Back
/ 51
Chapter 50

හතළිස් නමවෙනි පරිච්ඡේදය

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

❀Spoiling this episode❀

"තමුසෙ ආවොත් තමුන්ගෙ දරුවගෙ අප්පා රැකෙයි.."

"අනේ...එපා.......හ්''

"තමුන්ලා දෙන්න ඉවරයි!!"

"මම බොරු කාරයෙක්ද?"

❀Back to episode 49❀

හිතේ කලබලකාරී බව හින්දම මම රාහුල්වත් වඩාගෙන එහෙටයි මෙහෙටයි ඇවිද ඇවිද උන්නෙ. මට මතක් උනේම දිගින් දිගටම මට මිත්‍රන් කලබල වෙලා තීරණ ගන්න එපා කියපු විදිය. ඇයි මට මොනව සම්බන්ධවද කියලවත් කවුරුත් නොකිව්වෙ. සමහරවිට එයාල දැනුවත් නැද්ද මේ ගැන?.. මම එතනට ගියොත් ඒක ප්‍රශ්නයක් වෙයිද?.

"රුහාන් සර් කලබල වෙන්න කාරනා ඉල්ලේ. රුද්‍ර බොස් මේපාර ෆුල් රෙඩී පිට ගියෙ. කොයිවත් ගැස්සෙන්න විදිහක් නෑ.."

මෙච්චර වෙලා මං දිහා බලන් ඉඳපු එයාගෙ රව්ඩි කෙනෙක් කියද්දි මං එයා දිහා බැලුව. හැම දෙමලම කලු නෑ..සුදු උනුත් ඉන්නව. ඉන්දියාවෙ දෙමල්ලු කළුයි කිව්වට ඔය ඉන්නෙ සුදු අයත්. මමයි රුද්‍රයිත් සුදුයිනෙ.

රුද්ගෙ පොඩි රව්ඩියාට හිනා උන මම ආපහු දොරකඩින් එලිය බලාගත්තා . නිදාගත්තා නිදා ගත්තාමයි රාහුල් පවා තාම නිදි වෙද්දි මං අතරමන් වෙලා හිටියෙ මීට පැය කීපෙකට කලින් හොඳින් විසඳල බැරිම තැන නරකින් විසඳගන්න ගියපු මගෙ ආදරවන්තයා ගාව. එයා පරිස්සමෙන් එයි.. එයා හයියයි මං දන්නව. මේ පාර එයා ලෑස්ති වෙලානේ ගියෙ. සේරම හරියයි.. කලබල වෙන්නෙපා රුහාන්.... අවශ්‍ය උනොත් යන්

නරකකට වගේ මුළු අහසම කළු කරද්දි මං ගෙදර ගාර්ඩ් එකට දාල ගියපු එයාගෙ අයටත් ඇතුළට එන්න කියලා පැටියා අරන් කාමරෙ ඇතුළට ගියා. පස්සෙ ඇවිත් මූණ නාළු කරන් ඉඳී ගාර්ඩ්ලා ගාව හිටියා කියලා.

"යෙන්න මේ.. මමාගේ කුට්ටි නැගිට්ටද?"

නැගිටලත් ලේසියෙන් අඬන්නෙ නැති රාහුල් ඇඳෙන් තියද්දිම ඇහැරලා ඇස් කරකෝ කරකෝ මගෙ ඇඳුමෙ කොනකින් අල්ලගත්තෙ මගෙ හිතේ තිබ්බ නොසන්සුන් හැඟීම යම් තාක් දුරට අඩුවෙලා යද්දි..

"ඕ ඕ... රාහුල් කුට්ටිගේ අප්පා එළියේ ගියානේ.. මමාට පාළුයි.. ඕ.."

මං දිහා ඇස් ලොකු කරන් බලන් ඉඳපු පැටියාගේ බඩ කෑගහනව ඇහුනම මට පුදුම හිතුනා. කොල්ලට බඩගිනි උනත් එයා නෙමේ අඬන්නෙ. හිතාගන්න බෑ වෙලාවකට මේ මාස ගානක පොඩි දරුවෙක්ද කියලවත්.

"ආඩම්බරකාර කොල්ලා මමාගෙ. ලොකු උනහම අප්පා වගේම වෙන්න ද හිතන් ඉන්නෙ පාපා!"

ඇඳන් ඉඳපු බැනියම ගලවන ගමන් මම පැටිය අත් දෙකට අරන් බඩගින්න නිවන්න පටන්ගත්තා..

පැටියා නිදාගත්තයින් පස්සෙ මම රුද් දීලා ගියපු ගන් එක දිගේ ඇඟිලි අරන් ගියා. ඒක දැන් මගෙ අතට හරි හුරුයි. දවස් ගාණක් තිස්සෙ ඕවා මට එයා පුරුදු කරා.... එයා බය උනා එයා නැති උනොත් මට මාව ආරක්ශා කරගන්න බැරිවෙයි කියලා..

අනික කොච්චර හිත අකමැති උනා උනත් අඬලා දොඩලා ගෙදර රඳවගන්න පුළුවන් ගමනක්ද එයා ගියේ?.. නෑ.. කොහොමත්ම බොළඳ වෙන්න බෑ මට. ‍රුද්‍ර ඉස්සරහා බොළඳ උනාට මම බොළඳ කොල්ලෙක් නෙමේ..

ටිකකින් මගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තේ ගන් එකෙන් එහාට ඇස් ගත්ත මම ෆෝන් එක තියෙන දිහා හොයාගන්න බැරුව කැරකුනේ රාහුල් ඇහැරෙයි කියලා. රාහුල් ඇහැරුනෝතින් එහෙම ආපහු නිදාගන්නෙ නෑ. ඒක මට කරදරයක් නොවුනත් මට රුද් ගැන කල්පනා වෙද්දි පැටියා නිදන් උන්න එක හොඳයි කියල හිතුනා.

අන්තිමේ මම ඇඳේ මෙට්ටෙ අස්සට වැටිලා තියෙද්දී හොයා ගත්තා.. නින්දෙන්වත් වැටුනද?.. වෙන්න බෑනේ. අස්සටම වැටෙන්නෙ කෝමද

අන්ක්නෝව්න් නම්බර් එකකින් එක දිගටම ෆෝන් එක රින්ග් වෙද්දි මං ඒක ආන්ස්ව කරන්න ගිහින් ෆෝන් එක පැත්තකින් තිබ්බා.. අනවශ්‍ය ප්‍රශ්න ඕන නැහැ..

ඒත් ඒ රුද් නම්.. හදිස්සියක් නම්?..

ආයම මගෙ හිත විකාර කරන්න ගත්තා.. ඒ රුද් නම් මොකද කරන්නෙ රුහාන්.. එයාට හදිසියක් නම්?..

බලමු....

දෙවනි වතාවටත් රින්ග් වෙන ෆෝන් එක කට් වෙන්න තත්පර කීපයක් තියද්දි මම ඒක ආන්ස කලා..

"හෙලෝ?"

......................

"හෙලොව්??"

........................

එහාපැත්තෙන් උත්තරයක් නැති වෙද්දි මම දිගින් දිගටම කතා කරා උනත් මට උත්තරයක් නැති හින්දම ඒක කට් කරන්න සැරසුනා උනත් මට ඒ පැත්තෙන් කතා කරන කෙනාගෙ කටහඬ ඇහුණා..

"හෙලෝ....."

මං අඳුරගත්තා.. මගෙ රාහුල් බඩේ ඉද්දිම මාව කිඩ්නැප් කරපු තිරිසනා... මං ඉක්මනට කෝල් එක කට් කරන්න ලෑස්ති උනත් එයා එහා පැත්තෙ කතා කරද්දි මන් ෆෝන් එක අතේ මිරික ගත්තා..

"හෝ හෝ... රුද්‍රගේ රෝස මල... කෝල් එක කට් කරන්න හිතන්නවත් එපා..."

"මොන මගුලකටද මට ගන්නෙ ආ??"

මං සැර උනා.. සැර උනා කියන්නෙ ඉබේම මට දත්මිටි කැව්නා.. තිරිසනා..

"ඔහෝ! එතකොට ඔයාගෙ රුද්‍ර අපි බැඳලා මෙතන ගැටගාලා මැරුවත් කමක් නැද්ද.."

"හහ්හා!! උඹලා හිතනව නම් රුද්‍ර අහුවෙයි කියලා.. ඒක කීයටවත් වෙන්නෙ නෑ.. වෙන්නෑ නෙමේ ඒක කරන්ඩ බෑ!!"

මං හිනා උනා.. හිනාවෙලා සද්දෙට කතා කරන ගමන් ෆෝන් එක අරන් බැල්කනි එකට ගියෙ රාහුල් ඇහැරෙයි කියලා.. ඇඬුවොත් මට මෙවෙලෙට ගෙයින් එළියට පැනගන්න ලැබෙන්නෙ නෑනෙ.

මම අද මගෙ ඇත්ත චරිතේ එළියට දාන්න ඕන.. හිතට බයයි. රුද්‍ර මොන වගේ හැසිරෙයිද.. මං එයාව රැවැට්ටුවා කියයිද?... ඕනම දේකට බලාපොරොත්තු වෙන් මට එහෙනම් අද එළියට බහින්න වෙනවා.. මම ඔයාට කරපු ආදරේ බොරුවක් නෙමේ රුද්‍ර..

"හොඳයි... නෑ කියනව නම්... අපේ රුද්‍රගෙ අහිංසක රූහා බබාට පුළුවන් මම එවන ෆොටෝ ටික්ස් බලලා තීරණේකට එන්න.. තමුසෙ ආවොත් තමුසෙගේ දරුවගේ අප්පා රැකෙයි.. එහෙනං අපි තිබ්බා!"..

දේව්... උඹගෙ අවසානෙට දැන් හොඳටම ළං වෙලා තියෙන්නෙ...

වට්සැප් එකට ආව ෆොටෝ වගයක් එක්ක මම ශොක් වෙද්දී මගෙ අතින් ෆෝන් එක බිමට අතෑරුනා.. ඒ හිටියෙ මගෙ රුද්..ලේ පෙරන් පුටුවක එයාව ගැටහල තිබ්බා වගේම එයා වටේ කටු කම්බි ඔතපු ලොකු පොලු අරන් මිනිස්සු හිටියා..

ගේ ඇතුළට වෙලා ඉන්න කියල තදින්ම රුද්‍ර කියල ගියත් මට තව නම් ඉන්න බෑ කියලා තේරෙද්දී මං අත් දෙකට රාහුල්ව වඩාගෙන ඉක්මනට ෆෝන් එකෙන් කෝල් එක ගත්තා..

"ඉක්මන් කරන්න.. it's urgent. Come to my house.."

කෝල් එක කට් වෙලා ගිහින් විනාඩි දහයක් යන්නත් කලින් ගේ ඉස්සරහ වාහන කීපයක් නවත්තද්දි මම පැටියවත් අරන් එළියට බැස්සා..

"රුහාන්??"

"මට යන්න වෙනවා..නිකිතා පුතාව තියාගන්න. මට මොනව හරි උනොත් මේ දරුවව පරිස්සමට රුද්‍ර අතට දෙන්න"

"රුහාන් ඒත්... ඔයා යන එකකට අපි ලෑස්ති වෙලා හිටියෙ නෑනෙ.."

"කරන්න දෙයක් නෑ. කියපු දේ කරන්න..."

දැනටමත් වට කරලා රුද්‍රගෙ ගාර්ඩ්ලව අල්ලන් ඉඳපු මිනිස්සු දිහාට මම බැල්මක් දීලා කළු ටී ශර්ට් එකට කළු බොටම් එක ඇඳගත්තා.. රුද්‍ර ගාව හුරතල් උනහම උඹ මම දුර්වලයි කියල හිතුව නම්

දේව් උඹට වැරදිලා..

"මෙතන ලොකේශන්... ඔහොම නවතින්න... පැයකින් ඇතුළට එන්න.. සිග්නල් එක දෙන්නම්.. පණ පිටින් හැමෝම ඕනෙ."

වාහනෙන් එළියට බැස්ස මම මූසල පාට හෝල් එක ඇතුළට ඇවිදන් යද්දි මගෙ අය එළියෙ හිටියා.....

අහිංසක රුහාන්ව රුද්‍ර පිළිගත්තට මාව පිළිගනීද?..

මං හිතන්නෙ මෙච්චර කල් හැමෝම රැවටුනා.. මං රවට්ටන්න හිතුවෙ නෑ.. ඒ උනත් මම කිව්වෙ නෑ.. ඒක රැවටීමක්ද...

කොරිඩෝ එකෙන් මම ඉක්මනට දොරක් අස්සට පැනගත්තා.. මාව පහු කරන් රුද්ගේ ගාර්ඩ්ලා දෙන්නෙක් යද්දි කාමරේ ඇතුළෙ ඉඳපු කෙනෙක් මාව මිරිකලාම අල්ලගත්තා..

මගෙ හිත වේගෙන් ගැහෙද්දි කරුවලේ උනත් හිතේ මිම්මට පාරක් ගහන්න පුළුවන් කියල දැනුණා උනත් මම ගහන්න හැදුව අත පාතට දාගත්තෙ මට ඇහුන කටහඬට...

"කුට්ටි!! ඉංගේ යෙන්න පන්‍රවේන්??"

"අනේ මගෙ රුද්!!!"

හිර කරන් ඉඳපු කඳුළු පල්ලම් බහිද්දි මම එහෙම්ම රුද්ගෙ පපුවට ඔළුව තියාගත්තා. එහෙනම් මම හිතුවා හරි.. අර පුටුවෙ හිටියේ එයා නෙමේ.. මම රැවටුනා මං හිතන්නෙ..

"නාඬා ඇයි කියන්න. මං ගෙයින් එළියට බහින්න එපා කිව්ව නේද?"

"රුද්.. මට.. මට ඔයාගෙ ෆොටෝ වගයක් ආවා.. ෆොටෝ කීපයක් මගෙ අතට ආවනේ... බැඳලා දාලා... ඔ..ඔයාව..."

"ශ් ශ්... සරි.. කෝ මේ බලන්න.. එනක්කු ඔන්නුම් ඉල්ලේ පා.. ගෙදරට යන්නකො. මෙතන රැඳෙන්ඩ එපා.. පෝංග කුට්ටි.."

"මුඩියාද රුද්.. නා පෝග මාට්ටේන්..."

රුද්‍ර නළලෙ ඇඟිලි වලින් තද කරගද්දී මම ලාවට ඇහුන සද්දෙකට පිටිපස්ස බැලුවා.. අණ්ණා... අන්නා එක්ක එයාගෙ ගාර්ඩ්ලා සේරම අහක බලන් ඉද්දි මං දැක්කෙ පොඩි කාණුවක් වගේ එකක දොරක් වහන එයාලගෙ රව්ඩියෙක්. එයාල පැය ගාණක් මේකෙන් බඩගාලා..

"රාජ්.. රුහාන්ව අරන් ගෙදර යමන්.."

"වේන්ඩා රුද්.. මට යන්න බෑ.. මං කරදර නොකර ඉන්නම්කො.."

"කරදර නොකර ඉන්න අපි ක්‍රීඩාවක් කරනව නෙමේ රූහා.. තේරුම් ගන්ඩ.. මෙතන ඉන්න එක ඩේන්ජර්.."

"මට පුළුවන්... වෙඩි තියන්ඩ පුළුවන්..ආහ්-"

ඩෝං!!!!

සද්දෙට ගේට් එක ගාවින් බෝම්බ් එකක් පුපුරද්දී මං රුද්ගෙ පපුවට ඇකිළුනා.. හිත කලබල කරන් ඉඳපු මම බය උනා..

"ළඟින්ම ඉන්න.."

"හ්ම්..."

අණ්ණා.. ඉක්මනට මෙතනිම් ගබඩාවට පැනගන්න ඕන. රුහාන්ව අපි තුන්දෙනා ගාව ඇර වෙන කා ළඟවත් තියන්න එපා. අඩුම අපේ ගාර්ඩ් කෙනෙක්ගෙ වත්. තුන් දෙනා ඉස්සර වෙද්දි මං තුන්දෙනාට පිටි පස්සෙන් මැදි උනා.. කාලයක් ගෙවිලා. මට පිස්ටල් එක හුරු උනෙත් ආයෙ රුද්ගේ පිහිටෙන්.

ඉස්සරහට හම්බෙන හැම ප්‍රතිවාදියෙක්ටම එකපාරින් මැරිලා යන්න වෙද්දි සයිලන්සර් දාපු පිස්ටල්ස් නිසා කිසි සද්දයක් ආවෙ නෑ...

ආව දොර ගාව දි මම රුද්ගෙ අතේ එල්ලුනා.. පරිස්සමෙන්

ඔළුව වැනුව රුද් අතිම් දොර කැඩෙද්දි ඇතුළෙ මං එනකන් බලන් ඉදපු දේව් ගැස්සිලා ගියා... ආයමත් එයාමයි.. තනිකර රුද්‍රමයි.. මගෙ රුද්‍රගෙ සම්පූර්ණ රූපෙමයි..

"රුද්‍රගෙ අහිංසකයා රුද්‍රවත් එක්කන්ම ඇවිත් නේ.."

මං රුද්ගෙ ශර්ට් එක කිටි කිටියේ මිරික ගද්දී එයාට නොදැනෙන්න රුද්ගෙ ඉණේ මගෙ අතේ තිබ්බ පිස්ටල් වලින් එකක් ගැහුවා...

දේව්!! උඹ කරන ලොකුම වැරැද්ද තමා මාව අඩු තක්සේරු කරන එක...

එක පාට්ටම දේව්ගෙ ගාර්ඩ් එක තැන තැනින් මතු වෙද්දි රුද්ගෙ රව්ඩිලා ගන්ස් එළියට ඇදල ගත්තා..

ආයෙමත් අර මූසල බය හිතට එද්දී මං බලාගන ළඟම ඉඳපු මිත්‍රන් මගෙ දිහාට බැල්මක් දීලා දේව් දිහා බලනවා..

මැරිලත් අත් නොහරින යාලුවෝ...

ඒ බැඳීම් මාරයි එක අතකට...

නොහිතුව වෙලාවක දේව්ගෙ අතේ තිබ්බ ගන් එක අපෙ පැත්තට දික් උනා වගේම ඒකෙන් උණ්ඩයක් එළියට ආවෙ එතන වෙඩි හුවමාරුව ඇවිස්සෙද්දි..

"ශූට්!!"

කන් දෙක පුපුරලා යන වෙඩි සද්ද එක්ක මාවත් ඇදගෙන රුද්‍ර පැනගත්තෙ පරණ බොක්ස් වගයක් පිටිපස්සට. අපිට කෙලිම්ම එහාපැත්තෙ තිබ්බ කැඩුණු බිත්ති කෑල්ලකට හේත්තු වෙලා රාජ් වගේම ආදි අණ්ණත් ඉද්දී එයාල එක්ක බැල්මවල් හුවමාරු කරගත්ත රුද් මාව ඇඟට තද කරන්ම එතනින් එළියට ඔළුව දාලා වෙඩිල්ලක් තිව්වෙ මගෙ කන එක අතකින් වහන ගමන්..

"මං ඉන්නවනේ.. බය වෙන්නෙපා.."

දිගින් දිගටම රුද්‍ර මුමුණද්දි මටත් මැදිහත් වෙන්න ඕන උනත් රුද්‍රගෙ අසීමාන්තික ආරක්ශාව එක්ක මට මුකුත් කරගන්න බැරුව ගියා..

විනාඩි පහලවක් යන්න ඇති.. රුද්ගෙ අතේ තිබ්බ ගන් එකේ බුලට්ස් ඉවර වෙද්දී.. රුද් කලබල උනා කියල පෙනුනෙ නෑ.. දැනටම බාගයකටත් වඩා ලේ පෙරන් වැටිලා ඉද්දි මාව එහෙම්ම තිබ්බ රුද් කොහෙටවත් යන්න එපා කියල අඩි තිබ්බෙ අණ්ණයි රාජුයි දෙන්නම එයා එක්ක එකතු වෙද්දි..

ඉස්සරහට එන සේරටම පාර පිට පාර ගහන ගමන් තුන්දෙනා දේව් ගාවට ගියත් පිටිපස්සෙන් රුද්ට ගන් එක දික් කරන් ඉන්න එක්කෙනෙක් ගාවට මගෙ ඇස් ගියා වෙද්දි ඉඳපු තැනින් එළියට ආව මම ඉක්මනට එළියට පැන්නෙ කෑගහන ගමන්..

"අනේ එපා-හ්.........."

විනාඩියකට සේරම සයිලන්ට්වෙලා යද්දි මං ඇස් ඇරියා.. කොන්ද හරියෙන් දැනුන වේදනාවත් මගෙ කම්මුල් තෙත් වෙනවා වගේ දැනුණ උණුසුමත් එක්ක වහන් ඉඳපු ඇස් මම අරිද්දි මං හිටියෙ පපුවකට හේත්තු වෙලා...

ඒ පපුවෙන් ලේ එළියට විදිනවා...

"අ-ණ්-ණා... ආදි අණ්ණා...!!"

මගෙ කටහඬ දෝංකාර දෙන්න ඇති.. උණ්ඩ ඉවර කරගත්ත දේව් බයගුල්ලෙක් වගේ හැංගිලා ඉද්දි ඌ ගාවට යන එක පරක්කු කරපු රුද්‍ර අතට අහු උණ යකඩ උලක් කෙලින්ම යැව්වෙ වෙඩි තියපු කුලී මැරයගෙ බෙල්ල පසාරු කරගන යන්න..

"අණ්ණා.. අනේ අණ්ණා..."

රාජ් අපි ගාව දණ ගහගද්දි අණ්ණා ගෙ අත අතරෙ හිර වෙලා ඉඳපු මම දැක්කෙ දේවා එළියට පැනගන්න යනවා...

"රුද්.. ඉනේ තියන ගන් එක යූස් කරන්න!!"

ඒ පිස්ටල් එක මගේ.. මගෙ රාජකාරී පිස්ටල් එක.. රාජ් අණ්ණව එයාගෙ තුරුලට ගද්දි මම නැගිට්ටා. ඒත් එක්කම රුද්ගේ අතේ තිබ්බ මගේ ගන් එකෙන් උණ්ඩයක් වැදුණේ දේවාගෙ දණිස් කට්ට කුඩු වෙලා යන්න...

එතනට ගියපු රුද් ආවේශයෙන් වගේ දේවට ගහගෙන ගහගෙන යද්දී මගෙ එහා පැත්තෙන් හිටගත්ත මිත්‍රන් කතා කරා...

මං කිව්ව එක ඇත්ත වෙනවා.. කෙනෙක්ට යන්නම වෙනවා...

මං මිත්‍රන්ව කෙයා නොකර ඉක්මනට දිව්වෙ රුද් ගාවට.. මේ වෙද්දි රුද්ගෙන් ගුටි කාලම දේවගේ නහයෙන් කටින් ලේ එන්න අරන් තිබ්බා වගේම මං රුද්ව ඇදල ගන්න ට්‍රයි කරා.. මට වඩා දෙගුණයක් ලොකු එයාව මම කොහොම අදින්නද

දේවා රුද්ව පෙරළගද්දි මට කරන්නම දෙයක් නැති තැන මගේ ගන් එක එළියට ගන්න උනේ නිල් රතු සයිරන් එළියයි සද්දෙයි අපි ඉඳපු තැනට වටෙන් ඇහෙද්දි...

"සෙල්ලම ඉවරයි දේව්! ඉන්දීය රහස් පොලිසියෙන් තමුන්ලව අත්අඩංගුවට ගන්නවා.."

ගන් එක දික් කරන්ම මම ළඟදි ආය ගෙන්න ගත්ත මගේ අයි ඩී එක පෙන්නද්දී රුද්ගෙ කට කොණේ ලාවට හිනාවක් ඇඳිලා මැකිලා ගියා..

දේව්ට පයින් පාරක් දුන්න මම පපුව උඩින් කකුල තියා ගද්දි දැනටම දේව්ගෙ සේරම හෙංචයියෝ මැරිලා වැටිලා හිටියා...

"Arrest them."

රුද්ගෙ පුදුම උණ බවක් නැතිවෙද්දි රාජ්ගෙ ඇස් ලොකු වෙලා තිබ්බා.. රුද් වගේම රාජ් ගාවත් දැනටම එයාලා ඇරෙන්ස්ට් කරන්න කට්ටිය ලෑස්ති වෙලා හිටියෙ..

රුද්ගේ අත් වලට මාංචු දාන්න යද්දිම හැරිලා ඒ ඔෆිසර්ට වෙඩි තියපු මම ගන් එකේ තිබ්බ උණ්ඩ සේරම ඉවර වෙනකං හිතන්නවත් වෙලා නොදී එතන ඉඳපු සේරම ඔෆිසර්ලාට වෙඩි තියන් තියන් ගිහින් එතන ඉන්න ලා බාලම කොල්ලව අතෑරියා..

"වරප්‍රසාදෙ උඹට. වෙඩි හුවමාරුවෙන් සියලුදෙනාම මැරුණා.. කියල කියවෙන්නෝන ම්ම්.. එතකොට මේක භාර දෙන්න පුළුවන් ඔෆිස් එකට.."

කොල්ල ඔළුව උඩට පල්ලෙහාට කරද්දි මම මගේ නිළයෙන් අයින් වෙන්න සේරම බැජ් ටික කොල්ලගෙ අතට දුන්නා..

මම රුද් දිහා බලද්දි තේරුම් ගත්ත එයත් එයාගෙ අතේ ගන් එකෙන් දේව්ට උණ්ඩ ඉවර වෙනකන්ම තිබ්බා...

හැමදේම ඉවරයි..

"කැහ් කැහ්!!!"

"අණ්ණා..."

"ඔන්නුම් ඉල්ලේ අණ්ණා.. අපි බේරගන්නම් ඔ-"

"ශ්හ්.. එනක්කු පෝග වේනුම් රුද්‍ර.. මට යන්න දෙන්න... එයා බලන් ඇති මම එනකන්.. පණ දීලා මං උඹලව රැක්කා."

"අණ්ණා-..."

රුද්ගේ ඇස් වලට වගේම මගේ ඇස් වලටත් කඳුළු දෙන ගමන් ආදි අණ්ණා එයාගෙ ආදරේ හොයන් යන්න ගියේ මුළු ගබඩාවම සොහොනක් වෙලා තියෙද්දි...

"රාජ්.. සේරම මෙතන ගිණි තියමු. අණ්ණව අරන් යමු.. පිළිවලට වැඩ වෙන්න ඕන.."

"මං ගැන තරහක් නැද්ද රුද්?"

මගෙ අත තද කරලම අල්ලන් ඇවිදන් යන රුද්ගෙන් මම ඇහුව.. ඇවිදින වේගෙ බාල කරපු එයා මගෙ උරිස්සට අතක් තිබ්බා...

"මගෙ කුට්ටි හිතුවද... මම ඔයා ගැන මොකුත් දන්නෑ කියල ම්ම්?.. එනක්කු එල්ලාම් තෙරියුම් ඩා!! මට අනතුරක් කරන්න බෑ කියල මම දන්නවා.. මොකද මගෙත් මගෙ කුට්ටිගෙත් ආදරේ බොරුවක් නොවෙන නිසා.."

"මම මුලින්ම ඉන්ඩියන් රහස් පොලිසියට බැඳුනේ අම්මගේ මරණෙ ගැන හොයන්න.. ඒක මෙතනට සම්බන්ධ උනා.. මම සේරමගෙන්ම අයින් උනේ රුද් ඔයා ගාවට ආව ගමන්මයි... මට ඕන උනා මගෙ රව්ඩියා එක්ක සතුටෙන් ජීවත් වෙන්න..."

"ශ් ශ්.. මං දන්නව හැමදේම ම්ම්.. මට ඕන උනේ දිග කාලයක් ට්‍රේන් එකක් ලැබුන නැති ඔයාව ට්‍රේන් කරන්න.. මං ඒක කරා... හැබැයි මගෙ කුට්ටිගෙන් මෙච්චර දෙයක් බලාපොරොත්තු උන්නෑ.."

"රුද්!..."

දැනටම කළුවර වැටිලා තියෙද්දි මම දැක්කෙ ලා කහ පාට එලියක් විහිදන ගමන් ඈතට ඇදිලා යන මිත්‍රන්ව... ඉක්මන් අඩි තියල මං ඒ පස්සෙ යද්දි මං එක්කම ආව රුද් මං නවතිද්දිම නැවතුණා...

මිත්‍රනුත් නැවතුණා.... එහා හිමින් අපේ පැත්ත හැරිලා හිනා වෙද්දී මගෙ මූණෙත් සැනසිලි දායක හිනාවක් ඇඳුනා...

"මං යන්නම්... ඊලඟ ආත්මෙ මුණගැහෙමු.. රුද්‍ර... ස්තූතී හැමදේකටම.. රුහාන්... පරිස්සමෙන් ඉන්න.."

කහපාට කුඩු කුඩු වෙලා එයා යන්න යද්දි මම රුද්ගෙ පපුවේ ඔළුව ගහගත්තා....

සේරම ඉවරද එතකොට... හැමදේම විසඳුනා එහෙනම්...

"ගෙදර යමු.. මට මගෙ කුට්ටිලා දෙන්නා නිවී හැනහිල්ලේ ජීවිතේ පළවෙනි වතාවට හුරතල් කරන්න පුළුවන්..."

___________________________________________________

🥺

Share This Chapter