Back
Chapter 96

95 කොටස 🤍✨️

නිවාලන්න මා...

"ම්හ්හ්හ්"

ලොකු ඈනුමක් ඇරිය දෙවින් ඇස් දෙක හෙමීට ඇරියෙ තමන්ගෙ හුරුපුරුදු කාමරේ නෙවෙයි ඉන්නෙ කියලා තත්පර ගාණක් ඇතුලත තේරුම් යද්දි.ඒත් එක්කම තමන්ට එහා පැත්තෙ නිදන් ඉන්න දෙනෙත් දිහා තත්පර ගාණක් හරි ආදරෙන් බලන් උන්නු දෙවින් එකපාරටම ගැස්සිලා ගියේ පොරවනයෙන් වැහිලා නොතිබ්බ දෙනෙත්ගෙ උඩුකයේ තිබ්බ රතු පැහැ වුණු සිපගැනීමේ සලකුණු දැකලා.ඒත් එක්කම තමන්ගෙ ඇග වැහිල තිබ්බ පොරවනය ඇතුල බැලුව දෙවින්ගෙ ඇස් දෙක ලොකු වුණා.

"මගෙ ඇඳුම්!!!"

දෙවින් කලබල උනේ දෙනෙත්ගෙ උඩුකය වගේම තමන්ගෙ මුළු ඇඟම නිරුවතින් තිබ්බ නිසා.දෙනෙත්ගෙ පපුව ලගම වගේ උන්නු දෙවින් දෙනෙත්ගෙ බෙල්ලටයි නලලටයි අත තියලා රස්නෙද බලද්දි දෙවින්ගෙ දැඟලිල්ල නිසා දෙනෙත්ටත් ඇහැරුනා.

"ඇයි දෙව්.....ඔයාට මොකක් හරි අමාරු...."

"ඔයාට අමාරුද බබා? මට....මට මුකුත් හරියට මතක නෑ....ඔයාට හුඟක් අමාරු උනාද ඊයෙ රෑ....මම හුඟ.....ආහ්හ්හ්හ්!"

එක දිගට කියාගෙන කියාගෙන ගිය දෙවින් කෙලින් වෙලා ඉඳගන්න හදනවත් එක්කම කොන්ද දිගේ ගිය වේදනාවක් නිසා දෙවින් එහෙම්මම කෙඳිරි ගාගෙන ඇලවුණා.රෑ උනු හැමදේම ඒ වෙලාවෙ දෙවින්ගෙ මතකෙට එද්දි කම්මුල් දෙකත් රතු උනු දෙවින් එහෙම්මම පොරෝනාව අස්සෙ කිමිදුනු හැටි බලන් උන්නු දෙනෙත්ගෙ මූණෙ ඇඳිලා තිබ්බෙ ආදරණීය වගේම සෙල්ලක්කාර හිනාවක්.

"බ්....බබා...."

"ඊයෙ රෑ තමා බබා කවුද කියලා බලන්න තිබ්බෙ....ඇඟට අමාරුද දෙව් හුඟක්?"

"කොන්ද රිදෙනවනෙ බබා....අපි ඊයෙ.....ම්ම්ම්.....මම අහන්නෙ....හුඟක් වෙලා....???"

"රස කෑමක් කන්න හම්බෙද්දි කවුද ලමයො ඇති ඇති කියන්නෙ.....'මෝර් මෝර්....තව තව'....කියලා ඔයා කිව්වා....මමත් ඉතින් කෑම බෙදුවා"

"ඩෝන්ට් ටීස් මී බබා.....කොන්ද හරි කැක්කුමයි"

"මෙන්න මෙහෙ එන්න අනේ....වොශ් එකක් දාන් එමු"

දෙවින් බලන් හිටියෙ තමන්ගෙ හැම වේදනාවක්ම අමතක කරන්න උදව් කරන මනුස්සයා ඇස් වලත් කදුළු පුරවං තමන්ව පිරිසිදු කරන විදිය.දෙවින්ට නාගන්න උදව් කරලා එලියට ආව දෙනෙත් දෙවින්ගෙ කොණ්ඩෙත් පිහිදලා අඳින්න ඇදුමක් හොයද්දි දෙවින් දෙනෙත්ට කතා කලා.

"බබා.....ඔයත් වොශ් එකක් දාන් එන්න"

"ඉන්නකො.....ඔයාට මේක අන්දවලා යන්නම්"

"ඒ....එපා අනේ.....මට අමාරුවක් නෑ දැන්.....කෝ ඕක දෙන්නකො.මම ඇඳගන්නම්"

"පුලුවන්ද?"

"ආහ්! බබා! මම බබෙක් නෙවේනෙ....දැන් අමාරුව අඩුයි.කෝ දෙන්නකො....දීලා ඔයත් යන්න....දන්නවනෙ නැත්තං ඔයාලගෙ අප්පච්චි කාමරේට ආවොත් එහෙ....බබා! ඊයෙ අප්පච්චි ගෙදර හිටියද?"

"නෑ නෑ.....අප්පච්චියි අම්මයි දෙන්නා උදේ හයට විතර ආවෙ කොළඹ ඉදලා....ඔයා නිදි එතකොට"

"අම්මෝ....මම බයත් උනා....නැත්තං මාව විහිලු කරලම ඉවර කරල දායි මාමා"

"එහෙනම් ඊයෙ ඔයාගෙ පලවෙනි කෑ ගැහිල්ලෙන්ම අප්පච්චි දොර කඩං ඇතුලට එනවා.....කෝ ඕක ඇඳගන්නකො එහෙනම්....මම වොශ් එකක් දාන් එන්නම්"

"හ්ම්ම්ම්"

නාන කාමරේට වැදුනු දෙනෙත් දිහ බලන් උන්නු දෙවින්ගෙ පපුවෙන් ලොකු හුස්මක් පිට වුණා.ඊයෙ දෙනෙත් එක්ක එකට ආදරේ බෙදාගත්තු එකෙන් පීඩනේ ටිකක් අඩු උනත්,ඇත්තටම දැන් වෙද්දි ආයෙමත් දෙවින්ට ඒ පීඩනේ දැනෙන්න අරං තිබ්බා.තමන් අනාගතේ ගැන මැව්ව හීන,බලාපොරොත්තු හැමදේම ඇස් ඉස්සරහ බොද වෙලා ගිහින් කියලා දෙවින්ට දැනෙද්දි දෙවින්ගෙ ඇස් ඉස්සරහ මැවිලා පෙනුනෙ තමන්ගෙ අප්පච්චි ගිනි තිබ්බ ක්‍රිකට් අයිතම ටික.ලොකු හුස්මක් පහල දැම්ම දෙවින් එහෙම්මම ඇඳේ ඇලවුණේ ඔලුව පුපුරන්න වගේ එන වේදනාවටයි කොදු නාරටිය දිගේ ඇදෙන කැක්කුමයි නිසා.

"දෙව්....කන්න යං....එන්න"

"බඩගිනි නෑ බබා....කන්න බ්..."

"කෝ යංකො ගුටි නොකා....එන්න....මම වඩාගෙන යන්නද?"

"ඉක්කේයියා....එපා එපා....මම ඇවිදන් එන්නම්"

"කාලා පේන්කිලර්ස් මොනාහරි ගමු....දැන් යංකො....ඔයා ඉන්නවා කියලා අම්මා උදේ ආවම කිව්වා මම....එයාලා මොනාහරි ඔයා ආසා දෙයක් හදන්න කියන්න ඇති කමල්ට"

දෙනෙත්ගෙ අතකින් අල්ලලා කෙලින් උනු දෙවින් කොන්ද ටිකක් එහෙට මෙහෙට කරකෝලා හෙමින් සැරේ දෙනෙත් කාමරෙන් එලියට ඇවිදන් යද්දි දෙවින්ගෙ පිටට තට්ටුවක් දැම්ම දෙනෙත් ඇඳ ඇතිරිලි අහක් කරලා දාලා දෙවින්ගෙ පිටිපස්සෙන් ඇදුනා.කෑම ගනිද්දි පවා පවුලෙ අය එක්ක හිනාමුසු මූණෙන් උන්නත් දෙවින් ඉන්නෙ තවමත් දුකෙන් කියලා දැනන් උන්නු දෙනෙත් කෑම කන ගමන් දෙවින් දිහා බලන් හිටියෙ ලොකු කල්පනාවක ගිලිලා.

.

.

.

.

.

"නිශ්ශංක අන්කල් මාර මිනිහෙක්නෙ දිවාස! අපරාදෙ මැරෙන්න ගහන්න තිබ්බෙ ඇත්තටම!"

"සුදුබේබි! පවු සිද්ධ වෙන කතා කියන්නෙපා.....තෙවින් අයියාව ඔයා පාලනේ කරගත්තු එක හොඳයි දිවාෂ"

"අනේ මංදා නේත්‍ර....මට මාරෙටම බය හිතුනා....දෙවින් පණනම් දෙනෙත් අයියා එක්ක එහෙ ගියානෙ....මම ඒකයි ඔය දෙන්නට එන්න කිව්වෙ මූ එක්ක එලියට යන්න"

"දෙවින් අයියා පවු දිවාෂ.....අනේ මංදා....දැන් හෙට එයාට එන්න බැරි උනොත්?"

"නෑ එහෙම අවුලක් වෙන්නෑ......අපේ කාගෙන් හරි ඉල්ලගන්න පුළුවන් දෙවින්ට හෙට වැඩේට ඕනි අයිටම්ස් ටික....ඒත් ඉතින් දිගටම ඒක කරන්න බෑනෙ"

"ඒකනෙ සුදුබේබි....අපි මොකක් හරි කරමුද ඒකට?"

"මම ලග සල්ලි වගයක් තියෙනවා නේත්‍ර.....ඒක හැබැයි මදි වෙයි ඔක්කොම බඩු ටික ගන්නනම්.....ඒත් ශේප් එකක් දාගන්න පුළුවන් වෙයි"

"මම ලගත් තියේ සුදුබේබි....අනේ ඒත් දහදාහක්වත් නෑ මගෙ ගාව....තියෙන ටික දෙන්නම්"

"මගෙ බැංකු පොතේත් තියේ ගාණක්....මගෙ බර්ත්ඩේ එක පැන්නනෙ.....දහාට හරිනෙ....මගෙ එකෙනුත් ගතහැකි.....දෙවින් පණට හෙට යන්න කලින් ගන්න පුළුවන් වෙයිද ආසව?"

"දැන් කොළඹ යන්න වෙනවා....මෙහෙ නෑ හොද ශොප් එකක්....එහෙම උනොත් යමුද අපි?"

"කොහෙද දැන් කට්ටිය යන්න හදන්නෙ?"

තෙවින් ඇහුවෙ දිවාෂ ලගින් ඉඳගන්න ගමන්.එලිමහනේ තියලා තිබ්බ මේසයක් වටේට ඉදගෙන හිටිය කොල්ලො හතර දෙනා ගස් හෙවණ නිසා එන අමුතුම හීතල ගතිය හරි ආසාවෙන් රසවින්දා.ඇණවුමක් දාන්න අවන්හල ඇතුලට ගිය තෙවින් කට්ටියගෙ කතාවල් මුකුත් නොදැන එතනට ඇවිත් ඉදගනිද්දි නේත්‍ර ආශව දිහා බලල තෙවින් දිහා බැලුවා.

"නෑ....දෙවින් ගැන කතා කලේ....මිනිහට හෙට වැඩේට යන්න...."

"ආ....ඒක හරි ආශවයා....අම්මා දාන්නම් කිව්වා සල්ලි...ඒත් ඉතින් හෙට පහු වෙයි....හෙට වැඩේට කාගෙන් හරි ඕනි කරන ටික ඉල්ලගන්න වෙයි නේද? ආශවයා අයියා ගෙදර ආවම ටිකක් වරෙං එහෙ...එයා හෝප්ස් අතෑරලා ඉන්නෙ හෙට වැඩේ ගැන"

"මම එන්නම්.....නිමේත්ගෙන් ඉල්ලුවොත් නම් කොල්ලා දෙයි...අවුලක් නෑනෙ නිමේත් කොහොමත්"

"එහෙනම් නිමේත්ගෙන් අහලා බලමු"

ආශව නිමේත්ට දුරකථන ඇමතුමක් ගන්න ගියත් ඒත් එක්කම දෙනෙත්ගෙන් ආව ඇමතුම එක්ක ආශව ඒ ඇමතුමට සම්බන්ධ වුණා.නලලත් රැලි කර කර ටිකක් වෙලා කතා කෙරුව ආශව කට්ටිය ලඟට ඇවිල්ලා ඉදගනිද්දි කොල්ලො තුන් දෙනාම ආශව දිහා බලන් හිටියා.

