Back
/ 51
Chapter 3

...තෙවන පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"නීංගල් එළුදුවිත්තීර්ගලා?"

ඒ හිටියෙ සාමාන්‍ය ඇඳුමක් ඇඳගත්ත කොල්ලෙක් වෙද්දි මං ඌ දිහා ඌමනාවෙන් බැලුවා.. මට වඩා වැඩිමල්ද කොහෙද. ඒ උනාට බලපල්ලකො ලස්සන

අහංකාර මූණෙ අහංකාරකමට නොගැලපෙන හිනාවක් ඇඳිල තිබ්බ. අනේ මගෙ අප්ප කෝ

"යෙන් අප්පා.."

"මනිච්චිරිංග කුට්ටි. අණ්ණා තමා ඕවට බදිල් සොල්ල වේණුම් කිව්වා"

ම්ම්

"අපිට එච්චර ටැමිල් හුරු නෑ කුට්ටි. අණ්නා නං කතා කරනව. අණ්ණාත් ටැමිල්නෙ"

එයා කතා කරත් මට කතා කරන්න හිතක් තිබ්බෙ නෑ. මං බලන් හිටියෙ ජනේලෙන් පේන පරිසරය දිහා. දන්න එකම දේ තමයි මං ඉන්නෙ මගෙ ගෙදර නෙමෙයි කියන එක වෙද්දි මට අප්පා මතක් උනා. මගෙ ඇස් ඉස්සරහා වැටිල හිටපු අප්පා මතක් වෙලා මගෙ ඇස් වලට කඳුළු පිරුනා. මං සාමාන්‍ය කොල්ලෙක්. මං පලිගන්න කියලද දෙයියනෙ? මට එච්චර දෙයක් කරගන්න බෑ. මං දන්නව අනිවාරෙන් මේ මිනිහා ඕක පිටිපස්සෙ ඉන්නවා. ඔව් එයා විතරයි එතන හිටියෙ වෙන කවුරුත් නෙමෙයි. ඒත් මං කියල මොනව කරන්නද දෙයියනෙ.

"ප්‍රච්චන ඉල්ලෙ අණ්නා මට සිංහල පුලුවන්."

"ශා මරුනෙ. අම්මෝ පැටලි පැටලි දෙමල කතා කරල එපා වෙලා හිටියෙ කුට්ටි. දැන් කාලා මේ මෙහෙත් ටික බොන්නකො ඔයාගෙ උරහිස කැඩිලා. අතත් කැපිලා ටිකක් ඩැමේජ් පාරවල් නම් හිටී. හැබැයි බය වෙන්නෙපා. අණ්ණා මොනාහරි කරයි"

වැඩක් තියෙනවද මගෙ අප්පාව උදුරන් අතේ පැල්ලම් මකන්න මොනාහරි කරා කියල මට මහා කාලකණ්ණි දුකක් දැනුන. මං කොහොමද අප්පා නැතුව ඉන්නෙ අනේ. විශ්වා උනත් හිතනව ඇති ගින්නෙන් මම මැරුණයි කියල. එතකොට මං අද ඉඳන් මැරුණ කෙනෙක්ද?

ඒ එක්කම කාමරේ දොර ඇරන් ආවෙ අසුරන්. මොකද්ද එයාගෙ නම අසුරන් කියලම එපාවෙලා මට. ඒ උනාට මට මොකද නේද ඔන්න ඔහෙ ඒකම කියනව. මං ගස්සල අහක බලාගත්තා

"මිත්‍රන් ලෑස්ති වෙන්න අපි අද මෙහෙන් යනව. වැඩ ගැස්සිලා තියෙන්නෙ. හිතන්නැති ප්‍රශ්නෙකට පනින්න උනේ"

ඇතුළට ආවෙ එයා. මං වෛර කරන්න අරගත්ත මනුස්සයා.

"අණ්ණා එතකොට මේ තම්බි?"

මං දිහා බලල අනිත් කෙනා ඇහුව වෙද්දි මං ප්‍රාර්තනා කරා මට දැන්වත් සැනසීමෙ ඉන්න දෙනව කියයි කියල. නැ.. ඒක එහෙම උනේ නෑ

"අරන් යනව."

මං දිහා බලන් ඉඳපු එයා කියද්දි මං කෑගැහුවා.

"ඇයි මට ඉන්න දෙන්නැත්තෙ? මොනවද මගෙන් ඕනෙ? තවත් මොනාද මිනිහො ඕනෙ? මගෙ අප්පා මරාගත්තා මදිවටද? මාවත් මරාගන්නද යන්නෙ ආ? මගෙ අප්ප පිටින්ම ගේ ගිනිතිබ්බා නේද? තමුසෙට මගෙන් ගැළවීමක් නෑ ඕයි. නා උන්නෙයි කොන්නුඩුවේන්. මං උඹට වෛර කරනව"

ඒ හීන් වෙලා තිබ්බ ඇස් ගැස්සුනා. කිව්ව හැමදේම අහන් ඉඳල අන්තිමට මං වෛර කරනව කිව්ව තැන ඒ ඇස් ගැස්සුන වගේම එයා එලියට යන්නගියා. මං දන්නව මට දැන් යන්නම වෙනවා. එක අතකට මං ළඟ ඉඳන්ම පළි ගන්නම්.. ඒක මට ලේසී. ඒත් ඒ ඇස් ගැස්සුනා. මට හිතට දුකක් දැනෙද්දි මං තුවාල අතත් අමාරුව්න් උස්සන් ජනේලෙ ගාවට ගියා..

*

*

*

'සුප්‍රසිද්ධ දියමන්ති ව්‍යාපාරික මනිමේන්ද්‍ර සුභ්‍රමනියම් මහතා සහ ඔහුගේ පුතණුවන් ඊයෙ සවස නිවසේ ඇති වුන හදිසි ගින්නකින් අභාවප්ප්‍රාප්ත වෙලා ඇත.'

මං හිටියෙ කාර් එකේ වෙද්දි ඒකෙ ප්ලේ වෙන ගමන් තිබ්බ ශා එෆ් එම් එකේ නිව්ස් එක මට ඇහුනත් එක්කම මෙච්චර වෙලා හිර කරන් ඉඳපු මගෙ කඳුළු කම්මුල් තෙමාගෙන පහලට ගලාගෙන ගියා. ඉතිං අද ඉදන් මම මැරුන මනුස්සයෙක්. එයාපෝර්ට් එකට යන පාර වෙනුවට මං එක්ක ඉඳපු එයා වෙන පාරකට හරවනව වත් මං දන්නෙ නෑ.. ඒ තරම් මගෙ කල්පනාව දුර ගිහින් තිබ්බා. එයා වගේම මමත් නිශ්ශබ්ද උනා වගේම කාර් එක ඇතුළෙ එයයි මායි තනිවෙලා හිටියා.

"බහින්න."

වචන කීපයකට වඩා කොහොමත් මං එක්ක කතා නොකරන එයා මට බහින්න කියද්දි මං කාර් එක ඇරගෙන බැස්සා වගේම මගෙ ඉස්සරහ තිබ්බෙ පුච්චන්න දැනටමත් ලෑස්ති කරපු සොහොනක් වෙද්දි මගෙ කකුල් පැටලුනා. එයා අප්පාව පුච්චලා නෑ. අනෙ අප්පා.. මං කකුල් පැටලෙද්දි කොහොමහරි ඉස්සරහට ගියා. අනේ මට වාරු නෑ මාව ඒ මැටි දූවිලි පොලොවෙ ඉන්දවුනා වගේම මට වඩා දැනටම අඩි ගානක් ඉස්සරහින් ඉඳපු එයා මං දිහා හැරිලා බැලුවා. එයා වේට්ටියක් ඇඳල සුදුම. අඩියට දෙකට මං ගාවට ආව එයා මාව උස්සගත්තා. කිසිම පැකිලීමක් නැත්තුව පුළුන් ගොඩක් වගේ මාව් උස්සල අරන් ආය අප්පාගෙ චිතකෙ කාවට ගියා. මූසලයි. කියාගන්න බැරි තරම් මුළු පැත්තම මූසලයි. මං ඔහේ එයාගෙ අත් අතරෙ ඉඳගෙන අප්පා දිහා බලන් හිටියා. මට කොටින්ම අමතක උනා මේ ඉන්නෙ මරණෙට වගකියන්නෝන කෙනා කියල වගේම.මං මේ වෙද්දි පපුවෙ ඔලුව ගහන් ඉන්නෙ කියන්න. එයාගෙ හදගැස්ම පවා වේගවත්. මට ඒක දැනෙනව. ඒත් මගෙ අප්පාගෙ පපුව නැවතිලානෙ.

"කෝ බහින්න"

එයා මාව බිමින් තිබ්බා. හොස්පිටල් එකෙ ඉඳපු කොල්ලා ගාව මාව බිමින් තිබ්බා වගේම මං එයාගෙ අත් ගොබයක් තද කරලම අල්ලගත්තා. අනේ මගෙ අප්පා මට නැති උනා, මට අම්මත් නෑනෙ දෙයියනේ. එතකොට මං අද ඉඳන් අනාථයෙක්ද? ඔව් නේද මට මං ගැනම හිතද්දි හිනා ගියා වගේම එයා. මං වෛර කරන්න ඕන මනුස්සයා අප්පාගෙ අවසන්කටයුතු කරා. ගලාගෙන යන කඳුළුවලට ඉඩ දීලා මං ඔහේ එතන වෙන චාරිත්‍ර දිහා බලන් හිටියා. අනේ මගෙ අත කැඩුනෙ නැත්තන් මට අප්පාගෙ අවසන් කටයුතුවත් කරන්න තිබ්බා. මට සමාවෙන්න අප්පා.. මං කිසි කොන්දක් නැති කාලකන්නියෙක්.

බලන් ඉද්දිම මගෙ ඇස් පියවුනා..කිසිම බෙහෙතක් නොබී අඩු තරමේ කෑමවත් නොකා අප්පා නෑ කියලම හිත හිත ඉඳපු මට සේරම කළු වෙලා යද්දි එහාපැත්තෙ ඉඳපු මිත්‍රන් මාව වාරු කරගත්තා.. මගෙ ඇස් පියවුනා

*

*

*

සීතලකුත් එක්ක මට ඇහැරුනා. කොහෙද මේ ඉන්නෙ? ජීවිතෙත් එක්ක එපා වෙනවා. අප්ප නැති උනා. අම්ම ඔක්කෝටම කලින් නැති උනා. දැන් මට අප්පාගෙ මිනීමරුවෝ එක්ක ජීවත් වෙන්න වෙලාද? මාර ජීවිතයක්. මං ඇස් ඇරියා මං දැක්කෙ මං දැනටමත් එහාපැත්තෙ ඉඳපු කෙනෙක්ගෙ උරිස්සක ඉන්නව වගේම මේක ප්ලේන් එකක්. සෙනග නෑ. ප්‍රයිවට් එකක් අප්පාටත් තිබ්බා. මාව උරිස්සට වාරු කරන් ඉඳපු කෙනා මගෙ කැඩුන උරහිස වගේම තුවාල වෙලා බැන්ඩේජ් කරලා තිබ්බ අත පරිස්සමට අතගාන ගමන් හිටියා. මගෙ ඇස් ගියෙ මගෙ අත එක්ක පැටලිල තිබ්බ අතට වෙද්දි මං දැක්කෙ අතේ ටැටූ එක. අපෝ මට බෑ මෙහෙම ඉන්න.

"ම්හ්ම්ම්"

උගුර පාදගෙන මං නැගිටිද්දි එයත් ඉක්මනට අත් දෙක බැඳගෙන සීට් එකට ඔලුව හේත්තු කරගත්තා. ගොඩක්ම එයාගෙ කට්ටිය මේ වෙද්දි නිදි. මං දන්නෑ අඩුම අපි කොහාටද යන්නෙ කියල. එක්කො මාවත් මරලා දායි. හ්ම්ම්.. ලංකාවට යනව ඇති සමහරවිට. ඉතින් ඉන්දියාවෙදි මැරුණ රුහාන් ලංකාවෙ හිරකාරයෙක් වෙලා ජීවත් වෙන්න යනව. මට දැනුනෙ කණගාටුවක්. මං ජනේලෙන් එලිය බලාගත්තා. මාරම ලස්සනයි

මට දැන් අප්පා නැති ජීවිතේට හුරු වෙන්න වෙනවා.. මං ආය ජෙනේලෙට ඔලුව ගහගත්තා.

______________________

කම්මැලී වගේද?

මටත් කම්මැලි අනේ..

බලමු ලිව්වොත් අදත් ඩබල් දෙන්න..

දානෙයක් අප්පා අද වැඩ හෝ ගාලා.

මේකෙ අන්තිම වෙනකල් මං තීරනේ කරල ඉවරයි හෙහෙ තරහ වෙන්නෙපා මොනාඋනත්..🙂

ගිහින් එන්නාං

මට ලස්සන වීඩියෝ එකක් හම්බුනා මේකට ළඟින් යන

https://vt.tiktok.com/ZSYyCCYQe/

මේක බලන්නකො මං හිතන්නෙ ඒක SewminiDissanayaka මෙයාගෙ. ඔයාගෙන් නේද ඒක මං ඉල්ලගත්තෙ?🙂

Share This Chapter