Chapter 5: ...පස්වෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Words: 13765

"ඔයාට කවුරුත් නෑ.. දැන් කවුරුත් නෑ.. අම්මා පවා මැරුනේ උඹ නිසා. අප්පා- අප්පා මැරුණා.. උඹට කවුරුත්ම නෑ. අපි එක්ක යන්. යමන් අපි එක්ක."

"අනේ මට බෑ.. මට- මට ඉන්න දීපල්ලා"

:

:

:

:

:

පුලුවන් එකම දේ අඬන එක වෙද්දි මම කෑගැහුවා එකපාට්ට ආය හැමදේම සාමාන්‍ය වෙද්දිම කාමරේ දොර ඇරෙන සද්දෙ ඇහුනා. මම බැලුවෙ නෑ. දෙයියනේ මට බයයිනෙ. මම දණිස් දෙක අස්සෙ ඔලුව ගහන් වකුටු වෙලා හිටියා. අප්පා මට බයයි.

"රුහා...න්"

"රුහාන් මොකද්ද ඒ.. තමුසෙ කෑගැහුවද?"

මට ඇහෙනව ඒ එයාතමයි. මම දැන් ටිකකට කලින් කෑගහල එලෝපු මනුස්සයා. මම තව ටිකක ඇඳ පාමුළට ගුලි උනා. මං එක අතකින් කටත් වහගත්තා. මගෙ උරහිස වේදනා දෙනවා. දකුණමයි, මට හයියෙන් ඉකියක් පිටවෙද්දි එයා මං දිහාට එන අඩි සද්ද මට ඇහුනා. මං තවත් ගුලි උනේ මගෙ අත තව තද කරන්.

"රුහාන්..ඇයි මේ? කෝ නැගිටින්න"

එයා මාව පරිස්සමට ඇල්ලුවා වෙද්දි මං එයාගෙ අත අහකට කරලා තව ටිකක් ගුලි උනා. මගෙ අත හොඳටම රිඳෙනවා. මගෙ අතේ බැන්ඩේජ් එක පවා ලේ විලක් වෙලා තියෙද්දි ඊගාවට එයා මාව ආය අල්ලන්න ආවත් මම එහාපැත්තෙ බිම තිබ්බ වීදුරු කෑල්ල අතට ගත්තා.. අතට අරන් අමාරුවෙන් නැගිටිද්දි එයත් නැගිටලා අඩියක් ළඟට තිබ්බා

"කිට්ටෛ වරාද.."

මං කෑගැහුවෙ එයාගෙ පැත්තට වීදුරු කෑල්ල දමල ගහනගමන් වෙද්දි එයා ඒකට එයාගෙ අත ඇල්ලුවා.ඒ අතෙත් ගැඹුරු කැපීමක් ඇතිවෙද්දි එයා ඒක දිහා බැලුවා. එච්චරයි. අඩියට දෙකට මං ගාවට ආව එයා මාව බිත්තියට හේත්තු කරගත්තා.

"සන්සුන් වෙනවා රුහාන්...කන්ට්‍රෝල් යුවර්සෙල්ෆ්"

එයා මුළු කාමරේම දෙදරලා යන්න කෑගහද්දි මම එයාට නොදෙවෙනි වෙන සද්දෙකින් කෑගහලා ඇඬුවා..මට තේරෙන්නෑ.. මට කලුවරෙ ඉන්න ඕනා. මට...මට මැරෙන්න ඕනා..ඔව් මං හිතන්නෙ මට මැරෙන්න ඕනා..

"මට මැරෙන්න දීප්-අහ්හ්හාව්"

මගෙ අත පෑරුනත් එක්කම එයා කලබලෙන් මගෙ අත අල්ලගත්තා.

"මුරණ්ඩුකම් කරන්නෙ ඇයි දරුවො?"

මං ඒ මූණ දිහා බැලුවා. ඒ ඇස් රතු වෙලා. එක එල්ලෙම එයා මගෙ ඇස් දිහා බලන් හිටියත් එයාගෙ හැඟීම් මට තේරුම් ගන්න බෑ. මගෙ හිත කලබලයි. මං ඒ මූණ දිහා බලන් ඉද්දි එයාව එක අතකින් තල්ලු කරන්න හැදුවා.. එයා ගොඩක් හයියයි. මං කියන්නෙ මං නිකන් පුළුන් කෑල්ලක් වගේ. මට වඩා දෙගුණයක් ලොකු මේ මනුස්සයා දිහා මං බලන් හිටියා. එයා නැමිලා මාව බිත්තියට තියන් හිටියෙත්. ඒ තරම් උස. මං හිතන්නෙ සම්පූර්ණ එයා වෙනස් වෙලා හිටියා.. වේට්ටියකට මාරු වෙලා හිටපු එයා වගේම කලර් කරල තිබුණ කොණ්ඩෙ සම්පූර්ණ කළු කරලා වගේම පැත්තට පීරලා. එයා එහෙමත් ලස්සනයි. මං හිතන්නෙ වයස තිහක් විතර ඇති. මගෙ කලබල ගතිය ටික ටික නැති වෙලා යද්දි එයා මාව දෝතට ගත්තා. අරන් මාව පරිස්සමට ඇඳෙන් තියල කෝල් එකක් ගත්තා..

"හෙලෝ ඕයි ප්‍රසාද්?"

මට ඒ කන්වසේශන් එක ඇහුනා..

"කියපන් මචන්"

"වරෙන්කො පොඩ්ඩක් අතපය තුවාල වෙලා උරිස්සත් කැඩිල තියන කොල්ලෙක්ට බෙහෙත් කරන්න"

එයා කියන ගමන් මං දිහා බැලුවා.

"උදෙන් එන්නද මං නිදිනෙ වුත්තෝර්"

"උදේ එන්න වෙන්නෙ උඹ පණ පිටින් හිටියොත්නෙ"

"අනේ වුට්ටෝර්. උඹ හිතුවද මාව තර්ජනේ කරල ගෙන්නගන්න ඈ. මම ප්‍රසාද් යකෝ..ඩොක්ට ප්‍රසාද්. හැබැයි මං දැන්ම එනවා..."

එයා කියද්දි තව මොනවද මොනවද කියල කුටුකුටු ගාපු ප්‍රසාද් කියන කෙනා කෝල් එක කට් කරා

:

:

:

:

"අත ඩැමේජ් වෙලා දරුවෝ හොඳටම පාරගන්නැතුව ඉන්න. අත කපන්න තමයි වෙන්නෙ"

මට බය හිතුනා. වගේම ඩොක්ට කෙනෙක් නිසා මට තිබ්බ ප්‍රශ්නෙත් මම කිව්වා..

"මේ ගැන කාටවත් කියන්න එපා ඩොක්ට. මට අද හවස.........................................................................................................................................................................................................................................................................................................................................................................................."

ඩොක්ටගෙ මූණ බලන් ඉද්දි කළු වෙලා ගියා. වගේම එයා ආපහු මං ගාවින් ඉඳගත්තා

"ඔය ළමයට කලින් ඩිප්‍රෙශන් වගේ මොනවා හරි තිබ්බාද?"

"නැහැ, අනේ මට ඩිප්‍රෙශන්ද ඩොක්ට?"

"ම්ම්..ඒත් එකපාරට ඔය ස්ටේජ් එකට ආවෙ කොහොමද?"

"ඒකට මං බෙහෙත් ටිකක් දීලා යන්නම්කො හරිද? බීලා ඉන්න මං ඊගාව දවසෙ ඇවිත් කතා කරන්නම්"

ඩොක්ට එලියට ගියා මට ඇහුනා එයා මොනවා හරි කතාකරනවා..

".................එයාගෙ තත්ත්වෙ හොඳ නෑ. පුළුවන්නම් එයා එක්කම ඉන්න. නැත්තන් සතෙක් හරි හදන්න දෙන්න බලපන්"

කටහඬවල් මැකීලා යනකල්ම මම ඒ දිහාට අවධානෙ දීගෙන හිටියා ඒ එක්කම අලුතෙන් බෙහෙත් දාලා බැන්ඩේජ් කරපු උරහිසෙ වේදනාවට මම ඇස් වහගත්තා. හරි වේදනයි අප්පා.. මට අප්පා නැතුව පාලුයි අප්පා... මං තනිවෙලා. ටිකකින් කාමරේ දොර ආයම ඇරෙනකොට දොර ඇරන් ආවෙ එයා.. කළුපාට වේට්ටියට කළුපාට සිල්ක් ශර්ට් එකක් ඇඳලා එක අතක මල්ලකුයි අනිත් අතේ පිඟානකුයි අරන් එන එයාව දැක්කම මම තද කරල ඇස් වහගත්තා. පරාටා සුවඳයි..

"රුහාන්..."

"රුහාන්...."

"රූහා?.."

එයා රූහා කියද්දි නම් මගෙ ඇස් ඇරුනා. ඇයි මට රූහා කිව්වෙ? මටද කිව්වෙ. හරි මගුලක්නෙ. මං ඇස් ඇරලා එයා දිහා බලද්දි එයා මට නැගිටින්න කියල එක අතකින් පරාටා අනන්න ගත්තා.

"කෝ ආ කියන්න"

එයා මට පරාටා කැව්වා.. කන්න බෑනෙ අප්පිරියයි

"මට එපා"

"මුරණ්ඩු වෙන්නෙපා බෙහෙත් බොන්න කන්න ඕන."

මූණත් දෙක කරන් එද්දි වළලු දැම්ම අතක් දොරට තට්ටු කරා.

"කුට්ටිලා නා උල්ලේ වරේන්"

"වාංග මා"

අම්මා ඇවිත් මට කවන එයා දිහා වගේම මං දිහා හරි ආදරෙන් බලන් හිටියා. අම්මගෙ එක අතක් මගෙ ඉන වටෙ පැටලිලා මම අම්මට වාරු වෙලා ඉද්දි අම්ම මං එක්ක චුට්ටක් කතා කරා..

"රුහාන් කුට්ටි තෙරියුමා? අපේ මේ රුද්‍ර කුට්ටි බත් අයින් කරලා මේ පරාටා හදවන් ආවෙ මට කියල".

අම්මා කියද්දි මම රුද්‍ර දිහා බැලුවා. කනක් රතු කරන් එයා කෑගහද්දි අම්මා හිනා වෙවී යන්න ගියා.නොදැනුවත්ම මං මුළු පරාටා ටිකම කාලා ඉවර වෙද්දි එයා අම්මා ගෙනාව වතුර එකෙන් පොඩ්ඩක් මට කවලා පිට අල්ලෙන් මගෙ කට පිහිදාලා බාතෲම් එකට ගිහින් අත හෝදන් ආවා.

"ආ.."

එයා මට බෙහෙත් දෙනකොට මං මූණ දෙක කරන් ඒවා අතට අරන් වතුරත් එක්ක බිව්වා.

"බල්ලොද? පූසොද? මාළුද? කුරුල්ලොද?"

"කුරුල්ලෝ"

අහේතුකව මට කුරුල්ලො කියවෙද්දි ලාවට හිනාවක් කියන්නත් බැරි හිනාවක් මූණෙ මවාගත්ත එයා යන්න ගියා. හූමිටි තිබ්බ මම එයා යද්දිත් එයා යන දිහා බලන් හිටියා. එයාගෙ තිබ්බෙ අමුතුම ලස්සනක්. ටිකක් වවලා ගානට කපලා තිබ්බ රැවුලත් එක්ක එයා තව තවත් කඩවසම් උනා.. අන්තිමේ දොරත් වහන් එයා යන්න යද්දි මම හිමීට ඇඳේ හාන්සි උනා. මම කාමරේ තනි උනා. ඒ එක්කම මගෙ ඇස් හිමීට වැහිලා යද්දි නින්ද මට කතා කරා...

"සාමී කොහෙන්ද මේ කුරුවිලා.. අපෙ අප්පේ පිරෙන්නම ඉන්නව නේද?"

_____________________________

ප්‍රශ්නයක් නැද්ද මං ඇයි මේ එක දිගට කතාව දෙන්නෙ කියල?

මට ඉක්මන්ට එයාලව යාලු කරන්න ඕනි අනේ..

ත්‍රිබල් අප්ඩේට් එක දිගට ලියල දැම්මෙ.

පරිස්සමෙන් හැමෝම. කතාව කෝමද කියන් යන්නකො

වෝට් කමෙන්ට්ස් වලට තැන්කිව්