Back
Chapter 99

98 කොටස🤍✨️

නිවාලන්න මා...

"නේත්‍ර.....කරත්තෙ හදන වැඩේ?"

"ඒක දෙමු ටෙක් එකේ අයට....කරලා දෙයි නේද? පොඩ්ඩක් කතා කරලා බලමු අපි"

"අනූපමයට කිව්වනම් ඌ බලයි වැඩේ"

"මම අනූපමට කිව්වා දිවාෂ උදේ....එයා තමා කිව්වෙ කතා කරලා වැඩෙ වෙන හැටි කියන්නම් කියලා....කරලා දෙයි එයාලා"

"එහෙනම් හරි.....ආර්ය....ඉන්ස්ටෲමන්ට්ස් ඕනි කරන ඔක්කොම තියෙනවා නේද? එව්වගෙ අඩුවක් නෑනෙ?"

"නෑ දිවාෂ ඒ ඔක්කොම හරි..."

"නේත්‍ර,තව මොනාද බලන්න තියෙන්නෙ?"

"ඉන්නකො....මම ලිස්ට් එකක් හදන් තියෙන්නෙ...ආ මෙන්න....ඉන්විටේෂන්ස් ඩිසයින් කරන වැඩේ?"

"ඒක හරි....අද හවසට දෙන්නම් කිව්වා ඒ ටික"

"ආයෙ ඩ්‍රාමා එකට ඕනි කරන කොස්ටියුම්ස්....ඒ ටික රකිත අයියලාගෙ කසින් කෙනෙක් කරන්නම් කියලා භාර අරං....අපේ ඕල්ඩ් බෝයි කෙනෙක්.ෆැෂන් ඩිසයිනින් ඩිග්‍රි එකලු කරන්නෙ මොරටුවෙ....එයාලගෙ ටීම් එක ප්‍රොජෙක්ට් එකක් විදියට මේක කරන්නම් කියලා....මොකද මේකට වෙනස්ම විදියෙ ඩිසයින් ඕනි නිසා"

"ඒක කෙරෙයි නේද?"

"ඔව් දිවාෂ....රකිත අයියා ඒක භාර ගත්තා....ඩාන්සින් අයිටම්ස් වලටනම් මෙහෙ අපෙ ඉස්කෝලෙ ගොඩක් ඕඩර්ස් දෙන තැනට දීලා කරගන්නවා කිව්වා....සිංදු ටිකටනම් අපි හදාගන්න ඕනි"

"ඒවට ඒ හැටි ලොකු ඩිසයින් ඕන්නෑනෙ?"

"නෑ දිවාෂ....අපි කට්ටියගෙ ටික අපි කට්ටිය කතාවෙලා කරගමු....ආර්ය....ඔයාලා ස්කූල් බෑන්ඩ් එකේ යුනිෆෝම් එක නේද අඳින්නෙ?"

"ඔව් නේත්‍ර....ඒක අඳින්නෙ...සාමාන්‍යයෙන් එහෙමනෙ කරන්නෙ"

"ඔව්.....ඔයා පොඩ්ඩක් කවුරුහරි එක්ක ගිහින් ඒ ඇඳුම් වල අඩුවක් තියේද කියලා චෙක් කරලා බලන්න ආර්ය....අපි පර්මිෂන්ස් ගත්තා ඉවෙන්ට් එකට දවස් තුනකට කලින් ඒ ඇඳුම් ටික ලමයිට දෙන්න....ඔයාලට ඒ ටික ක්ලීන් කරගන්න එහෙම ඕනි උනොත් කරගන්න පුලුවන්නෙ?"

"පුළුවන් නේත්‍ර....."

"චූචි මේ....."

"ඕ දිවාෂ?"

"අපි මොනාද අඳින්නෙ? මට ඇඳුම් දෙකක් සෙට් කරගන්න වෙනවනෙ? සිංදු දෙකකට ඉන්නවනෙ?"

"අපි හය දෙනාගෙ එකටනම් දෙනෙත් අයියා මොකක් හරි බලලා කියයි....එක වගේ අඳිමු කියලා කිව්වෙ....ඔයාගෙයි දෙනෙත් අයියගෙයි සිංදුවට....ම්ම්ම්....ඒකෙ වයිබ් එක එක්ක,දිලිසෙන ෆුල් සූට් එකක් වගේ තිබ්බොත්?"

"මාත් ඕක හිතුවා.....ඒත් ඇඟම දිලිසෙද්දි කැතට පේයිද?"

"ඒක බලන්න ඕනි...ස්ටේජ් එකට නැග්ගම ගැලපෙනවද කියලා.....හැබැයි බ්ලෙසර් එක හරි දිලිසෙන එකක් උනානම් ශේප් කියලා හිතෙනවා මට....අපි දෙනෙත් අයියා එක්ක කතා කරලා බලමුකො"

"හා.....ඔයා අඳින්නෙ මොකත්ත? අර ආසව කියන එකා එක්ක කියන සිංදුවට?"

"සුදුබේබි ලස්සන සුදුපාට ශර්ට් එකක් බලල තිබ්බා....තිබ්බා කියන්නෙ ඒ ඩිසයින් එක දැකලා එහෙන් ඒක මහගන්න ශොප් එකක් බලල තිබ්බා සනුක අයියා එක්ක...සනුක අයියලාගෙ ස්කූල් එකේ ලමයි යන්නෙත් එතනටලු ඔහොම වැඩ වලට....ඒක ලස්සනයි...මටත් ආසා හිතුනා"

"ලස්සන ඇති එහෙනම්?"

"ඔව්....අනික සුදුපාටනෙ දිවාෂ....මාත් ආසයි සුදුබේබිත් ආසයි සුදුපාටට"

"ඔයාට ඕනි පාටක් ලස්සනයි චූචියො....මේ ඒක නෙවේ....හෙට ප්‍රැක්ටිස් කීය විතර වෙනක්ං දාගමුද?"

"අ....අනේ දිවාෂ අහන්නකො...."

"කියන්නකො....මොකෝ කේස් එක?"

"මට හෙට එන්න වෙන එකක් නෑනෙ....කමක් නැද්ද? හෙටට විතරක්?"

"හෙට මොකෝ එකපාරටම?"

"හෙටනෙ අර එල්පීඑල් එකේ වෙන්දේසිය තියෙන්නෙ....සුදුබේබි ආසයි මම එයා ලග ඉන්නවනම්...කටින් නොකිව්වට,සුදුබේබි හිතන පතන විදිය මම දන්නවනෙ....මම සුදුබේබිට කිව්වා මට හෙට එන්න ඕනි කියලා කොළඹ...සුදුබේබි ඉස්කෝලෙ ඇරෙන වෙලාවට එන්නම් කිව්වා මෙහෙට"

"අඩේ ඒක හෙට නේද? මට අමතකත් උනානෙ අප්පා....කමක් නෑ එහෙනම්...ඔයා හෙට යන්න.අපි ශේප් එකක් දාගන්නම්"

"හා දිවාෂ....කමක් නෑ නේද?"

"කමක් නෑ අනේ....ඔයා එහෙ ගියාම ඉන්නෙ? සනුක අයියලාගෙ දිහාමද?"

"නෑ දිවාෂ.....මොනා උනත් එහෙ වැඩිහිටියෙක් නෑ කියන එක සුදුබේබිගෙ ඔලුවෙ උනත් තියෙනවා....අනික අනේ මංදා....සුදුබේබි ආසා නෑ මම එහෙ නවතිනවට...හේතුවක් නෑ හරියටම....ඒත් ආස නෑ.මට දැනෙනවා ඒක....ඒ හන්දා මම හාර අවුස්සන්න ගියේ නැහැ....අද සුදුබේබිත් එනවා කිව්වා විශාර මාමලාගෙ දිහා.අපි එහෙ ඉදලා හෙට අරක බලලා ඉවර උනාම රෑ වෙලා හරි එනවා ගෙදර"

"බලන්නෙ? වෙන්දේසිය තියෙන තැනට ගිහින්ද?"

"නෑ නෑ....වෙනම තැනක් තියේලු....එතනලු හුඟක් ප්ලේයර්ස්ලා ඉන්නෙ මේක බලාගෙන....එතනට යයි"

"හරි නේත්‍ර.....පරිස්සමින් හොදද...."

"දිවාෂ....."

"ම්ම්ම්ම්"

"ඔයා අවුලකනෙ ඉන්නෙ...දැන් දවස් කීපෙක ඉදලා මට නෝට්...මොකද්ද උනේ කියන්නකො"

"ඔයාට මම කියන්න හිටියෙ නේත්‍ර....වැඩ එක්ක මග ඇරුණා"

"මොකද්ද දිවාෂ? කියන්න"

"ඉ ....ඉන්දීප අයියා මගෙන් ආස්කවුට් කලානෙ...."

"ඉන්දීප අයියා!!!!!"

"ඔව්.....මගෙ හිතට අවුල් නේත්‍ර....මම දෙවින් පණ,ආසවයා වගේ අයියෙක් කියලා හිතලානෙ ඉන්දීප අයියගෙ ඇඟේ එහෙම එල්ලීගෙන හිටියෙ.....ඒක මිනිහා වැරදියටවත් ගත්තද කියලා හිතෙනවා"

"එහෙම හිතන්න එපා දිවාෂ....ඔයා හැමෝම එක්ක හරි එකතුයිනෙ....එහෙනම් ඔයා රකිත අයියට උම්මත් දෙන්නෙ....ඒ උනාට එයා එහෙම ඔයා ගැන හිතලා නෑනෙ...මෙතන ඔයාගෙ වරදක් නෑ දිවාෂ.....ඉන්දීප අයියගෙ වරදකුත් නෑ....ඔයාගෙ හිතේ එයා වෙනුවෙන් මතුවෙන හැඟීම එකක් වෙද්දි එයාගෙ හිතේ ඔයා ගැන ඇතිවුණු හැඟීම වෙනම එකක් වෙලා...."

"අනේ මංදා නේත්‍ර....මට තේරෙන්නෑ මොනා කරන්නද කියලා"

"ඔයා උත්තරයක් දුන්නද?"

"කෙලින්ම කියන්න හැදුවෙ මම....මෙයා කටවැහුවා මගෙ.වහලා කිව්වා ඒලෙවල්ස් ඉවර උනාම කියන්න කියලා....මම ආයෙ කියන්න හදද්දි ආයෙ කට වැහුවා....එක්සෑම් ඉවර උනු කාලෙක හොදට හිතලා බලලා උත්තරයක් දෙන්න කිව්වා"

"ඔයා ඉන්දීප අයියට අකමැතිනම්,එයාගෙන් ටිකක් ඈත් වෙලා ඉන්න දිවාෂ හොදද? නැත්තං හිතට බලාපොරොත්තු එන එක විතරයි වෙන්නෙ එයාගෙ"

"ඇත්ත ඇත්ත චූචි.....මම කෝමත් ශේප් පිට ඉන්නම්"

"ඒත් වෙනසක් පෙන්නන්නත් එපා....හිත නොරිද්දෙන්නෙත් නැති විදියට,බලාපොරොත්තුවක් ඇති වෙන්නෙත් නැති විදියට ඉන්දීප අයියත් එක්ක ඉන්න එක තමා මට හිතෙන විදියට හොදම"

"ඔව් ඇත්ත.....අනික දෙවින් පණ එහෙම හරි අමුතුයි ඊයෙ"

"ඒ මොකෝ?"

"ඊයෙ මම දෙවින් පණට ඕක කිව්වා....කෑ ගැහුවා කියන්නකො.අනේ මංදා...ඕම කේන්ති ගිහින් ඉන්නවා මම දැකලම නෑ දෙවින් පණ....යාලු වෙන්න එපා කියලා කෑගැහුවා...ඔයා වගේ පැහැදිලි කලේ නෑ"

"දෙවින් අයියා කලබල වෙන්න ඇති දිවාෂ....ඔයත් එයාගෙම මල්ලි වගේනෙ...වගේ නෙවේ මල්ලිනෙ.ඒ නිසා හිතට බයක් එන්න ඇති"

"ඒත් මම ඊයෙ දුකින් හිටියෙ දෙවින් පණ කෑ ගැහුව නිසා"

"හයියෝ....ඔව්වා ඔහොම තමා.එයාලා කෑගහන්නෙ ආදරේට....ඕලෙවල් කාලෙ මම බිව්වා කියලා හිතාන සුදුබේබි මටත් කෝට්ටකින් ගැහුවෙ....ඒවගේ තමා...සුදුබේබි ඒ කාලෙ හරි ඉක්මනට කලබල වෙනවා.ටිකෙන් ටික ඒ ගති අඩු උනා සුදුබේබිගෙ....අම්මෝ ඒ කාලෙ කොච්චි කරල වගේ....මම හරි ආදරෙයි සුදුබේබිට මට කොච්චර කෑගැහුවත් ඒ කාලෙ"

"ඔයා නිසා ඌ ඒ ගති හදාගත්තෙ නේත්‍ර.....ඔයාගෙන් ආස්කවුට් කරන්න කලින් හිටිය ආශවයි පස්සෙ ආශවයි අහසට පොලව වගේ.මතකද එක දවසක් ඕකා ඔයා එක්ක මොකකට හරි කේන්ති අරං උගෙම කකුල කපන් තිබ්බා? හැබැයි ඔයා එක්ක යාලු උනාට පස්සෙ හෙනම තැන්පත් උනා.අපි එක්ක නැතත් ඔයා එක්ක හරි"

"යාලු උනාට පස්සෙ සුදුබේබි මට නියපිටින් පාරක් ගහලා නෑ දිවාෂ....අඩුම සැරට බැනලවත් නෑ....අප්පච්චි කෙනෙක් චූටි බබෙක්ව බලාගන්නවා වගේ සුදුබේබි මාව එයා ලගින් තියාගත්තෙ....මට ආදරෙන් කිසි අඩුවක් නෑ ඒ නිසා"

"ඔයා කොහොමත් ඒ සතුට ලැබෙන්න ඕනි කෙනෙක් නේත්‍ර..."

"ඔයත් එහෙමනෙ.....ඔයාට ඊට වඩා සතුටක් ලැබෙන්නම ඕනි..."

ලමයෙක් එක්ක කතා කරන්න ගිහින් උන්නු ආර්ය ආපහු කොල්ලො දෙන්නා ලඟට එද්දි නේත්‍රව මැදි කරගත්තු ආර්යයි දිවාෂයි ඉස්සරහට ඇදෙන්න ගත්තා.

"මෙ ඕයි....දිවාෂ"

"මොකෝ?"

"මොකද්ද දැන් අර තෙවින් අයියා කියන්නෙ? ඕෂිණී එක්ක යාලු නෑ කියලා?"

"ඔව්ලු....උඹට මොනාහරි කිව්වද?"

"ඔව්....ඊයෙ හවස කෝල් කලා"

"මොකෝ කිව්වෙ?"

"ඔයා දැන් වෙනස් කිව්වා....එයාට කැමති නෑ කිව්වා....මැරෙන්න හිතෙනවා කියලා ෆොටෝ එකක් එව්වා වහ බෝතලයක් හම්බුනා කියලා ගෙදරින්"

"ඈ?"

"ඔව්.... යුගාන්මයි කිව්වා කිව්වෙ දවසක් ඒක වහ බෝතලයක් කියලා"

"මම? ආ අර නිල් පාට මූඩියක් තියෙන පොඩි වීදුරු කුප්පියද?"

"ඔව් ඔව්.....ඒක තමා.උඹ ඇයි වහ බෝතල් පෙන්නන්න ගියේ?"

"වහ නෙවේ බං ඒ....අර මොකෙක් හරි සතෙක් කෑවම ගාන තෙල් එකක් ඒක...සර්වවිෂාදි කියලා...මම ආතල් එකට කිව්වෙ දවසක්...යසයි පගයා ඔව්වා බීලා බඩ ගසාගෙන යවාගන්නෙ නැතෑ"

දිවාෂ කරන වැඩ වලට හිනා වුණු නේත්‍ර ලඟ තිබ්බ ගහකින් මලකුත් කඩාගෙන ඉස්සරහට ඇවිදන් යන හැටි දෙපැත්තෙ උන්නු දිවාෂයි ආර්යයි කෙල පෙරාගෙන බලාගෙන හිටියා.ටිකකින් දෙන්නම බලන් ඉන්නෙ නේත්‍ර දිහා කියලා තේරුම් ගත්තු ඉලන්දාරි දෙන්නා අත් ඉස්සරහට දික් කරං චටපට ගාලා ගහගන්න සද්දෙට ඉස්සරහට ඇවිදන් ගිය නේත්‍ර පිටිපස්ස හැරිලා බැලුවා.

"උඹ බලන්නෙ මොකද නේත්‍ර දිහා?"

"චූචියා ලස්සනයිනෙ පරයො! බලන්න නෙවේ ගිලිනවා හිතුනොත් මම!"

"නේත්‍ර දිහා බල බල පැණි හලන්නෙපා දිවාෂ! මට පෙසර් නගිනවා එතකොට!"

"යකෝ ආසවයා නැත්තං නේත්‍රව බඳින්න හිටියෙ මම! උඹ එනවද මෙතන මට....."

"අනේ ඕක නවත්තන්නකො දෙන්නම....යං අරහෙට...."

"ඔයා ආදරේ මට නේද නේත්‍ර?"

"නෑ මට නේද චූචි?"

"මම ආදරේ සුදුබේබිටනෙ....දැන් යංකො"

"ආහ්! පපුව!"

"දිවාෂ මගෙත් පපුව! මාව අල්ලගනින්!"

ආර්යගෙයි දිවාෂගෙයි වැඩ වලට හිනා වුණු නේත්‍ර දෙන්නවම ඇඳගෙන ප්‍රධාන ශාලාවට යද්දි ප්‍රසංගය සංවිධානය කරන කමිටුවෙ සාමාජිකයො එතනට රැස් වෙලා හිටියා.අද වෙනකං කරපු වැඩ සහ ඉදිරියට කරන්න තියෙන වැඩ ගැන සාකච්ඡාව අරං ගිය ඉලන්දාරි ටිකට කාලෙ ගත වෙනවා නොතේරෙද්දි ටිකෙන් ටික හවස් වීගෙන ඇවිත් තිබ්බා.

"දිවාෂ....මම යන්නද එහෙනම්? සුදුබේබි එනවා කිව්වා ඉස්කෝලෙ ලඟට"

"හරි....මම එන්නම් ගේට් එක ලඟට යනකං....යංකො"

නේත්‍ර අනික් අයගෙන් සමු අරං එද්දි දිවාෂ නේත්‍ර එක්කම ගේට්ටුව ලඟට ඇවිදන් ගියා.ආශව කිව්ව වෙලාවට විනාඩි පහක් විතර පහු වෙලා තිබ්බත් ආශව තවම නැති නිසා දිවාෂ කලේ ලඟ තිබ්බ කඩෙන් අයිස්පලම් දෙකක් අරං ආව එක.එකක් නේත්‍රට දුන්නු දිවාෂ එතනම තිබ්බ කණුවකට හේත්තු වෙලා එක කකුලක් නවාගෙන කනුවෙන් තියාගනිද්දි නේත්‍රනම් කණුවට පැත්තකින් හේත්තු විතරක් උනා.

"නේත්‍ර......"

"ම්ම්ම්ම්ම්"

"හෙට ඔයා ආසවයා ලගින් ඉන්න එක හොඳයි....මොන දේ උනත් ඔයා වැටෙන්න එපා හොඳද?...මම කියන්න යන දේ ඔයාට තේරෙනවා ඇති"

"මට තේරෙනවා දිවාෂ.....හෙට මොන දේ උනත් ඒකට මූණ දෙන්න බලාගෙන තමා මම යන්නෙ..."

"ආසවයගෙ පලවෙනිම එකනෙ මේක....මීට කලින් මිනිහා එල්පීඑල් ගහලා නෑනෙ....ඒ නිසා හුඟක් දුරට බේස් ප්‍රයිස් එකෙන් මහ ගොඩක් උඩට වැලිව් එක යන එකක් නෑ ආසවගෙ...ඒ නිසා සමහරවිට....."

"දිව්දේත්‍රාගෙ ටීම් එකට ගන්න පුළුවන් වෙයි සුදුබේබිව...."

ඉස්කෝල ඉස්සරහ පාර තත්පර ගාණකට හිස් වෙලා තිබ්බෙ පුදුම නිහැඬියාවක් එක්ක.එක වාහනයක්වත් ඒ කාලෙ ඇතුලෙදි පාරෙ ගමන් නොකරද්දි නේත්‍රගෙ හිස් උනු ඇස් දෙක ඒ හිස් වුණු පාරට එල්ල වෙලා තිබ්බා.නේත්‍රගෙ හිස් බව දැක්ක දිවාෂත් ඔහේ නේත්‍ර දිහාම බලන් ඉද්දි දිවාෂයි නේත්‍රයි දෙන්නම හරි සිහියට ආවෙ මහ හඬින් පාරෙ ගිය වාහනයක් නිසා.

"ආසවයව කන්ට්‍රෝල් කරගන්න නේත්‍ර කොහොමහරි....මෙතන නෙවේ උගෙ ගමන තියෙන්නෙ කියලා මතක් කරවන්න"

"ඔව්.....අපිට මේකට මූණ දෙන්නම වෙනවා දිවාෂ....මොකද මෙතනදි මොන ටීම් එකකට ගත්තත් සුදුබේබි ඒ ටීම් එක ඇතුලෙ ප්‍රශ්නයක් ඇති කර නොගෙන හොඳට පෆෝම් කරන්න ඕනි...අනික සුදුබේබිට එයාව ගන්න ටීම් එක රිජෙක්ට් කරන්නත් බෑනෙ"

"ඔයා ලග ඉන්නවනෙ නේත්‍ර.....ඌව බලාගන්න.ඒක කරන්න පුළුවන් ඔයාට විතරයි"

"මම ඒක කරනවා දිවාෂ.....දිව්දේත්‍රාට පුළුවන් උනත් පුලුවන් වෙන්නෙ සුදුබේබිව එයාගෙ ටීම් එකට ගන්න විතරයිනෙ"

"ආසවව එයාගෙ කරගන්න එයාට බෑ....මොන දහඅට සන්නිය නැටුවත් ඒකිට වෙන්නෙ බලියගෙන ඉන්න විතරයි.හැමදේම අවසානෙදි ආසව ඔයාගෙ විතරයි"

"ඔව්......සුදුබේබි මගෙ විතරනෙ....."

"අර ආසව එනවා.....ඔයා පරිස්සමින් හොඳද? සනුක අයියව විතරයිනෙ ඔයා අපි දන්නෙත්.වෙන අය එක්ක කතාවටවත් යන්න ඕන්නෑ ඔයා"

"නෑ නෑ දිවාෂ....මම කතා කරන්නෑ"

"ඔයා හොඳ වැඩි නිසයි මට මෙච්චර බය නේත්‍ර.....මනුස්සයෙක් කතා කලාම හිත රිදෙයි කියලා ඔයා ආපිට අනිවාර්යයෙන්ම කතා කරනවා ඒ මනුස්සයා එක්ක....අඩුම මම වගේ ඇනුම්පදවත් කියන්නෑනෙ ඔයා...ඒ නිසයි ඔයා පරිස්සම් වෙන්න ඕනි"

"හි හී.....මම පරිස්සම් වෙන්නම් දිවාෂ....ඔයත් පරිස්සමින් හොඳද? අදයි හෙටයි ගෙදර යන්න තෙවින් අයියා එක්ක.මම කියලා ආවෙ තෙවින් අයියටත්.තරහා උනාට කමක් නෑ තනියම එහෙම කොහෙවත් යන්න එපා හොඳද?"

"හ්ම්ම්ම්"

"පොරොන්දු වෙන්නකො.....මම කියන දේ අහනවා නේද?"

"ඔව්.....මම තෙවින් එක්ක යන්නම්"

නේත්‍රගෙ කොණ්ඩෙ ඇවිස්සුව දිවාෂ කියද්දි එතනට ඇවිදන් ආව ආශව දිවාෂගෙ අත පහලට දාලා හොඳ රැවිල්ලක් රැව්වා.ආශව දිහා බලලා හිනා වුණු නේත්‍ර දිවාෂගෙන් සමුගනිද්දි ආශවට විරිත්තලා ඉස්කෝලෙ ඇතුලට දිව්ව දිවාෂගෙ පිටේ ඇවිත් ආශව විසික් කල පුංචි ගල් කැටයක් වැදුනා.

ඉස්කෝලෙ ලගින් බස් රථයක නැගලා නුවර බස් නැවතුම්පලින් බැහැගත්තු ආශව කොලඹට යන

"සුදුබේබි ......"

"වමනෙ පෙත්ත බිව්වා නේද?"

"ඕ සුදුබේබි"

"පිටකොටුවට ගියාම මම නැගිට්ටවන්නම්....එතකං මේක කාලා දොයියගන්නකො මැණිකෙ"

"සුදුබේබිත් කන්න"

"හා.....කන්න දැන්මම.....නැත්තං බස් එක ලොකුවට ගැස්සෙන්න ගනිද්දි ඔයාට අමාරු වෙයි"

ආශව දුන්නු කඩදාසි කවරෙන්ම අල්ලගෙන ආශව ගෙනත් තිබ්බ සබ්මැරීනය කන්න ගත්තු නේත්‍ර ඇසුත් ලොකු කරං ආශව දිහා බැලුවෙ ඒකෙ තිබ්බ රසේට.

"ශා....මෙව්වා හරි රසයිනෙ සුදුබේබි!"

"නේත්‍ර කාලා තිබ්බෙ නෑ නේද? මම ඒකමයි ගෙනාවෙ..."

"අනේ හරි රහයි සුදුබේබි.....සුදුබේබිත් කටක් කන්නකො මේකෙන්"

"ඔයා කන්නකො මැණිකෙ....මට එකක් තියේ"

"මෙව්වම?"

"ඔව්...ඔව්වමයි"

"එහෙනම් නේත්‍ර කන්නම් මේක"

"ආයෙ එහෙ ගියාම අරං දෙන්නම්කො....ම්ම්ම්"

"හා සුදුබේබි"

නේත්‍රගෙ උඩුතොලේ ගෑවිලා තිබ්බ මයෝනීස් ටිකක් පිහදැම්ම ආශව තමන්ගෙ කවරෙ ඇතුලෙ තිබ්බ සබ්මැරීනයත් කන්න ගත්තා.ඇසුත් රවුම් කරගෙන හිනාවෙවී හරි ආසාවෙන් කෑම එක කන නේත්‍රගෙ කොණ්ඩෙ ඇවිස්සුව ආශව පුංචි එකා ලඟට තව ටිකක් කිට්ටු වෙලා ඉඳගත්තා.ආශව අරං ඇවිත් තිබ්බ බීම බෝතලෙත් ඉවර කෙරුව නේත්‍ර හෙමීට ගුඩුසෙකුත් ඇරලා එහෙම්මම ජනේලෙට ඔලුව බර කරගනිද්දි ආශව නේත්‍රගෙ උරහිස වටෙන් අත යැව්වා.

"උරහිසෙන් ඔලුව තියං යන්න නේත්‍ර...නැත්තං ඕකෙ ඔලුව වැදිලා රිදෙයි ඔයාට"

ජනේලෙ තිබ්බ යකඩ අගුල පෙන්නුව ආශව කියද්දි ඔලුව වැනුව නේත්‍ර ආශවගෙ උරහිසට තමන්ගෙ ඔලුව බර කරගත්තා.නේත්‍රගෙ ඇස් වැහෙන්න අත ජනේලෙ පැත්තෙන් තියාගත්තු ආශව තමන්ගෙ උරහිසට බර වෙලා ඉන්න පුංචි රූපෙ දිහා බලලා ලා හිනාවක් පාන ගමන් ජනේලෙන් එපිටට ඇස් යෙමෙව්වා.

නුවර තිබ්බ හුරුපුරුදු බව ටිකෙන් ටික නැති වෙලා ගිහින් කොළඹ නාගරික පුසුඹ තමන්ගෙ නාහෙට දැනෙන්න ගත්තම ඇස් දෙක බාගෙට් වහං හිටිය ආශව ඇස් ඇරලා එලිය බැලුවා.ඒත් එක්කම ඉක්මනටම නේත්‍ර ඇහැරිලාද බලන්න තමන්ගෙ උකුල දිහා බැලුව ආශව සැනසුම් හුස්මක් හෙලුවෙ නේත්‍ර තවමත් නිදි නිසා.කලින් ටික දුරක් යද්දි ආශවගෙ උරහිස රිදෙනවා ඇති කියලා නාහෙන් ඇඬුව නේත්‍ර තමන්ගෙ පාසල් බෑගය ආශවගෙ උකුල උඩින් තියලා ඒ උඩට තමන්ගෙ ඔලුව බර කරං හිටියා.

"නේත්‍ර....නැගිටින්න.....අපි ආවා"

"ම්ම්ම්ම්හ්හ්හ්හ්"

"ඔව්....නැගිටින්නකො....අපි ආවා"

"ආ.....කොළඹටත් ඇවිත්නෙ සුදුබේබි! බහිනවද දැන්?"

"ඔව්...බහිමු....කෝ බෑග් එක මම එල්ලගන්නම්....ඔයා එන්නකො"

නේත්‍රගෙ පාසල් බෑගය කරේ එල්ලගත්තු ආශව බස් රථයෙන් බැහැලා නේත්‍රගෙ අතකින් අල්ලගත්තා.බස් නැවතුම්පල පුරාම එහෙ මෙහෙ ඇදෙන බස් රථ ගමන් කරන මිනිස්සු එක්ක වටේටම ඇස් යැව්ව නේත්‍ර ආශවගෙ අත හයියෙන් මිරිකෙව්වෙ ඔලුව කැරකෙන ගතියක් ආව නිසා.

"ඇයි නේත්‍ර?"

"කැරකිල්ල වගේ සුදුබේබි......තදබදේ හුඟායිනෙ...."

"ඔව් නේත්‍ර.....මේන් බස් ස්ටෑන්ඩ් එකනෙ....යංකො...මෙතන ඉඳලා ටැක්සි එකක යං"

"බස් එකකම යමු සුදුබේබි....."

නේත්‍ර හෙමිහිට මිමිණුවෙ පහුගිය ටිකේ හම්බුනු සල්ලි වලින් ආශව හොඳම වර්ගයේ ක්‍රිකට් භාණ්ඩ වගයක් මිලදීගෙන තිබ්බා කියලා දැනන් හිටිය නිසා.

"සුදුබේබි ලඟ සල්ලි තියෙනවා නේත්‍ර...ඔයාගෙ බලකිරිල්ලටමයි මම නුවර ඉදන් බස් එකේ ආවෙත්.....මම ලග ඔයා හිතනවට වඩා සල්ලියක් තියෙනවා මැණිකෙ..."

"ඒත්...බස් එකකම යමු සුදුබේබි....එතනත් ඉතිරියක්නෙ"

"ලොකු ගාණක් යන්නෑනෙ නේත්‍ර....යංකො මෙතන ඉදන්...මම පික්මී එකක් දැම්මා....නේත්‍ර ඔය! කෝ එන්න අයිනකට වෙලා ඉමු"

අත් කරත්තයක් තල්ලු කරං ඔහේ දුවගෙන ආව මනුස්සයගෙ ඇඟේ හැප්පෙන්න නොදී නේත්‍රව ඇතුලට කරගත්තු ආශව නේත්‍රගෙ අතකිනුත් අල්ලන් ඒ ලගම තිබ්බ බෙලි ගහක් යටට ඇවිදන් ගිහින් හිටගත්තා.නේත්‍රව පරිස්සමින් කාගෙවත් ඇඟක නොවැදෙන විදියට තියාගත්තු ආශව නේත්‍රගෙ අවුල් වෙලා තිබ්බ කොණ්ඩෙ එක අතකින් හදලා නේත්‍ර දිහා බලද්දි නේත්‍රගෙ ඇස් වෙන කොහෙට හරි යොමු වෙලා තිබ්බා.

"ඕහ්!"

ඒ හරියෙම තිබ්බ කඩ පෝලිමක එලියට වෙන්න තිබ්බ බේබි නාරං ගොඩට තමන්ගෙ බෝල ඇස් දෙක යොමාගෙන ඉන්නවා දැක්ක ආශවගෙ මූණෙ ඇඳුනෙ හරි ලස්සන හිනාවක්.දුරකථන තිරේ දිහා බලලා අදාල ටැක්සිය තමන් ඉන්න තැනට එන්න තව විනාඩියක් වගේ ගත වෙන බව දැක්ක ආශව නේත්‍රවත් අතින් අල්ලන් අර කඩේ ලඟට ගියා.ආශව යන්නෙ කොහෙද නොදන්නවා උනාට ආශව යන ඕනි තැනක යන්න ලෑස්තිපිට උන්නු නේත්‍ර ආශව එක්කම ඇදිලා යද්දි ආශව නැවතුනු තැන එක්ක නේත්‍රගෙ බෝල ඇස් දිලිසෙන්න ගත්තා.

"මාත්තයලට මොනාදෝනි?"

"අපිට මේ පොඩි නාරං වලින් දෙන්නකො"

"නාරං විතරක් මොනාද ශර්? මේ ඇපල් දොඩම්....."

"නෑ....මේ නාරං මලු තුනක් විතරක් දෙන්න"

දූවිලි ගගහා තියෙන ඇපල් නේත්‍රට අරං දෙන්න උවමනාවක් නොතිබ්බ ආශව කිව්වෙ නාරංනම් ලෙලි ගහලා කන්න පුලුවන් නිසා.සිලි කවරෙක දාලා දුන්නු නාරං මළු තුන අරං ඇස් දිලිසි දිලිසි තියෙන පුංචි එකාගෙ අතට දුන්නු ආශව හරි පරිස්සමින් පසුම්බිය අතට අරගෙන මාරු සල්ලි වලින්ම ඒ මිනිස්සුන්ට ගෙව්වා.ටික කාලයක් කොලඹ ජීවත් වෙන්න අරං තිබ්බ ආශව දැන් දැන් කොළඹ ගැන ඉගෙන ගන්න ගමන් සහ කොළඹට හුරු වෙන ගමන් හිටියා.මේ වගේ තැන් වල මුදල් පසුම්බි,දුරකථන උනත් ඇදගෙන දුවන ජාතියෙ මිනිස්සු ඉන්න වග දැනන් හිටිය ආශව ඔක්කොටම වඩා නේත්‍රව පරිස්සම් කරගත්තෙ ඇඟේ වදින්න එන මිනිස්සුන්ගෙන්.

"මේකක් කන්නම්ද සුදුබේබි?"

"ඔයාට කන්න නේන්නම් ඔක්කොම අරං දුන්නෙ....කන්න මැණිකෙ"

කොළඹ ගැන හාංකවිසියක්වත් නොදන්න නේත්‍ර ආශවගෙ අතකිනුත් අල්ලන් ඇවිදින ගමන් නාරං මලු වලින් එකකින් නාරනයක් අරං ලෙලි ගැහුවෙ පුදුමාකාර පුරුද්දකින්.නාරං සුද්ධ කරන්න විශේෂ පලපුරුද්දක් තිබ්බ නේත්‍ර තත්පර කීපයක් ඇතුලත නාරනේ සුද්ධ කරන් තිබ්බා.බෑගය ඇතුලෙ තිබ්බ වතුර බෝතලේ ඉල්ලන් ඒකෙන් නාරනේ සෝදගත්තු නේත්‍ර එක බිකක් තමන්ගෙ කටට දාන් අනික ආශවගෙ කටට ඇතුල් කලා.ආශව තමන් ලඟ නිසා කිසි බරක් පතලක් නැතුව නාරං ගෙඩියට අවධානෙ යොමු කරං උන්නු නේත්‍රව ආශව හරි අපූරුවට පරිස්සමින් ඉස්සරහට අරගෙන යමින් ගමන් හිටියා.

"අර ටැක්සි එක ආවා.....යං නේත්‍ර"

තමන් ඉස්සරහින් නැවැත්තුව ටැක්සිය ලඟට ඇවිදන් ගිය ආශව නේත්‍රව නග්ගවලා ආශවත් නැගගත්තා.ඉස්සරහට ඇදෙන වාහනේ රියදුරා ඉස්සරහ කණ්නාඩියෙන් ආශව දිහා කීප පාරක්ම බලද්දි ආශවත් විමසිල්ලෙන් රියදුරා දිහා බැලුවා.

"මල්ලි ක්‍රිකට් ගහනවද?"

"ආ....ඔව්"

"අඩේ! මට හිතුනා මල්ලි වෙන්න ඇති කියලා! දැකලා පුරුදු නිසා සැකේට ඇහුවෙ"

"ආහ්...."

කොහොමත් තමන් ආශ්‍රය කරන අයගෙන් එහාට කා එක්කවත් වැඩියෙ කතාවට නොයන ආශව මුමුණලා ඔලුව උඩ පහල වනද්දි මිනිස්සු එක්ක අවුරුදු ගාණක් ගෙන්දගම් පොලව උඩ හැප්පිලා තිබ්බ රියදුරා ඒ ආශවගෙ හැටි මිසක් ලොකුකම නෙවෙ කියලා තත්පර ගාණක් ඇතුලත තේරුම් ගත්තා.ඒ නිසාම ආයෙම වතාවක් කතා කරන්න ගත්තු රියදුරා නේත්‍ර එක්කත් හිනා වුනේ ආශවගෙ යාලුවෙක් කියලා තේරුන් ගත්තු හින්දා.

"මල්ලිට අපේ නංගිලා දෙන්නා මැරෙන්න යනවා.....මේ පාර එල්පීඑල් වෙන්දේසි ලිස්ට් එකේ නම තියෙනවා කියලා උඩ පැන්නා.....මල්ලිව මට හම්බුනා කිව්වොත් සුපිරියට සතුටු හිතෙයි මල්ලි"

"ඕහ්.....එහෙමද?"

ආයෙමත් ඔලුව උඩ පහල වනලා සුහද විදියට ආශව කියද්දි රියදුරා හිනාවෙන්ම නේත්‍ර දිහා බැලුවා.ආශව වගේ නැතුව හොඳට හිනාවෙලා තමන් දිහා බැලුව මේ ලස්සන පුංචි කොල්ලා එක්කත් කතා කරන්න රියදුරාට හිතිලා තිබ්බා.

"මල්ලි මේ මල්ලිගෙ යාලුවෙක්ද?"

"ඔව් අයියෙ...."

"මල්ලි මේ පැත්තෙ මොකෝ? ඉස්කෝලෙ ඇඳුම් පිටින්ම?"

"ආ.....මේ අයියාව බලන්න ආවෙ"

"මල්ලි...."

වාහනේ එලවන ගමන්ම රියදුරා ඉස්සරහ කණ්නාඩියෙන් බැලුවෙ ආශව දිහා.

"මේ මල්ලිව අමතක කරන්න එපා ඉස්සරහට.....මොනා උනත් තමන්ට මුකුත් නැති කාලෙ තමන් ලඟ ඉන්න අයව අමතක කරන්න හොඳ නෑ කවදාවත්"

"ඔව් ඇත්ත"

ඔලුව වැනුව ආශව නේත්‍රට තට්ටු කලේ කුරුදුවත්ත පෙදෙසේ අදාල පටුමග ඔස්සේ වාහනේ ඇදිලා යන නිසා.තව තත්පර කීපෙකින් විශාරලාගෙ ගෙදර ලඟින් වාහනේ නවත්තන නිසා ආශවයි නේත්‍රයි දෙන්නම බහින්න ලෑස්ති උනා.

"තුන්සිය හැත්තෑවයි මල්ලි"

"ආ...."

සල්ලි දුන්නු ආශව නේත්‍ර එක්ක එතනින් යන්න හැදුවත් නැවතුනේ නේත්‍ර ආශවට තට්ටු කල නිසා.නේත්‍රගෙන් ඇයි අහද්දි නේත්‍ර පෙන්නුවෙ දුරකථනෙත් අතේ තියං දෙයක් අහම්දෝ නාහම්දෝ වගේ ආශව දිහා විටෙන් විට බලන රියදුරාව.තමන්ගෙ සහෝදරියො දෙන්නා ආසම ක්‍රීඩකයා එක්ක ඡායාරූපයක් අරං නංගිලා දෙන්නට පෙන්නන්න ආසාව තිබ්බත් ඒ ගැන අහන්න තිබ්බ බයට රියදුරා නාහා ඉන්න වග නේත්‍රට තේරුණා.නේත්‍ර ඇස් වලින් කිව්ව දේ තේරුම් ගත්තු ආශව ඔලුව උඩ පහල වනද්දි නේත්‍ර රියදුරා දිහා බැලුවා.

"අයියෙ.....ඕන්නම් ෆොටෝ එකක් ගහලා දෙන්නම් ආශව අයියා එක්ක"

"අ....අනේ මල්ලි ඇත්තටම? අ....අඩේ හරි සන්තෝසයි මල්ලි.....එකක් ගහලා දෙන්නකො එහෙනම්"

වාහනෙන් බැහැලා ඇවිල්ලා සන්තෝසෙන් දුරකථනෙ දුන්නු රියදුරා ආශව ලගින් හිටගනිද්දි නේත්‍ර ඡායාරූපයක් ගහලා දුරකථනෙ ආයෙ රි‍යදුරාට දුන්නා.ආශවටයි නේත්‍රටයි ආයෙම වතාවක් ස්තූති කල රියදුරා එතනින් පිට වෙලා යද්දි ආශව විශාරට දුරකථන ඇමතුමක් ගන්නවත් එක්කම ගේට්ටුවෙ මුරකරු විදුලි ගේට්ටුව එක්කම අල්ලලා තිබ්බ පුංචි ගේට්ටුව විවර කලා.

"අම්මේ......අපි දෙන්නා එනකංමයි බලන් හිටියෙ....අන්න අරහෙ අභී හෝ ගාලා මොනාද හදනවා චූටි පුතා එනවා කියලා"

සරම අතින් හදන ගමන් ඉස්සරහට ආව විශාර හිනාවෙවීම කියද්දි ඉස්සරහ දොරෙන් මතු වුණු අභිෂේක් දුවගෙන ආව පිම්ම නැවතුනේ නේත්‍ර ලඟින්.

"චූටි පුතා!"

"අභී මාමා!"

නේත්‍රව තුරුල් කරගෙන ඔලුව අතගගාම ගේ පැත්තට ඇවිදන් යන අභිෂේක්ට රැවිල්ලක් පා කෙරුව ආශව නේත්‍රගෙ පුංචි අතක් අල්ලගෙන නේත්‍ර එක්කම ඉස්සරහට ඇදෙද්දි මේ සීතල යුද්ධෙ දිහා බලන් උන්නු විශාරට හිනහා ගිහින් තිබ්බා.නේත්‍ර උදේ ඉදන් ඉන්නෙ තෙහෙට්ටුවෙන් නිසා වැඩියෙ කතාබහ කරන්න කලින් නේත්‍රට ලෑස්ති කල කාමරේට නේත්‍රව ගිහින් දැම්ම අභිෂේක් ඇඟපත සෝදන් එන්න කියලා එලියට එද්දි දොරකඩ ඉදන් රවාගෙන හිටිය පොඩි ඉලන්දාරියා ලඟින් නැවතුනා.

"මොකෝ මෙතන?"

"මෙතන මොකෝ අහන්නෙ ඇයි?"

"චූටි පුතාගෙ කාමරේනෙ මේක....ආශව පුතාගෙ කාමරේ අරක"

"දෙකක් එපා.....මමත් ඉන්නෙ නේත්‍ර එක්ක"

"එහෙම හොඳ නෑ.....දෙන්නා දෙකක ඉන්න"

"එහෙම හොඳක් නැත්තෙ නෑ....ගෙදර ඉද්දිනුත් මම නේත්‍ර එක්ක නිදියනවා"

"ඒ ගෙදරනෙ....පිටට ගියාම ගෙදෙට්ට වඩා වෙනස්....තනියෙන් ඉන්නෙ කියන හැඟීම එක්ක නරක දේවල් ඔලුවට එන්න පුලුවන්....ඒ නිසා වෙනම ඉන්න!"

"එහෙම එකක් නෑ.....මට ඕනි නේත්‍ර ලඟ ඉන්න!"

"බෑ....මම කියන දේ අහන්න....චූටිපුතා ඉදියි වෙනම"

"ඔයාගෙ චූටි පුතා වෙන්න කලින් එයා මගෙ නේත්‍ර! අහකට උනේ නැත්තං මම ඔයාව මේ පඩිපෙලෙන් පහලට දානවා!"

"යැයි යැයි තමා....දෙන්නෙ හොම්බට දෙකක්....මෙහෙ හොල්මන් ඉන්නවා....ඉන්නවකො රෑට හොල්මනක් එවන්න!"

"නේත්‍රට මම නැතුව නින්ද යන්නෑ"

"ඇයි ඔයා කොට්ටයක්ද?"

"අනේ මේ! පිටට ගියාම කොහොමත් නේත්‍රට මාව ඕනි...."

"එහෙම බෑ"

"බැයිද?"

"බෑ....."

"එහෙනම් මම ඔයාවයි ඔයාගෙ චූටිපුතාවයු තරහා කරෝනවා!"

"එයා එහෙම තරහා වෙන්නෑ මම එක්ක....අනික නිකං තරහා වෙන්නෙ මොකටද?"

"නේත්‍ර එලියට එද්දි,මම මූණත් දුකෙන් පුරෝගෙන,ඔයා මම ආව එක්ක වදයක් කියලා මට බැන්නා කියලා නේත්‍රට කිව්වොත් නේත්‍ර ඔයා එක්ක තරහා වෙනවා!"

"තමුසෙනම් මහ කුපාඩියෙක් ආශව!"

"මම එහෙම තමා අභිෂේක්! යන්න අහකට....මට නේත්‍ර නැතුව බෑ....නේත්‍රට මම නැතුව බෑ"

කිසි ගාණක් නැතුව අභිෂේක්ව පැත්තකට කෙරුව ආශව කාමරේට ගිහින් දොර වහගනිද්දි වැහුනු දොරට දිව දික් කෙරුව අභිෂේක් තමන්ට පිටිපස්සෙන් හිටගෙන හිනාවෙවී පඩිපෙල බැස්ස විශාරටත් ගස්සලා රවලා පඩිපෙල බැහැගෙන බැහැගෙන ගියා.

"නේත්‍ර......"

"..........."

"නේත්‍ර!!!"

"ඕ සුදුබේබි....."

"තාම වොශ් දානවද?"

"ඔව් සුදුබේබි....සබන් ගානවා....ඇයි?"

"ම්හ්හ්.....මාත් එන්නද?"

"කොහෙද සුදුබේබි?"

"බාත් රූම් එකට"

"සුදුබේබිට හුඟක් චූ බරයිද?"

"ඈ?"

නේත්‍ර ඇහුව අණ්ඩර දෙමලෙ තේරුනේ නැති ආශව ඊලග තත්පරේ තේරුම් ගත්තෙ තමන්ට මූත්‍රා බර නිසා නානකාමරේ ඇතුලට එන්න ඕනි කියලා කියනවා කියලා නේත්‍ර වරදවා වටහාගෙන කියන එක.

"අයියෝ නෑ නෑ....මටත් වොශ් දාගන්න එන්න ඇහැව්වෙ"

"හෑයියා එපා සුදුබේබි....නේත්‍ර හෙලුබැල්ලෙන් ඉන්නෙ"

ඔලුවට අත ගහගත්තු ආශව ඇඳෙන් ඉඳගත්තෙ දිවාෂගෙ වියරු හිනාව ඔලුවෙ දෝංකාර දෙනවා වගේ දැනෙද්දි.හැක් හැක් හැක් ගගා හිනාවෙවී තමන්ගෙ අනාගතේ ගැන කියලා ඇද කියන දිවාෂට මනෝ ලෝකෙ ඉදන් ගල් මුල් ප්‍රහාර දෙන ගමන් උන්නු ආශව පියවි සිහියට ආවෙ නානකාමරේ දොර ඇරෙනවත් එක්ක.

"නෑවද මේ හවස?"

"වතුර ඩිංගක් දාගත්තා සුදුබේබි.....දාඩිය නාලනෙ ආවෙ"

"කෝ එන්න කොණ්ඩෙ පිහින්න"

නේත්‍රව ලඟට ඇදලා ගත්තු ආශව නේත්‍රගෙ කොණ්ඩෙ හොදට වේලෙනකං පිහලා බෑගය ඇතුලෙ තිබ්බ ඕඩික්ලෝන් බෝතලේ අරං ඒකෙන් ටිකක් නේත්‍රගෙ කොන්ඩෙට දාලා සුවද බැලුවා.හිනාවෙවී ඇඳ උඩ ඉදන් ඉන්න නේත්‍රට තමන් එනකං ටිකක් නිදාගන්න කියලා කිව්ව ආශව නානකාමරේට ගොඩ වෙද්දි ඇඳේ එහෙම්මම දිගාවුණු නේත්‍ර ඇස් පියාගත්තා.

"කෑම රසද චූටිපුතා?"

"ඔව් අභී මාමෙ හරි රසයි....පරිප්පු එක හැදුවෙත් අභී මාමද?"

"පරිප්පු එක විතරක් නෙවේ නේත්‍ර පුතා.....ඔක්කොම කෑම හැදුවෙ අභී තමා එයාගෙ චූටි පුතාට"

විශාර හිනාවෙවී කියද්දි හිනාවෙලා අභිෂේක් දිහා බැලුව නේත්‍ර ආශවගෙ කෑම පිඟානට එබුනා.හදලා තිබ්බ බටුමෝජුවෙන් තව ටිකක් ගන්න වුවමනාව තිබ්බත් තියෙන නොගෙන ඉන්න ආශවව තේරුම් ගත්තු නේත්‍ර බටුමෝජුවෙන් ටිකක් ආශවට දාලා තමන්ගෙ බත් එක කන්න ගත්තා.නේත්‍රයි ආශවයි දිහා බලලා හිනා වුනු විශාරයි අභිෂේකුයි පාඩුවෙ කන්න ගනිද්දි ටිකකින් කාලා බීලා ඉවර උනු පොඩි උන් දෙන්නා එහෙම්මම කාමරේට ගියේ තිබ්බ තෙහෙට්ටු ගතිය නිසාමයි.

"පුංචි අම්මෙ.....ඔව්....නිර්මලාටත් කියන්න....හරි..... බුදුසරණයි"

කාමරේට ඇවිත් ලොකු මැණිකෙට ඇමතුමක් ගත්තු ආශව දෙන්නා පරිස්සමින් ඉන්නවා කියන විස්තරේ කියලා දුරකථනෙ ක්‍රියා විරහිත කරලා ඇඳේ වැතිරිලා තමන් දිහා ඇසුත් බෝල කරං බලාගෙන ඉන්න පුංචි කොල්ලා දිහා බලලා හිනා වුණා.නේත්‍රගෙ ඇස් එක්ක ඇස් පටලෝගෙනම ඇඳට ගොඩ උනු ආශව ඇතිරිල්ල අස්සට යද්දි නේත්‍ර ටිකක් ආශවට කිට්ටු උනා.

"සීතලද?"

"ඩිංගක් සුදුබේබි....."

"ඒසී එක අඩු කරමු"

වායු සමීකරණෙ ටිකක් අඩු කෙරුව ආශව ඇතිරිල්ල අස්සෙ ගිලිලා ඉන්න නේත්‍රව තමන් ලඟට ඇදලා ගනිද්දි නේත්‍රත් ඉක්මනටම ආශව ලඟට ඇවිත් තුරුල් උනා.පුංචි එකාගෙ සිනිදු කෙස් ගස් අස්සෙන් තමන්ගෙ ඇඟිලි යවන්න ගත්තු ආශව තමන්ගෙ හැඟීම් උපරිමයෙන් පාලනේ කරගත්තෙ තමන්ගෙ ගෙලට වදින නේත්‍රගෙ උනුසුම් හුස්ම එක්ක දැනෙන නොසන්සුන් බව නිසා.

"සුදුබේබි......"

"ම්ම්ම්ම්ම්"

"බඩ්ඩක් අහන්නම්?"

"අහන්න නේත්‍ර....මොකද්ද?"

"නේත්‍ර නරක ලමයෙක් කියලා හිතන්න එපා සුදුබේබි හොඳද?"

"නෑ දෙයියනේ.....ඔයා ගැන එහෙම හිතන්නෙවත් කොහොමද?"

"අ.....අපි දෙන්නා දවසක අපේම ගෙදරක මෙහෙම ඉදීවි නේද සුදුබේබි?"

"අනිවාර්‍යෙන්ම!"

ආශවගෙ කිසිම වචනෙක දෙපැත්තට වැනිල්ලක් තිබ්බෙ නෑ.ආශව නේත්‍ර එක්ක තමන්ගෙ මුළු අනාගතේම සැලසුම් කරලා ඉවර වෙලා තිබ්බා.

"ශෝයි සුදුබේබි"

"ශෝයි නේන්නම්.....හැබැයි ඒ කාලෙටනම් මෙහෙම නිකං තුරුල් වෙලා ඉඳලා බෑ"

"උම්මා දෙන්නම් සුදුබේබි......"

"නේත්‍ර! සීරියස්ලි?"

තමන්ගෙ පපුව අස්සෙ මූණ හංගන් හිනා වෙන පුංචි එකාව තුරුල් කරං හිනා වුණු ආශව කල්පනා කලේ මෙහෙම හරි වචනයක් ඒ කටින් පිටවුණු එක කොච්චරනම් ලොකු දෙයක්ද කියලා.ඒත් එක්කම මොකක් හරි මතක් උනා වගේ ආශව දිහා බැලුව නේත්‍ර කතා කරන්න ගත්තා.

"සුදුබේබි.....මට මේල් එකක් ඇවිත් තිබ්බනෙ ඊයෙ"

"මොකද්ද මැණිකෙ?"

"කම්පනි එකකින්.....ශෙයා හෝල්ඩර්ස්ලට පාටි එකක් තියෙනවා කියලා....අර එදා සුදුබේබි කිව්වනෙ සුදුබේබිගෙ ෆෝන් එකේ අවුලක් කියලා මගෙ එකට මේල් එකක් හැදුවා කියලා....මම හිතන්නෙ සුදුබේබිට ආව මැසේජ් එක මට ඇවිල්ලා තියෙන්නෙ"

"ආ.....කවද්ද පාටි එක?"

"මේ මාසෙ අග....විසිපහා"

"මට ඒ කිට්ටුව මතක් කරන්නකො....පුලුවන් උනොත් යන්න"

"හා සුදුබේබි"

"ම්ම්ම්"

"ම්හ්....ස්....සුදුබේ....බී....."

"ම්ම්ම්ම්"

"ම්හ්හ්....එ...එතන ක්....කිති"

"කිති යවාගමු....ම්ම්ම්"

"ස්....සු....ම්හ්..."

නේත්‍රව ඉණ වටෙ අත දාන් පපුවට තුරුල් කරං උන්නු ආශව ටිකෙන් ටික තමන්ගෙ කමිසෙ උස්සලා ඉණ දිගේ ඇඟිලි අරං යන වග දැනුනු නේත්‍ර එහෙට මෙහෙට ඇඹරෙන්න ගත්තෙ දැනුනු කිතිය නිසාමයි.ටිකෙන් ටික ආශවගෙ අත් තමන්ගෙ ඉණෙන් පිටට මාරු වෙලා රටා අඳිනවා දැනුනු නේත්‍ර හීන් කෙදිරිල්ලක් පිට කරන ගමන් ආශවගෙ පපුවට හේත්තු උනා.

"කිස් එකක් දෙන්නද නේත්‍ර?"

"ම්ම්ම්ම්.....හා සුදුබේබි"

නේත්‍රගෙ අවසරේ එක්කම ආශවගෙ තොල් නේත්‍රගෙ තොල් උඩින් රටා මවන්න ගනිද්දි පුංචි එකාත් ආපිට ආශවව සිපගත්තා.නේත්‍රගෙ කමිසෙ අස්සෙන් ඇතුලට ගිය ආශවගෙ ශක්තිමත් අත් නේත්‍රගෙ ඉණ රිදෙන නොරිදෙන ගාණට අල්ලගනිද්දි නේත්‍ර ආශවගෙ පිට උඩින් තමන්ගෙ අත් තද කරගෙන ආශවගෙ හාදුව දරාගන්න උත්සාහ දැරුවා.විනාඩි පහලවක් විතර එක දිගටම නේත්‍රගෙ තොල් සිපගත්තු ආශව එහෙම්මම නේත්‍රගෙ ගෙලට පාත් වෙලා ලොකු හුස්මක් උඩට ඇද්දා.

"ගැටපිච්ච සුවඳයි නේත්‍ර....."

"සුදුබේබිගෙ සුවඳ ඊටත් ප්‍රබලයිනෙ"

තමන්ගෙ මූනටම ලං වෙලා ඉන්න ආශවගෙ පපුවෙන් එන පිරිමි සුවඳට ඉව ඇල්ලුව නේත්‍ර මුමුණද්දි ආශව නේත්‍රගෙ බෙල්ල තොල් වලින් අල්ලගත්තා.

"ම්හ්හ්හ්"

"මගෙ විතරයි....."

"සුදුබේබිගෙ විතර....ම්ම්ම්....විතරමයි"

නේත්‍රගෙ වචන එක්ක තව ටිකක් ඇවිස්සුනු ආශව නේත්‍රගෙ ගෙල තමන්ගෙ තොල් වලින් තෙත් කරද්දි පුංචි අත් දෙකෙන් ඇඳ ඇතිරිල්ල මිරිකගෙන උන්නු නේත්‍ර ආශවගෙන් ලැබෙන උණුහුම් හැඟීම විඳින ගමන් හිටියා.ටික වෙලාවක් යද්දි තමන්ගෙ ඇඟ වගේම නේත්‍රගෙ ඇඟත් ගිනියම් වීගෙන එනවා දැනුනු ආශව නේත්‍රගෙන් ඈත් වෙලා හති අරිද්දි නේත්‍රත් එක දිගට හති යැව්වා.

විනාඩි ගාණකට පස්සෙ ආශව බලන් උන්නෙ තමන්ගෙ පපුව උඩට වෙලා තමන්ගෙ මූණ දිහා බලන් ඉන්න නේත්‍රගෙ මූණෙ ලස්සන.ආයෙමත් පාරක් ඒ පිරුණු තොල් වලින් හාද්දක් තිබ්බ ආශව නේත්‍රගෙ නලලට වැටිලා තිබ්බ කෙස් රොද අහක් කරලා නලලිනුත් තොල් තද කලා.තමන් වෙනුවෙන් මෙච්චර ඉවසන මේ පිරිමියා ගැන නේත්‍රගෙ හිතේ ලොකු ගරුත්වයක් ඇති වෙද්දි තමන් වෙනුවෙන් ඕනිම දෙයක් දරාගන්න ලෑස්ති අනික් පිරිමියා ගැන ආශවගෙ හිතේ ලොකු ගරුත්වයක් ඇති උනා.

"නේත්‍ර....."

"ඕ සුදුබේබි....."

"හෙට හවස් වෙන්න කලින් වෙන්දේසිය ඉවර වෙයිනෙ නේත්‍ර....ඒක ඉවර උනාම ටැටූ එක ගහන්න යංද?"

"ට්....ටැටූ එකක්?"

"ඔව්.....මම කිව්වෙ ඉස්කෝලෙන් අවුට් උනාම ගහනවා කියලා"

"මම ටැටූ ගහලා ඉන්න අයට බයයිනෙ සුදුබේබි....ඒත් සුදුබේබි ගැහුවම ඒ බය නැති වෙලා යාවි"

"ග්....ගැහුවම?"

"ඔව් සුදුබේබි.....ටැටූ එක"

"ආ ට්...ටැටූ එක"

ක්‍රිකට් සමාජෙට බැඳිලා කොළඹ සමාජෙ එක්ක ගැටිලා දැන් තමනුත් හොඳ පදමට හැදිලා කියලා තේරුම් ගත්තු ආශව තොල් කොණක් හපාගෙන අහක බලාගත්තෙ තත්පර කීපෙකට කලින් තමන් හිතුව දේ නේත්‍ර දන්නවනම් කොල්ලා මෙතන දියවෙයි කියලා හිතිලා.සනුකලාගෙ ලියෝන්ලගෙ වගේම අනික් කොල්ලොන්ගෙ කටවල් වලින් පිටවෙන වචන වලට පිං සිද්ධ වෙන්න ආශවත් මේ වෙද්දි එක වචනෙකින් තේරුම් තුන හතරක් හිතාගන්න පුලුවන් විදියට හැදිලා තිබ්බා.

"එහෙනම් ගහමු ටැටූ එකක්"

"හා සුදුබේබි.....සුදුබේබිගෙ ආසාවනෙ"

"ඔයත් ආසද ටැටූ එකක් ගහගන්න?"

"මම?"

"ඔව්....ඔය කනෙන් පහල බෙල්ල හරියට වෙන්න ඒම ගැහුවොත් ලස්සනට හිටීවි"

"හෑයියා බෑ සුදුබේබි.....මම ආසා නෑ එහෙම.මම ආසා මේ වගේ ඉන්න...අනික මගෙ හම හරි සංවේදියි....ඔව්වා ගැහුවොත් එහෙම ඇලජි වෙන්නත් පුලුවන්නෙ"

"හොඳ තැනකින් කලාමනම් එහෙම අවුලක් වෙන්නෑ නේත්‍ර....ඒත් ඔයා අකමැතියිනම් ඕනිම නෑ....අනික මම උනත් ආසා ඔයා මේ වගේ ඉන්නවට.....ඔයා කොහොම හිටියත් ආසයි.ඒත් මෙහෙම ඉන්නවට හුඟක් ආසයි"

"ඒකනෙ සුදුබේබි.....සුදුබේබි ගහන්න ඒත්....ඒක කමක් නෑ"

"හරි....හෙට පුළුවන් උනොත් ඒකට යංකො"

"හා සුදුබේබි"

"ම්ම්ම්ම්"

"සුදුබේබි!"

"ඕ....කියන්න"

"තව ඩිංගක් තුරුල් කරගන්නකො නේත්‍රව....දැන් සුදුබේබි නේත්‍ර ලඟින් ඉන්නෙ හරි අඩුවෙන්නෙ....නේත්‍රට පාළුම පාළුයි සුදුබේබි"

"මෙහෙ එන්න....මමත් ඉන්නෙ ඇඟේ කෑල්ලක් නැති වෙලා වගේ නේත්‍ර....ඇත්තමයි...කෝ එන්න පපුව උඩට"

නේත්‍රව පුළුං රොද වගේ උස්සලා ගත්තු ආශව තමන්ගෙ පපුව උඩින් නේත්‍රව තියාගනිද්දි නේත්‍රත් හරි හරියට ආශවගෙ පපුවට ගුලි උනා.ආශවගෙ කම්මුල් දෙක අල්ලලා ලොකුම ලොකු හාද්දක් ආශවගෙ නලලින් තිබ්බ නේත්‍ර ආයෙමත් ආශවගෙ පපුව ඔලුව තියං ඇස් පියාගනිද්දි ආශව ඕඩික්ලෝන් සුවඳ පිරිච්ච නේත්‍රගෙ හිස් මුදුනෙන් තොල් තද කරං තමන්ගෙ ඇස් පියාගත්තා.

"ව්....විශාර"

"ඔව් අභී....කියන්න"

"ටිකක් කතා කරන්න පුළුවන්ද?"

"පුළුවන් අභී එන්න....මොන වැඩේ කලත් මම ඔයාට ඇහුම්කන් නොදී ඉඳලා නෑනෙ"

අභිෂේක්ව තමන් ලඟම සෝෆාවෙන් ඉන්දෝගත්තු විශාර අභිෂේක්ගෙ ඔලුව අත ගාලා කියද්දි අභිෂේක් හිනා වුණා.අභිෂේක්ගෙ කදුළු පිරුණු ඇස් දැක්ක විශාර කලබල උනත් කලබල වෙන්න එපා කියලා ඇස් වලින් ඉඟි කෙරුව  අභිෂේක් හෙමින් සැරේ කතා කරන්න ගත්තෙ තවත් මේක හිතේ හංගන් ඉන්න බැරි නිසා.

"ව්....විශාර...."

"ඔව් අභී....කියන්න"

"අ.....අපි දරුවෙක් හදාගමුද?"

"ඕක අහන්නද අභී මෙච්චරම හිතුවෙ....මම ඔයාට කලිනුත් කියලා තියෙනවනෙ....ඔයාමනෙ ඒකට අදිමදි කලේ....ඔයා දැන් කැමතිනම් මගෙ කිසිම අකමැත්තක් නෑ"

"ම්....මට වෙන ලමයි එපා"

"එ....ඒ කිව්වෙ අභී?"

"මට ඕනි ච්.....චූටි පුතාව මගෙ....න්....නේත්‍ර දරුවව"

"අභී!"

විශාරගෙ හඬ තියුනු උනේ අභිෂේක්ගෙ කතාව එක්ක.නේත්‍ර කියන්නෙ වැඩුණු දරුවෙක්? නේත්‍රව හදාගන්න ඕනි වගේ දෙයක් අභිෂේක්ගෙ කටින් පිටවෙයි කියලා විශාර නිකමටවත් හිතලා තිබ්බෙ නෑ.

"අභී! ඒ දරුවට පවුලක් තියෙනවා....අම්මෙක් ඉන්නවා...අනික ඒ අවුරුදු දහඅටකුත් පැන්න දරුවෙක්..මාස දෙක තුනක දරුවෙක් නෙවේනෙ.... අභී.....මේ අහන්න....අපි දරුවෙක් හදාගමු.....ඒත් ඒ කෙනා නේත්‍ර දරුවා වෙන්නෙ නෑ"

"අ....අනේ විශාර...අනේ මට වෙන දරුවෙක් ගැන එහෙම හැඟීමක් ඇවිල්ලම නෑ විශාර.....පුංචි ලමයිව කොච්චර හුරතල් කලත්,මේ අත් දෙකේ තියං නැලෙව්වත් මූනු දෙපැත්තවල් ඉම්බත්....නේත්‍ර පුතාගෙ ඔලුව අතගාන ටිකට මට දැනුනු හැඟීම වෙන දරුවෙක් ගැන කවදාවත් දැනිලා නෑ.....මගෙ පපුව බර උනා විශාර....ඒ පුංචි මූණ,ඒ හිනාව,ඒ කතාබහ....ඔක්කොටම වඩා පොඩි එකාගෙ ගතිගුණ....අනේ මට බැහැ විශාර....මට දැනුනෙ මගෙම දරුවෙක් කියලා නේත්‍ර පුතාව"

"අභී! විකාර කියෝන එක නවත්තගන්නවා! ඕක ඔය දරුවට ඇහුනොත් ආයෙ මෙහෙ එන එකක්වත් නෑ...අපි පුංචි දරුවෙක්...."

"මට ඕන්නෑ විශාර! මම ඉල්ලුවෙ චූටි පුතාව විතරනෙ! ඒ දරුවව මගෙ ලඟට කරලා හදාගන්න බැරිනම් මම ඈතට වෙලා හරි ඒ දරුවා දිහා බලලා සතුටු වෙන්නම්,ආදරේ කරන්නම්....වෙන ලමයි ඕන්නෑ මට!!!"

"අභී....කෝ....තේරුම් ගන්නකො....ඔයා ඔහොම කියද්දි මට මම ගැනම එන්නෙ ලොකු පසුතැවීමක් අභී.....ඔයාගෙ ජීවිතේ ඔයා ආසා හැමදේම මම වෙනුවෙන් කැප කලත්,ඔයා ආසා කිසිම දෙයක් මට ඔයාට දැන්වත් දෙන්න බෑනෙ කියන පසුතැවිල්ලෙන් මම නොමැරි මැරෙනවා"

"එ....එහෙම හිතන්න එපා විශාර....."

"හ්ම්ම්ම්....නේත්‍ර පුතාව මෙහෙ කැම්පස් එකකට තේරුනොත් අපි එයාව මෙහෙ නවත්තගමු....එහෙම හොඳයි නේද?"

"ඇ....ඇත්තටමද විශාර! මට...අනේ මට සතුටුයි....මම චූටිපුතාට කාමරයක් හදන්න ගන්නම් ලස්සනට....තව අවුරුද්දකින් හමාරකින් එහෙම උනොත් එයා මෙහෙනෙ...කොල්ලට කියන්න ඕනි උනන්දු වෙලා පාඩම් කරන්න කියලා.....එහෙම කලොත් මම තමා එයාව කැම්පස් අරං යන්නෙ හොඳද විශාර? කොල්ලො කෙල්ලො ලයින් දාන් ආවොත් මම ගිහින් බයිනවා....චූටි පුතාට කියනවා මම එයාගෙ අප්පච්චි කියලත් කියන්න කියලා....තව විශාර....."

අභිෂේක් හෝ ගාල කියෝන විදිය බලාගෙන ඒ ඔලුව අතගාන ගමන් උන්නු විශාර තමන්ගෙ කදුළු හොරෙන්ම පිහගත්තා.අභිෂේක් ඉන්නෙ මොන තරම් පීඩනේකින්ද කියන එක තේරුම් ගන්න විශාරට ලොකුවට අමාරු උනේ නෑ.ජීවිතේ එක දිගට කඩා වැටීම් වුනු අභිෂේක්ට කාලයක් තිස්සෙම මනෝවෛද්‍ය ප්‍රතිකාර පවා අරං තිබ්බත් අභිෂේක් හොඳටම හොඳ උනේ නැති බව විශාර දැනන් හිටියා.ඒත් නේත්‍රගෙ ආශ්‍රෙ එක්ක අභිෂේක්ගෙ පැහැදිලි වෙනසක් තියෙන වග විශාරට දැනෙද්දි ලඟකදි අභිෂේක්ව පරික්ෂා කල වෛද්‍යවරයා කිව්ව 'හොද ප්‍රතිපල තියනවා' කිව්ව එකේ තේරුමත් නේත්‍ර වෙන්න ඕඉ කියලා තේරුම් ගත්තු විශාර නේත්‍රට හිතින් පිං දුන්නා.

හයිය හත්තියට වැඩෙමින් තිබ්බ ගැඹුරු ආදරයක් එකිනෙකාගෙ තුරුලෙ සැනසුම විඳින ගමන් නින්දට වැටිලා තියෙද්දි,ආදරේ කියන පාලම උඩ සෑහෙන දුරක් ගිහින් උන්නු තවත් ආදවන්තයො දෙන්නෙක් ජීවිත පීඩනය උඩ පිච්චෙන ගමන් උන්නා.කොලඹ ගෙන්දගම් පොලවට ඒ පිච්චිලි මහ ලොකු දේවල් නොවෙද්දි පුරුදු විදියටම කොලඹ පොලව ඒ දේවල් දරාගෙන නිහඬවම හිටියා.

..............................................................................................

"වෙන්දේසිය තියෙන්නෙ කොතෙන්ද සනුක අයියෙ එතකොට?"

"ශැංග්‍රිලා එකේ නේත්‍ර මල්ලි.....ගිය අවුරුද්දෙනෙ මේක පටන් ගත්තෙ...."

"ඕහ්!"

කටත් රවුම් කරං ඔලුව උඩ පහල වැනුව නේත්‍ර කියද්දි හිනා වෙලා නේත්‍ර දිහා බැලුව සනුක ආයෙම ඉස්සරහ බලාගෙන වාහනේ පදින්න ගත්තා.ඒ හෝටලයේම වෙනම තැනක ක්‍ර්‍රීඩකයන්ගෙ හමුවක් තියෙන බවත්,එතනදි තමන් වගේ ආධුනික ක්‍රීඩකයො වෙනමම ඉන්න වෙන වගත් සනුක දැනන් හිටියා.

"ආශවයා....."

"කියන්න"

"නේත්‍ර මල්ලිව උඹ ලගින්ම තියාගනින්...ඔතන අපි නොදන්න උන් පවා ඉන්නවා"

"හරි"

"මෙතනට වෙලා ඉන්න දෙන්නා.....මම කා එක පාක් කරලා එන්නම්"

සුදුපාට අත් කොට ටී ෂර්ටයක් ලා දුඹුරු කලිසමකට යට කරලා ඇඳලා උන්නු ආශව,සුදුපැහැ ටීෂර්ටයක් උඩින් ලා කොළ අළු පැහැයට හුරු ජැකට්ටුවක් දාගෙන උන්නු නේත්‍ර එක්ක සනුක ඉන්න කිව්ව තැනට වෙලා හිටියා.ටිකකින් එතනට ආව සනුක දෙන්නා එක්ක හෝටලය ඇතුලට ඇවිදන් ගියේ තමන් ඇඳන් උන්නු ලා නිල් පැහැ කමිසය ටිකක් එහෙට මෙහෙට කරලා හදන ගමන්.

"අර පැත්ත සර්!"

සනුකට එක පැත්තක් පෙන්නුව නිලධාරිනිය කියද්දි ආශවලා එක්කම සනුක ඒ පැත්තට ඇදුනා.එක ලඟ තිබ්බ ශාලා දෙකේ එකක ප්‍රමුඛ ක්‍රිකට් ක්‍රීඩකයො වගේම අනික් එකෙ ආධුනිකයො රැස් වෙද්දි ආධුනිකයන්ගෙ කුටියට ආශව නේත්‍ර එක්කම ගියේ ආරාධනා පත්‍රය සහ හැදුනුම්පත් පෙන්නන ගමන්.ඒ හමුවට ක්‍රීඩකයා සමඟ තවත් එක් අයෙක්ට එන්න අවස්ථාව ලැබිලා තිබ්බා.

"හායි ආශව! එන්න එන්න.....මේ කවුද මේ චූටි ලමයා?"

ආධුනික ක්‍රිඩකයෙක් වුණු කොල්ලෙක් කෑ ගහලා කියද්දි ලාවට හිනාවුණු ආශව සනුක එක්කම ගියේ නේත්‍රව එක අතකින් අල්ලගෙනමයි.වටපිට බැලුව නේත්‍ර තේරුම් ගත්තෙ එතන ක්‍රීඩකයො තිහකට වඩා නැති බව.ලංකාවෙ අය නෙවෙයි කියන්න පුලුවන් පෙනුමක් තිබ්බ ක්‍රීඩකයොත් ඒ අතරෙ ඉද්දි ආධුනික අයට අවස්ථාව ලැබෙන්නෙ හරි අඩුවෙන් කියල නේත්‍ර ඒ අවස්ථාවෙදි තේරුම් ගත්තා.මේ අය අතරිනුත් කණ්ඩායමකට ගන්නෙ කී දෙනාද කියල හිතුව නේත්‍ර ලොකු හුස්මක් පහල දැම්මෙ අහේතුකව දැනුනු දුක නිසා.

"මේ මොකො මේ? එහා පැත්තෙ ඉන්න ඕනි එක්කෙනෙක් මේ පැත්තට එන්නෙ?"

"අනේ කට වහං ඉදපන් විසුර.... .මට මේ පැත්ත තමා සෙට් කියලා දන්නවනෙ"

"ආ ලියෝන් මල්ලි.....මේ පැත්තට ආවද?"

"සනුක අයියෙ!"

එක පිම්මට ඇතුලට දුවං ආව ලියෝන් සනුකගෙ ඇඟේ එල්ලෙද්දි ලියෝන්ගෙ කොණ්ඩෙ ඇවිස්සෙව්ව සනුක ලියෝන් එක්කම ආව කෙනා දිහා බලල ලියෝන්ට රැව්වා.

"අර ලමයා ලියෝන්!"

"එයාට කියලා අනේ ආවෙ....මග දාල ආවා නෙවේ"

පාර මැද්දෙ තිබ්බ රෝද පුටුව ලඟට ගිය ලියෝන් ඒකෙ ඉදන් උන්නු බිවේෂ්ගෙ කම්මුලක් මිරිකලා කියද්දි රතුපාට උනු බිවේෂ් උකුල උඩ තිබ්බ තමන්ගෙ ලේන්සුවට ඇස් දෙක යොමු කරගත්තා.තවම හරිහැටි සනිපයක් නොතිබ්බ බිවේෂ්ගෙ දවසම රෝදපුටුවට සීමාවෙල තිබ්බා වගේම ලියෝන් එපා කියලා කියද්දි ලියෝන් සහභාගී වෙන පලවෙනිම ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසිය සජීවීව බලන වුවමනාව බිවේෂ්ට තදින්ම තිබ්බ නිසා මෙතනට ඇවිත් තිබ්බා.

"ඕහ්! නේත්‍රත් ඇවිල්ලා!"

"හායි ලියෝන්!"

"හායි නේත්‍ර! ඉතින් කොහොමද? සනුක අයියෙ ආශව අයියෙ.....අපි කට්ටිය අතෙන්ට යමුද?"

ශාලාව ඇතුලෙ තිබ්බ පුළුල් තිරේ පැහැදිලිව පේන තැනක තිබ්බ මේසය පෙන්නුව ලියෝන් කියද්දි කට්ටියම එතනට ඇවිදන් ගියා.සිසිල් බීම වීදුරු වගයක් අරං ආව වේටර් වරු දෙන්නෙක් ඒ ටික මේසෙ වටේ ඉදන් හිටිය කට්ටියගෙ ඉස්සරහින් පිලිවෙලට තියලා එතනින් ගියාම ආශව නේත්‍රට ඇස් වලින් ඉඟි කලේ ඒක බොන්න ගන්න කියලා.මොකද නේත්‍ර තවමත් මේ වගේ නාදුනන පිරිස වැඩි තැන් වලට පැකිලීමක් දක්වන බව ආශව දැනගෙන හිටියා.

"සුදුබේබි......"

"ම්ම්ම්ම්....."

"කීයට වගේද මේක පටන් ගන්නෙ?"

"තව ටිකකින් පටන් ගනියි නේත්‍ර ......ඇයි?"

"චූ බරයිනෙ මට"

"යං....."

නේත්‍ර එක්ක නැගිට්ට ආශව කට්ටියට කියලා නාන කාමර පැත්තට ඇවිදන් ගියා.මෙහෙම හෝටලේකට කලින් ඇවිල්ලා නොතිබ්බ නේත්‍ර වටේම බල බල ආසාවෙන් ඉස්සරහට ඇවිදන් යද්දි ආශව පුංචි එකාට ඒ සතුට විදින්න අවස‍ර දීලා පිටිපස්සෙන් ඇවිදන් ගියා.නානකාමර ලඟට ගිය ආශව එක නාන කාමරයක දොර ඇරලා හොදට ඇතුල පරික්ෂා කරලා නේත්‍රව ඇතුලට යවද්දිම දිවාෂගෙන් ආව දුරකථන ඇමතුමක් එක්ක නේත්‍රට වැඩේ කරගන්න කිව්ව ආශව ටිකක් එහාට ගියා.ඒත් එක්කම නේත්‍රට ඇහුනෙ තමන් ලගම තිබ්බ නානකාමරේකින් කවුරුහරි මුණු මුණු ගාලා කතා කරන බව.අනික් අයගෙ කතා අහගන්න උවමනාවක් නොතිබ්බත් එකපාරටම ඇහුණු "අරුන්දතී" කියන නම එක්ක නේත්‍ර හොඳට ඒ කතාබහට ඇහුම්කන් දෙන්න ගත්තෙ තමන්ගෙ අක්කා ගැන කතා කරනවද කියලා ඇති වුනු සැකේ නිසා.

"මාව තේරුම් ගන්නකො දේතු......."

"......................."

"දේතු ප්ලීස්.....ඔයාට ආදරේ නිසා තමා මම මෙච්චර දේවල් කරන්......"

"......................."

"ඔයා මේ දේවල් කරන්නෙ ආශවව සෙට් කරගන්න කියලා දැන දැනත් ඔයා කියන කියන දේවල් හා කියලා කරන තරමට මම ඔයාට ආදරේ කරලා දේතු....."

"......................"

"ඒත් මේ දේ මම කොහොමද කරන්නෙ? අරුන්දතී කියන්නෙ අහිංසක කෙල්ලෙක්"

"..................."

"දේතු මෙතන වැරදීමක් තියනවා කියලා මට හිතෙන්නෙ....අරුන්දතී එහෙම ඩබල් ගේම් ගහන ජාතියෙ කෙල්ලෙක් කියලා මට හිතන්න බෑ.....ඒකයි....."

"..................."

"එහෙම එකක් නෑ දේතු.....මම කාටවත් රැවටිලා නෑ....මම කියන්නෙ මට දැනෙන දේ"

"....................."

"ඔහොම ඒ කෙල්ලව සිල්ලරේට දාලා කතා කරන්න එපා....අරුන්දතී කියන්නෙ කෙල්ලෙක්! ගෑනියෙක් නෙවෙයි"

"..................."

"එහෙම මගුලක් නෑ දේතු....පිස්සුද? මම කොල්ලෙක්! මට පුළුවන් කෙල්ලෙක් දිහා බලලා ඒ කෙල්ල කෙල්ලෙක්ද ගෑනියෙක්ද කියලා කියන්න!"

".................."

"හ්ම්ම් හ්ම්ම්ම්"

".................."

"හ්ම්ම්.....අපි බලමුකො....."

"................."

"මාස දෙක තුනක් ඇතුලත....බලමුකො"

"................."

"හරි දේතු මම තියන්නම්......බුදු සරණයි"

නේත්‍රට ඒත් එක්කම ඇහුනෙ දුරකථන ඇමතුම ඉවර වෙනවත් එක්කම නානකාමරේ දොරකට හයියෙන් පාරක් වදින වග.නේත්‍ර සද්දයක්වත් නොකර ඉද්දි කාටහරි දෙතුන් පාරක් "ශිට් ශිට්" කියලා සාප කරපු පිරිමි ලමයෙක් නානකාමර තිබ්බ තැනින් එලියට යනවත් තව කවුරුහරි ඇතුලට එනවත් නේත්‍රට ඇහුනා.

"නේත්‍ර! මොකද්ද ඒ ආව සද්දෙ? කෝ ඔයා? කරද....."

"මම හොදින් සුදුබේබි....ඉන්නකො මම එන්නම්"

මූත්‍රා හාලා හෝදන්න ඕනි තැන හෝදගෙන ටිෂූ එකකින් පිහිදත් ගත්තු නේත්‍ර ආයෙ කලිසමත් ඇඳගෙන එලියට ආවා.ඒත් එක්කම නේත්‍ර දිහා බලලා ලොකු හුස්මක් පහල දැම්ම ආශව නේත්‍ර එක්කම එලියට ආවා.

"දිවාස කෝල් කලේ නේත්‍ර"

"ආ....දිවාෂ? ඒ ඇයි?"

"කවුද දන්නෙ......ඔයාව තනියෙන් එක්කන් ගියාය,ඌව තනි කරලා ඔයාව උස්සන් ආවය කියලා දෙස් දෙවොල් තියලා ෆෝන් එක කට් කලේ....පිස්සෙක්නෙ කොහොමත්!"

"හි හී......ඒක නෙවේ සුදුබේබි....වොශෲම් එකේ ඉදලා කවුරුහරි ගියාද දැන්?"

"ඔව් ඔව්.....ආදිත්‍ය ගියේ...."

"ඕහ්"

"ඇයි නේත්‍ර?"

"මේ වැඩෙ ඉවර උනාම කියන්නම්කො සුදුබේබි.....අර සුදුබේබි සද්දයක් ගැන ඇහුවෙ....ඒක උනෙත් ආදිත්‍ය අයියා අතින් වෙන්න ඕනි"

"මොකද්ද නේත්‍ර? මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"මම සම්බන්ධ දෙයක් නෙවේ සුදුබේබි"

"ආ....එහෙනම් පස්සෙ කිව්වට කමක් නෑ"

ආශවගෙ කතාව එක්ක හිනා ගිය නේත්‍ර ආශවගෙ අත අල්ලලා මිරිකලා අතෑරියා.නේත්‍රගෙ කම්මුලක් ලාවට මිරිකෙව්ව ආශව සාමාන්‍ය විදියට නාන කාමර තිබ්බ කොටසෙන් එලියට ඇවිත් දෙන්නා එක්කම ඇවිදන් ගියේ මෙතන පෙම්වතුන් විදියට හැසිරෙන එක ටිකක් අනතුරුදායක නිසා.ආශවයි නේත්‍රයි ආයෙම ඇවිත් ඉදගද්දි ඈතට වෙලා දුරකථන ඇමතුමක හිටිය සනුකත් ඇවිත් නේත්‍රට එහා පැත්තෙ පුටුවෙ ඉදගත්තෙ නේත්‍රව තමන්ටයි ආශවටයි මැදිවෙන විදියට.

"නේත්‍ර මල්ලි මොනාහරි කනවද?"

"එපා සනුක අයියෙ"

"ම්ම්ම්"

නේත්‍ර දුන්නු උත්තරේ එක්ක ඔලුව වැනුව සනුක ඉස්සරහ බලාගත්තත් තමන් දිහා බලන් ඉන්න ලියෝන්ව දැක්ක සනුක ටිකක් ගැස්සිලා ගියේ ලියෝන්ගෙ ඇස් දෙකේ තිබ්බ තද බැල්ම නිසා.සනුක දිහා ටික වෙලාවක් බලන් ඉදලා ඔලුව උඩ පහල කෙරුව ලියෝන් රෝද පුටුවෙ ඉදන් උන්නු බිවේෂ්ගෙ අතකින් අල්ලගෙන මොන මොනාහරි ඇහුවා.

"නේත්‍ර...."

"ඕ සුදුබේබි"

"මොකෝ කල්පනා කරන්නෙ?"

"බිවේෂ් අයියා පවු නේද සුදුබේබි?"

"ම්ම්ම්ම්"

"තාම කකුල් දෙක හොඳ නෑලුද සුදුබේබි?"

"නෑ වගේ නේද?"

"පවු සුදුබේබි....ඕක කල මනුස්සයා පැනලා ගියාලු නේද?"

"ඔව්ලු නේත්‍ර"

"අනේ මංදා සුදුබේබි"

"ඇයි?"

"නෑ අපේ අම්මා පුංචි කාලෙ ඉදලා කියලා තියෙනවා වරදක් නොකල කෙනෙක්ට දෙයක් කලොත් ඒක පඩිසන් දෙනවා කියලා.....බිවේෂ් අයියා අපි දැනුවත්ව වරදක් කල කෙනෙක් නෙවේනෙ සුදුබේබි....ඔය වගේ අපරාද වලට ගෑවෙන අයට පවා ඔව්වා....."

"අපිට අදාල දෙයක් නෙවේනෙ නේත්‍ර.....ඔය ගැන කතා නොකර ඉමු"

"හරි සුදුබේබි"

ආශවගෙ පපුවට කැක්කුමක් දැනුනෙ ඒ සිද්ධියට නේත්‍ර පවා ගෑවිලා හිටිය නිසා.තමන්ට මොනා උනත් කමක් නෑ කියලා තීරණය කරලා හිටියත් නේත්‍රට හීරීමක්වත් වෙනවට ආශව කැමති උනේ නැහැ.ඒ නිසාමයි ආශව මේ කතාව නැවැත්තෙව්වෙ.නේත්‍රගෙ කටින්ම නේත්‍රට වරදක් වෙන්න ඕනි කියලා කියනවට ආශව කැමති උනේ නැහැ.ලොකු හුස්මක් පහල දැම්ම ආශව හැමදාම නේත්‍රගෙ සිද්ධීන් වලදි මතක් වෙන දෙයියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලීමක් කලේ නේත්‍රට හානියක් වෙන්න නොදෙන්න කියලා.

"පටන් ගත්තා!"

ලියෝන්ගෙ කටහඬ එක්ක කට්ටියම තිරය දිහා බැලුවෙ මේ අවස්ථාවට මුල ඉදලා එක් වෙන්න තිබ්බ ආසාව නිසා.

"Good afternoon ladies and gentlemen! Welcome to you all    for the second LPL auction in Sri Lanka!!!"

නේත්‍ර මේසෙ අස්සෙන් ආශවගෙ අතක තමන්ගෙ අත පටලගනිද්දි සනුක නේත්‍ර දිහා බලලා ලාවට හිනා වෙලා ඉස්සරහ බලාගත්තා.Colombo Tigers,Kandy Thunders,Dambulla Strikers,Galle Kings,Jaffna Fighters යනුවෙන් කණ්ඩායම් පහක් වෙන්දේසිය සඳහා තරඟ කරන්න සූදානම් වෙද්දි දෙස් විදෙ ක්‍රීඩකයො රැසක් වෙන්දේසිය සඳහා තේරී පත් වෙලා හිටියා.සුප්‍රසිද්ධ වෙන්දේසි මෙහෙවන්නෙක් වුණු චාරු ශර්මා වෙන්දේසිය මෙහෙයවන්න යොමු වුණු අතර පලවෙනිම තරඟකරුවා ලෙස නම් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනට නායකත්වය දරන ක්‍රීඩකයා වුණා.

"First name for the auction today.......Wikum Shanaka!"

විකුම් ශානකගේ මූලික මිල ඩොලර් 50 000ක් වුණු අතර මුලින්ම මිල සටහනක් ඔසවලා ඔහුට ලංසු තිබ්බෙ Colombo කණ්ඩායම.

"At this time, 50 000 dollars has been set for him"

චාරු ශර්මා නිවේදනය කරද්දි Jaffna කණ්ඩායම මිල සටහන ඉහලට එසෙව්වා.

"Now....the price is 55 000 dollars!"

ඒත් එක්කම ආයෙමත් මිල ලංසුවක් ඉදිරිපත් වුණේ Galle කණ්ඩායමෙන්.

"60 000 dollars has been set for Wikum"

ආයෙමත් මිල සටහන එසවුණේ Jaffna කණ්ඩායමෙන්.

"70 000 dollars"

ඊලගට මිල සටහන එසවුණේ මෙච්චර වෙලා නිහඬව හිටිය කණ්ඩායමක් වුණු Kandy කණ්ඩායමෙන්.

"Ok! 74 000 dollars now!"

ඒත් සමඟම ලැබිලා තිබ්බ කාල සීමාව ඇතුලෙ අනික් කණ්ඩායම් නිහඬ වෙද්දි වෙන්දේසිකරු ඔලුව උඩපහල වනලා මේසය මත තිබ්බ ලී මිටිය අතට ගත්තා.

"The price is 74 000 dollars....and Wikum Shanaka goes to Kandy Thunders.Congratulations Team Kandy!"

ඔය විදියට පලවෙනි අර්ධයෙදි පිතිකරුවන්ව වෙන්දේසි වෙන්න ගත්තා.ඒත් එක්කම සනුකගෙ ඡායාරූපයක් තිරයෙ පලවෙනවත් එක්කම නේත්‍ර හිනාවෙලා සනුක දිහා බැලුවා.ඒවෙලාව වෙද්දිත් තමන් දිහා බලන් හිටිය සනුකව දැක්ක නේත්‍රගෙ හිත ටිකක් බයට ගැස්සුනත් නේත්‍ර ඒ ගැන නොහිතා ආයෙමත් තිරය දිහා බැලුවා.

"The next one......Sanuka Dihen! Right hand batsman!"

සනුක බයෙන් බලාගෙන හිටියෙ මේ තමන්ගෙ දෙවනි වෙන්දේසිය නිසා.ගිය වරත් තමන්ව මූලික මුදලටම අවසන මොහොතෙ මිලදීගත්තු නිසා සනුකට තමන් ගැන දැනුනෙ හීනමානී හැඟීමක්;විශ්වාසයක් නැති හැඟීමක්.සනුකගෙ නොසන්සුන් බව දැක්ක නේත්‍ර සනුක දිහාවට හැරෙද්දි නේත්‍රට එහා පැත්තෙ ඉඳගෙන හිටිය ආශව කන් දෙක නේත්‍රගෙ පැත්තට දික් කරගෙන හිටියා.

"සනුක අයියෙ....බය වෙන්න එපා....මේ පාර ඔයාව හොඳ ගානකට ගනීවි"

"ඔයාට එහෙම හිතෙනවද?"

"ඔව්!"

"එහෙනම් එහෙම වෙයි"

ලොකු විශ්වාසෙකින් නේත්‍ර දිහා බලලා කිව්ව සනුකට නේත්‍ර සතුටු හිනාවක් පා කලත් ඒ කතාවට ඇහුම්කන් දීගෙන උන්නු ආශවගෙ මූණෙනම් හිනාවක් මතු වුනේම නැහැ.ආශව කල්පනා කලා.මොකක්ම හරි තමන්ට මගෑරුනා වගේ හැඟීමක් ආශවට සනුක ගැන දැනෙමින් තිබ්බා.තමන් ආශ්‍රය කරන කීප දෙනා අතරට තෝරගෙන තිබ්බ මනුස්සයෙක් ගැන වැරදියට හිතන්න ආශව කැමති උනේ නෑ.මීට කාලෙකට කලින් හිටිය හැමදේටම කේන්ති ගන්න,පොඩි කොනක් අල්ලගෙන පිට මිනිස්සුන්ව සැක කරන,තමන්ගෙම යාලුවෙක් එක්ක උනත් නේත්‍ර වෙනුවෙන් මරාගන්න ලෑස්ති වුනු ආශවව නේත්‍ර විසින් වෙනස් කරලා තිබ්බා.හැමදේටම කලින් ඉවසීම ප්‍රගුණ කරගන්න ඕනි කියන එක ආශවට නේත්‍ර කියලා දීලා තිබ්බා.

"Sanuka Dihen....His base price is 30 000 dollars...Ok! Dambulla Strikers gave the first price range! Its 35 000 dollars now!"

තත්පර ගාණක් ඇතුලත සනුක වෙනුවෙන් මිලක් නියම වෙද්දි සනුක කදුළු පිරුණු ඇස් වලින් නේත්‍ර දිහා බලලා හිනා වුණා.ඒත් එක්කම කණ්ඩායම් කිහිපෙකින්ම මිල සටහන් ඔසවන්න ගත්තෙ සනුක කියන්නෙ කැපී පේන දක්ෂතා වලින් අනූන කෙනෙක් කියලා ගියපාර lpl තරඟාවලියෙදි ඔප්පු කල නිසා.

"40 000 dollars has been set for him"

"43 000 dollars"

"47 000 dollars now!"

"50 000 dollars!"

"Now its 54 000 dollars! Oh wow!"

"Ok...59 000 dollars!"

"61 000 dollars now"

ඒත් එක්කම වෙන මිල සටහන් නොඑසවෙද්දි වෙන්දේසිකරු පිරිස දිහා විමසිල්ලෙන් බැලුවෙ ලංසු තැබීමේ කාලය අවසන් වනතුරු.

"Sanuka Dihen goes to Galle Kings! Congratulations Galle team!"

නවක ක්‍රීඩකයෙක් වුණු සනුකට මේ ලැබුනු අවස්ථාව වගේම මිල ගැන කසුකුසුවක් පැතිරෙද්දි නේත්‍ර ඉස්සෙල්ලාම සනුකට හදවතින්ම සුභ පැතුවා.ඒත් එක්කම කිසිම කහටක් නැතුව සනුකට සුභ පැතුව ආශව ආයෙම තමන්ගෙ පුටුවෙන් ඉදගනිද්දි වටෙන් සනුක ලගට දුවලා ආව ලියෝන් සනුකට හාද්දකුත් දීලා සුභ පැතුවා.පිතිකරුවෙක් වුණු ආදිත්‍යවත් මූලික මිල උනු ඩොලර් 30 000ටම Colombo කණ්ඩායම මිලට ගනිද්දි හුඟක් අයගෙ කටවල් කොනේ හිනා ඇඳුනා.

"පන්දම!"

"ඌට කොහොමත් ඇතුලෙන් චාන්ස් වදිනවනෙ"

"කලම්බු ටීම් එක ඉතින් මිස්ටර් අලහකෝන්ගෙනෙ...."

"මිනිහට දෙනවද දන්නෑ මූ ඔච්චරටම මූව ගන්නෙ?"

"නෑ....මුගෙ කලින් කෑල්ලලුනෙ මිනිහගෙ දුව....තවම සලකනවද කොහෙද"

"අපි වගේ උන්ට තැන එන්නෑ බං ඔව්වා හින්දා"

"ඔව්....අපි හැමදාම පැවීලියන් එකේ"

"ටැලන්ටඩ් එකෙක්ව ගත්තනම් දුකක් නෑ....ඒත් මේ වගේ? හැමදාම ලකුණෙන් දෙකෙන් අවුට්නෙ...ෆීල්ඩින් විතරයි හොද "

"ෆීල්ඩින් හොද උනාට බං මූව ටීම් එකකට ගන්නෙ බැටෙක් විදියටනෙ....දක්ෂ උන් එලියෙ මූ ඇතුලෙ"

"සනුකයව එහෙම ගත්තට දුකක් නෑ...ටැලන්ටඩ් නේ"

"ආශවවත් මේ පාර යයි කියල හිතෙනවා....මිනිහත් කලර්ස් පෙන්නුවනෙ"

"අනේ මංදා....පලවෙනි එක නේද? සමහර විට රිකෙජ්ට් වෙයි"

"පලවෙනි එකෙන්ම ගියොත් මිනිහා ඉන්නවටත් වඩා අඩි ගාණක් උඩින් යයි"

"ඉරිසියා කරන්න එපා බං....අපේම කොල්ලෙක්නෙ"

එකිනෙකා දැරුවෙ එක එක මත.සමහර දේවල් ආශවගෙ නේත්‍රගෙ කන් වලට වැටුණත් ඉස්සරහට ඔයිටත් වඩා දේවල් අහගන්න පුලුවන් කියලා තේරුම් අරං උන්නු ආශවයි නේත්‍රයි නිහඬ උනා.තමන් දෙන්නා තමන් දෙන්නව තේරුම් අරං තියෙනව වගේ අනික් මිනිස්සු තමන්ව තේරුම් අරං නෑ කියලත්,අනික් අය එහෙම තේරුම් ගන්න ඕනිත් නෑ කියන මතේත් ඉන්න ආශවටයි නේත්‍රටයි අනික් අයගෙ සිතුවිලි වලින් ගාණක් උනේම නැහැ.එයාලා තමන් ගැන පහත්ව හිතුවත් උසස්ව හිතුවත් තමන් දෙන්නාගෙ ගතිගුණ වල වෙනසක් නොවෙන නිසා ඒ කිසිම දේකින් ආශවටයි නේත්‍රටයි වැඩක් වුනේ නැහැ.

දෙවනි අර්ධයේදි තුන් ඉරියව් ක්‍රීඩකයින්ව වෙන්දේසියට කටයුතු කෙරුණා.මුලින් මුලින් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ව සහ විදෙස් ජාතික කණ්ඩායම් වල ක්‍රීඩකයන්ව වෙන්දේසි කෙරුනු අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්ව පවා ප්‍රතික්ශේප වෙද්දි ආශවගෙ හිත ගැස්සුනා.

"Chamidu Wanahagoda.....Rejected!"

ආශව ගැස්සෙනවත් එක්කම සිනිදු අතක් තමන්ගෙ පිටි අල්ල පිරිමදිනවා දැනුනු ආශව ලා හිනාවක් එක්ක නේත්‍රගෙ මූණ දිහා බැලුවා.

"මගෙ සුදුබේබිව ටීම් එකකින් ගන්නවා....බය නැතුව ඉන්නකො....ම්ම්.....මම දන්නවනෙ"

"ඔයාට හිතෙනවනම් ඒක එහෙම්මම වෙයි නේත්‍ර"

"මට විශ්වාසයි මගෙ සුදුබේබි.....අපි බලන් ඉමු"

නේත්‍ර දිහා බලලා හිනා වුණු ආශව තිරේ දිහා බලන් ඉද්දි විදෙස් ක්‍රීඩකයෙක්ව වෙන්දේසියට යොමු වුණා.ආශවවම බය කරන්න අද වැඩ සිද්ධ වෙනවද කියලා ආශවට දැනුනෙ ඒ ක්‍රීඩකයත් ප්‍රතික්ශේප වෙද්දි.ඒ ක්‍රීඩකයගෙ නම රැඳුනු තුණ්ඩුව එතනම තිබ්බ කුණු කූඩෙට විසික් කෙරුණා.ඒක වෙන්දේසි වල සිරිත වුණා.

"Now.....Ashawa Thidaswara...all-rounder"

නේත්‍රට දැනුනා ආශවගෙ හයිය අතකට මැදි වෙලා තිබ්බ තමන්ගෙ අත උඩින් ආශවගෙ අනික් අතත් තිබ්බවෙනවා.ආශව දිහා බලලා ඔලුව උඩ පහල කෙරුව නේත්‍ර තිරයේ දිස් වෙන කණ්ඩායම් වලට වෙන් වුණු මේස පහ වටේ ඉදන් ඉන්න තේරීම් කණ්ඩායම් දිහා බලන් හිටියෙ ගැහෙන හිතෙන්.කොච්චර ලොකු විශ්වාසයක් තිබ්බත් නේත්‍රගෙ හිත් කොණක පුංචි ගැස්මක් ඇති වෙලා තිබ්බෙ මීට කලින් ආශවව 19න් පහල ජාතික කණ්ඩායමට ගන්න එක පවා සමහර අය වලක්වන්න කටයුතු කරල තිබ්බ හැටි මතක් වෙලා.

"Ashawa.....base price is 30 000 dollars....Ok! Colombo Tigers raise their hands for Ashawa!"

නේත්‍ර හිනා මූණක් පුරෝගෙන ආශව දිහා බලද්දිත් ආශව බලන් හිටියෙ නේත්‍ර දිහා.

"සුදුබේබි ඇයි?"

"ඔයා දිහා බලන් ඉද්දි තිගැස්ම අඩු වෙනවා නේත්‍ර...ඒකයි"

"හනේ"

ආශව එක්ක හිනා වුණු නේත්‍ර ආයෙමත් තිරයට ඇස් දෙක යොමු කරද්දි ආශව දිගටම නේත්‍ර දිහා බලන් හිටියා.ඒත් එක්කම Kandy කණ්ඩායම අත ඔසවද්දි නේත්‍ර ඒ දිහා බලන් හිටියා.

"35 000 dollars now!"

ඒත් එක්කම කොළඹ කණ්ඩායම අත එසෙව්වා.

"38 000 dollars now!"

ඊලඟට දඹුල්ල කණ්ඩායම අත ඔසවලා මිල නියම කලා.

"40 000 dollars!"

ඊලඟට ආයෙමත් Kandy කණ්ඩායම අත ඔසවලා මිල නියම කලා.

"43 000 dollars has been set for Ashawa"

ආයෙමත් කොළඹ කණ්ඩායම මිල සටහන ඔසවද්දි අනික් කණ්ඩායම් අතර වගේම ක්‍රීඩකයො අතරත් කසුකුසුවක් ගියේ මේ සීතල යුද්ධෙ ගැන දැනුනු උනන්දුව නිසාමයි.

"45 000 dollars now!"

ඒත් එක්කම Kandy කණ්ඩායම ඉක්මන් සාකච්ඡාවකට ගොඩ වුණු බව කට්ටියම දැක්කා.එතන කතා වුනු දේවල් මොනාද කියලා නොදන්නවා උනත් ඒ කතා කලේ ආශව ගැන කියලා ඕනිම කෙනෙක්ට තේරුම් ගන්න අමාරු වුනේ නැහැ.ඒත් එක්කම කොළඹ කණ්ඩායමේ හිටිය කමිටු ප්‍රධානියට ඇමතුමක් එනවත් ඒ ඇමතුමට සම්බන්ධ වුණ ඔහු මොන මොනාහරි කියනවත්,ඊලග තත්පරේදි ඔලුව උඩ පහල වනනවත් කැමරා කාචෙ සටහන් වෙලා තිබ්බා.ඒත් ඒ ගැන කිසිම කෙනෙක් විශේෂ අවධානයක් යොමු නොකලෙ ඔය වගේ දේවල් සාමාන්‍ය දේවල් නිසා.

"The time is......Ok! Kandy team again raise the price....the price is 47 000 dollars now!"

Kandy කණ්ඩායමේ මිලත් එක්ක අනික් හැම කණ්ඩායමක්ම නිහඬ වුනේ ආධුනික ක්‍රීඩකයෙක් වෙනුවෙන් එච්චර මිලක් නියම කිරීම නොකල යුත්තක් බව හිතන ගමන්.එක lpl තරඟයක්වත් ක්‍රීඩා නොකල,19 න් පහල ජාතික කණ්ඩායමට අදාලව කෙටි කාලයක් ක්‍රීඩා කෙරුව,ඊට අමතරව ප්‍රිමියර් තරඟ වලට පමණක් ක්‍රීඩා කරලා තිබ්බ ආශවට මේ හැටි මිලක් නියම කිරීම අපරාධයක් විදියට හුඟක් අය හිතුවා.අනික් කණ්ඩායම් වල නිහඬ බව එක්ක ආශව නේත්‍ර උනත් සැනසුම් හුස්මක් හෙලුවෙ මේ කණ්ඩායමට හිතේ සැනසිල්ලෙන් ක්‍රීඩා කරන්න පුලුවන් කියන හැඟීමෙන් උනත් ඊලඟ තත්පරේ එසවුණු මිල සටහන එක්ක දෙන්නගෙම ඒ සැනසීම බිඳිලා ගියා.

"Colombo team mark the price again! 50 000 dollars has been set for him"

ඒ මිලත් එක්ක Kandy කණ්ඩායමේ ප්‍රධාන කමිටු සාමාජිකයෙක් වුණු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඔලුව දෙපැත්තට වනද්දි කොළඹ කණ්ඩායමේ ප්‍රධාන කමිටු සාමාජිකයෙක් වුණු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයගෙ කට කොණේ හිනාවක් ඇඳිලා තිබ්බා.ඊලග මිල ලංසුව තියන්න ලබාදීපු කාලෙ ඉවර වීගෙන යනවත් එක්කම චාරු ශර්මා තමන්ගෙ අතේ තිබ්බ ලී මිටිය ඉහලට එසෙව්වා.

"Ashawa Thidaswara goes to Colombo Tigers! Congratulations team Colombo!"

ලී මිටියෙන් මේසෙට පාරක් වදිද්දි ආශවටයි නේත්‍රටයි හිනා වෙන්නද අඬන්නද කියන එක තේරුනේ නැහැ.පලවෙනිම වෙන්දේසියෙදි මෙ වගේ ඉහල මිලකට විකිනෙන්න පුළුවන් උනු එක ගැන එක පැත්තකින් සතුටක් තිබ්බත් අනික් පැත්තෙන් දිව්දේත්‍රාට අහු උනා කියන පසුබෑම් හැඟීම දෙන්නගෙම හිත් වලට ඇවිල්ලා තිබ්බා.ඔක්කොටමත් වඩා දක්ෂතාවයක් නැතුව දිව්දේත්‍රාගෙ වුවමනාවට මේ මිල නියම උනාද කියන හීනමානෙ ආශවට දැනුනා.

"එහෙම නෑ සුදුබේබි"

"ම්....මොකද්ද නේත්‍ර?"

"සුදුබේබි දක්ෂ නැත්තං Kandy team එකෙනුයි,දඹුල්ල ටීම් එකෙනුයි අර වගේ ලංසු තියන්නෑනෙ"

"ඔව් නේද නේත්‍ර...."

"ඔව් සුදුබේබි....එයාලා හුඟක් උත්සාහ කලා....ඒත් කලම්බු ටීම් එක ආධුනික කෙනෙක්ට දුන්නු ප්‍රයිස් එකේ හැටියට ඒගොල්ලොන්ට ඉස්සරහට යන්න බැරි උනා"

"ඔව් නේත්‍ර.....මගෙ පලවෙනිම එක වෙලත් මෙහෙම ගාණකට ගිය එකම පුදුමයි"

"ඒකනෙ සුදුබේබි.....සුදුබේබි හිතනව වගේ දිව්දේත්‍රාට විතරනම් උවමනාව තිබ්බෙ සුදුබේබිව ගන්න,සුදුබේබි බේස් ප්‍රයිස් එකටම යනවනෙ"

"හැමදාම මම ලඟින් ඉන්න හොඳඳ මෙහෙම?"

"මට සුදුබේබිට සුභ පතන්න ඕනි.....ඒත් මෙතන බෑ....ඒකට නිදහසක් නෑ....ඒකයි මම ඒක හිර කරගෙන ඉන්නෙ"

"මම දන්නවා.....අපි දෙන්නා ඒක නිදහසේ සමරමුකො....ම්ම්ම්"

"සුදුබේබි.....කට්ටිය විශ් කරන්න එනවා"

නේත්‍ර කියද්දි ආශව හිනා වෙලා සනුක දිහා බැලුවෙ සනුක ආශව ලගින්ම හිටගත්තු නිසා.ආශවව වැලඳගෙන සුභ පැතුව සනුක නේත්‍රගෙ කොණ්ඩෙත් අවුස්සගෙන ආයෙමත් කලින් හිටිය තැනින් ඉඳගනිද්දි ලියෝනුත් ඇවිත් ආශවව වැලඳගෙන සුභ පැතුවා.රෝද පුටුවෙ හිටිය බිවේෂ් හිනා වෙල තමන්ගෙ දකුණු අත දිගු කරද්දි ආශවත් ඒ අතට අත දීලා ඒ සුභ පැතුම පිලිගත්තා.හුඟක් දෙනා මූනිච්චාවට සුභ පතන බව ආශවට තේරුණත් ආශව ඒ ගැන නොහිතා හැමෝටම එකම විදියට ලා හිනාවකින් සංග්‍රහ කලා.

අවසන් අර්ධයේදි තිබුනෙ පන්දු යවන්නන්ගෙ වෙන්දේසිය.ලියෝන්ව ඒ වෙද්දිනුත් Colombo කණ්ඩායම නිත්‍ය සාමාජිකයෙක් බවට තෝරාගෙන තිබ්බ නිසා ලියෝන් වෙන්දේසියට ඉදිරිපත් වුණේ නැහැ.සියලුම ක්‍රීඩකයන්ව වෙන්දේසියට ඉදිරිපත් කලායින් අනතුරුව වෙන්දේසිය අවසන් වෙද්දි රාත්‍රිය උදා වෙලා තිබ්බා.ආධුනික ක්‍රීඩකයො ටිකත් එකිනෙකා සමඟ කතාබහ කරගනිද්දි වේටර්වරු වයින් වීදුරු සහ සිසිල් බීම වීදුරු අතේ තියාගෙන එහෙ මෙහෙ ගියා.

"නේත්‍ර මල්ලි බොනවද? සැර නෑ මෙව්වා එච්චර"

"එපා සනුක අයියෙ....මම බොන්නැ ඔව්වා"

"නේත්‍ර ආ.....මේක බොන්න"

"ආ.....සුදුබේබි මටත් එකක් ගත්තද?"

සිසිල් බීම වීදුරුවක් අරං නේත්‍රට දුන්නු ආශව හිනා වෙද්දි නේත්‍රත් ඒක අතට අරගත්තා.රාත්‍රී ආහාරය හෝටලය තුලම කට්ටියට ලෑස්ති කරලා තිබ්බත් ආශවයි නේත්‍රයි ඉක්මනටම පිටත් වෙන්න තීරණය කරලා තිබ්බෙ හෙට නේත්‍ර ආයෙම නුවරට යන නිසා.ඒත් ආශව එක්ක කතා කරන්න එන පිරිස එක්ක දෙන්නම තවමත් ශාලාව ඇතුලෙ හිර වෙලා හිටියා.

"Hiii Ashawa......"

"Hiiii....mmmm....Asam?"

"Yeah!"

පකිස්ථාන් ආධුනික ක්‍රීඩකයෙක් ඇවිත් ආශව එක්ක කතා කරන්න ගනිද්දි ඒ ලගම හිටන් හිටිය නේත්‍ර එක්ක සනුක කයියක් දාගෙන හිටියා.අසාම් එක්ක කතාබහේ හිටියත් නේත්‍ර දිහාවට ඇස් දෙක දාගෙන උන්නු ආශවගෙ ඇස් හීනි උනේ සනුකගෙ අත නේත්‍රගෙ මූණ ලගට ලං වෙනවත් එක්ක.

"කොණ්ඩෙත් මූණට වැටිලා"

නේත්‍රගෙ කොණ්ඩ කෑලි වගයක් නලලට වැටිලා තිබ්බ බව දැක්ක සනුක තමන්ගෙ අත ඉස්සරහට ගෙනාවෙ ඒ කෙස් ගස් ටික පැත්තකට කරලා නේත්‍රගෙ මූණ සම්පූර්ණයෙන්ම එලිය කරන්න.සනුකගෙ අත ලං වුනෙත්,අසාම් එක්ක කතා කර කර හිටිය ආශව නේත්‍රගෙ පැත්තට හැරුනෙත්,නේත්‍ර සනුකගෙ අත නොගෑවෙන්න පිටිපස්සට උනෙත් එකම තත්පරේ.ඒ වැඩෙත් එක්ක සනුකගෙ මූණ වේදනාවෙන් පිරෙද්දි ආශවගෙ මූණ ආඩම්බරෙන් එලිය වැටුණා.

"මම හදාගන්නම් සනුක අයියෙ"

හිතවත් විදියට හිනා වෙලා කිව්ව නේත්‍ර එක්ක ලාවට හිනා වුණු සනුක තමන්ගෙ කමිසෙ ටිකක් හදාගෙන ආයෙ නේත්‍ර එක්ක කතාවට වැටෙන්න හැදුවත් සනුකගෙ ඇස් දෙක නැවතුනේ ආශව ලග හිටන් හිටියත් නේත්‍ර ලගට ඇස් වැටිලා තිබ්බ අසාම් ලගින්.

"මොන හු#තක් බලනවද දන්නෑ"

"මොකද්ද සනුක අයියෙ?"

"නෑ මල්ලි......ඔයා ටිකක් මෙහාට වෙන්න"

සනුක නේත්‍රව ටිකක් ආවරණය කරගනිද්දි ආශව ලග උන්නු අසාම් හිනා වෙලා ආශව දිහා බැලුවත් අසාම්ගෙ හිත ගැස්සුනේ තමන් දිහා තද බැල්මෙන් බලන් ඉන්න ආශව නිසා.

"Ashawa....Who is he?"

"My close one!"

"Damn! He is so beautiful"

"ලන්න පුළුවන් ප#යගෙ දත් ඇන්ද බඩට හිටින්න...."

"Ah?"

"Ah! Yes...he is beautiful....බලන්නෙ මොනාද දන්නෑ ඔච්චර.....නහුට්ටා!"

ආශව ඉංග්‍රීසියෙන් කතා කරලා අර මනුස්සයා නොදන්න සිංහලෙන් බනිද්දි ආශව හොඳ දෙයක් කියනවා කියලා හිතුව අසාම් හිනාවෙවී ආශව එක්ක කතා කලා.විදෙස් ක්‍රීඩකයො කීප දෙනෙක්ම නේත්‍රට බැලුම් හෙලනවා දැක්ක ආශව නේත්‍රට පිට වෙන්න කතා කරද්දි ඔය සිද්ධි ටික ඔක්කොම දැක්ක සනුකත් ආශවට උල්පන්දම් දුන්නා.

"නේත්‍ර අපි යංද?"

"ඔව් යමං යමං"

"ඇයි සුදුබේබි හදිස්සියෙම?"

"හදිස්සියක් නෑ නේත්‍ර....දැන්‍ රෑ වෙලානෙ....ම්ම්ම්"

"හදිස්සියි හදිස්සියි යමං නේත්‍ර මල්ලිව අරං"

"යං සුදුබේබි"

නේත්‍ර උත්තර දෙන්නත් කලින් සනුක මැද්දට පැන පැන ආශවට උඩගෙඩි දෙද්දි ආශව ඇස් හීනි කරලා සනුක දිහා බැලුවා.

"උඹට මොකද්ද තියෙන තදියම?"

"හෙ හෙ....තදියමක් නෑ සුද්දා.....මෙතන තව ඉන්න ඕන්නෑ කියල හිතුනා පොඩි එකා...උඹටත් තේරෙන්න ඇතිනෙ මට තේරුනු දේ"

"හ්ම්ම්ම්"

නේත්‍රගෙ අතින් අල්ලලා ලඟට ගත්තු ආශව ලියෝන්ටයි බිවේෂ්ටයි විශේෂයෙන්ම කියලා අනික් අයට පොදුවෙ සමුදීලා සනුකත් එක්කම එලියට ආවා.තමන් හදිස්සියෙ ගියාට සනුක දැන් තමන් දෙන්නා එක්ක යන එක සුදුසු නැති බව ආශව දැනන් හිටියෙ සනුක කට්ටිය අතරෙ ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් උනු නිසා.

"මම උඹලා දෙන්නව දාලා එන්නම් අරහෙට ආශවයා...."

"එපා සනුක....අපි පික් මී එකක් දාගෙන යන්නම්"

"නෑ නෑ යංකෝ....මම ඩස් ගාලා දාලා සස් ගාලා එන්නම්"

"ඕන්නෑ සනුක අයියෙ....සුදුබේබියි මායි මේ විදියට යන්නම්"

"පුලුවන්ද නේත්‍ර මල්ලි?"

"සුදුබේබියි මායි දෙන්නම යනවනෙ සනුක අයියෙ..... අයියා ඇතුලට යන්න....අපි දෙන්නා යන්නම්"

"ම්ම්ම්ම්.....ඔයාලා පිටත් වෙනකං ඉන්නම්කො"

සනුකට තවත් මෙතනින් යන්න කියන එකෙන් සනුකගෙ හිත රිදෙයි කියලා බය උනු නේත්‍ර හිනාවෙලා ඔලුව වනලා ආශව ලගින් හිටගෙන හිටියා.පික් මී යෙදවුම මාර්ගෙන් කාරයක් වෙන් කරගන්න ආශව දිහා බැලුව සනුක ඊලඟට හිනා වෙලා නේත්‍ර දිහා බැලුවා.

"නේත්‍ර මල්ලි....."

"කියන්න සනුක අයියෙ"

"මේ සමහරවිට ඔයාලා දෙන්නා පිට වාහනේක යන අන්තිම වතාව වෙයි....ආශව ගමන හදාගත්තනෙ"

"මට වාහන ඕන්නෑ සනුක අයියෙ....ඒත් සුදුබේබි දියුණු වෙන එක තරම් සතුටක් මට වෙන නෑ"

"ඒ ගතිගුණ නිසා නේන්නම් ඔයාට මෙච්චර ආදරේ"

"ආහ්?"

"ආශව....ආශවයා ඔච්චර ආදරේ ඒකනෙ"

"හි හී....ඒකනෙ"

නේත්‍ර හිනා වෙලා ආශව දිහා බලද්දි කට කොනකට කලාතුරකින් නැගෙන ලස්සන හිනාවෙන් හිනාවුණු සනුක පායගෙන එන හඳ දිහා බැලුවා.ආශව දුරකථනෙන් පෙන්නුව මොකකට හරි හිනා වුණු නේත්‍රගෙ මූණ දිහා බලන් උන්නු සනුක කල්පනා කලේ ඒ මනුස්සයෙක්ට මේ තරම් ලස්සන වෙන්න පුළුවන්ද කියන එක.ලස්සන එක්කම කාරුණික සංවේදී ගතිගුණ වලින් පිරුණු නේත්‍ර දෙයියො මේ ලෝකෙට මැව්ව පරිපූර්ණ මනුස්සයෙක් කියලා සනුකට හිතුනා.

"ලස්සනයි....."

සනුකගෙ කටින් නොදැනුවත්වම පිට වෙද්දි ගෙන්දගම් පොලව පිහගෙන හමන් ආව හුලගක් එක්ක නේත්‍ර තමන්ගෙ උරහිස් අකුලවගත්තා.රෑ බෝවීගෙන එන නිසා හීතල ගතියක් හුළගෙ හැංගිලා තියෙද්දි සනුක නේත්‍රට කියන්න හැදුවෙ නේත්‍ර ඇඳන් උන්නු ටී ෂර්ටය උඩින් දාගෙන හිටිය කමිසෙ වැලමිට ලඟට වෙනකං නවලා තිබ්බ අත් දෙක දිගෑරගත්තනම් හරි කියන එක.ඒක කියන්න කලින්ම නේත්‍රගෙ කර වටේ එතුනු නහර පිරුණු අතක් නේත්‍රව තුරුලු කරගන්න වග සනුක දැක්කා.

"සීතලද මැණිකෙ?"

"ඩිංගක් සීතයි සුදුබේබි...."

"මෙහෙම ඉන්නකො....ම්ම්ම්"

"මෙහෙම හිටියොත් කොහොමත් සීත එන්නෑ සුදුබේබි"

නේත්‍ර හිනා වෙලා කියද්දි ආශව කාටවත් නොපෙනෙන විදියට ඒ නලල උඩින් තමන්ගෙ තොල් තද කරලා හිනා වුනත් සනුක හිටියෙ පපුව පිච්චෙන එක දරාගන්න උත්සාහ දරන ගමන්.ලොකු හුස්මක් පහල දැම්ම සනුක එකපාරටම නේත්‍රගෙයි ආශවගෙයි දෙන්නගෙම කරෙන් අත දාගනිද්දි ආශවට කේන්ති ගිහින් මොකක් හරි කියන්න හැදුවත් පිටිපස්සෙන් ආව හඬ එක්ක සනුක එහෙම කලේ ඇයි කියලා තේරුම් ගත්තු ආශව සනුක දිහා කෘතඥපූර්වකව බැලුවා.

"Welcome to my team Ashuuuuu!!!"

දිව්දේත්‍රාගෙ කටහඬ එක්ක කොල්ලො තුන් දෙනා යාලුකමට කරවල් වලට අතදාන් හිටියා වගේ පෙන්නන ගමන් කට්ටිය එකිනෙකාගෙන් ඈත් වුණා.කට කොනකින් හිනාවක් දාගෙන තමන් දාගෙන හිටිය පෝනිටේලය අතින් ටිකක් ගස්සන ගමන් ආශවගෙ ඉස්සරහින් හිටගත්තු දිව්දේත්‍රා ආශවට තමන්ගෙ දකුණු අත දික් කලා.

"Again welcome ආශු....."

දිව්දේත්‍රා අත දික් කරගෙන හිටියත් නේත්‍රගෙ පිට උඩ තිබ්බ ආශවගෙ අත නේත්‍රගෙන් අයින් වෙලා දිව්දේත්‍රා ලඟට දිගු වුනේ නැහැ.ආශව තමන්‍ට අතට අත දෙන්නෑ කියලා තේරුම් ගත්තු දිව්දේත්‍රා කට කොණක හිනාවක් එක්ක ආශව දිහා බැලුවා.

"දැන් ආඩම්බරකම් දාන්නකො....ඔව්වා තව ටික කාලයයි ආශු"

"සනුක.....වෙන එකක් දාපංකො....මේක කැන්සල් කලා ඩ්‍රයිවර්"

දුරකථනෙ දිහා බලපු ආශව සනුකට කියද්දි සනුක ඔලුව වනලා ආශවගෙ දුරකථනෙ තමන්ගෙ අතට ගත්තා.ආශව තමන්ව ගණන් ගත්තෙ නෑ කියලා තේරුම් ගත්තු දිව්දේත්‍රා තොල් කොනක් හපාගෙන කට කොණකින් හිනාවෙලා ආශව දිහා බලද්දි ආශව ඔලුව උස්සලා දිව්දේත්‍රා දිහා බැලුවා.

"ඔයා අහගෙනද ඉන්නෙ ආශු?"

"මොකක් හරි කිව්වද ඔයා?"

"ආර්හ්!"

ආශවට නොපෙනෙන්න දත්මිටි කෑව දිව්දේත්‍රා ආයෙමත් හිනාවක් මූණට අරගෙන ආශව දිහා බැලුවා.

"මම කිව්වනෙ ඔයාව මගෙ ටීම් එකට ගන්නවා කියලා....සෝ මම ඔයාව මගෙ....."

"ඔයාගෙ තාත්තගෙ"

"ඩැඩාගෙ කියන්නෙ මගෙ වගේම තමා"

දිවාෂ හිටියනම් මෙතනදි කියන්න ඉඩ තියෙන කතා ඔක්කොම ජාති ටික මතක් වුනු ආශවට ලාවට හිනාවක් ගියත් ආශව ඒ හිනාව හංගගත්තෙ දිව්දේත්‍රා ඒකත් තමන් එක්ක හිනා උනා කියල වැරදියට තේරුම් අරං සතුටු වෙයි කියන එපා කරපු හැඟීමට.

"ඔයාට මම දවසක් කිව්ව දේ මතකද ආශු?"

"................"

"ඔයා උත්තර දෙන්නැත්තං මම කතා කරන්නම්කො...ඔයාට මම දවසක් කිව්වා ඔයාගෙ ගමන,ඔයාගෙ හීනෙට යන පාරෙ මම එක්ක යන්න ඉඩ හදන්නම් කියලා"

"................."

"මම මේ කරන්නෙ ඒක ආශු....ඔයා ඔය යාලුවෙලා ඉන්න එක්කෙනාගෙන් එහෙම හෙල්ප් එකක් තියෙනවද ඔයාට? නැහැ ආශු නැහැ....ඒ උදව්ව,ඒ තල්ලුව දෙන්න පුලුවන් මට විතරයි!"

අරුන්දතීව හිතින් මවාගෙන දෙහි කපන ගමන් කිව්ව දිව්දේත්‍රාගෙ ඇස් දෙක යොමු වුනේ ආශවගෙ බාහුවක් ලගම පිටිපස්සට වෙන්න හිටන් ඉන්න නේත්‍රට.

"හහ්! අදත් ආවද අක්කගෙ පණිවිඩකාරයා විදියට?"

"..............."

"කන්න බොන්න හම්බුනාද ඉතින් අදත්? මේ වගේ තැන් වලට ඇවිල්ලත් නැතුව ඇතිනෙ......ටයිල් උඩ ලිස්සන්නෙ නැතුව ඇවිද්දද?"

".................."

"කන්න බොන්න නිකං හම්බෙන එකනෙ හිඟ......"

"ඉනෆ්!"

"දිව්දේත්‍රා!"

ආශවයි සනුකයි එකටම කෑ ගහද්දි නේත්‍ර ආශවගෙ නිදහස් අත හෙමිහිට අල්ලගත්තෙ තමන් දෙන්නගෙ අත් හෙවනැල්ලෙ අඳුරෙ හැංගෙන විදියට.ආශවගෙ අතේ පිටිඅල්ල සියුම්ව පිරිමැද්ද නේත්‍ර ආශවව සන්සුන් කරද්දි ආශව තමන්ගෙ අත අල්ලන් ඉන්න නේත්‍රගෙ හීතල අතින් දැනෙන සැනසීම අත් වින්දා.

"හරියට කේන්ති යනවා නේද යාලුවට මොනාහරි කියද්දි? ආශුනම් කමක් නෑ එයාගෙ මස්සිනා කියමුකො....ඔයාට ඇයි කේන්ති යන්නෙ සනුක?"

"තමුන් කියන පහත් කතා මනුස්සකමක් තියෙන කෙනෙක්ට අහන් ඉන්න බෑ හලෝ! ඒකයි කෑ ගහලා ඔය බාල්දිපුරේ කට වැස්සෙව්වෙ"

"චීප් මිනිස්සුන්ගෙ පැති වලට මාව දාලා කතා කරන්න එපා සනුක!"

"ෆ්ලවර් රෝඩ් හිටියට සිරාවටම කටනම් මුඩුක්කුවක වගේ දිව්දේත්‍රා.....ඊයා!"

සනුකගෙ උපහාසාත්මක වචන එක්ක දිව්දේත්‍රාට ලැජ්ජා හිතුනත් ලැජ්ජාව යටපත් කරගත්තු දිව්දේත්‍රා ආශව දිහා ආයෙම බලලා හිනාවක් මූණට නංවගත්තෙ හැමදේටම වඩා ආශවව තමන්ගෙ කරගන්න තිබ්බ වුවමනාව බලවත් නිසා.

"ආශු.....හොඳට මතක තියාගන්න....ඉස්සරහටත් ඔයාව ඔයාගෙ හීන වලට ගෙනියන්නෙ මම!"

"................."

"මේ ලෝකෙ කිසිම කෙනෙක්ට කරන්න බැරි වුනු දේවල් මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන්!"

"..............."

"මම දවසක් කිව්ව වගේ,දෙවියො මාව මවලා තියෙන්නෙ ඔයාට හරියන විදියට...ඔයයි මායි පස්ල් එකක් වගේ ආශු....එක කෑල්ලක් නැති උනොත් පස්ල් එක කම්ප්ලීට් කරන්න බැහැ!"

"සනුක! ඔය වාහනේ එන්න තව කොච්චර වෙලා යනවද? ගාටනවද ඒක?"

"විනාඩි දෙකක් පෙන්නනවා ආශවයා"

ආශව සනුක එක්ක කතා කරන වෙලාව තුලදි දිව්දේත්‍රා ආශව ලගට කිට්ටු උනා.ආශවගෙ බෙල්ල අල්ලන්න අත දික් කලත් දිව්දේත්‍රා ගැස්සිලා පස්සට උනේ ආශවට ටිකක් පිටිපස්සට වෙන්න හිටිය බෝල ඇස් දෙකක තිබ්බ තද බැල්ම නිසා.දිව්දේත්‍රා වගේ නාහෙට නාහන ලැජ්ජාවක් නැති කෙල්ලෙක්ව පවා මට්ටු කරන තරමට නේත්‍රගෙ බැල්ම ප්‍රබල වෙලා තිබ්බා.හිත හයිය කරගත්තු දිව්දේත්‍රා ආශවට කියන්න ඕනි උනු දේ කියන්න පටන් ගත්තා.

"ඔයාගෙ හැමදේම මම එක්කම වෙයි ආශු.....මැරේජ් එක පවා.....මම දැක්ක හීන මම කවදාවත් ඉෂ්ට කරගන්නෙ නැතුව ඉඳලා නෑ.....ඔයා මගෙ වෙයි!"

"අ...ආහ්!"

ආශවගෙ කටින් හීනි කෙදිරිල්ලක් පිට වුණේ තමන්ගෙ අත දඬු අඬුවක් වගේ එකකට අහු උනු නිසා.සනුකට බයින්න කට ගත්තත් තමන් ලඟටම වෙලා අත් දෙක බැඳගෙන බලන් ඉන්න සනුක නිසා පුදුම උනු ආශව හෙමින් සැරේ තමන්ගෙ අත දිහා බැලුවා.

"න්....නේත්‍ර!"

"සුදුබේබි.....මගෙ.....මගෙ විතරයි!"

නේත්‍රගෙ කටින් එක දිගට මිමිණෙන හැටිත්,කවදාවත් නැති විදියට නේත්‍රගෙ අත් වල වගේම ඇස් වලත් ලේ නහර මතු වෙන හැටිත් ආශව බලන් හිටියෙ තිගැස්මෙන්.ඉස්කෝලෙ කාලෙ රධීන් එක්ක ගිය ආරවුලකදි රධීන් තමන්ට ගහන්න පනිද්දි ඒ මැද්දට ආව නේත්‍ර රධීන්ව තල්ලු කල හැටිත්,ඊට පස්සෙ දවසක ඔය ගැන කතා කරද්දි දිවාෂ දෙයක් කිව්ව හැටිත් ආශවට මතක් උනා.

"උඹට අවුලක් වෙද්දි එලියට එන නේත්‍ර අපි කවුරුත්ම නොදන්න නේත්‍ර කෙනෙක් ආසව....නේත්‍රට හොඳටම දන්න උබර් පවා එවෙලෙට ගැස්සෙන්න පුලුවන් තරමට ඒ නේත්‍ර වෙනස්!"

ආශවගෙ හිතට ආව යම් හැඟීමක් තහවුරු කරන ගමන් දිවාෂ කිව්ව හැටි මතක් උනු ආශව තමන්ගෙ අත හයියෙන් අල්ලන් ඉන්න නේත්‍රගෙ අත තමන්ගෙ අනික් අතින් පිරිමදින්න ගත්තා.ඒත් එක්කම කාරය තමන් ඉන්න හරියෙන් නවත්තනවත් එක්කම තවමත් දිව්දේත්‍රා දිහා තද විදියට බලන් ඉන්න නේත්‍රව අනික් පැත්තට හරවගත්තු ආශව හැරියා දිව්දේත්‍රා දිහා බැලුවා.

"තමුන්ට ඉෂ්ට කරගන්නම බැරි වෙන හීනෙ ඒක කියන එක හොඳට මතක තියාගන්නවා!"

සනුකට යනවා කියලා සමුගත්තු ආශව නේත්‍ර එක්ක කාරයට ගොඩ වෙද්දි සනුක නේත්‍ර දිහා ඇස් පිල්ලම් නොගහා බලන් ඉදල දෙන්නා නොපෙනී ගියාම දිව්දේත්‍රාගෙ පැත්තට හැරුණා.

"හැමෝම තමුන්ට පිස්සු වැටෙනව කියල හිතන්න එපා දිව්දේත්‍රා.....හැමෝම පුන්නක්කු කන්නෑ!"

.

.

.

.

.

"සුදුබේබි....."

"ම්ම්ම්....."

"රිදෙනවද එතන?"

"නෑ මැණිකෙ....."

"හුම්ම්ම්"

"ඔයාගෙ ඔලුවෙ කැක්කුම හොඳඳ? මට රිදෙනවා ඇති කියලා එතන ඉදන් හිර කරං හිටිය කඳුළු ගෙදර ආවම වාන් දැම්මනෙ පැයක් විතරම....ම්ම්ම්"

"සුදුබේබිගෙ හමට කට්ටකින් ඇනගෙන ඇනගෙන ගියානෙ සුදුබේබි.....මේ බලන්න තාම රතු ගැහිලා ඉදිමිලා....."

"ඒක නෝමල් මැණිකෙ....."

"හුම්ම්"

"හැබැයි ඔයාට පුළුවන් ඒකට බේත් දෙන්න"

"ඈ?"

තමන්ගෙ අත බදාගෙන තොල් උල් කර කර කියෝන පුංචි එකාව ආශව ඇඳට පෙරලලා ඒ ඇඟ උඩට එද්දි පුංචි එකා ඇසුත් බෝල කරං ආශව දිහා බලන් හිටියා.පිරුණු තොල් උඩින් හාද්දක් තිබ්බ ආශවගෙ තොල් ඊලඟට නැවතුනේ හාද්ද නිසා පියවිලා තිබ්බ ඇහිපියන් මත්තෙ.

"මගෙ මැනික් කැටේ......හරි පිංවන්ත පාටයි නේත්‍ර"

ලා කහ පාට නිදන ඇඳුමකින් සැරසිල උන්නු නේත්‍රගෙ රූපෙ දිහා බැලුව ආශව මුමුණද්දි නේත්‍ර ආශවගෙ බෙල්ල අස්සෙ මූණ හංගගත්තා.ඒත් එක්කම දෙයක් මතක් උනු නේත්‍ර ආශවගෙ පපුවෙ වම් පැත්තෙ තිබ්බ ඉදිමුම් පාර දිගේ තමන්ගෙ අත අරං ගියා.

"දාහතර....එන්.....නේට්ට නේට්ට...."

"නේට්ට නේට්ට නේන්නම්....නේට්ටට නේන්නම් ආදරේ"

පපුව මත තිබ්බ අංක 14 ටැටූව උඩ තමන්ගෙ ඇඟිලි ගෙනියන ගමන් බට්ටිච්චෙක් වගේ හිනා වුනු නේත්‍ර ඒ ටැටූවෙ හැඩ බලන්න ගත්තෙ හරි ආඩම්බරෙන්.අංක 14 මැද්දෙන් 'love' කියන වචනෙත් අපූරුවට සටහන් වෙල තිබ්බ මේ ටැටූව සරල නමුත් හරි ලස්සන විදියෙ එකක් උනා.මේ ටැටූව තියෙන්නෙ ආශවගෙ පපුව උඩ උනාට ටැටූවෙ හරි අයිතිකාරයා තමන් නේද කියල හිතුව නේත්‍ර අත් දෙකෙන් මූණ වහගෙන හිනාවෙන්න ගත්තා.

"කෝ බේත්?"

"ආ....කොහෙද තියෙන්නෙ සුදුබේබි?"

නේත්‍ර අහද්දි නේත්‍රගෙ ඇඟ දෙපැත්තෙන් අත් දෙක තිබ්බ ආශව තමන්ගෙ එක අතක මාපටැගිල්ලකින් නේත්‍රගෙ යටිතොල පිරිමදින්න ගත්තා.

"මේකෙන් කිස් එකක් දුන්නොත් හරියනවා...."

"ක්....කිස් එකක්...."

"ම්ම්ම්....මෙතෙන්ට"

"ස්.....සුදුබේබි...."

"බැයිනම් කමක් නෑ නේත්‍ර....මම....න්...නිදාගන්නම්"

හැමදාම වගේ ආශව බොරුවට කන් කෙදිරි ගාද්දි ඒකට අහු උනු නේත්‍ර තමන්ගෙ ඇඟ උඩින් ඈත් වෙන්න හැදුව ආශවගෙ අතින් අල්ලලා නවත්තගත්තා.

"ම්හ්.....නේත්‍රහ්!"

නේත්‍රගෙ හීතල තොල් ඇවිල්ලා ආශවගෙ පපුවෙන් නැවතෙද්දි කවදාවත් නොදැනුනු විදියෙ මහ අමුතුම ආකාර හැඟීමක් එක්ක ආශවගෙ ඇඟ ඇතුල ගිනියම් වීගෙන එන වගක් ආශවට දැනුනා.නේත්‍ර නොදැනුවත්වම නේත්‍රගෙ තොල් ආශවගෙ පපු ගැටිත්තකත් ඉඳලා හිටලා වදිද්දි ජීවිතේ පලවෙනිම වතාවට ඒ වගේ ස්පර්ශයක් අත් විඳිමින් උන්නු ආශවගෙ කටින් ඉද හිට බර කෙඳිරිලි පිට උනා.හාදු සීයක් විතර ආශවගෙ ටැටූව උඩට දුන්නු නේත්‍ර එතනින් තොල් අහකට ගත්තෙ ආශවට වෙලා තියෙන විපිරියාසෙ ගැන නොදැන.

"න් ...නේත්‍ර....කිස් මී"

අසිහියෙන් වගේ මිමිණුව ආශව නේත්‍රගෙ තොල් උඩින් තමන්ගෙ තොල් තද කරද්දි පුංචි එකා හෙමින් සීරුවෙ ඒ තොල් සිපගන්න පටන් ගත්තා.හාද්ද අතරමැදම ඇඳේ පෙරලිලා නේත්‍රව තමන්ගෙ උකුල උඩට අරගත්තු ආශව නේත්‍රව තද කරලා අල්ලගත්තා.

"ම්හ්....ස්....සු.....ම්ම්"

"නේත්‍රහ්!'

නේත්‍රගෙ ඔලුව පිටිපස්සෙන් අත දාලා නේත්‍රව තමන්ගෙ තොල් වලට පාත් කරගත්තු ආශව ඒ පිරුණු තොල් රටාවකට උරවන්න ගනිද්දි පුරුදු විදියටම නේත්‍රට පුළුවන් උනේ ආශවගෙ ඇඟ උඩ අඩපණ වෙන්න විතරමයි.හාද්ද අස්සෙන්ම ආශවගෙ ඇඟිලි තුඩු රටාවකට තමන්ගෙ ඉණ දෙපසින් උඩ පහල යනව දැනුනු නේත්‍ර හාද්ද අස්සෙම කෙදිරිලි පිට කලා.හාදුව එන්න එන්නම දරුණු වෙද්දි නේත්‍රගෙ කමිසෙ අස්සෙන් අත් දෙක දාලා ඒ නිරුවත් හීනි ඉණ මිරිකලා අල්ලගත්තු ආශව ආයෙමත් නේත්‍රව තමන්ගෙ ඇඟ යටට පෙරලගත්තා.

වායු සමීකරණය කරලා තිබ්බත් දෙන්නගෙම නලල් තල වල හීනි දා බිඳු මතු කරන තරමටම ඒ සිප වැලඳ ගැනීම දුර දිග ගිහින් තිබ්බා.නේත්‍රගෙ නිදන ඇඳුම් කමිසෙ උඩ බොත්තම විවර කෙරුව ආශව තමන්ගෙ දඟකාර දෙතොල් නේත්‍රගෙ ගෙල දිගේ දඟ කරවද්දි නේත්‍ර තමන්ගෙ කකුල් වල ඇඟිළි පවා ගුලි කරන් බෙල්ල උඩට කරගෙන් කෙඳිරිලි පිට කලා.සිප වැලඳගැනීම තදේටම තියුනු වෙලා විනාඩි විස්සක් විතර ගත වෙන තැන පුංචි එකාගෙ ඇඟ ගැස්සෙන්න ගනිද්දි ආශව නේත්‍රව තද කරලා අල්ලගත්තා.

"ආහ්! ම්ම්ම්හ්! සුදුබේබි....හ්....."

ඇහේ කළු ඉංගිරියාව නොපෙනෙන තරමට ඇස් දෙක උඩු අතට රෝල් කෙරුව නේත්‍ර ආශවගෙ පිට තදින්ම බදාගෙන තමන්ගෙ වින්දනය මුදා හරිද්දි නේත්‍රගෙ මූණෙ තිබ්බ හැඟීම් බලාගෙන ඉන්න බැරිවුණු ආශව නේත්‍රව ආයෙමත් ඇදලා අරං ඉඹින්න ගත්තා.එහෙ මෙහෙ වුණු කමිසෙන් පේන ඉණ,ගෙල පෙදෙස් ඇති වෙන්න තෙත් කල ආශව නේත්‍රගෙ ඇඟ උඩින් අයින් වුනේ තමන්ගෙ සාමාජිකයා එන්න එන්නම දැඩි වෙන බව තේරුම් ගත්තු නිසා.අන්තිම වතාවටත් නේත්‍රගෙ තොල් රතු වෙන්න සිපගත්තු ආශව ඇඳෙන් බැස්සෙ නානකාමරේට ගිහින් එන්නම් කියල කියන ගමන්.විනාඩි දහයකට විතර් පස්සෙ එලියට ආව ආශවගෙ මූණ දිහාවත් නොබලා ලැජ්ජාවෙන්ම තුවායකුත් අතට අරං නානකාමරේට රිංගුව නේත්‍ර ටිකකින් එලියට ආවෙ අලුත් කලිසමක් ඇඳගෙන.

"මෙතෙන්ට එන්න"

ඇඳට තට්ටු කල ආශව කියද්දි තුවාය ඇදුම් රාක්කෙන් පිලිවෙලට තැන්පත් කල නේත්‍ර ආශව ලගට ගිහින් ඒ පපුවට තුරුල් උනා.කෙටි සිපගැනීමකින් පස්සෙ සාමාන්‍ය කතාබහකට ආව ආශව අද සවස් යාමයේ සිද්ධ උනු සිද්ධියට කතාව මෙහෙයෙව්වා.

"ආයෙ මගෙ වස්තුව අර වගේ කේන්ති ගන්න එපා...තේරුණාද?"

"සුදුබේබිව බෙදාගන්න ඉල්ලන එකට ආසා නෑනෙ මම"

"වෙන කාටවත් මගෙ වෙන්න බෑනෙ නේත්‍ර"

"සුදුබේබි.....මම ආදරෙයි"

"මමත් ආදරෙයි මගෙ පුංචි මහත්තයෝ"

ආශවයි නේත්‍රයි එකිනෙකාට තුරුල් වෙද්දි ගෙන්දගම් පොලවට එලිය දෙන්න පෑයුව හඳ කෝලෙන් හිනා වෙන ගමන් පියාඹමින් උන්නු වවුලෙක්ට කතා කලේ මේ පණිවිඩේ නුවර ආකාහෙට යවන්න.නුවර ආහාකෙ රකින පුංචි ආදරවන්තයො දෙන්නා කොලබ ආකාහෙ යට පරිස්සමට ඉන්නවා කියලා කොලඹ ආකාහෙ යැව්ව පනිවිඩේට ඉස්තූතියක් විදියට ගැටපිච්ච සුවඳ මුසූ උනු නුවර හුළඟ ගෙන්දගම් පොලව සිපගෙන හමාගෙන ගියා.

...................................................................................................

වචන 9800+😓❤️

සෙට් නෑ කිය්ලා දැනුනා....මම මේකෙ ලියලා තියෙන කණ්ඩායම් පහේම ප්‍රධාන නගරය ලියලා තිහෙන්වා බබාලා❤️ නුමුත් සම්පූර්ණ නම ඒකෙ නෑ සහ මම දැම්මෙ නෑ....මනඃකල්පිත නම් එව්වා ඔක්කොම එහෙම වෙන්න ඕනිනෙ.

අදත් අදහසක් දීගෙන බබාලා❤️

හොදටම නිදිමතේ මේ ටයිප් කලේ

එහෙනම් බබාලා මම ගිහින් එන්නම්❤️

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter