Back
/ 40
Chapter 17

16 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

"නිවේන්...."

"ඇයි...."

"කවුරු දොරට තට්ටු කරත් දොර එහෙම අරිනවා නෙවෙයි....."

"හරි හරි අනේ දැන් ඕක නැගිටපු වෙලේ ඉදන් කීපාරක් කීවද...."

"බොට කොච්චර කීවත් ඔච්චර තමයි...උණ විකාරෙන් එච්චර හරියක් කරගත්ත එකේ හරි සිහියෙන් ඉද්දි මොනවා කරගනීද කවුද දන්නෙ...."

"කෑගහන්න එපා අප්පා පැංචට තවම උණ හොද නෑනේ..."

"දීපන් ඔය ලෑම්ප් එක...."

"හෑ....."

මුට පිස්සුද අප්පා....මේ අහිංසක මට කෑගහලා කෑගහලා ඒ පාර ලෑම්ප් එකක් ඉල්ලනවා...මේකා මේ ඉර එලය වැටෙන්නත් කලින් ඉදන් මට බනින්නෙ ඊයෙ උන දේට..පිස්සු යකෙක් මහ...හරියට නිකන් මම අර යකාව බලෙන් ගෙට අරන් උට කියලා ඉබගත්තා වගේනෙ මූ මේ කියවන්නෙ....මම ඒක අමතක කරන්න කියලා හදද්දි මූ ආයෙ මතක් කරනවා...හනේ ගහපන්කො මුට එකක්...

මෙහෙමනෙ උනේ හරිද...අර යකා මාව sofa එකේ පෙරලගෙන ටික වෙලාවක් යද්දි තාප්පයා ආවනෙ...හැබැයි ඔන්න පැංචට මතක තාප්පයා අර යකාට ලේ එන්නම ගහපු එක විතරයි...උණ විකාරෙන් හිටපු නිසාද මන්ද වෙන මුකුත් මතක නෑ...මම ඒත් අද උදේ ඔලුවටත් එකක් ගහගත්තා මතක් වෙයිද බලන්න...කොහෙද මේ සෙසඳුවා මට පයින් ගැහුවනෙ ඇදෙන් බිමට වැටෙන්නම...ඒ පාර ආයෙම පැංචගෙ මොලේ හෙල්ලුනා...දැන් පැංචට පැංචගෙ නමවත් මතක නෑ...මිහුක්...මේ සෙසඳුවගෙ ඇට දෙක පල්ලා පැංචා මේ ඇත්තමයි කියන්නෙ හරිද ඒයිලා..හැබැයි පොඩි අවුලක් තියෙයි...අනේ ඔන්න මටනම් කමක් නෑ...ඒ උනාට ඉතින් නොකියත් බෑනේ...ඒ නිසා කියන්නම් හාද...අර තාප්පයා ඊයෙ ඉදන් මගෙ මූණවත් බලන්නෙ නෑ අප්පා...අනිත් වෙලාවට නම් නයා වගේ..කොයි වෙලෙත් පුප්ප ගත්ත ගමන්..ඒකට දැන්.....හනේ ඕකනම් කතා නොකරට කමක් නෑ...ඒත් ඔය මුස්පේන්තුවා මාව ඊයෙ සෙසඳු කොම්ලට පාවලා දුන්නනෙ...ඊව් ඔලමොට්ටල ගං කබරයා...දැන් පේනවනෙ පැංචා බොරුවට බැනුම් අහනවා...බොරුවටමත් නෙවෙයි ඉතින් එහෙමයි කියලා ඔහොම බනින්න ඕනෙ නෑනේ නේද...

"ආව්වා......මොකද ටුක්කන්නෙ ඈ..."

"ටුක්කන්නෙද...ටුක්කන්නෙ උක්කන්න බැරි හින්දා....."

"හෑ......මොකක් උක් කන්න කෝ කොහෙන්ද..."

