Back
/ 40
Chapter 21

19 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

"ඒයි මේ....."

"මොකද...."

"ඔයැයි අද වැඩට යන්නෙ නෑ...."

"නෑ...."

"ආ ඒ මොකෝ ඒ....ශෙනුල් අයියා අර ලෑස්ති වෙන්නෙ එතකොට...."

"නිවේන් නිවේන් නිවේන්......"

"මොකද බොල....."

"උබට මම මේ ඇද පොල්ලකින් කෙලලා අරින්නද එහෙමත් නැත්තන් තොගෙ ඔය වක්කඩේ වහගන්නවද....."

"අනේ හෙනම ගහපන්....."

මූ හැමදාම මගෙ කටට අනම් මනං කියනවා...ඕකට හෙන ගහලත් මදි මට මේ කරන අපහාසවලට....මනුස්සකමට වැඩට යනවද ඇහුවාම එනවා මෙතන කරේ නගින්න....හැයි අනේ මූ නිකන් සසර එපා වෙලා වගේ phone එක දිහා බලන් කල්පනා කරනවා....ඒකත් වැඩකට ඇති දෙයක් දිහා බලන් කල්පනා කරානම් කමක් නෑ...මූ නිකන්ම ලොක් screen එක දිහා බලාගෙනනෙ මේ කල්පනා කරන්නෙ....මේ මරි මොංගල් වැඩ දිහා බලන් ඉන්න මටයි පිස්සු....අනේ ගහපන්කො මුට එකක්...

"නිවේන්....."

"මොකද උබ....කතා කරන්න එපා මාත් එක්ක මම තරහයි....."

මට බැනලා එනවා මෙතන අහිංසක මූණ දාන්න...බලපල්ලකො ඇසුත් බෝල කරන් බලන් ඉන්න කැත....හිතන් ඇති ඔහොම බැලුවාම මම රැවටෙයි කියලා...පුහ්...ගනන් ගන්න හොද නෑ....එහෙම හිතපු මම කරේ උටත් රවලා අහක බලාගත්ත එක...ඒ උනාට මේකා පොඩි එකෙක් වගේ මගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා කියහන්කො...මුට අද මේ මොකක් වෙලාද...දන්න තරමින් සෙසඳු මම අස්සට හුරතල් වෙන්න එන්නෙ උට දුක හිතුනාම...නැත්තන් ඉතින් ඌ හැමදාම කරන්නෙ මාව හුරතල් කරන එකනෙ...කෝකටත් අහලා බලමු නේද...

"සෙසඳු...."

"ම්ම්ම්...."

"උබට මොකක් වෙලාද...."

"මුකුත් නෑ...."

"මුකුත් නෑ කියන්නෙ..."

"මම තේරුම්ගත්ත දාට උබටත් කියන්නම්....."

"හෑ....."

"ම්ම්ම්...."

මම කීවේ මුට නෙවෙයි මටයි පිස්සු කියලා...මොන කුණුහරුපයක්ද මූ ඒ කීවේ...උගෙ ප්‍රශ්න උට නැතුව මට තේරෙන්නද අනේ...හනේ පැංචගෙ ඔලුවත් විකාරයි අප්පාවේ මූ මේ කියන කතාවලට...එහෙම කියපු සෙසඳු කරේ ශීට් එකත් බෙල්ල ගාවට එනකන්ම පොරවගෙන මගෙ තුරුලෙම ඇස් දෙක පියාගත්ත එක...මේක එසේ මෙසේ ප්‍රශ්නයක් නම් වෙන්න බෑ.....බෑ කීවොත් බෑ බෑමයි...මුගෙ මූණ දැක්කාම මට ඒක තේරෙනවා....මෙහෙම හිටියට පැංචටත් යමක් තේරෙනවා හරිත.....හේ හේ පැංචා කොලුවා දස්සයා....

සෙසඳු නොකීවත් මම කරේ උගෙ ඔලුව අතගාපු එක....හරිනම් මූ අද වැඩට යන්න ඕනෙ...මම අහගෙන ඊයෙ රෑ ශෙනුල් අයියා කියනවා..

"මන්දිල් විකාර නොකර හෙට උදෙන්ම ලෑස්ති වෙනවා කියලා..."

කියලා....

