Back
/ 40
Chapter 25

23 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

"මේ ඒයි..."

"ම්ම්ම්..."

"අනේ මෙහෙ බලනවකො ඒයි..."

"මොකෝ...."

"මොකෝ කියන්නෙ..."

"මොකෝ කියන්නෙ ඉතින් මොකෝ..."

"මට මේක ලස්සනයිද කියනවකො...මේ මේකත්...එක්කො මේකත් ලස්සනයි නේද ඒයි..."

"ආයිශ්....උබ දැන් මගෙන් ගුටි කනවා නිවේන්..."

"අනේ මට ඕනෙ නෑ උබව මම යනවා ශෙනුල් අයියා ලගට...."

"පලයන් ඉතින් උබට කොහොමත් මට වඩා ලොකු ඌවනෙ..."

"ලොකුයි තමයි..."

හහ්...අනේ මට ඕනෙ නෑ මූව...මූ හොදම යාළුවා කියන නමටත් නින්දාවක්...දැක්කද පැංචට කතාකරපු කැත...ඕකගෙ කට ගෙවෙනවද මට මේකෙන් ලස්සන මොකක්ද කීවනම්....නෑනෙ නෑනෙ....ඌප්ස් පැංචට කියන්න අමතක උනානෙ...අපි මේ shopping කරන්න ආවා....ආවා කියන්නෙ ඉතින් අපේ සෙසඳුවට ඇදුම් ටිකක් ගන්න ඕනෙ කීවනෙ ඒකයි...උට කීවට පැංචත් ගන්නවා හරිත...හැයි අනේ මම කියලා මොකද වෙනම සතෙක්ද...නෑනෙ නෑනෙ....හේ හේ...හැබැයි පුංචි problem එකක් තියෙනවා...මේ අපේ ශෙනුල් අයියයි තාප්ප බොසයිත් අපිත් එක්ක ආවනෙ...හරි ඒකට කමක් නෑ කියමුකො...ඒ උනාට මුන් දෙන්නා නිධානෙ රකින බහිරවයො දෙන්නෙක් වගේ අපේ පස්සෙන් එනවනෙ...හනේ පැංචට සැජ්ජයිත් එක්ක...ඒ උනාට කමක් නෑ...ලැජ්ජාව පැත්තකට දාලා මම යනවා දැන් ශෙනුල් අයියා ලගට...මට සෙසඳු පඩස්තරයව ඕනෙම නෑ...නෑ කීවොත් නෑ නෑමයි....පාපතරයෙක් මහ...එහෙම හිතපු මම කරේ සෙසඳුවටත් හොදම එකෙන් රවලා ශෙනුල් අයියා ලගට දුවපු එක....

"මොකද චූටි මේ...."

"මිහුක්..."

"මොකෝ මූණ රතු කරන්...ඇයි මන්දිල් මොනවා හරි කීවද..."

"ඌ කවද්ද අනේ මුකුත් නොකියා හිටියෙ...මට ඌව එපා..එපා කීවොත් එපාමයි..."

මම පුලුවන් උපරිම මූණත් රතු කරන් ශෙනුල් අයියා දිහා බැලුවෙ අර යකාට බන්නන්න හිතාගෙන...ඔව් ඔව් සෙසඳුට තමයි..නැතුව ඉතින් වෙන මොකාටද....

"හරි දැන් මොකක්ද උනේ..."

"මම උගෙන් ඇහුවා මට මේවගෙන් ලස්සන මොකක්ද කියලා.."

"ඉතින්..."

"ඒක ඇහුවා කියලා පැංචට ගහන්න හැදුවනෙ..."

"කවුද යකෝ පැංචා...ඈ චූටි කාටද උබ ඔය පැංචා පැංචා කියන්නෙ මම දවසකුත් අහගෙන...."

"මම අනේ මම..."

"අප්පද බොල...හහ්..හහ්...මම දැක්කමයි තමන්ටම පැංචා කියාගන්න එකෙක්...හහ්..හහ්...."

"ඔයා ඔය මටද හිනා වෙන්නෙ...ඈ අයියෙ ඔයා ඔය මටද හිනා වෙන්නෙ...."

"නෑ නෑ...හහ්...හහ්..."

"මම යනවා අනේ...මට ඔයාලා කවුරුත් ඕනෙ නෑ..."

පේනවා නේද...ඒ අනිත් එක්කෙනා...එයත් හොදයි සෙසඳුටම...වගකීමෙන් කියන්නෙ ශෙනුල් අයියා මගෙ නෙවෙයි...නෑ කීවොත් නෑ නෑමයි...සෙසඳුටම දෙනවා තියාගන්න කියලා...බලන්නකො ඒයිලා පැංචට හිනාවුණ කැත...එහෙම හරිද මම අහන්නෙ...ඈ අනේ ඔයාලවත් කියන්නකො එහෙම හරිද...නෑනෙ නෑනෙ....මටත් හොද වැඩේ අනේ මේ වගේ මිනිස්සු ආශ්‍රය කරනවට...හනේ ගහපන්කො මට එකක්...

මම කරේ සෙසඳුට රැව්වට වඩා සූට්ටක් අඩුවෙන් ශෙනුල් අයියටත් රවලා එතන තිබුණ පුටුවකින් ගිහින් ඉදගත්ත එක....හුහ්..පැංචට හරීම මහන්සි අප්පා...දැන් විනාඩි පහලවක් විතර එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා..පොඩි වෙලාවක්ද බලන්නකො...කකුල් දෙකත් කැක්කුමයි...හනේ මට බෑ බොලව්නෙ...

ඔන්න ඔන්න පැංචගෙ මොලේ wrong side යනවා...මොන මගුක්ද මන්ද අනේ මේකනම්...වෙන කවුරුත් නෙවෙයි මේවට වගකියන්න ඕනෙ අර තාප්පයා...නෑ නෑ මේකනෙ හරිද...දැන් මම මේ ඉදගත්ත තැනට කෙලින්ම පේන්නෙ තාප්පයව...මේකව දැක්ක වෙලේ ඉදන් පැංචගෙ මොලේ imotional වෙන්න දගලනවා...දෙන්න තියෙන්නෙ පුක පුපුරන්න දෙකක්...හේ හේ මට නෙවෙයි අනේ මොලේට මොලේට...හෑ...ඇත්තට මොලේටත් එහෙම එකකුත් තියෙනවද...හරි හරි අනේ රවන්න එපා ඉතින්...පැංචා දන්නෙ නැති නිසානෙ ඇහුවෙ..මිහුක්...ඔයාලා හරි නරකයි ඒයිලා...හුම් හුම් ඒකෙන් වැඩක් නෑ...මට හරි දුකයි අනේ....අනේ මන්ද ඇයි කියලා...මට ඊයෙ උන දේ මතක් වෙනකොට හරීයට දුක හිතෙනවා....ඔව් ඔව් තාප්පයට තුරුලු උන එක තමයි...ඇත්තටම මට ඒ වෙලාවෙ කරන්න වෙන දෙයක් තිබුණෙ නෑනෙ...මම හිටියෙ හොදටම බයවෙලා...ඒකනෙ අනේ මම මෝඩයෙක් වගේ ගිහින් එච්චර නපුරු මනුස්සයෙකුට තුරුලු උනේ...ඔයාල දන්නෙ නෑනෙ මම විනාඩි දහයක් විතර එයා අස්සට වෙලා තුරුලු වෙලා හිටියා...ඒ උනාට එයා නෙවෙයි එක වචනයක්වත් කීවේ...බැන්නෙත් නෑ කතා කරෙත් නෑ....මමම හිතලා අයින් වෙනකන් ඔහේ ජනේලෙන් එලිය බලන් හිටියා...මමත් ඉතින් අන්තිමට හෙන මෝඩ පහේ හිනාවක් දාලා එතනින් මාරු උන එක වෙනම කතාවක්...හේ හේ අනවශ්‍ය ප්‍රශ්නයක්...හුහ් ආවා මෙතන ඕපදූප හොයන්න...අනේ ඒ උනාට මට කිචි කිචි වගේ අප්පා....ඔයාලට කියන්න ඒයිලා තාප්පයා ලග හරි සනීපයි...ඊව් ඊව් හරිම ඒසයි අප්පා....උබලා නෙවෙයි බං මං මං...එක අතකට උබලා කියලත් වෙනසක් නෑනෙ...හා නැද්ද මම කියන්නෙ...

"නිවේන්....."