"මට ගහන්න ඕනෙ උබට මේවා කියනවට....මොලයක් නෑ...."

"අනේ මේ ඒයි තමුසෙට මගෙ මොලෙන් වැඩක් නෑනේ....ඉදා තොට...."

"නිවේන්!........"

ආවා මෙතන උක් කවන්න....මේ උදේ පාන්දර මොන උක්ද කියන්නකො අනේ....අනේප් මුට පිස්සු.....හැබැයි ඔන්න පැංචා පොඩි නරක වැඩක් කරා....හේ හේ පොඩී කීවට පොඩිමත් නෑ ඉතින්....මේ මේ මේකයි හරිද.....මූ කලින් ලෑම්ප් එක ඉල්ලුවනෙ...හී හී...මම..මම...මම මුට ලෑම්ප් එකෙන් පස්සට ගැහුවා....ම්ම් ජම්බෝල ගෙඩි දෙකක් වගේ.....මොනවා උනත් මරු පුක ඈ.....මේ පැංචගෙ හිතේ එකයි කටේ එකයි නෑනේ...කියන්න ඕනෙ එක කෙලින්ම කියනවා....හිත හොද දොස්තර වගේ මම තමයි හිත හොද පැංචා.......මූ මේ බොරුවට බෙරිහන් දෙනවා....ඒ උනාට රිදුනද දන්නෙ නෑ නේද.....ඉන්නකො ඉන්නකො පැංචා අතගාලා දෙන්න.....

"ඔය මොකද කරන්නෙ....ගනින් අත අහකට.."

"කෑගහන්න එපා අනේ කෝ එන්න මම අතගාලා දෙන්න....."

"නැතුවට කමක් නෑ...."

මුගෙ ලොකුකම බලපල්ලකො යකෝ....අනේ මට වැඩේමනෙ මුගෙ පුක අතගාන්න....අර තාප්පයට තියනවා ඔයිට වඩා ලොකු පස්සක්..මේවා මොන සිප්පි කටු කෑලිද ඒවා එක්ක බලද්දි.....කුක්කු මිරිකන්න දුන්නා වගේ පස්සත් මිරිකන්න දෙයිද දන්නෙ නෑ නේද...නිවේන් නිවේන් මොනවද උබ මේ හිතන්නෙ ඈ.....පිස්සු උට්ටා.....හනේ ගනන් ගන්න එපා ඒයිලා පැංචට තවම උණ විකාරෙ කියලා හිතන්නකො හරිද....නැතුව මම මොකටද අනේ තාප්පයගෙ පස්ස මිරිකන්න යන්නෙ....මගෙ මොලේට නම් හොදටම ට්‍රැක් අප්පාවේ.....හරිම ඒසයි.....

සෙසඳුවා වැඩට යන්න ලෑස්ති වෙනවා...අහ් කියන්න අමතක උනානේ එයාට අපේ ශෙනුල් අයියගෙ කම්පැනි එකේ ජොබ් එකක් හම්බුනා....හම්බුනා කියන්නෙ එයැයි මෙයාව බලෙන්ම ජොබ් එකට අරන්...බලන්න අනේ තාප්පයත් එකයි තාප්පයගෙ යාළුවත් එකයි....ඔයාලා බැලුවද ශෙනුල් කියන්නෙ කවුද කියලා....හේ හේ ඒ අපේ තාප්ප බොසාගෙ යාලුවා අනේ....මම කලින් එයාටත් බැන්නා තමයි...ඒ ඉතින් පැංචගෙ නොදැනුවත් කමටනෙ අනේ....ඔයාලට කියන්න ඒයිලා ශෙනුල් අයියා හරීම හොදයි....ඊයෙ උන දේ දැනගත්තට පස්සෙ හරීයට දුක් උනා...මාව ලගට අරන් ඔලුවත් අතගෑවා....එයා දැන් මට හරි ආදරෙයි අප්පා....මමත් සූට්ටම සුට්ටක් ආදරෙයි....දැනට....

"තෝ මොකද ඕක කන්නෙ...."

"ඌප්ස් සුමනයා....හනේ මට අමතක උනානේ ඒයි....රිදුනද දන්නෙත් නෑ...."

මම කල්පනාවෙන් කල්පනාව සෝමෙ කොල්ලගෙ කනත් හපලනෙ අප්පා...ඒක දැකපු සෙසඳුවා මෙතන පරල වෙන්න ගත්තෙ නැතැයි....

"රිදුනා පම්කක්.....ඔන්න ඔය කුණුගොඩ විසික් කරපන් නිවේන්.... "

"ආ ආ උබට ඉරිසියයි නේද..."

"කීවා කියලා හිතාගනින්කො...."

මගෙ සෝමෙ කොල්ලටත් කැත කතා කියලා දැක්කද එලියට ගිය ලස්සන....මහ මොකෙක්ද මන්ද....මමත් ඉතින් සෝමෙ කොල්ලවත් කිහිලි ගහගෙන සෙසඳු පස්සෙන්ම ගියා...මොනවා උනත් සුහදව සමුදෙන්න එපැයි අනේ....හා නැද්ද මම කියන්නෙ...

(ඔන්න අපේ පැංචයි සෝමෙ කොලුවයි 🤭❤..මේ මේ හරි උර්තල් )

යනකොටම හම්බුනේ ශෙනුල් අයියා....මම යනකොට එයා සාලෙ ඉදගෙන මේස් දානවා...මේකා පට්ට හැන්ඩ්සම් ඒයිලා...office සූට් එකට තවත් ලස්සනයි....හනේ ඉතින් මගෙ අයියනෙ.....හරි හරි අනේ හිනාවෙන්න එපා විපතක්නෙ උනේ...මිහුක්....අයියා නොවුනට අයියා වගේ තමයි හරිත....හැබැයි ඊයෙ ඉදන්.......

"චූටි....."

"ඕඕ....."

මෙයා ඔය ඊයෙ මට දාපු නම අප්පා...සැජ්ජයිත් එක්කන්...ඒ උනාට ඔන්න මමනම් ඒ නමට කැමති....

"අද වස්සාන ගෙදර හරිද...ඒ නිසා බයවෙන්න දෙයක් නෑ...."

"අනේප් එයා හිටියට පැංචා එක්ක කතා කරන්නෙ නෑනේ අප්පා.....ඔයාට බැරිද ඒයි අද ඉන්න...."

අපෝ අර මිනිහා අද ගෙදරද....බයවෙන්න එපා කියන්නෙ ඔය මිනිහා ඉන්නවනම් තමයි බයවෙන්න ඕනෙ...හැයි අනේ පැංචට වෙනස්කම්මයි කරන්නෙ...මම ශෙනුල් අයියට පොඩි බටර් පාරක් ගෑවෙ එයාව ගෙදර තියාගන්න බලන්....ඒ උනාට මෙයැයිට අද යන්නම ඕනෙලුනෙ....හනේ......

"අදනම් බෑ චූටි අද යන්නම ඕනෙ....අපි ගිහින් එන්කන් පරිස්සමින් ඉන්න හරිද..."

"මන්දිල්.....අපි යමු...."

මන්දිල් කියද්දිනෙ මමත් දැක්කෙ මූ නිකන් අයියව ගිලින්න වගේනෙ බලන් ඉන්නෙ...කතාකරා ඇහුනෙත් නෑ මම හිතන්නෙ.....අර බලපල්ලකො කටත් බාගෙට ඇරිලා...මුට මේ මක් වෙලාද....හෑ....මූ ගල් ගැහිලවත්ද....හනේ දෙයියනේ මයෙ කොම්ලා..

"මන්දිල්..."

