Back
/ 40
Chapter 26

24 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

"නිවේන්....නිවේන් ඇයි මේ..."

"අ...අර....."

"මොකක්ද..."

මම එයාගෙ උරහිසට ඔලුව ගහගත්ත පාරද මන්ද එයා කරේ මාව හොලව හොලව ඇයි අහපු එක වෙද්දි මම කරේ තවත් එයාගෙ අස්සට ගුලිවුණු එක...අනේ මිනිහො හොලව හොලව ඉන්නෙ නැතුව පෙන්නපු දිහා බලපන්කො...මේ යකාට ඇස් පේන්නෙ නැද්ද මන්ද...හැයි අනේ අච්චර අර පේන්න ඉන්නවා...මේ යකා අහනවා මොකක්ද කියලා...අනේ මට බයයි අප්පාවේ....ඒ හිටියෙ වෙන කවුරුත් නෙවෙයි අර දේවින්ද කාරයා...මේ යකා මොකද මෙතන කරන්නෙ...ඈ...පොඩ්ඩක් ඔහොම ඉන්න..අර කෙල්ලෙක් නේද බොල අතේ එල්ලගෙන ඉන්නෙ...මූ මාර ඒසාවෙක්නෙ අනේ...හැයි දෙයියනේ කෙල්ලෙක් ඉද්දිද මගෙ එහෙ මෙහෙ අතපත ගාන්න ආවේ....තුහ් නොදකින් විතරක් අසහනකාරයා....පෙනේද සිරික්කිය දදා ඉන්න ලස්සන...මම නම් කියන්නෙ ඕකගෙ වම් අත...ඌප්ස් නෑ නෑ දකුණු අත...ඔව් අන්න හරි දකුණු අත තමයි....ඕකගෙ දකුණු අත කුණු වෙලා පණුවො ගහන්න ඕනෙ....ඔය යකා ඊයෙ පැංචව ඇල්ලුවෙත් දකුණු අතෙන්...මොන ගං කබරයෙක්ද මන්ද...

"නිවේන්!....."

ආයිශ්....මගෙ කන යකෝ මගෙ කන...පනේද පෙනේද මේ යකාගෙ කටේ සද්දෙ...හැයි අනේ පැංචා මේ මෙච්චර බයවෙලා ඉන්නවා මූ මෙහෙ බෙරිහන් දෙනවා...ගස් බල්ලා...ඒ යකාටත් හිතින්ම බැන බැන මම කරේ ඔලුව උස්සලා ඒ යකා දිහාම බලපු එක....හරිනෙ හරිනෙ...ඔය කරේ වැඩක්...කලින් ලෝඩ් උන චූ බරත් හිදිලා ගියා මූ බලන් ඉන්න විදිහට...හනේ ගැත්තාට අනුකම්පා කරන සේක්වා දේවයන් වහන්ස...මෙය මා සිතා මතා කරන ලද වරදක් නොවේ...අහෝ මාගේ තරුණ ජීවිතේ...මට දැන්ම මැරෙන්න බෑ මගෙ දෙයියො....ඊව් ඊව් මේ ඒස මොලෙත්....මෙච්චර හරියක් වෙලා තියනවා මූ මෙහෙ නාට්‍ය රග දක්වනවා....බලන්න ඒයිලා මේ පිස්සු මොලේ කරන වැඩ...

"මම උබට කතාකරේ නිවේන්...."

"ඇ...ඇයි...."

"උබ බයවුණේ දේවින්දව දැකලද...."

"ම..මම...මේ මේ...මේ..."

"කතා කරපන් යකෝ...උබ බයවුණේ දේවින්දව දැකලද..."

