Back
/ 40
Chapter 23

21 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

"උඩින් උඩ්න් වර පෙත්තප්පූ....බිමින් බිමින් වර පෙත්තප්පූ...උඩින් උඩින් වර බිමින් බිමින් වරෙන් කැවුම්...ඌප්ස් නෑ නෑ අපේ සෙසඳුවව කන්න වරෙන් පෙත්තප්පූ...."

"මොකක්ද බොල ඒ කියපු හරුපෙ....."

"උබට ඒකෙන් වැඩක් නෑනෙ ඒයි..."

"වැඩක් නැති වෙන්නෙ කොහොමද...."

"ආ ඇයි ඇයි...."

"තෝ ඒක අස්සට මගෙ නම දැම්මෙ මොකටද...ඇයි තොට මාව කැවුමක් වගේ පේනවද..."

"කැවුමක් නෙවෙයි තෝ බලු බෙට්ටක්..."

කෑවනෙ...කෑවනෙ මගෙ ආතල් එක...

කඩාකප්පල්කාරී සෙවල හිපාටුවා...හනේ ගහපන්කො මෙන්න මුට එකක්....බලන්න ඒයිලා පැංචා මේ වැඩට යන්න ලෑස්ති වෙන ගමන් සිංදුවක් කිය කිය හිටියෙ...ආ නෑ නෑ ඒක රබන් පදයක් නේද...හෑ ඇත්තට ඇයි දැන් මම රබන් පදයක් කීවේ...අවුරුදුවත් ලගද අප්පාවේ...මිහුක් මටත් දැන් හරීයට පිස්සු...මම මේ දත කට මැදගෙන ඇවිත් towel එක පිටින්ම කණ්ණාඩිය ඉස්සරහට වෙලා ඩාන්ස් කර කරනෙ හිටියෙ...මෙන්න මෙහෙම පස්ස පද්දලා අබරවලා ගත්තම ශෝක් එක්සයිස් එක...කොහෙද මේ පඩස්තරයා හෙන ගහන්නා වගේ මැදට කඩන් පැන්නනෙ...තව ලැජ්ජා නැතුව අහනවා ඌව මට පේන්නෙ කැවුමක් වගේද කියලත්...මූ හිතුවද දන්නෙ නෑ මගෙ මොලේ කොලොප්පන් කියලා...හැයි අනේ අර දිලිසි දිලිසි තියෙන කැවුමටනෙ මූ මේ අපහාස කරන්නෙ....මූ එක්ක බලපුවාම කැවුම කොච්චර ලස්සනද...හා නැද්ද කියන්නකො ඒයිලා...එක අතකට බලු බෙට්ටත් මුට හොද වැඩියි...මෝඩ මූසල ගස් බල්ලා...හුහ්....

අරූටත් පුලුවන් තරම් හිතින් බැන බැන මම ආයෙත් කරේ පස්ස පද්ද පද්ද නටන්න ගත්ත එක...ඒක හෙන ආතල් අප්පා...අර යකානම් මටත් ගස්සලා රිංග ගත්තෙ නැතැයි wash room එකට....උට මේ ඊයෙ පෙරේදා ඉදන් හොස්ස ලගින් මැස්සා යන්න බෑ තද වෙනවා..ඇයි ඇහුවට කියන්නෙත් නෑ...ආ ඔයාලට කියන්න බැරි උනානේ...හැබැයි ඔන්න ශෙනුල් අයියට එහෙම කියනවා නෙවෙයි හරිත...කීවොත් නම් පැංචා තරහ වෙනවා ඕන්.....මේ සෙසඳුවගෙ ඇට දෙක පල්ලා පැංචා තරහම තරහයි....මිහුක්.....හරි හරි තරහ වෙන්න පස්සෙ පුලුවන් දැනට අහගන්නලාකො....මෙන්න මේ ඔටු ලබ්බා...ඕ ඕ සෙසඳු තමයි ඉතින් වෙන කවුද....මේ යකා ඊයෙ දවල් ශෙනුල් අයියගෙ කාමරේට පැනලා අයියගෙ brush එකෙන් කොමඩ් එක මැද්දා...හනේ මම මුට කීවා...මම මුට කීවා පව් සිද්ධ වෙන වැඩ කරන්න එපාය කියලා...කොහෙද ඉතින් මුට මට වඩා මුගෙ පණ්ඩිතකමයි මෝඩ මොලෙයි ලොකු උනානේ...පැංචා ඇඩුවත් එක්ක ඒයිලා...මේ යකාගෙ මෝඩ වැඩ නිසා මගෙ ශෙනුල් අයියගෙ දත් ටික හැලුනොත් එහෙම කාට කියන්නද කියන්නකො....මොකද ඉතින් පැංචගෙ දත් ටික ගලවලා දෙන්නද....බෑනෙ..බෑනෙ...මූ මහ අපතයෙක්..මුට පුදූම තරහක් තියෙන්නෙ අයියා එක්ක....මම ඊයෙත් ඇහුවා ඇයි ඔහොම කරන්නෙ කියලා....මූ එතකොට කියපි,

