Back
/ 51
Chapter 1

..පළමු පරිච්ඡේදය..

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බවත්.. හුදෙක් ප්‍රබන්ධයක් පමණක් බවත් අසුරන් යනු මගේම නිර්මාණයක් බවත් දන්වා සිටිමි...

- ස්තූතියි!❤

ජෝ...න් සීනා අපෙ පොඩි එකාගෙ ඔලුවට ගහලා

ජෝ...න් සීනා අපෙ පොඩි එකාගෙ ඔලුවට ගහලා

පාරේ යන්න බෑ... දත්මිටි කනවා

රෑට රෑට ඌ හීනෙං බෙරිහන් දෙනවා...

ජෝ......න් සීනා...අ-

අයියයියෝ යෙන්න අප්පා අදත් රුහාන් වෙලියේ පෝ කියල කෑගානව මේ මිනිහා. මං ඉක්මනට මගෙ ගඩොල්බාගෙට ආව කෝල් එක කට් කෙරුවා. ලැජ්ජාවෙන් ෆුල් ඔෆ් බකට් අයියො. මුං සෙරොම මගෙ දිහා බලං ඉන්නැතුව යේක සර් දිහා බැලුව නම් වේලේ ඉවරනෙ. මුට්ටේ මාව දැකල මං ගාවට ඇවිදන් ආවා. ඉස්සරහට දික් වෙලා තිබ්බ පෙරිය සයිස් බඩයි කණ්ණාඩි දෙකයි දැක්කම හිනා යනවනෙ අම්මා..

"රුහා...........න්..."

මුට්ටේ මගෙ නම කියද්දි මං උපරිම අහිංසක විදියට ඒකා දිහා බැලුවා. වැඩක් නෑ මිත්‍ර වරුනි හිතක් පපුවක් ඉල්ලෙ මූට. මාව එලියට දැම්මා.

"වෙලියෙ පෝ නායි. යෙන්න ඇමදාම මොකක් හරි කරේ නැත්තං උඹලට තූක්කුම් වරාද නේ?"

"යනව තමයි හු#ත"

ඇහෙන නෑහෙන ගානට කියල බෑග් එකත් එල්ලං මං නැගිට්ටා. අපි සල්ලි දීල නං ඉගනගන්නෙ අම්මපා අපි මොනා කරත් මූට මොකද. බිත්තරයා.. මුට්ටේ මුට්ටේ. මූව මකනව මම රෙද්ද. මේ සතියට මේ මාව එලවපු හතරවෙනි පාර මේ. කමන්නෑ මේ අවුරුද්දෙන් මේ කරදරේ ඉවරනෙ. ඊගාව අවුරුද්දෙ මං උබර්ගෙ ප්‍රොෆෙස වෙන්නම්. පෙරිය සයිස් බඩා. මොන අසාධාරණ ලෝකයක්ද මේ? යෙන්න අපෙ අම්මා..යෙන්න නන්බා. මගෙ පව්කාර යාලුවාමෙච්චර හරියක් වෙනකල් මෙතන දපලා හිටපන්කො. අතේ පයේ හිරි අරින්න හිතුන නිසා මං අරූගෙ පිටට දබෝස් ගාලා එකක් දමලා ඇරියා. යම දෙන්න එක්කම.

"ආහ් උත්තෝ. තොගෙ #%*"

සරි සරි අන්න මුට්ටේ ආයෙ මේ පැත්ත හැරුන. අද සරි තොටයි මටයි.

"යාර ඩා. වෙලියෙ පෝ"

පුරුදු විදියට දෙන්නම එලියට වැටුනා. සතියට හතරවෙනි පාර. මේ ඉන්දියාව හරී...ම රස්නෙයි අප්පා. ඉතින්? දැන් ඔයාල හිතනවද මං කොහොමද වෙලාවකට සිංහලෙනුයි සිංහල කවලම් වෙච්ච දෙමළෙනුයි කතා කරන්නෙ කියල? හිතන්නෙපා කිව්වට ඔයාල හිතන නිසා මං කියන්නං ඉතින්. මං උපතින් ඉන්දියාවෙ කොල්ලෙක්. ඒ උනාට අවුරුදු දාසය වෙනකල් මං හිටියෙ මගෙ අම්මා එක්ක ලංකාවෙ. මොකද මගෙ අම්ම ලංකාවෙ ගෑනු කෙනෙක්. මගෙ අප්පා ඉන්දියාවෙ ප්‍රසිද්ධ දියමන්ති ව්‍යාපාරිකයෙක්. ඒ උනාට ලංකාවෙ මමයි අම්මයි පොඩ්ඩක් අප්සට් ජීවිතයක් තමා ගතකරේ. ඉතිං මගෙ අම්ම අපිව දාලා හදිස්සියෙම යන්න ගියායින් පස්සෙ මගෙ අප්පා තමයි මාව ආපහු ඉන්දියාවට ගෙන්නගත්තෙ. ඉන්දියාවෙන් මාව යවන්ඩ හේතුවක් නං මං තාම දන්නෑ. අප්පා කියන්නෙ නං අම්මට ඕනෙ උනේ මාව ලංකාවෙ හදාගන්න කියල. වෙන්න ඇති අම්මා කෝමත් ඉන්දියාව මතක් කරනවට ලොකු කැමැත්තක් තිබ්බෙ නෑ... ආහ් මොකද්ද මං කිය කිය හිටියෙ.. වෙලාවකට සිංහලෙන් කතා කරනවා, වෙලාවකට තනි දෙමලෙන් කතා කරනවා, වෙලාවකට තනි හින්දියෙන් කතා කරනවා, වෙලාවකට ඉතින් ඔය ඔකොම කලවං කරල කතා කරනවා දැන් ඉඳන් දෙමළයි හින්දී මික්ස් කරල කතා කරනවා. කොල්ලා වැඩ්ඩා. ලංකාවෙන් එද්දි මට වයස දාසයක්. දැන් වයස විසි තුනක්. ඉන්දියාවට ආවයින් පස්සෙ අප්පා මාව කොලේජ් එකකට දාලා ඉගැන්නුවා වෙද්දි ඉගනගෙන ඉගනගෙන දැන් මං ඉන්නෙ කොලේජ් එකේ ෆයිනල් ඉයර් එකේ. වගේම ආව දවසෙ ඉඳන් අප්පාගෙ යාලුවෙක්ගෙ පුතා උන විශ්වා මගෙ හොඳම යාලුවා උනා. මං රුහාන් ආරව් මාධවන් සෙල්වනායගම්.

"යෙන්න ඩා නී. පාර ඉප්පෝ රෙන්ඩු පේර් වෙලියේ" (මොනාද ඕයි. බලනව දැන් දෙන්නම එලියෙනෙ)

"යෙන්න ප්‍රච්චනේ? ඉප්පෝ රෙන්ඩුපේර් වෙලියේ කඩලුක්කු පෝවෝමා?" (මොකද්ද ප්‍රශ්නෙ? දැන් දෙන්නම එලියෙ. මුහුදට යමුද?)

අපි ක්ලාස් එකෙන් පොඩ්ඩක් එහාට අවිදන් ආවා. තව ටික දවසකින් විභාගෙ. ඊටපස්සෙ ඉතින් ඉගනීමේ ජීවිතේට ටටා බායි තමා කියන්න වෙන්නෙ. මම විශ්වා එක්ක පොඩ්ඩක් එහාට ආවා. දැන් ඉතින් අද දවසටම තිබ්බ එකම ලෙක්චර් එකෙනුත් 'වෙලියෙ පෝ' කියල අහගත්ත ඌයි මායි කොහෙ යන්නද. වෙලාව ඉවර වෙනකල් කොලේජ් එක ඇතුලෙ ඉඳල තව රව්මක් දාලා කොහෙ හරි යනවා.

මමයි විශ්වායි දෙන්නා ගිහින් හෙවණකින් ඉඳගත්තා. ඒ පැත්ත පොඩ්ඩක් පාළු පැත්තක් වැඩිපුරම ගැවසුනේ කපල් වෙද්දි මොකද්දෝ හේතුවකට මෙතන වෙනදට පිරිල ඉන්න කපල් එකක්වත් හිටියෙ නෑ. මූසල පාටයිනෙ අප්පා.

"ඩේ රුහාහ් නා-"

අපිට කතා කරන්න හම්බුනේ නෑ. එකපාට්ටම කොල්ලෙක් ඇවිත් අපෙ කකුල් පාමුල වැටෙද්දි මම ඉක්මන්ට නැගිට්ට. ඉදු යෙන්න?

"ඩේ රුහාන් එන්න නඩක්කු පෝගිරදු?"(රුහාන් මේ මොකද්ද වෙන්න යන්නෙ?)

විශ්වාගෙ අතක් මගෙ අත තද කරා. අපි දැක්කෙ පැත්තක ඉඳන් දුවන් එන රව්ඩිලා. අපි වගේ ඩබල් සයිස් රව්ඩිල දකිද්දි මගෙ ඇඟේ මුට්ටේ තැම්බෙන්න ගත්තා. කමන්නෑ. බයටම මං හිතන්නෙ පිරිමිකම පෙන්නන්න කියල මගෙ මෝඩ හිත කිව්වා වෙද්දි මං අරූව නැගිට්ටෙව්වා.

"යෙන්න ප්‍රච්චනේ තම්බි?"

අරූව මං නැගිට්ටද්දි ඒකා මගෙ අත් දෙක අල්ලගත්තා.

"අන්නා කාපාට්‍ර අන්නා."(බේරගන්න)

රව්ඩිලා ටික කෑගගහා මේ පැත්තට එද්දි විශ්වා මග් අත තව තද කරගත්තා වගේම මම අත් දෙකෙන් උන් දෙන්නව අල්ලං. මට පුළුවන් දෙයක් නෑ. ඒ උනාට අඩු තරමෙ මමවත් බය නැ කියල පෙන්නන්නෙපැයි. මං අපි දිහාට කැතී පොලු උස්සං දුවන් එන කළු දෙමල්ලු දිහා බලන් හිටියා. මං දන්නව. මුන් එකෙක්ට හරි පෑගුනොත් මං චප්ප වෙනවා..

"පෝවෝම් රුහාන්. බයමාර්ක"

"අණ්ණා කාපාත්තුංග අන්නා"

දෙන්නා දෙපැත්තෙං කියවද්දි මගෙ ඉස්සරහ රව්ඩි අලියො ටික නැවතුනා. බයියො වුත්තෝ බයයි. පපුවත් ඉස්සරහට දාගෙන් මං උන් දිහා බලන් හිටියා

"මොනවද තමුසෙලට ඕන?"

බයටම මට සිංහල කියවුනා. උන් හති දාන ගමන් මං දිහා බලන් හිටිය වගේම මම බය පෙන්නන්නැතුව චණ්ඩියා වගේ රවාගෙන හිටිය. බොක්ක රත් වේගෙන එද්දි මගෙ අතට දාඩිය දාල තිබ්බා වගේම එතනින් එකෙක් කතා කරා.

"තම්බි ප්‍රච්චන ඩේන්ඩා සරි. ඔය කොල්ලාව අපිට දීලා පාඩුවේ පෝංග."

"අන්නා ප්‍රච්චන ඉරුක්කුම් නං කතා කරලා ඉවර කරගන්න. ඉදු චින්න බෝයි අන්නා"

"තම්බි මේ. උඹට අදාල නැති ප්‍රශ්න වලට පනින්නෙපා සරි. යකෝ අපි ලංකාවෙ ඉඳන් ආවෙ කොහෙවත් යන එකෙක් කියන එක අහල නවත්තන්න නෙමේ සරි."

මට නැග්ගා...අසූහාරදාහටම නැග්ගා...කේන්ති අනේ කේන්ති. බය කෙසේවෙතත් මගෙ ඔලුවට ගියෙ මූට සිංහල පුලුවන් කියන එකයි මං කියන දේ අහන්නැ මේ කොල්ලව මරණව්මයි කියල වෙද්දි බය ටික ටික තරහකට පෙරලෙන ගමන් තිබ්බා.

ඇටෙත් එක්කම තලාගත්ත නං තමයි හොඳ..

"නැ මං කොල්ලව දෙන්නෑ. මං කම්ප්ලේන් කරන්න කලින් මෙතනින් පෝංග ඩා.. ඉල්ලෙනා මාව් නරක මිනිහා වෙයි සරි. චූටියට හිටියට තමුසෙල දන්නවද මගෙ අප්පා කවුද කියල ආ.."

මං ගේම ඉල්ලුව යෙස් වුත්තො යෙස්. අරුන් මගෙ දිහා ඇසුත් ලොකු කරන් ඉද්දි ඉස්සරහම ඉඳපු එකාගෙ උරුස්ස උඩින් සුදු අතක් තිබ්බා. ඒපාර කවුත. සුදුත් නෑ ඒ අත රත්තරන් සුදක් තිබ්බෙ. අතේ තිබ්බ සිල්ව කලර් මුද්ද දිළීසුනා..

"ම්ම්..කෝ බලන්න කවුද නරක මිනිහා කියල."

ඉස්සරහා ඉඳපු එකා අහකට වෙද්දි මගෙ ඉස්සරහට ඇවිත් හිටගත්තෙ මටත් වඩා දෙගුණයක් විතර ලොකු උස මහත මනුස්සයෙක් වෙද්දි මගෙ ඇස් නළලට ගියා. ඇයි මට හුරුවක් දැනෙන්නෙ. යාර මේ මිනිහා. සාමී එන්න කාපාත්තංග සාමී.. හිත යුද්ධෙක ඉද්දි මං ඒ මනුස්සයගෙ කකුල් දෙකේ ඉඳන් ඔලුවට වෙනකල් බලන් ගියා. කළුපාට ජැකට් එකක් ඇඳල කළුම කළිසමක් ඇඳල කොණ්ඩෙ කූරු අව්ල් වෙන්න හදල මගෙ ඉස්සරහ හිටියෙ මනුස්සයෙක් කියන්න බැරිතරම් කඩවසම් මිනිහෙක්. මං වගේ දෙකක් විතර උනාට මොකද ඒකා පුදුමතරම් කඩවසම්. බෙල්ල ගාවින් පෙණුන ටැටු එක එයාගෙ ඇඟේ ලොකු ටැටූ එකක් තියනව කියල සාක්ශි පෙන්නුව. මං දිහා ඇස් හීන් කරන් ඉඳපු ඒ මනුස්සයා මට කින්ඩි හිනාවක් දැම්මා

"යෙන්න ඩා මේකාද ඔය කිව්ව කෙට්ටවන්.. ම්ම් අපෙන් බාගයක්වත් නෑනෙ. දෙකට නවල කටේ ඔබාගන්න පුළුවන්. එහෙමනෙ."

මාව විහිළුවට අරන් ඔක්කොම හිනාවෙද්දි මෙච්චර වෙලා ඒකාගෙ ලස්සන බල බල ඉඳපු මට තරහ ගියා.. මුගෙ හොම්බට අනින්න ඇත්තං.

"ඩේ පෝවෝම් රුහාන් වාංග"

ඒ අස්සෙං විශ්වා අත අදිනවා. මල මගුලක්නෙ අනේ. ඇත්තමයි මට දැන් මුං ඔක්කොගෙම වම් ඇටේ කපල විකුණන්න හිතෙනව.

"වා තම්බි පෝවෝම්. අද මං ඉන්නකන් මේ තම්බිට මොකුත් වෙන්න දෙන්නෑ. සරි. පුළුවන් දෙයක් කරහන් අණ්ණා."

මං අර කොල්ලයි විශ්වයි දෙන්නම අත් දෙකට අලගෙන හැරුනා. මට දැනුනෙ පිටිපස්සෙන් මගෙ උරිස්සට කවුරුහරි අත තියනව ඒත් එක්කම මං හැරුනා. බෙල්ල විතරක් හැරෙව්වත් මං දැක්කෙ මගෙ මූණට් පිටිපස්සෙන් ලං වෙලා පාත් වෙලා ඉන්න ඒ ලොකු රව්ඩි වෙද්දි කොඳුරනවා හා සමානව එයා කතා කරේ මගෙ ඇඟේ හිරියක් යද්දි..

අසුරන්..අසුරන්ගෙ වේලේ වලට ඩිස්ටර්බ් වෙච්ච කෙනෙක් මේ වෙනකල්ම ජීවත් වෙලා නෑ ම්ම්ම්. ඒ අතින් මේ ඉටි රූපෙ වාසනාවන්තයි... මේ වාත්තු කරල වගේ තියන මූණට මට මුකුත් කරන්න හිතෙන්නෑ.. ඒ අතින් උඹ වාසනාවන්තයි පුංචි එකෝ ම්ම්..අදට සමාව දෙන්නම්. මින් පස්සෙ මගෙ වේලේ වලට ඩිස්ටර්බ් කරොත් උඹගෙ ඔය වාත්තු කරල වගේ තියන මුගම් කුඩුවෙලා යන්නෙ මේ පිටේ තද වෙලා තියන එකෙන් ම්ම්..

මට දැනුනෙ මගෙ පිට දිගේ සීතල යමක් ඇදිල යනව වෙද්දි මං දැනගත්තා. ඒක ගන් එකක්. දාඩිය විශ්වා අල්ලං ඉඳපු අතෙන් පිහිදගත්ත මම හැරිල ඌට රවල එන්න ආවා. ආර්හ්

:

:

"මෙතන අස් කරල ගේ ගිනි තියපන්. කොල්ලවයි මිස්ට සෙල්වනායගම්වයි ගනින් අවසන් ගෞරව දක්වන්නෝන"

__________________________________

මං මේක දෙන්නම් පොඩ්ඩක් ඉන්ට්‍රස්ට් එක්සෑම් එකට පාඩං කරන ගමන් දෙන නිසා චුට්ටක් පරක්කු වෙයි ඒ උනාට ඉක්මනට දෙන්නම් පුලුවන් ඉක්මනට

ලැන්වේජ් එක අව්ල්. ඒත් මට ඕන මේකෙ සමහර තැන්වල පොඩි පොඩි දේවල් ටිකක් උලුප්පලා පෙන්නන්න. මං ගිහින් එන්නම්.

වෝට් කමෙන්ට් වලට තෑන්ක්ස්

First
Next

Share This Chapter