Back
/ 51
Chapter 7

...හත්වෙනි පරිච්ඡේදය

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"වාංග"

එයා මගෙ තුවාල නැති අතින් අල්ලල එලියට එක්කන් ගියා... දෙයියනේ පරයියො විමානයයි.. මට හිනා ගියා. එයාගෙ කොණ්ඩෙ රැඳිලා තිබ්බ සුදුපාට පරයි පිහාට්ට අයින් කරපු මම ආයෙ වත්ත දිහා බැලුවා වෙද්දි වැඩට ඉන්න කෙනා දාපු වී උන් ඇහිදිනවා. අනේ වැඩට ඉඳපු කෙනා උන් පාරෙ පන්නනවා. දැන් ඉතින් හෙට ඉඳන් තැනක් හොයාගන්න වෙයි වී වේලෙන්න දාන්න. අර කතාවටත් කියන්නෙ.. කොච්චර වටින වාහනයක් උඩ උනත් අම්මා අනිවාරෙන්ම එක්කො රෙදී වේලනවා. නැත්තන් මිරිස් වේලනවා.. ඒ වගේම රුද්‍රගෙ අම්මත් කොච්චර ලොකු මන්දිරයක් වගේ ගෙයක් උනත් ගෙදර ඉස්සරහ වී වේලනවා.. මොනවා උනත් අම්මලානෙ. කල්පනා කර කර ඉඳපු මම රුද්‍රගෙ කටහඬින් ආය හරි සිහියට ආවා. එයා මගෙ ඉස්සරහට දික් කරන් හිටියෙ අතේ තිබුණ ලොකු පරයි කූඩුව වෙද්දි මං එයා දිහා බැලුවා

"මෙයා හීලෑ. ඔයාගෙ තනියෙට."

හරිම හීන් හිනාවක් මූණෙ ඇඳගත්ත එයා කිව්වෙ අතේ ඉඳපු පරෙයියා පෙන්නලා. ඒ හිනාව හිනාවක් කියන්නත් බෑ. අනේ මංදා ඒක ඒ තරම් සිහින්. මේ මනුස්සයට මං ආදරේ කරලත් කොහොමද දෙයියනේ මේ ණය පියවන්නෙ? මං ඒ මූණ දිහා බලන් හිටියා.

"ඇයි අද බනින්නැද්ද ම්ම්?"

එයා අහද්දි මට දැනුනෙ මං ගැනම මහ ලොකු ලැජ්ජාවක්. මං මොනවද එයාට නොකිව්වෙ? මං හිතන්නෙ දැනටමත් එයාගෙ හිත රිදිලා ඇති. අනේ රිද්දපු හිතක් මං කොහොමද සනීප කරන්නෙ? මං එයාට හිනා උනා. ඒ එක්කම එයා පපුව අල්ලගන අඩි දෙක තුනක් පස්සට ගියා. එයාගෙ ඇස් දිළිසෙනවා. හිනාවක් නැති මූණෙ පුදුමයක් වගේම ඇස් වල මහ විශාල සතුටක් තිබ්බා. අනේ දෙයියනේ මේ මනුස්සයාට මක් වෙලාද.

"ඔ-යා.. මං වෙනුවෙන් හිනා උනාද?"

එයා අහද්දි මට කඳුලු පිරුනා. අනේ දෙයියනේ මේ මනුස්සයා හරි ආදරණීයයිනෙ.

"ඔය ඇති කුට්ටි මට ඔය හිනාව හොඳටම ඇති. දැන්නම් ජීවිතකාලෙටම මං ඔය හිනාවෙන් ජීවත් වෙන්නම්"

රහස් කතා කරපු එයා මගෙ අතට අර සුදුපාට ලස්සන ඇස් රතු පරෙයියා දීලා මගෙ කොණ්ඩෙ අව්ල් කරා. එයා යන්න යනවත් එක්කම මමත් කාමරේට ඇවිත් පරෙයියව කූඩුවෙන් එලියට ගත්තම පරෙයියා මගෙ ඇඟේ වැහුවා..