"මොකෝ ආශවයා?"

"දෙනෙත් කිව්වෙ හෙට වැඩේට දෙවින් එනවා කියලා...මුකුත් අවුලක් නෑ කිව්වා"

"බැට් එක අනන් මනන්?"

"ඒවත් හරි කිව්වා....එයාලා හොයාගෙනද දන්නෑ කොහෙන් හරි?"

"එහෙම වෙන්න ඇති....හවසට බලමුකො අයියා ආවම"

"ම්ම්ම්ම්"

වේටර්වරයෙක් අරං ආව බීම වීදුරුව තොල ගාන්න ගත්තු ආශව නේත්‍රගෙ ඔලුවට වැටිල තිබ්බ පුංචි වේලුනු කොලයක් අහක් කලා.නේත්‍ර ආසම මිශ්‍ර පලතුරු බීම එකක් බොන ගමන් උන්නු පුංචි එකා දිවාෂ එක්ක ලොකූ කතාවකට වැටිලා උන්නු හැටි බලන් හිටිය ආශවගෙ මූණ ලා හිනාවකින් ඔප වැටිලා තිබ්බා.

"හලෝ......කට්ටිය මොකෝ මේ පැත්තෙ?"

"ඕ....ආහ්! බිවේෂ්....හායි"

කට්ටිය උන්නු තැනට ආව බිවේෂ් එකපාරටම නැවතිලා ඉදලා නේත්‍ර දිහා හොදට බලාගෙන ඔලුව දෙපැත්තට වනලා ආශව ලගින් හිටගත්තා.බිවේෂ්ගෙ ඇස් දෙක තිබ්බෙ නේත්‍ර ලග කියලා දැක්ක ආශව උගුර පාදලා බිවේෂ් දිහා බලද්දි බිවේෂ් ආශව එක්ක පෙරලා හිනා වුණා.

"කට්ටිය එලියට ආවද?"

"ඔව්.....ටයිම් එකක් හම්බෙන්නෑනෙ ලේසියකින්...හම්බුනු ගමන් මේ ආවෙ"

"ම්ම්.....මේ මල්ලිලා දෙන්නෙක් වෙන්න ඕනි....තෙවින්වනම් මම දන්නවා"

"ඔව්.....මේ දෙන්නම මල්ලිලා....ලබන පාර ඒලෙවල්ස්"

"ඕහ්හ්....."

බිවේෂ්ගෙ ඇස් ආයෙමත් කල්පනාකාරීව පිරිලා නේත්‍ර ලග නතර උනා.

"මේ මල්ලි කොහෙද? මෙහෙමද ඉන්නෙ?"

"ඔව්....අපේ ගෙවල් හරියෙමයි බිවේෂ් ඇයි?"

"ස්කූල්?"

"අපේ එකටමයි යන්නෙ...."

"ඕහ්! එහෙනම් මට වැරදිලා...."

බිවේෂ් තනියම මුමුණගන්නවා බිවේෂ් ලගම හරියෙ උන්නු තෙවින්ට ඇහුනත් නෑහුනා වගේ තෙවින් බීම එකට අවධානෙ දුන්නෙ බිවේෂ්ගෙ පැටලිල්ල මොකද්ද කියලා තෙවින් හොදහැටි දැනන් උන්නු නිසා.ඒ හැමදේමත් එක්ක මේ කතාව දුරදිග යනවා බලන්න තෙවින්ට ඕනි වුණෙත් නැහැ.ආයෙමත් නේත්‍ර දිහා බලලා සැකේ දුරුකරගත්තු බිවේෂ් ආශව එක්ක සුහදව හිනා වුණා.

"ආහ් හරි.....මම වෙන කෙනෙක් එක්ක පටලගත්තා මෙයාව ඒකයි...."

"ඕහ්....හරි හරි....ඇයි නේත්‍ර වගේ වෙන කවුරුහරි ඉන්නවද?"

"ඕහ්! මෙයාගෙ නම නේත්‍රද? එහෙනම් වැරදිලාම තමා මට......මට පැටලුනා ආශව...දන්නැද්ද අපේ ඔලුවලත් එකක් නෙවේනෙ තියෙන්නෙ..."

හිනාවෙලා කතා කල බිවේෂ්ට ඔලුව වැනුව ආශව නේත්‍රගෙ තොල් කොනක් පිහිදලා බිවේෂ්ට ඉදගන්න කිව්වත් දුරකථනෙ බැලුව බිවේෂ් හිනාවෙලා ආශවලට ඔලුව වැනුවා.

"බෑ ආශව....මම මේ වැඩකට යන ගමන් ආවෙ...යනගමන් බොන්න මොනාහරි අරං යන්න කියලා හිතාගෙන....ඉලෙක්ෂන්ස් කිට්ටුයිනෙ....අප්පච්චිගෙ වැඩ වගයක් කරන්න තියෙනවා....ඒ වැඩ වලට මේ ටිකේම එහෙ මෙහෙ දුවනවා"

බිවේෂ් දිහා බලන් උන්නු තෙවින් කල්පනාකාරී විදියට බිවේෂ් දිහා බැලුවෙ මොකක් හරි මතක් වෙලා වගේ.

"බිවේෂ්ගෙ අයියා නෙවෙයිද මේ පාර ඉල්ලන්නෙ?"

"ම්ම්ම්.....අයියාට ලඟදි නඩුවක් වැටුනනෙ තෙවින්....එයාව ලබන පාර දාන්න ඉන්නෙ අප්පච්චි"

"බිවේෂ්ට අදහසක් නැද්ද පාලිමන්‍ට් යන්න?"

"අනේ නෑ ආශව.....මම පොඩි බිස්නස් එකක් පටන් අරං තියෙන්නෙ....ඒක ශේප් එකේ කරගෙන යන්න තමා ආසාවෙන් ඉන්නෙ...බලමුකො....එහෙනම් මම යන්නම්...ටිකක් පරක්කුයි අද"

"ඕකේ බිවේෂ්....සී යූ"

"බායි බිවේෂ්"

"බායි.....බායි මල්ලිලා දෙන්නටත්"

"බායි අයියෙ...."

කට්ටියටම අත වැනුව බිවේෂ් යද්දි ඔක්කොම පැත්තක දාලා ඕපදූප හොයන එකට මුල් තැන දෙන දිවාෂ බීම බටෙත් කටේ ගහගෙන ආශවගෙ පැත්තට හැරුණා.

"කවුත ආසව ඒ?"

"මඩුගල්ල ඇමතිතුමාගෙ පුතා.....පොඩි පුතා"

"අඩේ සිරාවටම? මිනිහාව මම දැක්කෙත් අද"

"බිවේෂ් කැන්ඩි වලම කෙනෙක් දිවාස...මෙයා වැඩියෙ ඇමතිතුමාගෙ සීන් වලට එන්නෑ....ඒ නිසා වෙන්න ඇති....මොකටද දැන් තමුසෙ ඔච්චර අහන්නෙ ඌ ගැන?"

"කොල්ලා හෙන හැන්ඩියනෙ ආසව.....ඒකයි අනේ....අපිත් කනබොන මිනිස්සුනෙ"

දිවාෂගෙ කියවිල්ල එක්ක තොලේ තැවරුණු බීම බින්දුව ලෙවකන ගමන් මහ අසමජ්ජාති විදියට හිනා වෙලා කිව්ව දිවාෂට එහා පැත්තෙ උන්නු තෙවින් ඇස් දෙක රෝල් කරලා අහක බලන් දිවාෂ දිහා ආයෙමත් රවලා බලනවා ආශව නේත්‍ර දෙන්නම දැක්කා.

"අනේ මේ යුගාන්! තමුසෙට ඒ වගේ ලස්සන කොල්ලෙක් සෙට් වෙන්නෑ....මොකෝ උබ ශාරුක් ඛාන්ද?"

"ශාරුක් ඛාන්නම් මම ගෞරි වගේ කෑල්ලකට ලයින් දානවනෙ ඕයි....මම ශාරුක් වගේ නෙවෙයි නිසා තමා උඹ වගේ හිපාටුවෙක්‍ට ලයින් දාන්නෙ!"

"අනේ පලකො යුගාන්!"

"තෝ පලයං කුම්බාන්ඩයා!"

"උබ පලයං මෝඩයා!"

"උබ පලයං ගෙරියා!"

"උබ පලයං මැට්ටා!"

"තෝ පලයං වරත්තුවා!"

"අනේ මේ....ගහනවා උබට මම යුගාන්!"

"තොගෙ කොල කැවුත්ත ඇදලා කනවා මම!"

"ගොඩයා! ගොඩේ වචන මොන ලබ්බෙන් හොයන් කියනවද මංදා!"

"ලබ්බෙන් එන්නෙ වචන නෙවේනෙ හු#තො! ලබ්බෙන් එන්නෙ......"

"හෝව් හෝව් හෝව් දිවාස! මෙතන නේත්‍ර ඉන්නවා!"

ආශව කෑ ගැහුවෙ කටත් ඇරං තෙවින් දිහයි දිවාෂ දිහයි මාරුවෙන් මාරුවට බල බල ඉන්න නේත්‍රව දැක්ක නිසා.ටිකකින් අන්තිමට දිවාෂ කියන්න ගිය එකේ තේරුම නේත්‍ර අහගන්න එන්නෙ තමන්ගෙන් කියලා දැනන් උන්නු ආශව එහෙම්මම ඒ කතාව නවත්ත ගනිද්දි තෙවින්ගෙ ඔලුවට අත පුරෝලා පාරක් දුන්නු දිවාෂට තෙවින් ප්‍රතිප්‍රහාර එල්ල කලේ බීම බටේට බීම ටිකක් අරං ඒක දිවාෂගෙ මූණට විදලා.

"තොගෙ අත්තම්මට අද මම!!!!"

"අයියෝ....මූණට විදින්න හැදුවෙ යුගාන්....ෂර්ට් එකටත් වැදිලනෙ"

"පලයං අහකට....තරහයි මම"

"දිවාෂ.....අපි ගිහින් සෝදන් එමු....එන්නකො"

"නේත්‍ර ඉන්න....තෙවින් එක්ක යයි මූව"

දිවාෂ එක්ක නැගිට්ට නේත්‍රව ඉන්දෙව්ව ආශව කියද්දි ආශවටයි තෙවින්ටයි දෙන්නටම ගැස්සුව දිවාෂ නැගිටලා පිට වෙද්දි තෙවිනුත් ඒ පස්සෙන් දුවං ගියා.

"යුගාන්....අනේ අනේ....යුගාන් ඉන්නකෝ...."

"................"

"යුගාන්.....අඩෝ යුගාන්!"

"කෑ නොගහා වරෙං මිනිහො! හෙට අනිද්දට සිංදුවකුත් රිලීස් කරන්න නේද ඉන්නෙ? යසයි ගායකතුමාගෙ හැසිරීම"

තෙවින්ගෙ කට වස්සගත්ත දිවාෂ එහෙම්මම නානකාමර වලින් එකකට රිංගගනිද්දි තෙවින් ටිකකින් දිවාෂ හිටිය කුටියෙ දොරට තට්ටු කලා.

"මොකද? එලියෙ ඉන්න බයයි ඇතුලට ගන්න කියලා කියන්න එපා හු#ත"

"නෑ නෑ.....මම ටී ෂර්ට් එකට උඩින් ශර්ට් එකක් දාන්නෙ ඉන්නෙ....යුගාන් ඕක ගලෝලා මේක ඇඳගන්න"

"අවුලක් නැද්ද?"