එහෙම කීවා විතරයි මූ කුලප්පු වෙච්ච මී හරකෙක් වගේ ගියෙ නැතැයි එතනින්...අපි හිටියෙ කෑම මේසේ හරිද ඒයිලා....ශෙනුල් අයියා අරහෙම කීවා විතරයි "තමුසෙ මට ආයෙ මන්දිල් කියන නම කියන්න එපා " කීවා දඩස් ගාලා බත් පිගාන තිබ්බා නැගිට්ටා ආවා...මොන හුයන්නක්ද ඒ උනේ කියලා මට තාම හිතාගන්න බෑ...බැරිවෙලාවත් මූ ශෙනුල් අයියා එක්ක රණ්ඩු වෙලාවත්ද....ඒත් ඉතින් මූ මෙහෙම මූණ එල්ලන් ඉන්නෙ මොකටද....කොහොමත් මේ යකා අයියට කැමති නෑනේ...නෑ කියන්නෙ අනේ මන්ද...මට තේරෙන්නෙ නෑ...දන්න තරමින් අයියා මුට වැරැද්දක් කරලත් නෑ...හනේ මම දන්නෙ නෑ යකුනේ...පැංචට පිස්සු හැදෙනවා ඕවා හිතන්න ගිහින්....

ඒ ටිකට සෙසඳුවට නින්ද ගිහින්...ඔහෝම පොඩ්ඩක් හිටහන්...මුගෙ කම්මුල් දෙක ඉදිමිලාද...රතුත් වෙලා....ඒ කියන්නෙ...ඒ කියන්නෙ මූ අඩලා...මූව මෙහෙම රතු වෙන්නෙ ඇඩුවාම තමයි...මම නොදන්නවද මූ ගැන....මොන රෙද්දකටද මූ අඩන්නෙ...හනේ මගෙ අහිංසක මොලේට සමනල් ගැටේ වැටෙනවා මෙහෙම ගියොත්....මේ ගෝතයා ඇහුවට කියන්නෙත් නෑනේ...ආයිශ්...මගෙ ඔලුවත් කැක්කුමයි.....

"චූටි......"

"අයියේ...."

"මම ඇතුලට එන්නද..."

"එන්න..."

ශෙනුල් අයියා මොකටද කවදාවත් නැතුව කාමරේට එන්න අහන්නෙ....හනේ පැංචගෙ මොනවට හරි කෙලින්නද දන්නෙ නෑ...ඒවා කොහෙද මම ඉන්නකන්...දෙන්නෙ හොම්බ රිවට් වෙන්න.....මෙහෙම හිටියට මට ගහගන්නත් පුලුවන් හරිත....මිහුක්....මොනවා හරි ඉල්ලුවොත් නම් සහෝදරකමෙන් දොට්ට දානවා....හැයි අනේ....ආ ඔය එන්නෙ මූණත් පුක කරන්...මහසොහොනා ගහලා වගේ...බලාපල්ලකො මූණෙ හැටි...අහක බලන් දාපු බිත්තරේකුත් වගේ හැබැයි...බලමුකො....බලමුකො මොකාටද එන්නෙ කියලා....

"නිවේන්....."

කලින් චූටි දැන් නිවේන්.....හනේ ගහපන්කො මෙන්න මුට එකක්.....හැයි යකෝව් ඔහොමත් පාට මාරු කරනවද...පිස්සු.....

"කියන්න අයියේ....."

"ඔහ්....මෙයා මොකද මේ පොඩි ලමෙක් වගේ අද වැඩට යන්නෙ නෑලුද...."

"ඔලුව කැක්කුමයි කීවේ...."

"ම්ම්...මම කොහොමත් එයාට අද ඉන්න කියන්නත් එක්ක තමයි මේ ආවේ..."

"තව දෙයක්...."

"කියන්න අයියේ....."

"මන්දිල්ව ටිකක් බලාගන්න...."

"හෑ....."

"ම්ම්ම්....."

මොකක්ද බං මුන් දෙන්නට වෙලා තියෙන්නෙ...එකෙක් office යන්න බෑ කියලා නිදි....අනිකා ඌව බලාගන්න කියලා කන්න වගේ නිදන් ඉන්න මිනිහා දිහා බලන් ඉන්නවා...මේවා දිහා බලන් ඉන්න මට ගහන්න ඕනෙ හොද හයේ හතරෙ පොල්ලකින්.....ටික වෙලාවක් සෙසඳු දිහා බලන් හිටපු අයියා යන්න ගියා වෙද්දි මමත් කරේ සෙසඳු මෙහෙම ඉද්දිම ඇදේ දිගාවුණ එක.....තව ටිකක් නිදාගන්නවා....ඊයෙ රෑම හරියට නින්දක් නෑ අප්පාවේ....මේ යකා අලි පැටියෙක් වගේ ඇදේ එහාට දගලනවා මෙහාට දගලනවා...පුදූම කරුමයක් තමයි ඒක...

හෙට ඉදන් මමත් ආයෙ වැඩට යන්න ඕනෙ..ලෙඩ නිවාඩු ඉවරයි ඒයිලා....හේ හේ තාප්ප බොසත් මේ දවස් ටිකේම ඉදලා ඔන්න අද තමයි වැඩට යන්න හදන්නෙ....එයැයිට අද මොකක් හරි ලොකූ buisness meeting එකක්..මම දන්නෙ නෑ අප්පාවේ ඊයෙ රෑ ශෙනුල් අයියා එක්ක කියනවා ඇහුනා...ඒක නිසා පොරට අද යන්නම වෙනවා...ඔයාලට කියන්න ඒයිලා ඔය තාප්පයා ඉන්නවා නේද මිනිහට කිසීම හැදියාවක් නෑ....එදා මාව sofa එකේ පෙරලන් වනචරකම් කරා මදිවට ඊයේ පිගන් දෙකකුත් බින්දා....හනේ ඕකට හෙනම ගහන්න ඕනෙ....හැයි අනේ වලත්තකම් කරා මදිවට මට කියලා වීදුරු කටුත් අස් කරවගත්තා....හරිම ඒසයි අප්පා....

ඌප්ස් ඔයැයිලට ඒ කතාව කියන්න බැරි උනානේ ඒයිලා...ඊට කලින් ගිහින් තේ එකක් එහෙම හදාගෙන එන්ටලාකෝ කතාව අහන්න...හේ හේ...හරි හරි අප්පේ කියන්නම්.....උබලටත් පොඩ්ඩ බැරිවෙන්න බෑ මට රවනවා නේද....හරි නරකයි අප්පා...මේකනේ උනේ හරිද...එදා අර යකා මාව sofa එකේ පෙරලන් අසහනකාරයෙක් වගේ මාව කෑවට පස්සෙ ආයෙම මාව අල්ලගත්තෙ ඊයෙ...ඊට කලින් දවස් දෙකේම මාව දැක දැක අහක බලන් ගියානේ මීමා...හනේ ඉතින් මටත් මොකද මොකෝ මට පාඩු වෙනවා කියලද....නෑනේ නෑනේ...මමත් කරේ දැක්ක දැක්ක තැන ඒ යකාට ගස්සපු එක...උට ගස්සන්න ගිහින් පුටුවකුත් පෙරලන් බිම වැටුණු එක වෙනම කතාවක්...හී හී...ඒක හිතන්න එපා හරිද...printing mistake...මගෙම අවාසනාව කියන්නෙ ඊයෙ දවල් මම කුස්සියට ගියානේ තේ එකක් හදාගන්න....පැංචට පොඩී අත් වැරැද්දක් උනානේ ඒයිලා.....මේ මේකනෙ පැංචට උඩට මකුත් ඇදගෙන යන්න අමතක උනා....හිනා වෙන්න එපා අප්පාවේ පැංචට විපතක්නෙ වෙලා තියෙන්නෙ....මටත් වැඩිය ගානක් ගියෙ නෑ ඉතින්....හනේ ඊට පස්සෙනෙ වැඩියෙනුත් එක්ක ගානක් ගියෙ....තේ එක අතට ගන්න ඔන්න මෙන්න තියෙද්දි මොකෙක් හරි ඇදලා ගත්තෙ නැතැයි මාව....මම ගිහින් නතරවුනේ බිත්තියේ...ඇස් ඇරලා බලද්දි තමයි දැක්කෙ ඇසුත් රතු කරන් ඉන්න තාප්පයව....මම දිහා ටිකක් වෙලා බලන් ඉදලා මූ කීවේ නැතැයි

"තමුසෙට මාව අවුස්සන්නෙ නැතුව ඉන්නම බැරිද නිවේන්...."

කියලා....එයැයිට පිස්සු අනේ මම කොහෙද කියන්නකො එයාව ඇවිස්සුවේ...විකාර....ඊට පස්සෙ ඕන්නම් විනාඩි පහක් යන්න ඇති එදා වගේම මූ මාව කිස් කරේ නැතැයි....ඔයැයිලට කියන්න ඒයිලා සෝමාලියන් කාරයෙක් වගේ...ඊව් ඊව්....මතක් වෙද්දිත් ලැජ්ජයි අප්පා..හැබැයි පැංචා ඊයෙ පොඩී නරක වැඩකා කරා.....හේ හේ මේකයි හරිද....මේ මේ මේකනෙ පැංචා.....පැංචා තාප්පයගෙ....ඕ ඕ තාප්පයගෙ තමයි...හී හී එයැයිගෙ කුක්කු මිරිකුවනෙ....හැයි අනේ එයාට මගෙ කට කන්න හොදයිනම් මම චුට්ටක් මිරිකුවාම මොකද...ඒ මිරිකපු පාර මේකා ගැහුවෙ නැතැයි ලග තිබ්බ පිගන් දෙකකට...අපරාදේ අප්පා...මොනවා උනත් ලස්සන පිගන් දෙකක්නෙ අර යකා කඩලා දැම්මෙ....අන්තිමට ඒවත් සුද්ද කරන්න උනේ කොහෙවත් හිටපු අහිංසක මට.....බියකරුය මේ සසර කියන්නෙ ඕකට තමයි....

ඔන්න ඕකයි උනේ....පැංචා පව් නේද ඒයිලා....මිහුක්...හ්ම්....හ්ම්...මම යනවා නිදාගන්න....මේ ලමයට හරීයට නිදි මතයි...

_____________________________

පොඩි ඩබලම ගෙදර තියලා ලොකු ඩබල වැඩට යන්න එලියට බැස්සෙ ගෙදර ආරක්ෂාවට හතර පස් දෙනෙක් තියලමයි...උන දේවල් හැටියට එහෙම නොකරත් බෑ....දෙන්නත් එක්කම එකට යන්න හිතන් කාර් එකට නැග්ගෙ ලොකු කතාවකට මුල පුරන ගමන්මයි....

"ශෙනුලයා...."

"කියහන්...."

"උබ දැන් මේකට මොකක්ද කරන්න හිතන් ඉන්නෙ...."

"මම සදු එක්ක කෙලින්ම මේ ගැන කතා කරනවා බං...."

වස්සාන අහපු ප්‍රශ්නෙට ශෙනුල්ගෙල් ලැබුණෙ එහෙම උත්තරයක් වෙද්දි වස්සාන කරේ තමන්ගෙ යාලුවා දිහාවට ඔලුව හරවගත්ත එක....

"උබ මොනවද ඒකිට කියන්න හිතන් ඉන්නෙ..."

"මම එයාට කැමති නෑ කියලා...."

"උබ හිතන්නෙ ඒකි උබ කියන දේ අහයි කියලද...."

"මම දන්නෙ නෑ රෙද්ද...ඒකි ගියානම් ගිය විදිහට ඉන්න ඕනෙ...ඇයි හුත්ත වටේ ගිහින් ආවාම මම ආයෙ හෝදලා කරලා ගෙට ගන්න ඕනෙද....පකේ නීති තමයි ඒවා...."

ශෙනුල් කෑගැහුවෙ තරහින්...සදු කියන්නෙ ශෙනුල්ගෙ කලින් කෙල්ල...එයාලගෙ භාෂාවෙන් කීවොත් ex...අවුරුදු ගානකට කලින් ශෙනුල්ව අත ඇරලා වෙන කෙනෙක් ලගට ගිය කෙල්ල ආයෙම ශෙනුල්ව හොයන් ආවේ ඊයෙ...ඒකත් office එකටම....ඒ වෙලාවේ ශෙනුල් හිටියෙ සෙසඳු එක්ක ලොකු business වැඩක් සාකච්ජා කරන ගමන්....එක පාරටම office room එකට කඩන් පැනපු සදු කරේ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ශෙනුල්ගෙ උකුලෙන් වාඩිවෙලා ශෙනුල්ගෙ කම්මුලක් කිස් කරපු එක....උන දේ හිතාගන්න බැරිවුණ නිසාද මන්දා ශෙනුල්ටත් කරකියා ගන්න දෙයක් නැති වෙද්දි සෙසඳු කරේ ඉක්මනට එතනින් එලියට ගියපු එක....තප්පර ගානකට සෙසඳුගෙ ඇස් ගැස්සුනා කියන්න ශෙනුල් උනත් නොදැක්කා නෙවෙයි....හැබැයි වෙලාවෙ හැටියට කරගන්න දෙයක් තිබුණෙ නෑ....කොල්ලො දෙන්නා මේ කතාකරන්නෙ ඊයෙ උන ඔය සිද්ධිය ගැන....

"උබේ පොඩි එකා මොකද කියන්නෙ...."

"ඌ මොනවා කියන්නද බං...ඊයෙ ඉදන් මන්දිල් මගෙ මූණවත් බලන්නෙ නෑ...එක පාරටම මෙහෙම දෙයක් උනාම එහෙම හැසිරෙන එක සාධාරණයි...මට තේරෙන්නෙ නෑ බං මම කොල්ලව ගානට මගෙ පැත්තට හරවගන්න ගමන් හිටියෙ....අර හුත්ති කෑවනෙ රෙද්ද....ශිට්....."

"ඌ උබට කැමතියිද....."

"දන්නෙ නෑ...."

"දන්නෙ නෑ කියන්නෙ..."

"දන්නෙ නෑ කියන්නෙ ඉතින් මම උට කැමතියි කියලත් නෑනේ....ඒ උනාට එයාට ඒක නොදැනෙන්න විදිහක් නෑ....."

"හ්ම්ම්.....මන්ද බං මට තේරෙන්නෙ නෑ...."

"ඒක නෙවෙයි දැන් නිවේන්ගෙ තත්ත්වෙ මොකද....."

"ඌ තාම පොඩි එකෙක් වගේ බං...."

"ඒක දැන දැන ඇයි උබ ඒ අහිංසකයට රිද්දන්නෙ....."

"එයාව හදාගන්න...."

"ඒ කීවේ....."

"උබට මතකද උබයි මමයි එදා බීච් එකට ගියපු දවස...."

"ලොවෙත් අමතක වෙන්නෙ නෑ....පොඩි උන් දෙන්නව දැකපු පලවෙනි දවස...."

"හ්ම්ම්.....එදත් මම නිවේන්ගෙන් දැක්කෙ පොඩි එකෙක්....උබයි මමයි මොන තරම් ගේම් ගැහුවද උන් දෙන්නව ලගට ගන්න...මම උට රිද්දන්න කැමති නෑ බං ඒත් එයා ඔය ඉන්න විදිහට එයාට වෙන්න පුලුවන් කරදර වැඩී...උබම හිතපන් ඔහොම අහිංසක වෙලා පුලුවන්ද ජීවත් වෙන්න.....පොඩ්ඩ බැරිවෙන්න බෑ කදුලු පුරවගන්නවා....මම සැර කරන ගානේ ඌ අඩද්දි මගෙ පපුවත් රිදෙනවා ශෙනුල්..ඒත් මට ඕනෙ ඌව හදාගන්න...මම නැති දාක උනත් ඌ පරිස්සම් වෙන්න ඕනෙ...නැතුව මටත් ඕනෙ නෑ මගෙ පොඩි එකාව රිද්දන්න...."

"හ්ම්....කොහොම හිටපු එකෙක්ද මේ...ඒකට දැන්..."

"උබත් කියලා වෙනසක් නෑ ශෙනුලයා....."

"හරි හරි....ඒක නෙවෙයි ඌ උබට කැමතියිද...."

"තාම නෑ හැබැයි ලගදිම කැමති වෙයි....."

"තොගෙ හිනාවනම් මට අල්ලන්නෙ නෑ පුතෝ...උබ පොඩි එකාට කරදරයක් එහෙම කරනවා නෙවෙයි......"

"නෑ....."

___________________________________

දැනගන්න ආසද ශෙනුල් කියපු ඒ දවස ගැන?...හෙට වෙනකන් ඉන්ටකො එහෙනම්😁

මම ගියා එහෙනම්...පරිස්සමින් ඉන්නෝ..ආදරෙයි 😚❤❤❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter