෝවක් සනුක සඟවගත්තු වගත් ආශවට මතක් උනා.හැම මනුස්සයෙක්ගෙම මොකක්ම හරි හැඟිච්ච කාලවකවානුවක් තියෙන එක සාමාන්‍ය නිසා ආශව ඒ ගැන ගණන් නොගෙන හිටියා.

"වෝහ්!"

ආශවට නිතැන්තිම කියවුණේ ලන්ඩන් නුවර සුන්දරත්වය දැකලා.ලන්ඩන් නුවර නාගරික බව හොදින්ම උලුප්පලා පෙන්වන නගරයක් උනත්,පුංචි කාලෙ තමන් අප්පච්චි එක්ක ගිය නිව්යෝක් නුවර නැති අමුතු ලස්සනක් ආශව මෙතනින් දැක්කා.දුරකථනෙ අතට ගත්තු ආශව පුලු පුලුවන් විදියට වීඩියෝ දර්ශන හා ඡායාරූප එක්කහු කරගත්තෙ ගෙදර ගිය ගමන් නේත්‍රට එව්වා පෙන්නන්න තිබ්බ වුවමනාවට.ලියෝගෙ සංග්‍රහයත් සතුටින් භුක්ති වින්ද කොල්ලො ටික නිදහසේ පාරෙ ඇවිදින්න ගනිද්දි ආශව සනුකගෙ උරහිසෙන් අල්ලලා නතර කරගත්තා.

"ඕ ආශවයා.....කියපං"

"මේ.....මේ හරියෙ හොඳ ඇඳුම් ගන්න මොකක් හරි ශොප් එකක් තියෙනවද?"

"අප්පෝ ඕනි තරන් තියෙනවා ආශව....ගන්න ඕනිද?"

"ඔව්....මාව එක්කං යමංකො....මට ගාණ ලොකු අවුලක් නැ.....ලස්සන කොලිටි ඇඳුම් ඕනි"

"මේ හරියෙ තියෙන ඔක්කොම ශොප්ස් කොලිටි.....හැබැයි මම මෙහෙ ආවම නිතරම යන එක ශොප් එකක් තියෙනවා...ඒකට යං අපි"

ආශව සනුකගෙන් උදව් ගන්න හිතුවෙ සනුක කීප පාරක්ම මෙහෙ ඇවිත් තියෙන බව දැනන් උන්නු නිසා.දෙන්නා එක්ක කොල්ලො ටිකට යන තැන කියලා සමු දෙද්දි ලියෝන්ව ආදිත්‍ය සනුකලා එක්ක යන්න නොදී ඇදන් ගියේ සනුකට ඇහැක් ගහන ගමන්.බිවේෂ් බැනුම් අහන්න හරි ලියෝන් එක්ක පොඩ්ඩක් ඇවිදින්න තව ටිකකින් මෙතනට එන නිසා ලියෝන්ට නොදැනෙන්න ලියෝන්ව එක්කං යන වග ආදිත්‍ය සනුකට කලින්ම කියලා තිබ්බා.ආශව එක්ක ඇඳුම් කඩේට ගිය ආශව වටපිට බැලුවෙ විවිධාකාර ලස්සන ඇඳුම් ආයිත්තම් වලින් මුළු කඩේම පිරිලා තිබ්බ නිසා.

"කපල් ටොප්ස් කොයි හරියෙද තියෙන්නෙ?"

"ම්ම්ම්ම්.....බලමු ඇවිදලා"

විනාඩි ගාණක මහන්සියකින් පස්සෙ ආශව සනුක එක්ක හිටියෙ යුගල විදියට අඳින්න පුළුවන් ඇඳුම් එල්ලලා තියෙන තැනක.ආශව කොණක ඉදලා ඇඳුම් උඩින් ඇස් දෙක ඇදගෙන යද්දි ආශවගෙ ඇස් නැවතුනේ වූල් වර්ගයේ රෙද්දකින් මහලා තිබ්බ අත් දිග ඕවර්කෝට් දෙකක් ලග.හරි ආසාවෙන් ඒක අතගෑව ආශව රෝසපාටින් හා නිල් පාටින් දෙකක් අතට අරගෙන එහෙ මෙහෙ හරෝ හරෝ හැඩ බලද්දි සනුක ආශව එක්ක හිනා වුණා.

"අම්මටසිරි.....එහෙ ගිය ගමන් මල්ලිව උස්සන් නුවරඑලිවත් යන්නද?"

"ම්ම්ම්ම්.....කෝකටත් කියලා ගත්තෙ...සීතල වෙලාවක ගමනක් යන්න උනොත් මේක ශේප්නෙ"

"ලස්සනයි ඒ දෙක.....සිරාවටම"

සනුකට ලා හිනාවකින් උත්තර දුන්නු ආශව ඊලගට ඇඳුම් පීර පීර හොයන්න ගත්තෙ කමිසයක්.අන්තිමට ආශවගෙ ඇස් දෙක දිලිසවන ගමන් ලා නිල් පැහැ පසුබිමේ සුදු පැහැ මෝස්තරයක් ගිය කමිසයක් අතට ගත්තු ආශව සනුක දිහාවට හැරිලා හරි කියලා කිව්වා.ඇඳුමක් අල්ල අල්ල හිටිය සනුක ආශවට ඔලුව  වනලා කවුන්ටර් එක පෙන්නද්දි ආශව එතනට ගිහින් තමන්ගෙ දුරකථනය මගින් ගෙවීම් කරලා එහෙම්මම සනුක එක්ක එලියට ආවා.ලොකු හුස්මක් පහල දැම්ම ආශව හරි සන්තෝසෙන් සනුක එක්ක එලියට එද්දි ඇඳුම් සාප්පුව දිහාවට බැල්මක් එල්ල කෙරුව සනුක ආශවගෙ පිටිපස්සෙන් වැටුණා.

.

.

.

.

.

"නේත්‍ර මල්ලිට සෝශල් මීඩියාස් වලට ලොග් වෙන්න දෙන්න එපා!"

දෙවින් තවමත් හිටියෙ සනුක කලින් දවසෙ රෑ තමන්ට එව්ව මැසේජය දිහා බලාගෙන.දෙවින්ගෙ ඔලුව තමන්ගෙ පපුව උඩ තියාගෙන ඇඳේ ඇලවිලා උන්නු දෙනෙත් ඇස් දෙකත් රෝල් කරලා දෙනෙත්ගෙ දුරකථනෙ දෙවින්ට පෙන්නද්දි දෙවින් දුරකථන තිරයේ ප්ලේ වෙන වීඩියෝව දිහා බලලා නොරිස්සුම් හුස්මක් පහල දැම්මා.

"තව පේජ් එකකින් දාලා දෙව්!"

"දිව්දේත්‍රා කියන්නෙ සෝෆල් මීඩියා ඉන්ෆුවන්සර් කෙනෙක්  බබා.....එයාට ලොකු ෆෑන්බේස් එකක් ඉන්නවා.ඉතින් වීඩියෝ එක වයිරල් යන එක නෝමල්"

"ඔයාට හිතෙන්නෙ නැද්ද මේක ඔය කෙල්ල හිතලම කරපු දෙයක් කියලා?"

"ම්ම්ම්ම්......සීයට අනූවක්ම ඉතින් ඒ පැත්තට තමා බර....මට අවුල තියෙන්නෙ අපේ එකා පලවෙනි ඉන්ටනැෂනල් මැච් එකේදිම මේ කොහෙවත් ඉන්න කෙල්ලෙක් එක්ක ශිප් උනු එක"

"ආශව දැකලද දන්නෑ"

"මම හිතන්නෑ....ආශව එෆ්බී ටික්ටොක් යනවා මාරම අඩුයි....ඉන්ස්ට තමා ගියත්....හැබැයි මිනිහා දැක්කනම් මේ වෙද්දිත් මට කෝල් එක ඇවිල්ලා"

"උපාධ්‍යාත් කෝල් කලා.....අද එයාලගෙ අප්පච්චිගෙ මීට්න් එකක් තියෙනවලු...ඒකෙ මොකක් හරි වීඩියෝ කෑල්ලක් වයිරල් යවමු කිව්වා....මේක යට ගහන්න"

"පුලුවන් වෙයිද බබා?"

"පුලුවන් වෙයි......යට ගහන්නම බැරි උනත් යම් තරමකට පාලනය කරගන්න පුළුවන් වෙයි.....නැත්තං අන්තිමට වෙන්නෙ අපේ එකා මේ කොහෙවත් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුයි කියලා තහවුරු වෙන එක"

"ඔව්.....මතකනෙ ගිය අවුරුද්දෙ ටීම් එකේ කසුන්තට උනු වැඩේ.....අර ඇක්ට්‍රස් කෙනෙක් ඔය වගේම මැච් බලන්න ඇවිල්ලා මූ ලකුණු ගහද්දි අමුතු ඇක්ෂන් දදා සතුටු වෙනව වගේ පෙන්නන වීඩියෝ වයිරල් උනා....අන්තිමට මිනිස්සු හිතුවෙ මුන් දෙන්නා යාලුයි කියලා....කසුන්ත ඉන්ස්ට දැම්මම ඇත්තම ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක කපල් ෆොටෝ එකක් fb එකේයි ඉන්ස්ට එකේ ඒ ෆොටෝ එකට වැටුණ්‍ය් කමෙන්ට් අස්සෙයි ඒ කොල්ලට කොච්චර නම් මඩ ගැහුවද? කෙල්ලටත් එහෙමයි...ඇක්ට්‍රස්ට අනුකම්පා කලා....අන්තිමට කසුන්තම පෝස්ට් එකකට කමෙන්ට් කරල තිබ්බා කෙල්ලගෙයි එයාගෙයි අෆෙයා එකට අවුරුදු තුනක්....ඔය කියන ඇක්ට්‍රස් එක්ක කිසිම සම්බන්ධයක් තිබ්බෙ නෑ කියලා....අපේ එකාටත් ඔහොම උනොත් හිතන්නකො"

"අනික මේක ඊට හපන් වෙනවනෙ....දිව්දේත්‍රගෙ තාත්තා කවුද කියන එක ප්‍රසිද්ධ උනොත් අපේ එකා පන්දමෙන් ආවා වෙනවා.....ආශවයා නේත්‍ර මල්ලිගෙ හයියෙන් ආශිර්වාදයෙන්,ආශවගෙ දක්ෂකමින් ඇචීව් කරගන්න හැම දෙයක්ම අන්තිමට දිව්දේත්‍රාගෙ පන්දම කියලා ටැග් වෙනවා"

"ශිට්! හෙට අපි කට්ටියම යමු එයාපෝට්.....ඔතනත් ඔය කෙල්ල මොකක් හරි නාඩගමක් නටයි කියලා හිතෙනවා මට"

"හ්ම්ම්ම්ම්"

කලකිරීමෙන් මිමිණුව දෙවින් දෙනෙත්ගෙ පපුවට ආයෙමත් ඔලුව ගහගනිද්දි දෙනෙත් දෙවින්ගෙ කොණ්ඩෙ අස්සෙන් තමන්ගෙ ඇඟිලි යැව්වා.ආශව පිතිකරණයේ යෙදිලා අර්ධ ශතකය ලබාගන්නවත් එක්කම පැවීලියන් එකේ හිටිය දිව්දේත්‍රා මූණත් වහගෙන අඬනව වගේ රංගනේක යෙදෙද්දි ඒ ලග හිටිය තව ගෑනු ලමයෙක් දිව්දේත්‍රාව තුරුල් කරගෙන පිටට තට්ටු දානවත්,ඊලගට ආශව හයේ පාරවල් දෙකක් එල්ල කරන වතාවල් වලදිත් කැමරාව දිව්දේත්‍රා වෙතට යොමු වෙනවත් දිව්දේත්‍රා කෑ ගගහා උඩ පයිනවත්,ආශව දැවී යන අවස්ථාවේදී දිව්දේත්‍රා කටත් වහගෙන පැවීලියන් එකේ ඇතුල් පැත්තට දුවනවත් ඒ වීඩියෝවෙ පැහැදිලිවම සටහන් වෙලා තිබ්බා.

දිව්දේත්‍රා ලස්සන ගෑනු ලමයෙක් නිසා වගේම දිව්දේත්‍රාගෙ හැසිරීම නිසා හුගක් කමෙන්ටු වල වගේම හැදිලා තිබ්බ වීඩියෝ පට වලින් පිලිඹිබු උනේ දිව්දේත්‍රා ආශවගෙ පෙම්වතියද කියන පැහැදිලි සැකය.ලොකු හුස්මක් පහල දැම්ම දෙනෙත් තමන්ගෙ පපුව උඩම නින්ද ගිහින් තිබ්බ දෙවින්ගෙ පිරුණු කම්මුලක් උඩින් තමන්ගෙ දෙතොල් තද කරලා කාමරෙන් එලියට ගියේ පුලු පුලුවන් කට්ටියට දන්නලා ඒ වීඩියෝ පට රිපෝට් කරන්න හිතාගෙන.

*      *      *      *      *

"හරිද මල්ලි?"

"හරි අයියෙ"

"අනික් මල්ලි?"

"හ්....හරි"

"ඔයා බය වෙලාද ඉන්නෙ? තෙවින් මල්ලි....ඔය මල්ලිව ශේප් කරපං.....අපිට වඩා උඹනෙ ලඟ"

"ම්ම්ම්ම්....."

තෙවින්ට කිව්ව ස්ටූඩියෝවෙ පටිගතකිරීම් වල ඉන්න ප්‍රධාන ඉලන්දාරියා ගිහින් වීදුරු කුටියෙන් එලියෙ ඉදගනිද්දි තෙවින් දිවාෂ ලගට ලං වුණා.සවන් ආවරණය අතට ගත්තු තෙවින් දිවාෂ ලගට පාත් වෙලා දිවාෂගෙ කොණ්ඩෙ අතින් හදද්දි දිවාෂ තෙවින් දිහා නොබලා ඉන්න පුලුවන් තරන් උත්සාහ කලා.

"ඔයාට මම වෙනුවෙන් කරන දේවල් හරියටම කරන්න පුළුවන් යුගාන්.....ඒ නිසා බය වෙන්න එපා"

සවන් ආවරණය දිවාෂගෙ හිස මත්තෙන් කන් දෙකට හිටිය විදියට දැම්ම තෙවින් ගිහින් දිවාෂ ලඟම තිබ්බ ආසනෙන් ඉඳගනිද්දි දිවාෂ තෙවින් දිහා එකපාරක් බලලා හුස්මක් පහල දාලා වීදුරු කුටියෙන් එලියෙ ඉන්න පිරිස දිහා බැලුවා.ආයෙමත් තෙවින් දිහා බැලුව දිවාෂ ඇස් දෙක පියාගෙන සන්සුන් වෙද්දි මයික්‍රෆෝනයකින් ආරම්භ කරන සංඥාව ලබා දුන්නා.

