Back
/ 40
Chapter 27

25 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

"ම්හ්ම්...."

"සෙ...සෙසඳු....සෙසඳු...."

"ම්හ්ම්....."

"උබ ඔය නින්දෙන්ද ඒයි කෙදිරි ගාන්නෙ...."

අනේ පව් අප්පා මගෙ අහිංසකයා....බලන්නකො ඒයිලා දැන් වෙලාව පාන්දර තුනටත් ලගයි...අපේ සෙසඳු කොම්ලා නින්දෙන්ම කෙදිරි ගානවා...මම නම් කියන්නෙ මුට පිස්සු...ඔයැයිලා දන්නෙ නෑනෙ වැඩක්...මේ සෙසඳුවා ඊයෙ කලින්ම ගෙදර ඇවිල්ලා...වෙනදට මූ ගෙදර එන්නෙ මම ඇවිත් සෑහෙන වෙලාවකට පස්සෙ...ඒකට ඊයෙ...මම ගෙදර එනකොටත් මූ බුදි....අනේ මන්ද අප්පා මොන යකෙක් වැහිලද කියලා...කන්නවත් එලියට බැස්සෙ නෑ කියද්දි හිතාගන්නලකො වැහුන යකාගෙ තරම...මම බත් එකක් බෙදන් කාමරේටත් අරන් ආවා මුට කවන්නම් කියලා ඒත් මූ නෙවෙයිනෙ කටක්වත් ඇරියෙ....පුදූම වැඩක් තමයි ඒක...මම කීවේ මූ දැන් සෑහෙන දවසක ඉදන් හරි වෙනස්....වෙනදට මුගෙ කට සක්කරයටවත් වහන්න බෑ...ඒකට දැන්...කනට ඇහෙන්නවත් වචනයක් කතා කරන්නෙ නෑනෙ....මූ නම් මහ මොකෙක්ද මන්ද අප්පා....ඔයාලට කියන්න මුට මම ඊයෙ තේ එකක් හදලා ගෙනත් දුන්නා....මේකා ඒක හලාගත්තෙ නැතැයි ඇගේ....ඔව් ඉතින් හැලුන එකේ පුදුමෙකුත් නෑ....මොකද මේ ගොනා තේ එක බීවෙත් සිවිලිම දිහා බලන්නෙ....විජ්ජුලතාවත් දැක්කද දන්නෙ නෑ...

ඔයාලට කියන්න හරිද ඒයිලා මූ හෙන ආසයි ඔය විජ්ජුලතා අක්කට....හනේ ඇත්තට කවුද ඒයිලා ඒ...ඇත්තමයි මම දන්නෙ නෑ...නෑ කීවොත් නෑ නෑමයි....අර සීගිරි බිතුසිතුවම් වල ඉන්න උඩට ඇදලා නැති අක්කද....ඊයා නේද අනේ....නෑ ඉතින් කෙල්ලෙක් උනාම ඕවා එලියෙ දාන් ඉන්නවද කියන්නකො...හා ඔයාලම කියන්නකො ඒයිලා ඔයාලත් එහෙමද....නෑනෙ නෑනෙ....බලන්න අනේ ලැජ්ජාවක් නැති කම....ඔයාලා දන්නෙ නෑනෙ සෙසඳුවා ඇයි එයැයිලට කැමති කියලා...හී හී.. මම කියන්නද...හැබැයි ඔන්න හිනාවෙන්න ඔට්ටු නෑ හරිද....මිහුක්....මොනා උනත් මූ මගෙ අහිංසකයනෙ....

ඔන්න අහගන්නලාකො කතාව....මෙහෙමනෙ හරිද මූ දවසක් ගෙදර මිනිස්සුත් එක්ක සීගිරිය බලන්න ගිහින්....අනේප් ගියානම් ගිය පාඩුවේ බලලා වරෙන්කො ඒත් නෑනෙ....මම දන්නෙත් නෑ අනේ මටත් කීවේ මුගෙ අම්මා...එතකොට මූ තුන වසරෙලු...මේකා අර සීගිරි බිතුසිතුවම් දැක්කා විතරයි මහ හයියෙන් බෙරිහන් දීලා අඩන්න පටන්ගත්තලු...ඒකත් වැඩකට ඇති දේකට නම් කමක් නෑ....එහෙමත් නෑනෙ....මූ අර මොකාද එකා වගේ මිනිස්සු ගොඩේ කෑගහලා කීවලු මටත් අර වගේ ගෑණු කෙනෙක් ඕනෙ කියලා....නැන්දා කියනවා නැන්දට පොලොව පලන් යන්න හිතුනලු....මම ඔතන හිටියනම් මූව තල්ලු කරනවා ගල පල්ලට...හැයි යකෝ...ලැජ්ජා වෙනවා කියලා ඔහොමත් ලැජ්ජා වෙන්න පුලුවන්ද....බෑනෙ බෑනෙ....ඕක දැනගත්ත දා ඉදන් මම මුට ඕක කියලා විහිලු කරනවා....හේ හේ...එහෙම තමයි අනේ හොද යාලුවෙක් උනාම....

"නි...නිවේන්......"

"ඕඕඕ...."

"ම..මට...මට සීතලයි...."

"කෝ එන්න මෙහාට...."

"උබ ලග හරි සනීපයි නිවේන්...."

"අනේ පලයන් ඒයි බොරු නොකියා...."

"මම මොකටද උබට බොරු කියන්නෙ...."

අනේ මූ එක්ක බෑ අප්පා....විජ්ජුලතා අක්කා ගැන මනොපාරක් ගගහා හිටපු මට උනේ අත් දෙකෙන්ම සෙසඳුවව බදාගන්න.....මේ මහ පාන්දර පැංචා පෝඩ්ඩක් විතර wrong side ගියානෙ...හී හී....ගනන් ගන්න එපා අනේ ඕවා ඔහොම තමයි....ඒ උනාට මට මේක හරි ප්‍රශ්නයක් අප්පා....නෑ ඉතින් සෙසඳුවා කවද්ද කියන්නකො මට තුරුල් උනේ...මේ තරම් කාලයක් මම උට තුරුල් උනා මිසක් ඌ මට තුරුල් උනේ නෑ....ඒත් දැන්....මූ ඉන්නෙ මොකක් හරි ප්‍රශ්නෙකද මන්ද...කොහෙද ඉතින් ඇහුවට කියන එකෙක්යෑ.....දැන් ටිකකට කලින් නින්දෙන්ම කෙදිරි ගාපු සෙසඳු ඇහැරිලා ඔහේ කියවන්න පටන්ගත්තෙ උගුඩුවා වගේ මමත් ඌ කියන ඒවා අහගෙන ඉද්දිමයි.....ඔන්න ඔහෙ ඔයාලත් අහගන්නලා අනේ....පැංචගෙ කිසීම විරුද්ධත්වයක් නෑ....මිහුක්...

"නිවේන්...."

"කියන්න ඒයි...."

"නිදාගන්නෙ නැද්ද...."

"නිදිමත නෑනෙ අනේ...."

"හ්ම්...එහෙනම් ටිකක් කතා කරමු...."

"හෑ...."

"ඔය මොකද කරන්නෙ...."

"ඔයාට උණද කියලා බැලුවෙ...."

ඇත්තනෙ අනේ....බලන්නකො ඒයිලා මේ යකා කියන කතා....ගිනස් වාර්තා පොතට දාන්න තරම් වටින කතාවක්නෙ මූ ඒ කීවේ..

ඇයි අප්පාවේ මූ කවද්ද ඔහොම දෙයක් කීවේ...එහෙනම් ටිකක් කතා කරමු....යැයි යැයි තමයි....හුහ්...මේ මහ පාන්දර මොන නාඩගමක් නටන්න හදනවද මන්ද....මම ඉතින් කෝකටත් කියලා සෙසඳුවගෙ නලලට අත තියලා බැලුවෙ මේ යකාට උණවත් ගැනිලද කියලා....නෑ ඉතින් කවුද දන්නෙ මූ මේ උණ විකාරෙන් කියවනවද කියලා....ඌප්ස්...නෑ නෑ ඒයිලා....කොම්ලා යහතින් ඉන්නවා....හේ හේ...

"විහිලු නෙවෙයි නිවේන්...මට ඇත්තටම ටිකක් කතා කරන්න ඕනෙ..."

හැබැයි මූ ඒකනම් කීවේ සීරියස් පිට....අනේ ටිකක් ඉන්න හරිද ඒයිලා...පැංචා සෙසඳු කොම්ලත් එක්ක චැටක් දාලා එන්නම්....කවුද අනේ දන්නෙ මුට පවුල් ප්‍රශ්නද කියලා....මිහුක්....

"කියන්න ඒයි....."

"මාව ටිකක් තුරුලු කරගන්නවද...."

"මේ මදිද අනේ..."

"මදි...."

"කෝ එනවා එහෙනම්....තමුසෙත් නම් අනේ මන්ද ඒයි...."

"නිවේන්...."

"ඕඕ...."

"උබත් මාව තනි කරන්නෙ නෑ නේද....."

"මොනවද ඒයි මේ කියන්නෙ....උබ හොද සිහියෙන්ද ඔය කතා කරන්නෙ..."

"මට දුකයි නිවේන්...."

"ඒ මොකටද...."

"අම්මට මම ගැන ගානක්වත් නෑ නිවේන්....එයා...එයා ඇයි මට එහෙම කරන්නෙ...මම කොහෙද ඉන්නෙ...මොනවද කරන්නෙ...එයාට මේ කිසිදෙයක් වැඩක් නෑ...උබ දන්නවද දෙයක්...."

"මො...මොකක්ද...."

"මට උබව ලැබුණෙ වාසනාවකට...."

අනේ මේ යකා මාව අඩවනවනෙ අප්පා...මිහුක්...නෑ නෑ එහෙම අඩන්න නරකයි....ගැම්මට පපුව ඉස්සරහට දාගෙන අහන් ඉන්න ඕනෙ....බලන්න අනේ මේ පාන්දර පැංචව imotional කරන්න හදනවනෙ...කමක් නෑ කමක් නෑ....මගෙ අහිංසකයා වෙනුවෙන් ඕන දෙයක්....

"දන්නවද නිවේන් මගෙ හිතට මොකක්දෝ ලොකු දුකක් දැනෙනවා..."

"දුකක්...."

"ඔව්...."

"ඒ ඇයි ඒයි ඒ...."

"මම දන්නෙ නෑ නිවේන්....මට තේරෙන්නෙ නෑ...කොච්චර තේරුම්ගන්න හැදුවත් මට ඒ දේ තේරෙන්නෙ නෑ...."

"මිහුක්.....පැංචට කීවනම් පැංචා ඕක විසදලා දෙනවනෙ ඒයි..."

"ඕකනෙ මම උබට ආදරේ...."

"ආආආ ඒ මොකද ඒ...."

"උබේ ගොං කතාවලට ප්‍රශ්නත් අමතක වෙනවා...."

"අනේ යනවා යන්න...මම ගොං නෑ හරිද..."

"නෑ නෑ උබ ගොං නෑ උබ හරක්...."

"තමුසෙනම් මහ නරකයෙක් අප්පා...."

පේනවා නේද...ඈ ඒයිලා පේනවා නේද මේ සෙවල ගඩාපියා කියන කතා...හෙනම දුකින් කතාව පටන් අරන් දැක්කනෙ ඉවර කරපු තැන....අනේ ඉතින්....මමත් මෝඩයෙක් වගේ imotional වෙන්න බලන් හිටියා....අනේප් ගහපන්කො මට එකක්....දන්නවද නිවේන්,මට දුකයි නිවේන්,අම්මට මම ගැන ගානක්වත් නෑ නිවේන්.....නිවේන්....නිවේන්....නිවේන්...යැයි යැයි තමයි....මූ නම් මොකෙක්ද මන්ද...ගස් බල්ලා...මම කරේ සෙසඳුවගෙ පපුවටත් හයියෙන් පාරක් ගහලා අහක බලාගත්ත එක....මම රැව්වා රැවිල්ලක් ආයෙ නෑ සෙසඳු කොම්ලව අලුවෙලා යන්නම....ඕනෙනම් ඇවිත් අලු ටික එකතු කරන් යන්නලා...මට නම් කිසීම ප්‍රශ්නයක් නෑ....හැයි යකෝ....

"දැන් ඇයි මට රවන්නෙ...."

"ඊයා ඒයි....ඒක අහපු කැත විතරක්..."

"නෑ කියනවකො ඇයි දැන් මට රවන්නෙ..."

"රවන්නෙ කියන්නෙ පැංචා imotional වෙන්න හැදුවා විතරයි උබ වැඩේ කෑවනෙ ඒයි...මිහුක්...මම තරහම තරහයි..."

"උබ එක්ක පුලුවන්ද බං imotional වෙන්න...කෝ මෙහාට වරෙන් මට හොදටෝම නිදිමතයි...."

අනේ මූ හරි හොදයි අප්පා...මම කලින් බැන්න ඒවා ඉල්ලා අස්කරගන්නවා හරිද...සෙසඳු කරේ මගෙ නහයත් මිරිකලා මාව ඇදලා අරන් උට තුරුල් කරගත්ත එක...මූ නම් කටුස්සෙක්ද මන්ද...හැයි අනේ දැන් ටිකකට කලින් මට තුරුල් උන මිනිහා දැන් මාව තුරුල් කරන්...ඔහෙ කමක් නෑ...මූ ලග හරි සනීපයි අනේ....හරේ හරේ පැංචට නිදිමතයි....උබලත් ගිහින් නිදාගනිල්ලා....මිහුක්....එහෙනම්....ගුන බුස ජපුර ඈ......

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"නිවේන්...."

"ම්හ්ම්...."

"නිවේන්...."

ආයිශ්....නිදාගන්න දීපන්කො ඒයි...

"නිවේන්...."

"මොකද අනේ කෑගහන්නෙ...."

"මම යනවා..."

"කොහෙද...."

"වැඩට...."

"මෙච්චර උදෙන්...."

"ම්ම්ම්...."

ආආආ...අන්න බොල මේකා ගියා...යකෝ ඒක මහ පුදුම හදිස්සියක්නෙ...මූ මට හොරෙන් ගුලියක්වත් ගහලද මන්ද...හැයි අනේ තාම හතටත් නෑ...මොන මගුලකටද මෙච්චර උදෙන් යන්නෙ....කොහෙද ඉතින් අහන්නවත් වෙලාවක් දුන්නෙ නෑනෙ....මම යනවා කීවා ගියා....හුහ්....පුදූම ලොකු කමක් තමයි ඒක...මේකා ඔය ටික කියන්නනෙ නිදන් හිටපු අහිංසක මාවත් නැගිට්ටෙව්වෙ....හනේ ගහපන්කො අන්න අරූට එකක්....මහ රෑත් ජවුසම් නටලා දැනුත් ඇහැරවලා ඌ ගියා...උබට සහ ගහනවා යකෝ මට මේ කරන අපරාද වලට.....

හුහ්...දැන් ආයෙ නිදන්න වෙලාවක් නෑ මමත් වැඩට යන්න ඕනෙ....අනේ මට බෑ බොලව්නෙ...අර තාප්පයා දැන් මට කැබින් එකෙන් එලියට එක අඩියක්වත් තියන්න දෙන්නෙ නෑ.....ඇයි අහපුවාම මූ කියපි 'උබ මගෙ secretary නිසා ප්‍රශ්න අහන්නෙ නැතුව කියන දේ කරපන් නිවේන්...' කියලා...පුදූම ලොකුකමක් තමයි ඒක....එක අතකට කමකුත් නෑ අනේ....සැපේ ඉන්නනෙ තියෙන්නෙ ඕක අස්සට වෙලා....හේ හේ....

මම කරේ දාහක් දේවල් කල්පනා කර කර කුස්සිය පැත්තට ගිය එක...පොඩ්ඩක් ගිහින් ඔලුව දාලා එනවා....වෙන මොනවටවත් නෙවෙයි අනේ කිරි එකක් හදාගන්න....ඔයාලා දන්නෙ නෑනෙ පැංචට උදේ නැගිට්ටම හොද කිරි වීදුරුවක් ඕනෙ...හේ හේ...මම එහෙනම් කිරි එක බීලා ලෑස්තිවෙලා එනකන් ඔයාලා පොඩි රෙස්ට් එකක් ගන්නලාකො හරිද....හී හී...බායි මෙයාලා....ලව් යූ උම්මා....ආආ පැංචා ඔයැයිලට ඒ flying kiss එකක් එව්වෙ...හොද ලමයි වගේ අල්ලගන්න හරිද....මිහුක්....පැංචා ඔයාලට ගොඩාරියක් ආදරෙයි.....මෙන්න මෙච්චරක් මේ....

"ආව්වා...."

ඉහික්....උඩ බලන් යන්න ගිහින් පැංචගෙ චූටි ඇගිල්ල බිත්තියේ වැදුනනෙ...හනේ රිදෙනවා අප්පා....මහ නරකයෙක්....වෙන කවුරුත් නෙවෙයි මේ බිත්තිය....එයැයි දැනගන්න එපැයි පැංචා එන මග හරස් නොකර ඉන්න....හරි හරි ඒකෙන් වැඩක් නෑ....මම යනෝ ලෑස්ති වෙන්න...ස් ස් මේ....පැංචා ආදරෙයි හරිද...හී හී...

(ඔන්න බොලාලගෙ පැංචා කොලුවා....🤭💓)

__________________________________

ඔන්න මම ආවා....ආ හෙට කපල් දෙකම අරගෙන එන්නම් හරිද...

ඔයාලට හිතන්න දෙයක් දෙන්නද....නෑ නෑ මේකයි හරිද මම ලගදිම දවසක...ලගදිම කියන්නෙ හෙට නැත්තන් අනිද්දට මුන් හතර දෙනාගෙන් එක කපල් එකක් සෙට් කරනවා...සෙට් කරේ නැතත් ඒ ලගට හරි අරන් යනවා....හා කියන්න බලන්න කවුද ඒ කියලා...?😁

එහෙනම් මම ගියා....පරිස්සමින් ඉන්න...ආදරෙයි😚💓💓

Good night 😴🌙☀️

@Diyana_45 🖊mention a user

Share This Chapter