Back
/ 51
Chapter 45

හතළිස් හතරවෙනි පරිච්ඡේදය

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"අප්පා උඹෙ මූණමයි රුද්‍ර"

"මගෙ දරුව මම වගේ වෙන්නෙ නැතුව කවුරු වගේ වෙන්නද අණ්ණා?"

à¶»

ූම් එක ඇතුළෙ කියවගන්න සද්ද ඇහෙද්දි මං හිතන්නෙ නින්දෙ ඉඳපු මට ඇහැරුන. කඳුළු වලටම ඇලිලා ගියපු ඇස් මම හිමින් ඇරියෙ යටිකයෙන් දැනෙන ඇදුම්කන තරම් වේදනාවට මට කෙඳිරි ගෑවෙද්දි..

"අණ්ණා සින්න කුට්ටිව තියාගන්න.."

රුද් බබාව අණ්ණා අතට දීල මං ගාවට ඇවිත් මාව හිමින් ඇඳේ ඉන්දෙව්වා.. ඒ ඇස් වල තිබ්බ හැඟීම මොකද්ද... ආදරේ? සතුට? සැනසීම? දුක? සේරම..

"මගෙ ර්-රුද් ඇයි මේ ම්?"

"මං ඔයාට රොම්බ කාදල් කුට්ටි.. රොම්බ නන්රි මට අප්පා කෙනෙක් උනහම දැනෙන ආදරණීය හැඟීම කියල දුන්නට"

මගෙ මූණ දෝතට ගත්ත රුද් කියන් යද්දි මං එයාගෙ අත් උඩින්ම මගෙ අත් දෙක තියාගත්තා. එයාගෙ ඇස්වල කඳුළු කැට එළියට එන්න නලියනව..එයාට මාව පේන්නැතිවෙයි කියල හිතුන මොකක්දෝ ආත්මාර්තකාමී හැඟීමකට මම ඒ ඇස් වල කඳුලු පිහිදලා ඇස් දෙකට හාදු දෙකක් දුන්නෙ එයා හිමීට ඔළුව මගෙ නළලෙ පැත්තකින් හේත්තු කරන් තව කතා කරද්දි..

"මට හරි සැනසීමයි කුට්ටි.. මම විනාස කරගන්න ගියපු ජීවිතේ ආයෙමත් ලස්සන කරේ ඔයා. අද ඒ හේතුවටම තව හේතුවක් එකතු කරපු මගෙ කුට්ටි ගැන තියෙන්නෙ මට එහෙමයි කියල ඉවර කරන්න බැරි හැඟීම් ගොඩක්. කොලුකමට තිතක් තිබ්බා කියන්න බෑ. මොකද මම ඒක කරේ ඔයා මගේ උන දවසෙ.. හැබැයි අද ඉඳන් අප්පා කියන චරිතෙට පණ දෙන්න වෙනව කියද්දි මට දැනෙන්නෙ මොකක්දෝ මන්දා ආදරනීය හැඟීමක්. ම-මන් පොරොන්දු වෙනව අපෙ දරුවට හොඳ අප්පා කෙනෙක් වෙනව කියල.. අඩුවක් නැතුව මට ආදරේ දෙනවට, ජීවත් වෙන්න බලාපොරොත්තු දෙනවට පින් මගෙ රුහාන්."

"අනේ රුද් ඇයි මේ?"

වෙනදට මගෙ හොටු පිහදැම්මෙ එයා උනත් අද මට උනේ එයාගෙ කඳුළුයි හොටුයි පිහිදන්න. මූණ දෙපැත්තෙන් අල්ලන් එයාගෙ මූණට එබුන මම නළලට හාද්දක් දුන්නෙ මාව චප්ප වෙන්නම බදාගන්න ගමන්. එයාට පහුගිය දවස් ටිකේ මාව හරියට බදාගන්නත් බැරුව හිටියෙ.. අපෙ චූටි පැටියා හින්දා. ඉතින් එයා අද කරේ මට නොරිදෙන්න අල්ලන් හිර කරලම බදාගත්ත එක..

"එක්කො ආය බබාලා ඕන්නෑ රූහා"

"ඇයි?"

"ම්හ්..රිදෙනවනෙ"

"අයියෝව්ව්ව් කෝ බලන්න මගෙ රව්ඩියා බබෙක් වෙලානෙ ම්.. පුතාටත් වඩා බබෙක් වෙලාද මන්ද. කෝ බලන්න"

මං රුද් මගෙ කිරිසුවඳ එන පපුවට මූණ හේත්තු කරන් හැඬුම් වාවන් කියද්දි මට හිනා ගියා. මොනව උනත් එයා පෙන්නන්නෙ එයාගෙ ආදරේනෙ..

"හවස ගෙනියමු උඹෙ අලි බබාවයි පොඩි බබාවයි"

දොරෙන් ඇතුළට ආවෙ රාජ්.. මං දිහා බලල මට මූණ පිරෙන්නම හිනාවක් දුන්න එයත් මොකක්ද ලොකු මල්ලක් පෙන්නුවෙ මගෙත් මූණෙ හිනාවක් ඇඳෙද්දි..

"අපි හිතුවෙ ඔයාගෙ හස්බන්ඩ්ට ඔයාට කලින් බබාව හම්බෙයි කියල රුහාන්"

රාජ් විහිලුවට වගේ කියන් ගියෙ මගෙ පපුවෙන් ඔළුව උස්සපු මටත් වඩා දෙගුණයක්ම උස මහත මගෙ මොන්ටිසෝරි බබා එයාට රැව්වා. රවන්න නම් පුළුවන් මොනවා නැතත්. කියන්න සතුටුයි ජීවිතේට එයා මට අතක් උස්සලා නෑ.. අපි දෙන්නගෙ සම්බන්ධෙ ඇතුළට ප්‍රශ්නයක් ඇදිලා ඇවිත් නෑ.. එයා ප්‍රශ්න එන්න ඉඩ දෙන්නෑ..

මං එයාට තරහ ගිහින් ඉන්නව දැක්කෙ හොරෙන් ටැටූ එක ගහන්න ගිහින් විතරමයි.. එදත් බැන්නෙ නෑනෙ.. ටැටූ ගහන්න ආපු එක්කෙනාවත් එළවලා එයාම ටැටූ එක ගහල දුන්නා මිසක්..

එයාගෙ තද සීතල ගති සීමා උනේ එළියට. මං ගාව හුරතල් වෙන දරුවෙක් වගේ රුද්‍රට මං ආදරෙයි!

පව් එයා බය වෙලාලු. ඉතින් බය නොවුනොත් නෙ පුදුම.. හිතුවෙ නැති වෙලාවක.. කාමරේ පුරාම ඇස් ගෙනියපු මම දැක්කෙ අණ්ණාට එහයින් හිටගෙන මගෙ පැටියා දිහා බලන් ඉන්න මිත්‍රන්ව..

"ආධවන් රාහුල් රාව් විශ්වජිත්"

"ම්ම්?"

"කැමතිද ඒ නමට?"

"ගොඩක්!"

එයා අපෙ පැටියට නමක් දාලා... ආධවන්.. ම්හ්ම්..

ඒ නම ලස්සනද අහද්දි මම ඔව් කිව්ව. ලස්සනට නම් නං දාන්න පුළුවන්.. ආදි අණ්ණා අතේ ඉඳපු අපෙ පැටියා අඬන්න ගත්තෙ අපි හැමෝගෙම අවධානෙ ඒ දිහාට යද්දි..

"බඩගිනි වෙලාද දන්නෙ නෑ.. අනේ රුද්!"

මගෙ ඇස්වල කඳුළු පිරුනා. එයා අඬනවනෙ.. රුද් දඩිබිඩි ගාලා ගිහින් එයාව අරන් එද්දි මං උඩට අන්දලා තිබ්බ ශර්ට් එක ඇඟෙන් පන්නල දැම්ම..

"යකෝ කොල්ලො?"

රුද් මාව වහගද්දි අණ්ණයි රාජුයි හිනාවෙවී එළියට ගියා..

"සොරි ම්-මට ස්''

"ශ්! ඒකට කමන්නෑ මගෙ කුට්ටී.."

මගෙ ඔළුවත් අතගාලා පැටියා මං අතට දුන්න රුද් මගෙ නළලට කිස් එකක් දීලා ඇඳ උඩින් ඉඳගත්ත.. මං අපෙ සින්න කුට්ටිව පපුවට ළං කරගද්දි රුද්ගෙ ඇස් හීනි උනා.. මං දිහා බලපු රුද් පැටිය දිහා බලල කම්මුලට අතකුත් ගහගත්තෙ මට එයාගෙ ඊරිසියාවටම හිනා යද්දි.. මං හිතුවෙ නෑ එයා එච්චර ඊරිසියයි කියලා...

ඇබිත්තකට නැති අපෙ කුට්ටි තනපුඩුවක් උරවන්න ගද්දි රුද් මාව එයාගෙ පපුවට හේත්තු කරගත්තා.. පුංචි පව්ලක්.. සැනසීමත් තිබ්බා නම්.. ලස්සන පව්ලක්

"රුද්.."

"ම්?"

"ප්‍රශ්න ඉවර කරගන්නකො රුද් ඊටපස්සෙ අපිට මෙහාට වෙලා ඉන්න පුළුවන් නිදහසේ.."

"තව ටික කාලයක් දෙන්න කුට්ටි. ම්ද්ං සේරම විසඳන්නම්. මටත් ඕනෙ මගෙ කුට්ටිටයි, සින්න කුට්ටිලා ටිකටයි නිදහසේ ජීවත් වෙන්න ඉඩ හදල දෙන්න."

"හ්ම්.."

🍃

රුද් සේරම අතට අරන් එයාගෙ පැටියවත් වඩන් ඉන්න එයාගෙ ආදරණීය වයිෆ් දිහා බැලුවා.

"පෝවෝමා?"

"ම්ම්"

රුද් මාවයි අපෙ සින්න කුට්ටිවයි එක්කන් හොස්පිටල් එකෙන් එළියට ආවා. අම්බෝ දවසක්ම හිටියා මදැයි. බබාටත් ප්‍රශ්නයක් නැති එකේ මටත් ප්‍රශ්නයක් නැති එකේ එන්න දුන්න එකනම් ලොකු දෙයක්. මම ආස නෑ හොස්පිට්ල් වල ඉන්න. හොඳ හොස්පිට්ල් එකක් උනත් අර ඉස්පිරිතාල ගඳ කියන එක හැමතැනිම්ම එනවනෙ...

අපි හතර දෙනා වාහනේ ආවට ඉතින් මගෙ හොලමන් යාලුවා මිත්‍රන්ට ප්‍රයිවට් ට්‍රාන්ස්පෝර්ට් තියනවනෙ... අපෙ පැටියා නිදි.. වාහනේ ආදි අණ්ණා හිමින් අද්දනකොට අද දවසෙ කීවෙනි පාරටද මන්දා හිතට දැනිච්ච අසීමිත ආදරේකින් මම රුද්ගෙ පපුවට තුරුල් උනා...

_______________________________________

හායී

අපි වැඩ අලෝව්😪

හෙනම නිදිමතයි ඈ අදනං

තව කොටස් කීයද පුතේ ඈ... ඈ පුචේ තව කොටස් කීයද?

Share This Chapter