මම මේක මෙයාට කියන්න හිතුවෙ නෑ අප්පා...නෑ කියන්නෙ ජීවිතේටවත් නෑ...ඒ උනාට අර යකා මගුලක් කරානෙ...ඌ අහවල් එකකටද කියන්නකො අපි එන රෙදි කඩේටම ආවෙ...හා හා ඒකට කමක් නෑ කියමුකො...ඌ දැනගන්න එපැයිනෙ අනේ පැංචගෙ ඇස්වලින් වහන්වෙලා ඉන්න...ඒ හිවලා දන්නෙ නැතුවද දන්නෙ නෑ පැංචා සූට්ටක් ඇත්නම් බයවෙනවා කියලා...හනේ මට බෑ අප්පාවේ...අර බලාපල්ලකො තාම අතන කාර් එක ලගට වෙලා හිටගෙන අර කුණ්ඩවාලෙත් එක්ක මුකුලු කරනවා...ඒ යකාව දකිද්දි තාම නිකන් මාව වෙවුලනවා වෙවුලනවා වගේ...මම ඔයාලට බඩ්ඩක් කියන්නද....නෑ නෑ මේකයි හරිද....මම කැමති නෑ වෙන අය මාව අල්ලනවට...අනේ මන්ද මම ඒකට මාර බයයි...හේතුවක් නෑ කියන්නත් බෑ තියනවා කියන්නත් බෑ...මේකනෙ හරිද...කැම්පස් යන කාලෙ ඉදන් මට ඔය වගේ දේවල් පුරුදුයි...මම කීවනෙ ඒ කාලෙ කෙල්ලන්ට වඩා මගෙ පස්සෙන් ආවෙ කොල්ලො...සමහරදාට කෙල්ලො ඇවිත් මගෙ මූණටම බැනලා යනවා තමුසෙ නිසා අපිට කොල්ලෙකවත් සෙට් වෙන්නෙ නෑ කියලා...හනේ ඉතින් ඒකට මේ අහිංසක මම පලිද කියන්නකො...නෑනෙ නෑනෙ...උන් දැනගන්න ඕනෙ මගෙ පස්සෙන් නෑවිත් ඉන්න...කැම්පස් එකේදිත් දෙතුන් පාරක්ම කොල්ලෙක් මාව අතපත ගාන්න ආවා...කරුමෙ කියන්නෙ ඒ එක දවසක්වත් සෙසඳුවා මගෙ ලග හිටියෙ නෑ...පස්සෙ දවසක උට ඕක ආරංචි වෙලා අර කොල්ලට හොදටම තඩිබෑවා....එදා ඉදන් මම හරි බයයි සෙසඳුවගෙන් පිට වෙන පිරිමියෙක් නිකමටවත් මාව අල්ලන්න එනවට...හැබැයි දැන්නම් පොඩි වෙනසක් තියෙනවා...හී හී..මේකනෙ හරිද...මේ මෙයා ඉන්නෙ....මෙයා අනේ මෙයා...තේරෙන්නෙ නැද්ද අනේ..මේ තාප්පයා ඉන්නෙ අන්න ඌ...දැන්නම් පැංචා එයා අල්ලනවටත් බය නෑ ඕං.....අනේ අනේ හිනාවෙන්න එපා ඒයිලා...මේක මේ පැංචගෙ මොලේ අවුලක්....නැතුව පැංචගෙ අවුලක් එහෙම නෙවෙයි හරිත...මිහුක්....ආවා මෙතන හිනාවෙන්න...

"නිවේන්!...."

අනේප්...ගහපන්කො මෙන්න මුට එකක්...හැයි යකෝ කටේ තියෙන්නෙ නිවේන් නිවේන් නිවේන්....දෙයියනේ...පැංචට නිවන් සුව කීවලු....දැන්නෙ මම දැක්කෙ ඇස් දෙකක් රතු කරන් දේවින්ද කාරයා දිහා බලන් ඉන්න තාප්පයව....මේකට මේ මක් වෙලාද...

"උබට මම කතා කරනවා ඇහෙන්න නැද්ද යකෝ...."

පෝඩ්ඩක් ඉන්න ඒයිලා මම මේ ප්‍රශ්නෙ විසදගෙන එන්නම්....

"කි....කියන්න..."

"මම උබෙන් ප්‍රශ්නයක් ඇහුවා නිවේන්...මම මේ හොදින් අහන අන්තිම පාර...උබ බයවුණේ දේවින්දව දැකලද...."

"ම..මම..."

අනේ මට වචනත් ටැපලෙනවා ඒයිලා....මේකනම් මහ පුදූම කරුමයක් තමයි...

"ඔව්ද නැද්ද...."

"ඔ...ඔව්...."

"හරි..."

ඈ ඒ මොකටද එයා ඒ හරි කීවේ...පිස්සුවත් තද වෙලාද....නෑනෙ එහෙම වෙන්නෙ කොහොමද පෝය පහුවෙලා දැන් ගොඩක් කල්නෙ...හැබැයි ඉතින් මෙයාට පිස්සු හැදෙන්නෙ පෝය පහුවෙලාද දන්නෙත් නෑ...නෑ නෑ ඉතින් කියන්න බෑනේ...අර අපේ සෙසඳුවත් එහෙමනෙ...ඌ පෝයට හෙන බෞද්ධයා...ආයෙ නෑ පන්සල් යනවා මල් පූජා කරනවා ගාථා කියනවා....ඒකට මොකද පෝයෙන් පස්සෙ හැම දවසකම පිස්සු තද වෙනවා...ඒකනෙ අනේ මම කීවේ මෙයත් එහෙමද දන්නෙ නෑ කියලා....අනේ ඔහෙ ඕන එකක් මට මොකද...

ආ ආ මේ මොකත මේ...මෙයා බලන්නකො ඒයිලා...එහෙ බලලා මෙහෙ බලන ටිකට මේ මිනිහා කාර් එකේ ජනෙල් වලට හයිකරලා තිබුණ ජනෙල් රෙදි ටිකත් පහලට දාලා...හනේ කලුවරයිනෙ....පැංචා කලුවරට බයයි...මිහුක්....ඉස්සරහින් එන පොඩි එලියක් ඇරෙන්න කිසිම එලියක් නෑ....මෙයා මොනවා කරන්න හදනවද මන්ද....පැංචව මරන්නවත් ප්ලෑන් කරනවද දන්නෙ නෑ....අනේ බුදු තාප්පයෝ මේ අහිංසක මට ජීවිත දානය දෙනු මැනවි....මට මැරෙන්න තරම් වයසක් නෑ යකෝව්....

"මම මේ අහන්නෙ බොහොම හොදින් නිවේන්...."

"අනේ....හ්....ම..මගෙ...අ..අත...රිදෙනවනෙ..අනේ..හ්..."

හැමදාම වගේ එයා කරේ අදත් මගෙ අත් දෙකම තදකරලා අල්ලගත්ත එක...එයා ඔහොම කරන හැමපාරම මගෙ අත් ගැලවිලා යන්න තරම් කැක්කුම අල්ලනවා...එයාට ගානක් නෑ...හැමදාම වගේ ඔය ඉන්නෙ ඇස් දෙකත් රතු කරන් මොකාද එකා වගේ...ඔයාලට කියන්න ඒයිලා මේ මිනිහා හරියට නිකන් යකෙක් වගේ...අර...අනේ අර බලන්නකො අර දත්මිටිත් කනවා...මම ඉතින් කරේ හැමදාම කරනවා වගේ අඩන්න පටන්ගත්ත එක...

එයාගෙන් බේරෙන්න බෑ කියලා තේරුන නිසාම මම කරේ එයා අහපු හැම ප්‍රශ්නෙකටම කොහොම හරි උත්තර දීපු එක...

"කට...කට වහගෙන අහන දේට විතරක් උත්තර දීපන්..."

"ඉහික්....ඉහික්...."

"තමුසෙ ඇයි අරූව දැකලා බයවුණේ...."

"එ...එයා...."

"ගොත ගහන්නෙ නැතුව කතාකරපන් යකෝ..."

"එ...එයා...ඊයෙ..."

"ඌ ඊයෙ මොකක්ද කරේ ආ...කියපන් ඌ ඊයෙ තමුසෙට මොකක්ද කරේ...."

"එ..එයා..මාව...එ..එයා ..මාව අල්ලන්න හැදුවා..."

හේ හේ පැංචා පෝඩ්ඩක් විතර කතාවෙ සැර බාලකරා....ආයෙ මොකටද ඇල්ලුවා කියන්නෙ....මේ ඉන්න හැටියට ඒක කීවොත් එහෙම මාව මෙතනම මරලා දායි...මේ යකා මොකට මෙච්චර තරහා ගන්නවද මන්ද....

හැබැයි මට වැරදුනා...මොකද මම එහෙම කියපු පාර එයා කරේ යකඩ තරම් හයිය එයාගෙ අත්වලින් මගෙ කට දෙපැත්ත තදකරලා අල්ලගත්ත එක...මට රිදෙනවා....මට නොසෑහෙන්න රිදෙනවා...ඒත් මම දන්නවා...මම දැගලුවොත් මෙයා තවත් මට රිද්දනවා...ඒ නිසා මම කරේ කදුලු ගලන ඇස්වලින් එහා දිහා බලන් හිටපු එක....මම මොන තරම් ඇඩුවත් රතුවුණු ඇස්වලින් මගෙ දිහා බලන් හිටපු එයා කීවේ,

"උබ ඒකයි එහෙනම් ඊයෙ අර වගේ හැසිරුණෙ...උබට එච්චරත් මගෙ අස්සෙ ඉන්න පුලුවන් උනානම් ඕක කියන්න බැරි උනාද...ආ...කියපන් උබට මට ඕක කියන්න බැරි උනාද....උබ...උබ...."

කියලා වෙද්දි මභ කරේ වචන අමුලා සොරි කියපු එක විතරමයි...ඒත් ඇයි...ඇයි මම එයාට එහෙම දෙයක් කියන්නෙ...මම දන්නෙ නෑ...මට මේ මනුස්සයව තේරෙන්නෙ නෑ...

"සො...සොරි..."

"අදින් පස්සෙ උබ කිසි දෙයක් මගෙන් හංගන එකක් නෑ.... "

"ආර්හ්....."

එහෙම කියපු එයා කරේ මාව ඇදලා අරන් කිස් කරන්න පටන් ගත්ත එක...වෙනදා වගේ නෙවෙයි....එයා කරේ මගෙ තොල් හපපු එක...දැනුන වේදනාවට මට කෑගැස්සුනේ ඉබේටමයි...එක අතකින් මගෙ කොණ්ඩෙ ගැලවිලා යන තරම් තදේට අල්ලගත්ත එයා අනිත් අතින් මගෙ අත් දෙකම තදකරලා අල්ලගත්තෙ මට දගලන්න තියා හෙලවෙන්නවත් බැරි වෙද්දි....එයා ඉන්නෙ තරහෙන්....එයා හුස්මගන්න සද්දෙන් මට ඒක තේරෙනවා...ඒත් ඇයි ඒ....එයා මොකටද කේන්ති ගන්නෙ...මට තේරෙන්නෙ නෑ....එයාට ඇතියි කියලා හිතෙන තරම් මගෙ තොල් හපපු එයා කරේ මාව එයාගෙන් ඈත් කරපු එක....තාමත් ඒ ඇස් රතුම රතුයි....මගෙ තොල් හොදටම දනවා....කෝකටත් කියලා මම කරේ ඇගිලි දෙකකින් මගෙ තොල් අල්ලලා බලපු එක....අනේ..මේ...මේ ලේනෙ...ඒ කියන්නෙ..ඒ කියන්නෙ මගෙ තොල් තුවාල වෙලාද....අනේහ්...එයා මගෙ තොල් තුවාල වෙන්නම හපලා...මම බය තවත් දෙයක් තමයි ලේ....මගෙ ඇඟිලිවල ගෑවිලා තිබුණ ලේ දැක්ක පාර මටත් තවත් හයියෙන් ඉකිගැහුනා.....මම හිතලා අඩනවා නෙවෙයි අප්පා...මට ඇඩෙනවා....මම අඩන නිසාද එහෙමත් නැත්තන් මගෙ තොල් තුවාල වෙලා නිසාද කියලා නොදන්නවා උනාට එයා ඊලගට කරේ මම හීනෙන්වත් නොහිතපු දෙයක්....දන්නවද...එයා එයාගෙ අත් දෙකෙන් හරි පරිස්සමට මගෙ තොල්වල තිබුණ ලේ පිහදලා දැම්මා....ඇයි කියලා නොදන්නවා උනත් මට දැනුනෙ මහ පුදුමාකාර ලෝබකමක්....අනේ මම දන්නෙ නෑ ඒයිලා මට මොනවා වෙලාද කියලා....එක්කො මට පිස්සු එක්කො මුට පිස්සු....

"නිදාගන්නවා....."

"අහ්...."

"මෙතන ඉදන් office එක ලගට යන්න පැයක්වත් යනවා ඒ නිසා තමුසෙ ටිකක් නිදාගන්නවා...."

මොන එහෙකටද මාව නිදි කරවන්න හදන්නෙ...පිස්සුද මන්ද මේ යකාට...හේ හේ..ඒ උනාට ඉතින් පැංචටත් පෝඩ්ඩක් විතර නිදිමතයි....ඇයි ඉතින් උදේ පාන්දරම ලෑස්තිවෙලානෙ මේ ඇදුම් ගන්න ආවේ...ඔන්න ඔහෙ පොඩ්ඩක් නිදාගන්නම් නේද....මිහුක්...මේ යකානම් මහ නරකයෙක් අප්පා....බලන්නකො අසහනකාරයා වගේ කරපු වැඩේ....ඒ උනාට මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා...නෑ මේකයි හරිද....මෙයා අර දවසක් කීවේ be my sex partner කියලා...නෑ නෑ අනේ මම මේ අහන්නෙ මෙයා ඒක විහුලුවටද කියලා තියෙන්නෙ....ඔය ඉතින් ඔයාලා එක්ක බෑනේ...හිනා වෙන්න එපා අනේ පැංචා නිකමට වගේනෙ ඇහුවෙ....මිහුක්...හරි හරි මට නිදිමතයි මම දොයි....

අදත් මට දැනුනා.....සමහර දවස්වලට දැනෙනවා වගේම....මොනවම හරි තෙත දෙයක් මගෙ නලල උඩ එහා මෙහා ගියා...නින්දෙන් දැනුන නිසාද දන්නෙ නෑ ඒ මොකක්ද කියලවත් බලන්න මට උවමනාවක් තිබුණෙ නෑ....හැබැයි සනීපයි....පුදුම තරම් සනීපයි.............

_____________________________________

"ඉවර නැද්ද...."

"තව ටිකයි...."

"ඉක්මන් කරන්න මන්දිල්...."

හනේ කාලේ වනේ වාසේ කීවලු....අර ඩබල අරහෙ මරාගද්දි අනිත් ඩබල මෙහෙන් මරාගන්නවා....වෙන කවුද ඉතින් ශෙනුලුයි සෙසඳුයි මිසක්....රෙදිත් අරගෙන ඉවරවෙලා දෙන්නත් එක්කම office එකට ආවේ දහයත් පහුවෙලා....හැබැයි දැන් දහයෙ කෑලිත් නෑ....කෑලිත් නෑ කියන්නෙ දැන් වෙලාව දොලහටත් ලගයි...ආපු වෙලාවෙ ඉදන් ශෙනුල් කරේ අර අහිංසකයව මරන් කන්න හදපු එක...දැනුත් පේනවනෙ...ඉක්මන් කරන්න මන්දිල් යැයි යැයි තමයි...වෙන මොනවත් නෙවෙයි කොල්ලා මොනවදෝ මන්ද ලියුම් වගයක් type කරනවා....ලැප් එකෙන් අනේ ලැප් එකෙන්.....දහයි ගානක ඉදන් මේ වෙනකන් ටයිප් කරත් තව පොඩ්ඩක් ඉතුරුයි...පොඩ්ඩයි කියන්නෙ එකකත් බාගයක් වගේ....ඒ උනාට අර යකා එක්ක බෑනෙ කරන්න.....විනාඩියෙන් විනාඩියට මන්දිල් ඉවරද මන්දිල් ඉවරද අහනවා...මූ හිතුවද දන්නෙ නෑ මේ කොල්ලා මැෂින් එකක් කියලා....ඒකටම හරියන්න සෙසඳුත් කරේ ශෙනුල්ට රවලා ලැප් එක අස්සට මූණ ඔබාගත්ත එක...

"ටොක්.....ටොක්....."

"එන්න....."

ටිකක් වෙලා ඉද්දි කවුද මන්ද ඇවිත් දොරට තට්ටු කරේ ශෙනුලුත් ඒත් එක්කම වගේ ඒ ආපු කෙනාට ඇතුලට එන්න කියද්දි....සෙසඳුත් කරේ හොරාට වගේ දොර දිහා බලපු එක...යස වැඩක් තමයි ඒකත්....බලාපල්ලකො උගුඩුවෙක් වගේ බලන් ඉන්න ලස්සන...

"ඉතින් ශෙනුල් මම පරක්කුද...."

"ඔහ්...නෑ නෑ.....ඉදගන්න සදු...."

හරිනෙ...හරිනෙ...ඔය කරේ වැඩක්....වෙන කවුද ඉතින් අර සක්කරවට්ටම මිසක්....මේකි මොකද මේ අවේලාවේ මේක අස්සෙ කරන්නෙ...ඒත් පොඩ්ඩක් ඉන්න එයා ඒ ඇහුවෙ මම පරක්කුද කියලා නේද...ඒ කියන්නෙ....ඒ කියන්නෙ ශෙනුල්ද එයාට එන්න කියලා තියෙන්නෙ...ඒත් ඇයි....හැබැයි ඉතින් තවත් කෙනෙක් නම් මේ දිහා බලන් හිටියෙ කියාගන්න බැරි කේන්තියකින්....වෙන කවුද ඉතින් සෙසඳු මිසක්....වෙනද වගේම තමයි ඌ දන්නෙත් නෑ ඇයි උට කේන්ති කියලා....සෙසඳුගෙ ඔලුවෙ වැඩ කරේම ඇයි මෙයා මේ වෙලාවෙ කියන ප්‍රශ්නෙ විතරක්ම වෙද්දි කොල්ලා කරේ ඒ දෙන්නා කතාවෙන දේවල් හොරාට අහන් ඉන්න තීරණය කරපු එක....

උබලත් අහගනිල්ලකො එහෙනම්....

"ඉතින් ශෙනුල්,අපි කොහෙහරි නිදහස් තැනකට ගිහින් කතා කරමුද...."

"එහෙම ඕන වෙන එකක් නෑ...."

සෙසඳුගෙ කන් දෙක නම් කෙලින්ම නතරවෙලා තිබුණෙ දෙන්නගෙ කතාව ලග...

"මොනවද ඔයාට කතාකරන්න ඕනෙ කීවේ..."

"අපි දෙන්නා ගැන...."

ඔන්න හරි....ශෙනුල් එහෙම කීවා විතරයි සෙසඳුගෙ ඇස්වලට කදුලු පිරිලා....මම කීවනෙ ඒ ගොං පැටියා දන්නෙත් නෑ උට වෙන දෙයක්...ඌ දන්නෙ ශෙනුල් වෙන උන් එක්ක ඉද්දි උට කේන්ති කියන්න විතරයි....මෝඩ ගහක් මහ....අනේ වාසනාවන් කියන්නෙ ශෙනුල් අරහෙම කීවා විතරයි අර කුණ්ඩවාලෙ එදා වගේම නැගිටලා ගිහින් දුන්නෙ නැතැයි ශෙනුල්ගෙ කම්මුලකට චොක් ගාලා කිස් එකක්....අපරාදේ කියන්න බෑ ශෙනුලුත් confuse....මිනිහා ඉන්නවා බහිරවයෙක් දැකලා වගේ....ඊව් ඊව් හරිම ඒසයි අප්පා...

ඒ අස්සෙ අනිකි පටන්ගත්තෙ නැතැයි කටර් වගේ කියවන්න...

"මොකෝ බබා මේ බයවෙලා...ඉස්සර මම කොච්චර නම් කිස් දෙනවද...එතකොට ඔයා ඔහොම බයවෙලා බලන් හිටියෙ නෑනෙ ආපිට මටත්....."

හරි ශෝක් හරීම ශෝක්....අපෙ අප්පට බල්ලො බුරපි කීවලු...මෙන්න මේකි බබාලු....දෙයියනේ දෙයියනේ මෙහෙමත් ගෑණු...ඔන්න එතකොට තමයි මහ යකාගෙත් කටට පන ආවේ...

"නවත්තගන්නවා අයිසෙ...මම තමුසෙට එන්න කීවේ ලව් කරන්න නෙවෙයි තමුසෙට මගෙ පස්සෙන් එන්න එපා කියන්න....අනික අවුරුදු තුනකට කලින් උන දේවල් අයිති අතීතෙට...ගියා නම් ගියපු විදිහට හිටපන් සදු...මොන මගුලකටද දැන් ආයෙ ආවේ...මම තමුසෙ කෙල්ලෙක් නිසා ඉවසනවා මිසක් නැත්තන් මම උබට මෙතනම ගහලා...ඔව් ඇත්ත මම උබට ආදරේ කරා තමයි...ඒත්..."

"මන්දිල්....මන්දිල් ඔහොම නවතිනවා...."

එච්චරයි....ශෙනුල්ට කියන්න හම්බුනේ එච්චරයි....මෙච්චර වෙලා සාවදානෙන් මේ දිහා බලන් හිටපු සෙසඳු කරේ මහ සද්දෙන් පුටුවත් පස්සට කරන් නැගිටලා එතනින් එලියට යන්න ගිය එක....ශෙනුල් මොන තරම් නවතින්න කීවත් සෙසඳු එක තප්පරේකටවත් ඒ දිහා බැලුවෙ නෑ....මම නම් කියන්නෙ ශෙනුල්ට ඔහොම වෙලා මදි...හුහ්...විහින්ම කරදර ඇගේ දාගන්නවට හොද පාඩම...

ශෙනුල්ට සෙසඳු පස්සෙන් යන්න ඕනෙ උනත් එයාට එහෙම කරන්න බෑ....office එකේ බොස් වෙලා කඩාගෙන බිදගෙන එලියට යන්නද....මොන විලි ලැජ්ජා නැති වැඩක්ද ඒක...ඉතින් ශෙනුල් කරේ මේ හැමදෙයක් ගැනම හෙට සෙසඳු එක්ක කතා කරන්න හිත හදාගත්ත එක....

ඒකටත් එක්ක සෙසඳු....මේකා ඒ ටිකට ගෙදර යන්න taxi එකකුත් දාගෙන...මිනිහට දුකකටත් වඩා තිබුණෙ කේන්තියක්....එක්කො කේන්ති යන්න හේතුවක්වත් හොයපන්කො ඒත් නෑ....ඒ වෙනුවට....

"මම ආයෙ ඕකගෙ මූණක්වත් බලන්නෙ නෑ...ගෑණු පෙරේතයා..."

කියලා taxi එකේ නැග්ගා ගෙදර ගියා....ශෙනුල් නිසාම හොදයි....නැත්තන් එහෙම මූව රස්සාවෙනුත් දොට්ට ඇදලා දාලා...

අන්තිම වශයෙන් මට කියන්න තියෙන්නෙ....

ශෙනුල්ට ලේසි වෙන එකක් නම් නෑ...

________________________________________

ලමයි 3.30 power cut එකක්....එන්න රෑ වෙනවා කියලා තමයි කීවෙනම්....කීයට හරි ආපු වෙලාවක ගෝල් ලියලා දාන්නම් හරිද...

හේ හේ එහෙනම් මම යනෝ...පරිස්සමින් ඉන්න...ආදරෙයි 😚💗💗

@Diyana_45 🖊mention a user

Share This Chapter