"මේකා දත් තිස්දෙකම දාලා හිනාවෙන නිසානෙ එක එක එවුන් මූ දිහා බලන්නෙ...ඒ නිසා හැලිලා ගියපු දෙන්....හහ් ආවා මෙතන උකුලෙන් ඉන්දවගන්න..."

කියලා....ඇත්තටම පැංචා මේ අහන්නෙ..මේ යකා ඒ කියපු හරුපෙ ඔයාලටවත් තේරුනාද ඒයිලා...plzzzz තේරුනානම් පැංචටත් කියලා යන්න....

"තෝ තාම towel එක ඇදන් ලබ්බක් කරනවද යකෝ..."

"උබ බාගෙට දත් මැද්දා කියලා මම මොනවා කරන්නද...."

මට නිදහසේ කල්පනා කරන්නවත් දෙන්නෙ නෑනෙ මේ යකා...පුදූම කරුමයක් තමයි ඒක..ඇතුලට ගිහින් විනාඩි දහයක්වත් නෑ මෙන්න මූ එලියෙ...පඩස්තරයා....අර දැක්කද ආන්න දැක්කද මේ අහිංසක මට රවනවා...මම දැන් ගහනවා ඕකගෙ දත් ඇන්ද බඩට යන්නම....හැයි යකෝ මම අහවල් එකක් කරාටද මට රවන්නෙ....පිස්සු.....මම කරේ තිබ්බ තරහටත් එක්ක රණ්ඩුවක් ඇදගත්ත එක...

"තෝ මොකද මට රවන්නෙ...."

"කවුද උබට රැව්වෙ...."

"හා නෑ...උබ දැන් ඔය කියන්න හදන්නෙ මට රැව්වෙ නෑ කියලද...ඈ ඒයි...උබ දැන් ඔය කියන්නෙ මට රැව්වෙ නෑ කියලද..."

"නෑ තමයි..."

"මම කියනවා ශෙනුල් අයියට..."

"මොකක්ද..."

"උබ අයියගෙ brush එකෙන් කොමඩ් එක මැද්දා කියලා..."

"කියපිය ඉතින්....උබ කේලම් කියලනම් ආයෙ මේ කාමරේට අඩිය තියන්න හිතන්නවත් එපා...උබවයි මේ කැහැටු ටෙඩියවයි දෙන්නවම එලියට විසික් කරනවා දැන ගනින්..."

"මොකාද බොල කැහැටු ටෙඩියා...."

"ඇයි තොගෙ සෝමෙ..."

"සෝමෙ...සෝමෙ නෙවෙයි ඌ සුමනෙ..."

පෙනේද මේ පාහරයා මගෙ සුමනෙ කොල්ලටත් අපහාස කරන්න පටන් අරන්..මූ නම් මහ මොකෙක්ද මන්ද...හහ් කාමරෙන් එලියට දැම්මොත් මම යනවා තාප්පයගෙ කාමරේට...හැයි අනේ උටත් අසහනකාරයෙක් වගේ මගෙ කට කන්න හොදයි...එහෙම එකේ මාව පොඩ්ඩක් කාමරේට ගන්න බැරිකමක් නෑනේ...ඊව් ඊව් ඌ මහ වනචරයෙක් අනේ...එක්කො සෙසඳු එක්ක සාම ගිවිසුමක් ගහලා මේ කාමරේම ඉන්නවා....

"මේ ඒයි...."

"ඒ පාර මොකද...."

"නෑ නෑ අනේ ආදරේටනෙ කතාකරේ..."

"පලයන් නිවේන් යන්න...මම දන්නෙ නැද්ද උබගෙ කපටිකම්...."

"මහ නරකයෙක්...."

හනේ මූ එක්ක මොන සාම ගිවිසුම්ද....වල් කෑදැත්තා....මම කරේ උටත් දවා අලුවෙන සයිස් එකේ බැල්මක් දාලා ඉක්මනට ලෑස්ති උන එක....අද මම තනියම අප්පාවේ...අපේ තාප්ප බොසා.....ඌප්ස් පැංචට පෝඩ්ඩක් වැරදුනා....එයා ඔයාලගෙනෙ...ඕ ඕ අන්න හරි ඔයාලගෙ තාප්ප බොසා එයැයි අද කුකුලත් අතේ අරන්ම වැඩට ගිහින්....මට සාධාරණ සැකයක් තියෙනවා හැබැයි මුට ඔය office එක ඇතුලෙ ගෑණියෙක් ඉන්නවා ඇති කියලා...හා නැත්තන් ඔය යකා මොකටද එච්චර උදෙන් වැඩට ගියෙ....දෙපත් නයා...හහ්...හිතේ ඇති මාවත් කාලා ගෑණුන්වත් කන්න...බලන් හිටපන්කො කවනවා මම ඕකට.....නෑ නෑ ඒයිලා තරහකට කීවා නෙවෙයි ඉතින්....මොනවා උනත් එහෙම හරි නැති නිසා කීවේ...හී හී...හිතන්න එපා හරිද..

සෙසඳුවා තාම ලෑස්ති වෙනවා....උගෙ මූණ හරියට නිකන් කුණු වෙච්ච මොකක්ද එකක් වගේ...කටත් එක්ක ඇදවෙලා....බලන්න ලස්සනයි....ඕකට ඔහොම වෙලා මදි පැංචට මේ කරන අපරාදවලට....මම ලෑස්තිවෙලා මනුස්සකමට මම ගිහින් එන්නම් කීවා....මූ ඒක අහලා කීවේ නැතැයි...

"ඉතින් පල මම අල්ලන් හිටියෙ නෑනෙ..."

කියලා....හනේ මේකට හෙන ගහලත් මදිනෙ..හැයි අනේ උදේ පාන්දරම පැංචගෙ ලේ කෝප කරානෙ....ලග තිබ්බ හිස් බෝතලයක් උගෙ ඔලුවට අත ඇරපු මම කරේ ඌ බනින්න පටන්ගන්න කලින් කාමරෙන් එලියට දුවන් ආපු එක....

හනේ දෙයියනේ ගැමුණු යෝධයා නේද....ඌප්ස් මෙයාව දැක්ක කල්...කොල්ලා තවත් යෝධයෙක් වෙලාද මන්ද...හේ හේ...එයැයි ඇවිත් තියෙන්නෙ පැංචව එක්කන් යන්න අනේ....බලන්න අනේ පැංචට තියෙන සැලකිලි....අපි VIP මිනිස්සු හරිද....හුම් හුම් පැංචා එහෙනම් ගිහින් එන්නම්කො...එක්කො හිටින්ටකො පැංචා Office එකට ගිහින් ඔයාලට කතා කරන්නම්....බයයිත් එක්ක අප්පා..ඇයි ඉතින් කොච්චර කාලෙකින්ද කියන්නකො....මිහුක්...කමක් නෑ කමක් නෑ මම යනවා....හේ හේ...බායි ඈ....