"නෑ නෑ ගන්නකො....උඩින් දාන්නද?"

"හා"

තෙවින්ගෙ කමිසෙ ඇඳගත්තු දිවාෂ එලියට ඇවිල්ලා කණ්නාඩි පෝලිමෙන් ඇඳුම හදාගත්තෙ ඒක තමන්ට වඩා ටිකක් විශාල උනු නිසා.දිවාෂ ඇඳුම හදාගන්න හැටි බලන් උන්නු තෙවින් හෙමින් සැරේ දිවාෂ ලඟට කිට්ටු උනා.

"යුගාන්......."

"මොකද?"

කණ්නාඩියෙන් පේන තෙවින්ගෙ ඇස් අමුතුම හැඟීමකින් බර වෙලා ගිහින් කියලා දිවාෂ දැක්කත් තමන් ඒ දකින දේ ඇත්තක් කියලා පිලිගන්න දිවාෂට ඕනි උනේම නෑ.මීට කලිනුත් තෙවින්ගෙ ඔය වගේ හැසිරීම් නිසා බලාපොරොත්තු ඇති කරං තමන් රිද්දගත්තු ප්‍රමාණෙ දිවාෂට හොදටම ප්‍රමාණවත් වෙලා තිබ්බා.හෙමින් සැරේ දිවාෂ ලගට ඇවිදන් ආව තෙවින් දිවාෂගෙ කනට ලං වෙල කතා කරන්න ගනිද්දි දිවාෂ හරි අමාරුවෙන් කනට දැනෙන කිතිය දරාගෙන හිටියා.

"දවසක් ආවොත්....මම යුගාන්ට රිද්දුව හැමදේටම සාධාරණ හේතුවක් තිබ්බා කියලා මට ඔප්පු කරන්න පුළුවන් වෙන...යුගාන් මට සමාව දෙනවද?"

"මම තමුසෙ එක්ක තරහා උනේ නෑනෙ තෙවින් කවදාවත්....මම එදා බීලා කියෙව්ව දේවල් සම්පූර්ණ ඇත්ත....මම තමුසෙට කැමතියි....තමුසෙ මම ගැන කොහොම හිතුවත් මම කැමතියි තමුසෙට"

"මට ටික කාලයක් දෙන්න යුගාන්....මම....මම...."

"මම කිව්වෙ කැමතියි කියලා විතරයි තෙවින්....තමුසෙ එක්ක ආයෙ යාලු වෙනවා කියලා නෙවෙයි....මම උබට කැමති උනාට උබ එක්ක අෆෙයා එකක් පටන් ගන්න කැමැත්තක් නෑ මට දැන්"

"යුගාන්....."

"තමුසෙට කෙල්ලෙක් ඉන්නවනෙ....ඒකි එක්ක ශේපෙ ඉඳින්....ඒකි කොහොමත් තමුසෙගෙ ටයිප්නෙ....අතෑරපු කෙල්ලවම ආයෙ ලඟට ගත්තා කියන්නෙ උබගෙ හිතේ ඒ කෙල්ල ගැන විශේෂයක් තියෙනවා....ඒ නිසා ආයෙ මම ගැනයි ඒ කෙල්ල ගැනයි දෙකම හිත හිත වැනෙන්නෙ නැතුව ඒකි එක්ක ඉදපං"

"එහෙම නෙවේ යුගාන්....අහන්නකො...."

"අහන්න දෙයක් නෑ තෙවින්.....උඹෙන් අහගන්න ඕනි හොදම කතා ටික මම අහගත්තනෙ....මම ඉස්සර වගේ හැමදේටම උබ ලගින් ඉන්නම්,තමුසෙට ඕනි උනොත් විතරක්.....හැබැයි මට තමුසෙව මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කරගන්න ඕනි නෑ"

"ඒත් යුගාන් මට කැමතියිනෙ"

"කැමතියි විතරයි.....කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්ව මට සෙට් කරගන්න තරම් අමාරුවක් නෑ සිරාවටම මට...අනික ටික කාලෙකින් මට තමුසෙ ගැන තියෙන හැඟීම නැති වෙලත් යයි....එතකොට උබටත් සැනසීමක් එයි...මටත් එයි"

"මට....මට මොකද්ද?"

"දැන් ඔයා ඔහොම අවුල් ගන්නෙ මගෙ හැඟීම ගැන හිතලා,ඔයා මට කැමති නැති නිසා මට දුක හිතෙයි අනන් මනන් කියලනෙ.....ඉතින් මම ඔයාව අමතක කරලා දැම්මා කියලා ඔයාට දැනුනු දවසට ඔයාට ඒ පසුතැවීම දැනෙනන් එකක් නෑ....මේ....යං යං....වැඩ වගයක් තියෙනව කරන්න"

"ම්ම්.....මොනාද?"

"ඇයි දැන් අවුරුද්ද අන්තිමේ ගහන කොන්සට් එක? කලර්ස් නයිට් එක?ඊලගට බැජ් වැටෙන්නෙ අපිටනෙ...අපේ සෙට් එකට තමා මේ පාර ඔය ඔක්කොගෙම ඕගනයිසින් සෙට් වෙන්නෙ....ආසවයි දෙවින් පණයිත් නෑනෙ ඉතින් දැන්.....රකිත අයියත් ඉන්ටර්න් යන්න ඉන්නෙ කිව්වා බෑන්ක් එකක....ඉන්දීප්පයියායි දෙනෙත් අයියා බබයි විතරයි ඉන්නෙ....ඉන්දීප්පයියා එනවා කියලා කිව්වා හෙට හවසට අපේ ගෙදර....එන්න කලින් ලෑස්ති කරගන්න වැඩ ටිකක් තියේ.....යං දැන්"

"යං යං"

මූණත් හෝදගෙන නානකාමරෙන් එලියට යන දිවාෂ දිහා බලන් උන්නු තෙවින් තමන්ගෙ මිට මෙලවුණු අතින් බිත්තියට පාරක් ගහලා මුකුත් නොවුණා වගේ එලියට ආවෙ බිත්තියෙ ගාලා තිබ්බ බදාම තට්ටුවෙන් ටිකක් කුඩු වගේ බිමට හැලෙද්දි.තමන්ට ඉස්සරහින් ඇවිදන් යන දිවාෂ දිහා බලන් හිටිය තෙවින් කට කොණකින් හිනා වෙලා දිවාෂගෙ පස්සෙන් යන්න ගත්තා.

"උඹ මේ ටික කාලෙ නටපංකො යුගාන්.....මම උඹව මගෙ කරගත්තට පස්සෙ උබ ඉන්දීප්පයියත් එක්ක නටපුවට මම උඹට උණ ගැනෙන්න වැඩක් දෙන්නම්කො!"

අවන්හලෙන් එලියට යන දොරත් පහු කරං ඉස්සරහට ඇදෙන දිවාෂ දිහා බලන් හිටිය තෙවින් හිනා වෙල ඒ හරියට ගියේ දිවාෂ හිටිය තැන දැක්ක නිසා.කේක් සෝ කේසය ලග හිටං උන්නු දිවාෂ චොක්ලට් කේක් එකකට ඇඟිල්ල දික් කරලා පෙන්නද්දි හිනා වුණු තෙවින් ඒකෙන් කෑලි පහක් ඇණවුම් කරලා දිවාෂ එක්කම එලියට යන්න ගියත් තෙවින්ගෙ ගමන නැවතුනේ තෙවින්ගෙ අතේ එල්ලුණු කෙනෙක් නිසා.

"තෙව් බේබි....ඔයා අද එලියට යනවා කියලා නිකමටවත් කිව්වෙ නෑ නේහ් මට...ම්ම්ම්?"

"ආ....ඕහ්! ඕෂිණී.....ඔයා කැන්ඩි ආවද අද?"

"ඔව්.....මම ආවා මයුමිලාගෙ ගෙදර.....ඔයා කොහෙද මෙයා එක්ක ආවෙ?"

ඕෂිණි දිවාෂ දිහා පිලිකුලෙන් වගේ බලලා කියද්දි දිවාෂ අපහසුවෙන් වගේ අහක බලාගත්තෙ කෙල්ලෙක් එක්ක එකට එක කියෝගෙන යන්න තිබ්බ අකමැත්ත නිසා.

"මෙය එක්ක කියන්නෙ ඉතින්? මෙයාලා මගෙ යාලුවොනෙ....ඒකයි ආවෙ"

"ඔයා දන්නවා තෙව්.....මම මෙයාට ටිකක්වත් ආසා නෑ කියල.....ඔයාට මතකනෙ අපි දෙන්නගෙ අෆෙයා එක බ්‍රේකප් කරන්න මෙයා කිව්ව බොරු ටික"

තවත් ඕෂිණීගෙ කැත කටහඩ අහන් ඉන්න ඕනි උනේ නැති දිවාෂ එතනින් යන්න හැදුවත් දිවාෂට යන්න බැරි උනේ තමන්ගෙ අතේ තදින් පැටලුනු තෙවින්ගෙ අත නිසා.තෙවින් දිවාෂගෙ අත හයියෙන් අල්ලන් ඕෂිණීගෙ ඉස්සරහ හිටගෙන හිටියා.

"ඕෂිණී....ඔයා හොදටම දන්නවා ඇයි මම ඔයා එක්ක ආයෙ කතාබහ පටන් ගත්තෙ කියලා....අනික යුගාන් එදා ඒ විහිලුව ඔයාට කරපු වෙලාවෙත් අපි හිටියෙ බ්‍රේකප් වෙලා....ඊට මාස ගාණකට කලින් ඉදන්ම"

"ඒ උනාට ඔයා මගෙ බෝයිෆ්‍රෙන්ඩ් තෙව්....ඔයාම දන්නවා ඔයා යන පාත් එක....හිතන්න අපි දෙන්නා කොච්චර නම් මැචින් කපල් එකක්ද?"

"ම්ම්ම්......දැන් මම යන්න ඕනි ඕෂිණී....පස්සෙ හම්බෙමු"

"ඔයා මේ වගේ තර්ඩ් ක්ලාස් බොරු කාරයින්ව ආශ්‍රේ කරනවටනම් මම කැමති නෑ තෙව්....ඒව්.....මේ වගේ මිනිස්සු ඔයාගෙ ඉස්සරහ ගමනට ලොකු වදයක් වෙයි"

"වදයක් වෙන්නෙ කවුද නැත්තෙ කවුද කියලා මම බලාගන්නම්කො ඕෂිණි....මම යනවා"

"ඒයි! තමුසෙ මොනාද කල්පනා කරන්නෙ? තව මොකක් හරි බොරුවක් කියලා අපි දෙන්නව ආයෙ ඈත් කරන්නද?"

ඕෂිණී සමච්චල් විදියට ඇඟිලි දෙකකින් අසුරුවක් ගහලා දිවාෂගෙන් ඇහුවත් දිවාෂ මුකුත් නොකියා අහක බලාගෙන හිටියා.දිවාෂගෙ අම්මා පුංචි කාලෙ ඉදන්ම දිවාෂට කොල්ලෙක් බැන්නොත් ගැහුවොත් අනික් පැත්තට ගහන්න කියලා විහිලුවට වගේ කිව්වත් කවදාවත් ගෑනු ලමයෙක් ගැන එහෙම කියලා දීලා තිබ්බෙ නෑ.පිරිමියෙක් විදියට ගෑනු අයට ගරු කරන්න,එයාලා එක්ක රණ්ඩුවට ගිහින් තමන්ගෙ මට්ටම පහත් කරගන්න එපා වගේ දේවල් ජානකී පුංචි කාලෙ ඉදන්ම දිවාෂට කියලා දීලා තිබ්බා.

"ඕෂිණී ඉනෆ්!!!"

"තමුන්ගෙ හිතේ මම ගැන කැමැත්තක් තියෙනවද? එහෙමත් නැත්තං තමුසෙ තෙව්ට ලයින්වත්ද ඕයි? එහෙම මොකක් හරි මානසික රෝගයක්වත්....."

"මයින්ඩ් යුවර් ලැන්ග්වේජ් ඕෂිණී! මේ ලමයා පොඩි කාලෙ ඉදන් හොදට හැදුනු කෙනෙක් උනාට මම පුංචි කාලෙ ඉදන්ම හොදට හැදුනු කෙනෙක් නෙවෙයි කියන එක අමතක කරන්න එපා!"

දිවාෂට හීනියට කෙඳිරියක් ගෑවෙන්න ගියේ තෙවින් දිවාෂගෙ අත අල්ලන් හිටිය තද බව නිසා දැනුනු වේදනාවටමයි.තෙවින්ගෙ මූණෙ තිබ්බ දරුණු බව හින්දා ඕෂිණී මුකුත් නොකියා බිම බලාගත්තත් ඕෂිණීගෙ අතමිට තදින් මෙලවිලා තිබුනෙ දිවාෂ එක්ක තිබ්බ තරහට.ඕෂිණී දිහා බලලා ලොකු හුස්මක් පහල දැම්ම තෙවින් දිවාෂගෙ අත අතෑරලා ඕෂිණීගෙ කම්මුලක් උඩින් තමන්ගෙ අත තිබ්බා.

"කෝ ඉතින්....අවුල් ගන්න දෙයක් මම කිව්වෙ නෑනෙ....මම යනවා ඕෂි.....දැන් පරක්කු වෙලා මට ම්ම්.....අපි දෙන්නා පස්සෙ මීට් වෙමුකො"

"හ්.....හරි තෙව්....බායි"

"බායි බබා...."

ඕෂිණීට ඇහැක් ගැහුව තෙවින් ඕෂිණීගෙන් සමුගත්තෙ තමන්ට ටිකක් ඉස්සරහින් ඇවිදන් යන දිවාෂව අල්ලගන්න හිතාගෙන.ආශවලා ලගට ගිහින් මොනාහරි කිව්ව දිවාෂ නේත්‍රවත් අල්ලන් එතනින් පිටත් වෙද්දි තෙවින්‍ට ඔලුවෙන් එන්න කියලා අඬගැහුව ආශවත් නේත්‍රගෙ පස්සෙන් ඇවිදන් ගියා.

'තෙවින් හුඟක් දේවල් ඒ වෙද්දි වරද්දගෙන තිබ්බා.නේත්‍රව අමතක කරලා දිවාෂට සම්පූර්ණ සාධාරණේ කරන්න තෙවින් තෝරගත්තු පාර සම්පූර්ණෙන්ම වැරදි එකක් වෙලා තිබ්බා'.වාහනේ ඉස්සරහ කණ්නාඩියෙන් පිටිපස්සෙ ආසනේ ඉදගෙන එලිය බලාගෙන ඉන්න දිවාෂ දිහා බලමින් උන්නු තෙවින්ව දැක්ක ආශව හිතුවෙ එච්චරයි.

..............................................................................................

"දෙව්.....කෝ නැගිටින්න"

"නිදිමතයි බබා....නිදාගන්න දෙන්නකො"

"දැන් නිදාගත්තොත් ඔයා රෑට නිදාගන්නෙ නෑ.....එතකොට හෙට ගමන යන්නෙ කොහොමද? කෝ කෝ නැගිටින්න"

"හෙට කොහෙ යන්නද බබා? ප්ලීස් මට ඕක මතක් කරන්න එපා......ඔයාට මතක නැද්ද? මට ඒ ගමන යන්න වෙන්නෑ"

"නැගිටින්නකො කිව්වම අහලා.....කෝ....."

නිදාගෙන උන්නු දෙවින් ලඟට ආව දෙනෙත් දෙවින්ගෙ ඔලුව අතගාන ගමන් කියද්දි දෙනෙත්ගෙ හිත රිද්දන්න බැරිකමට දෙවින් හෙමින් සැරේ ඇස් දෙක ඇරලා ඈලි මෑලි කැඩුවා.නැගිට්ට ගමන් පේන්න තියෙන දෙනෙත්ගෙ මූණ එක්ක හිනා වුණු දෙවින් දෙනෙත්ගෙ කාමරේ කවුළුවෙන් පේන නුවර අහසෙ තැඹිලි පාට බලන් හිටියෙ දැන් හවස් වෙල කියන එක තේරුම් ගන්න ගමන්.තෙවින් ගෙදර තනියම නිසා ගෙදර යන්න පිටත් වෙන්න පොරවනේ අයින් කරන ගමන් ඇඳෙන් නැගිට්ට දෙවින් එකපාරටම තමන් ඇඳේ නිදන් උන්නු තැනට එහා පැත්ත බැලුවෙ අතේ වැදුනු දෙයක් නිසා.

"ද්.....දෙයියනේ බබා!!!!!"

"සප්‍රායිස් පුතා......."

දෙවින් පුදුමෙන් කෑ ගහනවත් එක්ක දෙනෙත්ගෙ අම්මයි අප්පච්චියිත් කාමරේ ඇතුලට ආවෙ දෙවින්ට කෑ ගහන ගමන්.තමන්ගෙ අත ලඟම තියෙන අලුත්ම අලුත් ක්‍රීඩා භාණ්ඩ ටික දිහා බලාගෙනම ඇස් වල කදුළු පුරෝගත්තු දෙවින් හැරුණෙ තමන් ලග ඉදගෙන හිනාවෙවී ඉන්න දෙනෙත් දිහාට.

"බ්....බබා......බබා මට.....මට....."

ඊයෙ ඉදලා හිර කරගෙන උන්නු කදුළු කැට එකින් එක දෙවින්ගෙ ඇස් වලින් වැටෙන්න ගනිද්දි දෙනෙත් දෙවින්ව තමන්ගෙ පපුවට තුරුල් කරගත්තා.

"වැටෙන්න ඕනි උනු වෙලාවට අමාරුවෙන් හිටගෙන ඉන්න ඕනි නෑ දෙව්....බය නැතුව වැටෙන්න....මම ඉන්නවා ඔයාට තුවාලයක් වෙන්න නොදී අල්ලගන්න!"

ඊයෙ ඉදන් හිතේ හයියට අඬන්නෙ නැතුව උන්නු දෙවින් දෙනෙත්ගෙ තුරුලට වෙලා කෑ ගහලා අඬද්දි දෙනෙත්ගෙ අප්පච්චියි අම්මයිත් කොල්ලො දෙන්නා ලඟට ලං වුණා.දෙනෙත්ගෙ අම්මා දෙවින්ව එක පැත්තකින් තුරුල් කරගනිද්දි දෙනෙත්ගෙ අප්පච්චි දෙවින්ගෙ ඔලුව හරි ආදරෙන් අතගෑවා.

"අපි හැමෝම ඔයාට ඉන්නවා කොල්ලො.....බය නැතුව ඔයාට ඕනි කරන ගමන ඔයා යන්න"

"ත්.....තැන්කිව් මාමෙ...නැන්දෙ ඔය දෙන්නටම....මේ දේවල්....."

"නෑ නෑ පුතා"

දෙවින්ගෙ කම්මුලකට අත තිබ්බ දෙනෙත්ගෙ අම්මා කියද්දි දෙවින් රතු උනු මූණත් එක්ක දෙනෙත්ගෙ අම්මා දිහා බලන් හිටියා.

"අපේ බබා පුලු පුලුවන් වෙලාවල් වලට අපේ මහත්තයගෙ බිස්නස් වැඩ වලට උදව් කරනවනෙ.....ඉතින් අපේ එක්කෙනා බබාට ඒ වෙනුවෙන් පුංචි සැලරි එකක් දුන්නා....බබා ඒ ඔක්කොම එයා ලග තියං හිටියෙ....වි‍යදමට ඉතින් ගෙදරින් සල්ලි ලැබෙනවනෙ කොහොමත්....ඒ ලෙවල්ස් ඉවර උනාට පස්සෙ මෙයා නිතරම ඔෆිස් යන්න එන්න ගත්තු නිසාමම හිතන්නෙ අපේ එක්කෙනා සැලරි එක වැඩිත් කලා?"

දෙනෙත්ගෙ අම්මගෙ කතාවට හිනා වුණු දෙනෙත්ගෙ අප්පච්චි දිගින් දිගටම දෙවින්ගෙ ඔලුව අතගෑවා.

"මේ දේවල් ඔක්කොම අපේ බබා ඉතිරි කරගත්තු සල්ලි පුතේ......එයා මේ දේවල් ඔයාට අරං දුන්නෙ එයාගෙම මහන්සියෙන්.....ඉතින් අපිට නෙවෙයි, එයාට විතරයි ඔයා තෑන්ක්ස් කරන්න ඕනි"

දෙවින් දෙනෙත්ගෙ පපුවට ඔලුව තියාගෙන එක දිගටම ඇඬුවා.අවුරුදු ගාණක් තිස්සෙ තමන් උන්නු පීඩනේ,දුක ඒ හැමදේම කදුළු වල දිය කරන ගමන් දෙවින් පැය ගාණක් දෙනෙත්ගෙ උණුහුමට ගුලි වෙලා ඇඬුවා.දෙවින්ට ජීවිතේ පලවෙනි වතාවට අම්මෙක්ගෙ අප්පච්චි කෙනෙක්ගෙ දයාබර උනුහුම දැනෙද්දි දෙවින්,දෙනෙත්ගෙ අම්මගෙයි අප්පච්චිගෙයි උණුහුම් වල තමන්ට මගෑරුණු ඒ ආදරේ හොය හොය ඇඬුවා.

...................................................................................................

"සුදුබේබි......"

"ම්ම්ම්ම්"

"අපි දැන් තියන්න හදන්නෙ සුදුබේබිගෙ ජීව්තේ තීරණාත්මකම අඩිය"

"ම්ම්ම්ම්ම්"

"බය නෑ නේද මගෙ සුදුබේබි?"

"ඔයා ලඟ ඉන්නවනෙ නේත්‍ර ......මම ඇයි බයවෙන්නෙ?"

එස් එස් සී (Singhalese Sports Club) ය ඉදිරිපිට හිටගෙන උන්නු ආශව නේත්‍රගෙ අත තදින් අල්ලගෙන හිටියා.නුවර ඉදලා කොළඹට එනකං උදේම බස් රථයෙන් එන්න පිටත් වුණු ආශවට යම් තෙහෙට්ටු ගතියක් දැනුනත් අද මේ කරන්න යන වැඩේ නිසා තිබ්බ උද්‍යෝගෙන් ආශවගෙ ඒ තෙහෙට්ටුව මැකිලා ගියා.නේත්‍රගෙ එක අතක ආශවගෙ ලියකියවිලි එක්ක තව බඩු භාණ්ඩ කිහිපයක් තිබ්බ මල්ලක් තිබ්බා වගේම ආශවගෙ එක උරහිසක ක්‍රිකට් බෑගය රැඳිලා තිබ්බා.

ඊයෙ රාත්‍රියෙ වලව්වට ගොඩ උනු මහමුදියන්සෙ මුදියන්සෙගෙ වාහනේ ඒ රියදුරා අතේම කොලඹට යවනකොට,අද උදේම මහ මුදියන්සෙ ආශවට අරං දීලා තිබ්බ කාරයේ නැගලා රාජකාරී වැඩ වලට පිටත් වෙනකොට ලොකු මැණිකෙගෙ වාහනේ රෝද හතරෙත් හුලං බැහැලා තිබ්බා! මේ දේවල් අහම්බෙන් උනු එව්වා නොවෙයි කියලා තේරුනු ලොකු මැණිකෙගෙ ඇස් වල අසරණකමට උනපු කදුළු පිරෙද්දි නේත්‍ර කලේ තහකනියක් ආශවව ලෑස්ති කරවගෙන ගමන පිටත් කරවගත්තු එක.මොකද බස් රථයේ යද්දි තමන්ගෙ වාහනේක යනවට වඩා වෙලාව ගත වෙනවා කියලා නේත්‍ර දැනන් උන්නා.කොහොම හරි නේත්‍රගෙ උත්සාහෙ මල්පල ගන්වන ගමන් ආශව නියමිත වෙලාවට විනාඩි දහයකට කලින් ක්‍රීඩා සමාජය ඉස්සරහ නේත්‍ර එක්ක හිටගෙන ඉද්දි ආශවගෙ ඔලුවෙන් ගලවගත්තු තොප්පිය ආශවගෙ අතින් බිමට වැටුණා.හරියටම නේත්‍රගෙ කකුල් දෙක ලඟට!

"මැණිකෙ....."

"ත්....තුණුරුවන්ගෙ සරණයි මගෙ සුදුබේබි....මගෙ සුදුබේබිට කවදාවත්ම වරදින්නෑ"

තොප්පිය අහුලගන්න මුවාවෙන් නේත්‍රගෙ කකුල් දෙක උඩින් තමන්ගෙ අත් දෙක තිබ්බ ආශව නේත්‍රගෙ ආශිර්වාදය හදවතින්ම පිලිගනිද්දි ආශවගෙ ඇස් තත්පර ගාණකට පියවිලා තිබ්බා වගේම නේත්‍රගෙ ඇස් වලත් කදුළු පිරුණා.අවසර ලිපිය පෙන්නලා ආරක්ෂක කුටියෙන් ඇතුලට පිවිසුනු ආශව වටපිට බැලුවෙ කොතනින් පටන් ගන්නද කියලා නොතේරුනු නිසා.මේ වගේ තැනකට මුල්ම වතාවට ආව පුංචි එකාත් හරි ආසාවෙන් ඇසුත් ලොකු කරං වටපිට බල බල ඉද්දි නේත්‍රගෙ රූපෙ දිහා විනාඩි ගාණක් තිස්සෙ හොරෙන් බලන් උන්නු කෙනෙක් ආශව නේත්‍ර දෙන්නගෙ ඉස්සරහට ආවා.

"හායි....."

"සනුක!"

"හායි මල්ලි බබා...."

"හායි සනුක අයියෙ....ඔයා ආව එක ලොකු දෙයක් උනා"

"මම නෑවිත් කොහොමද අද? මම ආසාවෙන් හිටියෙ බලාගන්න"

"ආහ්?"

"ආශවගෙ ෆස්ට් ඩේ එක බලාගන්න.....ඒ දවස ඕනිම කෙනෙක්ට විශේෂයිනෙ"

සනුක ඇඟට පතට නොදැනී කියද්දි කොහොමත් අහිංසක නේත්‍ර හිනාවෙලා ඔලුව වැනුවා.සනුක ගැන සැක කරන්න තරම් දේවල් වෙලා නොතිබ්බ් නිසා ආශව සනුක දිහා සැකේක බැල්මක්වත් නොහෙලද්දි සනුක දෙන්නත් එක්කම ඇතුලට යන්න පිටත් වුණා.ලස්සන පරිසරයක් මැදින් ගිහින් තිබ්බ එලිමහන් කොරිඩෝව දිගේ ඉස්සරහට ඇවිදන් ගිය සනුක ආශව නේත්‍ර දෙන්නව ඉහල මාලයට අරං ගියේ ලී පඩිපෙලක් මාර්ගෙන්.උඩුමහලෙ තිබ්බ බඳවාගැනීම් නිලධාරී කුටියෙන් පිටත අමුත්තන්ට රැදී ඉන්න තිබ්බ කොටසෙ තිබුණු සෝෆාවක් නේත්‍රට පෙන්නුව සනුක නිලධාරී කුටිය ඇතුලට යද්දි ආශව නේත්‍රව එක්කන් ගිහින් සෝෆාවෙන් ඉන්දෙව්වා.

"සුදුබේබි එනකං ඉන්න මැණිකෙ මෙතෙන්ට වෙලා....මම ඇතුලට ගිහින් එන්නම්"

"හා සුදුබේබි....හොද සිහිකල්පනාවෙන් කියන දේවල් අහන් ඉන්න හොඳද?"

"ආශවයා එන්න"

බඳවාගැනීම් නිලධාරී කුටියෙන් එලියට ආව සනුක ආශවට කතා කරන ගමන් ගියේ ආයතන ප්‍රධානියාගෙ රාජකාරී කුටියේ දොරටුව ලගට.ඉස්සෙල්ලාම දොර ඇරගෙන ඇතුලට ගිය සනුක ආශවට එන්න කියද්දි ආශවත් සනුකගෙ පස්සෙන්ම කුටිය තුලට ඇදුනා.

"ගුඩ් මෝනින් සර්....."

"ගුඩ් මෝනින් සනුක....."

"ගුඩ් මෝනින් සර්.....මම ආශව"

"ඕහ්! ගුඩ් මෝනින් ආශව....ටේක් අ සිට්"

ප්‍රධානියා සුහදව හිනාවෙලා කියද්දි ලාවට හිනා වුණු ආශව සනුක එක්කම මේසෙ ඉදිරිපිට තිබ්බ පුටු දෙකකින් වාඩි වුණා.ආශව දිහා තව පාරක් බලලා අත්සන් දදා උන්නු ෆයිල් කවරය වහලා දැම්ම ප්‍රධානියා කතාව පටන් ගනිද්දි ආශව නිහඩව ඇහුම්කන් දීගෙන හිටියා.

"මම හිතනවා ආශව දිගටම අපේ ක්ලබ් එක එක්ක ජොයින් වෙලා ඉදියි කියලා....ආශවට ඔක්කොම ඕනි කරන ඩීටේල්ස් ටික ක්ලබ් එක ඇතුලෙන් දෙයි....ආශවගෙ කෝච්.ඇග්‍රිමන්ට් එකක් සයින් කරන්න තියෙනවා ආශවට....ඒ ඔක්කොම රෙජිස්ට වෙන තැනින් දෙයි ඔයාට....කන්ට්‍රැක්ස් වලට යන්නනම් ආශවගෙ පෆෝමන්ස් එහෙම අපිට බලන්න සිද්ධ වෙනවා....ඒ නිසා දැන්මම කන්ට්‍රැක් වලට සයින් කරන්න බෑ....ආශව අපේ ක්ලබ් එකෙන් අයින් වෙනවනම්,නැත්තං වෙන එකකට කන්ට්‍රැක් ප්ලේයර් කෙනෙක් විදියට ප්ලේ කරන්න යනවනම් ඒ ගැන අපිට දැනුවත් කිරීමක් කරන්න වෙනවා....ආශව ගැන නේද සනුක එදා කෝචස්ලා කතා උනේ? මීට්න් එකේදි?"

"ඔව් සර්.....ආශව ගැන තමා"

"ඕකේ....ආශවට බොහෝ විට ඉතාමත් ඉක්මනින්ම ප්‍රිමියර් මැච් එකක් ගහන්න චාන්ස් එක එයි....ඒ හැමදේම තීරණේ වෙන්නෙ ආශවගෙ කැපවීම හා උත්සාහෙ එක්ක...මම හිතනවා ආශවට පැහැදිලි උනා කියලා"

"ඔව් සර්..."

"හරි.....එහෙනම් ආශව ගිහින් රෙජිස්ටර් වෙන්නකො....ආශව තනියමද ආවෙ?"

"නෑ සර්.....මගෙ...."

"මෙයාලගෙ මල්ලි කෙනෙක් එක්ක සර් ආවෙ"

"ආහ්....ඕකේ....එහෙනම් හරි නේද?"

"හරි සර්....අපි ගිහින් එන්නම්"

"ඕකේ සනුක"

"ගිහින් එන්නම් සර්....තෑන්ක් යූ"

"ඕකේ ආශව....ගුඩ් ලක්....හොදට වැඩටික කරගන්න"

ප්‍රධානියට අතට අත දිලා කුටියෙන් එලියට ආව සනුක ආශව දිහා බලද්දි ආශව ඇහිබැමක් උස්සලා සනුක දිහා බැලුවා.

"උඹ මගෙ කියලා මොකද්ද කියන්න ගියේ ලොක්කට?"

"යාලුවා එක්ක කියලා ඕයි....තමුසෙ කලබල උනානෙ"

"මම හිතුවෙ බෝයිෆ්‍රෙන්ඩ් කියයි කියලා....උඹ එහෙම මිනිහනෙ"

"මෙහෙම තැනකදි ඔව්වා කියලා නේත්‍රව රිස්ක් එකක දාන්න පිස්සුයෑ මට....යං....රෙජිස්ට වෙන්න ඕනි කොතනින්ද?"

"අතන....ඒකත් කරගෙනම යමු නේත්‍ර ලගට"

"හා"

සෝෆාවෙ ඉදන් උන්නු නේත්‍රට එහා කුටිය ඇස් වලින් පෙන්නන ගමන් ආශව සනුක එක්ක ඒකට ඇතුල් වෙද්දි නේත්‍ර ඔලුව වනලා සෝෆාව උඩ ඉදගෙන හිටියා.ඇතුලට ගිය ආශව සනුක එක්ක අදාල ගිවිසුමත් අත්සන් කරලා එලියට ඇවිත් නේත්‍ර ලගට යද්දි නේත්‍ර ඉක්මනටම සෝෆාවෙන් නැගිට්ටා.

"හරිද සුදුබේබි වැඩ ටික?"

"මෙතන වැඩ ටික හරි නේත්‍ර.....දැන් ක්ලබ් එකට යන්න ඕනි"

"හා සුදුබේබි....මම කොහෙට හරි වෙලා ඉන්නම්ද? මට එන්න බැරුව ඇති ඇතුලට"

"නෑ මල්ලි යං....එහෙම අවුලක් නෑ....කොහොමත් ඔයා පාස් එකක් අරගන්න අදම....ආශව තව කාටහරි පාස් ඕනිද?"

"නෑ නෑ....මට වෙන කවුරුත් නෑනෙ සනුක...නේත්‍ර විතරයි ඉන්නෙ.මෙයාට තිබ්බම ඇති.ඒක තිබ්බොත් නේත්‍රට යන්න එන්න පුළුවන් නේද?"

"ඔව් ඔව්....ඒ නැතත් පුළුවන්....ඒත් ඉතින් පාස් එක තියෙද්දි ලේසියිනෙ....යංකො දැන්"

නේත්‍රවයි ආශවවයි අරගත්තු සනුක පෙර කිව්ව කොරිඩෝව දිගේම ගිහින් වෙන පැත්තකට හැරෙද්දි කොල්ලො දෙන්නත් සනුකගෙ පස්සෙන්ම ඇදුනා.අන්තිමට වායුසමීකරණය කරලා තිබ්බ ක්‍රීඩාගාරයක් ඇතුලට ඇතුල් වෙද්දිම කොහේදෝ ඉදන් ආව බෝලයක් නේත්‍රගෙ මූණ ලගින්ම නැවතුනේ ආශව අතදාලා ඒක අල්ලගත්තු නිසා.

"නයිස් කැච් මචං!"

"තුශේන්! පරිස්සමින් කරපං බං! මේ ලමයගෙ මූණෙ වැදුනනම් එහෙම!"

"සොරි සොරි සනුක අයියා....ඕකට ඔච්චර කේන්ති ගන්න ඕන්නෑනෙ"

ආශවගෙ අතින් බෝලෙ ගත්තු සනුක බෝලෙ එව්ව කොල්ලගෙ දිහාටම ඒක වේගෙන් යවන හැටි ආශව ඇසුත් හීනි කරගෙන බලන් ඉදලා ආයෙමත් ඔලුව දෙපැත්තට වනලා නේත්‍රගෙ අතින් අල්ලලා නේත්‍රව ඇතුල් පැත්තට කරගත්තා.ආශවට ඔලුවෙන් එන්න කියලා අඬගැහුව සනුක ක්‍රීඩාගාරෙ ඇතුලට වෙන්න තිබ්බ කුටියකට ඇතුල් වෙද්දි එතන ඉදන් උන්නු මැදිවයසෙ මනුස්සයෙක් ඔලුව උස්සලා ආශවලා දිහා බැලුවා.

"සර්....."

"එන්න සනුක.....ආ....මේ ආශව නේද?"

"ඔව් සර්"

"ඉදගන්නකො පුතා....මේ චූටි කොල්ලා කවුද? එයත් මෙහෙ....."

"නෑ සර්....මේ ආශවගෙ මල්ලි කෙනෙක්.....එයා ආශව එක්ක ඇවිත් තියෙන්නෙ"

"ආ....පුතාත් ඉදගන්නකො ඔතනින්"

පුහුණුකරු කියලා හිතන්න පුලුවන් ඒ පුද්ගලයා තමන්ගෙ ලැප් එක දිහා ටික වෙලාවක් බලන් ඉදලා ආශවගෙ පැත්තට හැරුණා.

"මම තමා ආශවගෙ කෝච් වෙන්නෙ.....ආශව නැෂනල් සිලෙක්ට් උනොත්,ඒ වෙනකං ආශවගෙ කෝච් වෙන්නෙ මම....සනුක,ලියෝන්....ආශව එයාලව දන්නවනෙ? ඒ අයටත් ප්‍රැක්ටිස් කරවන්නෙ මම....ආශවට කවදා ඉදලද ප්‍රැක්ටිස් එන්න පුලුවන්?"

"කවදා ඉඳලද සර් පටන් ගන්නෙ?"

"ආශව කැන්ඩි වල නේද?"

"ඔව් සර්"

"ආශවට එහෙනම් මෙහෙ නැවතෙන්න තැනක් එහෙම හොයාගන්න වෙයි.....ඒ වැඩ ටිකත් කරගෙන නෙක්ස්ට් මන්ඩේ වගේ?"

"සර් වෙන්ස්ඩේ වගේ එන්නද?"

"ඕකේ.....එහෙනම් එදාට එන්න....ආශවට ප්‍රැක්ටිස් සිලෙක්ට් කරගන්න පුළුවන් ටයිප්ස් දෙකක් තියෙනවා....දවස් හතරක් ප්‍රැක්ටිස් ඇවිල්ලා සතියට එකපාරක් ජිම් ඩේ එක විදියට....එහෙමත් නැත්තං සතියට දවස් හතර ප්‍රැක්ටිසුත් ඇවිල්ලා ඒ දවස් වලින් දවස් තුනක්ම ප්‍රැක්ටිස් වලින් පස්සෙ ජිම් අවර්ස් ටික කවර් කරන්න ඕනි....සාමාන්‍යෙන් සනුකලා වගේ හුගක් අය සිලෙක්ට් කරං ඉන්නෙ ෆස්ට් ටයිප් එක....ආශව මොකද කියන්නෙ?"

"එතකොට කෝච් ෆස්ට් ටයිප් එක සිලෙක්ට් කලොත් වීකෙන්ඩ්ස් වල ෆ්‍රී? සෙකන්ඩ් එක කලොත් වීකෙන්ඩ් එක්ක ෆ්‍රයිඩේත් ෆ්‍රී වෙනවද?"

"ඔව් ආශව.....හැබැයි ඒ විදිය ටිකක් අමාරු වෙයි ඔයාට....ප්‍රැක්ටිස් කරලා ටූ අවර්ස් ත්‍රී අවර්ස් වගේ ජිම් එකේ ඉන්න උනාම....."

"කමක් නෑ සර්....සෙකන්ඩ් ටයිප් එක හොඳයි....ඒක අමාරුයි වගේ දැනුනොත් මට චේන්ජ් කරගන්න පුළුවන් නේද?"

"ඔව් ආශව පුලුවන්....එහෙනම් ඔයාගෙ ශෙඩියුල් එක මම ඒ විදියට හදන්නම්"

"ඕකෙ කෝච්....."

"ආශව මම හිතුවටත් වඩා ෆෝවර්ඩ්....ස්කූල් හෙඩ් ප්‍රිෆෙක්ට්ද?"

"නෑ කෝච් ගේම්ස් කැප්ටන්"

"ඕහ්! ඔයාලගෙ වගේ ස්කූල් එකක ඉතින් හෙඩ් ප්‍රිෆෙක්ට්ට වගේම ලොකු පොසිශන් එකක් නේද ඒකත්?"

"ඔව් කෝච්....සාමාන්‍යෙන් එහෙමයි"

"මේ පුතා කවුද? නම?"

"න්....නේත්‍ර සර්"

"ලස්සන නමක්.....ආශව මල්ලිව මෙහෙට එක්කන් එන එකනම් රිස්කි හරිද? මෙහෙ ඉන්නවා නාහෙට නාහන කොල්ලොයි කෙල්ලොයි....මේකා ලස්සන වැඩියි අපේ ඉන්න සමහර නහරකාරයන්ගෙ ඇස් වලට"

"මෙයා මෙහෙ නවතින්නෑ කෝච්.....කැන්ඩි යනවා"

"මම විහිලුවක් කලෙ කොල්ලො....අපේ ක්ලබ් එක ඇතුලෙ බය වෙන්න දෙයක් නෑ....විහිලුවක් කරනවා ඇරෙන්න නොවැදගත් ලමයි නැහැ....නැහැමත් නෙවෙයි අඩුයි....ඒත් මේ පොඩි එකාව දැක්කම පේනවා මේ පැත්ත එච්චර හුරු නෑ කියලා....නේද පුතා?"

"තවම හුරු නෑ සර්"

"ආ.....කොල්ලා අයියව බලන්න යන්න එන්න වගේ ඉන්නෙ....ආශව,පාස් එකක් රෙඩි කරලා ඕනිද ගෙදර කාටහරි?"

"ඔව් කෝච්.....මෙයාට එකක් ඕනි...වෙන ඕන්නෑ"

"අම්මා තාත්තා?"

"එයාලා වැඩියෙ යන එන එකක් නෑ කෝච්....එයාල බිසී....මෙයා තමා ඉන්නෙ?"

"ම්ම්ම්ම්.....මම රෙඩි කරලා දෙන්නම් වෙන්ස්ඩේ එද්දි ආශව"

"ඕකේ කෝච්"

නේත්‍ර දිහා එකපාරක් බලලා ආයෙ ආශව දිහා බලලා හිනා වුණු පුහුණුකරු ලැප් එකට ආයෙමත් මූණ ඔබාගෙන මොනාහරි කරද්දි ආශව තමන්ගෙ දුරකථනය දිහා බලලා සනුක දිහා බැලුවා.

"සනුක....දෙවින්ලා ඇවිල්ලා...එයාලට දීලා තියෙන්නෙ මේ ටයිම් එක"

"ආහ් හරි....කෝච්,තව එක්කෙනෙක් අද රෙජිස්‍ටර් වෙන්න ඉන්නවා...මම එයාව එක්කන්‍ එන්නම් ගිහින්"

"හරි සනුක"

නේත්‍ර දිහත් එකපාරක් බැලුව සනුක වේගෙන් දුවගෙන පහලට යද්දි පුහුණුකරු ආශවගෙන් ඕනි කරන විස්තර කිහිපයක් සටහන් කරගත්තා.

"ආශවගෙ උස කීයක් වගේද...ලගදි බැලුවද?"

"සික්ස් සර්"

"සනුක සික්ස් වන්....සනුකට වඩා ආශව?"

"මම හිතන්නෙ ත්‍රී සෙන්ටිමීටර්ස් වගේ ගැප් එකක් තියෙනවා කෝච්"

"ඒක තමා.....ඔයාගෙ බර කොහොමද ආශව? කිලෝග්‍රෑම්ස් වලින්?"

"සෙවන්ටි ත්‍රී කෝච්"

"මේ පොඩ්ඩගෙ උස කොහොමද එතකොට?"

"පහයි පහ සර්..."

"මට සර් කියන්න ඕන්නෑ....මම මිස්ටර් රාමනායක...පුතා ආෆ්ටර් ඕලෙවල්ද?"

"නෑ මිස්ටර් රාමනායක....මම නෙක්ස්ට් ඉයර් ඒ ලෙවල්ස්"

"ඕහ්....මම හිතුවෙ පොඩියි කියලනෙ....ආශව එහෙනම් එක පාස් එකනෙ ඕනි?"

"ඔව් කෝච්"

"මට පුතාගෙත් ඩීටේල්ස් ටිකක් ඕනි"

"කියන්න මිස්ටර් රාමනායක"

"පුතාගෙ නමයි අයිඩී නම්බර් එකයි කියන්නකො"

"නේත්‍ර සන්හිත......දෙදාස්දෙකයි තිහයි....."

නේත්‍රගෙන් ඕනිකරන විස්තර ටික ඉල්ලගත්තු පුහුණුකරු දෙන්නටම ආයෙ හමුවෙන බලාපොරොත්තුවෙන් සමුදෙද්දි සනුක එක්කම කුටිය ඇතුලට එන දෙවින් දෙනෙත් දෙන්නා එක්ක හිනාවුණු ආශවයි නේත්‍රයි එලියට ගියා.සනුකලා ආයෙම එනකං ක්‍රීඩාගාරෙ පැත්තකට ගිහින් හිටගත්තු ආශව ගෘහස්ථ පුහුණුවීම් වල යෙදෙන ක්‍රීඩකයො දිහා බලන් හිටියා.ආශවලා හිටිය තැනින හිනා වීගෙන ගිය ලංකාවෙ ජාතික කණ්ඩායමේ එක සාමාජිකයෙක් දිහා බලන් උන්නු නේත්‍ර ඇසුත් ලොකු කරගෙන ආශව දිහා බැලුවා.

"සුදුබේබි! ඒ කලණ බණ්ඩාර නේද?"

"ඔව් නේත්‍ර...."

"එයාලවත් දැන් සුදුබේබිට හම්බෙනවද?"

"ඔව්නෙ....එයාලත් මේ ක්ලබ් එකේම අයනෙ....කැප්ටන් ඉන්නෙත් මේකෙමයි"

"අනේ ශෝක්නෙ සුදුබේබි.....සුදුබේබි ඇයි දවස් හතර දාගත්තෙ? සුදුබේබිට මහන්සි එයි හුඟක් ප්‍රැක්ටිස් ඉවර වෙලා ජිම් එකෙත් ඉන්න උනාම"

"එව්වා වැඩක් නෑ අනේ.....ඔයා එක්ක එක දවසක් හරි වැඩිපුර ඉන්න පුලුවන්නෙ මට....ම්ම්ම්ම්"

"ස්.....සුදුබේබි ඒ නිසාද..."

"ඔව්....දවස් හතරක් ඔයාව ඇහැටවත් නොදැක මෙහෙ ඉන්න ඕනි මම....අර වගේ චාන්ස් එකක් ආවම මට මගාරින්න ඕන්නෑ නේත්‍ර....එක දවසක් හරි වැඩිපුර ඔයා එක්ක ඉන්න පුලුවන්නෙ"

"මම එන්නම් සුදුබේබිව බලන්න.....සුදුබේබි මහන්සි වෙන්න එපා"

"පණ්ඩිත වැඩ එහෙම කරන්න එපා මැණිකෙ තේරුනාද? දැක්කනෙ කෝච් උනත් කිව්ව දේ....මේ ඇතුල වගේ නෙවේ එලිය....නුවර ඔයාට පුරුදු නිසා අවුලක් නෑ....මේ පැත්ත හුරු නෑනෙ....ම්ම්ම්ම්"

"හා සුදුබේබි.....සුදුබේබි නවතින්න තැනක්?"

"මාත් ඒක තමා බැලුවෙ....මෙහෙන් ඇනෙක්ස් එකක්වත් ගන්න වෙනවා"

"සුදුබේබි සල්ලි?"

"ඉතුරු කරගත්තුවා වගයක් තියේ....ක්ලබ් මැචස් පටන් ගත්තට පස්සෙ කොහොමත් අපිට මෙයාලා පේමන්ට් එකක් කරනවනෙ....එතකං අර සල්ලි ශේප් වෙයි"

"මාත් එවන්නම් සුදුබේබි කීය කීය හරි....මට සතිය ගාණෙ අර වැඩ වලින් සල්ලි ලැබෙනවනෙ"

"හා නේත්‍ර....මම මදිපාඩු උනොත් කියන්නම්කො....ම්ම්ම්...."

"හා සුදුබේබි"

නේත්‍ර හරි සන්තෝසෙන් හිනාවෙන ගමන් කියද්දි ආශව නේත්‍රගෙ ඔලුව අතගෑවා.කවදාවත් නේත්‍රට හීනමානයක් ඇති නොවෙන්න වැඩ කරන ආශව අදත් සූක්ෂම විදියට නේත්‍රට ඒ හයිය දෙද්දි පුංචි එකා හිතේ ලොකු සතුටක් පුරෝගෙන හිටියා.එයාගෙ සුදුබේබිට උදව් කරන්න දැන් එයාටත් පුලුවන්නෙ!

"ආශවයා යං....."

"වැඩ ඔක්කොම හරියට කරගත්තද දෙවින්?"

"ඔව් ආශවයා සෙට් ඔක්කොම"

"දෙන්නා එක්ක ගිහින් චේන්ජ් කරං එන්නකො එහෙනම්....කෝච් පොඩි ටෙස්ට් එකක් කරනවා....මම මේ දෙන්නා එක්ක ඉන්නම්....අතන චේන්ජින් රූම් එක"

ආශවයි දෙවිනුයි ඇඳුම් මාරු කරං එනකං සනුක නේත්‍රයි දෙනෙතුයි එක්ක ක්‍රීඩාගාරෙ කොනක තිබ්බ බංකුවක් උඩින් ඉදගත්තා.ඒත් එක්කම එතනට ආව වැඩ කරනවා වගේ පෙනුමක් තිබ්බ මනුස්සයෙක් සනුකගෙ අතට පොලිතින් කවරයක් දීලා යද්දි ඒක ඇතුලෙ තිබ්බ යෝගට් පාන එලියට ගත්තු සනුක එකක් නේත්‍රට දීලා තව එකක් දෙනෙත්ට දුන්නා.සනුකට ස්තූති කෙරුව නේත්‍රයි දෙනෙතුයි බීම දෙක කඩාගත්තත් නේත්‍ර ඒක නොබී ඉන්නවා දැක්ක සනුක නේත්‍ර එක්ක හිනා වුණා.

"ආශව ආව ගමන් අපේ ගෙදර යං...එහෙ ලන්ච් එක රෙඩි කරලා තියෙන්නෙ....ඔයා ඕක බොන්නකො....ආශවටත් එකක් තියෙනවා මේ"

"සුදුබේබි එනකං ඉන්නම් සනුක අයියෙ"

"ආශව එන්න ටිකක් වෙලා යනවා....දැන් ඕවර්ස් පහ හයක පොඩි ප්‍රැක්ටිස් පාරක් දායි කෝච්....ලෙවල් එක බලාගන්න ඕනිනෙ දෙන්නගෙ....එතකං ආශවට එන්න වෙන්නෑ මල්ලි බබෝ....අහන්නකො මේක...."

"ඕ අයියෙ?"

"ඉස්සරහටත් ඔයා ආශව කනකං බොනකං ඉන්න හුරු උනොත් ඔයාට අසනීප වෙයි.....මම දැක්කනෙ එකපාරක් ඔයාට අසනීප උනාම ආශව දුවං ආව විදිය නුවරටම....ඒම දේවල් ආයෙ උනොත් ආශවට හරියට මේකට ෆෝකස් කරන්න බැරි වෙනවනෙ...ඒ නිසා ටික ටික හුරු වෙන්න....ආශවව කවදාවත් අපි බඩගින්නෙ තියන්නෑ....ප්‍රොමිස්"

"හා අයියෙ.....සනුක අයියෙ...."

"ඕ මල්ලි"

"සුදුබේබිව හොදට බලාගන්නවා නේද ඔයා?"

"ඔව්.....මම බලාගන්නම්.....ප්‍රොමිස්"

"හි හී"

හා දත් දෙකත් එලියට දාලා සනුක එක්ක හිනාවුණු නේත්‍රගෙ කම්මුල් දෙක මිරිකන්න සනුකට හිතුනත් අයිතියක් නැති තැන එහෙම කරන්න බැරි බව දැනන් උන්නු සනුක ඒ ආසාව තමන්ගෙ හිත ඇතුලෙ තියාගෙන නේත්‍ර එක්ක හිනා වුණා.ඒත් එක්කම සනුකගෙ පැත්තට හැරුණු දෙනෙත් සනුකට කතා කරද්දි නේත්‍රගෙ සිහියෙන් මිදුනු සනුක දෙනෙත්ගෙ පැත්තට හැරුණා.

"සනුක ස්කූල් ගියේ මුල ඉදන්ම ඉන්ටනැෂනල්ද?"

"ඔ....ඔව් දෙනෙත් ඇයි?"

"නෑ ඊයෙ මම සනුකගෙ ඉන්ස්ට එක බැලුවා......ඔයා අවුරුදු දෙක තුනකට කලින් ඉදලා ෆොටෝස් විතරනෙ දාලා තිබ්බෙ...ඒකයි"

"පොඩි කාලෙ ෆොටෝස් නෑ දෙනෙත් ඔව්වගෙ දාන්න...ඒකයි දැම්මෙ නැත්තෙ"

"ආහ්....හරි හරි"

ක්‍රීඩා පුහුණු ඇඳුම් ඇඟලාගෙන පිත්තවල් අරං ආව ආශවයි දෙවිනුයි ක්‍රීඩාංගනේ එක කොනක තිබ්බ කොල පැහැ දැලකින් ආවරණය වුණු කොටසට යද්දි පුහුණුකරුත් ඒ පිටිපස්සෙන්ම එතනට ගියා.විනාඩි පහලවක විතර පරික්ෂාවකින් පස්සෙ ඔලුවත් වන වන සෑහීමකට පත් වුණු බවක් පෙන්වමින් ආව පුහුණුකරු නේත්‍රලා එක්ක හිනාවෙලා ආයෙමත් තමන්ගෙ කුටියට යද්දි ආශවයි දෙවිනුයි කලින් ඇඳන් උන්නු ඇඳුම් ඇදගෙන එන්න ගියා.

"සනුක..."

"ඔව් දෙනෙත්....."

"මෙතන විතරක් නෙවේනෙ ප්‍රැක්ටිස් කරන්නෙ?"

"නෑ නෑ.....ටයිම් වෙන් කරලා තියෙන්නෙ....ඉන්ඩෝ ප්‍රැක්ටිස් වෙනමයි අවුට්ඩෝ වෙනමයි යනවා....ටීම් සිලෙක්ට් උනාට පස්සෙනම් ග්‍රවුන්ඩ් එකේම තමා"

"ලියෝන් නෑද සනුක අයියෙ අද?"

"මිනිහා ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් අද....එයා දැන් නැෂනල් ටීම් සිලෙක්ටඩ්නෙ....එතකොට වෙනම කෝච් කෙනෙක් ඉන්නවා....අපේ කෝචුත් යනවා ප්‍රැක්ටිස් වලට සමහර වෙලාවට එයාලටත්....මේ ටිකේ හෙඩ් කෝච් යටතෙ ප්‍රැක්ටිස් වෙනවා"

සනුකට ඔලුව වැනුව නේත්‍ර නැගිට්‍ටෙ ආශව එනවා දැකලා.ආශවයි දෙවිනුයි ආවට පස්සෙ කට්ටියව ඉස්සර කරගත්තු සනුක ක්‍රීඩා සමාජයෙන් එලියට බහිද්දි නේත්‍ර ආශවට ලං වෙලා මොනාහරි කුටු කුටු ගාලා කිව්වා.නේත්‍රගෙ ඔලුව අතගාලා හිනා වුණු ආශව තමන්ගෙ ඔලුවෙ තිබ්බ තොප්පිය ගලවලා නේත්‍රට දාද්දි ආශව දිහා බැලුව සනුක හිනා වුණා.

"මගෙ කා එකේ යං......දෙවින්....මගෙ කා එක පිටිපස්සෙන් එන්න"

"ඕකේ"

*      *      *      *      *

"ආශවයා....නවතින්න තැනක් මොකෝ?"

"ම්ම්ම්....ඒක තමා සනුක....බලන්න ඕනි"

"නේත්‍ර මල්ලි.....වැනිලා අයිස්ක්‍රීම් කන්නැද්ද?"

"ක්....කනවා අයියෙ"

"ඔහොම ඉන්නකො.....විග්නේෂ්වරී....."

අතුරුපස ගන්න ගමන් උන්නු කොල්ලො ටිකට ඔලුව ටිකක් නැව්ව සනුක කුස්සියට ගිහින් ටිකකින් ආවෙ තැඹිලිපාට අයිස්ක්‍රීම් පුරවපු වීදුරු බඳුනක් අරං.

"ආ මල්ලි....මැන්ගො අයිස්ක්‍රීම්....මම දන්නෑනෙ ඔයා වැනිලා වලට ආසා නෑ කියලා"

"කන්න නේත්‍ර....ඔයා ආසයිනෙ"

ආශව කියද්දි හිනා වුණු නේත්‍ර සනුකගෙ අතින් අයිස්ක්‍රීම් බඳුන අරං හිනා වෙවීම ඒක කද්දි පපුව බර වෙන මහ අමුතු හැඟීම යටපත් කරගත්තු සනුක සාමාන්‍ය විදියට ඉන්න උත්සාහ කලේ පරන කතාව ආයෙ ඇදගන්න ගමන්.

"උබට මෙහෙ නවතින්න තැනක් තියෙනවද?"

"අහනවකො ආශව....මම අපාට්මන්ට් එකක් අරං තියෙන්නෙ....මම කොහොමත් මෙහෙ නවතින්න බලාපොරොත්තුවෙන් හිටියෙ අප්පච්චිගෙ බිස්නස් වැඩ වලට හුරු වෙන්න ඕනි නිසා....දැන් දෙව්ත් මෙහෙ ප්‍රැක්ටිස් එන නිසා එයාවත් එහෙ නවත්තගන්න පුලුවන්නෙ....ආශවත් එහෙ නවතින්න එන්න"

දෙනෙත් කියද්දි ආශව මුකුත් නොකියා නේත්‍ර දිහා බැලුවෙ නේත්‍රත් ආශව දිහා බලද්දි.තමන් දරන අදහසම නේත්‍රත් දරන බව ඇස් වලින්ම අඳුනගත්තු ආශව හිනාවෙලා දෙනෙත් දිහා බැලුවෙ දෙවින්ගෙයි දෙනෙත්ගෙයි පෞද්ගලිකත්වයට බාධා කරන්න අකමැති නිසා.තමන්ට දෙනෙත් දෙවින් දෙන්නා මේ ආරධනාව කරන්නෙ අවංකවම උනත් ආශව කැමති උනේ නෑ නිදහසේ ඉන්න තරුන ආදරවන්තයො දෙන්නෙක්ගෙ ඒ නිදහස නැති කරන්න.

"නෑ දෙනෙත්.....ඔය දෙන්නා ටිකක් තනියෙන් ඉන්නලාකො....මම බැලුවෙ ඇනෙක්ස් එකක් වගේ...."

"ආශව ට්‍රැක්ද? උඹට මෙහෙ ඉන්න පුලුවන්....මමා ඩැඩා එනවත් අඩුයි ගෙදරට....ආවත් මෙහෙ ඕනි තරම් ඉඩ තියෙනවනෙ...උබ මම එක්ක නැවතියං මෙහෙ....ආරක්ෂාවත් තියෙනවනෙ තනියම ඉන්නවට වඩා...."

"නේත්‍ර.....මොකෝ කියන්නෙ?"

පුරුදු විදියටම ආශව නේත්‍ර දිහාවට හැරුණෙ නේත්‍රගෙ අදහසුත් දැනගෙනම එකතු වෙලා තීරණයක් ගන්න.

"මම කැමතියි සුදුබේබි.....සුදුබේබි සනුක අයියා එක්ක ඉන්න එක හොදයි"

"එහෙනම් හරිනෙ....ඕනි කරන බඩු ගෙනල්ලා මෙහෙ නැවතියං"

සනුක කියද්දි ආශව ඔලුව වැනුවෙ නේත්‍රගෙ තොල් කොනක තිබ්බ අයිස්ක්‍රීම් බින්දුවක් පිහින ගමන්.අතුරුපසත් ගත්තට පස්සෙ කොල්ලො ටික වත්තෙ හෙවන තැනකට ඇවිත් ඉදගත්තෙ සනුකට මොකක් හරි වැදගත් දෙයක් කියන්න තියෙන බව තේරුණු නිසා.

"මේ ඒක නෙවේ සනුක...ආදිත්‍ය මේ ක්ලබ් එකේ නෙවේද?"

"නෑ දෙවින්....ඌ සීසීසී එකේ....මට කියන්න දේකුත් තියෙන්නෙ ඒ සම්බන්ධව තමා"

"මොකද්ද?"

කට්ටියම අහද්දි සනුක ආශව දිහා බැලුවා.

"ඊයෙ දිව්දේත්‍රා මාව හම්බෙන්න ආවා....ඇවිත් එකම පිස්සුවක් නැටුවෙ ක්ලබ් එක ඉස්සරහ"

"ලමයි ඉස්සරහ?"

"ඔව්.....ලියෝන්ව මම කන්ට්‍රෝල් කරගත්තෙ මාරම අමාරුවෙන්......උබව සීසීසී එකට කොහොමහරි ගන්නවා කිව්වා.....ඒක නැටවෙන්නෙ දිව්දේත්‍රලාගෙ අල්ල උඩනෙ...කන්ට්‍රැක් ප්ලේ කරන්ම චාන්ස් එකක් එහෙන් ආවත් ටිකක් කල්පනා කරලා ප්ලේ කරපං ආශව...."

"ම්ම්ම්ම්"

"මම දන්නෑ.....ආශවව මට හම්බෙලා එච්චර කල් නෑ තමා....ඒත් උබ මට මාරම කිට්ටු කෙනෙක් උනා....ඒකයි මම මේ කියන්නෙ,මට ලොකු අවුලක පෙරනිමිති පේනවා....මට තේරෙන්නෑ ඒක මෙහෙමයි අරහෙමයි කියන්න.....අන්න ඒක නිසා උබ හිතුවක්කාරකමට කිසිම දෙයක් කරන්න යන්න එපා....මතක තියාගනින් විශාර සර් අපි එක්ක ඉන්නව....එයාව විශ්වාස කරන්න පුලුවන්....උබට අවුලක් මොකක්ම හරි දැනුනොත් අපි එක්ක ඒක ශෙයා කරගනින් ආශව.....මම ආසා නෑ....."

සනුක කියන්න ගිය එක මගින් නවත්තලා නේත්‍ර දිහා ඇස් කොනකින් බැල්මක් හෙලලා කතාව පටන් ගත්තා.ආශවගෙ අතක් හයියෙන් අල්ලන් උන්නු නේත්‍ර හරි කල්පනාවකින් ආශවගෙ මූණ දිහා බලන් ඉද්දි ආශව තමන්ගෙ මාපටැගිල්ලෙන් නේත්‍රගෙ පිටිඅල්ල පිරිමැදලා නේත්‍රව සන්සුන් කලා.

"මම ආදරේ මිනිස්සුන්ට රිදෙනවට මම ආසා නෑ....මට වටින මිනිස්සු ලිමිටඩ්.....ඒ අයගෙනුත් හුගක්ම වටින කෙනෙක්ගෙ ඇස් වලින් කදුළක් වැටුනොත් ඒක මට දරාගන්න බැරි වෙයි"

සනුක කියද්දි දෙවින් ආශව දෙන්නම සනුකගෙ පිටට තට්ටුවක් දැම්මෙ සනුක ඒ දේ කිව්වෙ තමන් එක්ක තියෙන යාලුකම නිසා කියලා හිතලා උනත් සනුක ඒ කිව්ව වටින කෙනා කවුද කියලා දැනන් උන්නෙ සනුක විතරමයි.සමහර රහස් ඒ මිනිස්සු එක්කම වැලලිලා යන්න ඕනි කියලා ඒ මිනිස්සු තීරණේ කලත් සනුකගෙ දෛවය කියන දේ ඒ වෙද්දිනුත් ලියවිලා ඉවර වෙලා තිබ්බා.දෛවය තමන්ට දීලා තියෙන්නෙ වේදනාකාරි අවසානයක්ද සතුටුදායී අවසානයක්ද කියලා නොදැන උන්නු සනුක නේත්‍ර ගැන තියෙන ආදරේ දවසින් දවස වැඩි කරගන්න ගමන් හිටියා.

...................................................................................................

"අප්පෝ කම්මැලියි.....නේත්‍රවත් හිටියනම්"

කාමරේ ඇඳට වෙලා එහෙට මෙහෙට පෙරලෙන ගමන් උන්නු ආශව කන්කෙඳිරි ගෑවෙ නේත්‍ර ඉස්කෝලෙ ගිහින් උන්නු නිසා.කොන්ඩෙ අතින් හදාගන්න ගමන් පහලට බැස්ස ආශව දෙවින්ලගෙ ගෙදරවත් යන්න හිතන් මුළුතැන්ගෙයි පැත්තට ගියේ පුංචි අම්මට ඒ ගැන කියලා යන්න.ඒත් මුළුතැන්ගෙයි පැත්තෙන් ඇහුනු ඉකි සද්දෙ නිර්මලාගෙ කියලා අඳුනගත්තු ආශව හොරෙන්ම ඒ කතාබහට කන්දීගෙන හිටියෙ නේත්‍රගෙ නමත් කියවෙනවා ඇහුනු නිසා.

"ලොකු මැණිකෙට කියන්න.....ඒකා අපේ පොඩ්ඩා වගේමයි ලොකු මැණිකෙ"

"නිර්මලා කියන්නෙ නිර්මලාගෙ මහත්තයගෙ අක්කත් ජීවතුන් අතර ඇති කියලද?"

"මම දැක්කෙ ඒ කොල්ලව විතරනෙ ලොකු මැණිකෙ....අපේ නේත්‍රයා තනිකරම අපේ මනුස්සයගෙ කපාපු පලුව.මගෙත් යම් යම් ලක්ෂන නැතුවා නෙවේ....ලොකු මැණිකෙ මෙහෙ එද්දිනුත් අපේ මනුස්සයා නැති වෙලා නිසා ලොකු මැණ්කෙ දැකල නෑ මයෙ හිතේ"

"ඔව් නිර්මල මම දැකලා නෑ......"

"ඒ එකපාරටම අතුරුදන් උනු කෙනා අපේ මනුස්සයාගෙ නිවුන් සහෝදරී.....ඔය ගෑනු මනුස්සයා අතුරුදන් වෙලා අවුරුද්දකට විතර පස්සෙ තමා අපේ මනුස්සයා මළේ....ලොකුමැණිකෙට අමුත්තක් දැනෙන්නෙ නැද්ද? අපේ කොල්ලා වගේම තව කෙනෙක් මේ පලාතෙම ඉද්දි?"

"අහම්බයක් වෙන්නත් බෑ නිර්මලා ඔය කියන තරම් රූපෙ සමානනම්"

"පුංචි වෙනස්කම් තියේ ලොකු මැණිකෙ.....ඒත් එකපාරටම බලද්දි දෙන්නගෙ වෙනසක් හොයාගන්නම බෑ....මගෙ හිතට හරි අමුතුයි ලොකු මැණිකෙ"

"කෝකටත් නේත්‍ර කොල්ලව පරිස්සම් කරගනින් නිර්මලා....උබ මට නොකියන නිර්මලාගෙ මහත්තගෙ අක්කා සම්බන්ධයක් පවත්වපු කෙනා නිර්මලා කියන විදියට බලවතෙක්නෙ?"

"එහෙමයි ලොකු මැණිකෙ....නම කියන්න බැරි එකට ලොකු මැණිකෙ මා එක්ක අමනාප වෙන්න එපා"

"නෑ නිර්මලා.....මොකක් හරි හේතුවකටනෙ නිර්මලා ඒක නොකියන්නෙ....රෑ පානෙයි අරහෙ මෙහෙයි තනියම යවන්නෙපා නේත්‍ර කොල්ලව"

"අපේ එකාට ප්‍රශ්නයක් වෙන්න දෙයක් නම් මට පේන්නෑ ලොකු මැණිකෙ"

"නෑ නෑ.....මම නිකමට කිව්වෙ.ආරක්ෂා වෙන එක කෝකටත් හොදයිනෙ"

"එහෙමයි ලොකු මැණිකෙ......අනේ අර අසරණයා දුක් විදිනවා ලොකු මැණිකෙ....මගෙ පපුව හෝස් ගාලා ගියා....පයට සෙරෙප්පු දෙකක් නැතුව ගිනි අවුවෙ....."

"නාඬා ඉදිං නිර්මලා.....නාඬා ඉදිං....අපේ කොල්ලට ප්‍රශ්නයක් උනොත් අපි රැකගමු"

කතාව අහන් උන්නු ආශවගෙ ඔලුව උඩ හෙන හත අටක් පිපිරුව වගේ හැඟීමක් දැනුනු නේත්‍රට කරදරයක් වෙයිද කියන බය නිසා.ඒ කතාබහෙන් නේත්‍රට කරදරයක් වෙයි කියලා ඉඟියක් නොලැබුනත් ආශවට නේත්‍රගෙ ආරක්ෂාව හැම වෙලේම අංක එක උනා.කීයටවත් මෙහෙම නිකං කතාවක් නිසා පුහුනුවීම් වලටත් නොගිහින් තමන්ගෙ ජීවිතේ විනාස කරගන්නවට නේත්‍ර අකමැති වෙන නිසා ආශවට එහෙම හිතුවක්කාර වෙන්න හිතුනෙත් නැහැ.

"අරුන් දෙන්නට කිව්වනම් හරි"

අන්තිමට ආශවගෙ ඔලුවට ආවෙ තමන් නැති වෙලාවෙ නේත්‍රගෙ ආරක්ෂාව ගැන විමසිලිමත් වෙන්න පුළුවන් හොදම විශ්වාසවන්තයො දෙන්නව.දිවාෂ තාම ඉස්කෝලෙ ගිහින් නිසා ආශව තීරණේ කලේ තෙවින්ව මුණගැහෙන්න ගිහින් මේ දේවල් කියලා විසඳුමක් හොයාගන්න.

"නේත්‍ර වගේ ඉන්න එකා මොකාද කියලා හොයාගන්න බැරි වෙයිද දන්නෑ....ඌ ඉන්නෙ කොහෙද කියලා නිර්මලා කිව්වෙත් නෑනෙ"

ආශව තනියම කල්පනා කර කර ඉස්සරහට ඇදුනෙ පුලුවන් ඉක්මනට තෙවින් එක්ක මේ ගැන කතා කරගන්න.මොකද එදා රධීන්ගෙ ප්‍රශ්නෙ උනු වෙලේ තෙවින්ට ඉහල බලයක් තිබ්බ කෙනෙක්ගෙ උදව් හම්බුනු බව ආශවට මතක තිබ්බා.හැබැයි ආශව දැනන් හිටියෙ නෑ අද තෙවින් එක්ක කතා කරන්න යන මේ ගමනෙන් පස්සෙ ලංකාවෙ ඉන්න දරුණුම මිනිස්සුන්ගෙන් කෙනෙක් තමන්ගෙ ඇස් ඉස්සරහට වැඩිකල් නොගිහින් එන වග.

පාරෙ තිබ්බ නිදිකුම්බා පැලේකුත් පුරුද්දටම හයියෙන් පාගගෙන ඉස්සරහට ඇදුනු ආශව මූණට වදින හුලංපාර නිසා තමන්ගෙ ඇඳුමෙ උඩ කමිස සාක්කුවෙ තිබ්බ ගැටපිච්ච මලෙන් හමන සුවඳෙන් හිත සන්සුන් කරගත්තා.නොසෑහෙන්න කලබල වෙලා උන්නු ආශවගෙ හිත පුරුදු විදියට හරි අපූරුවට සන්සුන් කරන්න අදත් ඒ ගැටපිච්ච සුවඳට පුලුවන් වෙලා තිබ්බා.

...................................................................................................

වචන 6300+😓❤️

අදහසක් කියාගෙන යන්න බබාලා🤍✨️

රජකුමාරයාට ඇන්ද පුංචි නේට්ට🥺🤍

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter