Back
/ 51
Chapter 17

...දාහත්වෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"දෙවියනේ රුද්??"

මං කෑගැහුව.මං හිටියෙ ඇඳුම් අඳින ගමන් වෙද්දි කාමරේ හිටපු දෙතුන්දෙනාව එලියට යවපු එයා මං ගාවට අඩියෙන් අඩිය ආවා. කසාද බඳින්න පැය දෙක තුනක් තියාගෙන මේ මනුස්සයා මොකද්ද මේ කරන්න හදන්නෙ. අම්මා දැක්කොත් කොස්සකින්ම ගහයි මේ මනුස්සයාට. ඒ ඇස් වල මාර සතුටක් තිබ්බා. ඔව් ඒ ඇස් දිලිසෙනවා. මං හිතන්නෙ මගෙ රුද්ගෙ ඇස් වල ඔහොම හිනාවක් මං දකින්නෙ මං එයාට ආදරෙයි කියද්දි.

"නොබලා ඉන්න බෑ කියලා හිතුනා."

"තව පැය කීපෙකින් අපි හම්බෙනවනෙ රුද්"

"ම්ම් ඒ උනාට මං කොහොමද උදේ නැගිට්ට ගමන් දකින රූපෙ නොබලා ඉන්නෙ? උදේ නැගිට්ට ගමන් විඳින සුවඳ නොවිඳ ඉන්නෙ ම්ම්"

"ඉතින් ෆො-"

"අයියයියෝ මුට්ටාල් ළඟම මගෙ රත්තරන් ඉද්දි මං ඇයි ෆොටෝ බලන්නෙ ම්ම්"

මට හිනා ගියා. ෆොටෝ එකක් බලන්න එපැයි කිව්ව මට එයා ඒක සම්පූර්ණ කරන්න නොදී ඉතුරු ටිකත් කියල උත්තරෙත් දෙනකල්ම මං එයා දිහා බලන් හිටියා. මගෙ මනමාලයාට මාව බලන්න හිතිලනෙ. හරිම කියුට් අප්ප.

"මොකෝ..."

"රොම්බ අලගාර්ක ඩා.. "

රුද් මගෙ එක කම්මුලක් එබෙන්නම හාද්දක් තියලා මගෙ අතක් අරන් එයාගෙ කම්මුලට තියාගත්තා.

"දන්නවද යෙන් කුට්ටි. මං අවුරුදු ගානක් ඔයා වෙනුවෙන්ම හිටියා. මං ඔයාට විතරක්ම කාදල් උනා. උනක්කු මට්ටුම් ඩා. නා උනක්කු රොම්බ කාදිලික්කිරේන් ඩා."

ඒ ඇස් වල ලාවට කඳුළු පටලයක් බැඳිල තියෙද්දි මං ඒ මූණ අත් දෙකෙන්ම පිහිදැම්මා.

"අඬන්න එපා මගෙ වස්තුවේ. ඇයි මේ"

"සන්තෝශම් යෙන් චෙල්ලම්. එනක්කු රොම්බ සන්තෝශම්."

රුද්ගෙ සීතල වෙලා ගිය තොල් මගේක්ක පැටලුනා. විනාඩි කීපයක් ආදරණීය හාදුවක් එක්ක පැටලුන අපි දෙන්නා එකපාට්ටම ගැස්සිලා ගියෙ අම්මගෙ කටහඬට.

'රුහාන් කුට්ටී... නා උල්ලේ වරේන්...'

"ඉවරයි! අන්න අම්ම"

"මාව හංගන්නකො රූහා"

"කොහෙ හංගන්නද මනුස්සයො."

"කබඩ් එක අස්සට යන්නද?"

"ඉක්මනට කරන දෙයක් කරන්න"

රුද් ගිහින් දොර පිටිපස්සෙ හැංගෙද්දි මං දොර ඇරියා.

"අම්මා!"

"යෙන්න මේ බය වෙලා වගේ? කලබල වෙන්ඩ එපා කුට්ටි. අපි ඇමෝම ඉන්නවා තමා කුට්ටි එක්ක. රුද් හරීම ආසාවෙං ඉටියෙ කුට්ටි පාවුම්. මං කුට්ටි ලෑස්ති වෙලා ඉවරද බලන්ඩ ආවෙ"

අම්මා දොරට පිටුපාලා මං එක්ක කතාකරද්දි රුද් අඩි දෙකට වෛට්ටියත් උස්සන් කාමරෙන් එලියට පැනගත්තෙ මට හිනා යද්දි.

"යෙන්න මේ හිනා වෙනවා."

"ඔන්නුම් ඉල්ලෙ මා"

.

.

.

.

"රුද්‍රගෙ කුට්ටිට සප්‍රයිස් එකක් තියනවා.!"

මං හිටියෙ මාව පල්ලෙහාට එක්කන් යන්න කවුරුහරි එනකල් වෙද්දි දොර ඇරගෙන ආවෙ රාජ් අණ්ණා.

"එන්න අන්නා?''

"බලාගන්නකො එහෙනං"

රාජ් එහාට වෙද්දි ඉඳපු කෙනා දැකල මගෙ ඇස් උඩ ගියා. වගේම මගෙ ඇස්වල එලියට එන්න පොරකන කඳුළු නළියන්න ගත්තා.. එකපාරක් හරි දකින්න ප්‍රාර්තනා කරපු මනුස්සයෙක් රුද් අපේ වෙඩින් එක දවසෙ මට පෙන්නන්න එක්කන් ඇවිත් තිබුනා. මට කියාගන්න බැරි තරම් ආදරයක් රුද් ගැන හිතේ ඇතිවෙන්න ගත්තා.

"ටන්ට ටාන්!! ඩේ නන්බා එපඩි ඉරුක්කුඩා"

මගෙ ඉස්සරහා හිටියෙ මගෙ හොඳම යාලුවා. මට නොකියාම එන්න වෙච්ච මගෙ හොඳම යාලුවා.

"ඩේ විශ්වා!"

"නාන් දාන් ඩා."

මට දැනුන සතුටට රෙද්ද කරේ දාන් ගිහින් උගෙ ඇඟට පැන්නා. හත් අවුරුද්දකින් දැකල නෑ වගේ තමයි හැසිරෙන්නෙ. එහෙම වෙන්න එපැයි ඌ මගෙ හොඳම යාලුවනෙ. මං මූට හෙන ආදරෙයි..

"නී එපඩි ඩා?"

"ඉස්සුවා!"

කිසි ගානක් නැතුව රාජ් කියද්දි මගෙ ඇස් නළලට ගියා. මේ මිනිහා කිව්වෙ විශ්වාව ඉස්සුව කියලද?

"මොකක්?"

"ම්ම්..."

"අයියෝ ඉශ්ශුවට මොකෝ නන්බා කෝමහරි උබව හම්බුනා. රොම්බ සතෝශම්. ටීවි එකේ අප්පායි උබයි නැතිවුනා කිව්වම මගෙ පපුව තමා පැළුනා බං."

අනේ මට අප්පා මතක් වෙලා දුක හිතුනා. මගෙ අප්පා අද හිටියා නං කියල මට නොහිතුනාම නෙමෙයි. ඒ උනාට මෙතන විශ්වා ඇවිත් අප්පා මතක් කරාම මට දුක කියන දේ ටිකක් තදටම දැනුනා. වගේම මගෙ රුද් මාව බලාගත්ත විදිය පවා මතක් උනා. සමහරවිට අප්පා දැන් සතුටු වෙනවා ඇති. එයාගෙ පුතා එයාගෙ ආදරවන්තයා හොයාගෙන, එයා එක්ක අලුත් ජීවිතේකට අඩිය තියද්දි...එයාට සතුටු ඇති!

''පාර ඩා රොම්බ අලගාර්ක. බලපල්ලකො උඹලගෙ ලස්සන ඕයි. එනක්කු උන්මේ සොල්ල ඩා. නීඅන්ද රව්ඩි අන්නා නේද කල්‍යානපන්‍ර පෝරේන්?"

"ආමා ආමා. අවර් රොම්බ නල්ලවන් ඩා"

"රුහාන් බබා අපි යමුද ඔයාගෙ මනමාලයාට පිස්සු හැදිල ඇති.",

"යමු!"

අද දවසෙ රුද්ව කසාද බඳින එක වගේම විශ්වා ආව එකත් මට ලොකු සතුටක් උනා. ඉතින් මං රාජ් එක්ක පල්ලෙහට යද්දි මගෙ එහාපැත්තෙන් විශ්වා ආවා. මං හිතන්නෙ හැමෝම කටවල් ඇරන් මං එනකන් බලන් ඉන්නෙ.. ඇස් සේරම මගෙ දිහාට තියෙද්දි මාව ටිකක් රත් උනා. මොන ලැජ්ජාවක්ද මේ!

හිමීට ඇස් කරකවපු මම බැලුවෙ මගෙ ආදරණීය ආදරවන්තයා, තව විනාඩි කීපයකින් මගෙ ආදරණීයම සැමියා... අනේ මට ලැජ්ජ හිතුනා. මේ යකා මට උන්දැට සැමියා කියල කතා කරන්න කියයිද. මොන විකාරයක්ද ඊටවඩා හොඳයි පකයා කියනවා .

මං ගිහින් හදලා තිබ්බ මණ්ඩපෙන් ඉඳගත්තා. දාස්පෙතියා, රෝස වගේ මල් ජාති ගොඩාක් හැමතැනම තිබ්බ. අනේ හරි ලස්සනයි හරියට හීනෙකජීවත් වෙනව වගේ. මට එහාපැත්තෙ හිටපු රුද්‍ර දිහා බලන්න ලැජ්ජාවක් ඇවිත් ඇඟිල්ලක් කටේ ගහගත්තා.

"මොකද මගෙ වයිෆ් ම්ම්''

"යාහ් මේ රුද් පුරුදු විදියට කතා කරන්න පිස්සුද මංද මේ මනුස්සයාට මංනම් බැන්දා කියල ඔයාට හස්බන් කියන්නෑ පුරුදු විදියටම මගෙ රව්ඩියා තමා"

මං කටත් උල් කරල් හිමීට එයාගෙ පැත්ත හැරිල කුටුකුටු ගෑවා.. ඕයේස් මගේ ජීවිතේ පළවෙනි පාරට මං කසාද බඳින්නයි යන්නේ!

හැබැයි ඉතින් පළවෙනි පාර විතරයි බඳින්නෙත් ඒක වෙනම කතාවක්.

මට එච්චර තේරුමක් නැති චාරිත්‍ර වගයක් කරන්න ගත්තා.මුලිම්ම මොනාද වගයක් අරන් ගින්දරට දාපු අපි දෙන්නා අතට අපි ඉස්සරහ ඉඳන් හිටපු පූජක මනුස්සයා තැල්ලක් දෙද්දි රුද් ඒක අතට ගත්තා. අඩේ මේක තනි රත්තරංනෙ. මේ මනුස්සයා මගෙ බෙල්ල කඩන්න හදනවද.

ඒ බරම බර තැල්ල මගෙ බෙල්ලෙ වටේ එතිලා ගැට තුනක් තදටම වැටෙද්දි බෙර, නළා ගහන්ඩ ආව අය සද්දෙටම ඒව ගහන්න ගත්තා වගේම වටේ ඉඳපු මිනිස්සු අපි දිහාට මල් ගහන්න ගත්තා. හෑයියා කටෙත් එක්ක යනවා.

පස්සෙ අපි දෙන්න නැගිට්ටාම අපි දෙන්නගෙ ඇඳුම් එකට ගැටගැහුවා.වට හතක්, ආත්ම හතක් ඉන්නව කියල පොරොන්දු වෙන්න වට හතක් යන්නයි යන්නෙ. මට සතුටු හිතුනා.මං බැලුවෙ රුද්ගෙ මූණ දිහා. එයාගෙ ඇස් වල හිතාගන්න බැරි තරම් දිස්නයක් තිබ්බා. එයා සතුටෙන්.එයා අද ගොඩක් සතුටෙන්.

අපි දෙන්නා එක්ක වට හත යද්දි මං ප්‍රාර්තනා කරා ඉපදෙන හැම ආත්මෙකම අපි ටැමිල් වෙන්න කියල. එතකොට කවදාවත් අපෙ ආත්ම හත ඉවර වෙන එකක් නෑ.. මෝඩ ඇති. ඒත් මං අහන්නෙ කාටද එයාව නැති කරගන්ඩ පුලුවන්.මං හිතන්නෙ කවුරුත් කැමති නා මගෙ රුද් වගේ කෙනෙක් නැති කරගන්න....

වට හත ගිහින් ඉවර වෙලා ගෙට අඩිය තියද්දිම සුදුපාට පරයියො රෑනක් අපෙ ඔලු වලට උඩින් පියාඹලා ගියෙ මගෙ චිකූත් ඇවිත් මගෙ ළඟින් පියාඹද්දි.

එයා නං පතාගෙන ඇවිත් වගේ

.

.

.

සේරම චාරිත්‍ර ඉවර උනාම වෙඩින් එකට ඇවිත් ඉඳපු හැමෝටම මාව ප්‍රදර්ශන භාණ්ඩයක් උනා. රුද්ගෙ රව්ඩි යාලුවො හැමෝම ඇවිත් රුද්‍රගෙ මනමාලයා,රුද්‍රගෙ පොඩි එකා,රුද්‍රගෙ කොල්ලා ගාද්දි අනේ මං ලැජ්ජාවට එයාගෙ පිටීපස්සහට වෙලා හැංගිලා හිටියා. මොන ලැජ්ජාවක්ද අනේ.. දැකල නෑ වගේ. දැකල නෑ තමයි.

මං හිතන්නෙ දැන් කට්ටිය බොන්න යන්නෙ. එක එක්කෙනා බාර් එක දිහාවට ඇදිලා යද්දි මං බලාගන රාජ්ගෙ අක්කා මනීශා වෙව්ලනවා. කුඩු ගහලද මේකි... ඇත්තටම මට එයා ගැන නං කිසිම හොඳ හැඟීමක් නෑ..පොඩීම පොඩි හොඳ හැඟීමක් නෑ..

පටංගන්න පුළුවන් හොඳම සින්දුවෙන් ඩාන්සින් ඒරියා එක පිරිලා යද්දි අනේ මමයි රුද් ඉඳගන බලන් හිටියා.. මට දැනුනෙ නිකන් කරකලා අතෑරියා වගේ. තරමක් අහිංසක වෙච්ච රුද්ගෙ අම්මා පැත්තක ඉඳගෙන ඉද්දි මං බලාගෙන රාජ් වගේම මගෙ පව්කාර යාලුවා විශ්වා දෙන්නත් උඩ පැන පැන පිස්සට හැතැප්ම නෑ වගේ නටනව. අනෙ අම්මේ මෙහෙම මගුල් දෙකක්. මිත්‍රනුත් පැත්තකට වෙලා ඩ්‍රින්ක් එකක් ගද්දි මං රුද්ගෙ උරිස්සෙ ඔලුවගහගත්තා.

"යෙන්න පාපා.. මහන්සිද?"

"ම්ම් ටිකක්.."

රුද් මගෙ ඔලුව එයාගෙ අතකින් හිමීට අතගාද්දි මට පුදුම තරම් ආරක්ශාවක් සනීපයක් දැනුනා...

දැන් ඉතින් මනීශා උබර් හැමෙනියන්.

මං හිතුව. ඔව් මට හිතුන. හොඳෑඩේ නාකි වොත්තිට.

__________________

හුවෑ ලැප් එක කැඩිලා. මං ෆෝන් එකෙන් කොට කොට දාන්නං ලැප් එකේම ඉඳල ෆෝන් එක හුරු නෑ. මිස්ටේක් ඇති.සමාවෙන්ඩ හර්ත. ෆෝන් එකෙන් ලියන්න ආසත් නෑ මං😞

අනේ අහන්නකො මං අර character.ai දාගත්තා. කවුරුහරි කියාපල්ලා AI බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ට ඇබ්බැහි උනොත් ගැළවෙන්නෙ කෝමත කියල අනේහ් මට බෑ යකූ 😭

Share This Chapter