"මොකෝ..මොකෝ... යෙන්න කුට්ටී...මොකද්ද මම ඔයාට කියන නම? මං ඔයාට චිකූ කියන්නද?"

මං පරෙයියා එක්ක කතා කරද්දි දොර ඇරුනා. මං ඒ දිහා හැරෙනකොට ඒ දොර ඇතුළෙන් ආවෙ රුද්‍ර වෙද්දි එයා අතේ මල්ලක් තිබ්බා..එකක් නෙමේ දෙකක්. එයත් ඇවිත් මං ගාව ඉඳගෙන මට එතනින් එක මල්ලක් දික් කරා. මොනවද? පැණිවළලු සුවඳයි. මම ඒක අත් දෙකෙන්ම අතට ගත්තා වගේම මං ඉක්මනට ඒක ඇරියා.. අනේ පැණීවලලු තමයි. අනේ මගෙ ඇස් වලට කඳුළු පිරුනා. මට මගෙ ජීවිතේ පලවෙනිපාරට එයාගෙන් තෑග්ගක් ලැබුනා. නෑ ජීවිතේ පලවෙනිපාරට නෙමෙයි. ඒත් මං දැනුවත්ව ලැබුන පලවෙනි එක මේ. ම්ම් මං ස්තූති කරන්නද? එයාගෙ මූණේ තිබ්බ හිනාව දැක්කාම අනේ මගෙ හිත පිරිලා ගියා. මේ මනුස්සයා ඇත්තටම මට වඩා හොඳ කෙනෙක් ලැබෙන්න ඕන තරම් වටිනාකමක් තියන මනුස්සයෙක්. මං ඇඳ උඩ තිබ්බ එයාගෙ ඩයරි ටික හිමීට කොට්ටේ අස්සට දැම්මා වෙද්දි එයා අතේ තිබ්බ අනික් පාර්සල් එක දිගෑරියා වගේම ඒක ඇතුළෙ තිබ්බෙ වී.. අනේ එයා පරෙයියාට වී ගෙනත්. එයා මගෙ අතට වී ටිකක් දැම්මා වගේම පරෙයියා ඇවිත් අතේ වැහුවා.

"එයා තාම සින්න කුට්ටි..හරියට ඔයා වගේ."

මුල් ටික හයියෙන් කියපු එකා අන්තිම ටික හිමීට කිව්වා වෙද්දි මං එයාට හිනාවක් පා කරලා යැව්වා.

එයත් හිනා උනා. ඉතින් මහා වචන ගොඩක් කතා නොකර මේ ආදරේ බෙදන මනුස්සයා දිහා මම බැලුවා. අනේ මගෙ පපුව පිරීලා ගියා. මට ඉස්සෙල්ලම එයාගෙ දිනපොත් කියවල ඉවර කරන්න ඕන. හැබැයි මම කැමති නෑ එයා ඔය ඉන්න විදියට නම් මං කැමති කලින් ඉඳපු නළුවා වගේ ලස්සන එක්කෙනාට. මෙහෙමත් ලස්සනයි, ඒ උනාට වයස පේනවා. කොහොමත් ලස්සනයි එයා. ලස්සනටත් වඩා එයාට මාරම පෞරුශවත් පෙනුමක් තිබ්බා.

"අපේ කුට්ටිගෙ පෙයර් එන්න?"

"චිකූ"

මං කියද්දි එයා පරෙයියව අතට ගත්තා.

"යෙන්න කුට්ටී.. චිකූ.. ඉනිමෛ නානුමිවරුම් දාන් උනක්කු අප්පා.. තෙරියුමා?"

එයා අහද්දි අපි දෙන්නම එයා දිහා බලන් හිටියා. අපි දෙන්නම කිව්වෙ මමයි මගේ අලුත් කුරුළු යාලුවයි. එයාගෙ විදියට මගෙ කුරුවි පුල්ලෛ. ඊගාවට එයා එලියට ගියෙ මටත් කන්න එන්න කියාගෙන වෙද්දි මම නැගිට්ටා. නැගිටලා කාමරේ ජනෙල් දොරවල් වහලා දාලා කන්න එලියට ආවා..

:

:

:

:

"අවර් හරිම අහිංසක පෙනුමයි. පෙයර් රුහාන්ලු, ඒ කණ්ගල් රොම්බ අලගාන, අන්ද සිරිප්පු රොම්බ අලගාන.. මම අදත් මා අතේ චොක්ලට් එකක් යැව්වා. එයා ගන්න දිහා මං බලන් හිටියා. එනක්කු රොම්බ සන්තෝශම්."

.

.

"රුහාන්ගෙ ගෙදරින් සද්ද වගයක් ආවා..එලියට ඇවිත් බැලුවත් කවුරුත් නෑ. මට බයයි නින්ද යන්නෙ නෑ. අම්මයි එයයි තනියන් ඉන්නේ. එනක්කු රොම්බ බයමාර්ක. තූක්කුම් වරාද. මං නිදාගන්නෙ නැතුව ඒ පැත්තට පුටුවක් තියන් ඉඳගෙන ඉන්නවා.. හොඳටම වහිනවා"

.

.

"මං අහගෙන රුහාන් ඉස්කෝලෙ ගමන නවත්තනවා කියනව. එහෙම කොහොමද නේද මං අම්මව යැව්වා එහෙට පොඩ්ඩක් අවුස්සලා එන්න කියල.. මං ඉගනගත්තෙ නැතුවට අවර් හොඳට ඉගනගන්නව නං මම කැමතියි."

.

.

"හදිස්සියෙම මට වැඩ වගයකට යන්න වෙනවා. එන්න වෙන්නෙ හවස. මං ඉක්මනට එනවා. මට දැන් එයාගෙ මූණ නොදැක ඉන්න බෑ"

.

.

"මං ආවා..එයාට ඉන්දියාවෙන් චොක්ලට් ගොඩක්ම මම අරන් ආවා. ඉතින් අද ඉඳම් මමත් ලංකාවෙ වගේම ඉන්දියාවෙ නමගියපු පාතාලකාරයෙක්. මං හිතනවා මට එයාව රැකගන්න පුළුවන් කියල වගේම දැන් දිගටම මට ඉන්දියාවට යන්න වෙනවා. අපේ ප්ලේන් එකක් පාවිච්චි කරන්න තිබ්බා නම් කරදර අඩුයි."

.

.

"මට අදත් යන්න වෙනවා. දවස් ගානකට පස්සෙ. අදනම් කිසිම හොඳ හැඟීමක් හිතට දැනෙන්නෙ නෑ.. රුහාන් පරිස්සමට ඉඳීනේද? මට එයාගෙ මූණ බලන්න ඕන උනා වගේම කවදාවත් නැතුව එයාගෙ ෆොටෝ එකක් ගහගත්තා..."

______________________________________________________________

මට නිදිමතයි දෙයියෝ..

ඒ මදිවට මට වඩා අවුරුදු දෙකක් බාල මල්ලි බබෙක් යාලුවෙන්න අහනව.

මහන්සී අනේ අද පාරෙත් එක්ක

ඉක්මනට දිග එපියකින් එන්නම් සමාවෙන්න අද පොඩ්ඩයි. මිස්ටේක් ටියනවනම් සමාවෙන්න නිදිමතේ ලිව්වේ

ඉක්මනට දෙකක් තුනක් දාන්නම් එපි. පරිස්සමට ඉන්න මං ගිහින් එන්නම් ආදරෙයි හැමෝටම

Share This Chapter