ආරම්භක සංගීත කණ්ඩය එක්ක තෙවින්ගෙ ගැඹුරු හඬ අවධි වෙද්දි දිවාෂගෙ හිතේ තිබ්බ කනස්සලු කලබලේ හෙමීට තුරන් වෙනවා දිවාෂට දැනුනා.

"සඳ නාව දිනයක් පාසා.....ඉකිබිඳින කවියක් රෑ......

බොඳ පාට බිදුවක් සීමා....යයි සේදි පදවැල් පෑ...."

තෙවින්ගෙ කටහඬ එක්ක තෙවින් දිහාම බලාගෙන හිටිය දිවාෂ ගැස්සිලා ගියේ තෙවින් තමන් දිහා බැලුව බැල්ම එක්ක.ඒත් එක්කම ඇස් දෙක පියාගත්ත දිවාෂ මනසෙ ඇඳෙන අතීත චිත්තරූප එක්ක තමන්ගෙ හඬ අවධි කලා.

"සඳ නාව දිනයක් පාසා.....ඉකිබිඳින කවියක් රෑ......

බොඳ පාට බිදුවක් සීමා....යයි සේදි පදවැල් පෑ....

මාරුතේ හැමුවොතින්....හන්තාන මල් වී දුකින්

පෙති ගිලිහිලා යන සැනින්....හිත් පරවෙලා යයි හෙමින්...."

දිවාෂට තෙවින්ව මුලින්ම දැක්ක දවසෙ ඉදන් එක දිගටම දේවල් මතක් වෙන්න ගත්තා.මුලදි තමන් එක්ක හිතවත්ව උන්නු තෙවින් ටික ටික තමන්ගෙ හදවතට තට්ටු කරන්න ගත්තු හැටි දිවාෂට මතක් වුණා.හැමදේමත් එක්ක තෙවින් ඊයෙ තමන්ට කෑ ගැහුව හැටි මතක් වුණු දිවාෂ තමන්ගෙ ඇස් වලින් වැටෙන්න ගිය කදුළක් හෙමින්සැරේ පිහගත්තා.

කාලෙකට කලින් මේ සිංදුවෙ කවර් එකක් කරමු කිව්ව වෙලේ දිවාෂ විහිලුවට වගේ කිව්ව විරහ වේදනාව අද තමන් ඇත්තටම විදිමින් ඉන්න වග කල්පනා කරපු දිවාෂගෙ මූණෙ ඇඳුනෙ දුක්බර හිනාවක්.සම්බන්ධතාවයක් පවත්වගෙන ඒකෙන් වෙන්වෙන්නම ඕනිද විරහා වේදනාව අත් විදින්න? සමහර මිනිස්සු බැඳීමක් නැති නමක් නැති හැඟීම් වලිනුත් විරහ වේදනා විඳින වග දිවාෂ තේරුම් ගත්තෙ තෙවින් නිසා.කල්පනා ලෝකෙක ගිලෙමින් උන්නු දිවාෂගෙ අවධානෙ බිඳුනෙ තෙවින්ගෙ හඬ නිසා.

"හන්තානෙ මල්...නුඹෙ හිත වාගේම යල්....

පැනයන ආලේම මං....දුටුවා....."

ඒත් එක්කම දිවාෂගෙ ඇස් තෙවින්ගෙ ඇස් එක්ක ගැටුණා වගේම දිවාෂගෙ හඬ අවධි උනා.

"තුන් යාමෙ කල්...අරගෙන පාවී දුරක්....

ආයෙත් තවත්....නොඑනා"

තෙවින් ඉක්මනටම දිවාෂගෙ ඇස් වලින් තමන්ගෙ ඇස් මුදවගෙන ආයෙමත් ගීතෙට අවධානෙ දෙද්දි දිවාෂ පාඩුවෙ ඉස්සරහ බලාගත්තා.

"සෙව්ව රූප රෑ.....සඳගනාව කෝ පෑ....

අන්ත ස්වරය ඈ....කී කතාව තව නෑ"

තෙවින්ගෙ හඬ වියැකෙනවත් එක්කම දිවාෂ තමම්ගෙ හඬ අවධි කලා.එකවතාවක්වත් පුහුණු නොවී ඇවිත් කරන මේ වැඩේ මේ වගේ පිලිවෙලකට වෙන්නෙ කොහොමද කියලා දිවාෂට පවා පුදුම හිතුනා.සමහරවිට තෙවින් කිව්ව කතාවෙ ඇත්තක් ඇති.

"ආලාප වාද නොඇසී ඉන්න දෙන්න කාලයක්.....

පසුගාමි නොකර ආලෙ නැද්ද හීනෙකට ඉඩක්????

"හන්තානෙ මල්...නුඹෙ හිත වාගේම යල්....

පැනයන ආලේම මං....දුටුවා....."

දිවාෂගෙ හඬ නොසෑහෙන්න ඇඬුම්බර වෙද්දි දිවාෂ තමන්වම පාලනය කරගත්තා.ගීතයෙ අවසන් කොටස කියන්න තෙවින් හඬ අවධි කරද්දි දිවාෂ කලේ ඇඟිලි එකට පටලගෙන බිම බලාගත්තු එක විතරයි.අන්තිම කොටස දිවාෂ තමන්ගෙන් ප්‍රශ්නයක් අහන්නා වගෙ කියද්දි තමන්ගෙ හිතට පවා දැනුනු මහා බර තත්පර ගාණකට අමතක කෙරුව තෙවින් වැඩේට අවධානෙ දුන්නා.

"තුන් යාමෙ කල්...අරගෙන පාවී දුරක්....

ආයෙත් තවත්....නොඑනා"

එලියෙ හිටිය පිරිස තමන්ගෙ මාපටැඟිලි උස්සලා සතුට පල කලේ පලවෙනි වතාවෙන්ම දෙන්නගෙ පටිගත කිරීම හරියටම සිද්ධ වුණු නිසා.වැඩ ටික ඉවර කෙරුව තෙවිනුයි දිවාෂයි එලියට එද්දි ඇතුල්වීමේ කුටියෙ සෝෆාවක ඉඳගෙන උන්නු නේත්‍ර නැගිටලා දෙන්නා දිහාම හිනාවෙලා බැලුවා.

"වැඩේ හරිද?"

"ඔව් නේත්‍ර මල්ලි...."

"ඔව් නේත්‍ර හරි....අපි යංද?"

"යං"

නේත්‍ර ලගට ගිය දිවාෂ නේත්‍රගෙ උරහිසට අත තියලා එහෙම්මම නේත්‍ර එක්ක යන්න හැදුවත් තෙවින් දිවාෂගෙ අතින් අල්ලලා දිවාෂව නැවැත්තෙව්වා.

"ඇයි?"

"මට පුළුවන් ඔය දෙන්නව ගෙදරට ඩ්‍රොප් කරන්න"

"නෝ තෑන්ක්ස්....අපි දෙන්න පුළුවන් ආව විදියටම බස් එකේ යන්න....යං නේත්‍ර"

"දැන් කරුවළ වැටිලා යුගාන්.....හිතුවක්කාර වෙන්න එපා"

"කළුවර හුරුයි මට.....අනික නේත්‍රත් ඉන්නවනෙ.අපි දෙන්නාට පුළුවන් යන්න"

"නේත්‍ර මල්ලි....ඔයාවත් මෙයාට පැහැදිලි කර...."

"නෑ තෙවින් අයියෙ.....අපි ටවුන් එකෙන් බැහැලා ත්‍රිවිල් එකක යන්නම් ගෙදර....අයියා කරදර වෙන්න ඕනි නෑ....අපි යං දිවාෂ"

කලින් දවසෙ හවස දිවාෂට පුළුවන් තරම් රිද්දෙව්ව තෙවින් එක්ක දිවාෂගෙ අකමැත්තෙන් යන්න නේත්‍රට වුවමනාවක් තිබ්බෙ නැහැ.දිවාෂගෙ හිත රිදෙන විදියෙ දෙයක් කරන්න නේත්‍රට ඕනි උනේ නැති නිසා නේත්‍ර දිවාෂ එක්කම එලියට බහින්න ලෑස්ති උනේ තෙවින්ටත් යන්නම් කියාගෙන.ගම්මානෙට යන පාර ලගින් බස් එකෙන් බැස්ස නේත්‍ර දිවාෂ එක්ක හෙමීට හෙමීට ඉස්සරහට ඇදුනෙ ත්‍රී රෝද රථ එකක්වත් ටවුමෙ නොතිබුනු නිසා.හිතුවක්කාරකමට ආවට මොකෝ දැන් දැන් දෙන්නගෙ හිත් වලට බයක් ආවත් හුරු පුරුදු පාර නිසා දෙන්නා එක්ක ඉස්සරහට ඇදෙද්දි නේත්‍ර කල්පනා කලේ මේම තනිපංගලමෙ ආවා කියලා දැනගත්තොත් හෙම සුදුබේබි තමන්ට කොච්චර තරවටු කරයිද කියන එක.

"එහෙනම් පරිස්සමට යන්න නේත්‍ර චූචි....හෙට උදේ 8ට පිටත් වෙමු අපි"

"හා දිවාෂ....මම උදේම ලෑස්ති වෙන්න එන්නම් ඔයාලගෙ දිහා....නැත්තං මහ මුදියන්සෙට අහු වෙයි"

"හරි....ඔයා එන්න....එහෙනම් මම් යනවා...බුදුසරණයි"

"බුදු සරණයි දිවාෂ"

නේත්‍රව වලව්ව ලගින් ඇරලවපු දිවාෂ තමන්ගෙ ගෙදර ලගට දුවද්දිම තෙවින්ගෙ බයිකය තමන්ව පහු කරගෙන යනවා අහම්බෙන් දැක්ක දිවාෂ ඒ පැත්ත බලලා ආයෙමත් අහක බලන් ගෙදෙට්ට දිව්වා.

"මූ අපිට කලින්නෙ ආවෙ....ආයෙ කොහෙ ගිහින්ද කාර් එක දාලා බයික් එකේ?"

..............................................................................................

"මේ ඇඳුම හොඳද දිවාෂ?"

"ඔයාට මොක ඇන්දත් ලස්සනයි චූචියො.....ඇත්තටම ආසවව අතෑරලා මම එක්ක....."

"දිවාෂ බබා! ඔය කටකියවිල්ල වැඩිකල් කරන්නනම් වෙන්නෑ ආශව එක්ක"

දෙනෙත් දිවාෂට ටොක්කක අනින ගමන් කියලා KDH රථයෙන් බැහැලා එලියෙන් හිටගනිද්දි පිටිපස්සෙ ඉදන් උන්නු දෙවිනුයි දිවාෂයි නේත්‍ර‍යිත් බිමට බැස්සා.කා එක්ක හරි කරපු දුරකථන සංවාදෙ ඉවර කෙරුව තෙවිනුත් ඒත් එක්කම එලියට බහිද්දි කට්ටියම ගැස්සිලා ගියේ කොහෙ ඉදන් හරි දුවං ඇවිල්ල තමන්ගෙ ඇඟට පැන්න ආර්ය නිසා.

"උඹ කොහෙද මෙ....ආහ්! නිදුකි....උපාධ්.....අරුන්දතී අක්කා?"

ආර්ය අන්තඃපුරේ රජා වගේ ගෑනු ලමයි ටිකවත් පිරිවරාගෙන එද්දි දිවාෂයි නේත්‍රයිනම් ඔහේ බලන් හිටියෙ ආර්ය කෙල්ලො ගොඩක් මැද්දෙ ඉන්න එක හරි සාමාන්‍ය දෙයක් උනු නිසා.අරුන්දතීව දැක්ක ගමන් නේත්‍ර දුවගෙන ගිහින් අරුන්දතීගෙ අතේ එල්ලෙද්දි අරුන්දතී තමන්ගෙ පුංචි එකාගෙ ඕඩික්ලෝන් පුසුඹ හමන කොණ්ඩෙ උඩින් තොල් තද කලා.

"අක්කා හරි ලස්සනයි....."

නේත්‍ර කිව්වෙ රෝසපාට ගවුමකින් හැඩ වෙලා ඉන්න අරුන්දතී දිහා බලන ගමන්.ඉණ ලගට තිබ්බ කොණ්ඩෙ කඩලා දාලා හිටිය අරුන්දතී කොණ්ඩෙ දෙකට මැදින් බෙදලා ඒ කොටස් දෙක පිටිපස්සට වෙන්න පීරලා බෝ එකක් තියෙන කොණ්ඩ කට්ටක් ඒ මත රඳවලා තිබ්බා.හිනා වෙලා නේත්‍රගෙ අතින් අල්ලගත්තු අරුන්දතී කට්ටිය එක්ක පස්සෙන් යද්දි අරුන්දතී දිහා බලලා මනමාල හිනාවක් දැම්ම දිවාෂ නේත්‍රගෙ අනික් අතින් අල්ලගත්තා.

"නිදුකි මේ අස්සෙ මෙහෙ ආවද?"

"මේ වීකෙන්ඩ් එකේ ක්ලාස් නෑ අපිට.....ආර්.....ම්ම්.... උපාධ්‍යා කිව්වා කට්ටිය එක්ක යනවා කියලා එයාපෝට්....මාත් ආවා ඉතින් ඒ නිසා....ඒක නෙවේ නේත්‍ර බොකේ එක ගත්තෙ කොහෙන්ද? හරි ලස්සනයි"

"මම නෙවේ.....තෙවින් අයියා අරං ආවෙ නිදුකි....මාලිගාව ලග මල් කඩේකින්ලු"

"ආහ්? මාලිගාව ලඟ?"

"ඔව් නංගි.....ඔයාලා යැවෙන පැත්තට අහු වෙන්නෑ ඒක...."

තෙවින් ඒ කතාව එහෙම්මම නැවැත්තුවෙ හේතුවක් නිසා.මල් පොකුර ගැන අමතක කරලා දැම්ම කට්ටියම ඉස්සරහට ඇදෙද්දි මල් පොකුර අතේ තියං උන්නු නේත්‍ර ඒ මල් පොකුරෙ තිබ්බ ලා රෝස පාට රෝස මලක් හෙමීට අතගාන ගමන් ගුවන්තොටුපලට ප්‍රවේශ උනා.ඒ වෙද්දිනුත් එතනට ඇවිත් තිබ්බ විශාරගෙ මැදිහත්වීමෙන් කට්ටියටම කරදරයක් නැතුව පිලිගැනීමේ අංගනයට ප්‍රවේශ වෙන්න පුළුවන් උනා.කවදාවත් නැති විදියට මාධ්‍යකරුවන්ව පිටතින් රඳවලා තිබ්බෙ විශාරව වගේම අනික් අයවත් පුදුම කරවලා.පිලිගැනීමේ අංගනයේ ටිකක් එහාට වෙන්න මල් පොකුරකුත් අතේ තියාගෙන ඉන්න දිව්දේත්‍රාවයි ඕෂිණීවයි තව ගෑනු ලමයෙක්වයි දැක්ක දෙවින්ටයි දෙනෙත්ටයි වෙන්නෙ මොකද්ද කියලා සාධාරණ සැකයක් මතු වෙද්දි නේත්‍රගෙ ඇස් දෙකත් ඒ කට්ටිය දිහාවට යොමු උනා.

"ම්....මේ අර අර දිව්දේ....."

"අපි යං තව ටිකක් ඉස්සරහට"

නේත්‍රගෙ කලබලකාරී ඇස් දෙක දැක්ක විශාර කියද්දි උපාධ්‍යාගෙ කේන්තියෙන් පිරුණු ඇස් දෙක දිව්දේත්‍රා දිහාට එල්ල උනා.කට්ටිය එක්ක තැනකට ගිහින් හිටගෙන ඉද්දිම වීදුරු දොරටුව දෙපසට ඇරිලා දහනවයෙන් පහල කණ්ඩායම අංගනයට ඇතුල් වෙද්දි ඔක්කොටම කලින් දිව්දේත්‍රා ඉස්සර උනේ ඕෂිණී කැමරාව සක්‍රීය කරගනිද්දි.

"නේත්‍ර එන්න!!!"

ඒත් එක්කම නේත්‍රගෙ අතින් අල්ලගත්තු උපාධ්‍යා දිව්දේත්‍රාව පැත්තකට කරගෙන ඉස්සර වෙද්දිම ඉලන්දාරි ටිකත් හිනාවෙන ගමන් උපාධ්‍යාගෙයි නේත්‍රගෙයි පස්සෙන් වැටුණා.කට්ටියක්ම මැද්දට පැන්න නිසා දිව්දේත්‍රාගෙ මූණ බෙරි වෙලා ගියා වගේම ඒත් එක්කම ඇතුලට ආව මාධ්‍යකරුවො කට්ටියව ඡායාරූපගත කරගත්තා.ආශවට මල් පොකුර දුන්නු නේත්‍රව ඒ වටේ උන්නු උස ඉලන්දාරි ටිකට වැහෙද්දි ඡායාරූප වලට අහු උනේ ආශවට කිට්ටු කරන වෙලේ උන්නු උපාධ්‍යාවයි නේත්‍රවයි විතරයි.ආශවව ආදරෙන් පිලි අරගෙන කොල්ලො ටිකයි කෙල්ලො ටිකයි එහාට වෙද්දි දිව්දේත්‍රා මල් පොකුර අරං ආශව ලඟට කිට්ටු උනත් ඒ මැද්දෙන් පැන්න සනුක මල් පොකුර අතට ගත්තෙ දිව්දේත්‍රාට ඇහැකුත් ගහන ගමන්.

"තෑන්ක්ස් අනේ"

දිව්දේත්‍රාගෙ රැවිල්ල ගාණකට නොගත්තු සනුක මල් පොකුරත් අරං පැත්තකට වෙද්දි ඊලඟට කට්ටියවම කණ්ඩායමක් විදියට ඡායාරූප වලට ග්‍රහණය කරගන්න පටන් ගත්තා.කොහොමත් දහනවයෙන් පහල කණ්ඩායමට ඒ හැටි උණුසුම් පිලිගැනීම් කවදාවත් නොතිබ්බ නිසා ලොකුවට කිසිම කෙනෙක් ඇවිත් හිටියෙ නැ වගේම විශේෂ පිලිගැනීමක් සූදානම් කරලා තිබ්බෙත් නෑ.නුමුත් දැන් ප්‍රධාන කාර්යාලයට ගියාට පස්සෙනම් මල් මාලා පලන්දලා ලොකුවට සමරන බව සනුක දැනන් හිටියෙ කොහොමත් ජයග්‍රහණය කරපු හැම අවස්ථාවකම ඕක උනු නිසා.

"ආශු....."

මාධ්‍යකරුවන්ගෙ වැඩ අවසන් කරලා කට්ටිය යනවත් එක්කම කණ්ඩායම එක්ක උන්නු ආශව ලගට ආව දිව්දේත්‍රා කතා කරන්න හදද්දිම අහම්බෙන් වගේ එතනට ආවෙ අරුන්දතී.නේත්‍ර කෙලින්ම ඇවිල්ලා මෙතන කතා කරන එක ටිකක් අවදානම් සහගත නිසා අරුන්දතී ඇවිත් ආශවට කතා කරද්දි දිව්දේත්‍රාව නොසලකා හැරිය ආශව අරුන්දතී එක්ක කට්ටිය හිටිය තැනට ගියේ කට්ටිය අස්සෙන් තමන් දිහා බලන් ඉන්න දිලිසෙන බෝල ඇස් දෙක දැක්ක නිසා.

"සුදුබේබි!!!!"

"නේත්‍ර!!!!"

"ආශවයා මෙතන එපා....මල්ලිව නෝට් උනොත් ඉවරයි"

නේත්‍ර ලඟට එමින් උන්නු ආශවව නැවැත්තුව දෙවින් හෙමින් සැරේ මුමුණද්දි ඔලුව වැනුව ආශව නේත්‍ර එක්ක හිනාවීමෙන් විතරක් සෑහුනා.තත්වෙ තේරුම් අරං උන්නු නේත්‍රත් ආපිට ආශව එක්ක ලස්සනට හිනා වෙද්දි ආශව කලේ කොණක ඉඳලා යාලුවො ටිකව වැලඳගත්තු එක.කපටිකමට ඒක කෙරුව ආශව නේත්‍රව හයියෙන් තුරුල් කරං අනික් අයට වඩා තත්පර ගාණක් වැඩියෙන් වැලඳගෙන ඈත් කරද්දි එතනට ආව සනුක ආශවට තට්ටු කලා.

"ආශවයා යංද අපි? දෙවින් ඔයාලා ක්‍රිකට් බෝඩ් එක ලගට එන්න.....ඕහ්! මල්ලි බබා ඇවිල්ලා!"

නේත්‍රගෙ කොණ්ඩෙ ඇවිස්සුව සනුක කියද්දි නේත්‍ර තමන්ගෙ හා දත් දෙක එලියට දාලා හිනා වුණා.නේත්‍රගෙ හිනාවත් එක්ක ආයෙම වතාවක් දෙයක් මතක් උනු සනුකගෙ හිත බර වෙලා යද්දි ලස්සනට හිනා වුණු සනුක ඒ බව නොපෙන්වා ආශව එක්ක යන්න පිටත් උනා.නේත්‍රගෙ පුංචි අතක් හයියෙන් අල්ලලා තද කෙරුව ආශව නේත්‍ර එක්ක හිනා වෙලා පිටත්වෙද්දි පුංචි එකාත් ආශව එක්ක ආදරෙන් හිනාවෙලා කට්ටිය මැද්දට වෙලා හිටියා.

"ඇත්තටම තමුන්ට ඩිසිප්ලින් නැද්ද ආහ්?"

එකපාරටම ඇවිල්ලා දිව්දේත්‍රා උපාධ්‍යාගේ ඇඟට කඩා පනිද්දි ඕෂිණීව දැක්ක ආර්ය නිදුකිගෙ පස්සෙ හැංගුණේ කලින් දවසක උනු අකරතැබ්බෙ මතක් උනු නිසා.දිව්දේත්‍රා දිහා බලලා කට කොණකින් හිනා වුණු උපාධ්‍යා කට්ටියට යමු කියලා කට්ටිය එක්කම පිටත් වෙන්න අඩියක් තියලා ආපහු හැරිලා දිව්දේත්‍රා දිහා බැලුවා.

"නෑනෙ මෑ'ම්.....කියලා දෙන්න පුලුවන්ද සූම් මීට්න් එකක් හරි දාලා?"

උපාධ්‍යාට රවලා බැලුව දිව්දේත්‍රාගෙ ඇස් දෙක ඊලඟට කෙලින්ම එල්ල වුණේ අරුන්දතීට.දිව්දේත්‍රාගෙ බැල්මට හිත ගැස්සුණු අරුන්දතී ලඟ උන්නු දෙනෙත්ගෙ අතින් අල්ලගනිද්දි දිව්දේත්‍රා දිහාවට තද බැල්මක් පා කෙරුව දෙනෙත් අරුන්දතීවත් එක්කගෙනම කට්ටිය එක්ක එලියට ගියා.

.

.

.

.

.

"දෙයියෝ සුදුබේබි මේක මටද.....අනේ දෙන්නටම එක වගේ දෙකකුත් අරං!!!"

නේත්‍රගෙ පුංචි ඇඳ උඩ ඇලවෙලා හිටිය ආශව තමන් ගෙනාව තෑගි සන්තෝසෙන් බලන නේත්‍රව ලගට ඇදලා අරං ඒ පිරුණු කම්මුලක් පොඩි වෙලා යන්නම හාද්දක් දුන්නා.ගෙදර ආව වෙලේ වලව්වට ගොඩ වෙලා පුංචි අම්මා එක්ක ටිකක් කතාබහ කරපු ආශව මළු වගේකුත් උස්සන් හොර රහසෙම නේත්‍රලාගෙ ගෙදරට පල්ලම් බැස්සෙ හැමෝගෙම ඇස් වහලා.ඒ දේ ලොකු මැණිකෙ දැකලා ලාවට හිනාවෙලා තිර රෙද්ද හදලා ජනේලෙ ලඟින් අහකට ගිය එක වෙනම කතාවක්!

"ඔයාට සයිස් එක ඕකේ නේද නේත්‍ර?"

"මෙව්වා ටිකක් බැගී විදියට නේද අඳින්නෙ සුදුබේබි? මේ.....ලස්සනයි නේද?"

"ලස්සනයි...මගෙ චූටි මහත්තයා.....කෝ මෙහෙට එන්න"

නේත්‍රව උස්සලා අරං මේසෙ උඩින් තිබ්බ ආශව නේත්‍රගෙ කකුල් දෙක ටිකක් ඈත් කරලා ඒ කකුල් මැදට යද්දි පුංචි එකා ඇසුත් බෝල කරං ආශව දිහාම බලන් හිටියා.නේත්‍රගෙ නලලින් දිග හාදුවක් තිබ්බ ආශව තමන්ගෙ නලල ටිකක් පාත් කරද්දි නේත්‍රත් ආශවගෙ බෙල්ල වටේ අත් පටලන් ඒ නලල් තලේ උඩින් දිග හාදුවක් තිබ්බා.ටික වෙලාවකට පස්සෙ තමන්ගෙ මන්දාකිණියක්ම හැංගිලා තියෙන කළු බෝල ඇස් වල ආශවගෙ දිග තද දුඹුරුපාට ඇස් පටලෝගත්තු නේත්‍ර ඇස් වලින් හිනා වෙද්දි ආශවට නොදැනිම ආශවගෙ හයිය අත් නේත්‍රගෙ ඉණ වටේ එතුණා.

"මැණික....."

"ම්ම්ම්ම්"

"සුදුබේබිට මගෙ නේත්‍රව හුඟාක් මතක් උනා"

"මටත් සුදුබේබි....හුඟාක් මතක් උනා....සමහර දවස් වලට නින්ද ගියෙත් නෑ නේත්‍රට"

"මටත්.......නේත්‍ර...."

"ඕ සුදුබේබි?"

"මේ තැලුම් පාරවල් ඇයි? අර වැටුණා කිව්ව එකෙන්ද?"

"ඔ...ඔව් සුදුබේබි....එවෙලෙ උනු තුවාල"

"ම්ම්ම්ම්......"

"සුදුබේබිට තේ එකක් හදලා දෙන්නද?"

"ම්ම්ම්ම්ම්"

"ඉන්නකො....නේත්‍ර හදන් එන්නම්"

"නේත්‍ර!"

"ස්.....සුදුබේබි?"

"සුදුබේබිට බොරු කියන්නත් පටන් ගත්තද?"

"ස්.....සුදුබේබි? ම්....මම....මම බොරු...."

"තුවාල උනේ කොහොමද?"

"ව්...වැටිලා සුදුබේබි"

"ඇත්ත කියන්න නේත්‍ර!"

"ව්....වැටිලා සුදුබ්...."

"මගෙ යකා නාවුස්සා ඇත්ත කියපං නේත්‍ර!!!! කවුද මේ සක්කිලි වැඩේ කලේ!!!!"

ආශවගෙ රතු වීගෙන එන ඇස් එක්ක ගැටුණු නේත්‍රගෙ කදුළු පිරුනු ඇස් දෙක දිලිසෙන්න ගත්තෙ ආශවගෙ වියරුවෙ තරම තේරුණු නිසා.එහෙම්මම ආශවගෙ පපුවට ඔලුව තියාගත්තු නේත්‍ර ආශවව තද කරලා තුරුල් කරගනිද්දි ආශව හෙමීට සන්සුන් වෙන්න ගත්තෙ පුංචි එකාගෙ උණුහුම එක්ක.ටික වෙලාවකට පස්සෙ තමන්ව යම්තාක් දුරකට සන්සුන් කරගත්තු ආශව නේත්‍රගෙ පුංචි කම්මුල් දෙපැත්තෙන් අල්ලගෙන ඒ මූණට එබුණා.

"ඇත්ත කියන්න මැණිකෙ.....සුදුබේබිගෙ ඇස් දෙක දිහා බලාගෙන කියන්න"

"ස්......සුදුබේබි...."

"කියන්න"

"සුදුබේබි කේන්ති ගන්නෙ නෑ කියලා පොරොන්දු වෙන්න"

නේත්‍රම මෙවෙලෙ ආශවව පොරොන්දු කරවගෙන තමන්ම ඇත්ත කියන්න හිතාගත්තෙ කොහොමත් ඉදිරි දවස දෙක ඇතුලත මේ ගැන වලව් සේවකයන්ගෙන් ආශව දැනගන්න බව දැනන් උන්නු නිසා.තමන්ම සන්සුන් කරලා කියන එක,පිට කෙනෙක්ගෙන් දැනගන්නවට වඩා ආරක්ෂිතයි කියලා නේත්‍ර හිතුවා.මොකද තමන් සම්බන්ධ දේවල් වලදි ආශවගෙ ආවේගෙ තරම නේත්‍ර හොද හැටි දැනන් උන්නා.

"කවුද ඒ?"

".............."

"අපේ අප්පච්චි? එහෙමනෙ?"

"..............."

නේත්‍ර කලේ මුකුත් නොකියා ආශවගෙ පපුව අස්සෙ ඔලුව ගහගෙන උන්නු එක.විනාඩි දහයක් විතර ගියාට පස්සෙ ආශව ලොකු හුස්මක් පහලට දානවත් එක්ක ආශවගෙ ආදරණීය කටහඩ නේත්‍රට ඇහෙන්න ගත්තා.

"මගෙ නේත්‍රට හුඟාක් රිදුනද?"

"..............."

"ම්ම්ම්ම්ම්?"

"..............."

"..............."

"නේත්‍රට හුගාක් රිදුණා සුදුබේබි.....නේත්‍ර ඇඬුවෙ නෑ....නේත්‍රට කා ඉස්සරහවත් දුර්වලයෙක් වෙන්න ඕනි උනේ නෑ.....ඒත් සුදුබේබි ඉස්සරහ නේත්‍ර අඬන්නම්.....නේත්‍රගෙ ඇඟ තාම රිදෙනවා"

මහ මුදියන්සෙ එදා අච්චර ගහද්දින්වත් ඇහෙන් කදුළක් වට්ටපු නැති නේත්‍ර ආශවගෙ ඇඟට හේත්තු වෙලා අඬන්න ගනිද්දි ආශවට පුළුවන් උනේ ඇහෙන් වැටෙන්න ගිය කදුළු ඇස් වලම වියලවගෙන නේත්‍රව තද කරලා තුරුල් කරගන්න විතරයි.ආශවගෙ ඇස් ලා ‍රතුපාට වෙන හැටි නේත්‍රට මගෑරෙද්දි පුංචි එකා දවස් ගාණක පීඩනේ පිටකරගන්න ඉකි ගගහා අඬන ගමන් හිටියා.

"කොහෙ කොහෙද මැණිකෙ තැලුම් තියෙන්නෙ?"

"දන්නෑ සුදුබේබි......නිදාගන්න බෑ උඩුබැලි අතට....පිටෙයි අතෙයි කකුලෙයි විතරයි මම හිතන්නෙ...."

"විතරයි? විතරයි නෙවෙයි නේත්‍ර හුඟක් තැල්මවල් තියෙනවා කියලා කියන්න"

නේත්‍රව මේසෙන් බැස්සෙව්ව ආශව නේත්‍රගෙ විරෝධතා ගැන නොසලකා හැරලම නේත්‍රගෙ තැලුම් උණුවතුරෙන් තවලා කලින්දාක ලොකු මැණිකෙ එක්ක ගිහින් ඩිස්පෙන්සරියෙන් අරං ආව බාම් එක නේත්‍රගෙ තැලුම් පාරවල් වල ගෑවා.නේත්‍රව මුණින් අතට හැරෙව්ව ආශව නේත්‍රගෙ කමිසෙ හෙමින් සැරේ උඩට කරද්දි නේත්‍ර ලග තිබ්බ කොට්ටයක් අරං මූණ අස්සෙ ගහගත්තා.

"මේකගෙ කෝලං යකෝ......මොකෝ මූණ වහං?"

"ලැජ්ජයිනෙ සුදුබේබි"

"මේ කමිසෙ ටිකක් ඉස්සුවාම ඔහොම ලැජ්ජා වෙනවනම් බැන්ද දව....."

"අනේ!!!! නරක කතා කියන්නෙපා සුදුබේබි!!!"

නේත්‍රගෙ වැඩ වලට හිනාවෙවී බාම් එක ගෑව ආශව නේත්‍රට නින්ද යනකං ඔලුව අතගාලා නේත්‍රව නිදි කරවලා ඒ පුංචි ලස්සන මූණට එබිලා බලාගෙන හිටියා.ආශවගෙ ඇහෙන් වැටුණු කදුළක් නේත්‍රගෙ ඇඳ ඇතිරිල්ල තෙමද්දි නේත්‍රට නොදැනෙන්න දොර වහලා අගුළුලාපු ආශව එහෙම්මම ඇදුනෙ වලව්වට.ආශවගෙ ඇස් දෙක රතු ගැහිල් තියෙද්දි වලව්වට ගොඩ උනු ආශව කෙලින්ම ගියේ  වලව්වෙ මහ මුදියන්සෙගෙ කාමරේට.එහෙම්මම මහ මුදියන්සෙගෙ කාමරේ බිත්තියක ගහලා තිබ්බ ඡායාරූපයක් අතට ගත්තු ආශව ඒක පොලවෙ ගහද්දි කාමරේට දුවං ආව ලොකු මැණිකෙ දොර වහගෙනම ඇතුලින් හිටගත්තෙ වීදුරු කටු දිහා බලන ගමන්.

"කෝ ඔයාගෙ මහ ලොකු මනුස්සයා!!!!"

"සුදුපුතා???"

"කෝ? වලව්වෙ මහ මුදියන්සෙ කෝ? මම එද්දි හිටියනෙ? කෝ දැන්???"

"ම....මහත්තයා ආයෙ පිටත් උනා සුදුපුතා"

"ශිට්!!!!"

ආශව මෙතනට ආවෙ වෙන මොකක් හරි ප්‍රශ්නයක් උලුප්පලා නේත්‍රගෙ සිද්ධියෙදි උනු පීඩනේ මහ මුදියන්සෙගෙ පිටින් යවන්න උනත් ඒ දේ බැරි උනු ආශව එහෙම්මම මේසෙ උඩ තිබ්බ ලී සමරුවක් බිම ගැහුවා.නේත්‍ර ගැනම කෙලින්ම කියලා රණ්ඩු කරන එක නේත්‍රට හානියක් නිසා වෙන ප්‍රශ්නයක් මහ මුදියන්සෙ එක්ක ඇදගන්න ආවත් දැන් මහ මුදියන්සෙ නැති එකේ මේ ගැන ලොකු මැණිකෙ එක්ක කෙලින්ම කතා කරන්න ආශව හිතාගත්තා.

"නේත්‍රට අර මනුස්සයා ගහලා????"

"ස්....සුදුපුතා"

"සුදුපුතා තමා!!! ඔයා ඇස් කන් වහන්ද හිටියෙ ඒක වෙද්දි?"

"............"

"නොකිව්වට මම නැති වෙලාවල් වල මේ මායිමේ මගෙ පුංචි එකාව තියලා යන්නෙ ඔයාව විශ්වාස කරල පුංචිඅම්මෙ!!!! යටිහිතේ ඔයා ගැන තියන මොකක් හරි විශ්වාසයක් නිසා!!!! ඒක කඩකරගන්න හදන්න එපා!!"

ආශව තමන් හීනෙන්වත් නොහිතපු දෙයක් ගැන කියද්දි ලොකු මැණිකෙගෙ හිතට ආවෙ පුදුමාකාර සතුටක්.තමන්ගෙ සුදුපුතා තමන්ව විශ්වාස කරනවා! ලොකු මැණිකෙට දැනුනු එකම හැඟීම උනේ ඒක.

"ආයෙ මෙහෙම දෙයක් වෙන්න බෑ!!! හොදට මතක තියාගන්න! ඔයාගෙ මහත්තයව ඔයා පාලනේ කරගන්න බලන්න....මම ඉන්නකං නේත්‍රව රකින්න මට පුළුවන්....හැබැයි මම නැති වෙලාවල් වලදි ඔයාට ඔයාගෙ මහත්තයව පාලනේ කරගන්න බැරි නම් නේත්‍රව රැකගන්න බලන්න! නැත්තං මම නරක මිනිහා කියන්න එපා!"

"සුදුපුතා සන්සුන් වෙන්න.....අපි කතා කර ....."

"පුංචි අම්මෙ!!!! ආයෙ මෙහෙම දෙයක් උනොත්! දෙයියන්පල්ලා මම මේ වලව්වම ගිනි තියලා නේත්‍රව අරගෙන කොහෙ හරි යනවා....යන්නෙත් නිකං නෙවෙයි මගෙ අප්පච්චි කියන මනුස්සයගෙ මාන්නෙ නැති කරලා ඒ මූණෙ දැලි ගාලා! මාන්නෙනෙ වටින්නෙ එයාට! ඒක නැති උනාම දැනෙන වේදනාව විදියි එහෙම උනොත් එයා! ජීවිත ගාණක් නාස්ති වෙන දෙයක් නොවෙන්න වග බලාගන්න පුංචි අම්මෙ"

ආශව දත්මිටි කාගෙනම කාමරෙන් පිට වෙලා යද්දි ලොකු මැණිකෙ එහෙම්මම ඇඳ උඩට ඇදගෙන වැටුණා.නොහිතූව විදියට මේ ප්‍රශ්නෙ එන්න එන්න දරුණු වෙන බව තේරුණු ලොකු මැණිකෙ කල්පනා කලේ එකම ලේ තියෙන මිනිස්සු දෙන්නෙක් අතරෙ ඇති වෙන ගැටුමක් කොහොම නිරාකරණය කරන්නද කියන එක.හැමදේම පුරුදු විදියට කාලෙට භාර දුන්නු ලොකු මැණිකෙ තීරණේ කලේ මහමුදියන්සේ ඉන්න වෙලාවල් වල නේත්‍රට වලව්වට එන්න නොදී ඉන්න.

"ඇහැරුණාද?"

"ඔව් සුදුබේබි.....කොහෙද සුදුබේබි ගියේ මාව දාලා?"

ආශව ආපහු පාරක් පොඩි බෑගයකුත් අතේ තියං නේත්‍රලාගෙ ගෙදරට යද්දි පුංචි එකා පිටිපස්සෙ දොර ඇරගෙන එලියට ඇවිල්ලා තිබ්බා.ඈනුමකුත් අරින ගමන් එහෙම්මම ඇවිල්ලා ආශවගෙ ඇඟට හේත්තු උනු නේත්‍ර හා දත් දෙකත් එලියෙ දාගෙන ආශව දිහා බලද්දි ආශව නේත්‍රගෙ හිස් මුදුනෙන් තමන්ගෙ තොල් තද කලා.

"සුදුබේබි ඔය මල්ලෙ මොනාද?"

"එදා නේත්‍ර කිව්වා නේද ගැටපිච්ච පැල ටික මැලවිලා ගිහින් කියල.....මම රට ගිය නිසා පෝර ගෙනත් දෙන්න බැරි උනානෙ....මේ....කරෝලිස්ගෙන් ටිකක් ඉල්ලගෙන ආවා"

ආශව පෝර දාන් ආව මල්ල එහෙම්මම තියලා අරලිය ගහ යට බංකුවෙන් ඉදගනිද්දි නේත්‍රත් ඇවිල්ලා ආශව ලගින්ම ඉඳගෙන ඒ උරහිසකින් ඔලුව තියාගනිද්දි ආශව නේත්‍රගෙ අල්ල උඩින් හාද්දක් තිබ්බා.

"වතුර එක ලිපේ තිබ්බා සුදුබේබි....බඩගිනිද?"

"ඔයා ලඟ ඉද්දි මුකුත් නෑ අනේ.....බඩ පිරිලා වගේ"

"හි හී.....සුදුබේබිට මතක තිබ්බද පැල මැලවිලා වගේ මම කිව්ව එක?"

"ඔව්.....මම ආසා නෑ ගැටපිච්ච පැල මැලවෙනවට....එව්වා හොඳට පණගහලා තියන්න ඕනි නේත්‍ර"

"සුදුබේබිම ඉන්න ඕනි පෝර දාන්න"

"මට පුලුවන්නෙ නේත්‍ර.....ගැටපිච්ච පැලේ අව්වෙන්,වැස්සෙන්,වටේපිටේ ඔක්කොම බලපෑම් වලින් බේරිලා කොහොමහරි දරං ඉද්දි ඒකට පෝර ටිකක් දාලා පණ ගස්සවන්න මට බැරිකමක් නෑ"

ආශව කියද්දි නේත්‍ර ආශවගෙ උරහිසකින් ඔලුව තියාගත්තා.නේත්‍ර තමන්ගෙ පුංචි අතක් ආශවගෙ ලොකු අතක් අස්සෙ පටලගනිද්දි නුවර ආකාහෙන් වැහි බිඳුව දෙක වැටෙන්න ගත්තෙ නේත්‍රගෙයි ආශවගෙයි මූණෙ හිනාවක් මවන ගමන්.

"ගැටපිච්ච පැල මැලවෙනවට නුවර අහස ආසත් නෑ වගේ"

"පෝර ගෙනාව දවසෙම වැස්ස එන්නෙ ඒ නිසා වෙන්න ඇති"

නේත්‍රට මහ මුදියන්සෙ ගැහුව දවසෙ ඉදලා කාෂ්ටකේට පෑව්ව නුවර ආකාහෙ අද වැහි බිඳුව දෙක පතිත කරද්දි ආශවයි නේත්‍රයි ඉක්මනටම ඉස්තෝප්පුව පැත්තට දුවගෙන ගියා.නුවර ආකාහෙන් පතිත කරවන වැහි බිඳ දිහා බලන් හිනාවෙන තමන්ගෙ පුංචි ගැටපිච්ච මල දිහා බැලුව ආශව සන්සුන් හුස්මක් නුවර හුළඟට මුහු කලා.

...................................................................................................

වචන 4600+❤️

ඊලඟ එකත් අරං ඉක්මනටම එන්නම් බබාලා❤️

කැමතියිනම් අදහසක් කියන් යන්න❤️

අනේ කලින් චැපියෙ කමෙන්ට් වැහි වැහැලා....කැමීලියාට හරි සතුටුයි එතකොට🥺❤️ ඒ බබාලා ඔක්කොටම ස්තූතියි 🥺❤️

ආයෙ ඉක්මනටම එන්නම්❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමිලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter