Back
/ 51
Chapter 13

...දහතුන්වෙනි පරිච්ඡේදය..

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"මගෙ ඇඟට අතක් තියන්නෑ හර්ත?"

ඔව් ම්ං හිටියෙ එයාගෙ කාමරේ වෙද්දි මං දිහා එයා හිනා වෙවී බලන් ඔලුව වැනුවා... මං මේ අදත් ලැජ්ජ නැතුව එයාගාව නිදාගන්න යනගමන්. හිහි. මෙච්චර හුරතල් කොල්ලෙක්ගෙ මූණ බලන් කෝමද එලවන්නෙ ඉතිං මාව. ම්හුක් ඒකනෙ. මං තුරුල් කරන් හිටපු කොට්ටෙත් බදාගෙන ඇඳට පැන්නා විතරයි එයා ඉක්මනට කකුල් දෙක අහකට ගත්තා. ඔව් ඉතින් නැත්තන් මං පයින්නෙ කකුල් උඩට.. හැබැයි ඉතින් කකුල්මත් නෙමෙයි.. නෑ එක්කො ඕන්නෑ..

මං ඇඳල පැනල එයාගෙ ඇඟට උඩින් රෝල් වෙලා ගිහින් ඇඳ අයින අල්ලගත්තා. දැන් හරි ඇඳ අයින මගෙ. වැටෙන අයින ඔබේ.. සුළඟ නුඹර් වගේයි..

"මතකනෙ.. අත තියන්නෑ හරෙත අංකල්. අපචාර නඩුවක් දානව."

මං ආයෙ මගෙ දබර ඇඟිල්ල දික් කල්ලා එයාට කියද්දි එයා ඇස් හීන් කරල මං දිහා බැලුවෙ මගෙ පැත්තට හැරෙන ගමන්

"මොකෝ මුකුත් නොකර කියවන්නෙ ම්ම්.. යෙන්න එදාවදු පන්න වේනුමා?"

මේ මනුස්සයා අමුවෙම මහ ලැජ්ජ නැති කතාවක් අහද්දි මං පුලුවන් උපරිම හයිය දාලා ඒකාගෙ අතේ මස් ගොබයක් අල්ලලා හැපුවා.

ආයියා.

අන්තිමට රිදුනෙ මගෙ දත් කුට්ටම වෙද්දි මං වැඩේ අතෑරල දැම්ම.

"අලිමස් ද කන්නෙ"

ම්ම්

"ආව් මගෙ දත් රිදෙනවා"

ම්ම්..

මං එයාගෙ මූන බලන් කියවද්දි එයා මගෙ මූණ දිහාම බලන් ම්ම් ම්ම් ගෑවා.

"දන්නවද මං මගෙ වස්තුවගෙ ආසම මොනාටද කියල."

"ඉල්ලෙ.. එදක්කු?"

"මූණට.."

එයා කියපු එකත් එක්ක මගෙ ඔලුවට හෙණ කොටාගෙන කොටාගෙන ගියා වෙද්දි මං එයාට ගහගෙන ගහගන ගියා..

"අනේ යකෝ ලස්සනටද පස්සෙන් ආවෙ. ඈ... කියපිය. කියපිය ඉතින් ලස්සනටද පස්සෙන් ආවෙ ඈ.."

"කඩවුලේ රූහා වයසටවත් ගරු කරන්නකො මං අවුරුදු හතක්ම වැඩිමල්නෙ"

"වයසට. වයස පෙන්නනව මම කඩනවා කොන්ද සරි කියපිය මගෙ ලස්සනට නේද වහ වැටුනෙ ඈ කුම්භාණ්ඩයෝ ඈ"

මං කෑ ගහද්දි එයා මගෙ අත් දෙක අල්ලලා එකට කරගෙන අනික් අතින් මගෙ මූණ අල්ලගත්ත.

"මූණට තමා මං ආදරේ...

හැබැයි ලස්සනට නං නෙමෙයි...

ඔය තියෙන ලස්සන හිනාවට. හැමදාම හිනාවෙලාම ඉන්න පුළුවන්ද රූහා.. හිනාවෙද්දි ඔයා රොම්බ රොම්බ අලගාර්ක.. ඇස් පවා හිනාවෙද්දි මාව වෙනමම ලෝකෙක හිරවෙලා යනවා. දන්නවද රුහාන්... දන්නවද මගෙ ආරව්.. මං ඇවිල්ලා ඔයා නොදැනුවත්ව ඔයාගෙ එකම එක හිනා පොදකින් විතරක් නිවුන මනුස්සයෙක්."

මට කවදාවත් මූණටවත් උඹ බං නොකියන මේ මනුස්සයා කියවනවා. මට දැනුනෙ පුදුමාකාර ආදරයක් වෙද්දි මං මගෙ අත් දෙක නිදහස් කරන් දෝතින්ම එයාගෙ මූණ අල්ලගත්තා. දෙයියනෙ මේ මනුස්සයාට මං ආදරෙයි. ලෝකෙ තියෙන වටිනම දේ මම වගේ මට ආදරේ කරන මේ මනුස්සයා දිහා මම බලන් ඉඳලා හිමීට එයාගෙ ඇස් වලට හාදු තැවරුවා.. හඳ එලිය අපො දෙන්නගෙ තනි රකිනකොට එයාගෙ ගෙදරින් ආව අමුතුම සුවඳ පිච්චමල් සුවඳක් වෙනගමන් තිබුනා.. පුදුම තරන් ආදරණීයයි. වෙලාවකට පිස්සෙක් වගේ නටන මං මේ මනුස්සයා ඉස්සරහා මගෙ රුද් ඉස්සරහා මගෙ එකම ආදරේගෙ ආදරේ ඉස්සරහා දියවෙලා ඉටිපන්දමක් වෙන්න ගත්තා.. හැබැයි මගෙන් දියවෙලා හැදෙන ඉටි ඉවත යන්නැතුව එයා හරි පරිස්සමට ඒව ආදරේට හරෝලා එයා ගාව තියාගත්තා.

"ආදරෙයි..."

අද එයා මං අස්සෙ උණුහුම හොයද්දි මං එයාව මගෙ පුංචි අත් දෙකෙන් තුරුල් කරන් වැහෙන්නම අර ගණකම් ශීට් එක දාගත්තෙ රැහැයියො අද තොපිට නිදාගන්න දෙන්නෑ කියද්දි...

ටොක් ටොක් ටොක්

ටොක් ටොක් ටොක්...

නිදන් ඉඳපු මට දොරට ගහන සද්දෙ එන්න එන්නම වැඩි වෙනකොට ඇහැරුනා. කවුද මේ? හොල්මනක්වත්ද

ටොක් ටොක් ටොක්

හිතේ බයක් ඇතිවෙද්දි මං මට තුරුල් වෙලා තාමත් දරුවෙක් වගේ නිදන් ඉඳපු රුද් දිහා බැලුව. ඇහැරවන්නත් ලෝභයී...

ටොක් ටොක් ටොක්

දැන් මේ දොරට ගහන එකාගෙ දත් ටික අධෝ මුඛයෙන් එන්න ගහනව මම. මගෙ මිනිහා නිදි වුත්තෝර්

කවුද?

චූටි බොස් මං මිත්‍රන්.

මොකද්ද වෙන්න ඕන?

මහතැන වගේ මම අහද්දි මිත්‍රන් කලබලෙන් උත්තරදුන්නා

එලියෙ ඉඳන් ඇතුළෙඉන්න මට කතා කරන්න පුලුවන් කියන්නෙ. මේව සවුන්ඩ් පෲෆ් නැද්ද අනේ

විකාර හිතද්දි ආයම මිත්‍රන් කතා කරා

පුලුවන්නම් රුද්‍ර බොසා ට කතා කරල එන්න කියනවද එලියට සැලකිය යුතු මට්ටමේ ප්‍රශ්නයක් ඒකයි.

ම්ම්

මං රුද්ව ඇහැරෙව්වා.. ලෝභකමේ උනත් හිමින් හිමින් මූණට තට්ටු කරපු මම අන්තිමේ රුද්‍රව ඇහැරවගත්තේ මේ යකා නැගිට්ට ගමන් මෙට්ටෙ අස්සෙ තිබ්බ තුවක්කුවක් අතට ගද්දි... තව ටිකෙන් පරලොව තමයි.

රුද්‍ර එලියට ගියා ගිහින් දොර වහල දාද්දි මට ලාවට ඇහුනෙ

අඩෝ අරූ හිරෙන් පැනලා අණ්ණා.. අපෙ ගබඩාවට පනින්නලු ප්ලෑන යන්නෙ...

මං උඹලට කිව්වා අණ්ණා මරමු කියල. රුහානුත් දැන් උඹ එක්ක අණ්ණා.. උඹ විතරක් නෙමෙයි ඌ ටාගට් කරේ. පුතා දම්මලා රුහාන්ව පවා ටාගට් කරා..

කතාව මැද්දට පනින්න ගියත් රුද්ම කියනකල් ඉන්න එක හොඳයි කියල හිතුන මම ඇඳේ හාන්සි වෙලා රුද් එනකල් හිටියා... කෝමත් උදේම යයි දැන් යන එකක් නෑ මට එයා ඕනිනෙ. තුරුල් වෙන්න ඕනි. මගෙ හිතටත් හරි නෑ..

.

.

.

කෝ රුද් ආවද...කියල හිතන ගමන් මම ඇස් ඇරියත් මගෙ ඇස් වලට අහූනේ දැන් උදේ වෙලා කියන එක වගේම දැනටමත් ජනෙල් පියන් වලින් පෙරි පෙරී රන් පාට ඉර එළිය මගෙයි රුද්ගෙයි කාමරේට වැටෙනගමන් තිබුනා. මට තේරුනේ චුට්ටක් ඇහැ පියවගන්න ගිය මම එලි වෙනකල්ම නිදාගෙන කියල වගේම එලියට ගිහින් ආව රුද් මාවත් තුරුල් කරන් ඇඳට පැනලා නිදාගෙන හිටියා කියන එක. මේ තරන් හිතේ සැනසීමක් මට කවදාවත් දැනිලා නෑ. මං කියන්නෙ රුද් ගාව ඉද්දි හිත සැනසීමයි. මං ප්‍රාර්තනා කරන්නෙ ලෝකෙ ඉන්න හැම මිනිහෙක්ටම ගෑනියෙක්ටම තමන් වැඩිපුරම ආදරේ කරන මිනිහගෙ හෝ ගෑනිගෙ පපුවෙන් මෙහෙම මගේමයි කියන උණුහුම සැනසුම දැනෙන්න ඕනා..

මේ රව්ඩියාගෙ ජීවිතේ කරන කියන කිසිම දෙයක් ගැන මට දැනීමක් නෑ.. ඒ කියන්නෙ තේරුමක්නෑ. හැබැයි මම දන්නවා කරන්න ඕනම හොඳම දේ තමයි මගෙ රුද් කරන්නෙ...

නැගිටල ඇඳෙන් ඉඳගත්ත මම නින්දෙන්ම ලාවට හිනාවක් ඇඳිලා තියෙන මගෙ ලෝකෙ මට ඉන්න එකම කෙනා... මට වටිනම වස්තුව දිහා බලන් හිටියා.... කවදහරි අපි බඳී... ඊටපස්සෙ...ඊටපස්සෙ තව කාලෙකින් මේ ඇඳේ නිදාගන්න අපි දෙන්නා තුන්දෙනා වේවි.. ආය හතර වේවි.. ආයම ටික කාලෙකින් අපි දෙන්නා විතරක් වෙයි... ජීවිතේ අන්තීම කාලෙත් මට උඹෙ අතින් අල්ලන් මෙහෙම සැනසීමෙ ඇස් පියාගන්න ලැබුනොත් මට ඒ ඇති.

වෙනවට කියනව නෙමෙයි මගෙ හිත බයයි... දවසක මට ඉස්පිරිතාලෙ මැශින් ගොඩකට වට වෙනවද උඹෙ අත් වල මැරෙනවද කියන දෙකෙන් එකක් තෝරගන්න උනොත් මං තෝරගන්නෙ උඹෙ අත් දෙක. උඹෙ මූණ දිහා බලන් හුස්ම පොද යවන එක තරන් සැනසුමක් කොහෙද මගෙ රුද්...

ඇති ඇති මැරෙන කතා ඇති. මගෙ මිනිහ ඉන්නකල් මට අත තියන්න බෑ කාටවත් එහෙම හිතපු මම ඒ පිරුණ කම්මුලක් එබෙන්නම හාදුවක් දීලා එලියට ඇවිත් මගෙ කාමරේට එද්දි මගෙ හුරතල් චිකූ උදේ කෑම කන්න බලන් ඉන්නවා..

"හනේ හනේ චිකූ... රව්මක් දාලා එනවද එලියෙ ඈ..."

___________________________________

හායිම්..

මං ආයෙත් ආව.

කෝමද හොඳිම් ඉන්නවද ඔයාලා...

මගෙ නං ඔලුව කෑලි දාස් ගානකට පුපුරල වගේ කැක්කුමයි අනේ

අඩු පාඩු තියේ නං සමාවෙන්න අද.

ඉක්මනට එන්නම් පරිස්සමට ඉන්න..

Share This Chapter