අයියා ආයෙම කතාකරා...ම්හ්ම් ඒත් නෑ...තාම හිටපු විදිහමයි....අයියගෙ මූණෙ මට පේන්නෙ නැති මොනවා හරි තියෙනවා වෙන්න බෑද...නෑ ඉතින් මූ මේ මෙහෙම බලන් ඉන්න නිසා ඇහුවෙ....

"මන්දිල්..."

"අහ්....ඔව් ඔව් කෑවා කෑවා...යමු යමු...."

හෑ බොල මොකක්ද ඒ කියපු කුණුහරපෙ...මුට

කවුද දැන් කෑමක් ගැන කීවේ.....මම බලාගෙන ශෙනුල් අයියා හිනාවෙන්න බැරිකමට කට වහගන්නවා....

"ආව්හ්......"

"ඇස් පේන්නෙ නැද්ද මන්දිල්....."

සැක්....සැක්ම සැක්....කොහෙවත් නැති කෑමක් ගැන කීවා මදිවට තව උඩ බලන් යන්න ගිහින් ඔලුවත් වද්ද ගත්තා...ඒකත් බිත්තියේ...යසයි බේසිකයගෙ කල්පනාව...මුට උතුර දකුණ මාරු වෙලාද මන්ද....ඇයි බං අඩියට දෙකට එලියෙ....මම මේ මෙච්චර මූ නිසා කාමරෙන් එලියටත් ආවා...මම උන්නද මලාද බැලුවෙ නෑ ඌ ගියා....පුදුම යාලුවෝ තමයි මුනුත්....ඒ කරලා අයියත් ගියා වෙද්දි මම කරේ දොරත් වහලා ආයෙම කාමරේට ගිය එක.....

පැංචා මූණත් හෝදගෙන...ඕඩිකොලොන් එකත් ඇගේ හලාගෙන සුවද ගගහම ගියෙ කුස්සියට....සියල්ලට ප්‍රථම කෑම කියනවනෙ...මොනවා කරන්නත් බඩ පුරවන් ඉන්න ඕනෙ....ඊට පස්සෙ බැරියැයි අනිත් දේවල් ගැන බලන්න...මම ඉතින් හොදට බඩ පිරෙන්න කාලා සාලෙට ගියෙ ටීවි එක බලන්න හිතන්....අර යකා මැරිලද දන්නෙත් නෑ...හැයි අනේ දැන් දහයටත් කිට්ටුයි තාම එලියට ආවේ නෑ.....පුකට ඉර එලිය වැටෙනකන් නිදි...හරි ශෝක් ඉලන්දාරියෙක් හැදෙන විදිහ....බලන්න අනේ....

මම ගිහින් ටීවි එක දාදද්ම පටන් ගත්තෙ නැතැයි හොල්මන් film එකක්.....හුහ් ඔයාලා හිතුවෙ මම බයයි කියලද...පිස්සු හැදෙයි සද බැබලෙයි කීවලු...ඔන්න බලන්නකො හොල්මනුත් අද තමයි දැනගන්නෙ මේ නිවේන් කියන්නෙ කවුද කියලා....මම ඉතින් කරේ ගැම්මට කකුල් දෙකත් උඩට අරගෙන film එක බලන්න ගත්ත එක.........ටික වෙලාවක් යද්දි චිම්පන්සියෙකුත් මගෙ එහා පැත්තෙන් ඇවිත් වාඩි උනානේ.....ඔව් ඔව් තාප්පයා තමයි...මේ යකා තාම නිදි....අර බලපල්ලකො ඔලුවත් කසනවා.....මූ මේ මගෙ එහා පැත්තෙන් වාඩිවුණේ වෙන ඉදගන්න තැනක් නැතිකමට.....හැයි අනේ අනිත් හැම පුටුවකම රෙදි දාලා.....කිසීම පිලිවෙලක් නෑ අප්පා....

(ඔහොම කියලා හිතාගන්නකො හරිද🤧😴)

මමත් ඉතින් ඕන පුපක් ප්‍රීති වෙසක් කියලා මේ යකාව ගනන් නොගෙන ආයෙම film එක බලන්න ගත්තා...හනේ මට වැඩේමයි මූව ගනන් ගන්න....හරි හරි ඉතින් මාව බේරගත්තා තමයි....එහෙමයි කියලා second වෙන්න...හහ් ඒවනම් හදේ පුතෝ.....

"බුදුඅම්මෝ......බේරගනියෝ....."

"නිවේන්!........"

හනේ කොණ්ඩෙ කඩාගත්ත ලේ පෙරාගත්ත එකියක් ඇගට පනින්න ආවනෙ....දෙයියනේ දෙයියනේ මම මොකක්ද මේ කරේ....බයවුණ පාර මම නැවතුනේ තාප්පයගෙ ඔඩොක්කුවේ...හරි ශෝක් හරීම ශෝක්....ඒ මදිවට බෙල්ල වටේ අත් දෙකත් දාගෙන....මොන නවනිංගිරාවක්ද යකෝව් මට මේ උනේ....මම පැන්න පාරද මන්ද බාගෙට නිදන් හිටපු එයත් ඇහැරිලා....ටිකක් වෙලා බයවෙලා වගේ මම දිහා බලන් හිටපු එයා කරේ සුපුරුදු පරිදිම මට කෑගහපු එක....හනේ මගෙ කන යකෝ....කන් බෙරෙත් පැලුනද මන්ද...එක අතකට මටත් හොද වැඩේ බැරි මගුල් බලන්න යනවට.....දැන් ඉතින් මේ යකාගෙන් බේරෙන්න එපැයි.....මේ යකා බලන් ඉන්න විදිහට බයත් හිතෙනවා අප්පාවේ....

"සො.....සොරි....."

"කට වහපන් නිවේන්....."

ඔන්න දැන්නම් මට ඇඩෙනවා...ඇයි අප්පා මෙච්චර පොඩි දේකට ඔච්චර කෑගහන්න ඕනෙද.....හැබැයි එයා ඊලගට කියපු දේ එක්ක එයාගෙ උකුලෙන් බැහැපු මම කරේ අඩියට දෙකට කාමරේට දුවපු එක.....

"මාව අවුස්සගෙන කෙලින් යන්න තියන එක ඇදේට යවාගන්න තමයි තමුසෙ ඔය හදන්නෙ..."

"හහ්.....තේ...තේරුනේ නෑ....."

"මම උබට තේරුම් කරලා දෙන්නම්....විනාඩි පහක් දීපන් හරි.....පාඩුවේ හිටපු මාව ඇවිස්සුව එකට දඩුවමක් තියෙන්නත් එපැයි නේද....."

"ම..මම මොනවද කරේ....."

📌📌ලමයි මම ඔයාලගෙන් පොඩි දෙයක් අහන්නද.....මේකයි හරිද මගෙ ඔලුවට එක පාරම ආපු අදහසකට මම කතාවක් ලීවා...කතාවක් කියන්නෙ එක කොටසයි ලීවේ..දැන් දවස් ගානක් මම ඕක ලියලා...පොඩි ශෝට් ස්ටෝරි එකක් විදිහට තමයි ලියන් යන්න හිතුවෙ....කොටස් 25 ක් විතර......ඇත්තටම පොඩ්ඩක් දුක වැඩි පැත්තට තමයි කතාව බර....but happy ending....ඔයාලා කියවන්න කැමතිනම් මම හෙට හරි අනිද්දා හරි publish කරන්නම්.....හොදම යාළුවෝ දෙන්නෙක්ගෙ love afair එකක් කියලා හිතාගන්නකො........මොකද කියන්නෙ ඔයාලා කැමතිද?.....

එහෙනම් මම යනවෝ...හෙට ආයෙම එන්නම්..පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤

Good night 😴🌙⭐❤

@Diyana_45 🖊mention a user

Share This Chapter