අප්පද බොල තාප්පයා නේද...කල්පනා කර කර හිටපු මම හරි සිහියට ආවේ තාප්පයගෙ කටහඬ නිසා...ආ ආ මේ මොකත මේ...මේ යකා හරියට නිකන් ජම්බු ගෙඩියක් වගේ...ඒ තරම් රතු වෙලා...ඔයාලට කියන්න ඒයිලා මේ යකා ඊයෙ ඉදන් ඔහොමයි...මාව දකින දකින ගානට මිනිහා රතු වෙනවා....ලෙඩක්ද දන්නෙ නෑ නේද...තරහා මරහ පැත්තකට දාලා ශෙනුල් අයියටවත් කියලා බලන්න ඕනෙ...වෙන මුකුත් නෙවෙයි මෙන්න මේ යකාට බෙහෙත් ටිකක් අරන් දෙන්න කියලා...මෙයැයිට මොනවා හරි උනොත් එහෙම පැංචටනෙ අනේ පාඩුව...නෑ නෑ ඉතින් ඉදලා හිටලා හරි මගෙ කට කන්න ඉන්නෙ මෙයා විතරනෙ..ඒකයි කීවේ...ම්ම්ම් ම්ම්ම් ඒ උනාට ඒක මරු අප්පා....තාප්පයගෙ තොල් හරියට මාෂ්මෙලෝෂ් වගේ....කන්න කන්න ආස හිතෙනවා....මිහුක්...අනේ ඒ උනාට ලගදි එහෙමවත් මට මේ මිනිහව කන්න හම්බුනේ නෑනෙ....ආයිශ්....උබ මොනවද නිවේන් මේ හිතන ඒස කතා....බලන්න ඒයිලා මේ පැංචගෙ මොලෙත් දැන් හරීයට කුරුවල් වෙලා...

"ආව්වා...."

"ඊලගට කා එක්කද රණ්ඩු වෙන්නෙ කියලා හිතනවද...."

"ආ මේ මේ මම...මම...."

"ඔව් ඔව් තමුසෙ තමයි...."

ඉස්සර වෙලා කතා කරපු පාර බලපු නැති නිසාද මන්ද තාප්පයා කරේ මගෙ ඔලුවට ටොක්කක් ඇනපු එක...හනේ ඒකනම් රිදුනා හැබැයි....මිහුක්....අර දෙන්නට වගේ මෙයාට රවන්නත් බෑනෙ...එහෙම උනොත් එහෙම මෙතනම මාව මරලා දායි...ඒ තරමට කෙනා...ඒ උනාට මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා....හැයි අනේ මෙයා කවද්ද මට මෙච්චර හොදින් කතා කරේ...උදේ නැගිටිද්දි උතුර දකුණ මාරු උනා වෙන්න බැරිද...ඔහෙ ඕන එකක්...මමත් ඉතින් වෙන දෙයක් වෙන්න කියලා එයා අහන දේකට උත්තර දෙන්න හිත හදාගත්තා...මේවා මේ එසේ මෙසේ වරප්‍රසාද නෙවෙයි හරිත....පැංචා ස්පෙශල්....හුහ්....

මම කරේ එයා දිහා බලලා ඊයෙ වගේම මෝඩ පහේ හිනාවක් දාපු එක...

"එනවා යන්න..."

"කොහෙද...."

"දැන් ඔය ගත්ත රෙදි ඇදලා බලන්නෙ නැතුවද තමුසෙ ගෙදර අරන් යන්න හැදුවෙ..."

"මේ ඔක්කොම ගන්නෙ නෑ..."

"ඇයි...."

"මේවා හෙන ගනන්නෙ අනේ...මට කොහෙන්ද එච්චර සල්ලි...."

අනේ මන්ද මෙයා මට කොච්චර බැන්නත් මට හිතෙන්නෙම මේ මනුස්සයා ලග හුරතලේට කතා කරන්නනෙ....එක අතකට ඉතින් ඒක මගෙ පුරුද්දනෙ...ඒ නිසා වෙන්න ඇති...

රෙදි ඇදලා බලන්න කියපු පාර මම කරේ ඇස් දෙකත් බෝල කරන් මේ ඔක්කොම ගන්න මට සල්ලි නෑ කියපු එක...ඇත්තනෙ අනේ මට කොහෙන්ද එච්චර සල්ලියක්....මෙයාටත් පිස්සු...

"තමුසෙ ආසයිද...."

"අහ්...."

ඇත්තටම එයා ඊලගට අහපු දේ මට තේරුනේ නෑ....

"මම ඇහුවෙ තමුසෙ ඔය ඇඳුම්වලට ආසයිද..."

"ඔව් ඉතින්...."

එයා එහෙම ඇහුවෙ ඇයි කියලා නොදන්නවා උනාට මම කරේ ඇත්තම කියපු එක...අනේ ඇත්තටම මම මේවට ආසයි ඒයිලා....අම්මයි තාත්තයි නැති උනාට පස්සෙ මම මෙච්චර හොද ඇදුමක් ඇදලම නෑ....

"එහෙනම් ඔය ටික ගිහින් ඇදලා බලනවා..."

"ඔක්කොම..."

"ඒ පාර තමුසෙට සිංහල තේරෙන්නෙත් නැද්ද..."

"ඒත් සල්......"

"මම තමුසෙගෙන් දැන් සල්ලි ඉල්ලුවද...."

"නැ...නැහ්...."

"එහෙනම් කියපු දේ විතරක් කරපන්..."

මේ මම ඔයාලට කීවද මෙයා මට අද හොදින් කතාකරා කියලා....එහෙනම් බොහොම කණගාටුයි...පැංචා ඒක ඉල්ලා අස්කර ගන්නවා....හැයි අනේ බලාපල්ලකො මේ කඩයක් කියලවත් බලන්නෙ නැතුව අහිංසක මට කෑගහපු විදිහ....මහ නපුරෙක්...මම ඉතින් කරේ රෙදි ටිකත් අරන් හොරෙක් වගේ fiton room එක අස්සට රිංගගත්ත එක....හේ හේ මේක ඇතුලෙ හරි ශෝක්නෙ....මේ මේ කණ්ණාඩි වලටත් ලයිට් දාලා...හතර වටේට ඇසුත් කරක කරක මම කරේ ගෙනාපු ඇදුම් ටික අදින්න පටන්ගත්ත එක...ඌප්ස් පැංචා නිකන් කුමාරයක් වගේ...හී හී කාටද ඉතින් ආඩම්බර....ඇත්තට කාටද ආඩම්බර...ඔන්න ඔහෙ කාටහරි ආඩම්බර වෙන්න කියහන් බං...මට මොකද...හා නැද්ද කියන්නලකො ඒයි...

හැබැයි පොඩී අවුලක් තියනවා....මේකයි හරිද මේ වගේ එකක් ඇතුලට ආවම ඉබේටම වගේ පැංචගෙ dancing mood on වෙනවා...හනේ මට ඉවසන්න බෑ අප්පාවේ....ඔන්න ඔහෙ සූට්ටක් කැරකිලා බලමු නේද....මේ වගේ වෙලාවකට ගැලපෙන්නෙ අර සිංදුව....අර අරක අනේ...අර වෙඩි තියන කතාවෙ සිංදුව....අර ලොකුම ලොකු ගෑණු බෝනික්කෙක් ඉන්නෙ...පැංචට ඒ සිංදුව මතක නෑනේ...මිහුක්....බලන්නකො අප්පා මේ කුඩුකේඩු මොලේ තරම කියන්නෙ උදේ හවස ඇහෙන සිංදුව මතක නෑ කියනවනෙ...අනිත් දවසෙ හොදට වතුරට අල්ලලා හෝදන්න ඕනෙ....ඒසකම් කරන්න නම් හොදදදදදදට දන්නවා....ඒ උනාට අනිත් දේවල් මතක නෑ....හනේ ගහපන්කො මට එකක්....හැයි යකෝ....

"නිවේන්!....."

"ඇ...ඇයි...."

"තමුසෙ අද දවසම ඕක අස්සෙ ඉන්නද කල්පනාව....වැඩට යන්නත් ඕනෙ කියලා මතක තියාගනින්...."

නටන්න සිංදුවක් කල්පනා කරපු මම ගැස්සිලා ගියෙ දොර ලග ඉදන් කෑගහපු තාප්පයගෙ කටේ සද්දෙට වෙද්දි මම කරේ රෙදි ටිකත් කිහිල්ලෙ ගහන් අඩියට දෙකට එලියට පැනගත්ත එක.....කියන්න බෑනෙ දොර කඩන් ඇතුලට ආවොත් එහෙම...බුදුඅම්මෝ මතක් වෙනකොටත් දාඩිය දානවා....බයට අනේ බයට...ඊව් ඊව් අනේ මන්ද ඒයිලා ඔයාලත්...හරීයට වල් වැදිලා....මිහුක්....පැංචා වගේ හැදෙන්නලකො...

.

.

.

.

.

.

.

.

.

.

අපි කට්ටිය මේ රෙදි ගන්න ආවේ වැඩට යන ගමන්නෙ ඒ නිසා පුලුවන් ඉක්මනට රෙදිත් අරන් අපි ආවේ car park එකට...මම තාප්පයා එක්ක එයාගෙ කාර් එකට නගිද්දි සෙසඳු කරේ ශෙනුල් අයියා එක්ක අයියගෙ කාර් එකට නැගපු එක....සෙසඳුවා යන්න කලින් මම ඌව බදාගෙන උට මෙන්න මෙච්චරක් විතර ලොකු හාච්චියක් දුන්නා....තරහ උනා කියලා ඒවා අමතක කරන්න බෑනෙ...අනිත් ඩබලනම් මූණවලුත් ඇද කරගෙන අපි දෙන්නා දිහා බලන් හිටියා...හුහ්....අනේ අපිට මොකද...අනිත් එක එයාලට මූණවල් නරක් කරගන්න තරම් දෙයක් අපි කරේ නෑනෙ....හනේ එයැයිලට පිස්සුද කොහෙද...

ආ ඔයාලට කියන්න බැරි උනානෙ...මම ගත්ත ඇදුම් ඔක්කොටම සල්ලි ගෙව්වෙ තාප්පයා..හී හී බලන්න අනේ මොනවා උනත් අපේ තාප්පයා හරි හිත හොද කොල්ලෙක්....ඔන්න ඔහෙ ඕන එකක් කියලා මම අපේ සුමනෙ කොලුවටත් පොඩි සූට් එකක් ගත්තා....මම විතරක් රෙදි අරන් ගෙදර යන්නද කියන්නකො...බෑනෙ අනේ එහෙම කොහොමද....මගෙ අහිංසකයගෙ හිත රිදුනොත් එහෙම කාට කියන්නද කියන්නකො.....ඒක නිසා ඉතින් එයැයිටත් ගත්තා....හී හී...කමක් නෑ කමක් නෑ තාප්ප බොසාගෙ සල්ලිනෙ...

"ආ ගන්නවා...."

"හෑ...."

"මගෙ මූණ දිහා බලන් ඉන්නෙ නැතුව මේක ගන්නවා නිවේන්....."

"මටද....."

"නැතුව මෙතන තව මොකා හරි ඉන්නවා වගේ පේනවද...."

"න්....නෑ...."

"එහෙනම් ඉතින් ගන්නවා...."

"Th...thank you....."

"ම්ම්ම්..."

කාර් එකට නැගලා එහෙ බලලා මෙහෙ බලන ටිකට මෙන්න යකෝ මේ යකා bubble tea එකක් දික් කරගෙන ඉන්නවා....පැංචා බයත් උනා අප්පාවේ....හැයි අනේ ඔහොමත් දෙනවද කියන්නකො...දෙනකොට අහක දාන්න බැරි නිසා මමත් කරේ bubble tea එක අරන් කටේ ගහගත්ත එක....ඒකත් බිබීම ජනේලෙන් එලිය බලපු මට කොහෙදෝ තිබුණු චූ බරකුත් ලෝඩ් උනා.....ඇත්තටම ඒ දැක්ක දේට මම සෑහෙන්න බයවුණා....බයවුණ පාරටද මන්ද මම කරි තාප්පයගෙ උරහිසට ඔලුව ගහන් ඇස් දෙක පියාගත්ත එක ....

"නිවේන්....නිවේන් ඇයි මේ..."

"අ...අර....."

_______________________________

හේ හේ මම යනෝ එහෙනම් පරිස්සමින් ඉන්න...ආදරෙයි...😚❤❤

Good night 😴🌙⭐

ආ ලමයි අහන්නකො එදා මම nmb එක දාපු පාර ගොඩක් අය මට msg දාලා තිබුණා...අනේ ඇත්තටම ඔයාල හරි හොදයි ඒයිලා...මම හරි ආදරෙයි අප්පාවේ....කවුරුහරි මිස් වුණ කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න...මම කීවනෙ මගෙ කිසිම අකමැත්තක් නෑ....මොකද ඔයාල නිසානෙ මම මෙහෙම කතා ලියන්නෙ😫❤

(0764204154)

බායි බායි මම ගියා එහෙනම් 😁..ඊලගට කොටසෙ කපල් දෙකම ඉන්නවා හරිත..

@Diyana_45 🖊mention a user

Share This Chapter