________________________________________

අර අහිංසකයගෙත් ලේ කෝප කරලා පන්නගෙන සෙසඳු පඩස්තරයා මෙහෙ ඩෙගා නටනවා....වෙන මොනවත් නෙවෙයි හිතේ තියන තරහ පිටකරගන්නවා....වැඩකට ඇති දෙයක් කරානම් ඒත් කමක් නෑ...ඒත් නෑනෙ මිනිහා අර යස අගේට ඇඩ උඩ තිබ්බ කොට්ට මෙට්ට ටිකෙන්නෙ මේ පලිගන්නෙ...නිවේන් ගියා විතරයි මූ පොලේ ගැහුවෙ නැතැයි ඇදේ තිබ්බ කොට්ට තුන හතරම....පුදූම මල පැනිල්ලක් තමයි ඒක...ඔය නැටුවට මොනවටද තරහා ගිහින් තියෙන්නෙ කියලා මිනිහවත් දන්නෙ නෑ....පිස්සෙක් වගේ ඔහේ දගලනවා....කාටදෝ මන්ද ඇහෙන නෑහෙන ගානට බැන බැන සෙසඳුත් කරේ වැඩට යන්න ලෑස්ති උන එක....කොටින්ම කීවොත් පොරව දැන් දකින ඕනම කෙනෙක්ට පේන්නෙ මරන්න ගෙනියන හරකෙක් ගානට.....සිරාවටම මේකා නිකන් අපායට ගහපු කැලැන්ඩරේකටත් හපන්....ඕවා ඉතින් කියලත් බෑ නොකියත් බෑ.....කුකුල් කේන්ති කාරයන්ට කොහොමද දෙයක් තේරුම් කරන්නෙ...

මිනිහා ලෑස්තිවෙලත් කණ්ණාඩිය ඉස්සරහට ගිහින් හිටිගත්තෙ ඇදුමෙ අඩුපාඩු බලන්නද කොහෙද....හිතන් ඇත්තෙ චාල්ස් කුමාරයා කියලා...ඇයි යකෝ එහෙටත් කැරකෙනවා මෙහෙටත් කැරකෙනවා...බඹර චක්කරයක් වගේ....ඒ කරලත් නැවතුනා කියලද හිතුවෙ...මොන පිස්සුද මේ යකා හලාගත්තෙ නැතැයි තඩි සෙන්ට් බෝතලයක්ම කලිසමට..බෝතලයක් කීවට ඉතින් බෝතලයක්මත් නෙවෙයි...ඒ උනාට සාමාන්‍ය මනුස්සයෙක් ගහනවට වඩා සෑහෙන්න වැඩියි...නිවේන් කීවත් වගේ මුට මොන මල යකෙක් වැහිලද මන්ද....අනේ එක අතකට ඌ කියන්නෙ නැත්තන් අපිට ඇති වැඩේ මොකක්ද...

ඔක්කොම රාජකාරි ඉවරවෙලා එලියට යන්න හදනකොටම ඇහුනෙ නැතැයි සුනාමියක් වගේ කටහඬක්....

"තමුසෙ තාම ලෑස්ති වෙනවද මන්දිල්....අපි යන්නෙ වැඩට මිසක් මගුල් ගෙදරකට නෙවෙයි...."

වෙන කවුද ඉතින් ඒ අපේ පැංචා කොල්ලගෙ ශෙනුල් අයියා මිසක්.....ඒකා දැන් පැයබාගයක් විතර ලෑස්තිවෙලා බලන් ඉන්නෙ මේ යකා එලියට එනකන්....බලන් ඉදලා බැරිම තැන වෙන්න ඇති කතාකරන්න ඇත්තෙ....ශෙනුල් එහෙම ඇහුවා විතරයි සෙසඳු කරේ අඩියට දෙකට කාමරෙන් එලියට ගිහින්....

"අනේ මම නම් මගුල් නටන්න යන්නෙ නෑ..ඔය අනිත් අයනම් හැබැයි එහෙමද දන්නෙ නෑ..."

කියලා ගස්සගෙන ගියෙ නැතැයි එලියට....ශෙනුල්ට උන දේ හිතාගන්න බැරුවද කොහෙද මිනිහා උඩබිම බලනවා...එක අතකට ඒක සාධාරණයි....ඇයි ඉතින් අවුරුදු තුනක් මැරීගෙන ලව් කරලත් අහගත්ත කතාවට එහෙම නොහිතෙයිද....මම නම් කියන්නෙ ශෙනුල්ගෙත් වැරැද්ද....උට ඔච්චර ලව් නම් ඕක කියලා ලගට ගන්න බැරිද...පිස්සු...

සෙසඳු ගියායින් ශෙනුලුත් කරේ දොරවල් වහලා එලියට ගිය එක...ඒ යන ටිකට පොඩි නසරාණියා කාර් එක ඇතුලෙ...ඒකත් මහත්තයා වගේ පිටිපස්සටම නැගලා බලන් ඉන්නවා...හරියට නිකන් උබටත් ඕනෙනම් නැගපන් කියන්න වගේ...මේකා යකෝ...ඔය දැක්ක පාර ශෙනුල් කරේ එක අතකින් තමන්ගෙම නලල අතගාගත්ත එක...මේ නටන නැටුම්වල හැටියට ඔලුවට විතරක් අත ගිහින් නැවතුන එක පුදුමයි....සෙසඳුගෙත් කට අර අහිංසක නිවේන්ට විතරයි....ශෙනුල් ඉස්සරහා උට මොකක් වෙනවද කියන්න ඌවත් දන්නෙ නෑ.....දෙයියනේ කියලා ඊලගට උනෙත් සෙසඳුගෙ රෙදි ගැලවෙන වැඩක් උන එක හොදට ගියා....

ඔන්න අහගනිල්ලකො.....

"මන්දිල්....."

"කීවනෙ මට මන්දිල් කියන්න එපා කියලා..."

"මම කතාකරන්නෙ මට ඕන විදිහට..."

"ආ එහෙම කො....."

"කට....කට වහගන්නවා මන්දිල්...අනික තමුසෙ මොකක්ද ඔය පස්සට නැගලා කරන්නෙ කරුණාකරලා බැහැපන් එලියට..."

"මට බෑ...."

පෙනේද මුගෙ පණ්ඩිතකම....කමක් නෑ තව පොඩ්ඩෙන් ඔහොම නටපන්කො...

"මම මේ හොදින් කියන අන්තිම පාර කීවම අහලා බහින්න මන්දිල්....මම තමුසෙගෙ ඩ්‍රයිවර් නෙවෙයිනෙ..."

ඔන්න හරි....ශෙනුල් එහෙම කීවා විතරයි මිනිහා අඩියට දෙකට එලියෙ...පුදූම ලැජ්ජාවක් තමයි ඒක...ශෙනුල් කරේ තප්පරයක්වත් නොයිද සෙසඳුව ඇදලා අරන් ඉස්සරහ ශීට් එකට තල්ලු කරපු එක...සෙසඳුත් ඉතින් ආයෙ නෑ හුලගෙ ගියා වගේ කෙලින්ම ගිහින් නැවතුනේ ශීට් එකේ...

සෙසඳුවත් නග්ගගෙන ශෙනුලුත් කාර් එකට නැග්ගෙ මෙච්චර වෙලා තමන්ගෙ හිතේ තිබ්බ ප්‍රශ්නයක් සෙසඳුගෙන් අහන ගමන්මයි...

"තමුසෙ මොකද මාව මග අරින්නෙ...."

"..................."

ම්හ්ම්....සෙසඳු නෙවෙයි කටක්වත් හෙල්ලුවේ...ඒකට තද වෙලාද මන්ද ශෙනුල් කරේ සෙසඳුගෙ අත් ගොබේකින් ඇදලා අරන් කොල්ලව තමන්ගෙ පැත්තට හරවගත්ත එක..ඔය ඉන්නෙ පූස් පැටියා වගේ ඇසුත් කරක කරක....ඕකනෙ කීවේ මුට ශෙනුල් ලගදි හිරිඔත්තප්ප භූතයා ආවේශ වෙනවද කොහෙද.....ශික් විතරක්...නම්බුවත් ඉවරයි...

ඒ කරලා ශෙනුල් කරේ ආයෙම කලින් ප්‍රශ්නෙම සෙසඳුගෙන් අහපු එක...

"මම තමුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා මන්දිල්..."

ඒ පාර මේ යකා වක්කඩේ කැඩුවා වගේ කියවන්න ගත්තෙ නැතැයි...ආයෙ නෑ ශෙනුල් කොල්ලා full confuse...

"මම කාවවත් මග ඇරියෙ නෑ හරිද...ඇරත් මම මොකටද ඔයාව මග අරින්නෙ...ඔයා මගෙ බොස් මම ඔයා ලග වැඩ කරන එක්කෙනෙක්...හහ් ඇයි ඔයාට ඉන්නෙ සැප දුක බලන්න අය ඉතින් මම මොකටද..."

"මොකක්ද...මොකක්ද ඒ සැප දුක බලන කතාව...."

"ඇයි එදා ආවේ...ආඤ්ඤේ ශෙනුල් are you okay baby?....හුහ්..."

හරිනෙ ඔය පැන්නෙ බලලා මල්ලෙන් එලියට..මූ මේ කියන්නෙ වෙන මුකුත් නෙවෙයි එදා සදූ ඇවිල්ලා ශෙනුල්ට කතා කරපු විදිහ..මේකට මේ මල පැනලා තියෙන්නෙ ඒකටද එතකොට....

බැරිවෙලාවත්....බැරිවෙලාවත් මුට ඒ කෙල්ල එක්ක ඉරිසියා හිතිලවත්ද.....

"ඒකයි එහෙනම් මේ...."

"මො..මොකක්ද....."

"මුකුත් නෑ...."

සෙසඳු කීව කතාවට ශෙනුල් හිටියෙ හිත ඇතුලෙන් බල්ටි ගගහා.....හේතුව දන්නෙ ඉතින් ඌම තමයි...ඇරත් ඉතින් අර මෝඩයත් කටර් එක වගේ ඕක කියවන්න ගත්තෙ මොකටද...මොකෝ හේතුවක් නැතුව කටින් දේවල් එලියට පනින්නෙ නෑනෙ....ඔය හිටියට සෙසඳු දන්නෙත් නෑ උට මොනවා වෙනවද කියලා...ඌ දන්නෙත් ශෙනුල් වෙන උන් එක්ක ඉද්දි උට ඊරිසියයි කියන්න විතරයි...

මූ නම් මහ අමුම අමු ගොනෙක්....එච්චරයි...

ශෙනුලුත් කරේ හිනා වෙවීම ඔලුවත් දෙපැත්තට ගසාගෙන කාර් එක start කරපු එක...පොඩි නහර කාරයනම් මූණත් පුම්බගෙන කාර් එකෙනුත් එලිය බලාගෙන වැඩට යන්න ලෑස්තිය....මූත් නිවේන්ට දෙවනි නෑ...හැබැයි ශෙනුල් ලග විතරයි....

_____________________________________

කොල්ලනේ කෙල්ලනේ මම ගියා එහෙනම්...ඌප්ස් කොල්ලනේ කෙල්ලනේ කීවට කොල්ලො නම් ඉන්නවද දන්නෙ නෑ...ඉන්නවා නම් ඉන්නවා කියාගෙන යන්ටලා අනේ....හේ හේ විහිලුවක් කරේ😁....මම යනෝ..බායි බායි....පරිස්සමින් ඉන්න...මම ආදරෙයි ඔයාලා හැමෝටම 😚❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter